Author name: thesocialist

Korean war

කොරියානු යුද්ධය අවසන් වී වසර 70 යි – 01 කොටස

බෙන් මැග්‍රාත් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 26 දින පල වූ ‘70 years since the end of the Korean War‘ යන බෙන් මැග්‍රාත් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

Korean war
1951 දී එක්සත් ජනපද B-26 බෝම්බ හෙලන යානයක් උතුරු කොරියාවේ වොන්සාන් නගරයට බෝම්බ හෙලයි.

තෙවසරක කොරියානු යුද්ධයේ සටන් අවසන් කර කොරියානු අර්ධද්වීපයේ සීතල යුද බෙදීම ස්ථාවර කල සටන් විරාමය අත්සන් කිරීම සනිටුහන් කරන කොටස් දෙකකින් යුත් ලිපියක පලමු කොටස මෙයයි. දෙවන කොටස මෙතැනින් ලබා ගත හැක.

1953 ජූලි 27 වන දින උතුරු සහ දකුනු කොරියාව අතර දැඩි ලෙස මිලිටරිකරනය වූ දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් (Panmunjeom) හිදී සටන් විරාමයක් අත්සන් කර , කොරියානු අර්ධද්වීපයේ සතුරුකම් අවසන් වීමෙන් දැනට  වසර හැත්තෑවක් ගත වී ඇත. සටන් විරාමය කොරියාවෙහි  යුද මුක්ත කලාපය (DMZ) වශයෙන් අර්ධද්වීපය හරහා විහිදෙන කිලෝමීටර් හතරක් පලල බිම් තීරුවක් ස්ථාපිත කරන ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ 38 වැනි සමාන්තරය ඔස්සේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් කොරියාව කෘත්‍රිම ලෙස බෙදීමෙන් පසු, සීතල යුද්ධයේ ආරම්භයේ දී පුපුරා ගිය ගැටුමක අද දක්වා ම ඇදී එන ප්‍රතිඵලය මෙයයි.

විශේෂයෙන්ම 1949 චීන විප්ලවයේ ප්‍රතිඵලයක්  ලෙස එයට එල්ල වූ දැවැන්ත පහරින් පසුව, එක්සත් ජනපදය ආසියාවේ සිය ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීම සඳහා යුද්ධය උසිගැන්වීය.කිසිඳු සාම ගිවිසුමක් අත්සන් කර නොමැති වීමේ හේතුවෙන් අර්ධද්වීපය රූපික යුද තත්ත්වයකට පත් කර ඇත . අද දක්වාම, එක්සත් ජනපදය උතුරු කොරියාවට රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික බාධක පවත්වාගෙන යමින් , 1953 ඔක්තෝබර් 1 දින අත්සන් කරන ලද දකුනු කොරියාව සමග වන මිලිටරි සන්ධානයක් ද පවත්වාගෙන යයි. වොෂින්ටනය, සිය ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනයට එරෙහි සිය යුද සූදානම වේගවත් කිරීමත් සමග පසුගිය දශකය තුල සන්ධානය ශක්තිමත් වී ඇත.  දකුනු කොරියාව දැනට එක්සත් ජනපද කඳවුරු දුසිම් ගනනකට සහ ආසන්න වශයෙන් 28,500 භට පිරිස් සඳහා සත්කාරකත්වය සපයයි.

ගැඹුරු ඓතිහාසික කැලැල් කොරියාවේ  ඉතිරිව පවතී. විශාල ජීවිත හානි සහ ආර්ථික විනාශයන් සමඟ කොරියානු රටවල් දෙකම විනාශ විය. ගැටුමේදී , සිවිල් වැසියන් මිලියන 2.5 ක් මිය ගිය බව ගනන් බලා ඇත. උතුරේ  සහ දකුනේ පිලිවෙලින් ආසන්න වශයෙන් 520,000 ක් සහ 415,004 ක් සොල්දාදුවන්ගේ ජීවිත  අහිමි විය. තවත් චීන භටයන් 900,000 ක් සහ ඇමරිකානුවන් 36,940 ක් මිය ගියහ. යුද්ධයට සම්බන්ධ එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයින්ගේ තවත් සොල්දාදුවන් දහස් ගනනකට ද ජීවිත අහිමි විය. කොරියාවේ, අර්ධද්වීපයේ කෘතිම බෙදීම මගින් මිලියන ගනනක පවුල් වල සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන් කරන ලදී. බොහෝ දෙනෙකුට තවමත් කිසිදු සම්බන්ධයක් පවත්වා ගැනීමට නොහැකි වී ඇත.

korean war
1951 මාර්තු 22 වන දින තම නිවස සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහා චංචොන් හි බෝම්බ ප්‍රහාරයෙන් සුන්බුන් විසිරී ඇති වීදිවල, ​​තමා සන්තක  දේපල හිස මත තබාගෙන මහලු කාන්තාවක් ඇවිද යයි. [AP Photo/Jim Pringle]

කොරියාවෙන් පිටත, යුද්ධය ගැන එතරම් දැනුමක් නැති අතර එහි මූලාරම්භය ගැන අවබෝධය ඊට ද වඩා අඩුය. ඉතිහාසඥ බෲස් කමිංස්  එය “අමතක වූ යුද්ධයක් සහ කිසිදා නොදන්නා ලද යුද්ධයක්” ලෙස විස්තර කරයි [1]. ඒ සම්බන්ධව පවතිනුයේ. , දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි පලමු ප්‍රධාන නව යටත් විජිත මැදිහත්වීමේ ම්ලේච්ඡත්වය යුක්ති සහගත කිරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ප්‍රවර්ධනය කරන ලද ප්‍රචාරයයි. මෙම ආඛ්‍යානය තුල, උතුරු කොරියාව 1950 ජූනි 25 දින ප්‍රකෝප නො කරන ලදුව සිදුකල ප්‍රහාරයකින් දකුනු කොරියාව ආක්‍රමනය කලේය. ඒකාධිපති උතුරේ ආක්‍රමනකාරීත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී දකුන ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමතකරන ලද යුද්ධයකට එක්සත් ජනපදය සහ එහි සහචරයින් නායකත්වය දුන්හ.

යථාර්ථයේ දී, මෙම ප්‍රකාශයන් මහා විකෘති කිරීම් සහ අමූලික බොරුවලට වඩා වැඩි දෙයක් නොවේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් 1945 දී කොරියාව ඒකපාර්ශ්විකව බෙදීමත්, ඉන්පසුව කිසිදු සැලකිය යුතු මහජන සහයෝගයක් නොමැති, මර්දනය තුලින් පමනක් පාලනය කල හැකි පාලනයක් දකුනේ ස්ථාපනය කරමින්, ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය වූයේ පූර්න පරිමාන සතුරුකම් වල ආරම්භයයි.

කොරියානු යුද්ධයේ මූලාරම්භය කුමක්ද?

ජපානය, රුසියාව සහ චීනය අතර ඊසානදිග ආසියාවේ උපායමාර්ගිකව පිහිටා ඇති කොරියාව දිගු කලක් අධිරාජ්‍යවාදී කූටෝපායන්වල කේන්ද්‍රස්ථානය වී ඇත. 1905 රසෝ-ජපන් යුද්ධයේදී සාර්වාදී රුසියාව පරාජය කිරීමෙන් පසු කොරියාව ජපානයේ තනි බලපෑමට යටත් විය. 1910 දී ජපානය විධිමත් ලෙස කොරියාව ඈඳා ගත් අතර 1945 අගෝස්තු 15 වන දින දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වන තෙක් වසර 35 ක් පුරා අර්ධද්වීපය පුරා එහි කුරිරු යටත් විජිත පාලනය පවත්වාගෙන ගියේය.

දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව ගෝලීයව විනාශ වූ ධනවාදයේ අර්බුදය සහ අස්ථාවරත්වයේ පුලුල් සන්දර්භය තුල පමනක් කොරියාවේ බෙදීම සහ පසුව කොරියානු යුද්ධය පුපුරා යාම තේරුම් ගත හැක.  1937 දී ජපානය විසින් චීනය ආක්‍රමනය කිරීමත් සමඟ ඈත පෙරදිග ක්ෂේත්‍රය තුල දී ආරම්භය ලබන  ජාත්‍යන්තර ගැටුම, යුරෝපයේ සහ ආසියාවේ පෙර නොවූ විරූ මරන හා විනාශයන්  ශේෂ කර තිබුනි. උග්‍ර  ආර්ථික හා සමාජ අර්බුදය, ලෝක යුද්ධ දෙකක් සහ මහා අවපාතය හරහා ගමන් කල  ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල ගැඹුරු විරුද්ධත්වයක්  අවුලුවාලමින් තිබුනි. ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් ආසියාව පුරා වර්ධනය වෙමින් තිබූ යටත් විජිත විරෝධී කැරලිවලට මුහුන පා සිටියහ.

අධිපති අධිරාජ්‍යවාදී බලවතා ලෙස යුද්ධයෙන් මතු වූ එක්සත් ජනපදයට ලෝක ධනවාදය යලි ස්ථාවර කිරීමට ඇති හැකියාව සාධක දෙකක් මත රඳා පැවතුනි: තමන්ගේම අතිමහත් ආර්ථික ශක්තිය සහ පශ්චාත් යුද විප්ලවවාදී ව්‍යාපාර සෝවියට් ස්ටැලින්වාදී නිලධරය විසින් කරන ලද පාවාදීම් ය.

1941 දී සෝවියට් සංගමය නාසි ආක්‍රමනයෙන් පසුව, ස්ටාලින් ජාත්‍යන්තර කම්කරු පන්තිය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී බලවතුන්ගේ සන්ධානයකට යටත් කලේය. පශ්චාත් යුද විධිවිධාන ගැන ටෙහෙරාන්, යොල්ටා සහ පොට්ස්ඩෑම් හි එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය නායකයන් සමඟ පැවති යුද කාලීන සම්මන්ත්‍රනවලදී, ඔහු නැගෙනහිර යුරෝපයේ සෝවියට් බලපෑම් කලාපයක් වෙනුවෙන් ලෝකයේ සියලුම රටවල සහ ඒවායෙහි කම්කරු පන්තියේ ඉරනම නරුම ලෙස හුවමාරු කලේය.

බටහිර යුරෝපය පුරා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවලට උපදෙස් දෙනු ලැබුවේ ධනේශ්වර පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සදහා  කම්කරු පන්තියේ විරුද්ධත්වය යටපත් කරන ලෙසයි – සමාජවාදී විප්ලවය න්‍යාය පත‍්‍රයෙන් ඉවත් විය. විශේෂයෙන්ම ප්‍රන්සයේ සහ ඉතාලියේ, ස්ටැලින්වාදීන් ආක්‍රමනිකයාට එරෙහි සටන්කරුවන් (partisans ) නිරායුධ කිරීමේ සහ අපකීර්තියට පත් ධනේශ්වර පක්ෂවල දේශපාලන වාසනාව පුනර්ජීවනය කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කලහ. ස්ටැලින්වාදී නායකයින් පශ්චාත් යුධ ධනේශ්වර ආන්ඩුවලට ඇතුල් වූයේ වැඩ වර්ජන සහ විරෝධතා මැඩලීමේ කේන්ද්‍රීය  භූමිකාව බාරගත් ඇමතිවරුන් ලෙස ය.

ආසියාවේ, ස්ටැලින්වාදී පක්ෂ රටින් රට යටත් විජිත බලවතුන්ගේ නැවත පැමිනීමට සහ ධනේශ්වර පාලනය ස්ථාවර කිරීමට සහය වීමට මූලික විය. ජපානයේ දී, වෘත්තීය සමිති හා කාර්මික ක්‍රියාමාර්ගවල දැවැන්ත වර්ධනයක් මධ්‍යයේ, කොමියුනිස්ට් පක්ෂය ඇමරිකානු වාඩිලෑම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ වාහකයා ලෙස නිරූපනය කල අතර වැඩ වර්ජන මැඩපැවැත්වීමට සහාය විය.

බටහිර යුරෝපයේ ධනවාදය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, සෝවියට් බලපෑමේ ඕනෑම වර්ධනයක් නැවැත්වීමට අධිෂ්ඨාන කර ගත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රහාරයක් දියත් කලේය. 1947 මාර්තු මාසයේදී, එක්සත් ජනපද ජනාධිපති හැරී ටෲමන් ඔහුගේ “සීමා කිරීමේ” ප්‍රතිපත්තිය නිවේදනය කරමින්, “සන්නද්ධ සුලු ජාතීන්ට” සහ “බාහිර පීඩනයන්ට” ප්‍රතිරෝධය දක්වන “නිදහස් ජනතාවන්ට” එක්සත් ජනපදයට සහාය දිය යුතු බව කොන්ග්‍රසයට පැවසීය. දිග්ගැස්සුනු සීතල යුද්ධයේ ආරම්භය සනිටුහන් කල ටෲමන් මූලධර්මය,  “ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන්ය යන කඩතුරාව යටතේ, එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් කුමන්ත්‍රන, මිලිටරි මැදිහත්වීම් සහ ලොව පුරා ආඥාදායකත්වයන් සඳහා පිටුබලය සැපයිම ආදී සියලු දේම සිදු කෙරිනි. 

කොරියාවේ ආක්‍රමනයට පෙරවදනක්

1943 මාර්තු මාසයේදී වොෂින්ටනය ප්‍රථමයෙන් කොරියාව වැනි රටවල් සඳහා ඊනියා “භාරකාරත්වය” පිලිබඳ ප්‍රශ්නය – යටත් විජිත පාලනය සඳහා මෘදූක්තියක් හෙවත් මෘදු යෙදුමක් – ඉදිරිපත් කරමින් කොරියානුවන් ස්වයං පාලනය පිලිබඳව “අධ්‍යාපනගත” කිරීම අවශ්‍ය බව ප්‍රකාශ කලේය. ස්වාධීන කොරියාවක්, සෝවියට් සංගමය දෙසට නැඹුරු විය හැකි බව හොඳින් දැන සිටි වොෂින්ටනය, “නිසි කලදී”කොරියාවේ ස්වාධීනත්වයට එකඟ වුවද, කොරියාවේ භාරකාරත්වය සඳහා 1945 මැයි මාසයේදී ස්ටාලින්ගෙන් වාචික එකඟතාවයක් ලබා ගත්තේය.

කෙසේ වෙතත්, 1945 ජූලි මාසයේදී පරමානු බෝම්බය සාර්ථක ලෙස අත්හදා බැලීමත් සමඟ, වොෂින්ටනය පශ්චාත් යුද ආසියාවේ ඇමරිකානු ආධිපත්‍යය සහතික කිරීම සඳහා එහි මූලික සැලසුම් දැඩි ලෙස වෙනස් කලේය. බෲස් කමිංස්  ගේ වචනවලට අනුව, එක්සත් ජනපද මූලෝපාය වූයේ, “රාජ්‍ය තාන්ත්‍රිකභාවය අත්හැරීම, පැසිෆික් යුද්ධය ඉක්මනින් අවසන් කිරීම සහ පශ්චාත් යුධ නැගෙනහිර ආසියානු කටයුතුවල සැලකිය යුතු සහභාගීත්වයෙන් සෝවියට් සංගමය ඉවත් කිරීමය”[2].

සෝවියට් සංගමය 1941 අගෝස්තු 08 දින දී ජපානය සමඟ අත්සන් කල ආක්‍රමන-නොකිරීමේ  ගිවිසුම බිඳ දමමින් පැසිෆික් සාගරයේ යුද්ධයට අවතීර්න වීමේ  හිලව්වට – මෙය අගෝස්තු 8 වෙනි දින සිදුවිය- මැන්චූරියාව සහ කොරියාව  වෙත මොස්කව් විසින්යම් ආනුභාවයක් පවත්වා ගැනීමට ඉඩ දීම සඳහා මුලදී එක්සත් ජනපදය කැමැත්තෙන් සිටියේ ය. කොරියාව සහ මැන්චූරියාව ආක්‍රමනය වාඩිලා සිටි  දක්ෂ ජපන් ක්වාන්ටුන්ග් හමුදාව විසින් රතු හමුදාවට  අධික විනාශයක් ලබා දෙනු ඇති බවත්,එනයින් එම වියදම එක්සත් ජනපද හමුදාවට දැරීමට සිදු නොවනු ඇති බවත් වොෂින්ටනයේ  විශ්වාසය විය.

පසුදා, අගෝස්තු 6 හිරෝෂිමා වෙත පරමානු බෝම්බය හෙලීමෙන් දින තුනකට පසුව එක්සත් ජනපදය නාගසාකි වෙත ද පරමානු බෝම්බයක් හෙලුවේ,  සිවිල් ජනතාව මත දැවැන්ත මරන හා විනාශයන් සිදු කරමිනි. ටෝකියෝව ඒ වන විටත් යටත් වීමට ඇති කැමැත්ත පෙන්නුම් කරමින් සිටියද, ආක්‍රමනයකදී ඇමරිකානු සොල්දාදුවන්ගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය යැයි කියමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මෙම බිහිසුනු යුද අපරාධ යුක්ති සහගත කලේය. සැබෑ අරමුන වූයේ සෝවියට් සංගමයට තර්ජනය කිරීම සහ පශ්චාත් යුධ සමථය සඳහා එක්සත් ජනපදය විසින් කොන්දේසි නියම කරන බව ලෝකයට පෙන්වීමයි.

කෙසේ වෙතත්, සෝවියට් රතු හමුදාව මුලු කොරියානු අර්ධද්වීපයම අල්ලා ගනු ඇතැයි යන බිය මතු කරමින් ජපානයේ ක්වාන්ටුන්ග් හමුදාව වේගයෙන් බිඳ වැටෙනු ඇතැයි වොෂින්ටනය ගනන් බලා තිබුනේ නැත. ජපානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමෙන් පසු දින, අගෝස්තු 9 වන දින සෝවියට් හමුදාව කොරියාවේ මෙහෙයුම් ආරම්භ කල අතර දින කිහිපයක් ඇතුලත කොරියානු නගර සහ නගර ගනනාවක පාලනය අතට ගත්තේය.

Attlee Truman Stalin
බ්‍රිතාන්‍ය අගමැති ක්ලෙමන්ට් ඇට්ලි, එක්සත් ජනපද ජනාධිපති හැරී එස්. ටෲමන් සහ ජෝසප් ස්ටාලින් 1945 ජූලි මාසයේ පොට්ස්ඩෑම් සමුලුවේදී.

ආසියාව පුරා ජපානයේ ඉතා ආසන්න යටත් වීම ගැන සම්පූර්නයෙන්  නිමග්න ව සිටි එක්සත් ජනපදය ප්‍රතිචාරයක් සඳහා වලිකමින් සිටියේය. වොෂින්ටනයේ යුද සැලසුම්කරුවන් අගෝස්තු 10 සහ 11 යන දිනවල පැවති රැස්වීම් වලදී ඒකපාර්ශ්වික තීරනයක් ගත්තේ 38 වැනි සමාන්තරයට අනුව කොරියාව වෙනම වාඩිලාගැනීමේ කලාපවලට බෙදීමටය. ඔහු යුරෝපයේදී , ඔහු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ කේවලයේ යෙදුනු ආකාරයෙන්ම , ස්ටැලින් , විරුද්ධත්ටයේ මැසිවිල්ලකින් තොරව බෙදීම පිලිගත්තේය.

එක්සත් ජනපදය කොරියානු මහජන සමූහාන්ඩුව පසෙකට අතුගා දමයි

මාසයකට පසු, ජෙනරාල් ජෝන් හොජ්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද හමුදාව 1945 සැප්තැම්බර් 8 වන දින කොරියාවට පැමිනියේ කොරියාවේ එක්සත් ජනපද හමුදා රජය (USAMGIK) ලෙස නිල වශයෙන් හැඳින්වූ එම වාඩිලෑම ස්ථාපිත කිරීම සඳහා ය.

කෙසේ වෙතත්, ඉවත්ව යන ජපන් යටත් විජිත රජය ඒ වන විටත් යෙඕ උන්-හයියොං (Yeo Un-hyeong) වෙත පරිපාලන කටයුතු පවරා තිබුනි. වාමාංශික හා දක්ෂිනාංශික ධනේශ්වර ජාතිකවාදීන්ගේ එකතුවක් සමඟින්, යෙඕ කොරියානු නිදහස සූදානම් කිරීම සඳහා කමිටුව සහ පසුව සැප්තැම්බර් 6 වන දින කොරියානු මහජන සමූහාන්ඩුව (KPR) පිහිටුවා තිබුනි. පලාත් පාලන කාර්යයන් ඉටු කිරීම සඳහා රට පුරා මහජන කමිටු පිහිටුවිනි.

එක්සත් ජනපද මිලිටරිය දෙසට නැඹුරු වූයේ කොරියානු ධනේශ්වරයේ වඩාත්ම දක්ෂිනාංශික කොටස් පමනි. මෙයට 1945 සැප්තැම්බර් 16 වැනි දින පිහිටුවන ලද කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (KDP) ඇතුලත් විය. KDP ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් සහ විශාල ඉඩම් හිමියන්ගෙන් පිරී ගිය අතර, ඔවුන්ගේ දේපල අවශ්‍යතා සහ  පලිගැනීම් වලින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ මාධ්‍යයක් ලෙස කොරියාවේ “භාරකාරත්වය” සඳහා එක්සත් ජනපද සැලසුම්වලට සහාය විය. 

මෙම ගතානුගතිකයින්ගෙන් බොහෝ දෙනෙක්, පෙර යුගයේ නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූවන් පවා, පසුව දකුනු කොරියානු රජයේ පදනම සංයුක්ත කල  ජපන් සහයෝගිතාකරුවන් විය. එවැනි එක් සහයෝගිතාකරුවෙකු වූයේ, Dong-A Ilbo පුවත්පත ආරම්භ කල සහ කොරියානු යුද්ධ කාලයේ, 1951 සිට 1952 දක්වා දකුනු කොරියාවේ උප සභාපති ලෙස සිංමන් රී (Syngman Rhee) යටතේ සේවය කිරීමට ගිය කිම් සිඔං-සු (Kim Seong-su) ය.

එක්සත් ජනපදයට කොරියානු කම්කරු පන්තිය හා ගොවීන් අතර පිලිගැනීමක් හෝ සහයෝගයක් නොතිබූ අතර ඒ වෙනුවට ශූන්‍ය තත්ත්වයක සිට පාලන තන්ත්‍රයක් නිර්මානය කිරීමට උත්සාහ කලේය. USAMGIK, KDPය  සිය මෙහෙයුම් වලට ඒකාබද්ධ කලේ , KPR , සිය වාඩිලෑමට  විරුද්ධත්වය අවුලුවනු ඇතැයි යන බියෙන් ත්‍රස්ත වී ගනය. USAMGIK පසුව දෙසැම්බර් 8දා කම්කරුවන්ගේ වැඩවර්ජන තහනම් කල අතර දෙසැම්බර් 12දා මහජන කමිටු සමග KPR නීති විරෝධී කලේය.

මහජන විරෝධය සමඟ කටයුතු කිරීම සඳහා, සිය යටත් විජිත පාලනයට එරෙහි ඕනෑම විරෝධයක් කුරිරු ලෙස මර්දනය කිරීමට මූලික වූ ජපාන යටත් විජිත පොලිසියේ සේවය කල කොරියානු නිලධාරීන්ගෙන් වැඩි ප්‍රමානයක් එක්සත් ජනපදය විසින් රඳවා තබා ගත්තේය. ඔවුන් එක්සත් ජනපද වාඩිලෑමට සහාය දීමේ දී එම භූමිකාවම ඉටු කලහ.

ඒ අතරම, වොෂින්ටනය කොරියාවේ සිය කූටෝපායන්ට රබර් මුද්‍රා තබා ගැනීම සඳහා සෝවියට් සංගමය මත රඳා පැවතුනි. අනෙකුත් රටවල යුද්ධයේ අවසානය සමාජවාදය සඳහා ජනතා සහයෝගය ඉහල නැංවීමට හේතු වූවා සේම, මර්දනකාරී ජපන් පාලනයේ අවසානය කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ (KCP) වර්ධනයට තුඩු දෙනු ඇතැයි යන්න පිලිබඳව එක්සත් ජනපදය විශේෂයෙන් සැලකිලිමත් විය.

ස්ටැලින්වාදයේ භූමිකාව

ජපානයේ සිදු වූවාක් මෙන්, සෝවියට් ස්ටැලින්වාදී නිලධරය සහ කොරියාවේ එහි ආධාරකරුවන් කොරියාව බෙදීමට ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ප්‍රශංසා කිරීමෙනි. ඔවුන් කියා සිටියේ එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදු කරන බවත්, එය ඈත අනාගතයේ සමාජවාදී විප්ලවයකට පෙර අත්‍යවශ්‍ය පලමු පියවරක් බවත් ය. ඊනියා ප්‍රගතිශීලී ධනේශ්වර බලවේග සඳහා සහයෝගය සාධාරනීකරනය කරන මෙම අදියර දෙකේ විප්ලව න්‍යාය සෑම විටම කම්කරු පන්තියට ව්‍යසනයක් ගෙන දෙමින්    අවසන් වී ඇත.

අදියර දෙකේ න්‍යාය 1917 රුසියානු විප්ලවයේ පාඩම් වල නිෂේධනයයි. එහි ප්‍රධාන නායකයන් වන ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි යන දෙදෙනාම අවධාරනය කර තිබුනේ රුසියාවේ ඊනියා ලිබරල් ධනේශ්වරය අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටු කිරීමට ඓන්ද්‍රීයව අසමත් බවයි. රුසියානු විප්ලවයට න්‍යායිකව මග පෙන්වූ මෙම නොනවතින විප්ලවයේ න්‍යාය තුල ට්‍රොට්ස්කි පෙන්නුම් කලේ, කොරියාව වැනි ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල, එම කර්තව්‍යයන් නගරවල සංකේන්ද්‍රනය වී සිටින කම්කරු පන්තිය වෙත පැවරුනු බවයි. කොරියාවද , රුසියාව මෙන්, බොහෝ දුරට කෘෂිකාර්මික රටක් වුවද, එහි තරුන නිර්ධන පංතියට, යටත් විජිත පීඩනයට එරෙහිව සටන් කිරීමේදී, ගොවි ජනතාව බලමුලු ගන්වා බලයට පැමිනිය හැකිය. එසේ කිරීමේදී, ධනේශ්වර පුද්ගලික හිමිකාරිත්වය තුලට ගැඹුරට විනිවිදිමටත්, ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ කොටසක් ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරීමටත් එයට බල කෙරෙනු ඇත.

කොරියාවේ, අදියර දෙකක න්‍යාය විශේෂයෙන් විකාරරූපී ස්වරූපයක් ගත්තේය. එක්සත් ජනපදය සමග සබඳතා රැක ගැනීම සඳහා සෝවියට් සංගමය විශ්වාසය තැබුවේ කොරියානු ධනේශ්වර පන්තියේ නොපවතින ප්‍රගතිශීලී අංශයක් ප්‍රවර්ධනය කිරීම මත නොව අධිරාජ්‍යවාදය විසින්ම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදු කරන බවටය.

මොස්කව්හි බලපෑම යටතේ, කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ දකුනු පියොංගන් පලාත් කමිටුව, උදාහරනයක් ලෙස, 1945 ඔක්තෝබර් 6 වැනි දින මෙසේ ප්‍රකාශ කලේය: “ජාත්‍යන්තර ගැටලු පිලිබඳ පැහැදිලි සාමාන්‍ය අවබෝධයක් නොමැතිකම නිසා, පක්ෂය කටිටිවාදීප්‍රවනතාවකින් පැන නගින වැරදි සිදු කර ඇත. , සහ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සහචරයින්ගේ ඓතිහාසික වශයෙන් ප්‍රගතිශීලී ලක්ෂන නොපැහැදිලි ලෙස සලකනු ලැබ ඇත.”[3]

එය තවදුරටත්: “අපේ කොරියාව සිය ලේ නොසෙල්වූ විප්ලවය සාර්ථක කර ගත්තේ සෝවියට් සංගමයේ ගාමක බලයෙන් සහ මහා බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ දායකත්වයෙන් වන අතර, විප්ලවය දැන් අවසන් ලෙස නිම කිරීමේ ක්‍රියාවලියේ පවතී.”[4]

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කොරියාවේ ධනේශ්වර විප්ලවය සම්පූර්න කරන බවට කරන ප්‍රකාශය සම්පූර්න ප්‍රෝඩාවකි. එහෙත් සෝවියට් පාලන තන්ත‍්‍රය කොරියාවේ පන්ති අරගලයේ ගෙල මිරිකීමට මෙම බොරුව මත විශ්වාසය තැබුවේ එක්සත් කොරියාවක් තුල තමන්ට හඬක් නැගීමට එක්සත් ජනපදය ඉඩ දෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි. අන් සියල්ලටමත් වඩා, වෙනත් රටවල කම්කරු පන්ති නැගිටීම් සෝවියට් සංගමය තුල දේශපාලන විරුද්ධත්වය අවුලුවාලනු ඇතැයි සෝවියට් පාලන තන්ත‍්‍රය භීතියට පත් විය.

එක්සත් ජනපදයට එහි අනුග්‍රහය දැක්වීමේදී , ජපන් යටත්විජිතවාදයට එරෙහිව වසර ගනනාවක අරගලය තුලින් අත්පත් කරගත් පුලුල්ව පැතිරුනු බලපෑමක් ඇති KPC යට මුඛවාඩම් දැමීමට මොස්කව් උත්සාහ කලේය. ඉතිහාසඥ Suh Dae-sook ප්‍රකාශ කලේ KCPය  “කොරියානු විප්ලවය ජාතිකවාදීන්ගෙන් උදුරා  ගැනීමට සමත්වූහ; ඔවුන් කොරියානු ජනතාව, විශේෂයෙන්ම සිසුන්, තරුන කන්ඩායම්, කම්කරුවන් සහ ගොවීන් අතර කොමියුනිස්ට් බලපෑමේ ගැඹුරු හරයක් රෝපනය කලහ. ඔවුන්ගේ ධෛර්යය සහ සමහර අවස්ථාවලදී සාර්ථක වීමට ඇති දැඩි අධිෂ්ඨානය කොරියානු බුද්ධිමතුන්ට සහ ලේඛකයින් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කලේය.”[5]

උතුරු සහ දකුනු කොරියාවේ වෙනම පාලන තන්ත්‍ර පිහිටුවීම

එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය සහ සෝවියට් විදේශ අමාත්‍යවරු 1945 දෙසැම්බර් 16-27 දක්වා මොස්කව්හිදී කොරියාව ඇතුලු පශ්චාත් යුධ ගැටලු සාකච්ඡා කලහ. භාරකාරත්වය පිහිටුවීම සඳහා වූ එක්සත් ජනපදයේ ඉල්ලීමට සෝවියට් විදේශ ඇමති එකඟ වීම නිසා කොරියාව සඳහා වූ ඕනෑම ස්වාධීනත්වයක් පසෙකට තල්ලු විය.

මොස්කව් සමුලුව උතුරු සහ දකුනු කොරියාවේ පිලිවෙලින් සෝවියට් හා එක්සත් ජනපද හමුදා විසින් පාලනයක්ද,  ඒකාබද්ධ කොමිසමක් හරහා එක්සත් කොරියාවක තාවකාලික රජයක් පිහිටුවීමටද කැදවා  සිටියේය. ඉන්පසුව, එවැනි ආන්ඩුවක් පිහිටුවීමෙන් පසු, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සෝවියට් සංගමය සහ ජාතිකවාදී චීනයෙන් සමන්විත සිව් බල “භාරකාරත්වයක්” පිහිටුවනු ලැබීය යුතුය.

