World War

Navy

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 7,000 ඉක්මවෙද් දී, ඉරානයට එරෙහි තර්ජනයක් ලෙස එක්සත් ජනපදය මැද පෙරදිගට හමුදා වැඩි කරයි

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 26 දින පල වූ ‘As Gaza death toll tops 7000, US surges troops to Middle East in threat against Iran’ යන ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

දශක ගනනාවක් තුල කලාපයේ විශාලතම එක්සත් ජනපද නාවික ගොඩ නැගීම මධ්‍යයේ, එක්සත් ජනපදය ඉරානයට එරෙහි ප්‍රකට තර්ජනයක් ලෙස මැදපෙරදිගට හමුදා, යුධ නැව් සහ ගුවන් යානා නොකඩවා ගෙන යමින් සිටී. ගාසා තීරයේ නවාතැන් ගන්නා සිවිල් වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය සිය නොනවතින ගුවන් ප්‍රහාර දිගටම කරගෙන යයි. එක්සත් ජනපද මිලිටරි තීව්‍රතාවය සිදු වන අතර තුර, පලස්තීනුවන්ට එරෙහි එහි ජන සංහාරයේ මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවා ගොස් ඇත. 

Navy
යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් නෞකාව 2023 ඔක්තෝම්බර් 11 වන දින නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ඉන්ධන සැපයීමේදී යූඑස්එන්එස් ලරිමී (USNS Laramie) සමඟ යාත්‍රා කරයි . ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම දැනට , ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ, ක්‍රියාත්මක වේ.[Photo: Navy Petty Officer 2nd Class Jacob Mattingly ]

බ්‍රහස්පතින්දා පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් පැට් රයිඩර් නිවේදනය කළේ,  ඔක්තෝබර් 7 , හමාස් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු කලාපයට යවා ඇති නාවිකයින්, ගුවන් භටයින් සහ සොල්දාදුවන් 10,000කට අධික සංඛ්‍යාවක් සමග තවත් එක්සත් ජනපද භටයන් 900ක් යොදවා ඇති බව හෝ මැද පෙරදිගට යොදවමින් සිටින  බවයි.

බදාදා, බයිඩන් ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිට ප්‍රසිද්ධියේ තර්ජනය කළේය, “අයතුල්ලාට මගේ අනතුරු ඇඟවීම වූයේ ඔවුන් එම හමුදාවලට එරෙහිව දිගටම කටයුතු කරන්නේ නම්, අපි ප්‍රතිචාර දක්වන බවයි. ඒ වගේම, ඒ සදහා , ඔහු සූදානම් විය යුතුයි. ” අඟහරුවාදා, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් තර්ජනය කලේ, “ඉරානය හෝ එහි ප්‍රොක්සිවරුන් එක්සත් ජනපද නිලධාරීන්ට කොතැනක හෝ ප්‍රහාර එල්ල කරන්නේ නම්, වැරදීමකින් තොරව. අපි අපේ ජනතාව ආරක්ෂා කරන්නෙමු.” යන්නයි.

බ්‍රහස්පතින්දා එක්සත් ජනපද නිලධාරීන් කියා සිටියේ එක්සත් ජනපද හමුදා ඉරාකයේදී 12 වතාවක් සහ සිරියාවේදී හතර වතාවක් ප්‍රහාරයට ලක් වූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් 21 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව එක්සත් ජනපදය ප්‍රකාශ කළේය. එක්සත් ජනපදය විසින් මැද පෙරදිග පුරා දේශපාලන බලවේග වල විශාල පරාසයක් ඉරාන ප්‍රොක්සීන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කොන්දේසි යටතේ,මෙම චෝදනා සහගත එල්ල වූ ප්‍රහාර ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයක් සඳහා සෘජු යුක්ති සහගත වීමක්  ලෙස සේවය කළ හැකිය.  

බදාදා, විශ්‍රාමික ජෙනරාල් ජෝසෆ් වොටෙල්, එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ලෙස අවසන් තනතුර දැරූ අතර, චෝදනා එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයට එරෙහිව මිලිටරි බලය භාවිතා කරන ලෙස බයිඩන් ගෙන් ඉල්ලා සිටියේය. “අපි එය කළ යුතුයි,” වොටෙල් පැවසීය. “මම හිතන්නේ අපි දැන් බොහෝ විට ,  අපට එය කළ හැකි තත්වයක සිටින අතර, අපි එය කළ යුතුයි.” ඔහු තවදුරටත් පැවසුවේ, “අපගේ හමුදාවන්ට එල්ල වන මෙම තර්ජනවලට අපට වඩාත් සෘජුව ප්‍රතිචාර දැක්විය හැක.” යන්නයි.

මේ අතර, බ්‍රහස්පතින්දා , ඉරානයේ විදේශ අමාත්‍යවරයා  එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී අනතුරු ඇඟවූයේ , ඊශ්‍රායලයේ පලස්තීන ජන සංහාරය දිගටම පැවතුනහොත් ඉරානය එක්සත් ජනපදය සමඟ යුද්ධයකට ඇද වැටෙනු ඇති බවයි.

“දැන් පලස්තීනයේ ජන සංහාරය කළමනාකරණය කරන ඇමරිකානු රාජ්‍ය නායකයින්ට මම අවංකවම කියමි, කලාපය තුළ යුද්ධය ව්‍යාප්ත කිරීම අප පිළිගන්නේ නැත. නමුත් ගාසා තීරයේ ජන සංහාරය දිගටම පැවතුනහොත් ඔවුන් මෙම ගින්නෙන් ගැලවෙන්නේ නැත.” යනුවෙන්, බ්‍රහස්පතින්දා, හොසේන් අමිරබ්දොල්ලාහියන්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී අනතුරු ඇඟවීය.

එක්සත් ජනපද නාවික හමුදාවේ නිල ප්‍රකාශනය වන USNI නිවුස් බ්‍රහස්පතින්දා මෙසේ ලිවීය, “අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ සහ මැද පෙරදිග එක්සත් ජනපද නාවික හමුදාවන්ට සම්බන්ධ වීමට අත්ලාන්තික් සාගරය හරහා අඩකටත් වඩා ගමන් කර ඇත.” එය තවදුරටත්, “ඉදිරි දින කිහිපය තුළ, ගුවන් යානා ප්‍රවාහන  නෞකාව සහ එහි පරිවාර නෞකා ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අපේක්ෂා කෙරේ.” අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන  නෞකාවේ  ප්‍රහාරක කණ්ඩායමට, ආර්ලී බර්ක් පන්තියේ ඩිස්ට්‍රෝයර් (Destroyer)  නෞකා දෙකක්, ටයිකොන්ඩෙරෝගා පන්තියේ නියමු-මිසයිල (guided-missile) කෲසර් නෞකාවක් මෙන්ම එහි ගුවන් යානා බලකාය ද ඇතුළත් වේ.

මේ අතර, ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ  ප්‍රහාරක කණ්ඩායම ,  ඊශ්‍රායලය පලස්තීනුවන් සමූලඝාතනය කිරීමට සහාය ලබා දෙමින් මධ්‍යධරණී මුහුදේ ස්ථානගතව සිටී.  “මුලදී ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම  සමග එක්ව ක්‍රියා කිරීමට පැවරී තිබූ අතර, අයික් [අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම] ඒ වෙනුවට මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා කොට සූවස් ඇල හරහා මැද පෙරදිගට ගොස් එක්සත් ජනපදයේ 5 වන බලඇණිය තුළ ක්‍රියාත්මක වනු ඇත.” යනුවෙන් USNI ලිවීය.

කෙසේ වෙතත්, අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ  ප්‍රහාරක කණ්ඩායමේ සැබෑ ගමනාන්තය පර්සියානු ගල්ෆ් කලාපය විය හැකි බව Haaretz  පුවත්පත [ ඊශ්‍රායලයේ පලවන හීබෲ , ඉංග්‍රීසි ද්වී භාෂා පුවත්පතකි]   අනුමාන කළේය.

එය , දැනට , ඒඩන් බොක්කෙහි ඇති සහ රතු මුහුදට ළඟා වෙමින් තිබෙන , ඵලදායි ලෙස කුඩා ,එක්සත් ජනපද උභය වාහක යුද නැව් දෙකක් වන යූඑස්එස් බටාන් (USS Bataan) සහ යූඑස්එස් කාටර් හෝල්  ( USS Carter Hall ) සමඟ ක්‍රියාත්මක වනු ඇත. තවත් උභය ප්‍රහාරක නෞකාවක් වන යූඑස්එස් මෙසා වර්ඩේ (USS Mesa Verde ) පසුගිය සතියේ නැගෙනහිර මධ්‍යධරණී මුහුදට පැමිණියේය.

අද්මිරාල් ජේම්ස් ෆෝගෝගේ කියමන ” “1993 සිට මේ ප්‍රදේශයේ යෙදවූ අපේ විශාලතම නොකා සංඛ්‍යාව විය හැකිය,” උපුටා දක්වමින්, USNI ප්‍රවෘත්ති වාර්තා කළේ, “මේ නැව් එකතුව දශක කිහිපයක් තුල සිදු කල කලාපයේ විශාලතම එක්සත් ජනපද නැව් සමූහය වනු ඇති” බවයි,

මෙම දැවැන්ත එක්සත් ජනපද ආමඩාව ප්‍රංශ මිස්ට්‍රල් පන්තියේ උභය යුධ නෞකාවක් වන ටුනඅර් (Tonnerre) සහ තවත් ප්‍රංශ මාර්ගෝපදේශ-මිසයිල යාත්‍රා දෙකක් සමඟ සම්බන්ධ වේ. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව ද යුද නෞකා දෙකක්  කලාපයට යවා ඇත.

බ්‍රහස්පතින්දා Haaretz වාර්තා කලේ, “පසුගිය සති දෙක තුල, එක්සත් ජනපද හා ඊශ්‍රායල ආරක්ෂක ආයතන විසින් රඳවාගෙන සිටින සිවිල් ගුවන් යානා දුසිම් ගනනකට අමතරව, එක්සත් ජනපද මිලිටරි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 80කට ආසන්න ප්‍රමාණයක් කලාපයට ගොඩබස්වා ඇත.” යන්නයි.

මෙම ඊශ්‍රායල පුවත්පත තවදුරටත් මෙසේ පැවසීය: “නැගෙනහිර මධ්‍යධරණී මුහුද පුරා හමුදා, උපකරණ සහ ආයුධ යෙදවීම සඳහා ඊටත් වඩා විශාල එක්සත් ජනපද හමුදා ප්‍රවාහන ගුවන් යානා භාවිතා කරන බව විවෘත මූලාශ්‍ර තොරතුරු හෙළි කරයි. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සැපයුම් ගබඩාවලින් පිටත් වූ බර භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා අටක් ජෝර්දාන කඳවුරකට ගොඩ බස්වා ඇති බව ඔවුහු පෙන්වා දෙති. F-15E බෝම්බ ප්‍රහාරක යනා  සහ A-10 ප්‍රහාරක ගුවන් යානා වල එක්සත් ජනපද ප්‍රහාරක බලඝණ දෙකක් ද ෆ්ලොරිඩාවේ විශේෂ බලකායන් මෙන් කඳවුරේ යොදවා ඇත.”

ඔක්තෝබර් 16දා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවීය, “යුධ නෞකා දුසිමකට වැඩි ප්‍රමාණයක් මැද පෙරදිගට යවා ඇත්තේ නාවික හමුදාවක් නොමැති හමාස් සංවිධානයට තර්ජනය කිරීමට පමණක් නොවේ. එක්සත් ජනපදය ඉරානය සමඟ යුද්ධය ද ඇතුලුව මැද පෙරදිග වඩාත් පුලුල් ගැටුමකට සූදානම් වෙමින් සිටී.” එහි තවදුරටත් සදහන් වූයේ , “රුසියාව සමග එක්සත් ජනපදයේ යුද්ධයේ මැද පෙරදිග පෙරමුණ සහ චීනයට එරෙහි යුද සැලසුම් ලෙස ඉරානය සමග යුද්ධයක් සඳහා දිගුකාලීන සැලසුම් ක්‍රියාවට නැංවීමට එක්සත් ජනපදය වර්තමාන අර්බුදය භාවිතා කරයි.” යන්නයි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද තර්ජන සීඝ්‍රයෙන් උත්සන්න වීම සිදු වන්නේ 

ඊශ්‍රායලයේ බෝම්බ හෙලීමේ ව්‍යාපාරයේ අරමුන වන, ගාසා තීරය ජනවාර්ගික පවිත්‍ර කිරීම සහ පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරීම නාටකාකාර ලෙස තීව්‍ර වීම මධ්‍යයේ ය.

බදාදා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් , ඊශ්‍රායලය “පලස්තීන ජනතාවට සාමූහික දඬුවම්” ක්‍රියාත්මක කරන බවට චෝදනා කළේය.

ඊළඟ දවසේ, එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් අනතුරු ඇඟවූයේ, “දින 20 ක් පුරා, ගාසා තීරයේ , ආරක්ෂිත යැයි කියනු ලබන ප්‍රදේශවල පවා , දැඩි බෝම්බ ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර වඩාත් නරක අතට හැරෙමින් පවතී, …මනුෂ්‍ය කොටසකගේ හුදු අයිතිවාසිකම් සපුරාලීමට ලෝකයම අසමත් වේ. යුද්ධයේ නීති පැහැදිලිය: සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු අතර පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෑ තිබිය යුතුය.”

බදාදා, ජාත්‍යන්තර පුණ්‍යායතනය වන ඔක්ස්ෆෑම් ඊශ්‍රායලය මහා සාගින්න “යුද්ධ අවියක්” ලෙස භාවිතා කිරීම හෙළා දුටුවේය.

ඔක්ස්ෆැම් හි මැදපෙරදිග කලාපීය අධ්‍යක්ෂ සැලී අබි කලීල් පැවසුවේ, “තත්වයෙහි භයානක දෙයක් අඩු නැත – මනුෂ්‍යත්වය කොහිද? මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසකට ලෝකයට පෙනෙන පරිදි සාමූහිකව දඬුවම් කරනු ලැබන අතර, කුසගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීම සාධාරණීකරණය කළ නොහැක.” යන්නයි.

හමාස් විසින් මෙහෙයවනු ලබන හෙයින් , සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්තා කරන ලද ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව පිළිබඳව තමාට කිසිදු විශ්වාසයක් නොමැති බව, බදාදා , ජනාධිපති ජෝ බයිඩන් විසින්  ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර වශයෙන්, ඒජන්සිය විසින් වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ හැඳුනුම්පත් අංකය සමඟ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර වලින් , මේ දක්වා මිය ගිය   6,747 දෙනෙකුගේ ලැයිස්තුවක් නිකුත් කළේය.  හඳුනාගැනීමට නොහැකි වූ තවත් සිරුරු 281ක් සොයාගෙන ඇති අතර, ඒ අනුව මුළු මළ සිරුරු සංඛ්‍යාව 7,028 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය පවසයි. ඉන් 2,931 ක් ළමයින් ය.

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 7,000 ඉක්මවෙද් දී, ඉරානයට එරෙහි තර්ජනයක් ලෙස එක්සත් ජනපදය මැද පෙරදිගට හමුදා වැඩි කරයි Read More »

Poster

මහජන රැස්වීම: පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !  

කොළඹ ක්‍රියාකාරී කමිටුව සහ theSocialist.LK

අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වසන පීඩිත පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරමින් සිටින ජන සංහාරය වහාම නවත්වන ලෙස ශ්‍රී ලංකාවේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා සිටින කම්කරු පන්තිය වහාම කැඳවුම් කිරීම සහ බලමුලු ගැන්වීම සඳහා කොළඹ ක්‍රියාකාරි කමිටුව (කොක්‍රික) සහ theSocialist.LK නොවැම්බර් 19 වන ඉරු දින, ශ්‍රී ලංකා වේලාවෙන් 19:15 ට මහජන රැස්වීමක් පවත්වනු ඇත.

ජෝ බයිඩන් පරිපාලනයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න පිටුබලය ඇතිව, බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව,  නාසි  හොලෝකෝස්ටයේ සමූල ජන ඝාතන අපරාධ සිහියට නංවමින් අහිංසක ළමුන්, ගැහැණුන් සහ මිනිසුන් මත ඉතාමත් ම්ලේච්ඡ ඝාතනයක් මුදා හැර තිබේ. සිවිල් වැසියන් 10,000 කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී ඇති අතර ඉන් 4000 කට වැඩි ප්‍රමාණයක් ළමුන්ය. ඔක්තෝබර් 07 දා සිට සති හතරක් තිස්සේ අඛණ්ඩව බෝම්බ හෙලන ලද නේවාසික ගොඩනැගිලි, සරණාගත කඳවුරු සහ රෝහල්වල සුන්බුන් යට දහස් ගණනක් සිර වී සිටිති. අධික ජනාකීර්ණ ගාසා තීරයට පුපුරණ ද්‍රව්‍ය ටොන් 25,000 කට වඩා හෙළා ඇති අතර එය එක්සත් ජනපදය විසින් දෙවන ලෝක යුද්ධය අවසානයේ හිරෝෂිමා වෙත හෙලූ පරමාණු බෝම්බයේ බලය මෙන් දෙගුණයකට ආසන්නය. සියොන්වාදී පාලන තන්ත‍්‍රය ඉලක්ක කරන්නේ අවසානාත්මක සමූල ඝාතනයකි.

