Author name: thesocialist

Yettsin

ඉතිහාසයේ මෙම සතිය: අගෝස්තු 14-20

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 14 දින ඉංග්‍රීසියෙන් පලවූ This week in history: August 14-20 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: මූල්‍ය අර්බුදය තුල  රුසියාව රුබලය අවප්‍රමාන කරයි

1998 අගෝස්තු 17 වන දින රුසියානු රජය රූබල් අගය අවප්‍රමානය කර කෙටි කාලීන භාන්ඩාගාර බිල්පත් (GKO) වෙලඳපොලේ වෙලඳාම අත්හිටුවා ජාත්‍යන්තර නය ආපසු ගෙවීම සඳහා දින 90 ක අත්හිටුවීමක් පැනවීය. 1987 ඔක්තෝම්බර් මාසයෙන් පසු ලන්ඩන් කොටස් වෙලඳපොලේ විශාලතම එක්දින කඩාවැටීමක්, ලතින් ඇමරිකාව පුරා කොටස් මිල කඩාවැටීමක්, වෝල් වීදියේ දැඩි පහත වැටීමක් සහ ෆෙඩරල් සංචිතය විසින් නියම කරන ලද සියයට 5.5 අනුපාතයට වඩා අඩුවෙන්, ලාභ (ඵලදා) අනුපාතය යන්තම් 5.43 දක්වා අඩු කරමින් එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර වෙත දඩිබිඩියේ දිව යෑමක්,  සමඟ දවසේ වෙලඳපොල අවසන් විය.

ජූලි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රුසියාවට ඩොලර් බිලියන 22.6 ක පැකේජයක් ලබා දුන් අතර එය කියා සිටියේ “රූබලය පිලිබඳ විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම සහ වත්මන් අර්බුදය විසඳීම සඳහා බොහෝ දුර ගොස් ඇති” බවයි.

Yettsin
රුසියානු සමූහාන්ඩුවේ සභාපති බොරිස් යෙල්ට්සින්, හතරවැනි (දකුනේ ) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ මිචෙල් කැම්ඩෙසස්, (වමේ) ක්‍රෙම්ලිනයේදී

“මහ බැංකුවට ලැබිය හැකි අතිරේක සම්පත් සමඟ රූබල් මත තිබූ පීඩනය ඉවත්ව ඇති අතර දේශීය නය තත්ත්වය දැන් කලමනාකරනය කර ගැනීමට හැකි තත්ත්වයක තිබේ.  ආසියාවෙන් වසංගත  තත්වය පැතිර ඒමකට රුසියාව ගොදුරු විය හැකි වුවද, අවප්‍රමානය කිරීම, නය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රාග්ධන පාලනය පිලිබඳ සමපේක්ෂනය දැන් විසිරී ගොස්  ඇති අතර එමඟින් රටේ අවදානම පිලිබඳ ආයෝජකයින්ගේ නොසන්සුන්තාවය සැලකිය යුතු ලෙස අඩු කරයි.”

කෙසේ වෙතත් යන්තම් සති පහකට පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම බිඳ වැටුනු අතර එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ආන්ඩුව බලයෙන් පහ කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලැස්ම මුල සිටම බිඳවැටීමට  පටන් ගත්තේය. මහ බැංකු අධිපති සර්ජී ඩුබ්‍යුනන් (Sergei Dubunin) හෙලිදරව් කලේ රුසියාවට ලබා දුන් පලමු IMF වාරිකයේ ඩොලර් බිලියන 4.8 න් ඩොලර් බිලියන 3.8 ක් පමන වියදම් කර ඇත්තේ රූබලයේ නිරර්ථක ආරක්ෂාවක් සඳහා වන අතර ඉතිරිය කෙටි කාලීන රජයේ නය පියවීම සඳහා භාවිතා කර ඇති බවයි.

අඛන්ඩ මූල්‍ය ගලායාමකට මුහුන දුන් රුසියානු බලධාරීන් තව දුර සහාය සඳහා IMF සහ G-7 රටවල් වෙත යොමු වූ නමුත් එය ප්‍රතික්ෂේප විය. සතියකට ඩොලර් බිලියන 1 බැගින් වූ නිල සංචිත පහත වැටීමත් සමඟ, ඔවුන්ට මුදල් අවප්‍රමානය කිරීම සහ නය ආපසු ගෙවීම කැටි කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව තිබුනේ නැත.

එම සති අන්තයේම ජනාධිපති යෙල්ට්සින් විසින් අගමැති සර්ජි කිරියෙන්කෝගේ මාස පහක පැරනි ආන්ඩුව නෙරපා හරින ලද බව සහ   පෙර අගමැති වික්ටර් චර්නොමිර්ඩින් නැවත බලයට කැදවූ කරන ලද නිවේදනය  සමඟ ඒකාබද්ධව, රුසියානු පාලනයේ අර්බුදය සහ මූල්‍ය වෙලඳපොලේ අවුල් ජාලය, ජාත්‍යන්තර ප්‍රවනතාවයක තියුනුම ප්‍රකාශනය වූවා පමනි: ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදය හමුවේ මූල්‍ය අධිපතීන්ගේ සාමාන්‍ය ව්‍යාකූලත්වය සහ සිදුවීම් වල ගමන් මග  පාලනය කිරීම කෙසේ වෙතත් අනාවැකි කීමට පවා ඔවුන්ට ඇති නොහැකියාව.

වසර 50කට පෙර: ඩෙට්‍රොයිට් ක්‍රයිස්ලර් කම්හලේ  ස්වයං සිද්ධ (වෘත්තීය සමිති විසින් නොකැදවූ /අනුමැතිය නොදුන් ) වාඩි ලා ගැනීමේ වර්ජනයට පොලිසිය පහර දෙයි

1973 අගෝස්තු 15 දින, පැය 30කට වැඩි කාලයක් වාඩිලා ගනිමින්  වැඩ වර්ජනයක් ගෙන ගිය කම්කරුවන් 50කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට ඩෙට්‍රොයිට් පොලිසිය ක්‍රයිස්ලර් මැක් ස්ටැම්පින් කම්හලට කඩා වැදුනි. මෙම වාඩිලෑම කම්හලේ සියලුම නිෂ්පාදන නතර කල අතර අගුලු දැමීම නිසා කම්හලෙන් පිටත සිටි තවත් සිය ගනනක් කම්කරුවන් විසින් සහාය දක්වන ලදී.

සමාගම් ආරක්ෂකයින් දෙදෙනෙකු සේවකයෙකුට පහර දීමත් සමඟ සටන්කාමී වාඩිලෑම ඇවිල ගියේය.  බිලී ගිල්බ්‍රෙත් නම් කම්කරුවා සතියකට පෙර සේවයෙන් පහ කිරීමට  ඉලක්ක කර තිබුනේ ඔහු තම වැඩ බිමේ අනාරක්ෂිත වාතාශ්‍රය පිලිබදව විරෝධය පල කිරීම සඳහා වැඩ නැවැත්වීමට නායකත්වය දුන් බැවිනි. විරෝධතාවයට සම්බන්ධ තවත් කම්කරුවන් හතර දෙනෙකු ද සේවයෙන් පහ කර තිබුනි.

Mack workers
මැක් කම්රුවන් මෙම ස්වයං සිද්ධ වර්ජනය අතරතුර 

ගිල්බ්‍රත් නැවත කම්හලට පැමින තිබුනේ ඔහු සේවයෙන් පහකිරීම ස්ථිරද සහ ඔහුව නැවත සේවයේ පිහිටුවීමට හැකිදැයි සොයා බැලීමටය. සමාගම් ආරක්ෂකයින් ඔහුට පහර දෙනු ලැබුනේ එවිටය. 

ගිල්බ්‍රත් වෙත ආරක්ෂකයින් පැමිනි විට, අනෙකුත් කම්කරුවන් ඔහුව ආරක්ෂා කිරීමට මැදිහත් වූ අතර කම්කරුවන් සහ ආරක්ෂකයින් අතර සටන් ආරම්භ විය. ක්‍රයිස්ලර් කලමනාකාරීත්වය ඊට  ප්‍රතිචාර දැක්වූයේ, කම්හලේ පූර්න පරිමානයේ වාඩිලාගැනීමක් නැවැත්වීමට උත්සාහ කරමින්, කම්හල අගුලු දමා,  උදෑසන වැඩ මුරය සඳහා පැමිනීමට නියමිත කම්කරුවන් 2,050 දෙනාගේ පැමිනීම වැලැක්වීමයි. 

ඒ වන විටත් ඇතුලේ සිටි කම්කරුවන් වාඩි ලා ගැනීම  ආරම්භ කලහ.සියලුම කම්කරුවන් නැවත සේවයේ පිහිටුවන තුරු නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට ඔවුන් ඉඩ නොදෙන බවත් , සම්පූර්න සමාව සහ ආපසු වැටුප් ලබා දීමත් , සහ වාඩි ලා ගෙන සිටි කම්කරුවන්ට එරෙහිව පසුව පලිගැනීම් සිදු නොවිය යුතු බවත් ඔවුහු ප්‍රකාශ කලහ.

මෙම වාඩි ලා ගැනීම,සති දෙකකට අඩු කාලයකදී ක්‍රයිස්ලර් හි පැවති තුන්වන ස්වයං සිද්ධ වැඩ වර්ජනයයි. කම්කරුවන්ගේ වැටුප් කා දමමින් තිබූ ඉහල උද්ධමනය මධ්‍යයේ, විශේෂයෙන්ම වත්මන් එක්සත් මෝටර් රථ කම්කරුවන් (යූඒඩබ්ලිව්) කොන්ත්‍රාත් ගිවිසුම 1973 සැප්තැම්බර් 14 දිනෙන් කල් ඉකුත් වීමට නියමිතව තිබූ හෙයින්, මෝටර් රථ කර්මාන්තය පුරා සටන්කාමී මනෝභාවයක් පැතිර ගොස් තිබුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ , එක්සත් ජනපද පූර්වගාමියා වන බුලටින වාර්තාකරුවන්ට කතා කල එක් සේවකයෙක්  ක්‍රයිස්ලර් මැක් කම්හලේ තත්වය විස්තර කලේ, “එම ස්ථානය රස්නෙයි, අපිරිසිදු හා අනතුරු සහිතයි නමුත්  සමිතිය ඒ ගැන කිසිවක් කරන්නේ නැත .” ලෙසය. තවත් සේවකයෙක් පැවසුවේ, “මේ  දැන් බොහෝ කම්හලේ වෘත්තීය සමිති නියෝජිතයින් තැනින් තැන සිටිමින් ආරක්ෂකයින් සහ කලමනාකාරිත්වය සමඟ කතා බහ  කරමින් සිටිති.” ලෙසය.

වාඩි ලා සිටි වර්ජකයින් පොලිසිය විසින් කම්හලෙන් ඉවත් කිරීමෙන් පසුව පවා, මෙම ස්වයං සිද්ධ අරගලය දිගටම කෙරී ගෙන ගියේ , සියලුම කම්කරුවන් යලි සේවයේ පිහිටුවීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන තුරු සිය ගනනක් කම්කරුවන් වැඩවර්ජනයේ රැඳී සිටිමින් ය. යූඒඩබ්ලිව් නිලධරය ඉන් පසුව මැදිහත් වූයේ වැඩවර්ජන බිඳීමේ මැර සංදර්ශනයක් ලෙස පමනක් විස්තර කල හැකි ආකාරයටය.

මෙම ස්වයං සිද්ධ වර්ජනය දෙවන දිනටත් දිගටම සිදු වෙද්දී , යූඒඩබ්ලිව් ව  මුලු මිචිගන් ප්‍රාන්තය පුරා  කාර්ය මන්ඩල, ප්‍රාදේශීය කමිටු නිලධාරීන් සහ කමිටු සාමාජිකයන් 1,000ක් බලමුලු ගැන් වූයේ පොලු සහ බේස්බෝල් පිතිවලින් සන්නද්ධව මැක් කම්හල වෙත පැමින පිකට් වැට බිඳ දමා කම්කරුවන් නැවත කම්හලේ එකලස් කිරීමේ පේලියට යැවීමට කටයුතු කිරීමටය.

