politics

thesocialist.LK

කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරි කමිටුවට සහය දෙමු, එය ගොඩනගමු!

විල් ලෙහ්මන් විසිනි.

මෙහි පලවන්නේ 2023 මාර්තු 3, ‌ලෝක සමාජවාදී වෙබ් අඩවියේ “Support and build the Caterpillar workers’ Rank and File Committee” ලෙසින් පල වූ ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්ථනය SF විසිනි

විල් ලෙහ්මන් මැක් ට්‍රක්ස් හි කම්කරුවෙක් වන අතර ඔහු ඇමරිකාවේ එක්සත් ඔටෝ වර්කර්ස් (UAW- යූඒඩබ්ලිව්) යන වෘත්තීය සමිතියේ ජාතික මැතිවරනයේදී සභාපති ධුරයට තරඟ කල සමාජවාදියෙකි. willforuawpresident.org හි ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය ගැන තවදුරටත් දැනගත හැකිය.

මෙම ප්‍රකාශය ලෙහ්මන් සිදුකරන්නේ කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවට (එක්සත් ජනපදය) සහාය පල කරමිනි. කැටපිලර් යනු ලොව ප්‍රධානම ඉදිකිරීම් යන්ත්‍ර නිෂ්පාධන සමාගමකි. කැටපිලර් කම්කරුවන්ගේ අරගලය හදාරන ලෙසත්, එයට සහාය දෙන ලෙසත් අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

***

Image

කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරි කමිටුවට සහය දෙමු, එය ගොඩනගමු!

සහෝදරවරුනි, සහෝදරියනි,

ඔබ අමතන මා විල් ලෙහ්මන් ය. ලෝකයේ විශාලතම ඉදිකිරීම් උපකරණ නිෂ්පාදකයා වන කැටපිලර් හි කම්කරුවන්ට සහාය වන ලෙස සියලුම මෝටර් රථ කම්කරුවන් හා යූඒඩබ්ලිව් පුරා සිටින සේවකයින්ගෙන් ඉල්ලා සිටීමට මට අවශ්‍ය ය.

අඟහරුවාදා මධ්‍යම රාත්රියෙන් ගෙවෙනවාත් සමග ම, යූඒඩබ්ලිව් හා කැටපිලර් “අවසාන මොහොතේ” තාවකාලික ගිවිසුමක් අත්සන් කිරිම නිවේදනය කළේ, වත්මන් ගිවිසුම අවසන්වූ පසු වැඩ වර්ජන ක්‍රියාමාර්ග සඳහා කම්කරුවන්ගේ වැඩෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමිනි.

වසර හයක කොන්ත්‍රාත් යෝජනාව සැබෑ වැටුප්වල දැවැන්ත කප්පාදුවක් බලාත්මක කරනු ඇත. කොන්ත්රාත්තුව වසරකට සාමාන්‍යයෙන් සියයට 3 කින් පමණ නාමික වැටුප් වැඩි කරන අතර එයින් සැලකිය යුතු කොටසක් සෞඛ්‍ය සේවා වාරිකවල සියයට 2 ක වාර්ෂික වැඩිවීමක් විසින් ගිල දැමෙනු ඇත. පවතින උද්ධමනය සියයට 6ට ද වඩා අධික වීම සමඟ බැලූ කල, මෙයින් අදහස් වන්නේ කම්කරුවන් තම සැබෑ ආදායමේ තියුනු පහත වැටීමක් අත් දකිනු ඇති බවත්, කොන්ත්‍රාත්තුව අවසන් වන විට ඔවුන්ගේ වැටුප් වල මිලදී ගැනීමේ ශක්තිය අඩු වනු ඇති බවත්ය.

යූඒඩබ්ලිව් තන්ත්‍රය බොහෝ කම්කරුවන්ට හුරු පුරුදු, සමාගම් ගැති ‘නීති සංග්‍රහයක්’ අනුගමනය කරයි. එය මාස ගනනාවක් තිස්සේ කලමනාකාරීත්වය සමග තමන් සාකච්ඡා කරන දේ ගැන කැටපිලර් කම්කරුවන් අඳුරේ තබා ඇත. කොන්ත්‍ත්‍රාත්තුවේ ‘සැලකිය යුතු කරුනු’ මැයෙන්, එය නිකුත් කර ඇත්තේ පිටු කිහිපයක් පමණි. එය (ගිවිසුම) විශාල ‘අත්සන් කිරීමේ ප්‍රසාද දීමනාවක්’ ලබා දී කම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරයි. නමුත් ‘අත්සන් කිරීමේ ප්‍රසාද දීමනාව’ විශාල වන තරමට පාවාදීමේ තරමද විශාල වන බව අපි කවුරුත් දනිමු.

කැටපිලර් කම්කරුවන් පෙරලා සටන් වදිති. පසුගිය මාසයේ, සටන්කාමී කම්කරුවන් පිරිසක්, තොරතුරු හුවමාරු කර ගැනීමට සහ යූඒඩබ්ලිව් සහ යූඒඩබ්ලිව් නො වන කම්හල් හරහා කම්කරුවන්ට සන්නිවේදනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ මාවතක් සැපයීම සඳහා, කැටපිලර් ක්‍රියාකාරී කමිටුව පිහිටුවා ගත්හ.

ක්‍රියාකාරී කමිටුව, යූඒඩබ්ලිව් නිලධරයේ ගනුදෙනුව විකුණා දැමීමක් ලෙස හෙලා දකිමින් සහ එය ප්‍රතික්ෂේප කර, වැඩ වර්ජන ක්‍රියාමාර්යකට සූදානම් වන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින ප්‍රකාශයක් බදාදා නිකුත් කළේය.

කමිටුව විසින් කම්කරුවන් සදහා ඇත්ත වශයෙන්ම අවශ්‍ය ‌දේ මත පදනම්ව ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

*සියලුම කම්කරුවන්ට සියයට 50ක වැටුප් වැඩිවීමක්

*ජීවන වියදම් ගැලපීම (COLA- නිත්‍ය ජීවන වියදම් ඉහළ යාම සදහා වැටුප් වැඩිවීම්) නැවත බලාත්මක කිරීම.

*වැටුප් හා ප්‍රතිලාභ ස්ථර ක්‍රමය (wage and benefit tier system) වහා අහෝසි කිරීම

*සියලුම සේවකයින් සඳහා අවම වශයෙන් වැටුප් සහිත සති දෙකක පුද්ගලික නිවාඩු කාලයක්

*වත්මන් කම්කරුවන් සහ විශ්‍රාමිකයන් යන දෙපාර්ශ්වයටම සෞඛ්ය සේවා වාරික සහ අතින් දරන වියදම් විශාල වශයෙන් අඩු කිරීම

*සියලුම කම්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රතිෂ්ඨාපනය කිරීම

*සම්පූර්ණ කොන්ත්‍රාත් ගිවිසුම් ලේඛනය නිකුත් කරන ලෙසත්, කොන්ත්‍රාත්, ක්‍රියාකාරී කමිටුවේ අධීක්ෂණයට යටත් කිරීමත් ඔවුහු ඉල්ලා සිටිති.

මෙම සටන හුදෙක් කැටපිලර් සම්බන්ධ කාරනයක් නො වේ. සංගත සහ සමස්තයක් ලෙස පාලක පන්තියට දැවැන්ත පරාජයක් අත් කර දීමට අධිෂ්ඨාන කර ඇත. ඔවුන් සම්බන්ධයෙන් ගත් කල, ගැඹුරු වන ආර්ථික අර්බුදයට සහ අන් සියල්ලටත් වඩා පාලක ප්රභූවේ යුද ප්රතිපත්තිය සදහා ගෙවිය යුත්තේ කම්කරුවන් ය. ය්‍රක්ක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව යුද්ධ කිරීමට සහ චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමට බිලියන සිය ගනනක් වැය කෙරේ. එපමනක් නොව, කැටපිලර් ප්‍රධාන මිලිටරි සැපයුම්කරුවෙකු වන අතර, බයිඩන් පරිපාලනය සහ ධනේශ්වර පක්ෂ දෙක ඔවුන්ගේ සැපයුම් දාමයට කිසිදු බාධාවක් නොඉවසනු ඇත.

මම පසුගිය වසර පුරා, සමිතියේ ජාතික මැතිවරනයේ දී යූඒඩබ්ලිව් සභාපතිත්වය සදහා තරඟ කළේ සංගත ගැති යූඒඩබ්ලිව් නිලධරය අහෝසි කිරීම, පාලනය සහ තීරණ ගැනීම නිෂ්පාදනයේ නිරත කම්කරුවන්ට පැවරීම සහ කම්කරුවන්ගේ අවශ්‍යතා සඳහා සටන් කිරීම සඳහා ජාත්යන්තර ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීම යන බලය පිලිබද ක්‍රියා මාර්ගයක් මත ය.

කැටපිලර් කම්කරුවන් යෙදීගෙන සිටින්නේ සමස්ත කම්කරු පන්තියටම ප්‍රධාන වැදගත්කමක් ඇති සටනක ය. ඔවුන්ට ඔබේ සහයෝගය අවශ්‍යයි, සුදුසුයි. කැටපිලර් ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශයන් ඔබේ සගයන් සමඟ බෙදාගෙන ඔවුන් සටන් කරන්නේ කුමක් සඳහාද යන්න සාකච්ඡා කරන්න. කම්කරුවන් සඳහා සහය දක්වන ප්‍රකාශ මට එවන්න; ක්‍රියාකාරී කමිටු ජාලයට සම්බන්ධ වීම සහ ගොඩ නැගීම සම්බන්ධ තොරතුරු සදහා මා අමතන්න:

willforuawpresident@gmail.com.

Image courtesy of wsws.org

#CACPS #theSocialistLK

කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරි කමිටුවට සහය දෙමු, එය ගොඩනගමු! Read More »

පෙට්‍රෝලියම් වෘත්තීය සමිති සේවය කරන්නේ කාටද? තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය හා තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 02 කොටස

කොලඹ ක්‍රියාකාරී කමිටුව

නන්දන නන්නෙත්ති විසිනි 

Image
පෙට්‍රෝලියම් කම්කරුවන්ගේ උද්ඝෝෂනයක් 2022 අගෝස්තු 22

රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කිරීමේ කඩිනම් වැඩ පිලිවෙල යටතේ, ආරම්භක පියවර ලෙස, ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලිකරනය නො වැලැක් විය හැකි අවශ්‍යතාවක් බව ආන්ඩුව අවධාරනයෙන් කියා සිටී.  කම්කරුවෝ සිය රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමේ සක්‍ය වැඩ පිලිවෙලක් නැතිකමින් පීඩාවට හා වෙහසට පත්ව සිටිති. 

වෘත්තීය සමිති, මෑත මිල වැඩි කීරීම්වලින් පසු සංස්ථාව ලාභ ලැබීම, ඉදිරියේ දී තවත් ලාභ ලැබීමට එයට ඇති හැකියාව, විදේශ විනිමය උපයන මාර්ගයක් වීම හා ජාතික ආරක්ෂාවට සිදු විය හැකි බලපෑම වැනි කරුනු පෞද්ගලීකරනයේ අවාසි බව පෙන්වා දෙමින් ආන්ඩුවේ තීන්දුවට විරුද්ධ වී ඇත. 

එල්ටීටී ඊ සමග ගෙන ගිය යුද්ධයේ දී හමුදාවට තෙල් සපයමින්, තෙල් සංස්ථාව කල සේවය පෞද්ගලික සමාගම්වලින් අපේක්ෂා නො කල හැකි බව වැනි කරුනු සමිති නායකයන් විසින් මේ මොහොතේත් ගෙන හැර පානු ලබමින් සිටී. ඒ අර්ථයෙන් ගත් කල කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ අරගල ලෙයින් සහ යකඩින් මැඩීමට පොලිසියට හා හමුදාවට තෙල් සැපයීමත් ‘ජාතික ආරක්ෂාවට’ අදාල වැදගත් කටයුත්තක් ලෙස සලකා තෙල් වෘත්තීය සමිති වැඩ කර ඇත! සහනාධාර ඇතුලු ප්‍රතිසංස්කරන දිනා ගැනීමේ සිට සහනාධාර කප්පාදු කිරීමේ විවෘත ධනපති ඒජන්සි බවට වෘත්තීය සමිතිවල පරිවර්තනය තේරුම් ගැනීමට තවත් නිදසුන් අවශ්‍ය නැති තරම් ය.  

පෙර මෙන් වැඩ කරන ජනයාගේ උද්ඝෝෂන දරා සිටීමට ආන්ඩුවට හැකියාවක් නැත. ඒ වෙනුවට දැන් ක්‍රියාවට දමන කම්කරුවන්ට එරෙහි මරදනයට විවෘතවම බද්ධ වීම සමිති නායකයන්ගෙන් ආන්ඩුව අපේක්ෂා කරන සේවය යි. තෙල් සමිති නායකයන් 4 දෙනෙකු සමග නල පද්ධතියට අලාභහානි සිදු කිරීමට තැත් කිරීම වැනි බොරු චෝදනා මත තවත් 15 දෙනෙකු අනිවාර්ය නිවාඩු යවා සේවා ස්ථනයට ඇතුලු වීම තහනම් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් මගින් ආන්ඩුව නිකුත් කර ඇත්තේ එම නිවේදනයයි. සමතයක් සදහා මාර්තු 31 දින හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ නිල නිවසට බඩ ගෑම මගින් සමිති නායකයෝ තමන් රඳා පවතින්නේ කවර පන්තියක් මත ද යන්න නැවතත් තහවරු කලහ.  

මාර්තු 27 පිරවුම්හල් පෞද්ගලික සමාගම්වලට පැවරීමේ කැබිනට් පත්‍රිකාව සම්මත කරන මොහොතේත් වෘත්තීය සමිති නායකයන් සිටියේ තෙල් සංස්ථාව විකිනීමට ‘එරෙහි’  ඊනියා උපවාසයක හෝ සත්‍යග්‍රහයක නියැලීගෙන ය. මේ විකාරයට කම්කරුවෝ සහභාගී නො වූහ. සමිති නායකයන් සදහන් කලේ තමන් හිතා මතාම කම්කරුවන් සහභාගී කර නො ගත් බව ය. මෙයින් අංශ දෙකක් හෙලි විය. පලමුවැන්න කම්කරුවන් අරගලයෙන් ඉවත තබා ප්‍රශ්නය තමන් අතේ රදවාගෙන නිර්බාධිතව ඉදිරියට යෑමට ආන්ඩුවට අවස්ථාව ලබා දීම ය. අනෙක් අතට, අලුත් වටයකින් ආන්ඩුව ගෙන ආ පුද්ගලීකරන වැඩපිලිවෙලට වෘත්තීය සමිති නායකත්වය දැක්වූ විරෝධයේ ඇති ව්‍යාජත්වය හොඳින් දන්නා  කම්කරුවන් මෙම නිෂ්ඵල ක්‍රියාවට සහභාගී වීම ඒ වන විටත් ප්‍රතික්ෂෙප කර තිබිනි. 

ආන්ඩුව මෙවන් වෘත්තීය සමිතිවල කටයුතු මතින් ලද අවසරයෙන් සිය සූදානම තර කරගෙන පසු දින ම තෙල් කම්කරුවන්ට එරෙහිව කඩා පැන්නේ ය. සමිති නායකයන් හා සේවකයන් පිරිසකට වැඩපලට ඇතුලු වීම පවා තහනම් කර පොලීසිය හා හමුදාව පෙල ගස්වා, සීරුවෙන් තබාගෙන කම්කරුවන්ගෙන් වැඩ ගැනීමට ආන්ඩුවට හැකි වූයේ කුමන බලවේගයක් නිසා ද? කම්කරුවන්ට මෙය දරා සිටිය හැකි ද?  මේ ප්‍රශ්නවලට පිලිතුරු ලභා ගැනීම සදහා අපි තෙල් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වයේ ඉතිහාසය විමසා බැලිය යුතු ය.  

