class struggles

amarathunga

සසප ආරක්ෂා කිරීමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව

සසප වාමාංශය වෙනුවෙන් එල්.පී. උදයප්‍රේම විසිනි.

amarathunga
අමරතුංග සසප මැයි දින උද්ඝෝෂනයක දී

මෙහි පහත පලවන ලිපිය 2022 නෙවැම්බර් 16 දින ශ්‍රී ලංකා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අම්බලන්ගොඩ ශාඛාවේ උදයප්‍රේම සහෝදරයා විසින්, පක්ෂ නායකත්වයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා කුමන්ත්‍රනකාරී ක්‍රියාකලාපයෙන් පක්ෂය ආරක්ෂා කිරීම සදහා එහි ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර වෙත යැවූ ලිපියකි. සාමාජිකයන්ගේ එවන් ප්‍රයත්නයන් පක්ෂ නිලධාරී තන්ත්‍රයේ වෛරයට පාත්‍ර වූ අතර ඒවා  සහෝදරවරුන් විශාල සංඛ්‍යාවක් නෙරපීම හැර මාවතක් නැතැයි යන පක්ෂ නායකත්වයේ විනාශකාරී තීන්දුවට හේතු විය.  පක්ෂ නායකත්වයට යැවුනු සසප වාමාංශයේ ලිපි දුසිම් ගනනක් සාමාජිකත්වය තුල කිසිදු සාකච්ජාවකින් තොරවම කුනු කූඩයට විසිකෙරුනු තතු යටතේ  මෙම ලිපිය ද පක්ෂ සාමාජිකත්වය පවා කියවන්නේ අද පලමු වතාවටය යන්න සැලකිල්ලට ගත යතුය. 

ජයසේකර සහෝදරයා,

අම්බලංගොඩ ලෝකල් සභාවේ අමරතුංග සහෝදරයා, එහි ලේකම් රත්නසිරි සහෝදරයා විසින්, සිය අධිකාරය අයුතු ලෙස බාවිත කරමින්, දොට්ට දමනු ලැබීම.

රත්නසිරි, අමරතුංග, පක්ෂයෙන් ඉවත් ව ‌ගොස් ඇතැයි පවසමින්, 2022 ජුලි 07 දින සිට ලෝකල් රැසිවීමවලට නො කැදවයි. කම්ටුව තුල කිසිදු සාකච්ඡාවකින් පවා තොර ව, අත්තනෝමතිකව සිදු කරන මෙම සාපරාධි ක්‍රියාවට නිමිත්ත ලෙස ඔහු සලකන්නේ නන්දන ඇතුලු සහෝදරවරු තිදෙනෙකුගේ සාමාජිකත්වය අයුතු ලෙස තහනම් කිරීමට ඒරෙහි ව ඔහු කල ප්‍රකාශයකි. “ මේ විදියට වැඩ වෙනව නම් තව දුරටත් මේ පක්ෂයේ ඉදීමෙන් පලක් නැත,”  අමරතුංග පැවසී ය.

ලෝකල් සභාවට වාර්තා කෙරී ඇති පරිදි, රත්නසිරිගේ මෙම ක්‍රියාව දේශපාලන කමිටුව විසින් කිසිදු විමසීමකින් තොරව ම අනුමත කර ඇත!

අමරතුංග-රත්නසිරි ගැටීම, රත්නසිරි දිගින් දිගටම ලෝකලය තුල පවත්වාගෙන යන වැරදි දේශපාලන භාවිතය නිසා පැන නැගුනකි. මෙම මත භේද මොනවාදැයි අවබෝධ කර ගැනීම සදහා සිද්ධින් 3ක් ඔබේ අවධානයට යොමු කරමු.

මධ්‍යම කාරක සභිකයෙකුව සිටිය දී නන්දන සහෝදරයාගේ සාමාජිකත්වය දේශපාලන කමිටුව විසින් අත්හිටුවනු ලැබීම ව්‍යවස්ථා විරෝධී ය. උදයප්‍රේම සහෝදරයා අපගේ ව්‍යවස්ථාව උපුටා දක්වමින් මෙම කරුනු ලෝකල් සභාවේ දී මතු කලේ ය. ව්‍යවස්ථාවේ ඒවැනි ඡෙදයක් නැතැ යි රත්නසිරි අමරතුංගට වි‌ශ්ෂයෙන් දුරකථන ඇමතුමක් දී කීවේ ය. පසුව ලෝකල් රැස්වීමේ කෙරුනු සාකච්ඡාවේ දී තමන් කීවේ බොරුවක් බව පිලිගැනීමට රත්නසිරිට සිදු විය. මෙම වගකීම් විරහිත ක්‍රියාව හෙලා දකිමින් අමරතුංග ඒහි දී මැදිහත් විය.

විසදාගත යුතු බොහෝ ප්‍රශ්න මතුවී ඇත යන්න නො තකා, පක්ෂ සම්මේලනය, සාකච්ඡාවකට ඉඩ නො තබා, ව්‍යවස්ථාව උල්ලංගනය කරමින්, පැවැත්වීමට නායකත්වය දැරූ උත්සාහය අම්බලන්ගොඩ ලෝකල් සභාව තුල මතභේදයකට තුඩු දුනි. 

රත්නසිරි කීවේ ව්‍යවස්ථාව තීරනාත්මක නො වන බව ය. මෙය තහවුරු කිරීම සදහා, ඔහු, ලෙනින් අප්‍රේල් ප්‍රවාද ක්‍රියාවට දැමුවේ සම්මේලනයක් තුල ගත් තීන්දුවකට අනුව නො වේ ය යි බොරු කීය. ඒසේ සම්මේලන පවත්වන්නට ගියේ නම් ඔක්තොම්බර් විප්ලවය සිදු නො වන්නේ යයි තව දුරටත් ඔහු තර්ක කලේ ය. ‌උක්ත ප්‍රවාද 1917 අප්‍රේල් 6දා බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාවටත් අප්‍රේල් 10 පක්ෂ සම්මේලනයටත් ඉදිරිපත් කර සම්මේලනයේ දී සම්මත කල බවත් අප පෙන්වා දුන් නමුත් රත්නසිරි තව දුරටත් සිය බේගලය ආරක්ෂා කලේ ය. 

නන්දන සහෝදරයා ඇතුලු සාමාජිකයන් තිදෙනෙක්, ජුනි 15ට යොදාගත් ලෝකල් සභාවට, තමන්ට සහභාගි විය නො හැකි නිසා වෙන දිනයක රැස් කරන ලෙස ඉල්ලා සිටිය දී එය නො තකා, අදාල සහෝදරවරු නැති ව ලෝකලය රැස් කර නන්දන සහෝදරයා දොට්ට දැමීමේ යෝජනාවක් සම්මත කිරීමට කටයුතු කලේ ය. අමරතුංග මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව හෙලා දැක තමන් මේ ඡන්දය පැවැත්වීමට විරුද්ධ බවත් ඒ් නිසා ඊට සහභාගි නො වන බවත් අවධාරනය කලේ ය. පසුව රත්නසිරි යොජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බවත් අමරතුංග මධ්‍යස්තව සිටි බවත් දේශපාලන කමිටුවට දැනුම් දුන් අතර එම තීන්දුව දේශපාලන කමිටුව විසින් ක්‍රියාවට දැමී ය. අමරතුංග මධ්‍යස්ථව සිටියා නොව එම ඡන්දය පැවැත්වීමට විරුද්ධ විය.

පක්ෂ නායකත්වය දැනුවත් ව ක්‍රියාත්මක කල මෙම ප්‍රකෝපකාරීත්වය අන් බොහෝ සහෝදරවරුන් මෙන් ම අමරතුංග ද ව්‍යාකූලත්වයට ඇද දැමී ය. අමරතුංග මෙම වැරදි නිවැරදි කිරීම වෙනුවෙන් දේශපාලන පැහැදිලිකම සදහා පියවර ගන්නැයි කමිටුවට යෝජනා කලේ ය. මෙම නායකත්වය යටතේ තව දුරටත් වැඩ කල නො හැකි ය යි අමරතුංග කියා සිටියේ මෙම කොන්දේසි තුල ය. නමුත් රත්නසිරි  තම ප්‍රජාතන්තු විරෝධී, සම්ප්‍රධාය හා න්‍යාය විරෝධී ක්‍රියාවන්ට අනුග්‍රහ නො දක්වන සාමාජිකයන් දඩයම් කිරීමේ පක්ෂය තුල දැනට බලපවත්වන තත්වය ඉදිරියට ගැනීමට මෙය අවස්ථාවක් කර ගත්තේ ය.

ලෝකල් සභාව තුල උදයප්‍රේම හා ගීතා ගේ මැදිහත් වීමෙන් අමරතුංග සමග සාකච්ඡා කර ප්‍රශ්නය විසදාගත යුතුය යි එකගතාවක් දිනාගත හැකි විය. ඒ් අනුව අමරතුංග හමුවීම උදයප්‍රේමට පැවරිනි. අමරතුංග පක්ෂය හැර අන් විසදුමක් නැති බවත් තමන් ලෝකල් සභාවේ දිනය දන්වන තෙක් බලා සිටින බවත් උදය සමග පැවසී ය. එය ලෝකල් සභාවට වාර්තා කෙරිනි. එහෙත් රත්නසිරි ඔහු කැදවීමට ඒකග නො වී ය. ඔහු කීවේ අමරතුංග නව සාමාජිකයෙකු ලෙස පක්ෂයට ඇතුලු වීම සදහා ලිඛිත ඉල්ලීමක් කල යුතු බව ය. අමරතුංග පක්ෂය හැර නොගිය බව රත්සිරි ප්‍රතික්ෂෙප කලේ ය.

සාමන්‍යයෙන් මෙබදු මත භේද මතු වූ විට දේශපාලන කමිටුවේ නියොජිතයෙක් අදාල ලෝකල් සභාවට සහභාගී වී ප්‍රශ්නය නිරාකරනය කර ගැනීමට උත්සාහ කීරීමේ සම්ප්‍රදායක් අප පක්ෂයට පැවතුනි. වසර ගනනක සිටම එබදු  ක්‍රියාවන් අත්හැර දමා ඇත. දැන් පැහැදිලිකම සදහා අවශ්‍ය සම්ප්‍රදායන් හා පිලිගැනීම් එකිනෙක උගුලා දැමීම පිලිබද තවත් එක් නිදසුනකි මේ.

මෙහිදී වැදගත් කාරනයක් නම් මෙසේ දූවිල්ලක් මෙන් අතු ගා දැමීමට නායකත්වය වැඩ කලේ පක්ෂය තුල වසර 46ක අඛන්ඩ ඉතිහාසයක් ඇති කම්කරුවෙකි යන්න ය. අමරතුංග පතල් කම්කරුවකු ලෙස සේවය කරමින් සිටිය දී සමසමාජ වෘත්තීය සමිතියේ පාවා දීමට එරෙහිව ඉදිරිපත් වීම නිසා සමිති නායකත්වය හා හාම්පුත්තු එක් වී කුමන්ත්‍රනය කර ඔහුගේ රැකියාව අහිමි කලේ ය.

විකොස වෙත ඔහු හැරෙන්නේ මේ අත්දැකීම සහිතව ය. පක්ෂය දැන් ඔහුට එම සමිති නායකයන් සැලකූ අන්දමට සමාන සැලකීමක් සිදු කර ඇත. ඔහු එයින් ඉමහත් කම්පාවට පත්ව රෝගියෙකු බවට පත් වූ අතර පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත අප කල මැදිහත් වීම හා පැහැදිලි කිරීම් නොවන්නට ඔහුගේ ජීවිතය පවා අනතුරුට ඇද දැමී තිබිනි.  

30 වසරක් යුද්දයට එරෙහි ව ද, පසුව ජවිපෙ මදාවිකාරයට විරුද්ධව ද අප්‍රතිහත ව අරගලය කල ඔහු පලාතේ මෙන් ම පක්ෂය තුල ද ගෞරවාදරයට පත් වූ සටන්කරුවෙකි. හැම අවස්ථාවක ම ජාත්‍යන්තර කමිටුවට හා පක්ෂයට ලෙන්ගතුව සිටීමේ වාර්තාවක් ඔහුට ඇත.

1989 සිට දරුනු හෘදයාබාදයකින් පෙලෙන ඔහු පක්ෂයේ කිසිදු වැඩකට බාධාවක් ලෙස මෙම රෝගී තත්වය පිහිටුවා නො ගත්තේ ය. අසල්වාසීන් සිය නායකයෙකු ලෙස ඔහුට සලකන්නේ ප්‍රතිගාමීත්වයට නො නැමෙන, හා හැම විට ම ප්‍රතිපත්ති මත පිහිටා සිටින්නෙකු ලෙස ඔහු පවත්වාගත් ජීවිතය නිසා ය.

විකොස 1978 බැසිල් ප්‍රනාන්දු හා සිරිවර්ධන පක්ෂ ඉදිරි දර්ශනය එක එල්ලේ ප්‍රතික්ෂේප කර තිබිය දී මාස 6ක් තිස්සේ ඔවුන් සමග සාකච්චා කර පැහැදිලිකම ඇති කැර ගැනීම සදහා ප්‍රයත්න දැරී ය. බර්න්හැම්-ෂැට්මන් කන්ඩායමට එරෙහි ට්‍රොට්ස්කි හා කැනන් ගෙනගිය අරගලයේ තීරනාත්මක පාඩම් මත එම ක්‍රියාවන් පදනම් විය. අප මේ කරුනු මතු කල විට රත්නසිරි ඕවා හීලිගේ කාලයේ සිදු කල වැරදි යයි එම ඓහාසික අත්දැකීම හෙලා දිටී ය. දොට්ට දැමීම ඇතුලු මෙම ප්‍රකාශයන් පෙන්නුම් කරන්නේ ව්‍යාපාරයේ ඉතිහාසය කෙරේ දක්වන සුලු ධනේශ්වර නො තැකීම ය.

අමරතුංග මෙන් ම නන්දන, සංජය සහ වක්කුඹුර යන සහෝදරවරු සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය මේ කරුන සනාථ කර ඇත. වැදගත් වන්නේ ඉදිරි දර්ශන හා ක්‍රියාමාර්ගය පිලිබද ගැටලු මතු කරගෙන ඒ්වා පිලිබද පැහැදිලිකම මගින් පක්ෂය වර්ධනය කර පන්ති අරගලය තීව්‍ර කිරීම ය. ඒ් වෙනුවට මෙම හැසිරීම් සුලු ධනේශ්වර අවස්ථාවාදයට පක්ෂයේ දොරවල් වීවෘත කර දෙන බව කල් නො යවා වටහා ගැනීම අවශ්‍ය යයි අපි අවධාරනය කරමු. 

