Author name: thesocialist

poster

කොක්‍රික කලාකාරිනී නතාෂා නිදහස් කර ගැනීම සහ කලාවට හා ප්‍රකාශනයට එල්ල වී ඇති මර්දනය පරාජය කිරීම සඳහා ප්‍රබල අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

අපේ වාර්තාකරු

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ඇතුළු සිරගත කර සිටින සියලු දේශපාලන සිරකරුවන්  මුදා හරින ලෙස බල කරමින් කොළඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල රැස්වීමක් පසුගිය ජූනි 17 වන සෙනසුරාදා  පවත්වන ලදී.

හුදෙක් උද්ඝෝෂණ රැස්වීමක ස්වභාවය ඉක්මවා යමින්, මෙම අත්අඩංගුවට ගැනීම් ඇතුළු ප්‍රකාශනයේ හා කලාවේ නිදහසට එරෙහි රාජ්‍ය කඩා වැදීමේ පසුබිම් තතු සහ එහි දේශපාලන හැඟවීම් ද, ඊට මුහුණ දීමේ ඉදිරි මාවත කෙසේ විය යුතු ද යන කරුණු ද මෙහි දී ගැඹුරින් විමසා බැලින.

22 – 27 ක් අතර සංඛ්‍යාවක් දෙනා මෙම රැස්වීමට සජීවීව සම්බන්ධ වූ අතර, රාත්‍රී 11 පමණ දක්වා පැවැති රැස්වීමේ අවසාන භාගය දක්වාම එහි වැඩි දෙනා රැඳී සිටියෝය. 

රැස්වීම ආරම්භ කරමින් මුලසුනේ කථාව ඉදිරිපත් කළ පරාක්‍රම කුරුප්පු සහෝදරයා රැස්වීමේ නිමිත්ත හා නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමේ පසුබිම කෙටියෙන් පැහැදිලි කරමින්, කලාකාරිනියගේ නිර්මාණයට විෂය වී ඇති සමාජ ගැටළු පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළේය. ඇගේ නිර්මාණ බුද්ධාගමට අපහාසයක් ලෙස චිත්‍රණය කිරීම විකෘතිකරණයක් බව පෙන්වා දුන් ඔහු, කලාකරුවන් හා නිදහස් අදහස් පල කරන්නන්ට ද, සත්‍යය වාර්තා කරන්නන්ට ද එරෙහිව මර්දනය මුදා හරිනු ලැබ තිබිය දී, අධිරාජ්‍යවාදයේ කුරිරු යුද අපරාධ, 1983 සංහාරය හා 2019 පාස්කු ප්‍රහාරය වැනි මානව සංහතියට එරෙහි අපරාධවලට වගකිව යුත්තන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඇති අයුරු පෙන්වා දුන්නේය. න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය හා උග්‍ර සමාජ අසමානතාවයක බරින් මැඩී සිටින සමාජයක මුදුනේ සිටින පාලක පන්තියකට සත්‍යය හා නිදහස් අදහස් ඉවසා සිටිය නොහැකි බව පෙන්වා දෙමින් ඔහු, මීට එරෙහිව කම්කරු, පීඩිත මහජනතාවගේ ලෝක පරිමාන සම්මුති විරහිත ඒකාබද්ධතාවයක අවශ්‍යතාව අවධාරණය කළේය.

රැස්වීම මීළඟට ඇමතුවේ කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝදරයා ය. සංජය සඳහන් කලේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ නිදහස වෙනුවෙන් මේ මොහොතේ පෙනී නොසිටින අතර මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන කියා පාන කවරෙකුගේ  හෝ කවර සංවිධානයක හෝ වේවා සුජාතභාවය මෙම පරීක්ෂාව මඟින් උර ගා බැලෙන බව යි. බරපතල කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටින රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ඊට එරෙහි ප්‍රතිරෝධය මැඩලීම සඳහා හමුදා වීදිවලට කැඳවා ඇත. මහජන විරෝධතා මර්දනය කිරීමට ද, නිදහස් අදහස්වලට වැට බැඳීමට ද නව නීති ගෙන ඒමට කටයුතු කරමින් සිටී. 

swj
කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝදරයා

ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබෙන බවට කෙරෙන ප්‍රෝඩාකාරී ව්‍යාජ මවා පෙන්වීම්, පේරාදෙනි සරසවියේ මහාචාර්ය වසන්ත අතුකෝරාල උපුටා දක්වමින් හෙළිදරව් කල ඔහු, ලංකාවේ ආර්ථිකය රැඳී පවතින්නේ ණය ආපසු නොගෙවීමේ නූල් පටින් බව පැහැදිලි කළේය. ඛනිජ තෙල්, ගෑස් සහ කිරිපිටි ගෙන්වීමටත්, බෙහෙත් හේත් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ගෙන්වීමටත් පමණක් වැය වී ඇති මුදල එම වසරේ ගෙවීමට තිබූ,  එහෙත් නොගෙවූ ණය ප්‍රමාණය හා සැසඳේ. ලංකාවේ ආර්ථිකය අර්බුදයෙන් අර්බුදයට යමින් පවතී. 

“මහාචාර්ය අතුකෝරාල පෙන්වන විදිහට, මේ කියන ආර්ථික පුනර්ජීවනය මඟින් 2028 වසර වෙනකොටත් ආර්ථිකය යන්නේ 2018 පැවැති තත්ත්වයට. හැබැයි මහජනයාගේ ආර්ථිකය එය 2018 පැවති මට්ටම කරා ගමන් කරන්නේ නැහැ. උද්ධමනය, බදු හා ණය පොලී වැඩිවීම් කෙලින්ම මහජනයා මත පතිත කෙරෙනවා. 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් වෙන බව කීම බොරුවක් බව එයින්ම ඔප්පු කෙරෙනවා,” සංජය සහෝදරයා තව දුරටත් පැවසීය.

“මේ තතු තුල ෆැසිස්ට්වාදී බලවේග සූදානම් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. මේ බලවේග වර්ධනය කෙරෙන්නේ කම්කරු පන්තියට හා මහජන අරගලවලට විරුද්ධවයි. මෙවැනි කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් අද වන විට සමාජයේ හැමතැනම තිබෙන නමුත් මහජනයා අතර ඒවාට පදනමක් නැහැ. මේ නිසා මේවා පෝෂණය කර එලියට ගැනීමට ආණ්ඩුව දැනුවත්ව ම මැදිහත් වෙමින් පවතිනවා. නතාෂා අත්අඩංගුවට ගැනීම මඟින් මූර්තිමත් කෙරෙන්නේ මෙවැනි කණ්ඩායම්වලට කලඑළි බැසීම සඳහා වේදිකාව සැකසීම” යි. 

“මේ නිසා අප ඇය ආරක්ෂා කල යුතු වන්නේ හුදෙක් භාෂණයේ නිදහස රැකීම විදිහට පමණක් නොවෙයි. මූලිකවම දේශපාලන අර්ථයකින් එසේ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. 

ලංකාවේ අර්බුදය ජාතික ප්‍රශ්නයක් ලෙස සැලකීමේ සාවද්‍ය ප්‍රවේශය වෙනුවට  එය ජාත්‍යන්තර ප්‍රපංචයක කොටසක් ලෙස ගැනීමත්, ප්‍රශ්නයේ පන්ති ස්වරූපය සලකා බැලීමත් නිවැරදි ප්‍රවේශය බව අවධාරනය කල ඔහු මෙසේ කීවේ ය:

“තව අවුරුදු 5-10 ක් (රුසියාවට එරෙහි එක්සත් ජනපද හා නේටෝ) යුද්ධය දිගටම පැවතුනොත් ජර්මනිය ඇතුළු යුරෝපය ‘කාර්මිකහරනය’ වීමේ අනතුර මතු කර තිබෙනවා. ලංකාවේ වගේ ආර්ථිකයන්ගේ සීමිත වෙළඳපොළවල් පවතින්නේ ප්‍රධාන වශයෙන් යුරෝපයේ හා ඇමරිකාවේ. ඒ රටවල කර්මාන්ත බිඳ වැටීම මේ අපනයන ආර්ථිකයන් විනාශ කිරීමට ඍජු ලෙස බලපානවා. මහජන අයිතිවාසිකම්වලට නීතිය හරහා එල්ල කරන ප්‍රහාරවලට පිටුපසින් තිබෙන්නේ ආර්ථිකය පුනස්ථාපනය වීමක් නොව එහි විනාශය ඉදිරියේ මහජනයා මර්දනය කිරීමේ අවශ්‍යතාව බව මෙයින් ඉතා පැහැදිලි වෙනවා. 

“දැන් අප ඉදිරියේ මතු මතු වී ඇති අභියෝගය හමුවේ අප මූලිකව ඉදිරිපත් කරන වැඩ පිළිවෙල පදනම් වෙන්නේ වෘත්තීය සමිති හා ව්‍යාජ වාම සංවිධානවලින් ස්වාධීනව, කම්කරු පන්තියේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බිහි කර ගැනීම මතයි. කොළඹ ක්‍රියාකාරී කමිටුව සටන් වදින්නේ ඒ සඳහායි. විශේෂයෙන් පහුගිය වසරේ අරගල පාවා දීමේ පාඩම් ඉගෙන ගනිමින් අප මේ ස්වාධීන සංවිධාන ගොඩ නැඟීමටත්, එම ස්වාධීන සංවිධාන ජාලය ජාත්‍යන්තර පරිමානව සන්ධානගත කිරීමටත් කටයුතු කල යුතුයි. ජාත්‍යන්තර කමිටුව දැනටමත් මේ වැඩ පිළිවෙල ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ ආකාරයෙන් විනා පැරණි ආකාරයේ සටන්වලින් පන්ති සටන් ජය ගැනීමේ කිසිම ඉඩකඩක් නැහැ.”

විවිධ පැතිකඩ අලලා පැයකට ආසන්න කාලයක් සිදු කල එම ව්ශ්ලේෂනය අවසානයේ ප්‍රශ්න සඳහා අවස්ථාවක් සහභාගී වූවන්ට ලැබුනු අතර, ඒ අවස්ථාව ඩැහැගත් ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උප ලේකම් සමන් ගුනදාස, සසප ‘විනය කඩකිරීම’ නිසා නෙරපනු ලැබ ඇති බැවින් සංජය ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයට සම්න්ධ විය යුතු යැයි ප්‍රකාශ කිරීම  ‘වංචනික’ යැයි කියා සිටියේය.  එයට පිලිතුරු දුන් සංජය මෙම කාරනය මතුකිරීම  රැස්වීමේ එතෙක් දීර්ඝව ගෙනහැර පෑ වෛශික දේශපාලන සත්‍යයන්ට හා රැස්වීමේ මාතෘකාවට හා අරමුනුවලට කිසිසේත් සම්බන්ධයකින් තොරව රැස්වීම නොමගයවා එය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන්ම කල මැදිහත් වීමක් බව පෙන්වා දෙන ලදී. (රැස්වීමේ පසු අවස්ථාවක ද ගනදාස ඒ ආකාරයෙන්ම රැස්වීම අපගමනය කිරීමේ නිර්ලජ්ජිත උත්සාහය ඉදිරියට ගෙනයන ලද අතර මේ සම්බන්ධ දේශපාලන වගවිභාග කිරීමක් ඉදිරි ලිපියකින් ඉදිරිපත් කෙරේ)

ඉන් අනතුරුව රැස්වීම ඇමතූ කමිටු සාමාජික හා සසප හිටපු මධ්‍යම කාරක සභිකයෙක් වන නන්දන නන්නෙත්ති සහෝදරයා, “දැන් මේ ධනපති පන්ති ආගම ඉහලට ඔසවා ජනයා භේද කිරීමේ යෙදී සිටියත්, ධනපති විප්ලවය පැන නැඟුණු කාලයේ එම විප්ලව පැන නැඟුනේ ම, ආගමික සීමා ද ඇතුළු සියලු වැඩවසම් සීමාවන්ට එරෙහිව” බව පෙන්වා දුන්නේය. 

නන්නදන මෙසේ ද පැහැදිලි කලේය:

Image Not Found
නන්දන නන්නෙත්ති සහෝදරයා

“එහෙත්, පසුකාලීනව බිහි වූ ධනේශ්වර රාජ්‍යවල ධනපති පන්ති වාර්ගික, ආගමික රේඛා නොතකා සමස්ත ජාතියක් ඒකාබද්ධ කොට අරගලයක් මෙහෙයවීමේ අත්දැකීම් හරහා කිසිදා ගමන් කර නැති අතර, පීඩිත පන්ති කෙරේ භීතියෙන් යුතු ඔවුහු මුල පටන්ම ක්‍රියා කර ඇත්තේ වාර්ගික, ආගමික, කුල භේද අවුලා ලමින් පීඩිතයන් භේද භින්න කර පාලනය කිරීමටය.

“වර්තමාන ලෝක ධනවාදය මුහුණ දී සිටින්නේ ලෝක යුද්ධය ද, විප්ලවය ද වශයෙන් වූ එහි අවසාන ප්‍රශ්නයට ය. ස්වකීය රටවල ජනයාට කිසිවක් හෝ දීමට අසමත් තතුවලට මුහුණ පා සිටින අධිරාජ්‍යවාදී රටවල්වල උත්සුකයන් දැන් යොමු වී පවතින්නේ ලෝකය යලි බෙදා ගැනීම දිසාවටය. 

“මේ අර්බුදයට මිනිසුන් දක්වන සංවේදීතාව ඔවුහු විවිධ විෂයයන් හරහා විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත් කරති. මේවායේ ප්‍රකාශයට පත් කරන විඥානය පැහැදිලි කර ගත යුතු වන්නේ මිනිසුන්ගේ භෞතික ජීවිතයේ පරස්පර විරෝධතා වගවිභාග කිරීම අනුසාරයෙන් බව අප වටහා ගත යුතුය. එනම්, එය කළ හැක්කේ නිෂ්පාදනය, නිෂ්පාදන බලවේග හා සමාජ සම්බන්ධතා අතර පවතින ගැටුම පිලිබඳ විශ්ලේෂනයකින් ය. මාක්ස් පවසන අන්දමට නිෂ්පාදන සම්බන්ධතා කිසියම් කාලයක නිෂ්පාදන බලවේගවලට ආධාරයක් වන තත්වයක සිට ඊට බාධාකාරී තිරිංගයක් බවට පරිවර්තනය වන අතර, එවිට සමාජ විප්ලවයක් පිලිබඳ කාල පරිච්ඡේදයක් ආරම්භ වේ. සියල්ලන් විසින් යට ගසනු ලබන්නේ හරියටම මෙන්න මේ තත්ත්වයයි.   

“නතාෂාගේ සමාජ විඥානය නොතකා, ඇයගේ පන්තිය, වටපිටාව නොතකා, ඇයගේ කලාත්මක ප්‍රකාශනය පවතින ක්‍රමයට එරෙහිව කැරලිකාරී ආකාරයෙන් නැඟී සිටිනවා. ඊනියා වමුන්, රැඩිකලුන් එල්ලෙන්නේ ඇයගේ පුද්ගලික සමාජ දෘෂ්ටිය ලෙස ඔවුන් විස්තර කරන දේ මතයි. පාලක පන්තිය ඉතා සංවේදී වන කරුණු දෙකක් මතු වී තිබෙනවා. එකක් තමයි, පාලක පන්තිය තමන් පාලක පන්තියක් ලෙසට පැවතීම ම අභියෝගයට ලක් වෙලා ඉතා දුර්වල ව සිටීම. අනික, නතාෂාගේ කලාව විසින් මතු කරන නිදහස පිලිබඳ ප්‍රශ්නය තමන්ට බිය ගෙන දෙන සමාජ අවශ්‍යතාවයක් ලෙස වර්ධනය වන බව ඔවුන්ට දැනී තිබීම. ආණ්ඩුවත්, ඉන් යැපෙන ආගමික සංස්ථාපිතයත් අනෙක් අයත් භීතියට පත් කරන කරුණ එයයි.

“කලා කෘතියක් පිළිබඳව මේ පැන නැගිලා තිබෙන ප්‍රශ්නය පන්ති ප්‍රශ්නයක්. මේ කාරණය සම්පූර්ණයෙන් අමතක කරලා ප්‍රශ්න මතුපිටින් පෙනෙන හැටියට ගැනීම විසින් ප්‍රශ්නය හඳුනා ගැනීමට සහ විසඳීමට බාධා කෙරෙනවා. සිරගත කර තියෙන්නේ දැන් නතාෂා නෙවෙයි. නතාෂා හුදෙක් රූපික ප්‍රකාශනයක් විතරයි. සිරගත කර තිබෙන්නේ කලාවේ නිදහස, භාෂණයේ නිදහස, ස්වකීය විමුක්තිය සඳහා ගමන් කිරීමට ජනයාට ඇති නිදහස, අදහස් පල කිරීමට හා සංවිධානය වීමට පීඩිත ජනයාට ඇති නිදහසයි. මේ රැස්වීමට සහභාගී වන සහ ඊට පසුව ඇහුම්කන් දෙන සියලු සහෝදර සහෝදරියන්ගෙන් විශේෂයෙන් කම්කරු පන්තියෙන් මා ඉල්ලා සිටින්නේ මේ සඳහා අරගලය බාල කිරීමට උත්සාහ දරන, ඒ සඳහා වෙනත් ආදේශක යෝජනා කරන සියල්ලන්ට එරෙහිව කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස අත්පත් කර ගැනීම සඳහා සටන් වදින ලෙසයි. එතනදී කොළඹ ක්‍රියාකාරී කමිටුව ලෙස මම වගකීමෙන් කියනවා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩ පිළිවෙලට අපි මුළුමනින් අවනත බව. අපේ සංවිධානය ගොඩ නැඟුවේ එහෙම. ඒක ඉදිරියට යන්නේ ඒ විදිහට. අපේ සාකච්ඡා පවත්වන්නේ ඒ මූලධර්ම මත” යනුවෙන් නන්දන නන්නෙත්ති සහෝදරයා සඳහන් කළේය.

අවසාන කතාව පැවැත්වූ කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් ශාන්ත විජේසූරිය සහෝදරයා පසුගිය වසරේ අරගලයේ අත්දැකීම් සමඟ සම්බන්ධ කර ගනිමින් මෙම සිදුවීම විභාග කළේය: “එම අරගලයේ දී අප අත් දුටුවේ තමන්ගේ පීඩනයන් පුපුරුවා හරිමින් මිනිසුන් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පෙරට ආ ආකාරයයි. දැන් මේ නිදහස් අදහස් ගලා ඒම සඳහා උත්තේජනය සපයන ලද්දේ මෙම අරගලයේ අත්දැකීම්වල ආශ්වාදය යි”, ඔහු  ප්‍රකාශ කළේය.

shantha
කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් ශාන්ත විජේසූරිය සහෝදරයා

පෙර වසරේ අරගලය දිග හැරුණු ආකාරය සිහිපත් කල ශාන්ත සහෝදරයා එදා දිග හැරුණු සමාජ ගැටළු සමාජයේ පුළුල් හරස්කඩකට බල පෑ අයුරු සහ, එම ජනයාට පෙර පරිදි ජීවත් විය නොහැකි තතු උදා වූ ආකාරය පැහැදිලි කළේය. මේ අනුව විවිධ පන්ති කණ්ඩායම් මේ අරගලය තුල ක්‍රියාත්මක වූහ. මේ මහජන නැඟිටීම පරාජයට පත්වීමට මූලිකව බලපෑවේ විප්ලවවාදී නායකත්වයක් නොපැවතීමේ ගැටලුවයි. 