කෙසේ වෙතත්, වොෂින්ටනය, මෙම සැලසුම් හිතාමතාම කඩාකප්පල් කලේ, යෝජිත තාවකාලික ආන්ඩුව තුල සෝවියට් සංගමයට කිසිදු ප්‍රකාශයක් කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරමිනි. 1946 මාර්තු 20 වන දින විවෘත කරන ලද ඒකාබද්ධ කොමිසමේ ඇමරිකානු පාර්ශවය පැහැදිලිවම කියා සිටියේ මොස්කව්ට කොරියාවේ එක්සත් ජනපද ඉල්ලීම් පිලිගැනීමට සිදුවනු ඇති බවයි. එසේ නොවුනහොත් එක්සත් ජනපදය දකුනේ පමනක් තම න්‍යාය පත්‍රය  තනිවම ක්‍රියාත්මක කරනු ඇත . කොමිසම එකඟතාවයකින් තොරව මැයි මැද දක්වා පැවතුනි.

මොස්කව් දැන් එක්සත් ජනපද ඉල්ලීම්වලට අනුකූලව භාරකාරත්වයක් ඉල්ලා සිටීමත් සමඟ, වොෂින්ටනය තනිකරම පිටුබලය දුන්නේ, සෝවියට් සංගමයට විරුද්ධ සහ වොෂින්ටනය අනුව යමින් භාරකාරත්වය ප්‍රතික්ෂේප කරන්නේ යයි කියා සිටි,  අන්ත දක්ෂිනාංශික කොරියානුවන් කන්ඩායමකට ය. මෙයට KDP සහ සිංමන් රී  වටා සිටි ඊනියා  “කොරියානු ස්වාධීනත්වයේ  වේගවත් සාක්ෂාත්කරනය සඳහා වූ ජාතික සංගමය” ඇතුලත් විය. 

රී 1910 දී කොරියාවෙන් පිටව ගොස්, දශක ගනනාවක් එක්සත් ජනපදයේ ගත කර තිබූ අතර, 1945 ඔක්තෝබර් 16 වන දින එක්සත් ජනපද හමුදාව විසින් ඔහුව ආපසු රැගෙන එන  තෙක් ආපසු පැමිනියේ නැත. ඔහුට කොරියාවේ සුලු බලපෑමක් පමනක් තිබූ අතර බොහෝ දුරට නොදන්නා චරිතයක් විය. ඒ වෙනුවට, ඔහු එ.ජ. ආන්ඩුව තුල, විශේෂයෙන්ම සීඅයිඒ හි පූර්වගාමියා වන මූලෝපායික  සේවා කාර්යාලය (Office of Strategic Services) තුල හොදින් ස්ථානගත සබදකම් තිබූ අතර, ඊට අමතරව උමතු සහ  විෂඝෝර කොමියුනිස්ට් විරෝධියෙකු විය.

Macarthur Rhee
එක්සත් ජනපද ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් සහ සිංමන් රී, 1948 අගෝස්තු 15.

එවැනි දක්ෂිනාංශික කන්ඩායම් ඇතුලත් කිරීමට විරුද්ධ වූ සෝවියට් සංගමය මොස්කව් ගිවිසුමට විරුද්ධ අය ඒකාබද්ධ කොමිසමේ උපදෙස් සදහා නොගත යුතු බව ප්‍රකාශ කලහ. එක්සත් ජනපදය , වාම නැඹුරුවක් ඇති දකුනු කොරියානුවන්ගේ කිසිදු සහභාගීත්වයකින් බැහැර කල අතර, පසුව නව තාවකාලික ආන්ඩුවක් පිහිටුවීමට එරෙහිව සෝවියට් සංගමය වැඩ කරන බවට කුහක ලෙස චෝදනා කලේය.

ඒ සමගම, වොෂින්ටනයට වඩාත් පිලිගත හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූ සුලු ධනේශ්වර සංවිධානයක් බවට KCP නිල වශයෙන් දියකර හැරීමට ස්ටාලින් පියවර ගත්තේය. 1946 ජූලි මාසයේදී, නිදහස් ව්‍යාපාරයට සහභාගී වූ නමුත් සමාජවාදය පැහැදිලිවම ප්‍රතික්ෂේප කල මධ්‍යම පන්තික සහ වාමාංශික ජාතිකවාදීන් සමඟ ඒකාබද්ධ වීමට ඔහු කොරියාවේ උතුරේ සහ දකුනේ පක්ෂයට නියෝග කලේය.

එහි ප්‍රතිඵලය වූයේ වෙනම සංවිධාන දෙකක් සමඟ කොරියාව බෙදීම යථා වශයෙන් පිලිගැනීමයි: එනම්, අවසානයේ 1949 දී වත්මන් උතුරු කොරියානු පාලක පක්ෂය වන කොරියාවේ කම්කරු පක්ෂය පිහිටුවීමට ඒකාබද්ධ වූ උතුරු සහ දකුනු කොරියාවේ කම්කරු පක්ෂයි.  

සීතල යුද්ධයේ ආරම්භයත් සමඟම, සෝවියට් සංගමයට කිසිදු සහනයක් ලබා දීමට හෝ අනාගත කොරියානු රජයක සෝවියට් හිතවාදී පක්ෂයකට ඉඩ දීමට එක්සත් ජනපදයට කිසිදු අදහසක් නොතිබුනි. 1947 මැයි මාසයේදී ඒකාබද්ධ කොමිසමේ දෙවන වටයේ සාකච්ඡා ආරම්භ වූ නමුත් එය ආරම්භ වූයේද පසුගිය වර  සමාන   එකඟතාවයක් නොමැතිකම සමඟය.

ඒකාබද්ධ කොමිසමේ දෙවන වටයේ සාකච්ඡාවලට පෙර, එක්සත් ජනපදය එවිටමත් මෙම ගැටලුව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගෙන යාමට අදහස් කර තිබුනි.  කොරියාව ඒකාබද්ධ කිරීමේ මුහුනු ඉච්ඡාවට  පිටුපස, වොෂින්ටනය, එක්සත්, ස්වාධීන කොරියාවක් තුල එක්සත් ජනපදය කොන් කරනු ඇතැයි දැනුවත්ව, සෝවියට් සංගමයට එරෙහිව ආරක්ෂක බැම්මක් ලෙස දකුනේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට පැහැදිලිවම වැඩ කරමින් සිටියේය.

කොරියාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසම පසුව 1948 මැයි 10 වන දින, එක්සත් ජනපද වාඩිලාගැනීමේ හමුදා සහ ඔවුන්ගේ දක්ෂිනාංශික කොරියානු සහචරයින් විසින් වංචා කරන ලද, දකුනේ ව්‍යවස්ථාදායක සභා මැතිවරනය අධීක්ෂනය කරන ලදී. ව්‍යවස්ථාදායක සභාව විසින් 1948 ජූලි 20 වන දින එක්සත් ජනපද රූකඩයක් වන සිංමන් රී ජනාධිපති ලෙස තෝරා පත් කර ගත් අතර කොරියානු ජනරජය විධිමත් ලෙස 1948 අගෝස්තු 15 දින පිහිටුවන ලදී.

උතුරු කොරියාව ප්‍රතිචාර දැක්වූයේ 1948 අගෝස්තු 25 දින තමන්ගේම පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමෙන් 1948 සැප්තැම්බර් 9 වන දින කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව නිර්මානය කිරීමට මග පාදමිනි. නාමිකව, උතුරු කොරියානු නායකයා වූයේ උත්තරීතර මහජන සභාවේ  ප්‍රෙසිඩියම් (විධායක කමිටුවේ) හි සභාපති කිම් ඩු-බොං ය (Kim Du-bong). කෙසේ වෙතත්, සැබෑ දේශපාලන බලය රැඳී තිබුනේ අගමැති ලෙස පත් කර ඊලඟ වසරේ කම්කරු පක්ෂයේ සභාපති වූ කිම් ඉල්-සුන් වෙත ය.

කිම් ඉල්-සුන් 1930 ගනන්වල මුල් භාගයේදී මැන්චූරියාවේ චීන ගරිල්ලන් සමඟ ජපන් ජාතිකයින්ට එරෙහිව සටන් කර තිබුනි, නමුත් ඔහු හෝ ඔහුගේ අනුගාමිකයින් කිසි දිනෙක KCP හි සාමාජිකයින් වී හෝ කොරියානු කොමියුනිස්ට් ව්‍යාපාරයට සහභාගී වී නොතිබුනි. ඔහුගේ දේශපාලන දැක්ම අනුව ඔහු තරුන කාලයේ සිටම මූලික වශයෙන් ජාතිකවාදියෙක් විය.

කෙසේ වෙතත්, කිම් රතු හමුදාවේ නිලධාරියෙකු ලෙස ද සේවය කල අතර සෝවියට් සංගමය උතුර අත්පත් කර ගැනීමෙන් පසු එහි සහාය ලැබ සිටියේ ය. මොස්කව්හි ආශිර්වාදය ඇතිව, පැරනි KCP තුල සිටි දේශපාලන විරුද්ධවාදීන් තුරන් කරමින් ඔහු නායකත්ව තනතුරු වලට උසස් කරන ලදී. කොරියානු යුද්ධයෙන් ඉක්බිතිව, ඔහු බලය මත තම අනභියෝගී ග්‍රහනය තහවුරු කර ගත් අතර,  ජුචේ සංකල්පය, නැතහොත්  ස්ටාලින්ගේ ප්‍රතිගාමී “තනි රටේ  සමාජවාදයේ” කොරියානු අනුවාදය ප්‍රකාශයට පත් කලේය .

ඔහු , 1994 දී මිය යන තුරුම බලය හෙබවූ අතර, පරම්පරාගත රාජ වංශයකට සමාන වූවක් ස්ථාපනය කලේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොන්ග්-ඉල් සහ ඔහුගේ මුනුපුරා වන දැන් උතුරට නායකත්වය ලබා දෙන කිම් ජොන්-උන් බලයට පැමිනියහ.

මතු සම්බන්ධයි.

[1] Bruce Cumings, The Korean War: A History, Modern Library 2010, p. 63.

[2] Cumings, The Origins of the Korean War, Volume 1: Liberation and the Emergence of Separate Regimes 1945-1947, Yuksabipyungsa 2002, p. 120.

[3] Documents of Korean Communism 1918-1948, edited by Dae-sook Suh, Princeton University Press 1970, p. 489.

[4] Ibid.

[5] Dae-sook Suh, The Korean Communist Movement 1918-1948, Princeton University Press 1967, p. 132.

කොරියානු යුද්ධය අවසන් වී වසර 70 යි – 01 කොටස Read More »

NYSE

එක්සත් ජනපදයේ නය ශ්‍රේනිගත මට්ටම පහත හෙලීම: ගැඹුරු වන අර්බුදයක තවත් සලකුනක්

නික් බීම්ස් ව්සිනි.

NYSE

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 02 දින පල වූ ‘US credit downgrade: Another sign of a deepening crisis’ යන නික් බීම්ස් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය එස්එෆ් විසිනි.

ෆිච් ශ්‍රේනිගත කිරීමේ ඒජන්සිය විසින් අඟහරුවාදා එක්සත් ජනපදයේ දිගුකාලීන නය ශ්‍රේනිගත මට්ටම පහත හෙලීම, ඇමරිකානු රාජ්‍යය තුල ගැඹුරු වන අර්බුදය සමග එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික ආර්ථික හා මූල්‍ය පරිහානියේ සැලකිය යුතු මං සලකුනක් සටහන් කරයි.

මෙම පහත හෙලීම පිලිබිඹු කරන්නේ, නිමක් නැති යුද්ධ සඳහා මූල්‍ය සම්පාදනය කිරීමට ගාල කඩා ගනිමින් ඉහල නැංවුනු මිලිටරි වියදම් සමග අත්වැල් බැඳ ගනිමින් ක්‍රියාත්මක වූ බැංකු සහ සංගතවලට ඇපදීමේ මාලාවක් විසින් මෙහෙයවනු ලැබූ එක්සත් ජනපද ෆෙඩරල් නයෙහි දැවැන්ත ඉහල යාමයි.

ෆිච් ශ්‍රේනිගත මට්ටම AAA සිට AA+ දක්වා පහත හෙලීමක් වූ අතර, එය, නය සීමාව ඉහල දැමීම සම්බන්ධයෙන් ඔබාමා පාලන සමයේදී කොන්ග්‍රසයේ ඇති වූ ගැටුමකින් පසුව 2011 දී  ස්ටෑන්ඩර්ඩ් සහ පුවර් (Standard and poor) විසින් සිදු කල පහත හෙලීමට සමාන වූවකි. 

වෝල් වීදිය වෙනුවෙන් කතා කරමින් ෆිච් බලකර ඉල්ලා සිටියේ, වැඩෙන නය අර්බුදයට ප්‍රතිචාර දක්වමින්, සමාජ වියදම් කප්පාදුව හරහා කම්කරු පන්තියේ සමාජ තත්වය මත තීව්‍ර ප්‍රහාරයක් එල්ල කල යුතු බව ය.

“වයස්ගත වන ජනගහනය හේතුවෙන් ඉහල යන සමාජ ආරක්ෂන සහ මෙඩිකෙයා (Medicare – වෛද්‍ය ප්‍රතිකාර රක්ෂන) වියදම් සම්බන්ධ මධ්‍ය කාලීන අභියෝගවලට මුහුන දීමේ දී ලබා ඇත්තේ සීමිත ප්‍රගතියක් පමනකැ”යි ෆිච් මැසිවිලි නඟා ඇත. 

වෙනත් වචන වලින් කිවහොත්, නය අර්බුදයට හේතුභූත වූයේ බැංකු ඇපදීම් සහ යුද වියදම් විය හැකි නමුදු, වෝල් වීදිය යෝජනා කරන ජනගහනයේ අති බහුතරය දරිද්‍රතාවයට හා හිඟමනට ඇද දැමීමයි. 

2007 දී, ගෝලීය මූල්‍ය අර්බුදයට තදාසන්න කාලයේ, එ.ජ. ආර්ථිකයේ පවතින ශක්තිය පිලිබඳ මිත්‍යාවන්ඒවායේ උච්චතම අවස්ථාවේ පවතිද්දී , CBO පුරෝකථනය කලේ, මහජනතාව සතු ෆෙඩරල් නය දශකයක් තුල දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 22 දක්වා පහත වැටෙනු ඇති බවයි.

එය දැන් සියයට 100ක් පමන වන අතර, 2031 දී එය සියයට 107 දක්වා ඉහල යනු ඇතැයි CBO අනාවැකි පල කරයි.

නය වර්ධනයට ඉන්ධන ලබා දී ඇත්තේ ඇමරිකානු ආර්ථිකයේ හා මූල්‍ය පද්ධතියේ ගැඹුරුවන අර්බුදය මගින්ය.

2008 මූල්‍ය අර්බුදයට මුහුන දුන්නේ, ෆෙඩරල් රිසර්ව් (එක්සත් ජනපද මහ බැංකුව) විසින් එහි ප්‍රමානාත්මක සහන වැඩසටහන (Quantitative easing program) යටතේ, මූල්‍ය පද්ධතියට මුදල් එන්නත් කරනු ලැබීම සමඟ ඒකාබද්ධව, ඩොලර් බිලියන සිය ගනනින් සංගතවලට ඇපදීමේ වියදම සමඟිනි. කොවිඩ් අර්බුදයට ප්‍රතිචාර වශයෙන්m තවත් ඩොලර් බිලියන සිය ගනනක් සංගත වෙත දෙන ලද්දේ තව තවත් මුදල් මහ බැංකුවෙන් මූල්‍ය වෙලඳපොලවලට පොම්ප කරමිනි.

මෙම වසරේ බැංකු භීතිකාවන් මාලාවකට ප්‍රතිචාර දක්වමින්, බයිඩන් පරිපාලනය සඵල ලෙස ඇඟවුම් කලේ, ෆෙඩරල් ආන්ඩුව සියලුම බැංකු තැන්පතු ආවරනය කෙරෙන පසු ආරක්ෂන විධිවිධාන පනවනු ඇති බවයි.

තව ද මේ සියල්ල මත්තේ, එක්සත් ජනපදය සිය මිලිටරි වියදම් වාර්තාගත උසකට ඔසවා ඇත්තේත්,  අනාගතයේ දී තවත් වැඩි කිරීම් සිදුකිරීමට නියමිතව ඇත්තේත්, චීනයට එරෙහිව ආර්ථික යුද්ධයේ කොටසක් ලෙස, එක්සත් ජනපදයට- විශේෂයෙන් අධි තාක්‍ෂනික ක්ෂේත්‍ර වල- ඔවුන්ගේ මෙහෙයුම් නැවත එක්සත් ජනපදය වෙත ගෙන්වා ගැනීම සඳහා සංගතවලට දෙන සහනාධාර සමඟ අත්වැල් බැඳ ගනිමිනි.

මෙම තීරනය ප්‍රකාශයට පත් කරමින් ෆිච් පවසා ඇත්තේ, එයට එලඹීමේ හේතුව “පසුගිය වසර 20 තුල පාලන ප්‍රමිතීන්හි අනවරත පිරිහීම” බවයි. මේ කරුන අවධාරනය කිරීමට මෙන්, මෙම නිවේදනය ප්‍රකාශයට පත් කෙරුනේ, 2020 මැතිවරන ප්‍රතිපලය පෙරලා දැමීමේ උත්සාහය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා හතරක් නිකුත් කල දිනයේ මය. 

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් පැවසුවේ, මෙම පහත හෙලීම සිදු කිරීමට පෙර ෆිච් ආයතනය බයිඩන් පරිපාලන නිලධාරීන් දැනුවත් කර ඇති බවත්, ඔවුන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කල බව හා ඒ අතරතුර, “ෆිච්  නියෝජිතයන්, 2021 ජනවාරි 6 කැරැල්ල, එක්සත් ජනපදයේ පාලනය පිලිබඳ සැලකිල්ලට ගත යුතු වපසරියක් ලෙස යලියලිත් ඉස්මතු කල” බවත්ය.

ෆිච් වාර්තාවෙන්  බොහෝ උපුටන සඳහන් කල ෆිනෑන්ෂල් ටයිම්ස් තීරු ලිපියේ අග කොටසේ එහි කර්තෘ සඳහන් කලේ, “FT හි පාර-දත්ත (දත්ත පිළිබඳ දත්ත) මෙවලම, ‘නැගී එන වෙලඳපල’ යටතේ මෙය ටැග් කිරීමට අපට යෝජනා කල බවයි.”

ෆිච් පහත හෙලීම බයිඩන් පරිපාලනයේ නිලධාරීන්ගේ කර්කශ හෙලාදැකීම්වලට පාත්‍ර විය. ඔවුහු එය, “පදනම් විරහිත” “අභූතය”ක් ලෙස ද, “පුලුල් ලෙස හා නිවැරදිව කිවහොත් පරිහාසයක්” ලෙස ද විස්තර කලෝය. 

එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ මෙම තීරනය “අත්තනෝමතික සහ යල් පැන ගිය දත්ත මත පදනම් වූ එකක්” බවයි.

“ෆිච්හි තීරනය ඇමරිකානුවන්, ආයෝජකයන් සහ ලොව පුරා සිටින පුද්ගලයන් දැනටමත් දන්නා දේ වෙනස් නොකරයි: එනම්, භාන්ඩාගාර සුරැකුම්පත් ලෝකයේ ප්‍රමුඛතම ආරක්ෂිත සහ ද්‍රවශීල වත්කම් ලෙස පවතින බව සහ, ඇමරිකානු ආර්ථිකය මූලික වශයෙන් ශක්තිමත් බවයැ”යි ඇය පැවසුවාය.

ඇත්තටම තතු එසේ වී නම්, ආන්ඩුවේ ඉහලම මූල්‍ය නිලධාරියාට එසේ පැවසීමට සිදු නොවනු ඇත.

යථාර්ථය නම්, පසුගිය දශක එකහමාර තුල එක්සත් ජනපද මූල්‍ය පද්ධතිය අර්බුද මාලාවකින් බැට කා ඇති බවයි.

2008 දී බැංකු පද්ධතිය පැවතුනේ කඩා වැටීමක  අද්දර ය. 2020 මාර්තු මාසයේදී, එක්සත් ජනපද භාන්ඩාගාර (බිල් පත්) වෙලඳපොල ඝනීභූත වූ අතර, ලෝකයේ ආරක්ෂිතම සහ වඩාත්ම ද්‍රවශීල වත්කම යැයි කියනු ලබන එක්සත් ජනපද රජයේ නය සඳහා දින කිහිපයක් පුරා ගැනුම්කරුවන් සිටියේ නැති ගානය. තවද මෙම වසරේ මාර්තු මාසයේදී එක්සත් ජනපදය සිය ඉතිහාසයේ විශාලතම බැංකු අසාර්ථකවීම් හතරෙන් තුනක් වාර්තා කලේය.

එසේම, තීරනාත්මක දිගුකාලීන ක්‍රියාවලීන් ද ක්‍රියාත්මක වෙමින් පවතී.

1971 අගෝස්තු මාසයේදී, පශ්චාත්-යුධ මූල්‍ය පද්ධතියේ ප්‍රධාන ඵලක වලින් එකක් වූ බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම බිඳ වැටුනේ, එක්සත් ජනපදය විසින් අවුන්සයකට ඩොලර් 35 බැගින් ලබා ගත හැකි ව තිබූ එක්සත් ජනපද ඩොලරයේ රත්‍රං පිටුබලය ඉවත් කල විටය.

එතැන් පටන් ගෝලීය මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වූයේ ෆියට් (ආඥාප්ති ව්‍යවහාර මුදල්) මුදල් ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන ඩොලරය මත ය. රන් ආකාරයෙන් යුතු සැබෑ වටිනාකමක පිටුබලය නොලද එහි ප්‍රමුඛත්වය රඳා පැවතුනේ සාධක දෙකක් මත ය: එනම්, ප්‍රධාන ධනේශ්වර බලය ලෙස එක්සත් ජනපදයේ දේශපාලන ස්ථාවරත්වය සහ එහි ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ ශක්තිය යි.

මෙම අත්තිවාරම් දෙකම දැන් පවතින්නේ අතිශය දිරාපත් අදියරක ය. 

මෙම තත්ත්වය විශාල වශයෙන් ආර්ථික හා දේශපාලනමය අතු ඉති විහිදා, විවිධ දිශාවන්ට පැතිර යයි. සංගතවලට ඇපදීම් සංවිධානය කිරීමට, මූල්‍ය පද්ධතියට නිමක් නැති මුදල් ප්‍රමානයක් පොම්ප කිරීමට සහ මිලිටරි වියදම් කිසිදා නොවූ විරූ වාර්තාගත මට්ටම් කරා ඔසවා තැබීමට – වෙනත් කිසිම ආන්ඩුවකට නොහැකි පරිදි – එක්සත් ජනපදයට හැකි වී ඇත්තේ, ඩොලරයේ ගෝලීය භූමිකාව නිසා ය.

ෆිච් තීරනය මෙම තත්ත්වය තර්ජනයට ලක්ව ඇති බවට තවත් ලකුනකි. චීනය, බ්‍රසීලය, ඉන්දියාව සහ සෞදි අරාබිය ඇතුලු අනෙකුත් බලවතුන් ඩොලරයට පිටින් වෙලඳ ගනුදෙනු පියවීම කරා  පියවර ගෙන ඇත.

මහ බැංකු වඩාත් සුරක්ෂිත වටිනාකම් ගබඩාවක් ලෙස රත්‍රන් මිල දී ගැනීම් වැඩි කරමින් සිටින අතර, එ.ජ. රජයේ නයවලින් (ආයෝජකයන්) ඉවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඩොලර් ට්‍රිලියන 25ක එක්සත් ජනපද භාන්ඩාගාර වෙලඳපොලේ අර්බුදයක් මතුවීමේ  තර්ජනය නිරතුරුවම පවතී.

එක්සත් ජනපද පාලක පන්තිය මෙම ගැඹුරු වන අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ, ස්වදේශීය කම්කරු පන්තියට සහ විදේශයන්හි වොෂින්ටනයේ ප්‍රතිවාදීන්ට එරෙහිව “පෙරමුනු දෙකක යුද්ධයක්” උත්සන්න කිරීම හරහා ය.

සමාජ ආරක්ෂන සහ මෙඩිකෙයා වෛද්‍ය ආරක්ෂන වියදම් ඉහල යාම පිලිබඳ එහි සඳහන සමග ෆිච් පෙන්වා දෙන පරිදි, කම්කරු පන්තියේ සමාජ තත්වයට එරෙහි ප්‍රහාරය වේගවත් කිරීම සඳහා, ශ්‍රේනිගත තත්ත්වය පහත හෙලීම භාවිතා කරනු ඇත.

එක්සත් ජනපදයේ පමනක් නොවේ; Australian Financial Review (ඕස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචනය) සඳහන් කල පරිදි, එක්සත් ජනපද ශ්‍රේනිගත මට්ටම පහත හෙලීම, “මූල්‍ය අවුලක පැටලී සිටින අනෙකුත් ජාතීන්ට අවදිවීම සඳහා කල කැඳවුම” වූ කලී, වාර්තාගත මට්ටම් දක්වා නය ඉහල ගොස් ඇති ලොව පුරා ආන්ඩුවලට යොදා ගත හැකි විස්තර කිරීමකි.

යුක්රේනයේ යුද්ධය තීව‍්‍ර කිරීම තුල වඩාත් නිරුවත් ආකාරයෙන් ප‍්‍රකාශයට පත් වූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය පිපිරීම විසින් සනිටුහන් කෙරෙන්නේ, මිලිටරිමය ක්‍රියාමාර්ග හරහා සිය ගෝලීය ආධිපත්‍යයට සහ එක්සත් ජනපද ඩොලරයේ ප‍්‍රමුඛත්වයට මුක්කු ගැසීමට එක්සත් ජනපදය දරන උත්සාහයයි.

සෑම විටම සිදු වන පරිදි, ආර්ථික අර්බුද සටන් වදින සංග්‍රාම භූමිය වන්නේ පන්ති අරගලයයි. කම්කරු පන්තිය, පාලක පන්තියේ නිරන්තරයෙන් ගැඹුරු වන ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්විය යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සිය දේශපාලන අරගලය වර්ධනය කිරීම තුලින් සහ, ඒ සඳහා සටන් කිරීම සඳහා විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම මගින් ය.

එක්සත් ජනපදයේ නය ශ්‍රේනිගත මට්ටම පහත හෙලීම: ගැඹුරු වන අර්බුදයක තවත් සලකුනක් Read More »

books

සසප ආරක්ෂා කිරීමේ අරගලය: අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම් වීමට කල කැඳවුම 

සසප වාමාංශය වෙනුවෙන් නිහාල් ගීකියනගේ විසිනි.

books
විප්ලවවාදී අත්පොත්

මෙහි පහත පලවන ලිපිය 2022 ඔක්තෝම්බර් 28 දින ශ්‍රී ලංකා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හලාවත ශාඛාවේ සසප වාම කන්ඩායමේ සහෝදරවරු විසින්, පක්ෂ නායකත්වයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මූලධර්ම විරෝධී ක්‍රියාකලාපයෙන් පක්ෂය ආරක්ෂා කිරීම සදහා එහි ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර වෙත යැවූ ලිපියකි. සාමාජිකයන්ගේ එවන් ප්‍රයත්නයන් පක්ෂ නිලධාරී තන්ත්‍රයේ වෛරයට පාත්‍ර වූ අතර ඒවා  සහෝදරවරුන් විශාල සංඛ්‍යාවක් නෙරපීම හැර මාවතක් නැතැයි යන පක්ෂ නායකත්වයේ විනාශකාරී තීන්දුවට හේතු විය.  පක්ෂ නායකත්වයට යැවුනු සසප වාමාංශයේ ලිපි දුසිම් ගනනක් සාමාජිකත්වය තුල කිසිදු සාකච්ජාවකින් තොරවම කුනු කූඩයට විසිකෙරුනු තතු යටතේ  මෙම ලිපිය ද පක්ෂ සාමාජිකත්වය පවා කියවන්නේ අද පලමු වතාවටය යන්න සැලකිල්ලට ගත යතුය.

දීපාල් ජයසේකර,

ස.ස.ප ප්‍රධාන ලේකම්,

ශ්‍රී ලංකාව.

ප්‍රිය සහෝදරය,

නන්දන, සංජය හා ආනන්ද වක්කුඹුර යන සහෝදරවරුන්ගේ සාමාජිකයකත්වය අත්හිටුවා මාස තුන පසුකර ඇත. නමුත් මේ තුන්දෙනා සම්බන්ධයෙන් මේ වන විටත් කිසිම දේශපාලන ප්‍රශ්නයක් ඉදිපත් කර නැත.

විප්ලවවාදී පක්ෂයට භේදයක් සදහා දේශපාලන හේතු පැවතිය යුතු ය. ඒවා හුදෙක්  හේතු නොව සමහන් කල නො හැකි පන්ති ප්‍රතිවිරෝදයන් විය යුතු ය. ඔබට එවැනි කිසිවක් ඉදිරිපත් කිරීමට නැති බව අපි වගකීමෙන් කියමු.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සහෝදරවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව අප ශාඛාව තුළ අනවරත අරගලයක් ගෙනයමින් පවතී. මේ ප්‍රශ්නය මතු කිරීම ම පක්ෂයේ මධ්‍යගතවාදයට පටහැනි බව ශාඛා නායකත්වය පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මධ්‍යගතවාදය පිහිටුවීම පක්ෂ තන්ත්‍රයේම පිළිවෙතයි. මෙයට එරෙහිව මාක්ස්වාදී ලෝක ව්‍යාපාරයේ ඵෛතිහාසික අත්දැකීම් වග විභාග කර ගැනීමට දැරූ සෑම ප්‍රයත්නයකටම එරෙහිව ශාඛා නායකත්වය ඇතුළු පක්ෂ තන්ත්‍රය ක්‍රියා කිරීම පක්ෂයේ දේශපාලන ‌සෞඛ්‍ය තත්වය නරක අතට හැරී ඇති බවට සලකුනකි.

පක්ෂ අභ්‍යන්තරයේ මතුවන ප්‍රශ්න වගවිභාග කර ගැනීමේ දී, අප ව්‍යාපාරයේ ඵෛතිහාසික ඥානය කැඳවා ගැනීම අපෝහක ‌භෞතිකවාදය මත පදනම් වූ පිලිවෙතයි. නමුත් බහුතර සාමාජිකත්වය මෙයට යොමු කරවා ගැනීම උගහට ය. මේ තත්ත්වය තුල වුවත්  හලාවත ශාඛාව තුළ විජේසිංහ, පුණ්‍යවර්ධන හා නිහාල් වන අපි පක්ෂය ගෙන ඇති මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව අත් නො හැර සටන් වැද සිටිමු.

සහෝදරවරුන්ගේ සාමාජිකත්වයන් තහනම් කිරීමට හේතු වී ඇත්තේ දේශපාලන අරගලයේ නිරත වීම හෝ  පැහැදිලිකම සදහා සාකච්ඡා වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම ය. කරුනු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හෝ නො දී ඔවුන් සමග කිසිදු සාකච්ඡාවක් පවා නොකර සිදු කර ඇති ක්‍රියාව සාමාජිකත්වය තුල බරපතල විරුද්ධත්වයට ලක් නොවී පවත්වා ගැනීමට නායකත්වය වැඩ කර ඇත. විශේෂයෙන් මේ සහෝදරවරු ගැන බොරු හා අවලාද ව්‍යාපාරයක් දියත් කිරීම ය ඒ්. නිදසුනක් ලෙස ඔවුන් සාකච්ඡා කිරීමට පක්ෂය කල කැදවීම් ප්‍රතික්ෂේප කර ඇත යන ප්‍රචාරය පෙන්වා දිය හැක. නන්දන සහෝදරයා පක්ෂයට බැදෙන්නට එන අය පොලිස් ඔත්තුකාරයන් යයි කියා පලවා හරින්නේ ය යන ප්‍රචාරය තවත් එකකි.

පසු ගිය ජුලි මස විජේ සහෝදරයා අවසානයට සහභාගි වූ සාමාජික රැස්වීමට නිහාල් කල මැදිහත් වීමේ දී, මෙම ප්‍රශ්නය ඉදිරිපත් කලේ ය. 