පක්ෂ නායකත්වයේ අත්තනෝමතික ක්‍රියා පිලිබද සාකච්ඡාවක් ඉල්ලා සිටි, එතෙක් මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වූ මිස්සක සහෝදරයා හා තරුන සහෝදරයෙකු වන හිරුන් සහෝදරයා අවසන් වසයෙන් 3වන පක්ෂ සම්මේලනයමත් මෙම ක්‍රියා ආරක්ෂා කිරීම සදහා මෙහෙයවීම නිසා පක්ෂය හැර ගොස් ඇත. ඔවුන් ලිඛිතව තම විරෝධතා නායකත්වයට යොමු කර ඇති නමුත් ඒ්වා ගැන වචනයක්වත් අද වන තුරුත් පක්ෂය තුල සාකච්ඡා කර නැත. 

වත්මන් පන්ති අරගලයේ තියුනු තත්වය තුල මතු වන දේශපාලනික, න්‍යායික, සංවිධානාත්මක ගැටලු වග විගාභයකින් තොරව බැහැර කිරීම පක්ෂය තත්කාර්යවාදය මත මෙහෙයවෙමින් පවතින බවට පැහැදලි සඥාවන් ය. 

මේ නිසා, අමරතුංග ඇතුලු පක්ෂයෙන් ඉවත්කර තබනු ලැබ ඇති සහෝදරවරු සම්බන්ධව මතු වී ඇති ගැටලු අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සාකාච්චාවක්, පක්ෂයේ කර්තව්‍යයන් වඩා ඉහල මට්ටමකින් වටහා ගැනීමේ හා ඒ්වා ක්‍රියාවට දැමීමේ දී අවශ්‍ය වන සංවිධානාත්මක සූදානම ඇති කර ගැනීමේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් ලෙස අපි වටහා ගනිමු. ඒ් සදහා  මෙහි සදහන් සහෝදරයින් 4 දෙනා ම වහා සාමාජිකත්වයේ පිහිටු විය යුතු ය යි අපි යොජනා කරමු.

මෙම ලිපිය පක්ෂ සාමාජිකත්වය අතර බෙදා සාකච්ඡාවක් ආරම්භ කල යුතු යයි අපි යෝජනා කරමු.

සහෝදරත්වයෙන්,

උදයප්‍රේම, ගීතා 

අම්බලන්ගොඩ

16.11.2022

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි

ආර්. අමරතුංග සහෝදරයාට 80 යි: විප්ලවවාදී කම්කරුවකුගේ ජීවිතය පිලිබඳ සටහනක්

සසප ආරක්ෂා කිරීමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව Read More »

artists

ඇමරිකාවේ රූපවාහිනී හා රෝඩියෝ කලාකරුවන්ගේ වර්ජනය සහ ගෝලීය පන්ති අරගලයේ මාවත

ඩේවිඩ් වොල්ෂ් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 11 දින පල වූ ‘The SAG-AFTRA strike and the path of global class struggle’ යන ඩේවිඩ් වොල්ෂ් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

Screen Actors Guild-American Federation of Television and Radio Artists (SAG-AFTRA) සාමාජිකයින් 160,000කගේ වැඩවර්ජනයක් බදාදා රාත්‍රියේ ක්‍රියාත්මක වුවහොත්, එය දශක කිහිපයකින් එක්සත් ජනපදයේ විශාලතම වැඩ වර්ජනවලින් එකක් වනු ඇති අතර, එය පුනර්ජීවනය වන ගෝලීය පන්ති අරගලය තවත් ගැඹුරු කරනු ඇත. ෆෙඩරල් මැදිහත්කරුවන් ගෙන ඒමට සහ වර්ජන ක්‍රියාමාර්ගයෙහි ගෙල සිර කිරීමට සංගත දරන මංමුලා සහගත, අවසාන මොහොතේ උත්සාහයන් සහ තවත් ප්‍රමාදයක් හෝ විකුණා දැමීමක් නිවේදනය කිරීමට වෘත්තීය සමිතිය දරන ඕනෑම උත්සාහයක් කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කළ යුතුය.

දස දහස් සංඛ්‍යාත නළුවන්, විකාශන මාධ්‍යවේදීන්, ප්‍රවෘත්ති ලේඛකයින්, සංස්කාරකවරුන් සහ අනෙකුත් අය මැයි 2 සිට වැඩවර්ජනයක යෙදී සිටින ඇමරිකාවේ ලේඛක සංසදයේ (WGA) සාමාජිකයින් 11,000 සමඟ එක්වනු ඇත.SAG-AFTRA වැඩ වර්ජනය එක්සත් ජනපදයේ ඉතිරිව ඇති, එක්සත් ජනපද නළුවන් සම්බන්ධ සියලුම ජාත්‍යන්තර චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන පාහේ වසා දමනු ඇත. 

1960 සිට ලේඛකයින් සහ නළුවන් විසින් සිදු කරන ලද පළමු “ද්විත්ව වැඩ වර්ජනයේ”  විනෝදාස්වාද කර්මාන්තයේ ප්‍රධාන කොටස් වසා දැමීමේ විභවය එක්සත් ජනපදය තුල   දැවැන්ත ලෙස ඇඟවුම් කර ඇත.

artists
වැඩ වර්ජිත ලේඛකයෝ ලොස් ඇන්ජලීස් හි Writers Guild of America West ගොඩනැගිල්ල ඉදිරිපිට පෙළපාලි යති.

පළමුව, එය ලෝක ධනවාදයේ මධ්‍යස්ථානයවූ ඇමරිකා එක්සත් ජනපදය තුල  කම්කරු පන්තියේ විශාල ශක්තිය සහ හැකියාවත් එය පැතිර ඇති පරාසයත් පෙන්නුම් කරයි. වැඩ වර්ජනකදී, කම්කරුවන්ට ධනේශ්වර පාලනයට සහ ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය වන ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක මෙහෙයුම් නතර කළ හැකිය.

දෙවනුව, වර්ජනයේ ප්‍රවේශය සහ ගෝලීය චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය කෙරෙහි එහි බලපෑම, සංස්කෘතික ජීවිතයේ අන්තර් සම්බන්ධිත, ජාත්‍යන්තර ස්වභාවය සහ චිත්‍රපට, රූපවාහිනිය සහ ඒ ආශ්‍රිත සියලුම ක්ෂේත්‍රවල කලාකරුවන්ගේ සහ කම්කරුවන්ගේ පොදු උවමනාවන් සහ අවශ්‍යතා ඉස්මතු කරයි.

තුන්වනුව, වර්ජනයක් මගින් UPS, මෝටර් රථ හා හෝටල් ඇතුළු  අනෙකුත් කම්කරුවන් සංගතවලට සහ  රැකියා, වැටුප් සහ කොන්දේසි වල නිර්දය ප්‍රහාරයන්ට එරෙහි වීමට දිරිමත් කරනු ඇත. එපමනක් නොව, SAG-AFTRA සාමාජිකත්වය, වෛෂයිකව, ලොව පුරා අරගලයේ යෙදී සිටින කම්කරුවන් සමග පෙලගැසී ඇත.

හතරවනුව,ඇමරිකාව පොදුවේ තෘප්තිමත්, සමෘද්ධිමත් රටක් ලෙස පින්තාරු කිරීමට මාධ්‍ය සහ දේශපාලඥයින්ගේ අඛණ්ඩ ප්‍රචාරක උත්සාහය තිබියදී, එහි ආන්ඩුව නිමක් නැති යුද්ධවලට දෙන සහය  කම්කරු පන්තියේ සියලුම කොටස්වල වැඩෙන විරුද්ධත්වය හෙලිදරව් කරයි. ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය යනු සමාජ කෝපයේ සහ විරුද්ධත්වයේ දැවෙන කල්දේරමකි.

SAG-AFTRA කම්කරුවන් උද්ධමනය හේතුවෙන් ආදායම් පහත වැටීම සහ ප්‍රවාහයේ වර්ධනය ඇතුළු සංයුක්ත ගැටළු රාශියකට වැඩ වර්ජනය කරනු ඇත. එය අවශේෂයන්ට විනාශකාරී පහරක් එල්ල කර ඇති අතර කෙටි කාලසීමාවන් සහ අඩු වැඩ සඳහා හේතු විය. කෘත්‍රිම බුද්ධියේ වර්ධනය සමූහ ව්‍යාපාරවලට රංගනයන් ප්‍රතිනිර්මාණය කිරීමට සහ මිනිස් නළුවන් ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ සලසයි.

2020 වසරේ සිට SAG-AFTRA සාමාජිකත්වය 10,000කින් වැඩි වී ඇති අතර, සැබෑ වැටුප්වල පහත වැටීමක් හෙළිදරව් කරමින් හිඟ ආදායම “එකාකාරව පැවතුනු” බව මැයි මාසයේ “විශේෂිත “ ලිපියක් වාර්තා කළේය.දෙන ලද , ඕනෑම වසරකදී, ඇස්තමේන්තුගත සියයට 50ක් SAG-AFTRA හි සාමාජිකයින් “රංගනයෙන් සතයක්වත් උපයන්නේ නැත; ඩොලර් 26,470 ක සෞඛ්‍ය ආරක්ෂණ සීමාව සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් මුදලක් උපයන්නේ සාමාජිකයින්ගෙන් 5-15% ක් පමණි.”  “විශේෂිත” ලිපිය ඇස්තමේන්තු කර ඇති ආකාරයට “වෘත්තීය සමිති සාමාජිකත්වයෙන් සියයට දෙකක් පමණක් ආරක්ෂිත මධ්‍යම පන්තික වැටුපක් උපයයි.   … ශ්‍රම බලකාය එන්න එන්නම අනියම්, අතිරේක හා අවිනිශ්චිත භාවයට පත්වෙමින් පවතී.”

ඒ අතරම, ලේඛකයින් සහ නළුවන් ට්‍රිලියන ගණනක වත්කම් සහිත Disney, Amazon, Netflix, Apple, Sony සහ Warner Bros වැනි, Aliance of Motion Picture සහ Television Producers (AMPTP) තුළ සංවිධානය වූ දැවැන්ත සංගතවලට මුහුණ දෙයි.

මෙම සමාගම්වල විධායකයින් දිගින් දිගටම බැන වදිමින් ලේඛකයින්ගේ සහ නළුවන්ගේ “අසාධාරණ” ඉල්ලීම් හෙළා දකියි . ලොස් ඇන්ජලීස් ටයිම්ස් ජුනි මස මුලදී හෙළි කළේ “වසංගතයේ උච්චතම අවස්ථාව තුළ හොලිවුඩයේ ඉහළ විධායක නිලධාරීන් සඳහා වන වැටුප ඉහළ ගොස් ඇත. එය 2021 දී ඩොලර් බිලියන 1.43 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2018 හි මුළු වැටුපට වඩා 50% කින් වැඩි විය. පසුගිය වසර පහ තුළ, ඉහළම වැටුප් ලබන විනෝදාස්වාද කර්මාන්තයේ විධායකයින් තිදෙනා ඒකාබද්ධ ඩොලර් බිලියන 1.1ක් උපයා ඇත.ආර්ථික අසමානතාවයෙන් පෙලෙන රටක පවා හොලිවුඩයේ වැටුප් පරිමාණයන් අද්විතීයයි” යනුවෙන් ටයිම්ස් ලිවීය.

actor protester
නළුවෙක් -ලේඛක වැඩ වර්ජනයේ ආධාරකරුවෙක්

එපමනක් නොව, SAG-AFTRA සාමාජිකයින්ගේ මෑතකාලීන ලිපිය, අවසානයේ 2,000කට වැඩි ප්‍රසංගකයන් විසින් අත්සන් කර, ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයින් අමතා පාවාදීමක් සිදු නොකරන ලෙස ඔවුන්ට අනතුරු අඟවා තිබීම, නව, අස්ථාවර කාලයක සලකුණකි. වෘත්තීය සමිති නායකයින්ගේ රෝස ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන්, විවෘත ලිපිය ඉල්ලා සිටියේ “කම්පන ප්‍රතිනිර්මාණයක්” සහ “පරිවර්තන ගනුදෙනුවකට” වඩා අඩු දෙයක් නොවේ. එය “SAG-AFTRA සාමාජිකයින්  කැපකිරීම් කිරීමට සූදානම් විය හැකි වුවත් නායකත්වය එසේ නොවන බවට” උත්සුකතාවය පළ කළේය.

මෙම ඉහළ පිළිගැනීමේ ක්‍රියාව විකුණා දැමීමක් කරා ළඟා වීමට දරන ප්‍රයත්නයන් අඩපණ කළ අතර SAG-AFTRA නායකයින් දුර්වල කළේය. වෘත්තීය සමිති සභාපති ෆ්‍රාන් ඩ්‍රෙෂර්, සිදුවිය හැකි වැඩවර්ජනයක් අතරතුරදී කිම් කාර්ඩේෂියන් සමඟ “ඡායාරූප වල පෙනී සිටිමින් ” ඉතාලියේ ලාභදායී සති අන්තයක් ගත කළ බව හෙළිදරව් කිරීම නළුවන් තවදුරටත් කෝපයට පත් කළේය. ජූනි මස අගදී ලේඛකයන්ගේ පිකට් වැටක් තරණය කිරීම ගැන කාර්ඩෂියන් කෝපය ඇවිස්සුවේය. ඩ්‍රෙෂර් ප්‍රතිගාමී එන්නත් විරෝධී ප්‍රචාරණයට යට වී සිටින බව නැවත වරක් හෙළි කළාය.

චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනයේ වර්තමාන පිපිරීම ප්‍රවාහයට සහ අවශේෂවලට වඩා බොහෝ වැඩි ය. ඇතැම් කර්මාන්ත විචාරකයින් යෝජනා කරන පරිදි වර්තමාන තත්වය චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය නරක “ව්‍යාපාරික ආකෘතියක්” ලෙස හෙලිදරව් කරනවා පමණක් නොව, ඇමරිකානු ධනවාදය “නරක”, ඇත්ත වශයෙන්ම, පිළිගත නොහැකි “සමාජ ආකෘතියක්” බවට වැඩෙන දැනුවත්භාවය හෙළි කරයි.

