class struggles

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ රැඳවුම දෙසතියකින් දීර්ඝ කෙරේ

අපේ වාර්තාකරු

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියට එරෙහිව ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (අපදෙ) පවරා ඇති නඩුව ඊයේ (07) දින කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ ඉදිරියේ කැඳවිනි. නඩුව මෙසේ විවෘත අධිකරනයේ කැඳවූයේ ප්‍රථම වතාවටය. පසුගිය මැයි 28 දින ඇය අත්අඩංගුවට ගනු ලැබුනේ බෞද්ධ කටයුතු කොමසාරීස්ගේ පැමිනිල්ලකයට අනුව, ඇය විසින් පසුගිය අප්‍රේල් 01 වන දින “මෝඩාභිමානය” නම් ප්‍රහසන කලාත්මක  නිර්මානයක දී බුද්ධාමට හා බුද්ධ චරිතයට අපහාස කරන ලදැයි චෝදනා කරමිනි. එදින ඇය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.

නතාෂා සිරගත කරීමෙන් පසු ඇයගේ එකී නිර්මානය තම යූ-ටියුබ් නාලිකාව හරහා ප්‍රචාරය කරන ලද බෲනෝ දිවාකර ද අත් අඩංගුවට ගන්නා ලද්දේ නතාෂා කරන ලදැයි චෝදනා කරන වරදට ආධාර අනුබල දුන්නේ යැයි කියමිනි.  දැන් නඩුව  එම දෙදෙනාටම එරෙහිව පවත්වගෙන යන අතර මේ මර්දනයට රාජ්‍ය යාන්ත්‍රනය කැඳවා සිටි බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුලු වර්ගවාදී නඩ මෙම නිර්මානයට හා එකී යූ-ටියුබ් නාලිකාවට  සම්බන්ධ සෙසු අයද අත්අඩංගුවට ගන්නා ලෙස කැඳවුම් කර ඇත. වීඩියෝව පලකල කොලම්බු කොමඩි සෙනට්‍රල් (Colombo Comedy Central) යන ෆේස්බුක් පිටුවට ද සම්බන්ධ අය ඇතුලු ඉහත කී  සියල්ල පිලිබඳ වැඩිදුර පරීක්ෂන පවත්වන බව අපදෙ නිලධාරියා උසාවියට දන්වා සිටියේය.

අපදෙ හි පරිගනක අපරාධ කොට්ටාශය අදාල වීඩියෝපටය නැරඹූ අය කරන ලද විවේචන (comments) පරීක්ෂා කල බවත් ඒ අනුව සමාජයේ “ආන්දෝලනාත්මක” තත්තවයක් ඇතිව තිබූ බවත්, ඇය අත් අඩංගුවට නොගත්තා නම් “ඇයගේ ජීවිතයට ද තර්ජනයක් වීමට තිබුනා” යැයි අපදෙ නිලධාරියා ප්‍රකාශ කලේ ය. මේ සදහන් කරන්නේ ආන්ඩුවේ අනුග්‍රහය ලබන මැර කන්ඩායම් වලට නිදැල්ලේ හැසිරීමට ඉඩ සලසා ඇති බවත්, පොලීසිය ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වීම වෙනුවට වින්දිතයා සිරකර තැබීම සිදුකරන බවත් නොවේ ද?

රැඟුම් පාලක මන්ඩලය වෙත පෙල (script) පිටපත් ලබා දී අවශ්‍ය අවසර ලබාගත යුතු වන නමුත් නතාෂා ඇයගේ නිර්මානයට අදාල පෙල ලබා දී නැති බවත්, ඒ අනුව ඇය තමන් ප්‍රකාශ කිරීමට යන දෙය නිසා “කැලඹීමක්” විය හැකි බව දැන සිටි බවට පොලිස් නිලධාරියා චෝදනා කලේය. රැඟම් පාලක යනු කලාව බැඳ තබා ගැනීමේ ආන්ඩුවේ තවත් අඬුවකි. අනික් අතට, හිටිවන ප්‍රහසනයක් (Stand-up comedy) සම්බන්ධව පෙල පිටපත් ⁣⁣ඉල්ලා සිටීම යනු ලංකාවේ ප්‍රචලිත ජන  කලාවක් වන ‘හිටිවන කවි’ සම්බන්ධයෙන් පෙල ඉල්ලා සිටීමක් බඳුය.  

“බෞද්ධ ජන සමාජය” තුල “ජන කැලඹීමක්” සිදුවිය හැකි නිසා ඇයට ඇප ලබා දීම නොකල යුතුව ඇතැයි පොලිස් නිලධාරියා ඉල්ලා සිටියේ ය. සිවිල් සහ දේශපාලන අයිතිවාසිම් පිලිබද ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ⁣”සැකපිට” අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇති බැවින් මහේත්‍රාත් අධිකරනයට ඇප ලබාදිය නොහැකි උවත්, මහජන කැලඹීමක්  වැලැක්වීමේ වහන්තරාව යටතේ පුද්ගලයෙකු සිරගත කිරීම කුමන නම් ප්‍රජාතන්ත්‍රවාදයක් ද? 

නතාෂා හා දිවාකර වෙනුවෙන් උසාවියේදී ඉදිරිපත් කරන ලද විත්තියේ කරුනු දැක්විම තවත් හාස්‍යයක් ම විය! අදාල ඉදිරිපත් කිරීමේ වීඩියෝ පටය උසාවිය තුල ⁣ප්‍රදර්ශනය ක⁣ර නතාෂා සැබවින්ම කලාත්මකව සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්නා පනිවිඩය පැහැදිලි කිරීමට වැඩි ඉඩක් ගැනීම වෙනුවට නීතීඥයන් හැසු⁣රුනේ සිල්ගත් උපාසකයන් ලෙස ය. “වෛරයෙන් වෛරය නොසන් සිඳේ” යනුවෙන් වන ආගමික ප්‍රකාශයක් ගෙන හැර දක්වමන් ඔවුහු පැමිනිලකරුවන්ට “හොඳ බෞද්ධයෙක්” වීම ගැන උපදෙස් දුන්හ. එ අනුව පැමිනිලිකරුවෝ “මෝඩ අභිමානයකට” පත් වූවෝය.

පැමිනිලිකරුවන් යනු ‘මෝඩ අභිමානයකට’ පත් වූවන් ලෙස හැඳින්වීම නොමඟ යැවීමකි. සැබෑව නම් බෞද්ධ කටයුතු කොමසාරීස් ඇතුලු බෞද්ධ චීවරධාරීන්ගේ හා වර්ගවාදීන්ගේ මෙම වියරුව දැනුවත්වම සිදුකරන ප්‍රතිගාමීත්වයේ ප්‍රතිප්‍රහාරයක කොටසක් බව යි. එය හරියටම සමපාත වන්නේ හා සංයෝග වන්නේ ධනපති පාලක පන්තියේ කප්පාදුවට එරෙහි කම්කරු හා පීඩිත මහජනතාවගේ අරගල මර්දනය කිරීමේ සැලසුම් සමගය. 

සිදුහත් ලමා චරිතයට “කොලු පැටියා” ලෙස ඇමතිම නිවැරදි ලෙස පිලි නොගන්නා බව පැවසූ විත්තියේ නීතීඥයා අප කලාකාරිනියගේ ඉදිරිපත් කිරීම විකෘතියට ලක්කර ගැරහීමේ වර්ගවාදීන්ගේ උද්ඝෝෂනයට අනුකූලතාවය පල කලේය. 

දිවාකර වෙනුවෙන් කරුනු දැක්වීම විත්තියේ මෙම ප්‍රවේශය ස්ථිර කලේය.  ඔහු වෙනුවෙන් වූ නීතීඥ නියෝජනය,  “සුද්ධෝධනගෙ පුතා කියල මම නම් පාවිච්චි කරයි කියල මට හිතෙන්නෙ නෑ” යනුවෙන් සඳහන් කරමින් කලාකාරිනියගේ ප්‍රහසනයේ අර්ථය පිලිබඳ එක්කෝ තම අනවබෝධය හෙලිදරව් කලේ ය. නොඑසේනම්, එය දැනුවත්වම අධිපති බෞද්ධ සංස්ථාපිතයේ ප්‍රතිගාමීත්වයේ උද්ඝෝෂනය සමග සිටගැනීම ප්‍රකාශයට පත් කලේය. ⁣මෙහි දෙවන වියහැකියාව සනාථ කරමින් ඔහු වැඩිදුරටත් කීවේ, “මම නම් මෙම වීඩියෝව උඩුගත (upload) කරන්නේ නෑ“, එය තමන් “සදාචාරයට අනුව පිලිගන්නා ආකාරය” යයි කියමිනි.

මෙම යටවීම ඩැහැගත් නතාෂාට එරෙහි තවත් එක් පැමිනිලිකාරුවෙක් හා කුප්‍රකට චීවරධාරියෙක් වන බලංගොඩ කස්සප වෙනුවෙන් පෙනීසිටි මනෝජ් ගමගේ යන නීතීඥයා තමා පෙනී සිටින “බෞද්ධයන්ගේ” හැටි ස්වභාවය විස්තර කලේ මෙසේය:

“බෞද්ධයො කියන්නේ සෝවාන් වූ අය නොවෙයි. අපහාසය කරල තියෙන්නෙ අපේ විශ්වාස වලට. එහෙම කරල මෛත්‍රිය ගැන කියනවා. ගහක් ගලක් වුවත් වඳින්න, පුදන්න, විශ්වාස කරන්න අපිට අයිතිය තියෙනවා”.

ආගමික අන්තවාදීන් නිර්මානාත්මක කලාකරුවන්ට, කලාවට හා ප්‍රකාශනයට එරෙහිව ෆැසිස්ට් බලවේග ලෙස සූදානම් කිරීමේ ආන්ඩුවේ සැලසුම් හෙලිදරව් කල, පැවති හා පවතින ආන්ඩුවල වරදාන, වරප්‍රසාද බුක්තිවිඳින මෙම නීතීඥයා ඊ ලඟට කී දෙයින් සෙනඟ පිරී ගිය අධිකරන ගැබම කම්පාවට පත් කල බව විද්‍යාමාන කලේය:

මේක බෞද්ධ රටක් නිසා තමයි මේ කාන්තාවගෙ පවු⁣ලෙ අයත් බේරිලා ඉනෙ. වෙනත් රටක උනානම් දැනටමත් මරල, කපල කොටල, ගෙවල් ගිනි තියල. ඉන්දි්යවෙ නම් එහෙම තමයි වෙන්නෙ.”

ඔහු මෙසේ ඉදිරිපත් කලේ දැනටමත් ආගමික අන්තවාදී චීවරධාරීන් විසින් හා වර්ගවාදී ප්‍රකෝපකාරීන් විසින් තැන තැන විවෘතවම, කිසිදු වගවීමකින් තොරවම, ඉදිරිපත් කරන වෛරි සහගත තර්ජනයන්ගේ ප්‍රකාශනයකි.

කුප්‍රකට වර්ගවාදී සංවිධානයක් වන සිහල රාවයේ ප්‍රභාත් මධුභාෂන යන පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටිමින් සුසන්ත කුමාර නීතීඥයා ගමගේගේ ප්‍රකාශයන් විස්තීරනය කලේ ය.

ඔහුගේ ඊලඟ ඉල්ලීම ආන්ඩු විරෝධී විකල්ප දේශපාලන ප්‍රවනතාවයන් දඩයම් කිරීමේ ප්‍රතිවිප්ලවයේ සැලසුම් ක්‍රියාවට නැගීම සඳහා මෙම නඩුව කැප කර ඇති බවට දෙස් දුන්නේ ය. ඔහු කියා සිටියේ, නතාෂාගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයට සහාය පල කරමින්, ඇය “නිදොස් කොට නිදහස් කර ගැනීම සඳහා” [ආන්ඩුවට] “බල කරනවා” යනුවෙන් කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් වන විදර්ශන කන්නංගර, තරිඳු ජයවර්ධන, තරිඳු උඩුවගෙදර, ලක්මාලි හේමචන්ද්‍ර හා බ්‍රීටෝ ප්‍රනාන්දු යන අය “අධිකරනයට අපහාස කිරීම” යටතේ අත්අඩංගුවට ගත යුතු බව යි. 

මෙම ඉල්ලීම වහා ක්‍රියාත්මක කරමින් අධිකරනය අපදෙ අධ්‍යක්ෂ වෙත නියෝග කලේ  කරුනු විමර්ශනය කර කරුනු වාර්තා කරන ලෙස යි.

භික්ෂූන් හා වර්ගවාදීන් වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කල සැකිරිම් කිසිවක් සම්බන්ධව කට නොසෙල්වීමට විත්තියේ නීතීඥවරු වග බලා ගත්තෝය!

විත්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම සම්බන්ධව ලිඛිත දේශන අද දින (08) ගොනුකිරීමටත් විරෝධතා ඉන් සතියකින් ගොනු කරන ලෙසත් නියෝග කල අධිකරනය ඇප නියෝගය ඊලග දිනයට කල් තැබීය. පොලීසියේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඉල්ලීමට ඉඩදෙමින්,  “මහජන නොසන්සුන්තාවයක් ඇතිවීමේ ඉඩ සලකා” නතාෂාගේ හා දිවාකරගේ  බන්ධනාගාරගත කිරීම ඊලඟ දිනය වන ජුනි 21 දක්වා දිගු කරනු ලිබිනි.

