history

Korean war

කොරියානු යුද්ධය අවසන් වී වසර 70 යි – 01 කොටස

බෙන් මැග්‍රාත් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 26 දින පල වූ ‘70 years since the end of the Korean War‘ යන බෙන් මැග්‍රාත් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

Korean war
1951 දී එක්සත් ජනපද B-26 බෝම්බ හෙලන යානයක් උතුරු කොරියාවේ වොන්සාන් නගරයට බෝම්බ හෙලයි.

තෙවසරක කොරියානු යුද්ධයේ සටන් අවසන් කර කොරියානු අර්ධද්වීපයේ සීතල යුද බෙදීම ස්ථාවර කල සටන් විරාමය අත්සන් කිරීම සනිටුහන් කරන කොටස් දෙකකින් යුත් ලිපියක පලමු කොටස මෙයයි. දෙවන කොටස මෙතැනින් ලබා ගත හැක.

1953 ජූලි 27 වන දින උතුරු සහ දකුනු කොරියාව අතර දැඩි ලෙස මිලිටරිකරනය වූ දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් (Panmunjeom) හිදී සටන් විරාමයක් අත්සන් කර , කොරියානු අර්ධද්වීපයේ සතුරුකම් අවසන් වීමෙන් දැනට  වසර හැත්තෑවක් ගත වී ඇත. සටන් විරාමය කොරියාවෙහි  යුද මුක්ත කලාපය (DMZ) වශයෙන් අර්ධද්වීපය හරහා විහිදෙන කිලෝමීටර් හතරක් පලල බිම් තීරුවක් ස්ථාපිත කරන ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ 38 වැනි සමාන්තරය ඔස්සේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් කොරියාව කෘත්‍රිම ලෙස බෙදීමෙන් පසු, සීතල යුද්ධයේ ආරම්භයේ දී පුපුරා ගිය ගැටුමක අද දක්වා ම ඇදී එන ප්‍රතිඵලය මෙයයි.

විශේෂයෙන්ම 1949 චීන විප්ලවයේ ප්‍රතිඵලයක්  ලෙස එයට එල්ල වූ දැවැන්ත පහරින් පසුව, එක්සත් ජනපදය ආසියාවේ සිය ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීම සඳහා යුද්ධය උසිගැන්වීය.කිසිඳු සාම ගිවිසුමක් අත්සන් කර නොමැති වීමේ හේතුවෙන් අර්ධද්වීපය රූපික යුද තත්ත්වයකට පත් කර ඇත . අද දක්වාම, එක්සත් ජනපදය උතුරු කොරියාවට රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික බාධක පවත්වාගෙන යමින් , 1953 ඔක්තෝබර් 1 දින අත්සන් කරන ලද දකුනු කොරියාව සමග වන මිලිටරි සන්ධානයක් ද පවත්වාගෙන යයි. වොෂින්ටනය, සිය ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනයට එරෙහි සිය යුද සූදානම වේගවත් කිරීමත් සමග පසුගිය දශකය තුල සන්ධානය ශක්තිමත් වී ඇත.  දකුනු කොරියාව දැනට එක්සත් ජනපද කඳවුරු දුසිම් ගනනකට සහ ආසන්න වශයෙන් 28,500 භට පිරිස් සඳහා සත්කාරකත්වය සපයයි.

ගැඹුරු ඓතිහාසික කැලැල් කොරියාවේ  ඉතිරිව පවතී. විශාල ජීවිත හානි සහ ආර්ථික විනාශයන් සමඟ කොරියානු රටවල් දෙකම විනාශ විය. ගැටුමේදී , සිවිල් වැසියන් මිලියන 2.5 ක් මිය ගිය බව ගනන් බලා ඇත. උතුරේ  සහ දකුනේ පිලිවෙලින් ආසන්න වශයෙන් 520,000 ක් සහ 415,004 ක් සොල්දාදුවන්ගේ ජීවිත  අහිමි විය. තවත් චීන භටයන් 900,000 ක් සහ ඇමරිකානුවන් 36,940 ක් මිය ගියහ. යුද්ධයට සම්බන්ධ එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයින්ගේ තවත් සොල්දාදුවන් දහස් ගනනකට ද ජීවිත අහිමි විය. කොරියාවේ, අර්ධද්වීපයේ කෘතිම බෙදීම මගින් මිලියන ගනනක පවුල් වල සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන් කරන ලදී. බොහෝ දෙනෙකුට තවමත් කිසිදු සම්බන්ධයක් පවත්වා ගැනීමට නොහැකි වී ඇත.

korean war
1951 මාර්තු 22 වන දින තම නිවස සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහා චංචොන් හි බෝම්බ ප්‍රහාරයෙන් සුන්බුන් විසිරී ඇති වීදිවල, ​​තමා සන්තක  දේපල හිස මත තබාගෙන මහලු කාන්තාවක් ඇවිද යයි. [AP Photo/Jim Pringle]

කොරියාවෙන් පිටත, යුද්ධය ගැන එතරම් දැනුමක් නැති අතර එහි මූලාරම්භය ගැන අවබෝධය ඊට ද වඩා අඩුය. ඉතිහාසඥ බෲස් කමිංස්  එය “අමතක වූ යුද්ධයක් සහ කිසිදා නොදන්නා ලද යුද්ධයක්” ලෙස විස්තර කරයි [1]. ඒ සම්බන්ධව පවතිනුයේ. , දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි පලමු ප්‍රධාන නව යටත් විජිත මැදිහත්වීමේ ම්ලේච්ඡත්වය යුක්ති සහගත කිරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ප්‍රවර්ධනය කරන ලද ප්‍රචාරයයි. මෙම ආඛ්‍යානය තුල, උතුරු කොරියාව 1950 ජූනි 25 දින ප්‍රකෝප නො කරන ලදුව සිදුකල ප්‍රහාරයකින් දකුනු කොරියාව ආක්‍රමනය කලේය. ඒකාධිපති උතුරේ ආක්‍රමනකාරීත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී දකුන ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමතකරන ලද යුද්ධයකට එක්සත් ජනපදය සහ එහි සහචරයින් නායකත්වය දුන්හ.

යථාර්ථයේ දී, මෙම ප්‍රකාශයන් මහා විකෘති කිරීම් සහ අමූලික බොරුවලට වඩා වැඩි දෙයක් නොවේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් 1945 දී කොරියාව ඒකපාර්ශ්විකව බෙදීමත්, ඉන්පසුව කිසිදු සැලකිය යුතු මහජන සහයෝගයක් නොමැති, මර්දනය තුලින් පමනක් පාලනය කල හැකි පාලනයක් දකුනේ ස්ථාපනය කරමින්, ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය වූයේ පූර්න පරිමාන සතුරුකම් වල ආරම්භයයි.

කොරියානු යුද්ධයේ මූලාරම්භය කුමක්ද?

ජපානය, රුසියාව සහ චීනය අතර ඊසානදිග ආසියාවේ උපායමාර්ගිකව පිහිටා ඇති කොරියාව දිගු කලක් අධිරාජ්‍යවාදී කූටෝපායන්වල කේන්ද්‍රස්ථානය වී ඇත. 1905 රසෝ-ජපන් යුද්ධයේදී සාර්වාදී රුසියාව පරාජය කිරීමෙන් පසු කොරියාව ජපානයේ තනි බලපෑමට යටත් විය. 1910 දී ජපානය විධිමත් ලෙස කොරියාව ඈඳා ගත් අතර 1945 අගෝස්තු 15 වන දින දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වන තෙක් වසර 35 ක් පුරා අර්ධද්වීපය පුරා එහි කුරිරු යටත් විජිත පාලනය පවත්වාගෙන ගියේය.

දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව ගෝලීයව විනාශ වූ ධනවාදයේ අර්බුදය සහ අස්ථාවරත්වයේ පුලුල් සන්දර්භය තුල පමනක් කොරියාවේ බෙදීම සහ පසුව කොරියානු යුද්ධය පුපුරා යාම තේරුම් ගත හැක.  1937 දී ජපානය විසින් චීනය ආක්‍රමනය කිරීමත් සමඟ ඈත පෙරදිග ක්ෂේත්‍රය තුල දී ආරම්භය ලබන  ජාත්‍යන්තර ගැටුම, යුරෝපයේ සහ ආසියාවේ පෙර නොවූ විරූ මරන හා විනාශයන්  ශේෂ කර තිබුනි. උග්‍ර  ආර්ථික හා සමාජ අර්බුදය, ලෝක යුද්ධ දෙකක් සහ මහා අවපාතය හරහා ගමන් කල  ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල ගැඹුරු විරුද්ධත්වයක්  අවුලුවාලමින් තිබුනි. ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් ආසියාව පුරා වර්ධනය වෙමින් තිබූ යටත් විජිත විරෝධී කැරලිවලට මුහුන පා සිටියහ.

අධිපති අධිරාජ්‍යවාදී බලවතා ලෙස යුද්ධයෙන් මතු වූ එක්සත් ජනපදයට ලෝක ධනවාදය යලි ස්ථාවර කිරීමට ඇති හැකියාව සාධක දෙකක් මත රඳා පැවතුනි: තමන්ගේම අතිමහත් ආර්ථික ශක්තිය සහ පශ්චාත් යුද විප්ලවවාදී ව්‍යාපාර සෝවියට් ස්ටැලින්වාදී නිලධරය විසින් කරන ලද පාවාදීම් ය.

1941 දී සෝවියට් සංගමය නාසි ආක්‍රමනයෙන් පසුව, ස්ටාලින් ජාත්‍යන්තර කම්කරු පන්තිය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී බලවතුන්ගේ සන්ධානයකට යටත් කලේය. පශ්චාත් යුද විධිවිධාන ගැන ටෙහෙරාන්, යොල්ටා සහ පොට්ස්ඩෑම් හි එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය නායකයන් සමඟ පැවති යුද කාලීන සම්මන්ත්‍රනවලදී, ඔහු නැගෙනහිර යුරෝපයේ සෝවියට් බලපෑම් කලාපයක් වෙනුවෙන් ලෝකයේ සියලුම රටවල සහ ඒවායෙහි කම්කරු පන්තියේ ඉරනම නරුම ලෙස හුවමාරු කලේය.

බටහිර යුරෝපය පුරා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවලට උපදෙස් දෙනු ලැබුවේ ධනේශ්වර පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සදහා  කම්කරු පන්තියේ විරුද්ධත්වය යටපත් කරන ලෙසයි – සමාජවාදී විප්ලවය න්‍යාය පත‍්‍රයෙන් ඉවත් විය. විශේෂයෙන්ම ප්‍රන්සයේ සහ ඉතාලියේ, ස්ටැලින්වාදීන් ආක්‍රමනිකයාට එරෙහි සටන්කරුවන් (partisans ) නිරායුධ කිරීමේ සහ අපකීර්තියට පත් ධනේශ්වර පක්ෂවල දේශපාලන වාසනාව පුනර්ජීවනය කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කලහ. ස්ටැලින්වාදී නායකයින් පශ්චාත් යුධ ධනේශ්වර ආන්ඩුවලට ඇතුල් වූයේ වැඩ වර්ජන සහ විරෝධතා මැඩලීමේ කේන්ද්‍රීය  භූමිකාව බාරගත් ඇමතිවරුන් ලෙස ය.

ආසියාවේ, ස්ටැලින්වාදී පක්ෂ රටින් රට යටත් විජිත බලවතුන්ගේ නැවත පැමිනීමට සහ ධනේශ්වර පාලනය ස්ථාවර කිරීමට සහය වීමට මූලික විය. ජපානයේ දී, වෘත්තීය සමිති හා කාර්මික ක්‍රියාමාර්ගවල දැවැන්ත වර්ධනයක් මධ්‍යයේ, කොමියුනිස්ට් පක්ෂය ඇමරිකානු වාඩිලෑම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ වාහකයා ලෙස නිරූපනය කල අතර වැඩ වර්ජන මැඩපැවැත්වීමට සහාය විය.

බටහිර යුරෝපයේ ධනවාදය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, සෝවියට් බලපෑමේ ඕනෑම වර්ධනයක් නැවැත්වීමට අධිෂ්ඨාන කර ගත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රහාරයක් දියත් කලේය. 1947 මාර්තු මාසයේදී, එක්සත් ජනපද ජනාධිපති හැරී ටෲමන් ඔහුගේ “සීමා කිරීමේ” ප්‍රතිපත්තිය නිවේදනය කරමින්, “සන්නද්ධ සුලු ජාතීන්ට” සහ “බාහිර පීඩනයන්ට” ප්‍රතිරෝධය දක්වන “නිදහස් ජනතාවන්ට” එක්සත් ජනපදයට සහාය දිය යුතු බව කොන්ග්‍රසයට පැවසීය. දිග්ගැස්සුනු සීතල යුද්ධයේ ආරම්භය සනිටුහන් කල ටෲමන් මූලධර්මය,  “ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන්ය යන කඩතුරාව යටතේ, එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් කුමන්ත්‍රන, මිලිටරි මැදිහත්වීම් සහ ලොව පුරා ආඥාදායකත්වයන් සඳහා පිටුබලය සැපයිම ආදී සියලු දේම සිදු කෙරිනි. 

කොරියාවේ ආක්‍රමනයට පෙරවදනක්

1943 මාර්තු මාසයේදී වොෂින්ටනය ප්‍රථමයෙන් කොරියාව වැනි රටවල් සඳහා ඊනියා “භාරකාරත්වය” පිලිබඳ ප්‍රශ්නය – යටත් විජිත පාලනය සඳහා මෘදූක්තියක් හෙවත් මෘදු යෙදුමක් – ඉදිරිපත් කරමින් කොරියානුවන් ස්වයං පාලනය පිලිබඳව “අධ්‍යාපනගත” කිරීම අවශ්‍ය බව ප්‍රකාශ කලේය. ස්වාධීන කොරියාවක්, සෝවියට් සංගමය දෙසට නැඹුරු විය හැකි බව හොඳින් දැන සිටි වොෂින්ටනය, “නිසි කලදී”කොරියාවේ ස්වාධීනත්වයට එකඟ වුවද, කොරියාවේ භාරකාරත්වය සඳහා 1945 මැයි මාසයේදී ස්ටාලින්ගෙන් වාචික එකඟතාවයක් ලබා ගත්තේය.

කෙසේ වෙතත්, 1945 ජූලි මාසයේදී පරමානු බෝම්බය සාර්ථක ලෙස අත්හදා බැලීමත් සමඟ, වොෂින්ටනය පශ්චාත් යුද ආසියාවේ ඇමරිකානු ආධිපත්‍යය සහතික කිරීම සඳහා එහි මූලික සැලසුම් දැඩි ලෙස වෙනස් කලේය. බෲස් කමිංස්  ගේ වචනවලට අනුව, එක්සත් ජනපද මූලෝපාය වූයේ, “රාජ්‍ය තාන්ත්‍රිකභාවය අත්හැරීම, පැසිෆික් යුද්ධය ඉක්මනින් අවසන් කිරීම සහ පශ්චාත් යුධ නැගෙනහිර ආසියානු කටයුතුවල සැලකිය යුතු සහභාගීත්වයෙන් සෝවියට් සංගමය ඉවත් කිරීමය”[2].

සෝවියට් සංගමය 1941 අගෝස්තු 08 දින දී ජපානය සමඟ අත්සන් කල ආක්‍රමන-නොකිරීමේ  ගිවිසුම බිඳ දමමින් පැසිෆික් සාගරයේ යුද්ධයට අවතීර්න වීමේ  හිලව්වට – මෙය අගෝස්තු 8 වෙනි දින සිදුවිය- මැන්චූරියාව සහ කොරියාව  වෙත මොස්කව් විසින්යම් ආනුභාවයක් පවත්වා ගැනීමට ඉඩ දීම සඳහා මුලදී එක්සත් ජනපදය කැමැත්තෙන් සිටියේ ය. කොරියාව සහ මැන්චූරියාව ආක්‍රමනය වාඩිලා සිටි  දක්ෂ ජපන් ක්වාන්ටුන්ග් හමුදාව විසින් රතු හමුදාවට  අධික විනාශයක් ලබා දෙනු ඇති බවත්,එනයින් එම වියදම එක්සත් ජනපද හමුදාවට දැරීමට සිදු නොවනු ඇති බවත් වොෂින්ටනයේ  විශ්වාසය විය.

පසුදා, අගෝස්තු 6 හිරෝෂිමා වෙත පරමානු බෝම්බය හෙලීමෙන් දින තුනකට පසුව එක්සත් ජනපදය නාගසාකි වෙත ද පරමානු බෝම්බයක් හෙලුවේ,  සිවිල් ජනතාව මත දැවැන්ත මරන හා විනාශයන් සිදු කරමිනි. ටෝකියෝව ඒ වන විටත් යටත් වීමට ඇති කැමැත්ත පෙන්නුම් කරමින් සිටියද, ආක්‍රමනයකදී ඇමරිකානු සොල්දාදුවන්ගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය යැයි කියමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මෙම බිහිසුනු යුද අපරාධ යුක්ති සහගත කලේය. සැබෑ අරමුන වූයේ සෝවියට් සංගමයට තර්ජනය කිරීම සහ පශ්චාත් යුධ සමථය සඳහා එක්සත් ජනපදය විසින් කොන්දේසි නියම කරන බව ලෝකයට පෙන්වීමයි.

කෙසේ වෙතත්, සෝවියට් රතු හමුදාව මුලු කොරියානු අර්ධද්වීපයම අල්ලා ගනු ඇතැයි යන බිය මතු කරමින් ජපානයේ ක්වාන්ටුන්ග් හමුදාව වේගයෙන් බිඳ වැටෙනු ඇතැයි වොෂින්ටනය ගනන් බලා තිබුනේ නැත. ජපානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමෙන් පසු දින, අගෝස්තු 9 වන දින සෝවියට් හමුදාව කොරියාවේ මෙහෙයුම් ආරම්භ කල අතර දින කිහිපයක් ඇතුලත කොරියානු නගර සහ නගර ගනනාවක පාලනය අතට ගත්තේය.

Attlee Truman Stalin
බ්‍රිතාන්‍ය අගමැති ක්ලෙමන්ට් ඇට්ලි, එක්සත් ජනපද ජනාධිපති හැරී එස්. ටෲමන් සහ ජෝසප් ස්ටාලින් 1945 ජූලි මාසයේ පොට්ස්ඩෑම් සමුලුවේදී.

ආසියාව පුරා ජපානයේ ඉතා ආසන්න යටත් වීම ගැන සම්පූර්නයෙන්  නිමග්න ව සිටි එක්සත් ජනපදය ප්‍රතිචාරයක් සඳහා වලිකමින් සිටියේය. වොෂින්ටනයේ යුද සැලසුම්කරුවන් අගෝස්තු 10 සහ 11 යන දිනවල පැවති රැස්වීම් වලදී ඒකපාර්ශ්වික තීරනයක් ගත්තේ 38 වැනි සමාන්තරයට අනුව කොරියාව වෙනම වාඩිලාගැනීමේ කලාපවලට බෙදීමටය. ඔහු යුරෝපයේදී , ඔහු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ කේවලයේ යෙදුනු ආකාරයෙන්ම , ස්ටැලින් , විරුද්ධත්ටයේ මැසිවිල්ලකින් තොරව බෙදීම පිලිගත්තේය.

එක්සත් ජනපදය කොරියානු මහජන සමූහාන්ඩුව පසෙකට අතුගා දමයි

මාසයකට පසු, ජෙනරාල් ජෝන් හොජ්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද හමුදාව 1945 සැප්තැම්බර් 8 වන දින කොරියාවට පැමිනියේ කොරියාවේ එක්සත් ජනපද හමුදා රජය (USAMGIK) ලෙස නිල වශයෙන් හැඳින්වූ එම වාඩිලෑම ස්ථාපිත කිරීම සඳහා ය.

කෙසේ වෙතත්, ඉවත්ව යන ජපන් යටත් විජිත රජය ඒ වන විටත් යෙඕ උන්-හයියොං (Yeo Un-hyeong) වෙත පරිපාලන කටයුතු පවරා තිබුනි. වාමාංශික හා දක්ෂිනාංශික ධනේශ්වර ජාතිකවාදීන්ගේ එකතුවක් සමඟින්, යෙඕ කොරියානු නිදහස සූදානම් කිරීම සඳහා කමිටුව සහ පසුව සැප්තැම්බර් 6 වන දින කොරියානු මහජන සමූහාන්ඩුව (KPR) පිහිටුවා තිබුනි. පලාත් පාලන කාර්යයන් ඉටු කිරීම සඳහා රට පුරා මහජන කමිටු පිහිටුවිනි.

එක්සත් ජනපද මිලිටරිය දෙසට නැඹුරු වූයේ කොරියානු ධනේශ්වරයේ වඩාත්ම දක්ෂිනාංශික කොටස් පමනි. මෙයට 1945 සැප්තැම්බර් 16 වැනි දින පිහිටුවන ලද කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (KDP) ඇතුලත් විය. KDP ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් සහ විශාල ඉඩම් හිමියන්ගෙන් පිරී ගිය අතර, ඔවුන්ගේ දේපල අවශ්‍යතා සහ  පලිගැනීම් වලින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ මාධ්‍යයක් ලෙස කොරියාවේ “භාරකාරත්වය” සඳහා එක්සත් ජනපද සැලසුම්වලට සහාය විය. 

මෙම ගතානුගතිකයින්ගෙන් බොහෝ දෙනෙක්, පෙර යුගයේ නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූවන් පවා, පසුව දකුනු කොරියානු රජයේ පදනම සංයුක්ත කල  ජපන් සහයෝගිතාකරුවන් විය. එවැනි එක් සහයෝගිතාකරුවෙකු වූයේ, Dong-A Ilbo පුවත්පත ආරම්භ කල සහ කොරියානු යුද්ධ කාලයේ, 1951 සිට 1952 දක්වා දකුනු කොරියාවේ උප සභාපති ලෙස සිංමන් රී (Syngman Rhee) යටතේ සේවය කිරීමට ගිය කිම් සිඔං-සු (Kim Seong-su) ය.

එක්සත් ජනපදයට කොරියානු කම්කරු පන්තිය හා ගොවීන් අතර පිලිගැනීමක් හෝ සහයෝගයක් නොතිබූ අතර ඒ වෙනුවට ශූන්‍ය තත්ත්වයක සිට පාලන තන්ත්‍රයක් නිර්මානය කිරීමට උත්සාහ කලේය. USAMGIK, KDPය  සිය මෙහෙයුම් වලට ඒකාබද්ධ කලේ , KPR , සිය වාඩිලෑමට  විරුද්ධත්වය අවුලුවනු ඇතැයි යන බියෙන් ත්‍රස්ත වී ගනය. USAMGIK පසුව දෙසැම්බර් 8දා කම්කරුවන්ගේ වැඩවර්ජන තහනම් කල අතර දෙසැම්බර් 12දා මහජන කමිටු සමග KPR නීති විරෝධී කලේය.

මහජන විරෝධය සමඟ කටයුතු කිරීම සඳහා, සිය යටත් විජිත පාලනයට එරෙහි ඕනෑම විරෝධයක් කුරිරු ලෙස මර්දනය කිරීමට මූලික වූ ජපාන යටත් විජිත පොලිසියේ සේවය කල කොරියානු නිලධාරීන්ගෙන් වැඩි ප්‍රමානයක් එක්සත් ජනපදය විසින් රඳවා තබා ගත්තේය. ඔවුන් එක්සත් ජනපද වාඩිලෑමට සහාය දීමේ දී එම භූමිකාවම ඉටු කලහ.

ඒ අතරම, වොෂින්ටනය කොරියාවේ සිය කූටෝපායන්ට රබර් මුද්‍රා තබා ගැනීම සඳහා සෝවියට් සංගමය මත රඳා පැවතුනි. අනෙකුත් රටවල යුද්ධයේ අවසානය සමාජවාදය සඳහා ජනතා සහයෝගය ඉහල නැංවීමට හේතු වූවා සේම, මර්දනකාරී ජපන් පාලනයේ අවසානය කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ (KCP) වර්ධනයට තුඩු දෙනු ඇතැයි යන්න පිලිබඳව එක්සත් ජනපදය විශේෂයෙන් සැලකිලිමත් විය.

ස්ටැලින්වාදයේ භූමිකාව

ජපානයේ සිදු වූවාක් මෙන්, සෝවියට් ස්ටැලින්වාදී නිලධරය සහ කොරියාවේ එහි ආධාරකරුවන් කොරියාව බෙදීමට ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ප්‍රශංසා කිරීමෙනි. ඔවුන් කියා සිටියේ එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදු කරන බවත්, එය ඈත අනාගතයේ සමාජවාදී විප්ලවයකට පෙර අත්‍යවශ්‍ය පලමු පියවරක් බවත් ය. ඊනියා ප්‍රගතිශීලී ධනේශ්වර බලවේග සඳහා සහයෝගය සාධාරනීකරනය කරන මෙම අදියර දෙකේ විප්ලව න්‍යාය සෑම විටම කම්කරු පන්තියට ව්‍යසනයක් ගෙන දෙමින්    අවසන් වී ඇත.

අදියර දෙකේ න්‍යාය 1917 රුසියානු විප්ලවයේ පාඩම් වල නිෂේධනයයි. එහි ප්‍රධාන නායකයන් වන ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි යන දෙදෙනාම අවධාරනය කර තිබුනේ රුසියාවේ ඊනියා ලිබරල් ධනේශ්වරය අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටු කිරීමට ඓන්ද්‍රීයව අසමත් බවයි. රුසියානු විප්ලවයට න්‍යායිකව මග පෙන්වූ මෙම නොනවතින විප්ලවයේ න්‍යාය තුල ට්‍රොට්ස්කි පෙන්නුම් කලේ, කොරියාව වැනි ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල, එම කර්තව්‍යයන් නගරවල සංකේන්ද්‍රනය වී සිටින කම්කරු පන්තිය වෙත පැවරුනු බවයි. කොරියාවද , රුසියාව මෙන්, බොහෝ දුරට කෘෂිකාර්මික රටක් වුවද, එහි තරුන නිර්ධන පංතියට, යටත් විජිත පීඩනයට එරෙහිව සටන් කිරීමේදී, ගොවි ජනතාව බලමුලු ගන්වා බලයට පැමිනිය හැකිය. එසේ කිරීමේදී, ධනේශ්වර පුද්ගලික හිමිකාරිත්වය තුලට ගැඹුරට විනිවිදිමටත්, ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ කොටසක් ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරීමටත් එයට බල කෙරෙනු ඇත.

කොරියාවේ, අදියර දෙකක න්‍යාය විශේෂයෙන් විකාරරූපී ස්වරූපයක් ගත්තේය. එක්සත් ජනපදය සමග සබඳතා රැක ගැනීම සඳහා සෝවියට් සංගමය විශ්වාසය තැබුවේ කොරියානු ධනේශ්වර පන්තියේ නොපවතින ප්‍රගතිශීලී අංශයක් ප්‍රවර්ධනය කිරීම මත නොව අධිරාජ්‍යවාදය විසින්ම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදු කරන බවටය.

මොස්කව්හි බලපෑම යටතේ, කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ දකුනු පියොංගන් පලාත් කමිටුව, උදාහරනයක් ලෙස, 1945 ඔක්තෝබර් 6 වැනි දින මෙසේ ප්‍රකාශ කලේය: “ජාත්‍යන්තර ගැටලු පිලිබඳ පැහැදිලි සාමාන්‍ය අවබෝධයක් නොමැතිකම නිසා, පක්ෂය කටිටිවාදීප්‍රවනතාවකින් පැන නගින වැරදි සිදු කර ඇත. , සහ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සහචරයින්ගේ ඓතිහාසික වශයෙන් ප්‍රගතිශීලී ලක්ෂන නොපැහැදිලි ලෙස සලකනු ලැබ ඇත.”[3]

එය තවදුරටත්: “අපේ කොරියාව සිය ලේ නොසෙල්වූ විප්ලවය සාර්ථක කර ගත්තේ සෝවියට් සංගමයේ ගාමක බලයෙන් සහ මහා බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ දායකත්වයෙන් වන අතර, විප්ලවය දැන් අවසන් ලෙස නිම කිරීමේ ක්‍රියාවලියේ පවතී.”[4]

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කොරියාවේ ධනේශ්වර විප්ලවය සම්පූර්න කරන බවට කරන ප්‍රකාශය සම්පූර්න ප්‍රෝඩාවකි. එහෙත් සෝවියට් පාලන තන්ත‍්‍රය කොරියාවේ පන්ති අරගලයේ ගෙල මිරිකීමට මෙම බොරුව මත විශ්වාසය තැබුවේ එක්සත් කොරියාවක් තුල තමන්ට හඬක් නැගීමට එක්සත් ජනපදය ඉඩ දෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි. අන් සියල්ලටමත් වඩා, වෙනත් රටවල කම්කරු පන්ති නැගිටීම් සෝවියට් සංගමය තුල දේශපාලන විරුද්ධත්වය අවුලුවාලනු ඇතැයි සෝවියට් පාලන තන්ත‍්‍රය භීතියට පත් විය.

එක්සත් ජනපදයට එහි අනුග්‍රහය දැක්වීමේදී , ජපන් යටත්විජිතවාදයට එරෙහිව වසර ගනනාවක අරගලය තුලින් අත්පත් කරගත් පුලුල්ව පැතිරුනු බලපෑමක් ඇති KPC යට මුඛවාඩම් දැමීමට මොස්කව් උත්සාහ කලේය. ඉතිහාසඥ Suh Dae-sook ප්‍රකාශ කලේ KCPය  “කොරියානු විප්ලවය ජාතිකවාදීන්ගෙන් උදුරා  ගැනීමට සමත්වූහ; ඔවුන් කොරියානු ජනතාව, විශේෂයෙන්ම සිසුන්, තරුන කන්ඩායම්, කම්කරුවන් සහ ගොවීන් අතර කොමියුනිස්ට් බලපෑමේ ගැඹුරු හරයක් රෝපනය කලහ. ඔවුන්ගේ ධෛර්යය සහ සමහර අවස්ථාවලදී සාර්ථක වීමට ඇති දැඩි අධිෂ්ඨානය කොරියානු බුද්ධිමතුන්ට සහ ලේඛකයින් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කලේය.”[5]

උතුරු සහ දකුනු කොරියාවේ වෙනම පාලන තන්ත්‍ර පිහිටුවීම

එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය සහ සෝවියට් විදේශ අමාත්‍යවරු 1945 දෙසැම්බර් 16-27 දක්වා මොස්කව්හිදී කොරියාව ඇතුලු පශ්චාත් යුධ ගැටලු සාකච්ඡා කලහ. භාරකාරත්වය පිහිටුවීම සඳහා වූ එක්සත් ජනපදයේ ඉල්ලීමට සෝවියට් විදේශ ඇමති එකඟ වීම නිසා කොරියාව සඳහා වූ ඕනෑම ස්වාධීනත්වයක් පසෙකට තල්ලු විය.

