Fascism

Carrier

ගාසා ජන සංහාරය අඛන්ඩව සිදුවෙද්දී, එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධයේ ප්‍රධාන උත්සන්න කිරීමක් සඳහා සූදානම් වෙයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 17  දින පල වූ ‘As Gaza genocide continues, US prepares major escalation of war throughout Middle East’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Carrier
මැද පෙරදිග පුලුල් ඇමරිකානු යෙදවීමක කොටසක් ලෙස, යූඑස්එස් ඩ්වයිට් ඩී අයිසන්හවර් ගුවන් යානා වාහක නෞකාව 2023 නොවැම්බර් 26 ඉරිදා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පර්සියානු බොක්ක වෙත ගමන් කරයි. (තොරතුරු තාක්ෂන ශිල්පී-දෙවන පන්තිය රස්කින් නාවික/එක්සත් ජනපද නාවික හමුදාව AP හරහා)

සෑම දිනකම ඊශ්‍රායලය  ගාසා හි වැසියන් සිය ගනනක් ඝාතනය කරමින් මිලියන 2.2 ක මුලු ජනගහනයම සාගින්නෙන් පෙලද්දී, ජන සංහාරයට එක්සත් ජනපද සහයෝගය සම්බන්ධීකරනය කිරීමට සහ මැද පෙරදිග පුරා මිලිටරි උත්සන්න කිරීමක් සූදානම් කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් පෙලක් ඊශ්‍රායලයට ගමන් කරමින් සිටි.

පසුගිය සතියේ එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් ඊශ්‍රායල නිලධාරීන් සමඟ ඉහල මට්ටමේ රැස්වීම් පැවැත්වීමට ඊශ්‍රායලයට ගියේය. සංචාරය අතරතුර, ගාසා තීරයේ ජනගහනයට එරෙහිව ඊශ්‍රායලයේ ප්‍රහාරයට එක්සත් ජනපදයේ විවෘත සහයෝගය සලිවන් විසින් නැවත අවධාරනය කලේය.

“හමාස් සංවිධානයට එරෙහි ව්‍යාපාරයේ දී අපි ඊශ්‍රායලයට දිගටම සහය දක්වන්නෙමු, මක්නිසාද යත්, හමාස් ඊශ්‍රායල රාජ්‍යයට පවත්නා  තර්ජනයක් ලෙස අප දකින නිසාත්, ඊශ්‍රායලයට එය පසුපස හඹා යාමට අයිතියක් පමනක් නොව යුතුකමක් ඇති නිසාත්, එක්සත් ජනපදය ඒ සඳහා ඊශ්‍රායලයට සහාය වනු ඇත,” සලිවන් ප්‍රකාශ කලේය.

ඔහුගේ සංචාරය අතරතුර, සලිවන් ප්‍රකාශ කලේ, “මෙම යුද්ධය තවත් අදියරකට සංක්‍රමනයක් සිදුවනු ඇති අතර, එය නායකත්වය ඉලක්ක කර ගැනීම සඳහා වඩාත් නිවැරදි  ක්‍රම සහ රහස් තොරතුරු මත මෙහෙයවීම්  කෙරෙහි අවධානය කේන්ද්‍ර ය කොට ඇත.” නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කලේ, “එක්සත් ජනපද නිලධාරීන් හතර දෙනෙකු පැවසුවේ සති තුනක් පමන ඇතුලත, ඊශ්‍රායලය වඩාත් නිවැරදි උපක්‍රම වෙත මාරු වීම ,  බයිඩන් මහතාට අවශ්‍ය බවයි.

ඊශ‍්‍රායලයේ දකුනු ගාසා තීරයේ ප‍්‍රහාරයට පෙරාතුව මීට සමාන ප‍්‍රකාශ බහුල විය, එක්සත් ජනපදය අවධාරනය කලේ ඊශ්‍රායලය විසින් මරා දමන සිවිල් වැසියන් සංඛ්‍යාව අඩු කරනු ඇති  බවයි.එහෙත් දකුනු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරය, උතුරේ සමූලඝාතන වලටත් වඩා- එසේ විය හැකි නම්- කුරිරු ය.

ජන සංහාරය ආරම්භයේ සිට ගත වූ දින 71 තුල, ගාසා වැසියන් 18,787ක් හෝ දිනකට 265ක් මරා දමා ඇත – ඔවුන්ගෙන් සියයට 70ක් කාන්තාවන් සහ ලමුන්ය. එම අනුපාතයට අනුව, ටයිම්ස් අනුමාන කරන දෙයට “අඩු තීව්‍රතා” ගැටුමක් වෙත ඊශ්‍රායලය ගමන් කිරීමට පෙර, කාන්තාවන් සහ ලමුන් 3,800ක් ඇතුලුව තවත් පුද්ගලයන් 5,500ක් ඝාතනය කරනු ඇත. 

Gzza
2023 දෙසැම්බර් 16 වැනි සෙනසුරාදා, දකුනු ඊශ්‍රායලයෙන් පෙනෙන පරිදි , ගාසා තීරයේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් පසු දුම් නගියි. [AP Photo/ඒරියල් ෂාලිට්]

සති අන්තයේ, හමාස් විසින් කලින් රඳවාගෙන සිටි ප්‍රාන ඇපකරුවන් තිදෙනෙකු සුදු කොඩියක් ලෙලවමින් ඊශ්‍රායල හමුදා දෙසට ගමන් කරමින් සිටියදී, වෙඩි තබා මරා දමන ලදී.  ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද මෙම  ඝාතනය, ගාසා  තීරයේ ඊශ්‍රායලයේ “යුද්ධයේ” මූලික යථාර්ථයක් පෙන්නුම් කරයි: හමාස් සටන්කාමීන් සහ සිවිල් වැසියන් අතර වෙනස හඳුනා ගැනීමට කිසිදු උත්සාහයකින් තොරව, හෝ මේ අවස්ථාවේ දී මුදා හල ප්‍රාන ඇපකරුවන් හඳුනා ගැනීමට, කිසිදු උත්සාහයකින් තොරව ඔවුන් දකින සෑම කෙනෙකුටම වෙඩි තැබීමේ හිතාමතාම සිදුකරන ප්‍රතිපත්තියක් ඊශ්‍රායල හමුදාවන්ට ඇත.

තවද, ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරයේ නිවාසවලින් සියයට 60ක් විනාශ කර හෝ හානි කර ඇති අතර රෝහල්වල සිට පාසල්, බේකරි සහ විදුලි බෙදා හැරීමේ මධ්‍යස්ථාන දක්වා මිනිස් ජීවිතයට පවත්වා ගැනීමට ආධාර කල හැකි බොහෝ සිවිල් යටිතල පහසුකම් විනාශ කර ඇත. සලිවන්ගේ “සංක්‍රාන්තිය” සිදු වන විට, වෙනත් වචන වලින් කිවහොත්, ගාසා තීරය මුලුමනින්ම පාහේ නටබුන් වනු ඇත.

සලිවන් ඊශ්‍රායලයේ සිටින අතර, බ්‍රහස්පතින්දා IDF විසින් ගාසා තීරයේ සියලුම විදුලි සන්නිවේදන කපා දැමුවේය. එය අද දක්වාම වූ දීර්ඝතම වසා දැමීමයි. සෙනසුරාදා, ඊශ්‍රායලය ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලට පහර දුන්නේය. ප්‍රහාරය අතරතුර, ඊශ්‍රායල බුල්ඩෝසර් සරනාගතයින්ගේ කූඩාරම් හරහා ධාවනය කරමින් එහි  සුන්බුන් තුල මිනිසුන් පනපිටින් වලලමින් අවම වශයෙන් නව දෙනෙකුවත් මරා දැමීය.

ජබාලියා සරනාගත කඳවුරට ඉරිදා ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 90 දෙනෙකු මිය ගිය බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කලේය. ඊශ්‍රායලය ගාසා තීරයේ සිය දෛනික ඉලක්කගත මාධ්‍යවේදීන් ඝාතනය කිරීම දිගටම කරගෙන ගිය අතර මේ වන විට මාධ්‍යවේදීන් 64 දෙනෙකු ඝාතනය කර ඇත. සිකුරාදා ඊශ්‍රායල හමුදා විසින් අල් ජසීරා කැමරා ශිල්පී සමර් අබුඩකා මරා දමා අල් ජසීරා ගාසා කාර්යාංශයේ ප්‍රධානී වේල් ඩහ්ඩෝහ් ට තුවාල කලේය.

ඊශ්‍රායල නිලධාරීන් ප්‍රසිද්ධියේ සමූල  ජන ඝාතක  වාචාල කතා භාවිතය වැඩි කර ඇත. ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, ඊශ්‍රායලයේ ප්‍රාදේශීය මෙටූලා කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් අසෝලායි, පලස්තින ජනගහනය ලෙබනනයට විතැන් කරන ලෙස ඉල්ලා සිටි අතර ගාසා තීරය “අවුෂ්විට්ස්” ලෙස පෙනෙන පරිදි  කටයුතු කල යුතු බව පැවසීය.

ගාසාවේ ඉන්න හැමෝටම මුහුදු වෙරලට යන්න කියන්න. නාවික හමුදාවේ නැව් ත්‍රස්තවාදීන් ලෙබනනයේ වෙරලට පැටවිය යුතුය. අවුෂ්විට්ස් හි මෙන් මුලු ගාසා තීරයම හිස් කර සමතලා කල යුතුය.

“ඊශ්‍රායලය විසින් මැද පෙරදිග පුරා දිගින් දිගටම ප්‍රහාර දියත් කරයි. ඉරිදා අගභාගයේදී, එහි ප්‍රහාරක ගුවන් යානා සිරියාවේ ඩැමස්කස් නගරයට නුදුරින් ප්‍රහාරයක් සහ ලෙබනනයට දිගු දුර ප්‍රහාර එල්ල කලේය.”

සති අන්තයේ ඔහුගේ ප්‍රකාශයන්හිදී, සලිවන් පැහැදිලි කලේ, යේමනයේ හවුති කැරලිකරුවන් සහ ඊටත් වඩා කේන්ද්‍ර වශයෙන් ඉරානය,  යන දෙකම ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායලයේ ජන සංහාරය එක් සංරචකයක් පමනක් වන වඩාත් පුලුල් ගැටුමකට එක්සත් ජනපදය සූදානම් වන බවයි.

සලිවන් ප්‍රකාශ කලේ, “හවුතිවරුන් කරන්නේ ඊශ්‍රායලයට පමනක් නොව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටම තර්ජනයකි; එය නාවික නිදහසට තර්ජනයකි, එය වානිජ නැව්ගත කිරීමට තර්ජනයකි; එය ගෝලීය වානිජ්‍යයේ තීරනාත්මක ප්‍රධාන මාර්ගයක වන තීරනාත්මක කපොල්ලකට  තර්ජනයකි. එබැවින් එක්සත් ජනපදය විසින් නාවික නිදහස ආරක්ෂා කිරීමට උදව් කිරීම සඳහා රටවල් අතර සන්ධානයක් ගොඩනඟමින් සිටී.”

ඔහු තවදුරටත් පැවසුවේ, “අපි කතා කරන්නේ හවුතිවරුන් ගැන. නමුත් හවුතිවරුන් පිටුපස සිටින්නේ කවුද? ඔවුන්ට අවි ආයුධ ලබාදෙන්නේ, සන්නද්ධ කරන්නේ සහ සක්‍රීය කරන්නේ කවුද? ඒ ඉරානයයි. ”

සති අන්තයේ, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති කනිෂ්ඨ චාල්ස් ක්යු. බ්‍රවුන්, ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග අනෙකුත් එක්සත් ජනපද මිත්‍ර රටවල බහුදින සංචාරයක් සඳහා පිටත්ව ගියහ.

ඉරිදා, ගාඩියන් වාර්තා කලේ, ඉරානය සමඟ පෙලගැසී සිටින යේමනයේ හවුති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින්, එක්සත් ජනපදය විසින් තාවකාලිකව ප්‍රොස්පෙරිටි ගාර්ඩියන්  නමින් නව මිලිටරි මෙහෙයුමක් නිවේදනය කරන බවයි.

සිකුරාදා, ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේ, ඔස්ටින් විසින්, එය කලින් නිවාඩු කාලය සඳහා එක්සත් ජනපදයට යාමට නියමිතව තිබූ යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ්  ගුවන් යානා වාහක නෞකාවට මධ්‍යධරනී මුහුදේ රැඳී සිටින ලෙස නියෝග කර ඇති බවය.

මැද පෙරදිග පුරා ස්ථානගත කර ඇති නැව් 19 කින් සමන්විත ආමඩාවක (යුධ නැව් කන්ඩායමක) කොටසක් ලෙස එක්සත් ජනපදය කලාපය තුල ගුවන් යානා වාහක නෞකා දෙකක් පවත්වාගෙන යනු ඇත. මධ්‍යධරනී මුහුදේ එක්සත් ජනපද යුද නැව් හතක් සහ රතු මුහුද, අරාබි මුහුද සහ පර්සියානු බොක්ක පුරා තවත් යුධ නැව් දුසිමක් ඇත.

යේමනයේ වෙරලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ වෙඩි තබා ගැනීමේ යුද්ධයක් දැනටමත් ආරම්භ වී තිබේ. එක්සත් ජනපද මධ්‍යම විධානය ට්විටර්/එක්ස් සටහනක වාර්තා කලේ, දෙසැම්බර් 16 වන දින එක්සත් ජනපදයේ ආර්ලී බර්ක් පන්තියේ යූඑස්එස් කාර්නි නියමු මිසයිල  ඩිස්ට්‍රෝය  නෞකාව, යේමනයේ සිට, දියත් කල ඩ්‍රෝන යානා දුසිමකට අධික ප්‍රමානයක් සමග නියැලුනු  බවයි.

මේ අතර එක්සත් ජනපද මාධ්‍ය , බයිඩන් පරිපාලනයට යේමනය සහ ඉරානය යන දෙකම ඉලක්ක කර ගැනීම සඳහා උද්ඝෝෂන කරයි. කතුවැකියක, වෝල් ස්ට්‍රීට් ජර්නලය ලිවූ පරිදි, “යේමනයේ හවුති මිලීෂියාව විසින් වානිජ නැව් ප්‍රවාහනයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බයිඩන් පරිපාලනය මිලිටරි බලය යෙදවීම ගැන කල්පනා කරමින් සිටින බව පුවත්පත් වාර්තා කරයි. ඒ සඳහා කල් පමා වූවා වැඩි සේ ය. හවුති මිසයිල ප්‍රහාර  ගෝලීය නාවික ගමනාගමනයට දශක කිහිපයකින් එල්ල වූ වඩාත්ම සුවිශේෂී තර්ජනයක් වන අතර ගෝලීය සභාගය ඒකාබද්ධව ඔවුන් නැවැත්වීමට කටයුතු නොකලහොත් ඒවා දිගටම පවතිනු ඇත.”

ජර්නලය දිගටම කියා සිටියේ, “ප්‍රශ්නය වන්නේ හූතීන් සටන සඳහා කොන්දේසි සකස් කරද්දි, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර  නාවික හමුදාවන් හුදෙක් ආරක්ෂක ක්‍රීඩාවේ යෙදෙමින් සහ මිසයිල අල්ලා ගැනීමට යන්නේද යන්නයි. ඉක්මනින් හෝ පමා වී, හවුති මිසයිලයක් එක්සත් ජනපද නාවික ආරක්ෂක වලල්ල පසු කර විත් ඇමරිකානු නැවියන් මරා දැමිය හැකිය. එවිට ධවල මන්දිරයට ආපසු පහර දීම හැර වෙනත් විකල්පයක් නැත.”

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව උත්සන්න කල යුතු බව ජර්නලය ඉල්ලා සිටී, “ඔවුන් දිගටම අවුල්  කරන්නේ නම්, එක්සත් ජනපද සහචරයින්ට පහර දීම සහ ඇමරිකානු කඳවුරු හෝ නැව් ඉලක්ක කරන්නේ නම්, අවසානයේ දී, ඉරානයේ පාලකයින් ඔවුන්ගේ වත්කම් – මිලිටරි සහ න්‍යෂ්ටික –  අවදානමට ලක්ව ඇති බව දැනගත යුතුය.”

එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ ප්‍රමුඛ කන්ඩායම් ගාසාවේ ජන සංහාරයට එක්සත් ජනපදයේ සහය දැක ගන්නේ, ඉරානය කේන්ද්‍රීය ඉලක්කයක් කර ගත්, මිලිටරි ප්‍රචන්ඩත්වය හරහා මැද පෙරදිග ආධිපත්‍යය දැරීමට එය  දශක ගනනාවක් තිස්සේ දරන උත්සාහයේ තීරනාත්මක සංරචකයක් ලෙස බව මෙම ප්‍රකාශයන් පැහැදිලි කරයි.

තවද, බයිඩන්  පරිපාලනය මෙම ගැටුම දකිනු ලබන්නේ , යුරෝපයේ රුසියාව සහ පැසිෆික් කලාපයේ චීනය ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයේ සිදු වන රුධිර ස්නානය පවා  මුලුමනින් ම ඉක්මවා යන මහා ජන ඝාතනයක් දක්නට ලැබෙනු ඇති,  ලෝක ආධිපත්‍යය සඳහා වන ගෝලීය යුද්ධයේ   එක් වේදිකාවක්  ලෙස පමනි.

ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව සෑම මහද්වීපයකම මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුනයින් පෙලපාලි ගොස් ඇත. එහෙත් මෙම ව්‍යාපාරය මුහුන දී සිටින්නේ යුද්ධයේ හා මිලිටරිවාදයේ ගෝලීය ව්‍යාප්තියකට කැපවී සිටින අධිරාජ්‍යවාදී ආන්ඩුවලටය.

ගාසා ජන සංහාරය අඛන්ඩව සිදුවෙද්දී, එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධයේ ප්‍රධාන උත්සන්න කිරීමක් සඳහා සූදානම් වෙයි Read More »

Lloyd

එක්සත් ජනපදය යේමනය සහ ඉරානය ඉලක්ක කර ගනිමින් නාවික මෙහෙයුමක් නිවේදනය කරයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 19 දින පල වූ “US announces naval operation targeting Yemen and Iran” යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත  විසිනි. 

යේමනයේ හූති (Houthi) කැරලිකරුවන් ඉලක්ක කරමින් සහ ඉරානයට තර්ජනය කරමින් රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි  ඔපරේෂන් ප්‍රොස්පෙරටි ගාර්ඩියන් නමින් නාවික මෙහෙයුමක්   ආරම්භ කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳුදා නිවේදනය කලේය.දැන් ගාසා තීරයේ සමූහ ඝාතනවල යෙදී සිටින ඊශ්‍රායල හමුදා, ඉරානය සමඟ අනාගත යුද්ධයකදී ඉටු කරනු ඇති භූමිකාව අවධාරනය කරමින් ඔස්ටින් මේ  නිවේදනය කලේ ඊශ්‍රායලයේදී බව සටහන් කල යුතුය.

Lloyd
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු. [ඡායාරූපය: එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව]

“යේමනයේ සිට ආරම්භ වන ඉවක් බවක් නැති හූති ප්‍රහාරවල මෑත කාලීන උත්සන්න වීම, වානිජ්‍යය නිදහසේ ගලායාමට තර්ජනය කරයි, අහිංසක නාවිකයින් අනතුරේ හෙලයි එමෙන්ම  ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරයි,” ලෙස  ඔස්ටින් සඳුදා ප්‍රකාශයක් නිකුත් කලේය. “මෙය සාමූහික ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින ජාත්‍යන්තර අභියෝගයකි.”

ඊශ්‍රායලයේ පැවති මාධ්‍ය හමුවකදී, මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය ඉරානය බව ඔස්ටින් පැහැදිලි කලේය, “ත්‍රස්තවාදී කන්ඩායම්වලට සහ කලාපයට තර්ජනයක් වන සහ පුලුල් ගැටුමක අවදානමක් ඇති කරන මෙම ඉරාන ප්‍රොක්සීන්ගේ (නියෝජිතයන්ගේ)   ද්වේෂසහගත ප්‍රහාරවලට අඛන්ඩව සහයෝගය ලබා දෙමින් ඉරානය ආතතිය වැඩි කරයි.” වක්‍ර වූ තර්ජනයකින් ඔස්ටින් පැවසුවේ, “එක්සත් ජනපදය යුද්ධයක් හඹා යන්නේ නැති බව කිවමනා නොවේ. අපි කඩිනමින් ඉරානයෙන් ඉල්ලා සිටින්නේ මෙය ප්‍රති-උත්සන්න කිරීමට පියවර ගන්නා ලෙසයි.”

එක්සත් ජනපදය විසින් ගුවන් යානා වාහක යුධ කන්ඩායම් දෙකක නායකත්වයෙන් යුත් යුධ නෞකා 20 කට ආසන්න ප්‍රමානයක නාවික බලඇනියක් මැද පෙරදිගට යවා ඇත. නව නාවික මෙහෙයුමට එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් බොහොමයක් ඇතුලත් වනු ඇත.