නතාෂා යනු දේශපාලන සිරකරුවෙකි. දේශපාලන සිරකරුවන් පිලිබඳ තීන්දු ගැනෙන්නේ දේශපාලන සම්මන්ත්‍රන කාමර තුලය. ඒ නිසා ඔවුන් නිදහස් කරගැනීම අති මූලිකවම මෙම මර්දනයට එරෙහිව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ හා ශක්තිමත් කිරීමෙි දේශපාලන සටනකි. සිරගත කෙරුනු ශක්තික සත්කුමාර, අහ්නාෆ් ජසිම්, රම්සි රසීක් වැනි කලාකරුවන්, නිදහස් සිතන්නන් මෙන්ම ජුලියන් අසාන්ජ්, එඩ්වඩ් ස්නෝඩන් වැනි මාධ්‍යවේදීන්, තොරතුරු හෙලිදරව්කරුවන් (whistle blower) නිදහස් කරගැනීමේ උද්ඝෝෂන වල ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම එය යි. මෙම අත්දැකීම අත්හැරීම එක් අතකින් සටනින් පලා යාම හා ප්‍රතිගාමීත්වයට ඉඩ සැලසීමක්ද, අනික් අතට පන්ති අරගලයට එරෙහි රාජ්‍ය මර්දනය ඉක්මන් කිරීමට ඉඩ සැලසීමක් ද වේ.

වැඩකරන මහජනතාව සෙසු පීඩිතයන් සමග පන්තියක් ලෙස එකමුතුව බඳී සිටින තාක් ආගමික ⁣හෝ වාර්ගික බෙදීම් කිරීමකට ඉඩ නැත. කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) එම එකමුතුව තහවරු කරමින් නතාෂා හා දිවාකර ද, කලාවේ හා ප්‍රකාශනයේ ද, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ද ආරක්ෂා කර ගැනීමේ සටනට පිවිස සිටී. ආගමික වර්ගවාදීන්ට අභියෝග කරමින්, ඔවුනට මුහුනට මුහුන ලා සිටගනිමින් නතාෂා නිදහස් කිරීමට රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට බලකිරීමට හා එකී අයිතීන් මර්දනයට එරෙහිව කම්කරු මහජනතාව රැලිකර ගැනීම උදෙසා උසාවිය අසල ඊයේ උද්ඝෝෂනයට පිවිස සිටියේ කොක්‍රික පමනි. 

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ රැඳවුම දෙසතියකින් දීර්ඝ කෙරේ Read More »

කොලඹ ක්‍රියාකාරී කමිටුව කඩාකප්පල් කිරීමේ උත්සාහයේ සසප අරමුන කුමක් ද? 

කොලඹ ක්‍රියාකාරී කමිටුව

Image
ජායාරූපය: කොක්‍රික සමාජිකයෝ 2022 දෙසැම්බර් 23 කයිට්ස් හි උද්ඝෝෂනයක

2023 මැයි 06 දිනැති “නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබද ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය” නමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල හා දෙමල අංශවල පල කල ලිපියක් පහත සදහන් චෝදනා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) වෙත එල්ල කර ඇත.   

නන්දන සහ සංජය,ඊනියා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) සසපට පහර ගැසීමේ මාධ්‍යක් ලෙස යොදා ගනිති. කොක්‍රික සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම එය ප්‍රතික්ෂේප කිරීම නිසා, ස්වකීය ක්‍රියාකාරී කමිටු තනන ලෙස කම්කරුවන්ට ජාත්‍යන්තර කමිටුව/සසප කරන කැඳවුමෙන් සසප “කට්ටිවාදී” ලෙස අපසරනය වී ඇතැයි ද ඔවුහු කියාපාති.’

“කොක්‍රික, කම්කරුවන් හා ගම්බද දුගීන් විසින් තනන ලද අව්‍යාජ ක්‍රියාකාරී කමිටුවක් නොවේ. කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍ර හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කර ඇති කැඳවුම සමග එයට කිසිදු සම්බන්ධයක් නැත… 

කොක්‍රික යනු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අහුලා ගන්නා ලද සමහර දේශපාලන ක්‍රියාකාරීන් ද ඇතුලු, පුද්ගලයන්ගේ එකතුවකි,” ප්‍රකාශය කියාපායි.

2023 මැයි 13 දින කොක්‍රික විධායක සභාවේ විශේෂ රැස්වීමක් තුල මෙම චෝදනා බැරෑරුම්ව සලකා බැලූ අතර එහි ඒකමතික නිගමනය වූයේ මෙය කම්කරු පිඩිත ජනයා  නො මග යැවීම සදහා හිතා මතා නිර්මානය කල, නිවට හා ප්‍රතිගාමී උත්සාහයක නග්න ප්‍රකාශනයක් බව ය. මේ චෝදනා නිසි සාක්ෂි සහ හේතු සාධක සහිතව සනාථ කිරීමට ප්‍රස්තුත ලිපිය කිසිදු උත්සාහයක් දරා නැතිවා මෙන් ම ඊට එසේ කිරීමට හැකියාවක් ද නැත.       

ප්‍රස්තුත ලිපිය එහි සදහන්, නන්දන සහ සංජය, කොක්‍රික සසපට පහර ගැසීමේ මාධ්‍යක් ලෙස යොදාගෙන ඇත්තේ කවදා, කොතැන දී, කෙසේ ද යන මේ වැදගත් ප්‍රශ්න ගැන ගොලු ය. 

කොක්‍රික අව්‍යාජ ක්‍රියාකාරී කමුටුවක් නො වේ යන්නට හේතුව ලෙස ඔවුන් ගෙනහැර පාන්නේ එය අහුලා ගන්නා ලද සමහර දේශපාලන ක්‍රියාකාරීන් ඇතුලු, ප්‍රද්ගලයන්ගේ එකතුවක් බව ය. ඒ වෙනුවට ‘සෑම වැඩපලකම, කම්හලකම, වත්තකම සහ නිවහන් ප්‍රදේශයක’ ම හා ‘ගම්බද දුගීන්’ විසින් ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු බව සදහන් කරන සසප ලිපිය ඔප්පු කිරිමට තතනන්නේ ඉහත කී කිසිදු සමාජ කොටසකට හෝ පන්තියකට කොක්‍රික සාමාජිකයන් අයත් නො වන බව ය. එවිට ‘දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇහිදගත්තා’ යයි කියන මේ විශේෂිත සත්ව වර්ගය හදුන්වන්නේ කෙසේ ද? කොක්‍රික කෙසේ හෝ විනාශ කර දැමීමේ උන්මාදය හැර අන් යහපත් අරමුනක් එහි තිබේ ද?

මෙතැනදී ද යලි මතුවන්නේ පක්ෂ නායකත්වය පසුගිය වසරේ දැවැන්ත මහජන අරගලවලින්, විශේෂයෙන් ‘ගෝඨාගෝගම’ උද්ඝොෂනවලින්, කර හැරීමට හේතු වූ කරුන ය. දිනපතා දිවා රාත්‍රී නො බලා  සහභාගී වූ කම්කරුවන්, ගොවීන්, ගෘහනීන්, තරුනයන් ‘වැරදි තැනකට’ ආ නිසා ඔවුන් නිර්ධන පන්තියට අයිති වන්නේ නැත යන ආකල්පයකින් මෙම නායකත්වය විපිලිසර වී සිටියේ ය. ඔවුන් ක්‍රියාවෙන් ප්‍රකට කර ඇති පරදි – එක එල්ලේ ප්‍රකාශ කිරීමට බිය වුවත් – ගෝටාගම නායකත්වයේ සිටි ධනපති පක්ෂ හා සංවිධාන, වෘත්තීය සමිති, ඇතුලත් ව්‍යාජ වාම පෙරමුන එහි රැස් වූ ලක්ෂ සංඛ්‍යාත පීඩිත ජනතාව විසින් ද නියෝජනය කරනු ලැබුනේ ය යන්න ඔවුන්ගේ අදහස විය. කොක්‍රික ට පදනම දමමින් ගිය වසරේ ජුනි මැද ගෝඨාගෝගම මහජන සරසවියේ කල මැදිහත් වීම නිසා සංජය ජයසේකර හා ආනන්ද වක්කුඹුර යන සහෝදරවරුන්ට විරුද්ධව පක්ෂ තහනමක් ක්‍රියාත්මක කිරීම සිදු කලේ එබැවිනි. පක්ෂයට පහර දීමට ආව නිසා, පක්ෂවල නම් භාවිතයට විරුද්ධ වුන නිසා, සහෝදරවරු බිලි නො දී ආරක්ෂා කර ගත යුතු වූ නිසා ‘සසප වැනි පක්ෂයකට නො හොබිනා’ දේ නොකිරීමේ සීතාම්බර පට යට සැග වී සිටීමට නායකයන්ට අවසානයේ දී සිදු වී ඇත.

මාක්ස් හා එංගල්ස්ගේ කතෘත්වයෙන් සම්පාදිත කොමියුනිස්ට් ප්‍රකාශනය පෙන්වා දෙන පරිදි “නිර්ධන පන්තිය යනුයෙන් අදහස් කරනුයේ තමන් සතු නිශ්පාදන මාධ්‍යයන් රහිත වීම නිසා ජීවත් වනු පිනිස ස්වකීය ශ්‍රම ශක්තිය විකිනීමේ තත්වයට වැටී සිටින නූතන වැටුප් ශ්‍රමිකයන්ගේ පන්තිය යි.” මෙම වැකිය කට පාඩමේ තබාගෙන සිටින ගමන් ම එය තම අරමුනුවලට සේවය කල හැකි වන පරිදි අර්ථගන්වන්නට සසප නායකත්වය හැරීගෙන ඇත. 

සංජය හා අප කන්ඩායම ගෝඨාගෝගම දී කල මැදිහත් වීමේ දී ජාත්‍යන්තර කම්කරු පන්තික ඉදිරි දර්ශනය හෝ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් කුමන හෝ දේශපාලන මගහැරීමක්, යටත්වීමක් හෝ පාවා දීමක් සිදු කර ඇතැයි සසප නායකත්වයට කිව නො හැකි ය. මතු වී ඇති ගැටලු ඉස්මතු කිරීමේ දී ඒවා පක්ෂයේ දේශපාලන කරතව්‍යයන්ට සම්බන්ධිතව ඉස්මතු කිරීම මාක්ස්වාදියාගේ විධික්‍රමය යි. උක්ත ලිපියේ අරමුන පන්ති අරගලයට අත්‍යවශ්‍ය එබදු දේශපාලනික ප්‍රයත්නයක් මතු වීම වැලැක් වීම ය. 

කොක්‍රික යනු සංජය ඇතුලු සසප වාම කන්ඩායම ගෝඨාගෝගමින් අරම්භ කල උද්ඝෝෂනය හරහා- 2022 ජුලි 20 ජාත්‍යන්තර කමිටුවේ (ජාක) මෙහෙයවීමෙන් සසප විසින් සම්පාදනය කරන ලද ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය පිලිබද දීර්ඝ සාකච්චාවකින් පසු- ගොඩ නගන ලද්දකි. එම සැප්තැම්බර 11 දින කොලඹ එන්. එම්. පෙරෙරා මධ්‍යස්ථානයේ පැවති එහි ආරම්භක රැස්වීමේ දී වාද විවාද සහිත දීර්ඝ සාකච්ඡාවකින් පසු ඉහත කී ජුලි ප්‍රකාශය ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලදී.    

“ආරම්භක රැස්වීම, එහි විධායක කමිටුව සමග ඒකමතිකව තීරණය කළේ රැස්වීමේ වාර්තාව කම්කරු පන්තියේ ගෝලීයව අධිකාරීමය ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පලකිරීම සඳහා යැවිය යුතු බවයි. ඒ අනුව, රැස්වීමේ වාර්තාව, එහි ඡායාරූප සමඟ සැප්තැම්බර් 15 වන දින ලෝසවෙඅ හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කර්තෘ වෙත යවන ලදී. කෙසේ වෙතත්, දින 5කට පසුව, ප්‍රධාන කර්තෘ ඉතා සරලව අපට දන්වා ඇත්තේ, “ඔබ විසින් ලෝසවෙඅ වෙත යවා ඇති වාර්තාව අපි ප්‍රසිද්ධ නො කරන්නෙමු. මන්ද එය සමාජවාදී සමානතා පක්ෂයේ අනුමැතියකින් තොරව ඔබ විසින් පිහිටුවන ලද කමිටුවක වාර්තාවක් වන නිසා,” යනුවෙනි.

මෙයින් ම පැහැදිලි වන්නේ, සසප කොලඹ ක්‍රියාකාරී කමිටුවට විරුද්ධ වන්නේ එය සසප අනුමැතිය සහිතව නො පිහිටුවා එහි අන්ඩක් බවට පත් නොකිරීම නිසාය. එය කම්කරු පන්ති අරගලයේ අවශ්‍යතාවක් වීම හෝ එය ජාත්‍යන්තර කමිටුවේ උද්ඝෝෂනයට සම්බන්ධිත ඉදිරි පියවරක් වන අතර සසප යෝජනාව සාක්ෂාත් කිරීමක් ය යන කරුනු සියල්ලට ම ඉහලින් පෙරමුනට කැදවා ගත්තේ- පන්ති අරගලය සසපයෙන් නො විමසා මතු වීමට විරුද්ධ වීම හා සමාන- උන්මත්තක නිලධාරීවාදය යි. පැහැදිලි නො කල හා පැහැදිලි කල නො හැකි මෙම වග කීම් විරහිත ක්‍රියාව කම්කරු පන්තියට හා තරුනයන්ට අතිශය නරක බලපැමක් සිදු කරන බව සසප නායකයෝ දැන සිටිති. ඔවුහු එය නො තකා කටයුතු කරන්නේ ඇයි? නමුත්, ඊට ප්‍රතිවිරුද්ධව කොක්‍රික ක්‍රියාකාරිත්වය හැම විටම ධනේශ්වරයට එරෙහිව කම්කරු පන්තියේ එකමුතුවේ මූලධර්ම මත පිහිටා සිට ඇත.

