politics

OSB

සමාජ මාධ්‍ය වාරන පනතට එරෙහිව කොක්‍රික උද්ඝෝෂනයේ 

අපේ වාර්තාකරු

OSB

දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය මස අග  මර්දක නීති යෝජනා වන “ප්‍රති-ත්‍රස්ත පනත” හා සමාජ මාධ්‍ය ප්‍රකාශන නිදහස වාරන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිලිබඳ පනත” යනුවෙන් කෙටුම්පත් දෙකක් ප්‍රසිද්ධ කලේය. මෙයින් මේ මස 03 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපතත් කරනු ලැබුවේ සමාජ මාධ්‍ය වාරන පනත පමනි. මෙම නීතිය ආරක්ෂක අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇත.

පුලුල් අරගලයක කොටසක් ලෙස මෙම පනත් වලට එරෙහිව කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) ගෙන යන උද්ඝෝෂනය ඉදිරියට ගනිමින් එහි ලේකම් ශාන්ත විජේසූරිය හා කමිටුවට හිතෛශී ප්‍රසිද්ධ කාටූන් ශිල්පී අවන්ත ආටිගල ද ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව දී ඇති අවස්ථාව ⁣යොදා ගනිමින් ශ්‍රෙෂ්ඨාධිකරනයට පෙත්සමක් ගොනු කලෝය.

ආන්ඩුවේ කප්පාදු පිලවෙත් වලට එරෙහිව අරගලවලට පිවිස සිටින දැනුවත් කම්කරු පන්තිය අතර හා මධ්‍යම පන්තිය තුල විශාල ලෙස අප්‍රසාදයට පත්ව ඇති මෙම පනත් කෙටුම්පතට එරෙහිව දැනටමත් පෙත්සම් 25 කට අධික ප්‍රමානයක් ගොනුකර ඇති බව වාර්ථා වෙයි.

මෙම පනත සම්මත වුවහොත්, ⁣”සත්‍ය” යනු කුමක් ද යන්න ආන්ඩුව, එනම් විධායක ජනාධිපති විසින් පත්කරන කොමිෂමක් මගින් තීන්දු කරනු ලබනු ඇති අතර, එම සත්‍යයට පටහැනි ප්‍රකාශ ඔන්ලයින් අවකාශයේ ප්‍රචාරය කිරීම මගින් උත්ගතව ඇතැයි කියනු ලබන අවිනිශ්චිත සිද්ධි අරබයා ප්‍රකාශය ප්‍රසිද්ධ කරන්නා අත්අඩංගුවට ගෙන වසර 5 ,7 සිට 20 දක්වා දැඩි සිර දඩුවම් ද, මිලියන ගනනින් දඩ ද පැනවිය හැකි වෙයි.

ප්‍රකාශනයේ නිදහස පිලිබඳ සමාජ අවකාශය විනාශ කරනු ඇති අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් වන මෙය රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අප පෙත්සම් කරුවන් කියා සිටින අතර ඒ බව තීන්දු කර ප්‍රකාශ කරන ලෙස අධිකරනයෙන් ඉල්ලා සිටී. 

ආන්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි නීති පවා සම්මත කිරීමට එම ව්‍යවස්ථාවට අනුවම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගේ තුනෙන් දෙකක ජන්දයක් හා ජනමත විචාරනයක් මගින් හැකියාව පවතී. අධිකරනයට ඉදිරිපත් කර ඇති සෑම පෙත්සමකම පාහේ පෙත්සම්කරුවන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධව මෙම විධිවිධාන බලාත්මක කරන ලෙස ඉල්ලා තිබේ. මීට ප්‍රතිවිරුද්ධව විජේසේකර හා ආටිගල මෙම ඉල්ලීම සහනයක් ලෙස අයැදීම ප්‍රතික්ශේප කර තිබේ. 

මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රිය අයිතීන් එකිනෙක මුලිනුපුටා දැමීම හැර බංකොලොත් ධනපති පාලක පන්තියට වෙනත් විකල්පයක් නැත. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සිට ඉන්දියාව හෝ ලංකාව දක්වා ලොව පුරා රටවල කම්කරු මහජනතාවට මුහුන දීමට සිදුව ඇත්තේ එකම ගෝලීය ධනපති අර්බුදයක හා යුද්ධයේ බර තමන් මතට හෙලන පාලක පන්තීන්ගේ ප්‍රහාරයන්ට ය. මහජනතාවට කප්පාදුව, ආඥාදායකත්වය හා යුද්ධය පමනක්ම ලබාදිය හැකි පාලක පන්තිය මහජන අවකාශයන් සුනුවිසුනු කිරීම ඇඹා ඇත්තේ වැඩෙන මහජන විරෝධය ගිල්වා දැමීමට ය. 

මහජනතාවගේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කොක්‍රික වැනි අව්‍යාජ කම්කරු බල සංස්ථා ගොඩනගා දේශීයවත්, ජාත්‍යන්තරවත් ඒකාබද්ධ කොට අරගල පෙරට සූදානම් කිරීම හා අවසානය දක්වා සටන් කිරීම වියරු ඒකාධිපතිත්වයන් හා කප්පාදුව පරාජය කල හැකි එකම ක්‍රමයයි.  

සමාජ මාධ්‍ය වාරන පනතට එරෙහිව කොක්‍රික උද්ඝෝෂනයේ  Read More »

Palestine

Stop Israeli genocide!

By David North

 Palestine
Israel has already dropped more bombs on Gaza in six days than the U.S. dropped on Afghanistan in a single year. Israeli military ordered over one million Palestinian civilians to flee their homes. They are dehydrating and starving. This is genocide and ethnic cleansing. Image courtesy X

The following statement appeared originally on X/Twitter.

A crime of monumental dimensions, comparable to those committed by the Nazis, is now unfolding before the eyes of the world. More than two million people are being deliberately subjected to starvation and dehydration.

The international working class must come to the defense of Gaza and demand the following:

1) The US and European governments must be compelled to end their support for and complicity in the Gaza genocide!

2) Food, water, electricity, medical care and all other necessities must be made available immediately!

3) The siege must be lifted!

4) All military attacks must stop!

5) The Israeli IDF must be forced to demobilize at once and withdraw all its forces from the border with Gaza!

[This statement was published originally by WSWS here today]

Read the following essential statements and articles too:

Tens of thousands protest Israeli war crimes across US

US, European powers fully implicated in Israeli mass murder

French President Macron endorses Israeli war on Gaza

German parliament in a war frenzy

Spontaneous protests in solidarity with Palestinians in German cities

Oppose the outlawing of solidarity protests in defense of Gaza!

Oppose the outlawing of solidarity protests in defense of Gaza!

Israel: Gantz joins Netanyahu in National Unity government to wage war on Palestinians

Ocasio-Cortez says pro-Palestinian demonstrations should be “shut down” as opposition to Israeli war crimes grows

Biden proclaims unlimited support for Israeli onslaught on Gaza

Canadian politicians and media rally behind Israel’s murderous response to Palestinian uprising

Who is responsible for the violence in Israel and Gaza?

Israeli army lays siege to Gaza

Down with Netanyahu’s government! Stop the imperialist-backed Zionist onslaught against Gaza!

Netanyahu regime staggered by Palestinian uprising

Stop Israeli genocide! Read More »

THOTAWATTTA

ජ්‍යෝතිෂවේදියා බන්ධනාගාරගත කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

නන්දන නන්නෙත්ති විසිනි 

ඔක්තෝබර් 6දා, පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු ප්‍රසිද්ධ ජ්‍යෝතිර්වේදියෙකු වන ඉන්දික තොටවත්ත අත් අඩංගුවට ගෙන මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කලහ. ඔහු ඔක්තෝබර් 20දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් නියෝග කලේ ය.

THOTAWATTTA
ඉන්දික තොටවත්ත

ඔහු “මුස්ලිම් ආගමට, අල්කුරානයට හා නබී නායකතුමාට” අපහාස කලේ යැයි ධනපති දේශපාලඥයන් හා පූජකයන් විසින් පරිගනක අපරාධ කොට්ඨාශයට හා පොලිසියට පැමිනිලි 12ක් ඉදිරිපත් කරනු ලැබ ඇත. තොටවත්ත “ක්‍රිස්තියානි ආගම හා මුස්ලිම් ආගම යන දෙක ම එකම අම්මාගේ චාටර් දරුවන් දෙදෙනෙකි” යි සිය සත්‍යාව්ලොග් නැමති යුටියුබ් නාලිකාවෙන් ප්‍රකාශ කර ඇත. නබීනායකතුමා බාල වයස්කාර දැරිවියක් විවාහ කර ගත් බව කුරානයේ සඳහන් වී ඇතැයි කියන ඔහු, ඒ නිසා, කුරානය ඉගැන්වීම නතර කිරීම සඳහා පව උද්ඝෝෂනය කර ඇත. තොටවත්ත මෙබඳු කරුනු ගැන ඉස්ලාම් සහ වෙනත් බැතිමතුන් සමඟ ද, මෙකී නාලිකාව මෙන් ම වෙනත් එබඳු නාලිකා හා ප්‍රසිද්ධ රුපවාහිනී චැනලයන් තුල ද වාද විවාද කර ඇත. 

දුගී පවුලක උපන් දෘශ්‍ය ආබාධිත දරුවෙකු වන ඉන්දික තොටවත්ත ජීවනෝපාය සදහා දෛවඥයෙකු හා විවිධ හාස්කම් කල හැකි පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමත් සමඟ, “සිරස” වැනි ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය යොදා ගනිමින් කල කූටෝපායික වැඩ සටහන් තුලින් සමාජය තුල විශේෂ චරිතයක් ලෙස ඔසවා තැබින.  

මේ වන විට ඔහු ජ්‍යොතිෂය මෙන් ම යූටියුබ් වැඩ සටහන් මගින් මුදල් උපයන්නෙකි. ඔහු පවසන පරිදි තමන් ජ්‍යෙතිෂයට වඩා මුදල් උපයන්නේ සමාජ මාධ්‍යය තුලිනි. විශේෂයෙන් ආගමික හා විවිධ විශ්වාසයන් පිලිබද පන්ඩිතමානී හා විද්‍යා විරෝධී, නමුත් උනුසුම්, විතන්ඩවාදී තර්ක විතර්ක පවත්වමින් පසුගාමී හා ගතානුගතික සමාජ ස්ථරයන් තුල තත්වයක් නිර්මානය කර ගැනීමට ඔහුට හැකි වී ඇත. මේ සඳහා මහායාන බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින තොටවත්ත, ථේරවාද බුද්ධාගමේ සමහර දේ සමඟ ගැටෙන අතර, විශේෂයෙන් ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් වලට  ප්‍රකෝපකාරී ලෙස දොස් තබයි. 

ආගම් විවේචනය කිරීමේ අයිතිය තිබිය යුතුයයි කියන තොටවත්ත, එසේ විවේචනය කරන අයට දඬුවම් දීම නො කල යුතු ය යි ද එම විවේචන තර්කයෙන් බිඳ දැමිය යුතුය යි ද ප්‍රකාශ කරන විට ඔහු සිදුකරන්නේ අධිපති සිංහල-බෞද්ධ පාලක පන්තියේ කර මත වාරු වෙමින් සිය ජනප්‍රියත්වය හා එමඟින් ඉහල යන ආදායම ගැන ද සිතා බලා ය යන්න සත්‍යයකි. 

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමති රිසාද් බදියුදීන්, වත්මන් පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් ඇතුලු දේශපාලනඥයන්, ඉස්ලාමීය පූජකයන් ඔහුට විරුද්ධව පැමිනිලි කර ඇත්තේ එබඳු විවේචන මගින් ජාතික සංහිදියාවට බාධා පැමිනවීම ගැන ය. 

තොටවත්තගේ ප්‍රකාශය හෙලා දකිමින්, ඔක්තෝබර් 7දා ජනමාධ්‍ය ඇමතූ සමස්ත ලංකා ජමියාතුල් උලමා – All Ceylon Jamiyyathul Ulama (ACJU), “එබඳු දුෂ්ඨ කොටස්වලට එරෙහිව පියවර ගන්නා මෙන්” වර්ගවාදී ආන්ඩුවේ ජනාධිපතිගෙන් හා පොලිස්පතිගෙන් ඉල්ලා සිටි අතර, “අපේ මව්බිමේ මහජනයා අතර සමගිය, සහජීවනය හා සාමයේ ආරක්ෂාව සහතික කරමින් ඊට වග කිවයුතු බලධාරීන් ඒ පිලිබඳ ව නිවැරැදි පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යි සඳහන් කලේය.

එම ප්‍රකාශය කල මවුලවීවරයා, දැනටමත් මුස්ලිම් හා දෙමල තරුනයන් සහ ලේඛකයන් රොත්තක් අත්අඩංගුවට ගෙන, ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා, දිගු කලක් ඇප නොදී රඳවා ගැනීමට  යොදවා ගැනුනු නීතිමය උපකරනය වන අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ ඔහුට දඬුවම් දෙන මෙන් ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. නතාෂාට, සේපාල අමරසිංහට හා ජෙරම් ප්‍රනාන්දුට දඬුවම් දුන්නා මෙන් දැඩි දඬුවම් ලබා දෙන මෙන් ඉල්ලූ ඔහු, දැඩි නීති ක්‍රියාත්මක කලොත් “ආගම් ගැන තියෙන ප්‍රශ්න මතු කරන්නෙ නැහැ” යි සිය අරමුන විවෘතව ම පෙරට දැමුවේ ය. මේ සඳහා, එනම් ආගම විවේචනය කිරීම මැඩීම තහවරු කිරීම සඳහා, ලංකාවේ ආගම් 4 ම අන්‍යොන්‍ය සහයෝගයෙන් මැදිහත් විය යුතු බවට ද ඔහු යෝජනා කලේ ය. 

මේ වනාහී මහජනයාගේ පිබිදෙමින් පවතින විචාර බුද්ධියට ම එරෙහි ව දැනටමත් මහජන වෛරයට පාත්‍ර වී ඇති මර්දනීය රාජ්‍ය යන්ත්‍රනය ඔසවා තැබීමට යත්න දැරීමකි.   

