Author name: thesocialist

JRJ

කම්කරු මාවත  ඉතිහාසයෙන්: කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය

JRJ
1978 අගමැති ලෙස පත් වීමෙන් පසු නුවර පත්තිරිප්පුවේ සිට ජේ.ආර් ජයවර්ධන ‘ජාතිය අමතයි’ (ඡායාරූපය:ජයවර්ධන කේන්ද්‍රය) 

මෙහි පළ වන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) නිල පුවත්පත වූ කම්කරු මාවත පත්‍රයේ 1977 ජූලි 18 වන දින පළ කරන ලද ලිපියකි.

1977 ජූලි 21 වන දින පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරන ලද තම වැඩපිලිවෙල සම්බන්ධව විකොස ඉදිරිපත් කරන ලද විවේචන හා එහි විප්ලවවාදී වැඩපිළිවෙළ සම්බන්ධ ලිපි අතරින් පහත ලිපිය යූඇන්පී ප්‍රතිපත්ති ගණනාවක් විචාරයට ලක් කරයි. වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරණය කිරීමට අදාළ න්‍යාය පත්‍රය ඒ ආකාරයෙන්ම ජේ.ආර් ජයවර්ධන විසින්ද තම මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරනු ලැබීම ඉතිහාසය පුනරාවර්තනය වන්නේ ධනපති ක්‍රමයේ අර්බුදයෙන් ගොඩ ඒමේ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා බවත් නව  වැඩපිළිවෙළ වඩාත්  ඉහලට එසවුනු කප්පාදු පියවර වලින් සමන්විත වන බවත් අද මහ ජනතාව අත් දකිමින් සිටි. 1977 ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ලංකාව විවෘත වෙලදපොලට නිරාවරණය  කිරීමේ න්‍යාය පත්‍රය පූර්ණ කිරීමේ ඉතිරි කොටස හරියටම ඉටුකිරීමට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට වික්‍රමසිංහ අවශ්‍ය පොරොන්දු දෙමින් නීතිමය, ආරක්ෂක හා දේශපාලන රාමුව සකස්කරමින් පවතී. ඉතිහාසයේ බරපතළ වැරදි නැවත පුනරාවර්තනය නොකිරීම සඳහා කම්කරු මහජනතාව මෙකී ඓතිහාසික අත්දැකීම් දැඩි ලෙස අවධාරණයට ගත යුතුය.    

***

කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය

යූඇන්පීය තව දින කිහිපයකින් පසු පැවැත්වෙන මැතිවරනයේදී බලය ඉල්ලා සිටින එක් ධනපති පක්ෂයකි. එය ඉදිරිපත් තර ඇත්තේ මෙතෙක් මොනයම්ම හෝ ධනපති පක්ෂයක් විසින්වත් ඉදිරිපත් කර නැති ප්‍රමානයේ අසීමිත බංකොලෝත් වැඩ පිලිවෙලකි. එහි ප්‍රධාන අංගයන් මේවාය.

බඩු මිල අඩු නොකිරීම

අකුරැස්සේදී හා දෙනියායේදී ගිය සතියේ පවත්වන ලද රැස්වීම් වලදී බඩු මිල කෙසේවත් පහල දැමිය නොහැකි බවත්,ලෝකයේ වනත් රටවල බඩු මිල ඉහල යාම සලකා බලන විට බඩු මිල පහත දානවා යැයි කරන පොරොන්දවු බොරු පොරොන්දුක් බවත් යූඇන්පී නායකයා කල ප්‍රකාශය ධනපති පත්තරවල  පවා පල විය.  මේ අනුව පාන් මිල, හාල්මිල, මූලික එලවලු වර්ග වල මිල ආදියහි කිසිදු මිල පහල යාමක් සිදු නොවේ. පිටිකිරි හා ලදරු ආහාර පිලිබඳ තත්වයද එසේමය.

බඩු මිල අඩු නොකිරිමේ තීන්දුව බෙහෙත් ද්‍රව්‍ය හා පාසැල් පොත් කෙරේ ⁣කෙලින්ම බලපානු ඇත.

ලෝක වෙලඳ ලොගේ මිලට අනුව ලංකාවේ බඩු මිලද හැසිර වීමේ යූඇන්පීයේ ප්‍රකාශිත අරමුනට අනුව විශාල ප්‍රමානයන්ගෙන් බඩු මිල ඉහල දැමීමේ තීන්දු ක්ෂනිකව ක්‍රියාවට දැමීමට ඔවුනට සිදුවනු ඇත.

ලංකාවේ ආහාර ද්‍රව්‍ය සඳහහා පමනක් රටේ මාසික ආදායමෙන් ආදායමෙන් සියයට 85ක්  වැයවෙන බවට ඔවුන් දැන් ගෙන යන ප්‍රචාරය ට අනුව දැනට ලැබෙන සීමිත ආහාර සහනාධාර කපා දැමීමේ තීන්දුව ඔවුන් විසින් ගත යුතුව ඇත. ශ්‍රීලනිපය 1973 දී හාල් සලාකය හරි අඩකින් කැපීමට ගත් තීන්දුව එහි තර්කානුකූල අන්තය කරා ගෙන ඒම මීළඟ ධනපති ආණ්ඩුවට වැළැක්විය නොහැකිය.

කෘෂිකර්මාන්තය විනාශ කිරීම 

“බඩු මිල පහත නෙහෙළීම” පිළිබඳ ජේ.ආර් ජයවර්ධන කර ඇති ප්‍රකාශනය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මරනීය වෙයි. මෙහි අර්ථය නම් පොහොර මිල, ට්‍රැක්ටර් මිල, රසායනික ද්‍රව්‍ය මිල පිළිබඳ කිසිදු සහනයක් යූඇන්පී යෙන් බලාපොරොත්තු විය නොහැකි බවය. 

ශ්‍රීලනිපය කෘෂිකර්මාන්තය ගැන අනුගමනය කල ප්‍රතිපත්තිය ගොඩ මඩ දෙකහිම ගොවිතැන විනාශ කලේය. රාජාංගනය මීට උදාහරනයකි. රජරට පලාත පුරා ගොවි බිම් විනාශ වී පැන නැගී ඇති අර්බුදයත්,  උඩරට ප්‍රදේශයේ විශාල වශයෙන් එළවළු වගාවන්හි ඇති අර්බුදයත් ඉදිරි මාසවලදී ආහාර ද්‍රව්‍යයන්ගේ  විශාල මිල ඉහල යාමක් හා  හිඟයක් නිර්මානය කරනු ඇත.

මේ තත්ත්වයෙන් රට ගොඩනැගීමේ කිසිදු සැලැස්මක් යුඇන්පිය ඉදිරිපත් කොට නැත.

විශේෂයෙන්ම ගොවියාට වතුර සැලසීම පිළිබඳ ප්‍රශ්නය ගැන එය මුළුමනින්ම නිහඬය.

පොල් සහ තේ වගාවන් වල දැන් වාර්තා වී ඇති කඩා වැටීම නතර කිරීමට ද කිසිදු වැඩපිළිවෙළක් ගැන යූඇන්පිය කතා නොකරයි.

දේශීය කර්මාන්ත විනාශ කිරීම හා සංස්ථා වසා දැමීම

බියගම පැවැති රැස්වීමක දී ජේ.ආර් ජයවර්ධන මෙසේ ප්‍රකාශ කළේය. 

“රජය විසින් පසුගිය අවුරුදු හත ඇතුළත සංස්ථා ගනනක්ම ඇති කලා. ඉන් සමහර ඒවායේ පාලනය ඉතාමත් ම පහත් තත්වයකට පත්විය.  මෙම අකාර්යක්ෂම සංස්ථා වලින් ඒවා පිහිටුවීමේ පරමාර්ථය ඉටු වී නෑ. සමහර සංස්ථා වසා දැමීමට සිදුවිය හැකිය.” මේ ජනපති නායකයා කෙලින්ම ප්‍රකාශයට පත් කරන්නේ හාම්පුතුන්ගේ සංගමය හා ලංකා  වෙලඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය කාලයක් තුළ කර ඇති ඉල්ලීමකි. එනම් පෞද්ගලික ධනපතියාගේ සෘජු බලපෑම යටතට ලංකාවේ සියලු වෙළඳ ව්‍යාපාර යටත් විය යුතු බවය. 

ඔහු ඉදිරිපත් කරන්නේ කාර්මික සංස්ථා තුල 44% ක ප්‍රමානයට ශ්‍රිලනිප ආන්ඩු කාලය තුල සිදු වූ කඩා වැටීම ගොඩ ගැනීමේ ක්‍රමයක් නොවේ. මේවා මුළුමනින්ම වසා දැමීමටත් පිටරට කොම්පැනි වල සෘජු ගනුදෙනු කාරයන් බවට පත්වීමටත් ලංකාවේ කොම්පනි කාර්යන්ට හා වෙලඳ ව්‍යාපාරිකයන්ට මග සලසා දීමේ වැඩපිලිවෙලකි.

මේ රටේ නිෂ්පාදනය කරනවාට වඩා පිටරටින් බඩු ගෙන්වා මෙහි විකිනීම හොඳ යයි ඔහු මහරගම දී කල කතාවේ තේරුම එයයි. එය ජාතික කර්මාන්ත මුළුමනින්ම අත්හැර දැමීමට කරන ලද කතාවකි.

කම්කරුවන් විශාල වශයෙන් රැකියා වලින් එල වීමත්, කිසිදු අලුත් රැකියාවක් ඇති නොවීම නිසා රැකියා හිඟය උග්‍ර වීමත්, දැනට ඇති සීමිත ධනයද පිටරට ඇදී යාම නිසා පූර්න බංකොලොත් භාවයක් මෙම පියවරේ ප්‍රතිඵල වනවා ඇත.

නිදහස් වෙළඳ කලාපය නැමැති ප්‍රෝඩාව 

ලංකාවේ අක්කර 200ක පමන ප්‍රදේශයක් විදේශීය ධන ආයෝජකයන්ට පවරා දී නිදහස් වෙලඳ කලාපයක් ඇති කරන බව යූඇන්පී වැඩපිලිවෙලේ ප්‍රධාන අංගයක් වුවත් එය මුළුමනින්ම ප්‍රෝඩාවකි.

අමෙරිකාව ප්‍රමුඛව සියලුම අධිරාජ්‍යවාදී රටවල මූලික ප්‍රතිපත්තිය නම් වෙළඳ යුද්ධයේ ප්‍රතිපත්තියයි. කිසිම රටක් සංවර්ධනය කිරීම සඳහා මුදල් යෙදවීමේ ප්‍රතිපත්තිය ඔවුන් මුළුමනින්ම අතහැර දමා ඇත. එසේම දීර්ඝ කාලීන ආයෝජන සඳහා මුදල් යෙදවීම අද බහුජාතික කොම්පැනි විසින්  සලකුනු ලබන්නේ යල්පැන ගිය ප්‍රතිපත්තියක් ලෙස ය.

ජේ.ආර් ජයවර්ධන අධිරාජ්‍යවාදීන්ට මොනම විදියේ අනර්ඝ කොන්දේසි හදා දුන්නත් එම කොම්පැනි  ජනසතු නොකරන බවටත්, රටේ වෘත්තීය සමිති අයිති නැති කරන බවට මොන පොරොන්දුව දුන්නත් ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම මෙන්ම බංකොලොත් අධිරාජ්‍යවාදීන්ගෙන් නය ආධාර හා ආයෝජන ගෙන්වා ගැනීම ද කල නොහැක්කකි.

වෘත්තීය සමිති කැඩීම හා ආරක්ෂක නීති තර කර ගැනීම   

“දවස” පත්තරයට යූඑන්පී නායකයා දුන් ප්‍රකාශනයක මෙසේ සඳහන් වේ. “එක් වෘත්තියක් සඳහා එක සමිතිය බැගින් පිහිටුවීමෙන් ඒ ඒ සේවකයන් රාජකාරි යෙදී සිටින ආයතනය පාලනය සඳහා ඔවුන්ගේ සහභාගිත්වය ලබා ගැනීම පහසු වන්නේය.” තවදුරටත් දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති අතර ඇති සම්බන්ධය නොසුදුසු යැයිද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

“තනි සමිතියක්” පිළිබඳ අදහසත්, වාමාංශික දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති අතර ඇති සම්බන්ධය කැඩීමට ගන්නා උත්සාහයත් අද යූඇන්පීය විසින් අලුතින් ඉදිරිපත් කරන ඒවා නොවේ. ඒවා කවදත් ඔවුන්ගේ වුවමනාවන් විය. එහෙත් අද ධනපති ක්‍රමය මුහුන පා ඇති අර්බුදය නිසා මේ පියවර ගැනීමට ඔවුන් වඩාත් මෘග  අන්දමින් ඉදිරිපත් විය යුතුය.

ජනරජ ව්‍යවස්ථාව හා වෙනත් නීති ප්‍රතිසංස්කරනය කරන බවට ඔවුන් දෙන පොරොන්දුවේ අදහස එයයි. මහජන ආරක්ෂක පනත, අපරාධ යුක්ති පනත හා සේවා අහෝසි කිරීමේ පනත වැනි ශ්‍රීලනිපයට සම්මත කරගත නොහැකි වූ පනත් නැවත ගෙන ඒමට ද අලුතෙන් තවත් මර්දන නීති රාශියක් ගෙන ඒමටද යූඇන්පිය සූදානම් ය.

ජනාධිපති භාවය හා ඒකාධිපති බලතල හා සිවිල් යුද්ධය  

ජේ.ආර් ජයවර්ධන තමන් වටා සියලු බලතල ඒකරාශී කර ගැනීමට ධනපති ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පවතින බල බෙදීම යන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අත්හැර දැමීමටත් ගන්නා උත්සාහය ඒකාධිපතිත්වයක් සදහා ගන්නා උත්සාහයකි.

මෙය යූඑන්පී ආන්ඩුවක ඇත්ත අරමුන පැහැදිලි කරයි. එනම් අන්ත දුගී ආර්ථික තත්වයන්,  කම්කරුවන්, ගොවීන් හා සෙසු පීඩිත කොටස් මත පැටවීමට අවශ්‍ය පොලිස්-මිලිටරි කුමන්ත්‍රනයකට පසුබිම සකස් කර ගැනීමය. යූඇන්පීයේ ඇත්ත ගමන් දිසාව එයයි.

ලංකාවේ සියයට 43 ක් පමණ වන රුපියල් 200ට අඩු ආදායම් ලබන දුගීන්ට ද, රුපියල් 200 – 400 අතර පඩි ලබන ඉතිරි සියයට 37 ට ද, යූඇන්පිය විසින් හිමි කරනවා ඇත්තේ, කොලපත හා මහපාර පමනය. ඔවුන්ගේ අනාගතය රැඳී ඇත්තේ ශ්‍රීලනිපය  මෙන්ම යූඑන්පීයත් පරාජය කිරීමේත්, කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩ නගා ගැනීමෙත් මාවත ඔස්සේ පමනය.

කම්කරු මාවත  ඉතිහාසයෙන්: කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය Read More »

Mine

යුක්‍රේනයේ අමුද්‍රව්‍ය නිධි සඳහා යුද්ධය හා රුසියාව න්‍යෂ්ඨික අවි යෙදවුමකට ප්‍රකෝප කිරීම

මිගාර මල්වත්ත විසිනි.

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාල ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි. මෙය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

G7 සමුළුව රුසියාවට එරෙහි යුද සූදානමක

මැයි 19 සිට 21 දක්වා ජපානයේ හිරෝෂිමා හි පැවති G7 සමුළුව රුසියාවට එරෙහි ප්‍රකෝපකරනයේ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කළේය. G7 රාජ්‍ය – එනම්, එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාව – රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා කිසිදු ඉඩක් නොතබා රුසියාවට අවසාන නිවේදනයක් නිකුත් කළේය.

අප රුසියාවෙන් ඉල්ලා සිටින්නේ එහි අඛණ්ඩ ආක්‍රමණ නතර කරන ලෙසත්, යුක්රේනයේ ජාත්‍යන්තරව පිළිගත් භූමියෙන් වහාම, සම්පූර්ණයෙන් සහ කොන්දේසි විරහිතව සිය හමුදා සහ හමුදා උපකරණ ඉවත් කර ගන්නා ලෙසත් ය,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

මෙයින් කියවෙන්නේ, ක්‍රිමියාවෙන් ඉවත් වීම සහ මූලෝපායික වශයෙන් වැදගත් සෙවාස්ටොපෝල් නාවික කඳවුර අතහැර දැමීමයි. මෙසේ, ඕනෑම සාම සාකච්ඡාවක් සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස G7 සාමාජිකයෝ මොස්කව්හි කොන්දේසි විරහිත යටත් වීම ඉල්ලා සිටිති. මොස්කව් ආරක්ෂාව සහතික කිරීමක් හෝ යුක්රේනය නේටෝවට ඇතුළත් කර ගැනීම අත්හැරීම හෝ වැනි සහන කිසිවක් ඔවුන් ලබා දුන්නේ නැත. ඒ වෙනුවට, එම ප්‍රකාශය “අවශ්‍ය වන තාක් කල්“ – එනම්, රුසියාවේ මිලිටරි පරාජය සිදු වන තාක් – “යුක්‍රේනයට අවශ්‍ය මූල්‍ය, මානුෂීය, මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා දීමට ” ප්‍රතිඥා දුන්නේය. 

G7
වමේ සිට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් හිරෝෂිමා හි හිරෝෂිමා සමුළුවේදී , 2023 මැයි 19, සිකුරාදා. [AP Photo/Franck Robichon]

යුක්රේනය න්‍යෂ්ටික බලය සහිත F16 ප්‍රහාරක ජෙට් යානාවලින් සන්නද්ධ කිරීමට තීරණය කරන්නේ මෙම සන්දර්භය තුළ ය. F16 යානා, යුද්ධය රුසියානු භූමියේ ගැඹුරට ගෙන යාමට සමත් වනු ඇත. මෙයින් නේටෝ හමුදා සෘජුවම සටනට සම්බන්ධ වන සහ යුරෝපය ගිනිබත් කිරීමට තර්ජනය කරන තවත් මිලිටරි තීව්‍රවීමක් නොවැළැක්විය හැකිය.

මේ සමගම, මොස්කව් හි පාලන තන්ත්‍රය වෙනස් කිරීමට බල කර, රට ආර්ථික හා මූල්‍යමය වශයෙන් අස්ථාවර කිරීමට ඔවුහු අදහස් කරති. රුසියාවට තවදුරටත් සම්බාධක පනවමින්, “යුක්රේනයේ දිගුකාලීන ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම රුසියාව විසින් ගෙවනු ලැබීමටත්,” එහි නායකයන්ගේ “යුද අපරාධ සහ අනෙකුත් කුරිරුකම්” සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සහතික කිරීමටත් වග බලා ගැනීමට ඔවුහු තීරණය කළහ.

ව්ලැඩිමීර් පුටින්ගේ පාලන තන්ත්‍රයට තමන්ගේම මරණ වරෙන්තුවක් අත්සන් නොකර මෙම අවසාන නිවේදනය සපුරාලිය නොහැකි බව පැහැදිලිය. මෙම අවසාන නිවේදනයෙන් කියැවෙන්නේ, නේටෝව එහි ඉලක්කය සපුරා ගන්නා තෙක් යුද්ධය දිගටම කරගෙන යන බවයි. මොස්කව්හි රූකඩ පාලනයක් පිහිටුවීම සහ රුසියානු සමූහාණ්ඩුව විනාශ කිරීම සඳහා දැරෙන මෙම ප්‍රයත්නය තුල න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය උත්සන්න වීමේ අවදානම G 7 සමුළුව දැනුවත්ව පිළිගනියි.

“න්‍යෂ්ටික ගැටුමක් තීව්‍ර වීමේ තර්ජනය අහවර වී නැති අතර ම, යුක්‍රේන දේශසීමා හරහා සිදු කරන මෙහෙයුම් හරහා න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීමට පෙළඹවීම ශක්‍ය ක්‍රියාවක් නො වන බව” එක්සත් ජනපදයේ නිලධාරීහු කියති. “පුටින් මහතා බලය දැරීම තර්ජනයට ලක්වුව හොත්, යුක්‍රේනය තුල එහි මිලිටරිය මුලුමනින් ම ඇදවැටීම ආරම්භ වුව හොත් හෝ 2014 දී රුසියානු හමුදා විසින් අල්ලාගත් ක්‍රිමියාව අහිමි වීමට එය මුහුන දුන්න හොත් පමනක්, රුසියාව උපායික න්‍යෂ්ටික අවියක් භාවිතා කරනු ඇතැයි “ ඇමරිකානු ඔත්තු සේවා නිලධාරීන් කියා තිබේ.

ඉන් පැහැදිලි වන්නේ, අධිරාජ්‍යවාදය දැන් සියලු කටයුතු සූදානම් කර දියත් කරනු ලබන්නේ, රුසියාව උපායික න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීමේ දෙසට තල්ලු කිරීමට බව ය.

යුක්‍රේනයේ යුද්ධය හෙවත් “හොඳම මූල්‍ය  ආයෝජනය”

මෙලෙස, එක්සත් ජනපදය හා නේටෝ බලවත්හු යුද්ධයට සෘජුවම සම්බන්ධ වීම පිලිබදව ඉතිරිව ඇති සියලු සීමා කිරීම් අත්හැරීමට වේගයෙන් ගමන් කරමින් සිටිති. වර්තමානයේ, ගෝලීය මිලිටරි වියදම් සඳහා වෙන්කර ඇති දැවැන්ත මුදලත්, ඉන් යුක්‍රේන යුද්ධයට වෙන් කෙරෙන මුදලත් සලකා බැලීමේදී, මෑත දී පළ වූ වාර්තාවන්ට අනුව, ගෝලීය මිලිටරි වියදම සදහා වෙන් කරන ලද මුදල ඩොලර් බිලියන 2240ක අති දැවැන්ත අගයක් ගන්නා අතර, මෙයින් නේටෝ සමාජිකයින්ගේ පංගුව ඩොලර් බිලියන 1237 කි. ඉන් ඩොලර් බිලියන 150 ක ප්‍රමාණයක් වෙන්වන්නේ යුක්‍රේන යුද්ධය සඳහාය. මෙය මුළු නේටෝ රටවල මිලිටරි වියදමින් 12% වැඩි ප්‍රමාණයකට සමාන වන අතර, යුක්‍රේනයේ යුද්ධය සදහා වෙන් කෙරෙන මුදලින් අඩකටත් වඩා වැඩි, එනම් ඩොලර් බිලියන 77 ක දායකත්වයක් ලබා දෙන්නේ එක්සත් ජනපදය විසිනි. එය, මෙවර, එක්සත් ජනපදය මිලිටරි වියදම් සඳහා වෙන්කර ඇති ඩොලර් බිලියන 877 ක මුදලින් 9% කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ. 2022 ජනවාරි 24 සහ 2023 පෙබරවාරි 24 දක්වා කාලය තුළ යුක්රේනය විසින් මෙම මෙම මුදල් ප්‍රමාණය ලබා ගෙන ඇත.

යන්තම් වසරක යුද්ධයකදී යුක්රේන හමුදාව ඇස්තමේන්තුගත මරණ 200,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට ගොදුරු වී ඇත. මිය ගිය එක් අයෙකු සඳහා 4 දෙනෙකු තුවාල ලැබූ සාමාන්‍ය අනුපාතය සලකා බලන විට, තවත් 800,000 පුද්ගලයින් තුවාල ලබා ඇති බව මෙයින් හැඟවේ. රුසියානු හා යුක්‍රේන සොල්දාදුවන්ගේ ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව 350,000 ඉක්මවයි.