සෙනසුරාදා, එක්සත් ජනපදයේ ආර්ලී බර්ක් පන්තියේ නියමු මිසයිල ඩිස්ට්‍රෝය  නෞකාවක් වන  යූඑස්එස් කාර්නි යේමනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන දුසිමකට අධික සංඛ්‍යාවක් හා නියැලුනි. ඔස්ටින් පැවසුවේ “මෙම රාජ්‍ය නොවන රංග ධරයා ජාත්‍යන්තර මුහුද හරහා නීත්‍යානුකූල සංක්‍රාන්තියේ යෙදෙන   බොහෝ රටවල වෙලඳ යාත්‍රා වෙත බැලිස්ටික් මිසයිල සහ නියමුවන් නොරැගත්  ගුවන් වාහන දියත් කිරීමෙන් එල්ල වන අභියෝගයට මුහුන දීම ” සදහා  ආරම්භ කල බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොව් ගැලන්ට් සමඟ පැවති මාධ්‍ය හමුවකදී ඔස්ටින් පැවසුවේ, “මෙම තර්ජනය විසඳීම සඳහා ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට අපි ක්‍රියා කරමින් සිටිමු ” යනුවෙනි.

ඔස්ටින් ඊශ්‍රායලයෙන් පිටත්ව ගිය පසු, ඔහු දැනට නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ඇති යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝර්ඩ් ගුවන් යානා වාහක නෞකාවට ගොඩ වීමට නියමිතය. ඔස්ටින්ගේ සංචාරය ඊශ්‍රායලයට පැමිනෙන ඉහල මට්ටමේ එක්සත් ජනපද නිලධාරීන් පෙරහැරක කොටසකි. එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් සී. ක්‍යු. බ්‍රවුන් ද සඳුදා ඊශ්‍රායලයේ පැමින සිටියේය. පසුගිය සතියේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් ඊශ්‍රායලයට ගිය අතර සීඅයිඒ ප්‍රධානී බිල් බර්න්ස් ද පෝලන්තයේ වෝර්සෝහිදී කටාර් සහ ඊශ්‍රායල නිලධාරීන් හමුවිය.

මෙම මස මුලදී, සලිවන් හූති කැරලිකරුවන්ට එරෙහිව, එක්සත් ජනපදය “අප විසින් තෝරා ගන්නා වේලාවක සහ ස්ථානයක සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති” බව පවසමින් මිලිටරි ක්‍රියාමාර්ගයකට තර්ජනය කලේය.

එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රවෘත්ති සේවය වන USNI නිවුස්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත යෙදවීම පිලිබඳ හැඟීමක් ලබා දුන්නේය:

“එක්සත් ජනපද නාවික හමුදාවට රතු මුහුද සහ ඒඩන් බොක්ක අතර බාබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ අවම වශයෙන් ඩිස්ට්‍රෝය නෞකා තුනක් ඇත—යූඑස්එස් කාර්නි  (DDG-64), යූඑස්එස් මේසන් (DDG-87) සහ යූඑස්එස් තෝමස් හඩ්නර්  (DDG-116 ) සියල්ලම කලාපයේ ක්‍රියාත්මක වී ඇත. එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවේ නියමු මිසයිල ඩිස්ට්‍රෝය  නෞකාවක් වන   HMS ඩයමන්ඩ් (D34) සහ ප්‍රංශ නාවික හමුදාවේ නියමු මිසයිල ෆ්‍රිගේට්  නෞකාවක් වන   FS ලැන්ගුඩොක් (653) ද රතු මුහුදේ  ක්‍රියාත්මක වී ඇත.

එක්සත් ජනපද නාවික හමුදා ආයතනයේ නිව්ස් ෆ්ලීට් සහ මැරීන් ට්‍රැකර්(USNI News Fleet Marine Tracker) ට අනුව සති අන්තයේ එක්සත් ජනපදය, ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූඑස්එස් ඩ්වයිට් ඩී. අයිසන්හවර් (CVN-69) සහ එහි පරිවාර නෞකා, සෝමාලියාව සහ යේමනය අතර ඒඩන් බොක්ක වෙත  යැවීය. සඳුදා සූවස් ඇලෙන් රතු මුහුදට ඇතුලු වන යූඑස්එස් ලැබූන් (DDG-58) නියමු මිසයිල ඩිස්ට්‍රෝය නෞකාව ෂිප්ස්පොටර් ට නිරීක්ෂනය වී  ඇත.”

ඔහුගේ ඊශ්‍රායල සංචාරය අතරතුර, ඔස්ටින් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරය සඳහා වොෂින්ටනයේ අසීමිත සහයෝගය නැවත තහවුරු කලේය. “මම මෙහි සිටින්නේ පැහැදිලි පනිවිඩයක් සමඟයි,” ඔස්ටින් පැවසීය. “ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇමරිකාවේ සහයෝගය නොසැලෙන සුලුය.” ඔහු වැඩිදුරටත් පැවසුවේ, “ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරයේදී හමාස් ත්‍රස්ත ක්‍රියා සිදු කර ඇත. ඒවා එහි ප්‍රකාශිත ඉලක්කවල අඛන්ඩතාවයක් වේ: එනම් යුදෙව්වන් ඝාතනය කිරීම සහ යුදෙව් රාජ්‍යය තුරන් කිරීමයි. කිසිම රටක් මෙවැනි අනතුරක් ඉවසිය යුතු නැත.”

ඔහු අවසන් කලේ, “යුදෙව්වන් ඝාතනය කිරීම සහ යුදෙව් රාජ්‍යය මුලිනුපුටා දැමීමේ ප්‍රකාශිත අරමුන සහිත උමතු ත්‍රස්තවාදී කන්ඩායමකට එරෙහිව ආරක්ෂා වීමට ඊශ්‍රායලයට සෑම අයිතියක්ම ඇත. …එබැවින් වරද්ද ගන්න එපා , හමාස් හට නැවත කිසි දිනෙක ගාසා තීරයේ සිට ඊශ්‍රායලයේ ස්වෛරී රාජ්‍යයට ත්‍රස්තවාදය ප්‍රක්ෂේපනය කිරීමට නොහැකි විය යුතුය.” යනුවෙනි.

ගාසා තීරයට එරෙහි ප්‍රහාරයේ පරිමානය අඩු කිරීමට ධවල මන්දිරය ඊශ්‍රායලය තල්ලු කරන බවට එක්සත් ජනපද මාධ්‍ය විසින් කරන ලද ප්‍රකාශයන් නොතකා,  එක්සත් ජනපද අරමුදල් සහ ආයුධ වලින් ඝාතනය කෙරෙන සිවිල් වැසියන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එක්සත් ජනපදය කිසිදු කොන්දේසියක් පනවා නැති බවත්,   ඔස්ටින් පැහැදිලි කලේය.  ඔහු අවසන් කලේ, “මෙය ඊශ්‍රායලයේ මෙහෙයුමයි, මම මෙහි පැමිනියේ කාල නියමයන් හෝ විධානයන් නියම කිරීමට නොවේ. ඔබ මා කීප වතාවක්ම කියනු අසා ඇති පරිදි, ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය සඳහා අපගේ සහය අයෝමය වේ, එය වෙනස් නොවනු ඇත. මා කලින් කී පරිදි හමාස් සංවිධානයට ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට තර්ජනය කිරීමට හෝ ගාසා තීරයටම තර්ජනය කිරීමට පවා නොහැකි වීම ඉතා වැදගත්ය.” යනුවෙනි.

සමූහ ඝාතන සිදුකිරීමේ මෙම හිස් චෙක්පතත් සමඟ ඊශ්‍රායල නිලධාරීන් විවෘතව ජනඝාතක වාචාල කතා භාවිතය වැඩිකරමින් සිටිති. ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, ඊශ්‍රායලයේ ප්‍රාදේශීය මෙටූලා කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් අසෝලායි, ජනගහනය ලෙබනනයට විතැන් කරන ලෙස ඉල්ලා සිටි අතර ගාසා තීරය “අවුෂ්විට්ස්” [ 2 වන ලෝක යුධ සමයේ යුදෙව්වන් මිලියනයක් පමන ඝාතනය කරන ලද පෝලන්තයේ පිහිටි නාසි වද කදවුරක්] මෙන් පෙනෙන ලෙස කටයුතු සිදු කල යුතු බව පැවසීය. “ගාසාවේ ඉන්න හැමෝටම වෙරලට යන්න කියන්න. නාවික හමුදාවේ නැව් ත්‍රස්තවාදීන් ලෙබනනයේ වෙරලට පැටවිය යුතුය. අවුෂ්විට්ස් හි මෙන් මුලු ගාසා තීරයම හිස් කර සමතලා කල යුතුය.”

ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා වාර්තා කලේ නිල මරන සංඛ්‍යාව 19,453 දක්වා ඉහල ගොස් ඇති අතර ගොදුරු වූවන්ගෙන් අතිමහත් බහුතරයක් කාන්තාවන් සහ ලමයින් ය. අතුරුදහන් වූ පුද්ගලයින් 7,000 කට වැඩි සංඛ්‍යාවක් එකතු කරද්දි, සැබෑ මරන සංඛ්‍යාව දැනටමත් 20,000 ට වඩා සෑහෙන්න වැඩි විය යුතුවේ.

සඳුදා හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින්  ඊශ්‍රායලය, ගාසා තීරයේ සිවිල් ජනතාවට එරෙහිව සාගින්න යුද අවියක් ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින් සවිස්තර වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී. “මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායලය ගාසා තීරයේ ජනගහනයට ආහාර සහ ජලය අහිමි කර ඇත; එය ඉහල පෙලේ ඊශ්‍රායල නිලධාරීන් විසින් අනුබල දුන් හෝ අනුමත කරන ලද ප්‍රතිපත්තියක් වන අතර එය යුදෝපක්‍රමයක් ලෙස සිවිල් වැසියන් සාගින්නෙන් පෙලීමේ අභිප්‍රාය පිලිබිඹු කරයි” යනුවෙන් පලස්තීන අත්පත් කරගත් ප්‍රදේශ වල හියුමන් රයිට්ස් වොච් හි අධ්‍යක්ෂ ඕමාර් ෂකීර්  පැවසීය.

සඳුදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පැවසුවේ, “ඊශ්‍රායල් හමුදා හිතාමතාම ජලය, ආහාර සහ ඉන්ධන බෙදා හැරීම අවහිර කරන අතරම, මානුෂීය ආධාර ලබා දීමට හිතාමතාම බාධා කරමින්, පෙනී යන  ලෙසට කෘෂිකාර්මික ප්‍රදේශ විනාශ කරමින් සහ සිවිල් ජනතාවට ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ අහිමි කරමින් සිටී.”

ගාසා තීරය පුරා කුසගින්න මතුවෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කලේ, ලෝක ආහාර වැඩසටහනේ සමීක්ෂනයකට අනුව, “ඉතා දරුනු සාගින්න මට්ටම්” අත්විඳින ජනගහනයේ කොටස සියයට 44ක් ලෙස වාර්තා වූ බව හා එය සති දෙකකට පෙර කලින් තක්සේරුවකදී සියයට 24ක් වූ බවය.

එක්සත් ජනපදය යේමනය සහ ඉරානය ඉලක්ක කර ගනිමින් නාවික මෙහෙයුමක් නිවේදනය කරයි Read More »

Gaza

ඊශ්‍රායලය ගාසා තීරයේ සිය ජන සංහාරක ප්‍රහාරය දකුණු තීරුව ඉලක්ක කර ගනිමින් නැවත ආරම්භ කරයි

තෝමස් ස්ක්‍රිප්ස්.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 01 දින පල වූ “Israel resumes its genocidal assault on Gaza, targeting the southern strip” යන තෝමස් ස්ක්‍රිප්ස්  විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ  විසිනි.

ඊශ්‍රායලය සිකුරාදා උදෑසන දින හතක “සටන් විරාමය” අවසන් වී මිනිත්තු කිහිපයක් ඇතුළත ගාසා තීරයයේ සිය ජන සංහාරක ප්‍රහාරය නැවත ආරම්භ කළේය. දිනය අවසන් වන විට අවම වශයෙන් තවත් පලස්තීනුවන් 178 දෙනෙකු මියගොස් ඇති අතර 589 දෙනෙකු තුවාල ලබා ඇත. දේශසීමා හරහා යළිත් වෙඩි ප්‍රහාර පටන් ගැනීමෙන් පසු ඊශ්‍රායල කාලතුවක්කු ප්‍රහාරයකින් ලෙබනනයේ කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා මිය ගියහ. 

නෙතන්යාහු ආන්ඩුව සටන් විරාමය අවසන් කිරීම ගැන හමාස් වෙත දොස් පැවරීය. එය දිගු බොරු ලැයිස්තුවේ නවතම එකයි. තවමත් හෙලිදරව් කරගෙන නැති රොකට් ප්‍රහාරයක් ඊශ්රායලයට එල්ල වූයේ, හමාස් ඊයේ ප්‍රාණ ඇපකරුවන් 8 දෙනෙකු මුදා හැරිය නමුත්,තමන් රදවාගෙන සිටින සියලුම කාන්තාවන් සහ ළමයින් නිදහස් කිරීමට අවංකව ක්‍රියාත්මක වීමට අපොහොසත් වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසුවය. 

Gaza
2023 දෙසැම්බර් 1 වන දින ගාසා තීරයේ ඛාන් යූනිස් සරණාගත කඳවුරේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් පසු පලස්තීනුවන් එම විනාශය දෙස බලා සිටී. [ඡායාරූපය: මොහොමඩ් ඩහ්මන්/WSWS]

හමාස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ , හුවමාරු කරගැනීමට එවැනි ප්‍රාණ ඇපකරුවන් තවත් නොමැති බව පැවසීමෙනි. ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය මවක් වන ශ්‍රීරි බිබාස්, ඇයගේ මාස 10ක් වයසැති පුත්‍රයා වන කෆීර් සහ ඔහුගේ සිව් හැවිරිදි සහෝදරයා වන ඒරියල් ගේ සිරුරු භාර දීමට ඔවුන් ඉදිරිපත් වී ඇත. “හමාස් තමන් බිබාස් පවුලේ මෘතදේහ සමග තවත් සියොන්වාදී රැඳවියන් දෙදෙනෙකු නිදහස් කිරීමටත් දරුවන්ගේ පියා (යාදෙන්) භූමදාන කටයුතු සදහා නිදහස් කීරීමටත් ඉදිරිපත් වූ” නමුත් ඊශ්‍රායල බලධාරීන් ඊට “ප්‍රතිචාර නොදැක්වීය” යි නිවේදනය කර ඇත. 

සිය “වේගය අහිම වෙමින් පවතින” බවට දිගින් දිගිටම පැමිනිලි කිරීමෙන් ඉක්බිති කුමක් වුවත්, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) මිලිටරි ක්‍රියාමාර්ගය නැවත ආරම්භ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. තමන්ගේ පැත්තෙන් කේවල් කිරීමට හමාස්ට ඇතැයි කියන අසමර්ථතාව අවධාරනය කිරිම එසේ කිරීම සඳහා විනිවිද පෙනෙන සාධාරණීකරණයකි.

ඊශ්‍රායලය “දෙවියන්ගේ උපකාරය ඇතුව සෑම තැනකම” තම සතුරන් “පළවා විනාශ කරන” බවට මුදල් ඇමති බැසිලෙල් ස්මෝට්‍රිච් ප්‍රකාශ කළේ දිනකට පෙරය. මෙම පිපිරුම සඳහා කඩතුරාව වූයේ, බස් නැවතුමක දි, හමාස් සාමාජිකයන් ලෙස සැලකූ දෙදෙනෙක්, සන්නද්ධ සිවිල් වැසියෙකු විසින් තමන්ට වෙඩි තැබීමට උත්සාහ කරද්දී සහ අයිඩීඑෆ් විසින් තමන් තමන් මරා දැමීසට පෙර, පුද්ගලයන් සිව් දෙනෙක් ඝාතනය කල ජෙරුසලමේ ප්‍රහාරයකි.  

ජාතික ආරක්‍ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර්  පුරසාරම් දොඩමින් කියා සිටියේ, ඔහු සිවිල් වැසියන් ප්‍රහාරක රයිෆල්වලින් සන්නද්ධ කිරීමට කල දේ, නිවැරදි බව මෙයින් ඔප්පු වන බවයි. මෙම “වීර තුවක්කුකරු” සිකුරාදා මිය ගියේ IDF විසින් ඔහු සතුරු සටන්කරුවෙකු ලෙස වරදවා වටහා ගනු ලැබ කරන ලද වෙඩි පහරවල් කිහිපයකිනි. 

හමාස් තුරන් කිරීමේ නාමයෙන් සැලසුම් කර ඇත්තේ ගාසා තීරය පමණක් නොව බටහිර ඉවුර සහ ඊශ්‍රායලය තුළ මත් ජනවාර්ගික ශුද්ධ කිරීම බව නෙතන්යාහුගේ ප්‍රතිචාරය පැහැදිලි කළේය. “සියලු හමාස් ත්‍රස්තවාදීන් මිය යනු ඇත – ජෙරුසලමේ, ගාසා තීරයේ, බටහිර ඉවුරේ සහ සෑම තැනකම” ඔහු ගිගුරුම් දුන්නේය.

දැන් IDF ප්‍රහාරයේ දෙවන අදියරේ සිදුවෙමින් පවතින කුරිරු, සාපරාධී ස්වභාවය ගැන රහසක් නැත. ආන්ඩුවේ ප්‍රකාශක එයිලෝන් ලෙවී මාධ්‍යවේදීන්ට මැරවර ලෙසින් පැවසුවේ, “අපේ කාන්තාවන් රදවා ගැනීමට තෝරා ගැනීමෙන් පසුව, හමාස් දැන් සියලු කම්පනයන්ගේ අම්මා ගන්නවා ඇත,” යන්නයි.  

දවසේ සංහාරය සමාලෝචනය කරමින් ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් මෙසේ පැවසීය.“ප්‍රතිඵල විශ්මයජනකයි. හමාස් සංවිධානය තේරුම් ගන්නේ බලය පමණි, එබැවින් අපි යුද්ධයේ අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක්  දිගටම ක්‍රියා කරන්නෙමු.” 

ගාසා තීරයේ උතුරේ සිදු කරන ලද විනාශය දැන් දකුණට සැලසුම් කර ඇති අතර, හමාස් මූලස්ථානය යැයි ඊශ්‍රායලය ප්‍රකාශ කරන ඛාන් යූනිස් නගරය කෙරෙහි එය අවධානය යොමු කරයි. දැනටමත් නැවත නැවතත් සහ මාරාන්තික ප්‍රහාරයන්ට ලක්ව ඇති නගරයේ වැසියන්ට ඉවත්ව යන ලෙස දැනුම් දෙන  පත්‍රිකා හෙළා ඇති අතර, සහ එම ප්‍රදේශය “භයානක යුධ කලාපයක්” ලෙස එයින් විස්තර ඇත.

උතුරු ගාසා තීරයේ ජනගහනයෙන් අතිමහත් බහුතරය දැනටමත් දකුණට රොක් වී ප්‍රදේශය ජනාකීර්න වී ඇති හෙයින් – මිලියන 2.3 ක මුළු ජනගහනයෙන් මිලියන 1.8 ක් අවතැන් වී ඇත – ඔවුනට යන්නට තැනක් නැත. ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් ගාසා තීරයෙන්  සම්පූර්ණයෙන්ම පන්නා දමා සීනායි කාන්තාරයට පලවා හැරීමට උත්සාහ කරන බවට ඇති බිය සනාථ කරමින් IDF සිවිල් වැසියන්ට රෆාහි ඊජිප්තු දේශ සීමාව දෙසට ගමන් කරන ලෙස පවසා ඇත.

අල් ජසීරා  මාධ්‍යවේදී සෝරන් කසවැක් අදහස් දක්වමින්, “දකුණ දැන් ජනාකීර්ණ වී ඇති අතර, ඊශ්‍රායලයේ සම්පූර්ණ භූමි ප්‍රහාරයක් හේතුවෙන් ගාසා තීරයේ වැසියන්ට දේශසීමා වැට හරහා ඊජිප්තුවට යාමට බල කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති වීමේ අනතුරක් තිබේ.” යයි කීය.

“ගැටුම ආරම්භයේ සිටම ඊජිප්තුව දේශපාලන අස්ථාවරත්වයට සහ ආරක්ෂක අවදානමට බියෙන් කිසිදු සරණාගතයෙකු නොපිළිගන්නා බවට අනතුරු අඟවා ඇත. එය එම යථාර්ථයට මුහුණ දෙන්නේ නම්, එය බලය පාවිච්චි කිරීමේ නරකම අවස්ථාවට පත් විය හැකිය.” යනුවෙන් ද ඔහු පැවසීය.

ගාසා තීරයේ මානුෂීය තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විස්තර කරනු ලැබුවේ “ත්‍රාසජනක චිත්‍රපටයක්” ලෙසිනි. සටන් විරාමය අතරතුර, දළ වශයෙන් ආධාර ට්‍රක් රථ 150ක් සෑම දිනකම තීරුවට ඇතුළු වූ අතර, එය ඔක්තෝබර් 7ට පෙර සාමාන්‍යයෙන් දිනකට ඇතුළු ට්‍රක් රථ 500 ක ප්‍රමාණයෙන් තුනෙන් එකකට වඩා අඩු ප්‍රමාණයක් වන අතර , ජනගහනයේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය යැයි විශ්වාස කරන දිනකට ට්‍රක් රථ 200ට වඩා අඩුය. බෝම්බ ප්‍රහාරය නැවත ආරම්භ වීමත් සමඟ සැපයුම්  නැවතී ඇත.

 International agencies have issued dire warnings. Speaking from the strip’s largest still-functioning hospital, shortly after an airstrike landed barely 50 metres away, UNICEF chief of communications James Elder asked, “Has humanity given up on the children of Gaza?