ගෝඨාගෝගම දේශනයක් සඳහා කෙරුණු කැඳවුම ඉදිරියේ සසප ලංකාවේ නායකත්වයේ හැසිරීම විවේචනය කළ ශාන්ත සහෝදරයා ඔවුන් පක්ෂයේ නමින් ආරාධනයක් ඉල්ලා සිටි බව සැලවූ බව සඳහන් කරමින් ප්‍රකාශ කලේ, එසේ ලිඛිත ආරාධනයක් ලබා දිය හැකි නිල සංවිධානයක් එහි නොවූ බවත්, එසේ ඉල්ලා සිටීම මගින් පක්ෂ නායකත්වය පක්ෂය මහජන අරගලවලට පිටස්තරින් පිහිටුවා තැබීමේ ආකල්පය හෙලිදරවු කල බවයි.  මේ ආරාධනයට ප්‍රතිචාර දැක්වූ සංජය සහෝදරයාට විනය චෝදනා එල්ලවීම පිලිබඳ ඔහු විමතිය පළ කළේය.

මේ අරගලය ප්‍රදර්ශනය කල බලය ඉමහත් එකක් විය. රටේ ඉහලම මධ්‍යස්ථාන වූ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට එය සමත් විය. එහි අඩුව ලෙස පැවතුනේ ශක්තිය නොව වැඩ පිළිවෙලක් හා නායකත්වයක් නොමැතිකම ය.

නතාෂා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් දැක්වූ අදහස් විවේචනයට භාජනය කළ ඔහු, ඇයගේ නිදහස වෙනුවෙන් ගනු ලබන ආස්ථානය ද, එසේ ආස්ථානයක් ගන්නා මිනිසුන් ද ඓතිහාසික යැයි සඳහන් කළේය.

කොක්‍රික කලාකාරිනී නතාෂා නිදහස් කර ගැනීම සහ කලාවට හා ප්‍රකාශනයට එල්ල වී ඇති මර්දනය පරාජය කිරීම සඳහා ප්‍රබල අන්තර්ජාල රැස්වීමක් පවත්වයි Read More »

kytes

What is SEP-SL going to achieve in trying to sabotage the Colombo Action Committee?

By Colombo Action Committee for People’s Struggles (CACPS)

kytes
CAC members at a rally in Kytes on December 23, 2022

An article dated May 06, 2023 entitled “Statement of the Socialist Equality Party of Sri Lanka on the Expulsion of Nandana Nanneththi and Sanjaya  Jayasekera”, published in the Sinhala and Tamil sections of the World Socialist Web Site, made the following allegations against the Colombo Action Committee (CAC).

Nandana and Sanjaya, “are using the so-called Colombo Action Committee as a means of attacking the SEP. They also claim that the SEP has diverged, in a sectarian manner, from the call of the International Committee/SEP for workers to form their own action committees by refusing to cooperate with CAC.”

“CAC is not a genuine Action Committee formed by workers and the rural poor. It has nothing to do with the SEP’s call for a Democratic and Socialist Congress of Workers and Rural Poor…

“CAC is a collection of individuals, including some political activists, drawn from different parts of the island,” the statement says.

On 13th May 2023, a special meeting of the CAC Executive Committee seriously considered these allegations and unanimously concluded that this was a naked manifestation of a cowardly and regressive attempt to mislead the working people. The SEP statement has not made any attempt to substantiate these allegations with proper evidence and reasons, and it is not capable of doing so.

The said  article is silent on the important questions as to when, where and how the CAC has been used as a means of attacking the SEP, by  Nandana and Sanjaya.

They claim that CAC is not a genuine action committee because it is a collection of individuals, including some political activists who have been ‘picked up’. The SEP article, while stating that Action Committees should be formed, in ‘every workplace, factory, estate and residential area’ and by the ‘rural poor,’ is intended to prove that CAC members do not belong to any of the aforementioned social categories or classes. Then how to describe this particular type of creature that is said to be ‘picked up from different parts of the island’? Is there any good intention in it other than the frenzy to somehow destroy the CAC?

Once again, here, what comes to the fore is the reason for the fact that the party leadership turned away from massive public struggles last year, especially from the ‘Gotagogama’ protests. This leadership was confounded by an attitude which considered the workers, farmers, housewives and youth who participated in these struggles day and night as not belonging to the proletariat because they had come to the ‘wrong place’. They were of the opinion that the fake left front, which included capitalist parties and organizations, trade unions, comprising the Gotagama leadership, also comprised the hundreds of thousands of oppressed people who gathered there. That is why a suspension of the membership of the party was imposed against comrades Sanjaya Jayasekera and Ananda Wakkambura due to their intervention at Gotagogama Public University lecture in mid-June last year, which laid the foundation for CAC. Claiming that ‘they’ [Gotagogama self-claimed leadership)  came to attack the party members, that ‘they’ objected to the use of party names and that the party had to protect their comrades without sacrificing them, the SEP leaders finally receded to hide behind a transparent veil of not doing what is ‘unbecoming of a party like the SEP’. 

As the Communist Manifesto authored by Marx and Engels points out, the “proletariat” is  “the class of modern wage-labourers who, having no means of production of their own, are reduced to selling their labour-power in order to live.” While byhearting this phrase, the SEP leadership has turned interpreting  in a way that would serve its aims.

The SEP leadership cannot allege that Sanjaya and our group have made any political evasion, surrender or betrayal regarding the perspectives  or the program of the international working class in their intervention in Gotagogama. In highlighting the problems that have arisen, it is the method of the Marxist to highlight them in relation to the political tasks of the party. The purpose of their article  is to prevent the emergence of such a political effort which is essential to the class struggle.

CAC was built consequent to the campaign started from Gotagogama by the SEP-left group, including Sanjaya, and after a long discussion in relation to the perspectives and program advanced by the SEP in its statement dated July 20,  2022, prepared under the guidance of the International Committee (IC). On September 11, 2022 , at its inaugural meeting held at N.M.Perera Centre, Colombo, the aforementioned July Statement was adopted unanimously after a long and intense discussion.

The founding meeting, together with its Executive Committee, unanimously decided that the report of the meeting should be sent for publication to the World Socialist Web Site (WSWS), the globally authoritative publication of the working class. Accordingly, the report of the meeting, along with its photographs, was sent to the Sri Lanka editor-in-chief of WSWS on September 15. However, after 5 days, the editor-in-chief simply informed us, “we are not publishing the report you have sent to the WSWS because it is a report from a committee  you have formed without the approval of the Socialist Equality Party.“

It is clear from this itself that the SEP’s hostility toward the Colombo Action Committee is based on the fact that it was not formed with the ‘approval’ of the SEP and was not made an appendage of it. The implications of CAC’s establishment – that it was a necessity of the working class struggle, or that it was a step forward in connection with the campaign of the International Committee and is a realization of the SEP Statement – were all ignored in bringing to the fore, above all, the  fanatical bureaucratism. This bureaucratism was also demonstrated in their resistance to the emergence of the class struggle without first consulting the SEP. The SEP leaders know that this irresponsible act, which is not explained and cannot be explained, has a very negative effect on the working class and the youth. Why do they ignore it? But, in contrast, the CAC activity has always been based on the principles of the unity of the working class against the bourgeoisie.

On October 10, 2022, CAC sent another statement to the WSWS (SL). There we wrote:

“On 22 September, a Fisheries Action Committee was established in the Island of   Kytes in the Northern Province…

“CAC is keenly aware that Sri Lanka, which represents a sharp edge of the international class struggle that is intensifying day by day, has the necessary conditions to develop hundreds of Action Committees as centres of power of working class activism, which committees have  been historically determined to be an essential tool of the class struggle.

“The ruling class is unable to prevent a broad mass movement consolidating  under the leadership of its own democratic organisations – the workers’ Action Committees – against the brutal capitalist rule. Instead, it is repeatedly convincing the public, by resorting to military and police suppression, of the need for those organizations.

“It is in these circumstances that we believe that the Kytes Fisherfolk Action Committee has signalled a landmark in the people’s struggle against the conspiracies that divide the working masses as North and South and along ethnic lines.”

The SEP leadership again opposed such a unity. That statement too was also not published.

The SEP leaders also rejected the CAC statement issued on December 10, 2022, intervening against the act of the union leaders harassing SEP members during the campaign organized by the telecom unions on December 8,  2022, in front of the Colombo railway station.  It said:

“The union leadership has attacked the democratic right of the workers to know and decide on an alternative program, as well as the democratic right of the SEP to present its views to the workers. Working-class democracy is the precondition for workers to achieve the organizational discipline necessary to win economic interests.”

“Meanwhile, social media activist Lal Perera, in his ‘Talk with Lal’ YouTube channel, posted a video with scenes of union bureaucrats obstructing SEP members, under the heading ‘Clash due to group coming to disrupt the  telecom-insurance struggle‘(in Sinhala). Further, he has spread provocative and humiliating lies about SEP members as ‘pawns of the government’. The full exposure of this pro-capitalist media campaign is the responsibility of all who think and respect democracy. He should withdraw his false statement and apologize to the SEP and the people.”

CAC campaign against the threatful intimidation of SEP members on 23 February 2023 at Jayawardenepura University is also a forceful one. Our statement of March 9, 2023, distributed in hundreds of pamphlets, read:

“WSWS has reported that the group that threatened SEP members said, ‘students are being divided by bringing in party politics.’ We insist that students are divided by blocking students’ right to freely discuss political views. The challenges that students are facing at the moment are not limited to one university, one sector or to students only…  It has become the necessity of the era to establish the space for democratic discussion, integration and leadership of a powerful working class and mass movement that can face them.”

Why does the SEP regime see these as attacks against them? The meaning of what the SEP leaders are doing in directing the workers and the oppressed masses to ramble through other fake narratives disregarding  these revolutionary efforts should be clear now.

It has already been proved in practice that this bureaucracy is terrified of the emergence of the class struggle outside of its sphere of influence. While proposing that workers and farmers should take steps to build action  committees by themselves following the programme of the International Committee, they are terrified about the committees they claim to have been established without their approval.

This is a situation brought to the fore by the turbulent current situation in objective social relations. At this time, the wave of class struggles spreading like wildfire all over the world calls for a practical militant turn, armed with historical experience and theory. But, the SEP leadership, like any conservtive movement that knows itself unprepared to face this challeging situation due to its inability to change its habitual existence, sees genuine Action Committees as threatening. This is because these comittees have the potential to raise the militancy of the working class and ignite revolutionary struggles. The purpose of such a practice is to prevent such a struggle. Accordingly, they want the workers’ committees be brought under their bureacratic control.   

The Colombo Action Committee is fighting against this bancrupt policy. It is CAC’s expectation that the SEP-SL will try to resolve this crisis through a genuine democratic discussion.

This article was originally published here in Sinhalese on May 25, 2023.

What is SEP-SL going to achieve in trying to sabotage the Colombo Action Committee? Read More »

kytes

What is SEP-SL going to achieve in trying to sabotage the Colombo Action Committee?

By Colombo Action Committee for People’s Struggles (CACPS)

kytes
CAC members at a rally in Kytes on December 23, 2022

An article dated May 06, 2023 entitled “Statement of the Socialist Equality Party of Sri Lanka on the Expulsion of Nandana Nanneththi and Sanjaya  Jayasekera”, published in the Sinhala and Tamil sections of the World Socialist Web Site, made the following allegations against the Colombo Action Committee (CAC).

Nandana and Sanjaya, “are using the so-called Colombo Action Committee as a means of attacking the SEP. They also claim that the SEP has diverged, in a sectarian manner, from the call of the International Committee/SEP for workers to form their own action committees by refusing to cooperate with CAC.”

“CAC is not a genuine Action Committee formed by workers and the rural poor. It has nothing to do with the SEP’s call for a Democratic and Socialist Congress of Workers and Rural Poor…

“CAC is a collection of individuals, including some political activists, drawn from different parts of the island,” the statement says.

On 13th May 2023, a special meeting of the CAC Executive Committee seriously considered these allegations and unanimously concluded that this was a naked manifestation of a cowardly and regressive attempt to mislead the working people. The SEP statement has not made any attempt to substantiate these allegations with proper evidence and reasons, and it is not capable of doing so.

The said  article is silent on the important questions as to when, where and how the CAC has been used as a means of attacking the SEP, by  Nandana and Sanjaya.

They claim that CAC is not a genuine action committee because it is a collection of individuals, including some political activists who have been ‘picked up’. The SEP article, while stating that Action Committees should be formed, in ‘every workplace, factory, estate and residential area’ and by the ‘rural poor,’ is intended to prove that CAC members do not belong to any of the aforementioned social categories or classes. Then how to describe this particular type of creature that is said to be ‘picked up from different parts of the island’? Is there any good intention in it other than the frenzy to somehow destroy the CAC?

Once again, here, what comes to the fore is the reason for the fact that the party leadership turned away from massive public struggles last year, especially from the ‘Gotagogama’ protests. This leadership was confounded by an attitude which considered the workers, farmers, housewives and youth who participated in these struggles day and night as not belonging to the proletariat because they had come to the ‘wrong place’. They were of the opinion that the fake left front, which included capitalist parties and organizations, trade unions, comprising the Gotagama leadership, also comprised the hundreds of thousands of oppressed people who gathered there. That is why a suspension of the membership of the party was imposed against comrades Sanjaya Jayasekera and Ananda Wakkambura due to their intervention at Gotagogama Public University lecture in mid-June last year, which laid the foundation for CAC. Claiming that ‘they’ [Gotagogama self-claimed leadership)  came to attack the party members, that ‘they’ objected to the use of party names and that the party had to protect their comrades without sacrificing them, the SEP leaders finally receded to hide behind a transparent veil of not doing what is ‘unbecoming of a party like the SEP’. 

As the Communist Manifesto authored by Marx and Engels points out, the “proletariat” is  “the class of modern wage-labourers who, having no means of production of their own, are reduced to selling their labour-power in order to live.” While byhearting this phrase, the SEP leadership has turned interpreting  in a way that would serve its aims.

The SEP leadership cannot allege that Sanjaya and our group have made any political evasion, surrender or betrayal regarding the perspectives  or the program of the international working class in their intervention in Gotagogama. In highlighting the problems that have arisen, it is the method of the Marxist to highlight them in relation to the political tasks of the party. The purpose of their article  is to prevent the emergence of such a political effort which is essential to the class struggle.

CAC was built consequent to the campaign started from Gotagogama by the SEP-left group, including Sanjaya, and after a long discussion in relation to the perspectives and program advanced by the SEP in its statement dated July 20,  2022, prepared under the guidance of the International Committee (IC). On September 11, 2022 , at its inaugural meeting held at N.M.Perera Centre, Colombo, the aforementioned July Statement was adopted unanimously after a long and intense discussion.

The founding meeting, together with its Executive Committee, unanimously decided that the report of the meeting should be sent for publication to the World Socialist Web Site (WSWS), the globally authoritative publication of the working class. Accordingly, the report of the meeting, along with its photographs, was sent to the Sri Lanka editor-in-chief of WSWS on September 15. However, after 5 days, the editor-in-chief simply informed us, “we are not publishing the report you have sent to the WSWS because it is a report from a committee  you have formed without the approval of the Socialist Equality Party.“

It is clear from this itself that the SEP’s hostility toward the Colombo Action Committee is based on the fact that it was not formed with the ‘approval’ of the SEP and was not made an appendage of it. The implications of CAC’s establishment – that it was a necessity of the working class struggle, or that it was a step forward in connection with the campaign of the International Committee and is a realization of the SEP Statement – were all ignored in bringing to the fore, above all, the  fanatical bureaucratism. This bureaucratism was also demonstrated in their resistance to the emergence of the class struggle without first consulting the SEP. The SEP leaders know that this irresponsible act, which is not explained and cannot be explained, has a very negative effect on the working class and the youth. Why do they ignore it? But, in contrast, the CAC activity has always been based on the principles of the unity of the working class against the bourgeoisie.

On October 10, 2022, CAC sent another statement to the WSWS (SL). There we wrote:

“On 22 September, a Fisheries Action Committee was established in the Island of   Kytes in the Northern Province…

“CAC is keenly aware that Sri Lanka, which represents a sharp edge of the international class struggle that is intensifying day by day, has the necessary conditions to develop hundreds of Action Committees as centres of power of working class activism, which committees have  been historically determined to be an essential tool of the class struggle.

“The ruling class is unable to prevent a broad mass movement consolidating  under the leadership of its own democratic organisations – the workers’ Action Committees – against the brutal capitalist rule. Instead, it is repeatedly convincing the public, by resorting to military and police suppression, of the need for those organizations.

“It is in these circumstances that we believe that the Kytes Fisherfolk Action Committee has signalled a landmark in the people’s struggle against the conspiracies that divide the working masses as North and South and along ethnic lines.”

The SEP leadership again opposed such a unity. That statement too was also not published.

The SEP leaders also rejected the CAC statement issued on December 10, 2022, intervening against the act of the union leaders harassing SEP members during the campaign organized by the telecom unions on December 8,  2022, in front of the Colombo railway station.  It said:

“The union leadership has attacked the democratic right of the workers to know and decide on an alternative program, as well as the democratic right of the SEP to present its views to the workers. Working-class democracy is the precondition for workers to achieve the organizational discipline necessary to win economic interests.”

“Meanwhile, social media activist Lal Perera, in his ‘Talk with Lal’ YouTube channel, posted a video with scenes of union bureaucrats obstructing SEP members, under the heading ‘Clash due to group coming to disrupt the  telecom-insurance struggle‘(in Sinhala). Further, he has spread provocative and humiliating lies about SEP members as ‘pawns of the government’. The full exposure of this pro-capitalist media campaign is the responsibility of all who think and respect democracy. He should withdraw his false statement and apologize to the SEP and the people.”

CAC campaign against the threatful intimidation of SEP members on 23 February 2023 at Jayawardenepura University is also a forceful one. Our statement of March 9, 2023, distributed in hundreds of pamphlets, read:

“WSWS has reported that the group that threatened SEP members said, ‘students are being divided by bringing in party politics.’ We insist that students are divided by blocking students’ right to freely discuss political views. The challenges that students are facing at the moment are not limited to one university, one sector or to students only…  It has become the necessity of the era to establish the space for democratic discussion, integration and leadership of a powerful working class and mass movement that can face them.”

Why does the SEP regime see these as attacks against them? The meaning of what the SEP leaders are doing in directing the workers and the oppressed masses to ramble through other fake narratives disregarding  these revolutionary efforts should be clear now.

It has already been proved in practice that this bureaucracy is terrified of the emergence of the class struggle outside of its sphere of influence. While proposing that workers and farmers should take steps to build action  committees by themselves following the programme of the International Committee, they are terrified about the committees they claim to have been established without their approval.

This is a situation brought to the fore by the turbulent current situation in objective social relations. At this time, the wave of class struggles spreading like wildfire all over the world calls for a practical militant turn, armed with historical experience and theory. But, the SEP leadership, like any conservtive movement that knows itself unprepared to face this challeging situation due to its inability to change its habitual existence, sees genuine Action Committees as threatening. This is because these comittees have the potential to raise the militancy of the working class and ignite revolutionary struggles. The purpose of such a practice is to prevent such a struggle. Accordingly, they want the workers’ committees be brought under their bureacratic control.   

The Colombo Action Committee is fighting against this bancrupt policy. It is CAC’s expectation that the SEP-SL will try to resolve this crisis through a genuine democratic discussion.

This article was originally published here in Sinhalese on May 25, 2023.

What is SEP-SL going to achieve in trying to sabotage the Colombo Action Committee? Read More »

Battle of Nitzanim

ඉතිහාසයේ මෙම සතිය:ජුනි 5-11

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 04 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25කට පෙර: ඉන්දුනීසියාවේ හබීබි IMF කප්පාදු ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දෙයි

Habibie
ඉන්දුනීසියානු ජනාධිපති බී.ජේ හබීබි

1998 ජූනි 5 සති අන්තයේ ඉන්දුනීසියාවේ ජනාධිපති බී.ජේ. හබීබි මාධ්‍ය අමතමින් , අවම වශයෙන් 1999 අවසානය දක්වා තම ධුරයේ රැඳී සිටීමට සහ ඩොලර් බිලියන 43 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇපදීමේ පැකේජය මගින් ඉල්ලා සිටින දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට වූ , ඔහුගේ අධිෂ්ඨානය නැවත අවධාරණය කළේය. සුහර්තෝගේ ජීවිත කාලය පුරාවටම සිටි හැදී වැඩුන ගෝලයා වූ ඔහු, එම වසරේ රූකඩ මහජන උපදේශන සභාවට (MPR) සීමිත වෙනස්කම් හඳුන්වා දීමටත් ඊළඟ වසර අවසානයට පෙර මැතිවරණ පැවැත්වීමටත් සැලැස්මක් ගෙනහැර දැක්වීය.