එමෙන්ම, යුක්‍රේන ජනතාවගේ ජීවිත කෙරෙහි සාපරාධී නොතැකීමක් ප්‍රදර්ශනය කරමින් එක්සත් ජනපදය, යුක්රේන භූමියේ රුසියාව සමඟ යුද්ධයේදී භාවිතා කිරීම සඳහා පිළිකා ඇති කරන ක්ෂය වූ යුරේනියම් උණ්ඩ එම රටට යැවීමට සූදානම් විය. 

වෝල් ස්ට්‍රීට් ජර්නලය වරක් වාර්තා කළේ බයිඩන් පරිපාලනය මෙම විෂ සහිත සහ විකිරණශීලී යුද්ධෝපකරණ යුක්‍රේනයට යැවීමට තීරණය කර ඇති බව සහ එම තීරණය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත්ය.

ක්ෂය වූ යුරේනියම් උණ්ඩ M1 Abrams වැනි ටැංකිවල ප්‍රධාන තුවක්කුවෙන් වෙඩි තබන අතර රුසියාවේ සෝවියට් ටැංකිවල සන්නාහය සිදුරු කිරීමට එය භාවිතා කරනු ඇත.

ජර්නලය වාර්තා කළේ, මෙම ආයුධය යැවීම මඟින් “සෞඛ්‍ය හා පාරිසරික අවදානම් ගෙන යා හැකි ආයුධයක් සපයන බවට වන විවේචනයට වොෂින්ටනය විවෘත වනු ඇත” යන කාරනය සම්බන්ධයෙන් ධවල මන්දිරය තුළ ඇති වූ විවාදයකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පසුගිය වසරේ වාර්තා කළේ යුරේනියම්වල “රසායනික විෂ” ක්ෂය වීම “සමේ සංකූලතා, වකුගඩු අකර්මණ්‍ය වීම සහ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි” බවයි.

මෙවැනි මහා ධනස්කන්ධයක් ආයෝජන කරමින් ද, මිලියන ගණනකගේ ජීවිත මරණයට හා අනතුරට ලක් කරමින් ද, මෙම යුද්ධය දිනෙන් දින ධනපති පන්තිය විසින් උග්‍ර කරනු ලබන්නේ ඉන් මානව සංස්කෘතියට අත්පත් වන ඛේදනීය ඉරණම නොතකා, මෙම යුද්ධය මගින් කොල්ලකා ගත හැකි සුවිශාල සම්පත් තුලින් තම ලාභ අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ අවස්ථාවන් ගණන් බලා ඇති හෙයිනි.

ලෝකයේ විශාලතම රට වන රුසියාව තුල පවතින අතිමහත් ස්වභාවික සම්පත් ප්‍රමාණය පසෙක තැබුවත්, යුක්‍රේනය තුල පමණක් ඇති ස්වභාවික සම්පත් ප්‍රමාණය අති දැවැන්තය. 

කර්මාන්ත සඟරාව Mining World ට අනුව, යුක්රේනයේ අමුද්‍රව්‍ය තැන්පතු 20,000ක් පමණ ඇති අතර, ඒවායින් ගවේෂණය කර ඇත්තේ 7,800ක් පමණි. 

ජර්මනියේ වෙළඳාම සහ ආයෝජනය (GTAI) ජනවාරි 16 දින “යුක්රේනයේ අමුද්‍රව්‍ය අවදානමේ” යන මාතෘකාව යටතේ එහි වෙබ් අඩවියේ වාර්තා කළේ මෙසේය:

“යුරෝපයේ විශාලතම ලිතියම් නිධියට ඇත්තේ ඩොන්බාස් ප්‍රදේශයේ ඩොනෙට්ස්ක්හි ඉදිරි පෙරමුණේ සිට කිලෝමීටර් කිහිපයක් පමණි. රුසියානු ආක්‍රමණයෙන් මාස දෙකකට පසු ප්‍රකාශයට පත් කරන ලද ” ටැගෙස්පීග්ල්” (Tagesspiegel) හි ලිපියක්, පොට්‍රොව්ස්ක් (Potrovsk) අසල ෂෙව්චෙන්කො (Shevchenko) හි ටොන් 500,000ක ලිතියම් සංචිත සහ අවම වශයෙන් තවත් යුක්‍රේන තැන්පතු දෙකක් පෙන්වා දෙයි.”

ගල් අඟුරු පතල් 41ක්, ගෑස් නිධි 27ක්, තෙල් බිම් 9ක් සහ යපස් නිධි 6ක් ඇතුළුව “ඩොලර් ට්‍රිලියන 12.4ක් වටිනා අමුද්‍රව්‍ය තැන්පතු” යුක්‍රේන හමුදාවේ පාලනයෙන් ඔබ්බට පවතී. යුක්රේනයේ ගල් අඟුරු, ගෑස්, තෙල් සහ තිරිඟු පමණක් නොව දුර්ලභ පස් සහ ලෝහ ද පවතී. ලිතියම්, නව බලශක්ති සහ ප්‍රවාහන තාක්‍ෂණයන් වෙත සංක්‍රමණය වීමේ “සුදු රත්‍රන්” ලෙස හැඳින්වේ. යුරෝපයේ ගවේෂණය කරන ලද ලිතියම් තැන්පතු වලින් තුනෙන් එකක් පමණ යුක්‍රේනය සතුය.

Mine
යුක්‍රේනයේ පොල්ටාවා හි ඇති යපස් ආකරයක්

කරුණ දැන් වඩාත් පැහැදිලිය. අධිරාජ්‍යවාදී බලවතුන් මේ දක්වා යුක්‍රේන යුද්ධය සදහා ආයෝජන කර ඇති මුළු මුදල ඩොලර් බිලියන 150 කි. නමුත්, තම ආධිපත්‍යය යටතේ පවතින යුක්‍රේන භූමිය සහ අනාගතයේදී තමන් කොල්ලකෑමට බලාපොරොත්තු වන මහා රුසියානු භූමිය හැර දමා සාපේක්ෂව කුඩා බිම් ප්‍රමාණයක් පමණක් අත්පත් කර ගන්නා, යුක්‍රේනයේ රුසියානු හමුදාව අත පවතින බිම් කොටස පමණක් සැලකිල්ලට ගනු ලැබූව ද එහි ඩොලර් බිලියන 12400 අමුද්‍රව්‍ය තැන්පතු ඇති බවට ගණන් බලා තිබේ. මේ අනුව, ඉහත සඳහන් කරන ලද ඉතිරි භූමි ප්‍රදේශ වල ද ඇති අමුද්‍රව්‍ය වල වටිනාකම ගණනය කල හොත් එය දැවැන්ත අගයක් සහිත වනු ඇත. එහෙයින් අනාගතයේ දී, කොල්ලකාගත හැකි සම්පත් හා අමුද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම හා සැසඳීමේ දී, අධිරාජ්‍යවාදය විසින් මෙම යුද්ධය සඳහා ආයෝජනය කර ඇති මුදල සොච්චමකි.

දිනෙන් දින, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය තම “ප්‍රජාතන්ත්‍රවාදී” සළුපිළි ඉවතලා, ඉතා නග්න ලෙස තම අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරියට එන අයුරු පැහැදිලිව දැන් දැක ගත හැක. එහි නියෝජිතයන් , එය මෙලෙස වචන බවට පෙරලනු ලබයි. 

දකුණු කැරොලිනාවේ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි කියෙව්හිදී හමුවූ අතර යුක්‍රේනයේ එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධයේදී රුසියානුවන්ගේ මරණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රශංසාව පල කළේය. යුක්රේනයේ යුද්ධය සඳහා එක්සත් ජනපදයේ සහයෝගය “අප මෙතෙක් ආයෝජන කළ හොඳම මුදල” බව ද ග්‍රැහැම් පැවසීය.

පසුගිය පෙබරවාරියේ දී, උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ පසුගිය දශක තුනේ එක්සත් ජනපද යුද්ධවල යෝජකයෙකු වන ඇන්තනි කෝඩ්ස්මන්, “වියදම් කිරීමෙන් ඉතිරිකිරීම: යුක්‍රේනයට දෙන එක්සත් ජනපද ආධාරවල සැබෑ වටිනාකම සහ පිරිවැය-ඵලදායිතාව” යන මාතෘකාවෙන් විවරණයක් පළ කළේය.

ඇස්තමේන්තුගත යුද්ධය සඳහා එක්සත් ජනපදය විසින් වියදම් කරන “බිලියන ගනනක වැඩිවීම” එක්සත් ජනපදයට සැලකිය යුතු ඉතිරි කිරීම් ලබා දෙන “අත්‍යවශ්‍ය ආයෝජනයක්” බව කෝඩ්ස්මන් පැවසීය. මෙම ආයෝජනයන්හි ලාභ සිය දහස් ගනනකගේ ලේ ගංගා දිගේ ගලා එන බව ඔවුහු දනිති. 

යුක්‍රේනයේ අමුද්‍රව්‍ය නිධි සඳහා යුද්ධය හා රුසියාව න්‍යෂ්ඨික අවි යෙදවුමකට ප්‍රකෝප කිරීම Read More »

Protest

වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ සංස්ථාපිතය කම්කරුවාට එරෙහි අශුද්ධ සංධානයක

සංජය ජයසේකර විසිනි.

Protest
“සේවක අරමුදල් කොල්ලය වහා නවතනු!” ජුලි 25 කොලඹ කොටුව අසල නිදහස් වෙලද කලාප සහ පොදු සේවා සේවක සංගමය උද්ඝෝෂනයක් පැවැත් වීය (ජායාරූපය :ෆේස්බුක්)

දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම (දේනප්‍ර) නොහොත්  ප්‍රශස්තිකරනය යන ප්‍රෝඩාකාරී වචන යට සඟවා කම්කරුවාගේ අවසාන ඉතිරි කිරීම් ද මංකොල්ල කෑමේ පියවර රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පසුගියදා තැබුවේය. ආන්ඩුවේ දේශීය නය වලින් වැඩි ප්‍රතිශතය බැංකු හා මූල්‍ය සමාගම් විසින් දරන තතු යටතේම, ඒවාට අතක්වත් නොතබා, මූල්‍ය වෙලඳපොල වසා දමමින් හා ඉතිහාසයේ දීර්ඝතම දින පහක බැංකු නිවාඩු ලබා දී කුමන්ත්‍රනය කරන ලද මහ බැංකු අධිපතිවරයාගේ සැලැස්ම යටතේ, ආන්ඩුව කම්කරු මහජනතාවගේ අවසාන බලාපොරොත්තුව වන සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) හා සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) යන අරමුදල්වලට දැවැන්ත පාඩු ගෙන එමින්  ඊනියා ප්‍රශස්තිකරන සැලැස්ම ⁣කැබිනට්ටුවේ සම්මත කරනලදී.  එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු රටේ ඉහලම අධිකරනය ද, මෙම සැලැස්මට එ⁣රෙහිව යැයි කියමින් ගෙනෙන ලද නඩු කටයුතු ද වැඩි දුර නොඅසාම විසිකර දැමුවේය. 

අශුද්ධ සංධානය

මේ ආකාරයෙන් සමස්ත ධනපති සංස්ථාපිතයම – විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරනය – කම්කරු පන්තියට එරෙහිව ලේ උරා බොන සංධානයකට එලඹ ඇත්තේය. 

නඩු කටයුතු ශ්‍රේෂ්ඨාධිකරනය තුල විභාග වෙමින් පවතිද්දීම ඊනියා පාර්ලිමේන්තු වරප්‍රසදවලට මුවා වෙමින් අගෝස්තු 9 දින පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා  සිටියේ පාර්ලිමේන්තු පටිපාටිය අධිකරනයට ප්‍රශ්න කල නොහැකි බැවින්, පාර්ලිමේන්තුව විසින් ‘නිසි පරිදි’ සම්මත කල පසුව ශ්‍රේෂ්ඨාධිකරනය ඇතුලු කිසිදු  අධිකරනයකට දේනප්‍ර සැලැස්ම පිලිබඳව කිසිදු ආකාරයක නියෝග නිකුත් කිරීමේ අධිකරන බලයක් නොමැති බවය. 

එදිනම ශ්‍රේෂ්ඨාධිකරනය ජාතික ජන බලවේගය ගොනුකල නඩුවක් ඇතුලු නඩු හතක් විසිකර දැම්මේ ය. අනෙක් නඩුව 11 දා බැහැර කෙරුනි.  ඒ කිසිදු හේතු දැක්වීමකින් තොරව මුල් අවස්ථාවේම ය.

අධිකරනයේ නඩුව ඇසෙමින්  පවතින අතරතුර මහ බැංකුව හා මූල්‍ය මන්ඩලය ද, අරමුදල්වල භාරකාර පාලකයන් ද උසාවිය තුල පෙනී සිටියේ ලක්ෂ 25කට වැඩි සාමාජික කම්කරුවන් හෙවත් තැන්පත්කරුවන් වෙනුවෙන් නොව ආන්ඩුවේ බැංකු ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙල වෙනුවෙනි. වැටත් නියරත් ගොයම් කා දමා ඇත.

උසාවියට නියෝග

අධිකරනය දේනප්‍ර සැලැස්මට ඇඟිලි නොගැසිය යුතු බවට වික්‍රමසිංහ අගෝස්තු  මුලදීම විවෘත අනතුරු ඇගවීමක් කලේය. පොල් වගා කරුවන්ගේ සංගමයේ රැස්වීමක දී අන්ඩුවේ නය “ප්‍රශස්තකරනයට” බාධා පැමිනවීම සඳහා යම් පාර්ශවයන් අධිකරන නියෝග අයැද ඇතැයි සඳහන් කරමින්  ඔහු කියා සිටියේ මෙසේය:

“රජයේ මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට, වෙන කාටවත් නොවෙයි. මේ වැඩසටහන පාර්ලිමේන්තුව සම්මත කරල තියෙන්නෙ…ජනතාවගෙ පරමාධිපත්‍ය බලය යටතෙ ජනතාවගෙ අධිකරන බලය දීල තියෙන්නෙ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව දෙන යෝජනා, නීති අනුව තමයි ආන්ඩුව ක්‍රියා කරන්න යන්නෙ. මේ කරන කටයුතු අපි නවත්වන්නෙ පාර්ලිමේන්තුව කිව්වොත් විතරයි. නැත්තං ඒක ඉදිරියට ගෙනියනවා. මොකද බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ. බලය පාර්ලිමේන්තුවෙ තියෙනව නම් අපිට වෙන කාගෙන්වත් උපදෙස් ගන්නත් බෑ, නියෝග ගන්නත් බෑ… විශේෂයෙන් මේ නය ප්‍රතිව්‍යුහගතකරනයෙදි අපි වගකියන්නෙ පාර්ලිමේන්තුවට විතරයි.”

වික්‍රමසිංහගේ මෙම ප්‍රකාශය අධිකරනයේ තීන්දු වලට බලපෑම් කිරීමේ හිටපු විධායක ඒකාධිපති පාලකයාගේ වැඩ කටයුතු සිහි කැඳවයි. බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 අග ජනාධිපති ලෙස පත් වීමෙන් පසු මුල් අවධියේ සිටම අධිකරනයට විවෘතවම කියා සිටියේ තම ආර්ථික ප්‍රතිපත්ති වලට අකුල් හෙලන ලෙස අධිකරනය නොහැසිරිය යුතු බවයි. 

ධනපති දේශපාලකයන් කියා ඇති පරිදි පාර්ලිමේන්තුව හා අධිකරනය අතර ඝට්ඨනයක් ඇතිවී ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මානය වීම වැලැක්වීම අධිකරනයේ උත්සුකය වීය යන්න අමූලික බොරුවකි. සත්‍යය නම් පාලක සංස්ථාපිතයේ කොටසක් ලෙස ආන්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්‍තිය ක්‍රියාවට දැමීම අවහිර නොකිරීමට අධිකරනය පරිස්සම් වී ඇති බවය.

පාර්ලිමේන්තු සම්මතය

ජුලි 1 වන දින දේනප්‍ර සැලැස්ම පිලිබද මෝසම පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේදී වික්‍රමසිංහ රඳා සිටින සිංහල  ස්වෝත්තමවාදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ (එස්එල්පීපී) මන්ත්‍රීවරු එයට පක්ෂව චන්දය දුන්හ. මන්ත්‍රීන් 122 ක් ඊට පක්ෂව ඡන්දය දෙමින් එය වැඩි ජන්ද 60 කින් පාර්ලිමේන්තුවේ සම්මත විය. මෙසේ ව්‍යවස්ථාවට අනුව එය නීතියක් වන්නේ නැති නමුත්, එය පාර්ලිමේන්තුව විසින් අනුමත කල ආන්ඩුවේ ප්‍රතිපත්තියක් වේ.

කප්පාදුවේ තරම හා ස්වභාවය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) ඩොලර් බිලියන 2.9ක ඇප නය ලබාගැනීමේ සිව් අවුරුදු කප්පාදු ඇතුලු නය ස්ථායීකරනය හා ආර්ථික ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහනේ කොටසක් ලෙස විදෙස් නය හිමියන් සමග එලඹෙන ගනුදෙනුවේ දී ආන්ඩුවේ දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම නොවැලැක්විය හැකි කොන්දේසියක් ලෙස ආන්ඩුව ක්‍රියාවට දමා ඇත. මෙම ක්‍රියාදාමය සම්බන්ධ අයිඑම්එෆ් මීලඟ ඇගයීම සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබේ. ආන්ඩුව එයට සූදානම් වෙමින් සිටී.

පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවියට අනුව විශ්‍රාම වැටුප් (superannuation) අරමුදල් ආන්ඩුවේ සමස්ථ දේශීය නය ප්‍රමානයෙන් දරන්නේ 43%ක් පමනකි. සෙසු 57%ක ප්‍රමානය බැංකු, රක්ෂන ආයතන හා වෙනත් පාර්ශව විසින් දරනු ලබයි. මෙම සැලැස්ම යටතේ ඊපීඑෆ් හා ඊටීඑෆ් බැඳුම්කර වල කල් පිරෙන කාලය 2038 දක්වා දීර්ඝ කෙරෙනු ලැබෙන අතර කල් පිරෙන තෙක් ගෙවන පොලී අනුපාතය 2025 සිට 9% ක, එනම්, සෙසු බැඳුම්කර වලට සාපේක්ෂව ඉතා පහල හා ස්ථාවර අගයක, රඳවා ගැනීමට නියමිතය. එම කාලය තුල ඊපීඑෆ් අරමුදලට, එනම් අරමුදලේ සාමාජික කම්කරුවන්ට, සිදුවන අතිමහත් අලාභය රුපියල් බිලියන 12000ක් පමන වනු ඇති බව ගනන් බලා තිබේ. 

බැංකු ගලවා ගැනීම

දල දේශීය නිෂ්පාදිතයෙන් (ජීඩීපී) 64.6%ක් හෙවත් ඩොලර් බිලියන 42ක් වන භාන්ඩාගාරයේ දේශීය නය ප්‍රමානය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක ඉතුරුම් ගිනුම් පමනක් දංගෙඩියට යැවීමේ පාලක පන්තියේ තීන්දුව සම්බන්ධයෙන් මූල්‍ය කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට කීවේ, “2023 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් (ජීඩීපී) දැනට පවතින 128%ක නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයෙන් 95% දක්වා අඩු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මගින් නියම කර ඇති ඉලක්කය සපුරාලීමට මෙම නය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය” බවයි.

අපි මෙය කරන්නේ බැංකු, තැන්පත්කරුවන් සහ විශ්‍රාම වැටුප් ආරක්ෂා කරමින්,” යනුවෙන් සේමසිංහ කියන විට විශ්‍රාම වැටුප් ආරක්ෂා කිරීම සමිබන්ධව ඔහු බොරු කියයි. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ම මෙම බොරුව ජනගත කිරීම සඳහා විශාල වෙහෙසක් ගත්තේය. සත්‍යය නම්, ජුලි අග වීරසිංහ කැබිනට්ටුවට පැහැදිලි කිරීමේදී ම කියා ඇති පරිදි, සියල්ල කරනු ලැබ ඇත්තේ අර්බුදය මධ්‍යයේම දැවැන්ත ලාභ ගැරූ බැංකු හා මූල්‍ය සමාගම් ආරක්ෂා කිරීමට ය යන්නය.  

මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව සම්බන්ධ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆරිස් හඩාඩ් සර්වොස් ජුලි 18 කොලඹ පැවති මාධ්‍යවේදීන් හමුවේ කරන ලද දේශනයකින් පසුව මෙම ලියුම්කරු ඔහුගෙන් මෙසේ විචාලේය: “ආන්ඩුවේ සමස්ථ දේශීය නය ප්‍රතිශතයෙන් වැඩි කොටසක් බැංකු හා මූල්‍ය ආයතන සතුව පවතිද්දී සේවක ඉතුරුම් අරමුදල් වලට පමනක් අලාභ වන පරිදි නය ප්‍රතිව්‍යුහගත කිරීම ඔබ දකින්නේ කෙසේ ද?” ඔහුගේ පිලිතුර සේමසිංහ හා වීරසිංහ උච්චාරනය කරන භාෂාවේ නිරුක්තිය සනිටුහන් කලේය: “ඒක ආන්ඩුව හා නයකරුවන් අතර තීන්දුවක්. කුමක් උවත් වැදගත් වන්නේ බැංකු පද්ධතිය බේරා ගැනීම යි.” 

සූරාකෑමේ න්‍යායපත්‍රයක් 

කම්කරුවාගේ අවසාන ඉතුරුම් ද ඇපයට තබමින් බැංකු හා මූල්‍ය සමාගම් පද්ධතිය ආරක්ෂා කරන වික්‍රමසිංහගේ ආන්ඩුව, වැඩකරන මහජනතාව වෙත හෙන පිට හෙන පාත් කිරීම සඳහා, දැනටමත් ඉදිරිපත් කර ඇති නව ලිබරල් න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට අර්බුදය යහමින් ගසා කමින් සිටී. 

පොලිස් හා මිලිටරි යාන්ත්‍රනය ද මෘග ලෙස යොදා ගනිමින්, වික්‍රමසිංහ තම වැඩපිලිවෙල නොසඟවා ඉදිරිපත් කර විටින් විට අවධාරනය කර ඇත්තේ රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය හා වානිජකරනයට ලක් කරමින්, කම්කරු නීති ලිහිල් කරමින් සූරාකෑමේ කොන්දේසි ශක්තිමත් කරන බවට දේශීය හා විදේශීය ධනපති ආයෝජකයන්ට දී ඇති තම සහතිකය ස්ථාවර කිරීමටයි.   

ගිය බදාදා (16), කොලඹ තේ වෙලඳුන්ගේ 129 වන වාර්ෂික සමුලුවේදී, ලංකාවේ පුමුඛ ම ධනපති සූරාකන්නන් කොටසක් ඉදිරියේ වික්‍රමසිංහ කල ප්‍රකාශය පාලක පන්තියට දුන් නිශ්චිත පොරොන්දුවකි. ඔහු මෙසේ කීවේය:

“අද අපට ආර්ථික වශයෙන් සහ නියාමන වශයෙන් රජය විසින් ආධිපත්‍යය දරන ආර්ථිකයක් පවත්වාගෙන යා නොහැකියි.  නියාමනය ඉවත් කර පුද්ගලික ව්‍යවසාය [ආර්ථිකය] භාර ගත යුතුය.  ඒක තමයි අපි ඉලක්ක කරන්නේ.”