අවසාන විග‍්‍රහයේ දී, ඒකාබද්ධ ලේඛකයන්ගේ සහ නළුවන්ගේ වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගයේ ගැටලූව වන්නේ එක්සත් ජනපදයේ සහ ගෝලීය ධනවාදයේ පරිහානිය හා භයානක තත්වයයි. ඇමරිකාවේ නිමක් නැති යුද්ධවලට සහ න්‍යෂ්ටික සමූලඝාතනයේ තර්ජනයට, දරිද්‍රතාවයට සහ සමාජ අසමානතාවයට, පාරිසරික ව්‍යසනවලට, වසංගතයෙන් මිලියන ගනනක් අනවශ්‍ය ලෙස මියයාමට, මිනීමැරුම් පොලිස් ප්‍රචණ්ඩත්වයට, ගබ්සාවට එරෙහිව උසාවි ප්‍රහාරවලට, පොත් වාරණය සහ තහනම් කිරීම සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් අහෝසි කිරීම සහ සංගත ගැති, යුද වැදී සිටින බයිඩන් පරිපාලනයට සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රොන් ඩීසැන්ටිස් වැනි නූගත්, ෆැසිස්ට් මැරයින්ට එරෙහිව ජනප්‍රිය සතුරුකම් වැඩිවෙමින් තිබේ.

චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය වසා දැමීම කලාත්මක නිදහස සහ නිර්මාණශීලිත්වය ආයතනිකව යටපත් කිරීමට තර්ජනයක් සහ අභියෝගයකි. කර්මාන්තයේ ප්‍රධාන විධායක නිලධාරීන්, ඔවුන්ගේ හිසෙහි මුල් සිතිවිල්ලක් නොමැතිව, විකට පොත් මනඃකල්පිත මාලාවක් සහ “ක්‍රියාකාරී බ්ලොක්බස්ටර්” මාලාවක් නිෂ්පාදනය කිරීම සඳහා බොහෝ දුරට මුලසුන හොබවයි. බැරෑරුම්, කල්පවත්නා වැඩ කිරීමට ආශා කරන ලේඛකයින්ට සහ නළුවන්ට – මෑත වසරවලදී මතු වීමට පටන් ගත් සැලකිය යුතු උදාහරණ – කුණු වල ප්‍රමුඛතාවය සහ ප්‍රේක්ෂක සාමාජිකයින්ගේ මොළය හැරවීමට චිත්‍රාගාර සහ ජාලයන් හිතාමතාම දරන උත්සාහය දෙස භීතියෙන් බලා සිටිය හැකිය. මස් කිරීමට. සමකාලීන සමාජ ජීවිතයේ කටුක කරුණුවලට එරෙහිව කලාකරුවන් මතු කර ඇති බැවින්, ලේඛකයින්ගේ සහ නළුවන්ගේ වැඩ වර්ජන ව්‍යාපාරය චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනයේ යථාර්ථවාදය වෙත හැරීමක් දිරිමත් කළ යුතුය.

සමස්තයක් ලෙස විනෝදාස්වාද වෘත්තීය සමිතිවල නායකත්වය අරගලයේ දෘෂ්ටිකෝණයෙන් සිය වැදගැම්මකට නැති බව දැනටමත් ඔප්පු කර ඇත

ලේඛකයාට සහ නළුවන්ට සියයට 25 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය වන අතර, ඔවුන්ට අහිමි වූ දේ පියවා ගැනීමට, කර්මාන්තයේ කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ පූර්ණ පාලනයක් සහ වැඩසටහන් සහ චිත්‍රපටවල සාර්ථකත්වය සහ නරඹන්නන් සමඟ බැඳී ඇති අවශේෂයන් අවශ්‍ය වේ. මේ සදහා ,සමාගම් ඔවුන්ගේ පොත් කම්කරුවන්ගේ පරීක්ෂාවට  විවෘත කිරීම අවශ්‍ය වේ.තත්වයේ බරපතලකම සහ අරගලයේ මානයන් ඉල්ලා සිටින්නේ, සාමාජිකත්වය විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන සහ ඔවුන්ගේ වැඩිවන අධිෂ්ඨානය ප්‍රකාශ කරන නව සංවිධාන, ශ්‍රේණිගත කමිටු, අවසානය දක්වා සටන කරගෙන යාමට ගොඩනැගීමයි.

SAG-AFTRA වැඩවර්ජනය පුපුරා ගියහොත්, එය කලබලකාරී සමාජ හා දේශපාලන සන්දර්භයක් තුළ සිදුවනු ඇත.

එක් අතකින්, බිඩෙන් විසින් නායකත්වය දෙන විල්නියස්හි අධිරාජ්‍යවාදීන් බිහිසුණු දෙයක් සකස් කරමින් සිටිති: යුක්රේනයේ ලේ වැගිරීමේ උත්සන්න වීම, තවත් මරණ, වඩා පුළුල් ලෝක ගිනි ජාලාවක් ඇවිලවීමේ අවදානමයි.

අනෙක් අතට, පවතින තත්වයන්ට එරෙහිව පිපිරීම් දවසේ අනුපිළිවෙලයි, එය සෑම විටම නිල සමාජයට “පුදුමයක්” ලෙස පැමිණේ: ප්‍රංශයේ සහ ශ්‍රී ලංකාවේ මහජන විරෝධතා, බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ නැව් තටාක සේවකයින්ගේ සහ ලොස් ඇන්ජලීස් හි හෝටල් සේවකයින්ගේ පාගමන, බි‍්‍රතාන්‍යයේ පාවා දුන් තැපැල් සේවකයන්ගේ මහජන කෝපය සහ සමාජ කෝපයේ තවත් බොහෝ පිපිරීම් ඇත.

සමාජ නැගිටීමත් එයට එරෙහිව පැනනගින ම්ලේච්ඡ ප්‍රතික්‍රියාවත් යන ක්‍රියාවලි දෙකම එකට සමපාත වේ.

වත්මන් අවුලෙන් මිදීමට ඇති එකම මාර්ගය වන්නේ, සමාජයේ සහ සංස්කෘතියේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා දැනුවත්ව උත්සාහ කරන, බලගතු, අණ දෙන ජාත්‍යන්තර බලවේගයක් ලෙස ක්‍රියා කරන කම්කරු පන්තියේ ව්‍යාපාරයයි. යුද්ධයේ බිහිසුණුකමට සහ ධනවාදයේ ම්ලේච්ඡත්වයට පිළිතුර මෙම මාවත දිගේ පවතී.

ඇමරිකාවේ රූපවාහිනී හා රෝඩියෝ කලාකරුවන්ගේ වර්ජනය සහ ගෝලීය පන්ති අරගලයේ මාවත Read More »

france police

මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ විරෝධතාකරුවන් මත කුරිරු මර්දනයක් මුදාහරී

සැමුවෙල් ටිසෝට් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 03 දින පල වූ ‘Macron’s police state launches brutal crackdown on French protesters‘ යන සැමුවෙල් ටිසෝට් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය එස්එෆ් විසිනි.

පසුගිය අඟහරුවාදා පැරිසියේ තදාසන්න ප්‍රදේශයක් වන නන්තෙරේහිදී 17 හැවිරිදි නහෙල් එම්. පොලිසිය විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසුව, සති අන්තයේදී  විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ප්‍රංශය පුරා පැවතුනි. පවතින අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඉරිදා සවස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීය.

france police
2023 ජූලි 1 සෙනසුරාදා, පැරිසියේ චැම්ප්ස් එලිසීස් හි ආර්ක් ඩි ට්‍රයම්ෆ් ඉදිරිපිට පොලිස් නිලධාරීන් මුර සංචාරයේ [AP Photo/Christophe Ena]

ප්‍රංශය පුරා සහ ජාත්‍යන්තරව දැවැන්ත කෝපයක්  පිටාර ගැලීමට හේතු වූයේ හුදෙක් ඝාතනය පමනක් නොවේ මෙකී මිනීමැරුම වසන් කරමින් එය ආත්මාරක්ෂාව සඳහා සිදු කල එකක් බවට පෙන්නුම් කිරීම සඳහා – තම ජීවිත වලට තර්ජනයක් නොමැතිව තිබියදී තරුනයාට අතේ දුරින් සිට වෙඩි තැබූ බව පෙන්නුම් කරන වීඩියෝවක් නිකුත් වීමට  පෙර – ඊට  සම්බන්ධ නිලධාරීන් ගත් උත්සාහය ද ඊට හේතු විය.

සෙනසුරාදා, සාමකාමී විරෝධතාකරුවන් දහස් ගනනකගේ සහභාගීත්වයෙන් නන්තෙරේ හි නහෙල්ගේ අවමංගල්‍යය පැවැත්විනි.

ප්‍රංශය පුරා ඇති වූ ප්‍රචන්ඩ ගැටුම් හේතුවෙන් සිකුරාදා රාත්‍රියේ පුද්ගලයන් 1,300ක් අත්අඩංගුවට ගත් අතර සෙනසුරාදා රාත්‍රියේ තවත් 719ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මර්දනය දියත් වී ඇත්තේ, මෙම වසන්තයේ දී මැක්‍රොන් ඔහුගේ විශ්‍රාම වැටුප් කප්පාදුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියාවට නැංවීමේදී ප්‍රංශ පොලිසිය විසින් දහස් ගනනක් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුවය.

ප්‍රංශයේ ප්‍රධාන නගර හෙලිකොප්ටර්, සන්නද්ධ මෝටර් රථ සහ “කැරලි මර්දන” ගිනි අවිවලින් දැඩි ලෙස සන්නද්ධ පොලිස් බලකායක් විසින් වටලනු ලැබ ඇත. සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රියේ ජාතික වශයෙන් පොලිස් භටයන් 45,000 බලමුලු ගන්වන ලද අතර, ඊට  අමතරව සෑම රාත්‍රියකම වැර ගැන්වීම් ලෙස 7,000 බැගින්  පැරීසියට යවන ලදී.

සති අන්තයේ සන්නද්ධ මෝටර් රථ සහිතව නිවහන් ප්‍රදේශ අල්ලා ගන්නා විශේෂිත RAID ඒකක මාර්සෙයිල් සහ ලියොන් වෙත යොදවන ලදී. මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට එරෙහි විරෝධතා වලදී අප්‍රේල් මාසයේදී පැරිසියේ පෙලපාලිකරුවන් කුපිත කර ත‍්‍රස්ත කල කුප්‍රකට BRAV-M ඒකක ද යොදවන ලදී.

සමාජ මාධ්‍යවල පොලිස් ප්‍රචන්ඩත්වය පිලිබඳ සාක්ෂි වාරනය කිරීමට මැක්‍රොන් ආන්ඩුව දරන උත්සාහයන් නොතකා, වීඩියෝ දර්ශන, බොහෝ දුරට අනාරක්ෂිත විරෝධතාකරුවන්ට එරෙහිව පොලිස් ප්‍රහාර වල   ප්‍රචන්ඩත්වය පෙන්වයි. මාධ්‍යවේදීන් ගැටුම් පටිගත කිරීම වැලැක්වීමට පොලිසිය දරන උත්සාහයන් වෙනත් වීඩියෝවල දැක්වේ.

බොහෝ ප්‍රංශ නගරවල පොලිස් භටයන් සහ බොහෝ සෙයින් තරුනයන්ගෙන් සමන්විත විරෝධතාකරුවන් අතර සටන් ඇති විය. Nemours, Pau සහ Combs-la-Ville නගරවල පොලිස් ස්ථාන ගිනි තබා ඇත. පැරිස්, මර්සෙයිල් සහ ලිලී පුරා පොදු ගොඩනැගිලි ගිනිබත් කරන ලදී. උතුරු පැරිසියේ තදාසන්න ප්‍රදේශයක් වන ඕබර්විලියර්ස් හි බස් නැවතුම්පොලක් ගිනිබත් කර බස් රථ 12 ක් විනාශ විය. Lyon හි කන්ඩායම් ආයුධ සහ ජීව උන්ඩ රැගත් පොලිස් වාහනයකට කඩා පැන්න අතර එම අවි තවමත් සොයා ගෙන නොමැත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙහාල්ඩ් ධර්මනා (Gérald Darmanin)ගේ නියෝගය මත, සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රියේ ප්‍රංශය පුරා ට්‍රෑම් රථ සහ බස් සේවා රාත්‍රී 9 සිට අවලංගු කරන ලදී. . මෙය ඉරිදා පැරිස් මෙට්‍රෝ සේවය දක්වා ව්‍යාප්ත විය. සති අන්තයේදී , Lille, Marseille සහ Lyon හි පොදු ප්‍රවාහනය අවලංගු කරන ලද අතර සවස් භාගයේ සිට කන්ඩායම් වශයෙන් රැස්වීම් තහනම් කරන ලදී. සතිය මුලදී ගැටුම් ඇති වූ ප්‍රදේශ පුරා පිහිටි කුඩා නගරවල ද එවැනිම පියවර ගන්නා ලදී.

පොලිස් මර්දනයට සහ සමාජ තත්වයන්ට එරෙහි කෝපය බෙල්ජියම සහ ස්විට්සර්ලන්තය දක්වා පැතිර ගියේය. ස්විට්සර්ලන්තයේ ලෝසාන් නගරයේ දී සෙනසුරාදා රාත්‍රියේ පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රංශයේ මුහුදින් එතෙර ප්‍රදේශ වන රියුනියන්හි සහ ප්‍රංශ ගයනාහි  ද සැලකිය යුතු ගැටුම් ඇති විය. ප්‍රංශයේ තත්ත්වය පිලිබඳ ජාත්‍යන්තර නොසන්සුන් සහගත බව පිලිබිඹු කරමින් ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ප්‍රකාශ කලේ තමා “කනස්සල්ලෙන් බලා සිටින” බවයි.

ප්‍රංශයේ ධනේශ්වර දේශපාලඥයින් කෙරෙහි  පොදු වෛරය පිලිබඳ අවබෝධයක් ලබා දෙන එක් සිදුවීමක් L’Haÿ-Les-Roses නම් කුඩා නගරයේදී සිදු විය. එහිදී දක්ෂිනාංශික Les Républicains හි සාමාජිකයෙකු වන ප්‍රාදේශීය නගරාධිපතිවරයෙකුගේ නිවහනේ ධාවන පථයට ගිනිගත් මෝටර් රථයක් තල්ලු කරන ලදී. ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් එම ස්ථානයට වහාම ගොස් ආන්ඩුව සහ පොලිසිය ඔවුන්ගේ ඡන්දදායකයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරන බවට නිලධාරීන්ට ප්‍රසිද්ධියේ සහතික විය.