සියල්ලටත් වඩා, ජාමූඅ වැඩපිලිවෙලට ඔහුගේ කැපවීම ඔහු අවධාරනය කලේය. මිල සහනාධාර අහෝසි කිරීම, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම සහ සුහර්තෝ පවුල සහ එහි සහචරයින් සතු ඒකාධිකාරය විසුරුවා හැරීම ඇතුළත් එහි පියවරයන් මගින් ඉන්දුනීසියානු මහජනතාවගේ වියදමින් ජාත්‍යන්තර බැංකු සහ සංගතවල ලාභ අවස්ථා ඉහල නැංවීමට සැලසුම් කෙරුණි.

හබීබි කතා කරද්දීම, කම්කරු පන්තිය තුල, පාලන තන්ත‍්‍රය කෙරෙහි එදිරිවාදිකම් තීව‍්‍ර වීමේ ඇඟවුම් තිබුනි. දෙවන විශාලතම නගරය වන සුරබයා හි ගෘහ උපකරණ නිෂ්පාදකයෙකු යටතේ සේවයේ නියුතු කම්කරුවන් 30,000 ක්  සියයට 50කින් වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ඉහල දැමීම සඳහා පෙර සතියේ වැඩ වර්ජනයක නිරත විය. වැඩ වර්ජිත කම්කරුවන් පළාත් පාර්ලිමේන්තුවට පා ගමනින් යාම වැලැක්වීමට තැත් කළ කැරලි මර්දන පොලිසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් සමඟ ගැටුමක් ඇති කර ගත්හ. 

ජකර්තාහි රජයේ බස් රථ රියදුරන් සිය ගනනක් දූෂණයට එරෙහිව සහ වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය. වැටුප්  සියයට 15 කින් වැඩි කරන බවට කළමනාකාරිත්වය පොරොන්දු වීමෙන් පසුව රියදුරන් පසු දින සේවා නැවත ආරම්භ කළහ. එම වැඩිවීම මුදල් ඒකකය වන රුපියල කඩාවැටීම නිසා ඇති වූ ඉහළ යන මිල ගණන් වලට හිලව් වශයෙන් ප්‍රමාාණවත් වූයේ නැත. පෙර මාසයේ සුහර්තෝ නෙරපා හැරීමෙන් ධෛර්යමත් වූ රියදුරන්, ජකර්තා ප්‍රාන්ත ප්‍රවාහන සමාගමේ දූෂණ ගැන පැමිණිලි කරමින් පුළුල් ඉල්ලීම් ද පුනර්ජීවනය කළහ.

අනෙකුත් විරෝධතා , සුහර්තෝ පවුලට නඩු පැවරිය යුතු බව ඉල්ලා සිටියේය. ජාතික සභාවේ එක් විරෝධතාවයක දී, 3,000ක් පමණ ශිෂ්‍යයන් සහ ධනේශ්වර විපක්ෂ චරිතයක් වන මෙගාවතී සුකර්නෝපුත්‍රිගේ ආධාරකරුවන්, දූෂණය සම්බන්ධයෙන් නඩු විභාගයකට සුහර්තෝ  මුහුණදිය යුතු යැයි ඉල්ලා සිටියහ. විරෝධතාකරුවන්ගෙන් සමහරෙක් “හබීබි ප්‍රතික්ෂේප කරමු , සුහර්තෝව උසාවි ​​ගෙන යමු” යනුවෙන් ප්‍රකාශ කරන බැනර් රැගෙන ගිය අතර තවත් සමහරු නව මැතිවරනයක් කැඳවීමට MPR හි විශේෂ සැසියක් ඉල්ලා සිටියහ. විරෝධතාව හේතුවෙන් ගුවන් තොටුපළ දක්වා ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව අවහිර විය.

සුහර්තෝට ගරු කරන ලෙසත් ප්‍රතිසංස්කරණ සඳහා වන ඉල්ලීම් සීමා කරන ලෙසත් සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් විරන්ටෝ විසින් කරන ලද ඉල්ලීම් නොතකා උද්ඝෝෂණය ඉදිරියට ගියේය. සිය ගනනක් හමුදා භටයන් පාර්ලිමේන්තුව තුල රඳවා තබමින්, පරිශ්රයේ ගේට්ටු වසා තබා විරෝධතාකරුවන්ට ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම අවුරනු  ලැබිණ.

වසර 50 කට පෙර: ෆ්‍රැන්කෝ ස්පාඤ්ඤයේ අගමැති ලෙස විශ්වාසවන්තයෙකු පත් කරයි

Blanco
ලුයිස් කැරරෝ බ්ලැන්කෝ

1973 ජූනි 9 වැනිදා ස්පාඤ්ඤ ආඥාදායක ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ ඔහුගේ විශ්වාසවන්ත ලුයිස් කැරරෝ බ්ලැන්කෝ අගමැති ලෙස පත් කළේය. ෆ්‍රැන්කෝ නිල වශයෙන් ස්පාඤ්ඤ රාජ්‍යයේ ප්‍රධානියා ලෙස සිටිනු ඇතත්, 1973 වන විට ඔහු වයස අවුරුදු 80ක් වූ අතර දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවූ නිසා ඒ වන විටත් ස්පාඤ්ඤය පාලනය කළ මිලිටරි පාලන තන්ත්‍රයේ දෛනික කළමනාකාරීත්වයෙන් ඉවත්ව සිටියේය.

දරුණු දක්ෂිනාංශික ෆ්‍රැන්කෝ හිතවාදියෙකු වන කැරේරෝ බ්ලැන්කෝ 1967 සිට ෆ්‍රැන්කෝගේ නියෝජ්‍ය අගමැති ලෙස සේවය කර ඇත. ඔහු අගමැති වන විටමත් ෆ්‍රැන්කෝට තවදුරටත් ඉටු කිරීමට නොහැකි වූ බොහෝ රාජකාරි ඔහු භාරගෙන තිබුණි. කැරෙරෝ බ්ලැන්කෝ 1936 දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආරම්භ වූ දා සිට ෆ්‍රැන්කෝට සේවය කර තිබූ අතර, ඉහළ ශ්‍රේණියේ නාවික නිලධාරියෙකු ලෙස ඔහු දරුණු කොමියුනිස්ට් විරෝධය සඳහා ප්‍රසිද්ධියක් ලබා සිටියේය.

කැරේරෝ බ්ලැන්කෝ පත් කිරීමට ෆ්‍රැන්කෝගේ තීරණය, බිඳ වැටීමට පටන් ගෙන තිබූ ඔහුගේ පාලන තන්ත්‍රය නඟා සිටුවීමේ උත්සාහයකි. ස්පාඤ්ඤ තන්ත‍්‍රය ග‍්‍රීසියට වඩා වෙනස් ආකාරයකට ඔවුන්ගේ අර්බුදයට ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කලේය. ඒහිදී, සතියකට පෙර ජුන්ටා නායක ජෝර්ජියෝස් පපඩොපොලෝස්, පිටුවහලේ සිටි  රජු නෙරපා හරිමින්, ජනරජයක් විධිමත්  ලෙස ස්ථාපිත කරන බව නිවේදනය කල අතර, සංකේතාත්මක “ලිබරල්කරණයන්” පොරොන්දු වීමෙන්, හමුදා පාලනයට එරෙහිව විවෘත අරගලයට පැමිනෙමින් සිටි කම්කරු මහජනතාව , ඔහුගේ පාලන තන්ත්‍රයට  සනසාලිය හැකි යැයි බලාපොරොත්තු විය. 

ෆ්‍රැන්කොවාදීන්ට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ජනතාවට ලබාදීමේ අරමුණක් තිබුණේ නැත. ඒ වෙනුවට, ඔවුන් තම අධිකාරීවාදී පියවරයන් නැවුම් කිරීමට සහ රාජාණ්ඩුව නැවත ස්ථාපිත කිරීම සඳහා ජනගහනය සූදානම් කිරීමට උත්සාහ කළහ.

ෆ්‍රැන්කෝ,  ඔහු වෙනුවට රාජ්‍ය නායකයා ලෙසත්,  ඔහුගේ මරණයෙන් පසු ස්පාඤ්ඤයේ රජු බවට පත් කිරීමටත් ස්පාඤ්ඤ රජ පවුලේ ඉතිරි සාමාජිකයන්ගෙන් කෙනෙකු වන ජුවාන් කාලෝස් කුමරු තෝරාගෙන තිබුණි. මෙම රජකමට නැංවීම සිදුකිරීමට ෆ්‍රැන්කෝට අවශ්‍ය වූයේ කම්කරු පන්තියට කිසිදු සහනයක් නොදෙන කෙනෙකු විසින් ආන්ඩුව මෙහෙයවීමයි.

ස්පාඤ්ඤ ජනතාව අතර, විශේෂයෙන්ම බාස්ක් ජාතිකවාදීන්ට එරෙහිව වැඩ වර්ජන සහ අනෙකුත් නැගිටීම් මැඩලීමේ දී ඔහුගේ නායකත්වයෙන් මෙම ප්‍රතිගාමී භූමිකාව පිරවීමට හැකි බව කැරේරෝ බ්ලැන්කෝ විසින් ඔප්පු කර තිබුණි. 1968 විරෝධතා මැඩපැවැත්වීමෙන් පසු ජාතික දේශනයකදී කැරේරෝ බ්ලැන්කෝ පැවසුවේ, “කිසිම අයුරකින් අපගේ ආයතනික පද්ධතිය වෙනස් කිරීමට හැකිවීම පිළිබඳ කුඩාම හෝ බලාපොරොත්තුවක්  පිටතින් හෝ ඇතුළතින් කිසිවකුවත් තබා ගැනීමට” ඉඩ නොතබන බවයි.

ස්පාඤ්ඤ ජනගහනයේ ජනතාව විසින් දැඩි ලෙස වෛර කරන ලද, කැරරෝ බ්ලැන්කෝගේ පාලනය පැවතියේ මාස හයක් පමණි. 1973 දෙසැම්බර් 20 වන දින, බාස්ක් ජාතිකවාදී පැරාමිලිටරි සංවිධානයේ (Euskadi Ta Askatasuna -ETA) සාමාජිකයෙකු  මැඩ්රිඩ් හි බෝම්බ ප්‍රහාරයකින් ඔහුව ඝාතනය කළේය.

වසර 75 කට පෙර: ඊශ්‍රායල හමුදා නිට්සානිම්හිදී පරාජය විය

Battle of Nitzanim
1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධයේදී නිට්සානිම් සටනේ පසු විපාකය

1947 ජූනි 7 වන දින, නිට්සානිම් නගරය ඉලක්ක කරගත් ඊජිප්තු ප්‍රහාරයක් වේගයෙන් කඩා වැදුණු අතර, ඊජිප්තු හමුදාව පැය 24ක් ඇතුළත අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ඊශ්‍රායල රාජ්‍යය සමඟ සම්බන්ධ වූ සියොන්වාදී හමුදා යටපත් කළේය.

පෙර මාසයේ ඊශ්‍රායල රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආරම්භ වූ අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ මුල් අවධියේදී මෙම සටන සිදු විය. එම ප්‍රකාශය , පලස්තීනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාලනය අවසන් වීමත් සමග එක්සත් ජනපදයේ සහ අනෙකුත් ප්‍රධාන බලවතුන්ගේ සහයෝගය ඇතිව නිකුත් කර තිබුණි. අරාබි රාජ්‍යයන්, අරාබි බහුතර පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම , යටත් විජිත-ජනපද  තන්ත්‍රයක් ලෙස සැලකූ  අතර, එය තමන් ඉලක්ක කර ගන්නා  අධිරාජ්‍යවාදී (ආක්‍රමන සදහා) මුල් ‘කඳවුරක්’ ( beachhead) බවට පත්වනු ඇතැයි බියෙන්, ඒකාබද්ධ යුද ප්‍රකාශයකින් ප්‍රතිචාර දැක්වූහ. 

එක්සත් ජනපදයේ සහ සෝවියට් සංගමයේ සහාය ඇතිව පලස්තීනයේ ප්‍රතිගාමී වාර්ගික-වර්ගවාදී බෙදීම අනුමත කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය, අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ ආරම්භක අදියරේදී සටන් විරාම කිහිපයක් කැඳවූ අතර, සියල්ලටත් වඩා,   අධිරාජ්‍යවාදී පිටුබලය ලද මෙම නව සියොන්වාදී රාජ්‍යයට  තුනී නීතිමය කඩතුරාවක් සැපයිම අධිරාජ්‍යවාදයේ අරමුණ විය. 

මෙම උපාමාරු නොතකා, ඊජිප්තු හමුදාව දැන්  දකුණු ඊශ්‍රායලයේ නිට්සානිම් හි ඊශ්‍රායල හමුදා ස්ථානගතවීම් වලට එරෙහිව ප්‍රහාරයක් දියත් කළේය. ජූනි 6 වෙනිදා අගභාගයේ සිට, ඊජිප්තු හමුදා කාලතුවක්කු සහ ගුවනින් නගරය ආරක්ෂා කරමින් සිටි සියොන්වාදී හමුදාවන්ට පහරදුන් අතර, ඉන් අනතුරුව සන්නද්ධ හා පාබල සේනාංකවල ඇතුල් වීම සිදු විය.

නගරය ආරක්ෂා කරන සියොන්වාදී හමුදා , ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් දෙවරක් ද්විතියික ස්ථාන කරා පසු බසිනු ලැබුණි. නමුත් මෙම උපාමාරුවලට සැලකිය යුතු ප්‍රතිවිපාක නොතිබූ අතර ජූනි 7 දින, අගභාගයේදී, ඊජිප්තුව නගරයේ පාලනය තහවුරු කර ගනු ලැබුනි. මින් ඉදිරියට සටන වනු ඇත්තේ ඊජිප්තුව විසින් දිනාගත් නගරය සදහා නොව ,ජුනි 10 වෙනිදා, අරාබි හමුදාව විසින් අල්ලා ගන්නා ලද ආසන්නයේ පිහිටි උපාය මාර්ගික කන්දක් පාලනය කිරීම සඳහා ය. 

සටන කැපී පෙනෙන්නේ එහි ක්ෂණික ප්‍රතිවිපාක සඳහා පමණක් නොවේ. යුද්ධයේ මුල් කාලයේ නගරය අහිමි වීම ඊශ්‍රායලය සැලකුවේ බරපතල පහරක් වශයෙනි. ඒ සමගම, දක්ෂිනාංශික සියොන්වාදී බලවේග ඊට ප්‍රතිචාර වශයෙන් විශාල මිලිටරි ගොඩනැංවීමක් ඉල්ලා සිටියේය. ඊජිප්තුව තමන් විසින්ම ප්‍රහාරය මෙහෙයවීම  පෙන්වා දුන්නේ අරාබි රාජ්‍යයන් අතර සැලකිය යුතු බෙදීම් ඇති බවත්, ඒ සෑම එකක්ම ඊශ්‍රායලය සමග ගැටුම තමන්ගේම පාලක පන්තියේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා භාවිතා කරන බවත්ය.

වසර 100 කට පෙර: හමුදා කුමන්ත්‍රණයකින් බල්ගේරියාවේ තේරී පත් වූ රජය පෙරලා දමයි

Aleksandar Stamboliyski
ඇලෙක්සැන්ඩර් ස්ටැම්බෝලිස්කි

1923 ජූනි 9 වන දින, ජෙනරාල් අයිවන් වල්කොව්ගේ නායකත්වයෙන් යුත් හමුදා නිලධාරීන් කණ්ඩායමක්, බල්ගේරියානු ගොවිජන ජාතික සංගමයේ (Bulgarian Agrarian National Union-BANU) නායකයා සහ ප්‍රධාන න්‍යායාචාර්ය ඇලෙක්සැන්ඩර් ස්ටැම්බෝලිස්කිගේ රජය පෙරලා දැමූහ. මෙය( BANU) බල්ගේරියානු ගොවීන්ගේ අවශ්‍යතා සඳහා නැඹුරු වන බව කියාගත් පක්ෂයකි. එවකට බල්ගේරියාවේ ජනගහනය සියයට 80 ක් පමණ ගොවි ජනතාවගෙන් යුක්ත විය.

යුද වන්දි ගෙවීම නිසා මිත්‍ර පාක්ෂිකයින්ට රට ගැඹුරින් ණය වී තිබුණි – බල්ගේරියාව පළමු ලෝක යුද්ධයට මධ්‍යම බලවතුන් සමඟ සහභාගී වී 1918 දී ඔවුන්ගේ පරාජයට හවුල් විය – උද්ධමනය වාර්තාගත මට්ටම්වල පැවතුනි.

ස්ටැම්බෝලිස්කි ,  සාර් බොරිස් II ගේ රාජාණ්ඩුව අහෝසි කරනු ඇතැයි දකුණ වැඩි වැඩියෙන් බිය විය. මිලිටරි ලීගයේ සංවිධානය වූ හිටපු හමුදා නිලධාරීන් ඔහුගේ ආන්ඩුවට දැඩි ලෙස සතුරු විය. පළමුවන ලෝක යුද්ධයට බල්ගේරියාව ඇතුල්වීමට ස්ටැම්බෝලිස්කි  විසින්ම විරුද්ධ වූවා පමණක් නොව, 1919 දී , BANU මැතිවරනය මහජනතාවගේ වැඩෙන රැඩිකල්කරණයක් නියෝජනය කලේය. එක් ඉතිහාසඥයෙකු සඳහන් කළ පරිදි, එම මැතිවරනය “බල්ගේරියාව යුද්ධය කරා ගෙන ගිය ක්‍රමය කෙරෙහි දැවැන්ත මහජන කෝපයක් සහ එයට විරුද්ධ වූ  පක්ෂ සඳහා අනුමැතිය සටහන් කළේය.”

1920 දී බල්ගේරියානු කොමියුනිස්ට් පක්ෂය (BKP) නගරවල මහා වැඩ වර්ජනයකට නායකත්වය දුන් අතර එය BANU විසින් මර්දනය කිරීමට උත්සාහ කළේය. ස්ටැම්බෝලිස්කි පසුව ඔහුගේ පාලනය ශක්තිමත් කිරීම සඳහා මැතිවරණ කැඳවූ අතර, ඡන්දදායකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු BANU ට සහය දුන් අතර, පස් දෙනෙකුගෙන් එක් අයෙකු BKP ට සහාය දුන්නේය.

BANU රජය කෘෂිකාර්මික සහ නීතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පටන් ගනු ලැබුණි. ස්ටැම්බෝලිස්කි  වෙනත් රටවල බල්ගේරියානු භෞමික හිමිකම් ප්‍රතික්ෂේප කළද, ඔහුගේ රජය, බල්ගේරියානුවන්, යුගෝස්ලාවියානුවන් සහ ග්‍රීකයන්ට එරෙහිව සටන් කරමින් සිටි මැසිඩෝනියානු කැරැල්ලක් මැඩපැවැත්වීය.

BANU මැතිවරණ ප්‍රතිසංස්කරණ හේතුවෙන් 1923 අප්‍රේල් මැතිවරනයේදී BANU පාර්ලිමේන්තුවේ අතිවිශාල බහුතරයක් ලැබීමෙන් පසු ධනේශ්වර විරුද්ධ පක්ෂ මිලිටරි ලීගය හමුවී ස්ටැම්බෝලිස්කි පෙරලා දැමීමට සූදානම් විය.