ජාත්‍යන්තර ආයතන විසින් දරුණු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. දින කිහිපයකට පෙර, ගුවන් ප්‍රහාරයක් යන්තම් මීටර් 50ක් පමණ දුරින් පතිත වූ, ගාසා තීරයේ, තවමත් ක්‍රියාත්මක වන විශාලම රෝහලේ සිට කතා කරමින් යුනිසෙෆ් සන්නිවේදන ප්‍රධානී ජේම්ස් එල්ඩර්, “මනුෂ්‍යත්වය ගාසාවේ දරුවන් අතහැර දමා තිබේද? යි ඇසුවේ ය.

“පසුගිය සති හත තුළ රෝහල්වල ධාරිතාව අඩු වී ඇති ආකාරය මට අතිශයෝක්තියට නැගිය නොහැක. යුද්ධයේ තුවාල සහිත, පිළිස්සුම් තුවාල ඇති, බෝම්බ කැබලි සිරුරෙ විසිරුණු, කැඩුණු ඇටකටු සහිත දරුවන් අපට මීට වඩා බලාගත නොහැක. බලපෑම් කල හැකි අයගේ අකර්මන්‍යතාවය ළමයින් ඝාතනය කිරීමට ඉඩ දීමකි. මේක ළමයින්ට එරෙහි යුද්ධයකි.”

අල්-නස්ර් රෝහලේදී ජාත්‍යන්තර රතු කුරුස ශල්‍ය වෛද්‍ය පෝල් ලේ මෙසේ අනතුරු ඇඟවීය, “අපි දැනටමත් අධික වැඩ ප්‍රමාණයකට යට වී සිටිමු. 300කට හදපු රෝහලක රෝගීන් 2000ක් පමණ ඉන්නවා, අඩකට වඩා සැත්කම් අවශ්‍යයි. නමුත් අපට ප්‍රමාණවත් ඖෂධ, සහ ප්‍රමාණවත් නිර්වින්දන නැහැ. ඉතා සුළු වේදනා පාලනයක් ඇති අතර ඒවා භයානක බැවින් වසර ගණනාවක් තිස්සේ අතහැර දමා ඇති තාක්ෂණික ක්‍රම භාවිතා කිරීමට අපට සිදු වී ඇත”

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියේ ( UNRWA) ප්‍රධානී  පිලිප් ලැසාරිනි සඳහන් කළේ, “අතිවිශාල මානව ඛේදවාචකයක්” සහ “කාලයට එරෙහි තරඟයක් … දැනටමත් ලෙඩ රෝග  බෝම්බ හෙලීම තරම්ම තර්ජනයක් වෙමින් පවතී.” යන්නයි.

ඔහු ගාසා තීරයේ දකුණු ප්‍රදේශය විස්තර කළේ, “සම්පූර්ණයෙන්ම අධික ලෙස තදබදයක්  ඇති … එයට බොහෝ දෙනෙකුට ආහාර පාන සම්පාදනය කල නො හැකිය. සිහිකැදවා ගන්න, ගාසා නගරයේ සහ උතුරේ මිනිස්සුන්ට දකුණට යන්න කියා ඇත්තේ දකුණ ආරක්ෂිතයි කියූ නිසයි. එහෙත් දකුණේ විශාල ප්‍රමාණයක් මරා දමා ඇත,” යනුවෙනි. 

සමස්ත ජනගහනයක් වටලෑම” “සාමූහික දඬුවමක්” ලෙස හෙළා දකිමින්, ඔහු “උතුරේ 100,000ක් ඇතුළුව එක්සත් ජාතීන්ගේ ස්ථාපිතයන්හි සිටින මිලියනයක ජනතාව ගැන සඳහන් කළේය … ඔවුන් මේ ස්ථාන දන්නා අතර, එසේ තිබියදීත්, ස්ථාපිතයන් 100 කට ආසන්න සංඛ්‍යාවකට සෘජුව හෝ වක්‍රව පහර දී ඇත.”

බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද ඊශ්‍රායල මාධ්‍ය ප්‍රකාශන 972+ Mag සහ ලෝකල් කෝල්  විසින් කරන ලද, ඒකාබද්ධ විමර්ශනයකින් තහවුරු වූයේ, හිතාමතාම භාවිතා කරන ලද ක්‍රියාවලියකින් පෙර නොවූ විරූ සංඛ්‍යාවක් සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කල බවයි.

මූලාශ්‍රයක් මාධ්‍යවේදීන්ට පැවසුවේ, “පසුගිය මෙහෙයුම්වලදී ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට එල්ල කල ප්‍රහාරයක කොටසක් ලෙස සමාන්තර හානියක් හැටියට දුසිම් ගනනක් සිවිල් මරණ [අවසර දී ඇත] අමතර සියගණනක් දක්වා වැඩි වී ඇති.” බවයි.

“ද ගොස්පල්” (“The Gospel”) නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් ඉලක්ක තෝරා ගැනීමට භාවිතා කරනු ලැබ ඇති අතර, එක් මූලාශ්‍රයක් එය හැදින් වූයේ “ප්‍රමානය මිස ගුනය මත අවධාරනය කරන “සමූහ ඝාතන කම්හලක්” ලෙස ය. සිද්ධිය වාර්තා කරමින් ගාඩියන් පුවත්පත පැහැදිලි කළේ මෙම වැඩසටහන “අයිඩීඑෆ්හි නිදන්ගත ගැටලුවක් විසදීම සඳහා නිර්මාණය කරන ලද්දකි: ගාසාවේ පෙර මෙහෙයුම් වලදී, ගුවන් හමුදාව නැවත නැවතත් ඉලක්කවලින් තොර ව ප්‍රහාර එල්ල කලේ ය.” යනුවෙනි.

යුද්ධය ආරම්භයේදී, ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රධානියා අවධාරණය කළේ “දවස පුරා  ගුවන් ප්‍රහාර… අපි ශල්‍යකර්මයක් කරන්නේ නැහැ” යන්නයි.

එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදයේ අඛණ්ඩ සහයෝගය ඇතිව ගාසා තීරයේ සමූලඝාතනය යලි ඇරඹුණි.  විරාමය “හමාස් නිසා අවසන් විය,හමාස් සංවිධානය තමන් කළ කැපවීම් පැහැර හැරියේය ” යනුවෙන්, ඩුබායිහිදී කතා කරමින්, රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයේ මුසාවට සහාය දැක්වීය. ඔහු “සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට හැකි සෑම දෙයක්ම” කරන බව නරුම ලෙස අවධාරනය කරමින් වොෂින්ටනය “ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සදහා ශක්තිමත් සහයෝගීතාව” ලබා දෙන බව යලි යලිත් කියා සිටියේය.

ඊශ්‍රායලය ගාසා තීරයේ සිය ජන සංහාරක ප්‍රහාරය දකුණු තීරුව ඉලක්ක කර ගනිමින් නැවත ආරම්භ කරයි Read More »

Gaza

ඊශ්‍රායලයේ ගාසා “සටන් විරාමය”: පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරයේ මීළඟ අදියර සඳහා තුවක්කු නැවත පිරවීමේ විරාමයක්

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 22 දින පල වූ ‘Israel’s Gaza “truce”: A pause to reload the guns for the next stage in the genocide against the Palestinians ’ යන ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Gaza
2023 නොවැම්බර් 22, බදාදා, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන භුමි මෙහෙයුමක් අතරතුර ගිලන් රථ ඊශ්‍රායල් හමුදා යුධ ටැංකියක් අසල මාර්ගයක දක්නට ලැබේ. [AP Photo/Victor R. Caivano]

බ්‍රහස්පතින්දා , ප්‍රාදේශීය වේලාවෙන් පෙ.ව. 10:00 ට ආරම්භ කිරීමට නියමිත කරගත්, ගාසා තීරයේ අනාරක්ෂිත සිවිල් ජනතාවට එරෙහි ඊශ්‍රායලයේ ම්ලේච්ඡ ප්‍රහාරයේ කෙටි නිහැඬියාව පුළුල් ලෙස,“සටන් විරාමයක්” හෝ අවම වශයෙන් “මානුෂීය විරාමයක්” ලෙස ඉදිරිපත් කෙරේ.

කිසිසේත්ම සහතිකයක් නැති ගිවිසුම ඉටු වනු ඇතැයි උපකල්පනය කළහොත්, එය පලස්තීන ජනතාවට එරෙහිව සමූල ජන ඝාතනයක් සිදු කරමින් , ගාසා තීරය ජනවාර්ගිකව ශුද්ධ කිරීමෙහි යෙදෙන , ඊශ්‍රායලයේ හමුදා ප්‍රහාරයේ මෙහෙයුම් විරාමයකට වඩා මඳක් පමනක් වැඩි වනු ඇත.

කටාර් සහ එක්සත් ජනපදය විසින් මැදිහත් වූ ගිවිසුමේ කොන්දේසි වලට, ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට ආක්‍රමණය කිරීමේදී හමාස් සටන්කාමීන් විසින් අල්ලා ගන්නා ලද , ඊශ්‍රායල ජාතිකයින් ආසන්න වශයෙන් 240 දෙනා අතර සිටින කාන්තාවන් සහ ළමුන් 50 දෙනෙකු හමාස් විසින් නිදහස් කිරීම ඇතුළත් වේ. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය පලස්තීන රැඳවියන් 150ක් නිදහස් කර, ගාසා තීරයේ දින හතරක් සටන් නවත්වන අතර, ආධාර රැගෙන එන ට්‍රක් රථ 200කට සෑම දිනකම ප්‍රදේශයට ඇතුළු වීමට අවසර දෙනු ඇත. නිරන්තර වධ බන්ධන ඇතුළු ඉතාමත් ම්ලේච්ඡ කොන්දේසි යටතේ ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින 10,000කට අධික පලස්තීනුවන් හා සසඳන විට නිදහස් කෙරෙන පලස්තීන රැඳවියන් සංඛ්‍යාව ඉතා අල්පය.

පළමු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පැය 24ක් දක්වා ප්‍රමාද වන අතර එය සිදුවනු ඇත්තේ සිකුරාදා වන විට පමනක් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ජාතික ආරක්ෂක උපදේශක විසින් බදාදා දින අවසානයේ දී , ප්‍රකාශ කිරීම මගින් මෙම ගිවිසුම ඉතා අස්ථායීව බව පෙන්නුම් කරයි. දින හතරක විරාමය අතරතුර, ඊශ්‍රායලය දකුණු ගාසා තීරයට ඉහළින් ගුවන් යානා සහ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකිනු ඇති නමුත් උතුරේ ඔවුන් එසේ කරන්නේ ,සෑම දිනකම උදේ 10:00 සිට සවස 4:00 දක්වා කෙටි කාල පරාසයක් තුළ පමණි. 

මොහොතක දැනුම්දීමකින් නැවත සටන ආරම්භ කිරීමට සූදානම්ව සියලුම ඊශ්‍රායල භූමි හමුදා එම ස්ථානගතවම පවතිනු ඇත. බදාදා සවස මාධ්‍ය හමුවකදී නෙතන්යාහු පැවසූ පරිදි, “විරාමය අවසන් වූ විට, අපි නැවත යුද්ධය ආරම්භ කරමු. සමහර විට ඊට බොහෝ පෙරම කිරීමට අපට බල කෙරෙනු ඇත. ” ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින , ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවට මෙම විරාමය අදාළ වන බවට වන කිසිදු යෝජනාවක් ඔහු ප්‍රතික්ෂේප කළේය. මෙම කරුණ අවධාරනය කරමින්, “උතුරු ගාසා තීරයේ දැන් සිදුවෙමින් පවතින දේ දකුනු ලෙබනනයේ සහ බීරූට්හි ද සිදුවිය හැක” යනුවෙන් එම මාධ්‍ය හමුවේදීම යුද කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් පැවසීය.

සටන්වල ​​විරාමය අල්ලා පැවතියද , එය ඊශ්‍රායලයේ හමුදා තත්ත්වය ශක්තිමත් කරනු ඇත. සති හයකට පෙර බෝම්බ හෙලීම ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය ගාසා තීරයේ, ඒකාබද්ධ සෘජු ප්‍රහාරක ආයුධ ස්මාර්ට් බෝම්බ කට්ටල ( direct attack munition smart bomb kits ) 2,500 ක් පමණ භාවිතා කර ඇති බැවින්, ඊට දින 10 ක සටන් සඳහා පමණක් සුනම්‍ය-නියමු යුධෝපකරණ (precision-guided munitions ) තොග ඇති බව සමහර හමුදා විශ්ලේෂකයින් ප්‍රකාශ කර ඇත. ජර්මනියේ එක්සත් ජනපද රැම්ස්ටයින් ගුවන් කඳවුරේ සිට ඊශ්‍රායලයට දිනපතා පැමිණෙන C-17 ගුවන් ගමන් බොහෝ අවශ්‍ය මිලිටරි සැපයුම් රැගෙන ඒමත් සමඟ, දින හතරක කාලසීමාව IDF හට එහි තොග නැවත සපයා ගැනීම කාලය ලබා දිය හැකිය.

භූමියේ ඇති මිලිටරි තත්වයද ඊශ්‍රායලයට සිය ජන සංහාරක ප්‍රහාරයේ මීළඟ අදියර සූදානම් කිරීම සඳහා ඉඩ හසර මෙම විරාමය භාවිතා කිරීම මගින් ලබා දිය හැකිය. වෝල් ස්ට්‍රීට් ජර්නල් සගරාව බදාදා කතුවැකියක ලියා ඇති පරිදි, ගිවිසුමේ මුහුර්තනය ( කාල නිශ්චය) “ ඊශ්‍රායලයට නරක නැත. ගාසා තීරයේ උතුරේ ප්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමෙන් පසුව, එය දකුණට හැරීම සදහා සූදානම් විය යුතුය.”

අර්බුද ග්‍රස්ත නෙතන්යාහු ආන්ඩුව ගිවිසුම ගැන එතරම් උනන්දුවක් නොදක්වයි. නෙතන්යාහු ගාසා යුද්ධයේ ඔහුගේ ප්‍රධාන ඉලක්කය හමාස් “තුරන් කිරීම” හෝ “විනාශ කිරීම” බව යලි යලිත් අවධාරනය කර ඇත, එනම් යථාර්ථයේ දී පලස්තීනුවන් ගාසා තීරයෙන් පලවා හැරීමයි. නෙතන්යාහුගේ ෆැසිස්ට් සභාග හවුල්කරුවා වන යුදෙව් බලය පක්ෂය , අඟහරුවාදා රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රාණ ඇපකරුවන් ගනුදෙනුව ප්‍රතික්ෂේප කිරීමට ඡන්දය දුන්නේය.

කෙසේ වෙතත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා තවත් බොහෝ දේ කරන ලෙස පසුගිය දිනවල ඔවුන්ගේ පවුල් වලින් එල්ල වන පීඩනයට නෙතන්යාහු ලක් විය. ඔහු ඊශ්‍රායලය තුළ ගැඹුරින්ම ජනප්‍රියත්වයෙන් තොර චරිතයකි. ජනගහනයේ පුලුල් කොටස් අවම වශයෙන් , ඔක්තෝබර් 7දා ඊශ්‍රායල සිවිල් වැසියන්ගේ මරණවලට අර්ධ වශයෙන් ඔහු වගකිව යුතු බව පිළිගනී. නෙතන්යාහුගේ වඩ වඩාත් අවිනිශ්චිත තත්ත්වය නිසා ඔහු ඕනෑම වියදමකින් යුද්ධය නැවත ආරම්භ කිරීමට සහ තීව්‍ර කිරීමට උත්සාහ කරනු ඇත. මක්නිසාද යත් විකල්පය නිසැකවම ඔහුගේ අගමැති ධූරයේ අවසානය වන අතර පසුව ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම වනු ඇති හෙයිනි. 

ඊශ්‍රායලයේ ගුවන් බෝම්බ ප්‍රහාරය ආරම්භ වී සති හයක කාලය තුළ පලස්තීන සිවිල් වැසියන් 14,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ගාසා තීරයේ ගොඩනැගිලිවලින් අඩක් විනාශ වී හෝ හානි වී ඇත. ගාසා හි රෝහල් 36 න් 10 ක් පමණක් ක්‍රියාත්මක වේ. කලින් ගාසාවේ විශාලතම රෝහල වූ අල්-ෂිෆා රෝහල ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කරගෙන ඇති අතර එහි කොටස් හමුදා බැරැක්කයක් බවට පත් කර ඇත. හිතාමතාම බේකරි ඉලක්ක කර ගැනීම නිසාත්, ඒවා ක්‍රියාත්මක වීම නතර කර ඇති නිසාත්, ජල පිරිපහදු පහසුකම් බල ගැන්වීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකම නිසාත් ජනගහනය අතර මන්දපෝෂණය සහ රෝග බහුලව පැතිරී ඇත.

මෙම මානව ව්‍යසනය ගැන අනවධානයෙන්, ආයතනික පාලිත මාධ්‍ය, බයිඩන් පරිපාලනය නෙතන්යාහුගේ හස්තය ඇඹරූ බවත්, “මානුෂීය විරාමයක්” ලබා ගැනීම සඳහා කටාර් සමඟ සාකච්ඡාවලට මැදිහත් වූ බවත් සියලු දෙනා විශ්වාස කරවීමට තැත් කරනු ඇත. වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහා අදහස් සටහනක ලියා ඇත්තේ “විරාමය” යනු “අපට ඒ මත ගොඩනගත හැකි බලාපොරොත්තු තැබිය හැකි පළමු පියවරක්” බවයි.සති දෙකකට පෙර සටන් විරාමයක් පිලිබඳ කිසිදු කථාවක් ප්‍රතික්ෂේප කල සෑන්ඩර්ස්, “සැලකිය යුතු, දීර්ඝ කරන ලද මානුෂීය විරාමයක්” සහ “ද්වි-රාජ්‍ය විසඳුමක්” සඳහා වැඩ කිරීම, ඉල්ලා සිටීමට පෙරට ආ අතර, “ඒ සියල්ල,ඊශ්‍රායලය කෙරෙහි ඇමරිකාව සතු ලීවරනය භාවිත කිරීමෙන් සාක්ෂාත් කරගත හැකිය” ලෙස ලිවිය.

මැදපෙරදිග, මධ්‍යම ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ දශක තුනකට වැඩි අඛණ්ඩ යුද්ධවලින් පසුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ඊශ්‍රායල පාලන තන්ත්‍රය මත යම් ආකාරයක සංයමනකාරී බලපෑමක් ලෙස ක්‍රියා කරයි යන යෝජනාව අභූත ය. ගාසා තීරයට සති හයක බෝම්බ හෙලීම පුරාවටම, ඊශ්‍රායල හමුදාවට වොෂින්ටනයේ සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින්ගේ කොන්දේසි විරහිත සහයෝගය, දිනපතා යුද අපරාධ සිදු කිරීමට නෙතන්යාහු ආන්ඩුව ධෛර්යමත් කර ඇත. රෝහල්, පාසල් සහ තීරණාත්මක පොදු යටිතල පහසුකම් විනාශ කිරීම, එක්සත් ජාතීන්ගේ සහන සේවකයන් 100කට වඩා මරා දැමීම සහ ගාසාවේ මිලියන 2.3 ක වැසියන්ට විදුලිය, ඉන්ධන සහ ජලය කපා හැරීම මේවාට ඇතුළත් ය.

“ද්වි-රාජ්‍ය විසඳුම” සම්බන්ධයෙන් ගත් කල, ඊශ්‍රායල පාලන තන්ත්‍රය පලස්තීනුවන්ට එරෙහි සිය සමූල ජන සංහාරක අභිප්‍රායන් විවෘතව ප්‍රකාශ කර ඇති අතර, බයිඩන් පරිපාලන නිලධාරීන් දිහින් දිගටම ඊශ්‍රායලයේ යුද්ධයේ හැසිරීමට කිසිදු ආකාරයක “රතු ඉරි” නොපමුණුවන බව ප්‍රකාශ කර ඇත. ඔක්තෝම්බර් මාසයේදී කාන්දු වූ බුද්ධි අමාත්‍යාංශයේ ලේඛනයකින් හෙළි වූයේ ගාසා තීරයේ ජනගහනය ඊජිප්තුවේ සීනායි කාන්තාරයේ කූඩාරම් කඳවුරුවලට පලවා හැරීමේ සැලසුම් ය. වඩාත් මෑතක දී මුදල් ඇමති බෙසලෙල් ස්මෝට්‍රිච් ගාසා ජනගහනයට “ලෝකයේ රටවල්” වෙත “ස්වේච්ඡා සංක්‍රමණය” සිදු කිරීමට ඉල්ලා සිටියේය.

අධිරාජ්‍යවාදීන් විසින් නාසීන්ගෙන් පසුව නොදුටු යුද ක්‍රම අනුමත කිරීම තේරුම් ගත හැක්කේ වේගයෙන් වර්ධනය වන තුන්වන ලෝක යුද්ධයක සන්දර්භය තුල පමනි. ගාසා තීරයට ඊශ්‍රායලයේ අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ප්‍රහාරය, අන් සියල්ලටත් වඩා එහි කලාපීය ආධිපත්‍යය රඳවා ගැනීමේ අරමුන ඇතිව වොෂින්ටනය විසින් උසිගන්වන ලද මැද පෙරදිග පෙරමුනේ කොටසකි. බයිඩන් පරිපාලනය ඉරානය සමඟ මිලිටරි ගැටුමකට සූදානම් වීම සඳහා ගුවන් යානා ප්‍රවාහන යුධ නැව් කණ්ඩායම් දෙකක් සහ න්‍යෂ්ටික ධාරිතාව සහිත සබ්මැරීනයක් කලාපයට යොදවා ඇත.