මොස්කව් සමුලුව උතුරු සහ දකුනු කොරියාවේ පිලිවෙලින් සෝවියට් හා එක්සත් ජනපද හමුදා විසින් පාලනයක්ද,  ඒකාබද්ධ කොමිසමක් හරහා එක්සත් කොරියාවක තාවකාලික රජයක් පිහිටුවීමටද කැදවා  සිටියේය. ඉන්පසුව, එවැනි ආන්ඩුවක් පිහිටුවීමෙන් පසු, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සෝවියට් සංගමය සහ ජාතිකවාදී චීනයෙන් සමන්විත සිව් බල “භාරකාරත්වයක්” පිහිටුවනු ලැබීය යුතුය.

කෙසේ වෙතත්, වොෂින්ටනය, මෙම සැලසුම් හිතාමතාම කඩාකප්පල් කලේ, යෝජිත තාවකාලික ආන්ඩුව තුල සෝවියට් සංගමයට කිසිදු ප්‍රකාශයක් කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරමිනි. 1946 මාර්තු 20 වන දින විවෘත කරන ලද ඒකාබද්ධ කොමිසමේ ඇමරිකානු පාර්ශවය පැහැදිලිවම කියා සිටියේ මොස්කව්ට කොරියාවේ එක්සත් ජනපද ඉල්ලීම් පිලිගැනීමට සිදුවනු ඇති බවයි. එසේ නොවුනහොත් එක්සත් ජනපදය දකුනේ පමනක් තම න්‍යාය පත්‍රය  තනිවම ක්‍රියාත්මක කරනු ඇත . කොමිසම එකඟතාවයකින් තොරව මැයි මැද දක්වා පැවතුනි.

මොස්කව් දැන් එක්සත් ජනපද ඉල්ලීම්වලට අනුකූලව භාරකාරත්වයක් ඉල්ලා සිටීමත් සමඟ, වොෂින්ටනය තනිකරම පිටුබලය දුන්නේ, සෝවියට් සංගමයට විරුද්ධ සහ වොෂින්ටනය අනුව යමින් භාරකාරත්වය ප්‍රතික්ෂේප කරන්නේ යයි කියා සිටි,  අන්ත දක්ෂිනාංශික කොරියානුවන් කන්ඩායමකට ය. මෙයට KDP සහ සිංමන් රී  වටා සිටි ඊනියා  “කොරියානු ස්වාධීනත්වයේ  වේගවත් සාක්ෂාත්කරනය සඳහා වූ ජාතික සංගමය” ඇතුලත් විය. 

රී 1910 දී කොරියාවෙන් පිටව ගොස්, දශක ගනනාවක් එක්සත් ජනපදයේ ගත කර තිබූ අතර, 1945 ඔක්තෝබර් 16 වන දින එක්සත් ජනපද හමුදාව විසින් ඔහුව ආපසු රැගෙන එන  තෙක් ආපසු පැමිනියේ නැත. ඔහුට කොරියාවේ සුලු බලපෑමක් පමනක් තිබූ අතර බොහෝ දුරට නොදන්නා චරිතයක් විය. ඒ වෙනුවට, ඔහු එ.ජ. ආන්ඩුව තුල, විශේෂයෙන්ම සීඅයිඒ හි පූර්වගාමියා වන මූලෝපායික  සේවා කාර්යාලය (Office of Strategic Services) තුල හොදින් ස්ථානගත සබදකම් තිබූ අතර, ඊට අමතරව උමතු සහ  විෂඝෝර කොමියුනිස්ට් විරෝධියෙකු විය.

Macarthur Rhee
එක්සත් ජනපද ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් සහ සිංමන් රී, 1948 අගෝස්තු 15.

එවැනි දක්ෂිනාංශික කන්ඩායම් ඇතුලත් කිරීමට විරුද්ධ වූ සෝවියට් සංගමය මොස්කව් ගිවිසුමට විරුද්ධ අය ඒකාබද්ධ කොමිසමේ උපදෙස් සදහා නොගත යුතු බව ප්‍රකාශ කලහ. එක්සත් ජනපදය , වාම නැඹුරුවක් ඇති දකුනු කොරියානුවන්ගේ කිසිදු සහභාගීත්වයකින් බැහැර කල අතර, පසුව නව තාවකාලික ආන්ඩුවක් පිහිටුවීමට එරෙහිව සෝවියට් සංගමය වැඩ කරන බවට කුහක ලෙස චෝදනා කලේය.

ඒ සමගම, වොෂින්ටනයට වඩාත් පිලිගත හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූ සුලු ධනේශ්වර සංවිධානයක් බවට KCP නිල වශයෙන් දියකර හැරීමට ස්ටාලින් පියවර ගත්තේය. 1946 ජූලි මාසයේදී, නිදහස් ව්‍යාපාරයට සහභාගී වූ නමුත් සමාජවාදය පැහැදිලිවම ප්‍රතික්ෂේප කල මධ්‍යම පන්තික සහ වාමාංශික ජාතිකවාදීන් සමඟ ඒකාබද්ධ වීමට ඔහු කොරියාවේ උතුරේ සහ දකුනේ පක්ෂයට නියෝග කලේය.

එහි ප්‍රතිඵලය වූයේ වෙනම සංවිධාන දෙකක් සමඟ කොරියාව බෙදීම යථා වශයෙන් පිලිගැනීමයි: එනම්, අවසානයේ 1949 දී වත්මන් උතුරු කොරියානු පාලක පක්ෂය වන කොරියාවේ කම්කරු පක්ෂය පිහිටුවීමට ඒකාබද්ධ වූ උතුරු සහ දකුනු කොරියාවේ කම්කරු පක්ෂයි.  

සීතල යුද්ධයේ ආරම්භයත් සමඟම, සෝවියට් සංගමයට කිසිදු සහනයක් ලබා දීමට හෝ අනාගත කොරියානු රජයක සෝවියට් හිතවාදී පක්ෂයකට ඉඩ දීමට එක්සත් ජනපදයට කිසිදු අදහසක් නොතිබුනි. 1947 මැයි මාසයේදී ඒකාබද්ධ කොමිසමේ දෙවන වටයේ සාකච්ඡා ආරම්භ වූ නමුත් එය ආරම්භ වූයේද පසුගිය වර  සමාන   එකඟතාවයක් නොමැතිකම සමඟය.

ඒකාබද්ධ කොමිසමේ දෙවන වටයේ සාකච්ඡාවලට පෙර, එක්සත් ජනපදය එවිටමත් මෙම ගැටලුව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගෙන යාමට අදහස් කර තිබුනි.  කොරියාව ඒකාබද්ධ කිරීමේ මුහුනු ඉච්ඡාවට  පිටුපස, වොෂින්ටනය, එක්සත්, ස්වාධීන කොරියාවක් තුල එක්සත් ජනපදය කොන් කරනු ඇතැයි දැනුවත්ව, සෝවියට් සංගමයට එරෙහිව ආරක්ෂක බැම්මක් ලෙස දකුනේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට පැහැදිලිවම වැඩ කරමින් සිටියේය.

කොරියාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසම පසුව 1948 මැයි 10 වන දින, එක්සත් ජනපද වාඩිලාගැනීමේ හමුදා සහ ඔවුන්ගේ දක්ෂිනාංශික කොරියානු සහචරයින් විසින් වංචා කරන ලද, දකුනේ ව්‍යවස්ථාදායක සභා මැතිවරනය අධීක්ෂනය කරන ලදී. ව්‍යවස්ථාදායක සභාව විසින් 1948 ජූලි 20 වන දින එක්සත් ජනපද රූකඩයක් වන සිංමන් රී ජනාධිපති ලෙස තෝරා පත් කර ගත් අතර කොරියානු ජනරජය විධිමත් ලෙස 1948 අගෝස්තු 15 දින පිහිටුවන ලදී.

උතුරු කොරියාව ප්‍රතිචාර දැක්වූයේ 1948 අගෝස්තු 25 දින තමන්ගේම පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමෙන් 1948 සැප්තැම්බර් 9 වන දින කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව නිර්මානය කිරීමට මග පාදමිනි. නාමිකව, උතුරු කොරියානු නායකයා වූයේ උත්තරීතර මහජන සභාවේ  ප්‍රෙසිඩියම් (විධායක කමිටුවේ) හි සභාපති කිම් ඩු-බොං ය (Kim Du-bong). කෙසේ වෙතත්, සැබෑ දේශපාලන බලය රැඳී තිබුනේ අගමැති ලෙස පත් කර ඊලඟ වසරේ කම්කරු පක්ෂයේ සභාපති වූ කිම් ඉල්-සුන් වෙත ය.

කිම් ඉල්-සුන් 1930 ගනන්වල මුල් භාගයේදී මැන්චූරියාවේ චීන ගරිල්ලන් සමඟ ජපන් ජාතිකයින්ට එරෙහිව සටන් කර තිබුනි, නමුත් ඔහු හෝ ඔහුගේ අනුගාමිකයින් කිසි දිනෙක KCP හි සාමාජිකයින් වී හෝ කොරියානු කොමියුනිස්ට් ව්‍යාපාරයට සහභාගී වී නොතිබුනි. ඔහුගේ දේශපාලන දැක්ම අනුව ඔහු තරුන කාලයේ සිටම මූලික වශයෙන් ජාතිකවාදියෙක් විය.

කෙසේ වෙතත්, කිම් රතු හමුදාවේ නිලධාරියෙකු ලෙස ද සේවය කල අතර සෝවියට් සංගමය උතුර අත්පත් කර ගැනීමෙන් පසු එහි සහාය ලැබ සිටියේ ය. මොස්කව්හි ආශිර්වාදය ඇතිව, පැරනි KCP තුල සිටි දේශපාලන විරුද්ධවාදීන් තුරන් කරමින් ඔහු නායකත්ව තනතුරු වලට උසස් කරන ලදී. කොරියානු යුද්ධයෙන් ඉක්බිතිව, ඔහු බලය මත තම අනභියෝගී ග්‍රහනය තහවුරු කර ගත් අතර,  ජුචේ සංකල්පය, නැතහොත්  ස්ටාලින්ගේ ප්‍රතිගාමී “තනි රටේ  සමාජවාදයේ” කොරියානු අනුවාදය ප්‍රකාශයට පත් කලේය .

ඔහු , 1994 දී මිය යන තුරුම බලය හෙබවූ අතර, පරම්පරාගත රාජ වංශයකට සමාන වූවක් ස්ථාපනය කලේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොන්ග්-ඉල් සහ ඔහුගේ මුනුපුරා වන දැන් උතුරට නායකත්වය ලබා දෙන කිම් ජොන්-උන් බලයට පැමිනියහ.

මතු සම්බන්ධයි.

[1] Bruce Cumings, The Korean War: A History, Modern Library 2010, p. 63.

[2] Cumings, The Origins of the Korean War, Volume 1: Liberation and the Emergence of Separate Regimes 1945-1947, Yuksabipyungsa 2002, p. 120.

[3] Documents of Korean Communism 1918-1948, edited by Dae-sook Suh, Princeton University Press 1970, p. 489.

[4] Ibid.

[5] Dae-sook Suh, The Korean Communist Movement 1918-1948, Princeton University Press 1967, p. 132.

කොරියානු යුද්ධය අවසන් වී වසර 70 යි – 01 කොටස Read More »

wije

විජේ ඩයස් සහෝදරයාගේ චරිතාපදානය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හා ලාංකීය කම්කරු පන්තියේ නූතන ඉතිහාසය සනිටුහන් කරයි

නන්දන නන්නෙත්ති විසිනි

තරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව ලෙස 1968 දී ආරම්භ කල, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) පුරෝගාමී නායකයෙකු මෙන් ම, 1987 සිට එහි ප්‍රධාන ලේකම් ලෙස භාරගත් වගකීම යටතේ සංගමය 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) නමින් පක්ෂයක් බවට පරිවර්තනය කළා වූ ද, එවක් පටන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය මරනය දක්වා දැරුවා වූ ද විජේ ඩයස් සහෝදරයාගේ අභාවයෙන් පලමු වර්ෂ පූර්න අනුස්මරනය වෙනුවෙන්, 29දා, කොලඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත් වූ රැලිය පිලිබඳ සමාලොචනයක් කම්කරු පන්තියේ හා තරුනයන්ගේ දේශපාලන විඥානය වර්ධනය සදහා අත්‍යවශ්‍ය මැදිහත්වීමක් ලෙස සැලකිය යුතු ය. 

එමෙන් ම, 27දා බොරැල්ල සුසාන භූමියේ දී මහජනයා සදහා විවෘත කල, විජේ සහෝදරයාගේ හා ඔහුගේ සමස්ථ දැනුවත් දේශපාලන ජිවිතයේ නොවෙන් කල හැකි සටන් සහායිකාව, යෙහෙලිය, සහෝදරිය හා පියඹ වූ පියසීලී විජේගුනසිංහ සහෝදරියගේ ද මතකයන් සංකේතවත් කල ස්මාරකය සමාජවාදී සංස්කෘතියේ පුරාවෘතයක් වන් විජේ- පියසීලි සංකලනය වෙනුවෙන් උචිත උපහාරයකි. එසේ වුව ද උක්ත රැස්වීමේ දී මෙම සංස්කෘතික සහසම්බන්ධය ගැන වචනයක් හෝ ප්‍රකාශ නො වීම නො තකා සිටිය නො හැකි මග හැරීමකි යි අපි සිතමු.

plaque
විජේ හා පියසීලි වෙනුවෙන් බොරැල්ල කනත්තේ පිහිටුවා ඇති සමරු ථලකය

රැලිය කැදවන ලද්දේ සසප හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සදහාජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විසිනි. ඊට සහභාගී වීම සදහා පක්ෂයේ සහෝදර සහෝදරියෝ, හිතවත්තු, විජේ සහෝදරයාගේ ඥාතීහු, ඇතුලු පිරිසක් දිවයිනේ විවධ ප්‍රදේශවලින් පැමින සිටියහ.   

ජාත්‍යන්තර කමිටුවේ සුබ පැතුම් පනිවිඩ ට්‍රොට්ස්කිවාදි ජාත්‍යන්තරවාදය වෙනුවෙන් විජේ සහෝදරයාගේ කැප වීමට උපහාර දක්වා තිබිනි. විජේගේ චරිතාපදානය ජාත්‍යන්තර කමිටුවේ හා ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන අරගලයේ නූතන ඉතිහාසය සනිටුහන් කරන බව සනාත කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝත් සහෝදරයා විසින් එවන ලද  සුබපැතුම් පනිවිඩය සුවිශේෂී වගකීමක් පක්ෂය හමුවේ තැබී ය.

සිය දශක අටක ජීවිතයෙන් දශක හයක ස්ටැලින්වාදයට, පැබ්ලෝවාදී අවස්ථාවාදයට, නේකාකාර සුලු ධනපති වාර්ගික, ජාතික හා ආගමික අපගමනයන්ට, වෘත්තීය සමිතිවාදයට, සහ  අවසානයේ ව්‍යාජ වාම පෙරමුනුවලට එරෙහිව නොනවතින විප්ලව ක්‍රියා මාර්ගය උදෙසා න්‍යායික හා ප්‍රායෝගික භාවිතයක නියැලෙමින්, බාහිර මෙන් ම අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් සමග පෙරමුනේ සිට ගැටුනු ජීවිතයක ක්‍රියා කලාපය එහි මරනයෙන් අවසන් කරනු ඇතැයි සිතනු හැකි වන්නේ කාට ද?

රැස්වීමේ මුලසුන දැරූ සසප දීර්ඝ කාලීන මධ්‍යම කාරක සභිකයෙක් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලංකාවේ කර්තෘ වන වන කේ. රත්නායක සහෝදරයා සිය හැඳීන්වීමේ දී පවසා සිටි පරිදි ම, විජේ සටන් වැදුනු “ඉදිරි දර්ශනය විමසා පාඩම් උකහා ගැනීම, පක්ෂය හා තරුන සංවිධානය ඉදිරි වැඩ කටයුතු සදහා පන්නරය ගන්වා ගැනීමට” කල යුතු ඉමහත් වැදගත්කමක් දරන කාර්යයකි. කෙසේ වෙතත් හුදෙක් ජාත්‍යන්තරවාදයට කැප වීම වැනි වියුක්ත සඳහන් කිරීම්වලින් එහා යමින් ඔහුගේ ජීවිතයේ අනුගමනය කල මාක්ස්වාදී මූලධර්ම ගැන අවබෝධයක් රැස්වීම තුලින් ඊට උචිත පරිදි  ඇති නොකිරීම සැලකිල්ලට ගැනීම අවශ්‍යය. පන්ති අරගලයේ නව කාල පරිච්ඡේදයක් වන මෙම වකවානුව තුල අවශ්‍යයෙන් ම විජේ පදනම් වූ මූලධර්මයන්ගේ මූලයන්ට ගමන් කර පාඩම් උකහා ගැනීම තීරනාත්මක යයි පවා කිව හැකි ය. 

rathnayaka
කේ. රත්නායක

පැබ්ලෝවාදී පිරිහීමේ පාඩම් උකහාගෙන, 1964 ලංකා සමසමාජ පක්ෂය ධනපති සභාගයට ඇතුලු වෙමින් කල පාවා දීමේ මූලයන් වටහා ගනිමින්, ඊට එරෙහිව ජාත්‍යන්තරවාදී ඉදිරී දර්ශනය මත ස්ථිරසාරව පිහිටා කම්කරු පන්තිය බලය ගැනීමෙන් මෙපිට ධනවාදී පීඩනය ජය ගත හැකි මාවතක් නැති බව විජේ වටහාගත්තේ යයි සියලුම කථිකයෝ සඳහන් කලහ. 

අයෝමය විනය පිලිබඳ ව්‍යාජය හා කට්ටිවාදය

“බලය ගන්න නම් 1917 බලය ගත් වැනි අයෝමය විනයකින් යුතු පක්ෂයක් අවශ්‍යයි; ධනේශ්වර පීඩනය කපා හරිමින් කම්කරු පන්තියේ පන්ති ස්වාධිනත්වය ආරක්ෂා කරමින් එය බලමුලු ගන්වන්න,” යි පවසමින් රත්නායක කියා සිටියේ 1964 දී, විජේ ඇතුලු තරුන නායකත්වය ඒ මත පිහිටා පක්ෂය ගොඩ නගා මෙහෙය වූ බව ය. එහෙත්, එම අයෝමය විනය සමන්විත වූයේ කුමකින් ද, පැබ්ලෝ- මැන්ඩෙල් නායකත්වය වලලා දැමූ එම විනය ආරක්ෂා කර වර්ධනය කලේ කෙසේ ද යන ප්‍රශ්න අවධානයට ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වන්නේ, කම්කරු පන්තියේ ස්ව විඥානය බොල්ෂෙවික් වර්ගයේ පක්ෂයකින් තොරව කෙසේවත් ඇති කල නො හැකි බැවිනි. කම්කරු පන්තිය සම්බන්ධයෙන් සැලකුවත් ඔවුනගේ ඔනෑම දේශපාලන සංවිධානයක් – ක්‍රියාකාරී කමිටු, ෆැක්ටරී කමිටු, ආරක්ෂක කමිටු වැනි- මෙම මූලධර්මයට නො බැඳුනේ නම් අවස්ථාවාදය පරාජය කෙරෙන්නේ හෝ මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැඟෙන්නේ හෝ, කොටින් කියන්නේ නම් විප්ලවයක් සිදු වන්නේ හෝ නැත. 

පැබ්ලෝවාදය හුදෙක් දියකරහැරිම්වාදී (Liquidationism) හා පිවිසුම්වාදී (Entryism) වූවා පමනක් නො වේ. තනි රටේ සමාජවාදය නැමති ජාතික පිලිවෙත සඳහා ස්ටැලින්ට ට්‍රෙට්ස්කිවාදී වාම විපාර්ශවය හා ඊට සහාය වූ කම්කරුවන් ලක්ෂ ගනනින් විරේක කර පක්ෂය නිලධාරීවාදී මාධ්‍යමික තන්ත්‍රයකට යටත් කිරීම අවශ්‍ය වූවා සේ ම, පැබ්ලෝවාදයට ද 4වන ජාත්‍යන්තරය ස්ටැලින්වාදය තුලට දියකර හැරීම සඳහා පක්ෂයේ බෝල්ෂෙවික්වාදී පැවැත්ම අහෝසි කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. මෙහිදී පැබ්ලෝ තන්‍ත්‍රය විසින් අති විශාල ප්‍රමානයක් සාමාජිකයෝ ප්‍රංශ ශාඛාවෙන් ‘විරේක’ කර දමනු ලැබුනාහ. 

මෙම ප්‍රවනතාවට එරෙහිව ස්වාධීන ලෝක පක්ෂයක් ලෙස ජාත්‍යන්තර කමිටුව පිහිටු වීමට පදනම් දැමූ සුප්‍රකට විවෘත ලිපිය මගින් එවකට එක්සත් ජනපද සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ජේම්ස්. පී කැනන් පෙන්වා දී ඇති පරිදි, පැබ්ලෝගේ සංශෝධනවාදය හා ට්‍රොට්ස්කිවාදය අතර බෙදීම් රේඛා කෙතරම් ගැඹුරු ද යත් දේශපාලනිකව හෝ සංවිධානාත්මකව කිසිදු සම්මුතියක් ඇති කර ගැනීමට හැකියාවක් නැත. බහුතර මතය සැබෑ ලෙස පිලිබිඹු කරන ප්‍රජාතන්ත්‍රවාදී තීරනවලට එලඹීමට ඉඩ නො දෙන බව පැබ්ලෝ කන්ඩායම ප්‍රදර්ශනය කර ඇත.”  හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගි මෙම නිලධාරීවාදී පරිහානියට එරෙහි ව, බෝල්ෂෙවික්වාදයේ පදනම වන ප්‍රජාතන්ත්‍රීය මධ්‍යගතවාදය යලි ස්ථාපිත කෙරුනු අව්‍යාජ කම්කරු පන්තික පක්ෂය ලෙස ජාත්‍යන්තර කමිටුව ගොඩ නැගීමට කැනන් ඇතුලු නායකත්වයට සිදු විය. ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය විප්ලවවාදි පක්ෂයක මස්ථිස්කය නම්, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය එහි ක්‍රියාකාරීත්වයේ හදවත වැනි ය. 

එක්සත් ජනපද සසප පදනම් ලේඛනය මෙසේ දක්වයි:

කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය සදහා සංවිධානයක් අවශ්‍ය වන අතර එය විනයකින් තොරව නො පවතිනු ඇත. එහෙත් විනය නිලධාරීවාදී ලෙස ඉහලින් පැටවිය නො හැකි ය. එය වැඩි දියුනු කල යුත්තේ මූලධර්ම හා ක්‍රියාමාර්ග මත නිදහස් ලෙස ඇති කර ගන්නා එකඟතාවයක පදනමින් ය. ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්ම මත පදනම් වන සසප සංවිධානාත්මක ව්‍යුහය තුල ප්‍රකාශයට පත් වන්නේ මෙම වැටහීමයි. ප්‍රතිපත්ති හා සුදුසු උපායන් සූත්‍රගත කිරීමේ දී පක්ෂය තුල පූර්න ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු ය. පක්ෂ ව්‍යවස්ථාවෙන් සඳහන් කෙරුනු අවස්ථා හැර, අනෙක් අවස්ථාවල දී සසප ප්‍රතිපත්ති හා වැඩ කටයුතු පිලිබද අභ්‍යන්තර සාකච්ඡාව සීමා පැනවීමකින් තොරව සිදුවිය යුතු ය. නායකයන් සාමාජිකයන් විසින් තෝරා පත්කර ගන්නා අතර, ඔවුන් විවේචනයට හා පාලනයට විවෘත විය යුතු ය. නායකත්වයට එරෙහිව ඉදිරිපත් වන විවේචනයට මුහුන දිය නො හැකි අපේක්ෂකයන් එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මූලාරම්භකයා වූ ජේම්ස් පී කැනන්ගේ වචන සැලකිල්ලට ගත යුතු ය. ‘සත්‍යය කිසිවෙකුටත් හානි නො කරයි. ඔහුට සුදුසු තැනම හිමි කර දෙයි.’ එහෙත් ප්‍රතිපත්ති සූත්‍රගත කිරීමේ දී පුලුල් සාකච්චාව ද, විවෘත හා අව්‍යාජ විවේචන ද අවශ්‍ය වන ආකාරයට ම, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී දැඩි විනයක් ද අවශ්‍ය වේ. පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඇති කර ගත් තීන්දුවලට සෑම සාමාජිකයෙක් ම බැදී සිටී. තීන්දු ක්‍රියාත්මක කිරීමේ දී, මධ්‍යගතවාදයේ මෙම අත්‍යවශ්‍ය අංගයට විරුද්ද වන හා විනයගත වීමේ ඉල්ලීම සිය ‌පෞද්ගලික නිදහසට අකුල් හෙලීමක් ලෙස සලකන අය විප්ලවවාදී සමාජවාදීන් නො ව, පන්ති අරගලයේ ඇඟවුම් හා ඉල්ලීම් වටහා නො ගන්නා අරාජකවාදීන් හා පුද්ගලවාදීන් ය.”

සසප හිටපු මධ්‍යම කාරක සභිකයෙක් වන මෙම ලේඛකයා විජේ සහෝදරයා මුල් වරට දැක හදුනාගත් 1975 වසරේ සිට බොහෝ කලක් ඔහු ඇසුරේ වටහා ගැනීමට හැකි වූ පරිදි, නායකයෙකු ලෙස විජේ ඩයස්ගේ සාර්ථකත්වය පිටුපස පැවති ප්‍රධාන ම මූල ධර්මයක් වූයේ මෙයයි. පුද්ගල චරිතයේදී විජේ ආඩම්බරකාරයෙකි, එහෙත් උද්ධච්ඡ නැත, නිහතමානී ය. දැඩි ය, නමුත් උනුවන හදවතක් ඇත, ලෙන්ගතු ය. කෙනෙකු ඉදිරිපත් කරන අදහස් සන්සුන්ව සවන් දීමේ පුරුද්දක් යකඩ මිනිහෙක් වූ විජේ සහ යකඩ ගැහැනියක වූ පියසීලි යන මේ යුවලට ම තිබිනි. වරක් වඩාත් න්‍යායිකව කරුනු පැහැදිලි කල රැස්වීමකට පසු සහෝදරියක් මෙසේ පැවසුවා ය. “විජේ සහෝදරයාට මොන තරම් ගැඹුරු විශ්ලේෂනයක් වුවත් කාටත් පැහැදිලි වෙන පරිදි විස්තර කල හැකි වීමට හේතුව සෙසු මිනිසුන් ගැන ඔහුගේ වැටහීම හා ඔවුන් කෙරේ ඔහු තුල ඇති ලෙන්ගතු කම යි.” මේවා වගකිව යුතු නායකයෙකුගේ සාර්ථකත්වයට හේතු නොවන්නේ කෙසේ ද?

මෙම මූලධර්ම වෙත පක්ෂයත්, පන්තියත් යොමු කර ගැනීමට විජේ ඩයස් අනුස්මරනය මහඟු අවස්ථාවකි. මෑත දී, පක්ෂය තුල දේශපාලන ප්‍රශ්න මතු කිරීම නිසා, සාමාජිකයන් 5ක් කිසිදු සාකච්ඡාවකින් හෝ විනය පරීක්ෂනයකින් පවා තොරව, විනය බිඳීම යන චෝදනාව යටතේ දොට්ට දැමුනි. මේ අනුස්මරන රැස්වීම අවසන් වී දින තුනක් ඉක්මවෙත් දී පක්ෂය ගත් පලමු පියවර වූයේ තවත් සහෝදරවරු 7ක්, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය අනුයමින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුවකට සහාය පලකිරීම මගින් පක්ෂ විනය බිඳ ඇතැයි යන චෝදනාවම මත, විනය පරීක්ෂනයකින් තොරවම, එකවර පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දැමීම යි.විනය ගැන කථා කිරීමේ දී කිව යුත්තේ, මෙම ‘විරේක’ කිරීම් සිදු කර ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාව පවා නො තකා හරිමින් බව ය. මේවා සිදු වන්නේ පන්ති අරගලයේ ඉතා තීරනාත්මක සටන් දිග හැරෙමින් තිබිය දී ය. විජේ සහෝදරයාගේ ජීවිතය පිලිබඳ සැබෑ ඇගයීමක් පෙනී සිටිනු ඇත්තේ මෙම අවස්ථාවාදී ප්‍රවනතාවන්ගෙන් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා ය.  

“විජේ සිය ජීවිතයේ අවසාන කාලය ගත කලේ මේ මහජන අරගලය තුල ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය වර්ධනය කර කම්කරු පන්තියට පාලන බලය ගැනීමේ මාවත පෙන්වීමට යි,” පැවසූ රත්නායක, මහජන අරගලය තුලට ප්‍රායෝගිකව හා සක්‍රීයව මැදිහත් නොවෙමින්, එයින් වියුක්තව, එහි නායකත්වය සඳහා ⁣පොරබැඳීමට පැකිලීම ගැන පක්ෂයට එල්ල වූ විවේචන හෙලා දකිමින් මෙසේ කියා සිටියේ ය: “නෑ මාක්ස්වාදයේ අයනු ආයනු තමයි, ට්‍රොට්ස්කිවාදයේ අයනු ආයනු තමයි, කම්කරු පන්තිය අරගලයට එනකොට ඔවුන් සදහා අවශ්‍ය ඉදිරි දර්ශනය, ක්‍රියා මාර්ගය, මග පෙන්වීම සූදානම් කිරීම.” මේ අනුව, කම්කරුවන් අරගලයට කැඳවීම සෑම කල්හි ම සෙසු ප්‍රතිගාමී ව්‍යාපාරවලට අයත් වැඩකි. විප්ලවවාදී පක්ෂය ක්‍රියාත්මක වන්නේ ඔවුන් එසේ කම්කරුවන් අරගලයට ගෙන ආ පසුව ය.