ඊශ්‍රායලයට සහ එයට සහාය දක්වන එ.ජ-නේටෝ අක්ෂයට එරෙහිව ප්‍රබලව නැගී සිටීමට පෙරට ආ, ලොව පුරා කම්කරු පන්තියේ ඇස් ඉදිරිපිට පූර්න පරිමානයේ ජන සංහාරයක් සිදු කෙරෙමින් පවතී. පොලිස් මර්දනය ද, අසත්‍ය ප්‍රචාර ද නොතකා, එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ජපානය, නවසීලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව සමූල ජන ඝාතනය හෙළා දැකීමට සහ එක්සත් ජාතීන්ගේ රටවල් 120 ක් විසින් ද අනුමත කරන ලද හදිසි සටන් විරාමයක් ඉල්ලා සිටීමට පෙළ ගැසී සිටිති. නෙත්නායාහු බෝම්බ හෙලීම නතර කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඊශ්‍රායලයට  “තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා” “රතු ඉරි” නොමැති බව එක්සත් ජනපදය තහවුරු කර ඇත.

මේ සමූල ජන ඝාතනය නතර කළ යුතු අතර එය කළ හැක්කේ කම්කරු පන්තියට පමණි. එක්සත් ජනපද-නේටෝ රාජ්‍යයන්ට හෝ බෙලහීන එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කෙරෙන  කිසිදු ආයාචනයකින් වාර්ගික සුද්ධ කිරීමේ සියොන්වාදී සැලසුම් අවසන් නොවනු ඇත. කම්කරු පන්තිය සටනට පැමිණ ඇත; නමුත්, ඔවුන් විප්ලවවාදී දේශපාලන වැඩපිලිවෙලකින් හා නායකත්වයකින් සන්නද්ධ විය යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමණක් එය සම්පාදනය කරයි: “යුද්ධය කම්කරු පන්තියට එරෙහි යුද්ධයකි, එසේම  එයට එරෙහි සටනට නායකත්වය දිය යුත්තේ කම්කරු පන්තියයි.”

කොක්‍රික සහ theSocialist.LK, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරන ඉදිරිදර්ශන සමග සිට ගනී.

මෙම සමූල ජන ඝාතනය අවසන් කිරීම යනු නෙතන්යාහු ආන්ඩුවට එරෙහිව පමණක් නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදයට, එක්සත් ජනපද-නේටෝ අක්ෂයට සහ මෙම සන්ධානයේ කොටස්කරුවන් වන ලොව පුරා ජාතික ආන්ඩුවලට ද එරෙහි සටනක් වේ.

ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ඊශ්‍රායලයට පක්ෂව පෙල ගැසෙන්නේ, එක් අතකින්  අධිරාජ්‍යවාදයට සිය ගැතිකම ප්‍රදර්ශනය කරමින් සහ, අනික් අතින්, තම ආන්ඩුවේ පීඩක කප්පාදු පිලිවෙත්වලට එරෙහිව රට තුල වැඩෙන  කම්කරු පන්තික අරගල පිලිබඳ එහි භීතිය පෙන්නුම් කරමිනි. හමාස් ප්‍රහාරය දිගුකාලීන පීඩනයට එරෙහි සැබෑ මහජන කැරැල්ලක් නියෝජනය කළ බව ඉන්දියාවේ මෝඩි මෙන්ම වික්‍රමසිංහ ද හොඳින් දනී.

පලස්තීන ජනතාවට එරෙහි සියොන්වාදී මර්දනයේ ඓතිහාසික හා දේශපාලන පදනම් සමග ජන සංහාරය අවසන් කිරීමේ දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව මෙම අන්තර්ජාල රැස්වීම තුල සාකච්ඡා කරනු ඇත.

කම්කරුවන්ට, ශිෂ්‍යයින්ට, තරුනයින්ට, බුද්ධිමතුන්ට සහ පලස්තීන ජනතාව සමග පෙනී සිටින සියලු දෙනාට මෙම රැස්වීමට එක්වන ලෙස අපි ආරාධනා කරමු.

Zoom  ID: 890 4844 1531

Passcode: 057521

Poster

මහජන රැස්වීම: පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !   Read More »

Kishore

ගාසා තීරයේ සමූල ඝාතනය නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

ජෝසෆ් කිෂෝර් විසිනි.

සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදයේ) ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් බ්‍රහස්පතින්දා වේන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහ  පලස්තීනයේ යුක්තිය සඳහා ශිෂ්‍යයෝ සංවිධාන විසින් ඒකාබද්ධව අනුග්‍රහය දක්වන ලද රැලියකදී පහත පලවන කථාව පවත්වන ලදී. එම කතාව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ⁣2023 නොවැම්බරු 03 දින පල විය. සිංහලට පරිවර්තනය කලේ SF විසිනි.

ගාසා තීරයේ දැන් සිදුවෙමින් පවතින්නේ  සමූල ජන ඝාතනයකි. අපි වචන පටලවා නොගනිමු. මිලියන දෙකකට අධික ජනගහනයක් ක්‍රමානුකූලව බෝම්බ හෙලීමට, ඝාතනයට, බඩගින්නට, වෛද්‍ය ප්‍රතිකාර අහිමි කර ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හැරීමට ලක් කර තිබේ.

සෑම දිනකම නව කුරිරුකම්, නව යුද අපරාධ සිදු වේ. මේ සතියේ, ජබාලියා සරනාගත කඳවුරට පිට පිට දින තුනක් තිස්සේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත.

අද IDF ගුවන් යානා Bureij සරනාගත කඳවුරට තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කලේය. උතුරින් ඉවත් කරන පලස්තීනුවන් “ආරක්ෂිත” වනු ඇතැයි යන බොරුව හෙලිදරව් කරමින්, කඳවුර ඉවත් කිරීමේ රේඛාවට (පලස්තීනුවන්ට පනවා ඇති සීමාව) දකුනින් පිහිටා ඇත. ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී සුදු පොස්පරස් ආයුධ යොදා ගනිමින්, බොහෝ අනාථයන් ඇතුලු දහස් ගනනක් සරනාගතයින් සහ ලමුන් සිටින එක්සත් ජාතීන්ගේ පාසලක්  ඊශ්‍රායල හමුදාව ඉලක්ක කලේය.

ලමුන් 3,700 කට ආසන්න සංඛ්‍යාවක් සහ කාන්තාවන් 2,300 ක් ඇතුලුව මරන සංඛ්‍යාව දැන් 9,000 ඉක්මවා ඇත. සෑම විනාඩි 10 කට වරක් පලස්තීනයේ දරුවෙකු ඝාතනය වේ. ඩෙට්‍රොයිට් නගරයට ආසන්නව සමාන වන වර්ග සැතපුම් 141ක් පමන වන  ප්‍රදේශයක් සහිත ගාසා තීරයට ඔක්තෝබර් 7 වැනිදා සිට ටොන් 25,000කට වැඩි පුපුරන ද්‍රව්‍ය ප්‍රමානයක් හෙලා ඇත. ටොන් 25,000  ආසන්න වශයෙන් එක්සත් ජනපදය විසින් හිරෝෂිමා වෙත හෙලන ලද පරමානු බෝම්බය මෙන් දෙගුනයක බලයට සමාන වේ.

මේ මහා අපරාධය මුලු ලොවේම ඇස්‌ ඉදිරිපිට  ක්‍රියාත්මක වෙනවා. එහි අපරාධකරුවන්ට නෙතන්යාහු ආන්ඩුව සහ එය සමන්විත වන ෆැසිස්ට්වාදීන් පමනක් නොව, බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ සියලුම ආන්ඩු ද ඇතුලත් වේ.

අපි බයිඩන්ට යුද අපරාධ චෝදනා කරමු. බයිඩන්  පරිපාලනය සටන් විරාමයක් ප්‍රතික්ෂේප කර ඇත. ඊශ්‍රායලයේ ක්‍රියාවන් සඳහා “රතු ඉරි” නොමැති බව එය ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායලය ඇමරිකානු ආයුධ භාවිතය සම්බන්ධයෙන් “කොන්දේසි නැත” යනුවෙන් එය පවසා ඇත. එය ඊශ්‍රායලයේ ජන සංහාරයට සහ රුසියාවට එරෙහි එ.ජ.-නේටෝ යුද්ධයට මුදල් සැපයීමට ඩොලර් බිලියන 105ක් ඉල්ලා සිටී.

අල්-අහ්ලි අරාබි රෝහලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර  500ක් මිය ගිය පසු බයිඩන් පසුදා ටෙල් අවිව් වෙත දුවන්නේ නෙතන්යාහුට අතට අත දීම සඳහාය. හෙට, ජබාලියාට බෝම්බ හෙලීමෙන් පසුව, රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ පූර්න සහාය ප්‍රකාශ කිරීමට ටෙල් අවිව් වෙත ගමන් කරයි.

යුධ අපරාධ සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදුවේ නම් – එය එසේ සිදු විය යුතුය – බයිඩන් සහ බ්ලින්කන්, සුනාක්, මැක්‍රොන්, ෂෝල්ස්, මෙලෝනි සහ එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ අනෙකුත් නායකයන් නෙතන්යාහු සමඟ විත්තිකූඩුවේ එක පෙලට සිටිය යුතුය.

ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඇමරිකානු හමුදාව “මානව හිමිකම්” ප්‍රවර්ධනය කරමින් “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කරන බවට වන ඕනෑම කතාවකට මෙය සදාකාලික අවසානයක් වේවා.

සියල්ල බොරු වල පදනම් මත යුක්ති සහගත කරමින් දශක තුනක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදය යුගෝස්ලාවියාවට, ඉරාකයට, ඇෆ්ගනිස්ථානයට, ලිබියාවට, සිරියාවට එරෙහිව එකකට පසු එකක් යුද්ධ දියත් කර ඇත. යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය සහ ගාසා තීරයේ යුද්ධය පුලුල් වන ගෝලීය යුද්ධයක අංග දෙකකි. මෙය හුදෙක් ජාතික රාජ්‍යයන් අතර ගැටුමක් පමනක් නොවේ. ගාසා තීරයේ සමූල ජනඝාතනය පෙන්නුම් කරන පරිදි, එය අනාබාධිත අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහි සියලු විරුද්ධත්වයන්ට එරෙහි යුද්ධයකි.

කම්කරුවන් හා තරුනයන් මෙය සිදු වන ආකාරය පසෙකට වී බලා සිටින්නේ නැත. ලොව පුරා මිලියන ගනනක් මෙම ජන සංහාරය හෙලා දැකීමට වීදි බැස ඇත. මෙම විරෝධතාවලට සෑම වර්ගයකම, ජාතිකත්වයකම, ආගමකම සහ ජනවාර්ගික කම්කරුවන් හා තරුනයන් සම්බන්ධ වී ඇත. බොහෝ යුදෙව්වන් සහභාගී වී ඇති අතර, නෙතන්යාහු රජය හෙලා දකිමින් සහ ඊශ්‍රායලයේ ජන සංහාරයට විරුද්ධ වීම යුදෙව් විරෝධී (antisemitism) ක්‍රියාවක් බවට වන නින්දා සහගත අපවාදය ප්‍රතික්ෂේප කරයි.

අද මෙහි රැස්ව සිටින අය ඊශ්‍රායලයේ ක්‍රියාවන්ට සහ එය කොටසක් වන පුලුල් අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ ලොව පුරා සිටින මිලියන ගනනක්, දස මිලියන ගනනක්, සිය මිලියන ගනනක් වෙනුවෙන් කතා කරති. ලෝකයේ සෑම නගරයකම, සෑම විද්‍යාල මන්ඩපයකම, සෑම රටකම මෙවැනි විරෝධතා පැවැත්විය යුතුය.

එහෙත් අප සටන් කරන්නේ නෙතන්යාහු ආන්ඩුවට එරෙහිව පමනක් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදයට, එ.ජ.-නේටෝ අක්ෂයට එරෙහිව බව අප තේරුම් ගත යුතුය. අපි සටන් කරන්නේ පිටරට යුද්ධ කරන ආකාරයටම රට තුලත් යුද්ධ කරන ධනපති පාලක පැලැන්තියකට එරෙහිවයි.

ඇමරිකානු ආන්ඩුව පාලනය කරනු ලබන්නේ ධනවතුන්ගේ අවශ්‍යතා නියෝජනය කරන පක්ෂ දෙකක් විසිනි. රිපබ්ලිකානුවන් පාලනය කරනු ලබන්නේ ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ව්‍යවස්ථාව පෙරලා දමා ආඥාදායකත්වයක් පිහිටුවීමට උත්සාහ කල ෆැසිස්ට්වාදීන් විසිනි. නමුත් මේ යුද්ධය ක්‍රියාවට දමා ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයයි. බයිඩන්  පරිපාලනය මෙම සමූල ජන ඝාතනයට සහාය දක්වයි.  “අඩු නපුර” ට සහයෝගය දැක්වීම අවශ්‍ය බව අවධාරනය කල සියල්ලෝම සහ ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රතිසංස්කරනය කල හැකි යැයි කියා සිටි සියල්ලෝම හෙලිදරව් වී සිටිති. මෙම “අඩු නපුර” ගාසා තීරයේ සමූල ජනඝාතනයේ හවුල්කරුවෙකි.

එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ ධනේශ්වර රාජ්‍යයන් වන සමූල ජනඝාතනයේ අපරාධකරුවන්ට සහ හවුල්කරුවන්ට බලපෑම් කිරීම අපගේ අරමුන නොවිය යුතුය. ඒ වෙනුවට අප හැරිය යුත්තේ සමාජයේ සියලු ධනය නිපදවන සමාජ බලවේගය වන කම්කරු පන්තිය වෙත ය. යුද්ධය කම්කරු පන්තියට එරෙහි යුද්ධයක් වන අතර එයට එරෙහි සටනට නායකත්වය දිය යුත්තේ කම්කරු පන්තියයි.

මෙයට ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග පුරා සිටින කම්කරුවන් ඇතුලත් වේ. ගාසා තීරයේ සිදු වූ ම්ලේච්ඡත්වය, ව්‍යාජ “ද්වි-රාජ්‍ය” විසඳුමේ බංකොලොත් බව ද හෙලිදරව් කර ඇත. වර්නභේදවාදී (aapartheid) රාජ්‍යයක් පැවතිය හැක්කේ ජන සංහාරයේ පදනම මත පමනක් බව පිලිබඳ කිසියම් සැකයක්  තිබියේ නම්, අද එය ඔප්පු කර දක්වයි. අරාබි කම්කරුවන්ගේ අවශ්‍යතා සහ යුදෙව් කම්කරුවන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කල හැක්කේ, පවතින ඊශ්‍රායල රාජ්‍යය විසුරුවා හැර, එය, මැද පෙරදිග සමාජවාදී ෆෙඩරේෂනයක කොටසක් ලෙස, යුදෙව්වන්ට සහ අරාබි ජාතිකයන්ට පූර්න ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් සහිත බහුජාතික රාජ්‍යයක් මගින්  විස්ථාපනය කිරීම මගින් පමනි.

පාලක පන්තිය බිය ගැන්වී ඇත. මාධ්‍යවල බොරුවල මට්ටම බියේ මට්ටමට අනුරූප වේ. ඔවුන් ව්‍යාජ ප්‍රචාරනයට සහ මර්දනයට යොමු වන්නේ – යුක්රේනයේ මුලුමනින්ම නාසීන්ට සහය දක්වන මිනිසුන් විසින් නගන  යුදෙව් විරෝධය පිලිබඳ චෝදනා ඇතුලුව – ලෝක තලයේ මහජනතාව, කම්කරු පන්තිය, ඔවුන්ගේ සාපරාධී ක්‍රියාවන්ට විරුද්ධ බව ඔවුන් දන්නා බැවිනි. නමුත් මෙම විරුද්ධත්වය බලමුලු ගන්වා දේශපාලනිකව මෙහෙයවිය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, මිලිටරි භාවිතයක්  තිබිය හැකි යැයි සිතිය හැකි ඕනෑම භාන්ඩයක් ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමේ කම්කරු පන්ති ක්‍රියාමාර්ගයට සහාය වෙති. ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය, නිෂ්පාදනය වසා දැමීමට සහ මෙම සමූල ජනඝාතනය නැවැත්වීමට දේශපාලන මහා වැඩ වර්ජනයක් තුල බලමුලු ගැන්විය යුතුය.

ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහි සටන අසමානතාවයට සහ සූරාකෑමට එරෙහිව ලොව පුරා කම්කරුවන්ගේ වර්ධනය වන අරගලයන්ට සම්බන්ධ කිරීමට, කම්හල්වලට යාමට, සේවා ස්ථානවලට යාමට, උසස් පාසල්වලට යාමට, නියෝජිත කන්ඩායම් සංවිධානය කරන ලෙස අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

ගාසා තීරයේ අප දකින්නේ අධිරාජ්‍යවාදී සහ ධනේශ්වර ම්ලේච්ඡත්වය එහි වඩාත්ම කුරිරු ස්වරූපයෙනි. ලොව පුරා කම්කරුවන්ගේ මහා බලමුලු ගැන්වීම හරහා එය නැවැත්විය  හැකිය.

ගාසා තීරයේ සමූල ජන ඝාතනය නවත්වනු! 

අධිරාජ්‍යවාදී යුද්ධය එපා! 

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් ගෙන් බිඳෙනු! 

අසමානතාවය සහ ධනේශ්වර සූරාකෑම අවසන් කරනු! 

සමාජ සමානාත්මතාවය සඳහා, සමාජවාදය සඳහා පෙරට! 

ගාසා තීරයේ සමූල ජනඝාතනය නවත්වනු, කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

(අවධාරනය කර්තෘ විසිනි)

ගාසා තීරයේ සමූල ඝාතනය නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු! Read More »

Biden

බයිඩන් යුක්රේනයේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා යුද්ධ සඳහා ඩොලර් බිලියන 100ක  මුදල්  ඉල්ලයි

පැට්‍රික් මාර්ටින් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 20 දින පල වූ Biden demands $100 billion for wars in Ukraine, Israel and planned conflict with Iran and China’ යන පැට්‍රික් මාර්ටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජාතික රූපවාහිනියෙන් කල කතාව, යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය පුලුල් කිරීමට සහ ගාසා තීරයට එරෙjහි ඊශ්‍රායල ආක්‍රමනකාරීත්වයට සහ පලස්තීන ජනතා මර්දනයට තවත් බිලියන ගනන් මුදල් වත් කිරීම පිනිස, විශාල නව මිලිටරි වියදම් සඳහා වූ ඉල්ලීමකි.

Biden
ජනාධිපති ජෝ බයිඩන් 2023 ඔක්තෝබර් 19 බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ඊශ්‍රායලයේ සහ යුක්රේනයේ යුද්ධය ගැන කතා කරයි. [AP ඡායාරූපය/ජොනතන් අර්නස්ට්]

බයිඩන් ගේ කතාව , එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය කිසිවෙකුට ඒත්තු ගැන්වීමට හෝ  තාර්කිකව පැහැදිලි කිරීමට ගත් බැරෑරුම් උත්සාහයක් නොවීය. එය එකකට පසුව  එකක්  ලෙස ගැටගැහුනු  අසම්බන්ධිත වාක්‍ය මාලාවකින් සමන්විත වූ අතර, කිසිදු සංගත තර්කයකින් ඒවා එකට බැඳී නොතිබුනි. බයිඩන්, වෛෂයිකව, අංශු මාත්‍රයක්වත් තේරුමක් නැති, හමාස් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සමාන්තරයක් ගෙනහැර පෑවේය.

එහෙත් ඔහු කතාව කරගෙන යෑමේදී පැහැදිලි වුයේ, කතාවේ ප්‍රධාන අරමුන වූයේ, එහි ගිම්හාන ප්‍රහාරයේ අසාර්ථකත්වයෙන් පසුව සෙලෙන්ස්කි ආන්ඩුවට මුක්කු ගැසීමට “යුක්රේනයේ යුද්ධය උදෙසා දැවැන්ත වියදම් පනතක්” ලබා ගැනීම සඳහා “ගාසාවේ යුද්ධය උපයෝගී කර ගැනීම” බව විය. 

ඇත්ත වශයෙන්ම, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇත්තේ බයිඩන් කතාවේ යෝජනා කරන ලද ඩොලර් බිලියන 100 වියදම් බිල්පතෙන් ඩොලර් බිලියන 60ක් රුසියාවට එරෙහිව යුක්රේනයේ යුද්ධයට යන බවයි. මෙම අගය , බිඩෙන්ගේ අගෝස්තු මාසයේ ඩොලර් බිලියන 24 ක මූලික ඉල්ලීම දෙගුනයකටත් වඩා වැඩිය. ඉන් ඩොලර් බිලියන 14 ක් පමන ඊශ්‍රායලයට යැවීමට නියමිතය.

එහි නන්නත්තාර හා ආකූල ස්වභාවය තිබියදීත්, කතාවේ ප්‍රධාන අර්ථය පැහැදිලිය: ඇමරිකාව ගෝලීය යුද්ධය කරා වේගවත් ධාවනයක යෙදී  සිටින අතර, ඊනියා “අනදෙන නිලධාරියා” වන එක්සත් ජනපදයේ ජනාධිපති අතිරේක අරමුදල් වශයෙන් ඩොලර් බිලියන 100ක් ඉල්ලා සිටින්නේ, සියලුම මිලිටරි වියදම් සඳහා දැනටමත් යෝජනා කර ඇති ඩොලර් ට්‍රිලියන 1 ට ඉහලින්, මෙම මිලිටරි ආක්‍රමනකාරී පිපිරුම සඳහා මුදල් සැපයීමටය. 

කථාවෙහි සඳහන් නොකල නමුත් සිකුරාදා කොංග්‍රසයට කරන ලද විධිමත් ඉල්ලීමට පෙර පුලුල්ව වාර්තා වූ කරුන නම්, බයිඩන් තායිවානයට- චීනය සමඟ තවදුරටත් ගැටුමක් අවුලුවාලීමේ උත්සාහයක් ලෙස -සහ එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව මිලිටරිකරනය කිරීමට සහ ලතින් ඇමරිකාව පුරා එක්සත් ජනපද මැදිහත්වීම තීව්‍ර කිරීමට ,එක්සත් ජනපද මිලිටරි ආධාර තවත් බිලියන ගනන් බලාපොරොත්තු වනු ඇත යන්නයි. 

දැන් එහි 18 වන මාසය අවසන් කර තිබෙන, පෙනෙන ආකාරයට නිමක් නැති, මිල අධික සහ ලේවැකි ඇනහිටීමක එරී සිටින  යුක්රේනයේ එක්සත් ජනපද යුද්ධයට එරෙහි ගැඹුරු වන විරුද්ධත්වය පිලිබඳව, බයිඩන් දැනුවත්වය. එනිසා  යුක්රේනයේ තවදුර  වියදම් සාධාරනීකරනය කිරීම සඳහා ඊශ්‍රායලයේ ගැටුම පාවිච්චි කිරීමට බයිඩන්  උත්සාහ කලේය. අවසන් වශයෙන් කොන්ග්‍රසයෙන් මතුවන  කුමන මිලිටරි ආධාර පනත් කෙටුම්පතක වුවද, වැඩි පංගුව ඊට [ යුක්‍රේනයට] හිමි වනු ඇත. 

ලෝකය විවර්තන (හැරවුම්) ලක්ෂ්‍යයක සිටින බව, බයිඩන් ප්‍රකාශ කලද, ඒ එක්සත් ජනපදයට යුද්ධය අලුත් දෙයක් නිසා නොවේ. ඊට පටහැනිව, ඇමරිකාව වසර 30 කට වැඩි කාලයක් යුද්ධ වල  යෙදී සිටින අතර, එය ආක්‍රමනය කර, අත්පත් කර ගත් හෝ බෝම්බ හෙලූ රටවල් – ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යේමනය, පකිස්ථානය, බොහෝ උතුරු අප්‍රිකානු රටවල්, බොස්නියාව, කොසෝවෝ, සර්බියාව, සුඩානය – ලෝක ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වේ.

අලුත් දෙය නම්, මෙම යුද්ධ වඩාත් පොදු ගැටුමක් බවට පරිවර්තනය වීම හෝ, දෙවන ලෝක යුද්ධය ආසන්නයේ ලියොන් ට්‍රොට්ස්කි විස්තර කල පරිදි, “වෙන් වෙන්  ගැටුම් සහ ලේවැකි දේශීය කැලඹීම්… නොවැලැක්විය හැකි ලෙස ලෝක පරිමාන අග්නි ජාලාවක් බවට මුසු වීමයි”.

මෙම නව ලෝක යුද්ධයේ හැඩතල බයිඩන් ගේ ඩොලර් බිලියන 100 බිල්පතෙන් අනුමාන කල හැකිය. එය රුසියාවට එරෙහි යුද්ධය පුලුල් කිරීම, ඉරානයට එරෙහිව නව යුද්ධයක් අවුලුවාලීමට ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ගැටුම භාවිතා කිරීම සහ චීනයට එරෙහිව ආසන්න යුද්ධයකට සූදානම් වීම ඉලක්ක කර ඇත. එක්සත් ජනපද පරිපාලනය, නැගෙනහිර යුරෝපයේ සිට, මැද පෙරදිග, මධ්‍යම ආසියාව සහ අවසන චීනයෙන් කෙලවර වන  යුරේසියානු භූමි ස්කන්ධයේ එක්සත් ජනපද ආධිපත්‍යය සදහා වන ගෝලීය ගැටුමක, එක් අඛන්ඩ පෙරමුනකට සමාන ලෙස  යුධ පිටිය හැඩගස්වමින් සිටී.

මෙය එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව මිලිටරිකරනය කිරීම සහ වෙනිසියුලාව, නිකරගුවාව සහ කියුබාව වැනි දේශපාලන අපහසුතාවයන් සහ විභව බාධක ඉවත් කිරීම මගින් එහි බටහිර අර්ධගෝලයේ “පිලිකන්න” ආරක්ෂා කිරීමේ උත්සාහයන්  සමඟ ඒකාබද්ධ වේ.

බයිඩන්, වෝල් වීදියේ සහ පෙන්ටගනයේ සිටින අහංකාරෝන්මාදීන් වෙනුවෙන් කතා කරමින්, ඇමරිකාව එහි සම්පූර්න සම්පත් බලමුලු ගන්වන තාක් කල් ඊට “ඕනෑම දෙයක්” කිරීමට ඇති හැකියාව ගැන තම ස්ත්‍රෝත්‍ර ගයද්දී, මෙය ගෝලීය විජයග්‍රහනය සඳහා වූ අහංකාරෝන්මාදී (megalomaniacal) වැඩසටහනක් ලෙස පෙනෙන්නේ නම්, ඒ,ඔවුන්ග් දෘෂ්ටිය එයම නිසාය.

පෙන්ටගනයට සහ එක්සත් ජනපද ආයුධ කර්මාන්තයට මීලඟ දැවැන්ත ගෙවීමක් සඳහා ඔහුගේ තර්කය ඉදිරිපත් කිරීමේදී බයිඩන් වෝල් වීදියේ භාෂාව පවා භාවිතා කලේය: “එය පරම්පරා ගනනාවකට ඇමරිකානු සුරක්ෂිතභාවය සඳහා ලාභාංශ ගෙවීමට යන බුද්ධිමත් ආයෝජනයකි.” ඇමරිකානු කම්කරුවන් ඔවුන්ගේ ජීවන තත්වයන් සහ සමාජ ප්‍රතිලාභ සහ ඔවුන්ගේ දූ පුතුන්ගේ ජීවිත මගින් ගෙවනු ඇත. නමුත් යුද්ධය නිසැකවම රේතියෝන් (Raytheon), බොයිං ( Boeing) සහ ලොක්හීඩ් මාර්ටින් (Lockheed Martin) සඳහා සහ ඒවා පාලනය කරන විශාල බැංකු සහ ඉදිරි රැකුම් අරමුදල් (hedge funds- ආයෝජන අරමුදල් වර්ගයකි ) සඳහා ගෙවනු ඇත.

ඒවා දැනටමත් ඔහුගේ පසුගිය සතියේ උමතු ඊශ්‍රායල ගැති කථාව සහ බදාදා ජෙරුසලමේ සංචාරය අතරතුර ඔහු නෙතන්යාහු සහ ෆැසිස්ට්වාදී ඊශ්‍රායල රජය දැඩි ලෙස වැලඳ ගැනීම සම්බන්ධයෙන් කර ඇති පරිදි, නින්දිත හා අපකීර්තියට පත් මාධ්‍යයන්  නිසැකව ම බයිඩන් ගේ කතාව ප්‍රබල දේශපාලන පහරක් ලෙස හුවා දක්වනු ඇත. එහෙත් වයෝවෘද්ධ හා සාපරාධී අධිරාජ්‍යවාදයේ මෙම අර්ධ වයෝවෘද්ධ නියෝජිතයා උත්කර්ෂයට නැංවීමට ඔවුන් කෙසේ උත්සාහ කලත්, එක්සත් ජනපදයට එහි න්‍යෂ්ටික අවි ගබඩාවෙන් ලෝකය විනාශ කිරීමට පමනක් මිස , එය ජය ගැනීමට නොහැකි වනු ඇත.

ජෙරුසලමේ සංචාරය සහ නෙතන්යාහු වැලඳ ගැනීම හරහා බයිඩන් දැනටමත් ගාසා තීරයේ යුද අපරාධවල සම කර්තෘ බවට පත් වී ඇත. අවම වශයෙන් පලස්තීනුවන් 4,000 ක් දැනටමත් මරා දමා ඇත, නමුත් භූමි ආක්‍රමනයකදී මිය යන සංඛ්‍යාව සංඛ්‍යා පහක් හෝ හයක් දක්වා ඉහල යාමට ඉඩ ඇත.

ඔහුගේ කතාව අවසානයේ එක් හෙලිදරව් කරන සඳහනක, බයිඩන්, එක්සත් ජනපදය “අත්‍යවශ්‍ය ජාතියක්” ලෙස විස්තර කල මිය ගිය රාජ්‍ය ලේකම් මැඩලීන් ඕල්බ්‍රයිට් උපුටා දැක්වීය.1996 දී “මිනිත්තු 60” විසින් ඇයව සම්මුඛ සාකච්ඡාවට ලක් කරන විට ඕල්බ්‍රයිට්ගේ වඩාත් කුප්‍රකට ප්‍රකාශය ඔහු උපුටා දැක්වූයේ නැත. ඖෂධ සහ අත්‍යවශ්‍ය  පෝෂ්‍ය පදාර්ථ  නොමැතිකම හේතුවෙන් ඉරාක දරුවන් මිලියන භාගයක් මිය යාමට හේතු වූ ඉරාකයට එක්සත් ජනපද සම්බාධකවල ව්‍යසනකාරී බලපෑම ගැන ඇයගෙන් විමසන ලදී. ඔල්බ්‍රයිට් පිලිතුරු දුන්නේ, “මම හිතන්නේ එය ඉතා දුෂ්කර තේරීමක්”,  “නමුත් එම මිල, අපි සිතන්නේ, එම  මිල ඒ සදහා  වටිනා බවයි.”

ඊශ්‍රායල ආක්‍රමනයකින් ගාසා තීරයේ ජනතාවට සිදුවිය හැකි 4 ව්‍යසනය පිලිබඳ වඩාත් මෑත උදාහරනයක් තිබේ. 2016 දී, ඔබාමා පරිපාලනයේ බයිඩන් උප ජනාධිපතිව සිටියදී, එක්සත් ජනපද මිලිටරිය, මිලියන 2.5 ක ජනතාවක් විසූ- අද ගාසා තීරයට සමාන වන- ඉරාකයේ මොසුල් නගරය අල්ලාගෙන තිබුනු  ISIS ට එරෙහිව මෙහෙයුමක් දියත් කරන ලදී. මොසුල් යනු එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂා වීමට හාරා ඇති උමං ජාලයක් සහිත ජන  සංකේන්ද්‍රිත  නාගරික පරිසරයකි. එක්සත් ජනපද හමුදා නගරය වටකර එයට ලගා වෙමින් , ජල පද්ධතිය සහ අනෙකුත් යටිතල පහසුකම් විනාශ කල අතර මිලියනයකට ආසන්න ජනතාවක් තම ජීවිතය පතා පලා ගියහ. පෙන්ටගනය මෙය හැඳින්වූයේ “ඉතිහාසයේ වඩාත්ම නිවැරදි ගුවන් යුද්ධය” ලෙසිනි.

ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව දැනටමත් මහජන විරෝධතාවල නියැලී සිටින ඇමරිකාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත තරුනයින්ට සහ කම්කරුවන්ට බයිඩන් ගේ කතාව කිසිවක්  ඒත්තු ගන්වන්නේ නැත. එයින් සිදු වන්නේ ඔවුන් තවත් කෝපයට පත් වීම පමනි.

මෙම විරෝධතා පුපුරා ගොස් ඇත්තේ, ගාසා වටලෑමේ දී ආහාර, ජලය සහ විදුලිය කපා හැරීමෙන්, පලස්තීනුවන් මිලියන දෙකක් කෙරෙහි අනුකම්පාවෙන් පමනක් නොවේ. බයිඩන් යුද්ධය සඳහා තවත් බිලියන ගනනක් ඉල්ලා සිටීම තමන්ට මාරාන්තික තර්ජනයක් ලෙස හඳුනා ගැනීම කරා  ලෝක ජනගහනය පැමිනෙමින් සිටී.

පලස්තීනුවන් 500ක් පමන මිය ගිය අල්-අහ්ලි රෝහලට බෝම්බ හෙලීම සහ ඉතා මෑතක දී , ලෝකයේ කිතුනු ඉදිකිරීම් අතරින් පැරනිතම එකක් වූ ගාසා හි පල්ලියකට බෝම්බ හෙලා මිනිසුන් 150 ක් ඝාතනය කිරීම, වැනි ඊශ්‍රායල ආන්ඩුවේ නව අපරාධ මගින් දැවැන්ත ලෝක ව්‍යාප්ත විරුද්ධත්වය තවදුරටත් අවුලුවා ඇත.

අල්-අහ්ලි රෝහල විනාශ කලේ ඊශ්‍රායල අවියකින් නොව පලස්තීන රොකට්ටුවකින් ය යන කැත බොරුව බයිඩන් අනුමත කර ඇත. එහෙත් ඔහු නෙතන්යාහුට පිටුබලය දීම යුද්ධයට එරෙහි විරෝධය උත්සන්න කරයි. ඔහු ජාතික රූපවාහිනියේ සිය දේශනය පවත්වමින් සිටියදී, බොහෝ යුදෙව් ඇමරිකානුවන් ඇතුලු පෙලපාලිකරුවන් විසින් ධවල මන්දිරය වටලා, එක්සත් ජනපද-ඊශ්‍රායල කුරිරුකම්වලට ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කලහ.

පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව දැනටමත් ලොව පුරා මහජන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපාරය, ඊශ්‍රායල අවරෝධය  (අවහිරය-blockade) අවසන් කිරීම, ගාසා තීරය ආක්‍රමනය කිරීම සහ නැවත අත්පත් කර ගැනීම වැලැක්වීම සහ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ආයුධ, පතොරම් සහ අනෙකුත් උපකරන සැපයීම නැවැත්වීම සහ සියල්ලටත් වඩා එක්සත් ජනපද, සියොන්වාදී පාලනයන් පරාජය කිරීම සඳහා ගෝලීය පරිමානයෙන් තරුනයන් හා කම්කරුවන් අතර මහජන විරෝධය බලමුලු ගැන්වීමට සටන් කල යුතුය.  එය මැද පෙරදිග එක්සත් ජනපද යුද්ධයට පමනක් නොව රුසියාවට හා චීනයට ද එරෙහි අරගලය ද භාරගත යුතුය.

එහෙත් යුද්ධයට එරෙහි අරගලයේ කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ දැනුවත් දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තියේ මැදිහත්වීමයි. දැන් ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර වර්ජන ව්‍යාපාරය සමාජවාදී දේශපාලන වැඩපිලිවෙලක පදනම මත යුද්ධයට එරෙහි ව්‍යාපාරය සමග ඒකාබද්ධ කල යුතුය.

බයිඩන් යුක්රේනයේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා යුද්ධ සඳහා ඩොලර් බිලියන 100ක  මුදල්  ඉල්ලයි Read More »

NORTH

සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ සියොන්වාදයටත්, අධිරාජ්‍යවාදයටත් එරෙහි අරගලය – 01

ඩේවිඩ් නෝත් විසිනි.

පහත පලවන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඔක්තෝබර් 24 වන අඟහරුවාදා ඈන් ආබර් හි මිචිගන් සරසවියේ දී පවත්වන ලද දේශනයක සිංහල පරිවර්තනයේ මුල් කොටසයි. සෙසු කොටස් අනුපිලිවෙලින් theSocialist.lk වෙබ් අඩවියෙහි පල කෙරෙනු ඇත. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි.

මෙහි මුල් ඉංග්‍රීසි ලිපිය “Socialist internationalism and the struggle against Zionism and imperialism” යන මැයෙන් යුතුව ඔක්තෝබර් 25 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූයේය. 

අද දින සන්ධ්‍යාවේ පැවැත්වෙන දේශනයේ මාතෘකාව වන්නේ, “ලියොන් ට්‍රොට්ස්කි සහ 21 වන සියවස තුල සමාජවාදය සඳහා අරගලය” යන්නයි. එය පවත්වනු ලබන්නේ, 1923 ඔක්තෝබරයේ ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ සෝවියට් දේශයේ වාම විපාර්ශ්වය පිහිටුවා ගැනීමේ සියවන සංවත්සරය වෙනුවෙන් එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව පැවැත්වෙන අනුස්මරන වැඩ සටහන් මාලාවක කොටසක් ලෙස ය. මෙම සිදුවීම, 20 වන සියවසේ වඩාත්ම සංවිපාකී දේශපාලන අරගලයේ – එනම්, ස්ටැලින්වාදී තන්ත්‍රය යටතේ කොමියුනිස්ට් පක්ෂයේ හා සෝවියට් රාජ්‍යයේ සිදු වූ නිලධරවාදී පරිහානියට සහ 1917 ඔක්තෝබර් විප්ලවය පදනම් වූ ජාත්‍යන්තර වැඩ පිලිවෙල හා මූලධර්ම පාවාදීමට එරෙහිව ට්‍රොට්ස්කි නායකත්වය දුන් අරගලයේ – ආරම්භය සනිටුහන් කලේය. 

මෙය වඩාත්ම සංවිපාකී අරගලය ලෙස මා සඳහන් කරන විට, එය මේ අයුරින් දැක්වීමට මට අවසර දෙන්න. ඉදින් එකී සටනේ අවසානය වෙනස් එකක් වී නම් – එනම්, එය ට්‍රොට්ස්කිවාදී පාර්ශ්වයේ ජයග්‍රහනයෙන් හා ස්ටැලින්වාදයේ පරාජයෙන් කෙලවර වී නම් – විසිවන සියවස යනු ලෝක සමාජවාදී විප්ලවයේ විජයග්‍රහනය තහවුරු වූ සියවස බවට පත් වනු ඇත. 1990 ගනන්වල අග භාගයේ මා කල දේශනයක දී, ස්ටැලින්වාදයට විකල්පයක් නොවූ බවටත්, රුසියානු විප්ලවය එහි ආරම්භයේ සිට ම මරනයට කැප වී තිබූ බවටත් කියා සිටි අදහසකට මම පිලිතුරු දුන්නෙමි. මේ අදහස වූ කලී, බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ අවුරුදු 60 ක් ගත කර තිබූ ප්‍රකට බ්‍රිතාන්‍ය ඉතිහාසඥයකු වන එරික් හොබ්ස්බෞම් විසින් සිදු කෙරුනු තක්සේරුවයි. ස්ටැලින්වාදයට විකල්පයක් පැවතීමේ ඉඩකඩ ප්‍රතික්ෂේප කිරීමට ඔහුට තමාගේ ම දේශපාලන හා බුද්ධිමය උත්සුකයන් පැවතින. එය, ඔහුගේම දේශපාලනය සාධාරනීකරනය කිරීමේ මාවතක් විය. 

එහෙත් ඒ සැබෑ තතු නොවේ. 1920 ගනන් හා 1930 ගනන්වල සිදු කෙරුනු සටන්වලට නිමිති වූ කරුනු පසුගිය සියවසේ ගමන් මඟ කෙරේ බලගතු බලපෑමක් ඇති කල අතර, එබැවින්, ඒවා අද දිනයේ අප ජීවත් වන තතු මත ප්‍රගාඪ බලපෑමක් ඇති කර තිබේ. සෝවියට් සංගමය තුල ට්‍රොට්ස්කි පරාජයට පත්වීම හා ස්ටැලින්වාදය ජය ගැනීම ජර්මනියේ පන්ති අරගලයේ ප්‍රතිඵලය කෙරේ අතිශය විනාශකාරී අයුරින් බල පෑවේය. ජර්මනියේ ස්ටැලින්වාදී පක්ෂය විසින් අනුයන ලද පිලිවෙත් පිලිබඳ ට්‍රොට්ස්කිගේ විවේචනය – ෆැසිස්ට්වාදයේ අනතුර පිලිබඳ ඔහුගේ අනතුරු හැඟවීම්, කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කල අන්ත-වාම පිලිවෙත් පිලිබඳ ඔහුගේ විවේචන – මේවා නිරවද්‍ය බව ඔප්පු වී ඇත. හිට්ලර් නැවැත්විය හැකි ව තිබිනි. ට්‍රොට්ස්කි පෙනී සිටියේ ජර්මානු කම්කරු පන්තියේ මහජන පක්ෂ දෙක වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා කොමියුනිස්ට් පක්ෂවල එක්සත් පෙරමුනක් වෙනුවෙනි. හිට්ලර් පරාජය කිරීම තරම් තීරනාත්මක අන් කිසිවක් නැතැයි ලියූ ඔහු, කම්කරු පන්තිය පරාජය වීම හා හිට්ලර් බලයට ඒම සිතා ගත නොහෙන මට්ටමේ පරිමානයක ලෝක ගෝලීය ව්‍යසනයක් වනු ඇතැයි අනතුරු හැඟවීය. ට්‍රොට්ස්කි අනතුරු හැඟවූ තවත් කරුනක් වුයේ, එකී ව්‍යසනයන්ගෙන් එකක් වනු ඇත්තේ යුරෝපයේ යුදෙව්වන් මූලෝත්පාටනය කිරීම බවයි. 

එකී අනතුරු හැඟවීම් නොතකා හරින ලදී. හිට්ලර් බලයට පැමිනි අතර, එය බිහිසුනු ප්‍රතිවිපාක දැනවීය. එයින් ලද තල්ලුවෙන්, අද දවසේ අප විසින් අත්දකිමින් සිටිනු ලබන දේශපාලන තතු තුල තවමත් ක්‍රියාත්මක ව පවතින සිදුවීම් දාමයක ගමන් ආරම්භය සිදු විය. හිට්ලර්ගේ ජයග්‍රහනය නොවන්නට, ෆැසිස්ට්වාදය ජය නොලබන්නට, සියොන්වාදී මහජන ව්‍යාපාරයක් කිසි දා ඇති නොවනු ඇත; යුදෙව්වන් පලස්තීනය කරා විශාල පරිමානයෙන් සංක්‍රමනය වීමක් කිසි දා සිදු නොවනු ඇත. එනම්, අප දැන් අත්දකින, උත්සන්න වෙමින් පවතින අර්බුදයේ එක් ප්‍රධාන සාධකයක් හුදෙක් ම නොපවතිනු ඇත.

ජර්මානු කම්කරු පන්තියේ ජයග්‍රහනය – යුරෝපයේ වඩාත්ම වැඩි දියුනු ලෙස කාර්මීකරනය වූ දේශයේ කම්කරු පන්තිය බලයට පත්වීම – නිසැකව ම ලෝකය පුරා ම සමාජවාදය වර්ධනය වීමේ ඉදිරි මාවතේ ප්‍රමුඛ මං සලකුනක් විය යුතුව තිබින. 

මේ දේශනයේ මුල් සැලැස්ම වූයේ, වාම විපාර්ශ්වය පිහිටුවීමට මඟ පෑදූ ඓතිහාසික සිදුවීම් හා ප්‍රයුක්තීන් විමර්ශනය කිරීම සහ, වත්මන් ලෝකයේ තතු අවබෝධ කර ගැනීම සඳහාත්, වර්තමාන ලෝකය තුල විප්ලවවාදී සමාජවාදී මූලෝපායයක් වර්ධනය කර ගැනීම සඳහාත් එම ඉතිහාසයේ පාඩම් උකහා ගැනීම තීරනාත්මක වන්නේ මක්නිසාද යන්න පැහැදිලි කිරීමයි. 

එහෙත්, දිග හැරෙමින් පවත්නා සිදුවීම් විසින් අද සන්ධ්‍යාවේ මෙම ඉදිරිපත් කිරීමේ ව්‍යුහය කිසියම් ආකාරයකින් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් මතු කෙරී ඇති බව ඔබ සියලු දෙනා වටහා ගනු ඇතැයි මම සිතමි. වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡාවකින් මම පටන් ගන්නෙමි. එතැන් සිට, ස්ටැලින්වාදයට එරෙහි වාම විපාර්ශ්වය විසින් දියත් කරන ලද අරගලයේ හදවත ලෙස පැවැති, මාක්ස්වාදී න්‍යායේ, දේශපාලන ඉදිරි දර්ශනයේ සහ සමාජවාදී ක්‍රියා මාර්ගයේ තීරනාත්මක කරුනු සමඟ එකී වත්මන් තත්ත්වයට පවතින සම්බන්ධය පෙන්නුම් කිරීමට කටයුතු කරමි.

North David
ඩේවිඩ් නෝර්ත් 2023 ඔක්තෝබර් 24 දින මිචිගන් සරසවියේ දේශනය පවත්වමින් (ඡායාරූපය – ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි)

දෙවැනි ලෝක යුද්ධය අවසානයේ පටන් අත්දකින ලද දැවැන්තතම ජාත්‍යන්තර අර්බුදය අපි දැන් අත්දකිමින් සිටින්නෙමු. යුද්ධ දෙකක් – යුක්‍රේනයේ හා ගාසාවේ – බුරා ඇවිලෙමින් පවතී. ඇත්තෙන් ම, ඒවා ශීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතින; ඉදින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ බහුජන යුද-විරෝධී ව්‍යාපාරයක් විසින් නවත්වනු නොලැබුවහොත් එහි පරිමානයෙන් හා රුදුරුබවින් 1914-1918 පලමුවැනි ලෝක යුද්ධය හා 1939-1945 දෙවැනි ලෝක යුද්ධය පරයා යනු ඇති; තුන්වැනි ලෝක යුද්ධයක යුද පෙරමුනු දෙකකැයි හඳුන්වා දීම වඩාත් නිවැරැදි ය. අප හමුවන මේ මොහොතේ පවා, එක්සත් ජනපදය මධ්‍යධරනී මුහුදේ ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් පෙරටු කොට ගත් දැවැන්ත මිලිටරි ප්‍රහාරක බලකායක් එකලස් කරමින් සිටී. ඊශ්‍රායලය හා හිස්බුල්ලා අතර සටන තීව්‍ර වුවහොත් මැදිහත් වන බවට බයිඩන් පාලනය තර්ජනය කරයි. මෙය, එක්සත් ජනපදය හා ඉරානය අතර යුද්ධයකට පාර කපනු හැකිය.  

පසුගිය සතියේ ඊශ්‍රායලයේ සිට පෙරලා පැමිනීමෙන් පසු කල කතාවේ දී ජනාධිපති බයිඩන් යුක්‍රේනයේ හා ගාසා තීරයේ යුද්ධවල සම්බන්ධය සුවිශේෂී ලෙස ගෙන හැර දැක්වීය. 2023 වර්ෂය සඳහා දැනටමත් වෙන් කර ඇති ඩොලර් ට්‍රිලියනයක් වන මිලිටරි පිරිවැයට අමතරව තවත් ඩොලර් බිලියන 105 ක අමතර ප්‍රතිපාදන ඉල්ලා සිටිමින් ඔහු අවධාරනය කලේ, මෙම යුද්ධ දෙකම එක්සත් ජනපදයේ “ජාතික ආරක්ෂාවට” තීරනාත්මක බවයි. මෙම ‘ජාතික ආරක්ෂාව’ යන හැඳින්වීමෙන් ඔහු අදහස් කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ දේශපාලන අවශ්‍යතා ය.

එක්සත් ජනපදය සහ එහි නැටෝ අනුචරයෝ යුක්‍රේන බලල් අත භාවිතා කරමින් රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයක් අවුලුවා පවත්වා ගෙන යති. එහි අරමුන වන්නේ පාලන තන්ත්‍ර වෙනසක් ඇති කොට, රට වනසා දමා, එහි ඉතුරු කැබැලිති එක්සත් ජනපද අධීක්ෂනය යටතේ නැටෝ බලවතුන් අතර බෙදා ගැනීම සහ එහි ඉමහත් සම්පත් කොල්ල කෑමයි. 