විශ්‍රාම වැටුප් කප්පාදු අරගලයෙන් සෘජුවම ගලා එන මෙම විරෝධතාවල ප්‍රකාශිත දේශපාලන ස්වභාවය ප්‍රතික්ෂේප කිරීමට මැක්‍රොන් ආන්ඩුව විසින් සැලකිය යුතු උත්සාහයක් ගෙන තිබේ. සෙනසුරාදා මැක්‍රොන් ප්‍රකාශ කලේ, “[සමාජ මාධ්‍ය වේදිකා] කිහිපයක ප්‍රචන්ඩ රැස්වීම් සංවිධානය කරනු අපි දැක ඇත්තෙමු – එහෙත් එක්තරා ආකාරයකට ප්‍රචන්ඩත්වය හාසකානුකරනය කිරීමක් ද සිදු වේ. … එය ඔවුන්ව මත් කර ඇති වීඩියෝ ක්‍රීඩා තුල ජීවත් වීමකි.”

මෙය ප්‍රතිරාවය කරන්නේ කහ කබා විරෝධතා අතරතුර, තම ජනාධිපති ධුරයට එරෙහි දැවැන්ත විරෝධය සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත දොස් පැවරූ  මැක්‍රොන්ගේ ප්‍රකාශයය.

විරෝධතා, නිර්පාක්ෂික සහ දරුනු අපරාධකරුවන්ගේ ක්‍රියාවන් ලෙස හුවා දැක්වීමට රජයේ ප්‍රකාශක ඔලිවියේ වේරොන් (Olivier Véran) පසුව උත්සාහ කලේය: “මෙහි දේශපාලන පනිවිඩයක් නොමැත. ඔබ Foot Locker, Lacoste හෝ Sephora වෙලඳසැලක් කොල්ලකන විට එහි දේශපාලන පනිවිඩයක් නැත. ඒ කොල්ලකෑමකි. ”

ප්‍රංශයේ තරුනයින්ට තම අතෘප්තිය ප්‍රකාශ කිරීමට ප්‍රචන්ඩත්වයට යොමු විය යුතු යැයි හැඟේ නම් ඒ සමාජ මාධ්‍ය හෝ වීඩියෝ ක්‍රීඩා නිසා නොව, ඔවුන් ජීවත් වන බිහිසුනු සමාජ තත්වයන් සහ ස්ථාපිත දේශපාලන පක්ෂ විසින් දේශපාලන විකල්ප ඉදිරිපත් කිරීමක් නො කෙරෙන තතු තුලය. වඩාත් ප්‍රචන්ඩ ගැටුම් සංකේන්ද්‍රනය වුනු  පැරිසියේ, ලියොන් සහ මර්සෙයිල් හි තදාසන්න ප්‍රදේශවල දරිද්‍රතාවය සහ විරැකියාව ආවේනික වේ.

කම්කරු පන්ති ප්‍රදේශවල තරුනයින් මුහුන දෙන යථාර්ථය නම් රැකියාවක් නොමැති ව, ගුනාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශයක් නොමැති ව සහ  – නෙහෙල් සිද්ධියේදී මෙන් මාරාන්තික තර්ජන නොවේ නම් – පොලිස් නිලධාරීන් අතින් අඛන්ඩ හිරිහැරවලට ලක්වීමට සිදුවීමයි. විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට එරෙහි අරගලයේ දී  ඔවුන්ගේ ද්‍රෝහී භූමිකාවෙන් පෙන්නුම් කල පරිදි, මැක්‍රොන්ට විරුද්ධ යැයි කියාගන්නා ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයෝ, මෙම තරුන තරුනියන් දරිද්‍රතාවයේ ජීවිත තුලට  පිරි හෙලා දමා ඇති  ධනේශ්වර ක්‍රමයට සැබෑ විරුද්ධත්වයක් ඉදිරිපත් නොකරති.

සති අන්තයේ සමූහ අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ, සිකුරාදා පොලිස් වෘත්තීය සමිති විසින් “අපි යුද්ධයක යෙදී සිටිමු” යනුවෙන් ෆැසිස්ට්මය ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරමින්, “අත්අඩංගුවට ගන්නන් අක්‍රිය කරවන බවට” තර්ජනය කිරීමෙන් පසුවය. ඒකාබද්ධ ප්‍රකාශය තවදුරටත් කියා සිටියේ, “මෙම ම්ලේච්ඡ රංචුවලට මුහුන දී, සන්සුන් වනසේ  ඉල්ලා සිටීම තවදුරටත් ප්‍රමානවත් නොවේ, අපි එය පැනවිය යුතුයි. … මෙම පලිබෝධකයන්ට එරෙහිව සටන් කිරීමට ( කාලයයි).”

ප්‍රන්ස දේශපාලන පන්තියේ සැලකිය යුතු කොටස් “පලිබෝධකයන්ට ” එරෙහි පොලිසියේ “යුද්ධය” සමග මුලුමනින්ම සහයෝගී වී ඇති අතර ඊටත් වඩා දැඩි ප්‍රතිචාරයක් ඉල්ලා සිටිති. ඉරිදා වීඩියෝ දේශනයකදී අන්ත දක්ෂිනාංශික නායක මරින් ල පෙන් (Marine Le Pen) ප්‍රංශයේ “අරාජිකත්වය” හෙලා දුටු අතර හදිසි තත්වයක් හෝ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. කොන්සර්වේටිව් Les Républicains හි නායක එරික් සියොටි (Eric Ciotti) ප්‍රකාශ කලේ, “මම මගේ මුලු බලයෙන් පොලිසියට, ෂොන්ඩාම්ට  (පැරාමිලිටරි  පොලිසියට) සහ ඔවුන්ට අන දෙන අයට සහාය දෙමි,” යනුවෙනි. 

දෙදෙනාම ව්‍යාජ වාම NUPES සන්ධානයේ නායක ජාන්-ලුක් මෙලන්ෂොන්  හෙලා දුටුවෝය. සියොටි ඔහු හැඳින්වූයේ “ජනරජයට අනතුරක්” ලෙසයි. මන්දයත්,  මෙලන්ෂොන්, පොලීසිය “පාලනයක් නැති ” එකක් ලෙස විස්තර කල බැවිනි. සාමකාමී විරෝධතාවලට එරෙහිව මාස ගනනාවක් තිස්සේ පැවති ප්‍රචන්ඩ මර්දනය සහ 17 හැවිරිදි පිරිමි ලමයෙකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම වසන් කිරීමට ගත් උත්සාහයෙන් පසුව සිදු කල  මෙම ප්‍රකාශය දැවැන්ත ලෙස තත්ත්වය අඩුවෙන් ප්‍රකාශ කිරීමක් විය.

මෙලන්ෂොන් යනු 2022 මැතිවරන අර්බුදය සහ මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට එරෙහි අරගලය තරනය කිරිමට  ධනේශ්වර පස්වන ජනරජයට මුක්කු ගැසූවෙකු මිස, කිසිසේත් ඊට අනතුරක් නම්  නොවේ. ඔහු නියෝජනය කරන්නේ, කම්කරු පන්තියේ සමාජ අභිලාෂයන්ට ඓන්ද්‍රීයව සතුරු වන අතරම, පොලීසියේ සහ ඔවුන්ගේ දේශපාලන අනුග්‍රාහකයන්ගේ නිර්ලජ්ජිත අපරාධකාරීත්වය විසින් අවුලුවාලිය හැකි සමාජ ප්‍රතික්‍රියාවට බියෙන් සිටින ධනේශ්වරයේ තටුවකි.

අර්බුදයට ඔහුගේ ප්‍රතිචාරය වී ඇත්තේ මැක්‍රොන් ආන්ඩුව සහ එහි පොලිස් රාජ්‍යය බිඳ දැමීම සඳහා කැඳවීම නොව, පොලීසියට වඩා හොඳ පුහුනුවක් සහ ස්වාධීන අධීක්ෂන කොමිෂන් සභා මාලාවක් ගොඩනැගීම යන ඉල්ලීම් ප්‍රධාන වන, දත් ​​නැති “හදිසි ප්‍රකාශයක්” ඉදිරිපත් කිරීමයි. “පලිබෝධකයන්” සමඟ “යුද්ධයේ” සිටින බව ප්‍රකාශ කරන අතිශය ප්‍රචන්ඩකාරී පොලිස් නිලධාරීන්ගේ  බලවේගයක් “ප්‍රතිසංස්කරනය” කල හැකිය යන විකාර අදහස ප්‍රංශ ව්‍යාජ වම්මුන්ගේ දේශපාලන බංකොලොත් භාවයේ තවත් උදාහරනයකි.

එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාකරුවන් සමඟ සහයෝගී වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා වලින් ඉක්බිතිව, බයිඩන් බලයට පත්වී පොලිසියට අරමුදල් සැපයීම සහ මිලිටරිකරනය දැවැන්ත ලෙස වැඩි කිරීම ප්‍රංශ ජනතාවට අනතුරු ඇඟවීමක් විය යුතුය. මෙලන්ෂොන් හෝ වෙනත් ඕනෑම ධනේශ්වර දේශපාලඥයෙකු පොලීසියට හෝ ඔවුන් ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට එරෙහිව අරගලයක් දියත් කරනු නැත.

සමාජවාදී සමානතා පක්ෂය ව්‍යාජ-වාම පක්ෂවලින් සහ මැක්‍රොන් ගැති වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා කැඳවුම් කරයි. පොලිස් ප‍්‍රචන්ඩත්වයෙන් කම්කරුවන් හා තරුනයින් ආරක්ෂා කර, වෛරයට පාත්‍ර වූ මැක්‍රොන් ආන්ඩුව බිඳ දැමිය හැක්කේ ප‍්‍රන්ස හා යුරෝපීය කම්කරු පන්තියේ මහජන බලමුලු ගැන්වීමකට පමනි.

මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ විරෝධතාකරුවන් මත කුරිරු මර්දනයක් මුදාහරී Read More »

CAC holds a powerful online meeting for the freedom of artist Nathasha and to defeat the repression of art and expression

Our Correspondent 

An online meeting organized by the Colombo Action Committee (CAC) was held on June 17 (Saturday), demanding the release of all the political prisoners including comedian Nathasha Edirisooriya.

Going beyond the nature of a protest meeting, the meeting examined in depth the background facts of the state’s attack on the freedom of expression and art, including these arrests, its political implications, and the way forward in dealing with it.

Twenty-two to twenty-seven people participated in the live meeting, and most of them stayed towards the end of it, which lasted till around 11 pm.

Comrade Parakrama Kuruppu who chaired the meeting delivered the opening speech, briefly explaining the purpose of the meeting and the background of the arrest of Natasha Edrisooriya. Parakrama gave a brief explanation about the social issues that have been presented in the artist’s performance. He pointed out that portraying her work as an insult to Buddhism is a distortion. Whilst the repression has been unleashed against artists, against those who express independent opinions and against the journalists reporting the truth, those who are responsible for crimes against humanity, such as the brutal war crimes of imperialism, the 1983 massacre and the 2019 Easter attack in Sri Lanka etc. are allowed to be free and remain unpunished. Pointing out that a ruling class, sitting at the top of a society weighed down by the danger of nuclear war and acute social inequality, cannot tolerate truth and free ideas, he emphasized the need for a world-scale uncompromising unity of the working and oppressed masses to fight against this repression.

CAC President Comrade Sanjaya Jayasekara addressing the meeting as the next speaker stated that taking a stand against the arrest of Nathasha Edirisooriya will be the acid test of the integrity of anyone or any organization that claims to stand for human freedom and democratic rights. Ranil Wickremesinghe government, which is implementing severe austerity measures, has called the army into the streets to quell all resistance against it. New laws are being introduced to suppress public protests and to curb free speech.

swj
Comrade Sanjay Jayasekara, President of CAC

Quoting Prof. Wasantha Athukorala of the University of Peradeniya, Sanjaya exposed the fraudulent and false pretense that Sri Lanka’s economy is recovering and explained that Sri Lanka’s economy is hanging on by the thread of non-repayment of loans. The amount thus saved exactly matches  the amount spent on importing fuel including gas, milk powder, and only a part of the medical supplies required for the same period. Sri Lanka’s economy is descending from crisis to crisis.

“According to Professor Athukorala, this so-called economic revival, even in 2028, will bring the economy back to the state it was in 2018. Yet, the economy of the masses will not restore to the level it was in 2018. The burden of Inflation, tax and loan interest increases will be put directly on their backs. It proves that the talks of Sri Lanka becoming a developed country by 2048 is a lie,” Comrade Sanjaya added.

“In these circumstances, the government is working to prepare the fascist forces. These forces are developed against the working class and mass struggles. A large number of such groups exist everywhere in the society today, but they have no basis among the masses. Because of this, the government is consciously intervening to nurture them and pave the way for them. The arrest of Nathasha embodies setting the stage for such groups to appear in the limelight”

“Therefore, we must protect her; not only for protecting freedom of speech. But also, it is necessary to do so in a basic political sense.”

Instead of the false approach of considering the Sri Lankan crisis as a nation specific problem, he insisted that it should be taken as part of an international phenomenon, and with the due consideration of the class nature of the problem. That would be the correct approach. He further said:

“If the war (US and NATO war against Russia) continues for another 5-10 years, it is shown that Europe, including Germany, will be facing the risk of ‘deindustrialization’. The limited markets of economies like Sri Lanka have been mainly in Europe and America. The collapse of industries in those countries directly affects the destruction of these export economies. This makes it very clear that it is not the restoration of the economy that lies behind the attacks on people’s rights through law, but the obvious requirement to suppress the people in the face of its destruction.

“In the face of the challenges that we have been confronted with, the program that we are basically presenting is based on creating independent democratic organizations of the working class, independent of trade unions and pseudo left organizations. It is this program that the Colombo Action Committee is fighting for. We should especially learn the lessons of the betrayal of last year’s struggles, and work to build these independent organizations, and to mobilize the network of independent organizations on an international scale. The International Committee of the Fourth International has already announced this program. Except for by organizing this way, there is no chance of winning the class struggles with the old forms of fighting.”

At the end of the analysis over a variety of aspects of the problem, which took about an hour, the participants got an opportunity to ask questions. Saman Gunadasa, the Assistant Secretary of the Socialist Equality Party of Sri Lanka (SEP), seized the opportunity, and declared that, Sanjaya, who has been expelled from the SEP on charges of ‘violation of discipline’, calling the workers to join the International Workers Alliance of Rank-and-File Committees is a ‘fraudulent’ act.  In response, Sanjaya pointed out that raising this matter without any connection to the objective political realities discussed at length, and the subject matter of the meeting, is an attempt to divert and disrupt the meeting. (At a later stage too, Gunadasa continued the shameless attempt to divert the meeting in the same way. A separate article  deals with the political analysis of this attempt.)