එහෙත්, ඔහුගේ මෙම අදහස මාක්ස්වාදී අයනු ආයනු දැනුවත්ව භාගෙට කියවීමකි. පන්තිය, පක්ෂය හා නායකත්වය කෘතියෙහි එන ට්‍රොට්ස්කිගේ පහත දැක්වෙන වචන ඒ සමඟ සසඳා බලන්න: 

“අලුත් නායකත්වයක්, පැරනි නායකත්වයකට වඩා ස්ථිර බව, විශ්වාසවන්ත බව, අවංක බව ජනයාගේ පලල් කොටස් ඒත්තු ගන්නේ ඔවුන්ගේ ම අත්දැකීම්වල පදනම මතින්, අවධි ගනනාවකින්, ක්‍රමානුකූලවයි. සත්‍යයෙන් ම විප්ලවයක් මධ්‍යයේ, එනම්, සිදුවීම් වේගවත්ව පරිවර්තනය වන තත්ත්වයක දී දුර්වල පක්ෂයකට ඉක්මනින් දැවැන්ත එකක් බවට වර්ධනය වන්නට පුලුවන. එසේ වන්නේ, එම පක්ෂය විප්ලවයේ ගමන් මඟ ඉතා පැහැදිලිව වටහා ගෙන ඇත්නම් හා දෙඩවීම්වලින් මත් නොවූ, දඩයම්වලින් තැති නොගත් ඉතා දැඩි ස්ථිර කේඩරයන් පක්ෂය සතුව පවතී නම් පමනෙකි. එබඳු පක්ෂයක් විප්ලවයට පෙරාතුව සූදානම් වී තිබිය යුතුය. මන්ද යත්, කේඩරයන් පුහුනු කිරීමට සැලකිය යුතු කාල පරිච්ඡේදයක් අවශ්‍ය වන බැවින් හා විප්ලවය එවැනි කාලයක් නොසපයන බැවිනි.” (පන්තිය පක්ෂය හා නායකත්වය – පි. 15)

එම කෘතියේ ම තවත් තැනෙක එන මේ කොටස ද බලන්න:

“… ජයග්‍රහනය මූලෝපායාත්මක කර්තව්‍යයකි. ජනතාව බලමුලු ගන්වනු වස් විප්ලවවාදී අර්බුදයක වාසිදායක කොන්දේසි උපයෝගී කර ගැනුම අවශ්‍ය ය. ජනතාවගේ පවත්නා “පරිනතකම” ආරම්භක ස්ථාවරය කර ගනිමින් ඔවුන් පෙරට තල්ලු කිරීම අවශ්‍ය ය. සතුරා මොන ම අයුරකින්වත් සර්ව-බලධාරී නොවන බව ද, පරස්පර විරෝධයන්ගෙන් වැහැරී සිටින බව ද, මතුපිටින් පෙනෙන වෙස් පෑමට යටින් සන්ත්‍රාසය හා කුලප්පුව රජයන බව ද වටහා ගන්ට ජනතාවට ඉගැන්වීම අවශ්‍ය ය.” (පන්තිය පක්ෂය හා නායකත්වය – පි. 11)

තවදුරටත්, කල යුත්තේ කුමක්ද කෘතියේ ලෙනින් ලියා ඇති පහත කොටස් ද මෙහි ලා සැලකිල්ලට ගනු වටී:

“සෑම පොදු ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රශ්නයක් ම මතු කිරීමෙහි දී සහ විසදීමෙහි දී, අන් සියළු දෙනාටම ඉදිරියෙන් සිටීමට ඇති තමන්ගේ යුතුකම අමතක කරන තැනැත්තේ ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු නොවේ. (කල යුත්තේ කුමක්ද? පි. 202)”

“පොදු  වශයෙන් නොව, වචනයේ නියම අර්ථයෙන්, සටනට හඬ නැගීම කල හැක්කේ, සටන ඇති වන තැනදී ය. එවැනි හඬ නැගීම් කල හැකි වන්නේ, තමන්ම සටනට අවතීර්ණ වන හා අප්‍රමාදව ම එසේ කරන අයට පමනකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශකයන් වශයෙන් අපගේ කටයුත්ත වන්නේ, දේශපාලන උද්ඝෝෂන ගැඹුරට ගෙනයාම, ව්‍යාප්ත කිරීම හා උත්සන්න කිරීමයි. (කලයුත්තේ කුමක්ද? පි. 189)   

රත්නායක සහෝදරයා ගෙන එන තර්ක වනාහී විජේ සහෝදරයාගේ ජීවිතය කියා දුන් පාඩම් කනපිට හැරවීමකි. ඔහු හුදෙක් ඉදිරි දර්ශනය සඳහා ඉදිරි දර්ශන වර්ධනය කලේ නැත. ඔහු න්‍යායික මෙන් ම ජීවමාන දේශපාලන අරගලය තුල කම්කරුවන් ගොවියන් හා තරුනයන් අතර වැඩ කලේ ය. 

සැබවින්ම නම්, රත්නායක මේ උත්සාහ කරන්නේ පසුගිය මහජන අරගල තුලින් ඉදිරියට පැන විදහා ලූ හා  තමන්මද අයත් නායකත්ව තන්ත්‍රය කලක සිට පක්ෂය තුල වර්ධනය කලා වූ ඉහතකී නොවැලැක්විය හැකි චෝදනාවෙන් ඉදිරිපත් කරන පක්ෂයේ කට්ටිවාදය ව්‍යාජ සූත්‍රයකින් වසා දැමීම යි. ට්‍රොට්ස්කි 1935 දී “කටිටිවාදය, මාධ්‍යමිකවාදය සහ  හතරවන ජාත්‍යන්තරය” නමින් විප්ලවවාදී ව්‍යාපාරය තුල එම ප්‍රවනතාවයන්ගේ කාර්යභාරය සම්බන්ධව විශ්ලේෂනය කරමින් ලියන ලද ලියවිල්ලේ පහත කොටස අවධාරනයට ගන්න:

“මාක්ස්වාදය විසින් ධනේශ්වර සමාජයේ චලනය පාලනය කරන නීති මත විද්‍යාත්මක වැඩපිලිවෙලක් ගොඩනගා ඇති අතර, මාක්ස්වාදය විසින් එම නීති සොයා ගන්නා ලදී.  මෙය දැවැන්ත ජයග්‍රනයකි!  කෙසේ වෙතත්, නිවැරදි වැඩපිලිවෙලක් නිර්මානය කිරීම ප්‍රමානවත් නොවේ.  කම්කරු පන්තිය එය පිලිගත යුතු ය.  නමුත් කට්ටිවාදියා, දේවල්වල ස්වභාවය අනුව, කාර්යයේ පලමු භාගයේදී නතර වේ.  කම්කරු මහජනතාවගේ සැබෑ අරගලයට සක්‍රීයව මැදිහත්වීම ඔහුට මාක්ස්වාදී වැඩපිලිවෙලක වියුක්ත ප්‍රචාරයක් මගින් ආදේශ කරනු ලැබේ.”

මේ අනුව, විප්ලවවාදී පක්ෂයක වගකීම ඉදිරිදර්ශන හා ක්‍රියා මාර්ග වර්ධනය කර කම්කරු පන්තියට බලය ගැනීමේ මග පෙන්වීම යයි කියන විට මාක්ස්වාදීන් අදහස් කරන්නේ කුමක් දැයි විජේ දැන සිටියේ ය. එය විශේෂ බුද්ධිමතුන් අතලොස්සකගේ පුවත්පත් කලාවේදී කටයුත්තක් වැනි දෙයක් නොවන බව ඔහුගේ ජීවිතය ගැන පක්ෂයේ ප්‍රරෝගාමී නායකයෙකු වන වයෝවෘද්ධ නන්ද වික්‍රමසිංහ, මෙම අනුස්මරනය වෙනුවෙන් නිකුත් කල වීඩියෝව මඟින් පෙන්වා දී ඇත. පැහැදිලි විය යුතු ප්‍රශ්නය නම්, ඉදිරි දර්ශන හා ක්‍රියා මාර්ග වර්ධනය කරන්නේමත් කෙසේ ද, මේ කාරනයේ දී මාක්ස්වාදයේ අයනු ආයනු උච්චාරනය කරන්නේත් කෙසේ ද යන්න ය.

රත්නායකගේ තවත් ප්‍රකාශයකට සම්බන්ධිතව මෙය වටහා ගැනීමට උත්සාහ කිරීම උචිත ය. 2022 අප්‍රේල් අරගලය ලෙස හඳුනා ගන්නා ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මහජන නැගිටීම ගැන සඳහන් කරමින් එය තමන්ට අහම්බ කාරනාවක් නො වූ බව ඔහු කීය. ඒ 2020න් ඇරඹි දශකය සමාජවාදී  විප්ලවයේ දශකය ලෙස ජාත්‍යන්තර කමිටුව විසින් නම් කරනු ලැබීම නිසා ය. එය අතිශය ප්‍රගාඪ පෙර දැකීමක් බව ද ඔහු සඳහන් කලේ ය. 

නමුත් 2022 මාර්තු මාසයේ අවසාන සතියේ රට පුරා ජනයා පෙල ගැසෙමින් සිටිය දී වත් සසප නායකතවයට ආරම්භකත්වයක් සදහා පියවර ගැනීමට නො හැකි විය. වහාම ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරගෙන අරගලයට පිවිසිය යුතු ය යි මෙම ලේඛකයා කල ඉල්ලීම ද කුනු කූඩයට දැමිනි. මාර්තු 31 අරගලය හදිසියේ  පුපුරා ගිය අතර ඊලග 3 දා දිවයින පුරා, කලින් යොදාගත් පරිදි, මහජනයා අරගලයට පිවිසුනි. ජාත්‍යන්තර කමිටුව අප්‍රේල් 5 දා ලංකාවේ සිද්ධි අලලා ඉදිරි දර්ශනාත්මක ලිපියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කලේ ය. ලංකාවේ කම්කරු පන්තිය බලය ගැනීමට සූදානම් විය යුතු ය යි එය පෙන්වා දුන්නේ ය.

ශ්‍රි ලංකාවේ සසප මේ සම්බන්ධයෙන් යොමු කර ගැනීමට කෙතරම් අසීරු වූයේ ද යත් ලොසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේව් නෝර්ත්ගේ ද මැදිහත් විමෙන් විජේ ලියූ ඉදිරි දර්ශනයක් බොහෝ පමා වී පල කල හැකි වූයේ අප්‍රේල් 7දා ය. “මහජනයාගේ නැගිටීම් ආරම්භය ආසන්නයේ, එහෙම නැත්නම් ඒවා රට පුරා පැතිරීගෙන එන තත්වය ඇතුලේ” එය සිදු කල බව රත්නායක රැස්වීමේ දී කල කියා පෑම හා මේ සිදුවීම්, 2020 සිට දැන සිටි නිසා අහම්බයක් නො වීය යන ප්‍රකාශයට පටහැනි ය. දැන් රත්නායක කියන දෙයින් ගම්‍ය වන පනිවිඩය නම්, අයනු ආයනු යනු එසේ කල් මැරීමට කියන වෙනත් නමක් බව ය. 

2020 දී නොව, 1996 සංගම් පක්ෂ බවට පත් කිරීමේ දී අප සටහන් කර ගත්තේ නිෂ්පාදනයේ භූගෝලීයකරනය විසින් සියලු ජාතිකවාදී ක්‍රියාවන්ට සදහට මල බෙරය හැඩවී ඇති නිසා කම්කරු පන්තියේ අති මූලික ඉල්ලීම් සදහා අරගලය පවා අප අතට ගැනීමට වෛෂයිකව තීන්දු වී ඇති බව ය. අනෙක් අතට පන්ති අරගලයට මැදිහත් වීම හැටියට මිස ඉදිරි දර්ශනයක් වර්ධනය කල හැකි වෙනත් ආකාරයක් ද නැත. පන්ති අරගලයෙන් තොරව ම මාක්ස් නමැති මහා ප්‍රාඥයාගේ ඔලුවට මාක්ස්වාදය කඩා වැටුනේ නැති බව කවුරුත් දන්නා කරුනකි. කෙසේ වෙතත්, කම්කරු පන්තිය තුල වර්ධනය නොකරන වියුක්ත  ඉදිරි දර්ශනයකින් ඇති ඵලය කුමක් ද? ඒ නිසා සසප වහාම මෙම කුසීත මග හැරීමෙන් අත් මිදිය යුතුව ඇති අතර එය ඓතිහාසික අවශ්‍යතාවක් බව වටහා ගැනීමට සටන් කල යුතු ය.

විජේ ඩයස් 1987 ප්‍රධාන ලේකම් ධුරයට පත් වන්නේ 1953 පැන නැගී පැබ්ලෝවාදයට අවසන් ප්‍රහාරය එල්ල කර, ජාත්‍යන්තර කමිටුව අව්‍යාජ කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදී හා ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ලෙස ඉස්මත්තට ඒමත් සමග ය. 1985-86 මෙම භේදය පෙර පැවති හීලිවාදයේ නිලධාරීවාදී බලපෑමෙන් එහි ශාඛා නිදහස් කර ගත්තේ ය. විජේ සිය නිලය මෙහෙය වූයේ එම පදනම්වල සිට ය. එම වසරේම පැන නැගුනු ජවිපෙ ඝාතනවලට හා ආන්ඩුවේ මෘග මර්දනයට මුහුන දී, වසර 5-6ක කෙටි කාලයක් ඇතුලත පක්ෂ සාමාජිකත්වය දෙගුනයකින් පමන ඉහල දමා ගනිමින් පෙරට ගමන් කිරීමට එම මෙහෙයුමට හැකි විය. තුවක්කු දෙකකට මැදි වී එහි දී දිනා ගත්තේ අතිශය දැනුවත්, කැප වූ හා සටන්කාමී කේඩරයකි. මෙම ජයග්‍රහනය විශේෂයෙන් ජවිපෙ මදාවිකාරයට හා ආන්ඩුවේ මර්ධනයට එරෙහි එක්සත් පෙරමුන සදහා සහ ගම්බද ඝාතනවලට එරෙහිව ගෙන ගිය සප්‍රතිපත්තික අරගලය හා බැදුනි. ඉතා අසීරු කොන්දේසි යටතේ පක්ෂ සාමාජිකත්වය සාකච්ඡා මගින් ඒත්තු ගන්වා ගැනීමට කටයුතු නොකෙරිනි නම් එම සාර්ථකත්වය සිහිනයක් වීමට නියමිත ව තිබින. උත්සන්න කල වර්ගවාදයට හා යුද්ධයට අභියෝග කල මෙම කේඩරය මෙහෙයවා ගෙන ගිය අරගලය උතුරු පලාත තුල ද පක්ෂය පුලුල් කලේ ය. මේ නිසා, නව සම සමාජ පක්ෂය (නසසප) වැනි පක්ෂවල අභාවය ඉක්මන් කල එක්සත් පෙරමුන සම්බන්ධ අත් දැකීම්වලින් තොරව විජේ සහෝදරයා පක්ෂය ගොඩ නැගීමට දුන් නායකත්වය හරිහැටි වටහා ගත හැකි නො වන බව අපේ අදහස ය. මෙම සාර්ථකත්වයන් වූ කලී, මේඝ දූතයන් ලෙස ඉදිරි දර්ශන පා කර යවා ලබා ගත් ඒවා නො වේ, ඒ වෙනුවට ඒවා, ජීවිත පරිත්‍යාගයෙන් යුද බිමේ දී ඉදිරි දර්ශන සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයෝ වෙති.   

සිය ජීවිතයේ අවසන් වසරේ, ජාත්‍යන්තර කමිටුවේ මැදිහත් විමෙන් ඔහු විසින් කෙටුම්පත් කෙරුනු ඉතා පැහැදිලි ඉදිරි දර්ශන දෙකක් අප්‍රේල් 7 සහ ජුලි 20 නිකුත් කෙරීම නිසැකවම ජයග්‍රහනයකි. එම ලේඛන ඉහත සඳහන් කල අත්දැකීම්වලින් පෝෂනය වී ඇත. නමුත්, ඒ්වා කම්කරු පන්තිය තුලට ගෙන යාමට හා ඒ මත සාකච්ඡාවක් අවුලවා ගෙන, කම්කරු පන්තිය ඒත්තු ගන්වා සූදානම් කිරීමට, ඔවුන්ගේ අරගලය තුල නායකත්වය ගැනීම සඳහා ගැනුනේ ඇල්මැරුනු ප්‍රවේශයකි. සසප වාමාංශය අප්‍රේල් ඉදිරිදර්ශනයේ මග පෙන්වීම යටතේ අරගලය තුලට මැදිහත් වී කන්ඩායමක් දිනා ගත් අතර පසුව කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩ නැගීම දක්වා එය ඉදිරියට ගියේ ය. ජුලි 20 ඉදිරි දර්ශනය කොලඹ ක්‍රියාකාරී කමිටුවේ පදනම විය. පක්ෂ තන්ත්‍රය එම ආරමිභකත්වය ගත් සාමාජිකයන් පක්ෂයෙන් නෙරපා හරිමින් ද, කොක්‍රික කෙරේ වෛරීසහගත ප්‍රකාශ නිකුත් කරමින් ද කලේ උක්ත ඉදිරී දර්ශන ලියවිල්ලේ අර්ථ විකෘති කිරීම ය.   

ක්‍රියාකාරී කමිටු පිලිබඳ නිලධාරීවාදී විකෘතිය

අනුස්මරන රැස්වීමේ කතා කල සසප දේශපාලන කමිටුවේ විලානි පීරිස් සහෝදරිය, වරාය ක්‍රියාකාරී කමිටුව ගොඩ නගන කොට කම්කරුවෙක් අපි සියලු සමාජවාදය ගැන කතා කරන කොටස් ඒකාබද්ධ කරගනිමු” යි යෝජනා කල බව කීවා ය. ඊට එරෙහිව තර්ක කරමින් ඇය, “ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය සදහා පදනම් දැමිය යුත්තේ, සිය පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම පිනිස දිවයින පුරා වැඩපොල, කම්හල්, වතු, නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු තුලින් කම්කරුවන් හා ගම්බද පීඩිතයන් විසින්ම ය” යන පක්ෂයේ ඉහත කී ජුලි 20 ප්‍රකාශයේම ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙල කෙරේ දිගටම පවත්වාගෙන යන සතුරුභාවය ඉස්මතු කලා ය. 

“අපි ලෝක කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය කරන එකම සංවිධානය වන නිසා, කොතනින් හෝ කන්ඩායම් එකතු කර සංවිධාන හදන්නේ නැහැ”, යි පවසමින් විලානි කීවේ කම්කරු ක්‍රියාකාරී කමිටු පක්ෂයේ අභිලාශයන්ට, අනුමැතියට, ඉදිරි දර්ශනයට හා විනයට යටත්ව විය යුතු බව ය. එසේ නම් පක්ෂය හදනවා මිස ක්‍රියාකාරී කමිටු හදනනේ කුමටදැයි විජේ මේ අදහසට විරුද්ධව තර්ක කල බව විලානි හිතාමතා ම අමතක කරන්නීය. 

Vilani
විලානි පීරිස්

කිසිදු පක්ෂයකට යටත් ව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම ක්‍රම විරෝධී ය. ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. පක්ෂවල කාර්ය ඒවා තුලට වන් සිය සාමාජිකයන් මගින් සිය වැඩ පිලිවෙලට කම්කරු ගොවි ජනයා සහ අවසානයේ කමිටුවම දිනා ගැනීමට සටන් කිරීම ය. විවිධ ධනේශ්වර විරෝධී ප්‍රවනතා කමිටුව නියෝජනය කරනු ඇත. විප්ලවවාදීහු මෙම ප්‍රවනතාවන්ට බිය නො වෙති. කම්කරු පන්තිය අධ්‍යාපනගත වන්නේ ද, මහජන ව්‍යාපාරයක් වර්ධනය වන්නේ ද, පක්ෂය මහජනයා අතර මුල් බසිමින් වර්ධනය වන්නේ ද එබදු අරගලයක් තුල ය. විශේෂයෙන් මධ්‍යම පන්තික ජනයා විවිධ අවස්ථාවාදී ව්‍යාපාරවල ග්‍රහනයෙන් හා ෆැසිස්ට්වාදයෙන් මුදාගත හැකි වන්නේ එබඳු අරගලයකට ය. මෙය කම්කරු පන්තියේ ජීවිතය හා මරනය අතර ප්‍රශ්න සමග බැඳී ඇති බව වටහා ගැනීම අවශ්‍ය වන්නේ එබැවිනි.

ඥාන කෝෂ්ඨාගාරයක්

තතු එසේ තිබිය දී, පක්ෂයේ තරුන සංවිධානය නියෝජනය කල සකුන්ත හිරිමුතුගොඩ සහෝදරයා සිය කතාව තුල විජේගේ ජීවිතයේ න්‍යායික දේශපාලනික හා මූලධර්මාත්මක පදනම් සොයා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දරන බව පෙන්නුම් කලේ ය. විජේගේ දේශපාලනය, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හා ජාත්‍යන්තරවාදය යන කුලුනු දෙක මත පිහිටා සිටි බව ඔහු අවධාරනය කලේ ය. විජේගේ ක්ෂමා විරහිත දේශපාලනය උපුටා දක්වමින් ඔහු කියා සිටියේ විකොස ගොඩ නැගීමට මූලිකත්වය ගත් විජේ සහෝදරයාගේ පරපුරේ තරුනයන්ට එය කල හැකි වූයේ අත්‍යවශ්‍ය දේශපාලනික, න්‍යායික පාඩම් උකහාගෙන ක්‍රියාත්මක වීම තුලින් මිස හුදු තරුන ජවය හා ධෛර්යය නිසා නො වන බව ය. කැලඹිලිකාර කාල පරිච්ඡේදයක දී තරුන ජනයාගේ අධිෂ්ඨානය සන්නද්ධ කල යුතු ය යි ඔහු ලෙනින් උපුටා දක්වමින් කල සටහන අවධානයට ගැනීම අත්‍යවශ්‍යය ය. කම්කරු පන්තියේ පන්ති අරගලය වර්ධනය කිරීම සඳහා කරන න්‍යායික, දේශපාලනික හා සංවිධානාත්මක වැඩ කටයුතුවලින් තොරව තරුන ජනයාගේ අධිෂ්ඨානය සන්නද්ධ කිරීමේ ක්‍රමයක් ද නැත. විශේෂයෙන් විජේගේ යෞවනය ඊට අදාල විෂය මාලාවකි. පක්ෂයක වගකීම වන්නේ මේ තීරනාත්මක මොහොතේ යෞවනයන්ගේ මෙම න්‍යායික සා පිපාසාව සංසිඳුවීම ය.

sakuntha
සකුන්ත හිරිමුතුගොඩ

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, 1968 සිට විජේ සහෝදරයාගේ සහභාගීත්වයෙන් හා මූලිකත්වයෙන් සිදු කල පක්ෂයේ වැඩ කටයුතුවල වාර්තාවක් ඉදිරිපත් කලේ ය. ඔහුගේ වාර්තාව වත්මන් පන්ති අරගලය තුල පක්ෂයේ වගකිම් ක්‍රියාකාරී කමිටු පිලිබද යෝජනාවට එහා ගෙන නො ගියේ ය. 

සසප මෙම රැස්වීම යලි තක්සේරු කිරිම අවශ්‍යය යි අපි සිතමු. එය තීරනාත්මක වන්නේ කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දශක 6ක අත් දැකීම් ඇති, ආසියාතික කලාපයේම සංවිධානය ගොඩනැගීමේ වගකීම දරා සිටින නිල ශාඛාව එය වන අතර ම, එහි පැවැත්ම සමාජවාදී විප්ලවයේ ඉරනම සම්බන්ධ ප්‍රමුඛ කරුන වන හෙයිනි. 

2010 වසරේ සිදු වූ පියසීලි සහෝදරියගේ මරනය විජේ සහෝදරයාගේ ජීවිතයට එල්ලවූ අකුනු පහරක් බඳු වුවත්, විජේ නිර්ධන පන්ති විප්ලවයට හා එහි පක්ෂයට දැඩි ලෙස බැඳුනු ඇගේ මෘත දේහය අභියස දී පවා පක්ෂය ගොඩ නැගීමට සපථ කලේ ය. හෘදයාබාධයත්, තවත් අසීරු රෝගී තත්වයනුත් ඔහුට සිතැඟි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ නො දුන්නේ වී වුව, මේ යෝධ මිනිස් චරිතය මෙරට දැවැන්තතම මහජන නැගිටීම මැද නැගී සිට “කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!” යන මාහැඟි ඉදිරි දර්ශනය සිය මරනයෙන් සතියකට පෙර කෙටුම්පත් කර තැබුවේ ඊට එරෙහිව මතු ව තිබූ බොහෝ බාධක මැඩ පවත්වමිනි.    

විජේ සහෝදරයාගේ දේශපාලන ජීවිතය සියලු විප්ලවවාදීන් හා තරුනයන් විසින් පිරිසිඳ දත යුතු ඥාන කෝෂ්ඨාගාරයක් වෙයි. එය මනාව හා විධිමත් ව අධ්‍යයනය කිරීම සියලු විප්ලවවාදීන් විසින් මඟ නොහැරිය යුතු වගකීමක් වන අතර, එවැනි අධ්‍යයනයක් සමස්ත දකුනු ආසියාතික කලාපයේ හා සමස්ත ග්‍රහලෝකයේ කම්කරු පන්තියේ ඉරනම පිලිබඳ මිල කල නොහැකි පාඩම් ගෙන එනු ඇත.

විජේ ඩයස් සහෝදරයාගේ චරිතාපදානය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හා ලාංකීය කම්කරු පන්තියේ නූතන ඉතිහාසය සනිටුහන් කරයි Read More »

bastile

බැස්ටිල් දිනය 1789—බැස්ටිල් දිනය 2023

ජෝශප් ක්‍රිෂෝර්, ඩේවිඩ් නෝර්ත් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 14 දින පල වූ ‘Bastille Day 1789—Bastille Day 2023’ යන ජෝශප් ක්‍රිෂෝර් හා ඩේවිඩ් නෝර්ත් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

bastile
1789 ජූලි 14 වැනි දින බැස්ටිලයට කඩා වැදීම සහ ආන්ඩුකාර එම්. ඩි ලෝනේ අත්අඩංගුවට ගැනීම. [ඡායාරූපය: නිර්නාමික]

වැඩවසම් දේපල සබඳතා පදනම් වූ   රාජාන්ඩුවේ සහ වංශාධිපතිත්වයේ පාලනයක් වූ ප්‍රංශ පුරාන පාලනයේ අයුක්තිය සහ පීඩාකාරී බලය සංකේතවත් කිරීමේ  පැරීසියේ බලකොටුව වන බැස්ටිලය වෙත කඩා වැදීමේ 234 වැනි සංවත්සරය ජූලි 14 සිකුරාදා සනිටුහන් වේ. පැරිසියානු මහජන නැගිටීම පුපුරා යාමට පෙර  මාස සහ සති ගනන් වලට පෙර දී  දිග්ගැස්සුනු දේශපාලන අර්බුදය ක්‍රමානුකූලව ගොඩ නැගෙමින් තිබුනි. රාජ්‍ය බංකොලොත් භාවය සහ අපචාර ආන්ඩුවේ කීර්තිය හා අධිකාරය හෑල්ලූවට ලක් කර තිබුනි. විවිධ “වසම්” (Estates) අනුව සංවිධානය වූ ප්‍රංශයේ සමාජ ව්‍යුහයේ ගැඹුරු බෙදීම් දේශපාලන ජීවිතයේ මතුපිටට කඩා වැදෙමින් තිබුනි. ජනගහනයේ  අතිමහත් බහුතරයකින් සමන්විත” තුන්වන වසම” නැගී එන ධනේශ්වරය විසින් මෙහෙයවනු ලැබ, ප්‍රභූ පැලැන්තියේ වසම් දෙකෙන් ස්වාධීනව සහ ඊට විරුද්ධව සංවිධානය වීමට පටන් ගෙන තිබුනි.

බැස්ටිලයේ තාප්පවලින් පිටත මහජන උද්ඝෝෂනවලට බලකොටුව තුල සිට එල්ල කල කාලතුවක්කු වෙඩි තැබීම් වලට මුහුන දීමට සිදු විය. නමුත් ජනතාව ආයුධ ලබාගෙන නගරයේ හමුදා ආරක්ෂක යන්ගෙන් කොටසක් ඔවුන්ගේ පැත්තට දිනා ගත්හ. බලකොටුවේ බිත්ති කඩා දැමූ  ජනතාව එහි ආරක්ෂකයින්ට එරෙහිව ලේ වැකි පලිගැනීමක්  සිදු කලහ. 1901 සහ 1904 අතර ලියූ ප්‍රංශ විප්ලවයේ සමාජවාදී ඉතිහාසය තුල ෂෝන් ෂොරෙස්  (Jean Jaurès) මෙසේ ලිවීය:

බැස්ටිලය අල්ලා ගැනීමේ බලපෑම අතිමහත් ය. මනුෂ්‍ය වර්ගයාගේ සිපිරිගෙය බිඳ වැටී ඇති බව ලෝකවාසී සියලු දෙනාටම පෙනෙන්නට තිබුනි. මෙය මිනිසාගේ අයිතිවාසිකම් ප්‍රකාශනයට* වඩා විශාල වීය. එය මානව හිමිකම් උදෙසා සේවයෙහි  කැපවිම පිලිබදව ජනතාවගේ ශක්තිය ප්‍රකාශ කිරීමක් විය. පැරිසියේ සිට විශ්වයේ පීඩිතයන් වෙත ලඟා වූයේ ආලෝකය පමනක් නොවේ. වහල්භාවයේ අඳුරු රාත්‍රියේ සිරගත වූ මිලියන ගනන් හදවත් තුල නිදහසේ පලමු උදාව හරියටම එම මොහොතේම උදා විය.

පැරිසියේ සිට සැතපුම් 20ක් දකුනින් පිහිටි වර්සායි හි පිහිටි ඔහුගේ මාලිගාවේ ලැගුම් ගෙන සිටි XVI ​​වන ලුවී රජු රාත්‍රිය වන තුරුම (මහජන) නැගිටීම ගැන දැන සිටියේ නැත.ඔහුගේ සුව නින්දෙන් අවදි කල    Rochefoucauld-Liancourt ආදිපාදවරයා විසින් වාර්තාවක් ලබා දුන් විට “ඒත් ඉතින් ඒක කැරැල්ලක්ද?” කලබල වූ රජතුමා ඇසුවේය. “නැහැ, උතුමානෙනි,” ආදිපාදවරයා පිලිතුරු දුන්නේය. “එය විප්ලවයක්!”

බ්‍රිතාන්‍යයට එරෙහිව ඇමරිකානු ජනපද වාසීන්ගේ ජයග්‍රහනයේ නීති සම්පාදනය කල පැරිස් ගිවිසුමෙන් වසර හයකට පසුව එලැඹුනු ප්‍රංශ විප්ලවය ලෝක ඉතිහාසයේ නව යුගයක ආරම්භය සනිටුහන් කලේය. එහි දැවැන්ත පරිමානය සහ දේශපාලන ගතිකත්වය තුල එය මූර්තිමත් කලේ ට්‍රොට්ස්කි විසින් පසුව, ”මහජනතාව  තමන්ගේම ඉරනම පාලනය කිරීමේ ක්ෂේත්‍රයට බලහත්කාරයෙන් ඇතුල් වීම”  ලෙසින් හැඳින්වූ දෙයයි.

විප්ලවය, අතිවිශාල සමාජ, ආර්ථික හා සංස්කෘතික පැසවීමේ කාල පරිච්ඡේදයක දේශපාලන කූටප්‍රාප්තියක් විය. එය, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රශ්න විසඳීම සඳහා හේතු-විචාර බලය තහවුරු කල ‘බුද්ධි ප්‍රබෝධනය’ (Enlightenment) නමින් හැඳින්වෙන බුද්ධිමය විප්ලවය විසින් අපේක්ෂා කරන ලද්දේ විය. යුගයේ සිටි ශ්‍රේෂ්ඨ භෞතිකවාදී දාර්ශනිකයන් මානව සමාජය පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයට ප්‍රබල බුද්ධිමය ආවේශයක් සපයනු ලැබ, එනයින්, ආගමික මිථ්‍යාවන් මතින් ඒවායේ අසාධාරනයන් සහ රජවරුන්ගේ දිව්‍යමය අයිතිය යුක්ති සහගත කරන ආචීර්න කල්පික ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්‍රමය පිලිබඳ විවේචනයක් ලබා දෙනු ලැබීය.