මැරයෝ ගිල්බ්‍රත් සොයා ගොස් ඔහුට අනෙකුත් කම්කරුවන් ඉදිරියේ විවෘතව පොලු මුගුරුවලින් පහර දුන්හ. උප සභාපති ඩග් ෆ්‍රේසර්ගේ නායකත්වයෙන් යුත් යූඒඩබ්ලිව් නිලධාරීන් පැවසුවේ තමන් පැමිනියේ “ක්‍රමවත් ලෙස රැකියාවට නැවත පැමිනීම” සහතික කිරීමට සහ “කොන්ත්‍රාත්තුව බලාත්මක කිරීමට” බවයි.

වසර 75 කට පෙර: දක්ෂිනාංශික දකුනු කොරියානු රාජ්‍යය එක්සත් ජනපද පිටුබලය ඇතිව ප්‍රකාශයට පත්   කෙරේ.

1948 අගෝස්තු 15 වන දින, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සන්ධානගතවූ අන්ත දක්ෂිනාංශික බලවේග විසින් දකුනු කොරියාවේ ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලදී. කොරියාවේ උතුරු ප්‍රදේශය, ජපන් ආක්‍රමනය පලවා හරින ලද නිදහස් සටන්කාමීන් විසින් ආධිපත්‍යය දැරූ සහ සෝවියට් සංගමයට බැඳී සිටි තත්වයන් යටතේ, මෙම ප්‍රකාශය කොරියාවේ බෙදීමකට සමාන වූ අතර එය අද දක්වාමත් නොකඩවා පවතී.

කොරියාව 1910 සිට 1945 දක්වා අධිරාජ්‍ය ජපානයේ ආරක්‍ෂක රාජ්‍යයක් ලෙස ම්ලේච්ඡ ලෙස පාලනය කර තිබුනි. එම කාලය තුල නිදහස් ව්‍යාපාර නැවත නැවතත් මතු විය. දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන අදියරේදී, ග්‍රාමීය ගොවි ජනතාවගේ පුලුල් ස්ථර මෙන්ම ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල කම්කරු පන්තිය ද සම්බන්ධ කරගනිමින් බලගතු නිදහස් ව්‍යාපාරයක් වර්ධනය විය.

යුද්ධය අවසානයේ ජපානය පරාජය කිරීමත් සමඟ කොරියාව සදහා පොරබැදීමක් ඇති විය. එක්සත් ජනපදය හා සෝවියට් සංගමය යුද්ධයේදී නාමික සහචරයින් ලෙස කටයුතු කර තිබුනි. අධිරාජ්‍යවාදය සමග එහි ප්‍රති-විප්ලවවාදී සහයෝගීතාවය මත පදනම්ව, ස්ටැලින්වාදී නිලධරය , කොරියාවේ සමාජවාදී විප්ලවය සදහා වූ කිසිදු ආකාරයක ඉදිරිදර්ශනයක් ප්‍රතික්ෂේප කර තිබුනි.

ඒ වෙනුවට, එය ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමග වෙනත් ගනුදෙනුවක් ඇතිකරගෙන තිබුනි. ඒ යටතේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ බටහිර යුරෝපයේ සමාජවාදී විප්ලවය වලක්වා ලූ අතර, ඒ වෙනුවට අධිරාජ්‍යවාදය විසින් සෝවියට් සංගමයට නැගෙනහිර යුරෝපයේ ස්වාරක්ෂක (බෆර්) කලාපයක් ලබා දී තිබුනි. මෙම වැඩපිලිවෙලට අනුකූලව, සෝවියට් නිලධරය කොරියාව තුල ධනවාදය සමග කිසිදු ආකාරයක බේරුම් කර ගැනීමක්  ප්‍රතික්ෂේප කල අතර, දකුනේ එක්සත් ජනපද මිත්‍ර බලයකට වඩ වඩාත් හරි හරියට සිටින පරිදි උතුරේ ජාතිකවාදී පාලනයක් පිහිටුවීමට උදව් කලේය.

නව දකුනු කොරියාවේ එක්සත් ජනපද පාලකයා තෝරා ගැනීම, 1948 වන විට සෝවියට් සංගමයට එරෙහිව තීව්‍ර වන සීතල යුද්ධය වඩ වඩාත් යුක්ති සහගත කිරීමට භාවිතා කරන  ලද ප්‍රජාතන්ත්‍රවාදී වාචාලකමේ ව්‍යාජ ස්වභාවය අවධාරනය කලේ ය.

Syngman Rhee
සිංමන් රී

නව ජනාධිපති සිංමන් රී, දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ රූකඩ යෙකු විය. ඔහු ප්‍රථමයෙන් එක්සත් ජනපදයේ කාලය ගත කර ඇති අතර, 1904 තරම් මුල් භාගයේදී එවකට ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් සමඟ වූ මුනගැසීම් ඇතුලු දේ හරහා  එහි දේශපාලන සංස්ථාපිතය විසින් ඔහුව ලංකරගෙන   තිබුනි. ඇමරිකාව විසින් 1945 දී නැවත ඔහු කොරියාවට බැස්ස වීමට පෙර වසර ගනනාවක්, රී වොෂින්ටනයේ ඇමරිකානු මිලිටරි සහ බුද්ධි ඒජන්සිවල ආගන්තුක නිවැසියෙක්  ලෙස ජීවත් විය. ජපන් අධිරාජ්‍යවාදයට එරෙහි නිදහස් අරගලයේ දී ඔහු කිසිදු භූමිකාවක් ඉටු කර නොතිබුනි.

රීගේ දකුනු කොරියානු ජනාධිපති ධුරයට පත්වීම, ඉතා සීමිත මැතිවරන මත පදනම් වූ අතර , තථ්‍ය මිලිටරි පාලනයක් ස්ථාපිත කිරීම කරා වේගයෙන් ඉදිරියට ගියේය. සියලු සමාජ සහ දේශපාලන විරුද්ධත්වයන් ඉලක්ක කර  ප්‍රචන්ඩ මර්දනයක් දියත් කර ගනිමින්, සන්නද්ධ හමුදා නව දකුනු කොරියානු රාජ්‍යයේ ආධිපත්‍යය දැරීමට පැමිනීමට නියමිත විය. මෙම ආන්ඩුව පදනම් වූයේ එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද මූලධර්මවාදී ක්‍රිස්තියානි ධර්මය, උමතු කොමියුනිස්ට් විරෝධී සහ ආඥාදායක වැඩපිලිවෙලක් මත ය.

වසර 100කට පෙර: කොමියුනිස්ට් ජාත්‍යන්තරය ජර්මනියේ විප්ලවය සඳහා සූදානම් වීම ගැන විවාද කරයි

1923 අගෝස්තු 15 වන දින, කොකේසස්හි නිවාඩුවක් ගත කරමින්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක කමිටුවේ සභාපති ග්‍රිගරි සිනොවියෙව්, ජර්මානු කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) බලය අල්ලා ගැනීම සඳහා මහජනතාවට නායකත්වය දීමේ අවශ්‍යතාවය පිලිබඳ නිබන්ධන කෙටුම්පත් කිරීමට පටන් ගත්තේය. “අර්බුදය පරිනත වෙමින් පවතී,” ඔහු ලිවීය. “තීරනාත්මක සිදුවීම් අන්තරස්ථව (අන්තර්ගතව) පවතී. ජර්මානු කොමියුනිස්ට් පක්ෂය ඉක්මනින් හා අධිෂ්ඨානශීලීව එලඹෙන අර්බුදය දෙසට යොමු විය යුතුය. … පරදුවට තැබී ඇති දෑ අති විශාල ය.”

දින කිහිපයකට පෙර, වැඩ වර්ජන මාලාවක් මගින් ජර්මානු කූනෝ ආන්ඩුව  ඇද වැටුනු අතර කොමියුනිස්ට්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා පක්ෂ වලට අයත් නොවන කම්කරුවන්ගෙන් සැදුම්ලත් කර්මාන්තශාලා කමිටු කම්කරු පන්තිය තුල දැවැන්ත බලපෑමක් අත්පත් කරගෙන තිබුනි. කාර්මික රූර් නිම්නයේ ප්‍රංශ වාඩි ලා ගැන්ම දරාගත නොහැකි තත්වයක් නිර්මානය කර තිබූ අතර ජාතික සහ ප්‍රාන්ත ආන්ඩු , කොමියුනිස්ට්වාදී ප්‍රකාශන පලකල කාර්යාල වටලා කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පටන් ගෙන තිබුනි.

එසේ වුව ද, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පක්ෂය වන රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ (ආර්සීපී) නායකත්වයේ ගැටුම් උග්‍ර ස්වභාවයක් ගෙන තිබුනි. ලෙනින් රෝගාතුරව වැඩ කිරීමට නොහැකිව සිටි අතර ට්‍රොට්ස්කි විසින් රුසියානු පක්ෂය සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරය මත ගතානුගතික රාජ්‍ය සහ පක්ෂ නිලධරයේ අවශ්‍යතා වඩ වඩාත් ප්‍රකාශ කරමින් එහි සිටි “ත්‍රිත්වීන්” වන ස්ටාලින්, සිනොවියෙව් සහ කමනෙව්ට එරෙහිව සිය සටන ආරම්භ කර තිබුනි.

Trotsky
ට්‍රොට්ස්කි රතු හමුදා සොල්දාදුවන් සමඟ මොස්කව්හිදී, 1922

ස්ටැලින්, ජර්මනියේ තත්වය ඉතාම නිවට ලෙස තක්සේරු කරමින් සහ ජර්මානු පාලක පන්තියේ ශක්තිය අතිශයෝක්තියට නංවමින්, සිනොවියෙව්ට මෙසේ ලිවීය: “මගේ මතය අනුව, ජර්මානුවන් [එනම්, කේපීඩී] මැඩපැවැත්විය යුතු අතර එය උත්තේජනය නොකල යුතුය.” 1917 සැප්තැම්බරයේ දී , රුසියාවේ බලය අල්ලා ගැනීමේ සූදානමට ස්ටාලින්, සිනොවියෙව් සහ කමනෙව් සියල්ලන්ම විරුද්ධව සිටියහ.

එම ගිම්හානයේ පසුව, ආර්සීපීයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමකදී, බලය අල්ලා ගැනීමේ සූදානම සඳහා කේපීඩීයට සහාය වීමට  “විප්ලවයේ සොල්දාදුවෙකු ලෙස” තමන් ජර්මනියට යවන ලෙස ට්‍රොට්ස්කි ඉල්ලා සිටියේය. මෙම ත්‍රිත්වයේ බලපෑම මත ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

එම ගිම්හානයේ සෝවියට් නායකත්වයේ සාකච්ඡාවල දී ඔහුගේ භූමිකාව ගැන වසර හයකට පසු ට්‍රොට්ස්කි පැවසූ පරිදි, ඔහු යෝජනා කලේ “ සන්නද්ධ කැරැල්ල සූදානම් කිරීම සහ ජර්මානු මධ්‍යම කමිටුවේ සහාය සඳහා අවශ්‍ය බලවේග බලමුලු ගැන්වීම පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් වඩාත් කාලෝචිත සහ අධිෂ්ඨානශීලී ආස්ථානයක් ගත යුතු” බවයි.