මිලිටරි ලීගය සහ එහි සගයන් ඉක්මනින් BANU ආන්ඩුව විසුරුවා හැර ස්ටැම්බෝලිස්කි අල්ලා ගත්හ. ජූනි 14 වන දින ඔහු මුලින්ම වධ හිංසාවට ලක්ව මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. කුමන්ත්‍රණය අන්ත දක්ෂිනාංශික මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ත්සාන්කොව්ගේ සභාපතිත්වය ස්ථාපිත කරන ලද අතර, පසුව ඔහු BKP කුරිරු ලෙස මර්දනය කිරීමට නායකත්වය දුන්නේය.

එහෙත් කුමන්ත්‍රණයේ ක්ෂනික ප්‍රතිඵලය වූයේ බල්ගේරියානු ගොවීන්ගේ සන්නද්ධ නැගිටීමක් වූ අතර එය බොහෝ දුරට නායකයින් නොමැති නිසා හමුදාව විසින් පාගා දමන  ලදී. ඔහුගේ  ඔක්තෝබරයේ පාඩම් (Lessons of October-1924) කෘතියේ ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කළේ BKP ය , “දෛවවාදී සහ දෘෂ්ටිවාදාත්මක හේතු නිසාවෙන් විප්ලවීය  ක්‍රියාමාර්ග සඳහා සුවිශේෂී වාසිදායක මොහොතක් ලිස්සා යාමට ඉඩ හැරීයා. (ඒ මොහොත වූයේ ජුනි මාසයේ ත්සාන්කොව් කුමන්ත්‍රණයෙන් පසු ගොවීන්ගේ නැගී සිටීමයි.)” 

ඉතිහාසයේ මෙම සතිය:ජුනි 5-11 Read More »

klu

ඉතිහාසයේ මෙම සතිය: මැයි 29-ජුනි 4

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 28 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: කෙනත් ස්ටාර් ක්ලින්ටන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කෙටි චෝදනා ලිපියක් ගොනු කරයි

clinton
1997 ජනවාරි 20 වන දින , බිල් ක්ලින්ටන් එක්සත් ජනපද ජනාධිපති ලෙස දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි.

1998 ජූනි 2 වෙනිදා, ස්වාධීන නීතීඥ කෙනත් ස්ටාර් , එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය වෙත කෙටි චෝදනා ලිපියක් ගොනු කරමින්, එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්ට දෝෂාභියෝගයක් ඉදිරිපත්වීමේ හැකියාව ද ගැන විමසිලීමත් වෙමින්, හැකි ඉක්මනින් එය විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටියේය. “ඉතා කඩිනම් පදනමක්” මත ක්‍රියා කිරීම සඳහා වූ ඔහුගේ බලකිරීම්වලට එකඟ වූ එක්සත් ජනපද පර්යන්ත අභියාචනාධිකරණය, ජූනි 15 වන විට නීතිපති-සේවාදායක වරප්‍රසාද සහ රහස් සේවා නියෝජිත වරප්‍රසාද පිළිබඳ සිය අභියාචනය ගොනු කරන ලෙස ධවල මන්දිරයට නියෝග කළේය.

පහළ උසාවි මඟහැර වරප්‍රසාද ප්‍රශ්න පිළිබඳව සෘජුවම තීන්දු කරන ලෙස ඉල්ලා සිටි ස්ටාර්ගේ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් දිනකට පසුව සිදුවූ අභියාචනාධිකරණයේ නිවේදනය, ශ්‍රේෂ්ඨාධිකරණයේ උක්ත තීන්දුව නෛතික ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන ලද ධවල මන්දිරයේ ප්‍රකාශ අධෛර්යමත් කළේය. ස්ටාර්ගේ විමර්ශනය විසින් මෙහෙයවනු ලබන ක්ලින්ටන් පරිපාලනයට එරෙහි ප්‍රහාරය වඩාත් වේගවත්ව ඉදිරියට යන  බව උසාවි ක්‍රියාමාර්ගයෙන් පැහැදිලි විය. 

ස්ටාර් ජූනි 2 දා ශ්‍රේෂ්ඨාධිකරණයට කළ නෛතික ඉදිරිපත් කිරීම, ඔහුගේ විමර්ශනයේ අරමුන වූයේ ක්ලින්ටන් ධුරයෙන් පහ කිරීම බවට මේ දක්වා වූ පැහැදිලිම ප්‍රකාශයයි. ඔහු මෙසේ ලිවීය:

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ මෙම අපරාධ විමර්ශනය හැකි ඉක්මනින් අවසන් වීම, අධිචෝදනා ගෙන ඒම සහ දෝෂාභියෝග ක්‍රියාදාමයන් සඳහා භාවිතා විය හැකි වාර්තා නිකුත් කිරීමත්, අනභිචෝදන තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් දැකීමට ජාතියට බලගතු උනන්දුවක් ඇත. 

ඔහුගේ විමර්ශනය බරපතල අපරාධ චෝදනා පිළිබඳ නීත්‍යානුකූල පරීක්ෂණයක් බවත්, ධවල මන්දිරයේ ආරක්ෂක නෛතික උපක්‍රම වරද පිළිගැනීමකට සමාන බවත් සදහන් කරමින් ස්ටාර්ගේ ප්‍රකාශයන් මාධ්‍ය විසින්  විශාල ලෙස ප්‍රතිරාවය කරනු ලැබීය. මොනිකා ලෙවින්ස්කිගේ නීතීඥ විලියම් ගින්ස්බර්ග් ඉල්ලා අස්වීමත් සමඟම, ප්‍රවෘත්ති විචාරකයින් අවධානය යොමු කළේ හිටපු ධවල මන්දිර සීමාවාසික නිලධාරියාගේ නව නීති කණ්ඩායම ඉක්මනින් ස්ටාර් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වීමේ ගනුදෙනුවක් ගැන සාකච්ඡා කරනු ඇති බවට වන අනුමාන කිරීම් කෙරෙහි ය. එමඟින්, ඔවුන් අතර ලිංගික සබඳතාවක් නොතිබූ බවට ක්ලින්ටන්ගේ අවධාරනයට පටහැනිව මහා ජූරි සභාවේ දී සාක්ෂි දීමට ලෙවින්ස්කිට මග පෑදින.  

ස්ටාර්ගේ සිව් අවුරුදු පරීක්ෂණය ගැඹුරින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් විය. විශාල බලතල සහිත තේරී පත් නොවූ කාර්යාලයක් වන ස්වාධීන උපදේශක ආයතනය, ඇමරිකානු ආන්ඩුව තුළ දුරදිග යන වෙනස්කම් ඇති කිරීමට භාවිතා කරන ලදී.

වසර 50 කට පෙර: ග්‍රීක ආඥාදායකයා ජනරජයක් ප්‍රකාශ කරයි

Papadopoulos
ජෝර්ජිඔස් පැපඩපලොස්

 1973 ජූනි 1දා, තම ආන්ඩුව රාජාණ්ඩුව විධිමත් ලෙස අහෝසි කරන බවත් ජුන්ටාව ජනරජයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවත් ,1967 එක්සත් ජනපදයේ පිටුබලය ලත් කුමන්ත්‍රණයෙන් පසු ග්‍රීසිය පාලනය කළ මිලිටරි ජුන්ටාවෙහි ප්‍රධානියා වූ ජෝර්ජියෝස් පැපඩොපොලොස් විසින් නිවේදනය කළේය. ඔහුගේ ප්‍රකාශය තුළ පැපඩොපොලොස් තවදුරටත් නිවේදනය කළේ තමා ජනාධිපති පදවිය භාර ගන්නා බවත් මැතිවරණ සංවිධානය කරන තුරු බලයේ සිටින බවත්ය. 

ග්‍රීක මිලිටරි පාලන තන්ත්‍රයේ නායකත්වයේ අර්බුදයක් මෙම නිවේදනයට හේතු විය. ඊට ඉහත මාස ගණනාව තුල, ආන්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මර්දනය කරනු ලැබීමට එරෙහිව දහස් ගනන් විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා දැක්වීමත් සමග, පැපඩෝපොලොස් වෙත මහජන විරෝධය මතු වන්නට විය.

පැපඩෝපෝලෝස් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ආරම්භ කළේ, විප්ලවවාදී ඇඟවුම් සහිත මහජන කැරැල්ලක පෙරික්සුම පිලිබඳව බියෙන් මෙම තර්ජනය වළක්වා ගැනීම සඳහා මහජනතාව සතුටු කිරීමේ අදහසිනි. කෙසේ වෙතත් හමුදාව තුල සිටි දක්ෂිනාංශික දැඩි මතධාරීහු මෙම මෘදු ප්‍රකාශයන්ට දැඩි ලෙස විරුද්ධ වූහ. ජනරජය ප්‍රකාශයට පත් කිරීමට සතියකට පෙර ග්‍රීක නාවික හමුදාවේ නිලධාරීන් විසින් පැපඩෝපොලොස්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමට උත්සාහ ද කරන ලදී.

1967 කුමන්ත්‍රණයෙන් පැපඩෝපොලොස්  බලයට පත් වූ දා සිට ග්‍රීක රජ II වන කොන්ස්ටන්ටයින් රෝමයේ පිටුවහල්ව ජීවත් විය. එසේ තිබියදීත්, මිලිටරි ජුන්ටාව තවමත් ජුන්ටාව විසින් පත් කරන ලද රීජන්ට් විසින් ග්‍රීසියේ රාජාණ්ඩුව නියෝජනය කෙරෙන බව නිල වශයෙන් පිළිගෙන තිබුණි.

නාවික හමුදා කැරැල්ල සංවිධානය කිරීම පිටුපස කොන්ස්ටන්ටයින් සිටි බව  පැපඩෝපෝලෝස් විශ්වාස කළ අතර, ප්‍රතිගාමිත්වයේ විරුද්ධවාදියෙකු ලෙස තමා ඉහලට ඔසවා  ගැනීමට එමඟින් අවස්ථාව ලබා ගත්තේය. “ආණ්ඩුව විසින් සිදු කළ අනතුරු ඇඟවීම් නොතකා, සියලු ආකාරයෙන් විස්තර කළ හැකි ප්‍රතිගාමීන් සමඟ නැවත නැවතත් සහයෝගයෙන් කටයුතු කළ, පසුගිය යුගයට අයත් යල් පැන ගිය ඉතිරියක්” ලෙස වැඩි දුරටත් රජු හඳුන්වා දුන්නේය.

එහෙත්, “විප්ලවයේ අභිප්‍රාය වූයේ පාලන තන්ත්‍රයේ රැඩිකල් වෙනසක් කරා ගමන් කිරීම නොවේ,”යැයි එකතු කිරීමට ඔහු ප්‍රවේශම් විය. රජු තබා ගැනීමට ජුන්ටාව කැමැත්තෙන් සිටීමට ඉඩකඩ පැවැති නමුත් කොන්ස්ටන්ටයින්ගේ ක්‍රියාවන් මගින් රාජාණ්ඩුව විසුරුවා හැරීමට බල කෙරුණු බව ඔහු පැහැදිලි කළේය.

ජනරජය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පැමිණි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ග්‍රීසියේ සැබෑ බලය බෙදා හැරීමේ වෙනසක් සිදු කලේ නම්, ඒ අල්ප වශයෙනි. ජනාධිපති කාර්යාලය රාජ්‍යයේ ව්‍යවස්ථාදායක, විධායක සහ මිලිටරි පාලනය මුළුමනින්ම පාහේ පවත්වාගෙන ගියේය. නව ජනරජය පිළිබඳ ජනමත විචාරණයක් 1973 ජූලි 29 වන දින පවත්වන බවත් වසරක් ඇතුළත මහ මැතිවරණය පැමිණෙන බවත් පැපඩෝපොලෝස් ග්‍රීකයින්ට පැවසීය.

පැපඩෝපෝලෝස් පාලන තන්ත‍්‍රයේ කුරිරු කොමියුනිස්ට් විරෝධී මර්දනයන් හෙළා දකින ග‍්‍රීක ජනතාව සනසන්නට එම නිවේදනයෙන් එතරම් දෙයක් සිදු නොවීය. විශේෂයෙන්ම පැපඩෝපෝලෝස්ට පක්ෂව ආන්ඩුව විසින් වංචා කරන ලද බවට පුළුල් ලෙස දක්නා ලද ජූලි 29 ජනමත විචාරණයෙන් පසුව විරෝධතා ව්‍යාපාර වේගයෙන් වර්ධනය විය.

නොවැම්බරයේ ඇතන්ස් පොලිටෙක්නික් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ඒ වටා කැරලිකාරී තත්වයක් මතු විය. අර්බුදය මධ්‍යයේ, හමුදා නිලධාරීන් විසින්ම නෙරපා හරිනු ලැබූ පැපඩෝපෝලෝස්ගේ ඇද වැටීමට මෙම කැරැල්ල හේතු විය. 1974 ජූලි මාසයේදී, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මහජන ඉල්ලීම් සහ තුර්කිය විසින් සයිප්‍රසය ආක්‍රමණය කිරීමේ පීඩනය යටතේ හමුදා පාලනය අවසන් වීමට නියමිත ව තිබිණ.

වසර 75කට පෙර: හෙන්රි වොලස් එක්සත් ජනපද කොමියුනිස්ට් විරෝධී නීති ෆැසිස්ට්වාදී ලෙස හෙලා දකී

Wallace
හෙන්රි වොලස්

1948 මැයි 29දා සෙනෙට් අධිකරණ කමිටුවක් ඉදිරියේ කතා කරමින් හිටපු උප ජනාධිපති හෙන්රි ඒ. වොලස්, කොමියුනිස්ට් විරෝධී නීතිවල ප්‍රමුඛ කොටසක් සම්පාදනය කරනු ලැබ ඇත්තේ, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුළ සිටි “යුධ ලෝලීන්, භීතියට පත්වන්නන් සහ වෛර කරන්නන්” විසින්යැයි හෙලා දුටුවේය. දෙවන ලෝක යුද්ධය අවසන් වී යන්තම් වසර තුනකට පසුව, වොලස් අනතුරු ඇඟවූයේ, මෙම පියවර ඉදිරියට ගෙන යන්නන් “මුසෝලිනිගේ සහ හිට්ලර්ගේ ඇමරිකානු සගයන්” ලෙස ඉතිහාසයට එක් විය හැකි බවයි.

වොලස් යනු ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ගේ තුන්වන වාරයේ දී උප ජනාධිපති වී සිටි තැනැත්තා බැවින්, මෙම හෙලාදැකීම විශේෂ බරක් දැරීය. ඔහු කතා කරමින් සිටියේ, මැයි 19දා එ.ජ. සෙනෙට් සභාව විසින් සම්මත කරන ලද මුන්ඩ්ට්-නික්සන් පනතට එරෙහිව ය. එය නම් කරන ලද්දේ එහි රිපබ්ලිකන් අනුග්‍රාහකයන් හා නියෝජිතයන් වූ දකුණු ඩැකෝටාහි කාල් ඊ. මුන්ඩ්ට් සහ කැලිෆෝනියාහි රිචර්ඩ් නික්සන්ගේ නමිනි. 

මෙම පනත මගින් ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ සියලුම සාමාජිකයින්ට ඔවුන්ගේ දේශපාලන සම්බන්ධය එක්සත් ජනපද නීතිපති කාර්යාලයේ ලියාපදිංචි කිරීමට බල කරනු ලැබීමට නියමිත විය. වොලස් ඇඟවුම් කල පරිදි, එවැනි පියවරක්, පළමු සංශෝධනය සහ නිදහස් භාෂණයේ සහ දේශපාලන අනුබද්ධතාවයේ අනෙකුත් ව්‍යවස්ථාපිත ආරක්ෂාවන්ට යටින් වල කපමින්, ඉහත දී දේශපාලන විරුද්ධවාදීන් සමූහ වශයෙන් වටකර මරා දැමීමට පූර්ව සමයේ විවෘත ෆැසිස්ට්වාදී පාලන තන්ත්‍රයන් විසින් අනුයන ලද්දා වූ මීට සමාන ප්‍රතිපත්තීන් පිළිබිඹු කරන එකක් විය.  

නික්සන් ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත “අභ්‍යන්තර කොමියුනිස්ට් පෙරලිකාරීත්වයේ සංකීර්ණ ගැටලුවට නව ප්‍රවේශයක් ඉදිරිපත් කර ඇති බවයි … සියලුම කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් ලියාපදිංචි කිරීම සඳහා නීති සම්පාදනය කර දුන් එය, කොමියුනිස්ට් පෙරමුණු බව හඳුනාගත් සංවිධාන විසින් නිකුත් කරන ලද සියලුම මුද්‍රිත සහ විකාශන ද්‍රව්‍යවල මූලාශ්‍ර ප්‍රකාශයක් ඉල්ලා සිටියේය. නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කළේ එහි යෝජකයින් එම නීතිය විස්තර කර ඇත්තේ “කොමියුනිස්ට්වාදීන් පාලනය කිරීමේ” සහ ඔවුන් “සහ ඔවුන්ගේ සහචරයින් එළිමහනට” තල්ලු කිරීමේ මාධ්‍යයක් ලෙස බවයි.

කොමියුනිස්ට් පක්ෂය සම්පූර්ණයෙන්ම නීති විරෝධී කිරීම ඇතුළු අනෙකුත් විභව ක්‍රියාමාර්ග සාකච්ඡා කරන ලද අතර, නීති සම්පාදනය සදහා සභා සම්මත විය. සෙනෙට් සභාව පනත සම්මත කළේය.

වොලස් 1941 සහ ජනවාරි 1945 අතර ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ ඩිමොක්‍රටික් පක්ෂ පරිපාලනයේ එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා විය. එම ධුරය තුළ, ඔහු යුද විරෝධී හා ට්‍රොට්ස්කිවාදී සමාජවාදී කම්කරු පක්ෂයට හිංසා පීඩා කිරීම සහ වැඩවර්ජන ක්‍රියාකාරකම් සපුරා තහනම් කිරීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර රාශියකට සම්බන්ධ වී සිටියේය.

රූස්වෙල්ට්ගේ ඩිමොක්‍රටික් පක්ෂය දකුණට මාරුවීමත් සමඟ වොලස්ට එතුල පැවැති ප්‍රසාදය අහිමිව ගිය අතර, 1944 මැතිවරණයේදී රූස්වෙල්ට්ගේ සහකරු ලෙස හැරී එස්. ටෲමන්  ආදේශ කරන ලදී. රූස්වෙල්ට් මාස හයකට පසුව මිය ගිය විට ටෲමන් ජනාධිපති ධුරයට පත් විය. ටෲමන්ගේ පරිපාලනය බැඳී ගත්තේ, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය සමග එක්සත් ජනපදයේ යුද කාලීන සන්ධානයේ සිට, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපාලිත ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීම අරමුනු කරගත්, ආක්‍රමණශීලී සීතල යුද්ධ පිලිවෙතකට මාරුවීම සමග ය.

වොලස් නියෝජනය කළේ, එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය සීමාවන් තුල රඳවා ගැනීම සඳහා සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය කෙරෙහි සහනශීලී ආකල්පයක් පවත්වා ගැනීම අවශ්‍ය බවට විශ්වාස කළ, පාලක පන්තියේ  වඩවඩාත් කොන් වෙමින් සිටි කන්ඩායමකි. එබැවින් ඔහු මොස්කව් සමඟ පෙලගැසීමේ ප්‍රතිපත්තිය සමඟ සමීපව අනන්‍ය වී තිබුණි.

වසර 100 කට පෙර: නිව් ජර්සි නගරයේ ජනකාය කූ ක්ලුක්ස් ක්ලෑන් කථිකයා කතා කිරීම වළක්වති 

klu
1920 දී පමණ චිකාගෝ අසල ප්‍රදේශයේ පැවැති කූ ක්ලුක්ස් ක්ලෑන් රැලියක්

1923 ජූනි 4 වන දින, නිව් ජර්සි මුහුදුබඩ නගරයක් වන පර්ත් ඇම්බෝයි හි පැවති රැස්වීමක් අමතා කතා කිරීමෙන් කු ක්ලුක්ස් ක්ලැන් ( Ku Klux Klan -KKK ) කථිකයෙකු වැලක්වීමට කළු හා සුදු ජාතිකයන්ගෙන් සමන්විත වූ 500 ක පමණ පිරිසක් ක්‍රියා කලෝය. කථිකයා වූයේ, මුල් පදිංචිය උතුරු කැරොලිනාවේ වූ, නිව් යෝර්ක් නගරයේ ක්ලැන් මෙහෙයුම් ආරම්භ කල, ක්ලෑන් කල්ලියේ ජාතික මට්ටමේ චරිතයක් වූ ඔස්කාර් හේවුඩ් පූජකවරයා ය.  සිදුවීම වන විට නිව් ජර්සි හි KKK සංවිධානය ගොඩනැගීම සඳහා ඔහු පර්ත් ඇම්බෝයිහි ජූනියර් ඕඩර් ශාලාවේදී කතා කරමින් සිටියේය.