බුද්ධි ප්‍රබෝධනයේ  චින්තකයෝ එහි වඩාත්ම රැඩිකල් ස්වරූපයේ දී, සමාජ අසමානතාවය සහ ධනවතුන්ගේ වරප්‍රසාද කෙරෙහි සිය විවේචනය යොමු කලහ.

 “සමාජයේ සියලු වාසි බලවත් හා ධනවතුන් සඳහා නොවේද?” ෂෝන්-ජාක් රූසෝ ( Jean-Jacques Rousseau) 1755 දී ඇසුවේ අද දින ද දෝංකාර දෙන වචන වලිනි. “සියලු වාසිදායක තනතුරු පුරවන්නේ ඔවුන් විසින්ම නොවේද? සියලුම වරප්‍රසාද සහ නිදහස් කිරීම් ඔවුන් සඳහා වෙන් කර නොමැතිද? එමෙන්ම රාජ්‍ය අධිකාරිය සම්පූර්නයෙන්ම ඔවුන්ට වාසිදායක නොවේද? උසස් තත්වයේ සිටින මිනිසෙක් තම නයහිමියන් ගෙන්  සොරකම් කරන විට හෝ වෙනත් ආකාරයකින් වංචා කරන විට, ඔහුට සෑම විටකම තමා ඒ සඳහා දඬුවම් නොලබන බවට  සහතික නොමැතිද?”

රූසෝගේ වඩාත් ප්‍රසිද්ධ කෘතිය 1762 දී ලියන ලද “සමාජ කොන්ත්‍රාත්තුව” ආරම්භ වූයේ, ” නිදහස්ව උපත ලබන මිනිසා සෑම තන්හිම යදමින්  බැඳ දමා ඇත” යන වචන වලිනි.

එම යුගයේ සිටි ශ්‍රේෂ්ඨ චින්තකයන්ගේ සමාජ විචාරය විප්ලවයක් බවට වහා පරිවර්තනය වූයේ නැත. ඔවුන්ගේ බුද්ධිමය ශ්‍රමයේ ඇඟවුම් මහජනතාවගේ ක්‍රියාව තුල ප්‍රකාශනය සොයා ගැනීමට දශක ගනනාවක් අවශ්‍ය විය. නමුත් ප්‍රංශ විප්ලවය එහි ගම්‍යතාව (වේග-බලය) එක්රැස් කරගන්නා විට, ජනගහනයේ පුලුල් ස්ථර දේශපාලන ක්‍රියාකාරකම් වෙත ගෙන ආ අතර වඩ වඩාත් රැඩිකල් මානයන් අත්පත් කර ගත්තේය. 1785 දී සිතාගත නොහැකි වූ දෙය- රාජාන්ඩුවේ අවසානය, වැඩවසම් වරප්‍රසාද සහ දේපල සබඳතා අහෝසි කිරීම, ජනරජයක් පිහිටුවීම සහ රජුට මරන දඬුවම පැනවීම- ඊලඟ දශකය තුල යථාර්ථයක් බවට පත් විය.

“සංස්කෘතික ධනේශ්වරය විසින් පාගා දමන ලද සමාජයේ අත්තිවාරමම ඇවිස්සෙමින් සජීවි වන බවක් බවක් පෙනෙන්නට තිබුනි,” ලියොන් ට්‍රොට්ස්කි සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය තුල ප්‍රංශයේ සිදුවීම් ගැන ලිවීය. “ ජන සමූහයට ඉහලින් මිනිස් හිස් එස වී ගත්තේ ය, කරගැට දෑත් ඉහලට දිගු විය, ගොරෝසු නමුත් ධෛර්ය සම්පන්න හඬවල් කෑගැසුවේය! විප්ලවයේ අවජාතකයන් වූ පැරිස් දිස්ත්‍රික්ක, ඔවුන්ගේම ජීවිතයක් ගත කිරීමට පටන් ගත්හ. ඔවුන්ව හඳුනා ගැනී- ඔවුන්ව හඳුනා නොගැනීම කල නොහැක්කක් විය –  කොටස් බවට පරිවර්තනය කෙරුනි. නමුත් ඔවුන් දිගින් දිගටම නීත්‍යානුකූල භාවයේ සීමා මායිම් බිඳ දමමින් පහලින් නැවුම් ලේ ධාරාවක් ලබා ගනිමින්, නීතිය නොතකා හරිමින් කිසිදු අයිතිවාසිකමක් නොමැති අසරන  සන්-කුලොට් (sans-culottes- පහල පංතියේ වූ කම්කරු පංතිකයන්) හට ඔවුන් අතර ඉඩ-හසර  විවෘත කලහ.

විප්ලවය ප්‍රතිගාමීන්ගේ  දැඩි වෛරයට ලක් විය.  තත්වාරක්ෂකයන් (කොන්සවේටිව්) සහ මධ්‍යස්ථ මතධාරීන් විප්ලවයේ “සීමා ඉක්මවීම්” හෙලා දුටුවෝය. එහෙත් වඩාත් ප්‍රගතිශීලී චින්තකයෝ එහි ආරක්ෂාවට පෙල ගැසුනහ. XVI වන ලුවී ඝාතනය කිරීම සහ විප්ලවය ආරක්ෂා කිරීම සඳහා මුදා හරින ලද භීෂනය හෙලා දුටු අයට පිලිතුරු දෙමින් තෝමස් ජෙෆර්සන් පැවසුවේ විප්ලවයේ පරාජය දැකීමට වඩා “ලෝකය අඩක් පාලුවට ගොස් ඇති බව” දැකීමට තමන් රිසි බවයි. “සෑම රටකම ආදම් සහ ඒව පමනක් ඉතිරි ව නිදහසේ  සිටියා නම්, එය දැන් පවතින තත්ත්වයට වඩා හොඳ වනු ඇත” යනුවෙන් ඔහු ලිවීය.

ප්‍රංශ විප්ලවයේ අදට අදාලත්වය කුමක්ද? සැබැවින්ම අප සිටින්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී යුගයක නොව සමාජවාදී විප්ලවයේ යුගයක ය. එසේ වෙතත් අසමානතාවය, දේපල හා ස්ථාපිත පිලිවෙල පිලිබඳ විප්ලවවාදී විවේචනයේ සාරය, ධනේශ්වර පරිහානියේ හා අර්බුදයේ කොන්දේසි යටතේ දැවැන්ත බලයක් අත්පත් කර ගනී.

ප්‍රථමයෙන්ම මේ කරුන පැහැදිලි වන්නේ මේ වසරේ පැරිසිය, එහි එම වීදි හා මංමාවත් ඔස්සේම මහජන විරෝධතා හා වැඩ වර්ජන දැක ඇති බව පිලිබඳ කාරනයෙන් ය. ප්‍රන්සයේ කම්කරුවන් තවමත් ධනවාදය ගිලටීනයට යටත් කර නොමැති නමුත් ඔවුන්ගේ අරගලවල අන්තර්ගතය සෘජුවම මතු කරන්නේ “ධනවතුන්ගේ ජනාධිපති” එමානුවෙල් මැක්‍රොන්ට එරෙහිව දේශපාලන සටනක සහ පවතින සමාජ දේශපාලන හා ආර්ථික ක්‍රමය පෙරලා දැමීමේ අවශ්‍යතාවයයි. විශ්‍රාම වැටුප් කප්පාදුවලට සහ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවලට එරෙහි ඔහුගේ ම්ලේච්ඡ මර්දනයෙන් නැවුම් ව, මැක්‍රොන් ඉමහත් දරිද්‍රතාවයෙන් හා අගහිඟකම් ඇති සමාජයක් පාලනය කරන ගුජරාටයේ ෆැසිස්ට්ටික ඝාතකයා වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ඊයේ පාවඩ ඇතිරීය.

දරාගත නොහැකි ජීවන තත්වයන් ලොව පුරා සමාජ අරගලයේ නැගීමක් ඇති කරයි. මේ වසරේ එක්සත් රාජධානියේ තැපැල් සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, ගුරුවරුන්, දුම්රිය සේවකයින් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් විසින් වැඩ වර්ජන සහ අනෙකුත් අරගල වලට පිවිසීම; ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායලයේ මහජන විරෝධතා ඇති විම; කැනඩාවේ ජාතික වානේ කාර් කම්කරුවන් 1,400 ක් සහ නැව් තටාක සේවකයින් 7,400 ක් විසින් කරන ලද වැඩවර්ජනය පසුව ආන්ඩුවේ මැදිහත්වීම හරහා මෙම සතියේ අවසන් කිරීම;  කප්පාදුවට එරෙහිව ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ කරගෙන නිරන්තර වැඩ වර්ජන සහ විරෝධතාවන්;  මේ සදහා දැක්විය හැකි උපුටන   කීපයකි

එක්සත් ජනපදයේ ලේඛකයින් 11,000 ක අඛන්ඩ වැඩවර්ජනය මධ්‍යයේ එන දස දහස් ගනනක් නලුවන්ගේ වැඩවර්ජනය, එක්සත් ජනපද චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන ඉතිහාසයේ විශාලතම වැඩ වර්ජනය ආරම්භ කරන අතර අධ්‍යයන සේවකයින්, ක්ලැරියෝස් සහ CNH නිෂ්පාදන කම්කරුවන්ගේ වැඩ වර්ජන ඊට පූර්වයෙන් සිදුවිය. එය මේ වසරේ දෙවන භාගයේදී වෘත්තීය සමිති යාන්ත්‍රනයේ පාලනයෙන් පිටත පුපුරා යාමට තර්ජනය කරන UPS කම්කරුවන්ගේ, මෝටර් රථ කම්කරුවන්ගේ සහ නැව් තටාක කම්කරුවන්ගේ වර්ධනය වන අරගලවලට දැවැන්ත තල්ලුවක් ලබා දෙනු ඇත.

නොවැලැක්විය හැකි ලෙසම කම්කරු පන්තියේ විඥානය මුලදී ආධිපත්‍යය දරන්නේ ඔවුන් මුහුන දෙන ක්ෂනික කොන්දේසි සහ ගැටලු මගිනි. කෙසේ වෙතත් මෙම සියලු අරගලවල තර්කනය හදිසි සංවිධානාත්මක ගැටලු මතු කරනවා පමනක් නොව -වෘත්තීය සමිති යාන්ත්‍රනයේ ග්‍රහනයෙන් මිදීම සඳහා ස්වාධීන ක්‍රියාකාරී කමිටු වර්ධනය කිරීමේ අවශ්‍යතාවය- සමාජ සබඳතාවල අතාර්කිකත්වය සහ සමාජයේ අවශ්‍යතා සමග ඔවුන්ගේ නොගැලපීම ද මතු කරයි.

ධනවාදයට පැවැත්මට ඇති අයිතිය සහ පාලක ප්‍රභූවට පාලනය කිරීමට ඇති අයිතිය අහිමි වී ඇත.පසුගිය වසර පහ තුල ඩොලර් මිලියන 200කට වඩා වැඩි මුදලක් ලබා ගත් ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී බොබ් අයිගර්, “ යථාර්ථවාදී නොවන අපේක්‍ෂා මට්ටමක් … ” බව කියා වර්ජක නලුවන් සහ ලේඛකයින්  හෙලා දකින විට, XVI වන ලුවී සහ ප්‍රංශ වංශාධිපතිත්වය සමඟ සැසඳීම් නොවැලැක්විය හැකිය. වර්තමාන ආයතනික සහ මූල්‍ය අධිපතීන් හා සසඳන විට, මාරි ඇන්ටනට් ආසන්න ලෙස  පරාර්ථකාමි ලෙස පෙනේ. ප්‍රංශ රැජින ජනතාව ගැන පැවසුවේ “ඔවුන් කේක් කාපු වාවේ” යනුවෙනි. වර්තමාන ආයතනික ලොක්කන්ට එසේ කර ගැලවිය ගත හැකි නම් , ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට හාමතේ සිටීමට ඉඩ දෙනු ඇත.

එවැනි ක්‍රියාමාර්ග කොටස් වෙලඳපොලට ඍනාත්මක ලෙස බලපාන බැවින්, ජීවිත බේරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ,ධනේශ්වර ආන්ඩු හිතාමතා සහ සාපරාධීව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය වසර තුනහමාරක කාලය තුල ගෝලීය වසංගතයක් මිලියන 20 කට වඩා මිනිසුන් මරා දමා ඇත. දේශගුනික විපර්යාස, එක්සත් ජනපදයේ වාර්තාගත උෂ්නත්ව ඉහල යෑම් සහ ගංවතුරේ සිට පසුගිය සති දෙක තුල ඉන්දියාවේ සිය ගනනක් මරා දැමූ මෝසම් දක්වා ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කරන අතර ධනේශ්වර ආන්ඩු කිසිවක් නොකර බලා සිටී.

බයිඩන් පරිපාලනයේ සහ එහි නේටෝ සහචරයින්ගේ පරම ප්‍රමුඛතාවය වන්නේ රුසියාවට එරෙහි යුද්ධයක් “අවශ්‍ය වන තාක් කල්”- ලෝසවෙඅ ඊයේ සඳහන් කල පරිදි, මින් අදහස් වන්නේ යථාර්ථයේ දී , කොපමන සංඛ්‍යාවක් මිය ගියත්- යුක්රේනයේ, රුසියාවේ, යුරෝපය පුරා සහ ඉන් ඔබ්බට උත්සන්න කිරීමයි. සියලුම නේටෝ බලවතුන් මිලිටරි වියදම්වල දැවැන්ත වැඩිවීමක් සඳහා පොරොන්දු දී ඇති අතර, එය නොවැලැක්විය හැකි ලෙස සමාජ වැඩසටහන්වල ඉතිරිව ඇති කුමක්  වුව  විනාශ කිරීමෙන් ලබාගනු ඇත.

 සෑම දෙයකටම යටින් ඇත්තේ ප්‍රංශ වංශාධිපතිත්වය ලැජ්ජාවෙන් රතු කල හැකි සමාජ අසමානතාවයේ මට්ටම් ය. ධනවත්ම පුද්ගලයන් 2,460 දෙනෙක්  2023 පලමු භාගයේදී ඔවුන්ගේ ධනයට ඩොලර් බිලියන 852ක් එකතු කර ගනු ලැබුවත්, ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමානයක් දිනකට ඩොලර් 6.25 ට වඩා අඩු ආදායමක් ලබමින් පසුගිය වසර පුරා ඉහල යන මූලික අවශ්‍යතා සඳහා වන පිරිවැය නිසා, තැලී පොඩි පොඩි වී ගොස් ඇත 

ප්‍රංශයේ අත්දැකීම් ඇසුරෙන් මාක්ස් පැහැදිලි කලේ, පවතින සමාජ සම්බන්ධතා මගින් සමාජයේ තවදුර වර්ධනය අවහිර වන විට විප්ලවයන් මතුවන බවයි. “සංවර්ධනයේ එක්තරා අවධියකදී, සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග පවතින නිෂ්පාදන සම්බන්ධතා සමඟ හෝ – මෙය හුදෙක් නීතිමය පද වලින් එම දෙයම ප්‍රකාශ කරයි-  ඒවා මෙතෙක් ක්‍රියාත්මක වූ රාමුව තුල ඇති දේපල සම්බන්ධතා සමඟ ගැටුමකට පැමිනේ. නිෂ්පාදන බලවේගවල වර්ධනයේ ආකාර වලින් (මාදිලි වලින්) මෙම සබඳතා ඒවායේ විලංගු බවට පත්වේ. ඉන්පසු සමාජ විප්ලවයේ යුගයක් ආරම්භ වේ.”

1914 දී පලමු ලෝක යුද්ධය පුපුරා යාමත් 1917 ඔක්තෝබර් විප්ලවයේ දී රුසියානු ධනවාදය පෙරලා දැමීමත් සමඟ ආරම්භ වූ සමාජවාදී විප්ලවයේ යුගයේ අවසාන අදියරට මානව වර්ගයා ලඟා වෙමින් සිටී. යල්පැන ගිය ලෝක ධනේශ්වර ක්‍රමයේ ගැඹුරට මුල් බැසගත් සහ නොවිසදිය හැකි ප්‍රතිවිරෝධතා විසින් මහජන විරෝධයේ වර්ධනය මෙහෙයවනු ලබයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් නියෝජනය කරනු ලබන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මුහුන දෙන කර්තව්‍යය නම්  කම්කරු පන්තියේ වැඩෙන මහජන ව්‍යාපාරය තුල දේශපාලන අවබෝධයක් සහ දිශානතියක් වර්ධනය කිරීම සහ එය ධනේශ්වර පර්යාය අතුගා දමා සැබෑ සමාජ සමානාත්මතාවය සඳහා පදනම ස්ථාපිත කරන සමාජවාදය සඳහා සවිඥානික ව්‍යාපාරයක් බවට පත් කිරීමයි.

බැස්ටිල් දිනය 1789—බැස්ටිල් දිනය 2023 Read More »

meeting

විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීමේ අනුස්මරන රැස්වීමට සහභාගී වන්න

meeting
විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීමේ අනුස්මරන රැස්වීමට සහභාගී වන්න [wsws.org/sinhala]

විජේ ඩයස්: ට්‍රොට්ස්කිවාදය සඳහා කැපවූ සටන්කරුවෙක්

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහෝදරයා වියෝවි වසරක් ගතවීම නිමිත්තෙන් ඔහුට උපහාර දැක්වීම සඳහා ජූලි 29 සෙනසුරාදා සවස 3 ට කොලඹදී අනුස්මරන රැස්වීමක් පවත්වන බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (⁣ලෝසවෙඅ) නිවේදනය කර ඇත.

2022 මැයි පක්ෂ තෙවන සම්මේලන⁣යේ දී සසප සභාපති තනතුරට තේරී පත්වන තෙක්ම, විජේ සහෝදරයා 1987 දෙසැම්බර් පටන් සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම් විය.

ලෝසවෙඅ පලකර ඇති එකී රැස්වීම කැඳවුම් කිරීමේ නිවේදනය පහත උපුටා දක්වමු:

“විජේ ඔහුගේ 81 වැනි උපන්දිනයට මාසයකට පෙර එනම් 2022 ජූලි 27 වැනි දින උදෑසන, කොලඹදී, හදිසි හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදය සඳහා වූ සටනේ ප්‍රබල චරිතයක් විය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පසුගිය වසරේ සිය ප්‍රකාශයේ සඳහන් කල පරිදි: “නො නවතින විප්ලවයෙහි සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයේ අශමනීය නායකයෙකු වූ විජේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන්කරුවෙකු විය. දේශපාලන අසාර දර්ශනය, ප්‍රතිගාමීත්වය හා ඛේදනීය ලෙස දිවි අහිමිවීම වැනි රූපාකාරයන්ගෙන් ප්‍රකාශයට පත්වූ, මාක්ස්වාදී හා ට්‍රොට්ස්කිවාදී මූලධර්ම අතහැරීමේ හා පාවාදීමේ ප්‍රතිඵල අත්දැක තිබූ බැවින්, එම මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඔහු අනම්‍ය විය.”

විජේ සහ කීර්ති බාලසූරිය 1964 සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර සභාග ආන්ඩුවට සම්බන්ධ වීමට ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ගත් තීරනයට විරුද්ධ වූ කැපී පෙනෙන තරුනයන් කන්ඩායමක කොටස්කරුවන් විය. ලසසප පාවාදීම කෙරෙහි පැබ්ලෝවාදී අවස්ථාවාදය දරන වගකීම පිලිබඳ හජාජාක විශ්ලේෂනයට ප්‍රතිචාර දක්වමින්, විජේ, බාලසූරිය සහ කන්ඩායමේ අනෙකුත් අය 1968 දී හජාජාක ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පිහිටුවා ගත් අතර බාලසූරිය එහි ආරම්භක ප්‍රධාන ලේකම්වරයා විය.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව කොලඹ වාර්ගික යුද්ධය සහ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඉන්දීය හමුදාව විසින් අත්පත් කර ගැනීම මගින් අවුලුවාලූ දේශපාලන අර්බුදය මධ්‍යයේ, 1987 දී කීර්ති සහෝදරයාගේ අකල් මරනයෙන් පසු විකොසට නායකත්වය දීමේ අභියෝගය විජේ සහෝදරයා භාර ගත්තේය.

කීර්ති සහෝදරයාගේ ඛේදනීය වියෝවේ පාඩුව මකාලීමටත්, කම්කරු පන්තියට හා ග්‍රාමීය ජනතාවට එරෙහිව තීව්‍ර වන සිවිල් යුද්ධයේ සහ පොලිස්-මිලිටරි හා ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ දුෂ්කර කොන්දේසි යටතේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය දිගටම කරගෙන යාම සඳහා කේඩරය යලි ශක්තිමත් කිරීමටත් විජේ මූලික විය.

විජේ සහෝදරයා මේ තීරනාත්මක කාර්යභාරය අතිවිශාල දේශපාලන ධෛර්යයකින් සහ නොසැලෙන අධිෂ්ඨානයකින් යුතුව මියයන තෙක් ම ඉටු කලේය. විප්ලවවාදී ජාත්‍යන්තරවාදී දිශානතියක් සඳහා ඔහුගේ ස්ථිර සහ සම්මුති විරහිත සටන සහ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස ඔහුගේ අවංකභාවය පක්ෂයේ ඒකාබද්ධතාවය පවත්වා ගෙන යාමට සහ එය ඉදිරියට ගෙන යාමට පක්ෂ කේඩරයට විශාල දිරිගැන්වීමක් විය.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව තීව්‍ර වන එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ සහ ලොව පුරා පන්ති අරගලවල වර්ධනයේ වත්මන් සන්දර්භය තුල විජේ සහෝදරයාගේ ජීවිතය සහ එහි පාඩම් වල දේශපාලන අදාලත්වය සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීමට සහභාගී වන ලෙස, කම්කරුවන්ට, තරුනයින්ට, සිසුන්ට, ලෝසවෙඅ පාඨකයින්ට සහ ධනේශ්වර පීඩනයට එරෙහි සියලුම සටන්කරුවන් ට, අපි සාදරයෙන් ඇරයුම් කරන්නෙමු.”

මෙම කැඳවුම අනුව, මෙම ට්‍රොට්ස්කිවාදී  විප්ලවවාදියා වෙනුවෙන් පැවැත්වෙන ⁣⁣රැස්වීමට සහභාගි වන ලෙස අපි, ද-සෝෂලිස්ට්.LK, අප⁣ගේ පාඨකයන්⁣ගෙන් ඉල්ලා සිටිමු. 

රැස්වීමේ දිනය සහ වේලාව: ජූලි 29 සෙනසුරාදා, ප.ව. 3.00

ස්ථානය: ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරය, කොලඹ 7

විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීමේ අනුස්මරන රැස්වීමට සහභාගී වන්න Read More »

clinton

ඉතිහාසයේ මෙම සතිය: ජූනි 19-25

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 18 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: ක්ලින්ටන් චීනයට පැමිණේ 

clinton
එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් සහ චීන ජනාධිපති ජියැං සෙමින්

 1998 ජූනි 25 දින, එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් දින නවයක චීනයේ සංචාරයක් ආරම්භ කළේය, 1989 දී ටියනන්මෙන් චතුරශ්‍රයේ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් සමූල ඝාතනය කිරීමෙන් පසු එම රටට පැමිණි පළමු ඇමරිකානු ජනාධිපතිවරයා ඔහු විය . “මානව හිමිකම්” ඉල්ලා සිටීම ප්‍රධාන අවධානයට යොමු කළ කරුන බව සඳහන් කෙරුන ද, ක්ලින්ටන් සමඟ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් 1,000කට වැඩි පිරිසක් පැමිණ සිටි අතර, ඔවුන් සංචාරයේ වඩා වැදගත් අරමුණක් වූ පසුපෙළ ගනුදෙනු සඳහා සහභාගී වීමට නියමිත විය . සංචාරය ආසන්නයේ, එක්සත් ජනපද විදුලි සංදේශ සමාගම් දෙකක්, ලුසන්ට් ටෙක්නොලොජීස් (Lucent Technologies) සහ මෝටරෝලා (Motorola), සාමූහිකව ඩොලර් මිලියන 400 කට වඩා වටිනා ගිවිසුම් අත්සන් කළහ. 

බීජිං ආඥාදායකත්වයේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වාර්තාව විවේචනය කිරීමට ප‍්‍රමාණවත් හේතු තිබුණද, එජ ආන්ඩුවේ ආස්ථානය මුලුමනින්ම කුහක විය. ක්ලින්ටන්ගේ පැමිණීම ආසන්නයේ දී, ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් බොහෝ ප්‍රමුඛ විරුද්ධවාදීන් වට කොට තිබුණි. තියන්මන් චතුරශ්‍රයේ පෙරළියෙන් සිරගතව සිටි සිය ගණනක් සහ බලහත්කාර කම්කරු කඳවුරුවල ගාල් කර සිටි සිය දහස්ගනනක් ඊට ඇතුළත් විය. 

ක්ලින්ටන් වොෂින්ටනයෙන් පිටව ගියේ මොනිකා ලෙවින්ස්කි සමඟ ඔහුගේ සබඳතාවයේ කැලඹීම මධ්‍යයේ ය. ස්වාධීන උපදේශක කෙනත් ස්ටාර් සහ ක්ලින්ටන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ විමර්ශනය විසින් දැනටමත් පෙනෙන පරිදි අඩපණ කර ඇති ධවල මන්දිරයට නව ප්‍රහාරයක් වර්ධනය කිරීමට උත්සාහ කරන ප්‍රමුඛ කොංග්‍රස් රිපබ්ලිකානුවන්, සංචාරය අවලංගු කරන ලෙස බල කර ඇත. 

ක්ලින්ටන්ගේ චීන සංචාරය පිලිබඳ මාධ්‍ය ආවරණය, ජනාධිපති ජියැන්ග් සෙමින් සමඟ ඔහුගේ මාධ්‍ය සාකච්ඡාව සහ බීජිං විශ්ව විද්‍යාලයේ සිසුන් අමතා කළ කතාව වැනි බොහෝ දුරට මතුපිටින් පෙනෙන සිදුවීම් කෙරෙහි අවධානය යොමු කළ නමුත් එක්සත් ජනපද සහ චීන ආන්ඩු අතර වඩාත් තීරනාත්මක සාකච්ඡා මහජන දර්ශනයෙන් බැහැරව පැවති අතර සමුලුවට සහභාගී වූවන් පවා එයට සම්බන්ධ නොවීය. 

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් රොබට් රූබින් ද ඔහුගේ චීන සගයන් සමඟ සාකච්ඡා සඳහා බීජිං වෙත පැමිණ සිටියේය: අගමැති zසූ රොන්ජි (Zhu Rongji), මුදල් ඇමති ෂිඇං හුආයිචං ( Xiang Huaicheng) සහ මහ බැංකු ප්‍රධානී ඩයි ෂිඇංලොං (Dai Xianglong). ආසියාවේ වැඩෙන මූල්‍ය අර්බුදය මැඩපැවැත්වීමේ ප්‍රයත්නයන්හිදී එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ චීන කැපවීම ගැන තමා සතුටු වන බව පවසමින් රූබින් සාකච්ඡා තුලින් මතු විය. විශේෂයෙන් වැදගත් වන්නේ, අවප්‍රමාණය කිරීම සඳහා වැඩි වන පීඩනය හමුවේ, චීනයේ මුදල් ඒකකය වන යුවාන් හෝ රෙන්මින්බි ස්ථාවරත්වය පවත්වා ගැනීමට චීනයේ ප්‍රතිඥාව බව ඔහු පැවසීය. 

ඇමරිකානු ධනවාදයේ අතිශයින්ම කෲර සහ තරයේ නරුම මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා ලුහුබැඳීම වෙනුවෙන්  ක්ලින්ටන් පරිපාලනය “මානව හිමිකම්” ප්‍රශ්නය අතහැර දැමීමෙන් අවසන් කළේය. ක්ලින්ටන්ගේ එක් උපදේශකයෙකු ලෙස, ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු සඳහා ක්ලින්ටන්ගේ පළමු සහකාර ආරක්ෂක ලේකම් වූ හිටපු නියෝජ්‍ය බීජිං දූත මණ්ඩල ප්‍රධානී චාල්ස්ඩබ්ලිව්. ෆ්‍රීමන් වොෂින්ටන් පෝස්ට් වෙත පැවසුවේ, “චීනය සමඟ බැරෑරුම් ලෙස ගනුදෙනු කිරීමට සිදුවන බවත්, චීනය  මානව හිමිකමි වෙනුවෙන් පෙනී   සිටින්නන් සහ  දලයි  ලාමාගේ  අනුගාමිකයින්  සදහා   වූ තේමා උද්‍යානයකට  වඩා වැඩි  දෙයක් බව ද පරිපාලනය   පිලිගත්තේය”,යනුවෙනි.                                                                                                      

වසර 50 කට පෙර: ජුවාන් පෙරොන් වසර 18 ක පිටුවහල් කිරීමෙන් පසු නැවත පැමිනීමත් සමඟ ආර්ජන්ටිනාවේ 13න් දෙනෙක් මරාදමයි

Juan Peron
ජුවාන් පෙරොන් 1974 දී, ඔහුගේ අවසන් මහජන රැලියේදී ගත් ඡායාරූපයක්

1973 ජූනි 20 වෙනිදා, හ්වාන් පෙරොන් වසර 18 ක පිටුවහල් කිරීමෙන් පසු ආර්ජන්ටිනාවට ආපසු පැමිනියේය. ඔහුගේ පැමිනීමත් සමඟ ආධාරකරුවන් මහා ජන රැලියක් සංවිධානය කල අතර, හිටපු ජනාධිපතිවරයා බැලීමට ආර්ජන්ටිනාවේ මිලියන ගනනක් පැමින සිටියහ. 

ආර්ජන්ටිනාව දේශපාලනික වශයෙන් දැඩි ලෙස බෙදී තිබුනි. 1973 මැයි දක්වා මිලිටරි ආඥාදායකත්වය විසින් තහනම් කරන ලද පෙරොන්ගේ ජස්ට්ෂියලිස්ට් (Justicialist ) පක්ෂය, ගැඹුරින් සතුරු වාම සහ දක්ෂිනාංශික කන්ඩායම්වලට බෙදී තිබුනි. දකුනේ ෆැසිස්ට්ටික  කොමියුනිස්ට් විරෝධීන් සිටි අතර වමේ සමාජවාදී අදහස් ඇති තරුනයින් සහ මොන්ටෙනෝරෝස් ගරිල්ලා සටන්කරුවන් ඇතුලත් විය.