‍‍‍‍‍‍‍‍‍‍පැමිනිලිකාරයන් හා විත්තිකාරායා නියෝජනය කරන පන්ති අවශ්‍යතා ගැන අපට ඉතා පැහැදිලිව මෙසේ කිව හැකි ය: 

ධනපති පන්තියට නොවෙනස් ලෙස පැවිද්දෝ ද මහජනයා මුහුන දී සිටින පරිහානියෙන් ද, නූගත්කමින් හා පීඩනයෙන් ද ලාභ ප්‍රයෝජන ලබමින් මහජනයාගේ පිටේ නැග ගෙන වෙසෙති.”  (රෝසා ලක්සෙම්බර්ග්, Socialism and the Church, 1905) 

තොටවත්ත ධනපතියෙකු, ධනපති දේශපාලනඥයෙකු හෝ පැවිද්දෙකු නො වන බව සැබෑ වුවත්, කූටෝපායයිකයෙකු ද, ආගමික අභුත ලෝකයක සමාජ ප්‍රශ්න සඟවා තැබීම සඳහා කැප වූ පුද්ගලයෙකු ද වන ඔහුගේ පැවැත්ම ද එම පන්තිමය ස්වභාවයෙන් වෙනස් වන්නේ නැත. අනික් දෙපාර්ශවය මෙන් ම ඔහු ද මිනිසුන්ගේ ජීවිතයේ කටුකබව ජීවනෝපාය කර ගනී. ධනවාදී සමාජය තුල ඒ සඳහා අවශ්‍ය තරම් අවකාශ හා අවස්ථා ඇත. මූල්‍ය ප්‍රාග්ධනයේ පාලනය පාදඩකම රජකරවන බව කාල් මාක්ස් 1848 ප්‍රංශයේ තෙවන විප්ලවය ගැන කල විශ්ලේෂනයේ දී මත් පෙන්වා දුන්නේ ය.

ආගමික සංහිඳියාවේ නාමයෙන් දරුනු නීති ක්‍රියාත්මක කරන ලෙස කෙරී ගෙන යන උද්ඝෝෂනය තරුන හා සෙසු මධ්‍යම පන්තික කොටස්වල සැලකිය යුතු ආකර්ෂනයක් දිනාගෙන ඇති බව පෙනී යයි. නිදසුනක් ලෙස එස්එල් ස්ටෝරි නිවුස් නම් යූටියුබ් චැනලය පල කල මව්ලවිගේ අදාල පුවත්පත් සාකච්ඡාව මේ වන විට 5000ට වැඩි සංඛ්‍යාවක් විසින් ශෙයාර් කරනු ලැබ ඇත. මෙම උනන්දුව වටහාගත හැකි ය. 75 වසරක් ලංකාවේ ධනපති පාලනය ඉදිරියට ගොස් ඇත්තේ මහජනයා ආගමික වාර්ගික රේඛාවන් ඔස්සේ බෙදා පාලනය කිරීමේ මූලෝපාය යොදාගෙන ය. රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වෙමින් ආගමික හා වාර්ගික සුලුතරයන්ට ප්‍රහාර මාලාවක් එල්ල කල බොදු බල සේනා, සිහල රාවය වැනි ෆැසිස්ට් කල්ලි මහජන විරෝධයට පාත්‍ර වී ඇත. පසු ගිය වසරේ පැන නැඟුනු මහජන අරගලය, මෙම උගුල් ප්‍රතික්ෂේප කර මහජන එකමුතුව වර්ධනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි ව ඉස්මතු කලේ ය. අනතුරුව ගෙවී ගිය කාලය තුල ආන්ඩුව හා ධනපති ගැති ප්‍රතිගාමී කන්ඩායම් එම බෙදීම් යලි අවුස්සා ගැනීමට ගත් උත්සාහයන් මහජන පිලිකුලට ලක්ව අකුලා ගැනීමට සිදු විය. පාලක පන්තියේ එම දැනුවත් පීඩනය තොටවත්තට එරෙහි ඉහත යෝජනාවට අත්දැකීම් විරහිත තරුනයන්ගෙන් හා සෙසු මධ්‍යම පන්තික කොටස්වලින්  සහයෝගය ගොනු කිරීමට ආධාර විය.

මේ තතු යටතේ, මහජනයා අතර නිදහස් අදහස් පැවතීම හා හුවමාරු වීම මාරාන්තික අනතුරක් ලෙස සලකන පාලක පන්තිය නව මර්ධන නීති මඟින් ඒවා මැඩලීමට දැනටමත් ක්‍රියාත්මක වී ඇත. මහජනයා ඒවාට එරෙහි අරගලයක ද නිරත ය. එක තැනක දී දරුනු නීති ක්‍රියාත්මක කරන ලෙසත් තවත් තැනක දී ඒවා අහෝසි කරන ලෙසත් එකම ආන්ඩුවකට බල කිරීම අප වටහා ගන්නේ කෙසේ ද? එබැවින්, වර්ගවාදය පරාජය කල හැකි වන්නේ සිංහල, දෙමල, මුස්ලිම් ජනයා ආන්ඩුවේ සියලු මර්දන නීති හා පියවර පරාජය කිරිම සඳහා ඒකාබද්ධ මහජන ව්‍යාපාරයක් ගොඩ නැඟීම වෙනුවෙන් ගෙන යන නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදී සටන තුලින් ම පමනි. 

ආගම විවේචනය කලේ ය යන චෝනාව යටතේ ඉන්දික තොටවත්තට විරුද්ධ දඩයම පරාජයට පත් කිරිම එහි එක් පියවරකි. මන්ද යත් ප්‍රහාරය එල්ල වී ඇත්තේ හුදෙක් ප්‍රතිගාමී සංකල්ප වෙනුවෙන් පෙනී සිටින තොටවත්තටවත්, ඔහු නියෝජනය කරන එම සංකල්පවලටවත් නො ව පොදුවේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ය. 

පුලුල් ම ප්‍රජාතන්ත්‍රවාදය යෝජනා කරන විට අප, ෆැසිස්ට්වාදයට වුව අදහස් සදහා පෙනී සිටීමේ නිදහසක් තිබිය යුතුය යි කියන්නේ දැයි කෙනෙකුට ප්‍රශ්න කල හැක. නැත. අප කතාකරන්නේ සූරා කෑමේ අයිතිය සුරකින ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව ය. ෆැසිස්ට්වාදය යනු, ධනවාදයට එම ධනපති ප්‍රජාතන්ත්‍රවාදය පවා දරාගත නො හැකි ලෙස ගැඹුරු වන අර්බූදය විසඳා ගැනීම සඳහා, කම්කරු පන්තිය තලා මිරිකා එහි සියලු ශක්තිය උරා ගන්නා මධ්‍යම පන්තික ව්‍යාපාරයකි. ඒ අනුව වර්ගවාදය මැඩ පැවැත්වීම සඳහා ධනපති ආන්ඩුව මෙහෙයවා ගැනීම යනු, දැනටමත් සිඳී බිඳී ගොස් ඇති ව්‍යාජ-වාම නපුරු ස්වප්නයකි. 

ජ්‍යෝතිෂවේදියා බන්ධනාගාරගත කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස Read More »

Ampitiye

මඩකලපුවේ වර්ගවාදී උද්ඝෝෂනයක් 

අපේ ලියුම්කරු විසිනි

පසුගිය 7 වන දින ජනාධිපති මඩකලපුවට කල සංචාරයට සමගාමී ව වර්ගවාදී ප්‍රකෝපකරනයක් මෙහෙයවීමට අම්පිටියේ සුමනරතන භික්ෂුව කටයුතු කලේය. දමිල මන්ත්‍රී රාසමානික්‍යම්ට පෞද්ගලික තර්ජන එල්ල කරමින් ද, ඔහු අතු ගා දමන බවට කොසු ඉදල් අමෝරා හිඳිමින් සිදු කල මෙම උද්ඝෝෂනයේ ප්‍රධාන නිමිත්ත ලෙස ප්‍රකාශ කෙරුනේ මඩකලපුව දිවුලපාතන ගම්මානයේ සිංහල ගොවීන් පලවා හැරීමට මහවැලි අධිකාරිය කටයුතු කරන්නේ ය යන ව්‍යාජ චෝදනාවයි.

තිස් අවුරුද්දක් මමත් වෙඩි කාපු එකෙක්. වෙඩි කාල කාල …. සිංහල කියල පුලුටක් නෑ දානෙ හැන්දක් දෙන්න, වතුර උගුරක් ඉල්ල ගන්න. …. පුලුකුනාව රජ මහ විහාරෙ දේපොල ඔක්කොම අල්ලගෙන… පංකුඩාව රජමහ විහාරෙ සම්පූරනයෙන් හාල. ඩෝසර් කරල..” යනුවෙන් කෑ ගසමින් වියරුහුනු ලෙස හැසිරුනු එම භික්ෂුවගේ මෙකී චෝදනා, අතේ ගෙතූ ඒවා බවට එම ස්ථානයට පොලිසිය විසින් කැඳවනු ලැබූ මහවැලි අධිකාරියේ නිලධාරියෙකු විසින් ද තහවුරු කෙරින. එහෙත් එම පැහැදිලි කිරීම් නොතකා දිගටම ප්‍රකෝපකාරී රංගනයක නිරත වූ ඔහුට පොලිසියේ යටහත් පහත් රැකවරනය නොඅඩුව සැපයින. 

මීට සමගාමී ව රාසමානික්ක්‍යම් මන්ත්‍රීවරයාගේ මෙහෙයවීමෙන් පැවැති විරෝධයක විරෝධතාකරුවන් චෝදනා කලේ ඉහත උද්ඝෝෂනයේ දී අතිශය නියාලු ලෙස හැසිරුනු පොලිසිය දමිල ජනයා ඉදිරියේ මර්දනකාරී ලෙස කටයුතු කරන බවයි.

AMPITIYE
අම්පිටියේ භික්ෂුව සෙසු මැරයන් සමග ඇදෙයි

අම්පිටියේ සුමනරතන භික්ෂුව ප්‍රදේශවාසී ද්‍රවිඩ හා මුස්ලිම් ජනයාට එරෙහිව හා රජයේ සේවකයන්ට එරෙහිව නිබඳ කුපිත කිරීම් පිලිබඳ කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන්නෙකි. 2005 – 2015 රාජපක්‍ෂ ආන්ඩුව යටතේ මෙන් ම 2015 බලයට පත් සිරිසේන – වික්‍රමසිංහ යහපාලන ආන්ඩුව යටතේ ද ඔහු සුවිශේෂී රැකවරනයක් ලැබීය. 2016 වසරේ අග භාගයේ දී, ජාතීන් අතර වෛරය පැතිරවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය යුතුයැයි කෙරුනු ඉල්ලීම්වලින් ඔහු රැක ගැනීමට අධිකරන ඇමතිවරයාම මැදිහත් වූ බවට වාර්තා විය.

මහජන පදනමකින් තොරව ජරාජීර්න වූ කොලඹ පාලනය මුලුමනින් වර්ගවාදී භේද කිරීම් මත රැඳී සිටින තතු තුල, විශේෂයෙන් ම දෙමල හා මුස්ලිම් ජනයාට එරෙහිව අඛන්ඩ අර්ධ මිලිටරි පාලනයක් පවත්වා ගෙන යන උතුරු නැගෙනහිර ප්‍රදේශවල, වර්ගවාදී පදනම මත රාජ්‍යය විසින් නඩත්තු කරනු ලබන කුඩා සිංහල ජනාවාස ඇති කිරීමත්, විවිධ ප්‍රකෝපකාරීන් – විශේෂයෙන් ම ප්‍රකෝපකාරී භික්ෂූන් – හරහා ප්‍රදේශයේ ජනයා මත නිරන්තර පීඩනයක් පවත්වා ගෙන යාමත් ආන්ඩුව අනුගමනය කල උපායකි. මේ නිසා අම්පිටියේ සුමනරතන වැන්නන්ට මෙකී රාජ්‍ය යන්ත්‍රය හිමි කර දෙන්නේ සුවිශේෂී ස්ථානයකි. රාජ්‍යයේ විවෘත රැකවරනය හා අනුග්‍රහය ලබන ඔහු එම ආධිපත්‍යය මත ප්‍රදේශයේ සිවිල් ජනයාට හා රාජ්‍ය සේවකයන්ට තර්ජන හා අවමන් කරන සිදුවීම් රැසක් පසුගිය කාලයේ නිරන්තර ව වාර්තා විය. ලේඛකයන් හා කලාකරුවන් ද නිදහස් අදහස් පල කරන්නන් ද ICCPR පනත යටතේ සිරගත කිරීමට උද්‍යෝගිමත්ව ක්‍රියාත්මක වන පොලිසිය මෙම භික්ෂුව කෙරේ දක්වන නියාලු බවේ උල්පත පවතින්නේ එහි ය. ඔහු එම පලාතේ මිලිටරි හා පොලිස් ලොක්කන්ගේ සම්භාවනීය අමුත්තෙකු වී ඇත්තේ ද ඒ නිසා ය. 

වර්ගවාදී ප්‍රකෝපකාරිත්වයට සියලු අවශ්‍ය අනුග්‍රහය ලබා දීමේ ඓතිහාසික වාර්ථාවක් ඇති ලංකාවේ ධනපති පාලක පන්තිය කම්කරු අරගල බෙදා දියාරු කිරීම සඳහා එය යොදා ගෙන බලයට පැන ලේ වැකි තිස් අවුරුදු යුද්ධයකට, ජනසංහාර වලට හා සුලු ජාතීන්ට එරෙහි දැවැන්ත අකටයුතුකම් කිරීමට ද කටයුතු සලසන ලදී.

එහෙත්, කම්කරු පන්තියේ එක්සත් ශක්තිය පවත්නා තෙක් වර්ගවාදීන්ට අධිකාරී බවක් අතකර ගත හැක්කේ නැත.