ඒ අතරම, වොෂින්ටනය රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයේ දී අන්ත දක්ෂිනාංශික යුක්‍රේන තන්ත‍්‍රයට එහි පිටුබලය නොකඩවා ලබා දෙන්නේ, රුසියාව අර්ධ යටත් විජිතයක තත්ත්වයට යටත් කර එහි ස්වභාවික සම්පත් කොල්ලකෑම අරමුනු කර ගෙනය. ආසියා-පැසිෆික් කලාපයේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ චීනයට එරෙහි එහි කලාපීය සහචරයන්ගේ නිත්‍ය ප්‍රකෝප කිරීම් දිගටම පවතියි.පලස්තීනුවන් 14,000කට අධික සංඛ්‍යාවකගේ මරණ සම්බන්ධයෙන් බයිඩන්, ජර්මනියේ ෂොල්ස්, ප්‍රංශයේ මැක්රොන් සහ බ්‍රිතාන්‍යයේ සුනැක් විසින් පෙන්නුම් කරන ලද දයා විරහිත උදාසීනත්වය අවධාරනය කරන්නේ, දැන් හොඳින් සිදුවෙමින් පවතින ප්‍රධාන බලවතුන් අතර ලෝකයේ මෙම නව නැවත බෙදීම තුළ, ඔවුන් විසින් මිනිස් ජීවිතය ලාභදායී හා වියදම් කළ හැකි දෙයක් බවට සලකන බවයි.

ගාසා තීරයේ ජන සංහාරය නැවැත්විය හැකි එකම මාර්ගය වන්නේ කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමයි. ඊශ්‍රායලයේ ම්ලේච්ඡ ප්‍රහාරය සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගෙන් එයට ලැබී ඇති සහයෝගය සම්බන්ධයෙන් සෑම රටකම පුලුල් පිලිකුලක් හා කෝපයක් පවතින බව පසුගිය සති හය පුරා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ උද්ඝෝෂන මගින් පෙන්නුම් කර ඇත.

අවශ්‍ය වන්නේ ගාසා තීරයේ සහ කලාපය පුරා මිලිටරි මෙහෙයුම් නැවැත්වීමේ අරගලය තුල බලමුලු ගැන්විය යුතු කම්කරු පන්තිය වෙත තීරනාත්මක හැරීමකි. ඊශ්‍රායලයට මිලිටරි සැපයුම් අවහිර කළ යුතු අතර, දේශපාලන ජීවිතයට කම්කරුවන්ගේ සක්‍රීය මැදිහත්වීම හරහා මිලිටරි උපකරණ සහ අනෙකුත් තීරණාත්මක නිෂ්පාදන , නිෂ්පාදනය කිරීම නතර කළ යුතුය. දශක ගනනාවක් කම්කරුවන්ගේ වැටුප් හා කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාර සහ ලේවැකි යුද්ධවල අඛණ්ඩව නියැලීමේ හේතුවෙන් ගැඹුරින් පිළිකුලට ලක්ව ඇත, ඊශ්‍රායල පාලන තන්ත්‍රයට පිටුබලය දෙන අධිරාජ්‍යවාදී බලවතුන්ට එරෙහිව ජාත්‍යන්තර පරිමානයේ දේශපාලන මහා වැඩ වර්ජනයක් සඳහා සූදානම් විය යුතුය. මෙම අරගලයේ සාර්ථකත්වය සියල්ලටත් වඩා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරන කම්කරුවන්ගේ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම මත රඳා පවතී.

ඊශ්‍රායලයේ ගාසා “සටන් විරාමය”: පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරයේ මීළඟ අදියර සඳහා තුවක්කු නැවත පිරවීමේ විරාමයක් Read More »

Massacare

“විරාමයකින්” පසුව ඊශ්‍රායලය නැවත ප්‍රහාර එල්ල කිරීමට සැරසෙද් දී, “ගාසා තීරයේ මානුෂීය ව්‍යසනය ඉතා නරක අතට හැරෙමින් තිබේ” යයි එ.ජා අනතුරු අඟවයි

ඇන්ඩෘ ඩැමන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 28 දින පල වූ ‘UN warns “humanitarian catastrophe in Gaza is getting worse” as Israel plans to resume onslaught after “pause”’ යන  ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

Massacare
2023 නොවැම්බර් 22, බදාදා, දකුනු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සමූහ මිනීවලක මිහිදන් කිරීමට පෙර , ෂිෆා රෝහලෙන් ගෙන ආ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු වෙනුවෙන් පලස්තීනුවන් යාඥා කරති. (AP Photo/Mohammed Dahman)

වටලනු ලැබූ මිලියන 2.2 ජනතාවක් සිටින ප්‍රදේශය විදුලිය, ආහාර හෝ ජලය නොමැතිව පවතින බැවින්,  “ගාසා තීරයේ මානුෂීය ව්‍යසනය දිනෙන් දින නරක අතට හැරෙමින් තිබෙන ” බව  එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳුදා පැවසුවේය. ඊශ්‍රායලය එහි ප්‍රහාරයේ – තවත් දින දෙකකට දීර්ඝ කෙරෙන බව වාර්තා වෙන -දින හතරක “විරාමය”, ඊටත් වඩා කුරිරු ප්‍රහාරයක් දකුනු ගාසා තීරයට දීම සඳහා සූදානම් වීමට  භාවිතා කරයි.

ඔබට දින කිහිපයක් තිබේ. අපි නැවත සටනට යන විට, අපි එම බලයම සහ ඊට වැඩිමනත්  යොදන්නෙමු … අපි මුලු [ගාසා] තීරය හරහා සටන් කරන්නෙමු,” CNN  පුවත් සේවයට අනුව, සදුදා, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් සොල්දාදුවන්ට පැවසුවේය.

සඳුදා, ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය වාර්තා කලේ, සටන්වල ​​”විරාමය” අතරතුර ,සුන්බුන් යට වැලලී ගොස් තිබීමෙන්,  පසුව සොයා ගත්   දුසිම් ගනනක් මිනිසුන්ගේ සිරුරු සමග සමූල ජන ඝාතනයේ මරන සංඛ්‍යාව 15,000 දක්වා ඉහල ගොස් ඇති බවයි. මියගිය සංඛ්‍යාවට ලමුන් 6,160 ක් සහ කාන්තාවන් 4,000 ක් ඇතුලත් වන අතර තවත් 33,000 ක් තුවාල ලබා ඇත. මීට අමතරව, තවත් 7,000ක් තවමත් අතුරුදහන් වී ඇත – බොහෝ විට කඩා වැටුනු ගොඩනැගිලි යට වැලලී ඇති  – ලමුන් 4,700 ද ඇතුලුව , අතුරුදන් වූවන් මිය ගිය පිරිසට එකතු කිරීම , ලමුන් 10,860 ක් ඇතුලුව මරන සංඛ්‍යාව 22,000 දක්වා ඉහලට ගෙන එයි.

රජයේ මාධ්‍ය කාර්යාලය වාර්තා කලේ ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භයේ සිට වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් 207 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.මෙම කාලය තුල මාධ්‍යවේදීන් 70 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඉන් 67 සම්පූර්නයෙන්ම සේවයෙන් ඉවත් කරමින් පාසල් 266 ක් විනාශ කර ඇත. 

Gaza
හමාස් සහ ඊශ්‍රායලය අතර තාවකාලික සටන් විරාමයේ සිව්වන දිනයේ, 2023 නොවැම්බර් 27 සඳුදා, පලස්තීනුවන් ගාසා නගරයේ පලතුරු විකුනයි. [AP ඡායාරූපය/මොහොමඩ් හජ්ජර්]

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කලේ “ගාසා තීරයේ මිලියන 1.8කට අධික ජනතාවක් හෙවත් ජනගහනයෙන් 80%කට ආසන්න සංඛ්‍යාවක් අභ්‍යන්තරව අවතැන්ව සිටින බවට ගනන් බලා ඇති” බවයි. “ගාසා තීරය පුරා නිවාස ඒකක 234,000කට වඩා හානි වී ඇති අතර , එය මුලු නිවාස තොගයෙන් 60%කට වඩා වැඩි ප්‍රමානයක් බවත්, නිවාස 46,000කට වඩා සම්පූර්නයෙන්ම විනාශ වී ඇති ” බව ෂෙල්ට ක්ලස්ට (Shelter Cluster ) වාර්තාවක විශ්මය දනවන සංඛ්‍යාලේඛනයක සඳහන් වේ. “ගාසා තීරයේ නිවාස සහ සිවිල් යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාරවල ව්‍යසනකාරී බලපෑම ආමන්ත්‍රනය කිරීමට දින කිහිපයක විරාමයක් ප්‍රමානවත් නොවේ. ජීවිත හානි හා දේපල විනාශයන් අතිමහත්ය. නේවාසික ප්‍රදේශ, නිවාස සහ සිවිල් යටිතල පහසුකම් ආරක්ෂා කල යුතු” බව වාර්තාව වැඩිදුරටත් පවසයි. 

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ:

ගාසා නගරයේ සහ උතුරු ගාසා තීරයේ, විස්තීර්න බෝම්බ හෙලීම හේතුවෙන් සියලුම ගොඩනැගිලිවලින් 50% කට වඩා හානි සිදුවී ඇති අතර, මාර්ග සහ බලශක්ති පද්ධති සහ බෙදාහැරීමේ ජාල, ජල ගබඩා ටැංකි, පයිප්ප, සැපයුම් ජාල සහ ජලාපවහන මාර්ග වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට පුලුල් ලෙස හානි සිදුවී ඇත. ප්‍රහාර වල සමුච්චිත බලපෑම, ජීවිතය පවත්වා ගැනීම සඳහා මූලික අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඉටු කරන ක්‍රියාකාරී සේවා සහ යටිතල පහසුකම් වෙත ප්‍රවේශ වීම ප්‍රබල ලෙස වලක්වයි.”

ඊශ්‍රායල නිලධාරීන් සිදුකරමින් සිටින්නේ ඔවුන්ගේ ජන සංහාරක වාචාලකම තීව්‍ර කිරීම පමනි. සඳුදා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, පලස්තීනුවන්ට එරෙහි ඔහුගේ ප්‍රහාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව ධනවත්ම මිනිසා සහ වර්ගවාදයේ සහ යුදෙව් විරෝධීවාදයේ කුප්‍රකට යෝජකයෙකු වන එලොන් මස්ක්ට සත්කාරකත්වය ලබා දුන්නේය. 

සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීමට බල කරන අය මරා දැමීම හැර වෙනත් විකල්පයක් නැත. තෝරා ගැන්මට දෙයක් නැත. ඔවුන් ඔවුන්ගේ අදහස වෙනස් කරන්නේ නැත, ” මස්ක් සංචාරය අතරතුර පැවසීය.

මස්ක්ගේ සංචාරය ඊශ්‍රායලය තුල පවා පුලුල්ව හෙලා දකින ලදී. ඊශ්‍රායල හාරෙට්ස් පුවත්පත් හි ප්‍රධාන කර්තෘ එස්තර් සොලමන්, “කුප්‍රකට යුදෙව් විරෝධීයා සහ යුදෙව් විරෝධී ප්‍රකාශක එලොන් මස්ක්, ඊශ්‍රායලයට වැද්ද ගැනීම නොකල  යුතු ” ලෙස ලිවීය. “ඒ වෙනුවට, නෙතන්යාහු – නිරාචාරවත්, ස්වාර්ථකාමී ස්තෝත්‍ර ගායනයේ නව ගැඹුරක කිමිදෙමින් – ඔහුට හමාස් විසින් විනාශ කරන ලද කිබුට්සිම් වෙත මහජන සම්බන්ධතා ප්‍රවර්දන සංචාරයක් ලබා දෙයි. මොවුන් දෙදෙනාම ධර්මඥානයක් නැති, මිලට ගත හැකි කර්කෂයන් වේ.”

සංචාරයට පෙර, මස්ක් ප්‍රසිද්ධියේ “මහා ප්‍රතිස්ථාපන න්‍යාය” (great replacement theory) වෙනුවෙන් පෙනී සිටින ට්විටර් සටහනක් අනුමත කලේය, එය ප්‍රකාශ කලේ “මිනිසුන් ඔවුන්ට එරෙහිව භාවිතා කිරීම නැවැත්වීමට අවශ්‍ය යැයි කියා සිටින, එවැනිම ආකාරයේ දයලෙක්තික වෛරයක්, යුදෙව් ප්‍රජාවන් විසින් සුදු ජාතිකයින්ට එරෙහිව  ඉදිරියට දමමින් සිට ඇති බවයි”.

“විරාමය” අදාල වන්නේ ගාසා තීරයට පමනි. බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදාව සහ අන්ත දක්ෂිනාංශික පදිංචිකරුවන් පලස්තීනුවන්ට එරෙහි ප්‍රහාර දිගටම කරගෙන යති. ඔක්තෝබර් 7 වැනිදා සිට බටහිර ඉවුරේ ලමුන් 59 දෙනෙකු ඇතුලුව පලස්තීනුවන් 231ක් පමන මරා දමා ඇත.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක අෂ්රෆ් අල්-කුද්‍රා , අල් ජසීරා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කලේ ගාසා තීරයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලදී ගිලන්රථ 60 කට වැඩි ප්‍රමානයක් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 160 කට වැඩි ප්‍රමානයක් විනාශ වී ඇති බවයි. “ආක්‍රමනයේ පලමු දිනයේ දී, වෛද්‍ය සැපයුම්, ඉන්ධන සහ විදුලිය කපා හැර  සෞඛ්‍ය පද්ධතියේ ගෙල සිර කිරීමෙන් පසු ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද සෘජු ඉලක්කගත මෙහෙයුමකට අප භාජනය කෙරුනි,” ඔහු පැවසීය.

බයිඩන් පරිපාලනය, මේ අතර, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරය යලි ඇරඹීමෙන් පසු ඇතිවන දේශපාලන ප්‍රථිපල ඳහා සූදානම් වෙමින් සිටී. “ධවල මන්දිරය ඊශ්‍රායල-ගාසා තීරය මත  අභ්‍යන්තර බෙදීම් සමඟ පොරබදයි” යන මාතෘකාවෙන් යුත් ලිපියක වොෂින්ටන් පෝස්ට් පහත දැක්වෙන ගොරහැඩි පිලිගැනීමෙන් එය අවසන් කරයි: “තවමත්, බයිඩන් ගේ නිලධාරීන් වඩ වඩාත් කරදරකාරී අසීරුතාවයක සිටී. ‘ඔවුන්ට ඇති ප්‍රශ්නය, එනම් පලමු දිනයේ සිටම ඔවුන්ට ඇති ප්‍රශ්නය, ඊශ්‍රායලයින්ට ‘තමන්ට කිරීමට අවශ්‍ය දේ කිරීමට, බොහෝ පලස්තීනුවන්ට හානි නොපමුනුවන, ඝාතනය නොකරන සහ ගාසා තීරයෙන් පලවා නොදමන උපාය මාර්ගයක් නොමැති වීම,’ යැයි එක් බාහිර උපදේශකයෙක් පැවසීය. ‘ඔවුන් දකුනට බැස ඒ දේම කල යුතුයි. දකුනේ මිලියන 2කට වැඩි ජනතාවක් සමඟ යමෙක් එය කරන්නේ කෙසේදැයි මම නොදනිමි.’ “

ඇත්ත වශයෙන්ම, මෙය “ගැටලුවක්” වන්නේ මහජන සම්බන්ධතා ආස්ථානයෙන් පමනි. ඊශ්‍රායල නිලධාරීන් තමන් ගාසා තීරයේ ජනගහනය ඝාතනය කිරීම හෝ ඔවුන්ගේ භූමියෙන් නෙරපා හැරීමට උත්සාහ කරන බව පැහැදිලි කර ඇති අතර, ඊශ්‍රායල හමුදාවට සමූහ ඝාතනය කිරීමට අවසර දී ඇති සිවිල් වැසියන් සංඛ්‍යාව පිලිබඳ “රතු ඉරි” නොමැති බව ධවල මන්දිරය නැවත නැවතත් අවධාරනය කර ඇත.

“විරාමයකින්” පසුව ඊශ්‍රායලය නැවත ප්‍රහාර එල්ල කිරීමට සැරසෙද් දී, “ගාසා තීරයේ මානුෂීය ව්‍යසනය ඉතා නරක අතට හැරෙමින් තිබේ” යයි එ.ජා අනතුරු අඟවයි Read More »

Ford

එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධය අවුලුවයි

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 24 දින පල වූ “US inflames war throughout the Middle East” යන  ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  කිත්රුවන් මොලදණ්ඩ විසිනි.

Ford
2023 ඔක්. 11 වැනි දින, යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් ගුවන් යානා ප්‍රවාහක නෞකාව, නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් පවතින යූඑස්එන්එස් ලරිමී (USNS Laramie) තෙල් පිරවුම් තෙල් නෞකාවෙන් ඉන්ධන ලබා ගනී. (එක්සත් ජනපද නාවික හමුදාවේ ඡායාරූපය AP හරහා) [AP ඡායාරූපය]

පසුගිය විසිපස් වසර තුල දී,  මැද පෙරදිග නීතිවිරෝධී යුද්ධ වලින් මිලියනයකට වඩා මිනිසුන් ඝාතනය කර ඇති එක්සත් ජනපදය, කලාපය පුරා පුලුල් යුද්ධයක් අවුලුවාලීම සඳහා පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාරය භාවිතා කරයි.

එක්සත් ජනපදය මැද පෙරදිගට හමුදා, යුද නැව් සහ ගුවන් යානා එවීම වැඩි කර ඇත. අවම වශයෙන් නැවියන්, සොල්දාදුවන් සහ ගුවන් භටයන් 10,000ක් දැනටමත් කලාපයට යොදවා ඇති අතර, නිශ්චිත නොවන භට පිරිසක්-සමහර විට දස දහස් ගනනක් – යෙදවීමට සූදානම් වන බව දන්වා ඇත.

සෑම දිනකම පුද්ගලයන් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කිරීම මෙන්ම හිතාමතාම   ජනගහනය විජලනයට පත් කිරීම, සාගින්නෙන් පෙළීමට සැලැස්වීම සහ  සිවිල් වැසියන්ට විශාල බෝම්බ හෙලීම  සිදුවෙමින් පවතින, පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන ජන සංහාරයට බයිඩන් පරිපාලනය සිය පූර්ණ සහයෝගය ලබා දී ඇත.

ඒ අතරම, එය ඊශ්‍රායලයට ලෙබනනය, සිරියාව සහ බටහිර ඉවුර වෙත එකවර ප්‍රහාර එල්ල කිරීමට  ආයුධ සපයයි.

ඇමරිකානු අවි භාවිතා කරමින් සහ ඇමරිකානු දේශපාලන, මිලිටරි සහ සැපයුම් ආධාර ඇතිව පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන ජන සංහාරය, කලාපය පුරා එක්සත් ජනපද මිලිටරි උත්සන්න කිරීමේ එක් අංගයක් පමනි.

සෙනසුරාදා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් විසින් “ඉරානයේ උත්සන්න කිරීම්” උපුටා දක්වමින් , එක්සත් ජනපද මිලිටරිය “කලාපය තුළ පෙනී සිටීම ” “ශක්තිමත් කිරීමේ” පියවර නිවේදනය කලේය. ඔස්ටින් පැවසුවේ තමා කලාපය පුරා එක්සත් ජනපද මිසයිල ආරක්ෂක පද්ධති සීරුවෙන් තබන බවත්, “අතිරේක බලකා සංඛ්‍යාවක් යෙදවිමට සූදානමේ-අන මත තබා ඇති” බවත්ය.

පසුගිය සතිය පුරා ඉරාකයේ ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදා,  ඉරාන ප්‍රොක්සි හමුදා යැයි කියා ගන්නා හමුදාවන්ගේ ප්‍රහාරයන්ට ලක්ව ඇති බව එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කර ඇත.

“ඉරානය මෙම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින සිටී. සමහර අවස්ථාවලදී, මෙම ප්‍රහාර සඳහා ක්‍රියාකාරීව පහසුකම් සපයන අතර මෙම ගැටුම, තම යහපත සඳහා 

යොදා ගැනීමට කැමති අන් අය පෙළඹවීම හෝ ඉරානයේම අවශ්‍යතා සඳහා යොදා ගන්නා” බව පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳුදා පැවසීය.

ඉරිදා සම්මුඛ සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කළේ, “ඉරාන ප්‍රොක්සින්  විසින් අපගේ හමුදාවන්ට , අපගේ පිරිස්වලට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර උත්සන්න වීමේ සම්භාවිතාවක් ඇතැයි අපි අපේක්ෂා කරමු. අපගේ ජනතාව ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට සහ අපට අවශ්‍ය නම් තීරණාත්මක ලෙස ප්‍රතිචාර දැක්විය හැකි බවට වග බලා ගැනීමට අපි පියවර ගනිමින් සිටිමු.”

බ්ලින්කන් අවධාරනය කලේ, “මෙය අපට අවශ්‍ය දේ නොවේ, අප සොයන දෙය නොවේ. අපට උත්සන්න කිරීම අවශ්‍ය නැත. ” ඔහු තවදුරටත් පැවසුවේ, “අපි කලාපයට ඉතා වැදගත් වත්කම් යොදවා ඇත, ගුවන් යානා වාහක යුධ කණ්ඩායම් දෙකක්, කුපිත කිරීමට නොව, වළක්වා ගැනීමටය.”

හැම විටම වාාගේ, බ්ලින්කන් බොරු කියයි. මැදපෙරදිග, හමුදා සහ අවි ආයුධ මගින් සිදු කරනු ලබන ගිල ගැනීම මගින්, මෙම උත්සන්න වීම එක්සත් ජනපදයේ පැත්තෙන් සිදු කරයි.

