සසප උප ලේකම්, රාජ්‍ය මර්දනයට එරෙහි කලාවේ හා ප්‍රකාශනයේ නිදහස සදහා කොක්‍රික උද්ඝෝෂනය හෙලා දකි
නන්දන නන්නෙත්ති විසිනි
ජුනි 17 දින, කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) පැවැත් වූ අන්තර්ජාල (Zoom) රැස්වීමට සමාජවාදී සමානතා පක්සෂයේ (සසප) උප ලේකම් සමන් ගුනදාස සහෝදරයා සහභාගී වී සිටියේ ය. රැස්වීම සංවිධානය කරන ලද්දේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ඇතුලු දේශපාලන සිරකරවන් නිදහස් කර ගැනීම, කලාවේ හා ප්‍රකාශනයෙ නිදහස ආරක්ෂා කිරීම හා ආන්ඩුවේ මර්දනයට එරෙහිව පියවර ගැනීමට අවශ්‍ය දේශපාලනික, න්‍යායික සහ සංවිධානාත්මක ප්‍රශ්න පැහැදිලි කර ගැනීම සදහා ය. ඒ අරබයා, රැස්වීමට සහභාගී වීමේ දී සමන් ගුනදාස ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වෙනුවෙන් වැදගත් ප්‍රතිපාදනයක් කරනු ඇතැයි යමෙක් අපේක්ෂා කලාට සැක නැත. නමුත්, ඔහු සම්පූර්න සාකච්ඡාවම කඩාකප්පල් කිරීම උදෙසා රැස්වීමට කඩා වැදුනෙකු බව පැහැදිලි විය.
නතාෂා අත් අඩංගුවට ගැනීමට හේතු වූ ආර්ථික, දේශපාලන හා ඓතිහාසික කරුනු පිලිබදව සවිස්තරාත්මක වෛෂයික විශ්ලේෂනයක් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර කමිටුව (ICFI) ආරම්භ කර ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයක් ගොඩ නැගීම සදහා සටන් වැදීමේ අවශ්‍යතාව, කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝරයා අවධාරනය කිරීම නිසා සමන් කුපිත විය.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ “ලංකා ශාඛාව සමාජවාදී සමානතා පක්ෂයයි. සසප විනය කැඩීම මත තමයි සංජය විල්සන් ජයසේකරව නෙරපල තියෙන්නේ.” යි කියමින් සමන් බුරා පැන්නේ ය. කුමන හෝ මොට ආයුදයකින් තැලීමේ තම භාවිතාව අනුව යමින්, යම් බ්ලොග් පිටුවක් theSocialist.LK හි ලිපි නැවත පලකිරීමක් පිළිබඳ ව දැනුවත් ලෙස විකෘති කිරීමක් කරමින්, “ඔහු [සංජය] ඔහුව ප්‍රවර්ධනය කිරීම සදහා ජාත්‍යන්තර කමිටුවට ප්‍රසිද්ධියේ චෝදනා කරන ICFI-1953 නමැති බ්ලොග් එකක් යොදා ගන්නවා”යැයි පරිපූර්ණ අසත්‍යයක් තම සහායට කැඳවා ගැනීමට ඔහු නිර්ලජ්ජිත උත්සාහයක යෙදුනේ ය. එහෙත් සංජයට විරුද්ධව කුමන හෝ දේශපාලනික පැහැදිලි කිරීමකට සමන්ට කරුනු නැති බව පැහැදිලි විය.