මඩකලපුවේ වර්ගවාදී උද්ඝෝෂනයක්  Read More »

Gaza

පලස්තීන නැගිටීමෙන් නෙතන්යාහු තන්ත්‍රය සැලී යයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 08 දින පල වූ ‘Netanyahu regime staggered by Palestinian uprising‘ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

කපටිකමෙන් සහ ප්‍රචන්ඩත්වයෙන් වහලෙකුට විලංගු ලන වහල් හිමිකරුවෙක් සහ, කපටිකමෙන් හෝ ප්‍රචන්ඩත්වයෙන් විලංගු බිඳ දමන වහලෙක් යන මේ දෙදෙනා සදාචාරය පිලිබඳ උසාවියක් ඉදිරියේ සමානයන් වෙතැයි අපට කීමට කිසිදු නීචයෙක් ඉදිරිපත් නොවෙත් වා! ” – ලියොන් ට්‍රොට්ස්කි, 1938

Gaza
2023 ඔක්තෝබර් 7 සෙනසුරාදා, ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගාසා තීරයේ පහර දුන් ගොඩනැගිල්ලක සුන්බුන් පරීක්ෂා කරන පලස්තීනුවන් . [AP Photo/Fatima Shbair]

සිකුරාදා රාත්‍රියේ දී, ගාසා තීරයේ පලස්තීන හමුදා, රොකට් ප්‍රහාර මාලාවක් සමග ගාසා තීරය වට කර සිටින ඊශ්‍රායල හමුදාවන් එල්ල කරමින් හදිසි ප්‍රහාරයක් දියත් කලහ. සෙනසුරාදා රාත්‍රිය වන විට ඊශ්‍රායල ජාතිකයන් 200ක් මිය ගොස් 1100 ක් තුවාල ලබා තිබූ අතර පලස්තීනුවන් 232ක් මිය ගොස් 1697ක් තුවාල ලබා තිබුනි. මුලදී ඊට සූදානම්ව නොම සිටි ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ රුධිරයෙන් “පෙර නොවූ විරූ මිලක්” ලබා ගැනීමට ශපථ කර  ඇත.  

සිකුරාදා රාත්‍රියේ ආරම්භ වූයේ, ප්‍රචන්ඩ සහ ම්ලේච්ඡ ලෙස පීඩාකාරී ඊශ්‍රායල වාඩි ලා ගැන්මට එරෙහි පලස්තීන ජනතාවගේ නැගිටීමකි. නෙතන්යාහු ආන්ඩුව, ෆැසිස්ට් වැනි ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් පලස්තීන ඉඩම් නිරන්තර සොරකම් කිරීම අනුමත කිරීමද, ගාසා තීරය අවහිර කිරීම ද, එහි පාලක හමාස් පක්ෂයේ සාමාජිකයින් ඉලක්ක කර ඝාතනය කිරීම ද,  අල්-අක්සා පල්ලියේදී මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රකෝප කිරීම් සංවිධානය කිරීමද සිදු කර ඇත. එය, ගාසා තීරයට දරාගත නොහැකි කොන්දේසි පැනවීම මගින්  සන්නද්ධ ප්‍රතිරෝධය අනිවාර්යය කලෙහි ය. 

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයට කිසිදු පැකිලීමකින් තොරව සහාය දෙන අතරම පලස්තීන ප්‍රතිරෝධය “ත්‍රස්තවාදයක්” ලෙස හෙලා දකින යුරෝපා සංගමයේ නායකයින් සහ ජනාධිපති ජෝ බයිඩන්ගේ දුෂ්ට හා අශ්ලීල කුහක ප්‍රකාශයන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙලා දකියි.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල මිලිටරි මෙහෙයුම් සඳහා “අචල සහ නොසැලෙන” සහයෝගය සදහා ප්‍රතිඥා දෙමින් බයිඩන් මෙසේ පැවසීය: “එක්සත් ජනපදය ගාසාවේ සිට හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහි මෙම බිහිසුනු ප්‍රහාරය අවිවාදිතව හෙලා දකින අතර, . ඊශ්‍රායල රජයට සහ ජනතාවට අවශ්‍ය සියලුම අදාල  ආධාරක විධි ඉදිරිපත් කිරීමට අපි  සූදානම් බව මම අගමැති නෙතන්යාහුට පැහැදිලි කලෙමි. ත්‍රස්තවාදය කිසිවිටෙක යුක්ති සහගත නොවේ. ඊශ්‍රායලයට තමන් සහ තම ජනතාව ආරක්ෂා කිරීමට අයිතියක් ඇත.”

ජර්මානු විදේශ ඇමති ඇනලේනා බෙයර්බොක් මෙසේ ප්‍රකාශ කලාය: “ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට එරෙහිව හමාස් සංවිධානයේ පිලිකුල් සහගත ප්‍රචන්ඩත්වය, පෙර නොවූ විරූ මෙන්ම අයුක්ති සහගත ය. මෙම ත්‍රස්තවාදය වහා නැවැත්විය යුතුය. ඊශ්‍රායලයට අපගේ පූර්න සහයෝගීතාව ඇත.”

මෙම ප්‍රකාශවල කුහකකම විශ්ම සහගතය. සෑම විටම මෙන් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය ලැබී ඇත්තේ පීඩකයන්ට ය. පීඩිතයන්ගේ ප්‍රතිරෝධයේ කිසියම් ම ප්‍රකාශනයක් ආවේශගත හෙලාදැකීම් වලින් පිලිගනු ලැබේ. ඊස්රායල් ආන්ඩුව  අපරාධකරුවෙකු විසින් මෙහෙයවනු ලබන බවත්, ඔහුගේ සභාගය ෆැසිස්ට්වන් වර්ගවාදීන් විසින් ආධිපත්‍යය දරන බවත්, එය ව්‍යවස්ථාව යටපත් කිරීමේ උත්සාහයක නියැලී සිටින බවත්  මාධ්‍ය නොසලකා හරියි.

යුක්රේන යුද්ධය පිලිබඳ එහි ආවරනය තුල, රුසියාව “නීත්‍යානුකූල නොවන ලෙස ක්‍රිමියාව ඈඳා ගැනීම” ලෙස ඔවුන් පුරුද්දක් ලෙස හඳුන්වන දෙය හෙලා දැකීමට මාධ්‍ය කිසිවිටකත් අසමත් නොවේ. එක්සත් ජනපදය පුන පුනා ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිමියාව යලි අත්පත් කර ගැනීම සඳහා, “අවැසි තාක් කල්” යුක්රේනයේ යුද්ධයට සහය දෙන බවයි. එහෙත් පලස්තීන භූමියේ විශාල බිම් කොටස් ඊශ්‍රායලය විසින් නීති විරෝධී ලෙස ඈඳා ගැනීම, එය කිසිවිටෙක හෙලා දකින්නේ නැත.

ගාසා තීරයේ පලස්තීන ජනගහනයට සහ හමාස් ආන්ඩුවට ඩොලර් බිලියන සිය ගනනක් තරම් ආයුධ සපයන බලවත් අධිරාජ්‍යවාදී ආධාරකරුවන් නොමැත. සෑම වසරකම ඩොලර් බිලියන ගනනින් එක්සත් ජනපද මිලිටරි ආධාර ලබන ඊශ්‍රායල හමුදාවේ වාඩිලෑමකට එරෙහිව පලස්තීනුවන් ආයුධ අතට ගන්නා විට, ඔවුන් අතිමහත් අවාසි සහගත තත්ත්වයන්ට මුහුන පාමින් සිටින බව ඔවුහු දනිති.

එහෙත් නේටෝ රටවල ප්‍රතිගාමී දේශපාලඥයින් සහ වහල් මාධ්‍ය විසින් පලස්තීන හමුදාවන් වීරයන් ලෙස ගෞරව නොදක්වන අතර, ඒ වෙනුවට ත්‍රස්තවාදීන් ලෙස හෙලා දකී. යථාර්ථය නම්, ඊශ්‍රායල රාජ්‍යය , වසර ගනනාවක් තිස්සේ ජනාකීර්න ගාසා තීරයට එල්ල කරන ලද ඉවක් බවක් නොමැති  ප්‍රහාරවලින් සිවිල් වැසියන් සිය හෝ දහස් ගනනක් ඉලක්ක කර මරා දමා ඇති බවයි.

සෙනසුරාදා රාත්‍රියේ ත්‍රාසය දනවන ජාතිය ඇමතීමකින්, නෙතන්යාහු  “ගාසාවේ පදිංචිකරුවන්ට” පැවසුවේ “දැන් ඉවත්ව යනු, මන්ද අපි සෑම තැනකම සහ පූර්න බලයෙන්  යුතුව ක්‍රියා කරන්නෙමු” යනුවෙනි. ඔහුගේ ආන්ඩුව ගාසා තීරය අවහිරකරමින් කිසිවෙකුට පිටව යාමට ඉඩ නොදෙන බැවින්, මෙය, ගාසා තීරයේ සමස්ත ජනගහනයම නීත්‍යානුකූල ඉලක්කයක් ලෙස නෙතන්යාහු දකින බව ප්‍රකාශ කිරීමකි. නෙතන්යාහු, “හමාස් සංවිධානයට අවශ්‍ය වන්නේ අප සියල්ලන්ම ඝාතනය කිරීමට” බව ප්‍රකාශ කරමින්, “ කටුක අවසානය දක්වා ඔවුන් සමග සටන් කිරීමට” ප්‍රතිඥා දුන් අතර හමාස් ක්‍රියාත්මක වන නගර “විනාශයේ නගර” බවට පත් වනු ඇති බව කියා සිටියේය.

ගාසා තීරය විනාශ කිරීමේ මෙම ම්ලේච්ඡ තර්ජනය නෙතන්යාහුගේ පාලන තන්ත්‍රයේ ෆැසිස්ට් ආකාර   ස්වභාවයට සාක්ෂි දරයි. සියොන්වාදී පාලන තන්ත්‍රය දශක ගනනාවක දකුනට මාරුවීමේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, ආගමික සියොන්වාදී පක්ෂය වැනි ප්‍රචන්ඩ අන්ත දක්ෂිනාංශික කන්ඩායම්, ඔහු විසින් ඔහුගේ ආන්ඩුව තුල සංස්ථාපිත කිරීමයි. එහි සාමාජිකයින් විසින් අල්ලා ගත් ප්‍රදේශවලින් පලස්තීනුවන්  නෙරපා හැරීම සඳහා කැඳවීම් කරමින්, 1994  කුලදෙටු ගුහාවේ සංහාරය (Cave of Patriarchs massacre) වැනි පලස්තීනුවන් ඝාතනය කිරීම් ප්‍රවර්ධනය කරමින්, අල්-අක්සා පල්ලිය විනාශ කරන ලෙස බලකර සිටිමින්, ඇමරිකාවේ උපන් ෆැසිස්ට්වාදී මීර් කහාන් ( Meir Kahane) ගේ උරුමය ප්‍රවර්ධනය කරමින් ක්‍රියාත්මක වෙයි.

ඔහුගේ යුද්ධය සඳහා නෙතන්යාහුගේ සාධාරනීකරනය පදනම් වී ඇත්තේ ඔහු විසින් ජනඝාතක සංවිධානයක් ලෙස සලකන හමාස්ගේ අරමුනු මුසාකරනය කිරීම මත ය. යථාර්ථය නම්, හමාස් හමුදා අංශය වන අල්-කසාම් බලකාය විසින් නිකුත් කරන ලද ප්‍රකාශය අවධාරනය කරන්නේ, යුදෙව්වන්ට නොව ඊශ්‍රායල් වාඩි ලා ගැනීමට එරෙහි එහි විරෝධය යි. ඊශ්‍රායල හමුදා සහ පදිංචිකරුවන් (settlers) විසින් පලස්තීනුවන් ඝාතනය කිරීම, පලස්තීනුවන් දිගු කාලීනව සිරගත කිරීම, පලස්තීන ඉඩම් සොරකම් කිරීම සහ අල්-අක්සා පල්ලියේ ප්‍රකෝප කිරීම් හෙලා දකිමින්, එය  අවසන් කරන්නේ:

“ඊශ්‍රායල් වාඩි ලා ගැනීම  ගාසා තීරය වැටලීම පවත්වා ගෙන යමින් අපගේ පලස්තීන ජනතාවට එරෙහි අපරාධ දිගටම කරගෙන යන අතර, එක්සත් ජනපදයේ සහ බටහිර සහයෝගය සහ ජාත්‍යන්තර නිශ්ශබ්දතාවය මධ්‍යයේ ජාත්‍යන්තර නීති සහ යෝජනා සම්පූර්නයෙන් නොසලකා හරියි;   ඒ සියල්ල සදහා  තිත තැබීමට අපි තීරනය කලෙමු. පලස්තීන ජනතාවට එරෙහි ඊශ්‍රායල අපරාධ සහ අල්-අක්සා පල්ලියේ උල්ලංඝනය කිරීම් වලට ප්‍රතිචාර වශයෙන් ගෙන එන ඊශ්‍රායල වාඩිලා ගැනීමට එරෙහිව මිලිටරි මෙහෙයුමක් අපි නිවේදනය කරමු” යනුවෙනි.

එවැනි මෙහෙයුමක් රහසිගතව සූදානම් කර එය – යොම් කිප්පූර් යුද්ධයෙන් වසර 50 කට පසු – ඔක්තෝබර් 6දා දියත් කිරීමට හමාස් සතු හැකියාව ඊශ්‍රායල රාජ්‍යයේ අර්බුදයේ ගැඹුර හෙලිදරව් කරයි. එය ෆැසිස්ට් ආකාර  කොටස් විසින් ඉහවහා ගොස්  ඇති අතර, නෙතන්යාහුගේ දූෂන සම්බන්ධයෙන් වසර ගනනාවක නඩු විභාගයක් සමග  සටනේ යෙදී ඇත. එසේම එය , අධිකරනයේ නෛතික ස්වාධීනතාවයට  වල කැපීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරනයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර එහි අසාර්ථකත්වය  මධ්‍යයේ, මෙම වසර මුලදී කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහජන විරෝධතාවලට මුහුන දුන්නේය. ෆැසිස්ට් ආකාර  ත්‍රස්තය හරහා පලස්තීන විරෝධය යටපත් කිරීමේ  එහි උත්සාහය අසාර්ථක ව ඇත.

1943 දී වෝර්සෝ ගෙටෝවේ (ghetto-විශේෂයෙන් යුරෝපයේ යුදෙව්වන් කොටුකල නාගරික මුඩුක්කු වන් ප්‍රදේශ)  යුදෙව්වන්ගේ නැගිටීමෙන්  සහ 1944 වෝර්සෝ කැරැල්ලෙන් , අල්ලා ගත් පෝලන්තයේ නාසි අන දෙන නිලධාරීන් පුදුමයට පත් වූ ආකාරයටම, පලස්තීන නැගිටීම ගැන නෙතන්යාහු රජය මවිතයට පත් විය. උඩඟුකම සහ වාර්ගික වෛරය නිසා අන්ධව සිටි එය, තම මර්දනය මගින් පලස්තීනුවන්ගේ කොන්ද බිඳ දමා ඇති බැවින් ප්‍රතිරෝධය අශක්‍ය යැයි   විශ්වාස  කලේය. එහි වරද හෙලිදරව් වී දැන් එය – දස සහ සිය දහස් ගනනක් ඝාතනය කරමින් නැගිටීම් වලට ප්‍රතිචාර දැක්වූ නාසීන් වාඩිලා ගත්  පෝලන්තයේ දී මෙන් – රුධිර ස්නානයක් කරා ගමන් කරමින් සිටී.