ජවිපෙ පන්ති අරගලයට ඇබ ගසයි

ප්‍රධාන විපක්ෂය වන  දක්ෂිනාංශික සමගි ජන බලවේගය (සජබ) සේම අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත ආරක්ෂා කර ඇති ජනතා විමුත්කි පෙරමුන (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බල වේගය (එන්පීපී) ද  පාර්ලිමේන්තුවේදී දේනප්‍ර සැලැස්මට විරුද්ධව ජන්දය දීම ප්‍රෝඩාවකි. ආන්ඩුව, මහ බැංකු අධිපති හා අධිකරනය සේම ධනපති මූල්‍ය හා බැංකු පද්ධතිය කඩා නොවැටීම තහවරු කිරීමට මෙම පක්ෂ බැඳී සිටී. 

ධනපති ලිබරල් පාර්ලිමේන්තුවාදය ආරක්ෂා කිරීමට ලංකාවේ හා විදේශ ආයෝජකයන්ට හා වෙලඳ සංගම්වලට අයත් පාලක ප්‍රභූවට ශපත කර ඇති ජවිපෙ, අධිකරනය තුල “යුක්තිය” පිලිබඳ ව්‍යාජයන් උත්කර්ෂයට නංවමින්, කම්කරු මහජනතාවගේ ඉතුරුම්වල ඝාතකයන්ට එරෙහිව බංකොලොත් නාටක රඟ දැක්වූයේ කම්කරුවන්ගේ දැවෙන ප්‍රතිරෝධය අවසාන වශයෙන්  භූමදානය කිරීමට උත්සාහ ගනිමිනි. ජවිපෙට අයත් හා සෙසු වෘත්තීය සමිති සුපුරුදු ලෙස ව්‍යාජ සාකච්ජා හා විරෝධතා උද්ඝෝෂන මගින් කම්කරුවන්ගේ වැඩෙන අරගල දේශපාලනික සටනක් දක්වා වර්ධනය වීම සිරගතකර තැබීමේ ක්‍රියාන්විතයක නිරතව සිටී.

විශ්‍රාම වැටුප රැකගන්නේ කෙසේද? 

ප්‍රංශය, බ්‍රිතාන්‍යය ඇතුලු ප්‍රධාන ධනපති රටවල සිට ලංකාව වැනි රටවල් දක්වා පවතින ආන්ඩුවල මෙම සමාජ ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්ති මගින් සෑම රටකම කම්කරු පන්තිය තල්ලු කරමින් පවතින්නේ, තම අතට දේශපාලන බලය ලබා ගැනීම සඳහා සටන් කිරීම හැර විදෙස් නය අවලංගු කොට, කප්පාදුව, පුද්ගලීකරනය හා යුද්ධය නතර කිරීමේ අන් මාවතක් නැති බව වටහා ගැනීම කරා ය. 

අධික බදු, බඩු මිල හා සේවා ගාස්තු මගින් මිරිකනු ලැබ ඇති වැඩකරන මහජනතාවගේ විශ්‍රාම වැටුප ආරක්ෂා කර ගැනීමේ අරගලය, එකී බලය සෑම කර්මාන්ත ශාලාවකම, වැඩපොලකම, සේවා ස්ථානයකම ද්වි-බලයක් ලෙස ගොඩනැගීම මගින් පෙරට ගත යුත්තේය. ඒ සඳහා වෘත්තිය සමිති-ආන්ඩුව-සමාගම් යන තුන් කට්ටුවට එරෙහිව ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය. එම කමිටුවල ජාතික සංධානයක් මගින් මහා වැඩවර්ජනයක් සූදානම් කිරීම තීරනාත්මක දේශපාලන පියවරක් වන්නේය.

වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ සංස්ථාපිතය කම්කරුවාට එරෙහි අශුද්ධ සංධානයක Read More »

Strike

තුර්කියේ වෘත්තීය සමිති මැරයෝ වැඩ වර්ජිත කම්කරුවන්ට පහර දෙති

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 14 දින පල වූ ‘Union thugs assault workers in effort to suppress Turkey’s wildcat strike movement’ යන Barış Demir විසින් ලියන ලද වාර්තාවයි. සිංහලයට සකස් කලේ නන්දන නන්නෙත්ති විසිනි. 

නො විසදෙන ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ තුර්කියේ, විවිධ පළාත්වල සහ කම්කරු ක්ෂේත්‍ර තුල වැඩ වර්ජන ව්‍යාපාරයක් අඛන්ඩව වර්ධනය වෙමින් පවතී. මෙම කම්කරුවන්ට රාජ්‍යයේ සහ සංගතවල පොලිසියක් ලෙස සේවය කරන වෘත්තීය සමිති යාන්ත්‍රනය සමඟ සෘජු ගැටුමකට ද අවතීර්න වීමට සිදු වී ඇත. 

අන්කාරාහි ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂය (CHP) විසින් පාලනය කරනු ලබන, කැන්කායා (Çankaya) මහ නගර සභාවේ කම්කරුවෝ, තම වැටුප් සැබෑ උද්ධමන අනුපාතයට අනුව සකස් කරන ලෙස ඉල්ලමින් පසුගිය සතියේ වැඩ නැවැත්වූහ. මේ අතර විරුද්ධ පක්ෂ-ගැති ජෙනෙල්-ඉස් Genel-İş, අනුබද්ධ DİSK නමැති, එම කම්කරුවන්ගේ වාත්තීය සංගමය නගර සභා නිලධාරීන් සමඟ ගිවිසුමක් ඇති කර ගත්හ. 

Strike
Gaziantep හි වැඩ වර්ජන කරන Şireci රෙදිපිළි කම්කරුවන් [ඡායාරූපය: birlesiktekstil/Twitter]

වෘත්තීය සමිති ශාඛා කාර්යාලයට ගිය කම්කරුවන් පැවසුවේ, ගිවිසුම පාවා දීම පිලිබඳ තොරතුරු විමසූ විට වෘත්තීය සමිති නිලධාරීන් තමන්ට තර්ජනය කර ශාරීරිකව පහර දුන් බවයි. සිද්ධියෙන් පසුව,  කැන්කායා නගර සභා කම්කරුවෝ තමන් අත්සන් කල “කම්කරුවන්ට පහර දෙන වෘත්තීය සමිති නිලධාරීන් අපට එපා” යනුවෙන් සදහන් ප්‍රකාශයක් නිකුත් කළහ.

එම ප්‍රකාශයට අනුව, ඔවුන් ශාඛා කාර්යාලයට ගොස් ඇත්තේ, තමන්ට දැනගැනීමට ලැබුනු පරිදි, ජීවත් වීමට ප්‍රමානවත් නො වන ගනනක වැටුපකට එකග වූ ගිවිසුමක් සඟවාගෙන සිටීම සහ කලින් ගත් තීරනය අනුව ක්‍රියා කිරීම අත් හරිනු ලැබුනේ මන්ද යන්න විමසා දැනගැනීමට ය. 

එවිට සංගමයේ නිලධාරීහු “තමුන් මෙතනට ආවේ රන්ඩු කරන්න ද” යි අසමින් බහින් බස් වීමක් ඇති කරගෙන, මෙම කම්කරුවන්ට ශාරීරික ප්‍රහාර එල්ල කලහ. කම්කරුවෝ “සේවායෝජකයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඇති අපගේ අයිතිය උදුරා ගත් නිලධර හා ප්‍රජාතන්ත්‍ර විරෝධී වෘත්තීයසමිතිවාදයට එරෙහිව සටන් කිරීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු”යි සිය ප්‍රකාශය අවසානයේ කියා සිටියහ.

කැන්කායා  නගරසභා වර්ජකයින්ට එරෙහි කායික ප්‍රහාරය ජාත්‍යන්තර කම්කරු පන්තියට ම අනතුරු ඇඟවීමකි. පාලක පන්තියේ වෙනුවෙන් ක්‍රියා කරන වෘත්තීය සමිති නිලධරයන් විවිධ උපාමාරු හරහා කම්කරුවන්ගේ වැඩෙන ව්‍යාපාරය යටපත් කිරීමට නො හැකි වූ විට කායික ප්‍රහාර සහ වෙනත් ඕනෑම ආකාරයක් භාවිත කරනු ඇත.

මෙම ප්‍රහාරය DİSK තන්ත්‍රය සහ CHP සමග සමීප සබඳතා ඇති ව්‍යාජ වාම ප්‍රවනතාවයන්හි කම්කරු පන්ති විරෝධී ස්වභාවය හෙලිදරව් කරයි. තුර්කියේ ස්ටැලින්වාදී කම්කරු පක්ෂය (TİP), මොරෙනොයිට් කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (İDP) සහ අනෙකුත් අය පසුගිය මැයි මාසයේ පැවති ජනාධිපතිවරණවල දී, ජනාධිපති රිසෙප්ට් ටයෙප් එර්ඩගෝන් Recep Tayyip Erdogan ට එරෙහි “ප්‍රගතිශීලී” විකල්පයක් ලෙස, CHP නායක කෙමාල් කිලිඩ්‍රොග්ල්  Kılıçdaroğlu ප්‍රවර්ධනය කලහ. 

වසංගතය විසින් අවුලුවාලන ලද සහ රුසියාවට එරෙහි යුක්රේනයේ නේටෝ යුද්ධයෙන් නරක අතට හැරවුනුනු ජීවන වියදම තුර්කියේ කම්කරුවන්ගේ ජීවන තත්වයන් විනාශ කර ඇත. පසුගිය වසරේ තුර්කියේ වාර්ෂික උද්ධමනය නිල වශයෙන් සියයට 80 ක් පමන වූ අතර, සැබෑ උද්ධමනය සියයට 150 ඉක්ම විය. මේ වසරේ ජූලි මාසය වන විට නිල උද්ධමනය 47%ක් බවට පත් විය. නමුත් ස්වාධීන ENAG ට අනුව එය තවමත් සියයට 120 ඉක්මවා සිටී. 

ගිනිකොනදිග කාර්මික නගරයක් වන ගැසිඇන්ටෙප්හි, කෝසාහැලි, සිරේ කොටන් Şire Coton සහ Şireci සිරෙසි ඇක්‍රිලික් කම්හල්වල කම්කරුවන් සැබෑ උද්ධමන අනුපාතයට වඩා අඩුවෙන් යෝජිත වැටුප් වැඩිවීම පිලිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. සිරෙසිහිහි රෙදිපිලි කම්කරුවෝ 2,000 ක් පමන පසුගිය බදාදා සිට වැඩවර්ජන සහ විරෝධතාවල නිරතව සිටිති.

පරිපාලනය 15.500 TL (US$575) වැටුප් ඉල්ලීමක්, නිවාඩු ප්‍රසාද දීමනාවක්, ආහාර ආධාරයක් සහ ඉරිදා වැඩ මුරය සඳහා TL 1.500 (US$55)ක ගෙවීමක් ඉල්ලා බලකරන ඔවුන්ගේ සටන්කාමී අරගලය අවසන් කිරීම සඳහා පියවරක් ලෙස සේවයෙන් පහකරන බවට හා පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලබන බවට කම්කරුවන්ට තර්ජනය කර ඇත. තුර්කියේ අවම වැටුප ලීරා 11,400 (US$420) පමනි.

සෙනසුරාදා, ස්වාධීන රෙදිපිලි සංගමයේ BİRTEK-SEN හි නායක මෙමෙන්ට් ටර්කමන්, සිරෙයිසි පරිපාලනයෙහි ඉල්ලීම මත අත් අඩංගුවට ගනු ලැබූ අතර, ඒ වන විටත්, 2,000කට ආසන්න කම්කරුවන්ට තමන් සේවයෙන් පහ කල බව කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙන ලැබ තිබිනි. එදින ම කම්කරුවන් දහස් ගණනක් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට රැස් වී නගර මධ්‍යයට පාගමනින් යාමට උත්සාහ කල නමුත් පොලිසිය එය වැලැක්වී ය. ඉරිදා ඊට ප්‍රතිචාර වශයෙන්, සිරේසි කම්කරුවෝ ප්‍රජාතන්ත්‍රවාදී චතුරශ්‍රයේ මහජන විරෝධතාවක් සංවිධානය කලහ.

සිරෙසි කම්කරුවන්ගේ සටන්කාමී ක්‍රියාව සමස්ත කලාපයට සහ ඉන් ඔබ්බට පැතිර යා හැකි බවට පාලක ප්‍රභූව තුල වැඩෙන බියක් පවතී. කම්කරුවන්ගේ වර්ධනය වන ව්‍යාපාරය මැඩලීමට පාලක පන්තියේ ප්‍රධාන පක්ෂ දෙකේ නියෝජිතයෝ අත්වැල් බැඳගෙන සිටිති. ගැසියන්ටෙප් Gaziantep හි නගරාධිපති, ෆැට්මා සහීන් Fatma Şahin, පාලක පන්තියේ යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AKP), සහ CHP හි නියෝජිත මෙරී මර්ක් Melih Meriç  ආයතන හිමිකරු ආමට් සිරේසි හමු වීමට හා කම්හල දැක බලා ගැනීමට සංචාරය කලහ. AKP සමිතියේ සාහීන් Şahin වර්ජකයන්ට ආපසු වැඩට යාමේ අවශ්‍යතාව ඒත්තු ගැන්වීමට උත්සාහ කල අතර, CHP නියෝජිත මෙරික් Meriç “පරිත්‍යාග” කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. CHP හි සහචරයෙකු වන අන්ත දක්ෂිනාංශික ගුඩ් පක්ෂයේ තවත් නියෝජ්‍යයෙක්, වැඩ වර්ජන කරන කම්කරුවන්ට පිටුබලය දෙන අයට “ප්‍රකෝප කරන්නන්” ලෙස පහර දුන්නේ ය. 

කම්කරුවන් මෙම ප්‍රහාරය හමුවේ පසුබැසීම ප්‍රතික්ෂේප කල අතර අගෝස්තු 13දා කලමනාකාරීත්වය නිවේදනය කලේ තමන් වර්ජකයින්ගේ ඉල්ලීම් පිලිගත් බව ය. 

වර්ජන සහ විරෝධතා රැල්ල ඉස්තාන්බුල් දක්වා ද පැතිර ගොස් ඇත. ඊයේ, ඉස්තාන්බුල් මෙට්‍රොපොලිටන් මහ නගර සභාවේ (İBB) අනුබද්ධ ආයතනයක් වන Ağaç A.Ş. හි කම්කරුවෝ  සිය ගනනක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට රැස් වූහ.

කුමන පක්ෂයක් බලයේ සිටියත් නගර සභා සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් සහ වෘත්තීය සමිතිවලට පිටින් කම්කරු අරගල වර්ධනය වේ. පසුගිය සතියේ අන්කාරා හි, CHP නායකත්වය දරන කැන්කායා මහ නගර සභා කම්කරුවන්ගේ වැඩවර්ජනයට අමතරව, AKP සහ එහි ෆැසිස්ට් සගයා වන ජාතිකවාදී ව්‍යාපාරය (MHP) විසින් පාලනය කරනු ලබන මැමෙක් Mamak මහ නගර සභාවේ සහ ඉටයිම්ස්ගට් Etimesgut මහ නගර සභාවේ කම්කරුවෝ අමතර වැටුප් වැඩිකිරීම් ඉල්ලා විරෝධතා දැක්වූහ.

වෘත්තීය සමිති නො තකා කල මෙම වැඩ වර්ජන සහ විරෝධතා, පැන නැංගේ, ඉස්මීර් මෙට්‍රොපොලිටන් මහ නගර සභාවේ මෙට්‍රෝ ඒඑස්හි උමං දුම්රිය සේවකයින් 625 දෙනෙකුගේ වැඩ වර්ජනය දින  දෙකකින් අවසන් කර කල පාවා දීමට, අවම වශයෙන් කුර්දි නගර පහක විදුලිය බෙදා හැරීමේ සේවකයින් 3,000 කට අධික සංඛ්‍යාවක වෘත්තීය සමිතිවලට පිටින් කල වැඩ වර්ජනයට සහ අගෝස්තු මස මුලදී සෞඛ්‍ය සේවකයින්ගේ දින දෙකක වැඩවර්ජනයට පසුව ය.   

තුර්කියේ මෝටර් රථ සහ ලෝහ කම්කරුවන් 150,000කගේ කොන්ත්‍රාත්තු සැප්තැම්බර් මාසයේදී අවසන් වේ. කම්කරුවන්ට අවශ්‍ය වන්නේ වෘත්තීය සමිති යාන්ත්‍රනයේ වියගහෙන් මිදී ආපසු සටන් කිරීමට ය. බරසා Bursa හි රෙනෝල්ට් Renault කම්හලේ මෝටර් රථ කම්කරුවන් දැනටමත් ඇතැම් ක්රියාවන්ට හා සටන් කිරීමට සිය කැමැත්ත ප්රදර්ශනය කිරීමට පටන් ගෙන තිබේ. ඔවුන්, වෘත්තීය සමිතිය සහ කළමනාකාරීත්වය අතර ඇති කර ගත් එකඟතාවයට එරෙහි ව මේස මත ගෑරුප්පු සහ හැඳි ගසමින් ආපන ශාලාවේ දී විරෝධය පල කර ඇත. වෛරයට ලක් වූ වෘත්තීය සමිති නිලධරයන්ට බිමට බැසිමට ඉඩ නො දුන්හ. 

තුර්කියේ වැඩ වර්ජන රැල්ල, උතුරු ඇමරිකාවේ සිට යුරෝපය දක්වා සහ ඉන් ඔබ්බට විහිදුනු වෘත්තීය සමිති යාන්ත්‍රනයට එරෙහිව නැගී එන ජාත්‍යන්තර පන්ති අරගලය වර්ධනය වීමේ අනිවාර්ය කොටසකි.

තුර්කියේ සහ ලොව පුරා බලමුලු දෙන කම්කරුවන් වෘත්තීය සමිති යාන්ත්‍රණයෙන් ස්වාධීනව තම අරගල එක්සත් කිරීමට සහ ඉදිරියට ගෙන යාමට ක්‍රියාකාරී කමිටු හරහා සංවිධානය වීමේ අවශ්‍යතාවයට මුහුන දෙති. ක්‍රියාකාරී කමිටු සහ ඒවායේ ජාත්‍යන්තර සන්ධානය  (IWA-RFC) සියලු සේවා ස්ථාන, අංශ සහ රටවල් හරහා කම්කරුවන් එක්සත් කිරීම සඳහා පදනම සපයනු ඇත.

තුර්කියේ වෘත්තීය සමිති මැරයෝ වැඩ වර්ජිත කම්කරුවන්ට පහර දෙති Read More »

ROTSKYTrOTSKYTSTROTAKY

ලියොන් ට්‍රොට්ස්කි සමරු උලෙල හෙට (20) ප්‍රින්කිපෝහි දී: එය නරඹන්න

theSocialist.LK කර්තෘ මන්ඩලය විසිනි.

මෙම ලිපිය 2023 ජූලි 13 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (wsws.org) ඉංග්‍රීසි භාෂාවෙන් පල වූ ලිපියක් ඇසුරෙන් සකස් කර ඇත.  

ROTSKYTrOTSKYTSTROTAKY
ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහි සිය ලියන මේසය අසල

2023 අගෝස්තු 20 වන ඉරු දින – එනම්, හෙට දිනයේ – ඉස්තාන්බුල් වෙරලට ඔබ්බේ මාර්මරා මුහුදේ පිහිටි දිවයිනක් වන ප්‍රින්කිපෝ හි දී විශේෂ සමරු උත්සවයක් පැවැත්වේ. ලෝක ඉතිහාසයේ වැදගත් ස්ථානයක් උසුලන සිව් වසරක්; එනම්, ට්‍රොට්ස්කි තුර්කියේ ගෙවූ සිව්-වස් පිටුවාහල් දිවිය; කෙරේ ගෞරවය පිදෙන මෙම උත්සවය හෙට දින එහිදී පැවැත්වීමට නියමිතය. ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් සෝවියට් සංගමයෙන් පිටුවාහල් කරනු ලැබීමෙන් පසුව ට්‍රොට්ස්කි රැකවරනය ලැබූයේ තුර්කියේ ප්‍රින්කිපෝ දූපතෙහි ය.

“ලෝක ඉතිහාසයේ කේන්ද්‍රස්ථානයේ පිහිටි දූපතක්: ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහි ගෙවූ දිවිය” ලෙස නම් කොට ඇති මෙම සමරු රැලියේ ප්‍රධාන කථිකයන් වනු ඇත්තේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්; තුර්කියේ Sosyalist Eşitlik Grubu [සමාජවාදී සමානතා කණ්ඩායම] හි ප්‍රමුඛ සාමාජිකයෙකු වන උලාෂ් අටෙෂ්චි සහ; ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ ව සවිස්තර ලෙස ලියා ඇති ලෝසවෙඅ කර්තෘ මන්ඩල සාමාජික එරික් ලන්ඩන් යන අයයි. තුර්කියේ ඉතිහාස පදනමෙහි සභාපති මහාචාර්ය මෙහ්මට් ඕ. අල්ඛන් සැමරුම් උත්සවය මෙහෙයවයි.

මෙම සමරුව පැවැත්වෙන්නේ නගාරාධිපති අර්ඩම් ගුල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රින්කිපෝ (අඩලර්) නගර සභාවේ අනුග්‍රහයෙනි. නගරාධිපති ගුල්, 2019 දී එම ධුරයට තේරී පත්වීමට පූර්වයෙන් සප්‍රතිපත්තික මාධ්‍යවේදියෙකු ලෙස කීර්තියක් ඉසිලූවෙකි.  2015 නොවැම්බරයේ දී චුම්හුරියත් දිනපතා පුවත්පතේ අන්කාරා නියෝජිතයා වශයෙන් “මිට් ට්‍රක්” [“MIT Trucks”] ලෙස හැඳින්වූ සිද්ධිය පිලිබඳ ව වාර්තා කිරීම නිසා එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ කැන් ඩුන්දාෂ් ද සමඟින් අත්අඩංගුවට ගනු ලැබ, ඔවුන් දෙදෙනා තුන් මසක් සිරගත කර තබන ලදී. මීට අදාල කථා ප්‍රවෘත්තිය වූයේ, සිරියාවේ සටන් වැදී සිටි ඉස්ලාම් ජිහාඩ්වාදී හමුදාවන්ට ලබා දීම සඳහා වූ ඒවා යයි සිතනු ලබන ආයුධ 2014 ජනවාරියේ දක්ෂින තුර්කියේ හටායි සහ අඩානා යන පලාත්වල දී නවත්වනු ලැබූ තුර්කි ජාතික රහස් තොරතුරු සංවිධානය (MIT) ට අයත් ට්‍රක් රථවල තිබී හමුවීමයි.

මෙම රැස්වීම 1933 ජූලියේ ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවෙන් පිටත් වී යාමේ 90 වන සංවත්සරය සමඟ සමපාත වෙයි. එය පැවැත්වෙන දිනය යෙදී ඇත්තේ හරියට ම 1940 අගෝස්තුවේ සිදු වූ ඔහුගේ ඝාතනයේ 83 වන සංවත්සරයේ දිනයට ය.   

පුරා අඩ සියවසකට ම ආසන්න කාලයක් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායක  කාර්යභාරයක් ඉටු කරමින් සිටින ඩේවිඩ් නෝර්ත්, සමරු උත්සවයේ ඓතිහාසික වැදගත්කම පිලිබඳ ව අවධාරනය කරමින් ලෝසවෙඅ වෙත මෙසේ පවසා ඇත:

ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ ගෙවූ සිව් වසර හුදු ඔහුගේ ජීවිතයේ පමනක් නොව, විසිවන සියවසේ ඉතිහාසය තුල ද වඩාත්ම සංවිපාකී වර්ෂ අතර ලා ගිනිය හැක. ඔහු තුර්කියට සම්ප්‍රාප්ත වූයේ 1930 ගනන්වල දේශපාලන සංක්ෂෝභයන් වේගයෙන් පැතිර යාමට මඟ පෑදූ ලෝක ආර්ථික අර්බුදය ඇවිල යාමට මාස කිහිපයකට ඉහත 1929 පෙබරවාරියේ ය. ට්‍රොට්ස්කි තුර්කියෙන් නික්ම ගියේ කම්කරු පන්තිය කවරදාක හෝ අත් විඳි වඩාත්ම බැරෑරුම් පරාජය වූ හිට්ලර් ජර්මනියේ බලයට නැංවී ගැනීමෙන් මාස ගනනාවකට පසුව ය.    

යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන කේන්ද්‍රස්ථානවලින් ප්‍රින්කිපෝව හුදෙකලා වී තිබීම නොතකා, එම කාල පරිච්ඡේදයේ ප්‍රමුඛ සිද්ධීන් පිලිබඳ ට්‍රොට්ස්කිගේ දේශපාලන විශ්ලේෂන අසමසම ඒවා විය. හිට්ලර්ගේ නාසි ව්‍යාපාරයේ වර්ධනය විසින් මතු කරන ලද අන්තරායය පිලිබඳව ඒ සා පැහැදිලිව වටහා ගත්, හෝ ඒ සා ලාලසාවකින් ඒ පිලිබඳ ලියූ අනෙකෙකු නොවීය. ඉදින් ජර්මන් කම්කරු පන්තියේ බහුජන පක්ෂ ඔහුගේ අනතුරු හැඟවීම් කෙරේ සාවධානය දැක්වී නම්, 2 වන ලෝක යුද්ධයේ දැවැන්ත විනාශයෙන් ලෝකය ගලවා ගත හැකි වන්නට තිබින.   

නොර්ත් අවධානය කරන පරිදි, තත්කාලීන දේශපාලන හා සමාජ සිදුවීම් පිලිබඳව බොහෝ කෘතීන් රචනා කරන අතරතුර ම, ට්‍රොට්ස්කි මෙම කාලයේ සෙසු වැදගත් කෘතීන් ද ලිවීමට සමත් වූයේය.

දෛනික සිදුවීම් සමඟ තීව්‍ර ලෙස පොර බදමින් ම වුව, ට්‍රොට්ස්කි සිය ජීවිත කථාව වූ මගේ දිවිය (My Life) සහ රුසියානු විප්ලවයේ ඉතිහාසය (History of the Russian Revolution) යන කෘතීන් රචනා කලේය. මෙම කෘතීන් දෙකම 20 වන සියවසේ සාහිත්‍යයේ අග්‍රකෘතීන් ලෙස පිලි ගැනේ.

එහෙත් ප්‍රින්කිපෝ දිවයිනේ වාසය කල සමයේ ට්‍රොට්ස්කිගේ කටයුතුවලින් වඩාත්ම වැදගත් කටයුත්ත සිදු කෙරුනේ ඔහු ඉන් නික්ම ඒමට ඉතා ආසන්නයේ දී ය. 1933 ජූලියේ ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැඟීම සඳහා වූ සිය කැඳවුම නිකුත් කලේය. ස්ටැලින්වාදයේ පාවාදීම් විසින් අවුලුවන ලද්දා වූ එම ක්‍රියාව විසින් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ අඛන්ඩත්වය තහවුරු කෙරින.

නගරාධිපති ගුල් සහ ප්‍රින්කිපෝ නගර සභාව මෙම සමරුවට සත්කාරකත්වය සැපයීමට ගත් තීරනය බැරෑරුම් එකකි. නෝර්ත්ගේ වචනවලින් කිවහොත්: 

“මෙම සමරු උත්සවයට සත්කාරකත්වය සැපයීමට ගන්නා ලද තීරනය, ඉතිහාසය කෙරේ, හා ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ ගත කල තීරනාත්මක සිව් වසර තුල ඉටු කරන ලද විශිෂ්ඨ සහ කල් පවත්නා වැදගත්කමකින් යුත් කර්තව්‍යයන් පිලිබඳව වටහා ගැනීම කෙරේ දැක්වෙන බැරෑරුම් ආකල්පයක් පිලිබිඹු කරයි. 1929 හා 1933 අතර එය සත්‍ය වශයෙන්ම ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පිහිටි දූපතක් ව තිබින. මෙය ප්‍රින්කිපෝවේ සදා සම්භාවනාවට හේතුකාරක වනු ඇති, ප්‍රින්කිපෝ ඉතිහාසයේ විභූතිමත් පරිච්ඡේදයක් ලෙස සනිටුහන් වනු ඇත.”

ට්‍රොට්ස්කිවාදී ප්‍රකාශන තුර්කි බසින් පලකරන මෙරිං යැයින්ජිලික් ආයතනයේ සංස්කාරක උලාෂ් අටෙෂ්චි ලෝසවෙඅ අමතා ප්‍රකාශ කලේ, “සෝවියට් සංගමයෙන් පිටුවාහල් කිරීමෙන් පසු ගත වූ මුල් වසරවල දී මෙම ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදියාට සත්කාරකත්වය පිරිනැමීමේ වරප්‍රසාදය ලත් ප්‍රින්කිපෝහි පැවැත්වෙන මෙම අනුස්මරන උත්සවය, ජාත්‍යන්තර හා ඓතිහාසික වැදගත් කමකින් යුතු වූවක්” බවයි. “වසර 83 කට ඉහත දී අධිරාජ්‍යවාදී බලවතුන්ගේ හා ස්ටැලින්වාදී නිලධරයේ පරම සතුරෙකු ලෙස ඝාතනයට ලක් වූ ට්‍රොට්ස්කිගේ අදහස්, අර්බුදවලින් සසැලී ගිය හා ලෝක ගෝලීය යුද්ධයක් දිශාවට වේගයෙන් ඇදී යන ලෝකයක වඩවඩාත් වැඩි වැදගත්කමක් අත්පත් කර ගනිමින් පවතී.”         

මහාචාර්ය අල්කන් මෙම සැමරුම මෙහෙයවීම අටෙෂ්චිගේ සාදර පිලිගැනීමට පාත්‍ර වී ඇත. “ශාස්ත්‍රඥයෙකු ලෙස මහාචාර්ය අල්කන් සතුව, දීර්ඝ හා අග්‍රගන්‍ය අභිවෘත්තියක වාර්තාවක් පවතී. වර්තමානයේ ඉස්තාන්බුල් සරසවියෙහි දේශපාලන ඉතිහාසය පිලිබඳ අංශාධිපති වන ඔහු විසින් පල කෙරී ඇති ලිපි සංඛ්‍යාව 300 ක් ඉක්මවා යන අතර, ඔහු ග්‍රන්ථ 20 කට වැඩි සංඛ්‍යාවක් ලියා හෝ සංස්කරනය කොට ඇත. මෙම කෘතීන් අතර, ‘ටන්(z)සිමට් යුගයේ සිට වර්තමානය දක්වා (1839-2014) තුර්කි කම්කරු පන්තියේ ඉතිහාසය’; ‘දාස් කැපිටාල් පල කිරීමේ වසර 150 සංවත්සරය’; ‘1917: රුසියානු විප්ලවය’ සහ ‘ජනරජය: සියවසක පරිනාමය’ යන ග්‍රන්ථ පවතී.  

ප්‍රින්කිපෝහි ට්‍රොට්ස්කි විසූ මන්දිර අතරින් එකක් තවමත් පවතින නමුදු, එය පවතින්නේ අතිශයින් ජරාවාස වූ තත්ත්වයක ය. මෙම රැස්වීම පැවැත්වීම එහි පූර්න පුනස්ථානයට මඟ හෙලිපෙහෙලි කරනු ඇතැයි යන අපේක්ෂාව නෝර්ත් විසින් පල කෙරී ඇත. “ට්‍රොට්ස්කි ජීවත් වූ නිවෙස ප්‍රධාන ඓතිහාසික ස්ථානයකි,”යි නෝර්ත් ලෝසවෙඅ අමතා පැවසීය. එය එහි පෙර පැවැති තත්ත්වයට ප්‍රතිෂ්ඨාපනය කල යුතු අතර, ඔහුගේ කෘතීන් තවමත් වර්තමාන ලෝක සමාජවාදී ව්‍යාපාරයේ පදනම ලෙස පවතින්නා වූ, 20 වන සියවසේ අනුස්මරනීය පුද්ගල චරිතයක ජීවිතය පිලිබඳ අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සේවය සැලසීමට එය පවත්වා ගෙන යා යුතුය.”  

විසිවන සියවසේ ද, අද දිනය දක්වා ම ද ඉතිහාසය කෙරේ අතිශය බලගතු බලපෑමක් සිදු කල හා සිදු කරමින් සිටින කේන්ද්‍රීය චරිතයක් වන ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතයේ අතිශය තීරනාත්මක කාල පරිච්ඡේදයක් අලලා පැවැත්වෙන මෙම සමරුව රාජ්‍ය දේශසීමා හා ජාතික සීමා ඉක්මවා යන වැදගත්කමකින් යුතු එකක් වෙයි. ජාතික මට්ටමේ විසඳා ගත නොහැකි අර්බුදයක් සමඟ මුහුනට මුහුන පා පොර බදිමින් සිටින කම්කරු පන්තියට තීරනාත්මක පාඩම් ගෙන එමින්, ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් වර්ධනය කිරීම සඳහා ට්‍රොට්ස්කි යෙදීගත් බරපතල අරගලයක සිව් වසරක් සැමරීමේ මේ අවස්ථාව සියලු කම්කරුවන්ට ද, පීඩිතයන්ට ද, තරුන තරුනියන්ට ද මග නොහැරිය හැකි එකකැයි අපි විශ්වාස කරමු. 

හෙට (20) දිනයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 7.30 ට ඇරඹෙන මෙම ප්‍රසිද්ධ සමරු උත්සවය ජාත්‍යන්තර ප්‍රේක්ෂාගාරයකට නැරඹීමට හැකි වන පරිදි සජීවී ලෙස අන්තර්ජාලයේ trotsky.com ඔස්සේ විකාශනය කෙරේ. මෙම රැස්වීමට සහභාගී වන මෙන් ද, https://www.wsws.org/en/special/pages/leon-trotsky-commemoration-prinkipo.html සබැඳිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි වන මෙන් ද අපි theSocialist.LK සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.  

ලියොන් ට්‍රොට්ස්කි සමරු උලෙල හෙට (20) ප්‍රින්කිපෝහි දී: එය නරඹන්න Read More »

ධීවර ජනයා වෙලාගත් ආර්ථික සමාජ ගැටලු තව තවත් ඔද්දල් වෙයි

පී.ජී. පුන්‍යවර්ධන විසිනි 

ධීවර කම්කරුවා, සුලු පන්නකරුවා සහ සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයා දක්වා ධීවර කර්මාන්තයේ නියැලි ලක්ෂ ගනනක් පැවැත්ම පිලිබද ගැඹුරු වන අවිනිශ්චිත තත්වයකට මුහුන දී සිටිති. උපකරන හා ඉන්ධන මිල උද්ධමනය, තරගකාරිත්වය, කිසිදා නො පියවෙන නය අර්බුදය යනාදියෙන් වෙලාගෙන සිටින ධීවර ජනයා තවමත් ජීවත් වන්නේ වැඩවසම් බැමිවලින් මුලුමනින් අත් මිදී ගත නො හැකි තත්වයක ය.    

පසු ගිය දා හලාවත ප්‍රදේශයේ ධීවරයන් අතර කල මැදිහත් වීමක දී අප ලද තොරතුරුවලින් නියෝජනය වන්නේ ශ්‍රී ලංකා ධීවර ප්‍රජාවගේ ජීවන කොන්දේසි හා ජීවන තත්වයන් පිලිබඳ හරස්කඩකැයි අපට හැඟේ.     

Image Not Found
තොඩුවාව ධීවරයෝ

එහි දී, අපට මුන ගැසුනු, බහු දින යාත්‍රා හිමිකරුවකු වන නාලක කර්මාන්තය තුල තමන් මුහුන දී සිටින තත්වය මෙසේ ගෙන හැර පෑවේ ය. ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, තොඩුවාව ධීවර ග්‍රාමයේ වසන, දෙමාපිය උරුමයෙන් ධීවරයෙකු වූ අයෙකු වෙයි. විවාහයෙන් පසු ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 2003 වර්ෂයේ ඉතාලියේ රැකියාවක් සඳහා පිටත්ව යන ඔහු, වසර දෙකක් ගිය පසු තම බිරිඳ ද කම්කරුවකු ලෙස ඉතාලිය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. බිරිඳත් සමග තවත් වසර 13ක් එහි සේවය කර පෙරලා දිවයිනට පැමිනියේ ය.

බහු දින යාත්‍රාවක් යොදාගෙන කර්මාන්තයේ යෙදීම සඳහා ඔහු 2017 වසරේ දී, (ඉතාලියෙන් ආපසු පිටත් වීමට පෙර ම) ලංකා බැංකුවෙන් රුපියල් කෝටියක්, සියයට හතක වාර්ෂික පොලියට, මාසිකව 150,000ක වාරික වශයෙන් අඛන්ඩව වසර 7ක් තුල ගෙවා නිම කිරීමේ කොන්දේසි මත ලබා ගන්නා ලදී. ඒ අනුව 2018 දී බහු දින යාත්‍රාවක් දියත් කල තමන්ට, දැන් සිය දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සමග යහපත් ජීවිතයක් ගත කල හැකි යයි කල්පනා කල බව නාලක අපට කීවේ ය.

2018 සහ 2019 වසර දෙකේ මුහුදු ගමන් 15ක් මගින් ඉහල ආදායමක් ලැබීමේ හැකියාව විසින් ඔහු දිරිමත් කරන ලදී. එහෙත් 2019 අවසානය වන විට කොවිඩ් ව්‍යාප්තිය ධීවර කර්මාන්තය ද වෙලා ගත්තේ ය. මේ වන විට ඔහු අඩි 50ක තවත් බහු දින ධීවර යාත්‍රාවක් සදහා මුදල් වැය කර තිබිනි.  

ඒ සඳහා සිය බිරිඳගේ ලංකා බැංකු ගිණුමෙන් වාර්ෂිකව සියයට 13 පොලියට තවත්  රුපියල් කෝටියක ණය මුදලක් ලබා ගත්තේ ය. කොවිඩ් වසංගතයත් සමග මාලු අලෙවියේ ඇද වැටීමට සියලු ධීවරයෝ මුහුන පෑහ. ලක්ෂ 30-40 අතර මුදලක් යාත්‍රාව දියත් කිරීම සදහා වැය කලත් ඒ මුදලවත් උපයා ගැනීමට අවස්ථාවක් නො වූ වාර ගනන වැඩි විය. මාලු හිගයකට ද මුහුන දීම නිසා තව දුරටත් තත්වය නරක අතට හැරුනි. පොදුවේ ගත් කල 2019-20 කාලයේ මත්ස්‍ය නිශ්පාදනය 20% කින් පහත වැටුනු බව වාර්තා වී ඇත.

2022 තෙල්, ගෑස්, විදුලිය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය ඇන හිටුවීමට හෝ සීමා කිරීමට ආන්ඩුව තල්ලු වීමත්, ඒවායේ මිල ගනන්-විශේෂයෙන් ඉන්ධන මිල – තුන් ගුනයකින් ඉහල දැමීමත් ඊට සාපේක්ෂව මාලු මිලෙහි පැවති පහල අගයත් යන මේවා විසින් ධීවරයාගේ අනාගත සිහින ක්ෂ්මා විරහිත ලෙස සුන් කර දැමුනේ ය. ගෙවී ගිය මාස 5ට ම ‍යාත්‍රව දියත් කලේ දෙවරක් පමනක් බව නාලක කීය. ඒ වන විටත් ධනපති මූල්‍ය ආයතන, ධීවර කර්මාන්තයේ උපකරන සපයන සමාගම් හා අපනයන සමාගම් ඔහුගේ උත්සාහයේ සාරය උරාගෙන අවසානය. තමන් අල්ලන ටූනා මත්ස්‍යයන් මිල දී ගන්නා අපනයකරු වන ජාඇල ජෝන් සී ෆුඩ් සමාගම ඒකාධිකාරයක් වීම නිසා මසුන් වැඩි ප්‍රමානයක් අල්ලා ගත් විට මිල පහල දැමීමට එම සමාගමට ඇති බලය තමන් අසහනයට පත් කරන බව ධීවරයෝ පැවසූහ.   

දැන් නම් තවත් ලංකාවේ අපේ ව්‍යාපාර කරගෙන දරුවන්ට උගන්වන්න, වෙනත් කිසි දෙයක් කරගන්න බැහැ.” ඒ නිසා බිරිඳ හා දරුවන් සමඟ යලි ඉතාලිය බලා පිටත්වීම හැර කල හැකි දෙයක් නැතැයි නාලක කීවේය. 

තොඩුවාව පාලම අසල පදිංචි ධීවරයකු වන රෝහන, සිය සහෝදරයා සමග එන්ජින් බෝට්ටුවක් භාවිතයෙන් මසුන් ඇල්ලීම ජිවිකාව කර ගත්තෙකි. ඒ සඳහා දිනකට පෙට්‍රල්, ඔයිල් සහ බූමි තෙල් සදහා රුපියල් 7,100ක් වැය වන අතර ගිය වසරේ එම වියදම පැවතියේ රුපියල් 2000ක් ලෙස බව පෙන්වා දෙමින් ඔහු කීවේ, මෙසේය: 

අපි ගැන බලන්නෙ නැහැ මේ ආන්ඩු. අපි පාවිචි කරන දැල් පීස් එකක් දැනට අවුරුදු දෙකකට වගේ කලින් රුපියල් 18,000 තිබුනා. දැන් ඒ්කම රුපියල් 30,000ක් පමණ වෙනවා. දැල් කූට්ටමක් සම්පූර්ණ අලුතෙන් හදනවනම් රුපියල් ලක්ෂ හයක් පමණ යනවා. අපේ පාඩුවේ රස්සාව කරන් ජීවත් වෙන්න දැල් ආම්පන්න, එන්ජින් සහ අමතර කොටස්, භූමි තෙල් මිල අඩුකරල දෙනව නම් අනෙකුත් බඩු මුට්ටු මිල අඩු වෙනවා නම්, අපි අල්ලන මාළු වලට සාධාරන ස්ථාවර මිලක් ලැබෙනව නම් මේ කර්මාන්තය කරන්න පුළුවන්.” 

සිය එකම පුතා ධීවරයකු නො විය යුතු යයි තමන් සිතන බව ඔහු පැවසී ය. 

රෝගුස් නැමැති අත්දැකීම් බහුල ධීවරයා හා තවත් ධීවරයෝ දෙදෙනෙක් අප සමග කතාබහට එක් වූයේ මෙසේය:

මේ සතියේ දින තුනක් මං තවත් දරුපවුල් කාරයෙක් එක්ක මූදට ගිහින්, පලවැනි දවසේ හුරුල්ලන් කිලෝ එකයි. දෙවෙනි දවසෙ කිලෝ දෙකයි. තුන්වැනි දවසෙ කිලෝ එකක්වත් අහු උනේ නැහැ.

“අපිට අර පසුගිය අවුරුද්දේ මූදට යන්න තහනම් කලේ නැවක් පමුණුගමට ඉස්සරහ මූදේ ගිලිලා පරිසර හානියට ලක් වෙනවා කියලා. අන්න ඒ තහනමට වන්දි ලැබුනෙ භූමි තෙල් ලීටර් 150ක කූපන් එකක්. ඒකෙන් ලීටර් හැත්තෑ පහක් තමයි ඔය දවස් තුනේ පාවිච්චි කලේ. අපේ අක්කා කීවා මල්ලි බොරු වැඩ කරන්නේ නැතිව මාලු අහුවෙන දවස් එනකම් ඉන්න කියා.” 

සත්‍යය නම් එසේ බලා හෝ නො බලා සිටීම යන කුමන හෝ පියවරක් ධීවරයන් තමන්ගේ පීඩාවෙන් මුදා හරින්නේ නැති බව ය.  

42 වියැති තිදරු පියෙක් හා ධීවර කම්කරුවකු වන නිරෝෂන් ද අප හා දොඩමලු විය. ඔහුගේ බිරිඳ ගර්භාෂයේ පිලිකාවක් වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. නමුත්, ඇය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සදහා වෙනත් ගෙදරක කුලී වැඩ කරයි. 

Discussion
නිරෝෂන් ද-සෝෂලිස්ට් වාර්තාකරුවන් සමග කතා කරමින්

ඔහු බහුදින ධීවර යාත්‍රාවක ධීවර කම්කරුවකු වශයෙන් රැකියාව ආරම්භ කර ඇත්තේ වයස 17 දී ය. 25 වසරක් මහ මුහුද සමග පොර බැදීමෙන් ඔහුට ජීවිතය සඳහා ඉතිරි වූ දෙයක් නැති බව මෙයින් පෙනේ.

අප ධීවරයාගේ වැඩි මහල් පුත්‍රයා සාමාන්‍ය පෙල අවසන් වූ වහාම, එනම් පසු ගිය නොවැම්බර් මාසයේ, බහු දින යාත්‍රාවක කම්කරුවෙකු ලෙස සේවය ආරම්භ කලේ, සිය සොහොයුරන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දීමට ය. ගෙවී ගිය මාස හතටම ඔහුට යා හැකි වූයේ එක මුහුදු ගමන් වාරයක් පමනි. ඔහුගේ දෙවන පුතාට තොඩුවාව ගමේ පාසැලේ දැක් වූ ක්‍රීඩා හැකියාවන් නිසා මීගමුවේ ප්‍රසිද්ධ පාසැලකට ඇතුලු වීමේ අවස්ථාව ලැබුනි. “බස්ගාස්තු තුන්ගුනයක් වැඩි වෙලා, යන්න එන්න, කෑම කන්න, රුපියල් දාහක් දෙන්න ඕන දවසකට. මගේ ධීවර ජීවිතේ දී මම යන්තම් ගෙයක් හදා ගත්ත විතරයි,” ඔහු කීවේ ය. 

මේසා පරිමානයෙන් ධීවර ජීවිතවල අවිනිශ්චිත බව නැඟෙන්නේ, වර්තමාන ධීවර කාර්මිකයාට අවශ්‍ය බොහෝ තාක්ෂනික උපකරන නිර්මානය කර ඇති සමාජයක ය. එකෝ සවුන්ඩර් (Echo Sounder) සාගරයේ මසුන් සිටිනා තැන් සොයා දෙන උපකරනයකි. සොනාර් (Sonar) මුහුද යට ඇති ගල් පර හා වෙනත් බාධක මෙන් ම ගැඹුරු මුහුදේ මසුන් ගැවසෙන තැන් ගැන සංඥා ලබා දෙයි. කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට උෂ්නත්වය, සුලං, දිය වැල්, කුනාටු, උදම් රල කුනාටු, මසුන් රොක් වන තැන් සහ ඔවුන් පිහිනන දිසාව පෙන්වා දිය හැකි සැටලයිට් ගනනාවක් ඇත. බහු දින යාත්‍රා සදහා ශීතාගාර යන්ත්‍ර හා මසුන් පමා නො වී ගොඩට ගෙන ආ හැකි ප්‍රවාහන ක්‍රම ලෝකය විසින් සොයාගනු ලැබ ඇත. එහෙත් කර්මාන්තය ධීවරයන්ගේ ජීවිත උරා බීම පෙරටත් වඩා රුදුරු ලෙස සිදු කරයි. එම ජිවිතවලට වර්තමාන ලෝකය දිනාගෙන ඇති සංස්කෘතියේ ඉහල මට්ටමේ අසලකටවත් ලං විය හැකි බවට ඉඟියක් හෝ පවතින ක්‍රමය තුල නොපවතී. එය සාක්ෂාත් වනු ඇත්තේ ධීවර ජනයා කර්මාන්තය පාලනය තමන් අතට ගැනීම සඳහා කම්කරු පන්තිය සමග පෙල ගැසීමෙන් පමනි. 