එක්සත් ජනපදය, එහි ප්‍රොක්සියක් වන ඊශ්‍රායලය මගින්, හිතාමතාම ඉරානය කුපිත කිරීමේ  උත්සාහයක් ලෙස ගාසා, බටහිර ඉවුර, ලෙබනනය සහ සිරියාවට බෝම්බ හෙලයි. එය යුධ නෞකා සහ ගුවන් යානා මගින් ඉරානය වටකරමින් සිටින අතර ඔවුන්ට එරෙහි ඕනෑම ප්‍රහාරයක් ඉරානයට පහර දීමට කඩතුරාවක් ලෙස යොදා ගන්නා බවට තර්ජනය කරයි.

2003 දී, එක්සත් ජනපදය විසින් සිදු කළ, ම්ලේච්ඡ සහ නීතිවිරෝධී ඉරාක ආක්‍රමණයෙන් පසුව ඉරාකය තුළ  හමුදා දහස් ගණනක් නඩත්තු කරයි. සිරියානු ආන්ඩුවට එරෙහිව එක්සත් ජනපද හමුදා ඒ හා සමානව සිරියාවේ නීති විරෝධී ලෙස යොදවා ඇත. මේ සියලු හමුදා මොහොතකින් ඉරානයට පහර දීමට සූදානමින් සිටිති.

ඊශ්‍රායල නිලධාරීහු ලෙබනනයට එරෙහිව දිගින් දිගටම තර්ජන කරති. ඉරිදා , ලෙබනන්  දේශසීමාවේ , භට පිරිස් සමඟ සංචාරයක යෙදී සිටියදී, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු “හිස්බුල්ලා සංවිධානයට සහ ලෙබනන් රාජ්‍යයට ඇති වීමට නියමිත විනාශකාරී ප්‍රතිවිපාක” ගැන අනතුරු ඇඟවීය, “අපි එයට සිතාගත නොහැකි බලයකින් එයට පහර දෙන්නෙමු.” ඊශ්‍රායලය සිය උතුරු දේශසීමාවෙන් 200,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට නියෝග කර ඇත.

ඉරිදා, ඊශ්‍රායලයේ ආර්ථික ඇමති නිර් බාර්කැට් තර්ජනය කලේ, යුද්ධය ලෙබනනය තුලට පැතිර ගියහොත්, “අපි එම පෙරමුණුවලට පමණක් ප්‍රතිප්‍රහාර එල්ල නොකරමු, නමුත් අපි ඉරානය නම් සර්පයාගේ හිස වෙතට යමු” යනුවෙනි.

මේ අතර එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී මාධ්‍ය ඉරානය සමග සෘජු මිලිටරි ගැටුමක් සඳහා උද්ඝෝෂණ කරමින් සිටී. ද ඉකොනොමිස්ට් හි ප්‍රධාන ලිපියක, මෑත පෙරදිග කටයුතු සඳහා එක්සත් ජනපදයේ හිටපු සහකාර රාජ්‍ය ලේකම් ඩේවිඩ් ෂෙන්කර් ඉරානය සමඟ මිලිටරි ගැටුමක් විවෘතව ඉල්ලා සිටියේය. “කෙසේ වෙතත්, මූල්‍ය මෙවලම්වලට වඩා ඵලදායී වන්නේ මිලිටරි ශක්තියයි. … අවාසනාවකට මෙන්, ගාසා තීරයේ යුද්ධය පුලුල් වීම වැලැක්වීමට වොෂින්ටනයට මිලිටරිමය වශයෙන් සම්බන්ධ වීම හැර වෙනත් විකල්පයක් තිබිය නොහැක.”

බ්‍රහස්පතින්දා ඔහුගේ ප්‍රයිම්-ටයිම් ( ශ්‍රාවකත්වය උපරිම වන වේලාව) කතාවේදී, බයිඩන් ඇමරිකානු ගෝලීය ආධිපත්‍යය පිළිබඳ ගැලවුම්කාරී දැක්මක් ඉදිරිපත් කළේ, ඇමරිකානු මිලිටරි හා ආර්ථික අධිපතිත්වය ලෝකයේ එක්සත් කිරීමේ මූලධර්මය බව ප්‍රකාශ කරමිනි. “ඇමරිකානු නායකත්වය ලෝකය එකට තබා  ගනී” බයිඩන් පැවසීය.

පසුදා පැවති ප්‍රචාරක පිළිගැනීමේ උත්සවයකදී ඔහු වඩාත් පැහැදිලි ලෙස ප්‍රකාශ කළේ, “අපි වසර 50ක් පශ්චාත් යුධ සමයක සිටියෙමු. එහිදී එය ඉතා හොඳින් ක්‍රියාත්මක විය. නමුත් එය යම් ආකාරයකට වාෂ්ප වී ඇත. එය ලෝක පර්යායක් වූවාක් මෙන්, එක් අර්ථයකින් නව ලෝක පර්යායක් අවශ්‍ය වේ.”

“පශ්චාත් යුධ සමය” අවසන් බව පැවසීම ලෝක යුද්ධයේ නව කාල පරිච්ඡේදයක් ප්‍රකාශ කිරීමකි. බයිඩන් පරිපාලනය මැද පෙරදිග යුද්ධය උත්සන්න කරමින්, නැගෙනහිර යුරෝපයේ සිට මැද පෙරදිග හා පැසිෆික් කලාපය දක්වා විහිදෙන ලෝක ආධිපත්‍යය සඳහා ලොව පුරා පැතිර යන ගැටුමක් ලෙස එය දකින දෙයෙහි කොටසක් වශයෙන් ඉරානයට සෘජුවම පහර දෙන බවට තර්ජනය කරයි. චීනයේ ආර්ථික නැගීම හා එක්සත් ජනපද ආර්ථිකයේ ගෝලීය පරිහානිය සමඟ මුහුන දී සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදය, ලෝක ආධිපත්‍යය තහවුරු කිරීමේ මාධ්‍යයක් ලෙස යුද්ධය දකී.

එක්සත් ජනපදය, “රුසියාව දුර්වල  කිරීම” ඉලක්ක කරගත් ප්‍රොක්සි ගැටුමකට මොස්කෝව ඇද ගැනීමේ අරමුන ඇතිව යුක්රේනයේ යුද්ධය අවුලුවාලීමට ක්‍රියා කළේය. එහෙත් වසර දෙකකට පසුව, යුක්රේනයේ නවතම ප්‍රහාරය අසාර්ථක වී ඇති අතර, රුසියාවට “මූලෝපායික පරාජයක්” ලබා දීම සඳහා එක්සත් ජනපදය ගැටුම උත්සන්න කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි. ඒ අතරම, වොෂින්ටනය, තායිවානය සම්බන්ධ කර ගනිමින්, චීනය සමඟ ගැටුමක් අවුලුවාලන අතර, දියුණු පරිගණක තාක්‍ෂණයට එහි [ චීන] ප්‍රවේශය අවහිර කරමින්, ආර්ථික වශයෙන් චීනයේ ගෙල සිර කිරීමට උත්සාහ කරයි.

පසුගිය සතියේ, මෙම සියලු පෙරමුනු සඳහා අතිරේක මිලිටරි වියදම් සඳහා ඩොලර් බිලියන 105 ක් සඳහා  බයිඩන් විසින් කරන ලද ඉල්ලීම, ඇත්ත වශයෙන්ම, තුන්වන ලෝක යුද්ධයක ආරම්භක අදියරයන් උත්සන්න කිරීමේ ප්‍රධාන පියවරක් සලකුනු කරයි.

එක්සත් ජනපදය න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් වන රුසියාව සහ චීනය සමඟ ගැටෙමින් සිටී. ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි ද ඇති අතර, අවම වශයෙන් ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රිවිටාල් ” ටැලි” ගොට්ලිව් ( Revital  “Tally” Gotliv ) වත්මන් ගැටුමේදී “ඩූම්ස්ඩේ ආයුධය” [න්‍යෂ්ටික අවිය] භාවිතා කරන ලෙස ඉල්ලා ඇත. මෙසේ, වොෂින්ටනයේ මිලිටරි ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම මානව ශිෂ්ටාචාරයේ පැවැත්මට තර්ජනය කරයි.

එහෙත් ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක යුද්ධය අවුලුවාලීම පුලුල් මහජන විරෝධයට මුහුන දෙයි. පසුගිය සති අන්තය පුරා, පලස්තීනුවන්ට එරෙහි එ.ජ.-ඊශ්‍රායල් ජන සංහාරයට එරෙහිව ජනාකීර්ණ සෑම මහාද්වීපයකම මිලියන ගනන් ජනයා උද්ඝෝෂන පැවැත් වූහ. ලන්ඩනයේ දී, 2003 ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු නගරයේ පැවැත්වූ  විශාලතම යුද විරෝධී රැලියට 300,000 ජනයා සහභාගී වූහ.

මෙම වර්ධනය වෙමින් පවතින යුද විරෝධී ව්‍යාපාරය ගැඹුරු කර පුළුල් කළ යුතුය. යුද්ධයට එරෙහිව වැඩෙන ව්‍යාපාරය තම රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරන කම්කරුවන්ගේ ගෝලීය වැඩවර්ජන ව්‍යාපාරය සමග ඒකාබද්ධ කල යුතුය. මේ සඳහා ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි විරුද්ධත්වය සමග යුද්ධයට එරෙහි සටන ඒකාබද්ධ කරමින් කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධය අවුලුවයි Read More »

Massacare

පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී වාර්ගික සුද්ද කිරීම නැවැත්විය හැක්කේ කෙසේද?

සංජය ජයසේකර විසිනි.

මෙහි පල කෙරෙන්නේ, නොවැම්බරු 19 ඉරිදා “පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු!” මාතෘකාව යටතේ කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික)  හා theSocialist.lk ⁣වෙබ් අඩවිය එක්ව සංවිධානය කරන ලද ඔන්ලයින් රැස්වීම ආරම්භයේ කොක්‍රික සභාපති හා theSocialist.lk කර්තෘ මන්ඩල සාමාජික සංජය ජයසේකර සහෝදරයා විසින් කල කතාවයි.

Massacare
දකුනු ගාසාහි කාන් යූනුස් හි මිහිදන් කිරීම සඳහා ඝාතනය වූ පලස්තීනුවන්ගේ මල සිරුරු ඒවා ප්‍රවාහනය කරන රථයක් වෙත ගෙන යමින්. Agent France Press / Getty Image

සහෝදරවරුනි, ස⁣හෝදරියනි, මිත්‍රවරුනි,

  1. ⁣අප මේ රෑස්වීම පවත්වන මොහොතේදී, අප ඇස් ඉදිරියේම, ⁣දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට දැවැන්තම සමූල මිනිස් ඝාතනය සිදුවෙමින් පවතී. දිනපතා අප සමාජ මාධ්‍ය හා අල් ජසීරා මාධ්‍ය හරහා දකිමින් සටින රූප රාමු අප සිහි මෘජාවට පත් කරයි. සියලු රෝහල් අකර්මන්‍යව වෙලා, පනිවිඩ හුවමාරු මාධ්‍ය අවහිර කරල, ගනන් බැලීම් ඇනහිට ඇති තත්වයක් ඇතුලෙමත්, යුරෝ-මෙඩ් හියුමන් රයිට්ස් මොනිටර් සංවිධානයෙ අලුත්ම තක්සේරුව අනුව, 17 සිකුරාදා වන විට බෝම්බ දමනු ලැබූ ගොඩනැගිලි සුන්බුන් යට අතුරුදහන්ව ඇති මිනිසුන් එක්ක  සාමාන්‍ය ගාසා වැසියන් 20,000කට වැඩි ප්‍රමානයක් ඝාතනය කර තිබෙනවා. එයින්  6400 ට වැඩි ප්‍රමානයක් කුඩා දුරුවන්. 32,000කට වැඩි ප්‍රමානයක් අසාධ්‍ය ලෙස තුවාල ලබා තිබෙනවා. ඔබ අප සියලු දෙනා මේ වන විට සිදුවන අපරාධ සම්බන්ධයෙන් හොඳින් දැනුවත්.
  1. අප වගේම, ලොව පුරා කම්කරු මහජනතාව, මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටසක්, විවිධ රටවල, විවිධ ජාතීන්යට හා යුදවේවන් ඇතුලු විවිධ ආගම් වලට අයත් ශිෂ්‍යයින්, තරුනයින්, බුද්ධිමතුන්, කලාකරුවන් දස දහස් ගනනින්, ආන්ඩුවල මර්දනය නොතකාම, ලොව පුරා වීදිවලට පිවිස නෙතන්යාහු පාලනයේ මේ සියොන්වාදී වර්ගික සුද්ද කිරීමේ ඝාතනවලට එරෙහිවත් , වාර්ගික පීඩනයට හා අත්පත් කරගැනීම්වට එරෙහිවත්, ඒ වාගේම  සටන් විරාමයක් සඳහාත්  උද්ඝෝෂනය කරමින් සිටිනවා. ලොව පුරා වෘත්තීය සමිති අත් බැඳගෙන සිටින අතරේ යුද උපකරන ප්‍රවාහනය නතර කිරීම සඳහා වරායක්, වරායක් ගානේ සාමාන්‍ය කම්කරුවෝ ඒවා ප්‍රවාහනයට විරුද්ධව නැගී සිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 120ක් විසින් සටන් විරාමයක් සඳාහා කරනු ලැබූ කැඳවුම නෙත්යාහු ගනනකට ගත්තේ නෑ. මේ වන විට ජන සුද්ධ කිරීමේ ඝාතන ගාසා තීරයේ දකුනට ගෙනයාමට සූදානම් බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ. උතුරින් පලා යන පලස්තීනු වැසියන්ට, තම දිවි ගලවා ගැනීමට නම් දකුනන්ද පලා යන ලෙස ඊශ්‍රායල ගුවන් හමුදා විසින් දැනුම් දී තිබෙනවා. ⁣මෙය යුද්ධයක් නොව සමූල ඝාතනයකි. එය “නක්බා-2023” බව නෙතන්යාහු තන්ත්‍රය දැනටමත් කියා තිබේ. එහි ආරක්ෂක ඇමති කියා ඇත්තේ “ගාසාවක පැවැත්මක තවදුරටත්  පිලි නොගන්නා” බවයි. මේ ආකාරයෙන්, මෙම ලේ පිපාසිත පාලක තන්ත්‍රය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය වගේම ජාත්‍යන්තර මානූෂවාදී නීතියද අමු අමුවේ උල්ලංඝනය කර, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ ඇතුලු දැවැන්ත යුද අපරාධ සිදුකරමින් සිටී. අපරාද වසන් කිරීම සඳහා සියොන්වාදී-අධිරාජ්‍යවාදී ධනපති මාධ්‍ය ජාලය  බොරු ප්‍රචාර ගෙන ගියත්, ඒවා හෙලිදරව් කිරීම සඳහා සමාජ මාධ්‍ය වල සාමාන්‍ය ක්‍රියාකාරීන් ක්‍රියාත්මක වී තිබේ.  යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා නේටෝව රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයේදී පූටින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කල ජාත්‍යන්තර අපරාධ අධිකරනය තමන්ගේ අධිරාජ්‍යගැති ස්වභාවය එලිපිට හෙලදරව් කර තිබෙනවා. මේ අපරාධ පෙනි පෙනීම, නෙතන්යාහු, ඔහුගේ ආරක්ෂක ඇමති හා මිලිටරි නායකයින් කිසිවෙකුට එරෙහිව කිසිදු අපරාධ යුක්ති ක්‍රියාදාමයක් ආරම්භ කොට නැහැ. සියලු අධිරාජ්‍යවාදී රටවල හා ලොව පුරා ඒවායේ කුලෑටි රාජ්‍යවල ක්‍රියාකාරී හෝ නිහැඩි සහාය යටතේ ඊශ්‍රායලය මෙම ජන සංහාරක ප්‍රහාරයන් භාධාවකින් තොරව කරගෙන යනවා. 
  1. යටත්විජිතවාදය නැවත පැමින තිබේ. මේ ක්‍රියාදාමය තුලින් ද පැහැදිලිව පේන්නේ ලෝකයේ අන් හැම මහජන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වාගේම ලෝකය නිශ්චිතව දෙකට බෙදී තිබෙන බවයි: එනම් යුද්ධය, ජන ඝාතන, කප්පාදුව හා මර්දනය ඉල්ලා සිටින ධනපති පාලක පන්නීන් එක් පැත්තකත්, අනික් පසින් ඒ සියල්ල ප්‍රතක්ෂේප කරමින් ලොව පුරා, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා යුද්ධයට එරෙහිව ධනපති විරෝධි ව්‍යාපාරයක් ගොඩනැගීමේ පුලුල් මහජන බලමුලු ගැන්වීමක් ජාත්‍යන්තරවම, නිරායාසයෙන්ම හටගනිමන් තිබෙන බවයි. එහෙත්, එයට තම ගෝලීය සතුරා පරාජය කල හැක්කේ කෙසේද?
  1. ඊශ්‍රායලය කියන්නෙ වාර්ගික සුද්ධ කිරීම්  මගින්, අපරාධ මතින්, කොල්ලකෑම් හා පලවා හැරීම් මතින් ගොඩ නැගූ රාජ්‍යයක්. සියලු ඝාතන සාධාරනීකරනය කිරීම සඳහා තමන්ගේ සියොන්වාදී රාජ්‍යයේ ආරක්ෂාවට ඇති අයිතිය සාවද්‍ය ලෙස කියාපාන ඊශ්‍රායලයට තම පැවැත්මේ යුක්තිසහගතභාවයම කියා පෑමට නොහැකියි. එය 1948 ආරම්භයේ සිටම පිහිටවනු ලැබූයේ අධිරාජ්‍යවාදයේ මැදපෙරදිග ප්‍රොක්සිය, බලල් අත විදියට. කොලඹ ක්‍රියාකාරී කමිටුවේ නොවැම්බර් 15 ප්‍රකාශයේ අප පෙන්වා දුන් පරිදි “ඇමරිකා එක්සත් ජනපදය ද, සෙසු අධිරාජ්‍යවාදීන් ද ඊශ්‍රායලයට පුදන සහායට යටින් පවතින්නේ පැරැණි යටත් විජිත රටවල් නැවත යටත් කරගැනීමේ ස්වකීය භූ දේශපාලනික අරමුණු සඳහා දඩ බල්ලෙකු ලෙස ඊශ්‍රායලය භාවිතා කිරීමේ උවමනාවයි. අධිරාජ්‍යවාදයට තමන්ට අවශ්‍ය විට පාරා ගැනීම සඳහා මේ ලේ ගලන තුවාලය පවත්වා ගැනීම අවශ්‍ය ය. ඊශ්‍රායල – පලස්තීන ද්වි රාජ්‍ය සැලැස්මක් ඔවුන් ඉදිරිපත් කරන්නේ එම අරමුණිනි. පලස්තීන ජනඝාතනයට එරෙහි වීම යනු එකී අධිරාජ්‍යවාදී අරමුණට එරෙහි නැඟී සිටීමකි.”
  1. පලස්තීන භූමි ප්‍රදේශ තුල 1947වන විටත්, ඒ වන විට සිදුව තිබූ මහා සංක්‍රමණවලින් පසුවත්, යුදෙව්වන් ජීවත් වූයේ  ජනගහණයෙන් තුනෙන් එකක් පමණයි.  ඒ වන විට පවතින රටක් බෙදා, එහි මුල්පදිංචිකරුවන් වූ පලස්තීනුවන්ට අඩුභූමි ප්‍රමානයක් වෙන් කරමින් ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කරන විට එහි ආරම්භය හා පවත්වාගෙන යෑම කිසි විටෙක  ප්‍රජාතන්ත්‍රවාදීව සාක්ෂාත් කරගත හැකි වූයේ වත්, හැකි  වන්නේවත් නැත. 1948 නක්බාව, එනම් ඝාතනයන් ඇතුලු ක්‍රියා හරහා පලස්තීනුවන් ප්‍රචණ්ඩ ලෙස අවතැන් කිරීම, නෙරපා හැරීම, යුදෙව් පදිංච් කිරීම්, සහ ඔවුන්ගේ සමාජය, සංස්කෘතිය, අනන්‍යතාවය, දේශපාලන අයිතිවාසිකම් වගේම ජාතික අභිලාෂයන් විනාශ කිරීමේ ක්‍රියාන්විතයෙන් පටන්, ගෙවී ගිය වසර 75 ක කාලය, පලස්තීනුවන් සමූලඝාතන, වර්ණභේදවාදය, අත්පත් කරගැනීම් ඇතුලු දෛනික පීඩනයන්ට නතු කල අනවරත භීෂනයකට, නක්බාවකට යටත් කෙරුනි. මෙලෙස අවතැන් කරනු ලැබූවන්ගේ නව පරම්පරාවේ මිලියන හයක් පමන අද පලස්තීනය පුරා සහ අසල්වැසි රටවල් වන ලෙබනනය, සිරියාව, ජෝර්දානය සහ ඊජිප්තුව පුරා නරකාදි කඳවුරු 58 ක සරණාගතයින් ලෙස ජීවත් වෙනවා. අනවරතව ක්‍රියාත්මක කෙරුනු මේ වාර්ගික පීඩනයේ උච්චතම අවස්ථාව 1967 දින සයේ යුද්ධයෙන් පසු ක්‍රියාත්මක කෙරුනේ “නස්කාව”, එනම් අලුත් වටයකින් අවතැන් කිරීමෙන්, ඒ වගේම ගාසා තීරය, බටහිර ඉවුර හා බටහිර ජෙරුසෙලම අල්ලා ගැනීමෙන් පසුව ඒවා විවෘත සිරමැදිරි බවට පත් කිරීමෙන්. 1967 යුද්ධය, අල්ලා ගත් භූමිය ස්ථිරවම ඈඳා ගැනීමේ මහා ඊශ්‍රායල (greater Israel) ප්‍රතිපත්තියක් වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් විය.
  1. පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාර සහ අත්පත්කරගෙන ඇති ප්‍රදේශවල මහා හිංසන, පලස්තීනු විමුක්ති සංවිධානයේ (PLO)  පාලනයෙන් බැහැරව පුපුරා ගිය 1987-93 ස්වයංසිද්ධ පලස්තීන නැගිටීම වන පළමු ඉන්ටිෆාඩාවට තුඩු දුන්නා. එය ඊශ්‍රායලය විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කලා.  පලස්තීනුවන් 1,000කට අධික ප්‍රමානයක් ඝාතනය කෙරුනා. අවසානයේ, 1993 දී ඊශ්‍රායලයේ  අගමැති රබින් සහ PLO නායක අරෆත් අතර බිල් කලින්ටන් ජනාධිපති ඉදිරියේ  ඔස්ලෝ ගිවිසුම අත්සන් කෙරුනා. මේ මගින් අරෆත් සහ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ඊශ්‍රායලය පිළිගැනීමට සහ ත්‍රස්තවාදය අත්හැරීමට එකඟ වුනා. ඊශ්‍රායලය මෙම ගිවිසුම යොදා ගත්තේ බටහිර ඉවුරේ ජනාවාස වඩාත් වේගයෙන් ව්‍යාප්ත කිරීමට, ජලය සහ අනෙකුත් සම්පත් පාලනය කිරීමට, මාර්ග තැනීමට, මුරපොලවල් 600 කට වඩා ස්ථාපනය කිරීමට, කලාපය පුරා ගමන් කිරීමට බාධා ඇති කිරීමට හා එහි ආර්ථිකය විනාශ කිරීමට.
  1. 2000 සැප්තැම්බර් 28 වැනි දින දෙවන ඉන්ටිෆාඩාව ආරම්භ වූයේ, ලිකුඩ් විපක්ෂ නායක ඒරියල් ෂැරොන්, පැරණි ජෙරුසලමේ සහ අවට ආරක්ෂක හමුදා දහස් ගණනක් සමඟින් අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයට ප්‍රකෝපකාරී සංචාරයක නිරත වීමෙන් පසුව. මෙම සිද්ධිය පුලුල්ව පැතිරුනු සන්නද්ධ නැගිටීමක් ඇති කලා.  මෙම ඉන්ටිෆාඩාව සලකුනු කරගත යුත්තේ විනාශකාරී ඔස්ලෝ ගිවිසුම අනුමත කළ PLO නායකත්වයට එරෙහි නැගිටීමක් ලෙස. ඉන්ටිෆාඩා අතරතුර ඊශ්‍රායලය පලස්තීන ආර්ථිකයට සහ යටිතල පහසුකම්වලට පෙර නොවූ විරූ හානියක් සිදු කළා. ඊශ්‍රායලය පලස්තීන අධිකාරිය විසින් පාලනය කරන ලද ප්‍රදේශ නැවත අත්පත් කර ගත්තා. අගමැති ෂැරොන්  වාර්ගික බෙදීමේ තාප්පයක් (Separation Wall) ඉදිකිරීම ආරම්භ කළා. යුදෙව් ජනාවාස ඉදිකිරීමත් සමඟ පලස්තීන ජීවනෝපායන් සහ ප්‍රජාවන් විනාශ කළා.
  1. මේ ශතවර්ශය ආරම්භයේදී,එනම් 2008, 2012, 2014 සහ 2021 දී  ඊශ්‍රායලය ගාසා තීරයට ඇදීගිය මිලිටරි ප්‍රහාර හතරක් දියත් කලා.  දරුවන් විශාල සංඛ්‍යාවක් ඇතුළුව පලස්තීනුවන් දහස් ගණනක් මරා දැමුනා. නිවාස, පාසල් සහ කාර්යාල ගොඩනැගිලි දස දහස් ගණනක් විනාශ කලා. ඉතාමත් අයුතු සහගත ලෙස අත්අඩංගුවට ගන්නා ලද පලස්තීනු තරුන තරුනියන්,  කම්කරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු 8000ක්  පමන ඊශ්‍රායල සිර කඳවුරුතුල ගාල්කර වද බන්ධනයන්ට යටත් කෙරෙනවා.
  1. ඔක්තෝම්බර් 7 හමාස් ප්‍රහාරයට පලස්තීනු මහජනතාවගේ පුලුල් මහජන සහයෝගයක් මේ පීඩක කොන්දේසි යටතේ ලැබීම අතිෂයින් තාර්කිකයි. එය සමූහ සියදිවි නසාගැනීමේ මෙහෙයුමකට සමාන වුවත්, එය අනිවාර්යයෙන්ම, පරම්පරා ගනනක් උපතේ සිට මරනය දක්වා පීඩනයට, අනවරත හිංසනයට ලක්කරනු ලැබූ ජනතාවකගේ අව්‍යාජ කැරැල්ලක්.
  1. ගාසාහි වර්තමාන මිනිස් සංහාරයේ ප්‍රධාන කොටස්කරුවන් වන්නේ  ඇමරිකානු අධිරාජ්‍යවාදය ප්‍රමුඛ කැනේඩියානු, ඕස්ට්‍රෙිලියානු හා බටහිර යුරෝපියානු  අධිරාජ්‍යවාදී කඳවුර. චීනය ආර්ථික වශයෙන් හිර කර එය මිලිටරි වශයෙන් වට කොට පහරදීමේ යුද්ධයක සැලසුම් මත ඇමරිකානු අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වෙනවා. යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය හරහා රුසියාව කැබලිවලට කඩා දැමීම මගින් තම ධනපති සංගතවලට සමස්ථ යුරෝ-ආසියානු කලාපයේම ස්වාභාවික සම්පත් කොල්ල කෑම සඳහා තමන්ට අවනත කුඩා රාජ්‍ය කැබලි ඇටවීම එහි සැලැස්මයි. ⁣මේ සැලසුම් සමස්ථ ලෝකයම න්‍යෂ්ඨික ලෝක යුද අන්තරායකට ඇද දමා තිබෙනවා. තම හෙජමනික අවශ්‍යතා සඳහා වසර තිහක් තිස්සේ මැදපෙරදිග මිලියන ගනනින් මහජනතාව ඝාතනය කල ආක්‍රමනික යුද්ධ ගනනාවකින් වගේම, මැදපෙරදිග තම ආර්ථික අනසක සඳහා ඊශ්‍රායලය ගොඩනැගීම හා පවත්වාගෙන යාම ඇමරිකාවට අවශ්‍ය වෙයි. දෙවන ලෝක යුද්⁣ධයෙන් ඉක්බිති, 1946 සිට 2022 දක්වා එක්සත් ජනපදයේ ආධාර වැඩියෙන්ම ලැබූ රට ඊශ්‍රායල යි. එය එජ. ඩොලර් බිලියන 260කි. ඊශ්‍රායලයේ අයන් ඩෝම් යන මිසයිල් ආරක්ෂන පද්ධතිය සඳහා තවත් ඩෙලෙර් බිලියන 10ක ධනස්කන්දයක් ලබා දී තිබෙනවා. මේ සියල්ල මනුෂ්‍ය ඝාතන පිනිස මිස, මිනිසුන් ජීවත් කිරීමට නොවෙි. මෑතකදීමත්, කොවිඩ් වසංගතය තුල ලොවපුරා මිලියන 25කට ආසන්න මහජනතාවක් මරනයට අතහැර දැමුවේත් මේ මිනීමරු පාලක පන්තිය බව සිහිකර ගන්න.
  1. අධිරාජ්‍යවාදී පද්ධතියට ආක්‍රමන, ජන ඝාතන, හා යුද්ධ හැර අන් මාවතක් නැත. න්‍යෂිඨික යුද්ධයක් වලක්වා ගැනීම මෙන්ම පලස්තීනු ජන සංහාරය වලක්වා ගැනීමේ කාර්යභාරය සාක්ෂාත් කල හැක්කේ, ඒ හෝ මේ අධිරාජ්‍යවාදී කඳවුරට හෝ ඒවායේ සැඟවුනු ඒජන්තයන්ට ඇවටලි කිරීම මගින් නොව, ⁣යුද්ධයට සේවය කිරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා ලොව පුරා කම්කරු පන්තිය නිශ්චිතව තීරනය කර අධිරාජ්‍යවාදී පද්ධතියට එරෙහිව සෑම රටකමත්, ජාත්‍යන්තරවත් කාර්මික ශක්තිය ඒකාබද්ධ කිරීමෙනි. 
  1. ධනපති පද්ධතියේ සමහන් කල නොහැකි අර්බුදය ඉතිරි කර ඇත්තේ විකල්ප දෙකයි: එක්කෝ මුලු ලොවම නසන න්‍යෂ්ඨික තුන්වන ලෝක යුද්ධය හා දිග් ගැසුනු මහා ජන සංහාරයයි. එසේ නැත්නම්, යුද්ධයේ පදනමවූ ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා උසස් මානව සංස්කෘතියක් තහවරු කරන ලෝක සමාජවාදී ක්‍රමයක් මගින් අධිරාජ්‍යවාදී පදධතිය විස්තාපනය කිරීමයි. අධිරාජ්‍යවාදී ද්වි-රාජ්‍ය මර උගුලට එරෙහිව, පවතින ඊශ්‍රායල රාජ්‍ය විසුරුවා ඒ වෙනුවට යුදෙව්-අරාබි ඒකාබද්ධ සමාජවාදී ජනරජයක් බිහි කිරීමට මෙහායින්  පලස්තීනු-යුදෙව් කම්කරු මහජනතාවට සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය  උදා කර ගත හැකි වනු නැත.  
  1. මූල්‍ය කථිපයාධිපත්‍යය ⁣මගින් නිර්මිත අධිරාජ්‍යවාදී පද්ධතියට ගැටගැසී, යුද්ධයට සහාය දෙන ධනපති ජාතික රාජ්‍ය වල  ආන්ඩුවලට එරෙහිව  කම්කරු පන්තිය තම දේශයේ පාලක පන්තියට එරෙහිව බලය සඳහා සටන් කිරීම කප්පදුවට එරෙහිව අරගලයේම කොටසකි. නායකත්වයේ අර්බුදය විසඳිය යුතුව ඇත්තේ මේ අරගලය  ජයග්‍රහනය තෙක් පෙරටගැනීම සඳහාය. කොලඹ ක්‍රියාකාරී කමිටුව සිටගන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කර ඇති මෙම නායකත්වය ගොඩනැගීමේ වැඩ පිලිවෙල සමගයි.
  1. අද දින අප පවත්වන මේ රැස්වීම තුල මේ වැඩ පිලිවෙල වඩාත් විස්තීරනව සාකච්ජා කර ගැනීම සඳහා ⁣අවකාශය සලසා ගනිමු යැයි සහෝදර ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