2022 ඔක්තොම්බර් 10 කොක්‍රික තවත් ප්‍රකාශයක් ලෝසවෙඅ ට යැවී ය. ඒහි දී අපි මෙසේ ලීවෙමු:

 “සැප්තැම්බර් 22 දින, උතුරු පළාතේ කයිට්ස් දූපතේ ධීවර ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගනු ලැබ ඇත… 

“දිනෙන් දින උත්සන්න වන ජාත්‍යන්තර පන්ති අරගලයේ තියුණු තුඩක් වන ශ්‍රී ලංකාව තුල කම්කරු පන්තික ක්‍රියාකාරීන්ගේ බල සංස්ථා ලෙස සිය ගණනින් ක්‍රියාකාරී කමිටු වර්ධනය කිරීමට අවශ්‍ය කොන්දේසි පවතින බවත්, එය පන්ති අරගලයේ අත්‍යවශ්‍ය උපකරනයක් බවට ඓතිහාසික ව තීන්දු වී ඇති බවත් පිලිබඳව කොක්‍රික දැඩි අවබෝධයෙන් සිටී.

“පුලුල් මහජන ව්‍යාපාරයක්, තමන්ගේ ම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන වන කම්කරු ක්‍රියාකාරී කමිටුවල මෙහෙයවීම යටතේ, දුර්දාන්ත ධනේශ්වර පාලනයට එරෙහි ව කුලු ගැන්වීම වැළැක්විය හැකි ශක්‍යතාවයක් පාලක පන්තියට නැත. එය ඒ වෙනුවට මිලිටිරි පොලිස් මර්දනය මගින් එබදු සංවිධානයන්හි අවශ්‍යතාව නැවත නැවතත් මහජනයාට ඒත්තු ගන්වමින් සිටි. 

“කයිට්ස් ධීවර ක්‍රියාකාරී කමිටුව (කධීක්‍රික) උතුර හා දකුන ලෙස හා වාර්ගික ව කම්කරු පීඩිත මහජනතාව භේද කරන කුමන්ත්‍රනයන්ට එරෙහි මහජන අරගලයේ සුවිශේෂී සලකුනක් සටහන් කල බව අප විශ්වාස කරන්නේ මේ තතු තුල ය.”

සසප නායකත්වය එවන් එකමුතුවකට නැවතත් විරුද්ධ විය. එම ප්‍රකාශය ද පල කලේ නැත.

අනතුරුව, 2022 දෙසැමිබර් 8 කොලඹ  දුම්රියපොල ඉදිරිපිට, ටෙලිකොමි වෘත්තීය සමිති එකමුතුව කල උද්ඝොෂනයේ දී සමිති නායකයෝ සසප සාමාජිකයන්ට අඩන්තේට්ටම් කිරීමට එරෙහිව කොක්‍රික මැදිහත් වෙමින් 2022 දෙසැම්බර 10 දින නිකුත් කල ප්‍රකාශය ද සසප නායකයෝ ඉවත දැමුහ. එහි මෙසේ සඳහන් විය:

“සමිති නායකත්වය ප්‍රහාරය එල්ල කර ඇත්තේ කම්කරුවන්ට විකල්ප වැඩපිලිවෙලක් දැනගැනීමට හා ඒ ගැන තීරනයක් ගැනීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතියට මෙන් ම සසපට සිය අදහස කම්කරුවන්ට ඉදිරිපත් කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ය. ආර්ථික අවශ්‍යතා දිනාගැනීමේ දී ඊට අවශ්‍ය සංවිධානාත්මක විනය සදහා කම්කරුවන්ට අවශ්‍ය පූර්ව කොන්දේසිය වන්නේ කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදය ය.”

“මේ අතර,සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලාල් පෙරේරා, තම ‘ටෝක් විත් ලාල්’ (Talk with Lal) යූ ටියුබ් චැනලය තුල, සමිති නිලධරය සසප සාමාජිකයින්ට බාධා කරන දර්ශන සහිත වඩියෝවක් , “ටෙලිකොම් ඉන්ෂුවරන්ස් සටන අල කරන්න පිරිසක් පැමිනීමෙන් ගැටුමක්” යන ශීර්ෂය යටතේ පල කරනු ලැබ ඇත. තව දුරටත් ඔහු සසප සාමාජිකයින් ‘ආන්ඩුවේ ඉත්තන්’ ලෙස ප්‍රකෝපකරී හා නින්දාසහගත බොරු ප්‍රචාරය කර ඇත. මෙම ධනපති ගැති මාධ්‍ය ව්‍යාපාරය මුලුමනි ම හෙලිදරව් කිරීම හිතන මතන, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියල්ලන්ගේ වග කීමකි. මොහු තම සාවද්‍ය ප්‍රකාශය නිවැරදි කල යුතු අතර සසපෙන් සහ මහජනතාවගෙන් සමාව ගත යුතු ය යි කොලඹ ක්‍රියකාරී කමිටුව බල කර කියා සීටී.” 

2023 පෙබරවාරි 23 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී සසප සාමාජිකයන්ට ඒල්ල වූ තර්ජනයට එරෙහිව කොක්‍රික උද්ඝෝෂනය ද බලගතු එකකි. අත් පත්‍රිකා ලෙස සියගනනින් බෙදන ලද 2023 මාර්තු 9 අපගේ ප්‍රකාශය මෙසේ ලිවීය:

“තර්ජනය කල කන්ඩායම, “පක්ෂ දේශපාලනය ගෙන ඒමෙන් ශිෂ්‍යයන් බෙදෙනවා” යැයි කියා සිටි බව ලෝසවෙඅ වාර්ථා කර ඇත. ශිෂ්‍යයන් බෙදෙන්නේ දේශපාලන අදහස් නිදහසේ සාකච්ඡා කිරීමට සිසුන්ට ඇති අයිතිය අවහිර කිරීමෙන් බව අපි අවධාරනය කරමු. ශිෂ්‍යයන් මේ මොහොතේ මුහුන දී සිටින අභියෝග හුදෙක් එක් සරසවියකට, එක් ක්‍ෂේත්‍රයකට හෝ සිසුන්ට පමනක් හෝ එල්ල වූ ඒවා නොවේ… ඊට මුහුන දිය හැකි බලගතු කම්කරු හා මහජන ව්‍යාපාරයක ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ජාව, ඒකාබද්ධතාව හා නායකත්වය තහවුරු කිරීම යුගයේ අත්‍යවශ්‍යතාවය බවට පත් ව තිබේ. 

මේවා තමන්ට එරෙහි ප්‍රහාර ලෙස සසප තන්ත්‍රයට පෙනී යන්නේ ඇයි? මෙම විප්ලවවාදී ප්‍රයත්නයන් නො තකා, සසප නායකයෝ කම්කරු පීඩිත ජනයා වෙනත් ව්‍යාජයන් තුල රස්තියාදු කිරීමේ අරුත දැන් පැහැදිලි විය යුතු ය. 

මෙම නිලධරය තමන්ට පිටින් පන්ති අරගලය ඉස්මත්තට පැමීනීම පිලිබඳ සංත්‍රාසයෙන් පෙලෙන බව දැනටමත් ප්‍රායෝගිකව ම සනාථ කර ඇත. කම්කරුවන් ගොවීන් තමන් විසින් ම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට පියවර ගත යුතු ය යි ජාත්‍යන්තර කමිටුව අනු යමින්  යෝජනා කරන නමුත් තමන්ගේ අනුමැතිය නැතිව ගොඩ නැගෙන්නේ යැයි කියන කමිටු පිලිබද ඔවුහු තැති ගනිති. 

මෙය වෛෂයික සමාජ සම්බන්ධතා තුල කැලඹීම් සහගත වත්මන් තතු විසින් ඉස්මත්තට ගෙන ඇති තත්වයකි. මේ අවස්ථාවේ ලොව පුරා ලැව් ගින්නක් මෙන් පැතිරෙන පන්ති අරගල රැල්ල ඉල්ලා සිටින්නේ ඓතිහාසික අත්දැකීමෙන් හා න්‍යයිකව සන්නද්ධ කල, ප්‍රායෝගික සටන්කාමී හැරී ගැනීමකි. එහෙත් හුරුපුරුදු පැවැත්ම වෙනස් කිරීමට අසමත්කම නිසා මේ තත්වයට තමන් සූදානම් නැතැයි සිතන ඕනෑම ව්‍යාපාරයක් මෙන් ම සසප නායකත්වය ද අව්‍යාජ ක්‍රියාකාරී කමිටු අනතුරක් සේ දකී. ඒ ඒවා කම්කරු පන්තියේ සටන්කාමීත්වය ඉහලට ඔසවා විප්ලවීය සටන් අවුලවනු ලැබීමේ ශක්‍යතාවයෙන් යුතු වන නිසා ය. මෙවන් භාවිතාවක අරමුන එබදු අරගලයක් වලක්වා ගැනීම ය. කම්කරු කමිටු තමන්ගේ පාලනයට යටත් කර ගත යුතු යයි ඔවුන් සිතන්නේ ඒ අනුව ය. 

කොලඹ ක්‍රියාකාරී කමිටුව සටන් වදින්නේ මෙම බෙලහීන පිලිවෙතට ප්‍රතිපක්ෂව ය. සසප අව්‍යාජ ජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් තුලින් මෙම අර්බුදය විසදා ගැනීමට ප්‍රයත්න දරනු ඇත යන්න කොක්‍රික අපේක්ෂාවයි.   

කොලඹ ක්‍රියාකාරී කමිටුව කඩාකප්පල් කිරීමේ උත්සාහයේ සසප අරමුන කුමක් ද?  Read More »

කම්කරු ක්‍රියාකාරී කමිටු සදහා උද්ඝෝෂනයට එරෙහි ප්‍රතිගාමී පිලිවෙත පරාජය කරමු

 

මේ සමග පලවන ලිපිය කොලඹ ක්‍රියාකාරී කමිටුව විසින් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයාට හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයේ කතෘ කේ. රත්නායක සහෝදරයාට 2023 මාර්තු 22 යවන ලද ලිපියකි. එය එම සහෝදරවරුන් විසින් වගකීම් විරහිත ලෙස නො තකා හරිනු ලැබ ඇත. 

මින් පෙර අවස්ථා දෙකක දී පක්ෂයට එල්ල වූ ප්‍රහාරවලට එරෙහිව එහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කොලඹ ක්‍රියාකාරී කමිටුව කල මැදිහත් වීම පවා මෙම නායකත්වය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. කොටුව දුම්රියපොල ඉදිරිපිට දී වෘත්තීය සමිති නායකයන් පක්ෂ සාමාජිකයන්ට එල්ල කල ප්‍රහාරයත්, පසුව සසජාත හා සසප සහෝදරවරුන්ට ජයවරධනපුර විශ්ව විද්‍යාලයේ දී කල පහර දීමත් යන මේ අවස්ථා දෙක, ඉහත සදහන් ප්‍රතික්ෂේපය නො තකා, බැරැරුම්ව සැලකූ කොක්‍රික, කම්කරුවන් හා සිසුන් අතර පත්‍රිකා බෙදා හරිමින් උද්ඝෝෂනය කලේ ය. ඒ කොලඹ ක්‍රියාකාරී කමිටුව හැම විටම කම්කරු පන්තික විප්ලවවාදී මූලධර්ම මත පදනම් වන නිසා ය.

කොක්‍රික ගොඩ නැගෙන්නේ 2022 අප්‍රේල් සිට ඇදී ගිය මහජන ව්‍යාපාරය තුල සමාජවාදී සමානතා පක්ෂය ජුලි 20 දින ඉදිරිපත් කල ඉදිරි දර්ශනය සදහා කල අරගලය තුලිනි. එම ඉදිරි දර්ශනය මෙබදු කට්ටිවාදයකට මොන ම ඉඩක් හෝ දී නැත. කටිටිවාදය කම්කරු පන්තිය කෙරේ පවතින සංශයක ලකුනු ය. ක්‍රියාකාරී කමිටු කිසිදු පක්ෂයක හෝ සංවිධානයක හුදු බලපෑම විසින් ගොඩ නො නැඟෙයි. ඒවා කම්කරු පීඩිත මහජනයාගේ වෛශික අවශ්‍යතාවයක් ලෙස ඔවුන්ගේ අරගල තුල

කරන අරගලය තුල ගොඩ නැගිය යුතු ය. ක්‍රියාකාරී කමිටුවල මහජන ව්‍යාපාරයක් එකමුතු කිරීමෙන් තොරව කිසිවක් ජයග්‍රහනය කල නොහැක. ඒ සඳහා ක්‍රියාකාරී කමිටු තුලමත්, ඒවා අතරත් පුලුල්තම ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාව අතිශයින්ම තීරනාත්මක ය. මෙම මූලධර්ම විශ්වාස නො කරන්නෝ, නිලධාරීවාදී ලෙස ක්‍රියාකාරි කමිටු නිවේදනය කර ඒවාට කම්කරුවන් එනු ඇතැයි සිතති. මෙය මිත්‍යාවකි. කම්කරුවාගේ භාෂාව අරගලය බව ඔවුහු අමතක කර ඇත්තාහ.

මෙම ලිපිය කම්කරුවන් හා සෙසු ධනපති විරෝධී ජනයාගේ අවධානය දිනා ගනු ඇතැයි අපි විශ්වස කරමු. ඒ අන් කිසිවක් නිසා නො ව ධනවාදයට එරෙහි මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම පිලිබඳ අවශ්‍ය සාකච්ඡාවකට එය යොමු වන නිසා ය.  