2003 වසරේ, ඒ වන විට වසර 40ක් සංස්ථාව සතුව පැවති ත්‍රිකුනාමලේ තෙල් ටැංකිවලින් 14ක් ලංකා අයිඔසී සමාගමට (LIOC) පවරන ලදී. ඉතිරි ටැංකි 85න් සංස්ථාවේ පූර්න හිමිකම ලෙස තබා ගත්තේ 24ක් පමනි. වැඩි ප්‍රමානය සංස්ථාව ඇතුලත් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යයි. තවත් අවුරුදු 20ක් ගෙවී ගියත් වෘත්තීය සමිතිවලට හෝ “දේශිය සම්පත් රැක ගැනීමේ” ජාතිකවාදී ව්‍යාපාර කිසිවකට එම පියවරයන් නතර කිරීමට හෝ ඒවා ආපසු හැරවීමට නො හැකි වූ බව ඔප්පු වී ඇත. වසරක් පාසා එකින් එක, පියවරින් පියවර ප්‍රද්ගලීකරනය සම්පූර්න කිරිම දෙසට ආන්ඩුව සමීප වූයේ ය. ඒ සෑම පියවරක දී ම සමිති අහිමි වූ දේ අමතක කිරීමට කම්කරුවන් මෙහයවීමේ වග කීමට උර දුන්නා පමනක් නො ව, ඉතිරියට එල්ල වන ප්‍රහාරවලට එරෙහි ප්‍රතිරෝධය දිය කර, වත්මන් ප්‍රහාර මාලාවට කම්කරුවන් ගොදුරු කලේ ය.  සමිතිමත් මැදිහත් වී කම්කරු පන්තියේ සටන් මගින් දිනා ගත් සහනාධාර අහෝසි කිරීමට පාලක පන්තිය හා පෙලගැසීම දැන් ඒවායේ කටයුත්ත වී ඇත.      

කොරෝනා වසංගතයත් සමග ආර්ථික අර්බුදය පුපුර ඉස්මත්තට පැමිනීම සමග ආන්ඩුවට දශක ගනනක් කල් පමා කල පෞදුගලීකරන පිලිවෙත් තව දුරටත් යටපත් කීරීමට නුපුලුවන් විය. බහු ජාතික සමාගම් අතට පත් වුවහොත් තෙල් මිල ඉතා ඉහල දැමීම සිදු කරන බැවින් සංස්ථාව පාඩු පිට පවත්වාගෙන ගිය ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් සහනාධාර අහෝසි කර මිල ගනන් ඉහල දමා හෝ පිරිපහදුව පවත්වාගත යුතු ය යි වානිජ හා කර්මාන්ත සේවා ප්‍රගතිශීලී සංගමයේ (ඛනිජ තෙල් ශාඛාව) සභාපති බන්දුල සමන් කුමාර යොජනා කලේ 2021 දී ය (ලංකාදීප, 2021 නොවැම්බර 15). වෘත්තීය සමිත්මත් මැදිහත් වී කම්කරු පන්ති සටන් මගින් එක් කලෙක දිනා ගැනුනු සහනාධාර අහෝසි කිරීමට වෘත්තීය සමිති ම මැදිහත් වීම මගින් පිලිබිඹුවූයේ පන්ති අරගලයේ රූපවල තීරනාත්මක පරිවර්තනයක අවශ්‍යතාවය මතුව ඇති බව ය.   

2022 අගෝස්තු 12 දින 2002 ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවධාන) පනත සංශෝධනය සදහා වූ කෙටුම්පත ගැසට් කලේ වත්මන් පුද්ගලීකරන වැඩපිලිවෙලේ තීරනාත්මක ඉදිරි පියවරක් ලෙස ය. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊට එරෙහි පැන නැගි කම්කරුවන්ගේ විරෝධතා “අමාත්‍යංශය දැනුවත් කිරීම” සදහා යවන ලිපිවලට, ධනපති උසාවියට හා දේවාලවලට කන්නලව්කිරීම වෙත හරවා යවන ලද්දේ ය. 

සැප්තැම්බර් 20 දින මුන්නේස්වරම් කෝවිලට හා සීනිගම දේවාලයට කන්නලව්වකට සහභාගී වූ සමිති එකමුතුවේ සාමාජකයෙකු වන, ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයෙන් මෙහෙයවන ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, අශෝක රංවල, මේ කන්නලව්ව ගැන වාර්තා කල, ලංකාදීප පුවත්පතට මෙසේ ප්‍රකාශ කර තිබිනි: “අපේ රටට සම්පතක් වෙලා තිබුනු ඛනිජ තෙල් සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. මේ පිලිබද වග කිව යුතු අංශ දැනුවත් කරමින් කියා සිටියා, කරන්න යන වැඩේ නො කල යුතු බව.” කෙසේ වෙතත් මුන්නේස්වරමේ සහ සීනිගම වැඩ වසන දෙවිවරු දැනුවත් වී නැති හැඩ ය. අමු ම අමු වංචාවකි! “සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා” යි රන්වල කම්කරුවන්ගේ ඇස් ඉලක්කයෙන් ඉවත හරවන්නේ ය. නමුත් සංස්ථාව හා එහි කම්කරුවන් ගොදුරු වන්නේ ධනවාදයේ ගැඹුරු වන අර්බුදයට ය. 

Image
අශෝක රංවල

කෙසේ වෙතත් අමාත්‍යංශය තමන් දැනුවත් කිරීමට ප්‍රතිචාර දැක් වූයේ අත්‍යවශ්‍ය සේවා පනත යටතේ ඛනිජ තෙල් සේවකයන්ට රැකියා ස්ථානය තුල රැසවීමට ඇති අයිතිය අහිමි කරන චක්‍රලේඛයක් නිකුත් කරමිනි. රාජකාරියට බාධා කිරීම ලෙස කම්කරු විරෝධතා නම් කල එම චක්‍ර ලේඛය මගින් හදිසි රැස්වීම් විසිර වීමට ආරක්ෂක අංශයට බලය පවරා අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට කැඳවන ලදී.

එම ඔක්තෝම්බර් 18, තාක්ෂනික සේවකයෝ, ලිපිකරු, ඉන්ජිනේරු යනාදී සංස්ථාවේ සෑම අංශයකම සේවකයෝ, අත්‍යවශ්‍ය සේවා  නියෝග නො තකා, ඒකාබද්ධ වැඩ වර්ජනයක් ඇරඹූහ. සමිති එකමුතුව එදින දහවල් 12ට එය අවසන් කල අතර ආන්ඩුව ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධවිධාන) පනත එදින ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ ය. ඉන්ධන ආනයන හා බෙදා හැරීම සදහා ඒ වන විට බලපත්‍ර හිමිව සිටි තෙල් සංස්ථාව සහ ඉන්දියානු සමාගමට අමතරව වෙනත් පාර්ශව සදහා ඉදිරියේ දී බලපත් නිකුත් කරන බව ඇමති කියා සිටියේ ය.

බලශක්ති ඇමති විජේසේකර 2023 මාර්තු 14 දින වෘත්තීය සමිති කැදවා තෙල් සංස්ථාව කොටස් වශයෙන් පෞද්ගලික සමාගම්වලට පවරන බව නිවේදනය කලේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙකු වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛා සභාපති ජගත් විජයගුනරත්න සදහන් කලේ ඇමති විජේසේකර විසින් සාකච්චා ඉල්ලා වෘත්තීය සමිති කල ආයාචනා මාස 8ක් තිස්සේ ම කුනු කූඩයට දමන ලද බව ය. 14 දා හමුවේ දී  කවුරු විරුද්ධ වුනත් සමාගම්වලට පවරන එක කරනවා යි ඇමති විජේසේකර වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කර ඇත. 

“දැං අපි සේවකයන්ට දෙන උත්තරේ මොකක් ද? ඒ නිසා තමයි වෘත්තීය සමිති එකතු වෙලා මේකට මොකක් හරි කරන්න ඕන නිසා සත්‍යක්ග්‍රහයක් ආරම්භ කලේ” අප්‍රේල් 4 සිරස “සටන” වැඩ සටහනට සහභාගි වූ විජයගුනරත්න තව දුරටත් සදහන් කලේ ය. 

එම සාකච්චාවේ දී, සමගි ජන බලවේගයේ ප්‍රධනියෙකු වන, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු හා සභාපති ආනන්ද පාලිත  වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ආරම්භ කලේ “ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකය පිලිබද ප්‍රශ්නයට හැකි පමනින් දායක වීම සදහා ය.” අද ජාතික ආර්ථිකයේ ආරක්ෂාව යනු අන් කිසිවක් නො ව පෞද්ගලීකරනය ම ය. 

කෙසේ වුවත් ඔහු සාකාචඡාවේදී වැදගත් තිත්ත සත්‍යයක් හෙලි කලේ ය. ඒ තම තමන්ගේ පක්ෂ ආන්ඩු කරන කාලවල දී, තෙල් සංස්ථාව පෞද්ගලීකරනයට එම ආන්ඩු ගත් පියවරයන්ට එම ආන්ඩුවලට අයත් වෘත්තීය සමිති විරුද්ධ නො වූ බව ය. පොදු ජන පෙරමුනේ සමිති නායකයා සමන් කුමාර තමන් එවක අධ්‍යක්ෂක මන්ඩලයේ සිටි බවත් ආන්ඩුවේ යෝජනාවට විරුද්ධ නිසා එයින් ඉවත් වූ බවත් කියා ඇඟ බේරා ගැනීමට උත්සාහ කල ද වෘත්තීය සමිතිවලට එලල් වූ චෝදනාව ප්‍රතික්ෂේප නො කලේ ය. 

තම සාමාජිකයන්ගේ තහනම ඉවත් කිරීමට ජනාධිපති වික්‍රමසිංහ සමග ගනුදෙනුවක් කපුකම් කිරීම සඳහා හිටපු ජනාධිපති රාජපක්ෂට ආයාචනා කල පොදු ජන ප්‍රගතිශීලී සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාරට  “ප්‍රශ්නය වී ඇත්තේ 225 එපා කී මේ රටේ ජනතාව දැන් 225 කියන දේ අහගෙන සිටීම ය.” ඉහත කී රූපවාහිනී වැඩ සටහනට සහභාගී වෙමින් තමන් වෘත්තීය ක්‍රියා මාර්ගයක් නො ගැනීම ‘රටේ ජනතාවගේ’ මෙම හැසිරීම නිසා යැයි යුක්ති සහගත කරමින් මුසාවක් ඇද බෑවේය.  

දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආන්ඩුව පලවා හැරීමට පෙරමුනට පැමින ජනාධිපතියෙකු පන්නා දමා ඉන් එහා පැහැදිලි ක්‍රියා මාර්ගයක් හෝ නායකත්වයක් නැතිවත් මාස ගනනක් අරගලයේ රැදී සිටියහ.  සංවිධිත කම්කරුවන් ඊට සහභාගී විමට ගත් සෑම අවස්ථාවකදීම දැනුවත්ව බාධා කරමින් ආන්ඩුව රැක ගැනීමට වැඩ කල හා මහජන ව්‍යාපාරයට වෛර කල පොදු ජන පෙරමුනේ නායකයෙකු වන සමන් කුමාර ඇතුලු වෘත්තීය නායකයෝ සහ සෙු අවස්ථාවාදියෝ රනිල් වික්‍රමසිංහ තන්ත්‍රය බලයේ පිහිටවූහ. “හැම කෙනෙක්ම දන්නවා අපි මේ ආන්ඩුව බලයට පත් කරන්න වැඩ කල බව,” කුමාර ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවලදී පුනරුච්ඡාරනය කලේ ය. දැන්, “රටේ ජනතාව දැන් 225 කියන දේ අහගෙන සිටීම” ගැන මහජනතාවට දෙස් දෙන්නේ මොවුන්ය. 

“මාස දෙකකට කලින් කැබිනට් පත්‍රිකාව එන බව දැනගෙන මෙය නො කරන ලෙසත්, එසේ කලොත් කෙටි දැනුම් දීමකින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා කියා අමාත්‍යවරයා දැනුවත් කල” බවත් රංවල සඳහන් කලේය.  ඒ අතින් නම් රන්වල මහතා යුතුකම් දන්නා මිනිහෙකි. කම්කරුවන් අදුරේ තබා පාලකයන් දැනුවත් කිරීම! අනික් බොහෝ නායකයන්ට මෙන් ම මොහුට අනුව ද පෞද්ගලීකරනය යනු හොරකම් කල මුදල් යොදාගෙන ව්‍යාපාර කිරීමටත්, කොමිස් ගැසීමටත්, තව දුරටත් සොරකම් කිරිමටත් ආන්ඩුවේ මිත්‍රයන්ට අවස්ථාව දීමේ ක්‍රියාවකි. 

ඓතිහාසිකව නිර්නය වූ පන්තිමය දේශපාලන ප්‍රශ්නවලින් වැඩකරන ජනයා ඉවතට හැරවීම හැර මෙබදු ප්‍රකාශයන්ට වෙනත් අර්ථයක් නැත. මේ වනාහී ධනවාදයේ කුනු වීම පිලිබද ප්‍රශ්නයකි. එයට ආවේනික හොරකම දූෂණය විශේෂයෙන් ඉස්මතුවනනේ ද එම කුනුවීම තුලින් ම ය. සත්‍ය නම් ධනවාදී පාලනයේ ම අවශ්‍ය කොටසක් ලෙස පැවති වෘත්තීය සමිති ද ධනවාදය සමග ම කුනු වී ඇති බව ය.  

රංවලගේ මෙම ප්‍රකාශය ඉහත ක‍ී තත්වයේ පිටාර ගැලීමකි: “සත්‍යග්‍රහයට වාඩි වුනේ ජනතාව අපහසුතාවට පත් නොකර කැබිනට් පත්‍රිකාව ගේන්න කලින් අමාත්‍යවරයා අප සමග සාකච්ඡාවක් ගනී කියා විශ්වාස කරල යි. … වග කිව යුතු ඇමතිවරයෙක් නම්, වෘත්තීය සමිති නායකයෝ සත්‍යක්ග්‍රාහයට වාඩි වෙලා ඉන්න කොට අනිවාර්යයෙන් ම අපිත් එක්ක සාකච්ඡා කරන්න එපා යැ.” මොහු සෙසු පක්ෂවල සමිති නායකයන් සමග සන්ධානය ගැන කීවේ, “අපට ඇත්තටම එකතු වෙන්න බෑ. රට වෙනුවෙන් හිතල එකතු වෙලා තීරනයක් ගත්තා උපවාසෙට වාඩිවෙන්න.” රංවල කුමක් කීවත් වෘත්තීය සමිති නායකයන් ධනේශ්වර ජාතික ආරක්ෂාවෙන් හෙවත් ජාතිකවාදයෙන් එකට බැද දමා ඇති බව පැහැදිලිය. වෘත්තීය සමිතිවල ඉරනම තීන්දු වී ඇත්තේ ද හරියටම මෙතැනිනි.

දැන් අප පැහැදිලි සත්‍යක් අත් දැක ඇත්කෙමු. 1970 ගනන් අග දී, සිදු වූ ධනවාදී සමාජයේ නිෂ්පාදන බලවේගවල නව වර්ධනය ලෝක නිෂ්පාදනය ජාත්‍යන්තරීකරනයට පාත්‍ර කල අතර එය මහා සංගත රටවල් තුලට කඩා වැදීමට ද පන්ති සබඳතා තීරනාත්මක ලෙස වෙනස් කරමින් පන්ති අරගලය තියුනු මට්ටම්වලට නැංවීමට ද මග පාදා ඇත.

ධනවාදය සිය නිෂ්පාදනය ජාත්‍යන්තරව සිදු කරන බැවින් පන්ති අරගලයට ජාතික ක්‍රියා මාර්ගයක් වලංගු නැත. මේ තත්වය තුල පන්ති අරගලය ජාතික තලය තුල කිරීමට හුරු පුරුදු ව්‍යාපාරවලට තව දුරටත් ප්‍රතිසංස්කරන සදහා බල පෑමක් කල නො හැකි ය. මේ නිසා වෘත්තීය සමිතිවලට පැවැත්මක් නැති අතර ඒවා පවතින්නේ ධනපති හාම් පුතුන් වෙනුවෙන් වැඩ කරන විවෘත ඒජන්තයන් ලෙස ය. ඒ ඒවායේ ඉරනමයි.        