මෙම වාතාවරනය තුල වාමාංශික කොටස් රැසකින් සමන්විත වූ රැලියට එරෙහිව දක්ෂිනාංශික පෙරොන්වාදීන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කලහ. ස්නයිපරුන් (සැඟවි-වෙඩික්කරුවන්) අතිවිශල ජනකායකට වෙඩි තබා  300  වැඩි  පිරිසකට  තුවාල  සිදුකරමීන් 13දෙනෙකු  මරා දෑමූහ.

පෙරොන් රැලියට නොපැමිනි අතර, පසුව ඔහු කියා සිටියේ සංහාරය පිලබඳ පුවත තමා වෙත ලැබුනු විට  “තවත් කැලඹීම් වලක්වා ගැනීම” සඳහා කතා කිරීමට තිබුනු ඔහුගේ සැලසුම් අවලංගු කල බවයි. පෙරොන් දක්ෂිනාංශික ත්‍රස්ත ප්‍රහාරයට පූර්න දේශපාලන සහයෝගය ලබා දුන් බව පසුව පැහැදිලි විය. 

ආර්ජන්ටිනාවේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු කාලපරිච්ඡේදය , අතිවිශාල විප්ලවවාදී විභවයන්ගෙන් යුතු එකක් වූ නමුත් ගැඹුරු දේශපාලන ව්‍යාකූලත්වයක් ද විය. පෙරොන් 1946 දී ආර්ජන්ටිනාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ අතර 1955 දී එක්සත් ජනපදයේ පිටුබලය ලත් හමුදා කුමන්ත්‍රනයකින් ඔහුව නෙරපා හරින ලදී. 

ජනාධිපති වශයෙන් පෙරොන්,  අධිරාජ්‍ය විරෝධී හා ජනතාවාදී වාගලංකාර කතා සමඟ ඒකාබද්ධ වූ දැඩි ජාතිකවාදී දේශපාලනයේ එක්තරා වර්ගයක් ඉදිරියට ගෙන ආවේය. ආර්ථික උත්පාතයක් මධ්‍යයේ, පෙරොන්ගේ ආන්ඩුව වෘත්තීය සමිති සමග සන්ධානගත වූ අතර, කම්කරු පන්තියේ විප්ලවවාදී උත්සාහයන් අවහිර කිරීම සඳහා කම්කරුවන්ගේ වැටුප් හා ජීවන තත්වයන් හි සුලු පහේ වැඩි දියුනු කිරීම් වලට ඉඩ දුන්නේය. 

ඒ අතරම, පෙරොන් ෆැසිස්ට්වාදී අදහස් දැරූ අතර යුද්ධයෙන් පසු ජර්මනියෙන් පැන යාමට සමත් වූ බොහෝ නාසි යුද අපරාධකරුවන්ට සරනාගතභාවය ලබා දුන්නේය. ඔහුව බලයෙන් නෙරපා දැමූ හමුදා කුමන්ත්‍රනයෙන් පසුව, ඔහු ස්පාඤ්ඤයේ ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ ආඥාදායකත්වයේ ආගන්තුකයෙකු ලෙස 18 වසරක් පිටුවහලේ ගත කලේය. 

පෙරොන් නැවත පැමිනීමෙන් මාසයකට පසුව, ධුරයේ සිටි ජනාධිපතිවරයා ඉල්ලා අස්විය. ජනාධිපති හෙක්ටර් කැම්පෝරා පෙරොන්ගේ සමීප සගයෙකු වූ අතර 1955 කුමන්ත්‍රනයෙන් පසු මැතිවරනයකට ඉදිරිපත් වීමට අවසර ලැබූ පලමු පෙරොන්වාදියා ඔහු විය. සැබෑ ලෙසින්, 1973 මාර්තු මැතිවරනය වන විටත් පිටුවහල්ව සිටි පෙරොන් වෙනුවෙන් ඔහු පෙනී සිටියේ විය. 

පෙරෝන් ගේ සහභාගීත්වයට එරෙහිව කිසිදු සීමාවක් නොමැතිව නව මැතිවරනයක් සංවිධානය කරන ලදී. 1973 ඔක්තෝම්බර් මාසයේදී වයස අවුරුදු 79 දී ඔහු නැවත ජනාධිපති ධුරයට පත් විය. ඔහුගේ ව්‍යාපාරය සමන්විත වූයේ ඔහුගේ බිරිඳ ඊවා පෙරොන් උප ජනාධිපති ලෙස තෝරා ගැනීම ඇතුලත් පෞරුෂ ලබ්ධියක් (පෞරුෂය මත පදනම වූ ව්‍යාපාරයක්) ගොඩ නැගීමෙනි. 

පෙරොන් ජනාධිපති ධුරයට නැවත පැමිනීමේදී, කිසියම්ම හෝ ප්‍රගතිශීලී සමාජ ප්‍රතිපත්ති පිලිබඳ සියලු ප්‍රදර්ශනාත්මක මවාපෑම් අතහැර දමා තිබුනි . ඔහු මොන්ටෙනෝරෝස් සහ ඔහුගේ පක්ෂයේ වාමාංශය විරේක කිරීමට ඉක්මනින් පියවර ගත් අතර වඩාත් ෆැසිස්ට්වාදී කොටස් ඉහල තනතුරුවලට ප්‍රවර්ධනය කරනු ලැබීය. 

පෙරොන්ගේ බලයේ අවසන් වසර තුල, මොන්ටෙනෝරෝස්හි සම්පූර්න විනාශය සිදු කල සහ සියලුම වාමාංශික සහ සමාජවාදී සංවිධාන සමූලඝාතනය කිරීමට සූදානම් වූ පැරාමිලිටරි ඝාතන කන්ඩායමක් වන ආර්ජන්ටිනාවේ කොමියුනිස්ට් විරෝධී සන්ධානය නිර්මානය විය. පෙරොන් 1974 ජූලි මාසයේ, නිලයේ සිටියදී මිය ගියේය. 

වසර 75 කට පෙර: සීතල යුද්ධය මධ්‍යයේ එක්සත් ජනපදය සාම කාලීන මිලිටරි අනිවාර්ය බඳවා ගැනීම් (draft) හඳුන්වා දෙයි

Truman
හැරී ටෲමන්

1948 ජූනි 24 වන දින, එක්සත් ජනපද ජනාධිපති හැරී එස්. ටෲමන් විසින් වයස අවුරුදු 18 ත් 26 ත් අතර සියලුම පිරිමින් විභව හමුදා සේවය සඳහා ලියාපදිංචි විය යුතු බවට පනතක් අත්සන් කරන ලදී. සෝවියට් සංගමය සමග ගැඹුරු වන ගැටුමක් ද ඇතුලුව, දෙවන ලෝක යුද්ධයෙන් පසු සිය ගෝලීය ආධිපත්‍යය ස්ථාපිත කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වැඩි වැඩියෙන් වූ ආක්‍රමනශීලී තල්ලුව මධ්‍යයේ මෙම නීති සම්පාදනය කරන ලදී. 

පනත නීතිගත කිරීම සඳහා, සතියකට පෙර සෙනෙට් සභාව හරහා පනත සම්මත කිරීම ගැන අදහස් දක්වමින් ට්‍රොට්ස්කිවාදී සමාජවාදී කම්කරු පක්ෂය මෙසේ සටහන් කලේය: “ඇමරිකානු ඉතිහාසයේ දෙවන වතාවටත් එක්සත් ජනපද සෙනෙට් සභාව සාම කාලය තුල බලයෙන්  හමුදා බඳවා ගැනීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඡන්දය දී ඇත. මෙය මුලින්ම සිදු වූයේ 1940 දී වොෂින්ටනය දෙවන ලෝක යුද්ධයට අවතීර්න වීමට සක්‍රීයව සූදානම් වෙමින් සිටියදීය. 1948 බලහත්කාරයෙන් බඳවා ගැනීමේ ක්‍රමය මීට සමාන යෝජනාවකි: යුද්ධය දෙසට පියවරක් ගැනීම සහ රට තවදුරටත් මිලිටරිකරනය කිරීමකි.

මෙම පියවරට අනුව, වයස අවුරුදු 18 ට වැඩි අයට වසරකට හමුදාවේ සේවය කිරීමට බල කල හැකි අතර, වයස අවුරුදු 26 දක්වා වූ අනෙකුත් වයස් කාන්ඩ වල සිටින අයට වසර දෙකක් සේවය කිරීමට බල කල හැකිය. නීති සම්පාදනයට පෙර අවුරුද්දේ පරිපාලනය “ටෲමන් න්‍යාය” ගෙනහැර දැක්වීය, ඒ යටතේ මිලිටරිය ඇතුලු එජ ආන්ඩුවට, “ඒකාධිපතිවාදයට” එරෙහිව “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ ඕනෑම තැනක මැදිහත් වනු ඇත.

දෙවන ලෝක යුද්ධය ඉක්බිතිව, ඇමරිකානු ධනවාදයට මෙම සටන්කාමී සීතල යුද්ධ පිලිවෙත සඳහා ප්‍රමානවත් සංඛ්‍යාවක් බඳවා ගැනීම දුෂ්කර වනු ඇතැයි පාලක ප්‍රභූව තුල බියක් පැවතුනි. දෙවන ලෝක සංග්‍රාමයේ නිරතව සිටියවුන් විශාල සංඛ්‍යාවක්, සැලකිය යුතු උද්ධමනයේ ප්‍රතිවිපාකවලට සහ යුධ කාලීන වැටුප් කැටි කිරීම ඵලදායි ලෙස දිගු කිරීමට සංගත දරන උත්සාහයන්ට මුහුන දීමට නැවත පැමින ඇත. ඔවුන් ඇමරිකානු කම්කරු පන්තියේ විශාලතම නැගිටීම් වලින් ඒකක දී  මෝටර් රථ සමාගම්, පැකින් හවුස් සහ අනෙකුත් ධනේශ්වර යෝධයන්ට එරෙහිව ප්‍රධාන පන්ති සටන්වලට සම්බන්ධ වී සිටියහ. 

එස්ඩබ්ලිව්පී ය  පෙන්වා දුන්නේ, “වෝල් වීදියේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් සේවකයන්” “තාරුන්‍යය වෙඩි උන්ඩ ලෙස භාවිතා කිරීමට සූදානම්ව සිටින අතර … ඔවුන් හාම්පුතුන් කෙරෙහි සම්පූර්නයෙන්ම වෙනස් ආකල්පයක් ගන්නා” බවයි.

කොන්ග්‍රසය තුල අතිමහත් සහයෝගයක් ලබා ගත් කෙටුම්පත් නීතිය සහ කම්කරුවන්ගේ වැටුප් ආරක්ෂා කිරීම සදහා සොච්චම්  වාසියක් සපයන පනතක් සම්මත කිරීමට උත්සාහ කිරීම අතර සංසන්දනය පෙන්වා දෙමින් එය ලීවේ, සෙනෙට් සභාවේදී ,

විලියම් ලැන්ගර් (R.-N.D.) සන්නද්ධ හමුදාවන්ට ලැබුනු හෝ භාවිතා කරන ලද භාන්ඩ, ද්‍රව්‍ය, පැලෑටි සහ අනෙකුත් පහසුකම් සඳහා “සාධාරන සහ සාධාරන වන්දි, නමුත් ආයෝජනය කරන ලද ප්‍රාග්ධනය මත 10% නොඉක්මවන” ගෙවීමට යෝජනා කල විට, ඍජු ඡන්දයේදී, ඔහු අතිමහත් ලෙස පරාජයට පත් විය. ඩබ්ලිව්. ලී ඕ ඩැනියෙල් W. Lee O’Daniel (D-Tex.) විසින් ඉදිරිපත් කරන ලද [A] දෙවන සංශෝධනය, සේවා යෝජකයන් සහ සන්නද්ධ සේවා අතර ගිවිසුම් වලින් “අසාමාන්‍ය” ලාභ මත 100% බද්දක් පනවා කොංග්‍රසය නීතියක් සම්මත කරන තෙක් කෙටුම්පත අත්හිටුවීමට යෝජනා කලේය. මෙය 81ට 8ක් ලෙස පරාජයට පත් විය. මහා ව්‍යාපාරයන්ට සහ එහි කුලියට ගත් දේශපාලනික උදව්වලට විශාල ලාභ කිසිදා අසාමාන්‍ය ලෙස නොපෙනේ. 

වසර 100 කට පෙර: තැපැල් වංචාව සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබීමෙන් පසු මාකස් ගාර්වේ යුදෙව් විරෝධී ආක්‍රෝෂ පරිභවයක යෙදේ 

Garvey
මාකස් ගාර්වේ

1923 ජූනි 21 වන දින, ජැමෙයිකානු කලු ජාතිකවාදී ජනාන්දෝලකයකු සහ එක්සත් නීග්‍රෝ වැඩිදියුනු කිරීමේ සංගමයේ (UNIA) නායක මාකස් ගාර්වේට, ෆෙඩරල් විනිසුරුවරයෙකු වන ජූලියන් මැක් විසින්, ඒ වන විට ඔහුට හිමිව නොතිබුනු,ඔහුගේ බ්ලැක් ස්ටාර් ලයින් හි  නැවක කොටස් විකිනීම නිසා වසර පහක සිර දඬුවමක් සහ ඩොලර් 1,000 ක දඩයක් නියම කලේය.

තැපැල් වංචා කිරීමේ චෝදනාව මත ඔහු 1922 ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන තිබුනි. ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ  (FBI) ප්‍රධානියා වන ජේ. එඩ්ගාර් හූවර්, කලු ජාතිකයන් අතර භයානක උද්ඝෝෂකයෙකු ලෙස ගාර්වි සැලකූ බැවින් ඔහු වරදකරු කිරීමට අධිෂ්ඨාන වත් විය. ඔහු ඇප මත මුදා හැර තිබූ අතර නඩු විභාගය මැයි මාසය දක්වා කල් තැබිනි. 

ගාර්වේ ඔහුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වර්නිත මිනිසුන්ගේ දියුනුව සඳහා ජාතික සංගමයට (NAACP) දොස්පැවරීය. ඔහු 1922 දී රට පුරා  සංචාරය කල අතර ඇට්ලන්ටා හි KKK කාර්යාලවලදී කු ක්ලුක්ස්ක්ලැන් (Ku Klux Klan) හි අධිරාජ්‍ය මායාකරු ( Imperial Wizard-KKK සංවිධාන සමූහයක ජාතික ප්‍රධානියා)  වන එඩ්වර්ඩ් යංග් ක්ලාර්ක් හමුවිය. ලෝරන්ස් පෝටර් ඔහුගේ මෑත කාලීන ලෝසවෙඅ රචනයේ ගාර්වේ ගැන සඳහන් කල පරිදි: 

ගාර්වේ සහ ක්ලාක් අතර ඇති වූ හමුවීම ඔවුන්ගේ අන්‍යෝන්‍ය ගිවිසුමේ පදනම හෙලි කලේය. වාර්ගික වෙන්වීම සඳහා ගාර්වේගේ සහයෝගය සහ සමානාත්මතාවය සඳහා වූ අරගලය ඔහු ප්‍රතික්ෂේප කිරීම KKK සමඟ ඔහුව ලං කලේය. “ක්ලැන්” සාමාජිකයන් UNIA රැස්වීම්වලට පවා සහභාගි වීමට පටන් ගත්හ. ගාර්වේ, ” ක්ලැන්” සහ අනෙකුත් සුදු ආධිපත්‍යවාදී කන්ඩායම් තම ජාතියේ “වඩා හොඳ මිතුරන්” ලෙස හැඳින්වූයේ ඔවුන්ගේ “අවංකභාවය සහ සාධාරනත්වය” උපුටා දක්වමිනි. ඔහු පැවසුවේ , “ඔබට අවශ්‍ය නම් මාව ක්ලැන්ස්මන් කෙනෙක් ලෙස හඳුන්වන්න පුලුවන්…”

තැපැල් වංචාව පිලිබඳ නඩු විභාගයේදී ඔහුගේ නීතීඥයා ඔහුට වරද පිලිගෙන අවම දඬුවම පිලිගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් ගාර්වේ ඔහුව ප්‍රතික්ෂේප කර ඔහුට නීතිමය පුහුනුවක් නොතිබුනද, තමා වෙනුවෙන් පෙනී සිටීම  සදහා  ඉදිරිපත් විය. ජූරි සභාව ජුනි 18 වැනිදා ඔහුව වරදකරු කල නමුත් ඔහුගේ සම විත්තිකරුවන් තිදෙනා වරදකරුවන් නොවන බව තීන්දු කලේය.

ඔහුගේ තීන්දුව ඇසූ ගාර්වි, විනිසුරුවරයා සහ දිස්ත්‍රික් නීතිපතිවරයා “ශාපලත්  අපිරිසිදු යුදෙව්වන්” ලෙස හෙලා දකිමින් කෝපයෙන් පුපුරා ගියේය. ඔහුව සිරගෙට රැගෙන එන විට, ඔහු ආධාරකරුවන් සමූහයකට පැවසුවේ තමා කිසි විටෙකත් එම ප්‍රකාශය අපහාසයක් ලෙස අදහස් නොකල බව නමුත්, ඔහු යුදෙව්වන්ට එරෙහිව දිගටම චෝදනා කරමින් මෙසේලිවීය: “සමස්ත නඩුවේ සුවිශේෂී හා කැපී පෙනෙන ලක්ෂනය නම්, [බ්ලැක් ස්ටාර්] සමාගමේ විනාශයට හේතු වූ යුදෙව්වෙකු වන සිල්වර්ස්ටෝන්ගේ අපරාධයට මට දඬුවම් ලැබීමයි… මට මෙහිදි නඩු පවරන ලද්දේ තවත් යුදෙව්වෙකු වන මැක්ස්වෙල් මැටක් විසිනි, එමෙන්ම මට දඬුවම් නියම කරන්නේ විශිෂ්ට යුදෙව් නීතිවේදියෙකු වන ජූලියන් මැක්ය.

ඉතිහාසයේ මෙම සතිය: ජූනි 19-25 Read More »

Al-Sisi

ඊජිප්තුවේ හමුදා කුමන්ත්‍රනයෙන් වසර 10 කට පසු

ජොහැන්නස් ස්ටර්න් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 08 දින පල වූ ‘10 years since the military coup in Egypt’ යන ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

මෙම සතිය ඊජිප්තුවේ හමුදා කුමන්ත්‍රනයේ දසවන සංවත්සරය සනිටුහන් කරයි. 2013 ජූලි 3 දා එවකට හමුදා ප්‍රධානියා වූ ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-සිසි අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇතිව බලය පැමින මුලු ලෝකයේම වඩාත්ම ම්ලේච්ඡ හා ලේවැකි පාලන තන්ත්‍රයක් ස්ථාපිත කලේය.

Al-Sisi
හිටපු ජනරාල් අබ්දෙල්-ෆටා අල්-සිසි 2013 අප්‍රේල් 24 බදාදා [AP ඡායාරූපය/ජිම් වොට්සන්]

සිසිගේ කුමන්ත්‍රනය ලේ වැගිරීමකින් කුලු ගැන්වුනි . 2013 අගෝස්තු 14 දින, ඔහුගේ නායකත්වය යටතේ හමුදා සහ පොලිස් ඒකක, ඊජිප්තුවේ කයිරෝ අගනුවර කුමන්ත්‍රන විරෝධීන්ගේ විරෝධතා කඳවුරු දෙකක් විනාශ කල අතර, බොහෝ කාන්තාවන් සහ ලමුන් ඇතුලු 1,000 කට වැඩි පිරිසක් ඝාතනය කලහ. හියුමන් රයිට්ස් වොච් එය හැඳින්වූයේ “සංහාරයක්” හා “ඊජිප්තුවේ නූතන ඉතිහාසයේ නීති විරෝධී සමූහ ඝාතනවලින්  නරකම සිදුවීමක්” ලෙසිනි.

එතැන් පටන් තවත් සිය ගනනක් විරෝධතාකරුවන් රෙජීමයේ හෙංචයියන් විසින් මරා දමා ඇත. දේශපාලන සිරකරුවන් දස දහස් ගනනින් රටේ වධකාගාරවල රදවනු ලැබ ඇත.  උද්ඝෝෂන හා වැඩ වර්ජන තහනම් කර ඇත. පාලන තන්ත්‍රය  හුදු විවේචනයට ලක්  කරන පක්ෂ සහ සංවිධාන පවා මෙන්ම, ස්වාධීන මාධ්‍යය වාරනයට හා තහනමට ලක් කර ඇත. සිසිගේ ඊජිප්තුවේ මරන දන්ඩනය භාවිතා කිරීම නිරන්තරයෙන් ඉහල යයි. 2020 දී, මරන දන්ඩනය – බොහෝ විට එල්ලා මැරීම – නිල එකතුව 107 දක්වා තුන් ගුනයකින් වැඩි විය.

සිසිගේ කුමන්ත්‍රනය හුදෙක් එවකට ජනාධිපති, ඉස්ලාම්වාදී මොහොමඩ් මුර්සිට සහ ඔහු සාමාජිකත්වය දැරූ මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව එල්ල වූවක් නොවීය. ඔහු ඉලක්ක කලේ ඊජිප්තු විප්ලවය තලා දැමීමයි. 2011 මුල් භාගයේදී, මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයන්, ඊජිප්තු ධනවාදය සහ කලාපය මත අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය , එහි පදනම දක්වා සොලවමින්, මහජන වැඩ වර්ජන හා විරෝධතා හරහා බටහිර පිටුබලය ලත් දිගුකාලීන ආඥාදායක හොස්නි මුබාරක් බිම හෙලනු ලැබීය.

attack
ඊජිප්තු හමුදාව 2011 අප්‍රේල් 12 වන දින කයිරෝවේ මධ්‍යම තහ්රීර් චතුරශ්‍රයට පහර දීම

සිසිගේ කුමන්ත‍්‍රනයත් සමග මිලිටරිය උත්සාහ කලේ, මුර්සි යටතේවත් නොනැවතුනු මහජන ව්‍යාපාරය සදහටම නැවත්වීමට ය. 2013 මුල් භාගයේදී කම්කරුවන් ඉස්ලාමීය ආන්ඩුවට එරෙහිව වැඩ වර්ජන සහ සමාජ විරෝධතා 4,500 කට වඩා සංවිධානය කලහ. 2013 ජූනි මස අවසානයේ මහජන විරෝධතා කැඳවූ විට, මුර්සිගේ ධනේශ්වර ගැති පිලිවෙත්වලට, ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාරයට සහ සිරියාවේ  පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අධිරාජ්‍යවාදී යුද්ධයට දෙන ඔහුගේ සහයෝගයට එරෙහිව විරෝධතා දැක්වීමට රට පුරා මිලියන ගනනක් සහභාගී වූහ.

2011 දී මුබාරක් පෙරලා දැමීමේ දී මෙන්, විරෝධතා , කම්කරු පන්තියේ දැවැන්ත බලය පෙන්නුම් කලේ ය. ඒ අතරම, කුමන්ත‍්‍රනය යලිත් වරක් ඊජිප්තු විප්ලවයේ මූලික ගැටලූව තියුනු අවධානයට යොමු කලේය: එනම් , දේශපාලන ඉදිරිදර්ශනයක් සහ නායකත්වයක් නොමැති වීමයි. ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත බලය සඳහා අරගලය කිරීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට විප්ලවවාදී පක්ෂයක් නොමැති තතු තුල, අවසානයේ දී ආධිපත්‍යය දැරීමට මිලිටරිය සමත් විය.

මහජන ව්‍යාපාරය අවමංගත කර අවසානයේ එය සිසිගේ කුරිරු පාලනය යටතට ලබා දීමේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේ ඊජිප්තු ව්‍යාජ වම විසිනි. බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) සහ ජර්මනියේ වාම පක්ෂය සමග සමීප සම්බන්ධතා පවත්වන විප්ලවවාදී සමාජවාදීන් (ආර්එස්) වැනි බලවේග, කම්කරු පන්තියට ස්වාධීන භූමිකාවක් ඉටු කල නොහැකි බැවින් ධනේශ්වරයේ එක් හෝ තවත් අංශයකට එය යටත් විය යුතු බව ප්‍රකාශ කලහ. 

2011 පෙබරවාරි 11 දින මුබාරක්ගේ වැටීමෙන් පසු, RS විසින් මුබාරක්ගේ හිටපු ආරක්ෂක ඇමති මුහම්මද් ටන්ටාවිගේ නායකත්වය යටතේ බලය ලබා ගත් සන්නද්ධ හමුදාවන්ගේ උත්තරීතර කවුන්සිලය (SCAF) පිලිබඳ මිත්‍යාවන් පතුරුවා හැරියේය. බ්‍රිතාන්‍යයේ ගාඩියන් හි, ආර්එස් ක්‍රියාකාරිකයෙකු සහ බ්ලොග්කරුවෙකු වන හොසාම් එල්-හමාලවි “තරුන නිලධාරීන් සහ සොල්දාදුවන්” “අපගේ සහචරයින්” ලෙස සමරන අතර හමුදාව “අවසානයේ ‘සිවිල්’ ආන්ඩුවකට සංක්‍රමනයවීම  සිදු කරනු ඇති “බව ප්‍රකාශ කලේය.

මිලිටරිය එහි සැබෑ ස්වභාවය හෙලිකරමින්, වැඩ වර්ජන සහ විරෝධතා ප්‍රචන්ඩ ලෙස යටපත් කරද්දී, “දෙවන විප්ලවයක්” සඳහා වූ ඉල්ලීම් කම්කරුවන් හා තරුනයින් අතර මතු විය. ආර්එස් මෙය පැහැදිලිවම ප්‍රතික්ෂේප කල අතර ඒ වෙනුවට “විප්ලවයේ දක්ෂිනාංශය” ලෙස මුස්ලිම් සහෝදරත්වය ප්‍රවර්ධනය කලේය. ඔවුන් 2012 ජනාධිපතිවරනයේ දෙවන වටයේ දී මුර්සිට සහාය දුන් අතර, පසුව “විප්ලවයේ ජයග්‍රහනයක්” සහ “ප්‍රතිවිප්ලවය පසුපසට තල්ලු කිරීමේ විශිෂ්ට ජයග්‍රහනයක්” ලෙස ඉස්ලාම්වාදියාගේ ජයග්‍රහනය සැමරූහ.

හමුදා කුමන්ත‍්‍රනයේ දී ආර්එස් භූමිකාව ඉන් පසුව එහි ප‍්‍රතිවිප්ලවවාදී ස්වභාවය මුලුමනින්ම හෙලිදරව් කලේය. ආර්එස් එය “දෙවන විප්ලවයක්” ලෙස හැඳින්වූ අතර නැවතත් මිලිටරි නායකත්වය පිලිබඳ මිත්‍යාවන් අවුලුවාලීය . ජූලි 11දා ප්‍රකාශයක් නිකුත් කරමින්, එය “මිලියන ගනන් දුප්පත් ඊජිප්තුවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සමාජ සාධාරනත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා වහා පියවර ගන්නා ලෙස” කුමන්ත්‍රන පාලන තන්ත්‍රය මත පීඩනය යෙදිය යුතු බව ඉල්ලා සිටියේය.

කුමන්ත‍්‍රනය සඳහා ආර්එස් සහාය වචනවලට සීමා වූයේ නැත.  එය ඒ සඳහා ක්‍රියාකාරීව මාර්ගය සකස් කර තිබුනි. ව්‍යාජ වම්මු, “ලිබරල්වාදීන්” (මොහොමඩ් එල්-බරාදෙයි), ඊජිප්තු බිලියනපතියන් (නගුයිබ් සවිරිස්) සහ මුබාරක් තන්ත‍්‍රයේ හිටපු නියෝජිතයන් (අහමඩ් ෂෆීක්) ආදීන්ගෙන් සමන්විත  අච්චාරුවක් වූ තමරොද් සන්ධානයේ වඩාත් ක‍්‍රියාකාරී ආධාරකරුවන් අතර ආර්එස් ද විය.මහජන ප්‍රතිරෝධය මිලිටරියේ මෝල් සඳහා ධාන්‍ය බවට පත් කිරීම එහි මෙහෙවර විය

ජුලි 3දා සිසි රාජ්‍ය රූපවාහිනියෙන් බලය පවරා ගැනීම නිවේදනය කරන විට, තමරොද් නායක මහමුද් බද්ර් සහ මොහොමඩ් අබ්දෙල් අසීස් ඔහුගේ පසෙක විය. යන්තම් සති කිහිපයකට පෙර, 2013 මැයි 28 වන දින, ඔවුන් දෙදෙනා ගීසා හි ආර්එස් මූලස්ථානයේදී පිලිගෙන සමරනු ලැබීය. මීට පෙර, ආර්එස් , තමරොඩ් “විප්ලවය සම්පූර්න කිරීමේ මාර්ගයක්” ලෙස හඳුන්වමින් ප්‍රකාශයක් නිකුත් කල අතර “මෙම ව්‍යාපාරයට සම්පුර්නයෙන්ම සහභාගී වීමේ අභිප්‍රාය” ප්‍රකාශ කලේය.

වසර දහයකට පසුව, ආර්එස් එහි අතීත පිය සටහන් මකා දැමීමට හැකි වෙර දරමින් සිටී. “ඊජිප්තුව: ප්‍රතිවිප්ලවයේ දශකයක්” යන මාතෘකාවෙන් යුත් කුමන්ත්‍රනයේ සංවත්සරය පිලිබඳ ඔහුගේ ලිපියේ හමාලවි සඳහන් කරන්නේ, “මොර්සිගේ පාලනය සම්බන්ධයෙන් ඊජිප්තු කම්කරුවන්ගේ කලකිරීම අවසානයේ ප්‍රතිගාමී තත්වයකට යොමු කෙරුනේ විවිධ කඳවුරුවල කම්කරු ව්‍යාපාර නායකයින්ගේ බලපෑමට ස්තුති විමට” බවයි. හමාලවි මෙම “නායකයන්” සහ “කඳවුරු” අතර තමන් සහ ආර්එස් ද සිටි බව මග හැර යයි.

Cabinet minister
සිසිගේ කුමන්ත්‍රනකාරී කැබිනට් මන්ඩලයේ පසුව පලමු කම්කරු ඇමති වූ කමල් අබු ඊටා ගීසා හි විප්ලවවාදී සමාජවාදී මධ්‍යස්ථානයේදී කතා කරයි. [ඡායාරූපය Hossam el-Hamalawy / CC BY 2.0]

හමාලවි නම් කරන එක් පුද්ගලයෙක් වන්නේ   “ස්වාධීන” වෘත්තීය සමිති නායකයා සහ සිසිගේ කුමන්ත්‍රන කැබිනට් මන්ඩලයේ මිනිස්බලය පිලිබඳ පලමු ඇමති කමල් අබු එයිටා ය. අමාත්‍යවරයා ලෙස ඔහු “ (කම්කරුවන්ගේ වැඩවර්ජන ආදී) කාර්මික ක්‍රියා නිෂ්ක්‍රීය කිරීමේ කේන්ද්‍රීය කාර්යභාරයක්” ඉටු කර ඇත. ඔහුගේ පාලනය යටතේ “කාර්මික සංවිධායකයින්  නෙරපා හැරිම්,ගොදුරු කර ගැනිම්  හෝ අලුයම වැටලීම් මගින් අත්අඩංගුවට ගැනීම් වලට බදුන් කෙරින. ස්වාධීන වෘත්තීය සමිති වල  ගෙල සිරකර, වැඩ වර්ජන තහනම් කර ඇත.” නැවතත්, නසාර්වාදී  අබු ඊටා වසර ගනනාවක් ආර්එස් හි සමීපතම සගයෙකු බව සඳහන් කිරීමට හමාලවි අසමත් වේ.