එහිදී ට්‍රොට්ස්කිගේ දීප්තිමත් කෘතියක් වන” පවා දුන් විප්ලවයේ” සදහන් බොල්ෂෙවික් පක්ෂයේ පරිහානිය යන කොටසෙන් මෙම ඡේදය උපුටා දැක්වූයේ ය:

 “බොල්ෂෙවික් පක්ෂයේ අභ්‍යන්තර පාලන තන්ත්‍රය සංරක්ෂිත වුයේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය නැමති විධික්‍රමය මගිනි. ප්‍රජාතන්ත්‍රවාදය හා මධ්‍යගතවාදය යන මේ සංකල්ප දෙකෙහි සංයෝජනය කොහෙත් ම ප්‍රතිවිරෝධී නො වේ. පක්ෂය එහි සීමාවන් නිතර ම දැඩි ලෙස නිර්වචනය කල යුතුය යන්න සම්බන්ධයෙන් පමනක්  නො ව, මේ සීමාවන්ට ඇතුලත්වන සියලු පුද්ගලයන් පක්ෂයේ ප්‍රතිපත්තිය, ගමන් කල යුතු දිශාව නිර්වචනය කිරීමේ සැබෑ අයිතිය භුක්තිවිදිය යුතුය යන්න සම්බන්ධයෙන් ද සුපරීක්ෂාකාරී සැලකිල්ලක් දැක්වී ය. විවේචනයේ හා බුද්ධිමය අරගලයේ නිදහස පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ නිශේධ කල නොහැකි අන්තර්ගතය විය. බොල්ෂෙවික්වාදය පක්ෂ අභ්‍යන්තර කණ්ඩායම් නො ඉවසයි යන වර්තමාන සිද්ධාන්තය යුග පරිහානිමය මිථ්‍යාවකි. ඇත්ත වශයෙන්ම, බොල්ෂෙවික්වාදයේ ඉතිහාසය වු කලී කණ්ඩායම් අරගලයේ ඉතිහාසයකි. සැබවින්ම, නිර්ව්‍යාජ විප්ලවවාදී සංවිධානයකට බුද්ධිමය අරගලයන්ගෙන්, කාණ්ඩ ගැසීම් වලින් හා තාවකාලික කණ්ඩායම් නිර්මාණය කිරීමෙන් තොරව ලෝකය උඩු යටිකුරු කිරීමේත්, ඉතාම නිර්භීතව පිලිගත් මති මතාන්තර වලට පහර දෙන්නන්, සටන්කරුවන් හා රාජ්‍ය විරෝධී කැරලිකරුවන් එහි ධජය යටතේ එක්සත් කිරීමේත්, සංවිධානය පවත්වාගෙන යාම හා වර්ධනය කිරීමේත් කර්තව්‍යය සූදානම් කල හැක්කේ කෙසේ ද? බොල්ෂෙවික් නායකත්වයේ දූරදර්ශී භාවය බොහෝ විට ආරවුල් ලිහිල් කිරීමට හා කණ්ඩායම් අරගල පවත්නා කාල සීමාව කෙටි කිරීමට හැකි තත්වයක් නිර්මාණය කලේ ය. එහෙත් එයට වැඩි යමක් කල නො හැකි විය. මධ්‍යම කාරක සභාව මේ කැකෑරෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගය මත විශ්වාසය රැදවී ය. එය තීරණ ගැනීමට හා නියෝග පැනවීමට අවශ්‍ය නිර්භීතකම ලබා ගත්තේ මේ මගිනි. සියලු තීරණාත්මක අවධීන්හි දී නායකත්වයේ නිසැක නිරවද්‍යතාව එයට ඉහල අධිකාරී බලය ලබා දුනි. මධ්‍යගතවාදයේ මිලකල නො හැකි සදාචාරාත්මක ප්‍රාග්ධනය වන්නේ එයයි.” (පාවා දුන් විප්ලවය, 170 පිට, සිංහල පරිවර්තනය)

මෙම දීර්ඝ උපුටා දැක්වීමෙන් ඔහු විජේ සහෝදරයාගෙන් ඉල්ලා සිටියේ, පක්ෂයේ ඉතා පරිනත,ජාත්‍යන්තර කමිටුවට ඉතා ලෙන්ගතු  සහෝදරවරුන්ට එරෙහිව ගෙන ඇති තීරණය ,මෙම සංදර්භයේ තබා නැවත තක්සේරු කරන ලෙසයි. 

හලාවත ශාඛාව තුළ මෙම අරගලය ඉදිරියට ගෙන යමින් මෙම සහෝදරවරුන් පිලිබඳව ප්‍රශ්න මතු කල  විට තර්ජනය කරමින්, ඡන්දයක් විමසා නිහාල් එලියට දමන මෙන් ක්වින්ටින් සහෝදරයා කපිල ගෙන් ඉල්ලා සිටි විට, කපිල පවසා සිටියේ එයට පසුබට නො වන බව යි. මෙම චන්දය විමසීම පලමු කොටම සිදුකලේ අම්බලන්ගොඩ ශාඛාවේ රත්නසිරි නායකත්වයයි. නන්දන සහෝදරයා, පැවති සම්මේලනය කූටෝපායන් භාවිත කලේ යයි පක්ෂ නායකත්වයට චෝදනා කර ඇත. මේ ගැටලු විසදා ගැනීමට සම්මේලනය ගැන  සාකච්ඡාවක් ඔහු ඉල්ලා ඇත. හුදෙක් මෙම කරුන මත නන්දන ඇතුලු තිදෙනෙක් රැස්වීමේ නැති අවස්ථාවක ඔහුට  එරෙහිව චන්දයක් පවත්වා ඔහුගේ සාමාජිකත්වය තහනම් කිරීම මගින් නන්දනගේ කූටෝපාය පිලිබද චෝදනාව අකුරට සනාත කිරීමට දේශපාලන කමිටුවේ රත්නසිරි පියවර ගත් අතර දේශපාලන කමිටුව කිසිදු සාකච්ඡාවකින් තොරව ඔහුට එරෙහිව පක්ෂ තහනමක් පැනවී ය.

මෙම පිලිවෙත, සාමාජිකත්වය අත්හිටුවා ඇති සහෝදරවරුන් වෙනුවෙන් සටන් කරන ශාඛා වන අම්බලන්ගොඩ, නුවර, කොලොන්නාව හා හලාවත ද ක්‍රියාත්මක කිරීමට පාරම්බාමින් සිටන බවට අපි චෝදනා කරමු.

හලාවත ශාඛාව තුල අපේම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම්ව මෙම  ප්‍රශ්න සලකා බැලීම සඳහා නැඹුරුවක් ගැනීමට අපි දිගින් දිගට සටන් කල අතර, ශාඛා නායකත්වය නිතරම ප්‍රකාශ කලේ, මෙම ‘සුළු ධනේශ්වර’ ප්‍රවනතාවය පක්ෂය තුලින් විරේක කර දමන බවයි. මෙම ඊනියා සුළුධනේශ්වර ප්‍රවනතාවය පිලිබඳව මොනම දේශපාලන පැහැදිලි කිරීමක් වත් මේ වන තෙක් පක්ෂයෙන් සිදු කර නැති බව මතක් කරමු. මෙය  එවන් ප්‍රවනතාවක් යයි අප මොහොතකට පිලිගත්තත් නායකත්වයේ හැසිරීම අනුමත කල නො හැකි ම ය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සුළු ධනේශ්වර ප්‍රවනතා සමග පොර බැදි ආකාරය ගැන ශාඛා සාමාජීකයන්  දැනුවත් කිරීම සදහා ට්‍රොට්ස්කිගේ “මාක්ස්වාදය ආරක්ෂාව සඳහා” යන කෘතියේ සදහනක් නිහාල් ගෙන හැර දැක්වී ය. මේ නන්දන, වක්කුඹුර හා සංජය වැනි පටබැදි සුලු ධනේශ්වර ප්‍රවනතාවක් නොව, 1939 සමාජවාදී කම්කරු පක්ෂය තුල පැන නැගි සැබෑ සුලු ධනේශ්වර ප්‍රවනතාවක් සම්බන්ධයෙනි.

පහත දැක්වෙන ප්‍රශ්නය ඉදිරිපත් කල හැකිය: විරුද්ධ පාර්ශ්වය, සුළු ධනේශ්වර ප්‍රවනතාවයක් වේ නම්, තවදුරටත් එකමුතුකම පවත්වා ගත නොහැකි වන බව එයින් ඇගවේ ද? එසේ නම්, සුළු ධනේශ්වර ප්‍රවනතාවය, කම්කරු පංතික ප්‍රවනතාව හා සමහන් කරනුයේ කෙසේද? මෙයාකාරයෙන් ප්‍රශ්නය මතු කිරීම ම, ඒකපාර්ශ්වීයව අපෝහක විරෝධීව හා ඒ අනුව, ව්‍යාජව විනිශ්චය කිරීමකි. වර්තමාන සාකච්ඡාවේදී, විරුද්ධ පාර්ශවය, එහි සුළු ධනේශ්වර ලක්ෂණ පැහැදිලිව ප්‍රකාශයට පත් කොට ඇත. එහෙත් විරුද්ධ පාර්ශවයට වෙනත් ලක්ෂණ නැති බවක් මෙයින් නොඇගවෙයි. විරුද්ධ පාර්ශවයේ බහුතරය, කම්කරු පංතික ව්‍යාපාරයට දෙගුණයක් භක්තිවන්ත වන අතර උගැන්මෙහි ද පොහොසත් වෙත්. අද දින සුළු ධනේශ්වර වාතාවරණයට ගැටගැසී සිටින ඔවුන්ට, හෙට දින, කම්කරු පන්තියට බැදී ගැනීමට පුළුවන් කම තිබේ. ස්ථිරසාර නොවූවන්ට, අත්දැකීමේ බලපෑම යටතේ, වඩා ස්ථිරසාර විය හැකිය. පක්ෂය විසින් දහස් ගණන් කම්කරු වන් වැලදගනු ලැබෙන කල්හි, වෘත්තීය කණ්ඩායම් වාදීන්ට පවා, කම්කරු පංතික විනයමය සාරයෙන් යලි අධ්‍යාපනය ලැබිය හැකි වෙයි. ඔවුන්ට ඒ සදහා කාලයදීමට අවශ්‍යය. සාකච්ඡාව, භේදවීම් හා පලවා හැරීම් පිලිබඳ මොනයම් හෝ තර්ජනයන්ගෙන් නිදහස් ව තබා ගැනුමට, කැනන් සහෝදරයා කල යෝජනාව, මුලුමනින්ම නිවැරදි වනුයේත්, ස්ථානෝචිත වනුයේත් එහෙයිනි.”

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සුළු ධනේශ්වර ලක්ෂණ පැහැදිලි ව පෙන්නුම් කල බර්න්හැම්, ෂැට්මන් හා ඇබර්න් කණ්ඩායම සම්බන්ධව ට්‍රොට්ස්කිගේ ආකල්පය පැහැදිලිය.

එපමනක් නොව, “කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේද?” කෘතියේ දී නෝත් සහෝදරයා, මාක්ස්වාදය ආරක්ෂාව සදහා කෘතියේ ට්‍රොට්ස්කිගේ පැහැදිලි කිරීම් තම අරගලයට උපයෝගී කර ආකාරය කෙටි උද්ධෘතයකින් සලකා බලමු. 

තත්වය තවත් නරක් කලේ 1974 සරත් ඍතුව වන විට වර්ධනය කර ගැනී තිබූ පරිමාණයෙන් තෝනට් මතු කල දේශපාලන මත භේදයන්  කම්කරු පංතිය ඉදිරියේ භේදයක් යුක්තිසහගත කිරීමට සෑහෙන තරමින් වර්ධනය වී නොපැවතීමය. හීලිගේ හා බණ්ඩාගේ කොතරම් තීක්ෂණ හිතලුවක් වූවද – තෝනට් ඕ.සී.අයි සංවිධානයේ එජන්තයකු ලෙස වැඩ කලේය යන්න – එය පමණක් සෑහුනේ නැත. 1940 දී ට්‍රොට්ස්කි, සුළුතරයට එරෙහිව අපරිනත සංවිධානාත්මක පියවර නොගන්නා ලෙස කැනන්ට අනතුරු ඇඟවමින් ප්‍රකාශ කලේ,”කොතරම් නිවැරදි විය හැකි වුයේ වුවද ඔබ ක්‍රියා කල යුත්තේ ඔබේ ආත්මීය ඇගයීමට අනුව නොව, සියල්ලන් සතුව පවතින වෛෂයික සාධක මතය”. එ ගමන්ම ඔහු අවධාරණය කලේ සංවිධානාත්මක නොඉවසිලිවන්ත භාවය”බොහෝවිට න්‍යායික නොතැකීම සමග බැඳී ඇත,”යන්නයි.’ (කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවා දුන්නේ කෙසේද? 44පිට)

පැහැදිලිව ම පක්ෂය ට්‍රොස්කිවාදී පිලිවෙත වෙනුවට ට්‍රොස්කිවාදයෙන් බැස ගිය අයගේ පිලිවෙතක පිහිට සොයා ගොස් ඇත. එය පරීක්ෂාවට ලක් විය යුතු කරුනකි. අප ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර පක්ෂ නායකත්වය එය බැරෑරුම් ව සලකා බලනු ඇතැයි සිතමි.

ඒ සදහා, මෙම කරුණු ඔබ ඇතුළු පක්ෂ නායකත්වය, මෙම සංවිධානාත්මක පියවර ගැනීම ගැන, මෙම ඵෛතිහාසික සංදර්භයේ තබා නැවත තක්සේරු කලයුතු යුතු ය යි අපි යෝජනා කරමු.

පසු ගිය කාලය පුරා සමස්ත පක්ෂයම ද්විතීක ප්‍රශ්න වටා කරක් ගැස්වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් ලංකාවේ අප්‍රියල් මාසයේ ඇරඹී තවමත් ඇදී යන පන්ති අරගලය පූර්ව කල්පනය කිරීමටත්, එයට සාර්ථක මැදිහත් වීමක් කිරීමටත් පක්ෂය අසමත් විය. මේ අතරතුර ජාත්‍යන්තර කමිටුවේ මැදිහත් වීමෙන් එලිදැකි ක්‍රියාකාරි කමිටු ගොඩ නැගීම හා සම්මේලනයකට යෑම  පිළිබඳ ඉදිරිදර්ශනය ක්‍රියාත්මක කරමින් පක්ෂයේ පසුගිය දේශපාලන පසුබෑම් කපාගෙන පංති අරගලය තුලට විප්ලවකාරී මැදිහත් වීමක් කිරීමට පලමුව පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගත යුතුව ඇත. මක්නිසාදයත්, ජාත්‍යන්තර කමිටුව මෙම දශකය විප්ලවයන්ගේ සහ යුද්ධයන්ගේ දශකය ලෙසත්, ලෝක  ට්‍රොට්ස්කි වාදී ව්‍යාපාරය දැන් ඇතුළු වී ඇති කාලපරිච්ඡේදය පිලිබඳවත් ඉතා පැහැදිලි  හා දීප්තිමත් විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබූ තතු තුල අප පක්ෂයේ දේශපාලන පසුබෑම සිදුව ඇත. 

ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම පිළිබඳ අදහස ද කේඩරය තුල බැරෑරුම් සාකච්ඡාවකින් අවබෝධ කර ගැනීම සදහා නායකත්වය ක්‍රියා කලේ නැත. හලාවත ශාඛාව තුල ක්‍රියාකාරී කමිටු  පිළිබඳ සාකච්ඡාවකදී ට්‍රොට්ස්කිගේ ධනවාදයේ  මරලතෝනියේ සඳහන් උද්ධෘතයක්  ඉදිරිපත් කලෙමු. 

සෝවියට් සභා ප්‍රාගානුභූත පක්ෂ ක්‍රියා මාර්ගයට සීමා වී නැත. එවා තම දොරවල් සියළුම සූරා කැවෙන්නන්ට හැර දමයි. අරගලයේ පොදු රල දහර තුලට ඇදී ගෙන එන සියලුම ස්ථරවල නියෝජිතයෝ මේ දොරවල් හරහා ගමන් ගනිති. ව්‍යාපාරය සමගම පෘථුලව පැතිරෙන සංවිධානය එම ව්‍යාපාරයේ ගැබ තුල පුන පුනා අලුත්වෙයි. පෘථුලතම පුජාතන්තවාදයේ පදනම මත නිර්ධන පන්තියේ සියලුම දේශපාලන ධාරාවන්ට සෝවියට් සභාවල නායකත්වය සදහා අරගල කල හැකිය. එහෙයින් සෝවියට් සභා යන සටන් පාඨය සංක්‍රමණ ක්‍රියා මාර්ගය මස්තකප්‍රාප්ත කරයි.” (ධනවාදයේ  මරලතෝනිය, සංක්‍රමන ක්‍රියාමාර්ගය) 

මේ අවස්ථාවේදී ශාඛා නායක කපිල සහෝදරයා  සදහන් කලේ, “එක එකාට මේ දොරවල් හරහා ගමන් කරන්න නෙමෙයි අපි  එවා හදන්නෙ” යනුවෙනි. මෙය ක්‍රියාකාරී කමිටු පිළිබඳ පක්ෂ නායකත්වයේ අදහස හෙලිදරව් කරයි. 

මෙම මති මතාන්තර වර්තමාන පංති අරගලය තුළ අප පක්ෂය මුහුණ දී සිටින වගකීම් සලකා බැලීම සදහා අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් ඉල්ලා සිටී. 

“රුසියානු විප්ලවය සහ නො නිමි විසිවැනි සියවස”  කෘතියේ දී නෝත් සහෝදරයා පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරන පැහැදිලි කිරිමක් මෙසේය:

පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන වැදගත් කම හුදෙක් වියුක්ත මූලධර්මයක් පිළිබඳ ප්‍රශ්නයක් නොවන අතර, එය බලපාන්නේ හුදෙක් ආර්ථික පිලිවෙත තීරණය කිරීමේ ක්ෂෙත්‍රයේ ප්‍රායෝගික අර්ථය මත පමණක් නොවේ. සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා ට්‍රොට්ස්කි විසින් දියත් කරන ලද අරගලය තුළ අවසානයේ පරදුවට තැබී තිබුනේ කලින් ශතවර්ෂය පුරා ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරය තුල වර්ධනය වී තිබූන සමාජවාදී සංස්කෘතියේ හා විප්ලවවාදී චින්තනයේ සමස්ථ උරුමයයි. නිලධරය ලෙනින්ගේ මෘතදේහයට කල දෙයම මාක්ස්වාදයටත්  කලේය. එය මමියක් බවට පත්කොට අර්ධ වශයෙන් ගූඨ ජපකිරීමක වස්තුව බවට හරවන ලදී. සකලාධ්‍යාසයෙන් ම 1927න් පසුව මාක්ස්වාදය සෝවියට් පිලිවෙත නිර්නය කිරීම තුල කිසිදු  ක්‍රියාකාරීත්වයක් සිදුකිරීම අවසන් විය. විපාර්ශ්වයේ පරාජය බුද්ධිමය හා සංස්කෘතික  ක්‍රියාකාරීත්වයේ සියලු අංශ තුල විවේචනාත්මක චින්තනයේ වර්ධනයට මල බෙරය හැඩවීය.”

මේ ලිපිය තුල  අප පැහැදිලි කරන කරුණු වලට ඔබගේ අවධානය යොමු කරමින් සහෝදරවරුන් තිදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ඉවත් කොට, මෙම සාකච්ඡාව පක්ෂ අභ්‍යන්තරයේ විසදා ගත යුතු ය. එය එසේ නො කිරීමට හේතුවක් ඇත්නම් පැහැදිලි කරන මෙන් ඉල්ලමු.

සහෝදරත්වයෙන් 

නිහාල් ගීකියනගේ, පුන්‍යවර්ධන,  විජේසිංහ.

28.10.2022

සසප ආරක්ෂා කිරිමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි

සසප ආරක්ෂා කිරීමේ අරගලය: අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම් වීමට කල කැඳවුම  Read More »

amarathunga

සසප ආරක්ෂා කිරීමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව

සසප වාමාංශය වෙනුවෙන් එල්.පී. උදයප්‍රේම විසිනි.

amarathunga
අමරතුංග සසප මැයි දින උද්ඝෝෂනයක දී

මෙහි පහත පලවන ලිපිය 2022 නෙවැම්බර් 16 දින ශ්‍රී ලංකා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අම්බලන්ගොඩ ශාඛාවේ උදයප්‍රේම සහෝදරයා විසින්, පක්ෂ නායකත්වයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා කුමන්ත්‍රනකාරී ක්‍රියාකලාපයෙන් පක්ෂය ආරක්ෂා කිරීම සදහා එහි ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර වෙත යැවූ ලිපියකි. සාමාජිකයන්ගේ එවන් ප්‍රයත්නයන් පක්ෂ නිලධාරී තන්ත්‍රයේ වෛරයට පාත්‍ර වූ අතර ඒවා  සහෝදරවරුන් විශාල සංඛ්‍යාවක් නෙරපීම හැර මාවතක් නැතැයි යන පක්ෂ නායකත්වයේ විනාශකාරී තීන්දුවට හේතු විය.  පක්ෂ නායකත්වයට යැවුනු සසප වාමාංශයේ ලිපි දුසිම් ගනනක් සාමාජිකත්වය තුල කිසිදු සාකච්ජාවකින් තොරවම කුනු කූඩයට විසිකෙරුනු තතු යටතේ  මෙම ලිපිය ද පක්ෂ සාමාජිකත්වය පවා කියවන්නේ අද පලමු වතාවටය යන්න සැලකිල්ලට ගත යතුය. 

ජයසේකර සහෝදරයා,

අම්බලංගොඩ ලෝකල් සභාවේ අමරතුංග සහෝදරයා, එහි ලේකම් රත්නසිරි සහෝදරයා විසින්, සිය අධිකාරය අයුතු ලෙස බාවිත කරමින්, දොට්ට දමනු ලැබීම.

රත්නසිරි, අමරතුංග, පක්ෂයෙන් ඉවත් ව ‌ගොස් ඇතැයි පවසමින්, 2022 ජුලි 07 දින සිට ලෝකල් රැසිවීමවලට නො කැදවයි. කම්ටුව තුල කිසිදු සාකච්ඡාවකින් පවා තොර ව, අත්තනෝමතිකව සිදු කරන මෙම සාපරාධි ක්‍රියාවට නිමිත්ත ලෙස ඔහු සලකන්නේ නන්දන ඇතුලු සහෝදරවරු තිදෙනෙකුගේ සාමාජිකත්වය අයුතු ලෙස තහනම් කිරීමට ඒරෙහි ව ඔහු කල ප්‍රකාශයකි. “ මේ විදියට වැඩ වෙනව නම් තව දුරටත් මේ පක්ෂයේ ඉදීමෙන් පලක් නැත,”  අමරතුංග පැවසී ය.

ලෝකල් සභාවට වාර්තා කෙරී ඇති පරිදි, රත්නසිරිගේ මෙම ක්‍රියාව දේශපාලන කමිටුව විසින් කිසිදු විමසීමකින් තොරව ම අනුමත කර ඇත!

අමරතුංග-රත්නසිරි ගැටීම, රත්නසිරි දිගින් දිගටම ලෝකලය තුල පවත්වාගෙන යන වැරදි දේශපාලන භාවිතය නිසා පැන නැගුනකි. මෙම මත භේද මොනවාදැයි අවබෝධ කර ගැනීම සදහා සිද්ධින් 3ක් ඔබේ අවධානයට යොමු කරමු.

මධ්‍යම කාරක සභිකයෙකුව සිටිය දී නන්දන සහෝදරයාගේ සාමාජිකත්වය දේශපාලන කමිටුව විසින් අත්හිටුවනු ලැබීම ව්‍යවස්ථා විරෝධී ය. උදයප්‍රේම සහෝදරයා අපගේ ව්‍යවස්ථාව උපුටා දක්වමින් මෙම කරුනු ලෝකල් සභාවේ දී මතු කලේ ය. ව්‍යවස්ථාවේ ඒවැනි ඡෙදයක් නැතැ යි රත්නසිරි අමරතුංගට වි‌ශ්ෂයෙන් දුරකථන ඇමතුමක් දී කීවේ ය. පසුව ලෝකල් රැස්වීමේ කෙරුනු සාකච්ඡාවේ දී තමන් කීවේ බොරුවක් බව පිලිගැනීමට රත්නසිරිට සිදු විය. මෙම වගකීම් විරහිත ක්‍රියාව හෙලා දකිමින් අමරතුංග ඒහි දී මැදිහත් විය.

විසදාගත යුතු බොහෝ ප්‍රශ්න මතුවී ඇත යන්න නො තකා, පක්ෂ සම්මේලනය, සාකච්ඡාවකට ඉඩ නො තබා, ව්‍යවස්ථාව උල්ලංගනය කරමින්, පැවැත්වීමට නායකත්වය දැරූ උත්සාහය අම්බලන්ගොඩ ලෝකල් සභාව තුල මතභේදයකට තුඩු දුනි. 

රත්නසිරි කීවේ ව්‍යවස්ථාව තීරනාත්මක නො වන බව ය. මෙය තහවුරු කිරීම සදහා, ඔහු, ලෙනින් අප්‍රේල් ප්‍රවාද ක්‍රියාවට දැමුවේ සම්මේලනයක් තුල ගත් තීන්දුවකට අනුව නො වේ ය යි බොරු කීය. ඒසේ සම්මේලන පවත්වන්නට ගියේ නම් ඔක්තොම්බර් විප්ලවය සිදු නො වන්නේ යයි තව දුරටත් ඔහු තර්ක කලේ ය. ‌උක්ත ප්‍රවාද 1917 අප්‍රේල් 6දා බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාවටත් අප්‍රේල් 10 පක්ෂ සම්මේලනයටත් ඉදිරිපත් කර සම්මේලනයේ දී සම්මත කල බවත් අප පෙන්වා දුන් නමුත් රත්නසිරි තව දුරටත් සිය බේගලය ආරක්ෂා කලේ ය. 

නන්දන සහෝදරයා ඇතුලු සාමාජිකයන් තිදෙනෙක්, ජුනි 15ට යොදාගත් ලෝකල් සභාවට, තමන්ට සහභාගි විය නො හැකි නිසා වෙන දිනයක රැස් කරන ලෙස ඉල්ලා සිටිය දී එය නො තකා, අදාල සහෝදරවරු නැති ව ලෝකලය රැස් කර නන්දන සහෝදරයා දොට්ට දැමීමේ යෝජනාවක් සම්මත කිරීමට කටයුතු කලේ ය. අමරතුංග මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව හෙලා දැක තමන් මේ ඡන්දය පැවැත්වීමට විරුද්ධ බවත් ඒ් නිසා ඊට සහභාගි නො වන බවත් අවධාරනය කලේ ය. පසුව රත්නසිරි යොජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බවත් අමරතුංග මධ්‍යස්තව සිටි බවත් දේශපාලන කමිටුවට දැනුම් දුන් අතර එම තීන්දුව දේශපාලන කමිටුව විසින් ක්‍රියාවට දැමී ය. අමරතුංග මධ්‍යස්ථව සිටියා නොව එම ඡන්දය පැවැත්වීමට විරුද්ධ විය.

පක්ෂ නායකත්වය දැනුවත් ව ක්‍රියාත්මක කල මෙම ප්‍රකෝපකාරීත්වය අන් බොහෝ සහෝදරවරුන් මෙන් ම අමරතුංග ද ව්‍යාකූලත්වයට ඇද දැමී ය. අමරතුංග මෙම වැරදි නිවැරදි කිරීම වෙනුවෙන් දේශපාලන පැහැදිලිකම සදහා පියවර ගන්නැයි කමිටුවට යෝජනා කලේ ය. මෙම නායකත්වය යටතේ තව දුරටත් වැඩ කල නො හැකි ය යි අමරතුංග කියා සිටියේ මෙම කොන්දේසි තුල ය. නමුත් රත්නසිරි  තම ප්‍රජාතන්තු විරෝධී, සම්ප්‍රධාය හා න්‍යාය විරෝධී ක්‍රියාවන්ට අනුග්‍රහ නො දක්වන සාමාජිකයන් දඩයම් කිරීමේ පක්ෂය තුල දැනට බලපවත්වන තත්වය ඉදිරියට ගැනීමට මෙය අවස්ථාවක් කර ගත්තේ ය.

ලෝකල් සභාව තුල උදයප්‍රේම හා ගීතා ගේ මැදිහත් වීමෙන් අමරතුංග සමග සාකච්ඡා කර ප්‍රශ්නය විසදාගත යුතුය යි එකගතාවක් දිනාගත හැකි විය. ඒ් අනුව අමරතුංග හමුවීම උදයප්‍රේමට පැවරිනි. අමරතුංග පක්ෂය හැර අන් විසදුමක් නැති බවත් තමන් ලෝකල් සභාවේ දිනය දන්වන තෙක් බලා සිටින බවත් උදය සමග පැවසී ය. එය ලෝකල් සභාවට වාර්තා කෙරිනි. එහෙත් රත්නසිරි ඔහු කැදවීමට ඒකග නො වී ය. ඔහු කීවේ අමරතුංග නව සාමාජිකයෙකු ලෙස පක්ෂයට ඇතුලු වීම සදහා ලිඛිත ඉල්ලීමක් කල යුතු බව ය. අමරතුංග පක්ෂය හැර නොගිය බව රත්සිරි ප්‍රතික්ෂෙප කලේ ය.

සාමන්‍යයෙන් මෙබදු මත භේද මතු වූ විට දේශපාලන කමිටුවේ නියොජිතයෙක් අදාල ලෝකල් සභාවට සහභාගී වී ප්‍රශ්නය නිරාකරනය කර ගැනීමට උත්සාහ කීරීමේ සම්ප්‍රදායක් අප පක්ෂයට පැවතුනි. වසර ගනනක සිටම එබදු  ක්‍රියාවන් අත්හැර දමා ඇත. දැන් පැහැදිලිකම සදහා අවශ්‍ය සම්ප්‍රදායන් හා පිලිගැනීම් එකිනෙක උගුලා දැමීම පිලිබද තවත් එක් නිදසුනකි මේ.

මෙහිදී වැදගත් කාරනයක් නම් මෙසේ දූවිල්ලක් මෙන් අතු ගා දැමීමට නායකත්වය වැඩ කලේ පක්ෂය තුල වසර 46ක අඛන්ඩ ඉතිහාසයක් ඇති කම්කරුවෙකි යන්න ය. අමරතුංග පතල් කම්කරුවකු ලෙස සේවය කරමින් සිටිය දී සමසමාජ වෘත්තීය සමිතියේ පාවා දීමට එරෙහිව ඉදිරිපත් වීම නිසා සමිති නායකත්වය හා හාම්පුත්තු එක් වී කුමන්ත්‍රනය කර ඔහුගේ රැකියාව අහිමි කලේ ය.

විකොස වෙත ඔහු හැරෙන්නේ මේ අත්දැකීම සහිතව ය. පක්ෂය දැන් ඔහුට එම සමිති නායකයන් සැලකූ අන්දමට සමාන සැලකීමක් සිදු කර ඇත. ඔහු එයින් ඉමහත් කම්පාවට පත්ව රෝගියෙකු බවට පත් වූ අතර පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත අප කල මැදිහත් වීම හා පැහැදිලි කිරීම් නොවන්නට ඔහුගේ ජීවිතය පවා අනතුරුට ඇද දැමී තිබිනි.  

30 වසරක් යුද්දයට එරෙහි ව ද, පසුව ජවිපෙ මදාවිකාරයට විරුද්ධව ද අප්‍රතිහත ව අරගලය කල ඔහු පලාතේ මෙන් ම පක්ෂය තුල ද ගෞරවාදරයට පත් වූ සටන්කරුවෙකි. හැම අවස්ථාවක ම ජාත්‍යන්තර කමිටුවට හා පක්ෂයට ලෙන්ගතුව සිටීමේ වාර්තාවක් ඔහුට ඇත.