ඉතිහාසයේ මෙම සතිය: අගෝස්තු 14-20 Read More »

ඉතිහාසයේ මෙම සතිය: අගෝස්තු 7-13

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 07 දින ඉංග්‍රීසියෙන් පලවූ This week in history: August 7-13 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: නැගෙනහිර අප්‍රිකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලවලට බෝම්බ ප්‍රහාර එල්ල වේ

1998 අගෝස්තු 7 වන දින, නැගෙනහිර අප්‍රිකාවේ යාබද රටවල් වන කෙන්යාවේ නයිරෝබි සහ ටැන්සානියාවේ ඩාර් එස් සලාම් හි ඇමරිකානු තානාපති කාර්යාල ඉදිරිපිට බෝම්බ පුපුරුවා හරින ලදී. පිපිරීම්වලින් පුද්ගලයන් 224 ක් මිය ගිය අතර 4,500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

වඩා බලවත් වූ නයිරෝබි බෝම්බයෙන් 213 දෙනෙක් මිය ගිය අතර 4,000 ක් තුවාල ලැබූහ. පිපිරීමෙන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලට හානි පැමිණුනා පමණක් නොව අසල පිහිටි සමුපකාර බැංකුව ද කඩා බිද දැමූ අතර මහල් හතකින් යුත් උෆන්ඩි සමුපකාර මන්දිරය සුන්බුන් ගොඩක් බවට පත් විය. බ්ලොක් 10ක් පමණ දුරින් පිහිටි ජනේල් ද කැඩී ගියේය. සොල්දාදුවන් 241 දෙනෙකුට මරු කැඳවමින් 1983 ඔක්තෝම්බර් මාසයේදී , බේරූට්හි එක්සත් ජනපද මැරීන් බැරැක්කයකට ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු එතෙර එක්සත් ජනපද මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් සිදු වූ දරුණුතම මරණ සංඛ්‍යාව මෙය විය.

Blast
පිපිරීමෙන් පසු ඩාර් එස්-සලාම් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය. [ඡායාරූපය: එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව]

බොහෝ මාධ්‍ය  වාර්තා කළේ ඛේදවාචකයට ගොදුරු වූ කෙන්යානුවන් කෙරෙහි එක්සත් ජනපද මිලිටරිය සහ රජයේ නිලධාරීන් දක්වන උදාසීනත්වයයි. කෙන්යානු ජනාධිපති ඩැනියෙල් අරප් මෝයිට ඇතුළුවීම පවා ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජනපද විමර්ශකයින් තානාපති කාර්යාලයට මුද්‍රා තැබූ බව බීබීසී වාර්තා කළේය.

ප්‍රමූක  පෙලේ  බ්‍රිතාන්‍ය  ව්‍යාපාරික  දිනපතා පුවත් පතක්  වන පිනෑනෂියල් ටයිමිස්(financial times)පැමිනිලි උපුටා දැක්වූයේ  ගලවා ගැනීමෙි සේවකයින් සිය ගනනක් තමදෑතින් උපත්ඩි හවුස් සුන්බුන් වියරැවෙන් හාරමින් සිටියදී ඵක්සත් ජනපද  නාවිකයන් පික් සහ සවල් සඳහා වන ඉල්ලීමි ප්‍රතික්ෂේප කර ඇති බවයි. කෙන්යානු පොලිස් කපිතාන්වරයෙක් පුවත්පතට පැවසුවේ, “ප්‍රංශ ජාතිකයන් මෙහි සිටිති, ඊශ්‍රායල් ජාතිකයන් මෙහි සිටිති, රතු කුරුස සංවිධානය උදව් කරයි, හින්දි ජාතිකයන් අපට ආහාර ලබා දෙයි. කෝ අපේ ඇමෙරිකානු සහෝදරයෝ?” ගිලන්රථ සේවකයෙක් පැවසුවේ, “ඇමරිකානුවන් පළමු දිනයේ සිට [අසභ්‍ය ලෙස] හැසිරී ඇත.” යන්නයි.

ඒබීසී නිව්ස් සහ ටෙල් අවිව් (Tel Aviv) හාරෙට්ස් (Ha’aretz) පුවත්පත්  ඇතුළු එක්සත් ජනපද සහ ඊශ්‍රායල මූලාශ්‍ර කිහිපයක් බදාදා වාර්තා කළේ, කෙන්යාවේ එක්සත් ජනපද ඔත්තුකරුවෙකු නයිරෝබි තානාපති කාර්යාලය බෝම්බ ප්‍රහාරයකට ඉලක්ක කර ඇති බවට පිපිරීමට සති දෙකකට පෙර ඇමරිකානු ආන්ඩුවට අනතුරු ඇඟවූ බවයි.

තොරතුරු සපයන්නා ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයට සම්බන්ධ අයෙකු වූ නමුත්, මූලාශ්‍රයේ  විශ්වසනීයත්වය පිළිබඳව ඇමරිකානු නිලධාරීන් මොසාඩ් සමඟ පරීක්‍ෂා කළ විට, වාර්තාව සැක සහිත ලෙස සලකන ලෙස ඔවුන්ට උපදෙස් දෙන ලදී. තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා නොතිබුණි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය Ha’aretz ලිපිය ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. නමුත් ඊශ්‍රායල රජය මෙම පූර්ව අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කිරීම, වෙනත් ආකාරයකින් පැහැදිලි කර නොමැති හේතු නිසා බෝම්බ ප්‍රහාරයෙන් පසුව බෝම්බ විශේෂඥයින් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් සැපයීමට වූ එහි අසාමාන්‍ය උත්සාහයට හේතු විය හැකි බව පෙනුනි.

ඔසාමා බින් ලාඩන් සහ අල් කයිඩාවට පසුව චෝදනා එල්ල වූ මෙම ප්‍රහාරයට ප්‍රතිචාරයක් වශයෙන්, එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් අගෝස්තු 20දා ඔපරේෂන් ඉන්ෆිනයිට් රීච්, මගින් ඇෆ්ගනිස්ථානයේ සහ  තානාපති කාර්යාල බෝම්බ ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොතිබුණු සුඩානයේ ඉලක්ක වෙත කෲස් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියම කළේය. 

වසර 50 කට පෙර: පාලනය විසින්  දකුණු කොරියානු විපක්ෂ නායකයා  පැහැරගෙන යයි

1973 අගෝස්තු 8 වන දින, කොරියානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (KCIA) සන්නද්ධ ඒජන්තයින්  කිම් ඩේ-ජුංට පහර දී, මත්ද්‍රව්‍ය ලබා දී,ටෝකියෝ හි ග්‍රෑන්ඩ් පැලස් හෝටලයෙන්  පැහැරගෙන ගියහ. කිම් එවකට දකුණු කොරියාවේ ප්‍රමුඛ විපක්ෂය වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධානියා විය. 1971 දකුණු කොරියානු ජනපතිවරණයේදී කිම් තරග කළේ එම පදවිය හොබවන ජනාධිපති පාර්ක් චුන්ග් හීට එරෙහිවය. කිම් සියයට 45 ක ඡන්ද ප්‍රතිශතයක් පාක්ට අහිමි කර කල නමුත් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉතා අඩු පරතරයකි.

මැතිවරණයෙන් පසුව පාර්ක් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවල මුහුණුවරක් පිටුපස දකුණු කොරියාවේ ඔහුගේ ඒක පුද්ගල පාලනය පවත්වාගෙන යාමේ ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. ඔහුට ජීවිතාන්තය දක්වා ජනාධිපති ලෙස කටයුතු කිරීමට ඉඩ සලසන නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කල අතර විරුද්ධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම් නීති විරෝධී බවට පත් කළේය.

ඡන්ද මිලියන පහක් ලබාගෙන සිටි කිම් සහ ඔහුගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පාර්ක්ගේ මර්දනයේ ප්‍රධාන ඉලක්කයක් විය. 1971 මැතිවරණයෙන් මාසයකට පසු 

අසාර්ථක ඝාතන උත්සාහයකට ගොදුරු වීමෙන් පසු , කිම් කොරියාවෙන් ජපානයට පලා ගියේය. ජපානයේ දී , කිම් තම පක්ෂයේ පිටුවහල් කළ නායකයා ලෙස ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් දිගටම කරගෙන ගියේය. විශේෂයෙන් 1972 ඔක්තෝම්බර් මාසයේදී නව යුෂින් ව්‍යවස්ථාව පැනවීමෙන් පසුව ඔහු පාක්ගේ ආඥාදායකත්වය විවේචනය කරමින් නිතිපතා ප්‍රකාශ නිකුත් කළේය.

Kim
කිම් ඩේ-ජුං 1973 පැහැරගැනීමෙන් නිදහස් වූ පසු සෝල් හෝටලයක මාධ්‍ය හමුවක් පවත්වයි

පිටුවහල්ව සිටියදී පවා කිම් බරපතල දේශපාලන තර්ජනයක් නියෝජනය කරනු ඇතැයි යන  බියෙන් පාක්, ඔහු ජපන් භූමියේ සිටියද තවත් ඝාතන උත්සාහයක් සිදු කරන ලෙස KCIA වෙත නියෝග කළේය. පාර්ක් යටතේ KCIA කොරියානු ගෙස්ටාපෝවක් ලෙස ක්‍රියාත්මක විය. දකුනු කොරියානු ධනේශ්වර තන්ත‍්‍රයට දේශපාලන විරුද්ධත්වයක් ඇතැයි සැක කරන ඕනෑම අයෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම ඔවුහු සිදු කළහ. බොහෝ මර්දනයන් ඉලක්ක ගත කළේ වාමාංශික ශිෂ්‍යයන් සහ සමාජවාදී ව්‍යාපාර සමඟ සම්බන්ධකම් ඇති අය වෙතයි.

ටෝකියෝවේ දී, කිම් ජපානයේ පිටුවහල් කරන ලද කොරියානු සංවිධානවල සන්ධානයක් සංවිධානය කිරීමට පටන් ගෙන තිබුණේ පාක්ගේ පාලන තන්ත්‍රයට දේශපාලන විරුද්ධත්වය දිගටම ගොඩනැගීම සඳහා ය. යකුසා සංවිධානාත්මක අපරාධ සින්ඩිකේටයේ සහාය ඇතිව, KCIA විසින් ටෝකියෝ හි පිහිටි හෝටලයේ පාර්ක් විසින් පිටුවහල් කළ අනෙකුත් දේශපාලන නායකයන් මුණ ගැසෙන මුළු මහලම ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

රැස්වීමෙන් පිටතට ගිය පසු KCIA නියෝජිතයින් විසින් කිම්ව අල්ලාගෙන වෙනත් කාමරයකට බලහත්කාරයෙන් ගෙන ගොස් ඔහුට මත්ද්‍රව්‍ය ලබා දුන්නේය. කිම් පසුව බටහිර ජපානයට ප්‍රවාහනය කරන ලද අතර එහිදී ඔහුව ජපන් මුහුදෙහි කොරියාව දෙසට යාත්‍රා කළ බෝට්ටුවකට නංවන ලදී.

කිම් පසුව සිහිපත් කළේ බදින ලද ඔහුගේ දෑත් සහ පාද  බරින් බැඳ තිබූ බවත්, ඔහුගේ පැහැරගැනීම් කරන්නන් ඔහුව සාගරයේ ගිල්වා දැමීමට අදහස් කළ බව ඔහු විශ්වාස කරන බවත්ය.බොහෝදුරට මෙය ප්‍රතිඵලය විය හැකිව තිබුණි. කෙසේ වෙතත්, දකුණු කොරියාවේ එක්සත් ජනපද තානාපතිවරයා පැහැර ගැනීම ගැන දැනගත් විට ඔහු පාර්ක් හමුවී ඝාතනය නතර කරන ලෙස ඔහුට නියෝග කළේය. KCIA නියෝජිතයින්ගේ චලනයන් සහ ස්ථාන පිළිබඳව හොඳින් දැන සිටි එක්සත් ජනපද හමුදාව,  ඔවුන්ගේ උපදෙස් අනුව මෙහෙයුම සිදු කළ බව සහතික කර ගැනීම සඳහා බෝට්ටුවට ඉහළින් පියාසර කිරීම සඳහා හෙලිකොප්ටරයක් පිටත් කර හැරියේය.