Comrade Nandana Nannetti, a member of the committee and a former central committee member of the SEP, addressed the meeting next, and said, “although the capitalist class is promoting religion and dividing the people now, when the capitalist revolution was on the rise, those revolutions fought against all feudal restrictions, including religious bondage.”

Nandana further explained:

nandana
Comrade Nandana Nannetti

“However, the capitalist classes of the capitalist states that came to be in the latter stages have never gone through the experience of uniting an entire nation through ethnic, and religious lines, being afraid of the oppressed classes from their inception, and have acted from the beginning by stirring up ethnic, religious and caste differences to divide and rule them.

“Today’s world capitalism is facing its ultimate problem of world war or revolution. Faced with the situation of being unable to give anything to the people of their own countries, the concerns of the imperialist countries are now directed towards the redistribution of the world.

“People express their sensitiveness to this crisis in different ways through various disciplines. We must understand that the consciousness expressed in these must be clarified through examination of the contradictions of the objective lives of men and women. That is, it can be done through an analysis of the conflict between production, productive forces and social relations. According to Marx, the production relations transform from a state of supporting to the forces of production, into an obstruction that hinders it, and then, a period of social revolution begins. This is exactly the fact that everyone is undermining.

“Regardless of Nathasha’s social consciousness, her class and her surroundings, her artistic expression rises up in a rebellious way against the existing system. So-called leftists and radicals are hanging on to what they describe as her personal social views. Two things have emerged that are very sensitive to the ruling class. Firstly, the ruling class is being challenged for its very existence as the ruling class, and it is very weak. Then, they felt that the question of freedom raised by Nathasha’s performance was growing into a social need that scared them. It is exactly what the government and its dependents in the religious establishment and others are scared of. 

“The question that has arisen about this work of art is a class question. Completely forgetting this fact and taking the problems superficially, hinders the identification and resolution of the problem. It is not Nathasha who is imprisoned now. Nathasha is just a figurative expression. Imprisoned are the freedom of art, freedom of speech, the freedom of people to march for their own liberation, the freedom of oppressed people to express themselves and organize. I appeal to all comrades who are attending and listening to this meeting, especially the working class, to fight for freedom of art and expression against all those who try to trivialize the struggle for it, and suggest other substitutes for it. On behalf of the Colombo Action Committee, I affirm with responsibility that we fully subordinate to the program of the International Committee of the Fourth International (ICFI). That’s how our organization was built. That is how it moves forward. We hold all our discussions based on those principles,” Comrade Nandana Nannetti said. 

Comrade Shantha Wijesuriya, the secretary of the CAC, who delivered the final speech, examined the incident by relating it to the experience of last year’s mass struggles : “In that struggle, we saw how people came forward to express their free opinions, exploding the pressures on them. It was the inspiration of the experiences of this struggle that provided the impetus for this influx of free ideas”, he stated.

shantha
Comrade Shantha Wijesuriya, Secretary of Colombo Action Committee

Recalling how the struggle of the previous year unfolded, Comrade Shantha explained how the social problems affected a wide cross-section of the society and the people could not live their old lives any longer. Thus, groups belonging to various classes were active in that struggle. The main reason for the defeat of this popular uprising was the lack of revolutionary leadership.

Criticizing the way the leadership of the SEP Sri Lanka reacted when they were invited for a Gotagogama speech, Comrade Shantha stated that the SEP had requested an invitation addressed to the party: there was no official organization that could issue such a written invitation, and the party leadership has exposed its own attitude to position itself alien to the mass struggles. He expressed his astonishment at the information of disciplinary charges being levelled against Comrade Sanjaya for responding to this invitation.

The power displayed in this struggle was immense. It managed to occupy the most critical centers of the country – the Presidential Palace, the Presidential Secretariat and the Prime Minister’s Office. What was lacking was not the strength, but the organization and the leadership.

Criticizing the views expressed by the leaders of the Frontline Socialist Party and the Janatha Vimukthi Peramuna regarding the arrest of Nathasha, he said that the stand taken for her freedom and the people who take such a stand are historic.

[Featured image depicts part of a CAC demonstration to demand release of comedian Nathasha, held on June 7, 2023 in Colombo]

[This article was originally published in Sinhalese here on June 23, 2023]

CAC holds a powerful online meeting for the freedom of artist Nathasha and to defeat the repression of art and expression Read More »

saman

සසප උප ලේකම්, රාජ්‍ය මර්දනයට එරෙහි කලාවේ හා ප්‍රකාශනයේ නිදහස සදහා කොක්‍රික උද්ඝෝෂනය හෙලා දකි

නන්දන නන්නෙත්ති විසිනි

ජුනි 17 දින, කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) පැවැත් වූ අන්තර්ජාල (Zoom) රැස්වීමට සමාජවාදී සමානතා පක්සෂයේ (සසප) උප ලේකම් සමන් ගුනදාස සහෝදරයා සහභාගී වී සිටියේ ය. රැස්වීම සංවිධානය කරන ලද්දේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ඇතුලු දේශපාලන සිරකරවන් නිදහස් කර ගැනීම, කලාවේ හා ප්‍රකාශනයෙ නිදහස ආරක්ෂා කිරීම  හා ආන්ඩුවේ මර්දනයට එරෙහිව පියවර ගැනීමට අවශ්‍ය දේශපාලනික, න්‍යායික සහ සංවිධානාත්මක ප්‍රශ්න පැහැදිලි කර ගැනීම සදහා ය. ඒ අරබයා, රැස්වීමට සහභාගී වීමේ දී සමන් ගුනදාස ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වෙනුවෙන් වැදගත් ප්‍රතිපාදනයක් කරනු ඇතැයි යමෙක් අපේක්ෂා කලාට සැක නැත. නමුත්, ඔහු සම්පූර්න සාකච්ඡාවම කඩාකප්පල් කිරීම උදෙසා රැස්වීමට කඩා වැදුනෙකු බව පැහැදිලි විය.

saman
සසප උප ලේකම් සමන් ගුනදාස

නතාෂා අත් අඩංගුවට ගැනීමට හේතු වූ ආර්ථික, දේශපාලන හා ඓතිහාසික   කරුනු පිලිබදව සවිස්තරාත්මක වෛෂයික විශ්ලේෂනයක් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර කමිටුව (ICFI) ආරම්භ කර ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයක් ගොඩ නැගීම සදහා සටන් වැදීමේ අවශ්‍යතාව, කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝරයා අවධාරනය කිරීම නිසා සමන් කුපිත විය. 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ “ලංකා ශාඛාව සමාජවාදී සමානතා පක්ෂයයි. සසප විනය කැඩීම මත තමයි සංජය විල්සන් ජයසේකරව නෙරපල තියෙන්නේ.” යි කියමින් සමන් බුරා පැන්නේ ය.  කුමන හෝ මොට ආයුදයකින් තැලීමේ තම භාවිතාව අනුව යමින්, යම්  බ්ලොග් පිටුවක් theSocialist.LK හි ලිපි නැවත පලකිරීමක් පිළිබඳ ව දැනුවත් ලෙස විකෘති කිරීමක් කරමින්, “ඔහු [සංජය] ඔහුව ප්‍රවර්ධනය කිරීම සදහා ජාත්‍යන්තර කමිටුවට ප්‍රසිද්ධියේ චෝදනා කරන ICFI-1953 නමැති බ්ලොග් එකක් යොදා ගන්නවා”යැයි පරිපූර්ණ අසත්‍යයක් තම සහායට කැඳවා ගැනීමට ඔහු නිර්ලජ්ජිත උත්සාහයක යෙදුනේ ය. එහෙත් සංජයට විරුද්ධව කුමන හෝ දේශපාලනික පැහැදිලි කිරීමකට සමන්ට කරුනු නැති බව පැහැදිලි විය. 

“අපි ජාතිකවත්, ජාත්‍යන්තරවත් උද්ඝොෂනයක් දියත් කරල තියෙන්නෙ නතාෂා එදිරිසූරිය පිලිබදව ලෝක සමාජවාදී වෙබ් අඩවිය  (ලෝසවෙඅ) හරහා.” සමන් නිවේදනය කලේ ය. එහෙත් නතාෂා අත් අඩංගුවට ගැනීම විස්තර කල හා ඇල්මැරුනු විරෝධයක් පල කල ලිපියක් ලෝසවෙඅ සිංහලෙන් හා පසුව ඉංග්‍රීසියෙන් පල කිරිම හැර එබදු උද්ඝෝෂනයක් ගැන කියන්නට කිසිත් සමන් අත තිබුනේ නැත. ඒ උද්ඝොෂනයක් තබා, අඩුම තරමින් පක්ෂ සාමාජිකයන් අතරවත් මෙම දඩයම පිලිබද  සාකච්ඡාවක් කිරීමට පක්ෂ තන්ත්‍රය මෙතෙක් උත්සාහ කර නැති බැවිනි.

පසුව නැවතත් මැදිහත් වුනු සමන් මෙසේද පැවසීය:

“මේ සහෝදරවරුන්ට අදහසක් ඇති ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය කොහෙද යන්නෙ කියන එක ගැන. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගැන පැහැදිලි චිත්‍රයක් අවශ්‍යයි. එය නියෝජනය කරන්නේ කවු ද? ක්‍රියාමාර්ගය, වැඩපිලිවෙල මොකක් ද, කියන එකට විරුද්ධව, ඒක යටපත් කිරීමට, එම වැඩපිලිවෙල මඩ කිරීමට ක්‍රියාත්මක වෙන කන්ඩායමක් විසින් තමයි මෙම රැස්වීම සංවිධානය කරල තියෙන්නෙ… නතාෂා එදිරිසූරිය ආරක්ෂා කිරීමේ සටනේ මූලික පියවරක් හැටියට ඒක හෙලිදරව් කිරීම අවශ්‍යය යි.

“හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කම්කරු පන්තිය සංවිධානය කරනවා.” තමන් “ඒ සදහා විද්‍යාත්මක වැඩ පිලිවෙල ඉදිරිපත් කරගෙන සටන් වදින”  බව කියමින්, සමන් “ ඒකෙ කොටසක් හැටියට මේ විදියෙ ව්‍යාපාරයන් සහිත සියලු ව්‍යාජ වමේ ව්‍යාපාරවලට එරෙහිව සටන් වැදීම තමයි අපේ සටන” යයි නැවතත් සදහන් කලේ ය.

සමන්ට අනුව කොක්‍රික පන්ති ස්වභාවය තීන්දු කරන ප්‍රධාන නිර්නායකය නම් සසප තන්ත්‍රයේ කුමන්ත්‍රනවල ගොදුරු වූ සහෝදරවරු දෙදෙනෙක් එම කමිටුව නියෝජනය කිරිම ය. දැනටමත් සසප සාමාජිකයන් වන සහෝදරවරු ගනනාවක් කොක්‍රික ගොඩ නැගීමේ අරගලයේ සිට මේ දක්වා එම කමිටුවේ ක්‍රියාකාරී වීම ගැන ඔහුට කීමට කිසිත් නො වී ය. කොක්‍රික දේශපාලන විශ්ලේෂන, වැඩ පිලිවෙල, ක්‍රියා මාර්ගය, පන්ති පදනම යන මේ අත්‍යවශ්‍ය දේ ගැන සමන් කතා නො කලේ ය. 

කෙසේ වෙතත්, සසප නිලධාරී තන්ත්‍රය, කොලඹ ක්‍රියාකාරී කමිටුව කම්කරු පන්තියේ අව්‍යාජ විප්ලවවාදී සංවිධානයක් හැටියට මතු වීම නො තකා හැරිය හැකි යයි සිතා මුල දී වැඩ කල මුත්, එන්ට එන්ටම  කම්කරු පන්ති ව්‍යාපාරය තුල එය තහවුරු වන බව එම තන්ත්‍රයට ඒත්තු යාම මත හා තවදුරටත් එය නො තකා සිටිය නො හැකි වන තැන එය වැනසීමට මුලු වැර යෙදීමට එයට සිදුව ඇති බව ඔහුගේ මැදිහත් වීම මගින් සහතික කෙරුනි.   

කොක්‍රික ආරම්භ කිරීමේ දී ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය මත පදනම් වූවා පමනක් නො ව එය ආරම්භ කල වහාම ඒ පිලිබඳ වාර්තාව ලෙසවෙඅ පලකිරීම සඳහා, එහි ශ්‍රී ලංකා අංශයේ ප්‍රධාන කර්තෘ කේ. රත්නායක වෙත ඉදිරිපත් කලේ ය. ඔහුගේ ප්‍රතික්‍රියාව වූයේ “පක්ෂයේ අනුමැතියෙන් තොරව” ගොඩ නගා ඇති නිසා කොක්‍රික පිලි ගත නො හැකි බව ය. පක්ෂය විසින් නිකුත් කල 2022 ජුලි 20  ප්‍රකාශය මත එය ගොඩ නැගුනේ ය යන්නම ආත්මීය විරුද්ධත්වය උඩ ප්‍රතික්ෂේප කල ඔහුට අද දක්වාමත් වෙනත් හේතුවක් ඉදිරිපත් කිරීමට නො හැකි වී ඇත. මෙම හැසිරීමට ප්‍රතිකූලව, එකී ජුලි 20 ඉදිරි දර්ශනය කියා සිටියේ “ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය සදහා පදනම්  දැමිය යුත්තේ, සිය පන්ති අවශ්‍යතා සදහා සටන් කිරීම පිනිස.. ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම තුලින් කම්කරුවන් හා ගම්බද පීඩිතයන් විසින් ම ය.” යනුවෙනි. “සම්මේලනය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය මහජන ව්‍යාපාරය වර්ධනය කිරීමේ දී අත්‍යවශ්‍ය සහයෝගය දීමට සහ දේශපාලන දිසානතිය සම්පාදනය කිරීමට, සමාජවාදී සමානතා පක්ෂය සූදානමින් හා අධිෂ්ඨානයෙන් පසු වේ”, යනුවෙන් ද ලියවිල්ල අවසානයේ දී සපථ කලේ ය. මේ අනුව පක්ෂයටත් ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙතටත් විරුද්ධව ක්‍රියා කර ඇත්තේ කවුරුන්ද යන්න පැහැදිලි ය. 