සමාජ පිලිගැනීම හෝ නීතිය කුමක් වුවත්, එක් ජන කොටසකට පරම්පරාවෙන් පරම්පරාවට එකම රැකියාව උරුම වන පසුගාමී වැඩවසම් බන්ධනයට ධීවරයා බැද දමා ඇත්තේ පවතින ආර්ථිකය හා සමාජ තතු විසිනි.   

අප ධීවරයාගේ ජීවිතය මේ තත්වය පිලිබිඹු කරන සංකේතයකි. ඔහු මෙසේ කීවේය: 

මුහුදු රැකියාව ආරම්භ කරපු කාලෙ වගේ නො වෙයි, දැන් මේ රස්සාව නිශ්චිතව බලාපොරොත්තු තියාගෙන කරන්න බැහැ. දැන් මාළු ඉන්න ප්‍රදේශ වලට යන්න විතරක් දින පහළොවක්, විස්සක් ගත වෙනවා. සමහර අවස්ථාවල බෝට්ටුවෙ ගැන් එක පිරෙන්න මාළු අස්වැන්න ගෙනාවත් අපට සොච්චම් මුදලක් තමයි  ලැබෙන්නේ. අපි මාස දෙකක්, දෙක හමාරක් මුහුදේ ගතකරල එද්දී, සමහර විට මාළු මිල හොඳටම පහත වැටිලා තිබීම, මූදෙ ගත කරන දින ගනන වැඩී වී මාලු අවපැහැ ගැනිම ආදිය නිසා අපේ ආදායම පහල යනවා.” 

ගෙවීම සිදු වන්නේ ශ්‍රමයට හෝ ශ්‍රම ශක්තියට නො ව ආදයම ලැබුනොත් පමනි. එසේ නොමැති නම් ධීවර කම්කරුවාගේ ශ්‍රමය නොමිලේ “විකිනේ.” රැකියාවට පිටත්ව යන විට බෝට්ටු හිමිකරුගෙන් රුපියල් 25,000ක හෝ 30,000ක නය මුදලක් ගෙදර වියදම සඳහා ලැබෙයි. 

මේ අවුරුද්දේ පසු ගිය මාස හතටම ට්‍රිප් දෙකයි ලැබුනේ. මුල් ට්‍රිප් එක සාර්ථක නැහැ. මේ වතාවෙදී ගොඩ ආවේ මැයි මාසයේ 20 වැනි දා. හොඳ මිලක් තිබුනා. මට ලැබුනා  රුපියල් ලක්ෂ පහයි තිහක්. නමුත් කෑමට කඩවලට ගෙවීමට ඇති නය, යහළුවන්ගෙන් ගත් අතමාරු, බැංකු නය වාරික හා විදුලිය බිල් ආදිය ගෙවිමෙන් පසු, ඊට අමතරව කලේ දරුවන්ගෙ හිත හැදෙන්න පල්ලියේ වාර්ෂික මංගල්‍යය දිනයට අඳීන්නත් එක්ක තුන්දෙනාට ඇදුම් හා සපත්තු ගැනීම. කෑමට බඩු ටිකක් ගෙනාවා. තවත් නය තියෙනවා පියව ගන්න බැරිවුනු.”

2022 මාර්තු මාසයේ 2 දින ලෝක බැංකුව ලංකාවේ ‍ධීවර කර්මාන්තය සම්බන්ධ වාර්තාවක සඳහන් කර ඇත්තේ, “දැනට ශ්‍රී ලංකාවේ සති 5ක් මුහුදේ ගත කරන 5000කට ආසන්න ‘බහු දින’ ධීවර යාත්‍රා බොහොමයක නිසි ශීතකරන නොමැතිකම හේතුවෙන් අල්ලා ගත් කෙලවල්ලන්ගෙන් අඩක් පමන වෙරලට ගෙන ඒමට පෙර නරක් වී යන” බව ය. යාත්‍රා නවීකරනය, වැඩි දියුනු කල මත්ස්‍යයන් ඇල්ලීමේ ක්‍රමෝපාය යොදා ගැනීම, මුහුදේ ගතකරන කාලය අඩු කිරිම සඳහා වැඩි දියුනු කල ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරිම මගින් මේ ගැටලු විසදා ගත හැකි බව එම වාර්තාව කියයි. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම හා ව්‍යාපාරය පලදායී ලෙස සංවිධානය කිරීමට ද එය යෝජනා කරයි. කෙසේ වෙතත් නවීන ක්‍රම භාවිතය සමග ධීවර රැකියා සෑහෙන ප්‍රමානයක් අහෝසි වීම ගැන ද එය අනතුරු හඟවා ඇත. සුලු ව්‍යාපාරිකයන්ට මෙවැනි වැඩි දියුනු කිරීම් සදහා ප්‍රාග් ධනය නැත. විශාල ජනකායක් නට්ටම් කිරීම වත්මන් ධනපති සංවර්ධනයේ අර්ථයයි.  

තවමත් තනි ඔරු, යාන්ත්‍රික නොවූ ෆයිබර් ග්‍ලාස් ඔරු, කොල්ලෑ සහිත රුවල් ඔරු, කොල්ලෑ සහිත පදින ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරන් යනාදී ඉතා නො දියුනු සහ අනතුරුදායක වැඩවසම් තාක්ෂන උපකරන භාවිත කරන දුප්පත් ධීවරයින් තව දුරටත් නො සලකා හැරීමට නියමිත ය. දැනටමත් ධීවරයෝ වරාය හෝ සුදුසු තොටුපල නැතිව පීඩා විඳීති. කර්මාන්තය වැඩි දියුනු කිරිම සිදු කලත් ඒ ධනපති ඒකාධිකාරයන්ට ධීවරයන් තව දුරටත් මිරිකා උරා ගැනීමට මිස දුප්පත් ධීවරයන්ට සහන සැලසීම සඳහා නො වේ. සමස්ථ නිෂ්පාදන කර්මාන්තය ම කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩ පිලිවෙලකට පමනක් ධීවර ආම්පන්න පහසු මිලට සපයමින්, ධනේශ්වර මූල්‍ය ආයතනවලින් නිකුත් කල නය අහෝසි කර, අවශ්‍ය පහසුකම් සපයා ධීවර ගැටලු අවසාන වසයෙන් විසඳිය හැකි ය. 

ධීවර ජනයා වෙලාගත් ආර්ථික සමාජ ගැටලු තව තවත් ඔද්දල් වෙයි Read More »

KM

‘කම්කරු මාවත’ ඉතිහාසයෙන්

KM

ශ්‍රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි! අර්බුදය මැද යූඇන්පීය බලය ගනි. කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!

සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප්‍රමුඛ සමගි පෙරමුන ආන්ඩුව බලයෙන් අතුගා දැමූ 1977 ජුලි 21 මහ මැතිවරනයෙන් තුනෙත් දෙකක බලයක් ලබා ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) බලයට පැමිනියේ විකල්ප ⁣කම්කරු මාවතක් අහිමි කැනු ලැබූ මහජනතාවගේ විරෝධී ජන්දයක් මගිනි. එතැන් සිට මහා කප්පාදු  පියවරයන් එකිනෙක මහජනයා මත හෙලමින් ද, මෘග ප්‍රචන්ඩකම් කම්කරු පීඩිතයන් හා දේශපාලන විරුද්ධාවාදීන් මත හෙලමින් ද පාලනය ඇරඹි ජයවර්ධන රට භූගෝලීය ප්‍රාග්ධනයට විවෘත කිරීම සඳහා අවශ්‍ය ඒකාධිපති බලතල තමන් වෙත පවරා ගැනීමේ විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කරමින් 1978 ජුලි 31 දින ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කලේ ය. එම වසරේ සැප්තැම්බර් 7 සිට බලාත්මක වූ මෙම ඒකාධිපති හා වර්ගවාදී ව්‍යවස්ථාව යටතේ මෙම රට වසර 45ක් ධනපති පාලනයට නතුව පැවතියේය. සංශෝධන 21ක් හරහා ඒකාධිපති බලය අංශුවකින් හෝ කපා හැර නැති මෙම ව්‍යවස්ථාව යටතේ  දහස් ගනනින් තරුනයන්, කම්කරුවන් බිලිගත් දකුනේ තරුන කැරැල්ලක් ද, උතුරේ තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයක් ද, භීෂනයද, දුප්පත්කමද, කාලකන්නිකමද කම්කරු පීඩත මහජනතාවගේ හිස මත පාත් කෙරුනි.

මෙම ධනපති ප්‍රහාරයට එරෙහිව විප්ලවවාදී කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් හා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් අප්‍රතිහත ධෛර්යකින් යුතුව සටන් වැදුනේ 1968 පිහිටුවන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) හා එහි අනුප්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. 1972 දී බන්ඩාරනායකගේ ආන්ඩුව තහනමට ලක් කරන තෙක් විකොස නිල පුවත්පත වූයේ “කම්කරු පුවත්” ය. තහනමින් පසු “කමිකරු මාවත” නමින් විකොස තම නිල පුවත්පත නිකුත් කලේ කම්කරුවන්, ගොවීන්, තරුනයන්, බුද්ධිමතුන් වෙත එදිනෙදා දේශපාලන පැහැදිලිකම නොපමාව රැගෙන එමිනි.

1977 ජුලි මැතිවරනයෙන් බලයට පත් යූඇන්පී ආන්ඩුව යටතේ ලංකාවේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දිමීම සමග පන්ති අරගලය නව අධියරයන්ට පිවිසි අතර විකොස එම අරගලවල නායකත්වය සඳහා ඉදිරිදර්ශනය සම්පාදනය කරමින් ක්‍රියාකාරිව සටන් වැදුනේ ය.

විශේෂයෙන් මෙම වසර 45 කාලය තුලත්, ඉන් පෙරත්, ලංකාවේ ධනපති ක්‍රමයේ චලනයන්, කම්පනයන් පිලිබඳව එදා විකොස ලෙසත් පසුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ආරම්භ කිරීම දක්වා සසප විසිනුත් කරන ලද දේශපාලන අරගලයේ කැඩපත වූ කම්කරු මාවත පුවත් පතේ තෝරාගත් ලිපි පලකිරීම සඳහා ද-සෝෂලිස්ට්.LK වෙබ් අඩවිය තීන්දු කර ඇති බව අප පාඨකයන්ට සහෝදරත්වයෙන් දැනුම් දෙමු. එසේ තොරාගත් ලිපි “කම්කරු මාවත ඉතිහාසයෙන්” නමින් විශේෂාංගයක් ලෙස මෙතැන් සිට පලකෙරෙනු ඇත.

වත්මන් අරගලවලට අවැසි පාඩම් උකහා ගැනීමේත්, විකොස අරගලයේ ජීවමාන අත්දැකීම් සහි කැඳවීමේත්, ඓතිහාසික මුසාකරනයන්ට එහෙිව සිදුවීම් පිලිබඳ තත්‍ය සමාජවාදී විශ්ලේෂන වෙත හැරී ගැනීමේත් උපකාරයක් ලෙස මෙම ලිපි පරිශීලනය කිරීම වැදගත් ලෙස සැලකිය යුතුය.

එහි ආරම්භයක් ලෙස ඉහත කී 1977 මැයි මහ මැතිවරනය අවසානයේ එහි දේශපාලන ඇඟවුම වග විභාග කරමින් විකොස 1977 ජුලි 23 සෙනසුරාදා  කම්කරු මාවත 395 කලාපයේ පල කල පහත ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමු. 

ද-සෝෂලිස්ට්.LK කර්තෘ මන්ඩලය.

***

ශ්‍රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි

අර්බුදය මැද යූඇන්පීය බලය ගනි.

කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!

ජුලි 21 මැතිවරනයේදී, එතෙක් බලයේ සිටි ධනේශ්වර ශ්‍රීලනිප ආන්ඩුව මෙතෙක් පැවති කිසිම ආන්ඩුවක් අත් නොදුටු ආකාරයේ අන්ත පරාජයක් ලද අතර වසර හයක් තිස්සේම එම ධනපති පාලනයේ ප්‍රධාන මුක්කුව ලෙස ක්‍රියාත්මක වූ සමසමාජ-කොමියුනිස්ට් පක්ෂවල සියලුම නියෝජිතයන් ද පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී ගියේය. 

1977
1977 ජුලි 23 පිහිටවූ ජයවර්ධනගේ කැබිනට් අමාත්‍ය මන්ඩලය (ජායාරූපය: අනුරාධ දූල්ලෑව විජේරත්න)

ලංකාවේ අනෙක් ප්‍රධාන ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය එහි නායකයින් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ජන්ද ගනනක් ලබමින් ආසන 168 කින්139ක් දිනා ගනිමින් දැවැන්ත විරෝධතා ජන්දයක ප්‍රතිඵලයක්  ලෙස බලයට තල්ලු වී පැමින ඇත.

21දා මහ මැතිවරනයේ ප්‍රතිඵල ලංකාවේ පංති සටනේ නව ගුනාත්මක අවධියක ආරම්භයක් වෙයි. පලමු වැනුව, මේ තරම්ම තියුනු ලෙස ද දැවැන්ත ලෙසද බලයේ සිටිආන්ඩුවක්, තුනෙන් දෙකක ජන්දයකින් බලය ලබා සිටි ආන්ඩුවක් එලවා දමන ලද අවස්ථාවක් නොවීය. මැතිවරන ප්‍රතිථල තීන්දු කෙරී ඇත්තේ බලය ඉල්ලූ පක්ෂ ඉදිරිපත් කල ප්‍රතිපත්ති මගින් නොව බලයේ සිටි ආන්ඩුව ගෙන ගිය ආර්ථික විනාශයේ ප්‍රතිපත්ති වලින් බව උවමනාවටත් වඩා පැහැදිලිය. 

1971 මහා මිනිස් ඝාතනය, සය අවුරුදු හදිසි නීතිය, එක දිගටම සිදුවූ පොලිස් මර්දන, පෙර නොවූ ආකාරයට සිදුවූ බඩු මිල ඉහලයාම, රැකියා හිඟය හා ආර්ථික විනාශය ධනපති ශ්‍රිලනිපයේ විනාශය සලකුනු කල ප්‍රධාන කරුනු විය.

මැතිවරන ප්‍රතිඵලවල පරස්පර විරෝධී බව රැඳී ඇත්තේ, ඉහත කී මහා ආර්ථික විනාශයට එරෙහිව වැටුනු ජන්දය ධනපති යූඇන්පීය වටා ගොනු වීමෙහිය. මේ තත්වය තුඩු දෙනු ඇත්තේ 1970-1977 කාලයේ පැවතුනා⁣ටත් වඩා අන්ත දරුනු පුපුරනසුලු තත්වයකට යි. මෙය වැලැකිවිය නොහැකිය.

බලාපොරොත්තුව

අලුත් යූඇන්පී ආන්ඩුව බලයට පත් වන්නේ බඩු මිල, රැකියා හා ජීවන තත්වය ගැන මහජනයා ගේ දැවැන්ත බලලාපොරොත්තු පුපුරන සුලු මට්ටමට උග්‍ර වී ඇති තත්වයකදී ය.  නමුත් ධනපති ක්‍රමයේ අන්ත බංකොලොත්කම කොතෙක් ද යත් එම බලාපොරොත්තු යම්තම් වත් සැපිරිය හැති තත්වයක් ධනපති ක්‍රමය තුල නැත.

මෙම කරුන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මගින් පමනක්ම, මැතිවරනය පෙරදී ද, මැතිවරනය මැද දී ද දැඩි ලෙස අවධාරනය කෙරුනි.  ශ්‍රීලනිපයේ තුනෙන් දෙකක වැඩි ජන්ද සංඛ්‍යාව වසරකටත් අඩු කාලයකදී දවා හලු කල එම අර්බුදය මෙදා ආන්ඩුවේ පවුරු පදනම් සුන් කිරීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි. 

ආර්ථික අර්බුදයේ ගැඹුර පිලිබඳ කරුනු සංක්ෂිප්තව ඉදිරිපත් කලහොත්: රටේ විදේශ නය ප්‍රමානය රුපියල් කෝටි 500 පැන ඇත. නයට පොලී වශයෙන් වාර්ශිකව රුපියල් කෝටි 143ක් වැය වෙයි. මූලික කර්මාන්ත වල නිෂ්පාදනයේ පහත වැටීම පෙර නොවූ විරූ පරිදි සිදු වෙයි. 1976 දී සංස්ථා අංශයේ සියයට 44 කින් ද, තේ කර්මාන්තයේ සියයට 8.1 කින් ද, පොල් කර්මාන්තයේ සියයට 13 කින්ද නිෂ්පාදනය කඩා වැටුනි.

ධනපති අර්ථ ශාස්ත්‍රඥයන් පෙන්වන පරිදි මෙය අකාර්යක්ෂමතාවයේ හෝ දූෂනයේ ප්‍රතිඵලයක් නොව අද පැන නැගී ඇති උ්‍රග්‍ර ධනපති ආර්ථික කඩා වැටීමේ විවෘත ප්‍රතිඵලය යි.

බඩු මිල ප්‍රශ්නය මත තාවකාලිකව හෝ උපාමාරු යෙදීමට අපහසු වන්නාවූත්, රැකියා අර්බුදය උග්‍ර කරන්නා වූත් ධනවාදයේ මෙම අර්බුදය තුල කම්කරුවන්ට ගොවීන්ට-පීඩිතයන්ට හා තරුනයන්ට විසඳුමක් නැත. 

විසඳුම ඇත්තේ සියලු ධනපති දේපල වන්දි විරහිතව ජනසතු කරන ලද කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන ඔස්සේ පමනකි.

සමසමාජ-ස්ටැලින්වාදී නායකයෝ මේ වැඩපිලිවෙල එදත් ප්‍රතික්ෂේප කලහ. අදත් ප්‍රතික්ෂේප කරති. ඔවුන් මුලු මුනින්ම පාහේ පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී  යෑම ඔවුන් ගෙන ගිය ද්‍රෝහී මහජන පෙරමුනු දේශපාලනයේ විවෘත ප්‍රතිඵලය විය.

බඩු මිල වැඩි කිරීමට ද, රැකියා හිඟය නිර්මානය කිරීමට ද, පොලිස් මර්දනය උග්‍ර කිරීමට ද ඔවුන් පිදූ සහාය ඔවුන් පාර්ලිමේන්තුව තුලින් අතුගෑවී යෑමට පදනම දැමුවා පමනක් නොව, පසුගිය ආන්ඩුවට එරෙහිව පැන නැගි දැවැන්ත ජනතා නැගිටීමේ නායකත්වය කම්කරු පන්තිය විසින් දිනා ගනු ලැබීමට ප්‍රධාන භාධාවක් විය. ඒ අර්ථයෙන් ගත් විට දක්ෂිනාංශික යූඇන්පි ආන්ඩුවට පාර කැපීමේ පුර්න වගකීම පැවරිය යුත්තේ සමසමාජ-ස්ටැලින්වාදී නායකත්වය වෙතයි.

ධනපති ක්‍රමය හැසිරවීම මගින් අර්බුදය විසඳිය හැකි යැයි මේ නායකයන් ගෙනගිය වැඩ පිලිවෙල දක්ෂිනාංශයට හා මිලිටරි ඒකාධිපතීත්වයට පාර කපන වැඩපිලිවෙලක් බව අපි නිරතුරුව කම්කරු පංතියට අනතුරු හැඟැ වූයෙමු. 

නායකයින්ගේ ද්‍රෝහී දේශපාලනය හා නායකත්වයම කම්කරු ව්‍යාපාරයෙන් ඉවත් කර නොදමා ධනපති ප්‍රහාරයට මුහුන දිය නොහැකි යැයි අපි නිරතුරුව කීවෙමු. අද මෙය උවමනාවටත් වඩා සනාථ වී තිබේ.

1970 සිට දීන ලෙස ශ්‍රීලනිපයට සහාය දුන් ඔවුහු අද යූඇන්පී ප්‍රහාරයන්ට දොර හැර මුලුමුලින්ම නායකත්වයක් නැති තත්වයට කම්කරු ව්‍යාපාරය ඇද ලා සිටිති.

එහෙත් ලංකාවේ කම්කරු පංතිය තවමත් ශක්තිය නොබිඳි අපරාජිත බලවේගයක් ලෙස පවතී. පසුගිය හවුල දෙදරවා හැර සිරිමා බන්ඩාරනායක ආන්ඩුව දෙදරවා හැරීමේ හැකියාව කම්කරු පංතියට තිබුනි. අපි එම සටනේ පෙරමුනේ සිටියෙමු. 

දරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ බඩු මල නැංවීමේත්, රැකියා නැසීමේත්, ආර්ථික විනාශය ඇති කිරීමේත් ප්‍රතිපත්ති හැර වෙනත් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට යූඇන්පීයට නොහැකිය. මේ තත්වය කෙලින්ම යූඇන්පීයට එරෙහි දැවැන්ත පංති සටන් පැන නංවනු නියතය. ඒ තත්වයේදී යලිත් වරක් ධනපති පක්ෂ සමග හවුලක් ඇටවීමට කම්කරු ව්‍යාපාරයේ නයකත්වය දිව යනු ඇත. ඊට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් උඩ කම්කරු බලය සඳහාත් කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහාත් නොසැලී සටන් වදින නායකත්වය ගොඩනගා ගැනීම දැන් ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් වෙයි.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එම කටයුත්තට කැප වෙයි. මැතිවරන ව්‍යාපාරය මැද දී අප කල මැදිහත්වීම එවැනි නායකත්වයක් සඳහා දැවැන්ත පදනමක් දමා ඇත. යූඇන්පීය පලවා හැර  මහජන පරමුනට යලි ඉඩ නොදී කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා කම්කරු ව්‍යාපාරය මෙහෙයවීමේ සටන අපි අරඹමු.

යූඇන්පීය ඉදිරියේ යලිත් වරක් ධනපති ශ්‍රීලනිපයට හෝ වෙනත් ධනපති පතුරකට හෝ හේත්තු වීමේ දේශපාලනයක් ගෙන යෑමට සමසමාජ – ස්ටැලින්වාදී නායකයින්ට ඉඩ නොදෙන ලෙස අපි එම පක්ෂවල සාමාජිකයින්ගෙන් හා වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඉල්ලමු. 

යූඇන්පීය මේ ඉමහත් අර්බුදය මැද ඔවුන්ගේ ප්‍රහාරයන් එල්ල  කිරීමේ දී මූලික ඔට්ටුව අල්ලනු ඇත්තේ  කම්කරු ව්‍යාපාරයේ නායකත්වය කරන ද්‍රොහී කමි උඩයි.

විප්ලවවාදී නායකත්වය තීරනාත්මක වන්නේ එබැවිනි. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳෙන ලෙසත්, යූඇන්පීය පලවා හැර කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීමේ සටනේ  දී ඒ වටා එක් වන ලෙසත් අපි සියලු සටන්කාමීන්ගෙන් ඉල්ලමු.