කම්කරු පන්තියට විකල්ප සංවිධාන රූප හා දේශපාලන බලය පිලිබඳ වැඩපිලවෙලක් අවශ්‍යව ඇත්තේ එබැවිනි. 

(තෙවන කොටසින් පෙට්‍රෝලියම් කම්රුකරුවන්ට තත්‍ය ක්‍රියාමාර්ගයක් පිලිඹදව)

Image courtesy of wsws.org, Unions Lanka fb

#CACPS #theSocialistLK

පෙට්‍රෝලියම් වෘත්තීය සමිති සේවය කරන්නේ කාටද? තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය හා තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 02 කොටස Read More »

තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය සහ තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 01 කොටස

කොලඹ ක්‍රියාකාරී කමිටුව

නන්දන නන්නෙත්ති විසිනි.

Image
ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යෝජනාවලට අනුව, ආරම්භක අදියරේ දී, රාජ්‍ය ආයතන 7ක්  හෝ 8ක් ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩිනම් වැඩ පිලිවෙල යටතේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොටස් වශයෙන්  පෞද්ගලික සමාගම් සතු කිරීමේ කැබිනට් පත්‍රිකාව මාර්තු 27 දින සම්මත කරනු ලැබ ඇත. මේ වනාහී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත 2022 ජුනි මාසයේ ගනු ලැබූ අමාත්‍ය මන්ඩල තීන්දුවකි. (ආයතන 120ක් මෙසේ ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා වී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.)

අමාත්‍ය මන්ඩල තීරන පරිදි “2022 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන ) (සංශෝධිත) පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් නිෂ්පාදන, ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම හා විකිනීම සදහා පහත සදහන් ආයතන සමග ගිවිසුම්ගත වීම… අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කරන ලදී.” 

ඒ අනුව චීන සයිනොපෙක් ෆුවල් ඔයිල් පෞද්ගලික සමාගම (Sinopec), ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම (United Petroleum), එක්සත් ජනපදයේ ආර්.එම්. පාර්ක්ස් සමාගම (R.M. Parks) යන මේ ව්‍යාපාරවලට සංස්ථාව සතු පිරවුම්හල් 150 බැගින් වසර 20ක පරිහරනය සදහා පවරා දෙනු ඇත.   

පුද්ගලීකරනයට එරෙහි තෙල් කම්කරුවන්ගේ ප්‍රබල විරෝධය වෘත්තීය සමිති විසින් දියකර හරිනු ලැබීමේ වසර ගනනක අද්දැකීම් මේ තීරනාත්මක අවස්ථාවේ කම්කරුවන් වික්ෂිප්තභාවයට ඇද දමා ඇත.

වෘත්තීය සමිති පසු දින, (28) දහවල්, ආන්ඩුවේ තීන්දුවට විරෝධය පෑම සඳහා ඉබාගාතේ කැදවූ වර්ජනයට අවශ්‍ය කම්කරු සහාය ලබාගත නො හැකි විය. එම අවස්ථාවේ දී සමිතිවල හැසිරීම, තෙල් කම්කරුවෝ ආන්ඩුවේ මර්දනකාරි පාලනයේ ගොදුරක් බවට පත් කරනු ලැබීමේ අවස්ථාවක් උදා කලා පමනි. 

බල ශක්ති ඇමති කාන්චන විජේසේකර, කම්කරු විරෝධතා පාලනය කිරීම උදෙසා වෘත්තීය සමිති හාම්පුතුන් සමග ඇති කරගත් ගිවිසුම් කෙල පිඩක් තරමටවත් තැකුවේ නැත. “මම සාමූහික ගිවිසුම කඩනවා” යි, ඔහු ගුගුලේ ය. 

එසේ කරන්නේ “ඒකාබද්ධ ගිවිසුම් තිබෙන විට වැඩ කරන පුද්ගලයින්ටයි, නො කරන පුද්ගලයින්ටයි එක හා සමානව සැලකෙන නිසා”යයි ඔහු කීය. ඒ වෙනුවට කාර්යක්ෂමතාව මත පදනම් වූ වැටුප්, ප්‍රසාද දීමනා හා උසස් වීම් යන කරුනු ඉදිරියේ දී සලකා බැලෙනු ඇත. මේ කියන්නේ දැනටමත් නිදහස් වෙලඳ කලාපවල පවතින සූරා කෑමේ වහල් කොන්දේසි දිවයින පුරා කර්මාන්තවල ක්‍රියාකාරීත්වයේ ආදර්ශය බවට පත් කෙරෙන බව ය.

ඇමතිට අනුව ආයතන කඩා වැටී ඇත්තේ, වෘත්තීය සමිති නිසා  “ආයතනවල විනය පිරිහී ආයතන ප්‍රධානීන්ට ආයතන පාලනය කිරීමට බැරි වී තිබෙන” බැවින් ය. ඒ නිසා පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත් කිරීමේ දී  මානව සම්පත් විනයගත කිරීම පලමු කොන්දේසිය වන බව ඇමති නො වලහා සඳහන් කලේ ය. “රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වෙනකොට අනිවාර්යයෙන් වෘත්තීය සමිති කියා එකක් නැති වෙනවා” යි ඇමති කිහිප වරක් ම තහවුරු කලේ ය.

වෘත්තීය සමිති නායකයන් කෙරේ මහජනතාව  තුල ඇති විරුද්ධත්වය ගසා කෑමට තැත් කරමින් ඇමති  විජේසේකර කරුනු කිහිපයක් ගෙනහැර පෑවේ ය. ඒවා මෙසේ ය: වෘත්තීය සමිති නැති වූ විට සමිති නායකයන්ට පැවැත්මක් නැති වේ, සේවයෙන් නිදහස් වී වැටුප් ලභා ගැනීමේ අයිතිය අහිමි වේ, ස්ථාන මාරු මන්ඩලවල වාඩිවීමේ අයිතිය අවලංගු වේ. 

මේ අතර සමිතිවලට ලබා දුන් වාහන හා ඉන්ධන දීමනා නතර කරන ලදී. වෘත්තීය සමිති නායකයන්ට මෙයින් බොහෝ පාඩු සිදුවන්නේ ය යන සත්‍ය බැලූ බැල්මට පෙනී යන දෙය වුවත්, යථාර්ථයේ දී මෙය සමිති නායකයන් පිලිබඳ කරුනක් නො වන බව අප වටහා ගත යුතු ය. ඛනිජ තෙල් සේවකයන්ට රැකියා ස්ථානය තුල රැස්වී සාකච්ඡා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරමින් චක්‍රලේඛයක් 2022 ඔක්තෝබර මාසයේ පාලනාධිකාරය විසින් නිකුත් කරන ලදී. 

කම්කරු පන්ති සටන් මගින් අතීතයේ දී දිනා ගත් සියලු වරප්‍රසාද අහිමි කිරීම පුද්ගලීකරනයේ අත්‍යවශ්‍යතාවකි. ඒ තුල කම්කරුවන්ට සිය අයිතීන් වෙනුවෙන් සංවිධානය වීමට හෝ ඒවා සදහා සටන් කිරීමට මොන ම ඉඩක්වත් පෙර පරිදි ලැබෙනු නැත. ඇමති  කියන්නේ ඒවා පාලන අධිකාරයට අයත් වැඩ බව ය. “ඒවා කරන්නට මානව සම්පත් දෙපාර්තමේන්තුවක් හැම ආයතනයකම තියෙනවා” යි ඔහු කියයි. එනම් පාලකයන්ගේ අත්තනෝමතිකත්වය පිලි ගැනීම හැර කිසිදු විරෝධයකට ඉඩක් නැත.

28 රාත්‍රියේ ම ආයතනයේ කටයුතු නිර්බාධිතව පවත්වා ගැනීම, එනම් කම්කරුවන්ගෙන් එල්ල විය හැකි අභියොගය පූර්ව භංග කිරීම සදහා තෙල් පර්යන්තවලට යුද හමුදාව යොදවන ලදී. තෙල් බවුසර් ගමනාගමනයට හා තෙල් පිරවීමේ කටයුතුවලට බාධා පැමිනීම වැලැක්වීමට එම පියවර ගත් බව හමුදා ප්‍රකාශකයා මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. කල් ඇතිව සූදානම් ව සිට සිදු කල මේ ක්‍රියාවන්ට එරෙහිව කිසිදු බලපෑම් සහිත දෙයක් කිරීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නො තිබිනි.

Image
තෙල් ටැංකි ප්‍රවාහනය සඳහා මිලිටරිය මැදිහත් වෙයි

උද්ඝොෂනයට සහබාගී වූ වෘත්තීය සමිති නායකයන් ඇතුලු 20 දෙනෙක් අනිවාර්ය නිවාඩු යවන ලදහ. ඔවුන්ට තෙල් සංස්ථා පරිශ්‍රයන් තහනම් කෙරුනි. ඇමතිගේ ප්‍රකාශයට අනුව උද්ඝෝෂනයට සහභාගී වූ සියලු දෙනාට අත්‍යවශ්‍ය සේවා නියෝග උල්ලංගනය කිරීම යටතේ නඩු පැවරීමට නියමිත ය. දැන් බලහත්කාරයට හා තර්ජනයට යටත්ව වැඩ කිරීමට කම්කරුවන්ට සිදු වී ඇත. 

මෙසේ සිය ජීවනෝපායන් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීම සදහා වැඩකරන ජනතාවගේ අරගල  කඩාකප්පල් ක්‍රියා ලෙස නම් කර පහර දෙන ආන්ඩුව සහ සෙසු දක්ෂිනාංශික බලවේග ඉල්ලා සිටින්නේ දේශීය හා ජාත්‍යන්තර ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් දිවි දෙවෙනි කොට වැඩ කිරීම හැර අන් කිසිවක් නො වේ. එයින් පීඩිත ජනයාගේ ජීවත කඩාකප්පල් වීම අදාල වන්නේ වැඩ කරන ජනයාට පමනි. 

මේ අතර ධනපති මාධ්‍ය විශේෂ සාකච්ඡා මෙහයවමින් අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකරන්නන්ට අවුරුදු දෙකේ සිට පහ දක්වා සිර දඩුවම්, නිශ්චල හා චංචල දේපොල රාජසන්තක කිරීම හා රැකියා අහිමි වීමට මුහුන දිය යුතු ය යි ත්‍රස්ත කිරීමේ ව්‍යාපාරයක් ද දියත් කර ඇත.

ආන්ඩුව දැන් යෝජනා කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත, වැඩ කරන ජනයා මත සමස්ථ අරබුදයේ බර හෙලන, අයිඑම්එෆ් ආර්ථික පිලිවෙත ක්‍රියාවට දැමීමට එරෙහි සෑම ප්‍රයත්නයක් ම ත්‍රස්ථවාදී ක්‍රියාවක් ලෙස නම් කර මර්දනය කිරීම පිනිස ය.

පසුගිය සිකුරාදා (31) අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකදී මිලිටරි ප්‍රධානියා වශයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අමතමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල ප්‍රකාශය කම්කරු මහජනතාව බැරෑරුම් ලෙස ගත යුතුය. ගිය වසරේ මහජන අරගල මර්දනය කිරීම සම්බන්ධයෙන් මිලිටරිය හා පොලීසිය පැසසුමට ලක්කල වික්‍රමසිංහ කියා සිටියේ ‘ත්‍රස්තවාදය’ සාර්ථක ලෙස අවසන් කල අයුරින්ම ආර්ථික යුද්ධයද ජයගන්නා බවත්, “මම ජනාධිපති ලෙස ඉන්කනම් නීතිය සාමය කඩන්න මම ආපහු ඉඩ දෙන්නෙ නෑ” ලෙස ය. මේ ‘නීතිය’ නම් අන් කිසිවක් නොව IMF හි කප්පාදු නියෝගයි. 

අමතර බල ඇනියක් ද පෙරමුනට කැදවනු ලබමින් සිටී. කම්කරුවන් ඉහල වැටුප් ලබන බවත්, අවංකව වැඩ නොකර රටේ ආර්ථිකය බිද දමනා බවත් වැනි අවලාදවලින් අවුස්සා, අවස්ථාවාදී මධ්‍යම පන්තික හා පසුගාමී සමාජ බලවේග වැඩකරන ජනයාට එරෙහි ලේ වැකි ව්‍යාපාරයක් ලෙස මෙහයවා ගැනීම සදහා ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ද යොදාගෙන ඇත. බෞද්ධ භික්ෂූන්, දේශපාලනඥයන් ඇතුලු ප්‍රතිගාමී කන්ඩායම් ගනනාවක් මෙම දක්ෂිනාංශික පෙරමුනේ වැඩ කරති.

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රනවක මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ අනතුරු ඇගවූයේ ය. “ මතක තියාගන්ඩ ඉතා බලගතු ආන්ඩුවක් පලවා හැරපු ජනතාවක් මේ රටේ ඉන්නෙ. ඒ ජනතාව වෘත්තීය සමිති ගැනත් ඒ ආකාරයෙන් ම ක්‍රියා කරන්න බැරිකමක් නෑ. ඒ නිසා මේ අයිඑම්එෆ් එක පෙන්නා හෝ බඩු මිල නවත්තන්න බැහැ කියා කටයුතු කරන්න බැහැ වගේ ම, සේවා නවත්වන්න, ඒවා අඩාල කරනවා කියන තර්ජනයෙන් වෘත්තීය සමිතිවලටත් මේ රට කරන්න බෑ.” 

රනවක මෙවැනි කන්ඩායම් අතර එක් අයෙක් පමනි. මොහු 2017 මැයි දිනයේ දී මෙසේ කියයි. “වැඩ වර්ජනවලින් පතුලටම එරී සිටින කොලඹ වරාය නැවත මුල් තැනට ගේන්න අපට අවශ්‍යයි. කොලඹ නගරයේ රත්තන්ට වැඩ වර්ජන බෑ.”

1988-89 ජවිපෙ ඝාතන ව්‍යාපාරයේ සිට “ජනතා මිතුරෝ” නම් වර්ගවාදී සංවිධානය ගොඩ නගා, 1988 දී ත්‍රස්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරය, 2014 ජාතික හෙල උරුමය යන කුප්‍රකට ප්‍රතිගාමී සංවිධාන ගොඩ නගා වර්ගවාදය හා කම්කරු විරෝධය උසි ගැන් වූ, පසුගිය දසක දෙක තුල, මෙරට සිදු වූ  දෙමල හා මුස්ලිම් විරෝධී ජන ඝාතනවලට වග කිව යුතු හා ෆැසිස්ට් ව්‍යාපාරයකට අවශ්‍ය මොහොතක යොදා ගත හැකි අවස්ථාවාදියෙකි, රනවක. 2001 සැප්තැම්බර් 5දා ශ්‍රී ලංකා ෆස්ට් සාම උද්ඝෝෂනයට කඩා වැදී, ඊට සහභාගී වූ අයට පහර දී විසුරුවා හැරීමට මැර කල්ලියක් කොලඹ නගරය පුරා මෙහයවීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී මැරකම් සම්බන්ධ වාර්තාවක් ඔහු සතු ය.      

මෙවන් අභියෝග නො තකා තෙල් කම්කරුවන් ඇතුලු සමස්ථ කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමේ අරගලයට අඩියක්වත් එසවිය හැකි නො වේ.  

(මෙම ලිපියේ දෙවන කොටසින් වෘත්තිය සමිතිවල පදනම් හා ක්‍රියාකලාපය ගැන ලියවේ)

#CACPS #theSocialistLK 

තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය සහ තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 01 කොටස Read More »

ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජිත ත්‍රස්තවාදී පනත හකුලා ගනු!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ගැසට් කර ඉදිරිපත් කර ඇති නව ‘ත්‍රස්ත වරෝධී’ පනත් කෙටුම්පත සම්බන්ධව නීතීඥ සහ කොලඹ ක්‍රියාකාරී කමිටුවේ සභාපති සංජය ජයසේකර සිරිස ටීවී හි “ජාතික මෙහෙවර” වැඩසටහනේ දී 2023 මාර්තු 31 ඉදිරිපත් කල අදහස් වල සම්පූර්න වීඩියෝ පටය මෙහි පලවේ. 