හමාලවි, ආර්එස් සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සහචරයින් තම දේශපාලන පථය  ව්‍යසනයට තුඩු දී ඇති බව පිලිගැනීමට අකමැති වීම එක් නිගමනයකට පමනක් ඉඩ සලසයි: ව්‍යාජ-වම— ධනවත් මධ්‍යම පන්තික ස්ථරයන්ගේ අවශ්‍යතා ප්‍රකාශ කරන ධනේශ්වර ගැති ප්‍රවාහ — මොනතරම් ලේ වැකි ඕනෑම ප්‍රතිවිප්ලවයකට වඩා කම්කරු පන්තික ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයකට බිය වේ.

කම්කරුවන් හා තරුනයන් මෙම අත්දැකීමෙන් අවශ්‍ය දේශපාලන නිගමන උකහා ගත යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සමාජ අයිතීන් සඳහා වන ඔවුන්ගේ අරගලය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ට ඔවුන්ගේම ස්වාධීන විප්ලවවාදී නායකත්වයක් සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් අවශ්‍ය වේ. ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ ඉදිරිදර්ශනය මත පදනම් වූ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, විප්ලවයේ සෑම අදියරකදීම මෙම දිශානතිය සඳහා සටන් කර ඇත.

2011 පෙබරවාරි 10 දින කම්කරු පන්තිය විසින් මුබාරක් පෙරලා දැමීමට පෙර දින, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ලිවීය:

විප්ලවවාදී මාක්ස්වාදීන්ගේ වගකීම වන්නේ කම්කරුවන් දැවැන්ත දේශපාලන අත්දැකීම් හරහා ගමන් කරන විට, බලය සඳහා ස්වාධීන අරගලයක අවශ්‍යතාවය පිලිබඳ අවබෝධයක් ඔවුන් අතර වර්ධනය කිරීමයි. විප්ලවවාදී මාක්ස්වාදීන් කම්කරුවන්ට සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් ධනේශ්වර පක්ෂවල අනුග‍්‍රහය යටතේ සාක්ෂාත් කරගත හැකිය යන සියලු මිත්‍යාවන්ට එරෙහිව උපදෙස් දිය යුතුය. ඔවුන් ධනේශ්වර පන්තියේ දේශපාලන නියෝජිතයින්ගේ බොරු පොරොන්දු නිර්දය ලෙස හෙලිදරව් කල යුතුය. දේශපාලන අරගලය උත්සන්න වන විට කම්කරු පන්තියට බලය පැවරීමේ පදනම බවට පත් විය හැකි කම්කරුවන්ගේ බලයේ ස්වාධීන අවයව නිර්මානය කිරීම සදහා ඔවුන් දිරිමත් කල යුතුය. කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙන් වෙන් කල නොහැකි බව ඔවුන් පැහැදිලි කල යුතුය.

සියල්ලටත් වඩා, විප්ලවවාදී මාක්ස්වාදීන් තමන්ගේ රටේ දේශසීමාවෙන් ඔබ්බට ඊජිප්තු කම්කරුවන්ගේ දේශපාලන නිම්වලලු එසවිය යුතුය. ඊජිප්තුවේ දැන් දිගහැරෙමින් පවතින අරගල, ලෝක සමාජවාදී විප්ලවයේ නැගී එන ගෝලීය ක්‍රියාවලියකට අවියෝජනීය ලෙස සම්බන්ධ වී ඇති බවත් ඊජිප්තුවේ විප්ලවයේ ජයග්‍රහනය සඳහා ජාතික නොව ජාත්‍යන්තර මූලෝපායක් අවශ්‍ය බවත් ඔවුන් පැහැදිලි කල යුතුය.

පන්ති අරගලය ලොව පුරා උත්සන්න වෙමින් පවතින සහ කම්කරුවන් ඔවුන්ගේ ආන්ඩුවල යුද ගැති සහ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කැරලි ගසමින් සිටින තතු යටතේ, මෙම මාක්ස්වාදී ප්‍රහාරය ශක්තිමත් කිරීම අවශ්‍ය වේ. ඊජිප්තුවේ විප්ලවය  අතිශය වෛෂයිකව කොන්දේසි යටතේ වර්ධනය විය. නොතිබුනේ ආත්මීය සාධකයයි: එනම්, ජනතාව තුල මුල් බැසගත් ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කරන විප්ලවවාදී පක්ෂයකි. ඊජිප්තුවේ විප්ලවයේ සහ ප්‍රතිවිප්ලවයේ තීරනාත්මක පාඩම නම්, කල් ඇතිව එවන් විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයයි.

ඊජිප්තුවේ හමුදා කුමන්ත්‍රනයෙන් වසර 10 කට පසු Read More »

Brezhnev

ඉතිහාසයේ මෙම සතිය: ජූනි 12-18

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 11 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: නේටෝව බෝල්කන් වල යුද්ධය සඳහා සැලසුම් කරයි

map
සර්බියාව තුළ කොසෝවෝ හි පිහිටීම පෙන්නුම් කරන සිතියම

1998 ජූනි 16 දින,නේටෝව, ඇල්බේනියාවේ කඳු මතින් ප්‍රහාරක ජෙට් යානා 80ක් පමණ පියාසර කරමින් කොසෝවෝ හි සර්බියාවේ මිලිටරි මර්දනය අවසන් කිරීම ඉලක්ක කරගත්  පැය පහක බලය පෙන්වීමක් පැවැත්වීය.

මෙම අභ්‍යාස මගින් එක්සත් ජනපදය හා බටහිර යුරෝපීය බලවතුන් විසින් බෝල්කන් ප්‍රදේශය තුල තවත් මිලිටරි මැදිහත්වීමක් සූදානම් කිරීම සංඥා කලේය. වාර්තා වන පරිදි, නේටෝ නිලධාරීන් විසින් කොසෝවෝහි සර්බියානු හමුදා ක්‍රියාමාර්ග “නැවැත්වීම හෝ කඩාකප්පල් කිරීම” සදහා වන ගුවන් ප්‍රහාරවල සිට, පියාසර තහනම් කලාපයක් හෝ බර අවි තහනම් කලාපයක් බලාත්මක කිරීම දක්වා වූ මිලිටරි විකල්ප මාලාවක් සකස් කර ඇත.

සලකා බලන ලද තවත් පියවරක් වූයේ බටහිරින් ඇල්බේනියාව සහ දකුණින් මැසිඩෝනියාව සමඟ කොසෝවෝ දේශසීමා ඔස්සේ නේටෝ හමුදා යෙදවීමයි. එවැනි මෙහෙයුමක් සඳහා අවම වශයෙන් හමුදා භටයින් 20,000 ක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබුණි. කොසෝවෝහි “සාම සාධක මෙහෙයුමක්” දියත් කිරීම සදහා  නේටෝව වෙත යෝජනා ද සිදුකෙරී තිබුණි.

නේටෝ අභ්‍යාසය සිදුවෙමින් තිබියදී, සර්බියානු ජනාධිපති ස්ලොබොඩාන් මිලොසෙවික් බොරිස් යෙල්ට්සින් රජය සමඟ සාකච්ඡා සඳහා මොස්කව් වෙත පැමිණියේය. මොස්කව්, කොසෝවෝ හි සටන් නතර කරන ලෙස ඉල්ලීමේදී බටහිර බලවතුන් සමග එක්ව සිටි නමුත් ඒ සමගම සර්බියාවට එරෙහි නේටෝ හමුදා බලයේ කිසියම්ම හෝ තර්ජනයක් හෙළා දුටුවේය. නේටෝවේ අවසාන  ප්‍රධාන මැදිහත්වීම- බොස්නියානු සර්බියානු හමුදාවන්ට එරෙහිව එල්ල කරන ලද දැවැන්ත බෝම්බ හෙලීමේ ව්‍යාපාරය-  ආසන්නයේද  නේටෝවෙන් ඈත් වෙමින් සහ බෙල්ග්‍රේඩ් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වමින් මොස්කව්  මේ සමානම  පාහේ භූමිකාවක් ඉටු කළේය.

වොෂින්ටනය ද එකල කියා සිටියේ තමන් මානුෂීය හේතූන් මත ක්‍රියා කරන බවයි. එහි ප්‍රතිඵලය වූයේ යුගෝස්ලාවියාව බිඳවැටීම ආරම්භයේ සිටම සිදු වූ විශාලතම ජනවාර්ගික ජනගහන නෙරපා හැරීමයි. එය අවසන් වූයේ වාර්ගික සර්බියානුවන් 250,000 ක්  ක්‍රොඒෂියාවේ ක්‍රාජිනා ප්‍රදේශයෙන් පිටමං කිරීමෙනි. බොස්නියාවේ එ.ජ. සහ නේටෝ මැදිහත්වීමේ අවසාන ප්‍රතිඵලය වූයේ මුස්ලිම්, ක්‍රොඒට් සහ සර්බියානු පාලනයට නතු වූ ප්‍රදේශ කැබලි බවට වාර්ගික රේඛා ඔස්සේ රට බෙදීම ශක්තිමත් කිරීමයි. සරණාගතයින් ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යාම, මූලෝපායික වශයෙන් තීරණාත්මක බ්‍රකෝ  (Brcko) නගරයේ තත්ත්වය යනාදී ප්‍රධාන ගැටළු කිසිවක් විසඳා නොතිබුණි.

යුගෝස්ලාවියානු අර්බුදයේ ආරම්භයේ සිටම, වොෂින්ටනය සහ බටහිර යුරෝපීය බලවතුන් කියා සිටියේ, ඔවුන්ගේ ක්‍රියාවන් යුගෝස්ලාවියාවේ පැරණි ජනරජයන් සඳහා ස්වයං නිර්ණ මූලධර්ම සහ ඔවුන්ගේ දේශසීමා වල පරිශුද්ධභාවය මගින් මෙහෙයවනු ලැබූ බවයි. යථාර්ථයේ දී, මෙම මූලධර්ම හුදෙක් ආර්ථික හා දේශපාලන ආත්මාර්ථකාමීත්වය හඹා යාම වසන් කළේය. ඔවුන් මෙම ප්‍රතිපත්තිය අනුගමනය කළේ යුගෝස්ලාවියානු රාජ්‍යය දුර්වල කිරීමට සහ බෝල්කන් ප්‍රදේශයේ තමන්ගේම ආධිපත්‍යය තහවුරු කර ගැනීමටය.

වසර 50 කට පෙර: සෝවියට් ස්ටැලින්වාදී නායක බ්‍රෙෂ්නෙව් එක්සත් ජනපදයට පැමිණේ

Brezhnev
නික්සන්, ( වමේ) සහ බ්‍රෙෂ්නෙව්

1973 ජූනි 16 වන දින, සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්, ජනාධිපති රිචඩ් නික්සන් හමුවීම සඳහා එක්සත් ජනපදයට පැමිණියේය. වොෂින්ටන් සමුලුව-එය හඳුන්වන පරිදි-1972 මැයි මාසයේදී  නික්සන් සෝවියට් සංගමයට ගිය පළමු ජනාධිපතිවරයා බවට පත්වූ  මොස්කව්හි පැවති එවැනිම රැස්වීමකින් පසුව සිදුවිය. එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර ප්‍රසිද්ධ  එදිරිවාදිකම් තාවකාලිකව දියවී ගිය සීතල යුද්ධයේ “ඩෙටාන්ට්” (එදිරිවාදිකම් සමහන් කර ගැනීමේ-détente) කාල පරිච්ඡේදයේ උච්චතම අවස්ථාව මෙම රැස්වීම් සනිටුහන් කළේය.

ධවල මන්දිරයේ පැවති නිල රැස්වීමේදී බ්‍රෙෂ්නෙව් පිළිගැනීම සඳහා උත්කර්ෂවත් මිලිටරි  සංදර්ශනයක් පැවැත්විණි. ඉන්පසු ඔහු සහ නික්සන් පැය හතරකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවක් සඳහා පෞද්ගලිකව මුණගැසුණි. එදින සවස පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයේදී නික්සන් අමුත්තන්ට මෙසේ පැවසීය.

මෙම සතියේ සිදු කරන ලද සාකච්ඡා සහ එකඟතාවයන් හේතුවෙන් අපගේ සබඳතාවල සැලකිය යුතු දියුණුවක් සඳහා අපි අඩිතාලම දමා ඇත. ලෝකයේ ප්‍රබලම ජාතීන් දෙක සාමය සහ මිත්‍රත්වය සඳහා එක්ව ක්‍රියා කරනු ඇතැයි යන සෑම තැනකම සිටින මිනිසුන්ගේ බලාපොරොත්තු සදහා  අපි සුදුස්සන්  වෙමු.

බ්‍රෙෂ්නෙව් ඒ හා සමානව අදහස් දැක්වූ යේ:

අපගේ සාකච්ඡා ආරම්භය – ඒවායේ අන්තර්ගතය සහ ඒවා ක්‍රියාත්මක වන  සන්දර්භය යන දෙකම මගේ මතකයට නැගේ – ඒවායේ ප්‍රතිඵල ඵලදායී වනු ඇති බවටත්, සෝවියට්-ඇමරිකානු සබඳතාවන්හි නව මග සලකුණක් බවට පත් වනු ඇති බවටත් බලාපොරොත්තු වීමට හේතු සපයයි.

සමුලු රැස්වීමෙන් පිටත සංචාරයේ වැඩි කොටසක් නික්සන් විසින් බ්‍රෙෂ්නෙව් සමග වයින් පානය සහ  භෝජන සංග්‍රහ සඳහා කැප කරන ලදී. ප්‍රනීත භෝජන සහ  කෙළි-යාත්‍රා  සවාරි (yacht cruises) වලට අමතරව, එක්සත් ජනපද ජනාධිපතිවරයා, ප්‍රමුඛ ස්ටැලින්වාදී නිලධාරියාට ඔහුටම සැකසූ සුඛෝපභෝගී ලින්කන් කොන්ටිනෙන්ටල් [මෝටර් රථයක්]  තෑගි  දුන් අතර, එවිටමත් බ්‍රෙෂ්නෙව් සතු    ඉහළ මට්ටමේ මෝටර් රථ ලැයිස්තුවට එයද එකතු විය.

සතියක් පුරා පැවති සමුළුවේදී නික්සන් සහ බ්‍රෙෂ්නෙව් විසින් අත්සන් කරන ලද ගිවිසුම් ගණනාවක් විය. මෙම සාකච්ඡාවලට , ආයුධ සීමා කිරීම, වෙළඳ ගනුදෙනු සහ මැද පෙරදිගද ඇතුළත් විය. ප්‍රවාහනය සහ සාගර විද්‍යාව වැනි සාමාන්‍ය ගැටළු පිළිබඳ බොහෝ කොන්දේසි කල්තියා ලිහා සකස් කර තිබුණි. න්‍යෂ්ටික අවි භාවිතය වැලැක්වීම දෙරටේම නිල ප්‍රතිපත්තිය බවට පත් කරන බවට ප්‍රකාශ කළ න්‍යෂ්ටික යුද වැලැක්වීමේ ගිවිසුම අත්සන් කිරීම වඩාත් වැදගත් විය. කෙසේ වෙතත්, ඔවුන්ගේ න්‍යෂ්ටික හැකියාවන් සැබෑ ලෙස  ගලවා බිඳ දැමීමක් ගිවිසුම මගින් සිදු නොවුණි. 

එදිරිවාදිකම් සමහන් කර ගැනීම දෙසට වූ මෙම තල්ලුව,  දේශපාලන භූ දර්ශනයේ නාටකාකාර වෙනස්කම් මාලාවක් නිසා වීය. බ්‍රෙටන්-වුඩ්ස් ක්‍රමයේ අවසානයත් සමඟ ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදය, සෝවියට්-සීනෝ භේදයේදී චීනය සහ සෝවියට් සංගමය අතර සබඳතා බිඳ වැටීම සහ වියට්නාම් යුද්ධයේදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ  පරාජය මේවා අතර විය. මෙම සිදුවීම්, දෙරටේම දේශපාලන අර්බුදය වේගවත් කරමින්, බ්‍රෙෂ්නෙව් සහ නික්සන් එක ලඟට තල්ලු කළ අතර, ඒ දෙදෙනාම ගනුදෙනුවක් ඇතිකර ගැනීම දේශපාලන අස්ථාවරත්වය සමනය කරනු ඇතැයි අපේක්ෂා කළහ.

සෑම විටම මෙන් මොස්කව්හි නියෝගවලට අනුකූලව, ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ ස්ටැලින්වාදීන් නික්සන් සමඟ බ්‍රෙෂ්නෙව්ගේ නව මිත්‍රත්වය සමරමින් සංචාරයට ඔවුන්ගේ පූර්ණ අනුමැතිය ලබා දුන්හ. ඔවුහු මෙම හමුවීම  “සාමකාමී සහජීවනය” සඳහා ඉදිරි පියවරක් ලෙස ප්‍රශංසා කළහ. එසේම, ඔවුන් වෝටර්ගේට් පරීක්‍ෂණයට එරෙහිව නික්සන්ව ආරක්ෂා කළ අතර, නික්සන්ට තනතුරෙන් ඉවත් වීම සදහා බල කිරීමට මතුවිය හැකි කම්කරුවන්ගේ ඕනෑම ව්‍යාපාරයක් මැඩපැවැත්වීමට , වෘත්තීය සමිති නිලධරයට සහාය විය.

වසර 75 කට පෙර: මැලේසියාවේ යටත් විජිත විරෝධී අරගලයට බ්‍රිතාන්‍යය ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කරයි

 insurgent
1952 දී ,තුවාල ලැබූ කැරලිකරුවෙකු ,ඔහුව අල්ලා ගත් බ්‍රිතාන්‍ය භටයන් විසින් ප්‍රශ්න කරන ආකාරය

1948 ජූනි 17 වන දින බ්‍රිතාන්‍ය යටත් විජිත බලධාරීන් මැලේසියානු කම්කරුවන්ට සහ රටේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ වාම ක්‍රියාකාරීන්ට එරෙහිව කුරිරු මර්දනයක් දියත් කළහ. මෙම ප්‍රහාරය , මැලේසියාවේ විධිමත් නිදහසෙන් පසුවත් පැවති වසර 12ක ගරිල්ලා යුද්ධයක් අවුලුවාලූ   අතර එය 1969 සිට 1989 දක්වා යළිත් ඇවිලී ගියේය.  වෙනත් වචනවලින් කිවහොත්, මෙම සටන සියවස  තුනෙන් එකක් පමණ වූ කාලයකට විහිදී ගියේය.

1700 ගණන්වල අග භාගයේ සිට වසර සිය ගණනක් පුරා බ්‍රිතාන්‍යය මැලේසියානු කලාපයේ විවිධ ප්‍රාන්ත යටත් විජිතයන් බවට පත් කර ගත්හ. 1946 දී, ඔවුන් ඒවා මැලේසියා සංගමයට එක් කළේ , ඒ වන විටත් පැවති , දැඩි යටත් විජිත පාලනය යටතේය . මෙය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, චීනය, ඉන්දියාව, වියට්නාමය සහ ඉන්දු පැසිෆික් කලාපයේ වෙනත් තැන්වල දැවැන්ත අරගල හරහා යටත්විජිතවාදයට ලෝකය පුරා අභියෝග කරමින් සිටි කාල පරිච්ඡේදයකි.

ජපානයේ  යුද කාලීන ජයග්‍රහණ සහ වාඩිලෑම මගින් පැරණි යටත් විජිත බලයේ අධිකාරයට බරපතල පහරක් එල්ල කළ මැලේසියාවේ, පශ්චාත්-යුද නැගීමක් ද ඇති විය. සැලකිය යුතු විරැකියාවෙන් හා උග්‍ර දරිද්‍රතාවයෙන් සලකුණු කෙරුනු  යුද්ධයේ ආර්ථික ප්‍රතිඵල, දේශීය වැඩවසම් ආකාර  ප්‍රභූව අතර බ්‍රිතාන්‍ය පාලනයට සහ ඔවුන්ගේ රූකඩවලට එරෙහි සතුරුකම සමඟ ඒකාබද්ධ විය. 1946 මුල් භාගයේදී, පළමු පූර්ණ-දින මහා වැඩවර්ජනය පවත්වන ලද අතර, ඊළඟ වසරේදී, ඒවායින් සමහරක් විශාල වූ වැඩ  නැවතුම් 300 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු විය, .

පැසවීමේ මෙම සන්දර්භය තුළ, මැලේසියානු කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛකත්වයට  පැමිණීමත් සමඟ, බ්‍රිතාන්‍යයන් මර්දනයක් සඳහා කඩතුරාවක් සපයා ගැනීමට නොඉවසිලි සහගත විය. එය 1948 ජූනි මාසයේ දී වතු හිමියන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ මේ සතියේ දී  පැමිණියේය. ජූනි 17 වැනි දින බ්‍රිතාන්‍යය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

මෙම ඝාතන සම්බන්ධයෙන්, ඒවායේ අපරාධකරුවන් හෝ යටින් දිවෙන හේතූන් පිළිබඳව හෝ විමර්ශනයක් සිදු කර නොතිබුණි. ඒ වෙනුවට සියලු මූලික සිවිල් අයිතිවාසිකම් අත්හිටුවන ලදී. අසාමාන්‍ය බලතල යටතේ කොමියුනිස්ට් සහ වෘත්තීය සමිති සංවිධායකයින්, දේශපාලන සම්බන්ධකම් ගැන වැරදි ලෙස සැක කළ අය සමඟ වටකර සිරගත කරන ලදී. ඇඳිරි නීතිය සහ අනෙකුත් මර්දන ක්‍රියාමාර්ග ද පනවන ලදී.

කොමියුනිස්ට් පක්ෂය, රාජ්‍යය සමඟ ගැටුමකට සූදානම් වෙමින් සිටි බව පෙනේ. එහි නායකයින් කිහිප දෙනෙකුට, පක්ෂය ගොවි ස්ථර අතර අනුගාමිකයන්  වර්ධනය කිරීමට පටන් ගෙන තිබුණු ගම්බද ප්‍රදේශවලට පැන යාමට හැකි විය. එහිදී ඔවුන් නැවත කණ්ඩායම් ගත වී දශක ගණනාවක් පුරා පැවති ගරිල්ලා අරගලයක් ආරම්භ කරනු ලැබුනි. බ්‍රිතාන්‍යයන්  විසින්, පසුව  එක්සත් ජනපදය එම රටට එරෙහිිව කල යුද්ධයේදී වියට්නාම් මහජනතාවට එරෙහිව   භාවිතා කළ ක්‍රමවලට සමාන “ප්‍රති-කැරලි” (counter-insurgency) ක්‍රම භාවිතා කරනු ලැබීය.,

කොමියුනිස්ට් පක්ෂයට, එහි සාමාජිකයන් සුවිශේෂී ධෛර්යය ප්‍රදර්ශනය කළද, ඉදිරි ගමනක් ඉදිරි පත් කිරීමට නොහැකි විය. සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය දෙවන ලෝක සංග්‍රාමයේ දී එහි අවසානය වන විට ලෝකය බෙදාගැනීම සඳහා ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ ගිවිසුමකට එළැඹ තිබුණි. එහෙයින්, ආසියාවේ සහ අනෙකුත් සෑම තැනකම විප්ලවවාදී අරගලයට නිලධරය සතුරු විය. ඒ අතරම, රටේ කාර්මික කම්කරු පන්තිය මත නොව, සුලු ධනේශ්වර හිමිකරුවන් විසින් ආධිපත්‍යය දැරූ මිශ්‍ර සමාජ ස්ථර, ගොවීන් ,  මත පදනම් වූ අරගලයක් සඳහා මැලේසියානු කොමියුනිස්ට් පක්ෂයේ දිශානතිය තුල මාඕවාදයේ ප්‍රතිගාමී බලපෑම් පැහැදිලි විය.

වසර 100 කට පෙර: රතු හමුදාව සයිබීරියාවේ ධවල ආරක්ෂකයින්ගේ (White Guard) අවසන් ශේෂයන් පරාජය කරයි

Pepelyayev
රුසියානු ධවල හමුදාවේ ජෙනරාල් ඇනටෝලි පෙපෙලියෙව්

1923 ජුනි 16 වන දින, ස්ටෙපාන් වොස්ට්‍රෙට්සොව්ගේ අණ යටතේ රතු හමුදා ඒකකයක්, සයිබීරියාවේ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද යකුට් ස්වයං පාලන සෝවියට් සමාජවාදී ජනරජයේ අයන්හි ඇනටෝලි පෙපෙලියෙව්ගේ අණ යටතේ වූ ධවල ආරක්ෂක හමුදා පරාජය කරන ලදී. පෙපෙල්යෙව්  යනු සයිබීරියාවේ අද්මිරාල් ඇලෙක්සැන්ඩර් කොල්චක්ගේ ප්‍රතිවිප්ලවවාදී හමුදාවන්ට නායකත්වය දුන් හිටපු සාර්වාදී නිලධාරියෙකි.

රතු හමුදාව 1920 වන විට පෙපෙලියෙව් සමඟ දඹර කර ගත් කොල්චක් පරාජය කර ඔහුටට මරණ දණ්ඩනය හිමි කර දී තිබුණි. නමුත් පෙපෙලියෙව්  සයිබීරියාවේ දිගටම ක්‍රියාකාරී වූ අතර ව්ලැඩිවොස්ටොක්හි බොල්ෂෙවික් විරෝධී රජයක් සමඟ සම්බන්ධ වීමට උත්සාහ කළේය. අනෙකුත් සුදු හමුදා ද ඔකොට්ස්ක් මුහුද අසල සයිබීරියාවේ තමන්ගේම පාලන ප්‍රදේශ පිහිටුවා ගත්හ.

සුදු රුසියානු සංක්‍රමණයේ මධ්‍යස්ථානයක් වූ උතුරු චීන නගරයක් වන හාර්බින් හි ටයිෆස් රෝගයෙන් සුවය ලබමින් සිටි පෙපෙලියෙව්, 1922 අගෝස්තු මාසයේදී සිය ගණනක් ස්වේච්ඡා භටයින් ද සමඟ හිටපු සාර්වාදී බලඇණියේ නෞකාවක ඔකොට්ස්ක් මුහුද දිගේ ඔකොට්ස්ක් වෙත යාත්‍රා කළේය. එහිදී, ඔහු කිලෝමීටර් 1,000  ( සැතපුම් 620 ) රට අභ්‍යන්තරයේ වූ එවක බොල්ෂෙවික් පාලනය යටතේ වු, යකූට්ස්ක් (Yakutsk) නගරයට යාමට පිටත් විය. ඔහුට රතු හමුදාවේ ප්‍රතිරෝධය ජය ගැනීමට නොහැකි වූ අතර, ඔක්තෝම්බර් මාසයේදී ව්ලැඩිවොස්ටොක් බොල්ෂෙවික්වරුන් අතට පත් වූ හෙයින්, වොස්ට්‍රෙට්සොව් විසින් වටලනු ලැබූ  අයාන් වෙත ඔකොට්ස්ක් මුහුද දිගේ පසුබැසීමට පෙපෙලියෙව්ට සිදුවිය.

පෙපෙලියෙව් නිලධාරීන් 102 ක් සහ සොල්දාදුවන් 230 ක් සමඟ අල්ලාගෙන ව්ලැඩිවොස්ටොක් වෙත ප්‍රවාහනය කරන ලද අතර එහිදී ඔහුට නඩු පවරා මරණ දඬුවම නියම කරන ලදී. බොහෝවිට,1918 දී පර්ම් අල්ලා ගැනීමෙන් පසු ඔහු රතු හමුදා සොල්දාදුවන් 20,000 ක් නිදහස් කර ඇති නිසා ඔහුගේ මරණ දඩුවම  ලිහිල් කිරීමට යෙදුනි. 1936 දී නිදහස් කරනු ලැබූවද, ස්ටැලින්ගේ විරේක කිරීම් අතරතුර 1938 දී නැවත අත්අඩංගුවට ගෙන ඝාතනය කෙරුණි.

ඉතිහාසයේ මෙම සතිය: ජූනි 12-18 Read More »

ජවිපෙ දේශප්‍රේමයට එරෙහිව ජාත්‍යන්තරවාදය උදෙසා දිවි පිදූ විකොස ග්‍රේෂන් සහෝදරයා පිලිබද මතකය

නන්දන නන්නෙත්ති විසිනි.

Image Not Found
ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා

හලාවත තොඩුවාවේ දී, ජනතා විමුක්ත පෙරමුන (ජවිපෙ) ‘දේශප්‍රේමීන්’ විසින්, 4වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ග්‍රේෂන් ගීකියනගේ ඝාතනය කරනු ලැබිමෙන් වසර  34 ක් අද (24) දිනට සපිරෙයි.

ඒ වන විටත් විකොස සාමාජිකයෝ දෙදෙනෙක්, 1988 නොවැම්බර් 12 දින, සෞන්දර්ය ගුරුවරයෙකු වූ  ආර්.ඒ. පිටවෙල වැලිමඩ හඟුන්නාවේ දී ද, 1988 දෙසැම්බර් 23 සරසවි අනධ්‍යන සේවකයෙකු වූ, පී.එච්. ගුනපාල පේරාදෙනිය සරසවියේ දී ද, ජවිපෙ ඝාතකයන් විසින් ගොදුරු කර ගෙන තිබින. 1988-89 තුල, කම්කරු පන්ති සංවිධානවල නායකයෝ ගනනාවක් හා කම්කරුවෝ සිය ගනනක් ඇතුලු දහස් ගනනක් මිනිස්සු සහ ගැහැනු, තමන් හා ධනපති පන්තිය අතර වූ ලේ වැකි කේවලයට සහය නො වීම නිසා ජවිපෙ විසින් ඝාතනය කරනු ලැබූහ. 

ග්‍රේෂන්ට වෙඩි තැබීම සිදු කලේ 1989 ජූනි 23දා සවස ය. ඔහු ඉතා තරුන බිරිඳගෙන්, බිලිඳු පුතුගෙන් හා තම මව ඇතුලු ඥාතින්ගෙන් සදහට ම සමු ගත්තේ පසු දිනයේ, කොලඹ මහ රෝහලේ දී ය. 