මෙම පිලිවෙත අරාබි හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ පෘථුල විරෝධයට මුහුන දෙයි. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නිර්ලජ්ජිත බොරු නොතකා, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාව අතර පලස්තීනුවන් කෙරෙහි පුලුල්  සහයෝගයක් පවතී. 

කෙසේ වෙතත්, මෙම සහයෝගය සහ විරෝධය දේශපාලනිකව බලමුලු ගැන්විය යුතුය. විශේෂයෙන්ම, ඊශ්‍රායලයේ කම්කරුවන් හා තරුනයන් නෙතන්යාහු ආන්ඩුවේ මිනීමැරු පිලිවෙත්වලට එරෙහිව තමන්  වෙන් කර ගනිමින්  විරුද්ධ විය යුතු අතර මර්ධනයට හා වාඩිලෑමට එරෙහිව පලස්තීනුවන්ගේ සටනට සහාය දිය යුතුය.

දූෂිත අරාබි සහ මැද පෙරදිග ධනේශ්වර තන්ත‍්‍ර , අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ලේවැකි මර්දනයක් දියත් කිරීමේ  නෙතන්යාහුගේ සූදානමට හවුල් ය. නෙතන්යාහු විසින් නොසලකා හරිනු ඇති, උත්සන්න වීම  අඩු කිරීම සහ සංයමය සඳහා තුර්කියේ, ඊජිප්තුවේ, සවුදි අරාබියේ සහ කලාපයේ වෙනත් තැන්වල ධනේශ්වර ආන්ඩු,   ආයාචනා කරති. ඒ අතරම, ඔවුන් සියල්ලෝම තමන්ගේ මිලිටරි සහ මූලෝපායික හේතු උදෙසා ඊශ්‍රායල පාලන තන්ත්‍රය සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීම සඳහා මං  සොයමින් සිටිති.

ඊශ්‍රායලය තුල නෙතන්යාහුගේ ප්‍රහාරය නැවැත්විය හැකි බලවේගය වන්නේ, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරය නැවැත්වීමට, නෙතන්යාහු පාලනය බිඳ දැමීමට සහ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ  ඊශ්‍රායල වාඩිලා ගැන්ම අවසන් කිරීමට,  ඒකාබද්ධ අරගලයක් පෙරට ගන්නා  ඊශ්‍රායල, පලස්තීන සහ ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

පලස්තීන නැගිටීමෙන් නෙතන්යාහු තන්ත්‍රය සැලී යයි Read More »

GAZA

පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි

අපේ ලියුම්කරු විසිනි.

GAZA
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් අතරතුර 2023 ඔක්තෝබර් 7 වන දින ගාසා නගරයේ ගොඩනැගිලිවලට ඉහළින් ,දුමාරයක් නැඟේ.  මහමුද් හම්ස් |  AFP |  Getty Images

ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතනයාහුගේ පාලන තන්ත්‍රය, අධිරාජ්‍යවාදී සියලු මධ්‍යස්ථානවල පූර්න අනුමැතිය හා සහාය සහිතව, වර්ග සැතපුම් 141ක් වන ගාසා තීරයේ ජීවත් වන මිලියන දෙකකට අධික ජනයාට ආහාර, ඉන්ධන යනාදී අත්‍යාවශ්‍ය දෑ අවහිර කරමින් ද, ගුවන් හා මිසයිල් ප්‍රහාරවලට ඔවුන් ගොදුරු කර ගනිමින් ද, සමූල  ඝාතක යුද්ධයක් අරඹා ඇත. ඊශ්‍රායලය සඳුදා කියා සිටියේ, ප්‍රහාර එල්ල කරන අතරම තමන් මෙකී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය – එනම්, “ආහාර, ඉන්ධන හා ඖෂධ ආදී සියල්ල – වලක්වන” බව ය. සඳුදා එල්ල කල ප්‍රහාරය එතෙක් මෙතෙක් ගාසා තීරයට තමන් විසින් එල්ල කෙරුනු විශාලතම ප්‍රහාරය බව ඊශ්‍රායලය පවසයි. 

ප්‍රහාරය මගින් පැය 24ක් තුල 187,518 නිවාස හැර ගොස් ඇති බව එක්සත් ජාතී්ගේ සංවිධානය වාර්තා කර ඇත. එයින් 137,427ක් පාසැල් 43 ක නවාතැන් ගෙන ඇති අතර, 41,000කගේ නිවාස මුලුමනින් ම විනාශ වී හෝ අලාභහානි වී ඇති නිසා නෑ-හිතවතුන්ගේ නිවෙස්වල රැකවරන ලබති. 

සඳුදා, ගාසා නගරයට උතුරින් පිහිටි ජබාලියා සරනගත කඳවුරට බෝම්බ හෙලන ලදී. එහි සිටි එක් වාර්තාකාරිනියක් සඳහන් කර ඇත්තේ, සිය ජිවිත මුලුමනින් ම අනාරක්ෂිත බව ය. මේ වන විටත් පුවත්පත්කලාවේදීන් දුසිම් භාගයක්වත් බෝම්බ ප්‍රහාරවලින් මරනයට පත් වී ඇත.   

එක්සත් ජනපදයේ රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු වන ජෝෂ් හෝලි  සමාජ මාධ්‍ය ඔස්සේ කර ඇති ප්‍රනාශයක් අද “අල් ජසීරා” වාර්තා කර ඇත. “ඊශ්‍රායලය පැවැත්ම පිලිබඳ තර්ජනයකට මුහුන දී සිටී. යුක්රේනයට දෙන කවර හෝ අරමුදලක් වේ නම් එය වහා ම ඊශ්‍රායලයට හරවා යැවිය යුතු ය.” ඒ වන විටත් ඇමරිකානු යුද නැවක් ඊශ්‍රායලයට සහාය පිනිස වහා යවනු ලැබ තිබිනි.

මේ අතර ඇමරිකානු ඒකාබද්ධ කාර්‍ය මන්ඩල ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් චාල්ස් කිව්. බ්‍රවුන් “මෙම සටනට අත නො දමන්නැයි (not get involved) ඉරානයට තර්ජනය කර ඇත. 

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි ප්‍රකාශ කර ඇත්තේ “ගාසා තීරය මුලුමනින් අවහිර කිරීමට” තමන් විරුද්ධ නො වන බවයි. “පලස්තීන ජනයා අතර තමන්ගේ ම ආරක්ෂාව සලසා ගැනීමට” හමාස් සංවිධානයට එවිට සිදු වනු ඇත යන නරුම ප්‍රකාශය ඔහු ඊට එකතු කර ඇත. 

කොටු කරනු ලැබූ සිවිල් ජනතාව හා ස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ හෙලන සෑම මොහොතකම  ජාත්‍යන්තර මානුෂවාදී නීති සම්මුතීන් අමු අමුවේ උල්ලංගනය කර ඇති

නෙතනයාහු යුධ අපරාධ කරුවෙකි.  එහෙත් අධිරාජ්‍යවාදය මෙම සම්මුති මායිම් කරන්නේ නැත. යුක්‍රේනයේ හිටපු නාසි ඝාතකයන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුල උත්කර්ෂයට නංවමින් ද, නව නාසි වාදීන්ගේ නියෝජිතයෙක් වන සෙලෙන්ස්කිගේ ආන්ඩුවයට සියලු මිලිටරි හා මූල්‍යමය සහාය දෙමින් ද සිටින අධිරාජ්‍යවාදයට ඊශ්‍රායලයේ අපරාධවලට එරෙහි පුලුල් ව්‍යාපාරය  “යුදෙවි විරෝධය” ලෙස හංවඩු ගැසීම නරුමවාදයකි.  එහි අර්ථය ඊශ්‍රායලයේ ලේ පිපාසිත සියෝන්වාදය වහංගු කිරීමයි.

පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි Read More »

G20

G20 සමුලුව සඳහා  වාර්තාව ගෝලීය මූල්‍ය පද්ධතියේ ගැටලු සඟවයි

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 සැප්තැම්බර් 06 දින පල වූ ‘Report to G20 summit glosses over problems in global financial system’ යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය SF විසිනි.

මූල්‍ය අධිකාරීන් විසින් නිකුත් කරනු ලබන නිවේදනවල අරමුන වන්නේ තමන් ම රවටා ගැනීම ද, නැතහොත් ඒවා භාර දෙනු ලබන සංවිධාන රැවටීම ද; එසේත් නැතහොත්, “අශ්ව කුලප්පුවක්” වැනි කලබැගෑනියක් ඇතිවීම වැලැක්වීම සඳහා, ප්‍රසිද්ධ ලියකියවිලි වල ඕනෑවට වඩා වැඩි දේවල් ප්‍රකාශ නොකිරීම වඩාත් සුදුසු යැයි ඔවුන් සලකන නිසාද එසේ කටයුතු කරන්නේ ද යන්න සමහර විට දැනගැනීම අපහසුය.

නවදිල්ලියේ ආරම්භ වන G20 නායකයින්ගේ සමුලු රැස්වීමට, ලෝකයේ ප්‍රධාන මූල්‍ය නිරීක්ෂන ආයතනය වන මූල්‍ය ස්ථායිතා මන්ඩලයේ (Financial Stability Board- FSB) සභාපති ක්ලාස් නොට් නමින්  නිකුත් කල ලිපිය සම්බන්ධයෙන් මෙය අදාල ය.

G20
2023 අගෝස්තු 24, බ්‍රහස්පතින්දා, ඉන්දියාවේ නවදිල්ලියේ G20 සමුලු ලාංඡනය සහිත ඉදිකිරීම් භූමියක් අසල කම්කරුවෝ දිවා විවේකය ලබති. බොහෝ වීදි වෙලෙන්දන් සහ නගරය පුරා පැතිර ඇති පැල්පත් නගර සම්බන්ධයෙන් ගත් කල, නවදිල්ලිය අලංකාර කිරීම යන්නේ අදහස වන්නේ, අවතැන් වීම සහ ජීවනෝපායන් අහිමි වීමයි. . [AP ඡායාරූපය/මනිෂ් ස්වරුප්]

නොට් ආරම්භ කලේ, ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ “ගම්‍යතාව (වේග-බලය) හීන වෙමින් පවතින බවටත්” ප‍්‍රධාන ආර්ථිකයන්හි පොලී අනුපාත ඉහල යාම වඩ වඩාත් (ආර්ථිකයට) දැනෙමින් පවතිනා බවටත්, අනතුරු ඇඟවීමක් කරමින්, එනමුත් මේ දක්වාම බැංකු පද්ධතියේ  ඔරොත්තු දීමේ  හැකියාව පවතින බව ප්‍රකාශ කරමිනි. “පශ්චාත් අර්බුද G20 ප්‍රතිසංස්කරන මගින් හඳුන්වා දුන් ශක්තිමත් බැංකු ප්‍රාග්ධන ස්වාරක්ෂක (බෆර) ” මෙයට කිසිසේත් අල්ප නොවන ආකාරයකින් බලපා ඇති බව ඔහු කියා සිටියේය.

මාර්තු මස බැංකු අංශයේ කැලඹීම, එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම බැංකු බිඳ වැටීම් හතරෙන් තුනක් මෙන්ම, ක්‍රෙඩිට් ස්වීස් (Credit Suisse) හි බිඳවැටීම සහ පවරා ගැනීම ද අත් දුටුවේය. එය 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් (GFC) පසුව ක්‍රියාත්මක කරන ලද මූල්‍ය ප්‍රතිසංස්කරන සඳහා “පරීක්‍ෂනයක්” වූ අතර, අවම වශයෙන්  කිවහොත් නොට් ප්‍රකාශ කරන අයුරින්, එම පරීක්ෂනයෙන් ඔවුන් සමත් වී ඇත.

බැංකු අංශයේ ආතතියේ එක් එක් තනි සිද්ධීන්, “වර්තමාන පරිසරය තුල අවදානම් සහිත තත්ත්වයන් කෙතරම් වේගයකින් එලිමහනට පැමිනිය හැකි ද” යන්න පිලිබඳ දැඩි මතක් කිරීමක් බව ඔහු ලියා ඇත. කෙසේ වෙතත්, “එක් එක් බැංකු විසින් මුහුන දෙන ලද ප්‍රාතතීන් එකක් පසුපස එකක් ලෙස වැඩී යමින් පූර්න අර්බුදයක් කරා ඇද නොවැටී පැවතීම” දිරිගන්වනසුලු බවත්, එය G20 ප්‍රතිසංස්කරන(වල සාර්ථකත්වය) සඳහා සාක්ෂියක් බවත් ඔහු නිගමනය කලේය.

ඇත්ත වශයෙන්ම නම්, ඕනෑම වෛෂයික තක්සේරුවකින් හෙලිදරව් වන කරුන වන්නේ G20 ප්‍රතිසංස්කරන, පරීක්ෂනයෙන් සම්පූර්නයෙන්ම අසමත් වී ඇති බවයි.

එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, සිලිකන් වැලි බැංකුව, සිග්නේචර් සහ ෆස්ට් රිපබ්ලික්  යන අසාර්ථක වූ එක්සත් ජනපද බැංකු තුනෙහි, ධනවත් පුද්ගලයන් සහ සංගත ඇතුලු තැන්පත්කරුවන්ට, ඔවුන්ගේ මුදල් එක්සත් ජනපද බලධාරීන් ලවා ඇප-සහතික කර ගැනීමට සිදු විය. එසේ නොකලේ නම් එය “පද්ධතිමය අර්බුදයක්” අවුලුවා ලීමට ඉඩ තිබුනි.

ක්‍රෙඩිට් ස්වීස්හි අභාවයත් සමඟ ජාත්‍යන්තර සම්මතයෙහි රාමුව හෙවත් ඊනියා ප්‍රතිසංස්කරනවල අසාර්ථකත්වය වඩාත් පැහැදිලිව පෙනෙන්නට විය.

ස්විට්සර්ලන්ත ජාතික බැංකුව ( ස්විට්සර්ලන්ත මහ බැංකුව)  සහ ස්විස් රජය විසින් සංවිධානය කරන ලද ගනුදෙනුවකදී, ගෝලීය මූල්‍ය අර්බුදයෙන්ට පසුව එලැඹ ගන්නා ලද, “සම්මතය” (“resolution”)  ලෙස නම් කරන ලද සියලුම රෙගුලාසි සහ ගිවිසුම්වලට පටහැනිව, ක්‍රෙඩිට් ස්වීස්, යූබීඑස්  (UBS) විසින් පවරා ගන්නා ලදී.