ජයසේකර එහිදී කෙටුම්පතේ විධිවිධාන වල ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පැහැදිලි කර යි. එය පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුලත් කිරීමෙන් පසු සති දෙකක් තුල නීතිමය වශයෙන් යමෙකුට එය අභියෝග කල හැකිය. 

යෝජිත නීතියේ දේශපාලන අර්ථය විභාග කරමින් මෙවැනි මර්දක නීති වල ජාත්‍යන්තර සංදර්භය හා එයට ලංකාවේ පන්ති අරගලයට ඇති සම්බන්ධය පැහැදිලි කලේය. 

වික්‍රමසිංහගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට හා සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව කම්කරු මහජනතාවට තමන්ගේම වැඩපිලිවෙලක් ඇති බවත් තමන් දේශපාලනිකව අස්වාමිකව නැති බවත් ඔහු පැහැදිලි කලේය. 

සම්පූර්න කතාව අසන්න. https://youtu.be/b2yMiCkQiyM 

#CACPS #theSocialistLK #RepealPTA

ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජිත ත්‍රස්තවාදී පනත හකුලා ගනු! Read More »

කම්කරුවනි, මාධ්‍යවේදීන්ට හා උද්ඝෝෂකයන්ට එරෙහි පොලිස් ප්‍රහාර හෙලා දකිමු! රාජ්‍ය මර්දනය පරාජය කරමු!

කොලඹ ක්‍රියාකාරී කමිටුව

Image

පසුගිය වසරේ අද වැනි දිනක හිටපු ජනාධිපති ගේඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ඉදිරිපිටින් පැන නැගුනු මහජන අරගල මාලාව සිහිපත් කිරීම සඳහා අද සවස එම ස්ථානයේම රැස්වුනු උද්ඝෝෂකයන්ට එල්ල කල ආන්ඩුවේ පොලිස් ප්‍රහාරය කොලඹ ක්‍රියාකාරී කමිටුව හෙලා දකී.

ජුබිලි කනුව ආසන්නයට රැස්වූ උද්ඝෝෂකයන්ගේ සටන් පුවරු ඉරා දැමූ පොලීසිය ඔවුන් නුගේගොඩ දෙසට එලවා  දැමීය. පසුගිය වසරේ ගාලුමුවදොර “ගොඨාගෝහෝම්” අරගවල පෙරමුනේ සිටි තරුන කන්ඩායම් වල සාමාජිකයන් කිහිප දෙනෙකු අද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබනි. ඒ අතර “තාරුන්‍යායට හෙටක්” සංවිධානයේ ලහිරු වීරසේකර, අනුරුද්ධ බන්ඩාර හා ධානිෂ් අලි යන අය ද විය. අත්අඩංගුවට ගැනිමට පෙර උද්ඝෝෂකයන්ට පොලීසිය අතින් පයින් පහර දුන්හ. 

උද්ඝෝෂනය ආවරනය කරමින් සිටි කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් හා lankaskynews.com වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ වන ශාන්ත විජේසූරිය සහෝදරයා එවන් පහරදීමක් ජායාරූපගත කරමින් සිටියදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ඔහුව වටකර, අල්ලා බිම ඔබා පහරදුන් අතර ඔහුගේ කමිසය ඉරා දැමූහ.  උසස් පොලිස් නිලධාරියෙක් සුපුරුදු පරිදි චෝදනා කලේ ඔහු පොලිසියේ රාජකාරියට බාධාකල බවයි.

පොලීසිය සිරස මාධ්‍යවේදී වින්ධන ප්‍රසාද් කරුනාරත්නට ද බැන තර්ජනය කලහ.

අත්අඩංගවට ගනු ලැබූ සියලු උද්ඝෝෂකයන් පසුව පොලිස් ඇප මත නිදහස් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ලංකා ආර්ථිකය විවෘත කිරීමට සපථ කර සිටින ජනාධපති රනිල් වික්‍රමසිංහ නැවත නැවතත් අවධාරනය කර ඇති පරිදි එම වැඩපිලිවෙලට හරහට හිටින කිසිදු විරෝධතාවයකට අවසර නැත. නියමිතව තිබූ මැතිවරන කල් දමා ඇති ආන්ඩුව පාර්ලිමේක්තු ප්‍රජාතන්ත්‍රවාදය අහවර බව නිවේදනය කර ඇත. වික්‍රමසිංහ තනමින් සිටින්නේ මිලිටරිය, පොලීසිය හා සිරකඳවුරු මගින් තහවරු කරගැනුනු ජනාධිපති ආඥාදායකත්වයකි. 

කැකෑරෙන මහජන විරෝධය මතුපිටට මතුවන කුඩා හෝ විරෝධතාවයක් මහා ගින්නක් බවට පෙරලීම වැඩි ඈතක නොවන බව දන්නා ආන්ඩුව සෑම ගිනි පුලිඟුවක්ම නිවා දැමිමට කැප වී ඇත.

ආන්ඩුවේ මර්දනය වෘත්තීය සමිති හා කම්කරු නායකයන් වෙත දැනටමත් එලල කර ඇත. පුද්ගලීකරනය වෙනුවෙන් මධ්‍යම පන්තියේ කොටස් එම ප්‍රතිගාමී ප්‍රහාරයට රැලිකර ගැනීම සඳාහා ආන්ඩුව ධනපති විද්‍යුත් මාධ්‍ය, චින්තන පර්ෂධ හා පුවත්පත් ගනනාවක්ම සේවයේ යොදවා තිබේ. 

වික්‍රමසිංහ  ආන්ඩුවේ මෙම මර්දනය හා සමාජ ප්‍රති විප්ලවය පරාජය කල හැක්කේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෑම කර්මාන්තශාලාවකම, සේවා ස්ථානයකම කම්කරුවන් වන අප, රට පුරා කම්කරුවන්,ගොවීන් හා දුප්පතුන් සංවිධානය කරමින් මහා වැඩවර්ජනයක් හා දේශපාලන බලය අප අතට ගැනීම සඳහා කරනු ලබන මහජන අරගලයක් මගින් පමනි. 

ඒ සඳහා පලමු හා අත්‍යවශ්‍ය පියවර ලෙස අපගේ ඉල්ලීම් ජයග්‍රහනය තෙක් සටන් කිරීම සඳහා සෑම වැඩපොලකම, ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා දැන්ම වැඩ අරඹමු යැයි කොක්‍රික සහෝදර කම්කරු මහජනතාවට යෝජනා කර සිටි. 

31 මාර්තු 2023

#CACPS #theSocialistLK 

කම්කරුවනි, මාධ්‍යවේදීන්ට හා උද්ඝෝෂකයන්ට එරෙහි පොලිස් ප්‍රහාර හෙලා දකිමු! රාජ්‍ය මර්දනය පරාජය කරමු! Read More »

රාජ්‍ය අංශයේ සමස්ත වැඩ වර්ජනයක් සඳහා සහ ඉන් ඔබ්බට! ස්වාධීන කුියාකාරී කමිටු ගොඩනගනු!

මෙහි පලවන්නේ ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය For an all-out strike in the public sector and beyond! Build independent rank-and-file committees යන සිරසින් යුතුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 30 දින පල කල ප්‍රකාශය යි. පරිවර්ථනය සංජය ජයසේකර විසිනි.

Image

දුම්රිය කම්කරුවන්ගේ සහ රාජ්‍ය අංශයේ සඳුදා පැවති ඒකාබද්ධ වැඩ වර්ජනය කම්කරු පන්තියේ අධිෂ්ඨානය සහ දැවැන්ත සටන් බලය පෙන්නුම් කර ඇත.  පොදු ප්‍රවාහන සේවයේ, කසළ එකතු කිරීමේ, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සහ රෝහල්වල සේවකයන් නොමැතිව රට අකර්මන්‍යව පවතී.  එහෙත් ඔවුන්ගේ සටන් බලය වර්ධනය කර ගැනීම සඳහා කම්කරුවන් ගැටුමේ මූලික ස්වභාවය තේරුම් ගත යුතුය.

රාජ්‍ය අංශයේ සහ විශාල අර්ධ රාජ්‍ය සංගත වන ඩොයිෂ් පෝස්ට් සහ ඩොයිෂ් බාන් හි වසර ගනනාවක කප්පාදු හා ප්‍රතිව්‍යුහගත කිරීම් වලින් පසු සේවා කොන්දේසි දරාගත නොහැකි වී ඇත.  ඒ සමගම මූර්ත වැටුප් පහත වැටී ඇත.  තැපැල් සේවකයින් අවම වැටුපට වඩා ටිකක් වැඩියෙන් උපයා ගැනීම සඳහා දුෂ්කර මාර්ගවල ඔවුන්ගේ සෞඛ්‍යය විනාශ කර ගනිති.  දුම්රිය සේවකයන් අමානුෂික සේවා මුර ක‍්‍රමයකින් බරට පත්වෙමින් තව තවත් වැඩ භාර ගනිමින් සිටිති.

බිඳවැටුණු රෝහල්වල පසුගිය වසර තුන තුළ වසංගතයේ සහ “ජීවිතයට පෙර ලාභ” ප්‍රතිපත්තියේ සම්පූර්ණ බර උර දීමට රෝහල්වල හෙදියන්ට සිදු විය.  ඒ සඳහා බොහෝ දෙනෙක් තම ජීවිතයෙන් වන්දි ගෙවා ඇත.  පෞද්ගලික අංශය විසින් රෝහල් පවත්වාගෙන යාම සහ සේවකයන් අධි සූරාකෑම හේතුවෙන් දැනටමත් හෙද හෙදියන් ලක්ෂ දෙකක හිඟයක් ඇති වී තිබේ.  මෙම හිඟය ඉතිරිව සිටින කම්කරුවන් විසින් පියවිය යුතුය.

දැන් ෆෙඩරල් සහ නාගරික ආන්ඩු, සහ සංගත කළමනාකාරීත්වයට තවදුරටත් දැඩි වැටුප් කප්පාදු පැනවීමට අවශ්‍ය වී තිබේ.  කම්කරුවන් සඳහා සැබෑ උද්ධමනය නිල සියයට 10 ට වඩා බෙහෙවින් ඉහල මට්ටමක පවතින අතර, ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ වසරේ කම්කරුවන් මත වැටුප් කැටිකිරීම් බලාත්මක කිරීමට සහ ලබන වසරේ වැටුප් අවම වශයෙන් ඉහල නැංවීමට ය.  රෝහල් සම්බන්ධයෙන් ගත් කල, සේවා යෝජකයන් නාමික වැටුප් අඩු කිරීම් පවා ඉල්ලා සිටියි.  උද්ධමනය දිගටම පැවතුනහොත්, මෙය වැටුප් අඩකින් අඩු කරනු ඇත.

මෙම කප්පාදු සමග, හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත සන්නද්ධ කිරීමේ (rearmament) වැඩසටහනට සහ න්‍යෂ්ටික සන්නද්ධ බලවතෙක් වන රුසියාවට එරෙහිව යුක්‍රේනය බලල් අතක් කරගත් (proxy) යුද්ධයට ආන්ඩුව සෘජුවම මූල්‍යාධාර සපයයි.  යුද්ධය යනු මාධ්‍ය සහ දේශපාලඥයින් නිරන්තරයෙන් ප්‍රකාශ කරන පරිදි සාමය සහ නිදහස පිලිබඳ යමක් නොව, වසර 80කට පෙර මෙන්, ජර්මානු ප්‍රාග්ධනයේ භූ මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා පිලිබඳ වන්නකි.  සමාජ ජීවිතයේ සෑම අංශයක්ම මෙම අරමුණු වලට යටත් වේ.

පාර්ලිමේන්තු අයවැය කාරක සභාවට රජයෙන් යැවුනු රහසිගත ලිපියක් පසුගියදා මහජනතාවට කාන්දු විය.  මහජනතාවට සඟවමින්, පස් ගුණයකින් වැඩි කල, එනම් යුරෝ බිලියන 15 ක ආයුධ යුක්රේනයට නැව්ගත කිරීම ලිපිය නිවේදනය කර ඇත.  සැසඳීමේදී, නිල “වර්ඩි” වෘත්තීය සමිතියේ වැටුප් ඉල්ලීම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළත්, ඒ සඳහා ෆෙඩරල් ආන්ඩුවට යුරෝ බිලියන භාගයක්වත් වැය නොවනු ඇත.  එහෙත් රුසියාවට එරෙහි යුද්ධයට සෘජුවම යන යුරෝ බිලියන 15 දැවැන්ත මිලිටරි වියදම්වලින් කුඩා කොටසක් පමනි.

බැංකු හා සංගතවල ලාභ ඉතුරු කර ගැනීම සඳහා තවත් මුදල් යොදවමින් පවතී.  පාසල්වලට තවමත් සරල වායු පෙරහන් ලබාදී නැති වූවත්, වසංගතය අතරතුර බැංකු සහ සංස්ථා වෙත බිලියන දුසිම් ගනන් කිසිදු බැඳීමකින් තොරව ලබා දෙන ලදී.  බදු ගෙවන්නන්ගේ මුදලින් යුරෝ බිලියන 100කට වඩා වැඩි මුදලක් සමඟ ස්විට්සර්ලන්තයේ UBS විසින් Credit Suisse අත්පත් කර ගැනීමේ පිටුබලය, ජර්මානු ආන්ඩුව ද එලඹෙන බැංකු අර්බුදයට ප්‍රතිචාර ලෙස ක්‍රියාත්මක කරනු ලැබෙනු ඇති බහු-බිලියන මුදල් යෙදවීම පිලිබඳ පුරෝකථනයක් ලබා දෙයි.  මේ සඳහා රාජ්‍ය සේවකයන් සහ ඔවුන් සමඟ සියලු මහජන සේවාවන් කොල්ලකෑමට නියමිතය.

1930 ගනන්වල දී මෙන්, ධනේශ්වර අර්බුදය යලිත් වරක් ආන්තික සමාජ අසමානතාවය, නිරුවත් සූරාකෑම සහ යුද්ධය නිෂ්පාදනය කරයි.  රාජ්‍ය සේවාවන්ට එල්ල කරන ප්‍රහාරවලට අමතරව පෞද්ගලික අංශයේ වැටුප් ද විනාශ වෙමින් පවතී.  ගණන් කළ නොහැකි තරම් සමාගම් ගනනක විශාල දොට්ට දැමීම් සිදුවෙමින් පවතී.  ධනවාදය යනු ලාභයට සියල්ල යටකර කම්කරුවන්ගේ ජීවිත වලට වටිනාකමක් නැති මුලුමනින්ම අක්‍රිය සමාජ ක්‍රමයකි.  මෙය බැංකු අර්බුදය මෙන්ම වසංගතයේ සහ උමතු යුද ප්‍රතිපත්තිය තුල ද පැහැදිලි වේ.

යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව චණඩ පන්ති අරගල වර්ධනය වෙමිනන් පවතින්නේ එබැවිනි.  විවිධ රටවල කම්කරුවන් හුදෙක් සමාන ගැටළු වලට මුහුණ දෙමින් සිටිනවා පමනක් නොව, ඔවුන් සටන් කරන්නේ එකම සටනකි.  ප්‍රන්සයේ, මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවලට එරෙහිව මිලියන ගනනක් කම්කරුවන් වැඩ වර්ජනයක යෙදී සිටිති;  බි‍්‍රතාන්‍යයේ සිය දහස් ගණනක් වැඩවර්ජනය කිරීමේ අයිතිය ඇහිරීමට හා වැටුප් කප්පාදු කිරීමට එරෙහිව විරෝධතා දක්වති.  පෘතුගාලය, ස්පාඤ්ඤය, බෙල්ජියම සහ තවත් බොහෝ රටවල ද ප්‍රචණ්ඩ පන්ති සටන් ඇවිලෙමින් පවතී.

රුසියානු විප්ලවය සම්බන්ධයෙන් රෝසා ලක්සම්බර්ග් 1905 දී ප්‍රකාශ කළ දෙය අද ප්‍රංශයට ද අදාළ වේ: ජර්මනියේ කම්කරුවන් එහි සිදුවීම් “තමන්ගේම කටයුත්තක්” සහ “තමන්ගේම සමාජ හා දේශපාලන ඉතිහාසයේ පරිච්ඡේදයක්” ලෙස වටහා ගත යුතුය.