ප්‍රමුඛ පුරවැසියන් මෙන්ම කම්කරුවන් ද ඇතුළු සමූහයක් පිටත එක්රැස් වීමට පටන් ගත්හ. හේවුඩ් කතා කිරීමට පටන් ගත්තා පමණෙකි. කළු ජාතිකයන්, යුදෙව්වන් සහ කතෝලිකයන් ඇතුළු සිය ගණනක් විරුද්ධවාදීහු, ඔවුන් ඇතුළුවීම වැලැක්වීමට ගත් උත්සාහයකින් පසුව, ශාලාවට ඇතුළු වූවෝය. සමූහයා හේවුඩ්ට බාධා කිරීමට පටන් ගත් අතර, එහි සාමාජිකයින් ඇතැමෙකු කුඩා වේදිකාව වෙත ළඟා වන විට, සියලු දෙනා ශාලාවෙන් ඉවත් කිරීමට පොලිසිය සමත් විය. හේවුඩ් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ පිටුපස කාමරයකට පලා ගිය අතර, ක්ලෑන් ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් අතර පිටත කෝලාහලයක් ඇති විය.

අගෝස්තු මස අගදී, පර්ත් ඇම්බෝයි හි තවත් රැස්වීමක් පැවැත්වීමට උත්සාහ කිරීමෙන් පසුව, මිනිසුන් 100කට වැඩි පිරිසක් ක්ලෑන්වරුන් 30 දෙනෙකුට පොලුවලින් පහර දුන්හ.

KKK යනු සුදු ආධිපත්‍යය සහ වාර්ගික වෙන් කිරීම දේශනා කිරීමෙන් නොනැවතී, උග්‍ර ලෙස යුදෙව් විරෝධී සහ කතෝලික විරෝධී ද වූ ෆැසිස්ට් සංවිධානයක් විය. එහි ප්‍රධාන ඉලක්කය වූයේ කම්කරු පන්තියයි. ක්ලෑනය සමාජවාදී කම්කරුවන්ට, වැඩ වර්ජිත කම්කරුවන්ට සහ ලෝකයේ කාර්මික කම්කරුවෝ (IWW) සංවිධානයේ සාමාජිකයින්ට නිරතුරුව තර්ජනය කළේය. 1920 ගණන්වල දී එය උතුරු කාර්මික ප්‍රාන්තවල විශාල වශයෙන් සංකේන්ද්‍රණය වූ අතර, ඇතැම් ඇස්තමේන්තු වලට අනුව මිලියන 4 ක් වූ සාමාජික සංඛ්‍යාවක් සහිත ව, සිය විශාලතම වර්ධනය අත් දුටුවේය. 

දකුණේ දී අනීතික ඝාතන ගණනාවකට වගකිව යුතු වූ එය, කන්ෆෙඩරසියේ (1860 ගණන්වල දී දක්ෂින එක්සත් ජනපදයේ පැවැති, රාජ්‍යය විසින් නොපිළිගන්නා ලද වර්ගවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් ඉදිරිපත් කළ කණ්ඩායමකි) පරාජයෙන් පසුව ඩිමොක්‍රටික් පක්ෂයේ පැරා මිලිටරි හස්තය ලෙස 1860 ගණන්වල පළමුවෙන්ම ඉස්මතු වූයේය. ඩිමොක්‍රටික් පක්ෂය සමඟ KKK හි සමීප සබඳතා දිගටම පැවතුනි. 1927 වන විට ඔස්කාර් හේවුඩ් උතුරු කැරොලිනාවට ආපසු ගොස් ප්‍රාන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඩිමොක්‍රටිකයෙකු ලෙස තේරී පත් විය.

ඉතිහාසයේ මෙම සතිය: මැයි 29-ජුනි 4 Read More »

ja

තවත් කලාකරුවෝ ප්‍රහසන ශිල්පිනී නතාෂා නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට සහාය පල කරති

අපේ වාර්තාකරු

තම කලා නිර්මානයක් නිසා වර්ගවාදීන්ගේ හා ආන්ඩුවේ දඩයමට ලක්ව සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය නිදහස් කරගැනීම හා කලාවේ හා ප්‍රකාශයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා කොලඹ ක්‍රියාකාරී කමිටුව ඉදිරියට ගෙන ඇති උද්ඝෝෂනයට සහාය පල කරමින් කලාකරුවන් අප වෙත ප්‍රකාශ එවමින් තිබේ. 

ඇයගේ ප්‍රහසනක් අතරතුර කරන ලද ප්‍රකාශයක් විකෘති කර බුද්ධාගමට හා සිදුහත් චරිතයට අපහාස කලේ යැයි චෝදනා නගා ශ්‍රි ලංකා ආන්ඩුවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව නතාෂා මැයි 28 දින අත්අඩංගුවට ගෙන අධිකරනයට පමුනුවනු ලැබූ අතර, ඇය ජුනි 21 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ ඇය අත්අඩංගුවට ගෙන ඇති බැවින් පහල අධිකරනයෙන් ඇයට ඇප ලැබෙනු නැත.

ප්‍රකාශනයේ හා කලාවේ නිදහසට එරෙහිව හා නිදහස් අදහස්  මැඩීමට බෞද්ධ වර්ගවාදීන් හා සිංහල ස්වෝතතමවාදීන් ගෙනයන ප්‍රතිගාමී ව්‍යාපාරය ඩැහැනිමින් ධනපති ආන්ඩු  එල්ල කරම්න් ඇති අනවරත ප්‍රහාරයේ සිඳ බිඳ දැමිය යුතුය.

කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් ජුනි 01දා නිකුත් කල ප්‍රකාශයේ ඇය නිදහස් කර ගැනීම සඳහා කම්කරුවන් පෙරටගත් උද්ඝෝෂනයකට එක්වන ලෙස කලාකරුවන්,  ගොවියන්, පීඩිතයන් හා තරුනයන් වෙතින් ඉල්ලා සිටියේය. 

මෙම කැඳවුමට ප්‍රතිචාර වශයෙන් අපවෙත එවන ලද, මාධ්‍යවේදියෙක්, ගුරුවරයෙක් හා සමාජ ක්‍රියාකාරියෙක් වන අශෝක චන්ද්‍රසේකර, ප්‍රවීන රංගධර ඩබ්ලිව්. ජයසිරි හා කවිවර අහ්නාෆ් ජසීම් යන හිතවතුන්ගේ ප්‍රකාශ  මෙහි පහත පලකරමු. 

මෙම උද්ඝෝෂනය පෙරට ගැනීම සඳහා ඔබගේ විරෝධතා ප්‍රකාශය ද ‘ද සෝෂලිස්ට්’ වෙත එවන්න.

අශෝක චන්ද්‍රසේකර

ch
අශෝක චන්ද්‍රසේකර

අයිසීසීපීආර් පනත පිලිබඳ මහජනතාව දැනගත්තේ ඒ පනත යටතේ ලංකාවෙ පලමු වරට ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගත්තට පස්සෙ. ආන්ඩු දිගින් දිගටම මෙම පනත කැත විදියට අවභාවිතා කරල තියෙනවා, අයිතීන් ආරක්ෂා කිරීමට නොවෙයි ඒවා මැඩීමට. 

නතාෂගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව කලාකරුවො, සාහිත්‍යකරුවො, නිදහස් නිවහල් චින්තකයො විදියට අපි පෙනී සිටින්න ඕන. ප්‍රකාශනයේ, භාෂනයේ නිදහස ආරක්ෂා කරගැනීමට සිවිල් ක්‍රියාකාරිකයො විදියට, සාහිත්‍යකරුවො විදියට අපි බලමුලු ගැන්විය යුතුයි, එකතු විය යුතුයි, සංවිධානගත විය යුතුයි. ඒ සඳහා අප පොලඹවනු ලැබ තියෙනවා මේ මර්දනය විසින්. 

කලා නිර්මානවල අදහස් විකෘතියට ලක්කරල අහිංසක නිර්මානකරුවො දේශපාලන උවමනාවන් වෙනුවෙන් දඩයම් කරනව.  අද නතාෂට, ඊයෙ ශක්තිකට, සේපාලට වගේම අනාගතයෙ ඔබට, මට ඕනෑම කෙනෙකුට මේ ඉරනමට මුහුන දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා අපි සියලු දෙනා අපේ අයිතීන් වෙනුවෙන් පෙල ගැසෙමු!

ඩබ්ලිව්.ජයසිරි

ja
ඩබ්ලිව්. ජයසිරි

මාධ්‍ය නිදහස සීමාකිරීමේ උත්සාහයේ තීරණාත්මක දිගුවක් ලෙස කලාත්මක ප්‍රකාශනය බන්ධන අඩස්සියේ කොටුකර තැබීම ආරම්භ වී ඇත.

හිටිවන ප්‍රහසණ කලාකරුවෙක් වූ නතාෂා එදිරිසූරිය පොලොව නො උසුලන අපරාධකරුවකු සේ දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට එරෙහිව මෙරට සෞන්දර්ය කලාවේ නියැලෙන ප්‍රජාව පෙරමුණ ගැනීමට  තවමත් ප්‍රමාද වීම  මම පුදුමයට පත්කරන කාරනයක් නොවේ. එහෙත් එකිනෙකාට බලපාන පුද්ගලික කාරණා පුම්බමින් ඒවා තමං කැමති දේශපාලන පක්ෂවල සටන් පාඨ කර ගනිමින් එම කල්ලි පසුපස යමින් පහුගිය කාලයේ මහාසටන්කාමීන් වූ බොහෝ ඊනියා කලාකරුවන් අද නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ඉදිරිපත් නොවේ. ඒ ඇය බුද්ධාගමේ හරයට ගැරහූ බවට පාලකයන් මූලිකව කලා පොලිස්කාරයින් නගන මුග්ධ ප්‍රකාශයන්ට රැවටීම නිසා යයි මම සිතමි.

අහ්නාෆ් ජ‍සීම් 

ah
අහ්නාෆ් ජ‍සීම් 

ප්‍රහසන ශිල්පිනි නතාෂා එදිරිසූරිය බුදුදහමට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිරගත කර තිබීම හද කම්පා කරවන සුළුය.  ශ්‍රී ලංකාව භාෂණයේ නිදහසක් නැති රටක් බවට පත්ව ඇත.  එබැවින් මෙහි සිතන පතන කිසිම මිනිසෙකුට සිරගෙයින් පිටත ජීවත් විය නොහැක.  හිරගෙදර කොයිතරම් කුරිරුද, ඒකෙන් මනුස්සයෙක්ව මානසිකව මරන හැටි මම දන්නවා.

ශ්‍රී ලංකාව වසර හැත්තෑපහක් පුරා බ්‍රිතාන්‍ය පීඩනයෙන් මිදී ධනපති කෲර පාලකයන්ගේ ග්‍රහණයේ සිරවී ඇත.  ඒ නිසා පාලකයන් තමන්ගේ වාසි තකා ජනතාව බෙදලා, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරලා, රට පහතට ඇද දමා තියෙනවා.    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ICCPR පනත වැනි කුරිරු නීති යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික නිදහස උදුරා ගනිමින් මර්දනකාරී පාලකයින් රට සූරාකෑම දිගටම කරගෙන යයි.

බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභයගේ ජාතිවාදී පීඩාකාරී ආණ්ඩුවේ අඛණ්ඩ පැවැත්මක් ලෙස අදත් ක්‍රියාත්මක වන රනිල් වික්‍රමසිංහ පාලනය ජනතා සමගියට පහර දීම නතර කර නැත. රජය තම අතේ තබා ගැනීම සඳහා, වික්‍රමසිංහ, මහජන අරගල, හා ප්‍රකාශනයේ නිදහස යටපත් කර,  ඒකාධිපති ආඥාදායක ආණ්ඩුවක් බවට පරිවර්තනය වී ඇත.

“නවරසම්” කවි පොත ලියූ නිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මා අත්අඩංගුවට ගෙන මාස දහනවයක් සිරගත කළා.  මම තවමත් මේ පීඩාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වී නැහැ.  මට විරුද්ධව තවමත් මහාධිකරණයේ නඩුවක් විභාග වෙනවා.  මට තවමත් රැකියාවක් කරන්න අවස්ථාවක් නෑ, මා ත්‍රස්තවාදී ලයිස්තුවකට ඇතුලත් කරල තියෙනවා. මේ ආකාරයට බොහෝ ලේඛකයින්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, කථිකයන්, තරුණයින්, සමාජයේ විවිධ පුද්ගලයින් සිරගත කර වධ බන්ධනයට ලක් කරනවා.

නතාෂා කිසිම කොන්දේසියකින් තොරව වහාම නිදහස් කරන ලෙස මම බලකර සිටිනවා.  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා එක්ව සටන් කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

තවත් කලාකරුවෝ ප්‍රහසන ශිල්පිනී නතාෂා නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට සහාය පල කරති Read More »

රැස්වීම

ප්‍රසිද්ධ රැස්වීම හා සාකච්චාව: නතාෂා හා සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!

nathasha

ජුනි 17 සෙනසුරාදා  ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30 ට කොලඹ ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය නියාමනයරාජ්‍යමර්දනය සහ කලාවේ හා ප්‍රකාශනය් නිදහස යන මාතෘකා අලලා ප්‍රසිද්ධ ඔන්ලයන් රැස්වීමක් පවත්වනු ඇත.  

අන්ත ප්‍රතිගාමී බලවේගයන්ගේ උත්සුකයන් ඩැහැගනිමින් ආන්ඩුව ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගනු ලැබු⁣නේ රනිල් වික්‍රසිංහ ආන්ඩුව කම්කරු පීඩිත මහජනතාවට එරෙහි දැවැන්ත කප්පාදු පියවරයන් පටවමින් හා නව මර්දන පිඹුරුපත් සකස් කරමින් පවතින අතරතුරදීය. 

ප්‍රහාරය සමස්ත කලාවේම නිදහසට එරෙහිව දැන් එල්ල කර ඇත්තේ සියලු දක්ෂිනාංශික පක්ෂ හා ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ඇතිවය.

theSocialist.LK වෙබ් අඩවිය මගින් දැනටමත් ප්‍රස්තුත කරුනු පිලිබඳ ඔබ දැනුවත් කරනු ලැබ ඇත. ජන මාධ්‍ය නියාමනය වර්තමානයේ සාකච්චාවට බදුන් වන කරුනකි. එම යෝජනා සම්මත වුවහොත් සෑම මාධ්‍ය ආයතනයක්ම ආන්ඩුවේ සිරකරුවන් බවට පත්කරනු ලැබෙනු ඇත.

ප්‍රතිගාමීත්වයට එරහිව සිටගනිමින්, කලාවේ  හා ප්‍රකාශනයේ නිදහස අලලා කෙරෙන රාජ්‍ය මර්දනයේ අත සිඳ බිඳ දැමීම කම්කරු මහජනතාවගේ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම තුල පමනක් සාක්ෂාත් වනු ඇත.

මේ කරුනු පිලිබඳව විස්තරාත්මකව සාකච්ජා කිරීම සඳහා මෙම රැස්වීම යොමුවී ගනු ඇත.

එම සාකච්ජාවට සම්බන්ධ වීමට කලාකරුවන්, කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන්, කාන්තාවන් ඇතුලු ඔබ සැමට අපි මෙසේ ආරධනා කරමු.

පහත Zoom සැබැඳිය හා පිවිසුම් තොරතුරු හරහා රැස්වීමට සම්බන්ධ වන්න. ඔබේ අදහස් සිංහල, දෙමල හෝ ඉංග්‍රීසි යන භාෂා වලින් ඉදිරිපත් කිරීමට හැකිය. 

Join Zoom Meeting

https://us06web.zoom.us/j/83735045846?pwd=WDZGc2xQZWRKK3hUazZSVkowOHRwZz09

Meeting ID: 837 3504 5846

Passcode: 283854

කොලඹ ක්‍රියාකාරී කමිටුව

රැස්වීම

ප්‍රසිද්ධ රැස්වීම හා සාකච්චාව: නතාෂා හා සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු! Read More »

poster

ඉතිහාසයේ මෙම සතිය: මැයි 22-28

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 21 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ නිරූපිතයි.

 වසර 25 කට පෙර: පකිස්ථානය න්‍යෂ්ටික ආයුධයක් පුපුරුවා හරියි

1998 මැයි 28 වන දින පකිස්ථානය න්‍යෂ්ටික ආයුධයක් පුපුරුවා හැරියේය. පෙර සතිවල ඉන්දියාව ද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සිදු කර තිබූ හෙයින්, මෙය දකුණු ආසියානුනු කලාපය සිව්වැනි ඉන්දු-පකිස්තාන යුද්ධයක අද්දරට ගෙන ගොස් තිබුණි. න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකිරීම සාධාරණීකරණය කරමින් පකිස්ථානය චෝදනා කළේ ඉන්දියාව විසින් සිය (පකිස්තාන) න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන භූමියට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවයි. ඉන්දියාව මෙම චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ නමුත්, පකිස්ථානු පරීක්ෂණයට පෙර දිනවලදී, ප්‍රමුඛ පෙළේ ඉන්දීය රජයේ නිලධාරීන් නැවත නැවතත් අනතුරු ඇඟවූයේ ඉන්දීය හමුදා, ඉක්මනින්ම පකිස්ථානය විසින් අත්පත් කර ගෙන ඇති කාශ්මීරයට ඇතුල් විය හැකි බවයි.

Nawaz
නවාස් ෂරීෆ්, 2013 දී

 පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් න්‍යෂ්ටික අත්හදා බැලීම් නිවේදනය කරමින් සිය මැයි 28 රූපවාහිනී දේශනයේදී මහා ව්‍යසනයේ භාෂාවෙන් කතා කලේය . “අද, අපි ඉන්දියාව සමඟ ගනුදෙනු බේරා ගෙන ඇත්තෙමු,” ඔහු ප්‍රකාශ කළේය. “අද න්‍යෂ්ටික ගින්නේ න්‍යෂ්ටික ගිනිදැල් සෑම තැනම විහිදී ඇත. ඒ ගැන මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා… අපි මේ ගිනිදැල්වලට පැන්නා….’ .පසුව, පකිස්ථානය තම පරදුව ඉහළ දමමින් , ගෞරි මිසයිල ඉක්මනින් න්‍යෂ්ටික යුධ ශීර්ෂ වලින් සන්නද්ධ කරන බව ප්‍රකාශ කළේය.

බැංකු මුදල් ඇදීමත් ඇතිවනු ඇතැයි යන  බියෙන්, ෂරීෆ් ආන්ඩුව මැයි 29 සිකුරාදා ඒවා වසා දැමීමට නියෝග කළේය, පසුව විදේශ වටිනාකම් සහිත ගිණුම්වලින් විදේශ මුදල් ආපසු ගැනීම දින නියමයක් නොමැතිව අත්හිටවන බව නිවේදනය කළේය. පකිස්ථානය සතුව තිබුණේ සති හයක  ආනයනයට පමණක් සෑහෙන විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 1 ක් පමණක් වූ බැවින්, පකිස්ථානය ඊළඟ මාසයේ දී ඩොලර් මිලියන 800 ක පොලී ගෙවීම පැහැර හරිනු ඇතැයි භීතීන්  පැවතුණි.