            ස්තූතියි.

පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී වාර්ගික සුද්ද කිරීම නැවැත්විය හැක්කේ කෙසේද? Read More »

Demolition

ඊශ්‍රායලයේ ජබාලියා සරණාගත කඳවුරු බෝම්බ ප්‍රහාරය: අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ නව අදියරක්

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 01 දින පල වූ ‘Israel’s Jabaliya refugee camp bombing: A new stage of imperialist barbarism’යන ඇන්ඩෘ ඩැමන්  විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Demolition
2023 නොවැම්බර් 1 බදාදා, උතුරු ගාසා තීරයේ, ජබාලියා සරණාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් ඉලක්ක කරන ලද ගොඩනැගිලිවල සුන්බුන් අතර, අනෙක් අය සැරිසරන විට, මිනිසෙක් සුන්බුන් මත වාඩි වී සිටියි. (AP ඡායාරූපය/අබෙඩ් කලීඩ්)

අඟහරුවාදා ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට බෝම්බ හෙලීමෙන් සිදු වූ බිහිසුණු ප්‍රතිඵලයෙන්  ඉක්බිතිව, එක්සත් ජනපදය සහ එහි සහචරයෝ ඊශ්‍රායලයේ කුරිරුකම් සාධාරණීකරණය කරනවා පමණක් නොව, ගාසා තීරයේ සිවිල් ජනතාව නීත්‍යානුකූල මිලිටරි ඉලක්කයක් බවට ප්‍රකාශ කර ඇත.

අඟහරුවාදා, ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා, ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර පිහිටි ජනාකීර්ණ ජබාලියා අසල්වැසි ප්‍රදේශයට බෝම්බ රොත්තක් හෙලීමෙන් දුසිම් ගනනක් මිය යාමෙන් පසු , ඊළඟ දවසේ, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ජබාලියා කඳවුරට යලිත් ප්‍රහාර එල්ල කරමින් සමූලඝාතනය පිලිබඳ ගෝලීය කෝපයට ප්‍රතිචාර දැක්වීය. මෙම බෝම්බ ප්‍රහාර දෙකෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 195 දක්වා ඉහළ ගොස් ඇති අතර 120 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත.

සියගණනක් කාන්තාවන් සහ ළමයින්ගෙන් පිරුණු ප්‍රදේශයකට හිතාමතාම ප්‍රහාර එල්ල කිරීම ගැන ඊශ්‍රායල බලධාරීන් සතුටු විය. “ඒත් ඔය සරණාගත කඳවුරේත් සරණාගතයෝ, අහිංසක සිවිල් මිනිස්සු, පිරිමි, ගෑණු, ළමයි ගොඩක් ඉන්නවා කියලා ඔයා දන්නවා නේද?” CNN නියාමක වුල්ෆ් බ්ලිට්සර්  IDF ප්‍රකාශක, ලුතිනන් කර්නල් රිචඩ් හෙක්ට්ගෙන් ඇසුවේය.

පිළිතුර ඔව් බව හෙක්ට් පැහැදිලි කළේය. “මෙය යුද්ධයේ ඛේදවාචකය, වුල්ෆ්,” ඔහු පිළිතුරු දුන්නේය.

හෙක්ට්ගේ ප්‍රකාශයට සෘජුවම ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටි විට, එක්සත් ජනපද පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් පැට් රයිඩර් පලස්තීනුවන් “මිනිස් පලිහක්” ලෙස සේවය කරන බවට චෝදනා කරමින් ප්‍රහාරය අනුමත කළේය. බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ , ගාසා තීරයේ එක්සත් ජනපදය ඉවසීමට කැමති සිවිල් මරණ සංඛ්‍යාවට “සීමාවක්” නොමැති බවයි.

එක්සත් ජනපද-ඊශ්‍රායල සැලසුම් පැහැදිලි වෙමින් තිබේ. වසර 50ක් පුරා අධිරාජ්‍යවාදී බලවතුන් පලස්තීනුවන්ගේ “ප්‍රශ්නයට” “විසඳුමක්” ගැන කතා කරමින් සිටිති. දැන්, ඔවුන් එකක් සොයාගෙන ඇත: “පලස්තීන ප්‍රශ්නයේ අවසාන විසඳුමයි.”

ඊශ්‍රායලය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇතිව සමූහ සමූලඝාතන හා වාර්ගික ශුද්ධ කිරීමේ යුද්ධයක් දියත් කරමින් සිටින්නේ, හැකිතාක් පලස්තීනුවන් මරා දැමීම සහ ජීවතුන් අතර සිටින සියල්ලන් ගාසා තීරයෙන් එලවා දැමීමේ අරමුනෙනි-එක්කෝ රටක් නැති සරණාගතයින් ලෙස ලොව පුරා විසිරුවා හැරීම හෝ සීනයි කාන්තාරයට [ඊජිප්තුව] එලවා දැමීමයි. .

බදාදා, ඊශ්‍රායල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඊශ්‍රායල ආන්ඩුවේ හිටපු තොරතුරු ඇමතිනී ගැලිට් ඩිස්ටල්-ඇට්බාරියන් ඉල්ලා සිටියේ,  “මුළු ගාසාව මිහිතලයෙන් මකා දැමිය යුතු” ලෙසත්, එසේ කිරීමේදී “ගාසාවේ රාක්ෂයන් දකුණු වැටට පියාසර කර ඊජිප්තු භූමියට ඇතුළු වීමට උත්සාහ කරනු ඇත – නැතහොත් ඔවුන් මිය යනු ඇත … ගාසාව මකා දැමිය යුතුය.” යන්නයි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිව් යෝර්ක් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ක්‍රේග් මොකිබර් ගේ ඉල්ලා අස්වීම අඟහරුවාදා නිවේදනය කළ අතර, සමස්ත ලෝකයටම වඩ වඩාත් පැහැදිලිව පෙනෙන දේ එහි විස්තර කරයි., “මෙය සමූල ජන ඝාතනය සඳහා පාඨ ග්‍රන්ථමය වේ” යැයි මොකිබර් සඳහන් කළේය ය. “පලස්තීනයේ , යුරෝපීය, වාර්ගික-ජාතිකවාදී, පදිංචිකරුවන්ගේ යටත් විජිත ව්‍යාපෘතිය  ස්වදේශික පලස්තීන ජීවිතයේ අවසාන නටබුන් කඩිනම් විනාශ කිරීම කරා, එහි අවසන් අදියරට පිවිස ඇත. ඊටත් වඩා, එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ සහ යුරෝපයේ බොහෝ ආන්ඩු, බිහිසුණු ප්‍රහාරයට මුලුමනින්ම හවුල් වේ. මෙම ආන්ඩු ජිනීවා සම්මුතීන් සඳහා ‘ගෞරවය සහතික කිරීමට ‘ ඔවුන්ගේ ගිවිසුම් බැඳීම් සපුරාලීම ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, ඇත්ත වශයෙන්ම ඔවුන් ප්‍රහාරය සක්‍රීයව සන්නද්ධ කරමින්, ආර්ථික සහ බුද්ධිමය සහාය ලබා දෙමින් සහ ඊශ්‍රායලයේ කුරිරුකම් සඳහා දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ආවරණයක් ලබා දෙමින් සිටිති.”

ගාසා තීරයේ මෙම සමූහ ඝාතනයට සහ වාර්ගික ශෝධනයට එක්සත් ජනපද හමුදා විසින් සක්‍රියව දායකත්වය සපයනු ලබන අතර මෙහෙයවීමද කරනු ලබයි. අඟහරුවාදා රාත්‍රියේ, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ “ඇමරිකානු කමාන්ඩෝ භටයින් ඊශ්‍රායලයේ භූමියේ සිටි” බවයි. මෙය වූයේ පලස්තීනයේ හිටපු තානාපති සල්මාන් අල්-හර්ෆිගේ ප්‍රකාශයෙන් පසුවය. එක්සත් ජනපද හමුදා “ගාසාවේ භූමියේ හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ” බව ඔහු ප්‍රකාශ කළේය. එක්සත් ජනපද සහ නේටෝ හමුදා විසින් ගාසා තීරය ආක්‍රමණය කිරීම ඇතුළු ගැටුමේ දී , එක්සත් ජනපද හමුදා ඊටත් වඩා සෘජු භූමිකාවක් ඉටු කිරීම ගැන එක්සත් ජනපද නිලධාරීන් සාකච්ඡා කරමින් සිටිති.

ගාසා තීරයේ සිවිල් ජනතාවට එරෙහි කුරිරු යුද්ධය, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව,එක්සත් ජනපදය විසින් දියත් කල , දශක තුනක නිමක් නැති යුද්ධයේ ප්‍රතිඵලයකි.  “මරණයේ මහා මාර්ගය” සහිත ගල්ෆ් යුද්ධයේ සිට යුගෝස්ලාවියාවේ සිවිල් යටිතල ව්‍යුහය ක්‍රමානුකූලව විනාශ කිරීම හරහා, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” අතරතුර ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම සහ අත්පත් කර ගැනීම දක්වා එය විහිදී යයි.

මෙම ගෝලීය යුද්ධ , ඉරානය, රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් සර්ව ව්‍යාප්ත ගෝලීය ගැටුමක් ලෙස එක්සත්  ජනපදය විසින් දකින දෙය බවට පරිවර්තනය වී ඇත. බ්ලින්කන් කැපිටල් හිල් හි දී, සාක්ෂියක් ලෙස ප්‍රකාශ කළ පරිදි, “අපේ විරුද්ධවාදීන් සඳහා, ඔවුන් රාජ්‍යයන් හෝ රාජ්‍ය නොවන අය වේවා, මේ සියල්ල එක සටනකි.”

ගාසා තීරයේ සිදුවන සමූලඝාතනය, විදේශ ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙස එක්සත් ජනපදය විසින් ජන සංහාරය වැලඳ ගැනීම සනිටුහන් කරයි. මේ මාසයේ බයිඩන් යලිත් සඳහන් කල පරිදි ඇමරිකාවේ “නව ලෝක පර්යාය ” ගොඩනැගෙන්නේ සමූහ මිනීමැරුම් මත ය.

එක්සත් ජනපදයේ සහ එහි සහචරයන්ගේ පැත්තෙන් යුද අපරාධ සඳහා පහසුකම් සලසා ගැනීමට සහ යුක්ති සහගත කිරීමට යොදා ගනු ලබන, ඇමරිකානු “මානව හිමිකම්” අධිරාජ්‍යවාදයේ සම්පූර්ණ කුහකත්වය පෙන්නුම් කර ඇත.2021 මාර්තු මාසයේදී මාරිපෝල් හි මාතෘ වාට්ටුවකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත් කළ බවට රුසියාවට චෝදනා එල්ල වූ විට , එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් ප්‍රකාශ කළේ එය “යුද අපරාධයක්” බවයි. එපමණකි .” එහෙත් ඊශ්‍රායලය, බයිඩන් පරිපාලනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව හිතාමතාම සිවිල් වැසියන් දහස් ගණනක් මරා දමයි. 