පාර්ක්ගේ ආඥාදායකත්වය සූදානම් කිරීමට සම්පූර්ණ පිටුබලය ලබා දීම සහ උදව් කිරීම සිදු කල, ඇමරිකානු ආන්ඩුව මිනීමැරීමට විරුද්ධ වූයේ කිම් වෙනුවෙන් නොව, ඔහුගේ ඝාතනය පිළිබඳ පුවත රට තුළ නැගිටීමක් ඇති කරයි යන බියෙනි. ඔවුන් කිම් අනාගතය සඳහා ප්‍රයෝජනවත් වත්කමක් ලෙස ද සැලකූහ – ඔහු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවලට පක්ෂපාතීව සේවය කළ ජනාධිපති පදවියක් ද ඇතුළත් දිගු දේශපාලන ජීවිතයක් තුළ සම්පූර්ණයෙන් සනාථ වූ තක්සේරුවක් විය.

වසර 75 කට පෙර: පකිස්තාන රාජ්‍යය පෂ්තුන් විපක්ෂ කණ්ඩායමට ප්‍රචණ්ඩ ලෙස පහර දෙයි

1948 අගෝස්තු 12 වන දින, අලුතින් පිහිටුවන ලද පකිස්ථානු රාජ්‍යයේ සොල්දාදුවන් සහ පොලිසිය විසින් අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ විශාලතම ජනවාර්ගික කණ්ඩායම ද වන පෂ්තුන් සුළුතරයෙන් විශාල වශයෙන් ජනාකීර්ණ, රටේ රළු වයඹ මායිම් පළාතේ විපක්ෂ විරෝධතාවයකට ප්‍රචණ්ඩ ලෙස පහර දුන්හ. සජීවී-වෙඩි තැබීමක් සිදු  වූ මෙම ප්‍රහාරයේ සංඛ්‍යාව තවමත් ගැටලු සහගතය. ප්‍රහාරයට ලක් වූ පෂ්තුන් සංවිධානයේ ආධාරකරුවන් යැයි කියා සිටි විරෝධතාකරුවන් 150 දෙනෙකු අවම වශයෙන්  මිය ගිය නමුත් 15 දෙනෙකු මිය ගිය බවත් තවත් 40 දෙනෙකු තුවාල ලැබූ බවත් පකිස්ථාන රජය ප්‍රකාශ කලේය.

බාබ්රා පිටියේ දී එය  සිදු කරන ලද හෙයින් , ඉන්  පසු බබ්රා සංහාරය ලෙස නම් කරන ලද මෙම ප්‍රහාරය සිදු වූයේ මෑතදී ඉන්දියානු උප මහාද්වීපය බෙදීමේ සන්දර්භය තුළ ය. මහා යටත් විජිත විරෝධී ව්‍යාපාරයකට මුහුණ දෙමින්, දෙවන ලෝක සංග්‍රාමය මතුවීමෙන් 

බෙහෙවින් දුර්වල වූ ,  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ඉන්දියාවේ ප්‍රධාන යටත් විජිත සන්තකය නිල වශයෙන් අත්හැරීමට එකඟ විය. මහජනතාවට එරෙහි අවසාන ප්‍රහාරයක දී, එය වයඹ හා නැගෙනහිර මුස්ලිම් පදනම් වූ පකිස්ථානයක් සහ ප්‍රධාන වශයෙන් හින්දු ඉන්දියාවක් ලෙස රට බෙදීමට ස්වදේශික පාලක ප්‍රභූන් සමඟ කුමන්ත්‍රණය කළේය.

1947 අගෝස්තු බෙදීම නිසා මිලියන දෙකක් පමණ ජීවිත අහිමි වූ අතර මිලියන 20ක් පමණ අවතැන් විය. එය පකිස්තාන සහ ඉන්දීය සන්නද්ධ හමුදා අතර අඛණ්ඩ සටන්වලට මෙන්ම අලුතින් පිහිටුවන ලද මෙම රාජ්‍යයන්  තුළ දැඩි ගැටුම්වලට තුඩු දුන්නේය.

Image Not Found
කුදායි ඛිඩ්මට්ගර් (දෙවියන් වහන්සේගේ සේවකයන්) අනුගාමිකයින්. “රතු කමිස” හෝ “සුර්ක් පොෂ්” ලෙසද හැඳින්වේ. [ඡායාරූපය: නොදන්නා]

බබ්රා සංහාරයේ ඉලක්කය වූයේ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් නිසා “රතු කමිස” ලෙසද හැඳින්වෙන කුදායි ඛිඩ්මට්ගර් ව්‍යාපාරයයි. එය ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ වයඹ දෙසින් පිහිටි පෂ්තුන් ගෝත්‍රික ජනතාව අතර පදනම් විය . දේශපාලනයට සම්බන්ධ වීමට මන්දගාමී  වුවද, ඔවුන් 1930 ගණන්වල බ්‍රිතාන්‍ය විරෝධී නැගිටීම වෙත ආකර්ෂණය වී තිබුණි. මෙම ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ අබ්දුල් ගෆාර් ඛාන් විසිනි. මුස්ලිම්වරයෙකු ලෙස කටයුතු කරන අතරතුර, ඔහු වාර්ගික බෙදීම් හෙළා දුටුවේය.  

ඛාන් බෙදීමට විරුද්ධ විය. එහි වඩාත්ම ආක්‍රමණශීලී දේශීය යෝජකයා වූයේ මුස්ලිම් ලීගය වන අතර, එය පාකිස්තානයේ ආධිපත්‍යය දැරීමට නියමිත විය. හින්දු ආධිපත්‍යය දරන ඉන්දියානු ජාතික කොංග්‍රසය ද සැලැස්මට එකඟ වූ අතර තමන්ට වඩාත් හිතකර බෙදීම ලබා ගැනීමට උත්සාහ කළේය. ඛාන් මෙය පාවාදීමක් ලෙස හෙළා දකිමින්, “ඔබ අපව වෘකයන්ට විසි කළා” යනුවෙන් ප්‍රකාශ කළේය.

බෙදීම ඉදිරියට ගියහොත්, පෂ්තුන්වරුන්ට පකිස්තානයට සම්බන්ධ වීමට වඩා තමන්ගේම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමට හෝ ඇෆ්ගනිස්ථානයට ඇතුළු වීමට අයිතියක් ඇති බවට ඔහු ඉල්ලීමක් නිකුත් කිරීමට නියමිත විය. මෙය බ්‍රිතාන්‍ය සහ මුස්ලිම් ලීගය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

1948 දී, පකිස්ථානය පිහිටුවීමෙන් පසු, මුස්ලිම් ලීග රජය ඛාන්ගේ ව්‍යාපාරය මර්දනය කළේය.  ඔහුගේ ආධාරකරුවන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ වයඹ මායිම් ප්‍රාදේශීය  රජයක් විසුරුවා හැරීම මෙයට ඇතුළත් විය.  නව ආන්ඩුව බරපතල  ලෙස කුදායි ඛිඩ්මට්ගර් නීතිවිරෝධී කර ,  එහි නායකයන් සිරගත කිරීම සහ එහි ක්‍රියාකාරකම් තහනම් කළේය.  මෙම ප්‍රහාරයන්ට එරෙහිව ව්‍යාපාරයේ ආධාරකරුවන් විසින් පවත්වන ලද විරෝධතාවකදී බබ්රා ඝාතනය සිදුවිය.

වසර 100 කට පෙර: ජර්මනියේ කූනෝ රජය වැටේ

1923 අගෝස්තු 12 දින, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) විසින් මුලපුරන කරන ලද විශ්වාසභංගයෙන් පසු විල්හෙල්ම් කුනෝ ජර්මානු චාන්සලර් ධුරයෙන් ඉල්ලා අස්විය.පක්ෂයක සම්බන්ධයක්  නොමැතිව පත් පළමු ජර්මානු චාන්සලර්වරයා වූ කුනෝ, ජනාධිපති ෆ්‍රෙඩ්රික් ඊබට් ( එස්පීඩී) විසින් 1922 නොවැම්බරයේදී පත් කිරීමෙන් පසු මධ්‍ය-දක්ෂිණාංශික රජයක් පිහිටුවීය. එය ජර්මානු මහජන පක්ෂය, ජර්මානු ඩිමොක්‍රටික් පක්ෂය, ජර්මානු මධ්‍යස්ථ පක්ෂය සහ බැවේරියානු මහජන පක්ෂයෙන් සැදී තිබුණි.

ජර්මානු සහ ලෝක ඉතිහාසයේ වඩාත්ම අස්ථාවර කාල පරිච්ඡේදයක කුනෝ චාන්සලර් විය. ඔහු බලයට පත්වන විට යුරෝපය පළමු ලෝක සංග්‍රාමය හා 1917 රුසියානු විප්ලවය හරහා ගමන් කර තිබුණි. ජර්මනියම ,  1918 දී මිත්‍ර අධිරාජ්‍යවාදය සහ නින්දා සහගත වර්සායිල් ගිවිසුම මගින් මිලිටරි පරාජයක්  , 1918 දී සහ 1919 දී ගබ්සා විප්ලව දෙකක් ,  1920 දී අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රණයක් සහ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ විශාල වර්ධනයක් අත්විද තිබුණි.

Cuno
විල්හෙල්ම් කූනෝ [ඡායාරූපය: Bain News Service-Library of Congress]

1923 ජනවාරියේදී, කුනෝගේ චාන්සලර් ධුරය  යටතේ, ප්‍රංශ හමුදාව රටෙන් යුද වන්දි ලබා ගැනීම සඳහා කාර්මික රූර් නිම්නය ආක්‍රමණය කර තිබුණි. එවිට ජර්මනිය පාලනය කළ නොහැකි අධි උද්ධමනය අත්විඳින ලද අතර , රූර් නිම්නයේ දැවැන්ත වැඩ වර්ජන, ත්‍රස්තවාදී ප්‍රහාර සහ වර්ධනය වෙමින් පවතින විප්ලවවාදී තත්වයක් ඇති විය.

අගෝස්තු 9 වන දින රයික්ටැග් රැස්වීමක් තුල කුනෝ ආන්ඩුවේ ශක්‍යතාව ගැන විවාද කිරීමට පටන් ගෙන තිබුණි. එය කම්කරුවන්ගේ නියෝජිත කන්ඩායම් විසින් වටලනු ලැබූ අතර තවත් වැඩ වර්ජන සහ කූනෝට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා චෙම්නිට්ස් හි මහජන පෙලපාලියක් පිලිබඳ පුවත් ලැබෙන්නට විය . පසුදා විවාදය ඉදිරියට යද්දී, රීච්ස්ටැග්හි ප්‍රමුඛ කොමියුනිස්ට් සාමාජිකයෙක් “කම්කරුවන්ගේ විප්ලවවාදී ආන්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රධානියාට ඉහළින් වැඩ කරන ජනතාවගේ මහජන ව්‍යාපාරයක් ඉදිරියට යාම” ඉල්ලා සිටියේය.

වැඩ වර්ජන සහ මහජන රැස්වීම් ඉදිරි දින කිහිපය පුරාවටම පැවතුනි. වඩාත් සටන්කාමී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන් මෙන්ම කොමියුනිස්ට් සහ ස්වාධීන කම්කරුවන් ඇතුළත් කර්මාන්තශාලා කමිටු රට පුරා පිහිටුවන ලදී. කොමියුනිස්ට් ජාත්‍යන්තරය කැරැල්ලක් සඳහා සැලසුම් සකස් කරන ලෙස ජර්මානු කොමියුනිස්ට්වාදීන්ගෙන් ඉල්ලා සිටිද්දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ කම්කරු පන්තියේ රැල්ල නැවත රඳවා ගැනීමට වියරුවෙන් උත්සාහ කරමින් සිටියහ.

කුනෝ ඉල්ලා අස්වී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් එස්පීඩීය සහභාගී වූ නව මහා සභාග ආන්ඩුවක් ස්ථාපිත කිරීමත් සමග අගෝස්තු 12 දා ජර්මනිය පුරා ඇති වූ ගැටුම් වලින් 30 කට වැඩි පිරිසක් මිය ගියහ. ඉදිරි දින කිහිපය තුල වැඩ වර්ජන බොහෝ දුරට මැකී ගිය නමුත් මෙය ජර්මානු පාලක පන්තියට තාවකාලික විවේකයක් පමනක් විය.