‘කම්කරු මාවත’ ඉතිහාසයෙන් Read More »

Palmiro

ඉතිහාසයේ මෙම සතිය: ජූලි 10-16

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 9 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History: July 10 -16 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

 වසර 25 කට පෙර: ජපානයේ අගමැති ඉල්ලා අස්වෙයි

1998 ජුලි 13 දින, පාර්ලිමේන්තු ඉහල මන්ත්‍රී මණ්ඩලය (the House of Councillors ) සඳහා පෙර දින පැවති මැතිවරණයේදී පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විස්මිත පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී ජපාන අගමැති රීයුටාරෝහෂිමොටෝ ඉල්ලා අස්විය. LDP පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ තරඟ කළ ආසන 126 න් ආසන 44 ක් පමණක් වන අතර, පක්ෂය රඳවා ගැනීමට බලාපොරොත්තු වූ ආසන 61 ට වඩා බෙහෙවින් අඩු විය. ආර්ථික පසුබෑම ගැඹුරු වන විට, ජපානයේ පමනක් නොව කලාපය පුරා, ඉහල මන්ත්‍රණ සභා මැතිවරනවල ප්‍රතිඵල තවදුරටත් දේශපාලන අස්ථාවරත්වයේ පෙර නිමිත්තක් විය. හෂිමොටෝඉන්දුනීසියාවේ දිගුකාලීන ඒකාධිපති සුහර්තෝට පසුව ආසියානු මූල්‍ය අර්බුදයට ගොදුරු වූ දෙවන ප්‍රධාන දේශපාලන නායකයා විය.

Hashimoto
 රීයුටාරෝහෂිමොටෝ [ඡායාරූපය kantei.gd.jp/ CC BY 4.0]

ජපානයේ ඉහළ මන්ත්‍රී සභා මැතිවරණය කටයුතු සාමාන්‍යයෙන් නීරස හා නොගැලපෙන දෙයක් විය. වරකට තරග කළේආසනවලින් අඩක් පමණි. අග්‍රාමාත්‍යවරයා නම් කිරීමට, ගිවිසුම් අනුමත කිරීමට සහ රාජ්‍ය අයවැය පනත් සම්මත කිරීමට ඉහළ මන්ත්‍රී මණ්ඩලයට සීමිත බලතල තිබුණි. LDP ට 1989 සිට මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයක් නොතිබූ අතර මැතිවරණයෙන් එකක් ලබා ගැනීමට අපේක්ෂා කළේනැත

එහෙත් මෙම  මත විමසුම,ජපාන ආර්ථික අරබුදයේදී    ආන්ඩුව හැසිරවීම සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් ප්‍රහාරයට ලක්ව සිටි හෂිමොටෝ කෙරෙහි   විශ්වාසයේ පරීක්ෂණයක් බවට පත් විය. සියලුම ධනේශ්වර පක්ෂ හා දේශපාලනයෙහි පුලුල්ව පැතිරුනු විරසක භාවය පිලිබිඹු කරමින්, පෙර ඉහල මන්ත්‍රී සභා මැතිවරනයේදී ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 44ක වාර්තාගත අඩු අගයකට ලඟා විය. කෙසේවෙතත්, 1998 මැතිවරනයේදී, ඡන්දදායකයින් සියයට 58ක් ලෙස වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වූ අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් LDP වෙත තම සතුරුකම පෙන්වීමට කිරීමට අධිෂ්ඨාන කර ගත්හ.

 පක්ෂ නායකයින් සමඟ උදෑසන රැස්වීම්වලින් පසුව, හෂිමොටෝමැතිවරන පරාජයේ “සියලු වගකීම” භාර ගන්නා බව නිවේදනය කර ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීම, ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 600ක රටේ බැංකු පද්ධතියේ වූ බොල් නය බර ප්‍රතිව්‍යුහගත කිරීමේ මාධ්‍යයක් ලෙස විශේෂ “පාලම් බැංකුවක්” නිර්මාණය කිරීමේ සැලසුම් ඇතුළුව, ජපාන ආර්ථිකය පිළිබඳ සාකච්ඡා සඳහා ජූලි මාසයෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබූ වොෂින්ටනයට සැලසුම් කළ අගමැති සංචාරය ගැන සැක පහළ කළේය. .

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු එහි දරුණුතම ආර්ථික අවපාතය මධ්‍යයේ ජපානයට සිටියේ පිටව යන අගමැතිවරයෙකි. ආර්ථික අර්බුදය දේශපාලන අස්ථාවරත්වය නිර්මානය කල අතර එය ජාත්‍යන්තර වෙලඳපොලවල අවිනිශ්චිතතාවය උග්‍ර කළේය. මැතිවරණ ප්‍රතිඵලවලට ප්‍රතිචාරය වූයේ එදින එක්සත් ජනපද ඩොලරයට යෙන් 140.93 සිට 142.4 දක්වා යෙන් තවදුරටත් පහත වැටීම සහ කොටස්මිල පහත වැටීමයි.

 වසර 50 කට පෙර: මෑතකදී නිම කරන ලද වේල්ල සෝවියට් කසකස්තානයේ සමූහ මරණ වළක්වයි

1973 ජුලි 15 වෙනිදා ට්‍රාන්ස්-ඉලි ඇලටාවු කඳුවැටිය දිගේ දැවැන්ත නාය යෑමක් සෝවියට් කසකස්තානයේ අගනුවර වන අල්මා අටා හි ලක්ෂ සංඛ්‍යාත පදිංචිකරුවන් වෙත වේගයෙන් ගලා ගියේය. කෙසේවෙතත්, නගරය අපද්‍රව්‍ය වලින් වැසීමට තරම් විශාල වන ඝන මීටර් මිලියන 3.8 කට අධික මඩ ගලායාමෙන් කිසිවෙකුට හානියක් සිදු නොවූ අතර සැලකිය යුතු හානියක් ද සිදු නොවීය. නගරයේ පැවැත්ම සඳහා වගකියනු ලැබුවේ මීට වසරකට පෙර නිම කරන ලද මෙඩියු වේල්ලයි. වේල්ල එහි ජලාශයේ මඩ ගොඩගසා තිබූ අතර, එය නගරයේ පහළට ළඟා වීම වළක්වනු ලැබීය. 

මෙඩියු වේල්ල යනු සෝවියට් සංගමයේ හුදකලා වූ ප්‍රදේශවලට පවා නවීකරණය සහ ජීවිතාරක්ෂක ප්‍රගතිය ගෙන ආ සෝවියට් කම්කරුවන්ගේ සහ විද්‍යාඥයින්ගේ බොහෝවිශිෂ්ට සිවිල් ඉංජිනේරු ජයග්‍රහණවලින් එකකි. නයිල් ගඟේ ගංවතුර පාලනය කිරීම සඳහා ඊජිප්තුවේ සෝවියට් ඉංජිනේරුවන් විසින් ඉදිකරන ලද අස්වාන් උස්වේල්ල මෙන්ම, මෙඩියු වේල්ල ද ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස සැලසුම් සහගත ආර්ථිකයක් යටතේ කම්කරු පන්තිය විසින් ලබා ගත හැකි අතිවිශාල විද්‍යාත්මක හා සංස්කෘතික ජයග්‍රහණ පෙන්නුම් කළේය.

dam
 2001 දී කසකස්තානයේ මලයා අල්මා-ඇටින්කා ගඟේ, මෙඩියු වේල්ලෙහි සුන්බුන් ගලායාම රඳවා තබා ගැනීමේ ව්‍යුහයක දසුනක්. [ඡායාරූපය: එක්සත් ජනපද භූ භෞතික සමීක්ෂණය]

 දකුණු කසකස්තානයේ ගැඹුරෙහි පිහිටි අල්මා අටා, දිගු කලක් රුසියානු අධිරාජ්‍යයේ සහ පසුව සෝවියට් සංගමයේ දුරස්ථ මායිම් නගරයක් විය. එය 1928 දී ජෝසප් ස්ටාලින් විසින් ලියොන් ට්‍රොට්ස්කි මොස්කව් සිට පිටුවහල් කරන ලද ප්‍රථම ස්ථානය වූ අතර, 1929 දී ඔහුට සෝවියට් සංගමයෙන් සම්පූර්ණයෙන්ම නෙරපා හරින තෙක් ඔහු එහි නිවාස අඩස්සියේ තබා තිබුණි. ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ පදනම් පාඨයක් බවට පත් වූ ලියවිල්ලක් වන කොමින්ටර්න්හි කෙටුම්පත් වැඩසටහන පිලිබඳ සිය විවේචනය ලිව්වේ අල්මා අටා හි සිටියදී ය

බොල්ෂෙවික් විප්ලවයෙන් පසුව සහ රුසියානු සිවිල් යුද්ධයේදී රතු හමුදාවේ ජයග්‍රහණයෙන් පසුව, සෝවියට් මුල පිරීම් ගනනාවක් මගින් මෙම දුරස්ථ නගරය ලෝකයට වඩාත් සම්බන්ධ වීමට ඉඩ සැලසූ බැවින් අල්මා අටා වෙහි ජනගහනය වේගයෙන් වර්ධනය විය. මෙම වර්ධනයන් අතර තුර්කිස්තාන්-සයිබීරියා දුම්රිය මාර්ගයද ඇතුළත් වූ අතර එමඟින් අල්මා අටා වැදගත් සන්ධිස්ථානයක් විය. රුසියානු විප්ලවයට පෙර අල්මා අටා හි ජනගහනය 40,000 ට අඩු විය. 1973 වන විට එය 800,000 දක්වා වර්ධනය විය. (දැන් අල්මාටි ලෙස හඳුන්වන මෙම නගරයේ ජනගහනය අද මිලියන 2 කි).

කෙසේවෙතත්, නගරය පුළුල් වන විට නායයෑමේ තර්ජනය මාරාන්තික අනතුරක් විය. 1921 දී ඝන මීටර් මිලියන 10 ක දැවැන්ත ස්ලයිඩයකින් නිවැසියන් 500 ක් මිය ගිය අතර බොහෝගොඩනැගිලි සහ මාර්ග විනාශ විය. 1963 ජූලි මාසයේදී තවත් ව්‍යසනයක් සිදු වූ අතර අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු මිය ගියේය.

 1963 ව්‍යසනයෙන් පසුව, මෙඩියු වේල්ල ඉදිකිරීම ආරම්භ කිරීමට සූදානම් විය. සෝවියට් සංගමයේ ඉහළම විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් ව්‍යාපෘතියේ වැඩ කිරීමට සහ පැරණි මඩ කඩා වැටීමේ ප්‍රශ්නය විසඳීමට බඳවා ගන්නා ලදී. ඔවුන් අතර පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙකු වූ මිහායිල් ලැව්රන්ටියෙව් ද විය. මෙඩියු වේල්ල ඉදිකිරීමේ තීරණාත්මක අංගයක් වූයේ ගල් හා අවසාදිත ටොන් දහස්ගණනක් ඉවත් කිරීමට දැවැන්ත නමුත් නිශ්චිත පිපිරීම් ඇති කිරීමයි. 1973 ස්ලයිඩය වැදුණු විට අල්මා අටා විනාශ වීම වැළැක්වීමට, 1972 දී , නියමිත වේලාවට ඉදිකිරීම් අවසන් කරන ලදී.

ලැව්රන්ටියෙව් සෝවියට් ගණිතඥයෙකු වූ නිකොලායි ලුසින් ගේ ශිෂ්‍යයෙක් විය . ඔහු 1936 දී ස්ටැලින්වාදී පවිත්‍රකරණයේ ගොදුරක් බවට පත් වූ අතර ඔහුගේ පර්යේෂණ මගින් සිදු කරන ලද වැදගත් දියුණුව නොතකා ඔහුගේ ශාස්ත්‍රීය තනතුරු අහිමි කරන ලදී. ඔහුගේ සමහර සම වයසේ මිතුරන් මෙන් නොව, ලැව්රෙන්ටිව්, ලුසින්ට එරෙහිව මායාකාරියන් දඩයම් කිරීමට (witch-hunt) සහභාගී නොවීය.

වසර 75කට පෙර: ෆැසිස්ට් ශිෂ්‍යයෙක් ඉතාලි කොමියුනිස්ට් පක්ෂ නායකයා ඝාතනය කිරීමට තැත් කරයි

1948 ජූලි 14 වන දින, ෆැසිස්ට් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූ ඇන්ටෝනියෝපැලන්ටේ, ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ (පීසීඅයි) නායක පැල්මිරෝටොග්ලියාට්ටිට වෙඩි තැබුවේ ඔහු නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයෙන් පිටව යද්දී ය. ජීවිත තර්ජනාත්මක තුවාල වලට ගොදුරු වූ ටොග්ලියාටි , ජාත්‍යන්තරව දන්නා දේශපාලන චරිතයක් වූ අතර, වාමාංශික සහ සමාජවාදී දේශපාලනයේ ඔහුගේ වාර්තාව 1917 රුසියානු විප්ලවයෙන් පසු වහාම ආරම්භ විය.

Palmiro
 පැල්මිරෝටොග්ලියාට්ටි,(දකුණේ), 1948 ඝාතන උත්සාහයෙන් සුවය ලබන අතරතුර රෝහලේ දී.

ඝාතන උත්සාහය මහජන කෝපය ඇවිස්සුවේය. දෙවන ලෝක සංග්‍රාමය අවසන් වී යන්තම් වසර තුනකට පසුව, දශක කිහිපයක් තිස්සේඉතාලිය පාලනය කල ෆැසිස්ට් බලවේග සමග ප්‍රතිඵල සමථයකට පත් වී නොමැති බව එය අවධාරනය කලේය. එපමනක් නොව, වෙඩි තැබීම සිදු වූයේ, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අගමැති ඇල්සයිඩ් ඩි ගැස්පෙරිගේ නායකත්වයෙන් යුත් ආන්ඩුව දකුණට ගත් තියුනු මාරුවක් මධ්‍යයේ ය. එය, අන්ත දක්ෂිනාංශික බලවේගවල පුනර්ජීවනයක් ඇතුලත්, සෝවියට් සංගමයට එරෙහිව යොමු කරන ලද එක්සත් ජනපද සීතල යුද්ධ පිලිවෙත් සමග වඩ වඩාත් පෙලගැසී තිබුනි. 

වෙඩි තැබීමට ප්‍රතිචාර වශයෙන් PCI විසින් මහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටියේය. විශාල වශයෙන් වැඩ කිරීමෙන් වැළකී සිටීමත් සමඟ කම්කරුවෝබලවත් ලෙස ප්‍රතිචාර දැක්වූහ. පෙර දශක ගනනාවක් පුරා ඉතාලියේ සිදු වූ දැවැන්ත සමාජ අරගල නොතකා, එක් ඉතිහාසඥයෙක් පසුව ටොග්ලියාටිගේ වෙඩි තැබීමෙන් පසු වැඩ නැවතුම් “ඉතාලි ඉතිහාසයේ මෙතෙක් සිදු වූ වඩාත්ම සම්පූර්ණ හා පුලුල්ම මහා වැඩ වර්ජනය” ලෙස විස්තර කරයි. දින දෙකක් මුළුල්ලේ රටම අඩාල විය.

 ඝාතන තැත පිටුපස සිටින ෆැසිස්ට් සංවිධානවලින් ඈත් වීමට සුළු උත්සාහයක් ගත් ඩී ගැස්පෙරි, රට පාලනය කරනු ලබන්නේ පාරේ යන කම්කරුවන් විසින් නොව පාර්ලිමේන්තුව විසින් බව ප්‍රකාශ කළේය. කෙසේවෙතත්, වර්ජන ව්‍යාපාරය අවසන් කිරීමේ තීරනාත්මක භූමිකාව පැමිණියේ ටොග්ලියාටිගෙන්මය. ඔහුගේ මරණාසන්න ඇඳේසිට ඔහු යථා තත්ත්වයට පත්වන බව ප්‍රකාශ කළ අතර කාර්මික සාමය සඳහා ආයාචනා කළේය. PCI වැඩ වැරීම නතර කළේය. කම්කරුවන් හා තරුනයින් හුදකලා කැරලි සහ කැළඹීම් කිරීමට ඉඩ හරින ලද අතර ඒවා පොලිසිය විසින් විසුරුවා හරින ලදී.

 ටොග්ලියාටිගේ භූමිකාව, සෝවියට් නිලධරයේ සියලු ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාවලට සහයෝගය දුන් සහ සම්බන්ධ වූ ස්ටැලින්වාදී ක්‍රියාකාරිකයෙකු ලෙස ඔහුගේ දශක ගනනාවක වෘත්තීය ජීවිතයට අනුකූල විය. රුසියානු විප්ලවයේ ස්ටැලින්වාදී පරිහානියට එරෙහිව සටන් කිරීම සඳහා 1920 ගනන්වල ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද වාම විපාර්ශවය තලා දැමීමට වූ සහභාගීත්වය මෙයට ඇතුලත් විය

පශ්චාත් දෙවන ලෝක යුද්ධයේ කාලපරිච්ඡේදය තුල යුරෝපය පුරා ස්ටැලින්වාදී පක්ෂ ධනවාදය යලි ස්ථාවර කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කලේය. මෙය පදනම් වූයේ නැගෙනහිරින් සෝවියට් බලපෑම් කලාපයක් වෙනුවට බටහිර යුරෝපයේ ධනවාදය පවත්වාගෙන යාම සඳහා , ස්ටාලින් සහ අධිරාජ්‍යවාදී බලවතුන් අතර ගිවිසුමක් මත ය. 

දශක ගනනාවක් තිස්සේෆැසිස්ට්වාදීන්ට පිටුබලය දුන් පාලක ප්‍රභූව ග්‍රහණයට ගැනීමට ඉතාලි කම්කරුවන් උත්සාහ කිරීමත් සමග, PCI, අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු තුලට ඇතුල් විය. ටොග්ලියාටි යුද්ධයෙන් පසු වහාම පිහිටුවන ලද ධනේශ්වර ආන්ඩුවල නියෝජ්‍ය අගමැති සහ පසුව අධිකරණ ඇමති ලෙස සේවය කරන ලදී . වතිකානුව සමග විධිමත් ගිවිසුමක් ඇතුලු දක්ෂිනාංශික ප්‍රතිගාමී පිලිවෙත් සියල්ලටම ඔහු සහාය දුන්නේ, ෆැසිස්ට්වාදීන් සමග එහි සහයෝගීතාවයෙන් සහ එක්සත් ජනපදය සමග සමීප සබඳතාවන්ගෙන් එය තව දුරටත් සම්මුතියකට ලක්වීමෙන් පසුවය.

ටොග්ලියාටිග සහ PCI ධනපති ආන්ඩු හැර ගියේ නැත. ඒ වෙනුවට, නේටෝව වැනි එක්සත් ජනපද ආධිපත්‍යය දරන විවිධ අධිරාජ්‍යවාදී ගිවිසුම් වලට ඇතුල් වෙමින් සිටි ඩි ගැස්පෙරි විසින් ඔවුන්ට බලහත්කාරයෙන් නෙරපා හරින ලදී.

 පල්ලන්ටේ නම් ෆැසිස්ට් ඝාතකයාට මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මුලින් වසර 13 යි මාස 8 ක සිරදඬුවමක් නියම විය. බලධාරීන් විසින් නැවත නැවතත් මැදිහත් වීමෙන් පසුව, ඔහුගේ දඬුවම වසර පහකට අඩු කරන ලදී. ඔහු 1953 දී නිදහස්වූ අතර වහාම රජයේ දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබා දුන්නේය. ඔහු 2022 ජූලි මාසයේදී වයස අවුරුදු 99 දී සාමකාමීව මිය ගියේය. පල්ලන්ටේ යනු පසුතැවිලි නොවූ ෆැසිස්ට්වාදියෙකු වූ අතර ඝාතනය කිරීමට තැත් කිරීම ගැන ඔහු කිසිවිටෙක පසුතැවිලි නොවීය.

වසර 100 කට පෙර: ගොවි-කම්කරු පක්ෂය මිනසෝටා හි දෙවන එක්සත් ජනපද සෙනෙට් ආසනය දිනා ගනී.

Johnson
 මැග්නස් ජොන්සන්

1923 ජුනි 16 වන දින, වාමාංශික ගොවි-කම්කරු පක්ෂයේ (FLP) අපේක්ෂක මැග්නස්ජොන්සන්, සේවය කරමින් සිටි රිපබ්ලිකන් සෙනෙට් සභික නට් නෙල්සන්ගේ අභාවයෙන් පසු විශේෂ මැතිවරණයකින් මිනසෝටා හි කනිෂ්ඨ එක්සත් ජනපද සෙනෙට් ආසනයට තේරී පත් විය. ජොන්සන් මිනසෝටා හි දෙවන FLP සෙනෙට් සභිකයා වූ අතර, 1922 දී තේරී පත් වූ හෙන්රික් ෂිප්ස්ටෙඩ් සමඟ එක් විය. ජොන්සන් මිනසෝටා ප්‍රාන්ත සෙනෙට් සභික ලෙස සහ මිනසෝටා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද සහ පසුව එක්සත් ජනපද කොන්ග්‍රස්සභිකයෙකු ලෙස ද සේවය කලේය.

එෆ්එල්පී සඳහා වූ ඡන්දය , එක්සත් ජනපදය සොලවමින් සිටි දැවැන්ත කෘෂිකාර්මික අර්බුදයක් මධ්‍යයේ ඉහළ මිඩ්වෙස්ට් හි කුඩා ගොවීන්ගේ වාමාංශික ව්‍යාපාරය නියෝජනය කළේය. පක්ෂයේ මූලාරම්භය 1915 හි ආරම්භ කරන ලද වාමාංශික ගොවිජන ව්‍යාපාරයක් වන උතුරු ඩැකෝටා හි “නිර්පාක්ෂික ලීගය” තුළ විය.

මිනසෝටාහි මැතිවරනය සහ එෆ්එල්පී හි අපේක්ෂිත ජයග්‍රහණය, ඒ වන විටත්, පාලක පන්තියේ සැලකිය යුතු කනස්සල්ලට හේතු වී තිබුණි. නිව් යෝර්ක් ටයිම්ස්.  සඳහන් කළේ ජුලි මාසයේ පැවති කලාපීය රිපබ්ලිකන් සම්මන්ත්‍රණවල මෙම ගැටලුව ආධිපත්‍යය දැරූ බවයි. කෘෂිකාර්මික නැගිටීමකින් වැඩිපුරම අහිමි වූයේ රිපබ්ලිකානුවන්ටය. “රැඩිකල්වාදීන් සහ රැඩිකල්වාදය මේ රටේ ආන්ඩුවේ හදවතට කමින් සිටින බව කියනු ලබන අතර, රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ පොදු සතුරන් ලෙස ඔවුන්ව දක්වා ඇත” යනුවෙන් පුවත්පත වාර්තා කලේය, “ගොවීන් සතුටු කිරීම සඳහා ප්‍රචාරණ ව්‍යාප්ත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න…” යන්න එකතු කිරීමට පෙර සදහන් කලේය.

1923 ජූලි මාසයේ පැවති චිකාගෝසමුළුවකදී FLP ජාතික පක්ෂයක් ලෙස සංවිධානය වීමට පටන් ගෙන තිබුණි. එහි නමට අනුව, FLP කම්කරුවන්ට ආයාචනා කිරීමට උත්සාහ කළේය. එය ඩිමොක්‍රටික් පක්ෂයට බැදී සිටි ඇමරිකානු කම්කරු නිලධරය විසින් දැඩි ලෙස විරුද්ධ වූ ඉලක්කයකි.එය ජනගහනයේ සුලු ධනේශ්වර ස්ථරයන් මත පදනම් වූ බැවින්, FLP කිසිදා කම්කරු පන්තියේ පක්ෂයක් විය නොහැකි විය.එසේ වුවද, දක්ෂිනාංශික නැඹුරුවක් ඇති කොමින්ටර්න් නිලධාරි ජෝන් පෙපර් විසින් දිරිමත් කරන ලද තරුණ කොමියුනිස්ට් පක්ෂයේ අවස්ථාවාදී කොටස්, සටන්කාමී කම්කරුවන් FLP වෙත යොමු කිරීමට උත්සාහ කළහ. ලියොන් ට්‍රොට්ස්කි පසුව කොමියුනිස්ට් සහභාගීත්වය හැඳින්වූයේ “ගොවි-කම්කරු පක්ෂයක් නිර්මාණය කිරීමේ අඥාන සහ කුප්‍රකට වික්‍රමය” ලෙසය. 