ප්‍රංශ රාජ්‍යය එහි ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර අතහැර දමා ප්‍රාග්ධනයේ නිරුවත් ආඥාදායකත්වයක් ලෙස පෙනී සිටියි.  මැක්‍රොන් පාර්ලිමේන්තුව නොසලකා හැර ඇති අතර අතිමහත් බහුතරයකින් ප්‍රතික්ෂේප කරන ලද විශ්‍රාම වැටුප් කප්පාදු බලාත්මක කිරීමට පොලිසිය යොදා ගනී.  ඊට එරෙහිව විරෝධතා දක්වන ඕනෑම අයෙකු සමග පොලු මුගුරුවලින් සහ කඳුළු ගෑස් වලින් ගනුදෙනු කිරීමට නියමිතය.  අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව දැවැන්ත මහජන විරෝධයට එරෙහිව ආඥාදායකත්වයක් ස්ථාපිත කරමින් සිටින ඊශ්‍රායලයේ ද එයම සිදුවෙමින් පවතී.

ජර්මනියේ, කොන්දේසි වෙනස් නොවේ, සමාන පුපුරන සුලු පන්ති ප්‍රතිවිරෝධතා වර්ධනය වෙමින් පවතී.  ‘මාර්ග සංඥා එලි සභාගය’ (the traffic light coalition – සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය -SPD, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය – FDP හා හරිත පක්ෂය සන්ධානය)  ද වෛරයට ලක් වූ මිලිටරිවාදය සහ වැටුප් හා සමාජ ප්‍රතිලාභ අඩු කිරීම බලාත්මක කිරීමට අධිෂ්ඨාන කරගෙන ඇත.

මෙයට Bundestag (ජරමානු පාර්ලිමේන්තුව) සහ මාධ්‍ය නියෝජනය කරන සියලුම පක්ෂවල සහාය ලැබේ.  වාම පක්ෂය ද ආන්ඩුවට සම්බන්ධ සෑම තැනකදීම වැටුප්, රාජ්‍ය සේවා සහ සමාජ සේවා සඳහා අයවැය ආක‍්‍රමනකාරී ලෙස කපා දමයි.  කම්කරුවන් සංගත, පක්ෂ සහ වෘත්තීය සමිතිවල පෙරමුණකට මුහුන දී සිටින අතර ඔවුන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගත හැක්කේ ඔවුන් ස්වාධීනව සංවිධානය වී ආන්ඩුවට එරෙහිව සටනක් දියත් කරන්නේ නම් පමණි.

වෘත්තීය සමිති උත්සාහ කරන්නේ මෙය සෑම ආකාරයකින්ම වැළැක්වීමටයි.  ඒවා තවදුරටත් කම්කරු සංවිධාන නොවේ.  ඔවුන් රජය සහ සමාගම් සමඟ සමීපව සම්බන්ධ වන අතර සමාගම්වල පොලිස් බලකායන් ලෙස සේවය කරයි.  ඩොයිෂ් පෝස්ට් හි, වර්ඩි සිය සාමාජිකයින්ගෙන් සියයට 86 ක වැඩ වර්ජන තීරණය වහාම අවලංගු කළ අතර සැබෑ වැටුප් අඩු කිරීමට ඉහල කළමනාකාරීත්වය සමග එකඟ විය.  රාජ්‍ය අංශය තුළ ද සමිතිය ක්‍රියා කරන්නේ ඒ හා සමාන මගක් ඔස්සේ ය.  වෘත්තීය සමිති වර්ජනයක් කැඳවන්නේ නම්, ඔවුන් එසේ කරන්නේ පීඩනය සමනය කිරීමට පමණි.  ඔවුන් ධනවාදයට සහ යුද්ධයට කොන්දේසි විරහිතව සහයෝගය දක්වන නිසා, කර්මාන්ත, රටවල් සහ කලාප ආකාරයට අරගලයන් බෙදීමට ඔවුන් සෑම උත්සාහයක්ම දරයි.

එබැවින් වර්ජනය තමන්ගේ අතට ගැනීමටත් යුරෝපය පුරා හා ජාත්‍යන්තරව අනෙකුත් සමාගම්වල කම්කරුවන් සමඟ ජාලගතව බද්ද වීමටත්, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු සාදන ලෙස Sozialistische Gleichheitspartei (SGP, ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය) සිවිල් සේවකයන්ගෙන් ඉල්ලා සිටී.  එවැනි ක්‍රියාකාරී කමිටු සැබෑ අරගලයක් සංවිධානය කළ යුතු අතර ධනේශ්වර රාජ්‍යයේ ආයතනවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ගොඩනැගිය යුතුය.

SPG සහ හතරවන ජාත්‍යන්තරයේ එහි සහෝදර සංවිධාන කම්කරුවන් පොදු, ගෝලීය අරගලයක එක්සත් කිරීමට සහ වෘත්තීය සමිති සහ ධනපති ආන්ඩු කරන පරිදි ඔවුන් ජාතික වශයෙන් බෙදා එකිනෙකාට එරෙහිව පිහිටුවීම වැලැක්වීමට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) දියත් කර ඇත.  

රාජ්‍ය සේවා සේවකයන් ආන්ඩුව සමග ගැටුම එහි ස්වභාවයෙන්ම එය කුමක්දැයි වටහා ගත යුතුය: එය ධනවාදයට හා යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ යුරෝපීය හා ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි.  මක්නිසාද යත්, බැංකු හා සංගතවල බලය බිඳ දමා ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් නොකර කිසිදු සමාජ ප්‍රශ්නයක් විසඳිය නොහැකි අතර වැටුප් ආරක්ෂා කළ නොහැකි බැවිනි.  වැටුප් කප්පාදුවලට එරෙහි සටන යුද්ධයට එරෙහි සටනට සෘජුවම සම්බන්ධ විය යුතුය.

SGP සහ ලොව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ එවැනි සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් වදියි.  

සමාජවාදී සමානතා පක්ෂය – ජර්මනිය

#theSocialistLK #CACPS #WSWS

රාජ්‍ය අංශයේ සමස්ත වැඩ වර්ජනයක් සඳහා සහ ඉන් ඔබ්බට! ස්වාධීන කුියාකාරී කමිටු ගොඩනගනු! Read More »

ආන්ඩුව පෙට්‍රෝලියම් කම්කරුවන් දඩයම අරඹයි

පෙට්‍රෝලියම් කම්කරුවන් දඩයම් කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටී. ඛනිජ තෙල් නීතිගත සංස්ථායේ සභාපති විසින් නිකුත් කර ඇති ලිපියකින් ඊයේ උද්ඝෝෂනවලට සහභාගී වූ කම්කරුවන් හා වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යවා ඇත. මෙය සිදු වන්නේ ඊයේ (28) කම්කරුවන්ට විරුද්ධව ඇමති කන්චන විජේසේකර කරන ලද විවෘත තර්ජනය කිරීම් වලින් පසුව ය.

Image

පෙට්‍රෝලියම් කම්කරුවන්ගේ උද්ඝෝෂන මර්දනය කිරීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝග ක්‍රියාත්මක කිරීමටත්, විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, මිලිටරිය යොදාගැනීමටත් කර ඇති තර්ජනය කිරීම් සම්ස්ථ කම්කරු මහජනතාව ගත යුත්තේ තම පන්තියට එරෙහිව ආන්ඩුව නිශ්චිතව යුද ප්‍රකාශ කර ඇති ලෙසට ය. වෘත්තීය සමිති මෙම යුද්ධයේදී කම්කරුවන්ගේ පෙරමුන ගන්නේනම් ඒ එය පාවාදී මර්දනය කැඳවාලීමට පමනි. කම්කරුවන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ දේශපාලන අරගලයක කොටසක් ලෙස තම ප්‍රශ්න තමන් විසින්ම විසඳාගැනීම සඳහා කම්කරුවන්  තම ආයතන තම අත⁣ට ගත යුතුය. තෙල් කම්කරුවන්ගේ අරගලය රටපුරා මහා වැඩවර්ජනයක් දක්වා වර්ධනය කිරීම සඳහා වෘත්තීය සමිතිවල සෙවල නායකත්වයන්ගෙන් මිදී තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු යැයි අපි ඔබව කැඳවා සිටිමු. එම අරගලයේදී රට පුරාත් ලොව සෙසු තැන්වලත් කප්පාදුවට මුහුන දී ඇති කම්කරුන් එක්ව අපි ඔබ සමග ගමන් කිරීමට සූදානම් ය. 

අපගේ ඉල්ලීම් අවසාන ජයග්‍රනය තෙක් ගෙනයාම මෙම කමිටුවල එල්ලය විය යුතුය. පෙට්‍රොලියම් කම්කරුවන් වාඩිලාගැනීම්‍ ක්‍රියාවන්ට යොමු විය යුතුය. සෙසු කම්කරුවන් මහජනතාව අතර උද්ඝෝෂනය කරමින් පුලුල් සංවිධානාත්මක අරගලයක් ලෙස එය වර්ධනය කිරීමට සෑම වැඩපොලකම, කර්මාන්ත ශානාලවක, ෆැක්ටරියකම, සේවා සථානයකම, ප්‍රදේශයකම ක්‍රියාකාරි කමිටු පිහිටුවා ගැනීම කල යුතුය.  ආන්ඩුවේ අදිටන බිද පූර්න ජහග්‍රහනයක් ලැබීමට අන් මගක් නැත.

කොලඹ ක්‍රියාකාරී කමිටුව

29 මාර්තු 2023

#CACPS

ආන්ඩුව පෙට්‍රෝලියම් කම්කරුවන් දඩයම අරඹයි Read More »

⁣ලෝකය පිල් බෙදෙයි, අධිරාජ්‍යවාදී ලෝක යුද අන්තරාය උත්සන්න වේ

Weekly Political Report | සතියේ දේශපාලන වාර්තාව |வாராந்திர அரசியல் அறிக்கை

සංජය ජයසේකර විසින් සම්පාදනය කෙරුනි.

Image
සෙලෙන්ස්කි සහ බයිඩන් ඔහුගේ හදිසි කියෙව් සම්ප්‍රාප්තියකදී

න්‍යශ්ඨික තුන්වන ලෝක යුද්ධයක් දෙසට ලෝකය රූටා යමින් පවතින්නේ ලෝක අධිරාජ්‍යවාදී පද්ධතියේ දැවැන්ත දුර්වලතාවය හා අර්බුදය විසින් ජනනයකර ඇති ජාත්‍යන්තර මහා ප්‍රතිඝතිතතාවයන් මධ්‍යයේය. පසුගිය ශතවර්ෂයේ නිර්මානය කර, නව ශත වර්ශයේ දශක දෙකකට පසු උත්සන්න කෙරුනු මූලික ප්‍රතිඝතිතතාවයක් වන  ජාතික රාජ්‍ය පද්ධතිය නිෂ්පාදන බලවේගයන්ගේ අති මහත් වර්ධනයට දැවැන්ත බාධාවක් ලෙස පැවතීම, එය එම සීමාවෙන් ඔබ්බට ඒකාග්‍රකරනු ලැබූ ලෝක පර්යායක් ද සමාජ නිෂ්පාදනයක් හා සමාජ සමානතාවයේ ක්‍රමයක් ද ඉල්ලා සිටී.


එහෙත් අධිරාජ්‍යවාදී පද්ධතිය තවතවත් තම පන්ති අවශ්‍යතා ජාතික රාජ්‍යය තුල ශක්තිමත් කිරීමට උත්සාහ ගනිමින් ප්‍රතිවාදී හා තරඟකාරී ආරථිකයන් විනාශ කිරීමත් ඒවා තම ජාතික ධනපති පන්තියේ සූරාකෑමට නතු කිරීමත් කරා ධාවනය කෙරේ. කප්පාදුවට එරෙහිව රටක් රටක් පාසා පන්ති අරගලයට මුහුන දී සිටින පාලක පන්තීන් යුද්ධය පන්ති බලයේ උපකරනයක් ලෙස රට තුලත්, ඉන් පිටතත් යොදා ගනී. යුද්ධය කරා වන වෛෂයික ධාවනයේ පදනම එයයි. 

මෙම වර්ධනයන් යටතේ, දෙවන ලෝක  යුද්ධයේ ම්ලේච්ඡත්වයෙන් පසු නැවත වරක් ලෝකය භයානක ලෙස අක්ෂවලට බෙදෙමින් පවතී. ලෝක යුද තත්වයන්ගේ මෙම වර්ධනය පිලබඳ නිරන්තර අධ්‍යයනය, එය වැලැක්විය හැකි එකම පන්තිය වන ලෝක කම්කරු පන්තියට අත්‍යවශ්‍ය ඉදිරි දර්ශනය සම්පාදනය කිරීම සඳහා තීරනාත්මක ය. මෙම දේශපාලන වාර්ථාව  මූලිකව වර්ධනය වන ලෝක යුද්ධ අන්තරාය පිලිබඳව අවධානය යොමු කරන අතර, වාර්තාව සැකසීමේ දී පසුගිය සතිය දක්වා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපි ප්‍රධාන වශයෙන් පාදක කර ගන්නා ලදී.

ඇමරිකානු අධිරාජ්‍යවාදය හා නේටෝ බලවතුන් විසින් යුක්‍රේනය තුල රුසියාවට විරුද්ධව ගෙන යන යුද්ධය තෙවන ලෝක යුද්ධයක අන්තරාය තීව්‍ර කරමින් පවතී. ඒ අතරම ඇමරිකාව චීනයට එරෙහි යුද ධාවනය උත්සන්න කර යි. මීට සමගාමීව චීනය හා රුසියාව, වෙලඳපොල ආධිපත්‍යය සම්බන්ධයෙන් වන තම විරසකයන් තිබියදී ම, පොදු සතුරාට එරෙහිව කඳවුරු බඳිමින් සිටී. යුද්ධයේ ඇවිලෙන ගිනි දැල් අතරේ ජර්මනිය හා ජපානය අවසන් මහා යුද්ධයේදී බිම හෙලූ තම අවි මුවහත් කරමින් සිටී. 

යුක්‍රේන යුද්ධය:

යුක්රේනය තුල රුසියානු ආක්‍රමණයේ කිසිදු ප්‍රගතිශීලී අන්තර්ගතයක් නැත.  එහෙත්, විනාශකාරී යුද්ධයේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ නේටෝව රුසියාවේ දේශසීමා දෙසට තල්ලු කළ සහ, රුසියාව අස්ථාවර කිරීමට හා අවසානයේ යටත් කිරීමට යුක්‍රේන හමුදාවට බිලියන ගනන් වත් කල වොෂින්ටනයට ය.  එක්සත් ජනපදය සහ එහි සහචරයින් මොස්කව් වෙත ආර්ථිකය දුර්වල කරන සම්බාධක පනවා ඇත. එමගින් මොස්කව් ගෝලීය මූල්‍ය පද්ධතියෙන්  ක්‍රියාකාරීව ඉවත් කොට තබා තිබේ.

යුක්‍රේන ආන්ඩුව හා බටහිර බලවතුන් රුසියාවට එරෙහි යුද වියදම් තියුනු ලෙස ඉහල නංවද්දීම, යුක්රේනය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF)  යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 15.6 ක නය පැකේජයකට එකඟ වී තිබේ. යුක්‍රේන ආර්ථිකය 2022 දී සියයට 30 කින් හැකිලෙන බව දැකිය හැකිවිය. යුක්‍රේනයේ 2023 වන විට $38 පමන වන අය වැය පරතරය පියවීමට හා $17 පමන වන යුද්ධයෙන් විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනයට මුදල් අවශ්‍යව තිබේ.  ඒ අනුව පැහැදිලිවම මෙම IMF නය ලබා දීම  මූල්‍යමය වශයෙන් කරන යුද ආධාරයකට වඩා දෙයක් නෙවේ. යුද වැදීසිටින රටකට IMF විසින් නය ආධාර ලබාදෙන පලමු අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසගත වනු ඇත. 

Image


මීට අමතරව, 2022 දී එක්සත් ජනපද කොන්ග්‍රසය යුක්රේනය සඳහා ඩොලර් බිලියන 122 කට වඩා වැඩි මුදලක් වෙන් කළේය.  යුක්රේනය සඳහා එක්සත් ජනපද වියදම්වලින් අඩකට වඩා මිලිටරි ආධාර විය.