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව මහජන උද්ඝෝෂන වලට සහභාගී වෙමින් එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සාපරාධීත්වයට ප්‍රතිචාර දක්වා ඇත. සමූහ ඝාතනවලට එරෙහි මෙම උද්ඝෝෂන , “යුදෙව් විරෝධවාදී” ලෙස ,සැකෙන් බියෙන් තොරව , අධිරාජ්‍යවාදී ආන්ඩු විසින් හදුන්වනු ලබයි. 

සංහාරය සිදු කරනු ලබන්නේ ඊශ්‍රායල රාජ්‍යය විසින් වන අතර, එය , යුදෙව් මිනිසුන්ගේ නොව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බළල් අතක් (ප්‍රොක්සියක්) ලෙස ක්‍රියා කරයි, ඔවුන්ගෙන් [ යුදෙව්වන්] බොහෝ දෙනෙක් ඝාතනයට එරෙහි උද්ඝෝෂන වලට සහභාගී වූහ.

ගාසා තීරයට එක්සත් ජනපද-ඊශ්‍රායල් බෝම්බ හෙලීම සහ සියලුම ඊශ්‍රායල හමුදා බලමුලු ගැන්වීම වහාම නතර කරන ලෙස සහ ගාසා තීරයේ දේශසීමාවෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කිරීමට  කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය. ගාසා තීරය වටලෑම අවසන් කළ යුතු අතර ආහාර, ජලය, විදුලිය, වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සියලුම අවශ්‍යතා වහාම ලබා දිය යුතුය.

පසුගිය මාසයේ පලස්තීන වෘත්තීය සමිති කන්ඩායමක් ලොව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ යුද උපකරණ හැසිරවීම ප්‍රතික්ෂේප කරන ලෙසයි. ඔක්තෝබර් 31දා, බෙල්ජියම් ගුවන් තොටුපළ ගොඩබිම් කාර්ය මණ්ඩල වෘත්තීය සමිති එකමුතුවක්  “ඊශ්‍රායලයට ආයුධ නැව්ගත කිරීම නවත්වන ලෙස” ඔවුන්ගේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ ය. ඊශ්‍රායලයේ ජන සංහාරයට සහාය විය හැකි ඕනෑම සම්පත් සැපයුමක් කපා හැරීමට, වැඩ වර්ජනවල නිරත වන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගෝලීය වශයෙන් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ලොව පුරා නැව් තටාක සේවකයින්, ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය සහ ප්‍රවාහන සේවකයින් ඊශ්‍රායලයට යැවීම සඳහා අදහස් කරන ආයුධ නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කළ යුතුය.

ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව ලොව පුරා පුපුරා ගිය උද්ඝෝෂන සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, කම්කරු පන්තිය වෙත හැරීමක් මගින් ගැඹුරු කර පුලුල් කල යුතුය. මෙම මහජන ව්‍යාපාරය සියලු ධනේශ්වර ආන්ඩුවලට සහ පාලක පන්තියේ දේශපාලන පක්ෂවලට එරෙහිව යොමු කළ යුතුය.

ඊශ්‍රායලයේ ජබාලියා සරණාගත කඳවුරු බෝම්බ ප්‍රහාරය: අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ නව අදියරක් Read More »

Bombing

ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය බෝම්බ හෙලීම: ගාසා තීරයේ ජන සංහාරයේ තවත් කුරිරු ක්‍රියාවක්

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 31 දින පල වූ ‘Israel’s bombing of the Jabaliya refugee camp: Another atrocity in the genocide in Gaza’ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Bombing
පලස්තීනුවන් , 2023 ඔක්තෝම්බර් 31 වන දින ගාසා තීරයේ නුසෙයිරාත් සරණාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සොයති. [AP Photo/Doaa AlBaz]

ඊයේ [ ඔක්තෝබර් 30] , ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් සිදු කරන බිහිසුණු කුරිරු ක්‍රියාවක් ලෙස ජබාලියා සරණාගත කඳවුරට එල්ල කරන ලද අනපේක්ෂිත බෝම්බ ප්‍රහාරයකින් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් සිය ගණනක් මරා දමා තුවාල  සිදු කරනු ලැබීය. කලක් උස් ගොඩනැගිලි රාශියක් තිබූ මෙම කඳවුරේ විශාල ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම සුන්බුන් ලෙස කඩා වැටී ඇති බව ඡායාරූපවලින් හෙළි විය.

ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවීමේදී තම භූමියෙන් පලා යාමට බලකෙරුණු පලස්තීනුවන්ගෙන් පැවතෙන්නන් නවාතැන් ගැනීම සඳහා ඉදිකරන ලද ජබාලියා කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් 50 දෙනෙක් මිය ගොස් සහ තුවාල ලැබූ අය 150 ක් හඳුනාගෙන ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේය. සම්පූර්ණ මරණ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකිය. කඳවුර විනාශ කළ දැවැන්ත බෝම්බ පිපිරීම් හයෙන් මියගිය බොහෝ දෙනෙක් වාෂ්ප වී හෝ හඳුනාගත නොහැකි කැබලිවලට ඉරා දැමූහ.

“මම එහි ගොස් විනාශය දුටුවෙමි … සුන්බුන් යට වැළලී ඇති නිවාස, ශරීර කොටස් සහ දිවි පිදූවන් සහ තුවාල ලැබූවන් විශාල සංඛ්‍යාවක්  ඇත,” සුන්බුන් හරහා හෑරීමට උදව් කළ 41 හැවිරිදි අයෙක් AFP පූවත් වෙත පැවසීය. “ඔවුන් සිය ගණනක් දිවි පිදූවන් සහ තුවාල ලැබූවන් ගැන කතා කරන විට අතිශයෝක්තියක් නැත. [මිනිසුන්] තවමත් ළමයින්ගේ, කාන්තාවන්ගේ සහ වැඩිහිටියන්ගේ දේහයන් ප්‍රවාහනය කරයි.”

අනාරක්ෂිත සිවිල් කඳවුරක් ඉලක්ක කරගත් මෙම සමූහ ඝාතන ක්‍රියාව බොහෝ “ත්‍රස්තවාදීන්” සමූලඝාතනය කර ඇති බවට උදම් අනමින් ඊශ්‍රායල නිලධාරීහු බෝම්බ ප්‍රහාරය නිර්ලජ්ජිතව ආරක්ෂා කළහ. IDF ප්‍රකාශක ඩැනියෙල් හගාරි  පැවසුවේ , බෝම්බ ප්‍රහාරයෙන් “ත්‍රස්තවාදී මිනීමරු ඊබ්‍රාහිම් බියරි තුරන් කිරීමට සමත් වූ” බවයි. ඔහු ගාසා තීරයේ IDF හමුදාවන්ට එරෙහි “සටනෙහි ප්‍රධාන නායකයා” බව හගාරි ප්‍රකාශ කළේය. බියරි ගේ “තුරන් කිරීම අතරතුර, බොහෝ ත්‍රස්තවාදීන්  ඝාතනය කරන ලද,” බව හගාරි පැවසීය.

ජබාලියා සරණාගත කඳවුරට බෝම්බ හෙලීම, ගාසා තීරයට එරෙහි IDF හි ජන සංහාරක ප්‍රහාරය හෙලා දකිමින් ලොව පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයන්ගේ මහජන විරෝධතාවලට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව සහ ඔහුගේ නේටෝ අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ගේ ප්‍රතිචාරයයි. ඔවුන්ගේ පණිවිඩය නම්: අපි ඔබගේ විරෝධතා නොසලකා හරිමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරයේ ක්‍රම මගින් යුද්ධ කිරීම ඉදිරියට කරගෙන යන්නෙමු , යන්නයි.

(ට්විටර් පණිවිඩය)

එහි යුරෝපීය නේටෝ සහචරයින්ගේ සක්‍රීය අනුග්‍රහය ඇතිව වොෂින්ටනය විසින් පෙර දින මෙම කුරිරු ක්‍රියාව සඳහා කොළ එළිය දෙන ලදී. ළමුන් 3,000කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව ගාසා තීරයේ තහවුරු වූ මරණ සංඛ්‍යාව 8,000 ඉක්මවන විට, එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ගාසා තීරයේ සටන් විරාමයකට පක්ෂව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 120-14 අතිමහත් ඡන්ද ප්‍රතික්ෂේප කළේය.

යුද්ධය සහ සිවිල් වැසියන්ගේ  සමූල ඝාතනයන් දිගටම කරගෙන යා යුතු බව කිර්බි අවධාරනය කළේය. ඔහු පැවසුවේ, “මේ මොහොතේ සටන් විරාමයක් නිවැරදි පිළිතුර යැයි අපි විශ්වාස නොකරමු … දැන් සටන් විරාමයක් හමාස් සංවිධානයට ප්‍රතිලාභ ලබා දෙන බව අපි විශ්වාස කරන අතර, දැන් එයින් ප්‍රයෝජන ලබන්නේ හමාස් පමණි.”

ඊයේ, කර්බි ජබාලියා කඳවුරට බෝම්බ හෙලීම ආරක්ෂා කරමින්, ඒ ගැන විශේෂයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. “අපි සෑම සිදුවීමකටම තත්‍ය කාලීනව ප්‍රතිචාර දක්වන්නේ නැහැ,” ඔහු පැවසීය. කෙසේ වෙතත්, එක්සත් ජනපද නිලධාරීන් ඊශ්‍රායලයේ “අපගේ සගයන් සමඟ දිනපතා සංවාදයේ” යෙදෙන අතර එමඟින් සිවිල් ජීවිත හානි වොෂින්ටනය පිළිගත හැකි මට්ටමක තබා ගන්නා බව ඔහු පැවසීය. “ඔවුන් සිවිල් හානි අවම කිරීමට උත්සාහ කරන බව අපට පැහැදිලිය”, මෙය කර්බි පවසන බොරුවකි.

කිර්බිගේ ප්‍රකාශය එක්සත් ජනපද ආන්ඩුව සහ නේටෝ මිලිටරි සන්ධානය විසින් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක ක්‍රම අනුමත කිරීමකි. පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල යුද අපරාධ ආරක්ෂා කිරීම එහි අරමුන වන අතරම, මැද පෙරදිග පුරා සහ ලෝකය පුරා අධිරාජ්‍යවාදයේ ඉලක්ක තිබේ. අධිරාජ්‍යවාදී බලවතුන් ලෝක ජනගහනය හා සියල්ලටම වඩා ජාත්‍යන්තර කම්කරු පන්තිය අවධානයට ලක් කරමින් සිටී. ඔවුන් ජන සංහාරය, සමූහ ඝාතන සහ වාර්ගික ශුද්ධ කිරීම , ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහි ප්‍රතිරෝධය තලා දැමීමේ නීත්‍යානුකූල මෙවලම් ලෙස සලකයි.

යුද්ධය ආරම්භයේදීම ,ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් පලස්තීනුවන් “මිනිස් සතුන්” ලෙස කුප්‍රකට ලෙස හැඳින්වූ අතර, IDF ප්‍රතිපත්තිය තෝරා බේරා ගැනීමකින් තොරව සිදු කරන ඝාතනයක් බව ප්‍රදර්ශනය කෙරුණි. එය මිලියන 2.3කට අධික ජනගහණයක් සහිත කලාපයට ජලය, ඉන්ධන සහ ආහාර සැපයුම් සියල්ල කපා හැරියේය. එය අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහල වැනි සිවිල් ඉලක්කවලට බෝම්බ හෙලීමෙන් සිය ගනනක් සිවිල් වැසියන් සහ සෞඛ්‍ය සේවකයින් සමූලඝාතනය කළේය. IDF හමුදා විසින් තීව්‍ර ලෙස බෝම්බ හෙලන ලද මාර්ග ඔස්සේ , උතුරු ගාසා තීරයේ මිලියන 1.1 කට අධික ජනතාවකට තම නිවෙස් අතහැර දකුණු ගාසා වෙත පලා යන ලෙස ද එය නියෝග කළේය.

ඊශ්‍රායල, නේටෝ සහ ඊජිප්තු නිලධාරීන් අතර සාකච්ඡා වාර්තා පෙන්නුම් කරන්නේ ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් පලස්තීන ජනතාව ගාසා තීරයෙන් නෙරපා හැරීමට සහ ඊජිප්තු හමුදා පාලන තන්ත්‍රය විසින් අසල්වැසි සිනායි අර්ධද්වීපයේ ගාල් කඳවුරුවල දිවි ගලවා ගත් පලස්තීනුවන් සිරකර තැබීමට අදහස් කරන බවයි. මෙම සාපරාධී සැලැස්මට අනුව ගාසා තීරයේ පලස්තීනුවන් මරා දැමීම හෝ නෙරපා හරිනු ඇත.

ඊයේ , ඊශ්‍රායල බුද්ධි අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් නෙතන්යාහු “සංකල්ප පත්‍රිකාවක්” ලෙස හැඳින්වූ දෙය ප්‍රකාශයට පත් කරන ලද අතර, එය,  ගාසාවේ මිලියන 2.3 ක පදිංචිකරුවන් සිනායි වෙත බලහත්කාරයෙන් මාරු කිරීමට යෝජනා කර ඇත. මෙම සැලසුම් සාකච්ඡා කළ ඊජිප්තු නිලධාරීන්, දකුණු ඊශ්‍රායලයේ නිසරු නෙගෙව් කාන්තාරයේ ගාල් කඳවුරුවල පලස්තීනුවන් රඳවා තැබීමට ප්‍රති-යෝජනාවක් ඉදිරිපත් කළ බව පෙනේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් ඔෆ් ලන්ඩන්, “බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු” උපුටා දක්වමින් කියා සිටියේ, “ගාසා තීරයට එල්ල කරන අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාරයේ පීඩනය, තවමත්, ඊජිප්තු තන්ත්‍රයෙහි ස්ථාවරයේ වෙනසක් ඇති කිරීමට හේතු විය හැකි” බවයි. පෙනෙන විදිහට ඊශ්‍රායල සැලැස්ම අනුමත කරමින් නම් නොකළ රාජ්‍ය තාන්ත්‍රිකයා මෙසේ පැවසීය: “කළ හැකි එකම දෙය එයයි … එබැවින් එකඟ වන ලෙස ඊජිප්තුවරුන්ට වැඩි පීඩනයක් යෙදිය යුතු කාලය මෙයයි.”

ගාසා තීරයට එරෙහි යුද්ධයට එරෙහිව ජාත්‍යන්තරව විරෝධතා දක්වන මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට හා තරුනයින්ට මෙය ප්‍රශ්නය මතු කරයි. එනම් , IDF සහ NATO හි මිලිටරි යන්ත්‍රය නැවැත්විය හැක්කේ කෙසේද සහ ජන සංහාරය වළක්වා ගන්නේ කෙසේද? යන්නයි.

ජබාලියා සරණාගත කඳවුරේ සමූලඝාතනය ලේ වැකි සිද්ධියක්  නමුත් , ඉන්  ජාත්‍යන්තර කම්කරු පන්තියට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් පෙන්වා දෙනු ලැබුවේ ,  අධිරාජ්‍යවාදයට, ජන සංහාරයට හා යුද්ධයට එරෙහිව බලගතු, විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම, ඊට එරෙහිව ඇති එකම මාවත බවයි . සියොන්වාදී තන්ත‍්‍රය හෝ නේටෝ අධිරාජ්‍යවාදී ආන්ඩු සමග සාකච්ඡා කිරීමට කිසිවක් නැත. ඒවා බැංකුකරුවන්ගේ සහ ජෙනරාල්වරුන්ගේ කල්ලි විසින් පාලනය කරනු ලබන සහ දේශපාලන අපරාධකරුවන් විසින් පවත්වාගෙන යනු ලැබේ.

ඊශ්‍රායල ආන්ඩුව සහ එහි නේටෝ අධිරාජ්‍යවාදී සහචරයින් වාර්ගික පවිත්‍ර කිරීම සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අත්හරින ලෙස ඉල්ලා සිටින විරෝධතාවලට ඇහුම්කන් නොදෙන බව ඔප්පු වී ඇත. 1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදී විසුරුවා හැරීමේ සිට මැද පෙරදිග හා අප්‍රිකාවේ වසර 30ක යුද්ධයේ දී, ඔවුන් මිලියන ගනනක් මරා දමමින් ඉරාකය, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව සහ මාලි රාජ්‍යය කොල්ලකා ඇත. ජබාලියා සංහාරය පෙන්නුම් කරන පරිදි, ජන සංහාරයට එරෙහි සදාචාරාත්මක අභියාචනාවලට ඔවුන්ගේ ප්‍රතිචාරය වන්නේ, ඔවුන්ගේ සමූහ ඝාතන ක්‍රියාවන් උත්සන්න කිරීම පමනි.

ජන සංහාරය නැවැත්විය හැකි බලවේගය වන්නේ තම ශ්‍රමය තුළින් සමාජයේ ධනය නිපදවන කම්කරු පන්තියයි. වැඩවර්ජන හා කම්කරුවන්ගේ අරගලවල ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයකට ප්‍රධාන ආර්ථිකයන් මුලුමනින්ම අවහිර කළ හැකි අතර ගාසා තීරයට එරෙහි අපරාධවලට හවුල්කාර ආන්ඩු බිඳ දැමිය හැකිය. පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරක ප්‍රහාරය නැවැත්විය හැක්කේ කම්කරුවන් අතර සහයෝගය බලමුලු ගැන්වීමට සහ ගොඩනැගීමට සහ ධනපතියන්ගේ සහ ඔවුන්ගේ මිලිටරි-බුද්ධි යන්ත්‍රවල බලයට සෘජු ප්‍රහාරයක් සූදානම් කිරීමේ අරගලයකට පමනි.

ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයට එරෙහි විරෝධතාවල සහභාගිවන්නන් මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය නම්, සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත පදනම්ව කම්කරු පන්තියට ජාත්‍යන්තර බලය මාරු කිරීමක්  සූදානම් කරමින් මහා යුද විරෝධී, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමයි.

ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය බෝම්බ හෙලීම: ගාසා තීරයේ ජන සංහාරයේ තවත් කුරිරු ක්‍රියාවක් Read More »

Faris

ඊශ්‍රායලය සහ පලස්තීනුවන්: නෙරපා හැරීම සහ වාර්ගික සුද්ද කිරීම මත පිහිටවූ රාජ්‍යයක් – දෙවන කොටස

ජීන් ෂෝල් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 24 දින පල වූ “Israel and the Palestinians: A state founded on dispossession and ethnic cleansing- Part Two” යන ජීන් ෂෝල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. මෙම ලිපිය කොටස් දෙකකින් යුක්තය. පළමු කොටස 2023 ඔක්තෝබර් 23 දින ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කෙරුනි.

මහා ඊශ්‍රායල ප්‍රතිපත්තිය (The Greater Israel policy)

1967 යුද්ධය, අල්ලා ගත් භූමිය ස්ථිරවම ඈඳා ගැනීමේ මහා ඊශ්‍රායල ප්‍රතිපත්තියක් වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් විය.

Idf
1967 ජූනි සය දින යුද්ධයේදී ගෝලාන් කඳුකරයේ ඉදිරියට ඇදෙන ඊශ්‍රායල යුධ ටැංකි [ඡායාරූපය රජයේ පුවත්පත් කාර්යාලය (ඊශ්‍රායලය) / CC BY-SA 4.0]

යුද්ධය, ඊශ්‍රායලයේ තථ්‍ය සීමාවන් පුළුල් කළ අතර සරණාගතයින්ගේ සහ අභ්‍යන්තරව අවතැන් වූ මිනිසුන්ගේ නව රැල්ලක් නිර්මාණය කළේය. කම්කරු පක්ෂ අගමැති ලෙවි එෂ්කෝල්ගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ආන්ඩුව, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනිව අලුතින් අත්පත් කරගත් ප්‍රදේශ වල යටත් විජිත පන්නයේ ජනාවාස ඇති කළේය. ජනාවාස ඇති කිරීම විසින් ඊශ්‍රායලයේ ව්‍යාප්ති ප්‍රතිපත්තිය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති සමාජ ස්ථරයක් නිර්මානය කරන ලද අතර, මෙමගින්, අද ආන්ඩුව තුළ සිටින ප්‍රතිපත්ති නියම කරන ෆැසිස්ට්වාදී උරුමක්කාරයන් , සමහර වඩාත් ප්‍රතිගාමී බලවේග සඳහා ආකර්ශනීය ධ්‍රැවයක් සපයයි. මෙම බලවේග 1970 ගනන්වල ඊස්රායල් දේශපාලනය වේගයෙන් දකුනට ගෙන ගිය අතර, සමාජ අස්ථාවරත්වය වැඩි කරමින් සහ ආන්ඩුව මත වූ ලේබර් ග්‍රහණය අවසන් කරන ලදී.

බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීන ඉඩම් අත්පත් කර ගැනීම බලාත්මක කිරීමේ මර්දනය , මිලිටරි පාලනය පැනවීම, සාමූහික දඬුවම් දීම, නිවාස කඩා දැමීම, බලහත්කාරයෙන් පිටුවහල් කිරීම සහ නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම හරහා වේගවත් කරන ලද අතර පලස්තීනුවන් ඊශ්‍රායල හාම්පුතුන් විසින් කුරිරු ලෙස සූරා කෑමට ලක්වන ලාභ ශ්‍රම සංචිතයක් බවට පත් විය.  පලස්තීන නායකත්වය 1970 දී ජෝර්දානය විසින් ම්ලේච්ඡ යුද්ධයකින් පලවා හරින තෙක් ජෝර්දානයේ රැදී සිටි අතර  පසුව ලෙබනනයට  ගමන් කළේය.