1989 සිට දරුනු හෘදයාබාදයකින් පෙලෙන ඔහු පක්ෂයේ කිසිදු වැඩකට බාධාවක් ලෙස මෙම රෝගී තත්වය පිහිටුවා නො ගත්තේ ය. අසල්වාසීන් සිය නායකයෙකු ලෙස ඔහුට සලකන්නේ ප්‍රතිගාමීත්වයට නො නැමෙන, හා හැම විට ම ප්‍රතිපත්ති මත පිහිටා සිටින්නෙකු ලෙස ඔහු පවත්වාගත් ජීවිතය නිසා ය.

විකොස 1978 බැසිල් ප්‍රනාන්දු හා සිරිවර්ධන පක්ෂ ඉදිරි දර්ශනය එක එල්ලේ ප්‍රතික්ෂේප කර තිබිය දී මාස 6ක් තිස්සේ ඔවුන් සමග සාකච්චා කර පැහැදිලිකම ඇති කැර ගැනීම සදහා ප්‍රයත්න දැරී ය. බර්න්හැම්-ෂැට්මන් කන්ඩායමට එරෙහි ට්‍රොට්ස්කි හා කැනන් ගෙනගිය අරගලයේ තීරනාත්මක පාඩම් මත එම ක්‍රියාවන් පදනම් විය. අප මේ කරුනු මතු කල විට රත්නසිරි ඕවා හීලිගේ කාලයේ සිදු කල වැරදි යයි එම ඓහාසික අත්දැකීම හෙලා දිටී ය. දොට්ට දැමීම ඇතුලු මෙම ප්‍රකාශයන් පෙන්නුම් කරන්නේ ව්‍යාපාරයේ ඉතිහාසය කෙරේ දක්වන සුලු ධනේශ්වර නො තැකීම ය.

අමරතුංග මෙන් ම නන්දන, සංජය සහ වක්කුඹුර යන සහෝදරවරු සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය මේ කරුන සනාථ කර ඇත. වැදගත් වන්නේ ඉදිරි දර්ශන හා ක්‍රියාමාර්ගය පිලිබද ගැටලු මතු කරගෙන ඒ්වා පිලිබද පැහැදිලිකම මගින් පක්ෂය වර්ධනය කර පන්ති අරගලය තීව්‍ර කිරීම ය. ඒ් වෙනුවට මෙම හැසිරීම් සුලු ධනේශ්වර අවස්ථාවාදයට පක්ෂයේ දොරවල් වීවෘත කර දෙන බව කල් නො යවා වටහා ගැනීම අවශ්‍ය යයි අපි අවධාරනය කරමු. 

පක්ෂ නායකත්වයේ අත්තනෝමතික ක්‍රියා පිලිබද සාකච්ඡාවක් ඉල්ලා සිටි, එතෙක් මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වූ මිස්සක සහෝදරයා හා තරුන සහෝදරයෙකු වන හිරුන් සහෝදරයා අවසන් වසයෙන් 3වන පක්ෂ සම්මේලනයමත් මෙම ක්‍රියා ආරක්ෂා කිරීම සදහා මෙහෙයවීම නිසා පක්ෂය හැර ගොස් ඇත. ඔවුන් ලිඛිතව තම විරෝධතා නායකත්වයට යොමු කර ඇති නමුත් ඒ්වා ගැන වචනයක්වත් අද වන තුරුත් පක්ෂය තුල සාකච්ඡා කර නැත. 

වත්මන් පන්ති අරගලයේ තියුනු තත්වය තුල මතු වන දේශපාලනික, න්‍යායික, සංවිධානාත්මක ගැටලු වග විගාභයකින් තොරව බැහැර කිරීම පක්ෂය තත්කාර්යවාදය මත මෙහෙයවෙමින් පවතින බවට පැහැදලි සඥාවන් ය. 

මේ නිසා, අමරතුංග ඇතුලු පක්ෂයෙන් ඉවත්කර තබනු ලැබ ඇති සහෝදරවරු සම්බන්ධව මතු වී ඇති ගැටලු අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සාකාච්චාවක්, පක්ෂයේ කර්තව්‍යයන් වඩා ඉහල මට්ටමකින් වටහා ගැනීමේ හා ඒ්වා ක්‍රියාවට දැමීමේ දී අවශ්‍ය වන සංවිධානාත්මක සූදානම ඇති කර ගැනීමේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් ලෙස අපි වටහා ගනිමු. ඒ් සදහා  මෙහි සදහන් සහෝදරයින් 4 දෙනා ම වහා සාමාජිකත්වයේ පිහිටු විය යුතු ය යි අපි යොජනා කරමු.

මෙම ලිපිය පක්ෂ සාමාජිකත්වය අතර බෙදා සාකච්ඡාවක් ආරම්භ කල යුතු යයි අපි යෝජනා කරමු.

සහෝදරත්වයෙන්,

උදයප්‍රේම, ගීතා 

අම්බලන්ගොඩ

16.11.2022

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි

ආර්. අමරතුංග සහෝදරයාට 80 යි: විප්ලවවාදී කම්කරුවකුගේ ජීවිතය පිලිබඳ සටහනක්

සසප ආරක්ෂා කිරීමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව Read More »

PURGE

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි

සසප වාමාංශයේ ප්‍රකාශය

PURGE
ස්ටැලින්ගේ මහා විරේකය, 1936-38

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ (සසප) නායකත්වයේ “විරේක” කිරීමේ නිලධාරීවාදී පිලිවෙතට තවත් සාමාජිකයන් 7 දෙනෙකු ගොදුරු කර ගැනීමට 2023 අගෝස්තු 2 දින රැස් වූ මධ්‍යම කාරක සභාව තීන්දු කල බව අදාල සාමාජිකයන් වෙත දැනුම් දී ඇත. “මධ්‍යම කාරක සභාව, ඔබ විසින් දේශපාලන කමිටුවේ නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් සිය විනය විරෝධී ක්‍රියා කලාපය  දිගටම පවත්වාගෙන යාම හේතුකොට ගෙන ඔබව සසප සාමාජිකත්වයෙන් නෙරපීමට තින්දු කරයි,” යනුවෙන් දැනුම් දෙන ලිපියක් ඔවුන්ට එවා ඇත.

එහි සඳහන් දේශපාලන කමිටුවේ නිර්දේශයන් වන්නේ්, සසප විසින් ඉදිරිපත් කොට ඇති විප්ලවවාදී ඉදිරි දර්ශනය පසුගිය මහජන අරගලය තුලට ගෙන යාමත්, එම ඉදිරි දර්ශනය අනුගමනය කරමින් කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩ නැගීමත් නිසා පක්ෂයෙන් නෙරපූ සංජය ජයසේකර සහ, පක්ෂ නායකත්වය විසින් තමන් කොටු කිරීමටත්, අපකීර්තියට පත් කිරීමටත් දියත් කල ප්‍රකෝපකාරී ප්‍රචාර (සීඅයිඒ සම්බන්ධකම්, පක්ෂයට බැදෙන අයට බැන වැදී පලවා හැරීම වැනි ප්‍රබන්ධ කථා) ෆේස් බුක් මාධ්‍යය මගින් හෙලිදරව් කිරීම නිසා නෙරපා හල නන්දන නන්නෙත්ති යන අය සමග සියලු සබඳතා නතර කල යුතු බව, සහ කොලඹ ක්‍රියාකාරී කමිටුවට දෙන සහයෝගය නතර කල යුතු බවය. 

නුවර කමිටුවේ 1972 සිට සාමාජිකයෙකුව සිටි රජයේ ලිපිකරුවෙකු වූ අයිවන්, හලාවත කමිටුවේ නිහාල් ගීකියනගේ (1980 ජුලිවල පක්ෂයට බැඳී, පසුව මධ්‍යම කාරක සභාව නියෝජනය කලේය), 1990 සිට සාමාජිකත්වය දැරූ ධීවර කම්කරුවෙක් වන රත්නෙ, හා 2008 සිට සාමාජිකයෙකු වන විජේසිංහ යන සහෝදරවරු තිදෙනා ද, 1982 සිට පක්ෂ සාමාජිකත්වය උසුලා ඇති රෝලන්ඩ් සමාගමේ කම්කරුවෙකු වූ රත්මලාන කමිටුවේ කරුනාසේන, 1988 සිට සාමාජිකත්වය දැරූ හා හිටපු මධ්‍යම කාරක සභික අම්බලන්ගොඩ කමිටුවේ උදයප්‍රේම සහ 1990 දී පූර්නකාලීන සාමාජිකාවක ලෙස නිදහස් වෙලද කලාපයේ කම්කරුවන් අතර දේශපාලන කටයුතු සිදු කල ගීතා යන දෙදෙනා ද මේ සමාජික, සාමාජිකාවන් වේ. කිසිදු අවස්ථාවක දේශපාලනිකව පැහැදිලි නොකර, එසේ පැහැදිලි කර ගැනීම සදහා සාකච්ඡාවකට ඉඩ නො හරින ලද තතු යටතේ, පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව, විනය පරීක්ෂනයක් තුල සිය නිර්දෝෂීභාවය සනාථ කිරීමට පක්ෂ ව්‍යවස්ථාවෙන් සලසා ඇති ඉඩකඩ ද අහුරා, ආඥාදායක ස්වරූපයෙන් ඉදිරිපත් කල මෙම නියෝගවලට යටත් වීම ඔවුහු සප්‍රතිපත්තිකව ප්‍රතික්ෂේප කලහ. 

2022 මැයි 14-16 පක්ෂයේ තුන්වන සම්මේලනය මෙම නෙරපා හැරීම් සදහා ම සූදානම් කල, කූටෝපායයන් හරහාම මෙහෙයවුනු සම්මේලනයකි. මුලින් ම එය පැවැත්වීමට නියම කර ගත්තේ එම වසරේ මාර්තු මාසයේ දී ය. සම්මේලනය, සාමාජිකත්වයට එයට සූදානම් වීමට කිසිදු ඉඩක් නැති වන පරිදි, දින කීපයකට පෙර දැනුම් දීමකින් පවත්වන්නට උත්සාහ කලේ පක්ෂය තුල සිදුවෙමින් පැවති දේශපාලන, න්‍යායික හා සංවිධානාත්මක පසු බැසීම් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී හැඩ ගැස්ම ගැන සාකච්ඡාවක් මතුවීම වලක්වා ගැනීම සඳහා ය. එහෙත් වාම පාර්ශවයේ සාමාජිකයන් විසින් ඒ පිලිබඳව ජාත්‍යන්තර කමිටුවට දැනුම් දෙනු ලැබීමෙන් පසු  එහි මැදිහත් වීමෙන් එම ප්‍රයත්නය පරාජයට පත් කල හැකි විය. 

එම කල් දැමීම, සාමාන්‍ය සම්ප්‍රදාය වන පූර්ව සම්මේලන සාකච්ඡා සදහා කාලය වෙන් කිරීමක් වුව ද, කටයුතු සිදුවූයේ ඉතා නින්දා සහගත ආකාරයකිනි. පූර්ව සම්මේලන සාකච්ඡා සදහා යොමු කල සාමාජිකයන්ගේ ලිපි පක්ෂය තුල බෙදා නොහැරුනා පමනක් නො ව සාකච්ඡා පැවති සීමිත අවස්ථාවල දී පවා විරුද්ධ අදහස් යටපත් කර, එම අදහස් සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවීමේ ඉඩකඩ අහෝසි කිරීමට පක්ෂ තන්‍ත්‍රය ක්‍රියා කලේ ය. කොඩිඩ් වසංගත තත්වය නිසා අන්තර්ජාල තාක්ෂනය යොදා ගැනීම වාසියට හරවා ගත් තන්ත්‍රය ඡන්දය පවා වංචා කලේ ය. ඇතැමුන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පවා අහිමි කරන ලදී. මූලධර්ම සඳහා සටන් වැදුනු සාමාජිකයන්ට පක්ෂය අත්හැර යාමට හෝ නිෂ්ක්‍රිය වීමට බල කෙරින. උදාහරනයක් ලෙස බුලත්සිංහල කමිටුවේ සිටි පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ විලියම් සහෝදරයා ඔහුගේ පදිංචියට හෝ සේවා ස්ථානයට කිසිදු සම්බන්ධතාවයක් නැති, ඔහු ජීවත් වන ප්‍රදේශයෙන් කි.මී. 100 කට වඩා දුරින් පිහිටි බන්ඩාරවෙල කමිටුවට අනුයුක්ත කෙරුනේ හුදෙක් නායකත්වයේ අභිමතය පරිදි ය. එය වූ කලී, ප්‍රවාහන වියදම් හා ශ්‍රී ලංකාව වැනි අඩු ප්‍රවාහන පහසුකම් සහිත රටක ගමන් කාලය සැලකිල්ලට ගත් කල සිද්ධිදායක අයුරින් කිව හැකි පරිදි, ඔහු නිෂ්ක්‍රිය කර තැබීමේ තීන්දුවකි. ඒ සඳහා තර්කානුකූල හේතුවක් වී නම්, ඒ, ඔහු සිය අත්දැකීම් මත පදනම් ව නායකත්වයේ ක්‍රියා කලාපය ප්‍රශ්න කිරීම පමනෙකි! තන්ත්‍රයේ බොල්ෂෙවික් විරෝධී ක්‍රියාවන්ට එරෙහි වූ, මූලධර්ම මත පිහිටාගත් සාමාජිකයන් නායකත්වයෙන් ඉවත් කර පසුගාමී ද, ආර්ථික වශයෙන් ශක්තිමත් ද වූ ව්‍යාපාරිකයන් වැනි සුලු ධනේශ්වර කොටස් ඒ තැන්වල ස්ථාපිත කරන ලදී. 

මෙයින් කලකිරුනු සහෝදරවරු දෙදෙනෙක් සම්මේලනයෙන් පසු සති දෙක තුල සාකච්චා කර මෙම තත්වය පැහැදිලි කර ගැනීමට ගත් උත්සාහයට ඉඩ නොදුන් බැවින් යලි කිසිදු සම්බන්ධයක් නැතැයි සහතික කර පක්ෂය හැර ගියහ. ඔවුහු කොටුව ලෝකලය බාරව වැඩ කල විලානි පීරිස්ට හා දේශපාලන කමිටුවට, කරුනු සනාථ කරන සාක්ෂි සහිතව ලිඛිත ප්‍රකාශ ලබා දුන් හ. ඒ අතරින් මිස්සක මධ්‍යම කාරක සභිකයෙක් ලෙස තුන්වන සම්මේලනය දක්වා වැඩ කල අයෙකි.

සම්මේලනයෙන් අනතුරුව අම්බලන්ගොඩ කමිටුව රැස් වූ අවස්ථාවේ දී, දේශපාලන සාකච්ඡාවක් හා සම්මේලනය පිලිබඳ තක්සේරුවක් සිදු කිරීමේ සාමාන්‍ය සම්ප්‍රදායට පිටුපා යාමට දේශපාලන කමිටු නියෝජිත රත්නසිරි මලලගම වැඩ කලේ ය. මීට විරුද්ධවීම හා සම්මේලනය පිලිබද සමාලෝචන සාකච්චාවක් ඉල්ලා සිටීම නිසා නන්දන නන්නෙත්තිගේ සාමාජිකත්වය තහනම් කිරීමට අභිනව ලේකම් දීපාල් ජයසේකර තීන්දු කලේ ය. අනතුරුව නන්දන නෙරපීමට විරුද්ධවීම නිසා අම්බලන්ගොඩ කමිටුවේ අමරතුංග (1976 සිට ක්‍රියාශීලී සාමාජිකයෙකු වන අතර දඩයමට ලක් වූ පතල් කම්කරුවෙකි) නෙරපා හරින ලදී.

පසුව 2022 නොවැම්බර් 19 දින, නන්දනට සහ සංජයට පක්ෂයේ සාමාජිකත්වය සම්පූර්නයෙන් ම අහිමි කෙරින. එවිට කොලොන්නාව කමිටුවේ මිගාර මේ පිලිබද විරුද්ධත්වය ප්‍රකාශ කල අතර ඔහු ද නෙරපා දමන ලදී. රත්මලාන කමිටුවේ සුනිල්ට ද මෙම ඉරනමට මුහුන දීමට සිදු විය. මේ අනුව සම්මේලනයෙන් පසු ගෙවී ගිය වසරකට මදක් වැඩි කාලය තුල 12 දෙනෙකු ‘විරේක’ කර දැමූ අභිනව ප්‍රධාන ලේකම් ජයසේකර ප්‍රමුඛ මේ තන්ත්‍රය 4 වන ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල විශේෂ වාර්තාවකට හිමිකම් කියයි. එපමනක් නොවේ; සම්මේලනයෙන් අනතුරුව තවත් අය පක්ෂය හැර ගිය ලයිස්තුවට එකතු වී සිටිති. විවිධ හේතු ඉදිරිපත් කරමින් හා පැදුරටත් නොකියා පලා ගිය ඒ පිරිස අතර, නුවර කමිටුවේ (මුල් කාලයේ සිට පක්ෂයේ සාමාජිකයෙකු වූ) ධනපාල සහ නිලූකා ද, හලාවත කමිටුවේ මහේෂ් ද, රත්මලානේ සතිස් කුමාර් ද වෙති. අවසන් සම්මේලන දෙක අතර කාලය තුල දුසිම් ගනනක් පක්ෂය හැර ගියහ. අවස්සාවේල්ල ශාඛාව විසුරුවා හැරුනි. එම හැරයාම් වල දේශපාලන ගම්‍යාර්ථ විමසූවන්ට නායකත්වයෙන් ලැබුනු ප්‍රතිචාරය වූයේ, “යනවා, එනවා .. ඒ ගැන සාකච්ඡා අනවශ්‍යය යි” වැනි අති සරල පිලිතුරකි. 

සම්මේලනයේ දී නැවත මධ්‍යම කාරක සභාවට පත් කරගත්, දේශපාලන කමිටු සාමාජික හා ලෝසවෙ අඩවියේ ශ්‍රී ලංකා කතෘ මන්ඩලයේ සාමාජික ප්‍රගීත් අරවින්ද මේ වසර මුල දී පක්ෂය අත් හැර දැමීමට තීන්දු කලේය. කලාවේ හා ප්‍රකාශනයේ  නිදහස සදහා සාර්ථක ලෙස ගොඩ නැගූ ක්‍රියාකාරී කමිටුව, නිලධාරීවාදයේ අපවිත්‍ර අත පොවා වීනාශ කිරීමට සසප නායකත්වය මොහු යොදාගනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් එම කමිටුවේ නන්දන සහෝදරයා 2022 නොවැමිබර 19 දින හා එහි හිටපු සභාපති සංජය  සහෝදරයා 2023 ජනවාරි 30 ඔහු වෙත යොමු කල විවෘත ලිපිවලට පිලිතුරු දෙනු නො හැකිව ඔහු මෙසේ පලා ගියේ ය.

සසප මෙන් ම එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ද පුරෝගාමියෙකු වන ආනන්ද වක්කුඹුර, මහජන අරගලය තුල පක්ෂ ක්‍රියා මාර්ගය සඳහා ඔහු කල මැදිහත් වීම නිසා, සාමාජිකත්ව තහනමට ලක් කෙරී මාස ගනනක් ගත කිරීමට සිදු වූ අතර, ඔහු ඉහත චෝදනා හමුවේ දන ගසා සාමාජිකත්වය ලබා ගත් නමුත්, තමන් ම බිහි කල සංවිධානය තුල ම අවලංගු කාසියක තැනට ඇද දමනු ලැබ සිටී. තන්ත්‍රය වාමාංශයෙන් ඉල්ලා සිටින්නේ එම ආදර්ශය අනුව වැඩ කරන ලෙස ය.     

සාමාන්‍යයෙන් සම්මේලනයක් යනු පක්ෂයක ප්‍රශ්න පැහැදිලි කරගෙන හා ප්‍රශ්න අවසාන වශයෙන් විසදා, පක්ෂය න්‍යායිකව, දේශපාලනිකව හා සංවිධානාත්මකව ශක්තිමත්, ඒකාබද්ධ සංවිධානයක් ලෙස නව ජවයකින් වැඩ ආරම්භ කිරීමට පදනම් දමන අවස්ථාවකි. පක්ෂ තන්ත්‍රය ජාත්‍යන්තර කමිටුවේ අධීක්ෂනය යටතේ ඉදිරි දර්ශනයක් වර්ධනය කර ප්‍රකාශයට පත් කල ද එය හුදු ලියවිල්ලකට වඩා දෙයක් ලෙස නො සැලකුනි. සම්මේලනය ප්‍රධාන තැනක් දුන්නේ අවලාද හා මඩ ගැසීම වැනි දේ මගින් එම ඉදිරි දර්ශනය පිලිබද අවධානය යොමු වීම බිඳ දැමීමට ය. පක්ෂය ඉදිරි දර්ශන ගැන කතා කරමින් තත්කාර්යවාදීව ක්‍රියා කරන බව වටහා ගැනීමට මේ නිදසුන පමනක් වුව ප්‍රමානවත්ය.

නමුත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලොසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සහෝදරයා, සම්මේලනයට සුබ පතමින් එය තක්සේරු කලේ මෙලෙසිනි. “මෙම සම්මේලනය මුහුන දෙන මූලික අභියෝගය වන්නේ, මෙම සිද්ධීන් හා ලංකාව ඇතුලතම වර්ධනය වන විප්ලවවාදී අර්බුය කෙරෙහි, ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාවේ ආකල්පය පැහැදිලිව නීර්නය කර ගැනීම යි. වෙනස් ආකාරයකින් කිවහොත්, විප්ලවවාදී අර්බුදයක් මධ්‍යයේ, ලෙනින් පෙරලා රුසියාවට පැමිනීමෙන් පසුව පැවැත් වූ පලමු සම්මේලනය වන,  1917 අප්‍රේල් බොල්ෂෙවික් පක්ෂයේ සම්මේලනයට, ඔබ දැන් පවත්වමින් තිබෙන සම්මේලනය බොහෝ අංශවලින් සමානකම් දක්වනවා. ගෝලීය යුද්ධයක් මධ්‍යයේ (බොල්ෂෙවික්) පක්ෂයට පැවති අභියෝගය වූයේ, කම්කරු පන්තියට අත්‍යවශ්‍ය නායකත්වය සැපයූ දේශපාලන දිසානතියක්, දේශපාලන ක්‍රියා මාර්ගයක් හා ඉදිරි දර්ශනයක් නීර්නය කර ගැනීම යි.

පක්ෂ තන්ත්‍රය මෙම වෛෂයික ඓතිහාසික තක්සේරුව සලකා ගත්තේ තමන්ට පිදූ සම්මානයක් ලෙස, හා ලෙනින් පැවැත් වුවා වැනි ම සම්මේලනයක් පවත්වන තමන්ට රිසි ලෙස කටයුතු කිරීමට නෝර්ත්ගෙන් ලැබුනු වරපත්‍රයක් ලෙස ය. සැබැවින්ම ඔහුගේ අවධාරනය පක්ෂයේ වගකීම් සම්බන්ධ එකක් විය. එය, ලෝක යුද්ධ තත්වය හා රට තුල ම වර්ධනය වන විප්ලවවාදී අර්බුදයට මුහුන දීමේ අභියෝගය පිලිබඳ අවධාරනයක් විය. මෙකී අවධාරනය නොතකා මෙම තන්ත්‍රය සිදු කලේ, විප්ලවවාදී අර්බුදය උත්සන්න වෙද්දී ඊට පස්ස හරවා සිටීම හා, එතෙකින් නොනැවතී, එම මග හැරීමට එරෙහි වූ සාමාජිකයන්ට විරුද්ධව කුමන්ත්‍රනය කර  පලවා හැරීමට ක්‍රියා කිරීම ය. අරගලයට මෙන් ම කොලඹ ක්‍රියාකාරී කමිටුව වැනි අව්‍යාජ ක්‍රියාකාරී කමිටුවලට ද හතුරුව පක්ෂයේ අනුමැතිය ලබන ඒවා පමනක් සැබෑ ක්‍රියාකාරී කමිටු වේය යනුවෙන් ඉදිරිපත් කිරීමේ අර්ථය වන්නේ, තමන්ට අරගලයේ වර්ධනය මැඩ රඳවා ගැනීමට අවස්ථාව අවශ්‍යය යන්න මිස අනෙකක් නොවේ. මේ තන්ත්‍රයට අනුව, ක්‍රියාකාරී කමිටු යනු හුදෙක් ජාත්‍යන්තර කමිටුවේ නිර්දේශ වලට අනුගත වීම මිස මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම නොවේ. 

මෙම තත්වයන්ට එරෙහි වන වාම පාර්ශවය, නෙරපීම්වලින් ද, සියලු ආකාරයේ දඩයම් කිරීම්වලින් ද, හිරිවට්ටනු නොහැකි බව අපි කම්කරු පන්තියට සඵත කරමු. එමෙන් ම, වාම කන්ඩායම ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියා මාර්ගය දිවි දෙවෙනි කොට රකිනු ඇත. එය එම පිලිවෙත මග හැරීමට ගන්නා ඔනෑම ප්‍රයත්නයකට එරෙහිව සටන් වදිනු ඇත. එහෙත් කොලඹ ක්‍රියාකාරී කමිටුව වාම පාර්ශවයට අනන්‍ය කිරීමට සසප තන්ත්‍රය දරන ප්‍රයත්නය අපි ප්‍රතික්ෂේප කරමු. සසප වාම පාර්ශවයට මුවා වීමට අම්බලම් අනවශ්‍ය ය. එය, දශකයකට ආසන්න කාලයක් පක්ෂ අභ්‍යන්තරයේ සිදු කල, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනයෙන් පන්නරය ලද අරගලය, වඩා තීව්ර ලෙස කම්කරු පන්තිය තුල සිදු කරනු ඇත.   

සසප ආරක්ෂා කිරිමේ අරගලය: අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම් වීමට කල කැඳවුම 

සසප ආරක්ෂා කිරිමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි Read More »

artists

ඇමරිකාවේ රූපවාහිනී හා රෝඩියෝ කලාකරුවන්ගේ වර්ජනය සහ ගෝලීය පන්ති අරගලයේ මාවත

ඩේවිඩ් වොල්ෂ් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 11 දින පල වූ ‘The SAG-AFTRA strike and the path of global class struggle’ යන ඩේවිඩ් වොල්ෂ් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

Screen Actors Guild-American Federation of Television and Radio Artists (SAG-AFTRA) සාමාජිකයින් 160,000කගේ වැඩවර්ජනයක් බදාදා රාත්‍රියේ ක්‍රියාත්මක වුවහොත්, එය දශක කිහිපයකින් එක්සත් ජනපදයේ විශාලතම වැඩ වර්ජනවලින් එකක් වනු ඇති අතර, එය පුනර්ජීවනය වන ගෝලීය පන්ති අරගලය තවත් ගැඹුරු කරනු ඇත. ෆෙඩරල් මැදිහත්කරුවන් ගෙන ඒමට සහ වර්ජන ක්‍රියාමාර්ගයෙහි ගෙල සිර කිරීමට සංගත දරන මංමුලා සහගත, අවසාන මොහොතේ උත්සාහයන් සහ තවත් ප්‍රමාදයක් හෝ විකුණා දැමීමක් නිවේදනය කිරීමට වෘත්තීය සමිතිය දරන ඕනෑම උත්සාහයක් කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කළ යුතුය.

දස දහස් සංඛ්‍යාත නළුවන්, විකාශන මාධ්‍යවේදීන්, ප්‍රවෘත්ති ලේඛකයින්, සංස්කාරකවරුන් සහ අනෙකුත් අය මැයි 2 සිට වැඩවර්ජනයක යෙදී සිටින ඇමරිකාවේ ලේඛක සංසදයේ (WGA) සාමාජිකයින් 11,000 සමඟ එක්වනු ඇත.SAG-AFTRA වැඩ වර්ජනය එක්සත් ජනපදයේ ඉතිරිව ඇති, එක්සත් ජනපද නළුවන් සම්බන්ධ සියලුම ජාත්‍යන්තර චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන පාහේ වසා දමනු ඇත. 

1960 සිට ලේඛකයින් සහ නළුවන් විසින් සිදු කරන ලද පළමු “ද්විත්ව වැඩ වර්ජනයේ”  විනෝදාස්වාද කර්මාන්තයේ ප්‍රධාන කොටස් වසා දැමීමේ විභවය එක්සත් ජනපදය තුල   දැවැන්ත ලෙස ඇඟවුම් කර ඇත.

artists
වැඩ වර්ජිත ලේඛකයෝ ලොස් ඇන්ජලීස් හි Writers Guild of America West ගොඩනැගිල්ල ඉදිරිපිට පෙළපාලි යති.

පළමුව, එය ලෝක ධනවාදයේ මධ්‍යස්ථානයවූ ඇමරිකා එක්සත් ජනපදය තුල  කම්කරු පන්තියේ විශාල ශක්තිය සහ හැකියාවත් එය පැතිර ඇති පරාසයත් පෙන්නුම් කරයි. වැඩ වර්ජනකදී, කම්කරුවන්ට ධනේශ්වර පාලනයට සහ ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය වන ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක මෙහෙයුම් නතර කළ හැකිය.

දෙවනුව, වර්ජනයේ ප්‍රවේශය සහ ගෝලීය චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය කෙරෙහි එහි බලපෑම, සංස්කෘතික ජීවිතයේ අන්තර් සම්බන්ධිත, ජාත්‍යන්තර ස්වභාවය සහ චිත්‍රපට, රූපවාහිනිය සහ ඒ ආශ්‍රිත සියලුම ක්ෂේත්‍රවල කලාකරුවන්ගේ සහ කම්කරුවන්ගේ පොදු උවමනාවන් සහ අවශ්‍යතා ඉස්මතු කරයි.

තුන්වනුව, වර්ජනයක් මගින් UPS, මෝටර් රථ හා හෝටල් ඇතුළු  අනෙකුත් කම්කරුවන් සංගතවලට සහ  රැකියා, වැටුප් සහ කොන්දේසි වල නිර්දය ප්‍රහාරයන්ට එරෙහි වීමට දිරිමත් කරනු ඇත. එපමනක් නොව, SAG-AFTRA සාමාජිකත්වය, වෛෂයිකව, ලොව පුරා අරගලයේ යෙදී සිටින කම්කරුවන් සමග පෙලගැසී ඇත.

හතරවනුව,ඇමරිකාව පොදුවේ තෘප්තිමත්, සමෘද්ධිමත් රටක් ලෙස පින්තාරු කිරීමට මාධ්‍ය සහ දේශපාලඥයින්ගේ අඛණ්ඩ ප්‍රචාරක උත්සාහය තිබියදී, එහි ආන්ඩුව නිමක් නැති යුද්ධවලට දෙන සහය  කම්කරු පන්තියේ සියලුම කොටස්වල වැඩෙන විරුද්ධත්වය හෙලිදරව් කරයි. ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය යනු සමාජ කෝපයේ සහ විරුද්ධත්වයේ දැවෙන කල්දේරමකි.

SAG-AFTRA කම්කරුවන් උද්ධමනය හේතුවෙන් ආදායම් පහත වැටීම සහ ප්‍රවාහයේ වර්ධනය ඇතුළු සංයුක්ත ගැටළු රාශියකට වැඩ වර්ජනය කරනු ඇත. එය අවශේෂයන්ට විනාශකාරී පහරක් එල්ල කර ඇති අතර කෙටි කාලසීමාවන් සහ අඩු වැඩ සඳහා හේතු විය. කෘත්‍රිම බුද්ධියේ වර්ධනය සමූහ ව්‍යාපාරවලට රංගනයන් ප්‍රතිනිර්මාණය කිරීමට සහ මිනිස් නළුවන් ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ සලසයි.