ඉතිහාසයේ මෙම සතිය: අගෝස්තු 7-13 Read More »

War

ඉතිහාසයේ මෙම සතිය: ජූලි 31 – අගෝස්තු 6

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 30 දින ඉංග්‍රීසියෙන් පලවූ This week in history: July 31- August 06 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: ශ්‍රී ලංකාව තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි 

1998 අගෝස්තු 4 වන දින, ශ්‍රී ලංකාවේ පොදු පෙරමුනු රජය දිවයින පුරා හදිසි නීතිය පැනවූ අතර, අගෝස්තු 28 වන දින ශ්‍රී ලංකාවේ පලාත් අටෙන් පහක පැවැත්වීමට නියමිතව තිබූ පලාත් සභා මැතිවරනය කල් දැමීය.

1997 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ දකුනේ හදිසි තත්ත්වය ඉවත් කරන ලදී. එහෙත් උතුරේ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ට එරෙහි පූර්න පරිමාන යුද්ධයේ කොටසක් ලෙස, මිලිටරිය අභ්‍යන්තර මර්දනයේ වැඩි බලතල ඉල්ලා සිටියේය. හමුදාවේ ඉහල නිලධරය , දේශපාලනිකව වඩ වඩාත් ප්‍රමුඛත්වයට පත්ව තිබුනද, යුද්ධය “තීරනාත්මක අවධියක” පවතින බැවින් පලාත් සභා මැතිවරනය කල් දැමිය යුතුය යන එහි අවධාරනය , දේශපාලන තීරන වලට පෙර නොවූ විරූ මැදිහත්වීමක් නියෝජනය කලේය.

මැතිවරන කල් දැමීමට සහ මැතිවරන පරාජයක් වලක්වා ගැනීමට කඩතුරාවක් සපයා ගැනීම සඳහා පොදු පෙරමුනු පාලනය හදිසි තත්වයක් ප්‍රකාශ කරනු ඇතැයි විපක්ෂ ප්‍රකාශකයෝ සති කිහිපයක් තිස්සේ පුරෝකථනය කරමින් සිටියහ. ශ්‍රී ලංකාවේ දෙමල සුලුතරයට එරෙහි වසර 15ක දීර්ඝ යුද්ධය දිගටම කරගෙන යාම සහ සමාජ වියදම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වසර හතරක් පැරැනි පොදු පෙරමුනු තන්ත්‍රයට ජනතා සහයෝගය පහත වැටී තිබුනි.

War
දෙමල සරනාගතයින් [ඡායාරූපය අර්ජුන් ක්ලෙයාර්, යුරෝපීය කොමිසම, ECHO / CC BY-SA 2.0]

ශ්‍රී ලංකා හමුදාව කියා සිටියේ,  දෙමල බෙදුම්වාදීන්ට එරෙහිව දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ යොදවා ඇති භට පිරිස් දකුනු පලාත් පහේ ඡන්ද විමසීමේදී යලි යෙදවීම  එල්.ටී.ටී.ඊ ය නැවත කන්ඩායම් ගත වීමට ඉඩ සලසන බවයි. මිලිටරි විධානය දේශපාලන අර්බුදය යොදා ගත්තේ වැඩි මර්දනකාරී බලතල සඳහා බලපෑම් කිරීමට සහ දේශපාලන තීරන ගැනීමේ ක්‍රියාවලියට ඇතුල් වීමටය.

දශක ගනනාවක් තිස්සේ, ශ්‍රී ලංකාවේ ධනේශ්වරය, කම්කරු පන්තිය බෙදීමට සහ මහජන දරිද්‍රතාවය හා විරැකියාව තුල  මුල් බැසගත් උග්‍ර සමාජ ආතතීන් මග හැරීමට සිංහල ස්වෝත්තමවාදය භාවිතා කලේය. රැකියා සහ අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් රාජ්‍යය විසින් එන්ට එන්ටම වෙනස් කොට සැලකීම නරක අතට හැරීම සහ 1983 ආන්ඩුව විසින් උසිගන්වන ලද දෙමල විරෝධී සංහාරයක් දෙමල තරුනයන්ගේ මහජන නැගිටීමකට තුඩු දුන්නේය. අවුරුදු පහලොවකට පසු ද , සටන දිගටම පැවතුනි.

මිලිටරි සහ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක වන්දි ගෙවීමකින් පසු, 1995 අගභාගයේදී දෙමල කතා කරන උතුරේ විශාලතම නගරය වන යාපනය යලි අත්පත් කර ගැනීමත් සමඟ පොදු පෙරමුන පාලනය එල්ටීටීඊයට එරෙහිව විශාල මිලිටරි ජයග්‍රහනයක් ලබා ගත්තේය. එතැන් සිට, යුද්ධය අවසන් කිරීමට එහි උත්සාහයන් අඩාල විය. යාපනයට යන ප්‍රධාන මාර්ගය අල්ලා ගැනීම ඉලක්ක කරගත් ප්‍රහාරයක් මාස ගනනාවක් තිස්සේ සිර වී පැවතුනි. වැඩිවන අනතුරට පත්වනු ලබන සංඛ්‍යාවේ බලපෑමට ප්‍රතිරෝධය දැක්වීම සඳහා, සටන් පිලිබඳ රජයේ වාර්තා හැර අන් සියල්ල ප්‍රකාශයට පත් කිරීම රජය විසින් තහනම් කරන ලදී.

වසර 50 කට පෙර: නිව් යෝර්ක් නගරයේ වසර 103 ක් පැරනි ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හෝටලය කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

1973 අගෝස්තු 3 වන දින, නිව් යෝර්ක් නගරයේ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හෝටලය කඩා වැටුනු අතර, කාමර 400කට අධික ප්‍රමානයක් සහ එහි වූ මර්සර් කලා මධ්‍යස්ථානයේ  රගහල්  හයක් අඩංගු සියවස් පැරැනි ව්‍යුහය සම්පූර්නයෙන්ම විනාශ විය. ගොඩනැගිල්ලේ සිටි  300 කට වැඩි පදිංචිකරුවන්ගෙන් වැඩි දෙනෙකුට ඉන්  ඉවත් වීමට හැකි වූ අතර, පුද්ගලයින් හතර දෙනෙකු , ගොඩනැගිල්ල ඔවුන් මතට කඩා වැටීම නිසා එහි සිරවී මිය ගියහ.

එක්සත් ජනපදයේ විශාලතම හෝටලය ලෙස 1870 දී එය ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් නමින් ප්‍රථම වරට විවෘත  විය. එය ඉක්මනින්ම සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර අවන්හල් සහ රුචිර උත්සව කටයුතු  සඳහා නිවහනක් විය. එයට බොහෝ සමාජ ප්‍රභූ සහ ධනවතුන් මෙන්ම බොහෝ නලුවන් සහ රංගන ශිල්පීන් විසින් නිතර නිතර පැමිනියේය. හෝටලය පැවති කාලය තුල එහි නම දෙවරක් වෙනස් කර ඇත. පලමුව 1892 දී බ්‍රෝඩ්වේ සෙන්ට්‍රල් හෝටලය ලෙසත් පසුව 1969 දී යුනිවර්සිටි හෝටලය ලෙසත්ය.

Hotel
ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හෝටලය[ඡායාරූපය: රොබට් ඩෙනිස් එකතුව]

හෝටලයේ සිදු වූ ප්‍රසිද්ධ සිදුවීම් අතරට 1872 දී ඔහුගේ හිටපු ව්‍යාපාරික හවුල්කරුවෙකු වන එඩ්වඩ් ස්ටෝක්ස් විසින් හෝටලයේ පඩිපෙල මත වෙඩි තබා ඝාතනය කරන ලද මූල්‍යකරු සහ වංචාකාර ජිම් ෆිස්ක්ගේ ඝාතනය ඇතුලත් වේ. 1876 දී මුල් වෘත්තීය බේස්බෝල් කන්ඩායම් අටක්   ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් දී හමුවී  ජාතික ලීගය සදහා පදනම දැමුනි. 

වසර ගනනාවක් පුරා මෙම හෝටලයේ නඩත්තුව දුර්වල වී , ගරා වැටීම නිසා සුඛෝපභෝගී ස්ථානයක් ලෙස එහි කීර්තිය ඊට අහිමි විය. 1960 ගනන්වලදී හෝටලය සමාජ සුභසාධන ලබන්නන් සඳහා වාසස්ථානයක් බවට පත්වූ ගොඩනැගිල්ලක් බවට සංක්‍රාන්ති වූයේ, එහි පදිංචිකරුවන් තාවකාලික අමුත්තන් නොව   බොහෝ පූර්න කාලීනයන් ගෙන් සමන්විත වෙමිනි. 

1971 දී, හෝටලයේ පලමු මහල් දෙක විවිධ ප්‍රසංග කලා සඳහා අවකාශය සැපයූ මර්සර් කලා මධ්‍යස්ථානය බවට   පත් කරන ලදී. එහි සිදු කරන ලද සංදර්ශනවලට සංගීතය, නර්තන සහ ෂේක්ස්පියර්ගේ සහ ” වන් ෆ්ලිව් ඕවර් ද කුකුස් නෙස්ට්” වැනි නාට්‍ය  ඇතුලත් විය.

කඩා වැටීමට පෙර මාස කිහිපය තුල, ගොඩනැගිල්ල පුරා දැවැන්ත ඉරිතැලීම් ඇති වී ඇති බවත් ව්‍යුහාත්මක බිත්ති නැමීමේ සලකුනු පෙන්නුම් කරන බවත් පදිංචිකරුවන් නගරික පාලනයට වාර්තා කර තිබුනි. මෙම සලකුනු වාර්තා වූ විට සොයා බලා ගොඩනැගිල්ලෙන් පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කලේ නැත.

අගෝස්තු 3 වන දින දවස පුරා, ව්‍යුහාත්මක ස්ථාවර භාවය අසාර්ථක වීමට පටන් ගත් බැවින්, ගොඩනැගිල්ලේ බිත්ති වලින් විශාල ශබ්ද ඇසුනු බව නිවැසියන් වාර්තා කලේය. සවස් වන විට බිත්ති සහ සිවිලිමෙන් බදාම ගැලවෙමින් ගොඩනැගිල්ල කඩා වැටීමට ආසන්න බව පෙනෙන්නට තිබුනි. බොහෝ ප්‍රදේශවාසීන් ගොඩනැගිල්ලෙන් පලා යාමට කටයුතු කර ඇතත් ඉවත් කිරීමට නියෝග කිරීමට ගොඩනැගිලි කලමනාකාරිත්වය හෝ නිලධාරීන් ක්‍රමානුකූල උත්සාහයක් ගත්තේ නැත.

පස්වරු 5.00 ට පමන ගොඩනැගිල්ලේ ආධාරක බිදී ගිය   අතර මාර්ගයට මුහුනලා ඇති සම්පූර්න බිත්තියම කැඩී බිදී ගොස් බ්‍රෝඩ්වේ (මාවත) වෙත වැටුනු සුන්බුන් ගොඩක් විය.නිවැසියන් හතර දෙනෙක් තවමත් එහි සිටි අතර ඔවුන් කඩාවැටුනු සුන්බුන්වලට හසුව තැලී මිය ගියහ. මල සිරුරු හතර සොයා ගැනීමෙන් පසු ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හෝටලයේ ඉතිරිව තිබූ දේ කඩා දමන ලදී.

වසර 75කට පෙර: HUAC නඩු විභාගයේදී විටේකර් චේම්බර්ස් එක්සත් ජනපද ආන්ඩුව තුලට ස්ටැලින්වාදී විනිවිදීමක් ගැන චෝදනා කරයි

1948 අගෝස්තු 3 වන දින හවුස් අන්-ඇමරිකානු ඇක්ටිවිටීස්  කමිටුවේ (House Un-American Activities Committee-HUAC) නඩු විභාගයකදී, කොමියුනිස්ට් පක්ෂයේ රහස් සාමාජිකයින් එක්සත් ජනපද ආන්ඩුවේ ඉහල තනතුරු වල වැඩ කරන බවට විටේකර් චේම්බර්ස්   ප්‍රථම වරට චෝදනා කලේය. මෙම ප්‍රකාශය ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් පිලිබඳ වසර ගනනාවක් පුරා පැවති ව්‍යාපාරයක් ඇරඹීමට මුල් වූ  අතර සීතල-යුද ඇමරිකාවේ වියරු මැකාතිවාදී මායාකාරින් දඩයමට (witch-hunt-මහජනතාවගේ උන්නතිය ව්‍යාජයෙන් විරුද්ධවාදීන් දඩයම් කිරීම) දායක විය.