Image
ඇමරිකාවේ මෝටර් රථ කම්කරුවන්ගේ ක්‍රික වල ජාලයක් සඳහා පැවති කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී රැස්වීම 
(Photo:wsws)

ප්‍රධාන ලේකම්,

සමාජවාදී සමානතා පක්ශය (ශ්‍රී ලංකාව), සහ

ප්‍රධාන කර්තෘ,

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ශ්‍රී ලංකා
ශාකාව)
,

22.03.2023,

සහෝදරවරුනි,

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටුවල “ඒකාබද්ධ ප්‍රකාශය”
පිලිඹදව යි

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයේ  මාර්තු 14 දින පලකල “ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට
එරෙහිව එක්සත් අරගලයක්” කැඳවීම සදහා වූ ප්‍රකාශය කොලඹ ක්‍රියාකාරී කමිටුව තුල සාකච්ඡාවට බදුන් කෙරුනු අතර එහිදී ඇති කර ගැනුනු එකගතාවන් ගැන ඔබ දැනුවත් කිරීමට මෙම ලිපිය ලියමු.

උක්ත කැදවුමට පූර්න ක්‍රියාකාරි සහාය ලබා දීමට කොක්‍රික බැදී සිටී.

එක්සත් අරගලයකට එරෙහි ප්‍රධාන බාධකයක් වන වෘත්තීය සමිතිවලට පිටින් කම්කරු පන්තිය සංවිධානය කිරීමට එම ප්‍රකාශයෙන් ගෙනඑන යොජනාව තීරනාත්මක පන්ති අවශ්‍යතාවකි.

සෑම රටකම ආන්ඩු හා පාලක පන්තියට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද තව දුරටත් ඉවසා සිටිය නො හැකි ය. ලංකාවේ ආන්ඩුව දැනටමත් තමන්ගේම ඉහල උසාවි නියෝග පවා නො තකමින් ද, මහජන උද්ඝෝෂන සහ විරෝධතාවලට නො නවත්වා පහර දෙමින් ද, නැවත නැවතත් සනාථ කර ඇත්තේ සාපේකෂ සාමාකාමී සහජීවනයේ කිසිවක් ඉතිරි වී නැති බව ය.  

මේ කොන්දේසි යටතේ කම්කරු ක්‍රියාකාරී කමිටු යනු කම්කරු පන්තියේ පැවැත්මේ කොන්දේසියකි. ඒවා ගොඩ නැගිය යුතු වන අතර ගොඩ නැගිය හැකි ය.

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ අනුග්‍රහය සහ මග පෙන්වීම ලැබ මෝටර් රථ හා තවත් ක්ෂේත්‍ර තුල මේ වන විට ක්‍රියාත්මක වන මෙම වැඩ පිලිවෙල  හා මීට අදාල ඉතිහාසයේ පාඩම් ගැඹුරින් අධ්‍යනය කර ඇති කොක්‍රික,
සසප 2022 ජුලි 21 ප්‍රකාශය පිලිබද දීර්ඝ සාකච්ඡා මාලාවකින් පසු එම ප්‍රකාශනය පදනම් කරගෙන ගොඩ නැගුනකි. එය පැන නැගුනේ 2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුල වර්ධනය වූ තියුනු පන්ති අරගල තුලට  කෙරුනු දැනුවත් මැදිහත් වීම තුලිනි.

ධනේශ්වර විරෝධී, කම්කරු පන්තික හා පීඩිත මධ්‍යම පන්තික, කන්ඩායම් අතර කොක්‍රික මේ සදහා කල උද්ඝෝෂනවල ප්‍රතිඵල හුදෙක් කොක්‍රික වැඩ කටයුතුවල ඵලයක් නො වන බව අපි අවබෝධ කරගෙන සිටිමු. පන්ති අරගලයේ තීව්‍රතාවයත්, ජාත්‍යන්තර කමිටුවේ හා එහි ලංකා ශාකාවේ දිගු කාලීන න්‍යායික දේශපාලන වැඩ  කටයුතුවලින් ලද පුහුනුව අවශ්‍ය
මග පෙන්වීම ලබා දීමත් ඊට මාවත සැකසී ය. කොක්‍රිකට ආරම්භයේ දී  බැදුනු සියලු ම දෙනා පක්ෂයේ අරගලය දැන සිටි හා ඊට ගරු කල අය ය.

අපගේ කමිටුව, සසප අරගලය සමග විවෘත සහයෝගයෙන් වැඩ කිරීමට ගත් සෑම උත්සාහයක් ම ඔබ විසින් හිතුවක්කාරී ලෙස වලක්වනු ලැබූ බව මතක් කරන්නට සිදු වීම ඉතා කනගාටුදායක ය. මෙවර ද ඔබ ක්‍රියාකාරි කමිටුවල ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කිරීමේ දී කොක්‍රික එලියෙන් තැබීමට දැනුවත් ව වැඩ කර ඇත. එවිට ඔබ කර ඇත්තේ උක්ත ඒකාබද්ධ ප්‍රකාශයේ
පවසන “අපි ඔබට ඔබේම ක්‍රියාකාරී කමිටු හැදීම සදහා අපගේ උපරිම සහයෝගය ලබා දීමට සූදානම්ව සිටුමු” යි යන සහතිකය ද ව්‍යාජයක් බව තහවුරු කිරිම ය.

උතුරේ කයිට්ස් දූපතේ ධීවර ක්‍රියාකාරී කමිටුව ආරම්භ කල වහාම අපි සහෝදරත්වයේ දැත් දිගු කර එම කමිටුවට සුභ පැතුම් ප්‍රකාශයක් යොමු කලෙමු. එය වෙබ් අඩවියේ පලකිරීම ප්‍රතික්ශේප කල ඔබ ක්‍රියාකාරී කමිටුවල ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී
සම්මේලනයක් යන ඔබගේ ප්‍රකාශයෙන් කල කැදවුමට ද පිටු පෑහ.

ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමේ සත් චේතනාව ඔබට ඇතැයි අප විශ්වාස කරන මුත් ඔබ එහිදී අනුගමනය කරන මෙබදු පිලිවෙත් එම අවශ්‍යතාවට පටහැනි ය. විශේෂයෙන් ඉතාම සක්‍රීය, ස්ථිරසාරව  මූලධර්ම මත පිහිටා සටන් වැදීමේ සමත් කමක් ඇති බව දැනටමත් ප්‍රදර්ශනයකර ඇති කොක්‍රික ඉවත ලා, ව්‍යාජ හා ගොඩ නැගීමට ඔබ බලාපොරොත්තු වන නමුත්
ගොඩ නැගී නැති, එමෙන් ම ලිහිල් දැන හදුනාගැනීම් පවා ක්‍රියාකාරි කමිටු ලෙස හුවා දක්වා තමන් ම රවටා ගනිමින් මෙම ලිපියට ඇතුල් කර ඇති ක්‍රිකවල නාමයන් කම්කරුවන් දිනා ගැනීමේ උපායක් ය යි ඔබ සිතන බව පෙනී යයි. සරලම ඔබ සිතන්නේ එය ධනවාදයට එරෙහි විප්ලවය උදෙසා වන නිසා අපරාධයක් විය නො හැකි බව ය. එය වැරදි ය. ට්‍රෙට්ස්කිට අනුව
නම් එය නිලධාරීවාදී උත්සාහයකි. ක්‍රියාකාරී කමිටු  ගොඩ නැගිය හැකි වන්නේ මූලික වශයෙන් පන්තියට එවැනි නව උපකරනය අවශ්‍ය වූ විට ය. වෛශයිකව ගත් කල දැන් කම්කරුවන්ට එය අත්‍යවශ්‍යය ය.

එහෙත් කම්කරුවන් අතර අරගලයට මැදිහත් නො වී ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කුමක් ද යන්න ඒත්තු ගැන්වීමට නො හැකි ය. ඔබ පසුගිය අප්‍රේල් සිට පැතිරී ගිය මහජන අරගලයේ දී ඒ අවස්ථාව මග හැරියේ ය. ඔබ සඳහන් කර ඇතිමුත් සැබෑ ලෝකයේ  නොපවතින ක්‍රියාකාරී කමිටු මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව සම්බන්ධ වූ මහජන නැගිටීමේ දී කොටසක් වීම”  පිලිබඳ ඉහත ප්‍රකාශයේ ඔබ සඳහන් කරන්නේ මුසාවකි.  දේශපාලන පක්ෂ තහනම් ය යි ප්‍රතිගාමී කල්ලි හා පක්ෂ ගෙන ගිය කුහක ව්‍යාපාරයේ උගලට දැන දැනම රිංගූ ඔබ “නම නැතිව අනික් අය ආවට අපි නම් නො එමු” යි වහසි
බස් දොඩමින් මහජනයා අතර මැදිහත් වීමට තිබූ අවස්ථාව මග හැරියහ. එයින් ඔබ මහජන වික්ශෝපය රිසි සේ අවභාවිත කිරීමට ඉඩදෙමින්  කම්කරුවන්, පීඩිත තරුනයන්, සිසුන් සහ නාගරික හා ගම්බද දුගීන් දක්ෂිනාංශිකයන්ට
, ව්‍යාජ වම්මුන්ට  පාවා දුන්නෝ ය.

පක්ෂයේ කීර්තිධර ඉතිහාසයේ ශක්තිය හා එයට පැවති අවස්ථාව ඔබ වටහා නො ගත්හ. අද දින කමිටු ගෙඩ නගනවා වෙනුවට ව්‍යාජ කමිටු ඉදිරිපත් කිරීමට සිදුවීම මෙබදු මග හැරීම්වල පැහැදිලි ප්‍රතිඵල බව අපි වටහා ගෙන ඇත්තෙමු. කොලඹ ක්‍රියාකාරී කමිටුවේ පුරොගාමීහු පන්ති අරගලයේ අපතේ නොහැරිය හැකි අවස්ථාව අහිමි වීමට ඉඩ නො දීම සදහා මැදිහත් වන්නේ ඔබගේ මෙම කට්ටිවාදී පිලිවෙතින් වන හානිය හැකි තාක් වලක්වා ගැනීම අරමුනු කර ගෙන ය.

අවශ්‍ය වන්නේ ව්‍යාජ වමට විරුද්ධව දොස් පවරා නතර වීම නොවේ, ව්‍යාජ වමේ ක්‍රියාමාර්ග හා ක්‍රියාවන්ට එරෙහි  ක්‍රියාමාර්ග වර්ධනය කිරීම හා ක්‍රියාවන් සිදු කරීම ය. ඔබ ඒ වෙනුවට ක්‍රික යනු පක්ෂයට බදවා ගැනීමේ උපායාත්මක උපකරන ලෙස නම්
කරමින් සැබෑ ක්‍රියාකාරී කමිටු බිහිවීමට පවතින ඉඩ අහුරා දමා
, ඒ නයින් පුලුල් මහජන ව්‍යාපාරයක් වර්ධනය වීම වැලක් වීමට තත්ත්වය නිර්මානය කර යි. එය බොරු කීම උපායක් ලෙස භාවිත කිරීමටත් වඩා, න්‍යායික අපගමනයක් හා
සැබෑ ක්‍රික සදහා අරගලය දුර්වල කිරීම කි.

කෙසේ වෙතත්, පක්ෂයේ ඉදිරිදර්ශනය පිලිගත් කම්කරුවන්ගෙන් ක්‍රික ගොඩනැගිය යුතු යැයි යන යොජනාවට විරුද්ධ වූ හිටපු ලේකම්, අභාවප්‍රාප්ත විජේ ඩයස් සහෝදරයා, එසේ නම් ඔවුන් පක්ෂයට බදවා ගත යුතු බවත්, ක්‍රික
හදන්නේ කුමකට දැයි ප්‍රශ්න කල බවත් අපි දනිමු.

ප්‍රශ්නය වන්නේ ඔබ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම සදහා අවශ්‍ය වන ඉදිරිදර්ශනය සදහා අරගලය පන්තිය තුල වර්ධනය කරනු වෙනුවට පහසු උපායන්ගේ සරන සොයා යාමයි. අප හොදින්ම දන්නා පරිදි, ක්‍රියාකාරී කමිටු සෑදීමට
සහභාගී කරගත හැකිව තිබූ ගුරු කන්ඩායම් ඉක්මනින් ම ඒවා අත් හැර ගියේ මේ කාරනා නිසාය. ප්‍රකාශනයේ හා කලාවේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී රැස් කිරීම හා නිලධාරි මඩුලු තොරා ගැනීමේ ජන්ද නොතියා එය විසුරුවා හැරීමට ඔබ කටයුතු සැලසීය. එය සාපාරාධී මග හැරීමකි. 

ඉතිහාසය ලබා දෙන අවස්ථාවන් මග හැරිමට දඩුවම් නියම කරයි. හැකි ඉක්මනින් වැරදි නිවැරදි කර මග හැරීම් වලක්වා ගැනීම නො කලහොත් අපි ‌ඓතිහාසික වැරැද්දකට වගකිවයුත්තෝ වනු ඇත්තාහ. නැවතත් අප ඉල්ලා සිටින්නේ කම්කරු පන්තියේ අත්‍යවශ්‍ය හා තීරනාත්මක එකමුතුව වෙනුවෙන් ක්‍රියාකාරී කමිටුවල ප්‍රජාතන්ත්‍රවාදී  හා
සමාජවාදී සම්මේලනයක් ගොඩ නැගීමේ කටයුතු වේගවත් හා කාර්යක්ෂම කිරීම සදහා අප ඒකාබද්ධව කටයුතු කිරීමට මාවතක් සොයා ගන්නා ලෙස ය. කොක්‍රික කුමන හේතුවක් නිසාවත් කට්ටිවාදී නො වන අතර සම්මේලනය ගොඩ නැගීමේ අරගලය අත් හරිනු නැති බව ද සදහන් කරමු. ඉක්මන් පිලිතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

සහෝදරත්වයෙන්,

ශාන්ත විජේසූරිය, ලේකම්,

සංජය ජයසේකර, සභාපති,

කොලඹ ක්‍රියාකාරී කමිටුව.                                        

#CACPS #theSocialistLK

       

කම්කරු ක්‍රියාකාරී කමිටු සදහා උද්ඝෝෂනයට එරෙහි ප්‍රතිගාමී පිලිවෙත පරාජය කරමු Read More »

කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත

ජෙරී වයිට් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 27 දින Autoworkers resolve to establish network of rank-and-file committees at powerful IWA-RFC meeting in Detroit Sunday යන සිරසින් යුතුව පල කරනු ලැබූ ජෙරී වයිට් සහෝදරයා විසින් ලියන ලද වාර්තාවකි. පරිවර්ථනය SF විසිනි.