Image Not Found
ජවිපෙ තර්ජන මැද සිය ගනනින් කම්කරුවන්, ධීවරයන් හා ප්‍රදේශවාසීන් ග්‍රේෂන් සහෝදරයාගේ දේහය රැගත් පෙලපාලියට එක් වේ

වෙඩි තැබීමට පෙර දින ග්‍රේෂන් සිය වැඩිමහල් සොහොයුරා වන විකොස ප්‍රභල සාමාජිකයෙක් වූ නිහාල් ගීකියනගේ සහ තවත් ලෝකල් සහෝදරයෙක් වන අයිවන් ඇතුලු විකොස සාමාජිකයන් සමග කොලඹ පක්ෂ කාර්යාලයේ රැස්වීමකට සහභාගි වූයේ පැන නැගී ඇති ආරක්ෂාව පිලිබද ගැටලු පිලිබද සාකච්ඡාවක් සදහා ය. ඊට දින කීපයකට පෙර නිහාල් සහ අයිවන් යන දෙදෙනා මරා දමන බව සදහන් නිර්නාමික ලිපි ද ලැබී තිබිනි. එදින මේ සියල්ල ගැන කල සාකච්ඡාවෙන් පසුව නිහාල්ට පක්ෂ කාර්යාලයේ වැඩ සදහා නතර වීමට සිදු වූ අතර, ග්‍රේෂන් පසු දින උදේ නිවසට ලගා විය.

ඒ සන්ධ්‍යාවේ ඔවුන්ගේ නිවස ඉදිරිපිට මාර්ගයේ දී අයිවන් සම්මුඛ වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් නිහාල්ට වෘත්තීය සමිතියකින් ලිපියක් බාර දීමට පැමිනි බව කියා ඇති අතර අදාල වෘත්තීය සමිතිය ගැන මේ පුද්ගලයන් දැන නො සිටි බව අයිවන්ට පෙනී ගියේ ය. එම සැකය නො තකා අයිවන් ග්‍රේෂන්ට කතා කලේ ය. ‘නිහාල් මහත්තයා මුන ගැසීමට’ පැමිනි බව මිනීමරුවෝ ග්‍රේෂන්ට ද පැවසූහ. දිගින් දිගටම නිහාල් ම ගැන විමසන විට “මම තමයි නිහාල්” කියමින් ග්‍රේෂන් ඉදිරියට පැමිනියේ මොවුන් තම සහෝදරයාට ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වන බවට හැඟී ගිය හෙයිනි. අමුත්තෝ ග්‍රේෂන්ගෙන් ඉවතට පැන ගොස් වෙඩි තබන්නට වූහ. වෙඩි හඩ ඇසී දිව ආ ග්‍රේෂන්ගේ මව එක් ඝාතකයෙකු බිම පෙරලා ගත් නමුත් ඇයට සහාය වීමට කිසිවෙක් නො වී ය. ඒ වන විට අයිවන් පලා ගොස් තිබිනි. එහෙත් ඇගෙන් ගැලවීම පහසු නැති බව වටහා ගත් ඝාතකයෝ තමන්ගේ බයිසිකලයත් අත් හැර පැන ගත්තෝ ය.

මේ මරනය ආසන්න වශයෙන් ගෙන ආ පනිවිඩය නම්, දේශපාලන පැහැදිලිකම හා දේශපාලන සංවේදීභාවය වෙනුවට ආදේශක නැති බව ය. ඊට දිනකට පෙර ද හලාවත ප්‍රදේශයේ පලපුරුදු සාමාජිකයන් දෙදෙනෙක් තොඩුවාවේ සහෝදරවරුන්ට අනතුරු ඇගවූහ. වෙඩි තබන දිනයේ උදේ වරුවේ හලාවත නගරයේ උද්ඝෝෂනයක නිරතව සිටියදී එය නතර කර ආරක්ෂක ස්ථානයකට යා යුතු ය යි එම සහෝදරවරු ග්‍රේෂන් ඇතුලු පිරිසට අවවාද කලහ. ඊට සුදුසු තැනක් ද සූදානම් කර වහාම එතැනට එන්නැයි ඉල්ලා සිටියහ. එහෙත් ඊට ඉහලින් කටයුතු මෙහෙය වූ කන්ඩායමක් මෙම යෝජනාව ‘බියගුලුකම’ හා  ‘කුලප්පුව’ ලෙස ලෙස හෙලා දැක තිබිනි. දේශපාලනයේ දී, ආරක්ෂාව යන කරුන හැම විටම පන්ති බලවේගවල ක්‍රියාකාරීත්වය පිලිබද ගැඹුරු දේශපාලන තක්සේරුවක් ඉල්ලා ද සිටී. අනෙක් අතට හතුරු ප්‍රහාරයක් සම්බන්ධ ඉඟි පිලිබද වැටහීම ප්‍රගුන කර තිබිය යුතු වන අතර සැකයේ වාසිය අත් නො හැරිය යුතුය. විප්ලවවාදියා බියගුල්ලකු නොවිය යුතු අතර ම, සතුරා හැඳිනීමේත්, එමෙන් ම සතුරා මග හැරීමේ හා සතුරාට මුහුන දීමේ කලාවත් දැන සිටිය යුතු ය.

Image Not Found
1987 දෙසැම්බර් විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයාගේ අවමංගල පෙරහැරේ ඉදිරියෙන් යන ග්‍රේෂන්

ජවිපෙ විසින් විකොස සාමාජිකයන් ඝාතනය කරනු ලැබීම ඒ වන විටත් ජවිපෙ ධනේශ්වර පද්ධතියට කෙතරම් බැඳී තිබුනේ ද යන්න පිලිබද පැහැදිලි සාක්ෂයකි. ඔවුන්ට ආන්ඩුවේ ඇමතිකම් තුනක් පිරිනැමීමට ජනාධිපති ප්‍රේමදාස සූදානම් ව සිටියේ ය යන්න දැන් රහසක් නො වේ. එපමනක් නො ව එම කාලය තුල ම ඔවුහු, හිටපු අගමැති සිරිමාවෝ බන්ඩාරනායක හෝ ඇගේ නියෝජිතයන් සමග ද සාකච්ඡාවලට සහභාගී වූහ. ඔවුනොවුන් අතර ලේ වැකි ගැටුම පන්ති පාලනය පවත්වා ගන්නේ කෙසේ ද යන්න පිලිබඳ මිස එය පෙරලා දැමීම පිලිබඳ කරුනක් නො වී ය. එහි කොටසක් ලෙස දෙමල ජාතිය සමූලඝාතනය කිරීමේ වර්ගවාදී යුද්ධය පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන්න පිලිබඳ ව ද ඔවුන් අතර මතභේද තිබිනි.    

විකොස මෙම යුද්ධයට ආරම්භයේ සිටම ක්ෂමා විරහිත ලෙස විරුද්ධ විය. මේ යුද්ධය අපේ යුද්ධයක් නො වේ, මේ යුද්ධයට එක සතයක්, එක මිනිහෙක්, එක ලේ බිඳක් නො දෙනුයි එය සටන් වැදුනේ ය. 1979 ජූලි 17දා, එවකට විකොස රාජාංගනයේ සංවිධායක ආර්. පී පියදාස සහෝදරයා යුඇන්පී ආන්ඩුවේ හා පොලිසියේ පිටුබලය ලද කුලී මිනීමරුවන් විසින් මරා බිම හෙලනු ලැබීම පාලක පන්තිය ඊට එරෙහිව ගත් පියවරකි. පියදාස ඝාතනය කරනු ලැබුනේ එම ජුලි මාසයේ ධනේශ්වර රාජ්‍ය තන්ත්‍රය විසින් දෙමල ජනතාවට එරෙහිව මෙහයවනු ලැබූ ජන ඝාතක, දේපොල සංහාරක වර්ගවාදී ප්‍රහාරය මධ්‍යයේ ය. පියදාස දෙමල පීඩිතයන්ට එරෙහිව දියත් කල ප්‍රහාරයට හා ගම්බද ගොවීන්ට එරෙහි ක්‍රියාත්මක ධනේශ්වර පීඩනයට එරෙහිව සමාජවාදී ඉදිරි දර්ශනය සඳහා ගොවි ජනතාව අතර සටන් වැදුනෙකි.    

1983 ආරමිභ කල කොලඹ ආන්ඩුවේ යුද්ධය හා දකුනේ පන්ති අරගල උත්සන්න වීමත් සමග ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබිවේ ය. ඒ 1987 ජුලි 29 දා ය. මෙම ගිවිසුම පිලිබද විකොස 1987 නොවැම්බර් 19 දින සිය ප්‍රකාශය තුල එල්ටීටීඊයේ බංකොලොත් ජාතිකවාදය ක්ෂමා විරහිතව හෙලි කරමින්  සටහන් මෙසේ සන් කලේය:,

පීඩිත ජාතියක ධනේශ්වර පන්තිය තම ස්වයංනීර්නය යනුවෙන් අදහස් කරන්නේ ම තමන් සදහා ජාතික වරප්‍රසාද ලබා ගැනීම ද ‘ස්වාධීන’ රට තුල කම්කරුවන් හා ගොවියන් සූරා කෑම සදහා වාසිදායකම තත්වයන් තහවුරු කර ගැනීම ද වේ. එල්ටීටීඊය වැනි ධනේශ්වර ජාතිකවාදයේ ඉතාම රැඩිකල් ප්‍රවනතාවන් ද ඇතුලු සියලුම කොටස්වල පිලිවෙත් මෙම පන්ති අරමුන විසින් මෙහෙයවනු ලබයි. එය එම ප්‍රවනතාවන්හි දේශපාලන දේහයේ ව්‍යුහය නීර්නය කරයි. සෑම අවස්ථාවකම ධනේශ්වර ජාතිකවාදියෝ, විමුක්ති අරගලය සිය අත යටින් ඉවතට ගොස් ධනේශ්වර පාලනය පවත්වාගෙන යාමට එරෙහි තර්ජනයක් බවට පත් වීම වලක්වාලීමට වග බලා ගනිති.”

ඒ වන විට රැඩිකල් සුලු ධනපති පක්ෂයක් වූ ජවිපෙ, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වීමේ මුවාවෙන් ආරම්භ කල දේශප්‍රේමී ව්‍යාපාරය වටහා ගැනීමට ද ඉහත ඡේදයේ සදහන් විශ්ලේෂනය මත පදනම් විය යුතු ම ය. “පලමුව මවුබිම දෙවනුව වැඩ බිම! පලමුව මවුබිම දෙවනුව පාසැල!” වැනි ලේ වැකි ෆැසිස්ට් සටන්පාඨ මගින් එය සුලු ධනේශ්වර ගිනි මැලයක් සිය ධනපති සගයන්ට මෙන් ම කම්කරු පන්තියට එරෙහිව අවුලුවා ගත්තේ ය. එහි ප්‍රතිඵලය වූයේ 60,000කට වැඩි ගම්බද තරුනයන්ගේ ජීවිත බිලි ගැනීමට, පන්ති අරගලය යටපත් කර යුද්ධය උත්සන්න කිරීමට හා පෞද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ මෘග පාලනයට අවකාශ ලැබීම ය. 

ජවිපෙ හා ආන්ඩුවේ තුවක්කු දෙකටම මුහුන දුන් විකොස 1991 පෙබරවාරි 8 දා “ගම්බද ඝාතන නතරකරනු” යන හිසින් නිකුත් කල ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, එදා, රාජ්‍ය මර්දනය, එක් අතකින් උතුරු නැගෙනහිර පීඩිත දෙමල ජාතියට එරෙහි වර්ගවාදී යුද්ධයේ ද, අනික් අතින් දකුනේ තරුනයන් දුටු තැන වෙඩි තැබීමට අසීමිත නියෝග සහිත රුදුරු මිලිටරි- පොලිස්‌ ඝාතනයේ ද ස්වරූපය ගෙන ඇත.” ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු ප්‍රදේශ ඉන්දියන් හමුදාවට පැවරීම සිදු කලේ දකුනේ මෙම විනාශයට අවකාශ සදහා බව විකොස ඒ වන විටත් පෙන්වා දී තිබිනි. 

මෙම මූලධර්ම මත ප්‍රේමදාස ආන්ඩුවේ ප්‍රහාරයට දැනුවත්ව එරෙහිව නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය මත පදනම් වීම නිසා ග්‍රේෂන් ඇතුලු විකොස සහෝදරවරුනගේ ජිවිත බිලි ගත් ජවිපෙ විවෘත ධනපති පක්ෂයක් බවට පරිවර්තනය වී වර්ගවාදී යුද්ධය හා මර්දනය ඉදිරියට ගෙන ගිය ආන්ඩුවල ඇමතිකම්වල ලැගගත්තේ ය. දේශප්‍රේමීන් කම්කරු පන්තියේ අව්‍යාජ සටන්කරුවන් ඇතුලු පීඩිත මිනිසුන් දහස් ගනනකගේ ජිවිත බිලි ගත්තේ හා බිලි දුන්නේ මෙබදු අරමුනු උදෙසා ය යන කරුන හිතනමතන කිසිවෙකු විසින් අමතක නො කරනු ඇත.

ආසන්න වසයෙන් සැලකූ කල ග්‍රේෂන් තම පක්ෂයේ සිටි දැනුවත් හා ක්‍රියාශීලී සටන්කරුවෙකු වූ සිය සොහොයුරාගේ ජිවිතය තම දිවි දෙවෙනිකොට රැක ගැනීමට දැනුවත් ව සූදානම්ව සිටියේ ය. ඔහුගේ ඒ අරමුන ඉටු වී ඇත. එහෙත් එබදු සටන්කරුවකු අහිමි වීම දරා ගැනීමට පක්ෂයට, ඔහුගේ ආදරනීය යෞවන බිරිදට, චූටි පුතුට, ආදරනීය මවට, නිහාල් ඇතුලු පවුලේ සෙසු සාමාජිකයන්ට හෝ හිතවතුන්ට සිදු වීම ඛේදයකි.

1970 ගනන් අග භාගයේ සිට ලෝක ආර්ථිකය හා සමාජ ක්‍රමයේ පරස්පරයන් තීව්‍ර කල නිෂ්පාදනයේ භූගෝලීයකරනය, දේශප්‍රේමීන්, බෙදුම්වාදීන්, වෘත්තීයසමිතිවාදින් ඇතුලු සියලු ජාතිකවාදී ව්‍යාපාර විවෘත අධිරාජ්‍යවාදී ඒජන්සි බවට පරිවර්තනය කලේ ය. ඔවුහු ස්වයංනීර්නයේ නාමයෙන්, ඇතැම් තැන්වල රටවල් බෙදා කුඩා රාජ්‍ය කැබලි ලෝක අධිරාජ්‍යවාදී  ආර්ථිකයේ වේදිකා බවට පත් කිරීම ජිවනෝපාය බවට පත් කර ගැනීම ඇරඹුහ. 4වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය විශ්ලේෂනය තුල සටහන් කර ගත් පරිදි, භූගෝලියකරනයට දැක් වූ මෙම ජාතිකවාදී ධනේශ්වර ප්‍රතිචාරයට එරෙහිව වෛෂයික යථාර්ථය වූයේ, භූගෝලීයකරනය ජාතික ආර්ථිකයන්ගේ පැවැත්ම අහෝසි කිරීම මිස ඒවා තව තවත් බෙදීම නො වේ. 

නමුත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය තුලමත් මේ විශ්ලේෂනය තුලින් මතු කල අභියෝගයන් සහමුලින් පැහැදිලි නො වීම පිලිබද ප්‍රශ්න මතු විය. පීඩිත ජාතීන්ට ස්වයංනීර්නය ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අත්පත් කර ගත හැකි වන්නේ කම්කරු පන්තියේ ආඥාදායකත්වය තුලින් පමනෙකි ය යන එහි ඉදිරි දර්ශනය නො තකා පක්ෂයේ වැඩි කන්ඩායම කියා සිටියේ පීඩිත ජාතියට මහා ජාතියේ මහජනයාට මුහුන දීමට සිදු වී ඇති ප්‍රශ්නවලට වඩා වෙනස් ප්‍රශ්නයක් නැති බව ය. ඒ නිසා ස්වයංනීර්නය හෝ ජාතික ගැටලුව කියා ප්‍රශ්නයක් ඇත්තේ ම නැතැයි ඔවුහු තර්ක කලහ.

මෙය පක්ෂයක් පීඩිත ජාතීන් සම්බන්ධයෙන් ධනපති තර්කය ම ගෙන හැර පෑමකි. පීඩිත ජාතිය ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම පවතින්නේ මහ ජාතියේ කම්කරු පන්තිය ද ඇතුලත් ලෝක කම්කරු පන්තියට ය. ග්‍රේෂන් දිවි දී ආරක්ෂා කල ජිවිතය වන ඔහුගේ වැඩිමහල් සහෝදරයා – නිහාල් ගී කියනගේ – සහ ‘සසප වාමාංශය’ මෙම ජාත්‍යන්තරවාදී ආස්ථානය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් සටන් වදින අතර එය ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ආකර්ශනය කරගත් විප්ලවවාදී මූලධර්ම රකිමින් ඔහුට සහ එම මූලධර්ම වෙනුවෙන් දිවී පිදූ සියලු සහෝදරවරුන්ට පිදෙන ආචාරය යි.

ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා පිලිබද මතකය දිගු කල් දිනේවා!   

ජවිපෙ දේශප්‍රේමයට එරෙහිව ජාත්‍යන්තරවාදය උදෙසා දිවි පිදූ විකොස ග්‍රේෂන් සහෝදරයා පිලිබද මතකය Read More »

Battle of Nitzanim

ඉතිහාසයේ මෙම සතිය:ජුනි 5-11

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 04 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25කට පෙර: ඉන්දුනීසියාවේ හබීබි IMF කප්පාදු ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දෙයි

Habibie
ඉන්දුනීසියානු ජනාධිපති බී.ජේ හබීබි

1998 ජූනි 5 සති අන්තයේ ඉන්දුනීසියාවේ ජනාධිපති බී.ජේ. හබීබි මාධ්‍ය අමතමින් , අවම වශයෙන් 1999 අවසානය දක්වා තම ධුරයේ රැඳී සිටීමට සහ ඩොලර් බිලියන 43 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇපදීමේ පැකේජය මගින් ඉල්ලා සිටින දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට වූ , ඔහුගේ අධිෂ්ඨානය නැවත අවධාරණය කළේය. සුහර්තෝගේ ජීවිත කාලය පුරාවටම සිටි හැදී වැඩුන ගෝලයා වූ ඔහු, එම වසරේ රූකඩ මහජන උපදේශන සභාවට (MPR) සීමිත වෙනස්කම් හඳුන්වා දීමටත් ඊළඟ වසර අවසානයට පෙර මැතිවරණ පැවැත්වීමටත් සැලැස්මක් ගෙනහැර දැක්වීය.

සියල්ලටත් වඩා, ජාමූඅ වැඩපිලිවෙලට ඔහුගේ කැපවීම ඔහු අවධාරනය කලේය. මිල සහනාධාර අහෝසි කිරීම, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම සහ සුහර්තෝ පවුල සහ එහි සහචරයින් සතු ඒකාධිකාරය විසුරුවා හැරීම ඇතුළත් එහි පියවරයන් මගින් ඉන්දුනීසියානු මහජනතාවගේ වියදමින් ජාත්‍යන්තර බැංකු සහ සංගතවල ලාභ අවස්ථා ඉහල නැංවීමට සැලසුම් කෙරුණි.

හබීබි කතා කරද්දීම, කම්කරු පන්තිය තුල, පාලන තන්ත‍්‍රය කෙරෙහි එදිරිවාදිකම් තීව‍්‍ර වීමේ ඇඟවුම් තිබුනි. දෙවන විශාලතම නගරය වන සුරබයා හි ගෘහ උපකරණ නිෂ්පාදකයෙකු යටතේ සේවයේ නියුතු කම්කරුවන් 30,000 ක්  සියයට 50කින් වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ඉහල දැමීම සඳහා පෙර සතියේ වැඩ වර්ජනයක නිරත විය. වැඩ වර්ජිත කම්කරුවන් පළාත් පාර්ලිමේන්තුවට පා ගමනින් යාම වැලැක්වීමට තැත් කළ කැරලි මර්දන පොලිසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් සමඟ ගැටුමක් ඇති කර ගත්හ. 

ජකර්තාහි රජයේ බස් රථ රියදුරන් සිය ගනනක් දූෂණයට එරෙහිව සහ වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය. වැටුප්  සියයට 15 කින් වැඩි කරන බවට කළමනාකාරිත්වය පොරොන්දු වීමෙන් පසුව රියදුරන් පසු දින සේවා නැවත ආරම්භ කළහ. එම වැඩිවීම මුදල් ඒකකය වන රුපියල කඩාවැටීම නිසා ඇති වූ ඉහළ යන මිල ගණන් වලට හිලව් වශයෙන් ප්‍රමාාණවත් වූයේ නැත. පෙර මාසයේ සුහර්තෝ නෙරපා හැරීමෙන් ධෛර්යමත් වූ රියදුරන්, ජකර්තා ප්‍රාන්ත ප්‍රවාහන සමාගමේ දූෂණ ගැන පැමිණිලි කරමින් පුළුල් ඉල්ලීම් ද පුනර්ජීවනය කළහ.

අනෙකුත් විරෝධතා , සුහර්තෝ පවුලට නඩු පැවරිය යුතු බව ඉල්ලා සිටියේය. ජාතික සභාවේ එක් විරෝධතාවයක දී, 3,000ක් පමණ ශිෂ්‍යයන් සහ ධනේශ්වර විපක්ෂ චරිතයක් වන මෙගාවතී සුකර්නෝපුත්‍රිගේ ආධාරකරුවන්, දූෂණය සම්බන්ධයෙන් නඩු විභාගයකට සුහර්තෝ  මුහුණදිය යුතු යැයි ඉල්ලා සිටියහ. විරෝධතාකරුවන්ගෙන් සමහරෙක් “හබීබි ප්‍රතික්ෂේප කරමු , සුහර්තෝව උසාවි ​​ගෙන යමු” යනුවෙන් ප්‍රකාශ කරන බැනර් රැගෙන ගිය අතර තවත් සමහරු නව මැතිවරනයක් කැඳවීමට MPR හි විශේෂ සැසියක් ඉල්ලා සිටියහ. විරෝධතාව හේතුවෙන් ගුවන් තොටුපළ දක්වා ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව අවහිර විය.

සුහර්තෝට ගරු කරන ලෙසත් ප්‍රතිසංස්කරණ සඳහා වන ඉල්ලීම් සීමා කරන ලෙසත් සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් විරන්ටෝ විසින් කරන ලද ඉල්ලීම් නොතකා උද්ඝෝෂණය ඉදිරියට ගියේය. සිය ගනනක් හමුදා භටයන් පාර්ලිමේන්තුව තුල රඳවා තබමින්, පරිශ්රයේ ගේට්ටු වසා තබා විරෝධතාකරුවන්ට ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම අවුරනු  ලැබිණ.

වසර 50 කට පෙර: ෆ්‍රැන්කෝ ස්පාඤ්ඤයේ අගමැති ලෙස විශ්වාසවන්තයෙකු පත් කරයි

Blanco
ලුයිස් කැරරෝ බ්ලැන්කෝ

1973 ජූනි 9 වැනිදා ස්පාඤ්ඤ ආඥාදායක ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ ඔහුගේ විශ්වාසවන්ත ලුයිස් කැරරෝ බ්ලැන්කෝ අගමැති ලෙස පත් කළේය. ෆ්‍රැන්කෝ නිල වශයෙන් ස්පාඤ්ඤ රාජ්‍යයේ ප්‍රධානියා ලෙස සිටිනු ඇතත්, 1973 වන විට ඔහු වයස අවුරුදු 80ක් වූ අතර දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවූ නිසා ඒ වන විටත් ස්පාඤ්ඤය පාලනය කළ මිලිටරි පාලන තන්ත්‍රයේ දෛනික කළමනාකාරීත්වයෙන් ඉවත්ව සිටියේය.

දරුණු දක්ෂිනාංශික ෆ්‍රැන්කෝ හිතවාදියෙකු වන කැරේරෝ බ්ලැන්කෝ 1967 සිට ෆ්‍රැන්කෝගේ නියෝජ්‍ය අගමැති ලෙස සේවය කර ඇත. ඔහු අගමැති වන විටමත් ෆ්‍රැන්කෝට තවදුරටත් ඉටු කිරීමට නොහැකි වූ බොහෝ රාජකාරි ඔහු භාරගෙන තිබුණි. කැරෙරෝ බ්ලැන්කෝ 1936 දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආරම්භ වූ දා සිට ෆ්‍රැන්කෝට සේවය කර තිබූ අතර, ඉහළ ශ්‍රේණියේ නාවික නිලධාරියෙකු ලෙස ඔහු දරුණු කොමියුනිස්ට් විරෝධය සඳහා ප්‍රසිද්ධියක් ලබා සිටියේය.

කැරේරෝ බ්ලැන්කෝ පත් කිරීමට ෆ්‍රැන්කෝගේ තීරණය, බිඳ වැටීමට පටන් ගෙන තිබූ ඔහුගේ පාලන තන්ත්‍රය නඟා සිටුවීමේ උත්සාහයකි. ස්පාඤ්ඤ තන්ත‍්‍රය ග‍්‍රීසියට වඩා වෙනස් ආකාරයකට ඔවුන්ගේ අර්බුදයට ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කලේය. ඒහිදී, සතියකට පෙර ජුන්ටා නායක ජෝර්ජියෝස් පපඩොපොලෝස්, පිටුවහලේ සිටි  රජු නෙරපා හරිමින්, ජනරජයක් විධිමත්  ලෙස ස්ථාපිත කරන බව නිවේදනය කල අතර, සංකේතාත්මක “ලිබරල්කරණයන්” පොරොන්දු වීමෙන්, හමුදා පාලනයට එරෙහිව විවෘත අරගලයට පැමිනෙමින් සිටි කම්කරු මහජනතාව , ඔහුගේ පාලන තන්ත්‍රයට  සනසාලිය හැකි යැයි බලාපොරොත්තු විය. 

ෆ්‍රැන්කොවාදීන්ට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ජනතාවට ලබාදීමේ අරමුණක් තිබුණේ නැත. ඒ වෙනුවට, ඔවුන් තම අධිකාරීවාදී පියවරයන් නැවුම් කිරීමට සහ රාජාණ්ඩුව නැවත ස්ථාපිත කිරීම සඳහා ජනගහනය සූදානම් කිරීමට උත්සාහ කළහ.

ෆ්‍රැන්කෝ,  ඔහු වෙනුවට රාජ්‍ය නායකයා ලෙසත්,  ඔහුගේ මරණයෙන් පසු ස්පාඤ්ඤයේ රජු බවට පත් කිරීමටත් ස්පාඤ්ඤ රජ පවුලේ ඉතිරි සාමාජිකයන්ගෙන් කෙනෙකු වන ජුවාන් කාලෝස් කුමරු තෝරාගෙන තිබුණි. මෙම රජකමට නැංවීම සිදුකිරීමට ෆ්‍රැන්කෝට අවශ්‍ය වූයේ කම්කරු පන්තියට කිසිදු සහනයක් නොදෙන කෙනෙකු විසින් ආන්ඩුව මෙහෙයවීමයි.

ස්පාඤ්ඤ ජනතාව අතර, විශේෂයෙන්ම බාස්ක් ජාතිකවාදීන්ට එරෙහිව වැඩ වර්ජන සහ අනෙකුත් නැගිටීම් මැඩලීමේ දී ඔහුගේ නායකත්වයෙන් මෙම ප්‍රතිගාමී භූමිකාව පිරවීමට හැකි බව කැරේරෝ බ්ලැන්කෝ විසින් ඔප්පු කර තිබුණි. 1968 විරෝධතා මැඩපැවැත්වීමෙන් පසු ජාතික දේශනයකදී කැරේරෝ බ්ලැන්කෝ පැවසුවේ, “කිසිම අයුරකින් අපගේ ආයතනික පද්ධතිය වෙනස් කිරීමට හැකිවීම පිළිබඳ කුඩාම හෝ බලාපොරොත්තුවක්  පිටතින් හෝ ඇතුළතින් කිසිවකුවත් තබා ගැනීමට” ඉඩ නොතබන බවයි.

ස්පාඤ්ඤ ජනගහනයේ ජනතාව විසින් දැඩි ලෙස වෛර කරන ලද, කැරරෝ බ්ලැන්කෝගේ පාලනය පැවතියේ මාස හයක් පමණි. 1973 දෙසැම්බර් 20 වන දින, බාස්ක් ජාතිකවාදී පැරාමිලිටරි සංවිධානයේ (Euskadi Ta Askatasuna -ETA) සාමාජිකයෙකු  මැඩ්රිඩ් හි බෝම්බ ප්‍රහාරයකින් ඔහුව ඝාතනය කළේය.

වසර 75 කට පෙර: ඊශ්‍රායල හමුදා නිට්සානිම්හිදී පරාජය විය

Battle of Nitzanim
1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධයේදී නිට්සානිම් සටනේ පසු විපාකය

1947 ජූනි 7 වන දින, නිට්සානිම් නගරය ඉලක්ක කරගත් ඊජිප්තු ප්‍රහාරයක් වේගයෙන් කඩා වැදුණු අතර, ඊජිප්තු හමුදාව පැය 24ක් ඇතුළත අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ඊශ්‍රායල රාජ්‍යය සමඟ සම්බන්ධ වූ සියොන්වාදී හමුදා යටපත් කළේය.

පෙර මාසයේ ඊශ්‍රායල රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආරම්භ වූ අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ මුල් අවධියේදී මෙම සටන සිදු විය. එම ප්‍රකාශය , පලස්තීනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාලනය අවසන් වීමත් සමග එක්සත් ජනපදයේ සහ අනෙකුත් ප්‍රධාන බලවතුන්ගේ සහයෝගය ඇතිව නිකුත් කර තිබුණි. අරාබි රාජ්‍යයන්, අරාබි බහුතර පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම , යටත් විජිත-ජනපද  තන්ත්‍රයක් ලෙස සැලකූ  අතර, එය තමන් ඉලක්ක කර ගන්නා  අධිරාජ්‍යවාදී (ආක්‍රමන සදහා) මුල් ‘කඳවුරක්’ ( beachhead) බවට පත්වනු ඇතැයි බියෙන්, ඒකාබද්ධ යුද ප්‍රකාශයකින් ප්‍රතිචාර දැක්වූහ. 

එක්සත් ජනපදයේ සහ සෝවියට් සංගමයේ සහාය ඇතිව පලස්තීනයේ ප්‍රතිගාමී වාර්ගික-වර්ගවාදී බෙදීම අනුමත කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය, අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ ආරම්භක අදියරේදී සටන් විරාම කිහිපයක් කැඳවූ අතර, සියල්ලටත් වඩා,   අධිරාජ්‍යවාදී පිටුබලය ලද මෙම නව සියොන්වාදී රාජ්‍යයට  තුනී නීතිමය කඩතුරාවක් සැපයිම අධිරාජ්‍යවාදයේ අරමුණ විය. 