මාක්ස්වාදය විද්‍යාවකි. විද්‍යාව සිය කර්තව්‍යය ආරම්භ කරන්නේ  සමීප සංවේදනයන්, සංජානනය කිරිම මගින් ප්‍රකට වන යථාර්ථය ද, විශ්ලේෂනය හා  න්‍යායික වියුක්තීකරනයේ සංකීර්න වූ ද දීර්ඝ වූ ද, ක්‍රියාදාමය තුලින් විකසිත වන යථාර්ථය අතර වෙනසින් ය. සමන්, රත්නායක ඇතුලු සසප තන්ත්‍රය උක්ත ප්‍රශ්නයේ දී මෙම මුලධර්මාත්මක ප්‍රවිශ්ටය සතේකට මායිම් කර නැත. 

රැස්වීම තුල දී ම අප පැහැදිලි කල පරිදි සමන්ගේ අරමුන වූයේ කොක්‍රිකට විරුද්ධ වීමේ වේශයෙන් නතාෂා සිරගත කිරීමේ සිද්ධියත් සමග කොක්‍රික ඉස්මත්තට ගත් අරගලයට වල කැපීම ය. “අත්‍යවශ්‍ය සහයෝගය දීම හා දේශපාලන දිසානතිය සම්පාදනය කිරීමට සූදානමින් හා අධිෂ්ඨානයෙන් පසු වීම” යන වචන මගින් ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙතට අනුගත වීමක් ඇගවුම් කලත් සසප තන්ත්‍රයේ වැඩි කන්ඩායම හැම විටම ක්‍රියාකාරී කමිටු වැඩ පිලිවෙල ට්‍රෙට්ස්කිවාදී කම්කරු පන්ති ව්‍යාපාරයේ පොහොසත් ඓතිහාසික අත්දැකීම්වලට නොව තම ආත්මීය ප්‍රතිචාරයන්ට  යටත් කලේ ය. තන්ත්‍රයේ ක්‍රියාවන්ගෙන් පැහැදිලි වී ඇති පරිදි කම්කරු පන්තියට තමන්ගේ ම සංවිධාන ගොඩ නැගිය හැකි යයි එය විශ්වාස කරන්නේ නැත. 2019 ආරම්භ කල කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) විසුරුවා හැරීම සිදු කලේත්, පසුව ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම සදහා කම්කරුවන් ඒත්තු ගන්වා මෙහෙයවනු වෙනුවට තමන්ම ආදේශ වී පසුව ඒවාට බැඳෙන  ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලමින් අසාර්ථක උත්සාහයක නිරත වූයේත්, වන්නේත් ඒ නිසා ය.

කප්‍රනිආක ඉතා සාර්ථක උද්ඝෝෂන දෙකකට මූලිකත්වය ගත්තේ ය. එවිට එහි සභාපති වූයේ සංජය සහෝදරයා ය. ඊට කම්කරුවන්ගෙන්, කලාකරුවන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා තරුනයන්ගෙන් සුවිශේෂී සහයෝගයක් දිනාගැනීමට  හැකි විය. පක්ෂ තන්ත්‍රය දැනුවත්ව මැදිහත් වී එය විසුරුවා හැරියේ ය. ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම පක්ෂයට සාමාජිකයන්  බඳවා ගැනීමේ කොටසක් යයි ද, ඒවා ගොඩ නගන්නේ පක්ෂ ඉදිරි දර්ශනයට එකඟ අය අතරින් යයි ද තන්ත්‍රය තර්ක කලේ ය. මෙම මතයන්ට ජාත්‍යන්තර කමිටුවේ හා ට්‍රොට්ස්කිවාදී මූල ධර්ම සමග මොන ම සාම්‍යක්වත් නැත. ඒ අනුව සමන්ගේ මැදිහත් වීම හුදු ආත්මීය හතුරුකමක්, හුදෙක් ම පක්ෂයෙන් ‘පලවා හැරි’ අයට විරුද්ධ වීම පිලිබද කාරනයකට වඩා වැඩි දෙයකි. 

කොක්‍රික “ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය නිදහස් කරනු!” යි පලකල සිය ප්‍රකාශයේ සදහන් කල පරිදි, “ඇය දඩයම් කර ඇත්තේ එසේ පවතින අධිකාරීන් බිඳලන, නිදහස් අදහස් දැරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම හා කලා නිර්මාන තුලින් ඒවා සමාජගත කිරිම යන මේ කරුනු නිසා ය. බුද්ධාගමට හා එහි ශාස්තෲන්ට අපහාස කිරීම හා ආගමක සංහිදියාව නැති කිරීම, බාලිකා විද්‍යාලවලට අපහාස කිරිම යන චෝදනා ඇයට විරුද්ධව ගොතා ඇත. එහි අරමුන හුදෙක් කලා නිර්මානයේ, භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස පාගා දැමීම පමනක් නො ව, පීඩිත ජන සමාජය තුල පොදුවේ දැල්වෙන සමානාත්මතා හැගීම් හා කාන්තාව මත හෙලා ඇති ධනවාදී පීඩනයට විරුද්ධව කාන්තාවන් තුලින් ම නැගී එන විමුක්තිකාමී හැගීම් අංකුර අවස්තාවේ දී ම තලා වනසා දැමීම ය.”

කොක්‍රික ප්‍රකාශය නිකුත් කල ජුනි 1 දා, සසප ලෝසවෙඅ සිංහල අංශයේ මේ සම්බන්ධව ඉදිරිපත් කල ලිපිය එහි නොගැඹුරු එලැඹුමට සාක්ෂි දරයි. එය මෙසේ ලිවීය: “එදිරිසූරියට එරෙහිව බුද්ධාගමට අපහාස කිරීම පිලිබද උද්ඝොෂනයට ආසන්නතම හේතුව වූයේ ඇය මෑතදී ඉදිරිපත් කල ස්ටෑන්ඩ්-අප් (Stand-up) ප්‍රහසනාත්මක වැඩ සටහනක දී බෞද්ධ සාහිත්‍යයේ එන ජනප්‍රවාදමය කාරනයක් ද බෞද්ධ පාසැල්වල ශිෂ්‍යාවන්ගේ පැවැත්ම සම්බන්ධ ආචාර ධර්ම ද පිලිබදව සොපාහාසය දනවන ආකරයෙන් කරුනු දැක්වීම ය.” හරියටම අප දෙපාර්ශවය අතර වෙනස මේ ඡේද දෙක නියෝජනය කරන බව අපේ හැගීමයි.      

එපමනක් නො ව, කොක්‍රික ගෙන යන උද්ඝෝෂනය පක්ෂ තන්ත්‍රයේ ඉහත කී විශ්වාසයන්ට ද පටහැනි ය. ඒ අනුව, පක්ෂ තන්ත්‍රය කොක්‍රික ගෙන ඇති ආරම්භකත්වයට පහර දීම සිදු කරන අතර එය, ඔවුන් සිතන්නේ කුමක් උවද, වෛශිකව ඉටු කරනු ඇත්තේ ධනපති පන්තියේ අවශ්‍යතාවකි. මෙය සිදු වන්නේ පාලක පන්තියට පැවැත් ම සදහා, සසප වැනි විප්ලවවාදී උරුමයක් ඇති සංවිධානයක සහයෝගය අත්‍යවශ්‍ය වී ඇති තත්වයක ය. ආන්ඩුව පන්තිය මත දැඩි කරන ප්‍රහාරය හමුවේ, විප්ලවවාදී පක්ෂයකට වඩවඩාත් මූලධර්ම හා එහිම ඓතිහාසික පදනම් මත තහවුරු වී, පන්ති අරගලය තුල සක්‍රීයව අරගලයේ නායකත්වය ඩැහැ ගැනීම සඳහා කටයුතු කිරීම හැර පැවැත්මක් නැත. එය මග හරින සෑම අවස්ථාවකම, පක්ෂය පන්තියෙන් වියෝ වී, වික්ෂිප්තව, පන්ති අරගලය විසින් බිය ගන්වනු ලැබීම නිසා, ඉස්මතු වන විප්ලවවාදී ව්‍යාපාර තලා දැමීමට අතිෂය දුෂ්ට ක්‍රියා කලාපයක් ඉටුකරනු ඇත යන්න ඉතිහාසයේ පාඩමයි. සසප දැන් ම ‌ ඓතිහාසික පදනමක පිහිටා මෙම තත්වය විශ්ලේෂනය කිරීම සඳහා පියවර ගත යුතු වන්නේ එබැවිනි.

කම්කරු පන්තියේ විඥානය ඔසවා තැබීම විප්ලවවාදී පක්ෂයේ කර්තව්‍යක් වන අතර එය හුදෙක් මාධ්‍යවේදීමය කටයුත්තක්වත්, හුදු උද්ඝෝෂනාත්මක කටයුත්තක්වත් නො වේ. ලෝකය වෙනස් කිරීම සඳහා මිනිසා හැමදාමත් තමන් ම වෙනස් කර ගත් අතර මේ න්‍යායට පිටු පාන කිසිවෙකු කම්කරු පන්තියට සේවය කරන්නේ නැත, එය කල නො හැකි ය.  

කියවන්න සබැඳි ලිපි: 

කොලඹ ක්‍රියාකාරී කමිටුව කඩාකප්පල් කිරීමේ උත්සාහයේ සසප අරමුන කුමක් ද?

ලංකා ඉතිහාසයේ දැවැන්ත ම මහජන නැගිටීම හමුවේ සසප නිලධරයේ ඇල් මැරුනු ප්‍රතික්‍රියාව හා වාම කන්ඩායමේ අරගලය

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකරට පිලිතුරක්, සසප වාම කන්ඩායමේ අරගල ය

The fight for principles and leadership of the working class: How SEP-SL bureaucracy expelled revolutionaries

සසප උප ලේකම්, රාජ්‍ය මර්දනයට එරෙහි කලාවේ හා ප්‍රකාශනයේ නිදහස සදහා කොක්‍රික උද්ඝෝෂනය හෙලා දකි Read More »

poster

කොක්‍රික කලාකාරිනී නතාෂා නිදහස් කර ගැනීම සහ කලාවට හා ප්‍රකාශනයට එල්ල වී ඇති මර්දනය පරාජය කිරීම සඳහා ප්‍රබල අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

අපේ වාර්තාකරු

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ඇතුළු සිරගත කර සිටින සියලු දේශපාලන සිරකරුවන්  මුදා හරින ලෙස බල කරමින් කොළඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල රැස්වීමක් පසුගිය ජූනි 17 වන සෙනසුරාදා  පවත්වන ලදී.

හුදෙක් උද්ඝෝෂණ රැස්වීමක ස්වභාවය ඉක්මවා යමින්, මෙම අත්අඩංගුවට ගැනීම් ඇතුළු ප්‍රකාශනයේ හා කලාවේ නිදහසට එරෙහි රාජ්‍ය කඩා වැදීමේ පසුබිම් තතු සහ එහි දේශපාලන හැඟවීම් ද, ඊට මුහුණ දීමේ ඉදිරි මාවත කෙසේ විය යුතු ද යන කරුණු ද මෙහි දී ගැඹුරින් විමසා බැලින.

22 – 27 ක් අතර සංඛ්‍යාවක් දෙනා මෙම රැස්වීමට සජීවීව සම්බන්ධ වූ අතර, රාත්‍රී 11 පමණ දක්වා පැවැති රැස්වීමේ අවසාන භාගය දක්වාම එහි වැඩි දෙනා රැඳී සිටියෝය. 

රැස්වීම ආරම්භ කරමින් මුලසුනේ කථාව ඉදිරිපත් කළ පරාක්‍රම කුරුප්පු සහෝදරයා රැස්වීමේ නිමිත්ත හා නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමේ පසුබිම කෙටියෙන් පැහැදිලි කරමින්, කලාකාරිනියගේ නිර්මාණයට විෂය වී ඇති සමාජ ගැටළු පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළේය. ඇගේ නිර්මාණ බුද්ධාගමට අපහාසයක් ලෙස චිත්‍රණය කිරීම විකෘතිකරණයක් බව පෙන්වා දුන් ඔහු, කලාකරුවන් හා නිදහස් අදහස් පල කරන්නන්ට ද, සත්‍යය වාර්තා කරන්නන්ට ද එරෙහිව මර්දනය මුදා හරිනු ලැබ තිබිය දී, අධිරාජ්‍යවාදයේ කුරිරු යුද අපරාධ, 1983 සංහාරය හා 2019 පාස්කු ප්‍රහාරය වැනි මානව සංහතියට එරෙහි අපරාධවලට වගකිව යුත්තන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඇති අයුරු පෙන්වා දුන්නේය. න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය හා උග්‍ර සමාජ අසමානතාවයක බරින් මැඩී සිටින සමාජයක මුදුනේ සිටින පාලක පන්තියකට සත්‍යය හා නිදහස් අදහස් ඉවසා සිටිය නොහැකි බව පෙන්වා දෙමින් ඔහු, මීට එරෙහිව කම්කරු, පීඩිත මහජනතාවගේ ලෝක පරිමාන සම්මුති විරහිත ඒකාබද්ධතාවයක අවශ්‍යතාව අවධාරණය කළේය.

රැස්වීම මීළඟට ඇමතුවේ කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝදරයා ය. සංජය සඳහන් කලේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ නිදහස වෙනුවෙන් මේ මොහොතේ පෙනී නොසිටින අතර මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන කියා පාන කවරෙකුගේ  හෝ කවර සංවිධානයක හෝ වේවා සුජාතභාවය මෙම පරීක්ෂාව මඟින් උර ගා බැලෙන බව යි. බරපතල කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටින රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ඊට එරෙහි ප්‍රතිරෝධය මැඩලීම සඳහා හමුදා වීදිවලට කැඳවා ඇත. මහජන විරෝධතා මර්දනය කිරීමට ද, නිදහස් අදහස්වලට වැට බැඳීමට ද නව නීති ගෙන ඒමට කටයුතු කරමින් සිටී. 

swj
කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝදරයා

ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබෙන බවට කෙරෙන ප්‍රෝඩාකාරී ව්‍යාජ මවා පෙන්වීම්, පේරාදෙනි සරසවියේ මහාචාර්ය වසන්ත අතුකෝරාල උපුටා දක්වමින් හෙළිදරව් කල ඔහු, ලංකාවේ ආර්ථිකය රැඳී පවතින්නේ ණය ආපසු නොගෙවීමේ නූල් පටින් බව පැහැදිලි කළේය. ඛනිජ තෙල්, ගෑස් සහ කිරිපිටි ගෙන්වීමටත්, බෙහෙත් හේත් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ගෙන්වීමටත් පමණක් වැය වී ඇති මුදල එම වසරේ ගෙවීමට තිබූ,  එහෙත් නොගෙවූ ණය ප්‍රමාණය හා සැසඳේ. ලංකාවේ ආර්ථිකය අර්බුදයෙන් අර්බුදයට යමින් පවතී. 