මෙම නය ආධාර මගින් සනිටුහන් කෙරුනේ IMF හි විශාලතම කොටස් හිමියා ලෙස එක්සත් ජනපදය ප්‍රධානව  බටහිර අධිරාජ්‍යවාදයේ සමස්තයම රුසියාවට එරෙහිව බලල් අත් සේ යොදා ගෙන යන ව්‍යසනකාරී යුද්ධය පවතින තාක් කල්, ඉදිරි වසර ගනන සඳහා ඔවුන් යුක්‍රේන ආන්ඩුවට පිටුබලය දීමට සූදානම් බවයි. 

මෙම නය ආධාර පැහැදිලි කරන්නේ යුක්‍රේනයේ  සමස්ත දේශපාලන ව්‍යුහය දැන් රුසියාව සමග අධිරාජ්‍යවාදී යුද්ධයේ බලල් අතක් ලෙස එහි භූමිකාව දිගටම කරගෙන යාමට සූදානම් බවයි.  මෙයට ත්‍යාග ලෙස ලැබෙනු ඇත්තේ, යුක්රේන කතිපයාධිකාරයට තවත් අරමුදල්, ආයුධ සහ අවසාන වශයෙන් යුරෝපා සංගමයේසහ නේටෝවේ සාමාජිකත්වය යි.

⁣ලෝකය පිල් බෙදෙයි, අධිරාජ්‍යවාදී ලෝක යුද අන්තරාය උත්සන්න වේ Read More »

ICC පුටින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වන එක්සත් ජනපද-නේටෝ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස, නිකුත් කරයි

ජෝසප් කිෂෝර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 17 දින ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කෙරුනු එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ⁣උප ලේකම් ජෝසප් කිෂෝර් විසින් ලියන ලද  ICC issues arrest warrant against Putin as part of US-NATO propaganda campaign for regime change යන ලිපියේ සිංහල පරිවර්ථනය යි. පරිවර්ථනය SF විසිනි.

Image

ජාත්‍යන්තර අපරාධ අධිකරණය 2023 මාර්තු 17 සිකුරාදා ප්‍රකාශ කළේ යුක්‍රේනයෙන් ළමුන් පැහැරගැනීම්වලට සම්බන්ධ යැයි කියනු ලබන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි.

~ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පැහැදිලි දේශපාලන ක්‍රියාමාර්ගය සිදු වන්නේ, යුද්ධයේ අරමුන මොස්කව්හි පාලන තන්ත්‍රය වෙනස් කිරීම බවට එක්සත් ජනපද හා නේටෝ නිලධාරීන්ගේ විවෘත ප්‍රකාශයන් මධ්‍යයේ ය~

සිකුරාදා, හේග් හි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ
රුසියාවේ කොමසාරිස් මාරියා එල්වෝවා-බෙලෝවාට යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේය.

මෙම පියවර විනිවිද පෙනෙන ලෙසම දේශපාලනිකයි. එය සිදු වන්නේ එක්සත් ජනපදය හා නේටෝ බලවතුන් යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහි යුද්ධය දැවැන්ත ලෙස තීව්‍ර කිරීමට සැලසුම් කරමින් සිටින අතර, සහ  යුද්ධයේ අරමුන මොස්කව්හි පාලන තන්ත්‍රය වෙනස් කිරීම බවට ආන්ඩුවේ නිලධාරීන්ගේ වඩ වඩාත් විවෘත ප්‍රකාශ මධ්‍යයේ ය.

පුටින්ට සහ එල්වෝවා-බෙලෝවාට එරෙහිව ගොනු කර ඇති නිශ්චිත චෝදනා 1998 දී සම්මත කරන ලද රෝම ප්‍රඥප්තියේ 8 වැනි වගන්තිය යටතේ ලැයිස්තුගත කර ඇති අතර, එයට “ජිනීවා සම්මුතිවල බරපතල කඩකිරීම්” සහ ජාත්‍යන්තර නීතියේ “වෙනත් බරපතල උල්ලංඝනයන්” ඇතුළත් වේ. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සුවිශේෂයෙන් චෝදනා කරන්නේ, “ජනගහනය (ළමයින්) නීති විරෝධී ලෙස පිටුවහල් කිරීමේ යුද අපරාධය සහ යුක්රේනයේ වාඩිලාගෙන සිටින ප්‍රදේශවලින් රුසියානු සමූහාණ්ඩුව වෙත ජනගහනය (ළමයින්) නීති විරෝධී ලෙස මාරු කිරීම” ය.

වරෙන්තු නිල වශයෙන් ගොනු කිරීම ICC හි විනිසුරුවරුන් විසින් අනුමත කරන ලද අතර, බ්‍රිතාන්‍ය නීතීඥයෙකු සහ ICC හි ප්‍රධාන අභිචෝදක කරීම් ඒ. ඒ. ඛාන් විසින් නිවේදනය කරන ලදී. මෙය සිදුවන්නේ රුසියානු ආන්ඩුව විසින් “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” සහ”ජන සංහාර”  සිදු කලේ යැයි චෝදනා කරමින් බයිඩන් පරිපාලනය විසින් මාස ගනනාවක් තිස්සේ මෙහෙයවූ ප්‍රචාරණයෙන් පසුව ය.

වරෙන්තු වල පැවැත්ම ප්‍රසිද්ධ කරනු ලැබුවද, ඒවාට යටින් තිබේ යැයි කියනු ලබන සාක්ෂි ඉදිරිපත් නො කළේය. බයිඩන් පරිපාලනයේ සහ යුක්රේන ආන්ඩුවේ සනාථ නොකළ චෝදනා මත පදනම්ව, නිව් යෝර්ක් ටයිම්ස් ඇතුළු එක්සත්
ජනපද මාධ්‍ය තුල ළමුන් “නීති විරෝධී ලෙස පිටුවහල් කිරීම” පිලිබඳ නිශ්චිත ප්‍රකාශයන් ප්‍රවර්ධනය කර ඇත.

යේල් විශ්ව විද්‍යාලය විසින් පෙබරවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද බොහෝ විට උපුටා දක්වන අධ්‍යයනයක් කියා සිටින්නේ ළමුන් 6,000 ක් රුසියාවට ප්‍රවාහනය කර ඇති බවයි. යුද ප්‍රචාරනය නිර්මානය කිරීම උදෙසා පිහිටුවන ලද, අධ්‍යයනය සිදු කළ ආයතනය, එක්සත් ජනපද ආන්ඩුවේ පිටුබලය ලබන “ගැටුම් නිරීක්ෂණාගාරයේ” කොටසකි. “නිරීක්‍ෂණාගාරය” සඳහා ආරම්භක ඩොලර් මිලියන 6 අරමුදල් සපයන ලද්දේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත්, එක්සත් ජනපද ජාතික අවශ්‍යතාවලට වලකපන ගැටුම්  කල් ඇතිව දැක ගැනීම,ඒවා වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම” සිය කරතව්‍යය බව පවසන “ගැටුම් හා ස්ථායීකරණ මෙහෙයුම් කාර්යාංශය” විසිනි.

රුසියාව ඔවුන්ගේ පැත්තෙන්,  මූලික වශයෙන් අනාථ නිවාසවල ළමුන් ඇතුළු යුක්රේනයේ යුද්ධයෙන් විනාශ වූ නැගෙනහිර ප්‍රදේශවල සිට රුසියාවට ජනගහනය සංචලනය වීම පිලිගෙන ඇත. අන්ත දක්ෂිණාංශික යුක්රේන හමුදා විසින්, රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශවල දිගටම වැඩ කරන ගුරුවරුන් සහ ළමාරක්ෂක සේවකයින් ඇතුළු ඕනෑම අයෙකු, සහායකයන් ලෙස නම් කර මරා දමනු ලැබීමේ අනතුරට ලක්ව ඇති බව එය සටහන් කර ඇත.

යුද අපරාධ පිලිබඳ පෙර චෝදනා මෙන්ම, එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් මේ උද්ඝෝෂනය  විස්මිත මට්ටමේ කුහකත්වයකින් සංලක්ෂිත වේ. ඕනෑම වෛෂයික ප්‍රමිතියකට අනුව, මෑත මතකයේ ඇති සෑම එක්සත් ජනපද
පරිපාලනයක්ම පුටින්ට එරෙහිව චෝදනා කර ඇති ඕනෑම අපරාධයකට වඩා දරුණු අපරාධවලට වැරදිකරුවන් වේ: මේවා, දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපාන නගර දෙකක න්‍යෂ්ටික විනාශයේ සිට; 1950-1953 අතර එක ගොඩනැගිල්ලක්වත් නොනැසී නොපවතින තත්ත්වයට උතුරු කොරියාව සමතලා කිරීම දක්වාද, එක්සත් ජනපදය ප්‍රමුඛත්වයෙන්  වියට්නාම් යුද්ධය නම් වූ මහා සමූහ ඝාතනයට සහ තාප-රසායනික (pyrochemical) පුළුස්සා දැමීමද ; ඉනික්බිති සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු තිස් වසරක් පුරා සිදු කරන නොනවතින හා පුළුල් වන යුද්ධය හරහාද විහිදී යයි.

පුටින්ට එරෙහි යුද අපරාධ චෝදනා සඳහා වන ව්‍යාපාරයේ නායකත්වය දරන රාජ්‍යය, ඉරාකයේ අබු ග්‍රයිබ් හි වධහිංසා පැමිණවීම, ඇෆ්ගනිස්ථානයේ මංගල සාදවලට සහ අනෙකුත් සිවිල් රැස්වීම්වලට බෝම්බ හෙලීම, ගුවන්තනාමෝ බොක්ක බන්ධනාගාරය සහ ඩ්‍රෝන් ඝාතනය ආදිය සම්බන්ධයෙන් වගකිව යුතුය.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු තුළ ළමයින්ට අයුතු ලෙස සැලකීමේ ප්‍රශ්නය මතු වන බැවින්, 1996 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට එක්සත් ජනපද තානාපතිනි මැඩලීන් ඔල්බ්‍රයිට් විසින් එක්සත් ජනපදයේ පිටුබලය ලැබූ  ඉරාකයට එරෙහිව සම්බාධක මගින් මරනයට පත් දරුවන් මිලියන භාගය සම්බන්දයෙන් කළ කුප්‍රකට ප්‍රකාශය අපි සිහිපත් කළ යුතුය, “අපි හිතන්නේ එය, ඒ සදහා  (ගෙවූ) මිලට වටිනවා කියායි.”

යම් අවස්ථාවක දී ඇමරිකානු රජයේ නිලධාරීන්ට අධිචෝදනා කිරීමට සහ නඩු පැවරීමට යොදා ගත හැකිය යන උත්සුකය නිසා, එක්සත් ජනපදය අයිසීසී (ICC) හි අධිකරණ බලය පවා පිලි නොගනී. පුටින්ට එරෙහිව වරෙන්තුව නිකුත් කර ඇති රෝම ප්‍රඥප්තිය බිල් ක්ලින්ටන් විසින් අත්සන් කරනු ලැබ ඇති නමුදු, ඔහු කිසි විටෙකත් එය අනුමත කිරීම සඳහා සෙනෙට් සභාවට යවා නැත. 2002 දී, ඔහුගේ නීතීඥයින් “පූර්ව-භංග යුද්ධය” (preemptive war) සහ වධහිංසා යුක්ති සහගත කිරීම සදහා ලිය කියවිලි සකස් කරමින් සිටියදී, ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් එක්සත් ජාතීන් වෙත දන්වා සිටියේ එක්සත් ජනපදය තවදුරටත් ප්‍රඥප්තිය අනුමත කිරීමට අදහස් නොකරන බවයි.

එක්සත් ජනපද හමුදාව, ඇෆ්ගනිස්ථානයේ සහ නැගෙනහිර යුරෝපයේ සීඅයිඒ වධක මධ්‍යස්ථානවල වධහිංසා පැමිණවීම, ලිංගික දූෂණය සහ ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු යුද අපරාධ පිළිබඳ චෝදනා සෙවීමට පටන් ගැනීමෙන් පසුව, ICC විමර්ශකයින්ට ආර්ථික සම්බාධක සහ සංචාරක සීමා පනවන බව . යුරෝපය. අයි2020 දී, ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කළේය. අයිසීසී ICC හි නව අභිචෝදක ඛාන් ඔහු පත් කිරීමෙන් ටික කලකට පසු 2021 දී, එක්සත් ජනපදයේ වධහිංසා පිළිබඳ
විමර්ශනය නතර කරන ලදී.

වරෙන්තුවල කේන්ද්‍රීය අරමුන වන්නේ රුසියාවට එරෙහි එජ-නේටෝ යුද්ධය දැවැන්ත ලෙස තීව්‍ර කිරීම සඳහා වන ප්‍රචාරක ප්‍රහාරයට ඉන්ධන සැපයීමයි. ඒවා පැහැදිලිවම, වහාම සටන් විරාමයක් ද ඇතුළුව යුද්ධයට සාකච්ඡාමය විසඳුමක් සඳහා වූ
යෝජනාවක් සාකච්ඡා කිරීමේ ප්‍රකාශිත අරමුන ඇතිව, චීන ජනාධිපති ෂී ජින්පිං ගේ සඳුදා ඇරඹෙන මොස්කව් සංචාරය සමග සමපාත වීම පැහැදිලිවම අරමුනු කොට ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය හා නේටෝ බලවතුන්ට අවශ්‍ය වන්නේ යුද්ධයේ අවසානයක් නොව එහි ව්‍යාප්තියයි. සිකුරාදා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි වාර්තාකරුවන්ට පැවසුවේ “අපි නිසැකවම සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම්වලට සහාය නොදක්වන” බවයි. යුක‍්රේන හමුදාවන්ගේ ව්‍යසනකාරී ජීවිත විනාශය මධ්‍යයේ, එජ සහ එහි යුරෝපීය සහචරයෝ ඉදිරි මාස දෙක තුල දැවැන්ත ප‍්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වීම සදහා දියුණු ආයුධවලින් රට පුරවමින් සිටිති.

යුද අපරාධ චෝදනා, රුසියාව විසුරුවා හැරීම අරමුන කර ගත් පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වන යුද්ධයක් යුක්ති සහගත කරමින්, පුටින් ආන්ඩුව නීති විරෝධී පාලනයක් ලෙස හංවඩු ගැසීමේ ප්‍රයත්නයේ කොටසකි.

එක්සත් ජනපද බුද්ධි ඒජන්සි සඳහා නාලිකාවක් ලෙස ක්‍රියා කරන නිව් යෝර්ක් ටයිම්ස්, වරෙන්තු පිළිබඳ සිය ලිපියේ (“අපරාධ අධිකරණයෙන් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව,  පුටින්ගේ දණ්ඩ මුක්ති රැස් මඩල සිදුරු කරයි”) ලියා ඇත්තේ, ඒවා, “, ඩාර්ෆූර් හි සාහසික ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුඩානයේ බලයෙන් පහ කරන ලද ජනාධිපති ඕමාර් හසන් අල්-බෂීර්ට; ස්ලොබඩාන් මිලොසොවිච්, බෝල්කන් යුද්ධයේදී අපයෝජනයන් සඳහා සිරගත කරන ලද සර්බියානු නායකයාට ; සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු නියුරම්බර්ග්හිදී චෝදනා ලත් නාසීන්ට හා  සමාන මට්ටමක පුටින් මහතාව තබනු ඇති බවයි.

මෙහි අර්ථය නම්, චෝදනාවල ක්ෂණික බලපෑම කුමක් වුවත්, ඒවා පුටින්ට පමණක් නොව ෂීට ද සංඥාවක් දිමට අපේක්ෂා කරන්නේ, පුටින්ටද මිලොසෙවික්ට සමාන ඉරණමක් අත්වන තුරු යුද්ධය උත්සන්න කරනු ඇති බවයි.