මෙම උපාමාරු නොතකා, ඊජිප්තු හමුදාව දැන්  දකුණු ඊශ්‍රායලයේ නිට්සානිම් හි ඊශ්‍රායල හමුදා ස්ථානගතවීම් වලට එරෙහිව ප්‍රහාරයක් දියත් කළේය. ජූනි 6 වෙනිදා අගභාගයේ සිට, ඊජිප්තු හමුදා කාලතුවක්කු සහ ගුවනින් නගරය ආරක්ෂා කරමින් සිටි සියොන්වාදී හමුදාවන්ට පහරදුන් අතර, ඉන් අනතුරුව සන්නද්ධ හා පාබල සේනාංකවල ඇතුල් වීම සිදු විය.

නගරය ආරක්ෂා කරන සියොන්වාදී හමුදා , ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් දෙවරක් ද්විතියික ස්ථාන කරා පසු බසිනු ලැබුණි. නමුත් මෙම උපාමාරුවලට සැලකිය යුතු ප්‍රතිවිපාක නොතිබූ අතර ජූනි 7 දින, අගභාගයේදී, ඊජිප්තුව නගරයේ පාලනය තහවුරු කර ගනු ලැබුනි. මින් ඉදිරියට සටන වනු ඇත්තේ ඊජිප්තුව විසින් දිනාගත් නගරය සදහා නොව ,ජුනි 10 වෙනිදා, අරාබි හමුදාව විසින් අල්ලා ගන්නා ලද ආසන්නයේ පිහිටි උපාය මාර්ගික කන්දක් පාලනය කිරීම සඳහා ය. 

සටන කැපී පෙනෙන්නේ එහි ක්ෂණික ප්‍රතිවිපාක සඳහා පමණක් නොවේ. යුද්ධයේ මුල් කාලයේ නගරය අහිමි වීම ඊශ්‍රායලය සැලකුවේ බරපතල පහරක් වශයෙනි. ඒ සමගම, දක්ෂිනාංශික සියොන්වාදී බලවේග ඊට ප්‍රතිචාර වශයෙන් විශාල මිලිටරි ගොඩනැංවීමක් ඉල්ලා සිටියේය. ඊජිප්තුව තමන් විසින්ම ප්‍රහාරය මෙහෙයවීම  පෙන්වා දුන්නේ අරාබි රාජ්‍යයන් අතර සැලකිය යුතු බෙදීම් ඇති බවත්, ඒ සෑම එකක්ම ඊශ්‍රායලය සමග ගැටුම තමන්ගේම පාලක පන්තියේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා භාවිතා කරන බවත්ය.

වසර 100 කට පෙර: හමුදා කුමන්ත්‍රණයකින් බල්ගේරියාවේ තේරී පත් වූ රජය පෙරලා දමයි

Aleksandar Stamboliyski
ඇලෙක්සැන්ඩර් ස්ටැම්බෝලිස්කි

1923 ජූනි 9 වන දින, ජෙනරාල් අයිවන් වල්කොව්ගේ නායකත්වයෙන් යුත් හමුදා නිලධාරීන් කණ්ඩායමක්, බල්ගේරියානු ගොවිජන ජාතික සංගමයේ (Bulgarian Agrarian National Union-BANU) නායකයා සහ ප්‍රධාන න්‍යායාචාර්ය ඇලෙක්සැන්ඩර් ස්ටැම්බෝලිස්කිගේ රජය පෙරලා දැමූහ. මෙය( BANU) බල්ගේරියානු ගොවීන්ගේ අවශ්‍යතා සඳහා නැඹුරු වන බව කියාගත් පක්ෂයකි. එවකට බල්ගේරියාවේ ජනගහනය සියයට 80 ක් පමණ ගොවි ජනතාවගෙන් යුක්ත විය.

යුද වන්දි ගෙවීම නිසා මිත්‍ර පාක්ෂිකයින්ට රට ගැඹුරින් ණය වී තිබුණි – බල්ගේරියාව පළමු ලෝක යුද්ධයට මධ්‍යම බලවතුන් සමඟ සහභාගී වී 1918 දී ඔවුන්ගේ පරාජයට හවුල් විය – උද්ධමනය වාර්තාගත මට්ටම්වල පැවතුනි.

ස්ටැම්බෝලිස්කි ,  සාර් බොරිස් II ගේ රාජාණ්ඩුව අහෝසි කරනු ඇතැයි දකුණ වැඩි වැඩියෙන් බිය විය. මිලිටරි ලීගයේ සංවිධානය වූ හිටපු හමුදා නිලධාරීන් ඔහුගේ ආන්ඩුවට දැඩි ලෙස සතුරු විය. පළමුවන ලෝක යුද්ධයට බල්ගේරියාව ඇතුල්වීමට ස්ටැම්බෝලිස්කි  විසින්ම විරුද්ධ වූවා පමණක් නොව, 1919 දී , BANU මැතිවරනය මහජනතාවගේ වැඩෙන රැඩිකල්කරණයක් නියෝජනය කලේය. එක් ඉතිහාසඥයෙකු සඳහන් කළ පරිදි, එම මැතිවරනය “බල්ගේරියාව යුද්ධය කරා ගෙන ගිය ක්‍රමය කෙරෙහි දැවැන්ත මහජන කෝපයක් සහ එයට විරුද්ධ වූ  පක්ෂ සඳහා අනුමැතිය සටහන් කළේය.”

1920 දී බල්ගේරියානු කොමියුනිස්ට් පක්ෂය (BKP) නගරවල මහා වැඩ වර්ජනයකට නායකත්වය දුන් අතර එය BANU විසින් මර්දනය කිරීමට උත්සාහ කළේය. ස්ටැම්බෝලිස්කි පසුව ඔහුගේ පාලනය ශක්තිමත් කිරීම සඳහා මැතිවරණ කැඳවූ අතර, ඡන්දදායකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු BANU ට සහය දුන් අතර, පස් දෙනෙකුගෙන් එක් අයෙකු BKP ට සහාය දුන්නේය.

BANU රජය කෘෂිකාර්මික සහ නීතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පටන් ගනු ලැබුණි. ස්ටැම්බෝලිස්කි  වෙනත් රටවල බල්ගේරියානු භෞමික හිමිකම් ප්‍රතික්ෂේප කළද, ඔහුගේ රජය, බල්ගේරියානුවන්, යුගෝස්ලාවියානුවන් සහ ග්‍රීකයන්ට එරෙහිව සටන් කරමින් සිටි මැසිඩෝනියානු කැරැල්ලක් මැඩපැවැත්වීය.

BANU මැතිවරණ ප්‍රතිසංස්කරණ හේතුවෙන් 1923 අප්‍රේල් මැතිවරනයේදී BANU පාර්ලිමේන්තුවේ අතිවිශාල බහුතරයක් ලැබීමෙන් පසු ධනේශ්වර විරුද්ධ පක්ෂ මිලිටරි ලීගය හමුවී ස්ටැම්බෝලිස්කි පෙරලා දැමීමට සූදානම් විය.

මිලිටරි ලීගය සහ එහි සගයන් ඉක්මනින් BANU ආන්ඩුව විසුරුවා හැර ස්ටැම්බෝලිස්කි අල්ලා ගත්හ. ජූනි 14 වන දින ඔහු මුලින්ම වධ හිංසාවට ලක්ව මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. කුමන්ත්‍රණය අන්ත දක්ෂිනාංශික මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ත්සාන්කොව්ගේ සභාපතිත්වය ස්ථාපිත කරන ලද අතර, පසුව ඔහු BKP කුරිරු ලෙස මර්දනය කිරීමට නායකත්වය දුන්නේය.

එහෙත් කුමන්ත්‍රණයේ ක්ෂනික ප්‍රතිඵලය වූයේ බල්ගේරියානු ගොවීන්ගේ සන්නද්ධ නැගිටීමක් වූ අතර එය බොහෝ දුරට නායකයින් නොමැති නිසා හමුදාව විසින් පාගා දමන  ලදී. ඔහුගේ  ඔක්තෝබරයේ පාඩම් (Lessons of October-1924) කෘතියේ ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කළේ BKP ය , “දෛවවාදී සහ දෘෂ්ටිවාදාත්මක හේතු නිසාවෙන් විප්ලවීය  ක්‍රියාමාර්ග සඳහා සුවිශේෂී වාසිදායක මොහොතක් ලිස්සා යාමට ඉඩ හැරීයා. (ඒ මොහොත වූයේ ජුනි මාසයේ ත්සාන්කොව් කුමන්ත්‍රණයෙන් පසු ගොවීන්ගේ නැගී සිටීමයි.)” 

ඉතිහාසයේ මෙම සතිය:ජුනි 5-11 Read More »

klu

ඉතිහාසයේ මෙම සතිය: මැයි 29-ජුනි 4

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 28 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: කෙනත් ස්ටාර් ක්ලින්ටන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කෙටි චෝදනා ලිපියක් ගොනු කරයි

clinton
1997 ජනවාරි 20 වන දින , බිල් ක්ලින්ටන් එක්සත් ජනපද ජනාධිපති ලෙස දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි.

1998 ජූනි 2 වෙනිදා, ස්වාධීන නීතීඥ කෙනත් ස්ටාර් , එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය වෙත කෙටි චෝදනා ලිපියක් ගොනු කරමින්, එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්ට දෝෂාභියෝගයක් ඉදිරිපත්වීමේ හැකියාව ද ගැන විමසිලීමත් වෙමින්, හැකි ඉක්මනින් එය විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටියේය. “ඉතා කඩිනම් පදනමක්” මත ක්‍රියා කිරීම සඳහා වූ ඔහුගේ බලකිරීම්වලට එකඟ වූ එක්සත් ජනපද පර්යන්ත අභියාචනාධිකරණය, ජූනි 15 වන විට නීතිපති-සේවාදායක වරප්‍රසාද සහ රහස් සේවා නියෝජිත වරප්‍රසාද පිළිබඳ සිය අභියාචනය ගොනු කරන ලෙස ධවල මන්දිරයට නියෝග කළේය.

පහළ උසාවි මඟහැර වරප්‍රසාද ප්‍රශ්න පිළිබඳව සෘජුවම තීන්දු කරන ලෙස ඉල්ලා සිටි ස්ටාර්ගේ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් දිනකට පසුව සිදුවූ අභියාචනාධිකරණයේ නිවේදනය, ශ්‍රේෂ්ඨාධිකරණයේ උක්ත තීන්දුව නෛතික ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන ලද ධවල මන්දිරයේ ප්‍රකාශ අධෛර්යමත් කළේය. ස්ටාර්ගේ විමර්ශනය විසින් මෙහෙයවනු ලබන ක්ලින්ටන් පරිපාලනයට එරෙහි ප්‍රහාරය වඩාත් වේගවත්ව ඉදිරියට යන  බව උසාවි ක්‍රියාමාර්ගයෙන් පැහැදිලි විය. 

ස්ටාර් ජූනි 2 දා ශ්‍රේෂ්ඨාධිකරණයට කළ නෛතික ඉදිරිපත් කිරීම, ඔහුගේ විමර්ශනයේ අරමුන වූයේ ක්ලින්ටන් ධුරයෙන් පහ කිරීම බවට මේ දක්වා වූ පැහැදිලිම ප්‍රකාශයයි. ඔහු මෙසේ ලිවීය:

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ මෙම අපරාධ විමර්ශනය හැකි ඉක්මනින් අවසන් වීම, අධිචෝදනා ගෙන ඒම සහ දෝෂාභියෝග ක්‍රියාදාමයන් සඳහා භාවිතා විය හැකි වාර්තා නිකුත් කිරීමත්, අනභිචෝදන තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් දැකීමට ජාතියට බලගතු උනන්දුවක් ඇත. 

ඔහුගේ විමර්ශනය බරපතල අපරාධ චෝදනා පිළිබඳ නීත්‍යානුකූල පරීක්ෂණයක් බවත්, ධවල මන්දිරයේ ආරක්ෂක නෛතික උපක්‍රම වරද පිළිගැනීමකට සමාන බවත් සදහන් කරමින් ස්ටාර්ගේ ප්‍රකාශයන් මාධ්‍ය විසින්  විශාල ලෙස ප්‍රතිරාවය කරනු ලැබීය. මොනිකා ලෙවින්ස්කිගේ නීතීඥ විලියම් ගින්ස්බර්ග් ඉල්ලා අස්වීමත් සමඟම, ප්‍රවෘත්ති විචාරකයින් අවධානය යොමු කළේ හිටපු ධවල මන්දිර සීමාවාසික නිලධාරියාගේ නව නීති කණ්ඩායම ඉක්මනින් ස්ටාර් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වීමේ ගනුදෙනුවක් ගැන සාකච්ඡා කරනු ඇති බවට වන අනුමාන කිරීම් කෙරෙහි ය. එමඟින්, ඔවුන් අතර ලිංගික සබඳතාවක් නොතිබූ බවට ක්ලින්ටන්ගේ අවධාරනයට පටහැනිව මහා ජූරි සභාවේ දී සාක්ෂි දීමට ලෙවින්ස්කිට මග පෑදින.  

ස්ටාර්ගේ සිව් අවුරුදු පරීක්ෂණය ගැඹුරින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් විය. විශාල බලතල සහිත තේරී පත් නොවූ කාර්යාලයක් වන ස්වාධීන උපදේශක ආයතනය, ඇමරිකානු ආන්ඩුව තුළ දුරදිග යන වෙනස්කම් ඇති කිරීමට භාවිතා කරන ලදී.

වසර 50 කට පෙර: ග්‍රීක ආඥාදායකයා ජනරජයක් ප්‍රකාශ කරයි

Papadopoulos
ජෝර්ජිඔස් පැපඩපලොස්

 1973 ජූනි 1දා, තම ආන්ඩුව රාජාණ්ඩුව විධිමත් ලෙස අහෝසි කරන බවත් ජුන්ටාව ජනරජයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවත් ,1967 එක්සත් ජනපදයේ පිටුබලය ලත් කුමන්ත්‍රණයෙන් පසු ග්‍රීසිය පාලනය කළ මිලිටරි ජුන්ටාවෙහි ප්‍රධානියා වූ ජෝර්ජියෝස් පැපඩොපොලොස් විසින් නිවේදනය කළේය. ඔහුගේ ප්‍රකාශය තුළ පැපඩොපොලොස් තවදුරටත් නිවේදනය කළේ තමා ජනාධිපති පදවිය භාර ගන්නා බවත් මැතිවරණ සංවිධානය කරන තුරු බලයේ සිටින බවත්ය. 

ග්‍රීක මිලිටරි පාලන තන්ත්‍රයේ නායකත්වයේ අර්බුදයක් මෙම නිවේදනයට හේතු විය. ඊට ඉහත මාස ගණනාව තුල, ආන්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මර්දනය කරනු ලැබීමට එරෙහිව දහස් ගනන් විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා දැක්වීමත් සමග, පැපඩෝපොලොස් වෙත මහජන විරෝධය මතු වන්නට විය.

පැපඩෝපෝලෝස් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ආරම්භ කළේ, විප්ලවවාදී ඇඟවුම් සහිත මහජන කැරැල්ලක පෙරික්සුම පිලිබඳව බියෙන් මෙම තර්ජනය වළක්වා ගැනීම සඳහා මහජනතාව සතුටු කිරීමේ අදහසිනි. කෙසේ වෙතත් හමුදාව තුල සිටි දක්ෂිනාංශික දැඩි මතධාරීහු මෙම මෘදු ප්‍රකාශයන්ට දැඩි ලෙස විරුද්ධ වූහ. ජනරජය ප්‍රකාශයට පත් කිරීමට සතියකට පෙර ග්‍රීක නාවික හමුදාවේ නිලධාරීන් විසින් පැපඩෝපොලොස්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමට උත්සාහ ද කරන ලදී.

1967 කුමන්ත්‍රණයෙන් පැපඩෝපොලොස්  බලයට පත් වූ දා සිට ග්‍රීක රජ II වන කොන්ස්ටන්ටයින් රෝමයේ පිටුවහල්ව ජීවත් විය. එසේ තිබියදීත්, මිලිටරි ජුන්ටාව තවමත් ජුන්ටාව විසින් පත් කරන ලද රීජන්ට් විසින් ග්‍රීසියේ රාජාණ්ඩුව නියෝජනය කෙරෙන බව නිල වශයෙන් පිළිගෙන තිබුණි.

නාවික හමුදා කැරැල්ල සංවිධානය කිරීම පිටුපස කොන්ස්ටන්ටයින් සිටි බව  පැපඩෝපෝලෝස් විශ්වාස කළ අතර, ප්‍රතිගාමිත්වයේ විරුද්ධවාදියෙකු ලෙස තමා ඉහලට ඔසවා  ගැනීමට එමඟින් අවස්ථාව ලබා ගත්තේය. “ආණ්ඩුව විසින් සිදු කළ අනතුරු ඇඟවීම් නොතකා, සියලු ආකාරයෙන් විස්තර කළ හැකි ප්‍රතිගාමීන් සමඟ නැවත නැවතත් සහයෝගයෙන් කටයුතු කළ, පසුගිය යුගයට අයත් යල් පැන ගිය ඉතිරියක්” ලෙස වැඩි දුරටත් රජු හඳුන්වා දුන්නේය.

එහෙත්, “විප්ලවයේ අභිප්‍රාය වූයේ පාලන තන්ත්‍රයේ රැඩිකල් වෙනසක් කරා ගමන් කිරීම නොවේ,”යැයි එකතු කිරීමට ඔහු ප්‍රවේශම් විය. රජු තබා ගැනීමට ජුන්ටාව කැමැත්තෙන් සිටීමට ඉඩකඩ පැවැති නමුත් කොන්ස්ටන්ටයින්ගේ ක්‍රියාවන් මගින් රාජාණ්ඩුව විසුරුවා හැරීමට බල කෙරුණු බව ඔහු පැහැදිලි කළේය.

ජනරජය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පැමිණි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ග්‍රීසියේ සැබෑ බලය බෙදා හැරීමේ වෙනසක් සිදු කලේ නම්, ඒ අල්ප වශයෙනි. ජනාධිපති කාර්යාලය රාජ්‍යයේ ව්‍යවස්ථාදායක, විධායක සහ මිලිටරි පාලනය මුළුමනින්ම පාහේ පවත්වාගෙන ගියේය. නව ජනරජය පිළිබඳ ජනමත විචාරණයක් 1973 ජූලි 29 වන දින පවත්වන බවත් වසරක් ඇතුළත මහ මැතිවරණය පැමිණෙන බවත් පැපඩෝපොලෝස් ග්‍රීකයින්ට පැවසීය.

පැපඩෝපෝලෝස් පාලන තන්ත‍්‍රයේ කුරිරු කොමියුනිස්ට් විරෝධී මර්දනයන් හෙළා දකින ග‍්‍රීක ජනතාව සනසන්නට එම නිවේදනයෙන් එතරම් දෙයක් සිදු නොවීය. විශේෂයෙන්ම පැපඩෝපෝලෝස්ට පක්ෂව ආන්ඩුව විසින් වංචා කරන ලද බවට පුළුල් ලෙස දක්නා ලද ජූලි 29 ජනමත විචාරණයෙන් පසුව විරෝධතා ව්‍යාපාර වේගයෙන් වර්ධනය විය.

නොවැම්බරයේ ඇතන්ස් පොලිටෙක්නික් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ඒ වටා කැරලිකාරී තත්වයක් මතු විය. අර්බුදය මධ්‍යයේ, හමුදා නිලධාරීන් විසින්ම නෙරපා හරිනු ලැබූ පැපඩෝපෝලෝස්ගේ ඇද වැටීමට මෙම කැරැල්ල හේතු විය. 1974 ජූලි මාසයේදී, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මහජන ඉල්ලීම් සහ තුර්කිය විසින් සයිප්‍රසය ආක්‍රමණය කිරීමේ පීඩනය යටතේ හමුදා පාලනය අවසන් වීමට නියමිත ව තිබිණ.

වසර 75කට පෙර: හෙන්රි වොලස් එක්සත් ජනපද කොමියුනිස්ට් විරෝධී නීති ෆැසිස්ට්වාදී ලෙස හෙලා දකී

Wallace
හෙන්රි වොලස්

1948 මැයි 29දා සෙනෙට් අධිකරණ කමිටුවක් ඉදිරියේ කතා කරමින් හිටපු උප ජනාධිපති හෙන්රි ඒ. වොලස්, කොමියුනිස්ට් විරෝධී නීතිවල ප්‍රමුඛ කොටසක් සම්පාදනය කරනු ලැබ ඇත්තේ, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුළ සිටි “යුධ ලෝලීන්, භීතියට පත්වන්නන් සහ වෛර කරන්නන්” විසින්යැයි හෙලා දුටුවේය. දෙවන ලෝක යුද්ධය අවසන් වී යන්තම් වසර තුනකට පසුව, වොලස් අනතුරු ඇඟවූයේ, මෙම පියවර ඉදිරියට ගෙන යන්නන් “මුසෝලිනිගේ සහ හිට්ලර්ගේ ඇමරිකානු සගයන්” ලෙස ඉතිහාසයට එක් විය හැකි බවයි.

වොලස් යනු ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ගේ තුන්වන වාරයේ දී උප ජනාධිපති වී සිටි තැනැත්තා බැවින්, මෙම හෙලාදැකීම විශේෂ බරක් දැරීය. ඔහු කතා කරමින් සිටියේ, මැයි 19දා එ.ජ. සෙනෙට් සභාව විසින් සම්මත කරන ලද මුන්ඩ්ට්-නික්සන් පනතට එරෙහිව ය. එය නම් කරන ලද්දේ එහි රිපබ්ලිකන් අනුග්‍රාහකයන් හා නියෝජිතයන් වූ දකුණු ඩැකෝටාහි කාල් ඊ. මුන්ඩ්ට් සහ කැලිෆෝනියාහි රිචර්ඩ් නික්සන්ගේ නමිනි. 

මෙම පනත මගින් ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ සියලුම සාමාජිකයින්ට ඔවුන්ගේ දේශපාලන සම්බන්ධය එක්සත් ජනපද නීතිපති කාර්යාලයේ ලියාපදිංචි කිරීමට බල කරනු ලැබීමට නියමිත විය. වොලස් ඇඟවුම් කල පරිදි, එවැනි පියවරක්, පළමු සංශෝධනය සහ නිදහස් භාෂණයේ සහ දේශපාලන අනුබද්ධතාවයේ අනෙකුත් ව්‍යවස්ථාපිත ආරක්ෂාවන්ට යටින් වල කපමින්, ඉහත දී දේශපාලන විරුද්ධවාදීන් සමූහ වශයෙන් වටකර මරා දැමීමට පූර්ව සමයේ විවෘත ෆැසිස්ට්වාදී පාලන තන්ත්‍රයන් විසින් අනුයන ලද්දා වූ මීට සමාන ප්‍රතිපත්තීන් පිළිබිඹු කරන එකක් විය.  

නික්සන් ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත “අභ්‍යන්තර කොමියුනිස්ට් පෙරලිකාරීත්වයේ සංකීර්ණ ගැටලුවට නව ප්‍රවේශයක් ඉදිරිපත් කර ඇති බවයි … සියලුම කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් ලියාපදිංචි කිරීම සඳහා නීති සම්පාදනය කර දුන් එය, කොමියුනිස්ට් පෙරමුණු බව හඳුනාගත් සංවිධාන විසින් නිකුත් කරන ලද සියලුම මුද්‍රිත සහ විකාශන ද්‍රව්‍යවල මූලාශ්‍ර ප්‍රකාශයක් ඉල්ලා සිටියේය. නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කළේ එහි යෝජකයින් එම නීතිය විස්තර කර ඇත්තේ “කොමියුනිස්ට්වාදීන් පාලනය කිරීමේ” සහ ඔවුන් “සහ ඔවුන්ගේ සහචරයින් එළිමහනට” තල්ලු කිරීමේ මාධ්‍යයක් ලෙස බවයි.

කොමියුනිස්ට් පක්ෂය සම්පූර්ණයෙන්ම නීති විරෝධී කිරීම ඇතුළු අනෙකුත් විභව ක්‍රියාමාර්ග සාකච්ඡා කරන ලද අතර, නීති සම්පාදනය සදහා සභා සම්මත විය. සෙනෙට් සභාව පනත සම්මත කළේය.

වොලස් 1941 සහ ජනවාරි 1945 අතර ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ ඩිමොක්‍රටික් පක්ෂ පරිපාලනයේ එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා විය. එම ධුරය තුළ, ඔහු යුද විරෝධී හා ට්‍රොට්ස්කිවාදී සමාජවාදී කම්කරු පක්ෂයට හිංසා පීඩා කිරීම සහ වැඩවර්ජන ක්‍රියාකාරකම් සපුරා තහනම් කිරීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර රාශියකට සම්බන්ධ වී සිටියේය.

රූස්වෙල්ට්ගේ ඩිමොක්‍රටික් පක්ෂය දකුණට මාරුවීමත් සමඟ වොලස්ට එතුල පැවැති ප්‍රසාදය අහිමිව ගිය අතර, 1944 මැතිවරණයේදී රූස්වෙල්ට්ගේ සහකරු ලෙස හැරී එස්. ටෲමන්  ආදේශ කරන ලදී. රූස්වෙල්ට් මාස හයකට පසුව මිය ගිය විට ටෲමන් ජනාධිපති ධුරයට පත් විය. ටෲමන්ගේ පරිපාලනය බැඳී ගත්තේ, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය සමග එක්සත් ජනපදයේ යුද කාලීන සන්ධානයේ සිට, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපාලිත ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීම අරමුනු කරගත්, ආක්‍රමණශීලී සීතල යුද්ධ පිලිවෙතකට මාරුවීම සමග ය.

වොලස් නියෝජනය කළේ, එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය සීමාවන් තුල රඳවා ගැනීම සඳහා සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය කෙරෙහි සහනශීලී ආකල්පයක් පවත්වා ගැනීම අවශ්‍ය බවට විශ්වාස කළ, පාලක පන්තියේ  වඩවඩාත් කොන් වෙමින් සිටි කන්ඩායමකි. එබැවින් ඔහු මොස්කව් සමඟ පෙලගැසීමේ ප්‍රතිපත්තිය සමඟ සමීපව අනන්‍ය වී තිබුණි.

වසර 100 කට පෙර: නිව් ජර්සි නගරයේ ජනකාය කූ ක්ලුක්ස් ක්ලෑන් කථිකයා කතා කිරීම වළක්වති 

klu
1920 දී පමණ චිකාගෝ අසල ප්‍රදේශයේ පැවැති කූ ක්ලුක්ස් ක්ලෑන් රැලියක්

1923 ජූනි 4 වන දින, නිව් ජර්සි මුහුදුබඩ නගරයක් වන පර්ත් ඇම්බෝයි හි පැවති රැස්වීමක් අමතා කතා කිරීමෙන් කු ක්ලුක්ස් ක්ලැන් ( Ku Klux Klan -KKK ) කථිකයෙකු වැලක්වීමට කළු හා සුදු ජාතිකයන්ගෙන් සමන්විත වූ 500 ක පමණ පිරිසක් ක්‍රියා කලෝය. කථිකයා වූයේ, මුල් පදිංචිය උතුරු කැරොලිනාවේ වූ, නිව් යෝර්ක් නගරයේ ක්ලැන් මෙහෙයුම් ආරම්භ කල, ක්ලෑන් කල්ලියේ ජාතික මට්ටමේ චරිතයක් වූ ඔස්කාර් හේවුඩ් පූජකවරයා ය.  සිදුවීම වන විට නිව් ජර්සි හි KKK සංවිධානය ගොඩනැගීම සඳහා ඔහු පර්ත් ඇම්බෝයිහි ජූනියර් ඕඩර් ශාලාවේදී කතා කරමින් සිටියේය.

ප්‍රමුඛ පුරවැසියන් මෙන්ම කම්කරුවන් ද ඇතුළු සමූහයක් පිටත එක්රැස් වීමට පටන් ගත්හ. හේවුඩ් කතා කිරීමට පටන් ගත්තා පමණෙකි. කළු ජාතිකයන්, යුදෙව්වන් සහ කතෝලිකයන් ඇතුළු සිය ගණනක් විරුද්ධවාදීහු, ඔවුන් ඇතුළුවීම වැලැක්වීමට ගත් උත්සාහයකින් පසුව, ශාලාවට ඇතුළු වූවෝය. සමූහයා හේවුඩ්ට බාධා කිරීමට පටන් ගත් අතර, එහි සාමාජිකයින් ඇතැමෙකු කුඩා වේදිකාව වෙත ළඟා වන විට, සියලු දෙනා ශාලාවෙන් ඉවත් කිරීමට පොලිසිය සමත් විය. හේවුඩ් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ පිටුපස කාමරයකට පලා ගිය අතර, ක්ලෑන් ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් අතර පිටත කෝලාහලයක් ඇති විය.

අගෝස්තු මස අගදී, පර්ත් ඇම්බෝයි හි තවත් රැස්වීමක් පැවැත්වීමට උත්සාහ කිරීමෙන් පසුව, මිනිසුන් 100කට වැඩි පිරිසක් ක්ලෑන්වරුන් 30 දෙනෙකුට පොලුවලින් පහර දුන්හ.

KKK යනු සුදු ආධිපත්‍යය සහ වාර්ගික වෙන් කිරීම දේශනා කිරීමෙන් නොනැවතී, උග්‍ර ලෙස යුදෙව් විරෝධී සහ කතෝලික විරෝධී ද වූ ෆැසිස්ට් සංවිධානයක් විය. එහි ප්‍රධාන ඉලක්කය වූයේ කම්කරු පන්තියයි. ක්ලෑනය සමාජවාදී කම්කරුවන්ට, වැඩ වර්ජිත කම්කරුවන්ට සහ ලෝකයේ කාර්මික කම්කරුවෝ (IWW) සංවිධානයේ සාමාජිකයින්ට නිරතුරුව තර්ජනය කළේය. 1920 ගණන්වල දී එය උතුරු කාර්මික ප්‍රාන්තවල විශාල වශයෙන් සංකේන්ද්‍රණය වූ අතර, ඇතැම් ඇස්තමේන්තු වලට අනුව මිලියන 4 ක් වූ සාමාජික සංඛ්‍යාවක් සහිත ව, සිය විශාලතම වර්ධනය අත් දුටුවේය. 

දකුණේ දී අනීතික ඝාතන ගණනාවකට වගකිව යුතු වූ එය, කන්ෆෙඩරසියේ (1860 ගණන්වල දී දක්ෂින එක්සත් ජනපදයේ පැවැති, රාජ්‍යය විසින් නොපිළිගන්නා ලද වර්ගවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් ඉදිරිපත් කළ කණ්ඩායමකි) පරාජයෙන් පසුව ඩිමොක්‍රටික් පක්ෂයේ පැරා මිලිටරි හස්තය ලෙස 1860 ගණන්වල පළමුවෙන්ම ඉස්මතු වූයේය. ඩිමොක්‍රටික් පක්ෂය සමඟ KKK හි සමීප සබඳතා දිගටම පැවතුනි. 1927 වන විට ඔස්කාර් හේවුඩ් උතුරු කැරොලිනාවට ආපසු ගොස් ප්‍රාන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඩිමොක්‍රටිකයෙකු ලෙස තේරී පත් විය.

ඉතිහාසයේ මෙම සතිය: මැයි 29-ජුනි 4 Read More »

Scroll to Top