“අපි ජාතිකවත්, ජාත්‍යන්තරවත් උද්ඝොෂනයක් දියත් කරල තියෙන්නෙ නතාෂා එදිරිසූරිය පිලිබදව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා.” සමන් නිවේදනය කලේ ය. එහෙත් නතාෂා අත් අඩංගුවට ගැනීම විස්තර කල හා ඇල්මැරුනු විරෝධයක් පල කල ලිපියක් ලෝසවෙඅ සිංහලෙන් හා පසුව ඉංග්‍රීසියෙන් පල කිරිම හැර එබදු උද්ඝෝෂනයක් ගැන කියන්නට කිසිත් සමන් අත තිබුනේ නැත. ඒ උද්ඝොෂනයක් තබා, අඩුම තරමින් පක්ෂ සාමාජිකයන් අතරවත් මෙම දඩයම පිලිබද සාකච්ඡාවක් කිරීමට පක්ෂ තන්ත්‍රය මෙතෙක් උත්සාහ කර නැති බැවිනි.
පසුව නැවතත් මැදිහත් වුනු සමන් මෙසේද පැවසීය:
“මේ සහෝදරවරුන්ට අදහසක් ඇති ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය කොහෙද යන්නෙ කියන එක ගැන. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගැන පැහැදිලි චිත්‍රයක් අවශ්‍යයි. එය නියෝජනය කරන්නේ කවු ද? ක්‍රියාමාර්ගය, වැඩපිලිවෙල මොකක් ද, කියන එකට විරුද්ධව, ඒක යටපත් කිරීමට, එම වැඩපිලිවෙල මඩ කිරීමට ක්‍රියාත්මක වෙන කන්ඩායමක් විසින් තමයි මෙම රැස්වීම සංවිධානය කරල තියෙන්නෙ… නතාෂා එදිරිසූරිය ආරක්ෂා කිරීමේ සටනේ මූලික පියවරක් හැටියට ඒක හෙලිදරව් කිරීම අවශ්‍යය යි.
“හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කම්කරු පන්තිය සංවිධානය කරනවා.” තමන් “ඒ සදහා විද්‍යාත්මක වැඩ පිලිවෙල ඉදිරිපත් කරගෙන සටන් වදින” බව කියමින්, සමන් “ ඒකෙ කොටසක් හැටියට මේ විදියෙ ව්‍යාපාරයන් සහිත සියලු ව්‍යාජ වමේ ව්‍යාපාරවලට එරෙහිව සටන් වැදීම තමයි අපේ සටන” යයි නැවතත් සදහන් කලේ ය.
සමන්ට අනුව කොක්‍රික පන්ති ස්වභාවය තීන්දු කරන ප්‍රධාන නිර්නායකය නම් සසප තන්ත්‍රයේ කුමන්ත්‍රනවල ගොදුරු වූ සහෝදරවරු දෙදෙනෙක් එම කමිටුව නියෝජනය කිරිම ය. දැනටමත් සසප සාමාජිකයන් වන සහෝදරවරු ගනනාවක් කොක්‍රික ගොඩ නැගීමේ අරගලයේ සිට මේ දක්වා එම කමිටුවේ ක්‍රියාකාරී වීම ගැන ඔහුට කීමට කිසිත් නො වී ය. කොක්‍රික දේශපාලන විශ්ලේෂන, වැඩ පිලිවෙල, ක්‍රියා මාර්ගය, පන්ති පදනම යන මේ අත්‍යවශ්‍ය දේ ගැන සමන් කතා නො කලේ ය.
කෙසේ වෙතත්, සසප නිලධාරී තන්ත්‍රය, කොලඹ ක්‍රියාකාරී කමිටුව කම්කරු පන්තියේ අව්‍යාජ විප්ලවවාදී සංවිධානයක් හැටියට මතු වීම නො තකා හැරිය හැකි යයි සිතා මුල දී වැඩ කල මුත්, එන්ට එන්ටම කම්කරු පන්ති ව්‍යාපාරය තුල එය තහවුරු වන බව එම තන්ත්‍රයට ඒත්තු යාම මත හා තවදුරටත් එය නො තකා සිටිය නො හැකි වන තැන එය වැනසීමට මුලු වැර යෙදීමට එයට සිදුව ඇති බව ඔහුගේ මැදිහත් වීම මගින් සහතික කෙරුනි.