“මහාචාර්ය අතුකෝරාල පෙන්වන විදිහට, මේ කියන ආර්ථික පුනර්ජීවනය මඟින් 2028 වසර වෙනකොටත් ආර්ථිකය යන්නේ 2018 පැවැති තත්ත්වයට. හැබැයි මහජනයාගේ ආර්ථිකය එය 2018 පැවති මට්ටම කරා ගමන් කරන්නේ නැහැ. උද්ධමනය, බදු හා ණය පොලී වැඩිවීම් කෙලින්ම මහජනයා මත පතිත කෙරෙනවා. 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් වෙන බව කීම බොරුවක් බව එයින්ම ඔප්පු කෙරෙනවා,” සංජය සහෝදරයා තව දුරටත් පැවසීය.

“මේ තතු තුල ෆැසිස්ට්වාදී බලවේග සූදානම් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. මේ බලවේග වර්ධනය කෙරෙන්නේ කම්කරු පන්තියට හා මහජන අරගලවලට විරුද්ධවයි. මෙවැනි කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් අද වන විට සමාජයේ හැමතැනම තිබෙන නමුත් මහජනයා අතර ඒවාට පදනමක් නැහැ. මේ නිසා මේවා පෝෂණය කර එලියට ගැනීමට ආණ්ඩුව දැනුවත්ව ම මැදිහත් වෙමින් පවතිනවා. නතාෂා අත්අඩංගුවට ගැනීම මඟින් මූර්තිමත් කෙරෙන්නේ මෙවැනි කණ්ඩායම්වලට කලඑළි බැසීම සඳහා වේදිකාව සැකසීම” යි. 

“මේ නිසා අප ඇය ආරක්ෂා කල යුතු වන්නේ හුදෙක් භාෂණයේ නිදහස රැකීම විදිහට පමණක් නොවෙයි. මූලිකවම දේශපාලන අර්ථයකින් එසේ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. 

ලංකාවේ අර්බුදය ජාතික ප්‍රශ්නයක් ලෙස සැලකීමේ සාවද්‍ය ප්‍රවේශය වෙනුවට  එය ජාත්‍යන්තර ප්‍රපංචයක කොටසක් ලෙස ගැනීමත්, ප්‍රශ්නයේ පන්ති ස්වරූපය සලකා බැලීමත් නිවැරදි ප්‍රවේශය බව අවධාරනය කල ඔහු මෙසේ කීවේ ය:

“තව අවුරුදු 5-10 ක් (රුසියාවට එරෙහි එක්සත් ජනපද හා නේටෝ) යුද්ධය දිගටම පැවතුනොත් ජර්මනිය ඇතුළු යුරෝපය ‘කාර්මිකහරනය’ වීමේ අනතුර මතු කර තිබෙනවා. ලංකාවේ වගේ ආර්ථිකයන්ගේ සීමිත වෙළඳපොළවල් පවතින්නේ ප්‍රධාන වශයෙන් යුරෝපයේ හා ඇමරිකාවේ. ඒ රටවල කර්මාන්ත බිඳ වැටීම මේ අපනයන ආර්ථිකයන් විනාශ කිරීමට ඍජු ලෙස බලපානවා. මහජන අයිතිවාසිකම්වලට නීතිය හරහා එල්ල කරන ප්‍රහාරවලට පිටුපසින් තිබෙන්නේ ආර්ථිකය පුනස්ථාපනය වීමක් නොව එහි විනාශය ඉදිරියේ මහජනයා මර්දනය කිරීමේ අවශ්‍යතාව බව මෙයින් ඉතා පැහැදිලි වෙනවා. 

“දැන් අප ඉදිරියේ මතු මතු වී ඇති අභියෝගය හමුවේ අප මූලිකව ඉදිරිපත් කරන වැඩ පිළිවෙල පදනම් වෙන්නේ වෘත්තීය සමිති හා ව්‍යාජ වාම සංවිධානවලින් ස්වාධීනව, කම්කරු පන්තියේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බිහි කර ගැනීම මතයි. කොළඹ ක්‍රියාකාරී කමිටුව සටන් වදින්නේ ඒ සඳහායි. විශේෂයෙන් පහුගිය වසරේ අරගල පාවා දීමේ පාඩම් ඉගෙන ගනිමින් අප මේ ස්වාධීන සංවිධාන ගොඩ නැඟීමටත්, එම ස්වාධීන සංවිධාන ජාලය ජාත්‍යන්තර පරිමානව සන්ධානගත කිරීමටත් කටයුතු කල යුතුයි. ජාත්‍යන්තර කමිටුව දැනටමත් මේ වැඩ පිළිවෙල ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ ආකාරයෙන් විනා පැරණි ආකාරයේ සටන්වලින් පන්ති සටන් ජය ගැනීමේ කිසිම ඉඩකඩක් නැහැ.”

විවිධ පැතිකඩ අලලා පැයකට ආසන්න කාලයක් සිදු කල එම ව්ශ්ලේෂනය අවසානයේ ප්‍රශ්න සඳහා අවස්ථාවක් සහභාගී වූවන්ට ලැබුනු අතර, ඒ අවස්ථාව ඩැහැගත් ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උප ලේකම් සමන් ගුනදාස, සසප ‘විනය කඩකිරීම’ නිසා නෙරපනු ලැබ ඇති බැවින් සංජය ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයට සම්න්ධ විය යුතු යැයි ප්‍රකාශ කිරීම  ‘වංචනික’ යැයි කියා සිටියේය.  එයට පිලිතුරු දුන් සංජය මෙම කාරනය මතුකිරීම  රැස්වීමේ එතෙක් දීර්ඝව ගෙනහැර පෑ වෛශික දේශපාලන සත්‍යයන්ට හා රැස්වීමේ මාතෘකාවට හා අරමුනුවලට කිසිසේත් සම්බන්ධයකින් තොරව රැස්වීම නොමගයවා එය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන්ම කල මැදිහත් වීමක් බව පෙන්වා දෙන ලදී. (රැස්වීමේ පසු අවස්ථාවක ද ගනදාස ඒ ආකාරයෙන්ම රැස්වීම අපගමනය කිරීමේ නිර්ලජ්ජිත උත්සාහය ඉදිරියට ගෙනයන ලද අතර මේ සම්බන්ධ දේශපාලන වගවිභාග කිරීමක් ඉදිරි ලිපියකින් ඉදිරිපත් කෙරේ)

ඉන් අනතුරුව රැස්වීම ඇමතූ කමිටු සාමාජික හා සසප හිටපු මධ්‍යම කාරක සභිකයෙක් වන නන්දන නන්නෙත්ති සහෝදරයා, “දැන් මේ ධනපති පන්ති ආගම ඉහලට ඔසවා ජනයා භේද කිරීමේ යෙදී සිටියත්, ධනපති විප්ලවය පැන නැඟුණු කාලයේ එම විප්ලව පැන නැඟුනේ ම, ආගමික සීමා ද ඇතුළු සියලු වැඩවසම් සීමාවන්ට එරෙහිව” බව පෙන්වා දුන්නේය. 

නන්නදන මෙසේ ද පැහැදිලි කලේය:

Image Not Found
නන්දන නන්නෙත්ති සහෝදරයා

“එහෙත්, පසුකාලීනව බිහි වූ ධනේශ්වර රාජ්‍යවල ධනපති පන්ති වාර්ගික, ආගමික රේඛා නොතකා සමස්ත ජාතියක් ඒකාබද්ධ කොට අරගලයක් මෙහෙයවීමේ අත්දැකීම් හරහා කිසිදා ගමන් කර නැති අතර, පීඩිත පන්ති කෙරේ භීතියෙන් යුතු ඔවුහු මුල පටන්ම ක්‍රියා කර ඇත්තේ වාර්ගික, ආගමික, කුල භේද අවුලා ලමින් පීඩිතයන් භේද භින්න කර පාලනය කිරීමටය.

“වර්තමාන ලෝක ධනවාදය මුහුණ දී සිටින්නේ ලෝක යුද්ධය ද, විප්ලවය ද වශයෙන් වූ එහි අවසාන ප්‍රශ්නයට ය. ස්වකීය රටවල ජනයාට කිසිවක් හෝ දීමට අසමත් තතුවලට මුහුණ පා සිටින අධිරාජ්‍යවාදී රටවල්වල උත්සුකයන් දැන් යොමු වී පවතින්නේ ලෝකය යලි බෙදා ගැනීම දිසාවටය. 

“මේ අර්බුදයට මිනිසුන් දක්වන සංවේදීතාව ඔවුහු විවිධ විෂයයන් හරහා විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත් කරති. මේවායේ ප්‍රකාශයට පත් කරන විඥානය පැහැදිලි කර ගත යුතු වන්නේ මිනිසුන්ගේ භෞතික ජීවිතයේ පරස්පර විරෝධතා වගවිභාග කිරීම අනුසාරයෙන් බව අප වටහා ගත යුතුය. එනම්, එය කළ හැක්කේ නිෂ්පාදනය, නිෂ්පාදන බලවේග හා සමාජ සම්බන්ධතා අතර පවතින ගැටුම පිලිබඳ විශ්ලේෂනයකින් ය. මාක්ස් පවසන අන්දමට නිෂ්පාදන සම්බන්ධතා කිසියම් කාලයක නිෂ්පාදන බලවේගවලට ආධාරයක් වන තත්වයක සිට ඊට බාධාකාරී තිරිංගයක් බවට පරිවර්තනය වන අතර, එවිට සමාජ විප්ලවයක් පිලිබඳ කාල පරිච්ඡේදයක් ආරම්භ වේ. සියල්ලන් විසින් යට ගසනු ලබන්නේ හරියටම මෙන්න මේ තත්ත්වයයි.   

“නතාෂාගේ සමාජ විඥානය නොතකා, ඇයගේ පන්තිය, වටපිටාව නොතකා, ඇයගේ කලාත්මක ප්‍රකාශනය පවතින ක්‍රමයට එරෙහිව කැරලිකාරී ආකාරයෙන් නැඟී සිටිනවා. ඊනියා වමුන්, රැඩිකලුන් එල්ලෙන්නේ ඇයගේ පුද්ගලික සමාජ දෘෂ්ටිය ලෙස ඔවුන් විස්තර කරන දේ මතයි. පාලක පන්තිය ඉතා සංවේදී වන කරුණු දෙකක් මතු වී තිබෙනවා. එකක් තමයි, පාලක පන්තිය තමන් පාලක පන්තියක් ලෙසට පැවතීම ම අභියෝගයට ලක් වෙලා ඉතා දුර්වල ව සිටීම. අනික, නතාෂාගේ කලාව විසින් මතු කරන නිදහස පිලිබඳ ප්‍රශ්නය තමන්ට බිය ගෙන දෙන සමාජ අවශ්‍යතාවයක් ලෙස වර්ධනය වන බව ඔවුන්ට දැනී තිබීම. ආණ්ඩුවත්, ඉන් යැපෙන ආගමික සංස්ථාපිතයත් අනෙක් අයත් භීතියට පත් කරන කරුණ එයයි.

“කලා කෘතියක් පිළිබඳව මේ පැන නැගිලා තිබෙන ප්‍රශ්නය පන්ති ප්‍රශ්නයක්. මේ කාරණය සම්පූර්ණයෙන් අමතක කරලා ප්‍රශ්න මතුපිටින් පෙනෙන හැටියට ගැනීම විසින් ප්‍රශ්නය හඳුනා ගැනීමට සහ විසඳීමට බාධා කෙරෙනවා. සිරගත කර තියෙන්නේ දැන් නතාෂා නෙවෙයි. නතාෂා හුදෙක් රූපික ප්‍රකාශනයක් විතරයි. සිරගත කර තිබෙන්නේ කලාවේ නිදහස, භාෂණයේ නිදහස, ස්වකීය විමුක්තිය සඳහා ගමන් කිරීමට ජනයාට ඇති නිදහස, අදහස් පල කිරීමට හා සංවිධානය වීමට පීඩිත ජනයාට ඇති නිදහසයි. මේ රැස්වීමට සහභාගී වන සහ ඊට පසුව ඇහුම්කන් දෙන සියලු සහෝදර සහෝදරියන්ගෙන් විශේෂයෙන් කම්කරු පන්තියෙන් මා ඉල්ලා සිටින්නේ මේ සඳහා අරගලය බාල කිරීමට උත්සාහ දරන, ඒ සඳහා වෙනත් ආදේශක යෝජනා කරන සියල්ලන්ට එරෙහිව කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස අත්පත් කර ගැනීම සඳහා සටන් වදින ලෙසයි. එතනදී කොළඹ ක්‍රියාකාරී කමිටුව ලෙස මම වගකීමෙන් කියනවා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩ පිළිවෙලට අපි මුළුමනින් අවනත බව. අපේ සංවිධානය ගොඩ නැඟුවේ එහෙම. ඒක ඉදිරියට යන්නේ ඒ විදිහට. අපේ සාකච්ඡා පවත්වන්නේ ඒ මූලධර්ම මත” යනුවෙන් නන්දන නන්නෙත්ති සහෝදරයා සඳහන් කළේය.

අවසාන කතාව පැවැත්වූ කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් ශාන්ත විජේසූරිය සහෝදරයා පසුගිය වසරේ අරගලයේ අත්දැකීම් සමඟ සම්බන්ධ කර ගනිමින් මෙම සිදුවීම විභාග කළේය: “එම අරගලයේ දී අප අත් දුටුවේ තමන්ගේ පීඩනයන් පුපුරුවා හරිමින් මිනිසුන් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පෙරට ආ ආකාරයයි. දැන් මේ නිදහස් අදහස් ගලා ඒම සඳහා උත්තේජනය සපයන ලද්දේ මෙම අරගලයේ අත්දැකීම්වල ආශ්වාදය යි”, ඔහු  ප්‍රකාශ කළේය.

shantha
කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් ශාන්ත විජේසූරිය සහෝදරයා

පෙර වසරේ අරගලය දිග හැරුණු ආකාරය සිහිපත් කල ශාන්ත සහෝදරයා එදා දිග හැරුණු සමාජ ගැටළු සමාජයේ පුළුල් හරස්කඩකට බල පෑ අයුරු සහ, එම ජනයාට පෙර පරිදි ජීවත් විය නොහැකි තතු උදා වූ ආකාරය පැහැදිලි කළේය. මේ අනුව විවිධ පන්ති කණ්ඩායම් මේ අරගලය තුල ක්‍රියාත්මක වූහ. මේ මහජන නැඟිටීම පරාජයට පත්වීමට මූලිකව බලපෑවේ විප්ලවවාදී නායකත්වයක් නොපැවතීමේ ගැටලුවයි. 