1930 ගනන් තුලදී, FLP නව ගිවිසුම ක්‍රියාවට නැංවීමේදී රූස්වෙල්ට් පරිපාලනය සමග සමීපව කටයුතු කළ සංස්ථාපිත ධනේශ්වර පක්ෂයක් බවට වර්ධනය විය. එය ස්ටැලින්කරණය වූ කොමියුනිස්ට් පක්ෂය විසින් දැඩි ලෙස ආක්‍රමණය කරන ලද අතර ට්‍රොට්ස්කිවාදී නායකත්වයෙන් යුත් 1934 මිනියාපොලිස්හි මහා වැඩවර්ජනය මැඩලීමට උත්සාහ කිරීමේදී ගොවි-කම්කරු ආණ්ඩුකාර ෆ්ලොයිඩ් බී. ඔල්සන් යටතේ ප්‍රතිගාමී භූමිකාවක් ඉටු කළේය. 1930 ගනන් තුලදී, FLP නව ගිවිසුම ක්‍රියාවට නැංවීමේදී රූස්වෙල්ට් පරිපාලනය සමග සමීපව කටයුතු කළ සංස්ථාපිත ධනේශ්වර පක්ෂයක් බවට වර්ධනය විය. එය ස්ටැලින්කරණය වූ කොමියුනිස්ට් පක්ෂය විසින් දැඩි ලෙස ආක්‍රමණය කරන ලද අතර ට්‍රොට්ස්කිවාදී නායකත්වයෙන් යුත් 1934 මිනියාපොලිස්හි මහා වැඩවර්ජනය මැඩලීමට උත්සාහ කිරීමේදී ගොවි-කම්කරු ආණ්ඩුකාර ෆ්ලොයිඩ් බී. ඔල්සන් යටතේ ප්‍රතිගාමී භූමිකාවක් ඉටු කළේය.

ඉතිහාසයේ මෙම සතිය: ජූලි 10-16 Read More »

MAharajah

ඉතිහාසයේ මෙම සතිය: ජූලි 3-9

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 02 දින ඉංග්‍රීසියෙන් පලවූ This week in history: July 3-9 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: පුවර්ටෝ රිකෝ මහා වැඩ වර්ජනය

1998 ජූලි 7-8 දිනවල පුවර්ටෝ රිකෝ හි ඇස්තමේන්තුගත කම්කරුවන් මිලියන භාගයක් මහා වැඩ වර්ජනයකට සහභාගී වූ අතර එය දිවයිනේ ඉතිහාසයේ විශාලතම වැඩ නතර වීම විය. මෙම වර්ජනය කැඳවා තිබුණේ දුරකථන සේවකයින්ගේ නායකත්වයෙන් යුත් වෘත්තීය සමිති 60ක එකමුතුවක් විසිනි.

වැඩ වර්ජන ආධාරකරුවෝ සැන් ජුවාන් හි ප්‍රධාන ගුවන් තොටුපළ ප්‍රවේශය කෙටි කලකට අවහිර කළහ. ජල හා විදුලි සේවා වල කඩින් කඩ ඇණහිටීම් ද සිදු විය. වර්ජනයේ දෙවන දිනයේ කම්කරුවෝ කැරොලිනා නගරයේ ඉන්ඩියානාපොලිස් හි ඖෂධ සමාගමක් වන එලි ලිලී සහ සමාගමෙහි කම්හලේ දොරටු අවහිර කළහ. වර්ජකයෝ සැන් ජුවාන් හි දෙවන විශාලතම ගුවන් තොටුපළ ඉස්ලා ග්‍රැන්ඩි (Isla Grande) වෙත   ඇතුළුවීම ද අවහිර කළහ.

ආන්ඩුවේ පුද්ගලීකරන සැලසුම් වලට එරෙහිව රජයට අයත් පුවර්ටෝ රිකෝ දුරකථන සමාගමේ කම්කරුවෝ ජූනි 18 සිට වැඩවර්ජනයක නිරතව සිටියහ. පුවර්ටෝ රිකෝ  ආණ්ඩුකාර පෙද්‍රෝ රොසෙලෝ ට පුවර්ටෝ රිකෝ දුරකථන සමාගම GTE සහ බැන්කො පොප්‍යුලර් ඩී පුවර්ටෝ රිකෝ ( Banco Popular de Puerto Rico) යන ප්‍රමුඛ ආයෝජකයින් පිරිසකට විකිණීමට අවශ්‍ය විය. වැඩ වර්ජනයට පෙරාතුව, වර්ජකයන්ට, පොලිස් පහරදීම් , මහජන සහයෝගයේ පිටාර ගැලීමක් ජනනය කළේය.

advertisement
නිව් යෝර්ක් ටයිම්ස් හි පුවර්ටෝ රිකන් ව්‍යාපාරික අවශ්‍යතා විසින් ප්‍රකාශයට පත් කරන ලද දැන්වීම. [ඡායාරූපය: නිව් යෝර්ක් ටයිම්ස්]

මත විමසුම් මගින් දිවයිනේ වැසියන් පෞද්ගලීකරණයට දෙකට එක පරතරයකින් විරුද්ධ වූ අතර, 1998 ජූලි 12 දින නිව් යෝර්ක් ටයිම්ස් සංස්කරණයේ පළ කරන ලද දැන්වීමක මෙසේ සඳහන් විය: “පෞද්ගලීකරණය හරහා දුරකථන සමාගම නවීකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ඇතැම් කම්කරු කණ්ඩායම් විසින් උසිගන්වන ලද පුවර්ටෝ රිකෝ හි මෑත කාලීන පැය 48 වැඩ වර්ජනය, පුලුල්ව පැතිරුනු මාධ්‍ය ආවරණය තිබියදීත්, දීප ව්‍යාප්ත සහයෝගය ඉතා අඩු වූ අතර දිවයිනේ ශක්තිමත් ආර්ථිකයට ද්‍රව්‍යමය වශයෙන් බලපෑවේ නැත.”

පුවර්ටෝ රිකෝහි පන්ති අරගලය පුපුරා යාම, දිවයිනේ ආර්ථික සංවර්ධනයේ සහ එක්සත් ජනපද යටත් විජිතවාදයට දේශපාලනිකව යටත් වීමේ ඓතිහාසික අර්බුදයක ප්‍රකාශනයකි. පශ්චාත් යුධ සමය ආරම්භයේ දී, සාපේක්ෂව ලාභ පුවර්ටෝ රිකෝ ශ්‍රමය, සූරාකෑමේ මාධ්‍යයක් ලෙස ඊනියා ඔපරේෂන් බූට්ස්ට්‍රැප් ආරම්භ කරමින්, දිවයින කාර්මිකකරණය කිරීමට එක්සත් ජනපදය උත්සාහ කළේය. මෙම උපාය මාර්ගය අනුගමනය කරන ලද්දේ 936 වගන්තියේ බදු සංග්‍රහයන් පැනවීමෙනි, එය දිවයිනේ බදු විරාමයක් ලෙස සංගතවලට ඉඩ දීමෙන් ආයෝජන දිරිගැන්වීමේ උත්සාහයකි.

එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රාග්ධනය එම එක් එක් මුලපිරීම් වලින් ලාභ ලැබීය. ඒවා කිසිවකින්  පුවර්ටෝ රිකෝ හි ව්‍යුහාත්මක විරැකියාවේ සැලකිය යුතු වෙනසක් නොවූ අතර, ජනගහනයෙන් සියයට 60 කට වඩා නිල දරිද්‍රතා රේඛාවට පහළින් තබන තත්වයන් වෙනස් කළේ නැත.

වසර 50 කට පෙර: රුවන්ඩාවේ හමුදා කුමන්ත්‍රණය ජුවෙනල් හබරිමානා බලයට ගෙන එයි

1973 ජුලි 5 වෙනිදා රුවන්ඩාවේ ජනාධිපති ග්‍රෙජුවා කෙඉබණ්ඩා (Grégoire Kayibanda) එවකට ආරක්ෂක ඇමති ජුවෙනාල් හබ්යාරිමානා (Juvenal Habyarimana) විසින් හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරන ලදී. රාජාණ්ඩුව අහෝසි කිරීම, හුටූ බහුතරයට රට පාලනය කිරීමට ඇති අයිතිය සහ කොමියුනිස්ට් විරෝධී වැඩසටහනක් මත රුවන්ඩාවේ නිදහස සඳහා අරගලයක් ගෙන ගිය පාර්මෙහුටු දේශපාලන පක්ෂයේ නායකයා ලෙස කෙඉබණ්ඩා රුවන්ඩාවේ පළමු ජනාධිපතිවරයා විය.

පළමු ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය සහ පසුව බෙල්ජියම විසින් යටත් විජිත පාලනය යටතේ, ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක, බහුතර හුටූ සහ සුළුතර ටුට්සි, හිතාමතාම බෙදා දැඩි කුල ක්‍රමයක් තුළ එකිනෙකාට එරෙහිව පිහිටුවා ගන්නා ලදී. ටුට්සිවරුන්ට යටත්විජිත ආන්ඩුව තුළ අධ්‍යාපනය, රැකියා සහ පරිපාලන තනතුරු සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහ ටුට්සි ආධිපත්‍යය දරන රුවන්ඩා රාජාණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යාම ඇතුළු වරප්‍රසාද ලබා දෙන ලදී.

1962 දී රටේ පළමු මැතිවරණයෙන් සියයට 77 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් කෙඉබණ්ඩා සහ පර්මේහුටු පක්ෂය බලයට පත්වීමත් සමඟ රාජාණ්ඩුව අහෝසි විය. ජනාධිපති ලෙස, කෙඉබණ්ඩා රුවන්ඩාව තනි පක්ෂ රාජ්‍යයක් බවට පරිවර්තනය කළේ තමාගේ ප්‍රධානත්වයෙනි. ඔහු දේශපාලන ජීවිතයේ ටුට්සි ආධිපත්‍යය වෙනුවට හුටු ආධිපත්‍යය ආදේශ කරන ප්‍රතිපත්ති අනුගමනය කළේය. විශේෂයෙන්ම, කෙඉබණ්ඩා  ඔහුගේම ප්‍රදේශයේ වූ දකුණේ , ඔහුගේ සමීපතම සගයන්ට අනුග්‍රහය ලබා දුන්නේය.

කෙඉබණ්ඩා යටතේ හුටූ වාර්ගිකයන්  ගණනාවක් ධනවත් වී ප්‍රභූ සමාජයට පිවිසි නමුත් අතිමහත් බහුතරයක් දුප්පත්කමේ තත්වයන් තුළ රැඳී සිටියහ. 1973 දී, රුවන්ඩාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 63 ක් වූ අතර, එය ලෝකයේ 15 වැනි දුප්පත්ම රට බවට පත් විය. කෙඉබණ්ඩාගේ ප්‍රාදේශීය අනුග්‍රහය අනෙකුත් ප්‍රදේශවලින් පැමිණි හුටු ප්‍රභූ සාමාජිකයන්ගේ කෝපයට හේතු විය. මෙයට උතුරු රුවන්ඩාවේ සිට පැමිණි හබ්යාරිමානා ද ඇතුළත් විය.

defence minister
ආරක්ෂක අමාත්‍ය ජුවෙනාල් හබ්යාරිමානා [ඡායාරූපය: එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව]

බෙල්ජියම් යටත් විජිත තන්ත්‍රය විසින් මුලදී අධ්‍යාපනය සහ පුහුණුව ලැබූ හබ්යාරිමානා හමුදා නිලයන්ට නැග , පරමෙහුටු පක්ෂය බලයට පත්වන විට නිලධාරියෙකු ලෙස උපාධිය ලබා ගත්තේය. නව පාලනය යටතේ හුටු ජාතිකයෙකු ලෙස ඔහු ඉක්මනින්ම නිලයෙන් ඉහළට නැඟුණු අතර 1973 වන විට හමුදා මාණ්ඩලික ප්‍රධානියා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් විය.

ජුලි 5 වන දින හබ්යාරිමානා සිය කුමන්ත්‍රණය දියත් කළ විට ඔහුට හමුදාවේ සහයෝගය හිමි වූ අතර සුළු ප්‍රතිරෝධයකට මුහුණ දීමට සිදුවිය. කිසිදු මරණයකින් තොරව රජය පාලනය කර ගැනීමට ඔහුට හැකි වූ අතර, අත්අඩංගුවට ගැනීම් 56 ක් පමණක් විය. පසුව විසුරුවා හරින ලද පරෙමෙහුටුවේ කෙඉබණ්ඩා සහ අනෙකුත් නායකයින් ද මෙම අත්අඩංගුවට ගැනීම් වලට ඇතුළත් විය. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් 56 දෙනාම පසුව වසර ගණනාවකට පසු සිරගෙදරදී මරා දමනු ලැබීය, සමහරු සාගින්නෙන් පෙළනු ලැබූ බව වාර්තා වේ.

ජනාධිපති ලෙස, හබ්යාරිමානා පරමෙහුටු වෙනුවට ප්‍රංශ අධිරාජ්‍යවාදයේ පිටුබලය ඇතිව සංවර්ධනය සඳහා වූ ජාතික විප්ලවවාදී ව්‍යාපාරය (MRND) ඔහුගේම ඒක-පක්ෂ තන්ත්‍රය මගින් ආදේශ කළේය. ඔහු ටුට්සි විරෝධී සංහාර දිරිමත් කළ වඩාත් ආක්‍රමණශීලී හුටු අධිපතිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඊට ප්‍රතිචාර වශයෙන්, උගන්ඩාවට පලා ගිය ටුට්සි කැරලිකරුවන් රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ (RPF) පිහිටුවා MRND ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග සඳහා දීර්ඝ සූදානමක් ආරම්භ කළහ.

හබ්යාරිමානා වසර 20 කට වැඩි කාලයක් රුවන්ඩාව පාලනය කරනු ලැබීය. 1990 දී ආර්පීඑෆ් රුවන්ඩාව ආක්‍රමණය කර රුවන්ඩා සිවිල් යුද්ධය ආරම්භ කළේය. 1994 දී හබ්යාරිමානා ඝාතනය කරන ලද අතර, එය අවම වශයෙන් ටුට්සි ජාතිකයන් 800,000 ක් ඝාතනය කරමින් රුවන්ඩා ජන සංහාරය සිදු කළ ආන්ඩුව තුළ සහ ඉන් පිටත හුටූ අන්තවාදීන්ගේ නැගිටීමක් ඇති කළේය.

වසර 75 කට පෙර: බ්‍රිතාන්‍ය කම්කරු රජය ජාතික සෞඛ්‍ය සේවය පිහිටුවයි

1948 ජුලි 5 වන දින, නිර්මාණය කරන ලද බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය (NHS) , අද දක්වාම පවතින ආයතනයක් වන අතර, දළ අඩු අරමුදල් සහ පුද්ගලීකරනය සඳහා හිතාමතා කරන ලද උත්සාහයන් හේතුවෙන් වෙන කවරදාටත් වඩා දුර්වල ස්වරූපයෙන් පවතී. එන්එච්එස් පිහිටුවීම පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ, බ්‍රිතාන්‍යයේ සහ ජාත්‍යන්තරව ආරම්භ කරන ලද සමාජ ප්‍රතිසංස්කරණවල ඉහළම ලක්ෂ්‍යයක් විය.

සැමට ප්‍රවේශ විය හැකි විශ්ව වෛද්‍ය සේවාවක් සඳහා වන ඉල්ලීම් වසර ගණනාවකට පෙර කම්කරු පක්ෂය තුළ මතු වී තිබුණි.අවපාතයේ සමාජ අර්බුදය මධ්‍යයේ පැවති පක්ෂයේ 1934 සමුළුව, එවැනි රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් සම්මත කර තිබුණි. ධනවත් ප්‍රභූ පැලැන්තියට සහ මධ්‍යම පන්තියේ කොටස්වලට ඔවුන්ගේ මූල්‍ය සම්පත් මත පදනම්ව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකි තත්ත්වය මත වැඩෙන කෝපය මධ්‍යයේ එය සිදු වූ අතර කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ සෞඛ්‍ය සේවා තත්ත්වයන් බොහෝ පැතිවලින්  වික්ටෝරියානු යුගයට සමානව පැවතුනි.

යුද්ධයේ බලපෑම , එම ඉල්ලීම්වලට අමතර බරක් එකතු කර තිබුණි. බ්‍රිතාන්‍ය, මිත්‍ර පාක්ෂික තුවාලකරුවන්ගේ ඉදිරි පෙළේ නොසිටියත්, නාසි පාලන තන්ත‍්‍රය සමඟ ඇති වූ ගැටුමේදී සැලකිය යුතු තුවාල හා මරණවලට ලක්ව තිබුණි. පළමු ලෝක සංග්‍රාමයේදී ගුවන් ප්‍රහාරවල බලපෑම, පාඩු හා අන්තරායන් පිළිබඳ ක්ෂණිකභාවයට එකතු කර තිබුණි.

කෙසේ වෙතත්, ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය වූයේ ටෝරිවරුන්ගේ පශ්චාත් යුධ මැතිවරණ පරාජයයි. යුධ සමයේදී කම්කරු පක්ෂය විසින් පවත්වාගෙන ගිය දිග්ගැස්සුනු “ජාතික සමගිය” සභාගයකින් පසුව, 1945 ජූලි මාසයේ පැවති මහ මැතිවරණය ටෝරිවරුන්ට දැවැන්ත පරාජයක් සහ කම්කරු පක්ෂයට පෙර නොවූ විරූ පිම්මක් ලබා දී තිබුණි. බ්‍රිතාන්‍යයේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ වර්ධනය වන රැඩිකල්කරණය මධ්‍යයේ, යුද්ධයේ වීරයෙකු ලෙස මාධ්‍ය තුලින් වර්ණනා කරන ලද ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් අපකීර්තිමත්  ලෙස ප්‍රතික්ෂේප කරන ලදී.

අගමැති ක්ලෙමන්ට් ඇට්ලිගේ කම්කරු ආන්ඩුව සමාජ ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රවේශම් සහගත වැඩ පිළිවෙලක් දියත් කළේය. පතල් හා මූල්‍ය අංශ ඇතුළු ඇතැම් කර්මාන්ත ජනසතු කිරීම සහ සුබසාධන රාජ්‍යය බවට පත්වන දේ ස්ථාපිත කිරීම මෙයට ඇතුළත් විය.

attlee
අගමැති ක්ලෙමන්ට් ඇට්ලි

විශ්වීය සෞඛ්‍ය සේවය සඳහා වූ පුළුල් පදනමක් පෙන්නුම් කරමින්, ටෝරිවරුන්ට පවා ඊට සෘජුව විරුද්ධ වීමට නොහැකි විය. ඒ වෙනුවට, ඔවුන් දේශීය ස්වාධීනත්වය සහතික කිරීමේ කඩතුරාව මත සෞඛ්‍ය සේවා පද්ධතියේ මධ්‍යගත රාජ්‍ය පාලනයට එරෙහිව යොමු කරන ලද කම්කරු ආන්ඩුවේ පනත් කෙටුම්පතට සංශෝධන ආරම්භ කළහ.

කම්කරු ආන්ඩුවේ පිලිවෙතෙහි පන්ති ස්වභාවය සහ අවසාන අරමුන පිලිබඳ පැහැදිලි ඇඟවීමක් – ධනේශ්වර ලාභ පද්ධතිය ඉහල නැංවීමට – එන්එච්එස් පිහිටුවීම සහ ලන්ඩන් නැව් තටාක සේවකයින්ට පහර දීම එකවර සිදු වීම අතර සම්බන්ධය මගින් අවධාරනය කෙරුනි.

එන්එච්එස් පියවර , නීතියක් බවට පත් කිරීමට සතියකට පෙර, අනතුරුදායක හා අපිරිසිදු වැඩ සඳහා ප්‍රසාද දීමනා අත්හිටුවීමට එරෙහිව යොමු වූ තටාක වර්ජන සම්බන්ධයෙන් කම්කරු පක්ෂය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණි. දක්ෂිනාංශික වෘත්තීය සමිති නිලධරයේ පිටුබලය ලත් එම ප්‍රකාශය, රජය විසින් අනුමත කරන ලද වර්ජන කඩන්නන් ලෙස කම්කරුවන්ට එරෙහිව හමුදාව ඵලදායී ලෙස යෙදවීමට මග පෑදීය.

වසර 100 කට පෙර: බ්‍රිතාන්‍ය  ඉන්දියානු ජාතික කුමාරයා  බලහත්කාරයෙන් සිහසුනෙන් නෙරපයි.

1923 ජූලි 7 වන දින, ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත බලධාරීන් විසින් පන්ජාබයේ නාමිකව ස්වාධීන සික් කුමාර රාජ්‍යක් වන නාභාහි මහාරාජා රිපුදමන් සිංට සිහසුන අත්හැරීමට බල කරන ලදී. ඔහු අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු , අසල්වැසි බ්‍රිතාන්‍ය ගැති රාජ්‍යයක නිලධාරීන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කරන ලදී.

1911 දී ඔහුගේ පියාගේ අභාවයෙන් රිපුදමන් සිං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් සෘජුව පාලනය නොකළ ඉන්දියාවේ සිය ගණනක් වූ කුමාර රාජ්‍ය වලින් එකක් වන නාබාහි මහාරාජා බවට පත් විය.සාමාන්‍ය පරිදි ඔහුගේ තත්ත්‍වයේ පාලකයන් සඳහා ඔටුනු පැළඳවීම එවකට සිටි ඉන්දියාවේ බ්‍රිතාන්‍ය වයිස්රෝයි විසින් සිදු කරනු ලැබුවත්,  ඔහු එය ප්‍රතික්ෂේප  කළේය. පළමු ලෝක යුද්ධ සමයේදී ඔහු බ්‍රිතාන්‍යයන් සමඟ සටන් කිරීමට හමුදා යැවීම ද ප්‍රතික්ෂේප කරන ලදී.

MAharajah
මහාරාජා රිපුදමන් සිං

කොන්සර්වේටිව්, බ්‍රිතාන්‍ය ගැති පූජකයන්ගේ පාලනයෙන් සීක් ගුරුද්වාර (පූජා ස්ථාන) නිදහස් කිරීමට උත්සාහ කළ සීක්වරුන් අතර යටත් විජිත විරෝධී ව්‍යාපාරයක් වන අකාලිස් හට ඔහු සහාය දුන් බව කියනු ලැබේ. කාන්තාවන් සඳහා වන ප්‍රගතිශීලී නීති සම්පාදනයට රිපුදමන් සිං ද සහාය විය.

1919 ජාලියන්වාලාබාග් සංහාරයෙන් පසුව, එනම් , බ්‍රිතාන්‍යයන් විසින් සික් ආගමේ අති පූජනීය ස්ථානවලින් එකක් වන සීක් රන් දෙවොල පිහිටි අම්රිත්සාර් අසල වෙළඳපොලකදී සිය ගණනක් ඉන්දියානුවන් වෙඩි තබා මරා දැමීමෙන් පසු ඔහුගේ බ්‍රිතාන්‍ය විරසකය වඩාත් ගැඹුරු විය.

රිපුදමන් සිං 1920 න් පසු ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති වූ ලාලා ලජ්පත් රායිට සමීපව සිටි අතර, 1928 දී ලාහෝර්හිදී බ්‍රිතාන්‍ය පොලිස් අධිකාරීවරයා විසින්ම  අමානුෂික ලෙස පහර දී ලාලා ලජ්පත් රායි මරා දමන ලදී.