ඉරානය සමඟ හිස ඔසොවමින් එන ඝට්ටනයෙන් පැහැදිලි වන පරිදි, ගාසාවේ සිර කර සිටින ජනයාට එරෙහිව ඊශ්‍රායලය ආරම්භ කර ඇති ආක්‍රමනය ලෝක ගෝලීය යුද්ධයේ ම දිගුවකි. ජනඝාතක මානයන් අත්පත් කර ගෙන ඇති ගාසාව මත ඊශ්‍රායල ප්‍රහාරයේ අරමුන වන්නේ සියොන්වාදී තන්ත්‍රයට පලස්තීන ජනයාගෙන් එල්ල වන ප්‍රතිරෝධය එහි මූලයෙන් ම උපුටා දැමීමයි. ඊශ්‍රායල ආන්ඩුව හා මිලිටරිය මූලෝත්පාඨනයේ භාෂාව හා විධික්‍රම භාවිතා කරන හෙයින්, මෙම යුද්ධය පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් සියොන්වාදී තන්ත්‍රයේ “අවසාන විසඳුම” – (මෙම යෙදුම හිට්ලර් තන්ත්‍රය විසින් සිය යුදෙව් සමූලඝාතන හැඳින්වීමට භාවිතා කරන ලද්දකි – පරිවර්තක) – ලෙස විස්තර කිරීම අතිශයින් ම උචිත ය.

මෙම සමූලඝාතන යුද්ධයට සියලු ප්‍රධාන අධිරාජ්‍යවාදී ආන්ඩුවල සහාය හිමි වේ. දැනට සිදු කෙරෙමින් පවතින ගාසා තීරයේ ජනයා අමුඅමුවේ මරා දැමීම මධ්‍යයේ ම අධිරාජ්‍යවාදී නායකයෝ ඊශ්‍රායලය සමඟ සිය සහයෝගීතාවය නිවේදනය කර ඇත්තාහ. ජනාධිපති බයිඩන්, බ්‍රිතාන්‍ය අගමැති සුනැක් සහ ජර්මානු චාන්සලර් ෂොල්ට්ස් අත්‍යවශ්‍ය දේශපාලන චාරිත්‍ර විධියක් බවට දැන් පත් ව ඇති ඊශ්‍රායල වන්දනාවක යෙදී ගත්හ. ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් අද දින (එනම්, මෙම දේශනය පැවැත්වූ ඔක්. 24 දින) එහි ගොඩ බැස ඇත.

මෙම නායකයෝ යුදෙව් ජනයා පිලිබඳ තම ප්‍රගාඪ සහකම්පනය පල කරමින්, ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම යුක්තියුක්ත කිරීම සඳහා නාසීන් විසින් සිදු කෙරුනු සමූලඝාතන සිහියට කැඳවති. ඔවුහු සියල්ලෝ, 1939 හා 1945 අතර කාලයේ යුදෙව්වන්ට වධ හිංසා පැමිනවීමට හා ඔවුන් සමූහ ඝාතනයට ලක් කිරීමට සංවිධානය කල, සහයෝගය දුන් හෝ එය නොතකා නො ඇසූ කන් ව සිටි ආන්ඩුවල අනුප්‍රාප්තිකයෝ වෙති. ජර්මානු පාලක පන්තිය රාජ්‍ය බලයේ හා සිය ආර්ථික උත්සුකයන්හි ආරක්ෂාවේ වගකීම ඇඩොල්ෆ් හිට්ලර්ට පවරා තිබූ අවුරුදු ගනන ධනේශ්වර සමාජයේ කුනු වීමේ බිහිසුනු මං සලකුනක් – දශ ලක්ෂ ගනනක් මානවයන් රැස් කර ගැනීමේ, ප්‍රවාහනය කිරීමේ හා මරා දැමීමේ ක්‍රියාවලිය සඳහා නවීන තාක්ෂනය හා කාර්මික සංවිධානය භාවිතා කිරීම – සනිටුහන් කරයි. ප්‍රංශ පාලක පන්තිය මෙම ක්‍රියාවලිය තුල නාසීන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් යුදෙව් ජාතික ප්‍රංශ පුරවැසියන්ගෙන් සියයට විසි පහක පමන ප්‍රමානයක් සමූලඝාතනය සඳහා නාසීන්ට භාර දුන්නෝය.

Nazi
අවුෂ්විට්ස්හි සමූලඝාතක කඳවුරට පැමිනෙන හංගේරියානු යුදෙව්වන් [ඡායාරූපය: නිර්නාමික අවුෂ්විට්ස් ඡායාරූප ශිල්පියා]

මහා බ්‍රිතාන්‍යය නාසීන් විසින් අල්ලා ගැනුනේ නැත, ඒ අනුව එහි විසූ, සංඛ්‍යාවෙන් සාපේක්ෂව කුඩා, යුදෙව් ජනගහනයට මූලෝත්පාඨනයේ බියකරු අත්දැකීම්වලට ගොදුරු වීමට සිදු නො වීය. එහෙත් බ්‍රිතාන්‍ය පාලක පන්තියේ පුලුල්ව පැතිර පැවැති යුදෙව් විරෝධය නාසි ග්‍රහනයේ පැවැති යුරෝපයෙන් ගැලවී පලා ආ යුදෙව් සරනගතයන්ට ඔවුන් සැලකූ කෲර ආකාරයෙන් විද්‍යමාන විය.

බ්‍රිතාන්‍යය කරා පලා ආ 20,000 කට අධික ජර්මානු යුදෙව් ජනයා “සතුරු විදේශිකයන්” ලෙස වර්ගීකරනය කර, අයර්ලන්තයට අයත් මුහුදේ මාන් දූපතේ (Isle of Man) පිහිටි යුද සිර කඳවුරුවල රඳවා ගන්නා ලදී. හචින්සන් කඳවුර නම් වූ මෙවැනි එක් කඳවුරක සිරගත ව සිටි 1,200 ක සරනගතයන් අතර ප්‍රමුඛ කලාකරුවන්, සංගීතඥයන් හා බුද්ධිමතුන් ද වූ බැව් කියැවේ. නාසිවාදයෙන් ගැලවී පලා ආ යුදෙව් සරනගතයන් කෙරේ බ්‍රිතාන්‍යයන් අනුගමනය කල පිලිවෙත පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු ජනමාධ්‍යවේදී සයිමන් පාකින්ගේ The Island of Extraordinary Captives (අසාමාන්‍ය සිරකරුවන්ගේ දිවයින) නම් කෘතියේ දැක්වේ. තමන් යුදෙව් සරනගතයන්ට සැලකූ සාවද්‍ය ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සමාව යැදීම තිබියේවා, බ්‍රිතාන්‍ය ආන්ඩුව කිසි දා ඒ බැව් පිලිගත්තේ හෝ නැත.

එක්සත් ජනපදය පිලිබඳ කිවහොත්, රූස්වෙල්ට් පාලනය යුදෙව්වන්ගේ ඉරනම පිලිබඳ දැක්වූ නොතැකීම ප්‍රතික්ෂේප කල නොහැකි ලෙස තහවුරු වූ ඓතිහාසික කරුනකි. ඇමරිකාවට ඇතුලුවීමට අවසර නොලැබීම හේතුවෙන්, ගලවා ගත හැකි ව තිබූ යුදෙව්වන් ලක්ෂ ගනනකට නාසි ගෑස් කාමරවල මිය යන්නට සිදු විය. MS St. Louis නෞකාවේ සිටි යුදෙව් සරනගතයන් 900 දෙනෙකුට ඉන් ගොඩ බැසීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට 1939 දී එක්සත් ජනපදය කටයුතු කල අතර ඔවුහු බලහත්කාරයෙන් යුරෝපය කරා හරවා යවන ලදී. ඔවුන්ගෙන් සිය ගනනක් පසුව නාසීන් විසින් මරා දමන ලදී. නාසි ජර්මනිය දිනපතා ම දහස් සංඛ්‍යාත යුදෙව්වන් විෂ ගෑස් යොදා මරා දමන බව ප්‍රසිද්ධ කරුනක් වූ පසුව පවා, යුදෙව්වන් සමූලඝාතන කඳවුරු කරා ප්‍රවාහනය කිරීම කඩාකප්පල් කිරීමට ගත හැකිව තිබූ, අවුෂ්විට්ස් කරා දිවෙන දුම්රිය මාර්ගවලට බෝම්බ දැමීම වැනි, යුදමය ක්‍රියා මාර්ග සලකා බැලීමකින් හෝ තොරව ප්‍රතික්ෂේප කරන ලදී.

ඊශ්‍රායලය නිර්මානය කිරීමෙහි ලා නායක කාර්යභාරයක් ඉටුකිරීමට එක්සත් ජනපදය පෙලඹුනේ හිට්ලර්වාදී ජනඝාතනයෙන් යුදෙව්වන් රැක ගැනීමට එය අසමත්වීම පිලිබඳව කල් පමා වී ඇති වූ පශ්චාත්තාපයක් නිසා ද? 1948 දී ඊශ්‍රායලය නිර්මානය කල අවස්ථාවේ ඊශ්‍රායල රාජ්‍යය පිලිගත් ප්‍රථම රට වූයේ ජනාධිපති හැරී ටෲමන්ගේ පාලනය යටතේ පැවැති එක්සත් ජනපදය බවට බයිඩන් ගිය සතියේ පුරසාරම් කීය. එහෙත් ටෲමන්ගේ තීරනය යුදෙව් ජනයා පිලිබඳ කිසියම් පෞද්ගලික සහානුභූතියකින් අභිප්‍රේරනය වූවක් නොවීය.  

පුලුල් ලෙස ලේඛනගතව ඇති ඔහුගේ යුදෙව්-විරෝධී අභිනිවේශනය තිබිය දී ම, ටෲමන්ගේ පිලිවෙත නිර්නය වූයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උත්සුකයන්ට වඩාත්ම උචිත දෙය ලෙස ඔහු විසින් සලකා ගැනුනු දේ වලිනි: මුලින් ම, මැද පෙරදිග ප්‍රධාන අධිරාජ්‍යවාදී බලය ලෙස පැවැතුනු බ්‍රිතාන්‍යය එම තත්ත්වයෙන් පහ කර දැමීම සහ, ඉන්පසුව ඊශ්‍රායලය වොෂින්ටනයේ ප්‍රධාන කලාපීය දඩ බල්ලා ලෙස යොදා ගැනීම. සිය 75 වසරක ඉතිහාසයේ මුලුමනින්ම පාහේ එය ඉටු කර ඇත්තේ එකී කාර්ය භාරයයි. ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමින් බයිඩන් අසාමාන්‍ය නිර්ව්‍යාජ භාවයකින් යුතුව යලි පවසා ඇත්තේ එයයි: “මම දීර්ඝ කාලයක් මෙය කියා ඇත්තෙමි: ඉදින් ඊශ්‍රායලයක් නොපවතී නම්, අපට එය අලුතින් නිපදවීමට සිදු වනු ඇත.” ඉරානයට එරෙහි යුද මෙහෙයුම්වලට සූදානම් වෙමින් සිටින මෙම අවස්ථාවේ, ඇමරිකානු අධිරාජ්‍යයේ සේවාදායක රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයේ සේවාවන් එක්සත් ජනපද – නැටෝ අධිරාජ්‍යවාදයට අන් කවරදා හෝ නොවූ විරූ තරමින් වඩාත් තීරනාත්මක වී ඇත.      

සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ සියොන්වාදයටත්, අධිරාජ්‍යවාදයටත් එරෙහි අරගලය – 01 Read More »

Gaza

සිවිල් ජීවිත හානි “යුද්ධයක් කිරීමේ මිල” ලෙස බයිඩන් හදුන්වන අතර ගාසා තීරයේ මානුෂීය අර්බුදය දරුනු වේ

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 25 දින පල වූ ‘Humanitarian crisis worsens in Gaza, as Biden describes civilian casualties as “the price of waging a war”’ යන  ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ගාසා තීරයට ඊශ්‍රායලයේ ම්ලේච්ඡ බෝම්බ හෙලීම නොනවතින ලෙස අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, එහි මිලියන 2.3 ක පදිංචිකරුවන් මුහුණ දෙන මානුෂීය අර්බුදය බිහිසුණු මානයන් කරා ළඟා වී තිබේ. 7,000ට ආසන්න වන නිල මරණ සංඛ්‍යාවට අමතරව, ඊශ්‍රායලයේ ජන සංහාරක ප්‍රහාරයෙන් මිලියන 1.4 කට අධික ජනතාවක් අවතැන් වී ඇති අතර, ආහාර, පිරිසිදු ජලය සහ ඉන්ධන සැපයුම් අවසන් වීමේ අද්දර පවතී.

බදාදා, ගෝලීය පුණ්‍යායතනයක් වන ඔක්ස්ෆෑම්  ඊශ්‍රායල රජය විවේචනය කළේ “සාගින්න යුද අවියක් ලෙස” භාවිතා කිරීම ගැන ය. ඔක්තෝබර් 9 වැනිදා සිට සාමාන්‍ය ආහාර බෙදාහැරීම්වලින් සියයට 2 ක් පමණක් ගාසා තීරයට ළඟා වී ඇති බව සඳහන් කරමින් පුණ්‍යායතනය පෙන්වා දුන්නේ ඉන්ධන හිඟකම සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මාර්ගවලට හානි වීම හේතුවෙන් දේශීය සැපයුම් බෙදා හැරීමට නොහැකි වූ බවයි. විදුලිය නොමැතිකම හේතුවෙන් ශීතකරණ ක්‍රියාත්මක නොවන බැවින් ආහාර ගබඩා කිරීම ද කළ නොහැකි බව පැහැදිලි වී ඇත. නොනවතින ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සමඟ බලශක්ති හිඟකම හේතුවෙන් බොහෝ බේකරි සහ සුපිරි වෙළඳසැල් වසා දැමීමට බල කර ඇති අතර, ආහාර ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත.

Gaza
2023 ඔක්. 25 වැනි බදාදා ,ගාසා නගරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු, පලස්තීනුවන් විසින් තුවාල ලැබූ පිරිමි ළමයින් දෙදෙනෙකු විනාශ වූ ස්ථානයෙන් ඉවත් කරති. [AP Photo/Abed Khaled]

ගාසා තීරයේ එක් පුද්ගලයෙකුට ලබා ගත හැක්කේ පිරිසිදු ජලය ලීටර් තුනක් පමණි. එය මානුෂීය අර්බුදයකට මුහුණ දෙන ජනගහනයක් සඳහා අවශ්‍ය අවම ප්‍රමාණය වන ලීටර් 15 න් පහෙන් එකක් පමණි. රෆා දේශසීමා පිවිසුම හරහා ගමන් කරන ආධාර ප්‍රවාහයට පරිප්පු, පිටි සහ අනෙකුත් වියළි ආහාර  ඇතුළත් වන අතර , ඒවා පිළියෙළ කිරීමට ජලය නොමැති ජනගහනයකට ඒවායින් පලක් නොමැත. 

ඔක්ස්ෆැම් හි මැදපෙරදිග කලාපීය අධ්‍යක්ෂ සැලී අබි කලීල්  පැවසුවේ, “තත්වයෙහි  භයානක දෙයක් අඩු නැත  – මනුෂ්‍යත්වය කොහිද? මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසකට ලෝකයට පෙනෙන පරිදි සාමූහිකව දඬුවම් කරනු ලැබන අතර, කුසගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීම සාධාරණීකරණය කළ නොහැක. ලෝක නායකයින්ට දිගටම වාඩි වී බලා සිටිය නොහැක; ඔවුන්ට දැන් ක්‍රියා කිරීමට සහ ක්‍රියා කිරීමට බැඳීමක් තිබේ.”

ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝසප් බයිඩන් ඇතුළු “ලෝක නායකයින්” ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ජන සංහාරය මුලුමනින්ම අනුමත කරන බව ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. බදාදා, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ  කතා කරමින් බයිඩන් ප්‍රකාශ කලේ, “මිනිසුන් කී දෙනෙක් මරා ඇද්ද යන්න ගැන, 

පළස්තීනුවන් සත්‍යය පවසන බවට මට අදහසක් නැත. අහිංසකයන් මරා දමා ඇති බව මට විශ්වාසය.

 “එය යුද්ධයක් කිරීමේ මිලයි.”

බයිඩන් ගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් හියුමන් රයිට්ස් වොච් සඳහන් කළේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කරන ලද මරණ 6,500 කට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණය නිවැරදි  යැයි තමන් විශ්වාස කරන බවයි. ගාසා තීරයේ වසර 30 ක සේවා කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මරණ වාර්තා විශ්වාසදායක බව එය සඳහන් කළේය.