එකල මෙය විවෘතවම පිලිගන්නා ලදී. ස්විස් ජාතික බැංකුවේ සභාපති තෝමස් ජෝර්ඩන් පැවසුවේ “සම්මතය” පද්ධතිමය අර්බුදයක අවදානම ගෙනෙනු ඇති බවයි.

“සාමාන්‍ය තත්වයන් යටතේ න්‍යායිකව ගත් කල  සම්මතය ක්‍රියාවට දැමිය හැකි නමුත්, පොදුවේ අප පසුවූයේ මූල්‍ය වෙලඳපොලවල දැවැන්ත වික්ෂිප්තභාවයක් සහිත බිඳෙනසුලු පරිසරයක ය. මෙම තත්ත්වයන් යටතේ සම්මතය ස්විට්සර්ලන්තයේ පමනක් නොව ගෝලීය වශයෙන්ම විශාල මූල්‍ය අර්බුදයකට තුඩු දිය හැකිව තිබුනි,” ඔහු පැවසීය. 

වෙනත් වචන වලින් කිවහොත්, සම්මතය එය අවශ්‍ය නොවන තත්ත්වයන් යටතේ ඵලදායි වනු ඇති නමුත්, එහි ක්‍රියාකාරිත්වය අපේක්ෂිත තත්ත්වයන් තුල එය නිෂ්ප්‍රයෝජන වනු ඇත !

ස්විට්සර්ලන්ත මුදල් ඇමති කරින් කෙලර්-සටර් විසින් ද එම කරුනම ඉදිරිපත් කෙරිනි. ප්‍රධාන බැංකු අසාර්ථක වීම් වෙනුවෙන් සකස් කරන ලද හදිසි අවස්ථා ප්‍රොටෝකෝල (සම්මත කර ගත් ක්‍රියා පටිපාටි) වලට අනුව ක්‍රියා කිරීම “ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයක් අවුලුවාලිය හැකිව තිබුනු” බව ඇය පැවසුවාය.

G20 ප්‍රොටෝකෝලයන්ට අනුව ගෝලීය වශයෙන් වැදගත් බැංකුවක් ඈවර කල නොහැකි බව ඇය නිගමනය කර තිබුනි.

මාර්තු මස අත්දැකීම් නොසලකා හරිමින් නොට් පැවසුවේ, “2008 මහා මූල්‍ය අර්බුදයෙන් පසුව FSB විසින් සකස් කරන ලද ජාත්‍යන්තර සම්මත රාමුව එකී අරමුන සඳහා සුදුසු බවට” තමා ඒත්තු ගෙන සිටින බවයි.

කෙසේ වෙතත්, “වඩාත් ඉහල නය සේවා පිරිවැය තවදුරටත් ආර්ථිකය පුරා පැතිර පවත්නා බැවින් ඉදිරි මාසවලදී මූල්‍ය වෙලඳපොලවල තවදුරටත් ආතතීන් පැවැතීමේ ඉඩකඩ බැහැර කල නොහැකි” බව ඔහු සඳහන් කලේය.

ඒ අතරම, මූල්‍ය පද්ධතිය, “වේගවත් වෙමින් පවතින ඩිජිටල්කරනයට සහ දේශගුනික විපර්යාස අවදානම්වලට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය ඇතුලු, ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් මධ්‍යයේ” පවතී.

මෑත වසරවල “ප්‍රධාන ප්‍රවනතා” වලින් එකක් වන්නේ, ඇතැම්විට “ඡායා බැංකු” ලෙස ද හඳුන්වනු ලබන, බැංකු නොවන මූල්‍ය අතරමැදිකරනයේ (Non Banking Financial Intermediation – NBFI) වර්ධනය වී ඇති වැදගත්කමයි. (NBFI යනු, ආයෝජන අරමුදල්, රක්ෂන සමාගම්, විශ්‍රාම අරමුදල්, ආයෝජන බැංකු, උගස්කරුවන් ආදී වශයෙන්, නය නිර්මානයට සහභාගී වන, එහෙත් නියාමන අධිකාරීන්ගේ පරීක්ෂාවට බඳුන් නොවන අතරමැදි මූල්‍යයයි – පරිවර්තක) එය නය ගැනීමේ ප්‍රභවයන් විවිධාංගීකරනය කර ඇති නමුත් නය ගොඩ ගැසීමටද හේතු වී තිබේ. 

“නිසි ලෙස කලමනාකරනය නොකලහොත්, කම්පන තත්ත්වයක දී, නය අරමුදල්වල ලීවරනය ආතතිය වර්ධනය කිරීමට හේතු විය හැකි අතර, භාන්ඩ සහ බැඳුම්කර වෙලඳපොලවල මෑත කාලීන ප්‍රාතතීන් මගින් පෙන්නුම් කෙරුනු පරිදි එය පද්ධතිමය කඩා වැටීමකට තුඩු දිය හැකිය.”

නමුත් කලමනාකරනය සදහා නිවැරදි තොරතුරු සහ දත්ත අවශ්‍ය වේ. එසේ නොමැති වූ කල නියාමකයින් වීමට නියමිත අයට වැඩ කරන්නට සිදුවන්නේ අඳුරේ අතපත ගාමින් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් පිලිගනු ලැබ ඇති පරිදි, NBFI සම්බන්ධයෙන් ඔවුන් බොහෝ දුරට කිසිවක් ම හෝ නොදන්නා ප්‍රධාන ක්ෂේත්‍ර පවතී. 

නොට් මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ සඳහන හැකිතාක් දුරට සැර බාල කරමින් මෙසේ ඉදිරිපත් කරයි:

“NBFI නය අරමුදල් විවිධ ආකාර ගත හැකි අතර, බොහෝ විට ඒවා හඳුනා ගැනීමට හෝ මැනීමට අපහසුය. එමඟින් ඒවා ආශ්‍රිතව පවතින අන්තරායකාරී අවදානම් තක්සේරු කිරීම සංකීර්න කෙරේ.”  

ඔහුට කල හැකි වැඩිමනත්ම දෙය වූයේ, ප්‍රධාන දත්තවල හිඩැස් පිරවීම සහ “ආශ්‍රිත අන්තරායකාරී අවදානම් ආමන්ත්‍රනය කිරීම” සඳහා “ගත හැකි ක්‍රියාමාර්ග” හඳුනා ගනිමින් මෙම ක්ෂේත්‍රයේ පවතින ප්‍රවනතා පිලිබඳ සමුලුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමයි.

මෙම ප්‍රකාශ වලින් ලබා ගත හැකි එකම නිගමනය නම් වර්තමානයේ FSB සහ අනෙකුත් සෑම මූල්‍ය අධිකාරියක්ම අඳුරේ අතපත ගාන බවයි.

ඩිජිටල්කරනයේ ප්‍රධාන ක්ෂේත්‍රය වන්නේ ක්‍රිප්ටෝ වත්කම් ඉස්මතුවීමයි. පසුගිය වසර පුරා සිදු වූ සිදුවීම් ගනනාවක් විසින් “සාම්ප්‍රදායික මූල්‍ය පද්ධතිය සමඟ එහි වැඩෙන බන්ධනයන් සැලකිල්ලට ගත් කල, සමීප නිරීක්ෂනයක් අවශ්‍ය කෙරෙන ක්‍රිප්ටෝ-වත්කම් පද්ධතික වටාපිටාවේ ඇති අන්තරායන්ට තුඩු දීමේ ශක්‍යතා ඉස්මතු කර පෙන්වා තුබූ” බව නොට් ලිවීය.

“ගෝලීය මූල්‍ය පද්ධතියේ අන්තර් සම්බන්ධිතභාවය නිසා එක් මූල්‍ය ආයතනයක සිදුවන සයිබර් සිදුවීමක් හෝ එහි තුන්වන පාර්ශ්ව සැපයුම්කරුවෙකුගේ සිදුවීමක්, දේශසීමා සහ පුලුල් අංශ හරහා පැතිරී යා හැකි බව” ඔහු පැහැදිලි කලේය.

“මෑත කාලීන කාලගුනික සිදුවීම් අරේඛීය (රේඛීය නොවන) ප්‍රතිඵල ඇති කිරීම සඳහා ශක්‍යතාව පෙන්වා ඇති” බැවින්, දේශගුනික විපර්යාසද මූල්‍ය පද්ධතියට අවදානම් ඇති කරයි; ඊට හේතුවන්නේ, අපේක්ෂිත ප්‍රමානයට වඩා අත්‍යන්ත ලෙස වැඩි ආර්ථික ප්‍රතිවිපාක ඇති කිරීම සහ එම හේතුවෙන් මූල්‍ය පද්ධතිය තුල එකී අවදානම පෝෂ්‍ය කිරීම සිදුවන හෙයිනි.

අවසාන වශයෙන්, ඉදිරි මාස සහ වසර වලදී ගෝලීය මූල්‍ය පද්ධතියට අභියෝග සහ කම්පනවලට මුහුන දීමට සිදුවනු ඇති බව සහතික යයි අනතුරු අඟවමින් නොට් ප්‍රකාශ කලේ, අධිකාරීන්ගේ ක්‍රියාවන් විසින් ඒවා  විස්තාරනය කෙරෙනවාට වඩා ඒවා අවශෝෂනය කර ගැනීමට “හැකියාවක් තිබීමේ විභවයක්” ඇති බවයි. වෙනත් වචනවලින් කිවහොත්, වැඩි කම්පනයක් ඇති වූ විටෙක, බලධාරීන්ට එය පාලනය කිරීමට හැකියාව තිබිය හැකි නමුත්, එය නිශ්චිත නැති බවයි.

සමස්තයක් ලෙස ගත් කල, ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත “ලෝකයේ බලවත්ම මූල්‍ය මුර බල්ලා” ලෙස විස්තර කර ඇති පාර්ශ්වය විසින් ඉදිරිපත් කෙරෙන මෙම වාර්තාව චිත්‍රනය කරන පින්තූරය පෙන්වා දෙන්නේ, සිය මූල්‍ය පද්ධතිය අර්බුද ඇති විය හැකි මූලාශ්‍රවලින් පිරී ඇති බැව් ධනේශ්වර පාලක පන්තියේ නියෝජිතායතන දන්නා බවයි. එහෙත් ඊලඟ පහර වදින්නේ කොතනින් ද යන්න පිලිබඳ සැබෑ අදහසක් ඔවුන්ට නොමැති අතර, එය වැලැක්වීම සඳහා කුමක් කල යුතුද යන්න පිලිබඳව ඔවුන්ට ඇත්තේ ඊට ද අඩු වැටහීමකි.

G20 සමුලුව සඳහා  වාර්තාව ගෝලීය මූල්‍ය පද්ධතියේ ගැටලු සඟවයි Read More »

Protest

දක්ෂිනාංශික පෝලන්ත ආන්ඩුවට එරෙහිව වෝර්සෝහි මහා පෙලපාලියක් පැවැත්වෙයි

මාටින් නොවැක් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 03 දින පල වූ ‘Mass demonstration in Warsaw against right-wing Polish government’ යන මාටින් නොවැක් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

ඉරිදා දිනඅන්ත දක්ෂිනාංශික PiS (නීතිය සහ යුක්තිය පක්‍ෂය) ආන්ඩුව ඉවත් කිරීම සඳහා සිය දහස් ගනනක්, පෝලන්ත අගනුවර වන වෝර්සෝ හි උද්ඝෝෂනය කලහ. “Marsz Miliona Serc” (හදවත් මිලියන ගනනක පා ගමන) සටන් පාඨය යටතේ, විපක්ෂ නායක දක්ෂිනාංශික පුරවැසි වේදිකාව  (PO) නම් පක්ෂයේ ඩොනල්ඩ් ටස්ක් , පාර්ලිමේන්තු මැතිවරනයට සති දෙකකට පෙර මෙම උද්ඝෝෂනය  සඳහා කැඳවුම් කලේය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නව-වම (Nowa Lewica) හි වෝජිමියස් ෂාෂස්තෙ (Włodzimierz Czarzasty ) සහ රොබට් බියද්‍රෝන් (Robert Biedroń) සහ අග්‍රවුනියා (Agrounia) ගොවි ව්‍යාපාරයේ , මිහාල් කොවොජේචක් (Michał Kołodziejczak) යන නායකයෝ  උද්ඝෝෂනයට සහාය දුන්හ. ක්‍රැකොෆ්, ස්ටැෂී, තොරූන් සහ වුජ්ෂ් ( Krakow, Szczecin, Toruń and Lodz)  වැනි අනෙකුත් නගරවල ද දහස් ගනනක් වීදි බැස සිටියහ.

Protest
වෝර්සෝ හි උද්ඝෝෂනයේ කොටසක් [ඡායාරූපය X / Platforma Obywatelska ]

මෙම උද්ඝෝෂනයට මිලියනයක් සහභාගී වූ බව සංවිධායකයින් ප්‍රකාශ කල අතර  සිය දහස් ගනනක් සහභාගී වූ බවට පොලිසිය විසින් ඇස්තමේන්තු කර ඇත. සංවිධායකයින්ට අනුව, ස්ටැලින්වාදී තන්ත‍්‍රය අවසන් වී 1989 ධනවාදය යලි හඳුන්වා දීමෙන් පසු පැවති විශාලතම පෙලපාලියෙන් එකක් වන ජූනි 4 දා පැවති උද්ඝෝෂනය මෙන් දෙගුනයක් මෙය විශාල විය.ජූනි මාසයේ විරෝධතාවයේ ප‍්‍රේරකය  වූයේ “රුසියානු බලපෑමට” එරෙහිව විශේෂ කොමිසමක් පිහිටුවීම සඳහා මර්දනකාරී නීතියක් සම්මත කර ගැනීමයි. 

PiS ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත්, නවතම පෙලපාලියේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේය. ජුලි මස අවසානයේදී ජොආනා නම් තරුන කාන්තාවක් ඇගේ මනෝ වෛද්‍යවරයා විසින් ක්‍රැකොෆ් හී දී හෙලා දැක ඇති අතර ගබ්සා කිරීමේ පෙත්තක් ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ඇයට අයුතු ලෙස සැලකූ බව අනාවරනය විය. වසර තුනකට පෙර, PiS ආන්ඩුව, දැඩි-කතෝලික සහ අන්තවාදී දක්ෂිනාංශික වටපිටාවේ තම අනුගාමිකයින් ශක්තිමත් කිරීම සඳහා ගබ්සා නීතිය දැඩි කලේය. ඊට පෙර, පෝලන්තය,  ඒ වන විටත්  දැඩි ගබ්සා නීති ඇති රටවල් වලින් එකකි. නව නීතිය පැනවීමෙන් පසු, නීත්‍යානුකූල ගබ්සාව මුලුමනින්ම පාහේ කල නොහැක්කක් බවට පත් විය.