කොමියුනිස්ට් පක්ෂය ස්ටැලින්වාදී සංවිධානයක් බවට පත්වීමේ මාවතේ ඒ වන විටත් ගමන් කරමින් සිටියදී, 1925 දී චේම්බර්ස් එයට සම්බන්ධ විය. 1930 ගනන්වල ඔහු එක්සත් ජනපදයේ රහසිගත සෝවියට් ඔත්තු බැලීමේ කවවල සේවය කර ඇත. 1930 ගනන්වල අග භාගය වන විට, ඔහු සෝවියට් නිලධරයේ විරේක කිරීම් වලට භාජනය වේ යැයි බියෙන් චේම්බර්ස් මෙම පරිසරයෙන් ඉවත් විය. ඔහු නැවත ක්‍රිස්තියානි ආගමට පැමින, කොමියුනිස්ට් විරෝධියෙකු බවට පත් වූ අතර, එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පටන් ගත්තේය.

Image
විටේකර් චේම්බර්ස් [ඡායාරූපය: ෆ්‍රෙඩ් පැලුම්බෝ, ලෝක ටෙලිග්‍රාම් කාර්ය මන්ඩල ඡායාරූප ශිල්පී ]

චේම්බර්ස් ප්‍රථමයෙන් 1940 ගනන්වල මුල් භාගයේදී ඇමරිකානු ආන්ඩුවට කතා කිරීමට පටන් ගත් වුවද, 1948 වන තෙක් -සෝවියට් සංගමය සමග එ.ජ. සීතල යුද්ධයේ ගැටුම මධ්‍යයේ- ඔහුගේ ප්‍රකාශයන් කරලියට ගත්තේ නැත. ඇමරිකාව තුල කොමියුනිස්ට් පක්ෂය  සහ විය හැකි සෝවියට් ඔත්තු බැලීම් ගැන වූ   HUAC නඩු විභාගවලදී සාක්ෂි දීමට කැඳවූ චේම්බර්ස්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරියෙකු වන ඇල්ජර් හිස් කොමියුනිස්ට් පක්ෂයේ රහස් සාමාජිකයෙකු බවට සාක්ෂි දුන්නේය.

පලමු නඩු විභාගයේදී, චේම්බර්ස් සෝවියට් ඔත්තු බැලීම සඳහා වැඩ කරන බවට හිස් ට චෝදනා කලේ නැත. එහෙත්, රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියාගේ ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ, චේම්බර්ස් ඔහුගේ නඩුවේදී ප්‍රකාශ කලේ, තවත් එක්සත් ජනපද ආන්ඩුවේ නියෝජිතයින් දුසිමක් දක්වා වූ ප්‍රමානයක් සමග, හිස් සෝවියට් ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කර ඇති බවයි. මෙම චෝදනාවන් චේම්බර්ස්ට එරෙහිව හිස් විසින් අපකීර්තිය  සදහා නඩුකර ගෙන ඒමට සහ නැවත නැවතත් රජයේ නඩු විභාග සදහා  විෂය විය.අවසානයේදී, චේම්බර්ස් විසින් සෝවියට් බුද්ධි අංශ සමඟ කටයුතු කරන කොමියුනිස්ට් පක්ෂයේ හසුරුවන්නන්ට  රහසිගත තොරතුරු ලබා දී ඇති බව පෙන්නුම් කරන ලියකියවිලි ඉදිරිපත් කරන ලදී.

එක්සත් ජනපද ආන්ඩුව තුල මෙම කන්ඩායමේ පැවැත්ම පූර්ව දේශපාලන වර්ධනයන් සමඟ සම්බන්ධ විය. 1930 ගනන්වල වැඩි කාලයක් පුරා, ඔවුන්ගේ මහජන පෙරමුනුවාදී ප්‍රති-විප්ලවවාදී වැඩපිලිවෙලට අනුකූලව, ස්ටැලින්වාදීන් ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ ඩිමොක්‍රටික් පක්ෂ පරිපාලනයට සහයෝගය දැක්වීය. 1939 න් පසු ස්ටැලින්වාදී සෝවියට් නිලධරය නාසි ජර්මනිය සමඟ අනාක්‍රමන ගිවිසුමක් අත්සන් කල විට එයට කෙටි බාධාවක් ඇති විය. මෙම පෙලගැස්ම සමග බැඳුනු මුලුමනින්ම අවස්ථාවාදී හේතූන් මත, කොමියුනිස්ට් පක්ෂය ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි එහි ඉරියව්ව යලි පන ගැන්වීය.

එහෙත් ගිවිසුම බිඳ වැටීමත් සමග, සෝවියට් සංගමයට නාසි ආක්‍රමනය සහ අධිරාජ්‍යවාදී “ප්‍රජාතන්ත්‍රවාදය” සමග ස්ටැලින්වාදී නිලධරයේ නව සන්ධානය මගින් කොමියුනිස්ට් පක්ෂය  යලිත් අංශක 180ක හැරීමක් සිදු කලේය. යුද්ධයේ ඉතිරි කාලය පුරාවටම, ඔවුන් ඩිමොක්‍රටික් පක්ෂයේ පරිපාලනය සහ එහි යුද ප්‍රයත්නය බලාත්මක කරන්නන් ලෙස ක්‍රියා කලහ. මෙයට යුද්ධය පුරා වැඩ වර්ජන නොමැති ගිවිසුමක් නීතිගත කිරීම සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ආස්ථානයෙන් යුද්ධයට හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ ට්‍රොට්ස්කිවාදී සමාජවාදී කම්කරු පක්ෂයට නඩු පැවරීමට සහාය දීම ඇතුලත් විය.

මීලඟ මාරුව කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තියේ වෙනසක ප්‍රතිඵලයක් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ එකක් විය. එය පශ්චාත් යුධ සමයේදී, ස්ටැලින්වාදී නිලධරය සමග එහි තථ්‍ය සන්ධානය ප්‍රතික්ෂේප කල අතර, විශේෂයෙන්ම යුරෝපය තුල ගෝලීය එක්සත් ජනපද ආධිපත්‍යය ස්ථාපිත කිරීම අරමුනු කරගත් සීතල යුද්ධය ආරම්භ කලේය. මෙහි කොටසක් ලෙස වොෂින්ටනයේ ප්‍රතිගාමී කොමියුනිස්ට් විරෝධී මායාකාරියන් දඩයමක් දියත් කරන ලදී. පූර්ව කාලපරිච්ඡේදය තුල ඉවසා සිටිය හැකි වූ හෝ ඒ තරම්ම සුපරීක්ෂාකාරීව සොයා නොබැලූ ක්‍රියාකාරකම් දැන් දැඩි පරීක්ෂාවට ලක් විය.

ආක්‍රමනශීලී ලෙස, ඇමරිකානු ආන්ඩුව ගැන ඔත්තු ලබා දුන් සෝවියට් ඒජන්තයින් සහ ඔවුනගේ ඔත්තුකරුවන් ඉලක්ක කර ගනිමින් ඉදිරියට යන අතර, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයට සම්බන්ධ වූ සහ එස්ඩබ්ලිව්පීයේ ඔත්තු බැලූ ස්ටැලින්වාදී ඒජන්තයින් ගැන විමර්ශනය කිරීමට එක්සත් ජනපද බලධාරීන් අවම උනන්දුවක් දැක්වූහ. ඔවුන් ලුහුබඳිනු ලැබුවේ ඔවුන් ට්‍රොට්ස්කිවාදී විරෝධී ක්‍රියාකාරකම්වල සිට පරමානුක ඔත්තු බැලීම සහ එක්සත් ජනපද ආන්ඩුව පිලිබඳ ඔත්තු බැලීම් දක්වා සංක්‍රමනය වී ඇති තාක් දුරට පමනි.

වසර 100 කට පෙර: කැල්වින් කූලිජ් එක්සත් ජනපද ජනාධිපති ලෙස දිවුරුම් දෙයි.

1923 අගෝස්තු 3 වෙනිදා, ජනාධිපති වොරන් ජී. හාඩින්ග් අසනීපයෙන් මිය යාමෙන් පසු එක්සත් ජනපදයේ 30 වැනි ජනාධිපති ලෙස උප ජනාධිපති කැල්වින් කූලිජ් දිව්රුම් දෙන  ලදී. හාඩින්ග් මෙන්ම රිපබ්ලිකානුවෙකු වූ මැසචුසෙට්ස් හි හිටපු ආන්ඩුකාරවරයා වූ කූලිජ්, වර්මොන්ට් හි ඔහුගේ පවුලේ නිවහන වෙත පැමිනෙමින් සිටියදී හාඩින්ගේ මරනය ගැන පනිවිඩකරුවෙකු (නිවසට විදුලිය හෝ දුරකථනයක් නොතිබුනි) විසින් ඔහුට දන්වන ලදී.  කූලිජ් , නොතාරිස්වරයෙකු සහ සාමදාන විනිසුරුවරයෙකු වූ ඔහුගේ පියා සහ ඔහුගේ  බිරිඳ ග්‍රේස් මෙන්ම වර්මොන්ට් කොන්ග්‍රස් සභිකයෙකු සහ එක් වාර්තාකරුවෙකු ද ඇතුලත් කුඩා ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ  දිවුරුම් දෙන ලදී.

ඔහු වොෂින්ටන් ඩී.සී. වෙත ආපසු පැමිනි පසු ශ්‍රේෂ්ඨාධිකරනයේ අගවිනිසුරුවරයා ඉදිරියෙහි  රහසිගතව දෙවන වරටත් දිවුරුම් දුන්නේ යම් අයෙකුට ජනාධිපතිවරයෙකු ලෙස රාජ්‍ය නිලධාරියෙකු ඉදිරියේ දිවුරුම් දිය හැකිද යන්න පිලිබඳව යම් සැකයක් ඇති වූ බැවිනි.

Calvin
කැල්වින් කූලිජ් [ඡායාරූපය: ජෝන් ගරෝ]

ජාතික සංචාරයක යෙදී සිටියදී බොහෝ දුරට හෘදයාබාධයක් යයි  සිතන්නක්  හට ගැනීමෙන් හාඩින් අනපේක්ෂිත ලෙස මිය ගියේය. ඔහු ඊට පෙර දිනවල උදරාබාධයක් ගැන කියමින්  රෝගාතුරව සිටියේය. හාඩින් විසින් වුඩ්‍රෝ විල්සන්ට  අනුප්‍රාප්තිකව නිලයේ සිටි අතර මහා ව්‍යාපාරිකයන්ගේ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කුප්‍රකට විය. ඔහුගේ පරිපාලනය ලතින් ඇමරිකාවේ නොයෙකුත් මැදිහත්වීම් අධීක්‍ෂනය කල අතර යුරෝපීය ආධිපත්‍යය දරන ජාතීන්ගේ සංගමයෙන් ස්වාධීන වූ සහ සමහර විට විරුද්ධ වූ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. ඔහු බ්‍රිතාන්‍යය අභිබවමින්  ඇමරිකානු නාවික බලය විශාල ලෙස ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන්  සිහිපත් කරනු ලබයි.