කම්කරුවන්ගේම ස්වාධින බල සංස්ථා වශයෙන් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම පිලිඹඳ ජාත්‍යන්තර අත්දැකීම් උකහා ගැනීම සෑම රටකම, කර්මාන්තයකම කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය දේශපාලන කර්තව්‍යයකි. තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට කම්කරුවන්ට එමගින් පන්නරය ලැබෙනු ඇත. අපි මෙලෙස ක්‍රියාකාරී කමිටු පිලිබඳ ජාත්‍යන්තර අත්දැකීම් මෙරට කම්කරුවාට සමීප කරන්නේ එබැවිනි. 

Image
ඩෙට්‍රොයිට් හි IWA-RFC රැස්වීමේ නියෝජිතයෝ යෝජනාව සම්මත කිරීමට ඡන්දය ප්‍රකාශ කරති [ඡායාරූපය: WSWS]

ඩෙට්‍රොයිට් හි පැවති කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (IWA-RFC) බලගතු රැස්වීමේදී ක්‍රියාකාරී කමිටු ජාලයක් පිහිටුවීමට මෝටර් රථ කම්කරුවෝ තීරණය කරති

ඉරිදා දින, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) සැලකිය යුතු ඉදිරි පියවරක් තබමින්, ඩිට්‍රොයිට් හි දී ද, ඔන්ලයින් මගින් ද මෝටර් රථ සහ බර යන්ත්‍රෝපකරන කර්මාන්ත ක්‍රියාකාරී කමිටුවලින් කම්කරු නියෝජිතයින් දුසිම් ගනනක් මෙන්ම ගුරුවරුන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ද සහභාගී වූ රැස්වීමක් පැවැත්වීය.

ජෙනරල් මෝටර්ස්, ස්ටෙලාන්ටිස් (කලින් ‌ෆියට්-ක්‍රයිස්ලර්), වාහන අමතර කොටස් නිෂ්පාදකයින් වන ඩානා  සහ ෆෝවියා (කලින් ෆොරේෂියා), මැක් ට්‍රක්ස් සහ ඉදිකිරීම් සහ පතල් උපකරණ නිෂ්පාදක කැටපිලර් හි නියෝජිතයින්, IWA-RFC සමඟ අනුබද්ධ වීමට සහ එක්සත් ජනපදයේ මොටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයක් සංවර්ධනය කිරීමට මඟ පෙන්වීම සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට රැස්වීමේදී තීරණය කළහ.

IWA-RFC හි ආධාරකරුවෙකු ලෙස යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) හි සභාපති ධුරය සඳහා තරඟ වැදුනු පෙන්සිල්වේනියාවේ මැක් ට්‍රක් කම්කරුවෙකු සහ සමාජවාදියෙකු වන විල් ලීමන් විසින් රැස්වීම ඇමතීය.

රැස්වීම තුල , බලගතු සහ හැගුම් බර දායකත්වයන් මගින් , කම්කරුවන් තම සේවා ස්ථානවල ඇති වේදනාකාරී තත්ත්වයන් විස්තර කළහ. කෝවිඩ්-19 හි මාරාන්තික සහ තවමත් පවතින බලපෑම විස්තර කළහ; සංගත ගැති යූඒඩබ්ලිව් නිලධරයේ උදාසීනත්වය සහ (සංගත සදහා ) දුස්සහාය හෙළා දුටු අතර, කම්කරු පන්තියේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා දැඩි හැගීමෙන් සහයෝගය දැක්වමින් කතා කළහ.

පසුගිය සතිය පුරා ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ආඥාදායක විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව ප‍්‍රන්සයේ මිලියන ගනනක් කම්කරුවන් විසින් කරන ලද පෙලපාලි ඇතුලුව, ජාත්‍යන්තරව ප‍්‍රධාන පන්ති සටන් පුපුරා යමින් තිබියදී රැස්වීම පැවැත්විණි. සඳුදා ඉහල යන ජීවන වියදමට එරෙහිව ජර්මනියේ සිය දහස් ගනන් ප්‍රවාහන සේවකයින්ගේ වැඩ වර්ජනයක්ද,  ඉරිදා අන්ත දක්ෂිනාංශික නෙතන්යාහු ආන්ඩුවට එරෙහිව ඊශ්‍රායලයේ මහජන විරෝධතාද  පැවැත් වුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු වන මාකස් ඩේ රැස්වීම ආරම්භ කරමින්, රැස්වීම යූඒඩබ්ලිව් සභාපති ලෙස ෂෝන් ෆේන් දිවුරුම් දීම සමග සමපාත වූ බව සඳහන් කළේය. ඩේ මෙසේ පැහැදිලි කළේය: “සත්‍යය නම් මෙම පරිපාලනයට බිංදු මාත්‍රයක යුක්තිසහගත භාවයක් හෝ අධිකාරියක් නොමැති බවයි. ඔවුන් බලයට පැමිණෙන්නේ, නිලධරය සහ යූඒඩබ්ලිව් අධීක්ෂක (Monitor) යන දෙපාර්ශ්වය  විසින්ම කම්කරුවන්ගේ ඉතාම මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝණය කරන ලද, සැලකිය යුතු සේවක සංඛ්‍යාවක් මැතිවරනය ගැන දැනුවත් කිරීම පවා හෝ නොකර ඡන්ද පත්‍රිකාවක් හෝ ලබා නොදුන් ඊනියා වෘත්තීය සමිති මැතිවරනයක ප‍්‍රතිඵලයක් ලෙසය.”

“‘නව සටන් කරන යූඒඩබ්ලිව්’ වෘත්තීය සමිතියක් ඇති බවට ෆේන්ගේ වාචාල කතා පිටුපස, “එම සංගත ගැති යාන්ත්‍රනයම ක්‍රියාත්මකව පවතී,” යි ඩේ තවදුරටත් කියා සිටියේ ය. මෙම තක්සේරුව ඉක්මනින් සනාථ කරමින්, සඳුදා, යූඒඩබ්ලිව් විශේෂ කේවල් කිරීමේ සම්මේලනය, මහ තුන්කට්ටුව (ප්‍රධාන සමාගම් තුන)  සමඟ ඔවුන්ගේ කොන්ත්‍රාත්තු යෝජනාවලට ‘ජීවන වියදම් ඉහළ යෑම සඳහා ගෙවීම් (COLA )” ඇතුළත් කිරීම සදහා යූඒඩබ්ලිව් කේවල් කණ්ඩායම  නාමිකව කැප කිරිම සදහා යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට අතිමහත් ලෙස ඡන්දය දුන්නේය.

කම්කරුවන් මුහුන දෙන දැවැනත ජීවන වියදම් අර්බුදය, යුද්ධය සහ ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට වෘත්තීය සමිති නිලධරයන්ගේ සහාය ඇතිව පාලක පන්තියේ උත්සාහයන් ද ඇතුලුව රැස්වීම පැවැත්වෙන පුලුල් සන්දර්භය ඩේ විසින් සමාලෝචනය කරන ලදී.   

ප්‍රංශයේ මෑත කාලීන සිදුවීම්, සෑම තැන්හිම  පන්ති සමාජයේ ඇතැම් මූලික ලක්ෂණ හෙළිදරව් කරමින්, රාජ්‍යය, මූල්‍ය කතිපයාධිකාරයේ නිරුවත් මෙවලමක් ලෙස යලිත් වරක් හෙලිදරව්කළ බව, ඩේ පැහැදිලි කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, ඊට ප්‍රතිචාර වශයෙන් මතුවෙමින් පවතින දෙය, “ගෝලීය පන්ති අරගලයයි. අද මෙහි පැවැත්වෙන මෙම රැස්වීම මෙම ජාත්‍යන්තර ක්‍රියාවලියේම කොටසක්. ඔබ තම අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමට ඇති බාධක ජය ගැනීමට උත්සාහ කරන ජාත්‍යන්තර කම්කරු පන්තියක ඉහල සවිඥානික නියෝජිතයන් වෙනවා.”

මීළඟටට රැස්වීම අමතමින්, විල් ලෙහ්මන්, 2021  දී වොල්වෝ ට්‍රක්හි (Volvo Trucks)  හි බලගතු වැඩවර්ජනය සහ එහි කම්කරුවන් විසින් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීම ඇතුළුව, ක්‍රියාකාරී කමිටු සඳහා වන ව්‍යාපාරයට සම්බන්ධ වීමට සහ පසුව යූඒඩබ්ලිව්ලිව් (UAW) සභාපතිත්වය සදහා තරඟ කිරීමට තුඩු දුන් අත්දැකීම් සමාලෝචනය කළේය. 

 

Image
විල් ලෙමන්

රට රටින් බෙදලා අපව සූරා කන්න හදන මේ ජාත්‍යන්තර සමාගම්වලට එරෙහිව සටන් කරන්න එවැනි ඉදිරිදර්ශනයක් අවශ්‍ය බව පවසමින් යූඒඩබ්ලිව් නිලධරය විසින් ප්‍රවර්ධනය කරන ජාතිකවාදය ප්‍රතික්ෂේප කර ජාත්‍යන්තරවාදී මූලෝපායක් අනුගමනය කරන ලෙස ලෙහ්මන් කම්කරුවන්ගෙන් අවධාරණාත්මක ලෙස ඉල්ලා සිටියේය. කම්කරු පන්තියේ ඉලක්කය කම්කරුවන් බෙදීම නොවේ. මට චීනයේ, යුක්‍රේනයේ, රුසියාවේ හෝ ලෝකයේ වෙනත් ඕනෑම තැනක සිටින කිසිදු කම්කරුවෙක් සමඟ ප්‍රශ්නයක් නැත, මා සමඟ වැඩ කරන කිසිදු කම්කරුවෙකුටද  එවැනි ප්‍රශ්නයක් නැත. IWA-RFC ගොඩ නගමින් ඉදිරියට ගෙන යාමේ සමස්ත වැදගත්කමම එයයි, ඔබ කොතැනක සිට පැමිණියත් රටවල් හරහා එම බැඳීම් සහ සබදතා ගොඩනඟා ගැනීමයි; එය ජාතික රාජ්‍යයකට ඇති පක්ෂපාතීත්වය නොවේ, එය පන්ති සහකරුවන් ලෙස අපටම ඇති පක්ෂපාතීත්වයයි.

ඩනා: “කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටුගොඩනගා ගැනීමට මෙය හොඳම කාලයයි”

ආරම්භක වාර්තාවලින් පසුව නියෝජිතයන් අතර ක්‍රියාශීලී සාකච්ඡාවක් පැවැත්විණි. පැමිණ සිටි ඩනා ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙක්, සමාගම සහ UAW නිලධරය යන දෙකම මෑත මාසවල සිදු කර ඇති දඬුවම් කිරීමේ  හා  සේවයෙන් පහ කිරීමේ රැල්ල පිළිබඳව දීර්ඝ ලෙස කතා කළේය.

 

Image
ඩනා ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් ජීප් කම්හලේ දී [ඡායාරූපය: WSWS]

“මම මූලික වශයෙන් කතා කරන්නේ ඩනා ටොලීඩෝ ආයතනයෙන් ඉවත් කරන ලද අය වෙනුවෙන්” ඇය පැවසුවාය. “පසුගිය මාස දෙක ඇතුළත, ව්‍යාජ හේතු මත සේවයෙන් පහ කරන ලද විශාල පිරිසක් ඉන්නවා. මිනිත්තුවක් ප්‍රමාද වී වැඩ පේලියට පැමිණීම තරම් සරල දෙයකට ඔබව රැකියාවෙන් අස් කරනු ලබනවා. ඔබ වෘත්තීය සමිති ගාස්තු ගෙවන බවත්, ඔබ සතියේ දින හතම වැඩ කරන බවත්, ඔබ ඔබට හැකි සියල්ල සමාගමට ලබා දුන් බවත් යන සත්‍යයන් දරාගෙන ඒවා පිලිගෙන ඔබ ජීවත් විය යුතු බව ඔවුහු ඔබට කියනු ඇත.  ඒවා  සිදුවන්නේ එහෙම යි.”

“සමාගම මේ සියලු දෙනා අස් කරනවා පමණක් නොවෙයි, යූඒඩබ්ලිව් නැවත සේවයේ පිහිටා ගැනීමට අපට උදව් නොකරමින් මෙම විරේකකරණයට ආධාර කරයි. ඔවුන් අපේ දුක්ගැනවිලිවලට පිළිතුරු දෙන්නේ නැත. ඔවුන් අප වෙත දෑත් දිගු කරන්නේ නැත. පළමු පියවරේදී ම අපේ දුක්ගැනවිලි ප්‍රතික්ෂේප කරනු ලැබෙනවා.” 