එකල, ගබ්සාව තහනම් කිරීමට එරෙහිව රට පුරා සිය දහස් ගනනක් ස්වයංසිද්ධව සති ගනනාවක් උද්ඝෝෂනය කලහ.  නැවතත්, ආන්ඩුවේ අන්ත දක්ෂිනාංශික න්‍යාය පත්‍රය පිලිබඳ පුලුල්ව පැතිරුනු පිලිකුල ජනතාව විදීවලට පිවිසීමට හේතු විය.  2015 සිට ආන්ඩුවට නායකත්වය දුන් PiS, අධිකරනයට සහ මාධ්‍යට බලකරමින් ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට ක්‍රමානුකූලව කටයුතු කර ගෙන යයි . ඒ අතරම,ඉතා මෑතකදී චිත්‍රපට අධ්‍යක්ෂ ඇග්නීස්කා හොලන්ඩ්ට එරෙහි මඩ ව්‍යාපාරය සමඟ, එය විශේෂයෙන් ෆැසිස්ට් සහ යුදෙව් විරෝධී බලවේග ශක්තිමත් කරයි.

නමුත් 2007 සිට 2015 දක්වා පෝලන්ත රජයේ ප්‍රධානියා වූ හිටපු යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති ටස්ක්ගේ වේදිකාව විකල්පයක් ඉදිරිපත් නොකරයි. ටස්ක්ගේ පක්ෂය (PO) , “ලිබරල්” ලෙස හැඳින්වීම විකාරරූපී මෘදූක්තියකි (යෙදුමකි). මැතිවරන ව්‍යාපාරය විසින් තහවුරු කර ඇති පරිදි ඔහු ද ක්‍රියාත්මක වන්නේ අන්ත දක්ෂිනාංශික න්‍යාය පත්‍රයක් අතැතිවය. ඔහු රුසියාවට එරෙහි නේටෝවේ යුද්ධයට සහය දක්වයි. එමෙන්ම, ඔහු යුරෝපා සංගමයට මුලුමනින්ම සහාය දක්වයි. දකුනේ සිට PiS හි සමාජ ප්‍රතිපත්තියට පහර දෙයි. මැතිවරන ව්‍යාපාරය අවසන් වෙද්දි, ඔහු සරනාගතයින්ට එරෙහිව වඩ වඩාත් ආක්‍රමනශීලී වී “වඩා හොඳ” ජාතිකවාදියෙකු සහ මිලිටරිවාදියෙකු ලෙස පෙනී සිටී.

ටස්ක් PiS ට චෝදනා කරන්නේ බෙලාරුස් දේශසීමාව ප්‍රමානවත් ලෙස වසා නොදැමීම, ඵලදායී ලෙස නැවත සන්නද්ධ නොකිරීම, පෝලන්ත නිලධාරීන්ට අපහාස කිරීම සහ රුසියාවට රහසිගතව සේවය කිරීම යනාදියටයි. පෝලන්ත පාර්ලිමේන්තුවේ (Sejm) සියලුම පක්ෂ මෙන්ම, PO ද, සමාජය මිලිටරිකරනය කිරීම සඳහා සලසන, ආන්ඩුවේ  ඩොලර් බිලියන ගනනක ප්‍රතිසන්නද්ධීකරන වැඩසටහනට පක්ෂව ඡන්දය දුන්නේය. ඒ අතරම, PO ලමා ප්‍රතිලාභ වැනි PiS හි සීමිත සමාජ පියවරයන් පවා විවේචනය කලේය.

එහි ආර්ථික වැඩසටහනේ හරය වන්නේ සංගතවලට පක්ෂව විශාල බදු සහන සහ නියාමනය ඉවත් කිරීමයි. නිදසුනක් වශයෙන්, යම් වාර්ෂික සීමාවකට වඩා අඩු පිරිවැටුමක් ඇති සමාගම්, අසනීප තත්ත්වයකදී වැටුප් අඛන්ඩව ගෙවීමෙන් නිදහස් කරනු ලැබේ. මෙම වගකීම රාජ්‍ය සමාජ ආරක්ෂන වැඩසටහන (ZUS) විසින් පවරා ගැනීමට නියමිත අතර, එහි අතිරේක වියදම් තවදුරටත් කප්පාදු සඳහා කඩතුරාවක් වනු ඇත.

2021 දී වෛද්‍යවරුන්, හෙදියන් සහ පරිපූරක වෛද්‍යවරුන්ගේ පුලුල් විරෝධතා සහ වැඩ වර්ජන අවුස්සා ලීම මගින් පෝලන්ත සෞඛ්‍ය පද්ධතිය බොහෝ දුරට බිඳ වැටී ඇති බව කොරෝනා වයිරස් වසංගතය පෙන්වා දී ඇත. පෝලන්ත අධ්‍යාපන ක්‍රමය සඳහා ද එය එසේම වේ. සමස්ත වැඩකරන ජනතාවට අවසානයේ දී යලි සන්නද්ධ කිරීමේ සහ යුද්ධයේ දැවැන්ත පිරිවැය සම්පූර්නයෙන් දැරීමට සලස්වා ඇත.  සියයට 18 දක්වා ඉහල ගිය උද්ධමනය තවමත් සියයට 8ට වඩා ඉහල මට්ටමක පවතී.

නිල OECD සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසර තුල පමනක් පෝලන්ත වැටුප්වල සාමාන්‍ය මිලදී ගැනීමේ ශක්තිය සියයට 7කින් පහත වැටී ඇත. වැඩිවන ආහාර හා බලශක්ති මිල මෙම දැවැන්ත සැබෑ වැටුප් කප්පාදුවේ ප්‍රතිවිපාක උග්‍ර කරයි.

පෝලන්ත පාර්ලිමේන්තුවේ (සෙජ්ම්) සියලුම පක්ෂ, දකුනේ සිට වමට, කම්කරු පන්තියට එරෙහි  මෙම ප්‍රහාරවලට එකඟ වෙති. මෙය පෝලන්ත වාමාංශික ලෙවිකා පක්ෂයට ද අදාල වන අතර, සමීක්ෂනවලට අනුව සියයට 10 ක පමන ඡන්ද ප්‍රමානයක්, එයට ලබා ගත හැකිය. ප්‍රවෘත්ති සඟරාවක් වන පොලිටිකා (Polityka) පවා එම ව්‍යාපාරය “නිහඬ සහ නොපැහැදිලි” ලෙස විස්තර කරන තරමටම, පක්ෂය දක්ෂිනාංශික PO පක්ෂයට යටත් වී ඇත. එය හුදෙක් ඕනෑවට වඩා අහිමි නොවී සෙජ්ම් හි රැඳී සිටීමේ ඉලක්කය පසුුුුපස හඹා යයි.

සිමොන් හොවොන්යා ( Szymon Hołownia) ගේ නව පක්ෂය වන PL2050 හා දක්ෂිනාංශික ගොවි පක්ෂයක් වන PSL ඒකාබද්ධ වීමෙන් තනා ගත්  හි මැතිවරන සන්ධානයක් වන ෂෙචා ඩ්‍රෝගා ( Trzecia Droga – තෙවන මාර්ගය), PO විසින් කැදවන ලද උද්ඝෝෂන ඈත්ව සිටි අතර,  PiS ට සහ PO ට මැදින් මැතිවරන ව්‍යාපාරය තුල ස්ථානගත වී ඇත. එය ජයග්‍රහනය කිරීමට අපේක්ෂා කරන සියයට 9 ක ඡන්ද ප්‍රමානය අනුව , විශාල පක්‍ෂ දෙකෙන් එකකට බහුතර බලයක් ලබා ගැනීමට එය ඉවහල් විය හැකි බව, මත විමසුම් වාර්තා කරයි.

මත විමසීමේදී , ෆැසිස්ට්වාදී කොන්ෆෙඩරක්ජා (Konfederacja) පක්ෂය සඳහා වන සහයෝගය මත  විමසීම් වල දී,  සියයට 8 සහ 15 අතර උච්චාවචනක් ලෙස පැවතුනි. එය පැරනි දේශපාලන සංස්ථාපිතය අපකීර්තියට පත් වීමෙන් වාසි ලබන අතර, සමීක්ෂනවලට අනුව, සාමාන්‍ය ප්‍රමානයට වඩා වැඩි තරුන ඡන්දදායකයින් සංඛ්‍යාවක් ආකර්ෂනය කරයි.මෙම ෆැසිස්ට් පක්ෂයේ නව නායකයන් දෙදෙනා වන ස්ලොවොමියර් මෙන්ට්සන් ( Sławomir Mentzen ) සහ ෂිෂ්ටොෆ් බොසක් (Krzysztof Bosak) යන දෙදෙනාම 30 ගනන්වල මැද භාගයේ පසුවන අතර, ඔවුහු නිරන්තර මාධ්‍ය අවධානයට ලක් වෙති.

34 හැවිරිදි තරුන ව්‍යවසායකයෙකු වන මෙන්ට්සන් ගේ නැගීම, තම ෆැසිස්ට් පක්ෂවලට නවීන මුහුනුවරක් ලබා දුන් සහ මාධ්‍ය විසින් වැලඳ ගත්( පරි: ප්‍රංශයේ) මැරීන් ලී පෙන් සහ ( පරි: ඉතාලියේ) ජෝර්ජියා මෙලනි දැඩි ලෙස සිහි කැදවයි. ඔහු පක්ෂයේ වැඩපිලිවෙල සාරාංශ ගත කරමින් මෙසේ සූත්‍රගත කරයි: “අපට යුදෙව්වන්, සමලිංගිකයන්, ගබ්සා කිරීම්, බදු වලින් සහ යුරෝපා සංගමයෙන් තොර පෝලන්තයක් අවශ්‍යයි.”

යුක්රේනයට සහයෝගය දිම  ප්‍රශ්න කරන පෝලන්තයේ එකම ප්‍රධාන දේශපාලන කන්ඩායම කොන්ෆෙඩරක්ජා වේ. එය යුක්‍රේන සරනාගතයින්ට එරෙහි ව්‍යාපාරයකට ද නායකත්වය දෙන අතර PiS ට වඩා තියුනු ලෙස යුරෝපා සංගමයේ ජර්මානු නායකත්වයට පහර දෙයි. එය සමාගම් සඳහා දුරදිග යන සහන ඉල්ලා සිටින අතර 120,000 ජීවිත බිලිගත් PiS හි කොරෝනා වෛරස් ප්‍රතිපත්තියට දකුනේ සිට පහර දෙන්නේ රජය විසින් යම් යම් අවස්ථා වලදී අගුලු දැමීම් සිදු කල බැවිනි.

තව සති දෙකකින් මැතිවරන ජයග්‍රහනය කර නව ආන්ඩුව පිහිටුවන කවරෙකු වුව ද, යුද ප්‍රතිපත්තිය, කම්කරු පන්තියට එරෙහි සමාජ ප්‍රහාර සහ ජීවිතයට-පෙර-ලාභ වසංගත ප්‍රතිපත්තිය දිගටම ගෙන යනු ඇත. පැරිසියේ පෝලන්ත තානාපති යාන් එමරික් රොස්ටිසෙට්ස්කි ( Jan Emeryk Rościszewski) මාර්තු මාසයේදී පැහැදිලි කල පරිදි, යුක්රේනය සමඟ දේශසීමාවේ සිදුවන ඕනෑම සිදුවීමක් “ගැටුමට ඇතුලු වීමට” නිදහසට කරුනක් ලෙස භාවිතා කල හැකිය.

තුන්වන ලෝක යුද්ධයක හා ෆැසිස්ට් ම්ලේච්ඡත්වයේ අන්තරාය වැලැක්වීම සඳහා පෝලන්ත කම්කරුවන්ට හා තරුනයින්ට ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග පෙලගැසී සිටින තමන්ගේම පක්ෂයක් අවශ්‍ය වේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පෝලන්ත අංශයක් ගොඩනැගීමේ අරමුන ඇතිව ලෝක සමාජවාදී වෙබ් අඩවිය සම්බන්ධ කර ගන්නා ලෙස අපි සියලුම පෝලන්ත පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

දක්ෂිනාංශික පෝලන්ත ආන්ඩුවට එරෙහිව වෝර්සෝහි මහා පෙලපාලියක් පැවැත්වෙයි Read More »

Graves

ලිබියාව සඳහා නේටෝවේ ඊනියා “මානුෂික ආධාර වැඩසටහන” හෙවත් අපරාධකරුවන් ගැලවුම්කරුවන්ගේ වෙස් ගැනීම 

මිගාර මල්වත්ත විසිනි.

Graves
2023 සැප්තැම්බර් 15 සිකුරාදා ලිබියාවේ ඩර්නා හි හදිසි ගංවතුරෙන් විපතට පත් වූවන්ගේ සොහොන් අසල මිනිසෙක් වාඩි වී සිටියි. [AP Photo/Yousef Murad]

මධ්‍යධරණී මුහුද අවට යුරෝපිය රාජ්‍යයන් දරුණු ගංවතුරකින් යටකරමින් හමාගිය ඩැනියෙල් කුණාටුව, අප්‍රිකාවේ ලිබියානු මධ්‍යධරණී වෙරලබඩ පිහිටි ඩර්නා නගරයට හා අසල වියලි නිම්නයට, ඉතා කෙටි කාලයක් තුළ අසාමාන්‍ය වර්ෂාපතනයක් ලබා දෙමින්, එම වියලි නිම්නය (වොඩිය) ජලයෙන් පුරවා ඩර්නා නගරය අසල ජල පෝෂක වේලි දෙකක් පුපුරුවා හැරියේය.

ලක්ෂයකට  වැඩි පිරිසක් වාසය කරන ඩර්නා හි හතරෙන් එකක් මුළුමනින්ම ගසාගෙන ගියේය. නගරයේ  පමණක් මියගිය සංඛ්‍යාව 20,000 ක් යැයි විශ්වාස කෙරේ. 1927 දී ඇල්ජීරියාවේ ඇති වූ දරුණු  ගංවතුරෙන් සිදු වූ  ජිවිත විනාසය  හා සැසදීමේදී මෙහිදී සිදු වූ ජීවිත විනාශය, එය අගුටුමිටි ස්වභාවයකට පත් කරයි.