කොක්‍රික ආරම්භ කිරීමේ දී ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය මත පදනම් වූවා පමනක් නො ව එය ආරම්භ කල වහාම ඒ පිලිබඳ වාර්තාව ලෙසවෙඅ පලකිරීම සඳහා, එහි ශ්‍රී ලංකා අංශයේ ප්‍රධාන කර්තෘ කේ. රත්නායක වෙත ඉදිරිපත් කලේ ය. ඔහුගේ ප්‍රතික්‍රියාව වූයේ “පක්ෂයේ අනුමැතියෙන් තොරව” ගොඩ නගා ඇති නිසා කොක්‍රික පිලි ගත නො හැකි බව ය. පක්ෂය විසින් නිකුත් කල 2022 ජුලි 20 ප්‍රකාශය මත එය ගොඩ නැගුනේ ය යන්නම ආත්මීය විරුද්ධත්වය උඩ ප්‍රතික්ෂේප කල ඔහුට අද දක්වාමත් වෙනත් හේතුවක් ඉදිරිපත් කිරීමට නො හැකි වී ඇත. මෙම හැසිරීමට ප්‍රතිකූලව, එකී ජුලි 20 ඉදිරි දර්ශනය කියා සිටියේ “ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය සදහා පදනම් දැමිය යුත්තේ, සිය පන්ති අවශ්‍යතා සදහා සටන් කිරීම පිනිස.. ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම තුලින් කම්කරුවන් හා ගම්බද පීඩිතයන් විසින් ම ය.” යනුවෙනි. “සම්මේලනය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය මහජන ව්‍යාපාරය වර්ධනය කිරීමේ දී අත්‍යවශ්‍ය සහයෝගය දීමට සහ දේශපාලන දිසානතිය සම්පාදනය කිරීමට, සමාජවාදී සමානතා පක්ෂය සූදානමින් හා අධිෂ්ඨානයෙන් පසු වේ”, යනුවෙන් ද ලියවිල්ල අවසානයේ දී සපථ කලේ ය. මේ අනුව පක්ෂයටත් ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙතටත් විරුද්ධව ක්‍රියා කර ඇත්තේ කවුරුන්ද යන්න පැහැදිලි ය.
මාක්ස්වාදය විද්‍යාවකි. විද්‍යාව සිය කර්තව්‍යය ආරම්භ කරන්නේ සමීප සංවේදනයන්, සංජානනය කිරිම මගින් ප්‍රකට වන යථාර්ථය ද, විශ්ලේෂනය හා න්‍යායික වියුක්තීකරනයේ සංකීර්න වූ ද දීර්ඝ වූ ද, ක්‍රියාදාමය තුලින් විකසිත වන යථාර්ථය අතර වෙනසින් ය. සමන්, රත්නායක ඇතුලු සසප තන්ත්‍රය උක්ත ප්‍රශ්නයේ දී මෙම මුලධර්මාත්මක ප්‍රවිශ්ටය සතේකට මායිම් කර නැත.