2020 වසරේ සිට SAG-AFTRA සාමාජිකත්වය 10,000කින් වැඩි වී ඇති අතර, සැබෑ වැටුප්වල පහත වැටීමක් හෙළිදරව් කරමින් හිඟ ආදායම “එකාකාරව පැවතුනු” බව මැයි මාසයේ “විශේෂිත “ ලිපියක් වාර්තා කළේය.දෙන ලද , ඕනෑම වසරකදී, ඇස්තමේන්තුගත සියයට 50ක් SAG-AFTRA හි සාමාජිකයින් “රංගනයෙන් සතයක්වත් උපයන්නේ නැත; ඩොලර් 26,470 ක සෞඛ්‍ය ආරක්ෂණ සීමාව සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් මුදලක් උපයන්නේ සාමාජිකයින්ගෙන් 5-15% ක් පමණි.”  “විශේෂිත” ලිපිය ඇස්තමේන්තු කර ඇති ආකාරයට “වෘත්තීය සමිති සාමාජිකත්වයෙන් සියයට දෙකක් පමණක් ආරක්ෂිත මධ්‍යම පන්තික වැටුපක් උපයයි.   … ශ්‍රම බලකාය එන්න එන්නම අනියම්, අතිරේක හා අවිනිශ්චිත භාවයට පත්වෙමින් පවතී.”

ඒ අතරම, ලේඛකයින් සහ නළුවන් ට්‍රිලියන ගණනක වත්කම් සහිත Disney, Amazon, Netflix, Apple, Sony සහ Warner Bros වැනි, Aliance of Motion Picture සහ Television Producers (AMPTP) තුළ සංවිධානය වූ දැවැන්ත සංගතවලට මුහුණ දෙයි.

මෙම සමාගම්වල විධායකයින් දිගින් දිගටම බැන වදිමින් ලේඛකයින්ගේ සහ නළුවන්ගේ “අසාධාරණ” ඉල්ලීම් හෙළා දකියි . ලොස් ඇන්ජලීස් ටයිම්ස් ජුනි මස මුලදී හෙළි කළේ “වසංගතයේ උච්චතම අවස්ථාව තුළ හොලිවුඩයේ ඉහළ විධායක නිලධාරීන් සඳහා වන වැටුප ඉහළ ගොස් ඇත. එය 2021 දී ඩොලර් බිලියන 1.43 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2018 හි මුළු වැටුපට වඩා 50% කින් වැඩි විය. පසුගිය වසර පහ තුළ, ඉහළම වැටුප් ලබන විනෝදාස්වාද කර්මාන්තයේ විධායකයින් තිදෙනා ඒකාබද්ධ ඩොලර් බිලියන 1.1ක් උපයා ඇත.ආර්ථික අසමානතාවයෙන් පෙලෙන රටක පවා හොලිවුඩයේ වැටුප් පරිමාණයන් අද්විතීයයි” යනුවෙන් ටයිම්ස් ලිවීය.

actor protester
නළුවෙක් -ලේඛක වැඩ වර්ජනයේ ආධාරකරුවෙක්

එපමනක් නොව, SAG-AFTRA සාමාජිකයින්ගේ මෑතකාලීන ලිපිය, අවසානයේ 2,000කට වැඩි ප්‍රසංගකයන් විසින් අත්සන් කර, ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයින් අමතා පාවාදීමක් සිදු නොකරන ලෙස ඔවුන්ට අනතුරු අඟවා තිබීම, නව, අස්ථාවර කාලයක සලකුණකි. වෘත්තීය සමිති නායකයින්ගේ රෝස ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන්, විවෘත ලිපිය ඉල්ලා සිටියේ “කම්පන ප්‍රතිනිර්මාණයක්” සහ “පරිවර්තන ගනුදෙනුවකට” වඩා අඩු දෙයක් නොවේ. එය “SAG-AFTRA සාමාජිකයින්  කැපකිරීම් කිරීමට සූදානම් විය හැකි වුවත් නායකත්වය එසේ නොවන බවට” උත්සුකතාවය පළ කළේය.

මෙම ඉහළ පිළිගැනීමේ ක්‍රියාව විකුණා දැමීමක් කරා ළඟා වීමට දරන ප්‍රයත්නයන් අඩපණ කළ අතර SAG-AFTRA නායකයින් දුර්වල කළේය. වෘත්තීය සමිති සභාපති ෆ්‍රාන් ඩ්‍රෙෂර්, සිදුවිය හැකි වැඩවර්ජනයක් අතරතුරදී කිම් කාර්ඩේෂියන් සමඟ “ඡායාරූප වල පෙනී සිටිමින් ” ඉතාලියේ ලාභදායී සති අන්තයක් ගත කළ බව හෙළිදරව් කිරීම නළුවන් තවදුරටත් කෝපයට පත් කළේය. ජූනි මස අගදී ලේඛකයන්ගේ පිකට් වැටක් තරණය කිරීම ගැන කාර්ඩෂියන් කෝපය ඇවිස්සුවේය. ඩ්‍රෙෂර් ප්‍රතිගාමී එන්නත් විරෝධී ප්‍රචාරණයට යට වී සිටින බව නැවත වරක් හෙළි කළාය.

චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනයේ වර්තමාන පිපිරීම ප්‍රවාහයට සහ අවශේෂවලට වඩා බොහෝ වැඩි ය. ඇතැම් කර්මාන්ත විචාරකයින් යෝජනා කරන පරිදි වර්තමාන තත්වය චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය නරක “ව්‍යාපාරික ආකෘතියක්” ලෙස හෙලිදරව් කරනවා පමණක් නොව, ඇමරිකානු ධනවාදය “නරක”, ඇත්ත වශයෙන්ම, පිළිගත නොහැකි “සමාජ ආකෘතියක්” බවට වැඩෙන දැනුවත්භාවය හෙළි කරයි.

අවසාන විග‍්‍රහයේ දී, ඒකාබද්ධ ලේඛකයන්ගේ සහ නළුවන්ගේ වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගයේ ගැටලූව වන්නේ එක්සත් ජනපදයේ සහ ගෝලීය ධනවාදයේ පරිහානිය හා භයානක තත්වයයි. ඇමරිකාවේ නිමක් නැති යුද්ධවලට සහ න්‍යෂ්ටික සමූලඝාතනයේ තර්ජනයට, දරිද්‍රතාවයට සහ සමාජ අසමානතාවයට, පාරිසරික ව්‍යසනවලට, වසංගතයෙන් මිලියන ගනනක් අනවශ්‍ය ලෙස මියයාමට, මිනීමැරුම් පොලිස් ප්‍රචණ්ඩත්වයට, ගබ්සාවට එරෙහිව උසාවි ප්‍රහාරවලට, පොත් වාරණය සහ තහනම් කිරීම සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් අහෝසි කිරීම සහ සංගත ගැති, යුද වැදී සිටින බයිඩන් පරිපාලනයට සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රොන් ඩීසැන්ටිස් වැනි නූගත්, ෆැසිස්ට් මැරයින්ට එරෙහිව ජනප්‍රිය සතුරුකම් වැඩිවෙමින් තිබේ.

චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය වසා දැමීම කලාත්මක නිදහස සහ නිර්මාණශීලිත්වය ආයතනිකව යටපත් කිරීමට තර්ජනයක් සහ අභියෝගයකි. කර්මාන්තයේ ප්‍රධාන විධායක නිලධාරීන්, ඔවුන්ගේ හිසෙහි මුල් සිතිවිල්ලක් නොමැතිව, විකට පොත් මනඃකල්පිත මාලාවක් සහ “ක්‍රියාකාරී බ්ලොක්බස්ටර්” මාලාවක් නිෂ්පාදනය කිරීම සඳහා බොහෝ දුරට මුලසුන හොබවයි. බැරෑරුම්, කල්පවත්නා වැඩ කිරීමට ආශා කරන ලේඛකයින්ට සහ නළුවන්ට – මෑත වසරවලදී මතු වීමට පටන් ගත් සැලකිය යුතු උදාහරණ – කුණු වල ප්‍රමුඛතාවය සහ ප්‍රේක්ෂක සාමාජිකයින්ගේ මොළය හැරවීමට චිත්‍රාගාර සහ ජාලයන් හිතාමතාම දරන උත්සාහය දෙස භීතියෙන් බලා සිටිය හැකිය. මස් කිරීමට. සමකාලීන සමාජ ජීවිතයේ කටුක කරුණුවලට එරෙහිව කලාකරුවන් මතු කර ඇති බැවින්, ලේඛකයින්ගේ සහ නළුවන්ගේ වැඩ වර්ජන ව්‍යාපාරය චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනයේ යථාර්ථවාදය වෙත හැරීමක් දිරිමත් කළ යුතුය.

සමස්තයක් ලෙස විනෝදාස්වාද වෘත්තීය සමිතිවල නායකත්වය අරගලයේ දෘෂ්ටිකෝණයෙන් සිය වැදගැම්මකට නැති බව දැනටමත් ඔප්පු කර ඇත

ලේඛකයාට සහ නළුවන්ට සියයට 25 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය වන අතර, ඔවුන්ට අහිමි වූ දේ පියවා ගැනීමට, කර්මාන්තයේ කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ පූර්ණ පාලනයක් සහ වැඩසටහන් සහ චිත්‍රපටවල සාර්ථකත්වය සහ නරඹන්නන් සමඟ බැඳී ඇති අවශේෂයන් අවශ්‍ය වේ. මේ සදහා ,සමාගම් ඔවුන්ගේ පොත් කම්කරුවන්ගේ පරීක්ෂාවට  විවෘත කිරීම අවශ්‍ය වේ.තත්වයේ බරපතලකම සහ අරගලයේ මානයන් ඉල්ලා සිටින්නේ, සාමාජිකත්වය විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන සහ ඔවුන්ගේ වැඩිවන අධිෂ්ඨානය ප්‍රකාශ කරන නව සංවිධාන, ශ්‍රේණිගත කමිටු, අවසානය දක්වා සටන කරගෙන යාමට ගොඩනැගීමයි.

SAG-AFTRA වැඩවර්ජනය පුපුරා ගියහොත්, එය කලබලකාරී සමාජ හා දේශපාලන සන්දර්භයක් තුළ සිදුවනු ඇත.

එක් අතකින්, බිඩෙන් විසින් නායකත්වය දෙන විල්නියස්හි අධිරාජ්‍යවාදීන් බිහිසුණු දෙයක් සකස් කරමින් සිටිති: යුක්රේනයේ ලේ වැගිරීමේ උත්සන්න වීම, තවත් මරණ, වඩා පුළුල් ලෝක ගිනි ජාලාවක් ඇවිලවීමේ අවදානමයි.

අනෙක් අතට, පවතින තත්වයන්ට එරෙහිව පිපිරීම් දවසේ අනුපිළිවෙලයි, එය සෑම විටම නිල සමාජයට “පුදුමයක්” ලෙස පැමිණේ: ප්‍රංශයේ සහ ශ්‍රී ලංකාවේ මහජන විරෝධතා, බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ නැව් තටාක සේවකයින්ගේ සහ ලොස් ඇන්ජලීස් හි හෝටල් සේවකයින්ගේ පාගමන, බි‍්‍රතාන්‍යයේ පාවා දුන් තැපැල් සේවකයන්ගේ මහජන කෝපය සහ සමාජ කෝපයේ තවත් බොහෝ පිපිරීම් ඇත.

සමාජ නැගිටීමත් එයට එරෙහිව පැනනගින ම්ලේච්ඡ ප්‍රතික්‍රියාවත් යන ක්‍රියාවලි දෙකම එකට සමපාත වේ.

වත්මන් අවුලෙන් මිදීමට ඇති එකම මාර්ගය වන්නේ, සමාජයේ සහ සංස්කෘතියේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා දැනුවත්ව උත්සාහ කරන, බලගතු, අණ දෙන ජාත්‍යන්තර බලවේගයක් ලෙස ක්‍රියා කරන කම්කරු පන්තියේ ව්‍යාපාරයයි. යුද්ධයේ බිහිසුණුකමට සහ ධනවාදයේ ම්ලේච්ඡත්වයට පිළිතුර මෙම මාවත දිගේ පවතී.

ඇමරිකාවේ රූපවාහිනී හා රෝඩියෝ කලාකරුවන්ගේ වර්ජනය සහ ගෝලීය පන්ති අරගලයේ මාවත Read More »

wije

විජේ ඩයස් සහෝදරයාගේ චරිතාපදානය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හා ලාංකීය කම්කරු පන්තියේ නූතන ඉතිහාසය සනිටුහන් කරයි

නන්දන නන්නෙත්ති විසිනි

තරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව ලෙස 1968 දී ආරම්භ කල, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) පුරෝගාමී නායකයෙකු මෙන් ම, 1987 සිට එහි ප්‍රධාන ලේකම් ලෙස භාරගත් වගකීම යටතේ සංගමය 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) නමින් පක්ෂයක් බවට පරිවර්තනය කළා වූ ද, එවක් පටන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය මරනය දක්වා දැරුවා වූ ද විජේ ඩයස් සහෝදරයාගේ අභාවයෙන් පලමු වර්ෂ පූර්න අනුස්මරනය වෙනුවෙන්, 29දා, කොලඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත් වූ රැලිය පිලිබඳ සමාලොචනයක් කම්කරු පන්තියේ හා තරුනයන්ගේ දේශපාලන විඥානය වර්ධනය සදහා අත්‍යවශ්‍ය මැදිහත්වීමක් ලෙස සැලකිය යුතු ය. 

එමෙන් ම, 27දා බොරැල්ල සුසාන භූමියේ දී මහජනයා සදහා විවෘත කල, විජේ සහෝදරයාගේ හා ඔහුගේ සමස්ථ දැනුවත් දේශපාලන ජිවිතයේ නොවෙන් කල හැකි සටන් සහායිකාව, යෙහෙලිය, සහෝදරිය හා පියඹ වූ පියසීලී විජේගුනසිංහ සහෝදරියගේ ද මතකයන් සංකේතවත් කල ස්මාරකය සමාජවාදී සංස්කෘතියේ පුරාවෘතයක් වන් විජේ- පියසීලි සංකලනය වෙනුවෙන් උචිත උපහාරයකි. එසේ වුව ද උක්ත රැස්වීමේ දී මෙම සංස්කෘතික සහසම්බන්ධය ගැන වචනයක් හෝ ප්‍රකාශ නො වීම නො තකා සිටිය නො හැකි මග හැරීමකි යි අපි සිතමු.

plaque
විජේ හා පියසීලි වෙනුවෙන් බොරැල්ල කනත්තේ පිහිටුවා ඇති සමරු ථලකය

රැලිය කැදවන ලද්දේ සසප හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සදහාජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විසිනි. ඊට සහභාගී වීම සදහා පක්ෂයේ සහෝදර සහෝදරියෝ, හිතවත්තු, විජේ සහෝදරයාගේ ඥාතීහු, ඇතුලු පිරිසක් දිවයිනේ විවධ ප්‍රදේශවලින් පැමින සිටියහ.   

ජාත්‍යන්තර කමිටුවේ සුබ පැතුම් පනිවිඩ ට්‍රොට්ස්කිවාදි ජාත්‍යන්තරවාදය වෙනුවෙන් විජේ සහෝදරයාගේ කැප වීමට උපහාර දක්වා තිබිනි. විජේගේ චරිතාපදානය ජාත්‍යන්තර කමිටුවේ හා ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන අරගලයේ නූතන ඉතිහාසය සනිටුහන් කරන බව සනාත කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝත් සහෝදරයා විසින් එවන ලද  සුබපැතුම් පනිවිඩය සුවිශේෂී වගකීමක් පක්ෂය හමුවේ තැබී ය.

සිය දශක අටක ජීවිතයෙන් දශක හයක ස්ටැලින්වාදයට, පැබ්ලෝවාදී අවස්ථාවාදයට, නේකාකාර සුලු ධනපති වාර්ගික, ජාතික හා ආගමික අපගමනයන්ට, වෘත්තීය සමිතිවාදයට, සහ  අවසානයේ ව්‍යාජ වාම පෙරමුනුවලට එරෙහිව නොනවතින විප්ලව ක්‍රියා මාර්ගය උදෙසා න්‍යායික හා ප්‍රායෝගික භාවිතයක නියැලෙමින්, බාහිර මෙන් ම අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් සමග පෙරමුනේ සිට ගැටුනු ජීවිතයක ක්‍රියා කලාපය එහි මරනයෙන් අවසන් කරනු ඇතැයි සිතනු හැකි වන්නේ කාට ද?

රැස්වීමේ මුලසුන දැරූ සසප දීර්ඝ කාලීන මධ්‍යම කාරක සභිකයෙක් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලංකාවේ කර්තෘ වන වන කේ. රත්නායක සහෝදරයා සිය හැඳීන්වීමේ දී පවසා සිටි පරිදි ම, විජේ සටන් වැදුනු “ඉදිරි දර්ශනය විමසා පාඩම් උකහා ගැනීම, පක්ෂය හා තරුන සංවිධානය ඉදිරි වැඩ කටයුතු සදහා පන්නරය ගන්වා ගැනීමට” කල යුතු ඉමහත් වැදගත්කමක් දරන කාර්යයකි. කෙසේ වෙතත් හුදෙක් ජාත්‍යන්තරවාදයට කැප වීම වැනි වියුක්ත සඳහන් කිරීම්වලින් එහා යමින් ඔහුගේ ජීවිතයේ අනුගමනය කල මාක්ස්වාදී මූලධර්ම ගැන අවබෝධයක් රැස්වීම තුලින් ඊට උචිත පරිදි  ඇති නොකිරීම සැලකිල්ලට ගැනීම අවශ්‍යය. පන්ති අරගලයේ නව කාල පරිච්ඡේදයක් වන මෙම වකවානුව තුල අවශ්‍යයෙන් ම විජේ පදනම් වූ මූලධර්මයන්ගේ මූලයන්ට ගමන් කර පාඩම් උකහා ගැනීම තීරනාත්මක යයි පවා කිව හැකි ය. 

rathnayaka
කේ. රත්නායක

පැබ්ලෝවාදී පිරිහීමේ පාඩම් උකහාගෙන, 1964 ලංකා සමසමාජ පක්ෂය ධනපති සභාගයට ඇතුලු වෙමින් කල පාවා දීමේ මූලයන් වටහා ගනිමින්, ඊට එරෙහිව ජාත්‍යන්තරවාදී ඉදිරී දර්ශනය මත ස්ථිරසාරව පිහිටා කම්කරු පන්තිය බලය ගැනීමෙන් මෙපිට ධනවාදී පීඩනය ජය ගත හැකි මාවතක් නැති බව විජේ වටහාගත්තේ යයි සියලුම කථිකයෝ සඳහන් කලහ. 

අයෝමය විනය පිලිබඳ ව්‍යාජය හා කට්ටිවාදය

“බලය ගන්න නම් 1917 බලය ගත් වැනි අයෝමය විනයකින් යුතු පක්ෂයක් අවශ්‍යයි; ධනේශ්වර පීඩනය කපා හරිමින් කම්කරු පන්තියේ පන්ති ස්වාධිනත්වය ආරක්ෂා කරමින් එය බලමුලු ගන්වන්න,” යි පවසමින් රත්නායක කියා සිටියේ 1964 දී, විජේ ඇතුලු තරුන නායකත්වය ඒ මත පිහිටා පක්ෂය ගොඩ නගා මෙහෙය වූ බව ය. එහෙත්, එම අයෝමය විනය සමන්විත වූයේ කුමකින් ද, පැබ්ලෝ- මැන්ඩෙල් නායකත්වය වලලා දැමූ එම විනය ආරක්ෂා කර වර්ධනය කලේ කෙසේ ද යන ප්‍රශ්න අවධානයට ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වන්නේ, කම්කරු පන්තියේ ස්ව විඥානය බොල්ෂෙවික් වර්ගයේ පක්ෂයකින් තොරව කෙසේවත් ඇති කල නො හැකි බැවිනි. කම්කරු පන්තිය සම්බන්ධයෙන් සැලකුවත් ඔවුනගේ ඔනෑම දේශපාලන සංවිධානයක් – ක්‍රියාකාරී කමිටු, ෆැක්ටරී කමිටු, ආරක්ෂක කමිටු වැනි- මෙම මූලධර්මයට නො බැඳුනේ නම් අවස්ථාවාදය පරාජය කෙරෙන්නේ හෝ මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැඟෙන්නේ හෝ, කොටින් කියන්නේ නම් විප්ලවයක් සිදු වන්නේ හෝ නැත. 

පැබ්ලෝවාදය හුදෙක් දියකරහැරිම්වාදී (Liquidationism) හා පිවිසුම්වාදී (Entryism) වූවා පමනක් නො වේ. තනි රටේ සමාජවාදය නැමති ජාතික පිලිවෙත සඳහා ස්ටැලින්ට ට්‍රෙට්ස්කිවාදී වාම විපාර්ශවය හා ඊට සහාය වූ කම්කරුවන් ලක්ෂ ගනනින් විරේක කර පක්ෂය නිලධාරීවාදී මාධ්‍යමික තන්ත්‍රයකට යටත් කිරීම අවශ්‍ය වූවා සේ ම, පැබ්ලෝවාදයට ද 4වන ජාත්‍යන්තරය ස්ටැලින්වාදය තුලට දියකර හැරීම සඳහා පක්ෂයේ බෝල්ෂෙවික්වාදී පැවැත්ම අහෝසි කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. මෙහිදී පැබ්ලෝ තන්‍ත්‍රය විසින් අති විශාල ප්‍රමානයක් සාමාජිකයෝ ප්‍රංශ ශාඛාවෙන් ‘විරේක’ කර දමනු ලැබුනාහ. 

මෙම ප්‍රවනතාවට එරෙහිව ස්වාධීන ලෝක පක්ෂයක් ලෙස ජාත්‍යන්තර කමිටුව පිහිටු වීමට පදනම් දැමූ සුප්‍රකට විවෘත ලිපිය මගින් එවකට එක්සත් ජනපද සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ජේම්ස්. පී කැනන් පෙන්වා දී ඇති පරිදි, පැබ්ලෝගේ සංශෝධනවාදය හා ට්‍රොට්ස්කිවාදය අතර බෙදීම් රේඛා කෙතරම් ගැඹුරු ද යත් දේශපාලනිකව හෝ සංවිධානාත්මකව කිසිදු සම්මුතියක් ඇති කර ගැනීමට හැකියාවක් නැත. බහුතර මතය සැබෑ ලෙස පිලිබිඹු කරන ප්‍රජාතන්ත්‍රවාදී තීරනවලට එලඹීමට ඉඩ නො දෙන බව පැබ්ලෝ කන්ඩායම ප්‍රදර්ශනය කර ඇත.”  හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගි මෙම නිලධාරීවාදී පරිහානියට එරෙහි ව, බෝල්ෂෙවික්වාදයේ පදනම වන ප්‍රජාතන්ත්‍රීය මධ්‍යගතවාදය යලි ස්ථාපිත කෙරුනු අව්‍යාජ කම්කරු පන්තික පක්ෂය ලෙස ජාත්‍යන්තර කමිටුව ගොඩ නැගීමට කැනන් ඇතුලු නායකත්වයට සිදු විය. ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය විප්ලවවාදි පක්ෂයක මස්ථිස්කය නම්, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය එහි ක්‍රියාකාරීත්වයේ හදවත වැනි ය. 

එක්සත් ජනපද සසප පදනම් ලේඛනය මෙසේ දක්වයි:

කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය සදහා සංවිධානයක් අවශ්‍ය වන අතර එය විනයකින් තොරව නො පවතිනු ඇත. එහෙත් විනය නිලධාරීවාදී ලෙස ඉහලින් පැටවිය නො හැකි ය. එය වැඩි දියුනු කල යුත්තේ මූලධර්ම හා ක්‍රියාමාර්ග මත නිදහස් ලෙස ඇති කර ගන්නා එකඟතාවයක පදනමින් ය. ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්ම මත පදනම් වන සසප සංවිධානාත්මක ව්‍යුහය තුල ප්‍රකාශයට පත් වන්නේ මෙම වැටහීමයි. ප්‍රතිපත්ති හා සුදුසු උපායන් සූත්‍රගත කිරීමේ දී පක්ෂය තුල පූර්න ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු ය. පක්ෂ ව්‍යවස්ථාවෙන් සඳහන් කෙරුනු අවස්ථා හැර, අනෙක් අවස්ථාවල දී සසප ප්‍රතිපත්ති හා වැඩ කටයුතු පිලිබද අභ්‍යන්තර සාකච්ඡාව සීමා පැනවීමකින් තොරව සිදුවිය යුතු ය. නායකයන් සාමාජිකයන් විසින් තෝරා පත්කර ගන්නා අතර, ඔවුන් විවේචනයට හා පාලනයට විවෘත විය යුතු ය. නායකත්වයට එරෙහිව ඉදිරිපත් වන විවේචනයට මුහුන දිය නො හැකි අපේක්ෂකයන් එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මූලාරම්භකයා වූ ජේම්ස් පී කැනන්ගේ වචන සැලකිල්ලට ගත යුතු ය. ‘සත්‍යය කිසිවෙකුටත් හානි නො කරයි. ඔහුට සුදුසු තැනම හිමි කර දෙයි.’ එහෙත් ප්‍රතිපත්ති සූත්‍රගත කිරීමේ දී පුලුල් සාකච්චාව ද, විවෘත හා අව්‍යාජ විවේචන ද අවශ්‍ය වන ආකාරයට ම, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී දැඩි විනයක් ද අවශ්‍ය වේ. පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඇති කර ගත් තීන්දුවලට සෑම සාමාජිකයෙක් ම බැදී සිටී. තීන්දු ක්‍රියාත්මක කිරීමේ දී, මධ්‍යගතවාදයේ මෙම අත්‍යවශ්‍ය අංගයට විරුද්ද වන හා විනයගත වීමේ ඉල්ලීම සිය ‌පෞද්ගලික නිදහසට අකුල් හෙලීමක් ලෙස සලකන අය විප්ලවවාදී සමාජවාදීන් නො ව, පන්ති අරගලයේ ඇඟවුම් හා ඉල්ලීම් වටහා නො ගන්නා අරාජකවාදීන් හා පුද්ගලවාදීන් ය.”

සසප හිටපු මධ්‍යම කාරක සභිකයෙක් වන මෙම ලේඛකයා විජේ සහෝදරයා මුල් වරට දැක හදුනාගත් 1975 වසරේ සිට බොහෝ කලක් ඔහු ඇසුරේ වටහා ගැනීමට හැකි වූ පරිදි, නායකයෙකු ලෙස විජේ ඩයස්ගේ සාර්ථකත්වය පිටුපස පැවති ප්‍රධාන ම මූල ධර්මයක් වූයේ මෙයයි. පුද්ගල චරිතයේදී විජේ ආඩම්බරකාරයෙකි, එහෙත් උද්ධච්ඡ නැත, නිහතමානී ය. දැඩි ය, නමුත් උනුවන හදවතක් ඇත, ලෙන්ගතු ය. කෙනෙකු ඉදිරිපත් කරන අදහස් සන්සුන්ව සවන් දීමේ පුරුද්දක් යකඩ මිනිහෙක් වූ විජේ සහ යකඩ ගැහැනියක වූ පියසීලි යන මේ යුවලට ම තිබිනි. වරක් වඩාත් න්‍යායිකව කරුනු පැහැදිලි කල රැස්වීමකට පසු සහෝදරියක් මෙසේ පැවසුවා ය. “විජේ සහෝදරයාට මොන තරම් ගැඹුරු විශ්ලේෂනයක් වුවත් කාටත් පැහැදිලි වෙන පරිදි විස්තර කල හැකි වීමට හේතුව සෙසු මිනිසුන් ගැන ඔහුගේ වැටහීම හා ඔවුන් කෙරේ ඔහු තුල ඇති ලෙන්ගතු කම යි.” මේවා වගකිව යුතු නායකයෙකුගේ සාර්ථකත්වයට හේතු නොවන්නේ කෙසේ ද?

මෙම මූලධර්ම වෙත පක්ෂයත්, පන්තියත් යොමු කර ගැනීමට විජේ ඩයස් අනුස්මරනය මහඟු අවස්ථාවකි. මෑත දී, පක්ෂය තුල දේශපාලන ප්‍රශ්න මතු කිරීම නිසා, සාමාජිකයන් 5ක් කිසිදු සාකච්ඡාවකින් හෝ විනය පරීක්ෂනයකින් පවා තොරව, විනය බිඳීම යන චෝදනාව යටතේ දොට්ට දැමුනි. මේ අනුස්මරන රැස්වීම අවසන් වී දින තුනක් ඉක්මවෙත් දී පක්ෂය ගත් පලමු පියවර වූයේ තවත් සහෝදරවරු 7ක්, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය අනුයමින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුවකට සහාය පලකිරීම මගින් පක්ෂ විනය බිඳ ඇතැයි යන චෝදනාවම මත, විනය පරීක්ෂනයකින් තොරවම, එකවර පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දැමීම යි.විනය ගැන කථා කිරීමේ දී කිව යුත්තේ, මෙම ‘විරේක’ කිරීම් සිදු කර ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාව පවා නො තකා හරිමින් බව ය. මේවා සිදු වන්නේ පන්ති අරගලයේ ඉතා තීරනාත්මක සටන් දිග හැරෙමින් තිබිය දී ය. විජේ සහෝදරයාගේ ජීවිතය පිලිබඳ සැබෑ ඇගයීමක් පෙනී සිටිනු ඇත්තේ මෙම අවස්ථාවාදී ප්‍රවනතාවන්ගෙන් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා ය.  

“විජේ සිය ජීවිතයේ අවසාන කාලය ගත කලේ මේ මහජන අරගලය තුල ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය වර්ධනය කර කම්කරු පන්තියට පාලන බලය ගැනීමේ මාවත පෙන්වීමට යි,” පැවසූ රත්නායක, මහජන අරගලය තුලට ප්‍රායෝගිකව හා සක්‍රීයව මැදිහත් නොවෙමින්, එයින් වියුක්තව, එහි නායකත්වය සඳහා ⁣පොරබැඳීමට පැකිලීම ගැන පක්ෂයට එල්ල වූ විවේචන හෙලා දකිමින් මෙසේ කියා සිටියේ ය: “නෑ මාක්ස්වාදයේ අයනු ආයනු තමයි, ට්‍රොට්ස්කිවාදයේ අයනු ආයනු තමයි, කම්කරු පන්තිය අරගලයට එනකොට ඔවුන් සදහා අවශ්‍ය ඉදිරි දර්ශනය, ක්‍රියා මාර්ගය, මග පෙන්වීම සූදානම් කිරීම.” මේ අනුව, කම්කරුවන් අරගලයට කැඳවීම සෑම කල්හි ම සෙසු ප්‍රතිගාමී ව්‍යාපාරවලට අයත් වැඩකි. විප්ලවවාදී පක්ෂය ක්‍රියාත්මක වන්නේ ඔවුන් එසේ කම්කරුවන් අරගලයට ගෙන ආ පසුව ය.