ඉන්දියාවේ හින්දු අධිපතිවාදී බීජේපී ආන්ඩුව සහ ෂරීෆ්ගේ ඉස්ලාමීය තන්ත‍්‍රය යන දෙකම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර දීම සඳහා යුද තර්ජනය යොදා ගත්හ. න්‍යෂ්ටික අත්හදා බැලීමේ නිවේදනයෙන් පැය කිහිපයක් ඇතුළත,  පකිස්ථාන ජනාධිපති රෆීක් තරාර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සිවිල් අයිතිවාසිකම් අත්හිටුවමින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, ඒ අනුයමින්, පකිස්ථානයට එරෙහි සිය ආක්‍රමණශීලී ආස්ථානයේ සියලු විරුද්ධවාදීන් “පක්ෂපාතී නැතිවුන්” ලෙස නම් කලේය.

නව දිල්ලියේ සහ ඉස්ලාමාබාද්හි පාලක කල්ලි තර්ජන හුවමාරු කරගනිමින්, න්‍යෂ්ටික ආයුධ, මිසයිල සහ අනෙකුත් මහා විනාශකාරී ආයුධ ප්‍රදර්ශනය කරමින් , “ජාතික සමගිය” සඳහා ආයාචනා කරන තරමට, ඔවුන් පොදු ගමන් පථයක සිටින බව වඩාත් පැහැදිලි විය. එකිකිනෙක රටේ ජාතික ධනේශ්වරය ස්වෝත්තමවාදය සහ මිලිටරිවාදය භාවිතා කළේ තමන්ගේ ප්‍රතිගාමී සමාජ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි යොමු වන මහජන අවධානය වෙනතකට යොමු කිරීමට සහ වැඩෙන සමාජ කනස්සල්ල සහ අපේක්ෂා භංගත්වය ප්‍රතිගාමී දිශාවකට යොමු කිරීමටය.

වසර 50 කට පෙර: තම මුහුණ (අවමානයෙන්) බේරා ගැනීමට උත්සාහ කරමින්, නික්සන් වෝටර්ගේට් වසන් කිරීම පිළිගනී

1973 මැයි 22 දින, එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් ප්‍රථම වතාවට තම පරිපාලනයේ ඉහළ පෙළේ සාමාජිකයන් ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයේ වෝටර්ගේට් සහ ඩැනියෙල් එල්ස්බර්ග්ගේ මනෝ වෛද්‍යවරයාගේ කාර්යාල වල   ‘ගොඩනැගිලි බිදීමට’ සහභාගී වූ බව පිළිගත්තේය. එක්සත් ජනපද සෙනෙට් විමර්ශනය, සෝලිය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම ආරම්භ කර සතියකට පසුව පිළිගැනීම සිදු විය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් රොනල්ඩ් සීග්ලර් මගින් මාධ්‍ය වෙත, ලිඛිත ධවල මන්දිර ප්‍රකාශයක් නිකුත් කරමින් නික්සන් පිළිගත්තේ,  “ආචාරධර්ම විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු වූ බව පැහැදිලිය” යන්න සහ වෝටර්ගේට් ඔත්තු බැලීමේ කුමන්ත්‍රණය වසන් කිරීමේ උත්සාහයක් පැවති බවයි.  ඔහුගේ පරිපාලනය, “ජාතික ආරක්ෂාවටට” තර්ජන ඇති  බව කියමින් ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව රහසිගත ඔත්තු බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නික්සන් විසින්  පිළිගත්තේය. එල්ස්බර්ග් විසින් පෙන්ටගන් පේපර්ස් (Pentagon Papers) මුදා හැරීමෙන් පසුව ධවල මන්දිරය විසින් රජයේ අනෙකුත් රහස් හෙළිදරව් වීම වැලැක්වීම සඳහා ” ද ප්ලමර්ස් “⁰ (The plumbers) නමැති රහස් ඔත්තු කණ්ඩායම නිර්මාණය කළ බව ද ඔහු පිළිගත්තේය.

ධවල මන්දිරය වෙනුවෙන් මෙම පිළිගැනීම,  කිසිදු වරදක් සිදු නොකළ බව පෙර ප්‍රකාශයන්ගෙන් තියුණු හැරීමක් විය. එහෙත් නික්සන් තවමත් කියා සිටියේ නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව තමාට දැනුමක් නොතිබූ බවයි. “ඔවුන්ට හෝ තවත් සමහරෙකුට වෝටර්ගේට් සම්බන්ධව තිබිය හැකි කිසියම් සම්බන්ධයක් වසන් කිරීම පිනිස මගේ නියෝග ඉක්මවා ගොස් ජාතික ආරක්‍ෂක මෙහෙයුම් ආරක්‍ෂා කිරීමට මා දරන උත්සාහය පුළුල් කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සිටි බැව් දැන් පෙනේ,” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඉල්ලා අස්වීමේ අදහසක් නොමැති බව පැහැදිලි කරමින් නික්සන්  අතිරේක ප්‍රකාශයක් ද නිකුත් කලේය .  “මම මගේ වගකීම් අත්හරින්නේ නැහැ. මාව  තෝරා පත් කර ගත් කාර්යය මම දිගටම කරන්නෙමි. ”

නික්සන් පරිපාලනය “විධායක වරප්‍රසාද” සඳහා නීත්‍යානුකූලව සැක සහිතවූ අයිතිය ඉල්ලා සිටි අතර, එය ඔහුගේ පරිපාලනයේ ඉහළම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු සාක්ෂි දීමෙන් වලක්වනු ලැබීය. එසේ වුවද, මෙතෙක් පහළ මට්ටමේ නිලධාරීන් විසින් ලබා දී තිබූ සාක්‍ෂි අපකීර්තිමත් චිත්‍රයක් මවා පාමින් තිබුණි.

Caulfield
1973 මැයි 22 වැනි දින මධ්‍යසාර, දුම්කොළ, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ කාර්යාංශයේ නිලධාරි ජැක් කෝල්ෆීල්ඩ් වෝටර්ගේට් නඩු විභාගයේදී සෙනෙට් සභාව හමුවේ සාක්ෂි දෙන ලදී.

නික්සන් වසන් කිරීම පිළිගත් දිනයේම, දුම්කොළ, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු වන ජෝන් ජේ. කෝල්ෆීල්ඩ්, හිටපු ධවල මන්දිර උපදේශක ජෝන් ඩබ්ලිව්. ඩීන් සහ හිටපු ධවල මන්දිර ස්වදේශ කටයුතු උපදේශක ජෝන් ඩබ්ලිව්. එර්ලිච්මන්, වෝටර්ගේට් සොරුන්ගෙන් එක් අයෙකු වන ජේම්ස් මැක්කෝඩ්ට ඔහු නිශ්ශබ්දව සිට අනෙකුත් ධවල මන්දිර නිලධාරීන් අපරාධයට සම්බන්ධ බවට සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළහොත් ඔහුට සමාව ලබා දෙන බවට යෝජනා කරන ලෙස නියෝග කර තිබු බවට සාක්ෂි දුන්නේය.

මෙම හෙළිදරව් කිරීම් දැන් ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ, සාක්ෂි වලින් හෙළිදරව් වූ තරමේ  ප්‍රමාණයක් පිළිගැනීමට නික්සන්ට සිදුවිය.  කෙසේ වෙතත්, ඔහු ඊට වඩා වැඩි යමක් නොපැවසීමට ප්‍රවේශම් වූ අතර කුමන්ත්‍රණයේ තමාගේම භූමිකාව සම්බන්ධ තොරතුරු පිළිබඳව නොපැහැදිලි විය.  ඒ වන විට, කිසිදු සාක්ෂියක් කුමන්ත්‍රණයට නික්සන්ව  සෘජුව සම්බන්ධ කර නොතිබුණි. නිදසුනක් වශයෙන්, කෝල්ෆීල්ඩ් සෙනෙට් සභාවට පැවසුවේ නික්සන් මැකෝර්ඩ්ට සමාව පිරිනැමීම අනුමත කර ඇති බව හෝ දැන සිටි  බව හෝ  ගැන තමන්ගේම  දැනුමක් නොතිබූ  බවයි.

වසර 75 කට පෙර: GM වැටුප් වැඩි කිරීමට සහ ජීවන වියදම් දීමනාවට එකඟ වේ

 1948 මැයි 25 දින, ජෙනරල් මෝටර්ස් (GM) නිවේදනය කළේ, තමන් පැයකට ශත එකොළහක වැටුප් වැඩිවීමක් ලබා දෙමින් එක්සත් මෝටර් රථ කම්කරු (යූඒඩබ්ලිව්) වෘත්තීය සමිතිය සමඟ නව ගිවිසුමක් ඇති කර ගත් බවයි.  යූඒඩබ්ලිව් නිලයධරය විසින් ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන ලද ගනුදෙනුව, මෝටර් රථ කම්කරුවන් 225,000 ක් සම්බන්ධ කර ගැනීමට තිබූ වැඩ වර්ජනයක තර්ජනය යටතේ සිදු කරන ලදී

වඩාත්ම කැපී පෙනෙන ලෙස, GM කොන්ත්‍රාත්තුව, ජීවන වියදම් (COLA, හෝ ජීවන වියදම් ගැලපීම) මත පදනම්ව ස්වයංක්‍රීය වැටුප් දීමනාවක් සහිත එක්සත් ජනපදයේ පළමු ප්‍රධාන වෘත්තීය සමිති ගිවිසුමයි.  එය එක්සත් ජනපද කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් සපයන සංඛ්‍යාලේඛන මත පදනම්ව සෑම මාස තුනකට වරක්  උද්ධමනයට අනුරූප වන වැටුප් වැඩි කිරීම් සඳහා කටයුතු සලසන ලදී.  

workers
මිචිගන් හී වයෝමිං වල ජෙනරල් මෝටර්ස් 36 වැනි වීදි කම්හලේ 1945-46 වැඩවර්ජනය අතරතුර මෝටර් රථ කම්කරුවන්.

ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී සංවිධානය වන සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී), ගිවිසුම මගින් සලකුණු කරන ලද වෙනස සටහන් කර ගත්තේය. වසර ගනනාවක් තිස්සේ ට්‍රොට්ස්කිවාදීහු කම්කරුවන් මුහුන පාන පිරිවැයට වැටුප් සම්බන්ධ කරනා  (ස්ලයිඩින්) වැටුප් පරිමාණයක් ඉල්ලා සිටියහ. යූඒඩබ්ලිව් ඇතුළු වෘත්තීය සමිති නිලධරයන් මෙම ඉල්ලීමට විරුද්ධ වී තිබුණි.

කෙසේ වෙතත්, යූඒඩබ්ලිව්-ජීඑම් ගණුදෙණුවේ අඩංගු වූයේ කුඩා සැබෑ වැටුප් වැඩිවීමක් පමණක් වූ  අතර, යථාවක් ලෙස කළමනාකරණ ආඥාදායකත්වයක් ක්‍රියාත්මක වෙමින් පැවතුණ අතර, කොන්දේසි වල  වැඩිදියුණු වීමක් සිදු නොවුනි.  එස්ඩබ්ලිව්පී සඳහන් කළ පරිදි, “යූඒඩබ්ලිව් නායකයින් ස්ලයිඩින් පරිමාණ වැඩසටහන පිළිගෙන ඇත්තේ , සැබෑ මූලික වැටුප් වැඩි කිරීම, සුබසාධන ප්‍රතිලාභ සහ දුක්ගැනවිලි පිළිබඳව වැඩි දියුණු කිරීම් ආදිය සඳහා ශක්තිමත් කිරීමක් ලෙස නොව, ආදේශකයක් ලෙස ය.”

GM කොන්ත්‍රාත්තුව අනුමත කරන ලද්දේ වෘත්තීය සමිති නිලධරය විසින් පාවාදීම් මාලාවක් සිදු කිරීම  මධ්‍යයේ, සාපේක්ෂව සීමිත වැටුප් වැඩිවීම් මගින් දිග්ගැස්සුනු ආරවුල් අවසන් කිරීමෙනි. මැයි 21දා, CIO එක්සත් පැකින්හවුස් කම්කරුවන් (United Packinghouse Workers) ගේ දින 67ක වැඩවර්ජනය, එක් ප්‍රධාන සමාගමක් හැර අනෙකුත් සියලුම සමාගම් පැයකට ශත නවයක් ඉහල නැංවීමට එකඟ වීමෙන් පසුව, අවසන් කරන ලදී. මැයි 28දා , යූූඒඩබ්ලිව් නිලධරය  ක්‍රයිස්ලර් මෝටර් රථ කම්කරුවන් සඳහා පැයකට ශත දහතුනක වැඩිවීමක් ලැබීමෙන් පසු , දින 13ක වැඩ වැරීම නතර කළේය.

ආසන්න පශ්චාත් යුධ වර්ෂවලදී, කාර්මික අරගලයේ දැවැන්ත නැගිටීමකින් ඇමරිකානු ධනවාදය කම්පා වී තිබුණි. උද්ධමනය සැලකිය යුතු ලෙස වැඩි වීම මධ්‍යයේ, යුද කාලීන වැටුප් කැටිකිරීම් සහ පශ්චාත් යුධ කප්පාදුවේ ප්‍රතිවිපාකවලට එරෙහිව කම්කරුවන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග, ප්‍රධාන කර්මාන්ත සියල්ලෙහිම ප්‍රධාන වැඩ වර්ජන සිදු විය. GM සහ අනෙකුත් මෝටර් රථ සමාගම් වලට  දිග්ගැස්සුනුු වැඩ  නැවතුම් වලින් පහර වැදුණි. යූඒඩබ්ලිව් ඇතුලු වෘත්තීය සමිති, මෙම  වර්ජන ලාභ පද්ධතියට එරෙහිව සමස්ත කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් තුලට ඒකාබද්ධ වීම වැලැක්වීමට හැකි සෑම දෙයක්ම කර තිබුණි.

1948 මැද භාගය වන විට, සියල්ලටත් වඩා ස්ටැලින්වාදීන්ගේ පශ්චාත් යුද නැඟිටීම පාවාදීම් මත පදනම් වූ, ඇමරිකානු හා ලෝක ධනවාදයේ ස්ථායීකරනයක සලකුනු දක්නට ලැබුණි. සෝවියට් සංගමයට එරෙහිව එල්ල කරන ලද ආක්‍රමණශීලී සීතල යුද්ධ ප්‍රතිපත්ති ද ඇතුලුව එක්සත් ජනපදය එහි ගෝලීය ආධිපත්‍යය වඩ වඩාත් තහවුරු කරමින් සිටියේය. GM සහ අනෙකුත් මෝටර් රථ සමාගම් ජාත්‍යන්තරව සිය මෙහෙයුම් පුළුල් කරනු දක්නට ලැබුනිනි. මෙම කොන්දේසි යටතේ, සීමිත සහන සැලසීම,  ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩා පුලුල් අවශ්‍යතා පෙරට ගැනීම අරමුනු කරගත් කාර්මික සාමය සඳහා ගෙවීමට අවශ්‍ය වන මිල ලෙස, පාලක ප්‍රභූවේ වඩා දූරදර්ශී කොටස් සැලකූහ.

වසර 100 කට පෙර: ජර්මනියේ රූර් නිම්නයේ මහා වැඩ වර්ජන පැන නගී

poster
1921 සිට ජර්මානු කොමියුනිස්ට් ප්‍රචාරක පෝස්ටරයක්. ඉහළින් ඇති සටන් පාඨය වන්නේ “කම්කරුවනි! කාන්තා කම්කරුවනි! ඔබට යාමට අවශ්‍ය කුමන මාර්ගයද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදයටද කොමියුනිස්ට් පක්ෂයටද?”

1923 මැයි 26දා ජර්මනියේ කාර්මික කේන්ද්‍රස්ථානය වූ ප්‍රංශය විසින් අල්ලාගෙන සිටි රූර් නිම්නයේ කම්කරුවන් 300,000 කට අධික පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියහ.

කලාපයේ වැඩ වර්ජන රැල්ලක් සතියකට පෙර පුපුරන සුලු බලයෙන් ආරම්භ විය. කම්කරුවෝ කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩී) බලපෑම යටතේ වර්ජන කමිටු සහ සභා පිහිටුවනු ලැබුණි. ගෙල්සන්කර්චර් Gelsenkirchen නගරයේ, වර්ජකයෝ කම්හල් හා ෆැක්ටරි 30කට අධික ප්‍රමාණයක් වසා දැමූ අතර ආහාර ද්‍රව්‍ය සඳහා ගබඩා වලට කඩා වැදුණහ. එහි වැඩ වර්ජකයෝ තමන්ගේම පොලිස් බලකායක් පිහිටුවා ගත්හ. බොකම් (Bochum) හි වර්ජකයෝ රජයට පක්ෂපාතී පුවත්පත් වසා දැමූහ.

රූර් නිම්නයේ ජර්මානු බලධාරීන් විශේෂ සන්නද්ධ පොලිසියක් යැවීමට ප්‍රංශ අණදෙන නිලධාරියාගෙන් අවසර ඉල්ලා සිටියහ. ඩුසල්ඩෝර්ෆ්  (Düsseldorf) හි එක් නිලධාරියෙක් ප්‍රංශ හමුදාවට මෙසේ ලිවීය: “මේ සම්බන්ධව සිහිපත් කිරීමට මම අවසර පතමිපතමි: පැරිස් කොමියුනය පැවති කාලයේ [1871 දී ජර්මානු පැරිස් ආක්‍රමණයේ දී] මර්දනකාරී ක්‍රියාමාර්ග ගනිමින් ප්‍රංශ බලධාරීන්ගේ අවශ්‍යතා සපුරාලීමට ජර්මානු විධානය හැකි සෑම දෙයක්ම කරන ලදී.”

වැඩ වර්ජනවලට මැදිහත් වීමෙන්  මෙතෙක් වැළකී සිටී ප්‍රංශයන් මෙයට  එකඟ  වුනි. වර්ජකයින් සහ පොලිසිය අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඉදිරි දින කිහිපය තුළ පුද්ගලයන් 15 කට වැඩි පිරිසක් මිය ගියේය. මැයි 27 වන විට සිවිල් යුද තත්වයන් වර්ධනය වෙමින් පැවතුනි. නිව් යෝර්ක් ටයිම්ස්,  කේපීඩී රැස්වීමක් පොලීසිය සහ ධනේශ්වර ස්වේච්ඡා භටයින් විසින් විසුරුවා හරින ලද බොකම් හිදී ,”ධනේශ්වර ප්‍රති-විප්ලවවාදී ව්‍යාපාරයක්” මතුවෙමින් පවතින බව ලිවී ය.කෙසේ වෙතත්, වර්ජකයින් ප්‍රතිප්‍රහාර වශයෙන්, එදින සවස ප්‍රතිවිප්ලවවාදීන් නවාතැන් ගෙන සිටි ගිනි නිවන දෙපාර්තමේන්තු බැරැක්ක වට කළහ. 

ආසන්නතම හේතුව අධි උද්ධමනයයි. මැයි 22 දා, ඩොලරයක අගය ජර්මානු මාර්ක්   57,000 ක විනිමය අනුපාතයකට කඩා වැටුණි. පාන් මිල එක රැයකින් සියයට 100කින් වැඩි වූ අතර රජය ට්‍රොලි ගාස්තු තුන් ගුණයකින් වැඩි කළේය.

කම්කරුවන් හාම්පුතුන්ට මෙන්ම, ජර්මනියේ යුද වන්දි ගෙවීම බලාත්මක කිරීම සඳහා ජනවාරි මාසයේදී රූර් නිම්නය අත්පත් කරගත්   ප්‍රංශ හමුදාවටද  විරුද්ධ වී සිටියහ. නමුත් දැන් එහි සහ ජර්මනියේ සෙසු ප්‍රදේශවල විප්ලවීය තත්වයක් මතුවෙමින් තිබුණි. නැගෙනහිර ජර්මනියේ , සැක්සනි හි ඩ්‍රෙස්ඩන් ද මහජන විරෝධතා අත් දුටුවේය. එහිදී රැකියා විරහිතයන්ගේ සංගමය කඩ වසා දැමුවේ, තොග වෙළෙන්දන්ට බලපෑම් කර මිල අඩු කර ගැනීමේ අපේක්ෂාවෙනි.