එක්සත් ජනපදය හා නේටෝ බලවතුන් මේ වන විට ගැටුමට නේටෝ හමුදා හඳුන්වා දීමේ සැලසුම්, තිරය පිටුපස සාකච්ඡා කරමින් සිටී. යුධ අපරාධ සහ “ජන සංහාර” පිලිබඳ ප්‍රචාරණය, ඒ සදහා, යුක්තිසහගත කිරීමක් ලෙස භාවිතා කරන ඕනෑම ප්‍රකෝපකරනයකට හෝ නිර්මානය කරන සිද්ධියක් සදහා, රුසියාවට දොස් පැවරීමට යොදා ගත හැකිය.

මේ කිසිවක් රුසියානු යුක්රේන ආක්‍රමණයට හෝ රුසියානු කතිපයාධිකාරයේ කන්ඩායමක් නියෝජනය කරන පුටින් ආන්ඩුවේ ක්‍රියාවන්ට සහාය දැක්වීමක් අදහස් නොකරයි. යුක්රේනය ආක්‍රමණය කිරීම, එක්සත් ජනපදය හා නේටෝව විසින් රුසියාව වැටලීමට මෙම කතිපයාධිකාරයේ ප්‍රතිගාමී හා බංකොලොත් ප්‍රතිචාරයකි. නමුත් එක්සත් ජනපදය, ක්‍රමානුකූලව යුද්ධය
අවුලුවා ලූ අතර, එය ආරම්භ වී වසරකට වැඩි කාලයක් ගතවීමෙන් පසු දැන්, එය දැවැන්ත හා ව්‍යසනකාරී ලෙස උත්සන්න කිරීමක් සූදානම් කරමින්
සිටිති.

 #theSocilistLk #wsws

ICC පුටින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වන එක්සත් ජනපද-නේටෝ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස, නිකුත් කරයි Read More »

මහා වැඩ වර්ජන ව්‍යාපාරය, යුද්ධය සහ යුරෝපයේ විප්ලවවාදී අර්බුදය

සමාජවාදී සමානතා පක්ෂය

(එක්සත් රාජධානිය), Parti de l’égalité socialiste (ප්‍රංශය), Sozialistische Gleichheitspartei (ජර්මනිය), Sosyalist Eşitlik Grubu (තුර්කිය)

Image
පැරිසියේ දී, ප්‍රංශ මැක්‍රොන් ආන්ඩුව විශ්‍රාම ගැන්වීමේ වයස වැඩි කිරීමේ සැලසුම්වලට එරෙහිව උද්ඝෝෂණයක්, 2023.01.31

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 පෙබරවාරි 10 දින ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කෙරුනු The mass strike movement, war and the revolutionary crisis in Europe යන ලිපියේ සිංහල පරිවර්ථනය යි. පරිවර්ථනය SF විසිනි.

මහාද්වීපයේ සෑම කොනකින්ම මිලියන ගනනින් කම්කරුවන් කැදවා ගනිමින් මහා වැඩ වර්ජන ව්‍යාපාරයක් යුරෝපය තුල පිපිරී ඇත. දිග හැරෙමින් පවතින්නේ එක් හෝ වෙනත් ධනේශ්වර ආන්ඩුවක් සමග හුදකලා සාකච්ඡා මගින් විසඳා ගත හැකි ජාතික වෘත්තීය සමිති අරගල මාලාවක් නොවේ. ඒ වෙනුවට, කම්කරුවන් සෑම රටකම සමාන ඉල්ලීම් මතු කරමින්, අපකීර්තියට හා පුලුල් ලෙස පිලිකුලට පාත්‍ර වී ඇති ආන්ඩුවල පොලිස් මර්දනයන් හා නීතිමය තර්ජනවලට මුහුණ දෙන බැවින්, එය ජාත්‍යන්තර දේශපාලන අරගලයකි.

මහජනතාවගේ වැඩෙන ඉල්ලීම්වලට කිසිදු සහනයක් ලබා දිය නොහැකි බව ඔවුන් ප්‍රකාශ කරන අතරම, කොන්සර්වැටිව්, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී හෝ හරිත ආදී සියලු වර්ණයන්ගෙන් යුත් යුරෝපා ආන්ඩු, යුක්‍රේනයේ රුසියාව සමග නැටෝව ගෙන යන යුද්ධය අවදානම් ලෙස තීව්‍ර කරති. ඔවුන් යුරෝ සහ පවුම් බිලියන සිය ගනනක් සිය හමුදා සඳහා වියදම් කරමින් යුක්රේන තන්ත‍්‍රය යුද ටැංකි, ජෙට් ප‍්‍රහාරක යානා, මිසයිල සහ වෙනත් ආයුධවලින් හිස සිට දෙපතුල දක්වා සන්නද්ධ කරති. සෑම රටකම කම්කරු පන්තියට එහි පිරිවැය දැරිමට සිදුවන තුන්වන ලෝක යුද්ධයක පිපිරීම ඔවුන් විසින් ක්‍රියාවට නැංවෙමින් පවතී.

තුර්කි-සිරියානු දේශසීමාවේ භූමිකම්පා ව්‍යසනයට ඔවුන් දක්වන ප්‍රතිචාරයෙන් ඔවුන්ගේ සාපරාධී ස්වභාවය තියුනු ලෙස හෙලිදරව් වේ. මිලියන ගනනක් නිවාස අහිමි කර දස දහස් ගනනක් මිය ගිය මෙම සමාජ ව්‍යසනය මධ්‍යයේ, යුරෝපීය බලයන්, වොෂින්ටනය සමග එක්ව, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා නේටෝවේ 12 වසරක යුද්ධයෙන් දැනටමත් විනාශ වී ඇති රටක් වන සිරියාවේ කොඳු නාරටිය බිඳ දැමෙන ආකාරයේ සම්බාධක දිගටම පවත්වා ගෙන ගොස් ඇත.

යුරෝපය පුරා මතුවෙමින් පවතින්නේ වෛෂයිකව විප්ලවවාදී වූ තත්වයකි. තෝරා ගැනීම් ශතවර්ෂයකට පෙර පළමු ලෝක සංග්‍රාමය පුපුරා යාමේදී ඒවා ඉදිරිපත් වූ එකී කර්කශ ආකාරයෙන් ම ඉදිරිපත්ව ඇත. එක්කෝ ධනේශ්වර පන්තිය යුරෝපය හා ලෝකය න්‍යෂ්ටිකව සන්නද්ධ රාජ්‍යයන් අතර ගෝලීය යුද්ධයකට ඇද දමනු ඇත, නැතහොත් කම්කරු පන්තිය යුධකාමී පාලක ප්‍රභූව අතින් බලය උදුරා ගනු ඇත.

පලමු ලෝක සංග්‍රාමයේදී කම්කරු පන්තිය යුද්ධයට එරෙහිව සිය පළමු මහා දේශපාලන ප්‍රතිප්‍රහාරය එල්ල කරන තුරු වසර තුනකට ආසන්න කාලයක් ගත විය: 1917 රුසියාවේ පෙබරවාරි විප්ලවය සාර්ව පෙරලා දමා‍, 1917 ඔක්තෝබර් විප්ලවයේදී ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි යටතේ  බොල්ෂෙවික් පක්ෂය නායකත්වය දුන් කම්කරු පන්තිය බලයට පැමිණීමට මාවත පාදා දුන්නේය. එසේ වෙතත්, අද, ධනේශ්වරය මානව වර්ගයා තුන්වන ලෝක යුද්ධයට ඇද දැමීමට තවමත් උත්සාහ දරමින් හිඳිද්දී ම, කම්කරු පන්තිය බලවත් අරගල රැල්ලක් දියත් කරයි.

මිලියන ගනනක් අරගලයට කැඳවා ගැනෙන මනෝභාවයන් ආරම්භක අවස්ථාවේ දී ම ධනේශ්වර විරෝධී, මිලිටරි විරෝධී සහ සමාජවාදී ස්වභාවයක් ගනී. යුරෝ සහ පවුම් ට්‍රිලියන ගනනක් සුපිරි ධනවතුන්ට ලබා දුන් දශක ගනනාවක රාජ්‍ය ඇප සම්පාදනයන්ගෙන් පසු, විශ‍්‍රාම වැටුප් සහ ප‍්‍රධාන සමාජ සේවා ඇට මිදුළු දක්වා සූරා ඉවත් කරන කප්පාදු පිලිවෙත් හෝ, ගෝලීය උද්ධමනයේ ඉහල යාමක් මධ්‍යයේ මූර්ත වැටුප් සිඳ ලන කොන්ත්‍රාත් ගිවිසුම්  කම්කරුවෝ කෝපයෙන් ප්‍රතික්ෂේප කරති. රුසියාව සමග පූර්න යුද්ධයක් සදහා දැවැන්ත සමාජ ධන සම්පත් හරවා යැවීම සඳහා තමන් දරිද්‍රතාවය වැලැඳ ගත යුතුයැයි ඔවුන් පිළිගන්නේ නැත.

විශ්‍රාම යන වයස ඉහල දැමීම මගින් විශ්‍රාම වැටුප් වලින් යුරෝ බිලියන දස ගනනක් කපා හැරීමේ මැක්‍රොන්ගේ සැලැස්මට එරෙහිව ප්‍රන්සයේ කම්කරුවන් මිලියන තුනක් වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. මැක්‍රොන් මිලිටරි වියදම් සියයට 40කින් වැඩි කිරීමෙන් ද, රුසියාව සමග යුද්ධය සඳහා යුක්‍රේනයට යුද ටැංකි යැවීම ප්‍රකාශ කිරීමෙන් ද පසුව සහ වර්ජකයන්ට පහර දීම සඳහා කැරලි මර්දන පොලිසිය දස දහස් ගනනක් මුදා හැරීමෙන් පසුව මෙම විරුද්ධත්වය වර්ධනය විය. මත විමසුම්වලින් පෙන්නුම් කරන්නේ මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවලට සියයට 70ක විරෝධයක් සහ ආර්ථිකය වසා දැමීමේ සහ කප්පාදුව නැවැත්වීමේ සමාජ පිපිරීමකට – එනම්, හරියටම කිවහොත් මැක්‍රොන්ට එරෙහි මහා වැඩ වර්ජනයකට –  සියයට 60ක සහයෝගයකි.

බ්‍රිතාන්‍යයේ දුම්රිය, තැපැල්, ටෙලිකොම් කම්කරුවන්, හෙදියන්, පරිපූරක වෛද්‍ය සේවා ශිල්පීන්, පාසල් ගුරුවරුන්, කථිකාචාර්යවරුන් සහ සිවිල් සේවකයන් දැන් මාස හතක් පවතින සහ මිලියන ගනනක් ආවරණය වන වැඩ වර්ජන රැල්ලකට සම්බන්ධ වී සිටිති. වෘත්තීය සමිති නිලධරය විසින් වැඩ වර්ජන නතර කිරීමට දැරෙන නිරන්තර උත්සාහයන් සහ ප්‍රධාන කර්මාන්ත හා සේවාවල වැඩ වර්ජන සාපරාධී කිරීමේ ආන්ඩුවේ සැලසුම් නොතකා වැඩ වර්ජන දිගටම පවතී.

පසුගිය වසර තුල ඉහල යන ජීවන වියදමට එරෙහිව හදිසි වර්ජන 100 කට අධික සංඛ්‍යාවක් සහ සෞඛ්‍ය සේවා සේවකයින්ගේ මහා වැඩ වර්ජන ඇති වූ තුර්කියේ, වැඩකරන ජනතාව අතර සමාජ කෝපය විප්ලවවාදී පිපිරීමක් කරා ගමන් කරමින් පවතී. මිලියන 13 ක ජනතාවක් වෙසෙන නගර 10 ක දැනටමත් 20,000 කට අධික මරණ සංඛ්‍යාවක් සිදුකර ඇති භූමිකම්පාව, දිගු කලක් තිස්සේ පුරෝකථනය කර තිබූ නමුත් කිසිදු පියවරක් නොගැනීමත්, විපතට පත් වූවන් බොහෝ දුරට ඔවුන්ගේ ඉරණමට අතහැර දමා තිබීමත් රට පුරා පවතින මහජන කෝපයට වැඩි දුරටත් ඉන්ධන සපයයි.

ජර්මනියේ, යුරෝපයට රුසියානු බලශක්ති අපනයන කප්පාදුව මගින් උග්‍ර වී ඇති, මූර්ත (සැබෑ) වැටුප් මත උද්ධමනයේ විනාශකාරී බලපෑමට එරෙහිව වැඩ වර්ජන වැඩෙමින් තිබේ. මිලියන දෙකහමාරක් ගුරුවරුන්, තැපැල් සේවකයින්, රෝහල් සහ සනීපාරක්ෂක කම්කරුවන්, ප්‍රවාහන කම්කරුවන් සහ අනෙකුත් රාජ්‍ය සේවකයන් ප්‍රධාන වැටුප් කප්පාදු හා සම්බන්ධ කොන්ත්‍රාත්තු සාකච්ඡා මධ්‍යයේ “අනතුරු ඇඟවීමේ වැඩ වර්ජන” වල යෙදී සිටිති. රුසියාව සමග යුද්ධය සඳහා ජර්මනිය මුලුමනින්ම යලි මිලිටරිකරණය කිරීමේ දේශපාලන සංස්ථාපිතයේ සැලැස්මට අතිමහත් මහජන විරෝධයක් පවතී.

“කාර්මික ක්‍රියාමාර්ගයන් යුරෝපයේ ආර්ථිකයන් ග්‍රහණය කරමින් සිටින” නිසා “වියවුල් සහගත තත්වයට” එරෙහිව එක්සත් රාජධානියේ දක්ෂිණාංශික ඩේලි මේල් පුවත්පතේ ගර්හාන්විත කෑ මොර ගෑම අතරතුර මෙම රටාව යුරෝපය පුරා පුනරාවර්තනය වේ. ඉතාලියේ, ගුවන් සේවා සහ ගුවන් තොටුපල සේවකයින්, දුම්රිය සේවකයින්, අධ්‍යාපනඥයින් සහ ප්‍රාදේශීය ප්‍රවාහන සේවකයින් මේ මාසයේ කාර්මික ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. ස්පාඤ්ඤයේ ගුවන් ගමනාගමන පාලකයින්, ගුවන් සේවා සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, ඇමේසන් කාර්ය මණ්ඩලය සහ ගුරුවරු වැඩවර්ජනයේ යෙදී සිටිති. පෘතුගාලයේ, දුම්රිය සේවකයන්, වෛද්‍යවරුන් සහ අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ඇතුළුව, වැඩ වර්ජන දස වසරක පැවැති ඉහලම මට්ටමට සේන්දු වී පවතී.

කොවිඩ්-19 ව්‍යාප්තිය මැඩලීමේ කිසිදු විද්‍යාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යුරෝපීය රජයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා ඇති වූ රෝගාබාධ හා මරණවලට ප්‍රමුඛවම ගොදුරු වූ රටක් රටක් පාසා සෞඛ්‍ය, අධ්‍යාපන සහ ප්‍රවාහන සේවකයින් විසින් ගනු ලැබ ඇති වෘත්තීය ක්‍රියාමාර්ග විශේෂයෙන් වැදගත් වේ.

මහජනතාවගේ නැගී එන ඉල්ලීම් හේතුවෙන් පාලක පන්තිය තුල මතු වී ඇති සංත්‍රාසය සහ භීතිය, රුසියාව සමග යුද්ධය උත්සන්න කිරීම පිටුපස ඇති ප්‍රධාන ගාමක බලවේගයකි. මුලුමනින්ම හිස අවුල් කර ගෙන ඇති එය, යුද්ධය උත්සන්න කිරීම පන්ති අරගලයේ වර්ධනය තාවකාලිකව හෝ යටපත් කිරීමට ඉඩ සලසනු ඇතැයි යන මංමුලා සහගත සහ අවධානම් සහිත සූදුවේ යෙදී සිටී.