එහෙත්, ඔහුගේ මෙම අදහස මාක්ස්වාදී අයනු ආයනු දැනුවත්ව භාගෙට කියවීමකි. පන්තිය, පක්ෂය හා නායකත්වය කෘතියෙහි එන ට්‍රොට්ස්කිගේ පහත දැක්වෙන වචන ඒ සමඟ සසඳා බලන්න: 

“අලුත් නායකත්වයක්, පැරනි නායකත්වයකට වඩා ස්ථිර බව, විශ්වාසවන්ත බව, අවංක බව ජනයාගේ පලල් කොටස් ඒත්තු ගන්නේ ඔවුන්ගේ ම අත්දැකීම්වල පදනම මතින්, අවධි ගනනාවකින්, ක්‍රමානුකූලවයි. සත්‍යයෙන් ම විප්ලවයක් මධ්‍යයේ, එනම්, සිදුවීම් වේගවත්ව පරිවර්තනය වන තත්ත්වයක දී දුර්වල පක්ෂයකට ඉක්මනින් දැවැන්ත එකක් බවට වර්ධනය වන්නට පුලුවන. එසේ වන්නේ, එම පක්ෂය විප්ලවයේ ගමන් මඟ ඉතා පැහැදිලිව වටහා ගෙන ඇත්නම් හා දෙඩවීම්වලින් මත් නොවූ, දඩයම්වලින් තැති නොගත් ඉතා දැඩි ස්ථිර කේඩරයන් පක්ෂය සතුව පවතී නම් පමනෙකි. එබඳු පක්ෂයක් විප්ලවයට පෙරාතුව සූදානම් වී තිබිය යුතුය. මන්ද යත්, කේඩරයන් පුහුනු කිරීමට සැලකිය යුතු කාල පරිච්ඡේදයක් අවශ්‍ය වන බැවින් හා විප්ලවය එවැනි කාලයක් නොසපයන බැවිනි.” (පන්තිය පක්ෂය හා නායකත්වය – පි. 15)

එම කෘතියේ ම තවත් තැනෙක එන මේ කොටස ද බලන්න:

“… ජයග්‍රහනය මූලෝපායාත්මක කර්තව්‍යයකි. ජනතාව බලමුලු ගන්වනු වස් විප්ලවවාදී අර්බුදයක වාසිදායක කොන්දේසි උපයෝගී කර ගැනුම අවශ්‍ය ය. ජනතාවගේ පවත්නා “පරිනතකම” ආරම්භක ස්ථාවරය කර ගනිමින් ඔවුන් පෙරට තල්ලු කිරීම අවශ්‍ය ය. සතුරා මොන ම අයුරකින්වත් සර්ව-බලධාරී නොවන බව ද, පරස්පර විරෝධයන්ගෙන් වැහැරී සිටින බව ද, මතුපිටින් පෙනෙන වෙස් පෑමට යටින් සන්ත්‍රාසය හා කුලප්පුව රජයන බව ද වටහා ගන්ට ජනතාවට ඉගැන්වීම අවශ්‍ය ය.” (පන්තිය පක්ෂය හා නායකත්වය – පි. 11)

තවදුරටත්, කල යුත්තේ කුමක්ද කෘතියේ ලෙනින් ලියා ඇති පහත කොටස් ද මෙහි ලා සැලකිල්ලට ගනු වටී:

“සෑම පොදු ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රශ්නයක් ම මතු කිරීමෙහි දී සහ විසදීමෙහි දී, අන් සියළු දෙනාටම ඉදිරියෙන් සිටීමට ඇති තමන්ගේ යුතුකම අමතක කරන තැනැත්තේ ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු නොවේ. (කල යුත්තේ කුමක්ද? පි. 202)”

“පොදු  වශයෙන් නොව, වචනයේ නියම අර්ථයෙන්, සටනට හඬ නැගීම කල හැක්කේ, සටන ඇති වන තැනදී ය. එවැනි හඬ නැගීම් කල හැකි වන්නේ, තමන්ම සටනට අවතීර්ණ වන හා අප්‍රමාදව ම එසේ කරන අයට පමනකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශකයන් වශයෙන් අපගේ කටයුත්ත වන්නේ, දේශපාලන උද්ඝෝෂන ගැඹුරට ගෙනයාම, ව්‍යාප්ත කිරීම හා උත්සන්න කිරීමයි. (කලයුත්තේ කුමක්ද? පි. 189)   

රත්නායක සහෝදරයා ගෙන එන තර්ක වනාහී විජේ සහෝදරයාගේ ජීවිතය කියා දුන් පාඩම් කනපිට හැරවීමකි. ඔහු හුදෙක් ඉදිරි දර්ශනය සඳහා ඉදිරි දර්ශන වර්ධනය කලේ නැත. ඔහු න්‍යායික මෙන් ම ජීවමාන දේශපාලන අරගලය තුල කම්කරුවන් ගොවියන් හා තරුනයන් අතර වැඩ කලේ ය. 

සැබවින්ම නම්, රත්නායක මේ උත්සාහ කරන්නේ පසුගිය මහජන අරගල තුලින් ඉදිරියට පැන විදහා ලූ හා  තමන්මද අයත් නායකත්ව තන්ත්‍රය කලක සිට පක්ෂය තුල වර්ධනය කලා වූ ඉහතකී නොවැලැක්විය හැකි චෝදනාවෙන් ඉදිරිපත් කරන පක්ෂයේ කට්ටිවාදය ව්‍යාජ සූත්‍රයකින් වසා දැමීම යි. ට්‍රොට්ස්කි 1935 දී “කටිටිවාදය, මාධ්‍යමිකවාදය සහ  හතරවන ජාත්‍යන්තරය” නමින් විප්ලවවාදී ව්‍යාපාරය තුල එම ප්‍රවනතාවයන්ගේ කාර්යභාරය සම්බන්ධව විශ්ලේෂනය කරමින් ලියන ලද ලියවිල්ලේ පහත කොටස අවධාරනයට ගන්න:

“මාක්ස්වාදය විසින් ධනේශ්වර සමාජයේ චලනය පාලනය කරන නීති මත විද්‍යාත්මක වැඩපිලිවෙලක් ගොඩනගා ඇති අතර, මාක්ස්වාදය විසින් එම නීති සොයා ගන්නා ලදී.  මෙය දැවැන්ත ජයග්‍රනයකි!  කෙසේ වෙතත්, නිවැරදි වැඩපිලිවෙලක් නිර්මානය කිරීම ප්‍රමානවත් නොවේ.  කම්කරු පන්තිය එය පිලිගත යුතු ය.  නමුත් කට්ටිවාදියා, දේවල්වල ස්වභාවය අනුව, කාර්යයේ පලමු භාගයේදී නතර වේ.  කම්කරු මහජනතාවගේ සැබෑ අරගලයට සක්‍රීයව මැදිහත්වීම ඔහුට මාක්ස්වාදී වැඩපිලිවෙලක වියුක්ත ප්‍රචාරයක් මගින් ආදේශ කරනු ලැබේ.”

මේ අනුව, විප්ලවවාදී පක්ෂයක වගකීම ඉදිරිදර්ශන හා ක්‍රියා මාර්ග වර්ධනය කර කම්කරු පන්තියට බලය ගැනීමේ මග පෙන්වීම යයි කියන විට මාක්ස්වාදීන් අදහස් කරන්නේ කුමක් දැයි විජේ දැන සිටියේ ය. එය විශේෂ බුද්ධිමතුන් අතලොස්සකගේ පුවත්පත් කලාවේදී කටයුත්තක් වැනි දෙයක් නොවන බව ඔහුගේ ජීවිතය ගැන පක්ෂයේ ප්‍රරෝගාමී නායකයෙකු වන වයෝවෘද්ධ නන්ද වික්‍රමසිංහ, මෙම අනුස්මරනය වෙනුවෙන් නිකුත් කල වීඩියෝව මඟින් පෙන්වා දී ඇත. පැහැදිලි විය යුතු ප්‍රශ්නය නම්, ඉදිරි දර්ශන හා ක්‍රියා මාර්ග වර්ධනය කරන්නේමත් කෙසේ ද, මේ කාරනයේ දී මාක්ස්වාදයේ අයනු ආයනු උච්චාරනය කරන්නේත් කෙසේ ද යන්න ය.

රත්නායකගේ තවත් ප්‍රකාශයකට සම්බන්ධිතව මෙය වටහා ගැනීමට උත්සාහ කිරීම උචිත ය. 2022 අප්‍රේල් අරගලය ලෙස හඳුනා ගන්නා ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මහජන නැගිටීම ගැන සඳහන් කරමින් එය තමන්ට අහම්බ කාරනාවක් නො වූ බව ඔහු කීය. ඒ 2020න් ඇරඹි දශකය සමාජවාදී  විප්ලවයේ දශකය ලෙස ජාත්‍යන්තර කමිටුව විසින් නම් කරනු ලැබීම නිසා ය. එය අතිශය ප්‍රගාඪ පෙර දැකීමක් බව ද ඔහු සඳහන් කලේ ය. 

නමුත් 2022 මාර්තු මාසයේ අවසාන සතියේ රට පුරා ජනයා පෙල ගැසෙමින් සිටිය දී වත් සසප නායකතවයට ආරම්භකත්වයක් සදහා පියවර ගැනීමට නො හැකි විය. වහාම ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරගෙන අරගලයට පිවිසිය යුතු ය යි මෙම ලේඛකයා කල ඉල්ලීම ද කුනු කූඩයට දැමිනි. මාර්තු 31 අරගලය හදිසියේ  පුපුරා ගිය අතර ඊලග 3 දා දිවයින පුරා, කලින් යොදාගත් පරිදි, මහජනයා අරගලයට පිවිසුනි. ජාත්‍යන්තර කමිටුව අප්‍රේල් 5 දා ලංකාවේ සිද්ධි අලලා ඉදිරි දර්ශනාත්මක ලිපියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කලේ ය. ලංකාවේ කම්කරු පන්තිය බලය ගැනීමට සූදානම් විය යුතු ය යි එය පෙන්වා දුන්නේ ය.

ශ්‍රි ලංකාවේ සසප මේ සම්බන්ධයෙන් යොමු කර ගැනීමට කෙතරම් අසීරු වූයේ ද යත් ලොසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේව් නෝර්ත්ගේ ද මැදිහත් විමෙන් විජේ ලියූ ඉදිරි දර්ශනයක් බොහෝ පමා වී පල කල හැකි වූයේ අප්‍රේල් 7දා ය. “මහජනයාගේ නැගිටීම් ආරම්භය ආසන්නයේ, එහෙම නැත්නම් ඒවා රට පුරා පැතිරීගෙන එන තත්වය ඇතුලේ” එය සිදු කල බව රත්නායක රැස්වීමේ දී කල කියා පෑම හා මේ සිදුවීම්, 2020 සිට දැන සිටි නිසා අහම්බයක් නො වීය යන ප්‍රකාශයට පටහැනි ය. දැන් රත්නායක කියන දෙයින් ගම්‍ය වන පනිවිඩය නම්, අයනු ආයනු යනු එසේ කල් මැරීමට කියන වෙනත් නමක් බව ය. 

2020 දී නොව, 1996 සංගම් පක්ෂ බවට පත් කිරීමේ දී අප සටහන් කර ගත්තේ නිෂ්පාදනයේ භූගෝලීයකරනය විසින් සියලු ජාතිකවාදී ක්‍රියාවන්ට සදහට මල බෙරය හැඩවී ඇති නිසා කම්කරු පන්තියේ අති මූලික ඉල්ලීම් සදහා අරගලය පවා අප අතට ගැනීමට වෛෂයිකව තීන්දු වී ඇති බව ය. අනෙක් අතට පන්ති අරගලයට මැදිහත් වීම හැටියට මිස ඉදිරි දර්ශනයක් වර්ධනය කල හැකි වෙනත් ආකාරයක් ද නැත. පන්ති අරගලයෙන් තොරව ම මාක්ස් නමැති මහා ප්‍රාඥයාගේ ඔලුවට මාක්ස්වාදය කඩා වැටුනේ නැති බව කවුරුත් දන්නා කරුනකි. කෙසේ වෙතත්, කම්කරු පන්තිය තුල වර්ධනය නොකරන වියුක්ත  ඉදිරි දර්ශනයකින් ඇති ඵලය කුමක් ද? ඒ නිසා සසප වහාම මෙම කුසීත මග හැරීමෙන් අත් මිදිය යුතුව ඇති අතර එය ඓතිහාසික අවශ්‍යතාවක් බව වටහා ගැනීමට සටන් කල යුතු ය.

විජේ ඩයස් 1987 ප්‍රධාන ලේකම් ධුරයට පත් වන්නේ 1953 පැන නැගී පැබ්ලෝවාදයට අවසන් ප්‍රහාරය එල්ල කර, ජාත්‍යන්තර කමිටුව අව්‍යාජ කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදී හා ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ලෙස ඉස්මත්තට ඒමත් සමග ය. 1985-86 මෙම භේදය පෙර පැවති හීලිවාදයේ නිලධාරීවාදී බලපෑමෙන් එහි ශාඛා නිදහස් කර ගත්තේ ය. විජේ සිය නිලය මෙහෙය වූයේ එම පදනම්වල සිට ය. එම වසරේම පැන නැගුනු ජවිපෙ ඝාතනවලට හා ආන්ඩුවේ මෘග මර්දනයට මුහුන දී, වසර 5-6ක කෙටි කාලයක් ඇතුලත පක්ෂ සාමාජිකත්වය දෙගුනයකින් පමන ඉහල දමා ගනිමින් පෙරට ගමන් කිරීමට එම මෙහෙයුමට හැකි විය. තුවක්කු දෙකකට මැදි වී එහි දී දිනා ගත්තේ අතිශය දැනුවත්, කැප වූ හා සටන්කාමී කේඩරයකි. මෙම ජයග්‍රහනය විශේෂයෙන් ජවිපෙ මදාවිකාරයට හා ආන්ඩුවේ මර්ධනයට එරෙහි එක්සත් පෙරමුන සදහා සහ ගම්බද ඝාතනවලට එරෙහිව ගෙන ගිය සප්‍රතිපත්තික අරගලය හා බැදුනි. ඉතා අසීරු කොන්දේසි යටතේ පක්ෂ සාමාජිකත්වය සාකච්ඡා මගින් ඒත්තු ගන්වා ගැනීමට කටයුතු නොකෙරිනි නම් එම සාර්ථකත්වය සිහිනයක් වීමට නියමිත ව තිබින. උත්සන්න කල වර්ගවාදයට හා යුද්ධයට අභියෝග කල මෙම කේඩරය මෙහෙයවා ගෙන ගිය අරගලය උතුරු පලාත තුල ද පක්ෂය පුලුල් කලේ ය. මේ නිසා, නව සම සමාජ පක්ෂය (නසසප) වැනි පක්ෂවල අභාවය ඉක්මන් කල එක්සත් පෙරමුන සම්බන්ධ අත් දැකීම්වලින් තොරව විජේ සහෝදරයා පක්ෂය ගොඩ නැගීමට දුන් නායකත්වය හරිහැටි වටහා ගත හැකි නො වන බව අපේ අදහස ය. මෙම සාර්ථකත්වයන් වූ කලී, මේඝ දූතයන් ලෙස ඉදිරි දර්ශන පා කර යවා ලබා ගත් ඒවා නො වේ, ඒ වෙනුවට ඒවා, ජීවිත පරිත්‍යාගයෙන් යුද බිමේ දී ඉදිරි දර්ශන සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයෝ වෙති.   

සිය ජීවිතයේ අවසන් වසරේ, ජාත්‍යන්තර කමිටුවේ මැදිහත් විමෙන් ඔහු විසින් කෙටුම්පත් කෙරුනු ඉතා පැහැදිලි ඉදිරි දර්ශන දෙකක් අප්‍රේල් 7 සහ ජුලි 20 නිකුත් කෙරීම නිසැකවම ජයග්‍රහනයකි. එම ලේඛන ඉහත සඳහන් කල අත්දැකීම්වලින් පෝෂනය වී ඇත. නමුත්, ඒ්වා කම්කරු පන්තිය තුලට ගෙන යාමට හා ඒ මත සාකච්ඡාවක් අවුලවා ගෙන, කම්කරු පන්තිය ඒත්තු ගන්වා සූදානම් කිරීමට, ඔවුන්ගේ අරගලය තුල නායකත්වය ගැනීම සඳහා ගැනුනේ ඇල්මැරුනු ප්‍රවේශයකි. සසප වාමාංශය අප්‍රේල් ඉදිරිදර්ශනයේ මග පෙන්වීම යටතේ අරගලය තුලට මැදිහත් වී කන්ඩායමක් දිනා ගත් අතර පසුව කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩ නැගීම දක්වා එය ඉදිරියට ගියේ ය. ජුලි 20 ඉදිරි දර්ශනය කොලඹ ක්‍රියාකාරී කමිටුවේ පදනම විය. පක්ෂ තන්ත්‍රය එම ආරමිභකත්වය ගත් සාමාජිකයන් පක්ෂයෙන් නෙරපා හරිමින් ද, කොක්‍රික කෙරේ වෛරීසහගත ප්‍රකාශ නිකුත් කරමින් ද කලේ උක්ත ඉදිරී දර්ශන ලියවිල්ලේ අර්ථ විකෘති කිරීම ය.   

ක්‍රියාකාරී කමිටු පිලිබඳ නිලධාරීවාදී විකෘතිය

අනුස්මරන රැස්වීමේ කතා කල සසප දේශපාලන කමිටුවේ විලානි පීරිස් සහෝදරිය, වරාය ක්‍රියාකාරී කමිටුව ගොඩ නගන කොට කම්කරුවෙක් අපි සියලු සමාජවාදය ගැන කතා කරන කොටස් ඒකාබද්ධ කරගනිමු” යි යෝජනා කල බව කීවා ය. ඊට එරෙහිව තර්ක කරමින් ඇය, “ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය සදහා පදනම් දැමිය යුත්තේ, සිය පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම පිනිස දිවයින පුරා වැඩපොල, කම්හල්, වතු, නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු තුලින් කම්කරුවන් හා ගම්බද පීඩිතයන් විසින්ම ය” යන පක්ෂයේ ඉහත කී ජුලි 20 ප්‍රකාශයේම ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙල කෙරේ දිගටම පවත්වාගෙන යන සතුරුභාවය ඉස්මතු කලා ය. 

“අපි ලෝක කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය කරන එකම සංවිධානය වන නිසා, කොතනින් හෝ කන්ඩායම් එකතු කර සංවිධාන හදන්නේ නැහැ”, යි පවසමින් විලානි කීවේ කම්කරු ක්‍රියාකාරී කමිටු පක්ෂයේ අභිලාශයන්ට, අනුමැතියට, ඉදිරි දර්ශනයට හා විනයට යටත්ව විය යුතු බව ය. එසේ නම් පක්ෂය හදනවා මිස ක්‍රියාකාරී කමිටු හදනනේ කුමටදැයි විජේ මේ අදහසට විරුද්ධව තර්ක කල බව විලානි හිතාමතා ම අමතක කරන්නීය. 

Vilani
විලානි පීරිස්

කිසිදු පක්ෂයකට යටත් ව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම ක්‍රම විරෝධී ය. ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. පක්ෂවල කාර්ය ඒවා තුලට වන් සිය සාමාජිකයන් මගින් සිය වැඩ පිලිවෙලට කම්කරු ගොවි ජනයා සහ අවසානයේ කමිටුවම දිනා ගැනීමට සටන් කිරීම ය. විවිධ ධනේශ්වර විරෝධී ප්‍රවනතා කමිටුව නියෝජනය කරනු ඇත. විප්ලවවාදීහු මෙම ප්‍රවනතාවන්ට බිය නො වෙති. කම්කරු පන්තිය අධ්‍යාපනගත වන්නේ ද, මහජන ව්‍යාපාරයක් වර්ධනය වන්නේ ද, පක්ෂය මහජනයා අතර මුල් බසිමින් වර්ධනය වන්නේ ද එබදු අරගලයක් තුල ය. විශේෂයෙන් මධ්‍යම පන්තික ජනයා විවිධ අවස්ථාවාදී ව්‍යාපාරවල ග්‍රහනයෙන් හා ෆැසිස්ට්වාදයෙන් මුදාගත හැකි වන්නේ එබඳු අරගලයකට ය. මෙය කම්කරු පන්තියේ ජීවිතය හා මරනය අතර ප්‍රශ්න සමග බැඳී ඇති බව වටහා ගැනීම අවශ්‍ය වන්නේ එබැවිනි.

ඥාන කෝෂ්ඨාගාරයක්

තතු එසේ තිබිය දී, පක්ෂයේ තරුන සංවිධානය නියෝජනය කල සකුන්ත හිරිමුතුගොඩ සහෝදරයා සිය කතාව තුල විජේගේ ජීවිතයේ න්‍යායික දේශපාලනික හා මූලධර්මාත්මක පදනම් සොයා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දරන බව පෙන්නුම් කලේ ය. විජේගේ දේශපාලනය, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හා ජාත්‍යන්තරවාදය යන කුලුනු දෙක මත පිහිටා සිටි බව ඔහු අවධාරනය කලේ ය. විජේගේ ක්ෂමා විරහිත දේශපාලනය උපුටා දක්වමින් ඔහු කියා සිටියේ විකොස ගොඩ නැගීමට මූලිකත්වය ගත් විජේ සහෝදරයාගේ පරපුරේ තරුනයන්ට එය කල හැකි වූයේ අත්‍යවශ්‍ය දේශපාලනික, න්‍යායික පාඩම් උකහාගෙන ක්‍රියාත්මක වීම තුලින් මිස හුදු තරුන ජවය හා ධෛර්යය නිසා නො වන බව ය. කැලඹිලිකාර කාල පරිච්ඡේදයක දී තරුන ජනයාගේ අධිෂ්ඨානය සන්නද්ධ කල යුතු ය යි ඔහු ලෙනින් උපුටා දක්වමින් කල සටහන අවධානයට ගැනීම අත්‍යවශ්‍යය ය. කම්කරු පන්තියේ පන්ති අරගලය වර්ධනය කිරීම සඳහා කරන න්‍යායික, දේශපාලනික හා සංවිධානාත්මක වැඩ කටයුතුවලින් තොරව තරුන ජනයාගේ අධිෂ්ඨානය සන්නද්ධ කිරීමේ ක්‍රමයක් ද නැත. විශේෂයෙන් විජේගේ යෞවනය ඊට අදාල විෂය මාලාවකි. පක්ෂයක වගකීම වන්නේ මේ තීරනාත්මක මොහොතේ යෞවනයන්ගේ මෙම න්‍යායික සා පිපාසාව සංසිඳුවීම ය.

sakuntha
සකුන්ත හිරිමුතුගොඩ

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, 1968 සිට විජේ සහෝදරයාගේ සහභාගීත්වයෙන් හා මූලිකත්වයෙන් සිදු කල පක්ෂයේ වැඩ කටයුතුවල වාර්තාවක් ඉදිරිපත් කලේ ය. ඔහුගේ වාර්තාව වත්මන් පන්ති අරගලය තුල පක්ෂයේ වගකිම් ක්‍රියාකාරී කමිටු පිලිබද යෝජනාවට එහා ගෙන නො ගියේ ය. 

සසප මෙම රැස්වීම යලි තක්සේරු කිරිම අවශ්‍යය යි අපි සිතමු. එය තීරනාත්මක වන්නේ කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දශක 6ක අත් දැකීම් ඇති, ආසියාතික කලාපයේම සංවිධානය ගොඩනැගීමේ වගකීම දරා සිටින නිල ශාඛාව එය වන අතර ම, එහි පැවැත්ම සමාජවාදී විප්ලවයේ ඉරනම සම්බන්ධ ප්‍රමුඛ කරුන වන හෙයිනි. 

2010 වසරේ සිදු වූ පියසීලි සහෝදරියගේ මරනය විජේ සහෝදරයාගේ ජීවිතයට එල්ලවූ අකුනු පහරක් බඳු වුවත්, විජේ නිර්ධන පන්ති විප්ලවයට හා එහි පක්ෂයට දැඩි ලෙස බැඳුනු ඇගේ මෘත දේහය අභියස දී පවා පක්ෂය ගොඩ නැගීමට සපථ කලේ ය. හෘදයාබාධයත්, තවත් අසීරු රෝගී තත්වයනුත් ඔහුට සිතැඟි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ නො දුන්නේ වී වුව, මේ යෝධ මිනිස් චරිතය මෙරට දැවැන්තතම මහජන නැගිටීම මැද නැගී සිට “කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!” යන මාහැඟි ඉදිරි දර්ශනය සිය මරනයෙන් සතියකට පෙර කෙටුම්පත් කර තැබුවේ ඊට එරෙහිව මතු ව තිබූ බොහෝ බාධක මැඩ පවත්වමිනි.    

විජේ සහෝදරයාගේ දේශපාලන ජීවිතය සියලු විප්ලවවාදීන් හා තරුනයන් විසින් පිරිසිඳ දත යුතු ඥාන කෝෂ්ඨාගාරයක් වෙයි. එය මනාව හා විධිමත් ව අධ්‍යයනය කිරීම සියලු විප්ලවවාදීන් විසින් මඟ නොහැරිය යුතු වගකීමක් වන අතර, එවැනි අධ්‍යයනයක් සමස්ත දකුනු ආසියාතික කලාපයේ හා සමස්ත ග්‍රහලෝකයේ කම්කරු පන්තියේ ඉරනම පිලිබඳ මිල කල නොහැකි පාඩම් ගෙන එනු ඇත.

විජේ ඩයස් සහෝදරයාගේ චරිතාපදානය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හා ලාංකීය කම්කරු පන්තියේ නූතන ඉතිහාසය සනිටුහන් කරයි Read More »

air defender

යුක්‍රේනය තුල “ප්‍රොක්සි යුද්ධයේ” සිට නැටෝවේ ඍජු මැදිහත්වීමක් කරා..

මිගාර මල්වත්ත විසිනි.

air defender
Air Defender 23 is the largest deployment exercise of air forces in NATO’s history. Tornado and Eurofighter in formation: In composite air operations, combat aircraft with different capabilities are employed in combination Bundeswehr/Stefan Petersen. bundeswehr.de/en

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාළ ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි. මෙය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

ජුලි මැද දක්වා මාසයකට වැඩි කාලයකදී, යුක්රේන සන්නද්ධ හමුදා විනාශකාරී භෞතික පාඩු ලබා ඇති අතර, එක්සත් ජනපද මාධ්‍ය විසින් මාස ගනනාවක් තිස්සේ ප්‍රවර්ධනය කරන ලද යුක්‍රේනයේ “වසන්ත ප්‍රතිප්‍රහාරය” සැලකිය යුතු ඉදිරි ගමනක් ගෙන නොමැති බව පැහැදිලිය.

මෙම ප්‍රහාරයේදී දිනකට යුක්‍රේන භටයින් 1000 පමණ මිය යන ලද බව යුක්‍රේනය ම පිලිගතතේය. එහෙයින්, දැන් හුදෙක් පුහුනුව හා ආයුධ සම්පාදනය අතින් පමනක් නොව, යුද්ධය තීව්‍ර කිරීම සඳහා අවශ්‍ය මිනිස් බලය සැපයීම අතින් ද යුක්‍රේන මිලිටරිය වඩ වඩා ඇමරිකා එක්සත් ජනපදය (එ.ජ) හා නැටෝව මත රැඳී සිටී.

රුසියාවට එරෙහි, මෙම මිලිටරි වටලෑම වඩාත් උච්චස්ථානයකට නංවමින්, එය රුසියානු භූමිය තුළට සිදු කරනු ලබන මිලිටරි ආක්‍රමණයක් දක්වා දිගු කර ගැනීම සඳහා, මෙතෙක් තමන් සිදු කරන ලද “ප්‍රොක්සි” මැදිහත් වීම පසෙක ලා, රුසියාවට එරෙහි ඍජු මැදිහත් වීමක් දක්වා එය වර්ධනය කර ගැනීම අධිරාජ්‍යවාදයේ ඊලඟ පියවරයි.

මුලින්, එ.ජ හා එක්සත් රාජධානිය මෙන් දැඩි ආක්‍රමණශීලි ස්ථාවරයක නොසිටි ප්‍රංශය, අද යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පෙරමුණ ගෙන සිටී. එමෙන් ම, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා සමඟ ලන්ඩනයේදී හමු වී, තව තවත් ආයුධ සහ මුදල් ඉක්මනින් ගලා එනු ඇති බව හැඟවීය. කුලේබා පසුව ප්‍රකාශ කළේ, යුක්‍රේනයේ නේටෝ සාමාජිකත්වය ලබා දීමේ යෝජනාව විල්නියස් සමුලුවට ඉදිරිපත් කිරීම සූදානම් කිරීමට ඔවුන් එහිදී සාකච්ඡා කළ බවයි. තවද, බයිඩන් ගේ පරිපාලන නිලධාරියෙක් සීඑන්එන් වෙත පැවසුවේ යුක්රේනය නේටෝවට බැඳීමට කඩිනම් සැලැස්මක් “විවෘතව” පවතින බවයි. ඔස්ලෝහි දී හමු වූ නේටෝ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමකින් පසු  නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ “යුක්‍රේනයට හිමි ස්ථානය ඇත්තේ නේටෝව තුල” බවයි. “අද අපගේ අවධානය යොමු වූයේ යුක්රේනය නේටෝව වෙත සමීප කරවන්නේ කෙසේද” යන්නයැයි ඔහු කියා සිටියේය.

නේටෝ සාමාජිකයෙකු වීමට යුක්‍රේනය දරන උත්සාහයට නව යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති සැන්චෙස් ද සිය උණුසුම් සහාය ප්‍රකාශ කලේය. “ස්පාඤ්ඤය නේටෝ-යුක්රේන කවුන්සිලයක් නිර්මාණය කිරීම හරහා යුක්රේනයේ දේශපාලන සහභාගීත්වය ශක්තිමත් කිරීමට සහාය දක්වයි, යුක්රේනය තවදුරටත් ආරාධිත පක්ෂයක් නොව පූර්ණ සාමාජිකයෙකු වනු ඇත. ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, ඔබේ ආරක්ෂක අංශය නේටෝ ප්‍රමිතීන්ට අනුව අනුවර්තනය කිරීමටත් අපි කැමැත්තෙමු, ”සැන්චෙස් පැවසීය.

යුක්රේනය තම සාමාජිකයෙකු ලෙස නේටෝව පිළිගතහොත්, නේටෝ ගිවිසුමේ 5 වැනි වගන්තිය යටතේ සියලුම නේටෝ රටවල්වලින් රුසියාව සමඟ යුද්ධයට එළඹෙන ලෙස ඉල්ලා සිටීමට ඔවුන්ට හැකි වනු ඇත. 5 වන වගන්තිය අනුව, මිලිටරි ප්‍රහාරයකට ලක්ව සිටින සාමාජිකයෙකුට ආධාර සැපයීමට සියලුම නේටෝ සාමාජිකයෝ බැඳී සිටිති.

කෙසේ වෙතත්, මෙහිදී සැබැවින්ම සිදුවන්නේ වන්නේ යුක්රේනය නේටෝවට ඇතුළු වීම නොව, නේටෝව යුද්ධයට තම මැදිහත්වීම විශාල ලෙස පුළුල් කිරීම හරහා යුක්‍රේනයට “ඇතුළු වීමයි”. 

මෙසේ නේටෝ බලවතුන්ට මෙම යුද්ධයට ඍජුව මැදිහත් වීම වඩාත් හදිසි කර්තව්‍යයක් බවට පත්ව ඇත්තේ, මේ මොහොතේ යුද්ධයේම සිදුවන අනපේක්ෂිත වර්ධනය නිසාය.

යුක්රේන මිලිටරිය විසින් බොහෝ ප්‍රබෝධමත් ආකාරයකින් ආරම්භ කරන ලද ප්‍රතිප්‍රහාරය දිග්ගැස්සුනු පරාජයක් බවට පත්ව ඇති තතු යටතේ, හිටපු නේටෝ අණ දෙන නිලධාරියෙකුගේ වචන වලින් පැවසුවහොත්, රුසියාවේ “කොන්ද කැඩීම” වූ එහි ඉලක්කය සහතික කිරීම සඳහා ගැටුමට සෘජුවම මැදිහත් වීමට දැන් නේටෝවට සිදුව ඇත. 

ජූලි 11 හා 12 යන දින දෙක තුළ පැවත්වීමට නියමිතව තිබූ ලිතුවේනියාවේ විල්නියස් සමුළුව නේටෝ බලවතුන් විසින් සලකනු ලැබ තිබුනේ ජයග්‍රාහකයන්ගේ සමුලුවක් ලෙස ය. ඒ වෙනුවට, නැටෝ බලවතුන් හමු වූයේ, මිලිටරි අසාර්ථකත්වයේ පසුබිමක සිට ය. සියලු ම නැටෝ පාලන තන්ත්‍ර ගැඹුරු අභ්‍යන්තර අර්බුදවලට මුහුන දී සිටින අතර, ඒවා තමන් විසින්ම අවුලුවා ලනු ලැබූ යුද්ධයේ සුවිසල් අසාර්ථකත්වයෙන් තීව්‍ර කෙරෙනු ඇත.