ඉතිහාසඥ පියර් බෘවේ (Pierre Broue) යුගයේ මනෝභාවය විස්තර කරයි. පැරණි බොල්ෂෙවිකයෙකු  සහ සෝවියට් තානාපති වන වී. වී වොරොව්ස්කි  ස්විට්සර්ලන්තයේ දී ඝාතනය කිරීමෙන් පසු ඔහු මෙසේ ලිවීය.

“ඝාතනයට සහ රුසියාවට පහර දීමේ සැලසුම්වලට එරෙහිව, මැයි 13දා දින, පෙලපාලිකරුවන් 100,000ක් පමණ KPD විසින් බර්ලිනයට  ආකර්ෂණය කර ගත්තේය. මැයි 16 වන දින, 150,000 කට වැඩි පිරිසක් මොස්කව් වෙත ගමන් කරමින් තිබූ වොරොව්ස්කිගේ මිනී පෙට්ටිය වටකර යෝධ පන්දම් දල්වාගත් උද්ඝෝෂණයක් පැවැත් වීය. වික්ටර් සර්ජ් පසුව ලිව්වේ  එය, ‘විප්ලවවාදී බලමුලු ගැන්වීමේ කාල පරිච්ඡේදයේ ආරම්භය සනිටුහන් කලා’ සේය. “

ඉතිහාසයේ මෙම සතිය: මැයි 22-28 Read More »

cacps

කලාවට එරෙහි ප්‍රතිගාමී බලඇනියට කොලඹ ක්‍රියාකාරී කමිටුව අභිමුඛ වේ 

අපේ වාර්තාකරු

හිටිවන ප්‍රහසන (Stand-up comedy) රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කැඳවූ ජුනි 7 දින කොටුව උසාවිය අසල කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) ඇය ආරක්ෂා කරමින් උද්ඝෝෂනයක නිරත විය.  

උසාවිය අසල ඇයට එරෙහිව විරෝධතාවයක නිරතවෙමින් ‘නව ජනතා පෙරමුන’ නමින් පෙනී සිටි, පනහක් පමන භික්ෂූන් ඇතුලත් සියයකට මදක් වැඩි කන්ඩායමක් පහත දැක්වෙන සටන් පාඨ පුවරු ඔසවාගෙන සිටියහ: “රට වනසන ආගමික කුමන්ත්‍රනවලට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරනු!” “ආගමික සංහිදියාවට බාධා කරන්නන් වහා අත්අඩංගුවට ගනු!”  “ආගමික සංහිඳියාවට බාධා පමුනුවන stand-up comedy වලට සල්ලි එන්නේ කොහෙන් ද?” “stand-up comedy බලල් අත කාගේ ද?” “මහ මොලකරු කවුද?” “නතාෂා- බෲනෝ එන්ජීඕ කාක්කෝ!”

නතාෂා මැයි 28 දින අත්අඩංගුවට ගනු ලබන්නේ බුද්ධාගමට අපහාස කලේ ය යන චෝදනාව මත වන අතර ඉහත සදහන් උද්ඝෝෂන කන්ඩායම හුදෙක් “ආගමික සංහිඳියාව” මිස බුද්ධාගමට විරුද්ධ වීමක් ගැන වචනයක්වත් සිය පුවරුවල ලියාගෙන තුබුනේ නැත. වරප්‍රසාධිත සිංහල බෞද්ධ, ධනේශ්වර දේශපාලන ව්‍යාපාරය භාවිත කරන ‘ආගමික සංහිදියාව’ යන පදයට නිශ්චිත පන්ති අර්ථයක් ඇත. එනම්, එය, පන්ති පාලනය අර්බුදයකට මුහුන දෙන සැම අවධියකම තමන් විසින් සංවිධානාත්මකව ඉස්මත්තට ගනු ලබන ආගමික පසමිතුරුකම් අවශ්‍ය මොහොත දක්වා සමහන් කර තබනු වස්, කලින් කලට ඔප දමා ඉදිරියට වඩම්මන අධිපතිවාදී ව්‍යාජයකි. බුද්ධාගමට ‘මූලිකස්ථානය’ දිය යුතු යැයි ද රාජ්‍යය එයට අනුග්‍රහයය දිය යුතු යැයි ද වරප්‍රසාද පවරමින් අන්‍ය ආගමිකයන්ට  හුදෙක් ආගමක් ඇදහීම හා සංවිධානය කිරීම  යන අයිතිය ඇතැයි නීති ගත කරන වර්ගවාදී ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මෙම පල්ල ගිය ‘සංහිඳියාවේ’ දිග පලල තීරනය වී තිබේ. පීඩිත, සුලු වාර්ගික, ආගමික කන්ඩායම් සම්බන්ධයෙන් ගත් කල ඉන් අදහස් වන්නේ මෙකී ආධිපත්‍යය ප්‍රශ්න කිරීමෙන් තොරව පිලිගැනීමයි.

කම්කරු මහජනතාව ඕනෑම පුද්ගලයෙකු තමන්ට කැමති ආගමක් ඇදහීමට හෝ නිරාගමිකව සිටීමට ඇති අයිතිය ආරක්ෂා කල යුතු අතර, කම්කරු පන්තියේ භේදකරනයන් උත්සන්න කිරීම පරාජය කල යුතු වීමේ අර්ථයෙන්  ඒවා අතර ගැටුම් ප්‍රතික්ෂෙප කල යුතු ය. එම අයිතිය පිලිගන්නා, ඒ ගැන සෑබෑ ලෙස උනන්දු වන අය, ගලගොඩ අත්තේ ඥානසාරගේ සිට ඩෑන් ප්‍රියසාද් දක්වා වූ වඳ කොත්තු, වඳ යට ඇඳුම් මෙන් ම පැලෝපීය නාලවලින් වඳ කරන සැත්කම් පිලිබද විසකුරු ආගම්වාදී හා වර්ගභේදවාදී කථා නිර්මානය කලවුන් ගැන සලකා බැලිය යුත්තෝ ය. පෙර කී ව්‍යාපාරයෙන් හා තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයෙන් උරුම වූ දායාද අතරින් බලල් අත්, මහ මොලකරුවන් සහ එන්ජීඕ කාක්කන් යන කොටස් පමනක් ඉතා අමාරුවෙන් ඉතිරි කරගෙන ඇතත්, ඒවායේ ද වටිනාකම අඩු වී, වෙලඳාමෙන් අලාභ විදින්නට ඊනියා නව ජනතා පෙරමුනට සිදු වී තිබූ බව පෙනී ගියේ ය. පිරිවෙනකින් වැනි තැනකින් පුරුදු කර මහ උන්නාසේලාගේ ආධිපත්‍ය මත කැදවාගත් සාමනේර පිරිස කල් ඇතිව පිටත් කිරීමට සිදු වූ විට උද්ඝෝෂණ කන්ඩායම අඩකින් කැපී ගියේ ය.

නව ජනතා පෙරමුනේ කොටසක් වන, නව ජනතා භික්ෂූ පෙරමුනේ මහ ලේඛම් හා ජනතා අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් පදනංගල සමිත නමැති භික්ෂුව ඇතුලු නායකයන්, උද්ඝොෂනය අතරතුර මාධ්‍යයට කල ප්‍රකාශය ඉල්ලා සිටියේ ධනපති පාලනයට විරුද්ධව කම්කරු පන්තියේ ඒකාබද්ධතාව බිද දමන ඉහත කී සිංහල බෞද්ධ ‘සංහිදියාව’ ය. ඔහු සිය කතාව ආරම්භයේම ඇද බෑවේ මුසාවාදයකි: “මේ නතාෂා කියන ස්ත්‍රිය, මගේ උතුම් බුදු රජානන් වහන්සේගේ දේශනාව සහ සිද්දාර්ථ ගෞතමයන් වහන්සේගේ චරිතය අලලා නො යෙක් විදිහේ නින්දා වන ආකරයේ කටයුතු කරන්නට යෙදුනා” යි කී ඔහු තමන් සියලු ආගම් වෙනුවෙන් පෙනී සිටින බව ද කී ය. “නතාෂාට සල්ලි පොම්ප කරන ඩයස්පෝරාවක්” නැමැති ගෝනි බිල්ලෙක් ද මේ භික්ෂුව විසින් මවා පෑවේ ය. “ශ්‍රී ලංකා රාජ්‍ය දෙකඩ කරනවා”  “නතාෂා නමැති කාන්තාව එලියට ගන්න නිරාගමිකයො වෙර මහන්සිය දරනවා”, “මේ නිරාගමිකයෝ මේ රටේ පාලන බලය ඉල්ලනවා.” ඔහු විලාප නැගී ය. 

අනතුරුව ප්‍රකාශයක් කල එම කන්ඩායමේ ගයත්‍රී සොයිසා අත් අඩංගුවට ගත යුතු ලයිස්තුවක් ප්‍රකාශයට පත් කලේ ය. “ජෙරම්, නතාෂා විතරක් නො වෙයි, සමනලී පොන්සේකා (රංගන ශිල්පිනී), බුදුන්ගේ රස්තියාදුව නම් පොතක් ලියූ උපුල ශාන්ත සන්නස්ගල, ජය ශ්‍රී මහ බෝධී හාමුදුරුවො ලග අඩියක් ගහන්න පුලුවන් නම් හොදයි කියපු (ප්‍රවීන රංගන ශිල්පී, ගීත රචක, හා ලේඛක) ජයසිරිලා වගේ අතීතයේ ඉදන් එන මේ නාඩගමේ කොටස්කරුවො සියලු දෙනාම” දඩු ගැසීමට යොජනා කලේ ය.

නව ජනතා පෙරමුන වෙනුවෙන් නතාෂාට එරෙහි පොලිසයට පැමිනිලි කල පුද්ගලයෙකු වන විමුක්ති ජයසුන්දර ආගම මිනිසාගේ අබිං ය යන මාක්ස්ගේ ප්‍රකාශය හෙලා දකිමින් “හැබැයි මේ අවසාන ලෙස කියන්නේ අපි මෙතනින් එහාට නිහඩව, නිස්ශබ්දව ඉවසිලි වන්තව ඉන්නේ නෑ” යි තර්ජනය කලේ ය. 

සමස්ථ ආගම් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි මවා පෑ මෙම කථිකයෝ භාෂනයේ නිදහසට මුවා වීම ගැන අවධාරනය කලහ. එදින ම සවස් වන විට එහි අර්ථය මොනවට පැහැදිලි කරමින් සියලු රූපවාහිනී නාලිකා මෙම ප්‍රතිවප්ලවවාදී උද්ඝෝෂනය උත්කර්ෂයට නැංවූ වාර්තා විකාශනය කල අතර නතාෂාගේ හා කලාවේ, ප්‍රකාශනයේ හා භාෂනයේ නිදහස වෙනුවෙන් කොලඹ ක්‍රියාකාරී කමිටුව ඔවුන් අභිමුවේ සිට කල උද්ඝෝෂනය මහජනයාගෙන් වසන් කලේ ය. ඒවයේ ඇතැම් මාධ්‍යවේදීන් කොක්‍රික ප්‍රකාශන වාර්ථා ලබාගත් නමුත් මාධ්‍ය ආයතන ඒවා ප්‍රචාරය කිරීම ප්‍රතික්ශේප කර තිබිනි.   

මුල දී, කොලඹ ක්‍රියාකාරී කමිටුව නව ජනතා පෙරමුනට අභිමුඛව සිය සටන් පාඨ එසවූ විට, එකිනෙකාට එරෙහි පාර්ශව දෙකක් අභිමුඛව සිට උද්ඝෝෂනය කිරිම ප්‍රශ්නයක් වන බවත් ඒ නිසා කොක්‍රික පිරිස ඈතට යා යුතු බවත් පොලිසියේ නිගමනය විය. කොක්‍රික කියා සිටියේ “ඔවුන්ට තමන්ගේ අදහස වෙනුවෙන් පෙනී සිටීමට නීතියට අනුව හැකි බව අප පිලිගන්නා අතර අපටද එම අයිතිය ම ඇති” නිසා මෙතැන ප්‍රශ්නයක් මතු විමට හේතුවක්  නැති බව ය. එවිට පොලිසිය කැරලි මර්දන හමුදාව ද කැඳවා සීරුවෙන් තබන ලදී.

කොක්‍රික “නතාෂා සහ බෲනෝ නිදහස් කරනු, ඔවුන්ට එරෙහි බොරු නඩු ඉවත් කර ගනු” යන සටන්පාඨ එසවූ අතර ඒ සඳහා කම්කරු පන්තිය ප්‍රමුඛ ගොවි, ශිෂ්‍ය හා බුද්ධිමය ක්ෂේත්‍රවල නිදහස පතන සියල්ලන් මේ අරගලය වටා එක්රැස් වන ලෙස ඉල්ලා සිටියේ ය. 

පිකට් කිරීම අතරතුර මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් කල කොක්‍රික ලේකම්, ප්‍රවීන මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මෙසේ ප්‍රකාශ කලේ ය:

“මාධ්‍යවේදීන් හැටියට අපටත් ප්‍රශ්නයක් තියෙනවා අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය පිලිබව.. නතාෂට බල පෑවේ කලාවේ නිදහස ගැන ප්‍රශ්නයයි. මේ අරගලය මතුවන්නේ කලාවේ නිදහසට අන පැනවීමට විරුද්ධවයි. කලාවට අන පැනවීම භයානක තත්වයක්. මම මාධ්‍යවේදියෙක් හා කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් හැටියටත් කියන්නේ නතාෂාගේ කතාව හරියට සිහිබුද්ධියෙන් ඇහුවා නම් ඇගේ ඉදිරිපත් කිරීමේ දී ඇය මතු කරන්නේ …. ආගමික කතාවක් නො වේ.

“එය වෙන කතාවකි. කාන්තාවක් හැටියට, මේ සමාජය ඇතුලේ තමන්ගේ පීඩනය නතාෂා මුදා හැර ඇත. එය විප්ලවකාරි වැඩකි. එහි ඇත්තේ විප්ලවීය අංකුරයකි. ආගමික ප්‍රශ්න උඩ මින් පෙර අත් අඩංගුවට ගත් අයගේ කතාවට වඩා වෙනස් කතාවක් මෙහි ඇත. සිහල ස්වෝත්තමවාදී, බෙෘද්ධ අන්තවාදී නැගීටීමක් ඇතුලෙන් මෙය පාවිච්චි කරන්න හදන්නේ ආන්ඩුව විශාල වසයෙන් මෙයට ඇති බය නිසයි. මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමෙන් සමාජය නැගිටිනවා. කාන්තාවෝ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා, ඇත්ත නේ මේ නතාෂා කියන්නේ කියා. ඒක දැනටමත් සිදු වී තිබෙනවා.

“බෞද්ධ බාලිකාව සම්බන්ධයෙන් වෙනස් යථාර්ථයක් ඇය පෙන්නුම් කරයි. ඒ වැනි අදහස් ප්‍රකාශ කරන්න අයිතිය ඇත. බුදුන්වහන්සේ හෝ ක්‍රිස්තුන්වහන්සේ හෝ ආගමීක කරුනු ගැන සාමාන්‍ය සමාජයේත් මේ වාද විවාද කෙ‌රෙනවා. මේ අපි ඉස්සරහ ඉන්න අය කියන කතාව නෙවේ ආන්ඩුවට තියෙන්නෙ. “ආන්ඩුව බය මේ අදහස් නිසා සමාජය නැවත නැගිටල ජූලි නවය වගේ තත්වයක් ඇති වෙයි කියා. එනිසා මේ කාන්තාව මට අනුව නම් විප්ලවකාරී කාන්තාවකි. අපි ආරක්ෂා කරන්නේ හුදෙක් නතාෂා වෙනුවෙන් පමනක් නො වේ. මේ රටේ කම්කරු පීඩිත ජනතාවගේ ප්‍රකාශනයේ භාෂනයේ හා කලාවට පනවන මේ බරපතල තර්ජනයට විරුද්ධව යි අපි උද්ඝෝෂනය කරන්නේ. අරගලයේදී එතනට විශාල පිරිසක් ආවා. එතන ලොකු තරග තිබුනා. පහල මධ්‍යම පාන්තිකයෝ, ඉහල මධ්‍යම පාන්තිකයෝ, කම්කරුවෝ, පීඩිතයෝ මේ ඔක්කොම ආවා. අද නිදහසට විලංගු දාන වෙලාවේ මෙතන ඉන්න පිරිස [කොක්‍රික] විතරයි ඉන්නෙ. ජුලි 9 පාවාදුන් අය රනිල් ගේන්න වැඩ කල අය ඒ කියන්නේ ව්‍යාජ වම්මු ඇතුලු ජාතිකවාදී බලවේග හෙලිදරව් වෙලා. නමුත් මෙතන ඉන්න පිරිස [කොක්‍රික ]සමස්ථ කම්කරු පීඩිත මහජනතාවගේ අවශ්‍යතාව නියෝජනය කරනවා.”

කොක්‍රික විධායක සභාවේ නන්දන නන්නෙත්ති මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ප්‍රකාශ කලේය: 

“භාෂනයේ, ප්‍රකාශනයේ සහ කලාකෘති නිර්මානය කිරිමේ අයිතිය සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දුනහොත් සත්‍ය දැනගැනීමට මහජනතාවට සහ සත්‍ය ප්‍රකාශ කිරීමට අවශ්‍ය අයට සත්‍ය හෙලිදරව් කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරෙන බව ඔබ දනී. එනිසා කොතැනදී කාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය නැති කරන්න කවුරු උත්සාහ කලත් එය සිඳ බිඳ දැමීම සදහා කොලඹ ක්‍රියාකාරී කමිටුව මැදිහත් වෙයි. ඒ නිසයි අපි කියන්නේ කලාවේ හා භාෂනයේ නිදහසට තබන අත සිඳිනු කියා. ඒක සිඳින්න ඔනෙ. නැතිනම් මාධ්‍යවේදීන් වන ඔබටත් මටත් සමාජයේ කිසිවෙකුටත් එම අයිතිය ඉතිරි වන්නේ නැහැ. 

“නතාෂා තනි ගැහැනියකි. ඇය කලාකාරිනියකි. ඇය ස්ටෑන්ඩ්අප් කමඩි කියන විරෝධතා ප්‍රකාශන නාට්‍ය වර්ගයක් භාවිතා කර ඇත. එය ප්‍රවනතාත්මක කලා විධියක්. ප්‍රවනතාත්මක කලාව සාකච්ඡා කරන්නෙ සමාජයේ තමන්ට එරෙහි වන බලවේගවලට විරුද්ධව. නතාෂා මෙහි පවතින වැඩවසම්, ගැහැනුන්ගේ කන්‍යාභාවය විමසන මහා කාලකන්නි සමාජ ක්‍රමයට විරුද්ධව ඉදිරිපත් වුනා. කාන්තාව ස්වභාවිකව තමන්ට ලැබුනු අඟපසඟ නිසා මේ ආකාරයට පීඩනයට පත් කරන සමාජ ක්‍රමයට විරුද්ධව ඇය කතා කර ඇත.