පලමුවන ලෝක යුද්ධයට එරෙහි සමාජවාදී විරෝධය නිසා ෆෙඩරල් සිර කඳවුරක මාස 36ක් ගත කල ඉයුජින් වී. ඩෙබ්ස්ගේ සිර දඬුවම හාර්ඩින් විසින් ලිහිල් කරන ලද අතර (1920 මැතිවරනයේදී හාර්ඩින්ට එරෙහිව සිරගෙදර සිට ඉදිරිපත් විය), හාඩින්ගේ රජය කොමියුනිස්ට් පක්ෂයට හිංසා පීඩා කිරීම අධීක්ෂනය කලේය. එහි සාමාජිකයින් සහ නායකයින් වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ නඩු විභාග කිරීම් ඊට ඇතුලත්ය.

මැසචුසෙට්ස් හි රජයේ සේවය තුලින් ගමන් කල කූලිජ්, 1919 දී බොස්ටන් පොලිස් වර්ජනය බිඳ දැමීමට ජාතික ආරක්ෂක බලකාය බලමුලු ගැන්වීමෙන් සහ බොස්ටන් පොලිසියේ පාලනය පුද්ගලිකව ලබා ගැනීම නිසා ඔහුගේ භූමිකාව සඳහා ජාතික අවධානයට ලක් විය. ඇමරිකානු කම්කරු සම්මේලනයේ සභාපති සැමුවෙල් ගොම්පර්ස්ගේ  ඇල්මැරුනු ස්වභාවයේ වර්ජකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහුගේ [ කූලිජ්ගේ] ප්‍රතිචාරය රට පුරා පුවත්පත් විසින් උද්දීපනය කරන ලදී: “කිසිම අයකුට  කිසිම තැනක කිසිම වෙලාවක මහජන ආරක්ෂාවට එරෙහිව වැඩ වර්ජනය කිරීමට අයිතියක් නැත.” 

ජනාධිපති ලෙස, 1924 දී ඔහුගේ පරිපාලනය වයිමර් ජනරජය ස්ථාවර කිරීම සඳහා ඩෝව්ස් (Dawes) සැලැස්ම යටතේ ඩොලර් මිලියන ගනනක් ජර්මානු ආර්ථිකයට ඇතුල් කර, රූර් නිම්නයේ සිට ප්‍රංශ හමුදා ඉවත් කර ගැනීමට සාකච්ඡා සාරථකව අවසන්  කර, ජර්මානු බැංකු මිත්‍ර පාක්ෂික අධීක්ෂනය යටතේ තැබීය.

කූලිජ්, හාඩින් පරිපාලනයේ කම්කරු විරෝධී සහ කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්ති දිගටම ගෙන ගිය අතර, 1924 ප්‍රතිගාමී සංක්‍රමන පනතට අත්සන් කල පුද්ගලයා ලෙස සිහිපත් කරනු ලබයි.  ඔහුගේම ශක්තියෙන් මැතිවරනය ජයග්‍රහනය කිරීමෙන් පසු,1925 දී, පෙන්සිල්වේනියා මාවත දිගේ ගමන් කිරීමට කු ක්ලුස් ක්ලැන් ( Ku Klux Klan) හට ඉඩ ලබා දුන්නේය.  සහ 1927 දී බොරු චෝදනා මත වැරදි කරුවන් කල අරාජකවාදී කම්කරුවන් වන සැකෝ සහ වැන්සෙට්ටිගේ අධිකරනමය ඝාතනයට අවසර ලබා දුන්නේය.

ඉතිහාසයේ මෙම සතිය: ජූලි 31 – අගෝස්තු 6 Read More »

ඉතිහාසයේ මෙම සතිය: ජූලි 24-30 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 23 දින ඉංග්‍රීසියෙන් පලවූ This week in history: July 24-30 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: UAW GM හි කොන්දේසි මත ෆ්ලින්ට් වර්ජනය අවසන් කරයි

 1998 ජූලි 29 දින, උතුරු ඇමරිකාවේ බොහෝ  ජෙනරාල් මෝටර්ස් ( GM )නිෂ්පාදන වසා දැමූ මිචිගන් ජනපදයේ ෆ්ලින්ට් නගරයෙහි හි කම්හල් දෙකක ප්‍රාදේශීය වැඩ වර්ජනයෙන් දින 54කට පසුව, යුනයිටඩ් ඔටෝවර්කර්ස් නායකත්වය, ආයතනික ප්‍රමාණය අඩු කිරීමට එරෙහිව ක්‍රියාකාරී සටන වැලැක්වීම සඳහා, සමාගමේ ප්‍රධාන ඉල්ලීම් සියල්ල පිළිගෙන , ගිවිසුමකට අත්සන් තැබීය. එය 1970 ජාතික වැඩ වර්ජනයෙන් පසු ජෙනරාල් මෝටර්ස් හි දීර්ඝතම වසා දැමීම  මෙය විය.

වර්ජනයේ කේන්ද්‍රීය ඉලක්කය වූයේ රැකියා ආරක්ෂා කිරීමේ සටනයි. 1970 ගනන්වල සිට ෆ්ලින්ට් ප්‍රදේශයේ රැකියා 50,000කට ආසන්න ප්‍රමාණයක් අහිමි කිරීමට ඒ වන විටත් තුඩු දී තිබූ, නිර්දය ලෙස රැකියා කප්පාදුවට සහ අඩු වැටුප් සහිත කලාපවලට රැකියා ගෙන යාමට එරෙහිව කම්කරුවෝ  වැඩ වර්ජනයට ගියහ.

Flint
මිචිගන් ලෝහ නිෂ්පාදන කම්හලෙහි ෆ්ලින්ට් හි වැඩ වර්ජිත මෝටර් රථ කම්කරුවන්

ජෙනරාල් මෝටර්ස්විසින් රැකියාවලට එල්ල කරන ප්‍රහාරයට සහ ලාභ ශ්‍රමය ලුහුබැඳීමට එරෙහිව ස්ථාවරයක් ගැනීමේදී කම්කරුවන් සමස්ත මෝටර් රථ කර්මාන්තයට සහ එහි ප්‍රධාන වෝල් වීදියේ ආයෝජකයින්ට එරෙහිව ගැටුමකට තල්ලු විය. රැකියා සුරක්ෂිතභාවයට වල කැපීමට, රැකියා විරහිත කම්කරුවන්ගේ සංචිතයක් ගොඩනැගීමට සහ සේවා නියුක්ත කම්කරුවන්ගේ වැටුප් මට්ටම් සහ සේවා කොන්දේසි පවත්වා ගැනීමට දරන ප්‍රයත්නයන් යටපත් කිරීමට පෙර දශක දෙක තුළ රැකියා කප්පාදුව භාවිතා කර ඇත. බිග් ත්‍රී ඔටෝසමාගම්වල සහ සමස්තයක් ලෙස සංගත ඇමරිකාවේ ලාභ උත්පාතයේ සහ කොටස්   හු වමාරුවේ කොටස් වටිනාකම් විස්මිත ලෙස ඉහළ යාමේ හදවත වූයේ මෙයයි.

 වැඩ වර්ජනය පුපුරා යාමේ මධ්‍යස්ථානය වූයේ ෆ්ලින්ට් මෙටල් වන අතර එහිදී ජෙනරාල් මෝටර්ස් විසින් වැඩ නීතිවල සහ ඵලදායිතා මට්ටම්වල සැලකිය යුතු වෙනස්කම් ඉල්ලා සිටියේය. යූඒඩබ්ලිව් විසින් අත්සන් කරන ලද ගිවිසුම මගින් ඵලදායිතාවයේ සියයට 15ක වැඩිවීමක් බලාත්මක කිරීම සඳහා නව කම්කරු කළමනාකරණ ව්‍යුහයන් ස්ථාපිත කරන ලදී.

රැකියා කප්පාදුව සහ අතිකාල දීමනා අහිමි වීම, ශ්‍රම පිරිවැය ඩොලර් මිලියන 45කින් අඩු කළේය, හරියටම ජෙනරල් මෝටර්ස්   ඉතුරුම් අපේක්ෂා කළේය. කම්කරුවන් වෙත ලබා දුන් කොන්ත්‍රාත්තුවේ සාරාංශයේ, යූඒඩබ්ලිව් ප්‍රකාශ කළේ, “ක්‍රේඩ්ල් මෙහෙයුම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව ආක්‍රමණශීලී ලෙස කටයුතු කිරීමේ සහ අනාගතයේ තරඟකාරී අභියෝගවලට අනුගත වීමේ අවශ්‍යතාවය දෙපාර්ශවයම හඳුනා ගන්නා” බවයි

යූඒඩබ්ලිව් නිලධරය ක්‍රියාකාරී කම්කරුවන් අතර නොසන්සුන්තාවයේ සහ සටන්කාමීත්වයේ වැඩෙන සලකුනු ගැන සැලකිලිමත් විය. ඔහියෝහි කම්කරුවන් වර්ජන කරන ලද ෆ්ලින්ට් කම්හලෙන් මාරු කරන ලද ඩයි භාවිතා කරනවාට වඩා වර්ජනයට යන බවට තර්ජනය කළ විට, යූඒඩබ්ලිව් ජාත්‍යන්තරය ඉක්මනින් ඔවුන්ට දිගටම වැඩ කරන ලෙස නියෝග කළේය. ජෙනරල් මෝටර්ස් එහි අක්‍රිය වූ කම්හල් කිහිපයක් නැවත විවෘත කළ විට, මිචිගන් සහ කෙන්ටකි හි යූඒඩබ්ලිව් කම්කරුවන් බාහිර සැපයුම්කරුවන් විසින් නිෂ්පාදනය කරන ලද කොටස්හැසිරවීම ප්‍රතික්ෂේප කළහ. ඉන්පසු, ටෙනසිහි සැටර්න් බලාගාරය ඇතුළු ඡන්ද මාලාවක් මගින් වැඩ වර්ජන අවසරය ඉල්ලා සිටියේය.

යූඒඩබ්ලිව් නිලධරය ආරම්භයේ සිටම ජෙනරල් මෝටර්ස්හි වැඩවර්ජනය භාවිතා කිරීමට උත්සාහ කළේකම්කරු පංතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට නොව, සමාගම සම්බන්ධයෙන් තමන්ගේම ස්ථාවරය ඉහළ නැංවීමට ය. ජෙනරල් මෝටර්ස් තව තවත් රැකියා විනාශ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින විට, යූඒඩබ්ලිව් නිලධරය, කළමනාකාරීත්ව ඉල්ලීම්වලට එරෙහිව ශ්‍රම බලකායේ විරුද්ධත්වය මැඩපැවැත්වීමේදී සමාගමට තම වටිනාකම ඔප්පු කරමින්, සියල්ලටත් වඩා තමන්ගේම වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරමින් සිටියේය.

වසර 50 කට පෙර: ඩලස්පොලිසිය විසින් දොළොස්හැවිරිදි සැන්ටොස්රොඩ්‍රිගූස්ඝාතනය කරයි.

Photo
සැන්ටොස්රොඩ්‍රිගූස්

1973 ජූලි 24 වන දින ඩලාස්පොලිස්දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන ඩැරල් ලී කේන් සහ රෝයි ආර්. ආර්නෝල්ඩ් විසින් 12 හැවිරිදි පිරිමි ළමයෙකු වූ සැන්ටොස්රොඩ්‍රිගූස් අත්අඩංගුවට ගෙන පසුව වෙඩි තබා ඝාතනය කළහ. පොලිස්මෝටර් රථයක් තුළ මාංචු දමා සිටියදී රොඩ්‍රිගූස්හිසට වෙඩි තබා තිබුණි.

 ඉන්ධන පිරවුම්හලක විකුණුම් යන්ත්‍රයක් කඩා ඩොලර් අටක් කොල්ලකා ඇති බවට හිමිදිරි පාන්දර වාර්තාවක් ලැබීමෙන් පසු, කේන් සහ ආර්නෝල්ඩ් 84 හැවිරිදි කාලෝස්මිනෙස්ගේ නිවසට ගියහ. මිනෙස් , සැන්ටොස්සහ ඔහුගේ සහෝදරයා 13 හැවිරිදි ඩේවිඩ් රොඩ්‍රිගූස්ගේ භාරකරු විය.