රැස්වීම තුල දී ම අප පැහැදිලි කල පරිදි සමන්ගේ අරමුන වූයේ කොක්‍රිකට විරුද්ධ වීමේ වේශයෙන් නතාෂා සිරගත කිරීමේ සිද්ධියත් සමග කොක්‍රික ඉස්මත්තට ගත් අරගලයට වල කැපීම ය. “අත්‍යවශ්‍ය සහයෝගය දීම හා දේශපාලන දිසානතිය සම්පාදනය කිරීමට සූදානමින් හා අධිෂ්ඨානයෙන් පසු වීම” යන වචන මගින් ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙතට අනුගත වීමක් ඇගවුම් කලත් සසප තන්ත්‍රයේ වැඩි කන්ඩායම හැම විටම ක්‍රියාකාරී කමිටු වැඩ පිලිවෙල ට්‍රෙට්ස්කිවාදී කම්කරු පන්ති ව්‍යාපාරයේ පොහොසත් ඓතිහාසික අත්දැකීම්වලට නොව තම ආත්මීය ප්‍රතිචාරයන්ට යටත් කලේ ය. තන්ත්‍රයේ ක්‍රියාවන්ගෙන් පැහැදිලි වී ඇති පරිදි කම්කරු පන්තියට තමන්ගේ ම සංවිධාන ගොඩ නැගිය හැකි යයි එය විශ්වාස කරන්නේ නැත. 2019 ආරම්භ කල කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) විසුරුවා හැරීම සිදු කලේත්, පසුව ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම සදහා කම්කරුවන් ඒත්තු ගන්වා මෙහෙයවනු වෙනුවට තමන්ම ආදේශ වී පසුව ඒවාට බැඳෙන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලමින් අසාර්ථක උත්සාහයක නිරත වූයේත්, වන්නේත් ඒ නිසා ය.
කප්‍රනිආක ඉතා සාර්ථක උද්ඝෝෂන දෙකකට මූලිකත්වය ගත්තේ ය. එවිට එහි සභාපති වූයේ සංජය සහෝදරයා ය. ඊට කම්කරුවන්ගෙන්, කලාකරුවන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා තරුනයන්ගෙන් සුවිශේෂී සහයෝගයක් දිනාගැනීමට හැකි විය. පක්ෂ තන්ත්‍රය දැනුවත්ව මැදිහත් වී එය විසුරුවා හැරියේ ය. ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීමේ කොටසක් යයි ද, ඒවා ගොඩ නගන්නේ පක්ෂ ඉදිරි දර්ශනයට එකඟ අය අතරින් යයි ද තන්ත්‍රය තර්ක කලේ ය. මෙම මතයන්ට ජාත්‍යන්තර කමිටුවේ හා ට්‍රොට්ස්කිවාදී මූල ධර්ම සමග මොන ම සාම්‍යක්වත් නැත. ඒ අනුව සමන්ගේ මැදිහත් වීම හුදු ආත්මීය හතුරුකමක්, හුදෙක් ම පක්ෂයෙන් ‘පලවා හැරි’ අයට විරුද්ධ වීම පිලිබද කාරනයකට වඩා වැඩි දෙයකි.
කොක්‍රික “ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය නිදහස් කරනු!” යි පලකල සිය ප්‍රකාශයේ සදහන් කල පරිදි, “ඇය දඩයම් කර ඇත්තේ එසේ පවතින අධිකාරීන් බිඳලන, නිදහස් අදහස් දැරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම හා කලා නිර්මාන තුලින් ඒවා සමාජගත කිරිම යන මේ කරුනු නිසා ය. බුද්ධාගමට හා එහි ශාස්තෲන්ට අපහාස කිරීම හා ආගමක සංහිදියාව නැති කිරීම, බාලිකා විද්‍යාලවලට අපහාස කිරිම යන චෝදනා ඇයට විරුද්ධව ගොතා ඇත. එහි අරමුන හුදෙක් කලා නිර්මානයේ, භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස පාගා දැමීම පමනක් නො ව, පීඩිත ජන සමාජය තුල පොදුවේ දැල්වෙන සමානාත්මතා හැගීම් හා කාන්තාව මත හෙලා ඇති ධනවාදී පීඩනයට විරුද්ධව කාන්තාවන් තුලින් ම නැගී එන විමුක්තිකාමී හැගීම් අංකුර අවස්තාවේ දී ම තලා වනසා දැමීම ය.”