“ඇයි ආන්ඩුවටත්, වර්ගවාදීන්ටත්, ආගම්වාදී අන්තවාදීන්ටත් මේක යුද්ධ ප්‍රකාශ කිරීමක් වුනේ? තනි ගැහැනියකගේ පොඩි කලා කෘතියක් යුද්ධ ප්‍රකාශ කිරීමක් වුනේ කෙහොමද? එය යුද්ධ ප්‍රකාශ කිරීමක් වුනේ අන් කිසි දෙයක් නිසා නො වේ, පසු ගිය කාලෙ මහජනතාව මහ පාරට බැහැල පාර්ලිමේන්තුවෙ 225ම එපා කියා සටන් කලා. ඒක පාවා දුන්නා. ඒ පාවා දීම කලවුන්ටවත් පාලනය කරන්න බැරි නිදහස පිලිබද සංකල්ප සමාජය තුල වර්ධනය වෙන්න පටන් අරන් ඇත. කාන්තාව තමන්ගෙ නිදහස ගැන යොමු වීමේ අර්ථය, ඉතාම රුදුරු ආකාරයට මෙම ධනේශ්වර සමාජ ක්‍රමය තුල පවත්වාගෙන යන පීඩනය ගැන සාකච්චා කිරීමයි. ඒ නිසයි එය යුද්ධ ප්‍රකාශයක් ලෙස බාර ගෙන සියලු වර්ගවාදී උන්මත්තකයෝ, ධනපති ක්‍රමයෙන් ම ජීවත් වෙන්න බලාගෙන ඉන්න ව්‍යාජ වම්මු මේ සියලු දෙනා මේක වටේ පෙල ගැසී සිටින්නෙ. 

“මම පෙරේදා කතා කලා අනුලා ද සිල්වා කියන ප්‍රසිද්ධ ලේඛිකාවට. ඇය පොත් විශාල ගනනක් ලියපු ලේඛිකාවක්. කලාකාරයෙකුට නිදහස නැතිව කිසිදු නිර්මානයක් කරන්න බැහැ. අනුලා ද සිල්වා කියනවා ‘මහ පිස්සු ගෑනියෙක්. ඒ ගෑනි කුමන්ත්‍රනකාරියක්. තේරෙන් නැද්ද? එයා රටවල් ගනනාවකම ඉදල තියෙනවා.’ අනුලට අනුව රටවල් ගනනාවක හිටපු නිසා නතාෂා ජාත්‍යන්තර කුමන්ත්‍රනකාරියක් වෙනවා! බුද්ධිමය ක්ෂේත්‍රය කෙතරම් බොලඳ තත්වයට වැටී තිබේ ද? අපි සටන් වදින්නේ මෙම බුද්ධිමය ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමටයි. මෙම ක්ෂේත්‍රයේ මෙබදු අතිශය නිර්මානාත්මක කලා කෘති බිහි කරන කලාකරුවන් මේ ආකාරයට තමන් ගැනවත් පෙනී සිටින්නට බැරි තරම් නිවටයන් බවට පරිවර්තනය කල සමාජයක ඔබ, මම ජිවත් වෙන්නෙ. අපි සටන් වදින්නේ කලාකරුවන්ට හිස ඔසවාගෙන වැඩ කරන්න, ඔලුව උස්සගෙන කම්කරුවන්ට හිටගන්න, ඔලුව උස්සගෙන මාධ්‍යවේදීන්ට තමන්ගේ වැඩ කල හැකි සමාජයක් ගොඩ නැගීමටයි. කොලඹ ක්‍රියාකාරී කමිටුව අත් නො හැර මේ සටන ඉදිරියට ගෙන යන අතර අපි ඉල්ලා සිටින්නේ සමස්ථ කම්කරු පන්තියේ කාර්මික ශක්තිය මේවාට විරුද්ධව ගොනුකරන ලෙසයි. ගමේ ගොවියගේ, පීඩිතයගේ ඒ සමගම ජනමාධ්‍යවේදියගේ බුද්ධිමතුන්ගෙ, තරුනයන්ගේ බලය මේ වටා ඒකාබද්ධ කල යුතු යි.

“මේ පරඩැල් ආන්ඩුවලට, මේ යන එන මං නැති ධනපති පන්තියට, තමන් හිතන විදියට ඉදිරියට යන්න දෙන්න බැහැ. ඒ නිසා, කලාවට හා භාෂනයේ නිදහසට තබන අත සිඳ දමනු!.

දහසකුත් සංවිධාන අතරින් කම්කරු පීඩිත මහජනතාවගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න පන්ති අරගලය තුලම පරීක්ෂනයට භාජනය වේ. කප්පාදුවට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂාව උදෙසා වැඩකරන මහජනතාවගේ ව්‍යාපාරයක් බවට  කොලඹ ක්‍රියාකාරී කමිටුවට ගොඩනැගීමට එයට බැඳෙන්න.

කලාවට එරෙහි ප්‍රතිගාමී බලඇනියට කොලඹ ක්‍රියාකාරී කමිටුව අභිමුඛ වේ  Read More »

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ රැඳවුම දෙසතියකින් දීර්ඝ කෙරේ

අපේ වාර්තාකරු

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියට එරෙහිව ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (අපදෙ) පවරා ඇති නඩුව ඊයේ (07) දින කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ ඉදිරියේ කැඳවිනි. නඩුව මෙසේ විවෘත අධිකරනයේ කැඳවූයේ ප්‍රථම වතාවටය. පසුගිය මැයි 28 දින ඇය අත්අඩංගුවට ගනු ලැබුනේ බෞද්ධ කටයුතු කොමසාරීස්ගේ පැමිනිල්ලකයට අනුව, ඇය විසින් පසුගිය අප්‍රේල් 01 වන දින “මෝඩාභිමානය” නම් ප්‍රහසන කලාත්මක  නිර්මානයක දී බුද්ධාමට හා බුද්ධ චරිතයට අපහාස කරන ලදැයි චෝදනා කරමිනි. එදින ඇය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.

නතාෂා සිරගත කරීමෙන් පසු ඇයගේ එකී නිර්මානය තම යූ-ටියුබ් නාලිකාව හරහා ප්‍රචාරය කරන ලද බෲනෝ දිවාකර ද අත් අඩංගුවට ගන්නා ලද්දේ නතාෂා කරන ලදැයි චෝදනා කරන වරදට ආධාර අනුබල දුන්නේ යැයි කියමිනි.  දැන් නඩුව  එම දෙදෙනාටම එරෙහිව පවත්වගෙන යන අතර මේ මර්දනයට රාජ්‍ය යාන්ත්‍රනය කැඳවා සිටි බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුලු වර්ගවාදී නඩ මෙම නිර්මානයට හා එකී යූ-ටියුබ් නාලිකාවට  සම්බන්ධ සෙසු අයද අත්අඩංගුවට ගන්නා ලෙස කැඳවුම් කර ඇත. වීඩියෝව පලකල කොලම්බු කොමඩි සෙනට්‍රල් (Colombo Comedy Central) යන ෆේස්බුක් පිටුවට ද සම්බන්ධ අය ඇතුලු ඉහත කී  සියල්ල පිලිබඳ වැඩිදුර පරීක්ෂන පවත්වන බව අපදෙ නිලධාරියා උසාවියට දන්වා සිටියේය.

අපදෙ හි පරිගනක අපරාධ කොට්ටාශය අදාල වීඩියෝපටය නැරඹූ අය කරන ලද විවේචන (comments) පරීක්ෂා කල බවත් ඒ අනුව සමාජයේ “ආන්දෝලනාත්මක” තත්තවයක් ඇතිව තිබූ බවත්, ඇය අත් අඩංගුවට නොගත්තා නම් “ඇයගේ ජීවිතයට ද තර්ජනයක් වීමට තිබුනා” යැයි අපදෙ නිලධාරියා ප්‍රකාශ කලේ ය. මේ සදහන් කරන්නේ ආන්ඩුවේ අනුග්‍රහය ලබන මැර කන්ඩායම් වලට නිදැල්ලේ හැසිරීමට ඉඩ සලසා ඇති බවත්, පොලීසිය ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වීම වෙනුවට වින්දිතයා සිරකර තැබීම සිදුකරන බවත් නොවේ ද?

රැඟුම් පාලක මන්ඩලය වෙත පෙල (script) පිටපත් ලබා දී අවශ්‍ය අවසර ලබාගත යුතු වන නමුත් නතාෂා ඇයගේ නිර්මානයට අදාල පෙල ලබා දී නැති බවත්, ඒ අනුව ඇය තමන් ප්‍රකාශ කිරීමට යන දෙය නිසා “කැලඹීමක්” විය හැකි බව දැන සිටි බවට පොලිස් නිලධාරියා චෝදනා කලේය. රැඟම් පාලක යනු කලාව බැඳ තබා ගැනීමේ ආන්ඩුවේ තවත් අඬුවකි. අනික් අතට, හිටිවන ප්‍රහසනයක් (Stand-up comedy) සම්බන්ධව පෙල පිටපත් ⁣⁣ඉල්ලා සිටීම යනු ලංකාවේ ප්‍රචලිත ජන  කලාවක් වන ‘හිටිවන කවි’ සම්බන්ධයෙන් පෙල ඉල්ලා සිටීමක් බඳුය.  

“බෞද්ධ ජන සමාජය” තුල “ජන කැලඹීමක්” සිදුවිය හැකි නිසා ඇයට ඇප ලබා දීම නොකල යුතුව ඇතැයි පොලිස් නිලධාරියා ඉල්ලා සිටියේ ය. සිවිල් සහ දේශපාලන අයිතිවාසිම් පිලිබද ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ⁣”සැකපිට” අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇති බැවින් මහේත්‍රාත් අධිකරනයට ඇප ලබාදිය නොහැකි උවත්, මහජන කැලඹීමක්  වැලැක්වීමේ වහන්තරාව යටතේ පුද්ගලයෙකු සිරගත කිරීම කුමන නම් ප්‍රජාතන්ත්‍රවාදයක් ද? 

නතාෂා හා දිවාකර වෙනුවෙන් උසාවියේදී ඉදිරිපත් කරන ලද විත්තියේ කරුනු දැක්විම තවත් හාස්‍යයක් ම විය! අදාල ඉදිරිපත් කිරීමේ වීඩියෝ පටය උසාවිය තුල ⁣ප්‍රදර්ශනය ක⁣ර නතාෂා සැබවින්ම කලාත්මකව සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්නා පනිවිඩය පැහැදිලි කිරීමට වැඩි ඉඩක් ගැනීම වෙනුවට නීතීඥයන් හැසු⁣රුනේ සිල්ගත් උපාසකයන් ලෙස ය. “වෛරයෙන් වෛරය නොසන් සිඳේ” යනුවෙන් වන ආගමික ප්‍රකාශයක් ගෙන හැර දක්වමන් ඔවුහු පැමිනිලකරුවන්ට “හොඳ බෞද්ධයෙක්” වීම ගැන උපදෙස් දුන්හ. එ අනුව පැමිනිලිකරුවෝ “මෝඩ අභිමානයකට” පත් වූවෝය.

පැමිනිලිකරුවන් යනු ‘මෝඩ අභිමානයකට’ පත් වූවන් ලෙස හැඳින්වීම නොමඟ යැවීමකි. සැබෑව නම් බෞද්ධ කටයුතු කොමසාරීස් ඇතුලු බෞද්ධ චීවරධාරීන්ගේ හා වර්ගවාදීන්ගේ මෙම වියරුව දැනුවත්වම සිදුකරන ප්‍රතිගාමීත්වයේ ප්‍රතිප්‍රහාරයක කොටසක් බව යි. එය හරියටම සමපාත වන්නේ හා සංයෝග වන්නේ ධනපති පාලක පන්තියේ කප්පාදුවට එරෙහි කම්කරු හා පීඩිත මහජනතාවගේ අරගල මර්දනය කිරීමේ සැලසුම් සමගය. 

සිදුහත් ලමා චරිතයට “කොලු පැටියා” ලෙස ඇමතිම නිවැරදි ලෙස පිලි නොගන්නා බව පැවසූ විත්තියේ නීතීඥයා අප කලාකාරිනියගේ ඉදිරිපත් කිරීම විකෘතියට ලක්කර ගැරහීමේ වර්ගවාදීන්ගේ උද්ඝෝෂනයට අනුකූලතාවය පල කලේය. 

දිවාකර වෙනුවෙන් කරුනු දැක්වීම විත්තියේ මෙම ප්‍රවේශය ස්ථිර කලේය.  ඔහු වෙනුවෙන් වූ නීතීඥ නියෝජනය,  “සුද්ධෝධනගෙ පුතා කියල මම නම් පාවිච්චි කරයි කියල මට හිතෙන්නෙ නෑ” යනුවෙන් සඳහන් කරමින් කලාකාරිනියගේ ප්‍රහසනයේ අර්ථය පිලිබඳ එක්කෝ තම අනවබෝධය හෙලිදරව් කලේ ය. නොඑසේනම්, එය දැනුවත්වම අධිපති බෞද්ධ සංස්ථාපිතයේ ප්‍රතිගාමීත්වයේ උද්ඝෝෂනය සමග සිටගැනීම ප්‍රකාශයට පත් කලේය. ⁣මෙහි දෙවන වියහැකියාව සනාථ කරමින් ඔහු වැඩිදුරටත් කීවේ, “මම නම් මෙම වීඩියෝව උඩුගත (upload) කරන්නේ නෑ“, එය තමන් “සදාචාරයට අනුව පිලිගන්නා ආකාරය” යයි කියමිනි.

මෙම යටවීම ඩැහැගත් නතාෂාට එරෙහි තවත් එක් පැමිනිලිකාරුවෙක් හා කුප්‍රකට චීවරධාරියෙක් වන බලංගොඩ කස්සප වෙනුවෙන් පෙනීසිටි මනෝජ් ගමගේ යන නීතීඥයා තමා පෙනී සිටින “බෞද්ධයන්ගේ” හැටි ස්වභාවය විස්තර කලේ මෙසේය:

“බෞද්ධයො කියන්නේ සෝවාන් වූ අය නොවෙයි. අපහාසය කරල තියෙන්නෙ අපේ විශ්වාස වලට. එහෙම කරල මෛත්‍රිය ගැන කියනවා. ගහක් ගලක් වුවත් වඳින්න, පුදන්න, විශ්වාස කරන්න අපිට අයිතිය තියෙනවා”.

ආගමික අන්තවාදීන් නිර්මානාත්මක කලාකරුවන්ට, කලාවට හා ප්‍රකාශනයට එරෙහිව ෆැසිස්ට් බලවේග ලෙස සූදානම් කිරීමේ ආන්ඩුවේ සැලසුම් හෙලිදරව් කල, පැවති හා පවතින ආන්ඩුවල වරදාන, වරප්‍රසාද බුක්තිවිඳින මෙම නීතීඥයා ඊ ලඟට කී දෙයින් සෙනඟ පිරී ගිය අධිකරන ගැබම කම්පාවට පත් කල බව විද්‍යාමාන කලේය:

මේක බෞද්ධ රටක් නිසා තමයි මේ කාන්තාවගෙ පවු⁣ලෙ අයත් බේරිලා ඉනෙ. වෙනත් රටක උනානම් දැනටමත් මරල, කපල කොටල, ගෙවල් ගිනි තියල. ඉන්දි්යවෙ නම් එහෙම තමයි වෙන්නෙ.”

ඔහු මෙසේ ඉදිරිපත් කලේ දැනටමත් ආගමික අන්තවාදී චීවරධාරීන් විසින් හා වර්ගවාදී ප්‍රකෝපකාරීන් විසින් තැන තැන විවෘතවම, කිසිදු වගවීමකින් තොරවම, ඉදිරිපත් කරන වෛරි සහගත තර්ජනයන්ගේ ප්‍රකාශනයකි.

කුප්‍රකට වර්ගවාදී සංවිධානයක් වන සිහල රාවයේ ප්‍රභාත් මධුභාෂන යන පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටිමින් සුසන්ත කුමාර නීතීඥයා ගමගේගේ ප්‍රකාශයන් විස්තීරනය කලේ ය.

ඔහුගේ ඊලඟ ඉල්ලීම ආන්ඩු විරෝධී විකල්ප දේශපාලන ප්‍රවනතාවයන් දඩයම් කිරීමේ ප්‍රතිවිප්ලවයේ සැලසුම් ක්‍රියාවට නැගීම සඳහා මෙම නඩුව කැප කර ඇති බවට දෙස් දුන්නේ ය. ඔහු කියා සිටියේ, නතාෂාගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයට සහාය පල කරමින්, ඇය “නිදොස් කොට නිදහස් කර ගැනීම සඳහා” [ආන්ඩුවට] “බල කරනවා” යනුවෙන් කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් වන විදර්ශන කන්නංගර, තරිඳු ජයවර්ධන, තරිඳු උඩුවගෙදර, ලක්මාලි හේමචන්ද්‍ර හා බ්‍රීටෝ ප්‍රනාන්දු යන අය “අධිකරනයට අපහාස කිරීම” යටතේ අත්අඩංගුවට ගත යුතු බව යි. 

මෙම ඉල්ලීම වහා ක්‍රියාත්මක කරමින් අධිකරනය අපදෙ අධ්‍යක්ෂ වෙත නියෝග කලේ  කරුනු විමර්ශනය කර කරුනු වාර්තා කරන ලෙස යි.

භික්ෂූන් හා වර්ගවාදීන් වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කල සැකිරිම් කිසිවක් සම්බන්ධව කට නොසෙල්වීමට විත්තියේ නීතීඥවරු වග බලා ගත්තෝය!

විත්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම සම්බන්ධව ලිඛිත දේශන අද දින (08) ගොනුකිරීමටත් විරෝධතා ඉන් සතියකින් ගොනු කරන ලෙසත් නියෝග කල අධිකරනය ඇප නියෝගය ඊලග දිනයට කල් තැබීය. පොලීසියේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඉල්ලීමට ඉඩදෙමින්,  “මහජන නොසන්සුන්තාවයක් ඇතිවීමේ ඉඩ සලකා” නතාෂාගේ හා දිවාකරගේ  බන්ධනාගාරගත කිරීම ඊලඟ දිනය වන ජුනි 21 දක්වා දිගු කරනු ලිබිනි.

නතාෂා යනු දේශපාලන සිරකරුවෙකි. දේශපාලන සිරකරුවන් පිලිබඳ තීන්දු ගැනෙන්නේ දේශපාලන සම්මන්ත්‍රන කාමර තුලය. ඒ නිසා ඔවුන් නිදහස් කරගැනීම අති මූලිකවම මෙම මර්දනයට එරෙහිව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ හා ශක්තිමත් කිරීමෙි දේශපාලන සටනකි. සිරගත කෙරුනු ශක්තික සත්කුමාර, අහ්නාෆ් ජසිම්, රම්සි රසීක් වැනි කලාකරුවන්, නිදහස් සිතන්නන් මෙන්ම ජුලියන් අසාන්ජ්, එඩ්වඩ් ස්නෝඩන් වැනි මාධ්‍යවේදීන්, තොරතුරු හෙලිදරව්කරුවන් (whistle blower) නිදහස් කරගැනීමේ උද්ඝෝෂන වල ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම එය යි. මෙම අත්දැකීම අත්හැරීම එක් අතකින් සටනින් පලා යාම හා ප්‍රතිගාමීත්වයට ඉඩ සැලසීමක්ද, අනික් අතට පන්ති අරගලයට එරෙහි රාජ්‍ය මර්දනය ඉක්මන් කිරීමට ඉඩ සැලසීමක් ද වේ.

වැඩකරන මහජනතාව සෙසු පීඩිතයන් සමග පන්තියක් ලෙස එකමුතුව බඳී සිටින තාක් ආගමික ⁣හෝ වාර්ගික බෙදීම් කිරීමකට ඉඩ නැත. කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) එම එකමුතුව තහවරු කරමින් නතාෂා හා දිවාකර ද, කලාවේ හා ප්‍රකාශනයේ ද, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ද ආරක්ෂා කර ගැනීමේ සටනට පිවිස සිටී. ආගමික වර්ගවාදීන්ට අභියෝග කරමින්, ඔවුනට මුහුනට මුහුන ලා සිටගනිමින් නතාෂා නිදහස් කිරීමට රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට බලකිරීමට හා එකී අයිතීන් මර්දනයට එරෙහිව කම්කරු මහජනතාව රැලිකර ගැනීම උදෙසා උසාවිය අසල ඊයේ උද්ඝෝෂනයට පිවිස සිටියේ කොක්‍රික පමනි. 

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ රැඳවුම දෙසතියකින් දීර්ඝ කෙරේ Read More »

Scroll to Top