( ට්විටර් පණිවිඩය)

බයිඩන් සහ ඔහුගේ යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින් විසින් ගාසා තීරය තුළ ඊශ්‍රායල මිලිටරියට රිසි පරිදි කටයුතු කිරීමට ඉඩ  ලබා දී  , පුලුල් කලාපීය යුද්ධයකට සූදානම් වෙමින් සිටී. වොෂින්ටනය දැනටමත් කලාපයට ගුවන් යානා වාහක යුධ කණ්ඩායම් දෙකක් යවා ඇති අතර ඉරාකය, සිරියාව, සෞදි අරාබිය සහ කුවේටයේ ස්ථානගත කර ඇති හමුදා ආරක්ෂා කිරීම සඳහා මිසයිල ආරක්ෂණ පද්ධති 11 ක් යෙදවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඔවුන්ගේ සැබෑ ඉලක්කය ඉරානයයි. ඊට එරෙහිව එක්සත් ජනපදය ප්‍රකෝපකාරී ලෙස මුළුමනින්ම ජල යුද්ධයක්  උත්සාහ කරයි.

ගාසා තීරයේ ඊශ්‍රායල සංහාරය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිටුබලය අවධාරනය කරමින්, ට්‍රම්ප්ගේ මිත්‍ර, මයික් ජොන්සන් නව කථානායකවරයෙකු ලෙස  තෝරා ගැනීමෙන් පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළමු ක්‍රියාව වූයේ ඊශ්‍රායලයට සහයෝගීතාවයේ යෝජනාවක් සම්මත කිරීමයි. “හමාස් සහ අනෙකුත් ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද ම්ලේච්ඡ යුද්ධයට එරෙහිව ඊශ්‍රායලය තමන් ආරක්ෂා කරන විට ඊශ්‍රායලය සමඟ සිට ගැනීම” යන ඔර්වේලියන් [ඒකාධිපති] මාතෘකාව මෙම යෝජනාවට ඇතුළත් විය. Haaretz පුවත්පත [ ඊශ්‍රායලයේ පලවන හීබෲ , ඉංග්‍රීසි ද්වී භාෂා පුවත්පතකි] වාර්තා කළේ ජොන්සන්, 2020 දී පදිංචිකරුවෙකුගේ ආරාධනය මත ඊශ්‍රායලයට ගොස් ටෙම්පල් මවුන්ට් [ පැරණි ජෙරුසලමේ පිහිටි යුදෙව් , ක්‍රිස්තියානි, ඉස්ලාම් පූජනීය ස්ථානයකි] හි සංචාරය කළ බවයි.

ගාසා තීරයේ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඊශ්‍රායලයට ලබා දී ඇති නිදහස් හස්තය බිහිසුණු පරිමානයෙන් මරණය හා දුක් වේදනා ඇති කරයි. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ ජාතිය අමතා කල ඇග සීතල කරවන දේශනයක දී, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් “ත්‍රස්තවාදීන්” දහස් ගණනක් ඝාතනය කිරීම උපුටා දක්වමින්, “එය ආරම්භය පමනි” යනුවෙන් තර්ජනාත්මකව  සඳහන් කිරීමට පෙර ප්‍රකාශ කලේ, ඊශ්‍රායලය “හමාස්ගේ මිලිටරි සහ පාලන හැකියාවන් විනාශ කරමින් හමාස් තුරන් කිරීමට” ක්‍රියා කරයි යනුවෙනි , “සියලු හමාස් සාමාජිකයන් ගාසා තීරයේ ඇතුළත සහ පිටත පොළව මත සහ යටින් ඇවිද යන මළ මිනිසුන්ය” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය පෙන්නුම් කරන එක් දර්ශකයක් වන්නේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් සංඛ්‍යාව වන අතර එය දැනට 24ක් වන බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව පවසයි. ඊයේ, නුසෙරාට් සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ,අල් ජසීරා හි ගාසා කාර්යාංශයේ ප්‍රධානියා වන වේල් ඩහ්ඩෝහ් ට ඔහුගේ  බිරිඳ සහ දරුවන් දෙදෙනා  අහිමි විය. “දැන් සිදු වූ දෙය පැහැදිලිය – එය ගාසා තීරයේ කාන්තාවන් සහ ළමයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ප්‍රහාරයේ කොටසකි. මම නුසෙයිරාට් ප්‍රදේශය ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාර ගැන වාර්තා කරමින් සිටියෙමි, ”ඔහු මඳ වේලාවකට පසු පැවසීය.

ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් පනවන ලද, බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නියෝගයෙන් පසුව , වෙනත් බොහෝ අය මෙන්  ඩහ්ඩෝගේ පවුල ද ගාසා තීරයේ උතුරු ප්‍රදේශවලින් දකුණට පලා ගියහ.  ලෝක සමාජවාදී වෙබ් අඩවිය එකල පිළිවෙළ සංලක්ෂිත කළේ , එය පලස්තීනුවන්ගේ “මරණයේ පා ගමනක්” ලෙස වන අතර එය සම්පූර්ණයෙන්ම සනාථ කර ඇත.

ගාසා තීරයේ ඈත දකුණේ ඛාන් යුනිස් සහ රෆාහි ඉලක්ක වෙත ඊයේ ගුවන් ප්‍රහාර එල්ල විය. පලස්තීනුවන් 4,000කට අධික පිරිසක් රෆා හි නවාතැන් ගෙන සිටි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ පාසලකට බෝම්බයක් පතිත වීමෙන් පසු විශාල හානියක් සිදුවිය.

ප්‍රධාන නගර සහ අසල්වැසි රටවල් පෙන්වන ගාසා තීරයේ සිතියමක්. [ඡායාරූපය Gringer / CC BY-SA 3.0]

සෞඛ්‍ය සේවා සහ අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීම බිඳ වැටෙමින් තිබේ. පලස්තීනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වාර්තා කළේ එහි ඉන්ධන ඉතිරිව ඇත්තේ පැය කිහිපයක් පමණක් බවත්, ඉන් පසුව බේකරි සහ පුද්ගලයන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නවත්වන බවත්ය. “අද රාත්‍රියේ මෙම ඉන්ධන තොගය අපට නොලැබුණහොත්, හෙට උදෑසන, බ්‍රහස්පතින්දා උදෑසන වන විට, මානුෂීය ආධාර මිනිසුන්ට අහිමි කරමින්, අප සේවය කරන ප්‍රජාවන්ට  අහිමි කරමින්,අපි ඉතා දැඩි තීරණ ගැනීමට යා යුතුය”

UNRWA සඳහා සන්නිවේදන අධ්‍යක්ෂ ජුලියට් ටූමා අදහස් දැක්වීය.  ඔක්තෝබර් 7 වැනිදා සිට UNRWA සේවකයන් 38 දෙනෙකු ගුවන් ප්‍රහාරවලින් මිය ගොස් ඇත

උතුරු ගාසා හි බෙයිට් ලාහියා හි කමල් ඇඩ්වාන් රෝහලේ සිට අදහස් දක්වමින් වෛද්‍ය හුසාම් අල් සෆියා අනතුරු ඇඟවූයේ බ්‍රහස්පතින්දා ඉන්ධන සැපයුම අවසන් වූ විට ආයතනය “සමූහ මිනීවළක්” වනු ඇති බවයි. “තුවාල වූ, මිය යන සහ මියගිය ළමයින් දුසිම් ගනනක් පැමිණීමෙන් අපිට අධික බරක් දැරීමට සිදුව ඇත. ” ඔහු අල් ජසීරාට පැවසීය. මධ්‍යම ගාසා තීරයේ අල්-වෆා රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය පහසුකමක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

ඛාන් යුනිස් හි නසාර් රෝහලේ සිට අදහස් දක්වමින් වෛද්‍ය මොහොමඩ් කන්දීල් ව්‍යසනකාරී තත්ත්වයන් විස්තර කළේ , “තත්වය කොයිතරම් නරකද කියලා වචනවලින් විස්තර කරන්න බැහැ. ඊයේ රාත්‍රියේ සිට අපට තුවාල ලැබූ රෝගීන් 300ක් ලැබුනා. මැරුණු අය 150ක් ලැබුනා. බරපතළ තුවාල ලැබූ ගැබිනි කාන්තාවන් දෙදෙනෙකුට අපි සිසේරියන් සැත්කම් කළා.” ලෙසයි.

ඊයේ උදෑසන උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු,ඊශ්‍රායල හමුදාව වෙනත් ස්ථානවල ද ප්‍රහාර එල්ල කිරීම වේගවත් තරමින් , එය ඊයේ දකුණු ලෙබනනයේ හිස්බුල්ලා අණදෙන මුරපොළකට සහ තවත් ස්ථාන කිහිපයකට පහර දුන් බව වාර්තා වේ. ඇලෙප්පෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව සිරියානු මාධ්‍ය වාර්තා කළේය. වාඩිලාගත් බටහිර ඉවුරේ, ඊශ්‍රායල සොල්දාදුවන්ට වෙඩි තැබූ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට එරෙහිව ජෙනින් හි ගුවන් ප්‍රහාරයක් දියත් කරන ලදී.

සිවිල් ජීවිත හානි “යුද්ධයක් කිරීමේ මිල” ලෙස බයිඩන් හදුන්වන අතර ගාසා තීරයේ මානුෂීය අර්බුදය දරුනු වේ Read More »

Picket

Stop the Genocidal War against the Palestinian oppressed! Colombo Action Committee holds a picket in Colombo

Our Reporter

Picket
Picket in front of Colombo Fort Railway Station. Photo by Azeez Nizaruddeen.

On October 26, the Colombo Action Committee for People’s Struggles (CACPS) engaged in a successful picketing campaign in front of the Colombo Fort railway station, demanding an immediate end to the war of extermination carried out by the Israeli Zionist ruling class headed by Benjamin Netanyahu, with the full support of the imperialist camp led by Washington, against the oppressed Palestinian people of the Gaza Strip.

Young and old from different parts of the island participated in the campaign. Activists took part in the campaign by displaying placards bearing slogans that provided a clear perspective, leadership and political program for the vast working class all over the world.  For several days before the campaign, the comrades of the committee engaged in campaigning among the public by distributing nearly two thousand leaflets containing the committee’s declaration “Defend the Palestinian people against Zionism!” 

The statement reads:

“Today, the entire imperialist system is being dragged towards a third world war, under an economic and political crisis, that judders in its very depths. That is the exact reason why the current developments in Israel represent a new stage of the long-rooted contradictions in the global capitalist system.   While the working class needs freedom, imperialist capitalism wants it buried. Exactly because of this reason, defending the Palestinian people’s struggle for freedom is an unavoidable class obligation of the working class in every country, including that of the Israeli working class.

The International Committee of the Fourth International (ICFI) and the World Socialist Web Site (WSWS.org) have taken the lead in this struggle by developing the necessary international perspectives of the working class and the programme necessitated by that struggle. The Colombo Action Committee for People’s Struggles  stands with these perspectives and programme to defend Palestinian people and calls upon all progressive masses to rally round that struggle.”

Protest placards were displayed in Sinhala, Tamil and English.

The placards displayed by the protestors included the following: Free the Gaza Strip! Stop the Imperialist-Zionist Genocide in Palestine! Down with imperialist-backed Zionism! Workers, boycott arms shipments to Israel! Food, Medicine, fuel to Gaza! Lift the Siege! Withdraw American warships from the Mediterranean Sea! Condemn Sri Lankan government’s support to genocide! No to capitalist two-state trap! Build Jew-Arab United Socialist State! Prosecute Israel, US, NATO war criminals! Stop funding War!

The campaigners chanted aloud the following slogans for over 45 minutes.

Stop the Israeli attack on the oppressed Palestinians   

End the Siege of Palestinian Territories!  

Disarm the  Israeli forces!  

Disburse food, water and medicine to Gaza, Immediately!

Pro-Imperialist Zionists are on a  killing spree

Killing infants and mothers 

Setting hospitals on fire

Capitalists all over the world are Counting the war profits savouring the taste of blood !

Workers of Israel and Palestine – Unite!

Workers in America – Europe – Line up!

Oppressed people in Asia and all over the world – Rise up!

To bury the Profiteering war mongering capitalism !

At the end of the campaign, CACPS President, Comrade Sanjay Jayasekara addressed the campaigners, many journalists reporting the event, and the public. 

Sanjaya
Comrade Sanjaya Jayasekera, President of CACPS . Photo by Aruna Indika Wijesooriya.

He declared that, the Netanyahu regime is carrying out a genocide comparable to Nazi crimes by starving and dehydrating the oppressed Palestinian people – most of them are women and children – in Gaza. Netanyahu as well as the imperialist leaders who support his regime are war criminals. He said that the “Nakba”, the ethnic cleansing that started against the Palestinians in 1948, did not end with the partition of Palestine under the United Nations organisation led by British imperialism in 1947 and continued against the Palestinians each and every day of the past 75 years. He explained that the October 7 Hamas attack was a revolt by the oppressed Palestinians who were subjected to constant violence.

Jayasekara insisted that the struggle for freedom of the oppressed Palestinian people and the democratic rights of the Israeli working class would not be safe-guarded on the basis of the imperialist two-state death trap, but only in a United Jewish-Arab Socialist State. He called upon the working class to rally, especially in Israel and Sri Lanka, and all over the world to stand in solidarity with the Palestinian working people to defend the oppressed Palestinian people and prevent war.

Then the secretary of the committee, journalist Shantha Wijesooriya, spoke and asked the workers to unite in the anti-war movement to stop the Palestinian genocide and to build CACPS.

Shantha
Journalist Shantha Wijesooriya, secretary of the committee. Photo by Aruna Indika Wijesooriya.

CACPS Executive Committee member Nandana Nannetthi explained that 81% of the people in Palestine are poor, 63% suffer from food shortages, and unemployment is 41%.The forcibly Occupied Palestinian Territories serve as an open air Israeli prison camp, as the entire population is controlled by the oppressive Israeli government. The social inequality in Israel, home to a very large number of super rich capitalists in the world, is so great that it’s capitalists own 19 times more wealth than 50% of its poorer people. Therefore the defence of the democratic rights of the Israeli working class is necessarily linked to the opposition to war. No nationalist organisation, including Hamas, has any ability whatsoever  to protect the rights of oppressed nations within a global imperialist system. Nannetthi insisted that any program abstracting the struggle against the war from a fight against the local capitalist ruling class in one’s own  country is fraudulent. 

Dana N.a.
Nandana Nannetthi, CACPS Executive Committee Member. Photo by Aruna Indika Wijesooriya

After the picket campaign, several comrades were engaged in discussions with the members of the CACPS. They suggested organising similar campaigns in other parts of the country and requested that the CACPS participate in them. Explaining that the people’s movement for anti-war and democratic rights can only be built by forming independent  Workers Action Committees and uniting them both locally and internationally, the CACPS members invited them to take the initiative in establishing those regional committees.

Stop the Genocidal War against the Palestinian oppressed! Colombo Action Committee holds a picket in Colombo Read More »

Gaza

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ජන සංහාරයෙන් මියගිය සංඛ්‍යාව 4,100 ඉක්මවයි

ඇන්ඩෘ ඩැමන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 20 දින පල වූ ‘Death toll in Israeli genocide against Gaza more than 4,100′ යන  ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Gaza
පලස්තීන පිරිමි ළමයෙක් 2023 ඔක්තෝම්බර් 20 වැනි සිකුරාදා, ගාසා නගරයට පිටතින් පිහිටි අල්-සහ්රා හි ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ගොඩනැගිලි අසලින් ගමන් කරයි. [AP Photo/Ali Mahmoud]

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශ සහ ජර්මානු ආන්ඩුවල සහාය ඇතිව ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරීම, සිකුරාදා ,තවත් පලස්තීනුවන් 352 දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ දිගටම පැවතුනි. ඔක්තෝබර් 7 දා සිට ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ, ක්‍රමානුකූලව වාර්ගික වශයෙන් සුද්ධ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. එම ප්‍රදේශයේ නිවාස, රෝහල් සහ පාසල් ක්‍රමානුකූලව කඩා දමන අතර තුර, එහි  ජනගහනය සාගින්නට හා විජලනයට භාජනය කර තිබේ. 

පසුගිය සතිය පුරා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ඊශ්‍රායලයට ගොස් ඇත්තේ, ඊශ්‍රායලය තුළ සහ ලෝකය පුරා  සිටින යුදෙව් ජනතාව විසින් පුලුල් ලෙස පිළිකුල් කරන නෙතන්යාහු පාලන තන්ත්‍රයේ ජන සංහාරක ප්‍රතිපත්ති සඳහා ඔවුන්ගේ අවිවාදාත්මක අනුමත පල කිරීම සඳහා ය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 4,137 දක්වා ළඟා වී ඇති අතර, මෙයින් සියයට 70 ක් කාන්තාවන් සහ ළමයින් වේ.ස්වේච්ඡා සේවකයන්ගේ සහ මානුෂීය සංවිධානවල වීරෝදාර ගලවා ගැනීමේ ප්‍රයත්නයන් මධ්‍යයේ බොහෝ දෙනෙක් ජීවිතය සඳහා සටන් කරති. තවත් පුද්ගලයන් 1,000ක් අතුරුදහන් වී හෝ සුන්බුන් යට සිරවී සිටිති.