ලිතුවේනියාවේ විල්නියස් හි නේටෝ සාමාජිකයින් 31 දෙනාගේ රාජ්‍ය නායකයින් සහ ආන්ඩු විසින් එම සතියේ සම්මත කරන ලද ප්‍රකාශය ගෝලීය යුද්ධයේ සැලසුමකි. පිටු 24කින් යුත් ලේඛනයේ කොටසක් පමණක් සමුළුවේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් සඳහන් කරයි. ඉතිරිය තුළ, නේටෝව සිය කැමැත්ත සමස්ත ලෝකය මත පැටවීමේ අභිප්‍රාය ප්‍රකාශ කරයි. 

ලේඛනයේ, යුක්‍රේන යුද්ධයට අදාල කොටසෙහි, රුසියාව සමග සාකච්ඡාමය විසඳුමක් ඇතිකර ගැනීම සම්පූර්ණයෙන්ම බැහැර කොට ඇත. තවද, ඊටත් වඩා, එහි (පුටින් ආන්ඩුවේ) “යුද අපරාධ” වලට “දන්ඩ මුක්තියක්” තිබිය නො හැකි යයි ද, “වගකිව යුතු සියල්ල චෝදනාවට ලක්කල යුතු” යයි ද නැටෝව විධාන කරයි. සාමය සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ “රුසියාව මුලුමනින් ම හා කොන්දේසි විරහිත ව යුක්‍රේනයෙන් ඉවත් වීම යි”.

“යුක්‍රේනයෙහි අනාගතය පවතින්නේ නැටෝව තුලයි” යැයි ප්‍රකාශය අවධාරනය කරන නමුත්, නේටෝ හි යුක්‍රේනියානු සාමාජිකත්වය සඳහා සමුළුව තුල දී, කාල රාමුවක් එමගින් ඉදිරිපත් නොකෙරුනි. ඒ වෙනුවට එහි සඳහන් කර ඇත්තේ, “මිත්‍ර පාර්ශවයන් එකඟ වන විට හා කොන්දේසි සපුරන විට” අනාගතයේ යම් දිනයක යුක්‍රේනයට සාමාජිකත්වය ලැබෙනු ඇති බවයි.

මෙවැනි පියවරක් නේටෝව විසින් ගැනීම පිටුපස පවතින්නේ පැහැදිලිවම උපායාත්මක හැරීමකි. මේ අවස්ථාවෙහි, කඩිනමින්ම නැටෝ සම්මුතියේ 5වන වගන්තිය ක්‍රියාවට දැමීමට යුක්රේනයට අවස්ථාව ලබාදීම වඩා වාසිදායක නොවන බවට ඔවුන් ගණන් බලා ඇති බව පෙනී යයි. මෙය වඩාත් සැලසුම් සහගත ලෙස නේටෝ හමුදා යුද්ධයට මැදිහත් කරවීමට සුදුසු අවස්ථාවක් නිර්මාණය කරන තුරු කල්මැරීමේ පියවරකි. 

සැබවින්ම, රුසියාවට එරෙහිව නේටෝ බලමුලු ගැන්වීම වඩාත් ඉහළ අදියරකට රැගෙන යාමට අධිරාජ්‍යවාදයට අවශ්‍ය වී ඇත. “යුක්‍රේනය වඩවඩා සන්ධානය සමග අන්තර්-මෙහෙයුම්කාරී හා දේශපාලනික ව ඒකාග්‍ර වී ඇති” නිසා, 2008 දී ස්ථාපිත කරන ලද “සාමාජිකත්ව ක්‍රියාකාරී සැලැස්ම සඳහා අවශ්‍ය ප්‍රමානයෙන් ඔබ්බට යමින් යුරෝ-අත්ලාන්තික පූර්න ඒකාග්‍රකරනයට යුක්‍රේනය ගමන් කර ඇතැ”යි විල්නියස් හි “නව ලේඛනයෙහි” දැක්වීමෙන් අදහස් වන්නේ එයයි. එය තවදුරටත් මෙසේ පවසයි:  

“යුක්රේනය එහි ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දිගටම ආරක්ෂා කරන බැවින්, එයට දේශපාලන සහ ප්‍රායෝගික සහයෝගය තවදුරටත් ඉහළ නැංවීමට අපගේ කැපවීමෙහි අපි ස්ථිරව සිටින අතර, එම සහයෝගය අවශ්‍ය තාක් කල් දිගටම ලබා දෙන්නෙමු.”  

ලේඛනයට අත්සන් තබන සෑම රටක් ම, යුද්ධයට සිය “දල දේශීය නිෂ්පාදිතයෙන් අවම වසයෙන් සියයට 2ක්” කැප කරන බවට ප්‍රතිඥා දෙති. එහෙත්, ඒ අතර ම එය, “පවතින ඌනතාවන්වලට පිලියම් යෙදීමට… සියයට 2ට වඩා අවශ්‍ය වනු ඇතැ”යි ද සඳහන් කරයි.

යුරෝපය පුරා හමුදා සහ ආයුධ යෙදවීම් විස්තර කෙරෙන, සම්මන්ත්‍රණයේ දී සම්මත කරගත්, පිටු 4,000කින් යුත් සම්පූර්ණ යුධ සැලැස්මෙහි නේටෝවේ වේගවත් ප්‍රතික්‍රියා බලකාය සොල්දාදුවන් 40,000 සිට 300,000 දක්වා වැඩි කිරීමට නියමිතය.

මේ ආකාරයෙන්, රුසියාවට එරෙහි අතිශය බිහිසුණු යුද්ධයක් සඳහා ඍජු මැදිහත්වීමකට කල් යල් බලන අතරතුර ම, යුක්‍රේනය බළල් අතක් ලෙස යොදවා ගනිමින් පවත්වා ගෙන යන යුද්ධයේ ගිනි මැලය වඩවඩාත් ඇවිලවීම සඳහා අනවරත ලෙස ඉන්ධන යොදමින් සිටී.  

සැපෝරීෂියා (Zaporizhzhia ) න්‍යෂ්ටික බලාගාරය (ZNPP) පුපුරුවා හැරීමේ අරමුණින් එහි කැණීම් කරන බවට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙනිස්කි රුසියාවට චෝදනා කලේ මෙම පසුබිම යටතේ ය.

“රුසියානු හමුදා සැපෝරීෂියා න්‍යෂ්ටික බලාගාරයේ බල ඒකක කිහිපයක වහලය මත පුපුරණ ද්‍රව්‍ය තබා ඇති” බව කියා සිටි ඔහු රුසියාව බලාගාරයේ “නව නපුරක් කිරීමට” ඉලක්ක කර ඇති බවත්, “එය නැවැත්වීම ලෝකයේ සෑම දෙනාගේම වගකීමයි” බවත් පැවසීය.

සෙලෙන්ස්කි ගේ ප්‍රකාශයන්ට පටහැනිව, IAEA අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් මරියානෝ ග්‍රෝසි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සිය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින බලාගාරයේ “පතල් හෝ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දෘශ්‍යමාන ඇඟවීම්” නිරීක්ෂණය වී නොමැති බවයි.

තම භූ දේශපාලනික අවශ්‍යතා උදෙසා ව්‍යාජ හේතූන් නිර්මාණය කර ගනිමින්, රටවල් ආක්‍රමණය කිරීමේ කුප්‍රකට ඉතිහාසයකට එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදයෝ හිමිකම් කියති. 

වියට්නාම් යුද්ධයට එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ වීමට පෙලඹවූ 1964 ටොන්කින් බොක්ක සිද්ධිය ගොතන ලද එකකි. ඇෆ්ගනිස්ථානය, ඉරාකය ආක්‍රමණය කිරීම සහ සමස්ත ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ යුක්ති සහගත කිරීමට 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය යොදා ගනු ලැබුණි. ඉරාක ආක්‍රමණය සඳහා එක්සත් ජනපදය භාවිතා කළ “සමූලඝාතක අවි” පිලිබඳ මුසාව කොල්ලකාරී යුද්ධයක් සාධාරණීකරණය කිරීමට ගෙතූ මුසාවක් බව හෙළිවීමට වැඩි කලක් ගත නොවීය.

සෙලෙන්ස්කිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, නේටෝවේ සෘජු මිලිටරි මැදිහත්වීම සඳහා කඩතුරාවක් ලෙස බලාගාරයේ සිදුවිය හැකි ඕනෑම සිදුවීමක් හෝ ප්‍රකෝපකරනයක් භාවිතා කිරීමට ඔවුන් යොමු වී ඇති බවයි. 

මෙහිදී , යුක්රේනයට මිලිටරි පරාජයක් සිදු වුවහොත්, (උපායශීලී න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි F – 16 ප්‍රහාරක ජෙට් යානා ද ඇතුළත් වන) නේටෝ ප්‍රහාරක ගුවන් යානා සම්බන්ධ කර ගනිමින් රුසියානු ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්‍රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ මේ සදහා නේටෝ බලවතුන්ගේ ප්‍රතිචාර දැක්වීම අන්ත අන්තරායකාරී මට්ටමක පවතී. 

 “Air Defender 2023” යනු යුද්ධයට නේටෝවේ සෘජු මැදිහත්වීමේ ක්ෂනික ආරම්භක ලක්ෂ්‍යය බවට පත්වේ ද යන්න නොසලකා – ඇත්තෙන්ම මෙය යථා අනතුරක් ලෙස පවතී – මෙම උපාමාරුව තුන්වන ලෝක යුද්ධයක් කරා වර්ධනය වීමේ කොටසක් වනු ඇත.

යුක්‍රේනය තුල “ප්‍රොක්සි යුද්ධයේ” සිට නැටෝවේ ඍජු මැදිහත්වීමක් කරා.. Read More »

chip war

චීනයට එරෙහි එක්සත් ජනපදයේ අධි-තාක්ෂනික යුද්ධයේ තොරතුරු නිව්යෝර්ක් ටයිම්ස් විචිත්‍රාකාරයෙන් පල කරයි

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 21 දින පල වූ ‘New York Times publishes graphic details of US hi-tech war with Chinaයන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි.

පසුගිය සති අන්තයේ නිව් යෝර්ක් ටයිම්ස්හි පල වූ, මාධ්‍යවේදී ඇලෙක්ස් ඩබ්ලිව්. පාමර් විසින් ලියන ලද ප්‍රධාන ලිපියක්, චීනයට එරෙහිව එක්සත් ජනපදය (එජ) පවත්වා ගෙන යමින් සිටින අධි තාක්ෂනික යුද්ධය කොපමන එකක්දැයි යන්න හෙලිදරව් කර ඇත. එම අධි තාක්ෂනික යුද්ධය වටා බයිඩන් පාලනය විසින් ගොතනු ලැබ ඇති මුසාවන් ද එමඟින් හෙලි කෙරී ඇත. 

chip war
පරිගනක චිපයන් දේශීයව නිපදවීම හා ඒවායේ සැපයුම් දාම ශක්තිමත් කිරීම දිරි ගැන්වෙන නීති සම්පාදන කාර්යයන්ට සහාය දැක්වීම සඳහා වොෂින්ටනයේ ධවල මන්දිර මන්ඩපයේ දක්ෂින අංගන ශ්‍රවනාගාරයේ 2022 මාර්තු 9 වන දින පැවැති උත්සව අවස්ථාවකට සහභාගී වන ජනාධිපති ජෝ බයිඩන්. [AP Photo/ පැට්‍රික් සෙමන්ස්කි)

ඡායාරූපය: පරිගනක චිපයන් දේශීයව නිපදවීම හා ඒවායේ සැපයුම් දාම ශක්තිමත් කිරීම දිරි ගැන්වෙන නීති සම්පාදන කාර්යයන්ට සහාය දැක්වීම සඳහා වොෂින්ටනයේ ධවල මන්දිර මන්ඩපයේ දක්ෂින අංගන ශ්‍රවනාගාරයේ 2022 මාර්තු 9 වන දින පැවැති උත්සව අවස්ථාවකට සහභාගී වන ජනාධිපති ජෝ බයිඩන්. [AP Photo/ පැට්‍රික් සෙමන්ස්කි)  

පසුගිය ඔක්තෝබරයේ දී, වෙලඳ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත හා සුරැකුම් බියුරෝව (BIS) පරිගනක චිප අපනයනය කිරීම මත පැනවෙන පාලනයන් මාලාවක් දැක්වෙන ලේඛනයක් නිකුත් කලේය. නිව් යෝර්ක් ටයිම්ස් ලිපිය ආරම්භ කෙරෙන්නේ, එකී ලේඛනයේ පිටු 139 ක් පුරා ගත් නිල වාග් හරඹ හා තාක්‍ෂනික විස්තර අතරතුර, එම ලේඛනය “චීනය සමඟ ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමක් ලෙස සැලකිය හැක්කක්” බව සටහන් කරමිනි.     

චීනයේ අධි-තාක්ෂනික ක්ෂේත්‍රයන් තුල ආයෝජනය කෙරෙන එජ මුදල් ප්‍රමානය කපා දැමීම සඳහා සැලසුම් කෙරුනු ආයෝජන ඇවිරීම් යාන්ත්‍රනයන් ඉක්මනින්ම නිවේදනය කිරීමට මෙන් ම, ඔක්තෝබර් නිවේදනයේ පටන් මේ දක්වා මතු වී ඇති, එම ඔක්තෝබර් 7 පියවරයන්ගෙන් රිංගා යා හැකි කපොලු වසා දැමීම සඳහා අපනයන පාලන යාන්ත්‍රන යාවත්කාලීන කිරීමට ද එක්සත් ජනපදය අපේක්ෂා කරන හෙයින් මේ යුද්ධය තවදුරටත් තීව්‍ර වීමට තදාසන්නව පවතී.   

අපනයන පාලනය පිලිබඳ නිල වශයෙන් ප්‍රකාශිත සාධාරනීකරනය වන්නේ, ඒවායේ අරමුන චීනයේ යුදමය වර්ධනය මැඬලීම බවයි. භාන්ඩාගාර ලේකම් ජැනට් යෙලන්ගේ මෑත චීන සංචාරය අතරතුර ඇය කියා සිටියේ මේ පාලන ක්‍රියා මාර්ග පටු ක්ෂේත්‍රයක් පමනක් ඉලක්ක කර ගත් ඒවා වන අතර වඩාත් පුලුල් ආර්ථිකය කෙරේ ඒවා එල්ල නොවන බවයි. 

ලිපිය ආරම්භයේ එන පහත දැක්වෙන ප්‍රධාන ඡේදය මඟින් මෙම කථාව ප්‍රබන්ධයක් බව හෙලිදරව් කෙරේ:     

ඔක්තෝබර් 7 දින පනවන ලද අපනයන පාලනයන් සමඟ එක්සත් ජනපද ආන්ඩුව, ඉහලම මට්ටමේ චිප නිෂ්පාදනයට, හා ඒවා මිල දී ගැනීමට පවා, චීනයට ඇති හැකියාව අබල දුබල කර දැමීමට ඇති සිය අභිලාෂය ප්‍රකාශයට පත් කර ඇත. මෙම පියවරවල තර්කනය සරල, ඍජු එකකි: වැඩි දියුනු චිප, සහ ඒවායින් බල ගැන්වෙන සුපිරි පරිගනක හා කෘත්‍රිම බුද්ධිය විසින් නව ආයුධ හා ප්‍රවීක්ෂන උපකරන නිෂ්පාදනයේ හැකියාව හිමි කෙරෙනු ඇත යන්න එම තර්කයයි. කෙසේවෙතත්, චීනයේ ආරක්ෂක තතුවලට වඩා බෙහෙවින් පුලුල් පරාසයක් කෙරේ එල්ල කෙරී ඇති මේ පියවරවල පැතිරීම් පරාසය හා අර්ථ භාරය සැලකිල්ලට ගත් කල, මීට වඩා ගත හැකි පුලුල් පියවරයන් තිබී ද යන්න සිතා ගැනීමට හෝ අසීරු ය. වොෂින්ටනයේ මූලෝපායික හා ජාත්‍යන්තර කටයුතු අධ්‍යයන කේන්ද්‍රස්ථානයේ පිහිටි කෘත්‍රිම බුද්ධිය හා උසස් තාක්ෂනය සඳහා වූ වද්වානි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ග්‍රෙගරි සී. ඇලන් පවසන පරිදි, ‘මෙය අවබෝධ කර ගැනීමේ යතුර වන්නේ චීනයේ කෘත්‍රිම බුද්ධි කර්මාන්තයට බලගතු පහරක් දීමට එක්සත් ජනපදයට අවශ්‍ය වූ බැව් වටහා ගැනීමයි. ඒ අරමුන දිනා ගත හැකි මාධ්‍යය වන්නේ අර්ධ සන්නායකයි.‘”    

පාමර් ලියා ඇත්තේ, ඔක්තෝබරයේ පාලනයන් “අත්‍යවශ්‍යයෙන් ම, චීනයේ උසස් තාක්ෂනයේ සමස්ත පරිසර පද්ධතියම අතු ඉති හා මුල් සිඳ එහැම පිටින් උපුටා දැමීමේ මං සෙවීමේ” පියවර බවයි.

ඇලන්ට අනුව මෙම පාලනයන් හුදෙක් ඉදිරි වර්ධනය වැලැක්වීම ඉලක්ක කර ගත් ඒවා නොවේ. “අපි ඔවුන්ගේ වර්තමාන ඉහලම තාක්ෂන වර්ධන මට්ටම සක්‍රිය ලෙස ආපස්සට යැවීමට කටයුතු කරන්නෙමු“යැයි ඔහු කියයි.

Evercore ISO හි ජ්‍යෙෂ්ඨ අර්ධ සන්නායක විශ්ලේෂකයෙකු වන සී. ජේ. මියුස් විසින් සිදු කර ඇති පහත ප්‍රකාශය, එක්සත් ජනපද පියවර කෙතෙක් දුර විහිද යන්නේ ද යන්න පිලිබඳ තවත් සංඥාවකි. “ඔබ මීට පස් වසරකට ඉහත දී මෙම නීති ගැන මට කියූවෙහි නම්, එය යුදමය පියවරකැයි මා ඔබට පවසනු ඇත – අප යුද්ධයකට පිවිස සිටිනු ඇත.”   

ලිපියේ දැක්වෙන තොරතුරු මඟින් අනාවරනය වන්නේ, අර්ධ සන්නායක වර්ධනය කිරීම බලගතු හා අන්තර් සම්බන්ධිත වර්ධනයන් දෙකකින් – එනම්, තාක්ෂනික ප්‍රගමනයේ අතිමහත් වේගයෙන් සහ චිප සැලසුම් නිර්මානයේ හා නිෂ්පාදනයේ ගෝලීය වශයෙන් සමෝධානික (integrated) ස්වභාවයෙන් – ලක්ෂනය වන බවයි.   

අර්ධ සන්නායක චිපයන් යනු, ට්‍රාන්සිස්ටර මඟින් ක්‍රියාත්මක කිරීම සහ අක්‍රිය කරනු ලබන දැවැන්ත විදුලි පරිපථ කැටයම් කර ඇති කුඩා සිලිකන් කැබලි වේ. 1950 ගණන්වල සොයා ගන්නා ලද ට්‍රාන්සිස්ටර මුලින් ම ප්‍රසිද්ධියට පත් වූයේ ඒවා ට්‍රාන්සිස්ටර් රේඩියෝ නමින් හැඳින්වුනු කපාට තාක්ෂණය අවශ්‍ය නොවන රේඩියෝ යන්ත්‍රවලට ඇතුලත් වීම සමඟ ය.

මුල්ම චිපයන්ට ඇතුලත් වූයේ “ට්‍රාන්සිස්ටර් අතලොස්සක්” පමනෙකි. “වර්තමානයේ නව ස්මාට් ජංගම දුරකථනයක ප්‍රධාන අර්ධ සන්නායකයෙහි ට්‍රාන්සිස්ටර් බිලියන් 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක් තිබේ. මේ සෑම ට්‍රාන්සිස්ටරයක් ම වෛරසයක තරමේ ප්‍රමානයෙන් යුතු අතර, ඒවා ලේයර් කේක් ගෙඩියක් පරිද්දෙන් සිලිකන්වල ව්‍යුහය තුලට කැටයම් කරනු ලැබ ඇත.”  

1997 දී ආරම්භ වූ පර්යේෂන හා වර්ධනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස චිපයක් මත ස්ථර මුද්‍රනය කිරීමට යොදා ගැනෙනා අත්‍යන්ත පාර ජම්බුල (EUV) ශිලා මුද්‍රන (ලිතෝග්‍රෆි) යන්ත්‍රය නිපදවූ ASML නම් ලන්දේසි ව්‍යාපාර ආයතනය පිලිබඳ උදාහරනය උපුටා දක්වමින් පාමර් පෙර නොඇසූ විරූ ඇතැම් තාක්ෂනික වර්ධනයන් පිලිබඳ විස්තර ගෙන හැර දක්වා ඇත.

“මෙම යන්ත්‍රයේ නවතම මාදිලිය නැනෝ මීටර 10 ක් තරම් කුඩා ව්‍යුහයන් නිමවීමට සමත් ය; සංසන්දනය සඳහා කිවහොත්, මිනිස් රතු රුධිරානු සෛලයක සරස් ප්‍රමානය නැනෝ මීටර් 7000 ක පමන වෙයි. එය, සූර්යයා මතුපිට මෙන් හතලිස් ගුනයක උෂ්නත්වයෙන් යුතු ප්ලාස්මා නිපදවීම සඳහා, මිනිස් ඇසට දෘශ්‍යමාන නොවන, අත්‍යන්ත පාරජම්බුල ආලෝකය පිට කරන ලේසර් කිරන භාවිතා කරන අතර, ඒවා, දර්පන මාලාවක් මඟින් සිලිකොන් චිපයක් මතට වර්තනය කෙරෙයි.”   

ෆැබ් (fab) නමින් හඳුන්වනු ලැබෙන ක්ෂුද්‍ර චිප නිෂ්පාදනාගාරවල සිදු කෙරෙන චිප නිෂ්පාදනය “කවර දාක හෝ සාක්ෂාත් කර ගන්නා ලද සංකීර්නතම නිෂ්පාදනය” වන අතර, එය ශක්‍යතාවයක් බවට පත් වී ඇත්තේ ඉහලටම වැඩි වර්ධනය වූ ජාත්‍යන්තර ශ්‍රම විභජනය විසින් අත්පත් කර ගන්නා ලද වර්ධනයන් හේතුවෙනි.    

ලිපියේ වැඩි දුරටත් මෙසේ පැහැදිලි කෙරෙයි: “වඩාත් විස්තෘත චිප නිෂ්පාදන කර්මාන්තය වූ කලී, …. සමස්ත ග්‍රහ ලෝකය පුරා ඉහලින්ම සුවිශේෂීකෘත කලාප හා  සමාගම් තුල පැතිර ගිය අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා මත රඳා සිටින ජාලයකි. එහි වික්‍රමාන්විත ශූරකම්වලට ශක්‍යතාවය ලැබී ඇත්තේ සුවිශේෂී ලෙස දීර්ඝ හා සංකීර්න සැපැයුම් දාමවලිනි. – වෙනත් වචනවලින් කිවහොත්, එය ගෝලීයකරනයේ ලාංඡනික නිමැවුමකි.”  

Chip War (චිප යුද්ධය) නමින් යුත් පොතෙහි කර්තෘ ක්‍රිස් මිලර්, පාමර්ට පවසා ඇති පරිදි, ඒවා දැන් ලඟා වී ඇති හැකියා මට්ටම් කරා ලඟා වීම, ලෝකයේ තීක්ෂනතම මනස් සියල්ල එක් ව වැඩ කිරීමෙන් තොරව කෙසේ නම් සාක්ෂාත් කර ගත හැකිදැයි සිතා ගත නොහැකිය.”     

කෙසේවෙතත්, මානව අභිවර්ධනය ඉහත දී සිතා ගැනීමට හෝ නොහැකි පරිමානයන් කරා ඉහලට නැංවීම ශක්‍යතාවයක් බවට පත් කල මෙකී වර්ධනය ම, ලෝක ගෝලීය ආර්ථිකය මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයට තර්ජනයක් වී ඇත. මේ වූ කලී, එය දැනටමත් දියත් කරමින් සිටින අධි තාක්ෂනික ක්‍ෂේත්‍රය අලලා ගත් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන මිලිටරිමය සංග්‍රාමයක් ද ඇතුලු සකලවිධ ආකාරයන් මඟින් ආපස්සට හැරවීමට ඔවුන් අධිෂ්ඨානශීලී ව සිටින තත්ත්වයකි.   

ඉහල තාක්ෂන නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවයෙන් හැඟවෙන්නේ එක්සත් ජනපදයට හුදෙක් තමා විසින් පමනක් පනවනු ලබන පියවර මඟින් සිය ආධිපත්‍යය බලාත්මක කල නොහැකි බවයි. 

ඔක්තෝබරයේ ගනු ලැබූ තීරන සමඟ වහා වටහා ගැනුනු දෙයක් වූයේ, මෙම ක්‍රියාවලියේ දී චීනයේ හුස්ම සිර කල හැකි තීරනාත්මක නිල ස්ථාන එක්සත් ජනපදය විසින් පාලනය කෙරෙන අතර ම, එහි සෙසු කොටස්වල පාලනය නෙදර්ලන්තය හා ජපානය මෙන් ම තායිවානය ද ඇතුලත් සෙසු රටවල් අත පවතින බවයි. ඉදින් ඔවුන් චීනයට කෙරෙන අපනයන දිගටම පවත්වා ගෙන ගියහොත් එජ තහනම් නියෝග “බොහෝ දුරටම නිෂ්ප්‍රයෝජන” ඒවා බවට පත්වනු ඇත.  

ජපානය හා නෙදර්ලන්තය ද එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති ආකාරයට සමාන පාලනයන් පැනවීම සහතික කර ගැනීම සඳහා ජනවාරියේ බයිඩන් පාලනය කටයුතු කරන්නේ මේ අනුව ය. මෙම පියවරෙහි තර්කනය පැහැදිලි එකකි. එමඟින් සැල කර සිටිනු ලබන්නේ, චීනයට එරෙහිව තමන් විසින් අනවනු ලබන පියවර බල ගැන්වීම සඳහා එක්සත් ජනපදයට, ඉහල තාක්ෂනික වර්ධනයේ ජාත්‍යන්තර පොලිස් භටයා බවට පත් වීමට සිදු වන බවයි.    

ලෝක ගෝලීය ක්‍රියාවලිය තුල තායිවානය හා එහි තායිවාන් අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම (Taiwan Semiconductor Manufacturing Company – TSMC), විශාලතම චිප නිෂ්පාදකයා ලෙස – විශේෂයෙන් ම වඩාත් ම වැඩි දියුනු චිපයන් සම්බන්ධයෙන් – ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරයි. ඒ අනුව, තායිවානය චීනයේ කොටසක් ලෙස නොව වෙනම රටක් ලෙස පිලිගැනීමේ දිශාවට එක්සත් ජනපදය වඩවඩාත් ගමන් කිරීමත් සමඟ, දිනෙන් දින වඩවඩාත් උත්සන්න වන එජ-චීන ආතතීන් හමුවේ තායිවානය මේසා කේන්ද්‍රීය ස්ථානයක් උසුලන්නේ මක් නිසාදැයි ඉන් අවධාරනය කෙරෙයි.    

ලිපියේ සඳහන් කෙරෙන පරිදි, “එම දිවයිනේ ෆැබ් නිෂ්පාධනාගාර චීනය විසින් අල්ලා ගන්නා ලදහොත්, හෝ ආක්‍රමනයක දී ඒවායේ නිෂ්පාදන ක්‍රියාදාමයන් නිෂ්ක්‍රිය වුවහොත්, ඉන් ගෝලීය ආර්ථිකයට ඇති කෙරෙන පාඩුව ව්‍යසනකාරී එකක් වනු ඇත.” එක්සත් ජනපදයේ ඇතැම් යුද මූලෝපාය ප්‍රවීනතා අභ්‍යාසකරුවන් විසින් යෝජනා කර ඇත්තේ, ඉදින් චීනය (තායිවානය) ආක්‍රමනය කලහොත්, “TSMCයේ ෆැබ් නිෂ්පාධනාගාර චීනයේ පාලනයට නතුවීම වැලැක්වීම සඳහා එක්සත් ජනපදය ඒවා විනාශ කල යුතු” බවයි.   

තාක්ෂනික යුද්ධය ආරම්භ කෙරුනේ, ට්‍රම්ප් පාලනය යටතේ එක්සත් ජනපදය 2019 දී චීන තාක්ෂන දැවැන්තයා වන හුආවෙයි (Huawei) සමාගමට එරෙහිව චිප් තහනමක් පැනවූ කල්හි ය. එහි බලපෑම අතිශය විනාශකාරී එකක් විය. 2020 දී හුආවෙයි සමාගම ලෝකයේ විශාලතම ස්මාර්ට් දුරකථන අලෙවිකරු වූවා පමනක් නොව, විදුලි සංදේශන පද්ධතීන් සඳහා වැදගත් සංරචක සැපයුම්කරුවෙකු ද විය. ස්මාර්ට් දුරකථන අලෙවි වෙලඳ පොලෙහි දී ඇපල් හා සැම්සුන් අභිබවා ගිය සියයට 18 ක පංගුවකට එය හිමිකම් කීය. එහි ආදායම 2021 දී තුනෙන් පංගුවකින් ඇද වැටුනු අතර 2022 වන විට එහි වෙලඳපොල පංගුව යන්තම් සියයට 2 ක් පමනක් වන මට්ටමකට කඩා වැටින.      

පරිබාහිර භූමි භාගයන් සම්බන්ධයෙන් ඇති බලයේ පුලුල්තම ප්‍රභාෂනයක් (assertion)” ලෙස නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය මඟින් හඳුන්වා දෙනු ලැබූ අපනයන පාලන නීතියකට – එනම්, විදේශීය ඍජු නිෂ්පාදන නීතියට – හුආවෙයි සමාගම යටත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කල අවස්ථාවේ එම සමාගම සම්බන්ධයෙන් ලද අත්දැකීම, 2020 දී එකී යුද්ධය තවදුරටත් වර්ධනය සඳහා වූ අපේක්ෂාවන්ට දොර විවර කලේය.

මෙයින් අදහස් වූයේ, කිසියම් නිෂ්පාදනයකට ඇමරිකානු තාක්ෂනය හෝ මෘදුකාංග හෝ අඩංගු නම්, එය එක්සත් ජනපදයට පිටස්තර භූමියක තනන ලද හා කිසිදාක රට තුලට ඇතුලු නොවූ එකක් වුව, සහ එහි අවසාන ස්වරූපයෙන් ගත් කල එක්සත් ජනපදයේ නිපදවූ කිසිදු සංරචකයක් ඊට අඩංගු නොවූවේ වුව, තවමත් එය ඇමරිකානු භාන්ඩයක් ලෙස සැලකිය හැකි බව ය.   

BIS හි හිටපු නිලධාරියෙකු වන කෙවින් වුල්ෆ්ට අනුව, “පෘථිවිය මත පිහිටා ඇති සෑම වාත්තු වැඩ පොලක් ම අවම ලෙස කිවහොත් අර්ධ වශයෙන් හෝ එජ මෙවලම් භාවිතා කරන හෙයින්, මෙම නීතිය මෙම ග්‍රහ ලෝකයේ සියලු අර්ධ සන්නායක ඇමරිකානු නීතියට යටත් කලේය. ඔබේ ෆැබ් නිෂ්පාධනාගාර තුල ඇමරිකානු නොවන මෙවලම් 100 ක් තිබුනේ වී වුව, එහි එක් එජ මෙවලමක් වී නම් නිෂ්පාදන රේඛාව ඔස්සේ ගමන් කරන ඕනෑම වේෆරයක් (අර්ධ සන්නායක පෙත්තක්) එයින් කෙලෙසෙනු ඇත.”       