ලිකුඩ් නායක මෙනචෙම් බෙගින්ගේ 1977 මැතිවරන ජයග්‍රහණයෙන් පසුව, ඊශ්‍රායලය ලෙබනනයේ මිනීමරු ව්‍යාප්තවාදී ප්‍රතිපත්තියක් දියත් කළේ, ලෙබනනයේ ෆැසිස්ට් බලවේග සමඟ එක්ව හවුලේ වැටලීම්, ආක්‍රමණ සහ රහසිගත මෙහෙයුම් මාලාවක් සමඟින්,රටේ වසර 15ක් පුරා පැවති සිවිල් යුද්ධයේදී පලස්තීනුවන්ට සහ ඔවුන්ගේ සහචරයින්ට එරෙහිව ලෙබනන් ෆැසිස්ට් බලවේග සමග සන්ධානගතව වැටලීම්, ආක්‍රමණ සහ රහසිගත මෙහෙයුම් මාලාවක් සමග , මෙම යුද්ධ සහ රහසිගත ක්‍රියාකාරකම් වසර 30ක් පුරා පැවතිය යුතු විය.

Massacre
ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ සහ ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ අනුග්‍රහය ඇතිව ලෙබනන් හමුදා විසින් මෙහෙයවන ලද ක්‍රිස්තියානි ෆැලෙන්ජිට්ස් (Phalangists) සහ දකුණු ලෙබනනයේ හමුදා සාමාජිකයින් විසින් සබ්‍රා සහ ෂටිලා සරණාගත කඳවුරු තුළ දී පලස්තීනුවන් සමූලඝාතනය කිරීමෙන් අනතුරුව [ඡායාරූපය: Robin Moyer, USA, Black Star for Time. බීරූට්, ලෙබනනය, 1982 සැප්තැම්බර් 18. ]

1982 සැප්තැම්බර් මාසයේදී , IDF ( ඊශ්‍රායල් ආරක්ෂක හමුදා) හි ආරක්ෂාව යටතේ ෆැලෙන්ජිට්ස් මිත්‍ර පාර්ශ්වය  බේරූට්හි පලස්තීන සරණාගත කඳවුර වන සබ්‍රා  සහ ෂටිලා හි පලස්තීනුවන් 3,000ක් සමූලඝාතනය කිරීම ඇතුළුව ඊශ්‍රායලය විසින්  මෙහෙයුම් අතරතුර ඊශ්‍රායල ජීවිත 1,500ක් පමණ වැය කරමින් ඇස්තමේන්තුගත පලස්තීනුවන් 32,000ක් සහ ලෙබනන් වැසියන් ගණන් නොගත් සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී. 

ඔස්ලෝ වංචාව

ලෙබනනයේ පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාර සහ වාඩිලාගෙන සිටින ප්‍රදේශවල වැඩෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම, PLO හි පාලනයෙන් බැහැරව පුපුරා ගිය 1987-93 ස්වයංසිද්ධ පලස්තීන නැගිටීම වන පළමු ඉන්ටිෆාඩාවට තුඩු දුන්නේය. එය ඊශ්‍රායලය විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කරන ලද්දේ පලස්තීන ජීවිත 1,000කට අධික ප්‍රමාණයක් වැය කරමිනි. එය ඝාතනය කරන ලද යුදෙව් ඊශ්‍රායල වැසියන්ගේ සංඛ්‍යාව මෙන් 6 ගුණයකටත් වඩා වැඩිය.

Oslo
1993 සැප්තැම්බර් 13 දින, ඊශ්‍රායල අගමැති යිට්ෂාක් රබින්, එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් සහ PLO හි සභාපති යසීර් අරෆත්,

මෙය 1993 දී ඊශ්‍රායලයේ කම්කරු අගමැති යිට්සාක් රබින් සහ අරෆත් විසින් ධවල මන්දිරයේ තණ පිටිය මත දී ඔස්ලෝ ගිවිසුම අත්සන් කිරීමට හේතු විය, අරෆත් සහ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ඊශ්‍රායලය පිළිගැනීමට සහ ත්‍රස්තවාදය අත්හැරීමට එකඟ විය.

මෙම ගිවිසුම , ඊනියා ද්වි-රාජ්‍ය විසඳුම ලෙස හැඳින්වෙන නැගෙනහිර ජෙරුසලමේ උප නගරයක් වන අබු ඩිස් හි අගනුවර සමඟ පලස්තීන රාජ්‍යයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණි.එමගින් ,ඊශ්‍රායලයෙන් වෙන්වූ නමුත් ඊශ්‍රායලය ද අඩංගු වන, එකිනෙකට අසම්බන්ධිත බන්ටුස්තානයන්ගෙන් [ වර්ණභේදවාදී රාජ්‍යයක ඇති ඊනියා ස්වයං පාලන ප්‍රදේශ] සමන්විත, දෙකඩ වූ රාජ්‍යයක පලස්තීන ජනතාව පාලනය කිරීමේ ඊශ්‍රායලයේ භූමිකාව අරෆත් සහ පලස්තීන අධිකාරියට  භාර ගනු  ඇත. මෙමගින් පලස්තීනුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ  කිසිදු හැකියාවක් වැළක්වනු ලැබුණි.

ඊශ්‍රායලයේ අන්තජාතිකවාදීන් සහ ලිකුඩ්හි සහ අනෙකුත් අන්ත දක්ෂිනාංශික සහ ආගමික පක්ෂවල ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් විසින් ඔවුන් දැඩි ලෙස ආශා කළ භූමියේ පලස්තීන රාජ්‍යයක් පිළිබඳ මෙම සමච්චල් කිරීම පවා ප්‍රතික්ෂේප කළහ. යන්තම් වසර දෙකකට පසුව, 1995 ඔක්තෝම්බර් මාසයේදී, යුද්ධයෙන් උමතු වූ විපක්ෂ නායක ඒරියල් ෂැරොන් සහ බෙන්ජමින් නෙතන්යාහු විසින් අනුබල දෙන ලද , දක්ෂිනාංශික ආගමික ජාතිකවාදීන් විසින්  යෙරුසලමේ පැවති ප්‍රකෝපකාරී උද්ඝෝෂනකදී , රබින් ද්‍රෝහියෙකු ලෙස හෙලා දුටුවේය. මාසයකට පසු, ආගමික අන්තවාදියෙක්  රබින්ව ඝාතනය කළේය.

ඊශ්‍රායලය බටහිර ඉවුරේ ජනාවාස වෙන කවරදාටත් වඩා වේගයෙන් ව්‍යාප්ත කිරීමටත්, ජලය සහ අනෙකුත් සම්පත් පාලනය කිරීමටත්, මාර්ග තැනීමටත්, මුරපොලවල් 600 කට වඩා ස්ථාපනය කිරීමටත්, කලාපය පුරා ගමන් කිරීමට බාධා ඇති කරමින් , එහි ආර්ථිකය විනාශ කිරීමටත් ඔස්ලෝ ගිවිසුම භාවිතා කළේය. දැන් අවම වශයෙන් ඊශ්‍රායල ජාතිකයින් 500,000 ක් හෝ ජනගහනයෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් වාසය කරන ජනාවාස ඇතුළුව, ඔවුන් විසින්  වඩාත් සාරවත් හා ඵලදායී ඉඩම්වලින් වඩා වැඩි ප්‍රතිශතයක් පාලනය කරයි.

ඊශ්‍රායලය බටහිර ඉවුරේ කොටසක් වූ නැගෙනහිර ජෙරුසලම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ඈඳා ගත් අතර, එහි 200,000ක පමණ වූ යුදෙව් පදිංචිකරුවන්ගේ නිවාස ඉදිකිරීමෙන් පසුව පලස්තීන වැසියන් දැන් සිටින්නේ යන්තම් බහුතරයක් පමණි. මෑත වසරවලදී,බෙන්-ග්වීර් විසින් නායකත්වය දෙන අන්ත දක්ෂිනාංශික හා ආගමික කන්ඩායම්වල ඉල්ලීම පරිදි , ෂීක් ජරාහ් සහ සිල්වාන්  අසල්වැසි ප්‍රදේශවලින් පලස්තීන පවුල් පලවා හැරීමේ තර්ජනය සම්බන්ධයෙන් පලස්තීනුවන් සහ පොලිසිය අතර නැවත නැවතත් ගැටුම් ඇති වී තිබේ .

Faris
ෆාරිස් ඔඩේ, 2000 නොවැම්බර් මස මුලදී-දෙවන ඉන්ටිෆාඩා සමයේදී- ගාසා තීරයේ දී , ඊශ්‍රායල ආරක්ෂක හමුදා ටැංකියකට ගලක් විසි කිරීම නිසා ඝාතනය කරන ලද 14 හැවිරිදි පිරිමි ළමයෙකි. මෙම ඡායාරූපය ගනු ලැබුවේ 2000 ඔක්තෝබර් 29 වන දින වන අතර ඔඩේ , ඉන් දින 10 කට පසුව නොවැම්බර් 8 වන දින නැවතත් ඊශ්‍රායල හමුදා වෙත ගල් ගසමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලදී. [ඡායාරූපය: ඇසෝසියේටඩ් ප්‍රෙස්/ලෝරන්ට් රිබෝර්ස්)]

ඉස්ලාමයේ තුන්වන අති ශුද්ධස්ථානය වන අල් අක්සා මුස්ලිම් පල්ලි මත ඊශ්‍රායලයේ පාලනය තහවුරු කිරීම සඳහා , හමුදා ආරක්ෂාව යටතේ එහි පරිශ්‍රය හරහා ඒරියල් ෂැරෝන් සිදු කල  ප්‍රකෝපකාරී ගමනෙන් පසුව, 2000 සැප්තැම්බරයේ දෙවන ඉන්ටිෆාඩාව ඇති කිරීමට කොන්දේසි සම්පූර්ණ කෙරුණි. මෙම ඉන්ටිෆාඩා යනු ,විනාශකාරී ඔස්ලෝ ගිවිසුම අනුමත කළ PLO නායකත්වයට එරෙහි නැගිටීමක් තරම්මට සම කල හැක. 

 2000 සහ 2008 අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් පලස්තීනුවන් 5,000කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර ඇති අතර, එය පලස්තීනුවන් විසින් ඝාතනය කරන ලද ඊශ්‍රායල ජාතිකයින් සංඛ්‍යාව මෙන් පස් ගුණයක් පමණ වේ.

වෙන් කිරීමේ පවුර (The Separation Wall) සහ ගාසා තීරය අවහිර කිරීම

පලස්තීනුවන් තාප්පයක් මගින්  ඊශ්‍රායලයෙන් වෙන් කිරීමට පලස්තීන භූමියෙන් තවත් සියයට 10ක් සොරාගත් කුප්‍රකට වෙන්වීමේ බාධකය ගොඩනැගීමට ෂැරොන් පසුව නියෝග කළ අතර, එමගින්  පලස්තීනුවන් දහස් ගණනක් ඔවුන්ගේ පවුල්වලින් සහ සේවා ස්ථානවලින් වෙන් කිරීම සිදු විය.අන්ත දක්ෂිනාංශික ඉල්ලීම් වන “ජනගහන මාරු කිරීම්” සහ “ජනගහන කාල බෝම්බයට” එරෙහිව වාර්ගික පවිත්‍ර කිරීම ක්‍රියාත්මක කිරීම ඉලක්ක කරගත් පියවරයන් මධ්‍යයේ, පලස්තීන නායකයින් ඉලක්ක කරගත් ඝාතන සාමාන්‍ය දෙයක් බවට පත් විය. පලස්තීනුවන්ගේ සංඛ්‍යාව දැන් ඊශ්‍රායලයේ ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා සහ වාඩිලාගෙන සිටින ප්‍රදේශ තුළ සිටින යුදෙව්වන් සංඛ්‍යාව ඉක්මවයි.

Barrier
බටහිර ඉවුරෙහි බාධකයේ මුල් ඊශ්‍රායල ඉදිකිරීම්, 2003 [ඡායාරූපය joeskillet/Flickr / CC BY 2.0]

2005 දී, ෂැරොන් ඊශ්‍රායල ජනාවාස 14 ක් වසා දමා ගාසා තීරයෙන් හමුදාව ඉවත් කර ගත් අතර ගොඩබිම, මුහුද සහ ගුවනින් ඇතුළුවීමේ පාලනය පවත්වා ගෙන ගියේය. මෙය බුෂ් පරිපාලනය විසින් කොළ එළිය ලබා දුන් බටහිර ඉවුරේ වඩා සැලකිය යුතු ඉඩම් කොල්ලයක් වසං කළේය.

වසර දෙකකට පසුව, ෆාටා හමුදා විසින් දියත් කළ කුමන්ත්‍රණයක් හමාස් විසින් පරාජය කිරීමෙන් පසුව, ඊශ්‍රායලය එහි වැසියන්ගේ ජීවිත විනාශ කරමින් ගාසා තීරය දිළිඳු ගෙටෝවක් බවට පත් කර , හුස්ම හිර කරන අවහිරයක් පැනවීය.  ගාසා තීරයේ මිනීමරු ප්‍රහාරවලින් පසුව එහි පොදු යටිතල පහසුකම් සහ නේවාසික ගොඩනැගිලි, රෝහල්, පාසල් සහ මුස්ලිම් පල්ලි බොහොමයක් විනාශ කිරීමෙන් පසු ජලය සහ විදුලිය වැනි අවම අත්‍යවශ්‍ය සේවාවන් පමණක් සපයමින් එය [ ඊශ්‍රායලය] ගාසා තීරයෙහි කිසිදු ස්වාධීනත්වයක් ප්‍රතික්ෂේප කර ඇත.

එය, මුළු ගසා තීරයම “මුලිනුපුටා දැමීමක් ” ලෙස සංලක්ෂිත වී ඇත. තණකොළ”. මේවාට , ඔපරේෂන් කාස්ට් ලීඩ් (Operation Cast Lead) (2008-09), ඔපරේෂන් පිලර් ඔෆ් ඩිෆෙන්ස් (Operation Pillar of Defense) (නොවැම්බර් 2012) සහ ඔපරේෂන් ප්‍රොටෙක්ටිව් එජ් (Operation Protective Edge) (2014) ඇතුළත් වේ. මැද පෙරදිග ප්‍රබලම ගුවන් හමුදාව විසින් ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රධාන ප්‍රහාර හතකට වඩා වැඩි සංඛ්‍යාවකින් පලස්තීන මරණවල ඒකාබද්ධ සංඛ්‍යාව අවම වශයෙන් 4,164 ක් විය – ඊස්රායල් ජීවිත 102 ක් පමණක් අහිමි විය.

Clusterbomb
ඊශ්‍රායල ගුවන් හමුදාව, “කාස්ට් ලීඩ් ” මෙහෙයුම අතරතුර ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට සුදු පොස්පරස් පොකුරු බෝම්බයක් හෙළයි. දෙසැම්බර් 2008/ජනවාරි 2009 [ඡායාරූපය Al Jazeera Creative Commons Repository / CC BY 3.0]

කිසිදු යලි ඉදිකිරිමක් සිදු කිරීමට නොහැකි වී ඇති අතර, ගාසා තීරයේ ආර්ථික තත්ත්වය වර්තමාන ප්‍රහාරයට පෙර ඉතා දරුණු විය. දැන් “සමාලෝචනය වෙමින් පවතින” බව යුරෝපා සංගමය පවසා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් ආයතනවල යම් ආකාරයක ආධාර මත ගාසා තීරයේ කුටුම්භ වලින් හතරෙන් තුනකගේ ජීවිත පමණ රඳා පවතී.වටලනු ලැබූ මෙම කුඩා ප්‍රදේශය 2020 වන විට වාසයට නුසුදුසු වනු ඇතැයි එක්සත් ජාතීන් 2012 දී, පුරෝකථනය කරනු ලැබූවද , 2017 දී එය සංශෝධනය කර, “ප්‍රති-සංවර්ධනය” පුරෝකථනය කළාට වඩා වේගයෙන් සිදුවන බවට අනතුරු ඇඟවීය. 

ජනගහනයෙන් සියයට 20ක් වන පලස්තීන පුරවැසියන් සඳහා ඊශ්‍රායලය තුළ තත්වය අවිනිශ්චිතය. ඔවුන් රටේ දුප්පත්ම මිනිසුන් කොටසට අයත්  වන අතර, ඔවුන්ගේ ප්‍රජාවන් නිල නොසලකා හැරීම් සහ අය-වැයෙන් කරන  වෙනස්කම්වලට මුහුණ දෙයි.එබඳු දරිද්‍රතාවයේ සහ විරැකියාවේ මට්ටම් ඇති, ප්‍රතිවාදී අපරාධ කල්ලි විසින් අරාබි නගර සහ ගම්වල පාලනය ගෙන යාමේ හේතුවෙන්, මෙම වසර ආරම්භයේ සිට ඝාතන 180කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත. 

2021 මැයි මාසයේදී, ඊශ්‍රායලයේ පලස්තීන පුරවැසියන් වර්ජන, විරෝධතා සහ කෝලාහල මගින් වීදි බැස තිබූ අතර , එය අවුළුවන ලද්දේ,  ප්‍රචණ්ඩකාරී වූ පොලිසිය අල් අක්සා පල්ලියට කඩා වැදීම සහ නැගෙනහිර ජෙරුසලම තුළ කුරිරු වාර්ගික පිරිසිදු කිරීමේ ක්‍රියාවන් සිදු කිරීම මගිනි. ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයට සහ ඊශ්‍රායලයේ වර්ණභේදවාදී ව්‍යවස්ථාවට එරෙහිව, අල්ලා ගත් ප්‍රදේශවල සිටින පලස්තීනුවන් සමඟ ඔවුන් මහා වැඩ වර්ජනයකට සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙය විය. නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික සන්ධානය  පලස්තීන නෙසට් [ ඊශ්‍රායල පාර්ලිමේන්තුව] සාමාජිකයින් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ සේවය කිරීමේ  නුසුදුස්සන් බවට පත් කිරීමට සහ ඔවුන්ගේ පක්ෂ , මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කිරීමට සැලසුම් කරයි.

පීඩිතයන්ගේ කැරැල්ලක්

ඔක්තෝබර් 7-9 පලස්තීනුවන්ගේ ක්‍රියාවට තුඩු දුන්නේ මෙම අතිමහත් දුක් වේදනා ය. සමූහ සියදිවි නසාගැනීමේ මෙහෙයුමකට සමාන වූ එය, සියලු ප්‍රධාන බලවතුන්ගේ සහාය ඇතිව ඊශ්‍රායලය විසින් ඔවුන්ව සිරකර ඇති ගාල් කඳවුරෙන් ගැලවීමට අධිෂ්ඨාන කරගත් පීඩිත ජනතාවකගේ කැරැල්ලකි.

Bombardment
2023 ඔක්. 7 සෙනසුරාදා, ගාසා නගරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු පලස්තීන මහල් නිවාස කුළුණක ඇති වූ පිපිරීමකින් ගින්න සහ දුමාරය ඉහළ යයි. [AP Photo/Adel Hana]

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) පැහැදිලි කර ඇති පරිදි, “  පලස්තීනුවන් අඛණ්ඩව මර්දනය කිරීමේ පදනම මත පිහිටුවන ලද රාජ්‍යයක් සෑම විටම අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වර්ධනය කිරීමට අසමත් විය. ව්‍යාප්තවාදී ‘මහා ඊශ්‍රායල’ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් එහි අරාබි අසල්වැසියන් සමඟ නැවත නැවතත් යුද්ධ කරන අතර පලස්තීනුවන් සමඟ සදාකාලික යුද්ධයක යෙදීම මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සඳහා ආරක්ෂක රාජ්‍යයක් ලෙස එහි පරිණාමය සිදු විය . තවද , ලෝකයේ ඉහලම සමාජ අසමානතාවයේ උග්‍ර මට්ටම්වල අස්ථාවර බලපෑම සමනය කිරීම  සඳහා වාඩිලාගෙන සිටින ප්‍රදේශවල දක්ෂිනාංශික පදිංචිකරුවන් සහ එක්සත් ජනපද මිලිටරි ආධාර මත තව තවත් දැඩි ලෙස රැඳී සිටීම, නෙතන්යාහුගේ ආන්ඩුවේ ෆ්‍රැන්කන්ස්ටයින් රකුසාට මග පෑදී ඇත .”

 ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධය සියොන්වාදයේ ප්‍රතිගාමී හරයේ අවසාන ප්‍රදර්ශනයයි. යුදෙව්වන්ට ආරක්‍ෂිත තෝතැන්නක් සපයන බව කියන ධනේශ්වර රාජ්‍යයක් , ඒ වෙනුවට ඊශ්‍රායල යුදෙව්වන් ඔවුන්ගේ අරාබි අසල්වාසීන් සමඟ සදාකාලික ගැටුමකට පත් කරමින් එහි වෙසෙන පලස්තීනුවන් දශක ගණනාවක් මරණයට, වාර්ගික පවිත්‍ර කිරීමට සහ නෙරපා හැරීම ලක් කර ඇත.

ඊශ්‍රායලය සහ පලස්තීනුවන්: නෙරපා හැරීම සහ වාර්ගික සුද්ද කිරීම මත පිහිටවූ රාජ්‍යයක් – දෙවන කොටස Read More »

Scroll to Top