ජීවිත බේරා ගැනීමට සටන් කරන ජාත්‍යන්තර මානුෂීය සංවිධාන නෙතන්යාහු රජය විසින්ම ඉලක්ක කර ගනිමින් සිටිති. ගත වූ පැය 24 තුළ ගුවන් ප්‍රහාරවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් නිලධාරීන් දෙදෙනෙක් මිය ගියහ. “#ගාසා හි තවත් @UNRWA සගයන් දෙදෙනෙකු මරා දමා ඇති බව තහවුරු කිරීමෙන්, අපි කම්පාවට පත්ව සිටිමු. සමස්ත නියෝජිතායතනයම ශෝකයට පත් වී ඇත,” පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ට්විටර් හි ලිවීය. අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 16 දෙනෙකු ගුවන් ප්‍රහාරවලින් මිය ගොස් ඇති අතර “සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි” බව ද එය ලිවීය. එක්සත් ජාතීන්ගේ ස්ථාපනයන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් වෙනම ගුවන් ප්‍රහාර 33ක් එල්ල කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද හදිසි නවාතැන් වල සිටින මිලියන භාගයක් වන සරණාගතයින් ඇතුළු, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ, ගාසා තීරය තුළ මිලියන 1.4ක් සරණාගතයින් සිටින බවයි. නිර්දය බෝම්බ ප්‍රහාර මධ්‍යයේ, ඊශ්‍රායලය සියලු ආහාර, ඉන්ධන සහ ජලය ගාසා විසින් තීරයට ඇතුළු වීම අවහිර කරමින්, සාගතයට සහ මහා විජලනයට තර්ජනය කරයි.

 “ගාසා තීරයේ සම්පූර්ණ වටලෑම අඛණ්ඩව දහවන දිනටත් පවතී” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිවීය. “ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ඇතුළුවීම වළක්වමින් රෆා, කෙරෙම් ෂාලෝම් සහ එරෙස් පිවිසුම් වසා දමා තිබුණි.”

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උපුටා දක්වන ලද ගාසා හි නිවාස අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය සති දෙක තුළ ගාසා තීරයේ ඇති සියලුම නිවාස ඒකකවලින් අවම වශයෙන් සියයට 30ක් විනාශ වී හෝ හානි වී ඇත. ගාසා තීරයේ නිවාස ක්‍රමානුකූලව විනාශ කිරීමේ එක් කැපී පෙනෙන උදාහරණයක් ලෙස, සිකුරාදා බහු-මහල් නේවාසික කුළුණු 24ක් විනාශ කරන ලද අතර, පුද්ගලයන් 8,000ක් දක්වා අවතැන් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, “බීට් හැනූන්, බීට් ලාහියා , ෂූජාඑඉ සහ අබ්බාසන් කබීරා ඇතුළු මුළු අසල්වැසි ප්‍රදේශ බොහෝ දුරට විනාශ වී ඇති.” බවයි.

බ්‍රහස්පතින්දා ඊශ්‍රායලය ගාසා තීරයේ ක්‍රියාත්මක වන පැරණිතම ක්‍රිස්තියානි දේවස්ථානයට බෝම්බ හෙලූ අතර එය ආසන්න වශයෙන් සරණාගතයින් 400 දෙනෙකුට රැකවරණය ලබා දුන්නේය. ප්‍රහාරයෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 18 දෙනෙකු සුන්බුන් යට සිරවී ඇත. තම පවුලේ සාමාජිකයින් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය බව හිටපු එක්සත් ජනපද නියෝජිත ජස්ටින් අමාෂ් සිකුරාදා හෙළි කළේය.

ගාසා හි අධ්‍යාපනික යටිතල පහසුකම් ක්‍රමානුකූලව කඩාබිඳ හරිමින් තිබේ.  එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ක්‍රියාත්මක වන පාසල් 29ක් ඇතුළුව අධ්‍යාපන ආයතන 200කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, “විදුලිය, ඖෂධ, උපකරණ සහ විශේෂිත පුද්ගලයින්ගේ හිඟය හේතුවෙන් රෝහල් කඩා වැටීමේ අද්දර ය. එහෙත්, ප්‍රතිකාර ලබන හෝ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් සංඛ්‍යාව ඔවුන්ගේ ධාරිතාවෙන් සියයට 150කි; බොහෝ දෙනෙක් බිම හා කොරිඩෝව මත වැතිර සිටිති. හදිසි කාමර ක්‍රියාත්මකව තබා ගැනීම සඳහා, විෂබීජහරණය සහ ඩයලිසිස් වැනි අත්‍යවශ්‍ය ක්‍රියා පටිපාටි ඉක්මනින් නතර වීමට ඉඩ ඇත.” යන්නයි.

අඟහරුවාදා ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ ක්‍රිස්තියානි රෝහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී දහස් ගණනක් ජනයා නවාතැන් ගෙන සිටි අතර 500 කට ආසන්න පිරිසක් මිය ගියහ.

සිකුරාදා, 12,000 දෙනෙකුට සේවය කරන අල්-කුඩ්ස් රෝහල ඊශ්‍රායල බලධාරීන් විසින් ඉවත් කරන ලෙස නියෝග කරන ලද අතර, එය ද ඉලක්ක කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමයේ නෙබල් ෆර්සාක් පැවසුවේ “ඉවත් කිරීම කළ නොහැක්කකි. “දැඩි සත්කාර ඒකකය ළමයින්ගෙන් පිරී ඇති අතර අපට ඔවුන්ගේ ජීවිත ආධාරය විසන්ධි කළ නොහැක.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම් ටෙඩ්‍රොස් අද්නාම් ට්විටර් හි සදහන් කළ පරිදි, “අල්-කුඩ්ස් රෝහලට ඉවත් කිරීමේ නියෝගය පිළිබඳ කනස්සල්ල පිරි වාර්තා”පිලිබදව ඔහු තවදුරටත් පැවසුවේ “මෙම ජනාකීර්ණ රෝහල්වලට රෝගීන් ආරක්ෂිතව ඉවත් කිරීමට නොහැකි ය. ඔවුන්ගේ ජීවිතාරක්ෂක කාර්යයන් ඉටු කිරීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. ඔවුන් ආරක්ෂා කළ යුතුය.” යන්නයි.

පසුගිය සතිය පුරා ගාසා තීරයේ ඊශ්‍රායල යුද අපරාධ පිළිබඳ මූලික වාර්තාවක “ඊශ්‍රායල් ප්‍රහාරවලින් ගාසා තීරයේ සමස්ත පවුල් විනාශ වන විට යුද අපරාධ පිළිබඳ සාපරාධී සාක්ෂි “ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින්  ලිවීය. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් “සමූහ සිවිල් වැසියන්ට හානි සිදු කළ සහ යුද අපරාධ ලෙස විමර්ශනය කළ යුතු, මදාවිකාර ප්‍රහාර ඇතුළු නීති විරෝධී ඊශ්‍රායල ප්‍රහාර ලේඛනගත කර ඇත.”

එය සටහන් කරන්නේ ” ඊශ්‍රායල ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කර ඇත්තේ, සිවිල් වැසියන් බේරා ගැනීම සඳහා ගත හැකි පූර්වාරක්ෂාවන් ගැනීමට අපොහොසත් වීමෙන් , හෝ  සිවිල් වැසියන් සහ හමුදා අරමුණු අතර වෙනස හඳුනා ගැනීමට අපොහොසත් වූ මදාවිකාර ප්‍රහාර එල්ල කිරීමෙන්, හෝ සිවිල් වත්කම් වෙත එල්ල කළ හැකි ප්‍රහාර එල්ල කිරීමෙනි.”

වාර්තාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කාර්යාලයෙන් ඉල්ලා සිටින්නේ, “පලස්තීනයේ තත්ත්වය සම්බන්ධයෙන්,  සහ පලස්තීනුවන්ට එරෙහිව පවතින මනුෂ්‍යත්වයට එරෙහි වර්ණභේදවාදී අපරාධය ඇතුළුව සියලු පාර්ශ්වයන් විසින් සිදු කරන ලදැයි කියන අපරාධ සම්බන්ධ  විමර්ශන කඩිනම් කරන ලෙසයි.”

සියලුම අධිරාජ්‍යවාදී ආන්ඩු පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරයට සහයෝගය දැක්වීමට එකමුතු වී සිටින අතර, ලෝකයේ සෑම රටකම පාහේ ජන සංහාරයට එරෙහිව මහජන උද්ඝෝෂන සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වී සිටිති.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ජන සංහාරයෙන් මියගිය සංඛ්‍යාව 4,100 ඉක්මවයි Read More »

Bank West

ඊශ්‍රායල ජනඝාතක යුද්ධය බටහිර ඉවුර ද අලලා ව්‍යාප්ත කරයි

පරාක්‍රම කුරුප්පු විසිනි.

Bank West
අල්ලා ගත් බටහිර ඉවුරේ සෝදිසි මෙහෙයුමකදී ඊශ්‍රායල සොල්දාදුවන් පලස්තීන ජාතිකයෙකු අත්අඩංගුවට ගනී [ගොනුව: Jaafar Ashtiyeh/AFP]

ගාසා තීරයේ සිට ක්‍රියාත්මක වන හමාස් සංවිධානයට එරෙහි යුද්ධයක කඩතුරාව යටතේ ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය ගෙන යන ජනඝාතක යුද්ධය, අල්ලා ගත් බටහිර ඉවුර ප්‍රදේශයේ නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව ද මුලු බලය යොදා ක්‍රියාත්මක වෙමින් පවතී.

අල් ජසීරා ප්‍රවෘත්ති සේවය අද වාර්තා කලේ, සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනවලට අනුව මේ වන විට බටහිර ඉවුරේ පලස්තීන වැසියන් 111 ක් මිය ගොස්, 1950 ක පමන සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. සරනගත කඳවුරුවලට කඩා පනින ඊශ්‍රායල හමුදා ඊශ්‍රායල වැසියන් විශාල වශයෙන් අත් අඩංගුවට ගනිමින් සිටින බව ද අල් ජසීරා වාර්තා කලේය. 

බටහිර තීරයට එල්ල වන මෙම මිලිටරි ප්‍රහාරවලින් ද පැහැදිලි වන්නේ දූෂිත නෙතනියාහු තන්ත්‍රයේ මෙම වර්ග විලෝපන යුද්ධයේ පවතින විෂකුරු ස්වභාවයයි.  මෙම මානව විරෝධී යුද්ධය විසින් නිසැක ලෙස හා නිබඳ ව සිහිපත් කෙරෙන්නේ දෙවැනි ලෝක යුද්ධයට පෙරවදන ලෙස හිට්ලර් විසින් ගෙන යන ලද යුදෙව් ජන සංහාරයයි. වර්තමාන ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය විසින් පලස්තීන ජනයා මුලුමනින් උපුටා දැමීමේ වාර්ගික විලෝපන යුද්ධයකට පිවිසීම ආවරනය කිරීමේ කඩ වැස්මක් ලෙස එකී ජන සංහාරය පාවිච්චි කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවත්හු දුබල උත්සාහයක යෙදෙමින් සිටිති. පසුගිය දින ගනන තුල එක්සත් ජනපද ජනාධිපති බයිඩන්, බ්‍රිතාන්‍ය අගමැති සුනැක්, ජර්මන් චාන්සලර් ස්ශෝල්ෂ්(z) සහ ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් මෙම සිවිල් ජන සංහාරයේ අපවිත්‍ර මල් වට්ටියට අත ගැසීමට ඊශ්‍රායලයට සංචාරය කලෝය. මේ ‘යුදෙව් ප්‍රේම’යේ වංචාකාරී ස්වභාවය පිලිබඳ අගනා හෙලිදරව් කිරීමක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මිචිගන් සරසවියේ පවත්වන ලද දේශනයකින් කෙරෙන පහත උපුටා දැක්වීමෙහි එයි: 

“මෙකී නායකයෝ (බයිඩන්, සුනැක්, ස්ශෝල්ෂ්(z) සහ මැක්‍රෝන්) යුදෙව් ජනයා පිලිබඳ තම ප්‍රගාඪ සහකම්පනයක් පෙන්වා සිටිමින්, ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම යුක්තියුක්ත කිරීමට නාසීන් විසින් සිදු කෙරුනු සමූලඝාතන සහායට කැඳවති. එවැනි ප්‍රකාශයන් තුළ ඇති වංචාවේ සහ කුහකකමේ පරිමාණය මිම්ම ඉක්මවා ඇත. ඔවුහු සියල්ලෝ, 1939 හා 1945 අතර කාලයේ යුදෙව්වන්ට වධ හිංසා පැමිනවීමට හා ඔවුන් සමූහ ඝාතනයට ලක් කිරීමට සංවිධානය කල, සහයෝගය දුන් හෝ එය නොතකා නො ඇසූ කන් ව සිටි ආන්ඩුවල අනුප්‍රාප්තිකයෝ වෙති…ප්‍රංශයේ පාලක පන්තිය මෙම ක්‍රියාවලියේ දී නාසීන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් යුදෙව් ජාතික ප්‍රංශ පුරවැසියන්ගෙන් සියයට විසි පහක පමන ප්‍රමානයක් සමූලඝාතනය සඳහා නාසීන්ට භාර දුන්නෝය. … යුරෝපයේ නාසීන් විසින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලින් පලා ආ යුදෙව් සරනගතයන්ට සැලකූ කෲර ආකාරය බ්‍රිතාන්‍ය පාලක පන්තියේ යුදෙව් විරෝධයට දෙස් දෙයි. … බ්‍රිතාන්‍යය කරා පලා ආ 20,000 කට අධික ජර්මානු යුදෙව් ජනයා “සතුරු විදේශිකයන්” ලෙස වර්ගීකරනය කර යුද සිරකරුවන් ලෙස රඳවා ගන්නා ලදී. … හචින්සන් කඳවුර නම් වූ මෙවැනි එක් කඳවුරක සිරගත ව සිටි 1,200 ක සරනගතයන් අතර ප්‍රමුඛ කලාකරුවන්, සංගීතඥයන් හා බුද්ධිමතුන් ද වූ බැව් කියැවේ. .. එක්සත් ජනපදයේ රූස්වෙල්ට් පාලනය යුදෙව්වන්ගේ ඉරනම පිලිබඳ දැක්වූ නොතැකීම ප්‍රතික්ෂේප කල නොහැකි ඓතිහාසික කරුනකි. ඇමරිකාවට ඇතුලුවීමට අවසර නොලැබීම හේතුවෙන්, ගලවා ගත හැකි ව තිබූ යුදෙව්වන් ලක්ෂ ගනනකට නාසි ගෑස් කාමරවල මිය යන්නට සිදු විය…”  (Socialist internationalism and the struggle against Zionism and imperialism, David North, ඔක්තෝම්බර් 25, 2023 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියෙන් උපුටා පරිවර්තනය කරන ලදී.) 

එදා ජනඝාතනයකට පහසුකම් සැපයූ මෙම අධිරාජ්‍යවාදියෝ අද ද එබඳුම මානව ද්වේශී ම්ලේච්ඡත්වයක ආරක්ෂාවට උර දෙමින් සිටිති. හුදෙක් රැඳවුම් කඳවුරක ඉපැදීමට ඉරනම විසින් අනවනු ලැබීමේ වන්දිය ලෙස තුවාල ලබන, මිය යන දරුවන් දහස් ගනනකගේ ලෙයින් ඔවුන්ගේ අත් තෙත් වී ඇත. මෙම යුද්ධය බටහිර ඉවුර ප්‍රදේශයට ද, ජෝර්දානයට ද, ලෙබනනයට ද ව්‍යාප්ත කරමින් සමස්ත මැද පෙරදිග කලාපය ලේ විලක ගිල්වීමට ඔවුන්ට අවශ්‍ය ව ඇත.