 ඔහු සිහසුන අත්හැරීමෙන්  පසු, බ්‍රිතාන්‍යයන් විසින් රිපුදමන් සිංගේ තුන් හැවිරිදි පුත්‍රයා නාභා හි සිංහාසනය මත තබා, ඒ සමගම බ්‍රිතාන්‍ය පරිපාලකයෙකු රීජන්ට්වරයෙකු ලෙස පත්කර, හිටපු මහාරාජා පිටුවහල් කළේය. ඔහු ඉවත් කිරීම නාබාහි මහජන විරෝධතා ඇති කළ අතර එම විරෝධතා ඔහුව නැවත බලයට පත් කිරීමට අපොහොසත් විය.

ඉතිහාසයේ මෙම සතිය: ජූලි 3-9 Read More »

French Dragoons

ඉතිහාසයේ මෙම සතිය: ජූනි 26 – ජූලි 2

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 25 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: උතුරු අයර්ලන්ත සභාව රැස්වේ

1998 ජුලි 1 වෙනිදා, නව උතුරු අයර්ලන්ත සභාව බෙල්ෆාස්ට් හි ස්ටෝමොන්ට් බලකොටුවේදී රැස් වූ අතර අල්ස්ටර් යුනියන්වාදී පක්ෂයේ (යූයූපී) ඩේවිඩ් ට්‍රිම්බල් පළමු ඇමතිවරයා ලෙස පත් විය. අයර්ලන්ත ජාතිකවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ කම්කරු පක්ෂයේ (SDLP) සීමස් මැලන් ට එහි  නියෝජ්‍ය නායකත්වය හිමි විය. ජූනි 25 වැනිදා පැවති මැතිවරණයෙන් පසුව මෙම පත්කිරීම් සිදු කර තිබුණි.

මැයි මාසයේදී අයර්ලන්තයේ උතුරේ සහ දකුණේ සමගාමීව පවත්වන ලද ජනමත විචාරණයේදී අනුමත කරන ලද, උතුරු අයර්ලන්ත ගිවිසුම මගින්, සභාව සඳහා විධිවිධාන ස්ථාපිත කරන ලදී. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය, අයර්ලන්ත ජනරජය (දකුණු අයර්ලන්තය), සින් ෆෙයින්, එස්ඩීඑල්පී සහ විශාලතම වෘත්තීය සමිතිවාදී පක්ෂය විසින් සකස් කරන ලද අතර, එය “සාමය සහ සහජීවනය ” මෙන්ම රැකියා සහ ආර්ථික සමෘද්ධිය සඳහා පදනම ලෙස නිරූපණය කරන ලද දැවැන්ත මහජන සම්බන්ධතා ව්‍යාපාරයක් හරහා ප්‍රවර්ධනය කරන ලදී. 

උතුරු අයර්ලන්ත සභා ඡන්ද විමසීමේදී, පළාතේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශ 18 සඳහා නියෝජිතයින් හය දෙනෙකු තේරී පත් වූ අතර, මුළු සාමාජික සංඛ්‍යාව 108 ක් විය. වාර්තාගත පක්‍ෂ සංඛ්‍යාවක් විසින්  මැතිවරණ තරග කරන ලද අතර සමහර මැතිවරණ කොට්ඨාශවල ආසන සඳහා දස දෙනෙකුට වඩා අභියෝග කරන ලදී. ඡන්දය ප්‍රකාශ කිරීම සමානුපාතික නියෝජන ක්‍රමයකින් සිදු වූ අතර එහිදී සාර්ථක අපේක්ෂකයන්ගෙන් හෝ තේරී පත් වීමට නොහැකි තරම් කුඩා සංඛ්‍යාවක් ඇති අයගේ “අතිරික්ත” ඡන්ද, ඡන්දදායකයින් විසින් දක්වන ලද මනාපයන් අනුව යලි බෙදා හරින ලදී.

parliament
උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් පිටත ස්ටෝමොන්ට් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල [ඡායාරූපය Dom0803 / CC BY-SA 3.0]

මැයි ජනමත විචාරණවල රටාව පිළිබිඹු කරමින්, ප්‍රකාශිත ඡන්ද 822,000 න් සියයට 75 ක් ගිවිසුමට සහාය දක්වන පක්ෂවලට ලැබුණි. SDLP වැඩිම පළමු මනාප ලබා ගත් අතර එය සියයට 23 ට අඩු විය. UUP සියයට 21.16 ක කොටසක් ලබා ගත් නමුත් දෙවන මනාප ඡන්දය හේතුවෙන් වැඩිම ආසන සංඛ්‍යාව (SDLP 24 ට සාපේක්ෂව 28) ලබා ගත්තේය. ෂින් ෆේන් ආසන 18 ක් ලබා ගත්තේය. පක්ෂපාතී පැරාමිලිටරි හමුදාවන් හා සන්ධාන ගත ප්‍රගතිශීලී යුනියන්වාදී පක්ෂය (PUP), සම්මුතියට ගැති වෘත්තීය සමිති සාමාජිකයන් ගනන 30ක් කරමින් නියෝජිතයන් දෙදෙනෙකු සභාවට එවීමට නියමිත විය.

උතුරු අයර්ලන්ත ගිවිසුම හෝ සභාව මහජන ජනප්‍රිය, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක නිෂ්පාදනයක් නොවේ. ඒ දෙකම, බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ අයර්ලන්ත ධනේශ්වරය අතර සංවෘත දොරවල් පිටුපස ඇදී ගිය අතර ඔවුන්ගේ අවශ්‍යතා පිලිබිඹු කෙරුණි. එහි කේන්ද්‍රීය අරමුන වූයේ ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් මුළු අයර්ලන්තයම සූරා කෑමට ඇති සියලු බාධක ඉවත් කිරීමයි.

අයර්ලන්ත ජනරජය යුරෝපීය වෙලඳපොලට ප්‍රවේශය අපේක්ෂා කරන අන්තර් ජාතික සංගත සඳහා ප්‍රධාන ආයෝජන ස්ථානයක් බවට පත්වෙමින් තිබූණි. එය එසේ කළේ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දීමෙන් සහ අයර්ලන්ත කම්කරුවන්ගේ වියදමින් වෘත්තීය සමිති සමග සැලකිය යුතු වැටුප් සීමා කිරීමේ ගනුදෙනු ඇති කර ගැනීමෙනි. උතුරු අයර්ලන්ත ගිවිසුම අනුකරණය කිරීමට සැලසුම් කරන ලද වාර්තාව මෙයයි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති පළාත, එසේ කිරීමට දරන ප‍්‍රයත්නයට, 30 වසරක කටුක නිකායික ගැටුම නිසා නීතිය හා සාමය පවත්වාගෙන යාමට සහ සාම්ප්‍රදායික නිෂ්පාදන කර්මාන්තයේ පරිහානියට වන්දි ගෙවීමට අවශ්‍ය පුළුල් රාජ්‍ය අංශය පවත්වාගෙන යාමට දැරූ අතිවිශාල වියදම පෙර කල බාධාවක් විය.

අවුරුදු 50 කට පෙර :  චිලියේ පළමු කුමන්ත්‍රණය අසාර්ථක වෙයි

1973 ජූනි 29 වන දින, දෙවන සන්නද්ධ රෙජිමේන්තුවේ චිලී හමුදා සාමාජිකයින් ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ බලයෙන් නෙරපා මිලිටරි ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට උත්සාහ කළහ. කුමන්ත්‍රණය මෙහෙයවනු ලැබුවේ ෆැසිස්ට් දේශපාලන පක්ෂයක් වන “ෆාදර්ලන්ඩ් ඇන්ඩ් ලිබර්ටි” සමඟ දේශපාලනිකව සම්බන්ධ වූ ලුතිනන් කර්නල් රොබර්ටෝ සූපර් විසිනි.

1970 දී ඇලෙන්ඩේ තේරී පත් වූ දා සිට චිලී හමුදාවේ අන්ත දක්ෂිණාංශික සංවිධාන සීඅයිඒ සමඟ සන්නිවේදනය කරමින් කුමන්ත්‍රණයක් සඳහා සූදානම් වෙමින් සිටියහ. විශේෂයෙන්, සීඅයිඒ  “ෆාදර්ලන්ඩ් ඇන්ඩ් ලිබර්ටි” සමඟ සම්බන්ධතා පවත්වා ගෙන ගිය අතර සූපර් වැදගත් වත්කමක් ලෙස හඳුනාගෙන තිබුණි.

මෙතෙක් කල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාතීව සිටි යුද හමුදා නිලධාරීන් මෙම කුමන්ත්‍රණය ගැන සතියකට පෙර දැනගෙන කුමන්ත්‍රණය ගැන ඇලෙන්ඩේ ව දැනුවත් කළහ. සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම් සමඟ රජය ඉදිරියට ගිය විට, සිය හමුදා බලමුලු ගැන්වීමට සූපර් තීරණය කළේය.

Moneda Palace
චිලියේ කුමන්ත්‍රණ උත්සාහයට එරෙහිව මොනෙඩා මාලිගයේ දකුණු පැත්ත ආරක්ෂා කරන මැෂින් තුවක්කුකරුවන් [ඡායාරූපය: රෙවිස්ටා ආර්ජන්ටිනා සයිටේ ඩයස්]

සන්තියාගෝ නගරයේ වීදි දිගේ යුධ ටැංකි ඉදිරියට ගිය අතර ජනාධිපති මන්දිරය සහ ආරක්ෂක අමාත්‍යාංශය වට කළේය. පෙ.ව. 9.00 ට, සූපර් නියෝග කළේ රජයේ ගොඩනැගිලිවලට වෙඩි තැබීමට, ටැංකි වටවලින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන ලෙසටය.

රාජ්‍ය කාර්යාලවල සේවය කළ සියලුම රජයේ සේවකයන් සමූල ඝාතනය කිරීම මෙම සැලැස්මේ මූලික දෙයක්  විය. ටැංකි පාරවල් හරහා ඉදිරියට යද්දී බොහෝ කම්කරුවන්ට වෙඩි තබා මරා දමන ලදී. කුමන්ත්‍රණ ප්‍රයත්නයෙන් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගියහ.

මේ අවස්ථාවේදී හමුදාපතිවරු ඇලෙන්ඩේට පිටුබලය දීමට තීරණය කළ අතර කැරැල්ල මැඩපැවැත්වීම සඳහා හමුදා යවා සූපර් අත්අඩංගුවට ගත්හ. ආන්ඩුව ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් කම්හල් අල්ලා ගන්නා ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමින් ඇලෙන්ඩේ ගුවන්විදුලි දේශනයක් ද නිකුත් කළේය.

සමාජවාදී පක්ෂයේ සභාපතිවරයා අධිරාජ්‍යවාදී අවශ්‍යතා සමනය කිරීමේ උත්සාහයක් ලෙස චිලියේ කර්මාන්තවල වැදගත් අංශවල බොහෝ කම්කරු සභා සහ වැඩ වර්ජන යටපත් කර තිබුණි. මෙම ක්‍රියා වලින් පසුව ඇලෙන්ඩේ සඳහා වූ ජනප්‍රිය සහයෝගය විශාල වශයෙන් අඩු වී ඇත.

ආඥාදායකත්වයට එරෙහිව ඔවුන්ව ආරක්ෂා කිරීමට ආන්ඩුව හා මිලිටරිය මත විශ්වාසය තැබිය හැකි බවට ඇලෙන්ඩේ කම්කරුවන්ට නැවත නැවතත් පොරොන්දු වී තිබුණි. ජූනි 29 කැරැල්ලෙන් පසුව, කුමන්ත්‍රණය නැවැත්වූයේ හමුදාව බව ඇලෙන්ඩේ පෙන්වා දුන්නේය. එහෙත් එහි යථාර්ථය වූ මිලිටරිය මගින් (ආන්ඩුව) පෙරලා දැමීමේ දැවැන්ත අනතුර එම සිදුවීම්වලින් පෙන්නුම් කරුණි.

සැප්තැම්බර් මාසයේදී ඔගස්ටෝ පිනෝචේ සිය සාර්ථක කුමන්ත්‍රණය මෙහෙයවන තෙක් සූපර් අත්අඩංගුවේ පසුවිය. ඔහු නිදහස් කර හමුදා ආන්ඩුවේ නායකත්වයට ගෙන එන ලදී.

මුලික කුමන්ත්‍රණ ප්‍රයත්නය අසාර්ථක වුවද, ඇලෙන්ඩේගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන ප්‍රතිචාරය සහ ස්ටැලින්වාදය හා සන්ධාන ගත වූ ” ජනතා එකමුතුවේ ” දේශපාලන ප්‍රතිචාරය, වඩාත් අධිෂ්ඨානශීලී සහ වඩා හොඳින් සංවිධානාත්මක වූ උත්සාහයක් සඳහා සූදානම් වීමට මිලිටරියට ඉඩ දුන්නේය. කම්හල් වාඩිලාගැනීම් හා සමාජවාදී විප්ලවයේ තර්ජනය මතුකරමින් සිටි කම්කරු සභා මුලුමනින්ම “ජනතා එකමුතුව” විසින් නිරායුධ කර තිබුණි.

වසර 75කට පෙර: බ්‍රිතාන්‍ය ලේබර් ආන්ඩුව ලන්ඩන් තටාක වර්ජනයට පහර දෙයි

1948 ජූනි 28 දින, අගමැති ක්ලෙමන්ට් ඇට්ලිගේ බ්‍රිතාන්‍ය කම්කරු රජය දෙසතියකට පමණ පෙර ආරම්භ වූ ලන්ඩන් නැව් තටාකයේ සේවකයින්ගේ වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. එම ප්‍රකාශය, ඵලදායි ලෙස, වැඩ නැවැත්වීම නීති විරෝධී කරන ලද අතර එමඟින් වර්ජකයන්ට එරෙහිව මිලිටරිය සහ අනෙකුත් රාජ්‍ය හමුදා යෙදවීමේ විභවය  සම්පාදනය කෙරුණි. එය වැඩවර්ජන ව්‍යපාරය පැතිරීම වැළැක්වීම අරමුණු කර ගෙන තිබුණි.

සින්ක් ඔක්සයිඩ් හැසිරවීම සඳහා හිමිවන විශේෂ ප්‍රසාද දීමනාව ඉල්ලා සිටි කම්කරුවන් ගනනාවකගේ වැඩ තහනම් කිරීමෙන් පසු ලන්ඩනයේ දී වැඩවර්ජනය ආරම්භ විය. පශ්චාත් යුධ කම්කරු රෙගුලාසි යටතේ, අනතුරුදායක හා අපිරිසිදු භාණ්ඩ සංචලනය කිරීම සඳහා කම්කරුවන්ට විවිධ අමතර ගෙවීම් කිරීම සිදු විය. කෙසේ වෙතත්, මේවා බොහෝ විට කප්පාදු කර හෝ කිසිසේත් ගෙවා නොතිබුණි.

Attlee
ක්ලෙමන්ට් ඇට්ලී [ඡායාරූපය: යූසුෆ් කාර්ෂ්]

අසාධාරණ ලෙස දණ්ඩනයට ගොදුරු කිරීම් පුලුල් අතෘප්තියට ප්‍රේරකයක් විය. කම්කරු රජයේ, ජාතික නැව් තටාක කම්කරු යෝජනා ක්‍රමයට, වරායවල අනියම් ශ්‍රමය යොදා ගැනීම වැනි ඇතැම් අතිරික්තයන් සීමා කර තිබුණි. එහෙත් ස්ථාවර වැටුප් ක්‍රමයක් ස්ථාපිත කිරීමේදී එය සමහර කම්කරුවන්ගේ මිලදී ගැනීමේ ශක්තිය ඛාදනය කර තිබුණි. එහි පරමාර්ථය වූයේ, අනිවාර්ය අතිකාල වැනි දේ කිරීමට කම්කරුවන්ට බලකෙරෙන, ඉහළින් නියාමනය කරන ලද කම්කරු පද්ධතියක් ස්ථාපිත කිරීමයි.

ප්‍රවාහන සහ සාමාන්‍ය සේවක සංගමය කම්කරු ආන්ඩුව සමග හවුල්කාරිත්වයෙන් මෙම යෝජනා ක්‍රමය බලාත්මක කරන ලදී.  1948 ජූනි වැඩ නතර කිරීම ඇතුළුව ඵලදායි ලෙස එම කාලපරිච්ඡේදයේ  වැඩවර්ජන වයිල්ඩ් කැට් (wildcat) ඒවාවූ අතර, වැඩ බිම්වල සහ වෙනත් ක්‍රියාකාරී කමිටු බොහෝ  වැඩ වර්ජන වල නායකත්වය ගෙන තිබුණි.

බ්‍රිතාන්‍ය පාලක ප‍්‍රභූව නැගී එන ව්‍යාපාරයට බියෙන් හා දැඩි සතුරුකමකින් ප‍්‍රතිචාර දැක්වීය. මැන්චෙස්ටර් ගාඩියන් අදහස් දක්වමින්: “වැඩවර්ජනය ව්‍යාප්ත වී ඇති ආකාරය අනුව එය පැහැදිලිය – සතියක් ඇතුළත, ඔවුන්ගේ වෘත්තීය සමිති නිලධාරීන්ගේ සෑම අධෛර්යමත්කම හමුවේ, පිටතට ගිය සංඛ්‍යාව 1,500 සිට 15,000 දක්වා වර්ධනය වී තිබේ – යෝජනා ක්‍රමයේ සමහර කොටස් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් තරමක් පුලුල්ව පැතිරුනු අතෘප්තිය පවතී.” 

ටයිම්ස් මෙම වැඩ නැවැත්වීම “විදේශ බලවේගයක ප්‍රහාරයේ තර්ජනය තරම්ම අධිෂ්ඨානශීලීව ප්‍රතිරෝධය දැක්විය යුතු අභියෝගයක්” ලෙස නම් කලේය.

ගුවන්විදුලි ඇමතුමක් දී ,  ඇට්ලී වැඩ වර්ජනය මුලුමනින්ම නීත්‍යානුකූල නොවන ලෙස හංවඩු ගසමින් මෙසේ ප්‍රකාශ කළේය: “මෙය ධනපතියන්ට හෝ හාම්පුතුන්ට එරෙහි වර්ජනයක් නොවේ. එය ඔබේ සහකරුවන්ට එරෙහි වර්ජනයකි; ගෘහණියට එරෙහිව වර්ජනයකි; ප්‍රමාණවත් තරම් දුෂ්කරතා ඇති සාමාන්‍ය ජනතාවට එරෙහිව වර්ජනයකි.” ඔහුගේ හදිසි ප්‍රකාශය සමඟ නැව් තටාකවල වැඩ සඳහා භට පිරිස් යෙදවීමත් සිදු විය. වෘත්තීය සමිති මුසාවාදයේ සහ ලේබර් ආන්ඩුවේ ආක්‍රමණශීලී ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස, වැඩ නැවතුම ජූලි මස මුලදී අවසන් විය.  

දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ ටෝරිවරුන් බලයෙන් පහ කළ කම්කරු පක්ෂයට සහය දැක්වීමේ රැල්ලක් මත ඇට්ලීගේ ආන්ඩුව තේරී පත් විය. ලේබර් ආණ්ඩුව ජාතික සෞඛ්‍ය සේවය නිර්මානය කිරීම වැනි සීමිත ප්‍රතිසංස්කරන ස්ථාපිත කල අතර, මේවා ක්‍රියාත්මක වූයේ කම්කරු පන්තියේ පීඩනය යටතේ ය. එපමනක් නොව, පන්ති ප්‍රතිවිරෝධතා මැඩපැවැත්වීම සහ යුද්ධයෙන් පසු ධනේශ්වර බ්‍රිතාන්‍යයේ පුනර්ජීවනය සඳහා පදනම දැමීම ඔවුන්ගේ ඉලක්කය විය. කම්කරු පන්තියේ ප්‍රධාන අරගල සියල්ලටම නැවත නැවතත් සතුරු ප්‍රහාර එල්ල කිරීමෙන් ලේබර් ආන්ඩුවේ පන්ති ස්වභාවය නිදර්ශනය විය.

වසර 100 කට පෙර: රුහර් නිම්නයේ දුම්රිය පාලම මත බෝම්බයකින් දස දෙනෙක් මරුට

1923 ජූනි 30 වන දින, ඩුයිස්බර්ග් සිට රයින් හරහා ඩුයිස්බර්ග්-හොච්ෆෙල්ඩ් දුම්රිය පාලම මතින් ගමන් කරමින් තිබූ හමුදා දුම්රියක තිබූ කාල බෝම්බයක් පිපිරීමෙන් බෙල්ජියම් සොල්දාදුවන් අට දෙනෙකු සහ ජර්මානු සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගියහ. තවත් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් හතළිස් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඇතැමුන් බරපතල ලෙස තුවාල ලැබූහ. මෙම ප්‍රබල පිපිරීමෙන් එක් මැදිරියක් විනශ වී ද, අනෙක් ඒවාට ධාවන පථයට ද මෙන් දැඩිව හානි වී තිබුණි. මෙම දුම්රිය නිවාඩු ලබා ගත් සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබුණි.

බෝම්බ ප්‍රහාරයට ලක් වූ කලාපය, ජර්මනියේ කාර්මික කේන්ද්‍රස්ථානය වන රූර් නිම්නය, වානේ, ගල් අඟුරු සහ දැව ඇතුළු ජර්මනියේ කාර්මික නිෂ්පාදන වලින් යුද වන්දි ලබා ගැනීම සඳහා ජනවාරි 9 සිට ප්‍රංශ සහ බෙල්ජියම් හමුදා විසින් අල්ලාගෙන තිබුණි.

ජර්මනිය මංමුලා සහගත පාලක පන්තියක් හා අධි උද්ධමනයක් අත්විඳිමින් සිටි අතර, 1920 දී ක්‍රියාකාරී අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රණයකට මුහුන දුන් රට සැප්තැම්බර් මාසයේදී තවත්  කුමන්ත්‍රණයකට උත්සාහ කර තිබුණි. විශාල කම්කරු පක්ෂ දෙකක් වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් (එස්පීඩී) සහ කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) පැවති අතර විප්ලවීය තත්වයක් මතුවෙමින් තිබුණි.

French Dragoons
එසෙන්හි මුර සංචාරයේ යෙදෙන ප්‍රංශ ඩ්‍රැගූන් භටයින් [ඡායාරූපය: Bibliothèque Nationale de France]

ජර්මානු ආන්ඩුව ප්‍රන්ස-බෙල්ජියම් ආක්‍රමණයට එරෙහිව ජනගහනයෙන් “නිෂ්ක්‍රීය ප්‍රතිරෝධයක්” ඉල්ලා සිටි නමුත් අල්ලාගැනීමට එරෙහිව හා දැවැන්ත කාර්මික සමාගම්වල හිමිකරුවන්ට මෙන්ම අන්ත දක්ෂිනාංශික ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව ප්‍රදේශයේ කම්කරුවන් විසින් දැවැන්ත වැඩ වර්ජන පැවැත්වුණි. ප්‍රංශ සහ බෙල්ජියම් හමුදා ජර්මානු ආන්ඩුවේ ඉල්ලීම පරිදි උද්ඝෝෂණ බිද දමා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මරා දමා තිබුණි. 

බෝම්බ ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන්, ප්‍රංශ සහ බෙල්ජියම් හමුදා වහාම ඩුයිස්බර්ග් වෙතින් ප්‍රාණ ඇපකරුවන් අල්ලා ගත් අතර, සියලුම ආපනශාලා, සිනමාහල් සහ කැෆේ වසා දැමූ අතර සියලුම වාහන ගමනාගමනය තහනම් කරන ලදී. වාඩිලා ගැනීමේ හමුදා ජූලි 15 දක්වා ජර්මනියේ සෙසු ප්‍රදේශවලින් මුළු රූර් නිම්නයම මුද්‍රා තැබූහ.

ඉතිහාසයේ මෙම සතිය: ජූනි 26 – ජූලි 2 Read More »

Scroll to Top