ඒ වෙනුවට, යුද්ධයට එරෙහි විරෝධය, සමාජ හා දේශපාලන විරෝධතාවල සහ ධනපතියන් හා කම්කරුවන් අතර විවෘත දේශපාලන ගැටුමක තීරනාත්මක සාධකයක් බවට පත්වෙමින් තිබේ. මිලිටරි වියදම් වැඩි කිරීම සඳහා අරමුදල් සැපයීම වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක් අහෝසි කිරීමේ සැලසුම් වලට එරෙහිව ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන්හි ඇස්තමේන්තුගත 50,000 ක ජනතාවක් මෙම මාසයේ පෙළපාලි ගියහ. යලි යලිත්, යුරෝපය පුරා වර්ජකයින් මැසිවිලි නගන්නේ, වැටුප් සඳහා ද, මහජන සෞඛ්‍ය හා විශ්‍රාම වැටුප් වැනි සමාජ සේවා සඳහා ද මුදල් නොමැති නමුත් යුද අයවැයේ වැඩිකිරීම් වල අවසානයක් නොමැති බවයි.

පළමුවන ලෝක යුද්ධයේ පළමු වසරේ දී, එවකට ස්විට්සර්ලන්තයේ හුදකලා දේශපාලන පිටුවහලෙක් වූ බොල්ෂෙවික් නායක ව්ලැඩිමීර් ලෙනින් අවධාරනය කලේ, ලෝක යුද්ධය පුපුරා යාම ලෝක සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික කොන්දේසි ද නිර්මානය කල බවයි. ඔහු, ලෝක යුද්ධයට සහාය දුන්නා වූ ද, විප්ලවය කළ නොහැකි බවට ප්‍රතික්ෂේප කළා වූ ද යුරෝපීය සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන්ට අශමනීය ලෙස විරුද්ධ විය. ලෙනින් පෙන්වා දුන්නේ විප්ලවවාදී තත්වයක් පහත දැක්වෙන ප්‍රධාන ලක්ෂණ තුන මගින් සංලක්ෂිත ටන බවයි: (1) පාලක පන්තීන්ට කිසිදු වෙනසක් නොකොට තම පාලනය පවත්වාගෙන යාමට නොහැකි වීම …; (2) පීඩිත පංතිවල දුක් වේදනා සහ අවශ්‍යතා වෙනදාට වඩා උග්‍ර වී පැවතීම; (3) ඉහත හේතූන්ගේ ප්‍රතිවිපාකයක් ලෙස මහජනයාගේ ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු වැඩි වීමක්…. ස්වාධීන ඓතිහාසික ක්‍රියාමාර්ග කරා පිවිසීමක් ඇති වීම.

ශතවර්ෂයකට පසුව, ලෙනින්ගේ විශ්ලේෂනය යුරෝපයේ සිදුවෙමින් පවතින අර්බුදයේ වෛෂයික විප්ලවවාදී ස්වභාවය කෙරේ ආලෝකය විහිදුවයි. ස්ටැලින්වාදී නිලධරයන් විසින් නැගෙනහිර යුරෝපයේ ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් සහ 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු කාලපරිච්ඡේදයේ දී සිදු කල පරිද්දෙන්, යුරෝපීය ධනේශ්වරයට තවදුරටත් පැරණි ආකාරයෙන් පාලනය කළ නොහැක.

1991 සිට, එය – ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, මාලි සහ ඉන් ඔබ්බෙහි වූ – විදේශයන්හි නේටෝ යුද්ධ දියත් කර ඇති අතර ස්වදේශය තුළ නිර්දය ලෙස කප්පාදු ක්‍රියාවට නංවා ඇත. දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනිය සෝවියට් දේශය අතින් පරාජය වීමෙන් පසු කාලපරිච්ඡේදය තුළ එය අනුගමනය කළ ප්‍රතිසංස්කරණවාදී වේශය මුලුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති එය, අද විවෘතව ෆැසිස්ට් පක්ෂ සහ පොලිස්-රාජ්‍ය ආකාරයේ පාලන ආකෘති ප්‍රවර්ධනය කරයි. එය වූ කලී, විකෘතරූපී පරපෝෂී  මූල්‍ය රදල පැලැන්තියකි. ඔවුන්ගේ ධනය රඳා පවතින්නේ විදේශයන්හි නිර්දය මිලිටරි ක්‍රියා තීව්‍ර කිරීම සහ රට තුළ, සමාජ කප්පාදුව හා  බැංකු ඇපදීම් සඳහා මහජන මුදල් ලබා දීම මගින් මෙහෙයවනු ලබන සමපේක්ෂන කොටස් වෙලඳපොලේ වියරුව මත ය.

කොවිඩ්-19 වසංගතය ලෝක ඉතිහාසයේ ප්‍රේරක සිදුවීමක් වූ අතර, දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබූ පන්ති ගැටුම් එමඟින් ගුණාත්මකව නව තීව්‍රතා මස්තකයකට ගෙන එන ලදී. බැංකු ඇපදීමේ නව වටයකින් පාලක ප්‍රභූවේ කඩදාසි ධනය විශාල ලෙස පුම්බනු ලැබූ නමුත්, එය මහා පරිමාන මරණ හා දුක් වේදනා විඳීම් කෙරෙහි තම නිර්දය නොසැලකිල්ල හේතුවෙන් අපකීර්තියට පත් විය. රුසියාව සමග මරාගෙන මැරෙන යුද්ධයක් අවුලුවාලමින් සහ ස්වදේශීය විරෝධතා මැඩීමේ මිලිටරි-පොලිස් මර්දනය වේගවත් කරමින් දකුනට ගත් තියුනු හැරීමකින් එය ප්‍රතිචාර දක්වා ඇත.

වසංගතය, කම්කරු පන්තිය සඳහා දුක් විඳීමේ සහ අගහිගකමේ දැඩි තීව්‍රවීමක් ඇඟවුම් කළේය. දැවැන්ත නව බැංකු ඇපදීම් සදහා  හදිසි මුදල් එන්නත් කිරීම උද්ධමනකාරී සර්පිලයකට ක්‍රියාරම්භය සැපයූ අතරතුර, යුරෝපයේ මිලියන දෙකක ජනතාවක් කෝවිඩ්-19 නිසා මිය ගියෝය.  ජාතික වෘත්තීය සමිති නිලධරයන් සහ පාලක පන්තීන් අතර අනුග්‍රහය, සේවා කොන්ත්‍රාත් සහ “සමාජ සංවාදය”ට  එරෙහිව, කම්කරු පන්තිය යුරෝපය පුරා දියත් කර ඇති ජාත්‍යන්තර අරගල රැල්ල, ස්වාධීන ඓතිහාසික ක්‍රියාමාර්ගයක් කරා එහි ප්‍රවිෂ්ඨයෙන් සමන්විත වෙයි.

පුපුරන සුලු සමාජ කෝපය, පන්ති අරගලයේ මතු වෙමින් පවතින ගෝලීය පිපිරීමක වැඩි දියුනු ප්‍රකාශනයක් වන, මහාද්වීපය අලලා ගත් කම්කරු පන්තියේ වැඩ වර්ජන ව්‍යාපාරයට ඉන්ධන සපයයි. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, හාම්පුතුන්ට හෝ ජාතික ආන්ඩුවලට එරෙහි තම අරගල, ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ වෛෂයිකව එක්සත්, ජාත්‍යන්තර ප්‍රහාරයක කොටසක් බවට වන විඥානය කම්කරු පන්තිය තුල වර්ධනය කිරීමයි.

අද දින, ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ මහා ජන සමාජයේ ධනය නිර්මානය කරන වැඩකරන ජනතාවට, මෙම ධනය භාවිතා කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අයිතියක් ඇති අතර, අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ද, නිරන්තරව වර්ධනය කෙරෙන යූද්ධය නතර කිරීම සඳහා ද ආර්ථිකය මත මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ ආඥාව කඩා බිඳ දැමිය යුතුය. කම්කරු පන්තියේ දියුනු ස්ථරයන් අතර එවන් අවබෝධයක් වර්ධනය වීම, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සහ සමාජවාදය සඳහා අරගලය තුල මෙම අරගල ඒකාබද්ධ කිරීමේ පදනම සකසනු ඇත.

යුද්ධය නැවැත්වීම සහ කප්පාදුව අවසන් කිරීම සඳහා කම්කරුවන් වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව, රැකියා ස්ථානවල සහ පාසල්වල බලගතු, ජාත්‍යන්තර අරගලයේ සංවිධාන ගොඩනැගීම අවශ්‍ය වේ. පැන නගින සෑම වැඩවර්ජනයක්ම තහවුරු කරන්නේ වෘත්තීය සමිති නිලධරය කම්කරුවන්, හාම්පුතුන් හා ධනේශ්වර රාජ්‍යය සමග ඔවුන් කරන ගනුදෙනුවලට යටත් කිරීමටත්, ඒ ඒ රටවල ධනේශ්වර පන්තියේ යුද පිලිවෙත ආරක්ෂා කිරීමටත් වැඩ කරන බව ය. බැංකුවල කප්පාදු ඉල්ලීම් වලට එරෙහිව සහ රුසියාවට එරෙහි නැටෝ යුද්ධයට එරෙහිව කම්කරු පන්තියට ජාත්‍යන්තරව එක්සත් විය හැක්කේ අරගලයේ  නව සංවිධාන මගින් පමනි.

ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) කප්පාදුවට හා යුද්ධයට එරෙහි අරගලයේ අත්‍යවශ්‍ය සංරචකයක් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු වල  ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) ගොඩනැගීමට ඉල්ලා සිටිමින් ඒ සදහා අතර සටන් කරයි. පන්ති අරගලය යුරෝපය පුරා මහා වැඩවර්ජන පුපුරා යාම දෙසට විකාශනය වන විට මෙම මුලපිරීමේ කාලෝචිත බව වෙන කවරදාටත් වඩා පැහැදිලි වේ.

කම්කරු පන්තියේ ව්‍යාපාරය මුහුන දෙන දැවැන්ත දේශපාලන කර්තව්‍යයන් ජාත්‍යන්තර කමිටුව එහි ජාත්‍යන්තර දේශපාලන නායකත්වය ලෙස ගොඩ නැගීම දවසේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇත.

විශාලතම මහා වැඩවර්ජනය පවා ධනවාදය තුන්වන ලෝක යුද්ධයකට ඇද වැටීම හා එහි නිර්දය සමාජ ප්‍රහාර හා කම්කරු පන්තිය මර්දනය කිරීම නවත්වන්නේ නැත. දේශපාලන සංස්ථාපිතයේ සියලු බලවේග අධිෂ්ඨානශීලී සතුරන් ලෙස තමන්ට මුහුන දෙන බවට පැහැදිලි අවබෝධයකින් කම්කරු පන්තිය සන්නද්ධ විය යුතුය. තව තවත් වාමාංශික ධනේශ්වර ආන්ඩු තෝරා පත් කර ගැනීමට උත්සාහ කිරීමෙන් අර්බුදය විසඳිය නොහැකි අතර, එසේ කල හැක්කේ යුරෝපය පුරා හා ජාත්‍යන්තරව කම්කරුවන්ගේ බලය සහ සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තිය විසින් සිය අරගලය තුල ගොඩනගාගත් සංවිධාන වෙත බලය පැවරීම සඳහා අරගලයෙන් පමනි.

ඔවුන් සිටින්නේ ආණ්ඩුව තුල හෝ විපක්ෂයේ හෝ වේවා, ජර්මනියේ සමාජ  ප්‍රජාතන්ත්‍රවාදීන් සහ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය වැනි ඉහත ප්‍රතිසංස්කරනවාදී පක්ෂ ලෙස පැවැති ඒවා කප්පාදුවල හා යුද්ධයේ රුදුරු පක්ෂවාදීහු වෙති. ස්ටැලින්ගේ “තනි රටේ සමාජවාදය” පිලිබඳ ව්‍යාජ න්‍යායයේ ආධාරකරුවන්ගෙන් පැවත එන ව්‍යාජ-වාම දේශපාලන සංවිධානයෝ හෝ ට්‍රොට්ස්කිවාදයෙන් පලා ගිය ද්‍රෝහීහු ද විකල්පයක් නියෝජනය නොකරති.   

ජර්මනියේ ඩි ලින්ක, ප්‍රංශයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය (එන්පීඒ) සහ ජාන්-ලුක් මෙලන්ෂොන්, ස්පාඤ්ඤයේ පොඩෙමොස්, සහ සිරිසා (“රැඩිකල් වාම සභාගය”) වැනි බලවේගවල මධ්‍යම පාන්තික සමාජ වටපිටාව ඔවුන් ගේ ක්‍රියා කලාපයේ වාර්තාව මගින් හෙලිදරව් වේ. ග්‍රීසියේ බලය ලබා ගත් සිරිසා, කප්පාදුව අවසන් කිරීමට දුන් පොරොන්දු ප්‍රතික්ෂේප කර, ඒ වෙනුවට විශ්‍රාම වැටුප් හා සමාජ වියදම් කපා හැර සරණාගතයින් සඳහා ගාල් කඳවුරු ගොඩ නැගුවේය. අද බලයේ සිටින, පොඩෙමොස් යුක්රේන නව-නාසි අසොව් (Azov) බලඇණිය සන්නද්ධ කරමින්, බැංකුවලට ඇප ලබා දෙමින්, වැඩ වර්ජන කරන ට්‍රක් රථකරුවන්ට සහ ලෝහ කම්කරුවන්ට පහර දීම සඳහා කැරලි මර්දන පොලිසිය මෙහෙයවයි. 

බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ නායකත්වය කරා ශීඝ්‍රයෙන් නැඟුනු ජෙරමි කෝබින් සහ ඔහුගේ ව්‍යාජ වාම ආධාරකරුවන් පක්ෂයේ දක්ෂිනාංශයට එරෙහිව කිසිදු අරගලයක් කිරීම ප‍්‍රතික්ෂේප කොට, වැඩ වර්ජනවල ප‍්‍රකාශිත විරුද්ධවාදියා වන යුධකාමී උන්මත්තක කිය(ර්) ස්ටා(ර්)ම(ර්) වෙත නායකත්වය පවරා දුන්නේය. මෙලන්ෂොන් සහ ඩි ලින්ක වැනි බලවේග මැතිවරනයේදී මිලියන ගනනක් ඡන්ද දිනා ගෙන ඇති නමුත්, යුද්ධයට එරෙහිව මහජන මනෝගතිය බලමුලු ගැන්වීමේ කිසිදු ආයාචනයක් කිරීම ඒවා විසින් තරයේ මග හරිනු ලැබ ඇත.

මෙම දක්ෂිනාංශික, යුද ගැති සමාජ වටපිටාවට විකල්පය වන්නේ, ඔක්තෝබර් විප්ලවයට පාදක වූ මාක්ස්වාදය සහ නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය ජාත්‍යන්තර කමිටුව විසින් ආරක්ෂා කරනු ලැබීමයි. එය මූල්‍ය වංශාධිපතිත්වයේ දේපල අත්පත් කර ගැනීමට, ධනවාදය පෙරලා දමා යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාණ්ඩුව ගොඩනැගීමට, කම්කරු පන්තියේ අරගලයක් සඳහා දේශපාලන හා ඓතිහාසික පදනම සපයයි.

ජාත්‍යන්තර කමිටුව, යුරෝපයේ හා ජාත්‍යන්තරව, කම්කරු පන්තිය තුල මාක්ස්වාදී විප්ලවවාදී විඥානය සඳහා අරගලය තීව්‍ර කිරීම මගින් තීව්‍රවන යුද්ධයට හා විප්ලවවාදී අර්බුදයට ප්‍රතිචාර දක්වනු ඇත. ව්‍යාපාරයේ පරිමාණය සහ එහි වෛෂයික විප්ලවවාදී විභවය ද, සතුරු පන්ති බලවේගවල අවශිෂ්ට බලපෑම ද අතර අගාධයක් පවතී; එය අධිෂ්ඨානශීලී අරගලයක් තුලින් ජයගත යුතුය. කම්කරු පන්තියේ වැඩෙන විප්ලවවාදී ව්‍යාපාරය සමාජවාදය සඳහා වූ සවිඥානක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට අපි සටන් කරන්නෙමු. මෙහි අර්ථය වන්නේ සමාජවාදී විප්ලවයේ නව මහජන පක්ෂ ලෙස හජාජාක සහ එහි ශාඛා ගොඩනැගීමයි.

#WSWS #theSocialistLK 

Image Courtesy of The Guardian 

මහා වැඩ වර්ජන ව්‍යාපාරය, යුද්ධය සහ යුරෝපයේ විප්ලවවාදී අර්බුදය Read More »

Scroll to Top