ඊශ්‍රායල ජනඝාතක යුද්ධය බටහිර ඉවුර ද අලලා ව්‍යාප්ත කරයි Read More »

Gaza

ඊශ්‍රායලය, ගාසා තීරයේ අල් අහ්ලි අරාබි රෝහලට බෝම්බ හෙලීමෙන් 500ක් මිය යයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 18 දින පල වූ ‘500 dead as Israel bombs Al Ahli Arab hospital in Gaza‘ යන  ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

Gaza
2023 ඔක්තෝබර් 17 වැනි අඟහරුවාදා, ගාසා නගරයේ, මධ්‍යම ගාසා තීරයේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසුව, අල්-ෂිෆා රෝහලේ අහ්ලි අරාබි රෝහලේ තුවාල ලැබූ පලස්තීනුවන්. [AP ඡායාරූපය/Abed Khaled]

අඟහරුවාදා ගාසා නගරයේ අල් අහ්ලි අරාබි රෝහලට ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) බෝම්බ හෙලීමෙන් පන්සියයක් මිය ගිය අතර තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ අනෙකුත් නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නායකයින් ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක ප්‍රහාරයට ඔවුන්ගේ පූර්ණ සහයෝගය යලි තහවුරු කිරීමත් සමඟ සිදු කරන ලද මෙම යුද අපරාධයට එරෙහිව ජාත්‍යන්තරව විරෝධතා පුපුරා ගියේය.

රෝහලට බෝම්බ හෙලීම සිදු වූයේ, එළිමහන් සිරකඳවුරක් ලෙස පුලුල්ව විස්තර කෙරෙන, ජනාකීර්ණ සහ දිළිඳු වාසස්ථානය ඊශ්‍රායලය විසින් අවහිර කිරීම, සියලු ජලය, ඉන්ධන සහ ආහාර සැපයුම් කපා හැර ඇති කොන්දේසි යටතේ ය. මිලියන 1.1ක් පමණ පලස්තීනුවන් ගාසා නගරයෙන් සහ උතුරු ගාසා තීරයෙන් පලා ගොස් දකුණට ගමන් කරන ලෙස ඉල්ලා සිටිමින් IDF ඉවත් කිරීමේ නියෝගයක් අනුගමනය කළේය.

රෝහලට බෝම්බ හෙලීමට ටික වේලාවකට පෙර, ඊශ්‍රායල හමුදා අසල පිහිටි අල්-මගාසි සරණාගත කඳවුරේ එක්සත් ජාතීන්ගේ පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන්  , හය දෙනෙක් මිය ගිය අතර තවත් දුසිම් ගනනක් තුවාල ලැබූහ. එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNRWA) නිලධාරි තමරා අල්-රිෆායි පැවසුවේ පාසලට “සෘජු ඊශ්‍රායල වෙඩි තැබීමක්” වූ බවයි. ඇය මෙම ප්‍රහාරය “අතිශයින්ම කම්පන සහගත” ලෙස හැඳින්වූවාය, “අපි අපගේ සියලු ගොඩනැගිලි පැහැදිලිව හඳුනාගෙන ඇති අතර, අප [යුද්ධයේ සටන් කරන] සියලුම පාර්ශ්ව සමඟ GPS ඛණ්ඩාංක බෙදා ගෙන ඇත. එම කඳවුර අවතැන් වූ පුද්ගලයන් 4,000කට සත්කාරකත්වය සැපයීය.”

පාසලට බෝම්බ හෙලීමෙන් පසුව, අල් අහ්ලි අරාබි රෝහලේ දැවැන්ත පිපිරීමක් සිදු වූ අතර, ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර වලින් තුවාල ලැබූ සිය ගනනක් සහ මිනීමරු ප්‍රහාරවලින් රැකවරණය පතා සාපේක්ෂ වශයෙන් ආරක්ෂිත ස්ථානයක් වනු ඇතැයි  විශ්වාස කළ  දහස් ගණනක් එහි රැස්වී සිටියහ. එම ස්ථානයේ සිටි සෞඛ්‍ය සේවකයින්ගේ වාර්තාවලට අනුව, රෝහල් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සිය ගනනක් අතරට එම ස්ථානයෙන් පිටත බිම නිදා සිටි සරණාගතයින් ද ඇතුළත් ය.

( ට්විටර් පණිවිඩය )

වෛද්‍ය ගසාන් අබු සිත්තා මෙසේ පැවසීය: “අපි රෝහලේ සැත්කම් කරමින් සිටියෙමු, ප්‍රබල පිපිරීමක් ඇති වූ අතර සිවිලිම ශල්‍යාගාරය මතට වැටුණි. මෙය සමූල ඝාතනයකි.”

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මරණ සංඛ්‍යාව 500 ඉක්මවන බව තහවුරු කළ නමුත් තවත් වින්දිතයින් සුන්බුන් යට වැළලී ඇති බව පැවසීය.ගාසා තීරය ඊශ්‍රායල අවහිර කිරීමට එරෙහිව ඔක්තෝම්බර් 6-7 දිනවල ආරම්භ වූ කැරැල්ලේ සිට,  ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් සමස්ත මරණ සංඛ්‍යාව,3,000 දක්වා ඉහළ ගොස් ඇති අතර , 12,500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති  බව ඔවුහු පැවසූහ. මෙම සංඛ්‍යා දැනටමත් 2014 දී ගාසා තීරයේ දින 53 ක ඊශ්‍රායල යුද්ධයේදී වාර්තා වූ සංඛ්‍යාවට වඩා වැඩි ය.

බෝම්බ ප්‍රහාරය ඇසින් දුටු හදිසි ප්‍රථම ප්‍රතිචාරකයෙක් ඇනඩොලු ඒජන්සියට මෙසේ පැවසීය: “ඔවුන් නිදා සිටියේ ගස් යට පමණි, කාමර නැත, නවාතැන් නැත.  ඔවුන්ට රොකට් වලින් බෝම්බ හෙලූවා.  තුවාලකරුවන් සිටියේ නැත, ඔවුන් සියල්ලෝම මිය ගියහ.  අපට දිවි පිදූවන් ගණන් කළ නොහැකි විය, ඔවුන් කැබලිවලට ඉරා දැමීය.  … අවම වශයෙන්, ඔවුන්ගෙන් සියයට 30 සිට 40 දක්වා ළමුන් විය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ජන සංහාරය නැවැත්විය යුතුයි.  ලෝකයේ නායකයන් වෙනුවෙන්, ඔබ ගාසා තීරයේ මෙම සංහාරය නතර කළ යුතුය.

දේශසීමා රහිත වෛද්‍යවරු (MSF) ජාත්‍යන්තර වෛද්‍ය පුණ්‍යායතනය ට්විටර්/X හි ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරය හෙළා දුටුවේය.

රෝගීන්ට ප්‍රතිකාර කරමින් සහ අවතැන් වූ ගාසා වැසියන්ට සත්කාර කරමින් සිටි ගාසා නගරයේ අහ්ලි අරාබි රෝහලට ඊශ්‍රායලය විසින් මෑතකදී බෝම්බ හෙලීමෙන් අපි භීතියට පත් වෙමු.  වාර්තා වන පරිදි මිනිසුන් සිය ගනනක් ඝාතනය කර ඇත … එය කිසිසේත්ම පිළිගත නොහැකිය.

Mp
පුළුල් කරන ලද ,ගාසා තීරය සමඟ ඊශ්‍රායලයේ සිතියම [ඡායාරූපය: www.openstreetmap.org/WSWS]

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කන්ඩායම විසින් ඊශ්‍රායලය එල්ල කර , දියත් කරන ලද රොකට් ප්‍රහාරයක් වැරදීමකින් රෝහල මත පතිත වීමෙන්, මෙය සිදු වූ බව  පවසමින් ඊශ්‍රායල නිලධාරීන් නරුම ලෙස සමූල ඝාතනයේ වගකීම ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළහ. රෝහලට “ප්‍රහාර එල්ල කිරීම” සම්බන්ධයෙන් “ගාසාවේ සිටින ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්” වගකිව යුතු බව පැවසූ ඊශ්‍රායල අගමැති නෙතන්යාහු, “අපේ දරුවන් අමානුෂික ලෙස ඝාතනය කළ කවුරුන් හෝ ඔවුන්ගේ දරුවන් ද ඝාතනය කරයි” යනුවෙන් පැවසීය.

එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති මයිකල් හර්සොග් ට්විටර්හි වීඩියෝවක් විකාශනය කරමින් ඇඟවීමට උත්සාහ  ගත්තේ,ගාසාවේ සිට දියත් කරන ලද රොකට් නැවත ගාසා භූමියට වැටෙන බවත්.අල් අහ්බි රෝහලේ ප්‍රහාරයත් එවන් සිදුවීමක් විය හැකි බවත් පෙන්වීමටය. වීඩියෝ පටයේ සටහන්ව තිබූ කාලයට අනුව  රාත්‍රී 8.00 ට පමණ සිදුවීම වූ බැවින්, එය   ප්‍රහාරය සිදු වූ වේලාවට වඩා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව හෙළිවීමත් සමගම, මෙම බොරුව බිඳ වැටුණි.

ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය:

ගාසාවේ බැප්ටිස්ට් අරාබි ජාතික රෝහලට බෝම්බ හෙලීමෙන් ඔහු කළ කුරිරු සංහාරයේ වගකීමෙන් ගැලවීමට සියොන්වාදී සතුරා දැඩි උත්සාහයක නිරත වන්නේ ඔහුගේ සුපුරුදු බොරු ගොතමින් සහ පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් ව්‍යාපාරය වෙත වරදට ඇඟිල්ල දිගු කිරීමෙනි.

නෙතන්යාහු ආන්ඩුව සහ එහි නේටෝ ආධාරකරුවන් මෙම බිහිසුණු සංහාරය සිදු කළහ. එය ගලා එන්නේ වොෂින්ටනය සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින් විසින් මුලුමනින්ම සහාය දක්වන IDF සහ නෙතන්යාහු ආන්ඩුවේ සමස්ත ජනඝාතක මූලෝපායෙනි.

ඊශ්‍රායල් ආන්ඩුවේ ජන සංහාරයේ සහ වාර්ගික පවිත්‍ර කිරීමේ මූලෝපායේ කේන්ද්‍රීය කොටස – එය මිලියනයකට අධික ගාසා වැසියන්ට තම නිවෙස් හැර යන ලෙස නියෝග කර ඇති අතර, ඔවුන්ට ජලය, ආහාර සහ ඉන්ධන සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කරයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය අවහිර කිරීමයි. ඊශ්‍රායල් සහ නේටෝ නිලධාරීන් ගාසා තීරයේ නීති විරෝධී අවහිර කිරීම ආරක්ෂා කර ඇත. බලශක්තිය කපා හැරීම , ප්‍රතිකාරය ස්ථාවර විදුලි සැපයුමක් මත රඳා පවතින, ඉන්කියුබේටර්වල නොමේරූ ළදරුවන්, ඩයලිසිස් රෝගීන් සහ දැඩි සත්කාර රෝගීන්ගේ විශාල මරණ ප්‍රමාණයකට තුඩු දෙනු ඇත.

ඊයේ, ගාසා තීරයේ රෝහල් 23 න් 20 ක් “අර්ධ සේවා” පමණක් සිදු කරමින් සිටියේ ඒවායේ ඉන්ධන සහ බලශක්ති සංචිත “සම්පූර්ණයෙන්ම පාහේ ක්ෂය වී ඇති” නිසා ය. මෙම සතිය මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිලධාරීන් විසින් ගාසා තීරයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන  111කට ප්‍රහාර එල්ල කර, සෞඛ්‍ය සේවකයින් 12ක් මරා දමා, ගිලන්රථ 60කට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව තහවුරු කරන ලදී.

ගාසා තීරයේ ජනතාව ඉලක්ක කර ගනිමින් මනුෂ්‍යත්වයට එරෙහි මෙම නවතම, බිහිසුණු අපරාධයට එරෙහිව අඟහරුවාදා ලොව පුරා විරෝධතා පැන නැගුනි. එක්සත් ජනපදයේ, විරෝධතාකරුවන් නැවත වරක් ධවල මන්දිරයෙන් පිටත රැස් වූ අතර අනෙක් අය නිව් යෝර්ක් නගරයේ සහ ලාස් වේගාස් හි පෙළපාලි ගියහ. බදාදා සහ ඊළඟ දිනවලදී තවත් පෙලපාලි බලාපොරොත්තු වේ.

 ( ට්විටර් පණිවිඩය)

කැනඩාවේ, මොන්ට්‍රියල් හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට පිටතින් , රෝහල් බෝම්බ ප්‍රහාරයට විරෝධය දැක්වීමට පලස්තීනයට පක්ෂපාතී විරෝධතාකරුවෝ දහස් ගණනක් පෙළපාලි ගියහ.

විරෝධතා , මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා පැතිර ගියේය. බටහිර ඉවුරේ, පලස්තීන විරෝධතාකරුවෝ, ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ අතකොළුවක් ලෙස ක්‍රියා කරන පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් ගැන සඳහන් කරමින්, “ජනතාවට ජනාධිපතිවරයාගේ වැටීම අවශ්‍යයි” යනුවෙන් කෑගසමින් රමල්ලාහි පෙළපාලි ගියහ. කැරලි මර්දන පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පෙළපාලිකරුවන් ඉක්මනින් විසුරුවා හරින ලදී.

බටහිර ඉවුරේ නබ්ලස් සහ ජෙනින් නගරවල ද විරෝධතා වාර්තා විය.

විරෝධතාකරුවන් දහස් ගණනක් තුර්කියේ සහ ජෝර්දානයේ අම්මාන්හි ඊශ්‍රායල කොන්සල් කාර්යාලවල පිටත පෙලපාලි දැක්වූහ.  අම්මාන්හිදී, එක්සත් ජනපද මධ්‍යස්ථානයේ පරිමිතිය උල්ලංඝනය කිරීමට උත්සාහ කළ විරෝධතාකරුවන් කැරලි මර්දන පොලිසිය සමඟ ගැටී ඇත.

ලෙබනනයේ, විරෝධතාකරුවන් බේරූට්හි එක්සත් ජනපද සහ ප්‍රංශ තානාපති කාර්යාලවලට පිටතින් පෙළපාලි ගිය අතර, සිදොන් සහ ටයර්හි පලස්තීන සරණාගත කඳවුරුවල විරෝධතා පුපුරා ගියේය. උතුරු ඊශ්‍රායලයේ IDF හමුදා සමඟ වඩාත් තීව්‍ර කාලතුවක්කු ප්‍රහාර හුවමාරුවක් කළ ෂියා ඉස්ලාමීය මිලීෂියාව වන හිස්බුල්ලා සටන්කාමීන්, බදාදා දිනය “කෝපයේ දිනයක්” ලෙස විරෝධතාවක් කැඳවා ඇත.

ටියුනිස්හිදී, විරෝධතාකරුවන් ප්‍රංශ තානාපති කාර්යාලයෙන් පිටත පෙළපාලි යාම සඳහා වූ විරෝධතාවලට එරෙහි රාජ්‍ය තහනම කඩ කරමින් : “ප්‍රංශ සහ ඇමරිකානුවන් සියොන්වාදීන්ගේ සහචරයෝ” සහ “ටියුනීසියානු භූමියේ ඇමරිකානු තානාපති කාර්යාලයක් එපා.” කියමින් කෑ ගැසූහ.

ඉරානයේ, විරෝධතාකරුවන් “ප්‍රංශයට, එංගලන්තයට, ඇමරිකාවට සහ සියොන්වාදීන්ට මරණය” වැනි සටන් පාඨ කියමින් ටෙහෙරානයේ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලවලින් පිටත පෙළපාලි ගියහ. ඉස්ෆහාන් සහ කොම් ප්‍රදේශවල ද විරෝධතා පැවැත්විණි.

බැග්ඩෑඩ්හිදී, විරෝධතාකරුවන් දහස් ගණනක් 2003 දී එක්සත් ජනපද වාඩිලාගැනීමේ හමුදා විසින් පිහිටුවන ලද ඉරාක අගනුවර ප්‍රදේශයේ වන හරිත කලාපයට ගමන් කළ නමුත්, ආරක්ෂක අංශ ඔවුන් එක්සත් ජනපද තානාපති කාර්යාලයට ගමන් කිරීම වළක්වා ඇත.

ගාසා තීරය නීති විරෝධී ඊශ්‍රායල් අවහිර කිරීමට එරෙහිව පලස්තීන ජනතාවගේ නැගිටීම අධිරාජ්‍යවාදයට සහ සියොන්වාදයට එරෙහිව කම්කරු පන්තිය තුල වැඩෙන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි. ගාසා තීරයේ ජනතාවට එරෙහිව සිදු කරන ලද ජන සංහාරක යුද්ධය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ නැවැත්වීමේ තීරනාත්මක ප්‍රශ්නය වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා පොදු ව්‍යාපාරයක් තුල මෙම අරගල ඒකාබද්ධ කිරීමයි.

ඊශ්‍රායලය, ගාසා තීරයේ අල් අහ්ලි අරාබි රෝහලට බෝම්බ හෙලීමෙන් 500ක් මිය යයි Read More »

Scroll to Top