ලිබියාවට එරෙහිව , මහා ව්‍යසනයක් හැරෙන්නට වෙන කිසිවක් ලබා නොදුන්, එක්සත් ජනපද-නේටෝ ආක්‍රමණය, ට්‍රිපොලි සහ සර්ටේ වෙත  බෝම්බ හෙලා ජීවිත 25000ක් බිලි ගත් අතර මාස 7ක් ගෙන ගිය යුද්ධය, 2011 ඔක්තෝම්බර් 20 වෙනිදා මුවමර් ගඩාෆි ඝාතනයත් සමග අවසන් විය. 

ඉනික්බිතිව, බාහිර බලවතුන්ගේ  පිටුබලය ලද  ප්‍රතිවාදී කන්ඩායම් අතර ඇවිලී ගිය සිවිල් යුද්ධය  මිනිස් ජීවිත දහස් ගණනක් බිලි ගත්තේ, විශාල තෙල් හා ගෑස් සංචිත පාලනය කිරීමට ගෙනගිය  තරඟයේ ප්‍රතිඵලයක් ලෙසිනි. දැන් බෙන්ගාසි මූලස්ථානය කොට ගත් නැගෙනහිර කලාපයක් සහ අගනුවර වන ට්‍රිපොලියෙන් පාලනය වන බටහිර කලාපයක් ලෙස, එකිනෙකට සතුරු රජයන් දෙකකට ලිබියාව  බෙදා ඇත. ට්‍රිපොලි සිට අගමැති අබ්දුල් හමීඩ් ඩ්බෙයිබේගේ  ජාතික එකමුතුවේ රජය විසින් පාලනය කරනු ලබන අතර  කලීෆා හෆ්තාර්ගේ ලිබියානු ජාතික හමුදාවේ සහාය ඇතිව අගමැති ඔසාමා හමාඩ් යටතේ නැගෙනහිර පාලනය කෙරේ.

 නේටෝ ආක්‍රමණයට පෙර, 2010 දී, අප්‍රිකානු මහද්වීපයේ විශාලතම මෙන්ම වඩාත් සංවර්ධිත,  වැඩිම ආයු අපේක්ෂාව සහිත, ආර්ථික වශයෙන් වඩාත් සමෘද්ධිමත් රට වූයේ ලිබියාව යි.  

එක්සත් ජනපදය ගෙන ගිය   ව්‍යසනකාරී යුද්ධයේ ප්‍රතිවිපාක ලෙස ගරාවැටෙන යටිතල පහසුකම් සහිත, දරිද්‍රතාවය සහ හිගනකම උරුම කර ගත් රටක්  බවට ලිබියාව පරිවර්තනය වී ය. ජනගහණයෙන් තුනෙන් එකක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වේ.  මිලියන 6.7 ක ජනගහනයෙන් 900,000 කට ආසන්න පිරිසකට දැන් මානුෂීය ආධාර අවශ්‍යව පවතී.

යුද්ධයට පෙර වර්ෂය වන 2010 දී ලිබියාවේ දළ දේශීය ,නිෂ්පාදිතය ඒක පුද්ගල ආදායම ඩොලර් 11,611 කි. 2021 වන විට,එකී ආදායම ඩොලර් 5,909 දක්වා අඩකින් අඩු විය. ඉතියෝපියාව (සියයට 591 කින් ඉහළට), කෙන්යාව (සියයට 468 කින් ඉහළට) සහ නයිජීරියාව (සියයට 230 කින් ඉහළ ගොස්) වැනි අප්‍රිකානු රටවලට  ප්‍රතිවිරුද්ධව, 2010 සිට 2021 දක්වා රටේ ශුද්ධ ධනය සියයට 21 කින් තියුනු ලෙස පහත වැටිනි.

ලිබියාවට එරෙහිව  එක්සත් ජනපද- නේටෝ ආක්‍රමණය සිදු වන්නේ ජනාධිපති බරක් ඔබාමාගේ පරිපාලනය යටතේ දීය.

ඔබාමා, ජනාධිපති ධුරයට පත්වූ 2009 වසරේ දීම, සාමය සඳහා වන නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. අට වසරක තම ජනාධිපති ධුර  කාලසීමාව තුලදී ඔහු එක් දිනක් හෝ යුද්ධයෙන් වියෝ නොවුනි. එමෙන්ම    ඔහු ඉරාකයට  හා ඇෆ්ගනිස්ථානයට එරෙහි හමුදා ආක්‍රමණය තවදුරටත්  තීව්‍ර කලේ ය.ඔහු  2013 දී සිරියාව ආක්‍රමණය කරමින්, සිරියාව විනාශ කොට සිවිල් වැසියන් ලක්ෂ ගණනින් මරා දැමූ යුද්ධකට මුල් පිරී ය. ,  ඩ්‍රෝන යානා මගින් කරනු ලබන යුද්ධයකට මුල පුරමින් ,ඔහු  ඇෆ්ගනිස්ථානය , පකිස්ථානය, යේමනය , සෝමාලියාව යන රටවලට ඩ්‍රෝන වැසි වස්සා,අහිංසක මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. 

2011 ලිබියාව ආක්‍රමනයෙන් පසුව එහි ප්‍රතිවාදී මිලිෂියා කන්ඩායම් අතර සිවිල් යුද්දයක් ඇවිලීම පිටුපස අදිරාජ්‍යවාදීන්ගේ හා දනපති බලයන්ගේ පිටුබලය ලැබූ පාර්ශවයන්ගේ අරමුන වූයේ තෙල් සම්පත් මත සිය ආදිපත්‍ය පිහිටුවාලීමයි.

මේ කොන්දේසි යටතේ ඩර්නා වේලි නඩත්තු නොකෙරුනි.එබැවින්, ඩර්නාහී වේලි දෙක බිද වැටී එහි මිනිස් ජීවිත  20000 එක් රැයකින් පිස දැමීමේ  වගකීමෙන් ගැලවීමට ඔබාමාට සහ ඔහුගේ සගයන්ට නොහැකිය.

ගඩාෆි තන්ත්‍රය පෙරලා දැමීම සඳහා මුස්ලිම් මූලධර්මවාදී කන්ඩායම් යොදා ගනු ලැබුනි. ISIS ලෙස හඳුන්වනු ලබන මුස්ලිම් මූලදර්මවාදී කොටසක්  ජනාධිපති බෂාර් අල්-අසාද්ට එරෙහි කැරලිකාරී ව්‍යාපාරයකට සම්බන්ධ වීමට සිරියාවට යවන ලදී . ඉත පුහුණුව ලත්  අනෙකුත් ඉස්ලාම් මූලධර්මවාදීන් දකුණට ගමන් කරමින්, චැඩ්, නයිජර්, මාලි, බුර්කිනා ෆාසෝ , මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ නයිජීරියාව ඇතුළු  සහේල් ප්‍රදේශ අස්ථාවර කරමින් අප්‍රිකාවේ පුරා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කෙරුනි. 21 වන සියවසේ දෙවන දශකයේ, ලොව පුරා ව්‍යාප්ත වූ ඉස්ලාමිය මූලධර්මවාදී පිළිලය රෝපණය කර ව්‍යාප්ත වීමට ඉඩ සලසා දීමේ,  ප්‍රධාන වග උත්තරකරු වන්නේ ද ඔබාමා ය.

ගංවතුරෙන් විනාශ වූ  ඩර්නා හි ජනතාවට ආධාර කරන පුණ්‍යායතනට  දායක වන ලෙස මෙම ව්‍යසනකාරී ආක්‍රමණයේ ප්‍රධාන නියමුවා වූ , හිටපු ජනාධිපති බරක් ඔබාමා සති අන්තයේ ට්විටර්හි  මිලියන 132ක් වූ ඔහුගේ  අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය

ලිබියාව හා මැද පෙරදිග කලාපය අස්ථාවරත්වයට  ඇද දැමූ,  ලොව පුරා භීෂණය , ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය  පැතිර වීමට දායක වු, 21 වන සියවසේ, අංක එකේ යුද  අපරාධකරු වන ඔබාමා, තමන් ද ඍජුවම වගකිව යුතු සිය අපරාධයකාරී අතීතය සැගවීම වස් ඩර්නාහී ඊනියා ” මානුෂික ආධාර වැඩසටහනක්” ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් විය.

ලිබියාවේ යුද්ධයට වගකිව යුතු , යුද්ධය  යුක්තිසහගත කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කළ එවකට දී උප ජනාධිපති වූ ජෝ බයිඩන් සහ  රාජ්‍ය ලේකම් වූ හිලරි ක්ලින්ටන් ද ඊට  ඇතුළත් ය. 

බිල් සහ හිලරි ක්ලින්ටන් විසින් පවත්වාගෙන යනු ලබන පදනම වන ගෝලීය ක්ලින්ටන් පදනම (Clinton Global Initiative )  අනුග්‍රහය දක්වන  සමුළුව සැප්තැම්බර් මස 19 හා 20 යන දෙදින තුළ  පැවත් වීය. පුරසාම් හා නොයෙකුත් නන්දෙඩවිලි ඇතුළත් වූ එහි න්‍යාය පත්‍රයේ ලිබියානු ව්‍යසනය හෝ එහි හිලරි ක්ලින්ටන්ගේ භූමිකාව හෝ සඳහනක් නොවී ය.

මේ ව්‍යසනය පිලිබද එලිදරව්වේ දී ඇමරිකානු සංගත මාද්‍ය ඊට ඔබාමා-බයිඩන් පාලනය සහ එක්සත් ජනපද ආන්ඩුවේ වගකිවයුතු යන්න ගැන කිසිවක් නොකි යයි.

එමෙන්ම  වොෂින්ටනයේ යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් දේශපාලනිකව හෝ අධිකරණමය වශයෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොවනු ඇත.

ජනාධිපති බයිඩන් ලිබියානු ජනතාවට සහයෝගය සහ අනුකම්පාව සඳහා ඔහුගේම ශුද්ධ ආයාචනයක් නිකුත් කළේය. “ලිබියාවේ විනාශකාරී ගංවතුරෙන් ආදරණීයයන් අහිමි වූ සියලුම පවුල්වලට ජිල් සහ මම අපගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කරමි,”  පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ එක්සත් ජනපදය සහන සංවිධාන වෙත හදිසි අරමුදල් යවන බවයි. තවමත් ඩොලර් ප්‍රමානයන් ප්‍රකාශයට පත් කර නැත. නමුත් එය යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයට  වියදම් කර ඇති ඩොලර් මිලියන 80,000  කට ආසන්න මුදල තබා 2011 දී ලිබියානු යුද්ධය සඳහා එක්සත් ජනපදය විසින් වියදම් කරන ලද ඩොලර් මිලියන 1100  හා සසඳන විට එය සොච්චම් අගයක් ගනු ඇත.

2011මාර්තු 19 දින ලිබියාවට එරෙහි හමුදා ආක්‍රමනය දියත් කෙරෙනු ලැබුවේ, බෙන්ගාසි ජනයා සමූලගාතනය කිරීමේ ගඩාෆි හමුදා තර්ජනයෙන්  බේරා ගැනීමේ කඩතුරාවට මුවාවී ගෙන ය.

ඊට දින දෙකකට පෙර,  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙම ප්‍රබන්ධය අනුමත කරමින්, ලිබියාවට පහර දීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබා දුන්නේය. එහෙයින් නේටෝ අධිරාජ්‍යවාදීන් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ලිබියානු ඛේදවාචකයේ වගකීම ඍජුවම දරයි.

සැප්තැම්බර් 18-26 දිනයන්හී නිව් යෝක් නගරයේ දී පැවත් වූ එක්සත් මහ මන්ඩල රැස්වීමේ දී ගෝලීය කුසගින්න හා රෝග වැලක් වීමට, මොරොක්කෝව,ලිබියාව ,තුර්කිය සහ තවත් ගනන් නැති රටවල් ගනනාවක “ස්වාභාවික විපත්”සදහා උපකාර කිරීමේ අවශ්‍යතාව පිලිබද ව ද සුලු සදහනක් විය.එහිදී ලෝක බලවතුන් හදිසි අවශ්‍යතාව ලෙස ඉස්මතු කලේ යුක්‍රේනයට සහය දැක්වීමට ලෝකය බලමුලු ගැන්වීම යි.

එහි දී ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂුල්ස් , 20 වන සියවසේ ජර්මානු අධිරාජ්‍යවාදයේ මහා අපරාධකරු ඇඩෝල්ෆ් හිට්ලර් විසින්, 2 වන ලෝක මහා සංග්‍රාමයේ දී රුසියාවට එරෙහිව අනුගමනය කරන ලද වැඩ පිළිවෙල , තමන් ඉදිරියට රැගෙන යන බවට පැහැදිලිව ඉගි කලේය .

මෙහි දී  රුසියාවට එරෙහි යුද්ධයට ඩොලර් මිලියන 40,000 කට ආසන්න මුදලක් වැය කොට  ඇති යුරෝපා සංගමය, ඩර්නා ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර වශයෙන් ඩොලර් 537,000ක් ( එනම් ඩොලර් මිලියන භාගයකට මදක් වැඩි මුදලකි) ලබා දීමට පොරොන්දු විය.  

මෙසේ අධිරාජ්‍යවාදී බලවතුන් යුද  විනාශය සදහා මිනිය නොහැකි  ධනස්කන්දයක් යොදවන අතරතුර, මිනිස් ජීවිත  ගොඩනැගීම සඳහා වෙන්කරනුයේ, නොසලකා හැරිය හැකි තරම් වූ සොච්චම් මුදලකි. එපමණක් නොව, පසුගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී තවදුරටත් පැහැදිලි වූයේ , අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රධානතම උත්සුකය වන්නේ, ඕනෑම මිලක් ගෙවා දමාඉ, අධිරාජ්‍යවාදී යුධ අග්නි ජාලාව තව තවත් අවුලුවා ලීමයි.

ලිබියාවේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට  සහ  යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයට පිටුබලය දුන් ව්‍යාජ-වාම කන්ඩායම් සහ “වාම” විද්වත් හූ නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යති. නමුත් , නුදුරේදීම, මෙම බුද්ධි ජීවීන් ,තම නිශ්ශබ්දතාවය බිද දමා,අදිරාජ්‍යවාදීන්ගේ  ඊනියා ” මානුෂික ආධාර වැඩසටහන්” තොරොම්බල් කිරීමට    හා ඒ පිලිබද ව සිදු කරන  ප්‍රශස්ති ගායනා මගින්, කමිකරු පීඩිත මහජනතාවන් නැවතත් මුලාවෙහි හෙලීමට ක්‍රියා කරනු ඇත. 