මෙම තත්ත්වය ආපසු හැරවීම සඳහා, ඩනා ටොලීඩෝ ක්‍රියාකාරී කමිටුව අනෙකුත් කම්හල්වල කම්කරුවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට සහ ඔවුන්ගේ අරගල සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරමින් සිටින බව ඇය පැවසුවාය. “අපි මූලික වශයෙන් උත්සාහ කරන්නේ ජීප් කම්කරුවන්, ජෙනරල් මෝටර්ස්, කැටපිලර් කම්කරුවන්, සින්ක්‍රීන් සමඟ සන්ධාන ගොඩනගා ගැනීමටයි. මොකද අපි මෝටර් රථ කර්මාන්තය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අපි මේ ගොඩක් වාහනවල ඇක්සල් හදලා ආයතන ගොඩකට සැපයුම් කරනවා. දැන් මේ ඇක්සල් නැතුව මේ කාර් හදන්න බෑ. එය ඒ තරම්ම සරලයි. මහා නිෂ්පාදන බලවතුන් තිදෙනාගේ කොන්ත්‍රාත්තුව ඉදිරියේ දී පැමිණීමත් සමඟ, ඔවුන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම සඳහා එහි කම්කරුවන් කැදවා ගැනීමට මේ හොඳම කාලයයි; එවිට ඔවුන්ට ඔවුන්ගේ සේවා කොන්දේසි පිළිබඳව මැදිහත් වීමට පටන් ගත හැකිය.

කැටපිලර් : “ගෝලීය තත්වය දෙස බැලුවහොත්, අපි සිටින්නේ කම්කරු පන්ති විප්ලවයක් මධ්‍යයේයි”

කැටපිලර් කම්කරු කමිටුවේ සාමාජිකයෙක් ඊළඟට කතා කළේ, කම්කරුවන්ගෙන් අත්‍යවශ්‍ය තොරතුරු වසන් කරමින් සැබෑ වැටුප් කප්පාදුව සඳහා සමාගමේ බල කිරීම් පැටවීමට යූඒඩබ්ලිව් නිලධරය ක්‍රියා කළ ආකාරය විස්තර කරමිනි.

“පළමුව, මම සියයට 100 ක් සහයෝගීතාවයෙන් ඩනා කම්කරුවන් සමඟ  එකට සිට ගනිමි,” ඔහු ආරම්භ කළේය. “ඔවුන් ගේ ප්‍රශ්න එන්නේ කොහෙන්ද, ඔවුන් අත් දකින්නේ කුමක්ද යන්න මට සම්පූර්ණයෙන්ම තේරෙනවා.”

කැටපිලර්හි සම්මත වූවා යැයි කියනු ලබන කොන්ත්‍රාත්තුවෙන් පසු, “ඩනා හි මෙන්ම, පැමිණීම හෝ සමාජ මාධ්‍ය බැලීම වැනි කුඩා උල්ලංඝනයන් සඳහා” කම්කරුවන් දොට්ට දමනවා.”

ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා කම්කරුවන් අතර ප්‍රබල හැඟීමකට හඬක් දෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ, “මේ වන විට ගෝලීය තත්වය දෙස බැලුවහොත්, අපට ඇමරිකාවේ කම්කරු පන්තියේ ජනතාව සහ අපගේ ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් එකිනෙකා සමඟ එකට සිටුවා ගැනීමට හැකිවන  තාක් දුරට අප ඉන්නේ කම්කරු පන්ති විප්ලවයක් මධ්‍යයේ බව මට වැටහේ. “ 

“මේ මොහොතේ  අපේ බෙල්ලේ බූට් එකක් හිරකර තියෙනවා. එමෙන්ම එය ඉවත්ව යන්නේත් නැත. මෙම සංගතවලට එරෙහිව අපගේ එකම ආරක්ෂාව අපියි. මක්නිසාද යත් අප නොමැතිව, ඔවුන්ට අපෙන්, වැඩ ගැන  අපගේ ආචාර ධර්ම වලින්, අපි අපගේ කාර්යය කෙතරම් හොඳින් කරනවාද යන්නෙන් සහ ඒවායේ ප්‍රවාහය පවත්වා ගෙන යාමෙන්, ලාභ ලැබිය නොහැක.”

ජීඑම්  ෆ්ලින්ට් (GM Flint) : “අපි වරක් රටේ වඩාත්ම සාර්ථක නගරය වුනා, දැන් අපි දරිද්‍රතාවයෙන් පෙළෙමු”

ජීඑම් ෆ්ලින්ට් ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයන්ගෙන් එක් අයෙක් යූඒඩබ්ලිව් හි මූලාරම්භය සහ අද කම්කරුවන් මුහුණ දෙන තත්වය අතර වැදගත් ඓතිහාසික වෙනසක් උකහා ගනිමින් කතා කළේය.

“අපි මුල් යූඒඩබ්ලිව් පිහිටුවීමට තුඩු දුන් ෆ්ලින්ට් වාඩිලෑමේ වැඩ වර්ජන වල තත්ත්වයට එලඹ පවතිමු, එහෙත් තත්වය එදා වගේ  නැහැ අද,” ඇය පැවසුවාය. “අපි කලක් ඉහළම ජීවන මට්ටමක් සහිත රටේ වඩාත්ම සාර්ථක නගරය වුනා,  දැන් අපි විරැකියාවෙන් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. කම්කරුවන්ට ජීවිතය රැක ගැනීමට රැකියා දෙකක් කරන්න වෙලා. ඔබට අමතර මුදලක් උපයා ගැනීමට ඕන නම් ඒ සඳහා ඔබේ රුධිරය (ප්ලාස්මාව) පරිත්‍යාග කිරීමට ඔවුන් කර්මාන්ත ශාලාව ඉදිරිපස ප්ලාස්මා මධ්‍යස්ථානයක් විවෘත කළා.

“අප ෆ්ලින්ට් ජල අර්බුදය අත් වන්දා.  ඉන් ජනයාට සංජානන ගැටළු සහ ශාරීරික ගැටලු රාශියක් ඇති කලා. ඒ වගේ ම ඔවුන්ගේ සුරතල් සතුන් මිය ගියා. ලෝහ විඛාදනයට පටන් ගන්නා තෙක් ඔවුන් කම්හලේ ජලය මාරු කළේ නැහැ. ඊට පස්සේ, ඒක සිද්ධ වුණාට පස්සෙ යි, අන්තිමට අපිට අපේ කම්හලෙන් පෙරාගත්ත වතුර බොන්න ලැබුනෙ.”

කම්කරුවන් කම්හල තුළ බොහෝ ආරක්ෂා ගැටළු සහ වැඩ වේගවත් කිරීමට මුහුණ දී සිටින බව ඇය පැවසුවාය. “අපි මූලික වශයෙන් එකතැන දුවමින්  සිටිමු. ඔවුන් අපේ වැඩ වලට තව තවත් වැඩ එකතු කරනවා. ඒ සමග අනෙක් රැකියාවන් කපනවා. මම එකවර ස්ථාන පහක සිටිය යුතුයි, එය කළ නොහැකියි. ඉන්පසු අපි යූඒඩබ්ලිව් ට කතා කරනවා, ඔවුන් ඔබට ඇසීමට අවශ්‍ය දේ කියනවා. ඉන්පසුව ඔවුන් මාසයක් වැනි කාලයක් පුරා අතුරුදහන් වෙනවා. නැවත ඔවුන් දැකීමක් ඔබට නැත.

“සමහර විට කම්හල ජලයෙන් පිරී යනවා, එය ගංවතුරක් වගෙයි. ඒ වගේම අපි විදුලි මෙවලම්ද භාවිතා කළ යුතුයි; අපගේ කාර්යයන් දිගටම කරගෙන යා යුතු අතර, ඔවුන් අපට නතර කිරීමට ඉඩ නොදේ. කම්හලේ බරපතල තුවාල වීම් රාශියක් සිදුවී ඇත. සමහර උපකරණ සිවිලිමෙන් ගලවා වැටේ. ” 

ජීඑම් ෆ්ලින්ට් ක්‍රියාකාරී කමිටුවේ තවත් සාමාජිකයෙක්, ස්ථර ක්‍රමය පෙරලා දැමීම සඳහා කම්කරුවන්ට එකමුතු වන ලෙස ආයාචනා කලේ ය: “අපි තාවකාලික සේවකයින්ගේ ප්‍රශ්න ජ්‍යෙෂ්ඨ සේවකයින් හා සම්බන්ධ කර, වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභවල විෂමතා හෝ ඒවා නැතිකම තිබියදීම, අපි පොදු ප්‍රශ්නවලට මුහුණ දෙන බව පැහැදිලි කර, සමස්ත ශ්‍රම බලකායක් ලෙස එකට එකතු වී වෘත්තීය සමිති නිලධරය හා සමාගම සමග සටන් කිරීම වැදගත් යැයි මම සිතමි.”

ජීඑම් ලැන්ග්සිං (GM Lansing ): “යම් දෙයක් වෙනස් විය යුතුයි/වෙනසක් අවශ්‍යයයි “

ජීඑම් ලැන්ග්සිං කම්කරු ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයෙක්, කම්හල තුළ විශාල ආරක්ෂක උපද්‍රවයන්ට මෑතකදී කම්කරුවන් මුහුණ පෑමට සිදු වූ ආකාරය පැහැදිලි කළේය. “සිකුරාදා වාහන බොඩි අංශයේ ගින්නක් ඇති වුණා. එතන හිටපු හැමෝම මැසිවිලි නැගුවා වාතය කොච්චර නරකද, ඔවුන්ගේ උගුර රිදෙන හැටි, මිනිස්සුන්ට ඇදුම ප්‍රශ්න ආවා, එවිටත් දුම තිබුණ නිසා. සියල්ලන්ම ආපසු එහි යැවීමට පෙර ඔවුන් ගොඩනැගිල්ල ප්‍රමාණවත් ලෙස වාතාශ්‍රය නොකළ නිසා සෑම දෙයක්ම එවිටත් දරුණු ලෙස දුගඳ ව තිබුණා.

“එසේම, ඔවුන් දොර රේඛාව පිටුපස බොහෝ ඉදිකිරීම් වැඩ කරමින් සිටියා. එක් අවස්ථාවක, ඔවුන් ලෝහ මත වෑල්ඩින් සහ ඇඹරුම් කරමින් සිටි අතර, මිනිසුන්ට ඔවුන්ගෙන් අඩි හයක් දුරින් සිටින පුද්ගලයා දැකීමට පවා නොහැකි වුනා. වමනය ගිය නිසාත්, ඇස් දැවිල්ල  නිසාත්, උගුර රිදෙන නිසාත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර වෙත ගියා.”

යූඒඩබ්ලිව් නිලධරය ගැන ජීඑම් ෆ්ලින්ට් හි ඇගේ සහෝදරියගේ අදහස්වලට ඇය එකඟ වූ බව කම්කරුවා පැවසීය. “ඇය කීවාක් මෙන්, ඔබ කුමක් ගැන පැමිණිලි කළත් වෙනසක් නැහැ, යූඒඩබ්ලිව් සෑම දෙයක්ම හසුරුවන ආකාරය එක වාගෙයි, ඔවුන් ඔබට ඇසීමට අවශ්‍ය දේ ඔබට කියයි, නමුත් පසුව ඔවුන් ගැටලුව විසඳීමට කිසිවක් නොකරයි. ඔවුන්, මා සලකන පරිදි, ඉන්නේ සමාගමේ සාක්කුවේ, ඔවුන් සමාගමට පිටුබලය දෙනවා, අපට හැකි තරම් සුළු දෙයක් කරමින් ඔවුන් සමාගමට උදව් කිරීම   කරනවා.”

“ඒ තත්ත්වය ගැන මට ඇති වෙලා තියෙන්නේ. මට ඒක ඉවරයි. යමක් වෙනස් විය යුතුම යි. අපි සියලු දෙනාටම එකට එකතු වී එකට සිට ගත හැකි නම්, අපි සියලු දෙනාටම විශාල ලෙස එකිනෙකාට උදව් කළ හැකි යැයි මට සිතේ. ”

කෝවිඩ්-19 හි බලපෑම: “ඔහු මා අසලම මන්දගාමී හා බිහිසුණු මරණයකින්කින් මිය ගියේය”

සංගත, මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය කෝවිඩ්-19 වසංගතය අවසන් වී ඇති බවත්, එය ජනතාවට දැන් දුරස්ථ මතකයක් ලෙසත් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද, බොහෝ නියෝජිතයින් තම කම්පන සහගත අත්දැකීම් වාර්තා කළේ, ජීවිත බේරාගැනීමට වඩා ලාභය සඳහා පාලක පන්තිය ප්‍රමුඛත්වය දීමෙන් අනවශ්‍ය ලෙස පවුල්  සාමාජිකයන් සහ මිතුරන් රෝගයට ගොදුරු වීවී මිය යාම නිසාය. 

මිචිගන්හි වාහන අමතර කොටස් සේවකයෙකු ඔහු සමඟ එම කර්මාන්ත ශාලාවේ සේවය කළ තම සහෝදරයා අහිමි වීම විස්තර කළේය. “කෝවිඩ්-19 වෛරසය අපේ කම්හලට පැමිණෙන විට,  ඔහු දියවැඩියාව වැනි පසුබිම් සෞඛ්‍ය ගැටලු කිහිපයකට මුහුණ දී සිටියා. ඒ වෙලාවේ එයා හිටියේ හොඳටම බය වෙලා. ඔහුට කෝවිඩ්-19 වැළඳුණොත්, ඔහු ජීවත් නොවීමට විශාල ඉඩක් ඇති බව ඔහු දැන සිටියායා. ඔව්, ඒත් අපට දිගටම වැඩ කිරීමට බල කෙරුනා. ඔහුට ඇත්තටම වැඩබිම තුලින් කෝවිඩ් වැළදුනා. ඔහු මා හා මාගේ පෙම්වතය අසලම මන්දගාමී හා බිහිසුණු මරණයක් අත්වින්දා.