ගෝඨාගෝගම දේශනයක් සඳහා කෙරුණු කැඳවුම ඉදිරියේ සසප ලංකාවේ නායකත්වයේ හැසිරීම විවේචනය කළ ශාන්ත සහෝදරයා ඔවුන් පක්ෂයේ නමින් ආරාධනයක් ඉල්ලා සිටි බව සැලවූ බව සඳහන් කරමින් ප්‍රකාශ කලේ, එසේ ලිඛිත ආරාධනයක් ලබා දිය හැකි නිල සංවිධානයක් එහි නොවූ බවත්, එසේ ඉල්ලා සිටීම මගින් පක්ෂ නායකත්වය පක්ෂය මහජන අරගලවලට පිටස්තරින් පිහිටුවා තැබීමේ ආකල්පය හෙලිදරවු කල බවයි.  මේ ආරාධනයට ප්‍රතිචාර දැක්වූ සංජය සහෝදරයාට විනය චෝදනා එල්ලවීම පිලිබඳ ඔහු විමතිය පළ කළේය.

මේ අරගලය ප්‍රදර්ශනය කල බලය ඉමහත් එකක් විය. රටේ ඉහලම මධ්‍යස්ථාන වූ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට එය සමත් විය. එහි අඩුව ලෙස පැවතුනේ ශක්තිය නොව වැඩ පිළිවෙලක් හා නායකත්වයක් නොමැතිකම ය.

නතාෂා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් දැක්වූ අදහස් විවේචනයට භාජනය කළ ඔහු, ඇයගේ නිදහස වෙනුවෙන් ගනු ලබන ආස්ථානය ද, එසේ ආස්ථානයක් ගන්නා මිනිසුන් ද ඓතිහාසික යැයි සඳහන් කළේය.

කොක්‍රික කලාකාරිනී නතාෂා නිදහස් කර ගැනීම සහ කලාවට හා ප්‍රකාශනයට එල්ල වී ඇති මර්දනය පරාජය කිරීම සඳහා ප්‍රබල අන්තර්ජාල රැස්වීමක් පවත්වයි Read More »

ja

තවත් කලාකරුවෝ ප්‍රහසන ශිල්පිනී නතාෂා නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට සහාය පල කරති

අපේ වාර්තාකරු

තම කලා නිර්මානයක් නිසා වර්ගවාදීන්ගේ හා ආන්ඩුවේ දඩයමට ලක්ව සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය නිදහස් කරගැනීම හා කලාවේ හා ප්‍රකාශයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා කොලඹ ක්‍රියාකාරී කමිටුව ඉදිරියට ගෙන ඇති උද්ඝෝෂනයට සහාය පල කරමින් කලාකරුවන් අප වෙත ප්‍රකාශ එවමින් තිබේ. 

ඇයගේ ප්‍රහසනක් අතරතුර කරන ලද ප්‍රකාශයක් විකෘති කර බුද්ධාගමට හා සිදුහත් චරිතයට අපහාස කලේ යැයි චෝදනා නගා ශ්‍රි ලංකා ආන්ඩුවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව නතාෂා මැයි 28 දින අත්අඩංගුවට ගෙන අධිකරනයට පමුනුවනු ලැබූ අතර, ඇය ජුනි 21 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ ඇය අත්අඩංගුවට ගෙන ඇති බැවින් පහල අධිකරනයෙන් ඇයට ඇප ලැබෙනු නැත.

ප්‍රකාශනයේ හා කලාවේ නිදහසට එරෙහිව හා නිදහස් අදහස්  මැඩීමට බෞද්ධ වර්ගවාදීන් හා සිංහල ස්වෝතතමවාදීන් ගෙනයන ප්‍රතිගාමී ව්‍යාපාරය ඩැහැනිමින් ධනපති ආන්ඩු  එල්ල කරම්න් ඇති අනවරත ප්‍රහාරයේ සිඳ බිඳ දැමිය යුතුය.

කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් ජුනි 01දා නිකුත් කල ප්‍රකාශයේ ඇය නිදහස් කර ගැනීම සඳහා කම්කරුවන් පෙරටගත් උද්ඝෝෂනයකට එක්වන ලෙස කලාකරුවන්,  ගොවියන්, පීඩිතයන් හා තරුනයන් වෙතින් ඉල්ලා සිටියේය. 

මෙම කැඳවුමට ප්‍රතිචාර වශයෙන් අපවෙත එවන ලද, මාධ්‍යවේදියෙක්, ගුරුවරයෙක් හා සමාජ ක්‍රියාකාරියෙක් වන අශෝක චන්ද්‍රසේකර, ප්‍රවීන රංගධර ඩබ්ලිව්. ජයසිරි හා කවිවර අහ්නාෆ් ජසීම් යන හිතවතුන්ගේ ප්‍රකාශ  මෙහි පහත පලකරමු. 

මෙම උද්ඝෝෂනය පෙරට ගැනීම සඳහා ඔබගේ විරෝධතා ප්‍රකාශය ද ‘ද සෝෂලිස්ට්’ වෙත එවන්න.

අශෝක චන්ද්‍රසේකර

ch
අශෝක චන්ද්‍රසේකර

අයිසීසීපීආර් පනත පිලිබඳ මහජනතාව දැනගත්තේ ඒ පනත යටතේ ලංකාවෙ පලමු වරට ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගත්තට පස්සෙ. ආන්ඩු දිගින් දිගටම මෙම පනත කැත විදියට අවභාවිතා කරල තියෙනවා, අයිතීන් ආරක්ෂා කිරීමට නොවෙයි ඒවා මැඩීමට. 

නතාෂගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව කලාකරුවො, සාහිත්‍යකරුවො, නිදහස් නිවහල් චින්තකයො විදියට අපි පෙනී සිටින්න ඕන. ප්‍රකාශනයේ, භාෂනයේ නිදහස ආරක්ෂා කරගැනීමට සිවිල් ක්‍රියාකාරිකයො විදියට, සාහිත්‍යකරුවො විදියට අපි බලමුලු ගැන්විය යුතුයි, එකතු විය යුතුයි, සංවිධානගත විය යුතුයි. ඒ සඳහා අප පොලඹවනු ලැබ තියෙනවා මේ මර්දනය විසින්. 

කලා නිර්මානවල අදහස් විකෘතියට ලක්කරල අහිංසක නිර්මානකරුවො දේශපාලන උවමනාවන් වෙනුවෙන් දඩයම් කරනව.  අද නතාෂට, ඊයෙ ශක්තිකට, සේපාලට වගේම අනාගතයෙ ඔබට, මට ඕනෑම කෙනෙකුට මේ ඉරනමට මුහුන දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා අපි සියලු දෙනා අපේ අයිතීන් වෙනුවෙන් පෙල ගැසෙමු!

ඩබ්ලිව්.ජයසිරි

ja
ඩබ්ලිව්. ජයසිරි

මාධ්‍ය නිදහස සීමාකිරීමේ උත්සාහයේ තීරණාත්මක දිගුවක් ලෙස කලාත්මක ප්‍රකාශනය බන්ධන අඩස්සියේ කොටුකර තැබීම ආරම්භ වී ඇත.

හිටිවන ප්‍රහසණ කලාකරුවෙක් වූ නතාෂා එදිරිසූරිය පොලොව නො උසුලන අපරාධකරුවකු සේ දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට එරෙහිව මෙරට සෞන්දර්ය කලාවේ නියැලෙන ප්‍රජාව පෙරමුණ ගැනීමට  තවමත් ප්‍රමාද වීම  මම පුදුමයට පත්කරන කාරනයක් නොවේ. එහෙත් එකිනෙකාට බලපාන පුද්ගලික කාරණා පුම්බමින් ඒවා තමං කැමති දේශපාලන පක්ෂවල සටන් පාඨ කර ගනිමින් එම කල්ලි පසුපස යමින් පහුගිය කාලයේ මහාසටන්කාමීන් වූ බොහෝ ඊනියා කලාකරුවන් අද නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ඉදිරිපත් නොවේ. ඒ ඇය බුද්ධාගමේ හරයට ගැරහූ බවට පාලකයන් මූලිකව කලා පොලිස්කාරයින් නගන මුග්ධ ප්‍රකාශයන්ට රැවටීම නිසා යයි මම සිතමි.

අහ්නාෆ් ජ‍සීම් 

ah
අහ්නාෆ් ජ‍සීම් 

ප්‍රහසන ශිල්පිනි නතාෂා එදිරිසූරිය බුදුදහමට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිරගත කර තිබීම හද කම්පා කරවන සුළුය.  ශ්‍රී ලංකාව භාෂණයේ නිදහසක් නැති රටක් බවට පත්ව ඇත.  එබැවින් මෙහි සිතන පතන කිසිම මිනිසෙකුට සිරගෙයින් පිටත ජීවත් විය නොහැක.  හිරගෙදර කොයිතරම් කුරිරුද, ඒකෙන් මනුස්සයෙක්ව මානසිකව මරන හැටි මම දන්නවා.

ශ්‍රී ලංකාව වසර හැත්තෑපහක් පුරා බ්‍රිතාන්‍ය පීඩනයෙන් මිදී ධනපති කෲර පාලකයන්ගේ ග්‍රහණයේ සිරවී ඇත.  ඒ නිසා පාලකයන් තමන්ගේ වාසි තකා ජනතාව බෙදලා, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරලා, රට පහතට ඇද දමා තියෙනවා.    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ICCPR පනත වැනි කුරිරු නීති යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික නිදහස උදුරා ගනිමින් මර්දනකාරී පාලකයින් රට සූරාකෑම දිගටම කරගෙන යයි.

බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභයගේ ජාතිවාදී පීඩාකාරී ආණ්ඩුවේ අඛණ්ඩ පැවැත්මක් ලෙස අදත් ක්‍රියාත්මක වන රනිල් වික්‍රමසිංහ පාලනය ජනතා සමගියට පහර දීම නතර කර නැත. රජය තම අතේ තබා ගැනීම සඳහා, වික්‍රමසිංහ, මහජන අරගල, හා ප්‍රකාශනයේ නිදහස යටපත් කර,  ඒකාධිපති ආඥාදායක ආණ්ඩුවක් බවට පරිවර්තනය වී ඇත.

“නවරසම්” කවි පොත ලියූ නිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මා අත්අඩංගුවට ගෙන මාස දහනවයක් සිරගත කළා.  මම තවමත් මේ පීඩාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වී නැහැ.  මට විරුද්ධව තවමත් මහාධිකරණයේ නඩුවක් විභාග වෙනවා.  මට තවමත් රැකියාවක් කරන්න අවස්ථාවක් නෑ, මා ත්‍රස්තවාදී ලයිස්තුවකට ඇතුලත් කරල තියෙනවා. මේ ආකාරයට බොහෝ ලේඛකයින්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, කථිකයන්, තරුණයින්, සමාජයේ විවිධ පුද්ගලයින් සිරගත කර වධ බන්ධනයට ලක් කරනවා.

නතාෂා කිසිම කොන්දේසියකින් තොරව වහාම නිදහස් කරන ලෙස මම බලකර සිටිනවා.  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා එක්ව සටන් කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

තවත් කලාකරුවෝ ප්‍රහසන ශිල්පිනී නතාෂා නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට සහාය පල කරති Read More »

රැස්වීම

ප්‍රසිද්ධ රැස්වීම හා සාකච්චාව: නතාෂා හා සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!

nathasha

ජුනි 17 සෙනසුරාදා  ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30 ට කොලඹ ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය නියාමනයරාජ්‍යමර්දනය සහ කලාවේ හා ප්‍රකාශනය් නිදහස යන මාතෘකා අලලා ප්‍රසිද්ධ ඔන්ලයන් රැස්වීමක් පවත්වනු ඇත.  

අන්ත ප්‍රතිගාමී බලවේගයන්ගේ උත්සුකයන් ඩැහැගනිමින් ආන්ඩුව ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගනු ලැබු⁣නේ රනිල් වික්‍රසිංහ ආන්ඩුව කම්කරු පීඩිත මහජනතාවට එරෙහි දැවැන්ත කප්පාදු පියවරයන් පටවමින් හා නව මර්දන පිඹුරුපත් සකස් කරමින් පවතින අතරතුරදීය. 

ප්‍රහාරය සමස්ත කලාවේම නිදහසට එරෙහිව දැන් එල්ල කර ඇත්තේ සියලු දක්ෂිනාංශික පක්ෂ හා ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ඇතිවය.

theSocialist.LK වෙබ් අඩවිය මගින් දැනටමත් ප්‍රස්තුත කරුනු පිලිබඳ ඔබ දැනුවත් කරනු ලැබ ඇත. ජන මාධ්‍ය නියාමනය වර්තමානයේ සාකච්චාවට බදුන් වන කරුනකි. එම යෝජනා සම්මත වුවහොත් සෑම මාධ්‍ය ආයතනයක්ම ආන්ඩුවේ සිරකරුවන් බවට පත්කරනු ලැබෙනු ඇත.

ප්‍රතිගාමීත්වයට එරහිව සිටගනිමින්, කලාවේ  හා ප්‍රකාශනයේ නිදහස අලලා කෙරෙන රාජ්‍ය මර්දනයේ අත සිඳ බිඳ දැමීම කම්කරු මහජනතාවගේ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම තුල පමනක් සාක්ෂාත් වනු ඇත.

මේ කරුනු පිලිබඳව විස්තරාත්මකව සාකච්ජා කිරීම සඳහා මෙම රැස්වීම යොමුවී ගනු ඇත.

එම සාකච්ජාවට සම්බන්ධ වීමට කලාකරුවන්, කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන්, කාන්තාවන් ඇතුලු ඔබ සැමට අපි මෙසේ ආරධනා කරමු.

පහත Zoom සැබැඳිය හා පිවිසුම් තොරතුරු හරහා රැස්වීමට සම්බන්ධ වන්න. ඔබේ අදහස් සිංහල, දෙමල හෝ ඉංග්‍රීසි යන භාෂා වලින් ඉදිරිපත් කිරීමට හැකිය. 

Join Zoom Meeting

https://us06web.zoom.us/j/83735045846?pwd=WDZGc2xQZWRKK3hUazZSVkowOHRwZz09

Meeting ID: 837 3504 5846

Passcode: 283854

කොලඹ ක්‍රියාකාරී කමිටුව

රැස්වීම

ප්‍රසිද්ධ රැස්වීම හා සාකච්චාව: නතාෂා හා සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු! Read More »

Scroll to Top