ව්‍යාජ-වාම කණ්ඩායම් හා වාම බුද්ධිමතුන් ලෙස පෙනී සිටින අධිරාජ්‍යවාදයේ සියලුම ඒජන්සි වලට, අධිරාජ්‍යවාදයට  සහ එහි සියලු අපරාධවලට  එරෙහි දේශපාලන වාර්තාවක් ඇත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට පමනි. 

එහෙයින්, අප විසින් මෙහි පළකරනු ලබන ලිපි ලේඛන හදාරමින්, ඒවා පුළුල් සාකච්ඡාවකට බදුන් කරන ලෙස, අපි කම්කරුවන්ගෙන්, තරුණයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

ලිබියාව සඳහා නේටෝවේ ඊනියා “මානුෂික ආධාර වැඩසටහන” හෙවත් අපරාධකරුවන් ගැලවුම්කරුවන්ගේ වෙස් ගැනීම  Read More »

Flood Luv ya

ලිබියාවේ ගංවතුර ව්‍යසනය: නෝටෝ අධිරාජ්‍යවාදී මංකොල්ලයේ ඛේදනීය විනාශයක් 

මිගාර මල්වත්ත විසිනි.

ඉතාමත් කෙටි කාලයක් තුළ යෝධ වර්ෂාපතනයක් ගෙන ආ ඩැනියෙල් කුණාටුව ග්‍රීසිය, බල්ගේරියාව සහ තුර්කිය ගංවතුරට ලක් කරමින් , මීටර් 400 ක් පමණ ගැඹුරකින් යුත් ලිබියාවේ වියලි නිම්නයක් (වොඩියක්) ජලයෙන් යට කර දැමීය. එය සැප්තැම්බර්  10  ඉරුදින පස්වරුවේදී, එහි ඩර්නා නගරය අසල ජල පෝෂක වේලි දෙකක් පුපුරුවා හැරියේය.

ඩර්නා නගරයට බටහිර දෙසින් සැතපුම් 150ක් දුරින් පිහිටි අල්- බේදා, අල්-මාර්ජි, ටොබෘක්, ටැකෙනිස්, අල්- බේදා, බටා සහ බෙන්ගාසි යන ලිබියාවේ නැගෙනහිර නගර ද මෙම කුණාටුවේ විනාශකාරී බලපෑමට ගොදුර විය.

Flood Luv ya
Derna නගරය 2023 සැප්තැම්බර් 12, අඟහරුවාදා දක්නට ලැබුනු ආකාරය. මධ්‍යධරණී කුණාටුව ඩැනියෙල් ලිබියාවේ විනාශකාරී ගංවතුර ඇති කළ අතර එය වේලි බිඳ දැමීය. වෙරළබඩ නගර කිහිපයක මුළු අසල්වැසි ප්‍රදේශම ගසාගෙන ගියේය. විනාශය විශාලතම ලෙස දිස් වූයේ Derna නගරයේ ය. [AP Photo/Jamal Alkomaty]

ඩර්නාහි වැසියන්ට වේලි දෙක පුපුරා යන විට විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු අතර ටික වේලාවකට පසු නගරය මීටර් හතක් උස රළ පහරකට යට විය.

ඩර්නා අසල අනෙකුත් නගර ද සුනුවිසුනු විය. මාධ්‍යවේදී මොහොමඩ් එල්ජාර් පැවසුවේ බේරා ගැනීමේ කණ්ඩායම් ඒ වනවිටත් වෙරළබඩ නගරයක් වන සුසා සහ අවට ගම්මාන වෙත ළඟා වී නොමැති බවයි. 

ඩෙර්නා හි 13 වන දා රාත්‍රිය වන විට 11,300 මිය ගොස් ඇති බව තහවුරු විය. නමුත් 100,000 කට වැඩි පිරිසක් වාසය කරන ඩර්නා හි හතරෙන් එකක් මුළුමනින්ම ගසාගෙන ගොස් ඇත. එහි නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිති තම නගරයේ පමණක් මියගිය සංඛ්‍යාව 20,000 ට ළඟා වී ඇතැයි පිලිගත්තේ ය. මෙම සංඛ්‍යාව,1927 දී ඇල්ජීරියාවේ  මොස්ටෙගැනම් හා ඔරාන් (Mosteganem & Oran ) නම් දරුණු උතුරු අප්‍රිකානු ගංවතුරෙන් විනාශ වූ ජිවිත සංඛ්‍යාවට වඩා දස ගුණයකින් වැඩිය. 

ඩර්නා නගරය ජලයෙන් යටවීම මහ ව්‍යසනයකි. මේ වන විට එහි ජලය බැස ගොස් තිබුනද ඉන් බේරුණු අයට ද එවැනි ම දරුණු ව්‍යසනයක් අත් පත් වී ඇත.

ඩර්නාහි රෝහල්  තවදුරටත් ක්‍රියාත්මක නොවුනු අතර ඒවායේ මෘත ශරීරගාර පිරී ගොස් පැවතියේය. හදිසි සේවා  නොමැත. එහෙයින් මිනිසුන් බේරා ගැනීමට කිසිවක් නොමැති බැවින් හදිසි උපකාර අත්‍යවශ්‍යව පැවතී ය. 

 කුනු වූ මල සිරුරු එකතු කිරීමට ජනතාව කටයුතු කරමින් සිටිය හ. මල සිරුරු තනි තනි සොහොන්වල  මිහිදන් කිරීමට කාලයක් හෝ ඉඩක් නොමැති බැවින් සමූහ මිනී වලවල මිහිදන් කරනු ලැබෙයි. එක් තැනක මල සිරුරු 500ක් සාමුහිකව  මිහිදන් කළ බව වාර්තා වේ.මේ තත්ත්වය තුල මෙම කලාපයට සිරුරු බෑග් හදිසි නැව් ගත කිරීමක් කරන ලෙස සහන සේවකයෝ ඉල්ලා සිටිය හ.

“ඇත්ත වසයෙන් ම  මලසිරුරු ගොඩ නැගීමට විශේෂ කන්ඩායම්  අවශ්‍ය යි. මල සිරුරු විසාල ප්‍රමානයක් සුන්බුන් යට සහ ජලයේ තිබීම නිසා නගරය  වසන්ගතයකට ගොදුරු වේ යැයි මම බිය වෙමි”යැයි ඩර්නාහී නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිති බිය පල කලේය.

දුරකථන මාර්ග සහ අන්තර්ජාල ප්‍රවේශය ක්‍රියා විරහිත වූ අතර  නගරයට ප්‍රවේශවීම සුන්බුන් හේතු.වෙන් දැඩි ලෙස අවහිර වී පැවතීය.

මේ සමගම ගංවතුරෙන්  මහජනයා ආරක්ෂා කිරීමට අපොහොසත් වු බලදාරීන්ට එරෙහිව නගරයේ කම්කරුවන් අතර කෝපය පුපුරා යෑමත් සමග ඩර්නාහී විරෝධතා පුපුරා යන්නට විය. විරෝධතාකරුවෝ ඩර්නා නගරාධිපතිගේ නිවසට පිටතින් රැස්වී, ඊට  කඩා වැදී එය පුලුස්සා දැමූහ.

මේ තතු යටතේ ඩර්නාහී සිදුවීම් පිලිබද වාර්තා බාහිර ලෝකයට පැමිනීම වැලැක්වීමට නැගෙන්හිර බලදාරීහූ පුලුල් පියවර ගත්තහ. ට්විටර්හි අත්ලන්තික් කවුන්සිලයේ එමඩින් බාඩි සදහන් කර ඇත්තේ  ඩර්නාහී  මාධ්‍ය අවහිරය දැන් ක්‍රියාත්මක ව පවතින අතර සන්නිවේදනය  අලුයම සිට අක්‍රියව පවතීය  යන්නයි. එමෙන්ම, ඔහු තවදුරටත් එහි සඳහන් කර පැවතියේ හෆ්තාර්ගේ  හමුදා බලකාය වන ලිබියානු අරාබි සන්නද්ධ හමුදාව(LAAF) විරෝධතා වැසියන්ට  දඬුවම් කිරීමක් ලෙස තුර්කියේ සහ ඇල්ජිරියාවේ සෙවීම් හා ගලවා ගැනීමේ කන්ඩායම්, මාධ්‍යවේදීන් සහ ට්‍රිපොලිටේනියාවේ වෛද්‍ය කන්ඩායම්වලට පිටවී යන ලෙස නියෝග ලබාදී ඇති බවයි . 

ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් හෆ්තාර්ගේ පාලන තන්ත්‍රයට අබියෝග කරන විරෝධතාකරුවන්ට සලකන ආකාරය වාර්තා කලේ මෙසේය:

 “රට පුරා පැවති සාමකාමි විරෝධතා මර්දනය කිරීමට මිලිෂියා  හා සන්නද්ධ කණ්ඩායම් නීතිවිරෝධී බලය  යොදාගති. පුද්ගලයන් දුසිම් ගණනක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට, දීර්ඝ සිර දඬුවම් හෝ මරණ දණ්ඩනයට නියම කිරීම …….මිලිෂියා සහ සන්නද්ධ කණ්ඩායම් ක්‍රමානුකූලව වධහිංසා පමුනුවා වෙනත් ආකාරයෙන් රැඳවියන්ට දණ්ඩ මුක්තිය නොමැතිව අයහපත් ලෙස සැලකීය. සිරකරුවන්ට  පහරදීම, විදුලි සැර වැද්දීම, සමච්චල් කිරීම, ඝාතනය කිරීම, කසපහර දීම, අඩන්තේට්ටම් කිරීම සහ ලිංගික හිංසනයන් වාර්තා විය”

මෙම බිහිසුනු ව්‍යවසනය ධනපති ක්‍රමයේ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හටගෙන ඇති, ගෝලීය උණුසුම ඉහළ යෑම ප්‍රමුඛ කොටගත් දේශගුනික විපර්යාස මගින් තීව්‍ර වූ දරුණු කාලගුනයේ ප්‍රතිඵලයක් පමනක් නොවේ. ඩර්නා කලාපයේ වේලි හා තීර්නාත්මක මහජන සේවාවන් අසාර්ථක වීම ගලා එන්නේ ලිබියාව පුරා දශකයට වැඩි කාලයක් අධිරාජ්‍යවාදී විසින් කොල්ලකෑමට ලක්ව තිබීමෙන් හා 2011 දී ලිබියාවට  එරෙහිව නේටෝව   දියත් කළ යුද්ධය මගින් රට සුනුවිසුනු කළ සිවිල් යුද්ධ ඇද දැමීමේ හේතුවෙනි.

ජාත්‍යන්තර   අර්බුද කණ්ඩායමේ නිලධාරියෙකු ක්ලෝඩියා  එය පැහැදිලි කොට තිබුනේ මෙසේය: “ගඩාෆි   තන්ත්‍රය බිඳ වැටීමෙන් වසර 10ක් තුළ, ඊළඟ වසර 10 ක යුද්ධය, ප්‍රතිපත්තීමය එදිරිවාදිකම්   ආණ්ඩු දෙකම යටිතල පහසුකම් මුළුමනින්ම නොසලකා හැර ඇත”.

ලිබියානු ඛේදවාචක වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද දරයි. 2011 මාර්තු  17  වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය  ලිබියාවට එරෙහි  ක්‍රියාමාර්ග අනුමත කළේය.

නේටෝව   ලිබියාව  යටත් කර ගැනීම සාමය, සෞභාග්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය හා “ලිබියානුවන්ට සාමාන්‍ය  ජීවිතයක් ගත කිරීමට ඉඩ දීමේ” අපේක්ෂාව නිර්මාණය කරන   නිසා යුද්ධයට සහාය දුන් බවට තර්ක කල සියලුම නිලධාරීන් සහ මහාචාර්යවරුන්  ලිබියාව විනාශ කොට රට යලිත් වහල්බාවයට ඇද දැමීමට, දහස් ගනනින් මරා දැමීමට සහ ගැනිය නොහැකි මිනිස් දුක්කිතබාවයට ඇද හෙලීමට වග කීම් දරනු ලබයි. 

හෆ්තාර්ගේ  හමුදා විසින් ඩර්නාහි සිදු කරනු ලබන  ඕනෑම  මර්දනයක් කෙරෙහි, ඔහුව  බලයට පත් කිරීමට උදව් කළ සහ  නැගෙනහිර ලිබියාවේ තෙල් ධනයට ප්‍රවේශය ලබා ගැනීම සඳහා තවමත් ඔහු සමග සබඳතා පවත්වන නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් සෘජුවම සම්බන්ධ වනු ඇත.

එවන් මර්දනයකට විරුද්ධ වීමට ලිබියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්  හා තරුනයින් බලමුලු ගැන්වීම අවශ්‍ය වන්නේ දූෂිත බලදාරීන්ට පමනක් නොව,නේටෝ බලවතුන්ට සහ ඔවුන්ගේ  දේශපාලන සහකරුවන්ට එරෙහිව ය.

ලොව පුරා කම්කරුවන් හා තරුනයන්  මුහුන දෙන තීර්නාත්මක  කර්තව්‍ය නම් පෙර නොවූ විරූ මහා ව්‍යසනය දාමයක් ඇති කරමින් චලනය වන මෙම මිලිටරි උත්සන්න කිරීමේ සර්පිලාකාරය නැවැත්වීමට අධිරාජ්‍යවාදයට එරෙහිව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම යි. නේටෝ අධිරාජ්‍යවාදී බලවත්තු යුක්‍රේනයේ යුද්ධය තීව්‍ර කර රුසියාව බෙදීමට සහ එහි ස්වාභාවික සම්පත් උදුරා ගැනීමට කුමන්ත්‍රනය කරන විට, ඔවුන් නැවතත් “ප්‍රජාතන්ත්‍රවාදයේ” සහ “නිදහසේ” ආරක්ෂකයින් ලෙස පෙනී සිටිති. මෙවර එය රුසියාවේ ජනාධිපති  ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ය. යථාර්ථය නම්, ලිබියාව දූෂනය කිරීම සහ ඩර්නාහී ව්‍යවසනය, අධිරාජ්‍යවාදී කොල්ල කෑමේ යුදවල  විනාශකාරි ප්‍රතිඵලය යන්නය.

ලිබියාවේ ගංවතුර ව්‍යසනය: නෝටෝ අධිරාජ්‍යවාදී මංකොල්ලයේ ඛේදනීය විනාශයක්  Read More »

Scroll to Top