මිචිගන්හි ස්ටෙලන්ටිස් වොරන් ට්‍රක් කම්හලේ සේවකයෙක් දැඩි හැඟීම්බරව කතා කරමින් පසුව මෙසේ පැවසීය: “වෘත්තීය සමිතියේ සම්පූර්ණ පදනම වූයේ අපට හොඳ සේවා පරිසරයක් ඇති බවට වග බලා ගැනීම වූවත්ත් අපිට එය එසේ නොවේ. අපි ඔවුන්ට සෑම මසකම ගෙවනවා. ඒ හරියට අපි වැසිකිළියට මුදල් සෝදා හරිනවා වගේයියි. අපගේ නියෝජනය ගැන මෙම කාමරයේ සිටින බොහෝ අය සමඟ මට එකඟ විය හැකිය.

“එය ඉතා අප්‍රසන්නයි, සෑම කෙනෙකුටම ඇහුම්කන් දෙනකොට මම ඇත්තටම කඳුළු වලට එරෙහිව සටන් කිරීමට උත්සාහ කලා, මන්ද අපි දිනපතාම නැගිටල බොහෝ දේ කැප කරන්නේ අප සහ අපගේ පවුල ජීවත් කර වීමට පමණයි. නමුත් අවසානයේදී අපට ඉතිරි වන්නේ මෙයයි, අවසාන වශයෙන් අපි දන්නවා අපිව බිඳ දමා ඇති බව. 

“මගේ කම්හලට කෝවිඩ්  මගින් දැඩි ලෙස පහර වැදුනා . මා සමඟ වැඩ කළ බොහෝ අය දැන් අප සමඟ නැහැ… මට කියන්නට අවශ්‍යයි, කෝවිඩ්හි මුල් මාස දෙක ඇතුළත පුද්ගලයින් අට දෙනෙකු අපට  අහිමි වුණා.

මෝටර් රථ කර්මාන්තයේ නොවන කම්කරුවන් ද කෝවිඩ් වින්දිතයන් හි පරිමාව ගැන කතා කළහ. ඇලබාමා හි ගුරුවරයෙක් රැස්වීමට පැවසුවේ, “අපි සියලු දෙනාම දිනක් අසනීප වාර්තා කර  විට (කොවිඩි නිසා), සංගමය අපට තදින් දොස් නැගුවා .

“අපි සටන් කළා, ඒත් ඔවුන් එවිටත් අපට වැඩට එන ලෙස පවසා සිටියා. අපට ඒවා තවදුරටත් භාවිතා කිරීමට නොහැකි වන තෙක් අපේ නිවාඩු භාවිතා කලා. ඊට පසුව තවත් ගුරුවරු දෙන්නෙක් මැරුණා. ඊට පස්සේ අපිට තව ගුරුවරු හතර දෙනෙක් නැතිවෙලා අටවැනි ගුරුවරයා මැරෙනකම් තව තවත් බලාගෙනමම හිටියා.

කෝවිඩ් -19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්‍ෂණයේ සම්බන්ධීකාරක ඉවාන් බ්ලේක්, කම්කරු පන්තිය මත වසංගතයේ සැබෑ බලපෑම සහ පසුගිය වසර තුන පුරා දිග හැරුනු ව්‍යසනය පිටුපස ඇති පන්ති අවශ්‍යතා අනාවරණය කර ගැනීම සඳහා ලෝසවෙඅ විමර්ශනය ගැන වාර්තා කලේය. 

“කෝවිඩ් -19 මේ වන විට ලොව පුරා මිලියන 20 කට අධික ජනතාවක් මරා දමා ඇත,” බ්ලේක් පැවසීය. “ එය තවත් මිලියන දස ගණනක් “දිගු කෝවිඩ්” සමගින් ආබාධිත කර ඇත. එය මූලික වශයෙන් සෞඛ්‍ය සේවා කර්මාන්තය බිඳ දමා ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වතාවට ගෝලීය වශයෙන් ආයු අපේක්ෂාව අඩු විය. දැන් අපි සිටින්නේ වසංගතයේ සිව්වන වසරේ ආරම්භයේ වන අතර, එය අවසන් වූ බවට ප්‍රකාශ කිරීම සදහා  දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් පවතී. ”

පාලක පන්තියේ ප්‍රකාශයන්ට පටහැනිව, ඇත්ත වශයෙන්ම කෝවිඩ් තුරන් කළ හැකිය, “නමුත් මේ සඳහා කම්කරු පන්තියෙන් ජාත්‍යන්තර, විස්තීර්ණ ප්‍රතිචාරයක් අවශ්‍ය වේ” යනුවෙන් බ්ලේක් පැහැදිලි කළේය.

“කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත”

රැස්වීම අවසන් වන විට, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු වන එරික් ලන්ඩන්, එහි පළමු වටයේ දී, ජාතික වෘත්තීය සමිති මැතිවරනයක් සඳහා ඓතිහාසික වශයෙන් අඩු සියයට 9ක ඡන්ද ප්‍රතිශතයක් දැකගත හැකි වූ, යූඒඩබ්ලිව් මැතිවරනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිලිබඳ සවිස්තර වාර්තාවක් ලබා දුන්නේය .

 

Image
එරික් ලන්ඩන් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධාන (IWA-RFC)  රැස්වීමේදී කතා කරමින් [ඡායාරූපය: WSWS]

යූඒඩබ්ලිව් මැතිවරනයේදී පුලුල්ව පැතිරුනු ඡන්ද අයිතිය අහිමි කිරීම පිලිබඳව විල් ලේමන් ගේ විරෝධතාව මෑතකදී ප්‍රතික්ෂේප කල යූඒඩබ්ලිව් අධීක්ෂක (Monitor) සමන්විත වන නීති සමාගම්වල සංගත සමඟ වන බැඳීම් සහ  බැඳියාවන්ගේ පිලිගැටුම (conflict of interest) පිලිබඳව හෙළිදරව් වී ඇති නව තොරතුරු ලන්ඩන්න් විසින් සමාලෝචනය කරන ලදී.

අධීක්ෂක (Monitor) පිටුපස සිටින නීති සමාගම්, යූඒඩබ්ලිව් සංවිධාන යන්ත්‍රනය “ස්වාධීනව” අධීක්‍ෂණය කිරීම ඒවාට නාමිකව පැවරී තිබුණද, මහා වාහන සමාගම් තුන, කැටපිලර් සහ අනෙකුත් සංගත සඳහා නීතිමය නියෝජිතයන් ලෙස නිතිපතා සේවය කර ඇත.

“අධීක්ෂක  සැදුම්ලත් නීති සමාගම් දෙක රටේ බලවත්ම ආයතනික නීති සමාගම් දෙකකි,” ලන්ඩන් පැවසීය. “යූඒඩබ්ලිව් විසින් අධීක්ෂක වීම සඳහා නිර්දේශ කලේ මොවුන්ය.”

සාරාංශගත කරමින් ලන්ඩන් පැවසුවේ, “අධ්‍යාපනගත වීමේ අවශ්‍යතාවය, ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය, පන්ති අරගලයේ සමස්ත පාඩම් ගෙන ඒමේ අවශ්‍යතාවය ගැන කතා කල අය” සමඟ ඔහු එකඟ වන බව ය. “ඔවුන්ගේ (සමාගම් හිමියන්ගේ හා යූඒඩබ්) අතින් බලය උදුරා ගෙන නැවත කම්හල් බිමට ගෙන ඒමේ හැකියාව ඇති සාමාන්‍ය කම්කරුවන්ගේ ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් හැර කිසිවක් සිදු නොවනු ඇත. විල් ලේමන්ගේ ව්‍යාපාරය වූයේ එයයි. ”

රැස්වීම අවසානයේදී, කම්කරුවන්ගේ  අවශ්‍යතාවයන් සඳහා සටන් කිරීම පිණිස, මෝටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයක් සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඒකමතිකව සම්මත කරන ලදී. එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ව්‍යාපාරයක කොටසක් බව පිළිගනිමින් නියෝජිතයෝ IWA-RFC ට සහාය දීමට තීරණය කළහ.

“වෘත්තීය සමිතිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සැබෑ අරගලය ඉදිරියෙහි පවතී” යනුවෙන් යෝජනාවේ සඳහන් විය. “’සොලිඩැරටි හවුස්’ හි නිලධරයන් අතර තනතුරු වෙනස් කිරීම කිසිවක් වෙනස් නොකරයි. ආන්ඩුව හා සංගත සමග යූඒඩබ්ලිව්හි සහයෝගීතාවය, කම්කරුවන්ගේ අවශ්‍යතා පාවාදීම සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම, කරී වෙනුවට ෆේන් ආදේශ කිරීමෙන් වෙනස් නොවනු ඇත. අවශ්‍ය වන්නේ සාමාන්‍ය කම්කරුවන් අතට බලය ලබා ගැනීම සහ සමස්ත යූඒඩබ්ලිව් යාන්ත්‍රනය ඉවත් කිරීමයි.

#theSocialistLK #CACPS #WSWS

කම්කරු ක්‍රියාකාරී කමිටු ව්‍යාපාරයක් සංවිධානය කිරීමෙන් මිස කිසිවක් සිදු නොවනු ඇත Read More »

ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද?

සංජය ජයසේකර

ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද? නැත.

1.ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ “අවසරය”, අනුමැතිය සහිතව පිහිටුවිය යුතුය හෝ ක්‍රියාත්මක විය යුතුය යන ආස්ථානය ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය නොවේ. එසේ කියන්නෝ දැනුවත්වම ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාකාරී කමිටු පිලිබඳ ඉදිරිදර්ශනයෙන් පලාගිය අවස්ථාවාදීහු හා කට්ටිවාදීහු/නිකායවාදීහු වෙති. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් පිලිබඳ 2022 ජුලි 20 ප්‍රකාශය පමනක් ⁣සැලකුවද මෙම ආස්ථානයේ සාවද්‍යභාවය හෙලි කරයි.

2.ක්‍රියාකාරී කමිටුවලට සාමාජිකයන් වීම සඳහා ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන හෝ වැඩපිලිවෙල පිලිගත යුතු යැයි ද ඉහත ප්‍රතිගාමී ආස්ථානය දරනවුන්ගෙන් කන්ඩායමක් තොරොම්බල් කරන තවත් දුර්මතයකි.

ඉහත සදහන් ජුලි 20 ප්‍රකාශය, විජේ ඩයස් සහෝදරයා විසින් කෙටුම්පත් කෙරුනේ ජාත්‍යන්තර කමිටුවේ මැදිහත්වීම යටතේ ය. වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රත්විප්ලවවාදී සූදානමට එරෙහි පක්ෂය සූත්‍රගත කල  ප්‍රතිචාරය වන එම ලියවිල්ල සූදානම් කිරීම සදහා ජුලි මස පැවති  සාකච්ඡාවකදී විජේ සහෝදරයා “ රාජ්‍ය බලය තමන් අතට ගැනීමට, පක්ෂය, කම්කරුවන්ගේ හා ග්‍රමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සදහා කැදවුම් කල යුතු බවට පක්ෂව අදහස් ඉදිරපත් කල බව,” ජුලි 27 සිදු වූ විජේ සහෝදරයාගේ අභාවය ගැන ඩේවිත් නෝත් සහෝදරයා කල ප්‍රකාශයේ දී විශේෂයෙන් සදහන් කර ඇත.

දැන් “ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී”  යන පද අදාල විශ්ලේෂනය මත නොපිහිටුවා ගෙඩි පිටින් ගිල වමාරන, මූලධර්ම නොතකන කන්ඩායමක් මුලුමනින්ම පක්ෂ ක්‍රියා මාර්ගයට නතු වූ මිනිසුන්ගේ ක්‍රියාකාරී කමිටු හැර අන් කිසිත් නැත යන නිලධාරිවාදය ක්‍රියාකාරී කමිටුවලට එරෙහි ව පිහිටුවා ඇත.

වරක් විජේ සහෝදරයාටම මේ මතය පරාජය කිරීමට සටන් කිරීමට සිදුවිය. ඔහු ඇසුවේ එක් ප්‍රශ්නයක් පමනි: ජාත්‍යන්තර කමිටුවේ ආස්ථාන පිලිගත් අයෙකු ක්‍රියාකාරී කමිටුවක නොව කෙලින්ම පක්ෂ සාමාජිකයෙකු කරගන්නේ නැත්තේ ඇයි ?  දැන් එම කන්ඩායම තම ප්‍රතිගාමී මතය සමග හිස ඔසවා සිටින්නේ මධ්‍යම පන්තික සුවපහසු හාන්සි පුටුවේ කට්ට්වාදය හරහා තම අධිකාරිය තහවරු කරගැනීමේ අපේක්ෂාවෙනි.