කොක්‍රික ප්‍රකාශය නිකුත් කල ජුනි 1 දා, සසප ලෝසවෙඅ සිංහල අංශයේ මේ සම්බන්ධව ඉදිරිපත් කල ලිපිය එහි නොගැඹුරු එලැඹුමට සාක්ෂි දරයි. එය මෙසේ ලිවීය: “එදිරිසූරියට එරෙහිව බුද්ධාගමට අපහාස කිරීම පිලිබද උද්ඝොෂනයට ආසන්නතම හේතුව වූයේ ඇය මෑතදී ඉදිරිපත් කල ස්ටෑන්ඩ්-අප් (Stand-up) ප්‍රහසනාත්මක වැඩ සටහනක දී බෞද්ධ සාහිත්‍යයේ එන ජනප්‍රවාදමය කාරනයක් ද බෞද්ධ පාසැල්වල ශිෂ්‍යාවන්ගේ පැවැත්ම සම්බන්ධ ආචාර ධර්ම ද පිලිබදව සොපාහාසය දනවන ආකරයෙන් කරුනු දැක්වීම ය.” හරියටම අප දෙපාර්ශවය අතර වෙනස මේ ඡේද දෙක නියෝජනය කරන බව අපේ හැගීමයි.
එපමනක් නො ව, කොක්‍රික ගෙන යන උද්ඝෝෂනය පක්ෂ තන්ත්‍රයේ ඉහත කී විශ්වාසයන්ට ද පටහැනි ය. ඒ අනුව, පක්ෂ තන්ත්‍රය කොක්‍රික ගෙන ඇති ආරම්භකත්වයට පහර දීම සිදු කරන අතර එය, ඔවුන් සිතන්නේ කුමක් උවද, වෛශිකව ඉටු කරනු ඇත්තේ ධනපති පන්තියේ අවශ්‍යතාවකි. මෙය සිදු වන්නේ පාලක පන්තියට පැවැත් ම සදහා, සසප වැනි විප්ලවවාදී උරුමයක් ඇති සංවිධානයක සහයෝගය අත්‍යවශ්‍ය වී ඇති තත්වයක ය. ආන්ඩුව පන්තිය මත දැඩි කරන ප්‍රහාරය හමුවේ, විප්ලවවාදී පක්ෂයකට වඩවඩාත් මූලධර්ම හා එහිම ඓතිහාසික පදනම් මත තහවුරු වී, පන්ති අරගලය තුල සක්‍රීයව අරගලයේ නායකත්වය ඩැහැ ගැනීම සඳහා කටයුතු කිරීම හැර පැවැත්මක් නැත. එය මග හරින සෑම අවස්ථාවකම, පක්ෂය පන්තියෙන් වියෝ වී, වික්ෂිප්තව, පන්ති අරගලය විසින් බිය ගන්වනු ලැබීම නිසා, ඉස්මතු වන විප්ලවවාදී ව්‍යාපාර තලා දැමීමට අතිෂය දුෂ්ට ක්‍රියා කලාපයක් ඉටුකරනු ඇත යන්න ඉතිහාසයේ පාඩමයි. සසප දැන් ම ඓතිහාසික පදනමක පිහිටා මෙම තත්වය විශ්ලේෂනය කිරීම සඳහා පියවර ගත යුතු වන්නේ එබැවිනි.
කම්කරු පන්තියේ විඥානය ඔසවා තැබීම විප්ලවවාදී පක්ෂයේ කර්තව්‍යක් වන අතර එය හුදෙක් මාධ්‍යවේදීමය කටයුත්තක්වත්, හුදු උද්ඝෝෂනාත්මක කටයුත්තක්වත් නො වේ. ලෝකය වෙනස් කිරීම සඳහා මිනිසා හැමදාමත් තමන් ම වෙනස් කර ගත් අතර මේ න්‍යායට පිටු පාන කිසිවෙකු කම්කරු පන්තියට සේවය කරන්නේ නැත, එය කල නො හැකි ය.
කියවන්න සබැඳි ලිපි:
කොලඹ ක්‍රියාකාරී කමිටුව කඩාකප්පල් කිරීමේ උත්සාහයේ සසප අරමුන කුමක් ද?
සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකරට පිලිතුරක්, සසප වාම කන්ඩායමේ අරගල ය