හුආවෙයි සමාගම සමඟ ආරම්භ කෙරුනු දෙය බයිඩන් පාලනය යටතේ විස්තීරනය කෙරෙමින් පවතී. CSIS බුද්ධි මන්ඩලයේ ග්‍රෙගරි ඇලන්ගේ වචනවලින් කිවහොත්, “ට්‍රම්ප් පාලනය සමාගම් පසුපස හඹා ගියේය. බයිඩන් පාලනය සමස්ත කර්මාන්ත පසුපසින් හඹා යයි.”  

ඇත්ත වශයෙන් ම කිවහොත්, එජ සමස්ත චීන ආර්ථිකයම පසුපස හඹා යන බව පැවසිය හැක. අප්‍රේල් මාසයේ දී චීනය ඛනිජ තෙල් සඳහා කල වියදමට වැඩි වියදමක් පරිගනක චිප් සඳහා දැරීය යන කරුනෙන්, එම ආර්ථිකය කෙතරම් දුරට චිප මත රඳා පවතින්නේ ද යන්න ඉස්මතු කෙරේ. 

නව ඇමරිකානු ආරක්ෂනයක් සඳහා වූ කේන්ද්‍රයේ දැන් සේවය කරන එජ හිටපු වෙලඳ නිලධාරියෙකු වන එමිලි කිල්ක්‍රීස් විසින් සිදු කර ඇති, නිව්යෝර්ක් ටයිම්ස් ලිපියේ උපුටා දැක්වෙන පහත ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, ඉලක්කය වී ඇත්තේ සමස්ත චීන ආර්ථිකය ම බව ය.     

චීනය ප්‍රගමනයක් නොලද යුතු ප්‍රමුඛ තාක්ෂනික ක්‍ෂෙත්‍ර පවතින බව අපි කීවෙමු. කරුනු යෙදී ඇති පරිදි, එසේ ඔවුන් ප්‍රගතියක් නොලද යුතු ක්ෂේත්‍ර වන්නේ අනාගත ආර්ථික වර්ධනය හා සංවර්ධනය බල ගන්වන එකී ක්ෂේත්‍රයන් ම ය,” ඇය ප්‍රකාශ කරයි.  

චිප නිෂ්පාදනයේ පවතින සමෝධානික ලෝක ගෝලීය ස්වභාවය සහ එහි සියලු ක්‍රියාකාරීත්වයන් සිය දේශසීමා තුලට ගෙන ඒම එක්සත් ජනපදයට කල හැක්කක් නොවේය යන්න ද සැලකිල්ලට ගත්විට පෙනී යන්නේ, එහි තාක්ෂනික යුද්ධයට ප්‍රධාන පෙලේ දුෂ්කරතාවලට මුහුන පෑමට සිදු වන බවය. 

කෙසේවෙතත්, එම ප්‍රයත්නයේ අඩු කිරීමක් සිදුවෙතැයි එයින් අදහස් නොවේ. ඊට පටහැනි ලෙස, ජපානයට හා නෙදර්ලන්තයට එරෙහි බයිඩන් පාලනයේ ක්‍රියාවන්ගෙන් හෙලිදරව් වන පරිදි, මිතුරන්ට හා සතුරන්ට එක සේ බලපාන අයුරින් සිය තහනම් කිරීම් හා සීමා පැනවීම් සමස්ත ලෝක ගෝලය පුරා පැතිරෙන සේ ප්‍රසාරනය කරමින් එජ තම ප්‍රයත්න දෙගුන කරනු ඇත. 

වාණිජ දෙපාර්තමේන්තුව දැන් එන්විඩියා (Nvidia) වැනි සමාගම්වලට බලපාන පරිදි, කෘත්‍රිම බුද්ධියට සම්බන්ධ අර්ධ සන්නායක චීනයට විකිනීම පාලනය කිරීමේ නව පාලනයන් සූදානම් කරමින් සිටී – මෙසේ තාක්ෂනික යුද්ධය උත්සන්න කිරීම පිලිබඳව එකට එක කරන බවට චීනය අනතුරු හඟවා ඇත.

එජ පියවරයන්ට එරෙහිව එකට එක කිරීමට චීනයට සිදු වනු ඇතැයි එක්සත් ජනපදයේ සිටින චීන තානාපති ක්සී ෆෙං මේ සතිය මුල දී අනතුරු හැඟවීය.

චීන ආන්ඩුවට නිකම් බලා සිටිය හැකි නොවේ,” ඔහු පැවසීය. “අපි ප්‍රකෝප කිරීම් නොකරන්නෙමු. එහෙත් අප ප්‍රකෝප කිරීම් හමුවේ පැකිලෙන්නේ නැත. එබැවින් චීනය නිසැකවම අපේ ප්‍රතිචාරය දක්වනු ඇත.”

එයින් එක්සත් ජනපදයේ පය ආපස්සට ගැනීමක් සිදු නොකෙරෙනු ඇත. ඊට වඩා එය හේතු වනු ඇත්තේ, තාක්ෂනික යුද්ධය මිලිටරි ගැටුමක් බවට පරිවර්තනය කිරීම වඩාත් වේගවත් වීමට ය. 

න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ බලවතුන් දෙදෙනෙකු අතර යුද්ධයක මේ තත්‍ය හා වර්තමාන අනතුර ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ තීරනාත්මක දේශපාලන කාරනා ඉස්මතු කරයි.

විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ ලෝ පුරා කම්කරුවන්ගේ සහකරනයේ ප්‍රතිඵලය වන පරිගනක චිප් තාක්ෂනයේ අතිමහත් වර්ධනය නිෂ්පාදන බලවේගවල දැවැන්ත ප්‍රසාරනයක් වන අතර, එය, කුසගින්න, දුක්ඛිතභාවය හා දරිද්‍රතාවය සදහටම නිමා කර ලෝක වාසී ජනයාගේ ජීවන කොන්දේසිවල පෙර නොදුටු විරූ ප්‍රගමනයක් අත්පත් කරදීමෙහි ලා සමත්ය. 

ධනේශ්වර ක්‍රමයේ රාමුව තුල එය උන්මත්තකභාවය පැන නංවයි. මෙම උන්මත්තකභාවයේ මූල පද්ධතිය පවතින්නේ ධනේශ්වර දේශපාලනඥයන්ගේ චෛතන්‍යය තුල නොව, ලාභ පද්ධතියේ සමාජ සම්බන්ධතා හා, ගෝලීය ආර්ථිකයත්, ලෝකය එකිනෙකාට සතුරු සහ විසදෘශ ජාතික රාජ්‍යවලට බෙදී තිබීමත් අතර ප්‍රතිරෝධය තුල ය.      

මානව ශ්‍රමය විසින් නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේග, ඒවා වර්ධනය වී තුබූ සමාජ සම්බන්ධතා සමඟ ගැටුමට එලඹෙන විට සමාජවාදී විප්ලවය පැන නඟින බව, අවුරුදු 150 කට ම පාහේ ඉහත දී කාල් මාක්ස් පැහැදිලි කලේය. පසුගිය සිය වසරකට අධික කාලයක් තුල ඇති වූ යුද්ධ හා විප්ලවවල ගාමක බලවේගය වූ එකී ප්‍රතිවිරෝධය, දැන් එහි තීව්‍රතාවයේ නව උච්ඡස්ථානයක් කරා එලැඹී ඇත.     

ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පමනක් අද දින ඉදිරිපත් කරනු ලැබෙන ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සඳහා අරගලය යනු, කිසියම් දුරස්ථ හෝ මනෝරාජික කල්පිතයක් නොවේ. එය යලි ම්ලේච්ඡත්වය කරා ඇද වැටීම වලක්වා, ධනේශ්වර ක්‍රමයේ විනාශකාරී ග්‍රහනයෙන් මානව වර්ගයා මුදා ගැනීමට නව මාවතක් විවෘත කර ගැනීමේ ආසන්නතම වෛෂයික අත්‍යවශ්‍යතාවයක් වෙයි. (අවධාරනයන් පරිවර්තකගෙනි)

චීනයට එරෙහි එක්සත් ජනපදයේ අධි-තාක්ෂනික යුද්ධයේ තොරතුරු නිව්යෝර්ක් ටයිම්ස් විචිත්‍රාකාරයෙන් පල කරයි Read More »

bastile

බැස්ටිල් දිනය 1789—බැස්ටිල් දිනය 2023

ජෝශප් ක්‍රිෂෝර්, ඩේවිඩ් නෝර්ත් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 14 දින පල වූ ‘Bastille Day 1789—Bastille Day 2023’ යන ජෝශප් ක්‍රිෂෝර් හා ඩේවිඩ් නෝර්ත් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

bastile
1789 ජූලි 14 වැනි දින බැස්ටිලයට කඩා වැදීම සහ ආන්ඩුකාර එම්. ඩි ලෝනේ අත්අඩංගුවට ගැනීම. [ඡායාරූපය: නිර්නාමික]

වැඩවසම් දේපල සබඳතා පදනම් වූ   රාජාන්ඩුවේ සහ වංශාධිපතිත්වයේ පාලනයක් වූ ප්‍රංශ පුරාන පාලනයේ අයුක්තිය සහ පීඩාකාරී බලය සංකේතවත් කිරීමේ  පැරීසියේ බලකොටුව වන බැස්ටිලය වෙත කඩා වැදීමේ 234 වැනි සංවත්සරය ජූලි 14 සිකුරාදා සනිටුහන් වේ. පැරිසියානු මහජන නැගිටීම පුපුරා යාමට පෙර  මාස සහ සති ගනන් වලට පෙර දී  දිග්ගැස්සුනු දේශපාලන අර්බුදය ක්‍රමානුකූලව ගොඩ නැගෙමින් තිබුනි. රාජ්‍ය බංකොලොත් භාවය සහ අපචාර ආන්ඩුවේ කීර්තිය හා අධිකාරය හෑල්ලූවට ලක් කර තිබුනි. විවිධ “වසම්” (Estates) අනුව සංවිධානය වූ ප්‍රංශයේ සමාජ ව්‍යුහයේ ගැඹුරු බෙදීම් දේශපාලන ජීවිතයේ මතුපිටට කඩා වැදෙමින් තිබුනි. ජනගහනයේ  අතිමහත් බහුතරයකින් සමන්විත” තුන්වන වසම” නැගී එන ධනේශ්වරය විසින් මෙහෙයවනු ලැබ, ප්‍රභූ පැලැන්තියේ වසම් දෙකෙන් ස්වාධීනව සහ ඊට විරුද්ධව සංවිධානය වීමට පටන් ගෙන තිබුනි.

බැස්ටිලයේ තාප්පවලින් පිටත මහජන උද්ඝෝෂනවලට බලකොටුව තුල සිට එල්ල කල කාලතුවක්කු වෙඩි තැබීම් වලට මුහුන දීමට සිදු විය. නමුත් ජනතාව ආයුධ ලබාගෙන නගරයේ හමුදා ආරක්ෂක යන්ගෙන් කොටසක් ඔවුන්ගේ පැත්තට දිනා ගත්හ. බලකොටුවේ බිත්ති කඩා දැමූ  ජනතාව එහි ආරක්ෂකයින්ට එරෙහිව ලේ වැකි පලිගැනීමක්  සිදු කලහ. 1901 සහ 1904 අතර ලියූ ප්‍රංශ විප්ලවයේ සමාජවාදී ඉතිහාසය තුල ෂෝන් ෂොරෙස්  (Jean Jaurès) මෙසේ ලිවීය:

බැස්ටිලය අල්ලා ගැනීමේ බලපෑම අතිමහත් ය. මනුෂ්‍ය වර්ගයාගේ සිපිරිගෙය බිඳ වැටී ඇති බව ලෝකවාසී සියලු දෙනාටම පෙනෙන්නට තිබුනි. මෙය මිනිසාගේ අයිතිවාසිකම් ප්‍රකාශනයට* වඩා විශාල වීය. එය මානව හිමිකම් උදෙසා සේවයෙහි  කැපවිම පිලිබදව ජනතාවගේ ශක්තිය ප්‍රකාශ කිරීමක් විය. පැරිසියේ සිට විශ්වයේ පීඩිතයන් වෙත ලඟා වූයේ ආලෝකය පමනක් නොවේ. වහල්භාවයේ අඳුරු රාත්‍රියේ සිරගත වූ මිලියන ගනන් හදවත් තුල නිදහසේ පලමු උදාව හරියටම එම මොහොතේම උදා විය.

පැරිසියේ සිට සැතපුම් 20ක් දකුනින් පිහිටි වර්සායි හි පිහිටි ඔහුගේ මාලිගාවේ ලැගුම් ගෙන සිටි XVI ​​වන ලුවී රජු රාත්‍රිය වන තුරුම (මහජන) නැගිටීම ගැන දැන සිටියේ නැත.ඔහුගේ සුව නින්දෙන් අවදි කල    Rochefoucauld-Liancourt ආදිපාදවරයා විසින් වාර්තාවක් ලබා දුන් විට “ඒත් ඉතින් ඒක කැරැල්ලක්ද?” කලබල වූ රජතුමා ඇසුවේය. “නැහැ, උතුමානෙනි,” ආදිපාදවරයා පිලිතුරු දුන්නේය. “එය විප්ලවයක්!”

බ්‍රිතාන්‍යයට එරෙහිව ඇමරිකානු ජනපද වාසීන්ගේ ජයග්‍රහනයේ නීති සම්පාදනය කල පැරිස් ගිවිසුමෙන් වසර හයකට පසුව එලැඹුනු ප්‍රංශ විප්ලවය ලෝක ඉතිහාසයේ නව යුගයක ආරම්භය සනිටුහන් කලේය. එහි දැවැන්ත පරිමානය සහ දේශපාලන ගතිකත්වය තුල එය මූර්තිමත් කලේ ට්‍රොට්ස්කි විසින් පසුව, ”මහජනතාව  තමන්ගේම ඉරනම පාලනය කිරීමේ ක්ෂේත්‍රයට බලහත්කාරයෙන් ඇතුල් වීම”  ලෙසින් හැඳින්වූ දෙයයි.

විප්ලවය, අතිවිශාල සමාජ, ආර්ථික හා සංස්කෘතික පැසවීමේ කාල පරිච්ඡේදයක දේශපාලන කූටප්‍රාප්තියක් විය. එය, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රශ්න විසඳීම සඳහා හේතු-විචාර බලය තහවුරු කල ‘බුද්ධි ප්‍රබෝධනය’ (Enlightenment) නමින් හැඳින්වෙන බුද්ධිමය විප්ලවය විසින් අපේක්ෂා කරන ලද්දේ විය. යුගයේ සිටි ශ්‍රේෂ්ඨ භෞතිකවාදී දාර්ශනිකයන් මානව සමාජය පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයට ප්‍රබල බුද්ධිමය ආවේශයක් සපයනු ලැබ, එනයින්, ආගමික මිථ්‍යාවන් මතින් ඒවායේ අසාධාරනයන් සහ රජවරුන්ගේ දිව්‍යමය අයිතිය යුක්ති සහගත කරන ආචීර්න කල්පික ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්‍රමය පිලිබඳ විවේචනයක් ලබා දෙනු ලැබීය.

බුද්ධි ප්‍රබෝධනයේ  චින්තකයෝ එහි වඩාත්ම රැඩිකල් ස්වරූපයේ දී, සමාජ අසමානතාවය සහ ධනවතුන්ගේ වරප්‍රසාද කෙරෙහි සිය විවේචනය යොමු කලහ.

 “සමාජයේ සියලු වාසි බලවත් හා ධනවතුන් සඳහා නොවේද?” ෂෝන්-ජාක් රූසෝ ( Jean-Jacques Rousseau) 1755 දී ඇසුවේ අද දින ද දෝංකාර දෙන වචන වලිනි. “සියලු වාසිදායක තනතුරු පුරවන්නේ ඔවුන් විසින්ම නොවේද? සියලුම වරප්‍රසාද සහ නිදහස් කිරීම් ඔවුන් සඳහා වෙන් කර නොමැතිද? එමෙන්ම රාජ්‍ය අධිකාරිය සම්පූර්නයෙන්ම ඔවුන්ට වාසිදායක නොවේද? උසස් තත්වයේ සිටින මිනිසෙක් තම නයහිමියන් ගෙන්  සොරකම් කරන විට හෝ වෙනත් ආකාරයකින් වංචා කරන විට, ඔහුට සෑම විටකම තමා ඒ සඳහා දඬුවම් නොලබන බවට  සහතික නොමැතිද?”

රූසෝගේ වඩාත් ප්‍රසිද්ධ කෘතිය 1762 දී ලියන ලද “සමාජ කොන්ත්‍රාත්තුව” ආරම්භ වූයේ, ” නිදහස්ව උපත ලබන මිනිසා සෑම තන්හිම යදමින්  බැඳ දමා ඇත” යන වචන වලිනි.

එම යුගයේ සිටි ශ්‍රේෂ්ඨ චින්තකයන්ගේ සමාජ විචාරය විප්ලවයක් බවට වහා පරිවර්තනය වූයේ නැත. ඔවුන්ගේ බුද්ධිමය ශ්‍රමයේ ඇඟවුම් මහජනතාවගේ ක්‍රියාව තුල ප්‍රකාශනය සොයා ගැනීමට දශක ගනනාවක් අවශ්‍ය විය. නමුත් ප්‍රංශ විප්ලවය එහි ගම්‍යතාව (වේග-බලය) එක්රැස් කරගන්නා විට, ජනගහනයේ පුලුල් ස්ථර දේශපාලන ක්‍රියාකාරකම් වෙත ගෙන ආ අතර වඩ වඩාත් රැඩිකල් මානයන් අත්පත් කර ගත්තේය. 1785 දී සිතාගත නොහැකි වූ දෙය- රාජාන්ඩුවේ අවසානය, වැඩවසම් වරප්‍රසාද සහ දේපල සබඳතා අහෝසි කිරීම, ජනරජයක් පිහිටුවීම සහ රජුට මරන දඬුවම පැනවීම- ඊලඟ දශකය තුල යථාර්ථයක් බවට පත් විය.

“සංස්කෘතික ධනේශ්වරය විසින් පාගා දමන ලද සමාජයේ අත්තිවාරමම ඇවිස්සෙමින් සජීවි වන බවක් බවක් පෙනෙන්නට තිබුනි,” ලියොන් ට්‍රොට්ස්කි සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය තුල ප්‍රංශයේ සිදුවීම් ගැන ලිවීය. “ ජන සමූහයට ඉහලින් මිනිස් හිස් එස වී ගත්තේ ය, කරගැට දෑත් ඉහලට දිගු විය, ගොරෝසු නමුත් ධෛර්ය සම්පන්න හඬවල් කෑගැසුවේය! විප්ලවයේ අවජාතකයන් වූ පැරිස් දිස්ත්‍රික්ක, ඔවුන්ගේම ජීවිතයක් ගත කිරීමට පටන් ගත්හ. ඔවුන්ව හඳුනා ගැනී- ඔවුන්ව හඳුනා නොගැනීම කල නොහැක්කක් විය –  කොටස් බවට පරිවර්තනය කෙරුනි. නමුත් ඔවුන් දිගින් දිගටම නීත්‍යානුකූල භාවයේ සීමා මායිම් බිඳ දමමින් පහලින් නැවුම් ලේ ධාරාවක් ලබා ගනිමින්, නීතිය නොතකා හරිමින් කිසිදු අයිතිවාසිකමක් නොමැති අසරන  සන්-කුලොට් (sans-culottes- පහල පංතියේ වූ කම්කරු පංතිකයන්) හට ඔවුන් අතර ඉඩ-හසර  විවෘත කලහ.

විප්ලවය ප්‍රතිගාමීන්ගේ  දැඩි වෛරයට ලක් විය.  තත්වාරක්ෂකයන් (කොන්සවේටිව්) සහ මධ්‍යස්ථ මතධාරීන් විප්ලවයේ “සීමා ඉක්මවීම්” හෙලා දුටුවෝය. එහෙත් වඩාත් ප්‍රගතිශීලී චින්තකයෝ එහි ආරක්ෂාවට පෙල ගැසුනහ. XVI වන ලුවී ඝාතනය කිරීම සහ විප්ලවය ආරක්ෂා කිරීම සඳහා මුදා හරින ලද භීෂනය හෙලා දුටු අයට පිලිතුරු දෙමින් තෝමස් ජෙෆර්සන් පැවසුවේ විප්ලවයේ පරාජය දැකීමට වඩා “ලෝකය අඩක් පාලුවට ගොස් ඇති බව” දැකීමට තමන් රිසි බවයි. “සෑම රටකම ආදම් සහ ඒව පමනක් ඉතිරි ව නිදහසේ  සිටියා නම්, එය දැන් පවතින තත්ත්වයට වඩා හොඳ වනු ඇත” යනුවෙන් ඔහු ලිවීය.

ප්‍රංශ විප්ලවයේ අදට අදාලත්වය කුමක්ද? සැබැවින්ම අප සිටින්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී යුගයක නොව සමාජවාදී විප්ලවයේ යුගයක ය. එසේ වෙතත් අසමානතාවය, දේපල හා ස්ථාපිත පිලිවෙල පිලිබඳ විප්ලවවාදී විවේචනයේ සාරය, ධනේශ්වර පරිහානියේ හා අර්බුදයේ කොන්දේසි යටතේ දැවැන්ත බලයක් අත්පත් කර ගනී.

ප්‍රථමයෙන්ම මේ කරුන පැහැදිලි වන්නේ මේ වසරේ පැරිසිය, එහි එම වීදි හා මංමාවත් ඔස්සේම මහජන විරෝධතා හා වැඩ වර්ජන දැක ඇති බව පිලිබඳ කාරනයෙන් ය. ප්‍රන්සයේ කම්කරුවන් තවමත් ධනවාදය ගිලටීනයට යටත් කර නොමැති නමුත් ඔවුන්ගේ අරගලවල අන්තර්ගතය සෘජුවම මතු කරන්නේ “ධනවතුන්ගේ ජනාධිපති” එමානුවෙල් මැක්‍රොන්ට එරෙහිව දේශපාලන සටනක සහ පවතින සමාජ දේශපාලන හා ආර්ථික ක්‍රමය පෙරලා දැමීමේ අවශ්‍යතාවයයි. විශ්‍රාම වැටුප් කප්පාදුවලට සහ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවලට එරෙහි ඔහුගේ ම්ලේච්ඡ මර්දනයෙන් නැවුම් ව, මැක්‍රොන් ඉමහත් දරිද්‍රතාවයෙන් හා අගහිඟකම් ඇති සමාජයක් පාලනය කරන ගුජරාටයේ ෆැසිස්ට්ටික ඝාතකයා වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ඊයේ පාවඩ ඇතිරීය.

දරාගත නොහැකි ජීවන තත්වයන් ලොව පුරා සමාජ අරගලයේ නැගීමක් ඇති කරයි. මේ වසරේ එක්සත් රාජධානියේ තැපැල් සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, ගුරුවරුන්, දුම්රිය සේවකයින් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් විසින් වැඩ වර්ජන සහ අනෙකුත් අරගල වලට පිවිසීම; ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායලයේ මහජන විරෝධතා ඇති විම; කැනඩාවේ ජාතික වානේ කාර් කම්කරුවන් 1,400 ක් සහ නැව් තටාක සේවකයින් 7,400 ක් විසින් කරන ලද වැඩවර්ජනය පසුව ආන්ඩුවේ මැදිහත්වීම හරහා මෙම සතියේ අවසන් කිරීම;  කප්පාදුවට එරෙහිව ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ කරගෙන නිරන්තර වැඩ වර්ජන සහ විරෝධතාවන්;  මේ සදහා දැක්විය හැකි උපුටන   කීපයකි

එක්සත් ජනපදයේ ලේඛකයින් 11,000 ක අඛන්ඩ වැඩවර්ජනය මධ්‍යයේ එන දස දහස් ගනනක් නලුවන්ගේ වැඩවර්ජනය, එක්සත් ජනපද චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන ඉතිහාසයේ විශාලතම වැඩ වර්ජනය ආරම්භ කරන අතර අධ්‍යයන සේවකයින්, ක්ලැරියෝස් සහ CNH නිෂ්පාදන කම්කරුවන්ගේ වැඩ වර්ජන ඊට පූර්වයෙන් සිදුවිය. එය මේ වසරේ දෙවන භාගයේදී වෘත්තීය සමිති යාන්ත්‍රනයේ පාලනයෙන් පිටත පුපුරා යාමට තර්ජනය කරන UPS කම්කරුවන්ගේ, මෝටර් රථ කම්කරුවන්ගේ සහ නැව් තටාක කම්කරුවන්ගේ වර්ධනය වන අරගලවලට දැවැන්ත තල්ලුවක් ලබා දෙනු ඇත.

නොවැලැක්විය හැකි ලෙසම කම්කරු පන්තියේ විඥානය මුලදී ආධිපත්‍යය දරන්නේ ඔවුන් මුහුන දෙන ක්ෂනික කොන්දේසි සහ ගැටලු මගිනි. කෙසේ වෙතත් මෙම සියලු අරගලවල තර්කනය හදිසි සංවිධානාත්මක ගැටලු මතු කරනවා පමනක් නොව -වෘත්තීය සමිති යාන්ත්‍රනයේ ග්‍රහනයෙන් මිදීම සඳහා ස්වාධීන ක්‍රියාකාරී කමිටු වර්ධනය කිරීමේ අවශ්‍යතාවය- සමාජ සබඳතාවල අතාර්කිකත්වය සහ සමාජයේ අවශ්‍යතා සමග ඔවුන්ගේ නොගැලපීම ද මතු කරයි.

ධනවාදයට පැවැත්මට ඇති අයිතිය සහ පාලක ප්‍රභූවට පාලනය කිරීමට ඇති අයිතිය අහිමි වී ඇත.පසුගිය වසර පහ තුල ඩොලර් මිලියන 200කට වඩා වැඩි මුදලක් ලබා ගත් ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී බොබ් අයිගර්, “ යථාර්ථවාදී නොවන අපේක්‍ෂා මට්ටමක් … ” බව කියා වර්ජක නලුවන් සහ ලේඛකයින්  හෙලා දකින විට, XVI වන ලුවී සහ ප්‍රංශ වංශාධිපතිත්වය සමඟ සැසඳීම් නොවැලැක්විය හැකිය. වර්තමාන ආයතනික සහ මූල්‍ය අධිපතීන් හා සසඳන විට, මාරි ඇන්ටනට් ආසන්න ලෙස  පරාර්ථකාමි ලෙස පෙනේ. ප්‍රංශ රැජින ජනතාව ගැන පැවසුවේ “ඔවුන් කේක් කාපු වාවේ” යනුවෙනි. වර්තමාන ආයතනික ලොක්කන්ට එසේ කර ගැලවිය ගත හැකි නම් , ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට හාමතේ සිටීමට ඉඩ දෙනු ඇත.

එවැනි ක්‍රියාමාර්ග කොටස් වෙලඳපොලට ඍනාත්මක ලෙස බලපාන බැවින්, ජීවිත බේරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ,ධනේශ්වර ආන්ඩු හිතාමතා සහ සාපරාධීව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය වසර තුනහමාරක කාලය තුල ගෝලීය වසංගතයක් මිලියන 20 කට වඩා මිනිසුන් මරා දමා ඇත. දේශගුනික විපර්යාස, එක්සත් ජනපදයේ වාර්තාගත උෂ්නත්ව ඉහල යෑම් සහ ගංවතුරේ සිට පසුගිය සති දෙක තුල ඉන්දියාවේ සිය ගනනක් මරා දැමූ මෝසම් දක්වා ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කරන අතර ධනේශ්වර ආන්ඩු කිසිවක් නොකර බලා සිටී.

බයිඩන් පරිපාලනයේ සහ එහි නේටෝ සහචරයින්ගේ පරම ප්‍රමුඛතාවය වන්නේ රුසියාවට එරෙහි යුද්ධයක් “අවශ්‍ය වන තාක් කල්”- ලෝසවෙඅ ඊයේ සඳහන් කල පරිදි, මින් අදහස් වන්නේ යථාර්ථයේ දී , කොපමන සංඛ්‍යාවක් මිය ගියත්- යුක්රේනයේ, රුසියාවේ, යුරෝපය පුරා සහ ඉන් ඔබ්බට උත්සන්න කිරීමයි. සියලුම නේටෝ බලවතුන් මිලිටරි වියදම්වල දැවැන්ත වැඩිවීමක් සඳහා පොරොන්දු දී ඇති අතර, එය නොවැලැක්විය හැකි ලෙස සමාජ වැඩසටහන්වල ඉතිරිව ඇති කුමක්  වුව  විනාශ කිරීමෙන් ලබාගනු ඇත.

 සෑම දෙයකටම යටින් ඇත්තේ ප්‍රංශ වංශාධිපතිත්වය ලැජ්ජාවෙන් රතු කල හැකි සමාජ අසමානතාවයේ මට්ටම් ය. ධනවත්ම පුද්ගලයන් 2,460 දෙනෙක්  2023 පලමු භාගයේදී ඔවුන්ගේ ධනයට ඩොලර් බිලියන 852ක් එකතු කර ගනු ලැබුවත්, ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමානයක් දිනකට ඩොලර් 6.25 ට වඩා අඩු ආදායමක් ලබමින් පසුගිය වසර පුරා ඉහල යන මූලික අවශ්‍යතා සඳහා වන පිරිවැය නිසා, තැලී පොඩි පොඩි වී ගොස් ඇත 

ප්‍රංශයේ අත්දැකීම් ඇසුරෙන් මාක්ස් පැහැදිලි කලේ, පවතින සමාජ සම්බන්ධතා මගින් සමාජයේ තවදුර වර්ධනය අවහිර වන විට විප්ලවයන් මතුවන බවයි. “සංවර්ධනයේ එක්තරා අවධියකදී, සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග පවතින නිෂ්පාදන සම්බන්ධතා සමඟ හෝ – මෙය හුදෙක් නීතිමය පද වලින් එම දෙයම ප්‍රකාශ කරයි-  ඒවා මෙතෙක් ක්‍රියාත්මක වූ රාමුව තුල ඇති දේපල සම්බන්ධතා සමඟ ගැටුමකට පැමිනේ. නිෂ්පාදන බලවේගවල වර්ධනයේ ආකාර වලින් (මාදිලි වලින්) මෙම සබඳතා ඒවායේ විලංගු බවට පත්වේ. ඉන්පසු සමාජ විප්ලවයේ යුගයක් ආරම්භ වේ.”

1914 දී පලමු ලෝක යුද්ධය පුපුරා යාමත් 1917 ඔක්තෝබර් විප්ලවයේ දී රුසියානු ධනවාදය පෙරලා දැමීමත් සමඟ ආරම්භ වූ සමාජවාදී විප්ලවයේ යුගයේ අවසාන අදියරට මානව වර්ගයා ලඟා වෙමින් සිටී. යල්පැන ගිය ලෝක ධනේශ්වර ක්‍රමයේ ගැඹුරට මුල් බැසගත් සහ නොවිසදිය හැකි ප්‍රතිවිරෝධතා විසින් මහජන විරෝධයේ වර්ධනය මෙහෙයවනු ලබයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් නියෝජනය කරනු ලබන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මුහුන දෙන කර්තව්‍යය නම්  කම්කරු පන්තියේ වැඩෙන මහජන ව්‍යාපාරය තුල දේශපාලන අවබෝධයක් සහ දිශානතියක් වර්ධනය කිරීම සහ එය ධනේශ්වර පර්යාය අතුගා දමා සැබෑ සමාජ සමානාත්මතාවය සඳහා පදනම ස්ථාපිත කරන සමාජවාදය සඳහා සවිඥානික ව්‍යාපාරයක් බවට පත් කිරීමයි.

බැස්ටිල් දිනය 1789—බැස්ටිල් දිනය 2023 Read More »

Scroll to Top