3.ක්‍රික තුල කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන විවිධ දේශපාලන ආස්ථානයන් දරන ප්‍රවනතාවලට තම මතය සඳහාත් කමිටුවල නායකත්වය සඳහාත් සටන් කිරීමට හැකි පුලුල් ප්‍රජාතන්ත්‍රවාදය අන්තරගත කර ගනී. ට්‍රෙට්ස්කි 1938 සංක්‍රමන ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරමින් “සෝවියට් සභා” පිලිබඳව ඉතා පැහැදිලිව මෙසේ ලිවීය:

“අරගලයේ විවිධ ඉල්ලීම් හා සටන් ක්‍රම එක් නගරයක සීමා තුළ පමණක් වුව සුසංවාදී කරන්නේ කෙසේ ද? ඉතිහාසය දැනට මත් මේ ප්‍රශ්නයට පිළිතුරු දී ඇත. සෝවියට් සභා හරහාය. මේ සෝවියට් සභා සියලු සටන්කරු සංවිධානවල නියෝජිතයන් එක්සත් කරනු ඇත. මෙම කටයුත්ත සඳහා මේ දක්වා කිසිවෙකු වෙනත් කිසි ම

සංවිධාන ක්‍රමයක් යෝජනා කොට නැත. ඒ සඳහා මීට වඩා හොඳ සංවිධාන ක්‍රමයක් ගැන සිතීම සත්තකින්ම උගහට වනු ඇත. සෝවියට් සභා ප්‍රාගනුභූත පක්ෂ ක්‍රියා මාර්ගයකට සීමා වී නැත. ඒවා තම දොරවල් සියලුම සූරා කැවෙන්නට හැර දමයි. අරගලයේ තුළට ඇදී ගෙන එන සියලුම ස්තරවල නියෝජිතයෝ ඒ හරහා ගමන් ගනිති. ව්‍යාපාරය සමඟම පෘථුලව පැතිරෙන සංවිධානය එම ව්‍යාපාරයේ ගැබ තුළ පුනපුනා අලුත් වෙයි. පෘථුලතම පජාතන්ත්‍රවාදයේ පදනම මත නිර්ධන පන්තියේ සියලුම දේශපාලන ධාරාවන්ට සෝවියට් සභාවල නායකත්වය සඳහා අරගල කළ හැකිය. එහෙයින් සෝවියට් සභා යන සටන් පාඨය සංක්‍රමණ ඉල්ලීම් ක්‍රියා මාර්ගය මස්තකප්‍රාප්ත කරයි.”1

(පරිවර්තනය: සුචරිත ගම්ලත්)

4.අනෙකුත් කන්ඩායම් වලට මෙන්ම, කම්කරු පන්තික අවශ්‍යතා නියෝජනය කරන්නවුන්ටද, විප්ලවවාදී පක්ෂයේ සාමාජිකයෝ වන කම්කරුවන්ටද,  පක්ෂයේ මතය වෙනුවෙන් ක්‍රික තුල අරගල කල හැකිය.

5.සංක්‍රමන ක්‍රියාමාර්ගයේම ට්‍රොට්ස්කි නැවත කියන්නේ “සෝවියට් සභා

පැන නැඟිය හැක්කේ මහජන

ව්‍යාපාරය විවෘතවම විප්ලවවාදී අදියරකට ඇතුළු වන විට පමණකි”, යනුවෙනි. එනම් ක්‍රියාකාරී කමිටු සෝවියට් සභා වලට පුරෝගාමී වේ.

6.කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශයකින් පහත උපුටා දක්වා ඇති කොටස අවධාරනය කරමු:

“හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අනුව ක්‍රික යනු සෝවියට් සභා වෙත කම්කරු පන්තිය ක්‍රමානුකූලව යොමු කරන සංක්‍රමනීය සංවිධාන ආකෘතියකි. ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අරගලය වර්ථමාන ක්‍රියාමාර්ගය යි.  1935 දී ට්‍රොට්ස්කි “ප්‍රංශය කොයිබට ද?” යන රචනාවේ දී මෙම කමිටු “වෘත්තීය සමිතිවල සහ පක්ෂ යාන්ත්‍රනයේ ප්‍රති-විප්ලවීය විරෝධය බිඳ දැමීමේ එකම මාධ්‍යය” බව පැහැදිලි කලේය.  බොල්ෂෙවික්වරුන්ගේ නායකත්වය යටතේ ඔක්තෝබර් විප්ලවයේ දී  බලය ලබා ගැනීම සඳහා රුසියානු කම්කරුවන් විසින් පිහිටුවන ලද සෝවියට් සභා සමඟ එම කමිටු සංසන්දනය කරමින් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

‘වර්තමාන අවධියේ දී ක්‍රියාකාරී කමිටුවල කර්තව්‍යය වන්නේ ප්‍රංශයේ වැඩකරන මහජනතාව ආරක්‍ෂක අරගලයකට එක්සත් කිරීම සහ එළැඹෙන ප්‍රහාරය සඳහා මෙම මහජනතාවට ඔවුන්ගේම බලය පිළිබඳ සවිඥානකත්වය ලබා දීමයි.  ප්‍රංශයේ වත්මන් තීරනාත්මක තත්ත්වය අවසාන විප්ලවවාදී නිගමන දක්වා දිග හැරෙන්නේ ද යන්න මත කාරණා අව්‍යාජ සෝවියට් සභා වෙත ළඟා වනු ඇත් ද යන්න රඳා පවතී.’

මෙම කමිටුවල අරමුන ද, පැවැත්මේ මාවත ද වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන පන්ති ක්‍රියා ‌සාකාචඡා කර, වටහාගෙන, ඒ් හරහා ගනු ලබන තීන්දුවලට අනුව සංවිධානය කර මෙහෙය වීම ය. ඒසේ නො කරන කමිටු උපන් ගෙයි ම මිය ය යි. ඉතිහාසයේ පාඩමට අනුව ක්‍රික ඉහලින් පහලට පාත් කල හැකි නො වේ. එය නිලධාරීවාදයේ හා ගතානුතතික වෘත්තීය සමිති ආකාරය යි.”

7.කලින් කී දුර්මත සැබෑ කම්කරු ක්‍රියාකාරී කම්ටු නිර්මානය කිරීම, ඒවායේ සටන් ඉදිරියට ගෙනයාම හා මහජන අරගල සංවිධානය කිරීමට හතුරුව පිහිටා සිටී. සැබවින්ම ඉහත දුර්මත දරන්නවුන්ට කම්කරු මහජන අරගල තම හිසට උඩින් ගමන් කිරීම හරහා විනාශයන්ට ඇදීයාම පිලිබඳ මෑත ඉතිහාසය පුරාවටම වගේ වගක් ති⁣බුනේ නැත. ඔවුන් කලේ කම්කරුවන්ට ‘අනතුරු ඇඟවීම’ තැනින් නතර වීමය. වාර්ගික යුද්ධයෙන් දස දහස් ගනනින් දෙමල මහජනයා ඝාතනය කෙරන විටදීත්, ඉන් පසු එම ජනයාට එරෙහිව සිදුකල සියලු අඩංතේටට්ම් හමුවේත්, රාජපක්ෂ ආන්ඩුව හා සිරිසේන ආන්ඩුව මුස්ලිම් මහජනයාට එරෙහිව වර්ගවාදී ඝාතන හා අපරාධ සිදුකරන විටදී ත් ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන සක්‍රීය ක්‍රියාවන්ට යොමු කිරීමේ උත්සුකයක් මේ කන්ඩායමට තිබුනේ නැත. ඒවායේ ලේවැකි දේශපාලන වගවීම විප්ලවවාදී පක්ෂයේ මෙම කන්ඩායම දැරිය යුතුය. ඒ මතුද නොව, වාර්ගික භේද කිරීම් පරයා සිංහල, දෙමල, මුස්ලිම් කම්කරු, පීඩිත මහ ජනතාව විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙල තුල ඒකාබද්ධ අරගලයන්ට බලමුලු ගැන්වීම ප්‍රමාද කිරීමේ හා එය පැහැරහැරීමේ දේශපාලන අපරාධයට මෙම කන්ඩායම වගකිව යුතුය.  ඔවුහු රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදුවලට එරෙහි මහා වැඩවර්ජනයක් ‘සූදානම් කිරීම සඳහා කැඳවීම’ ප්‍රතික්ශේප කලෝය. ⁣පසුගිය මහජන අරගලවලට පිටුපා සිටි එම කන්ඩායම අඩුතරමින් පක්ෂය  විසින් අධිකාරිය දරන ශිෂ්‍ය සංවිධානය හෝ ක්‍රියාකාරී කමිටු ‘අරගලය’ තුල සක්‍රීයව මෙහෙයවූයේ නැත.

8.ට්‍රොට්ස්කි 1935 දී තම Sectarianism, Centrism and the Fourth International යන ලිපියේදී දේශපාලන කට්ට්වාදීන්/නිකායවාදීන් ගැන මෙසේ ලිවීය:

” මාක්ස්වාදය විසින් ධනේශ්වර සමාජයේ චලනය පාලනය කරන නීති මත විද්‍යාත්මක වැඩපිළිවෙලක් ගොඩනගා ඇති අතර එම නීති මාක්ස්වාදය විසින් සොයා ගන්නා ලදී.  මෙය දැවැන්ත ජයග්‍රහනයකි!  කෙසේ වෙතත්, නිවැරදි වැඩසටහනක් නිර්මාණය කිරීම ප්‍රමානවත් නොවේ.  කම්කරු පන්තිය එය පිළිගත යුතු ය.  නමුත් කට්ටිවාදියා/නිකායවාදියා, දේවල්වල ස්වභාවය අනුව, කාර්යයේ පළමු භාගයේදී නතර වේ.  කම්කරු ජනතාවගේ සැබෑ අරගලයට සක්‍රීය මැදිහත්වීම ඔහු මාක්ස්වාදී වැඩපිලිවෙලක වියුක්ත ප්‍රචාරයක් මගින් ආදේශ කරයි.”2

9. සත්තකින්ම විප්ලවවාදී පක්ෂයේ මෙම අවස්ථාවාදී මධ්‍යම පන්තික ප්‍රවනතාවයට කම්කරු පන්තික විප්ලවයක් පිලිබඳව ඇත්තේ බරපතල සංශයකි. දියුනු ධනපති රටක සමාජවාදී විප්ලවයට ආරම්භය සිදුවන තෙක් විශේෂයෙන් ලංකාවෙ හෝ මේ කලාපයේ කම්කරු පන්තියේ සමාජවාදී අරගලයක් පිලිබඳ විශ්වාසයක් එයට නැතිවාක් පමනක් නොව තමන්ට එයට නායකත්වය දීමේ කිසිදු සක්‍යතාවයක් ද නැති බව ද හොඳින් දනිති. තම අධිකාරිය රැකගෙන යාම සඳහා පක්ෂ අභ්‍යන්තරයේ මුසාවාද, අවලාද, තර්ජනය කිරීම් හා නිලධාරීවාදී හා පරිපාලනමය තහංචි මත රදා සිටීමේ  දේශපාලන පදනම එයයි.

10.ලංකාවේ නාගරික කම්කරුවන්, දුගීන් මෙන්ම ග්‍රාමීය දුප්පතුන් හා ගොවියන්ද තම ක්‍රියාකාරී කමිටු සාදාගැනීම සඳහා තම තමන්ම මෙහෙයවා ගත යුතුය. එදිනෙදා ජීවන අර්බුදය තුල තම අවශ්‍යතාවයන් හොඳින් දන්නා පීඩිත පන්තියට තම  සටන් පාඨ තමන් විසින්ම සකසා ඉදිරිපත් කර කිරිමට ඒම කමිටු අපයෝගී කර ගත හැකි ය. විප්ලවවාදී පක්ෂයේ ඉදිරිදර්ශන ඒවාට මග පෙන්වයි. කමිටු පිහිටුවීමට විප්ලවවාදී පක්ෂයේ අවසරය අවශ්‍ය නැත. කමිටු විප්ලවවාදී පක්ෂයේ අධිකාරිය යටතේ මෙහෙයවෙන සංවිධාන බවට නියමයක් නැත. කමිටුවල ක්‍රියා සදහා සංක්‍රමන ඉල්ලීම් ඉදිරිපත් කරන්න. නායකත්වය සඳහා පෙරට එන්න. ක්‍රියාකාරී කමිටුවල ජාතික සංධානය ගොඩනගන්න.  විප්ලවවාදී පක්ෂයමත් හුදකලාවෙන් හා කට්ටිවාදයෙන් නිදහස් කල හැක්කේ එම කමිටු මගින් මෙහෙයවන පන්ති අරගලය තුලය. එහි මධ්‍යම පන්තික,අවස්ථාවාදී, කට්ටිවාදී ප්‍රවනතාවයන් පරාජය වනු ඇත්තේ ඒ අරගල හරහා ය. කමිටුවල සක්‍රීය මැදිහත් වීම යුගයේ අත්‍යවශ්‍යම විප්ලවවාදී අවශ්‍යතාවය යි.

18 ජනවාරි 2023

1.How are the different demands and forms of struggle to be harmonized, even if only within the limits of one city? History has already answered this question: through soviets. These will unite the representatives of all the fighting groups. For this purpose, no one has yet proposed a different form of organization; indeed, it would hardly be possible to think up a better one. Soviets are not limited to an a priori party program. They throw open their doors to all the exploited. Through these doors pass representatives of all strata, drawn into the general current of the struggle. The organization, broadening out together with the movement, is renewed again and again in its womb. All political currents of the proletariat can struggle for leadership of the soviets on the basis of the widest democracy. The slogan of soviets, therefore, crowns the program of transitional demands.

2. Marxism has built a scientific program upon the laws that govern the movement of capitalist society, and which were discovered by it. This is a colossal conquest! However, it is not enough to create a correct program. It is necessary that the working class accept it. But the sectarian, in the nature of things, homes to a stop upon the first half of the task. Active intervention into the actual struggle of the workers’ masses is supplanted for him by an abstract propaganda of a Marxist program.

Image: Petrograd Soviet of Workers’ and Soldiers’ Deputies, 1917. Photograph by Viktor Bulla (1883-1938)

#swjreviews #theSocialistLK

ක්‍රියාකාරී කමිටු විප්ලවවාදී පක්ෂයේ උප සංවිධාන ද? Read More »

Scroll to Top