1971 දී මිනීමැරුම් චෝදනාවක් මත ඔවුන්ගේ මව අත්අඩංගුවට ගත් බැවින් පොලිසිය රොඩ්‍රිගූස්පිරිමි ළමයින් ගැන දැන තිබුණි. සම්පූර්ණයෙන් , පස්දෙනෙකු වූ රොඩ්‍රිගූස්  සහෝදර සහෝදරියන් උසාවිය විසින් දෙකඩ කරන ලද අතර බාල තිදෙනා රොඩ්‍රිගෑස්     භාරකාරත්වයට පත් කරන ලදී. මිනෙස් වැඩිමහල් පිරිමි ළමයින් දෙදෙනා රැගෙන යාමට ඉදිරිපත් වූ පවුලේ මිතුරෙකු විය.

ළමා සැන්ටොස්අවිවාදයෙන්ම විශාල දුෂ්කරතා සමඟ කටයුතු කළ අතර මීට පෙර සාප්පු සොරකම් කිරීම සහ පාසල මඟ හැරීම වැනි සුළු වැරදි සම්බන්ධයෙන් පොලිසිය සමඟ දඹර කොට තිබුණි. එහෙත් ඔහුගේ ගුරුවරුන් ඔහු  ආචාරසමිපන්න  අයෙක්  ලෙස විස්තර කළ අතර වාර්තාකරුවන්ට පැවසුවේ ඔහු ශාස්ත්‍රීය සංගීතයට ඇල්මක් ඇති කර ගැනීමට පටන් ගෙන ඇති බවයි.

තනිකරම අගතිය මත ක්‍රියා කරමින් මෙම සොරකමට සම්බන්ධ කිසිදු සාක්ෂියක් නොමැතිව, කේන් සහ ආර්නෝල්ඩ් මිනෙස්ගේ නිවසට ගොස්පිරිමි ළමයින් ඇඳෙන් ඇද දමා ඔවුන්ට ඇඳුම් ඇඳීමට හෝසපත්තු ඇඳීමට ඉඩ නොදී ඔවුන්ගේ පොලිස්මෝටර් රථයට තල්ලු කළහ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නොතිබුණි. නිලධාරීන් කියා සිටියේ මින්ස්ඔවුන්ට නිවසට ඇතුළු වීමට අවසර දුන් නමුත් මෙම වයෝවෘද්ධ පුද්ගලයා ඉංග්‍රීසි ටිකක් කතා කළ අතර නිලධාරීන් ස්පාඤ්ඤ භාෂාව කතා නොකළ බවයි.

පිරිමි ළමුන් මාංචු දමා , කොල්ලකෑම සිදු වූ ඉන්ධන පිරවුම්හල අසල හිස්ඉඩමකට ඔවුන්ව රැගෙන ගිය පොලිසිය ඔවුන්ව බිය ගන්වා පාපොච්චාරණයක් කිරීමට උත්සාහ කරමින් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. පිරිමි ළමුන් දෙදෙනා තරයේ කියා සිටියේ තමන් සොරකම නොකළ බවත් ඒ ගැන කිසිම දැනුමක් නැති බවත්ය.

සෑහීමකට පත් නොවූ කේන් මාංචු දැමූ සැන්ටොස්මෝටර් රථයේ මගී අසුනේ තැබූ අතර ආර්නෝල්ඩ් , ඩේවිඩ් සමඟ පසුපසට ගියේය. කේන් “රුසියානු රූලට්” ක්‍රීඩාවෙන් සැන්ටොස්ට වධ හිංසා කිරීමට පටන් ගත්තේ ඔහු විකුණුම් යන්ත්‍ර සොරකම ගැන පාපොච්චාරණය කරන ලෙස ඉල්ලා සිටිමිනි 

ඔහුගේ රිවෝල්වරයේ එක් වටයක් සමඟ ඔහු සැන්ටොස්ගේ හිසට තුවක්කුව පෙන්වා අපරාධය පාපොච්චාරණය කරන ලෙස ඉල්ලා සිටියේය. සැන්ටොස්ඔහුගේ නිර්දෝෂීභාවය ගැන අවධාරනය කළ විට, කේන් කොකා ඇද්දේය. ඉන්පසු ඔහු නැවත නැවතත් එම ක්‍රියාවලියම සිදු කරමින් , සැන්ටොස්ගේ හිසට වෙඩි තබා ඔහුව මරා දැමීය.

ඝාතනය පිළිබඳ පුවත පැතිරීමෙන් පසුව, රොඩ්‍රිගූස්ජීවත් වූ කුඩා මෙක්සිකෝඅසල්වැසි ප්‍රදේශයේ ජීවත් වූ මෙක්සිකානු-ඇමරිකානුවන් විසින් ඩලස්හි විශාල විරෝධතා සංවිධානය කරන ලදී. අනාරක්ෂිත මෙම පිරිමි ළමයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සැන්ටෝස්ගේ අවමංගල්‍යයට 600 කට අධික පිරිසක් සහභාගී වූහ.

 ඝාතනයේ දරුණු ස්වභාවය නිසා ඩලස්පොලිස්දෙපාර්තමේන්තුවට කේන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමට සිදුවිය. 1973 නොවැම්බරයේදී ඔහු නඩු විභාගයකට ගිය අතර වරදකරු විය. කෙසේවෙතත්, විනිසුරුවරයා නියෝග කළේහැකි අවම සිර දඬුවමක් වන වසර පහක සිර දඬුවමකි.

වසර දෙකහමාරක් පමණක් සිරගත වීමෙන් පසු කේන් නිදහස්විය. කේන් වධ හිංසා පමුණුවා පසුව සැන්ටොස්ඝාතනය කරන ආකාරය වාඩි වී බලා සිටි ආර්නෝල්ඩ්ට කිසි විටෙකත් අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවීය.

 වසර 75 කට පෙර: ප්‍රගතිශීලී පක්ෂය හෙන්රි වොලස්එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරයි

 1948 ජුලි 24 වෙනිදා, මෑතකදී පිහිටුවන ලද ප්‍රගතිශීලී පක්ෂයේ ජාතික සම්මේලනය එම වසරේ එක්සත් ජනපද ජනාධිපතිවරනය සඳහා එහි අපේක්ෂකයා ලෙස හිටපු උප ජනාධිපති සහ කෘෂි ව්‍යාපාර විධායකයෙකු වන හෙන්රි වොලස්නම් කරන ලදී. ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු ද වන ග්ලෙන් එච්. ටේලර් ඔහුගේ සහකරු ලෙස තෝරා ගන්නා ලදී.

ඩිමොක්‍රටික් පක්ෂයෙන් වොලස්පලවා හැරීමේ බලපෑමෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රගතිශීලී පක්ෂය පෙර මාස කිහිපය තුළ මතුවී තිබුණි. මෙම     චිරාගත  ලෝවාදේශපාලනඥයා ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් යටතේ ඩිමොක්‍රටික් පක්ෂයේ උප සභාපති ලෙස 1941 සිට 1945 මුල් භාගය දක්වා, දෙවන ලෝක යුද්ධයට එක්සත් ජනපදය සම්බන්ධ වූ කාල පරිච්ජේදයෙන් වැඩි කාලයක් සේවය කර ඇත. ඔහු ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය අතර තථ්‍ය සන්ධානය සඳහා ප්‍රධාන වාහකයෙකු විය.

Photo
 හෙන්රි වොලස්

වෘත්තීය සමිති නිලධරය සහ එක්සත් ජනපද ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ය විසින් ගැටුම පුරා බලාත්මක කරන ලද වර්ජන තහනම් ඇතුලුව, වොලස්ගේ වාම-ගෝෂාබද්ද දේශප්‍රේමී වාචාලකම, කම්කරු පන්තිය යුද්ධයට යටත් කිරීමේ යාන්ත්‍රණයක් ලෙස සේවය කර ඇත.

1944 මැතිවරනයේදී වොලස්උප ජනාධිපති අපේක්ෂකයා ලෙස නෙරපා හැරීම, මිසූරි හි කොමියුනිස්ට් විරෝධී සෙනෙට් සභික හැරී එස්. ටෲමන්ට පක්ෂව, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ වර්ධනය වෙමින් පවතින මාරුවක ආරම්භක දර්ශකයක් විය. 1945 අප්‍රේල් 12 වන දින රූස්වෙල්ට්ගේ මරණයෙන් පසු ජනාධිපති බවට පත් වූ ටෲමන් සමඟ විශාල ප්‍රහාරයකට සම්බන්ධ වූ වොලස් 1946 සැප්තැම්බර් වන තෙක් වාණිජ ලේකම් තනතුර දැරීය.“ලතින් ඇමරිකාවේ, බටහිර යුරෝපයේ සහ එක්සත් ජනපදයේ දේශපාලන කටයුතුවලදී රුසියාවට වඩා නැගෙනහිර යුරෝපයේ දේශපාලන කටයුතුවලදී අපට තවත් ව්‍යාපාරයක් නොමැති බව [අපි] පිළිගත යුතුයි” යනුවෙන් වොලස්විසින් කරන ලද දේශනයක දී ප්‍රකාශ කර තිබුණි.

යුද්ධය පැවති සමයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී විදේශ පිලිවෙතට සහ ස්ටැලින්වාදී නිලධරය සමග සන්ධානයට අදාළ වන එම ස්ථාවරය,ඇමරිකානු ධනවාදයේ නොගැලපෙන ගෝලීය ආධිපත්‍යය ස්ථාපිත කිරීම අරමුනු කරගත් සෝවියට් සංගමයට එරෙහිව සීතල යුද්ධයක් දියත් කිරීමට ටෲමන් පරිපාලනයේ සැලසුම් කපා හැරියේය. යුද්ධය අතරතුර එක්සත් ජනපද අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියට සහ ස්ටැලින්වාදී නිලධරය සමඟ සන්ධානයට අදාළ වන එම රේඛාව, ඇමරිකානු ධනවාදයේ නොගැලපෙන ගෝලීය ආධිපත්‍යය ස්ථාපිත කිරීම අරමුනු කරගත් සෝවියට් සංගමයට එරෙහිව සීතල යුද්ධයක් දියත් කිරීමේ ටෲමන් පරිපාලනයේ සැලසුම් කපා හැරියේය. 

වොලස්පරිපාලනයෙන් නෙරපා හැරීමෙන් පසු ගත වූ මාස සහ වසර වලදී, ඔහු සෝවියට් නිලධරය සමඟ පැරණි සහයෝගීතාවයේ මෙන්ම සීමිත දේශීය සමාජ සහනවලට නැවත පැමිණීම ඵලදායී ලෙස ඉල්ලා සිටිමින් දේශපාලන ක්‍රියාකාරකම් දිගටම කරගෙන ගියේය. ඔහුගේ අවසාන දේශපාලන වාහනය වන ප්‍රගතිශීලී පක්ෂය, විවිධ ස්ටැලින්වාදී සහ හිටපු ස්ටැලින්වාදී බලවේගවල සහය මෙන්ම වෘත්තීය සමිති නිලධරයේ සුළු කොටස්වලින් වඩාත් උණුසුම් සහයෝගය දිනාගෙන තිබුණි . ප්‍රගතිශීලී පක්ෂය සීතල යුද්ධයට සහ පරමාණු බෝම්බයේ වර්ධනයට විරුද්ධ වූ අතර සෝවියට් සංගමය සමග “සාමකාමී සහජීවනයක්” ඉල්ලා සිටියේය.

වොලස්ට කතා කළ බොහෝස්ථානවල විශාල ප්‍රේක්ෂක පිරිසක් ද ඇතුළත් වූ අතර, ඔහුට ලැබුණු එම සහයෝගයේ දේශපාලන වැදගත්කම එවකට ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී සංවිධානය වූ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) විසින් පෙන්වා දුනි. ඔහු නියෝජනය කළේ කොමියුනිස්ට් විරෝධී හා අධිරාජ්‍යවාදයට එරෙහි ජනගහනයේ විරෝධයයි. එහෙත් එස්ඩබ්ලිව්පී අවධාරනය කලේ, ද්වි-පක්ෂ පද්ධතියට අභියෝග කරන වොලස්ගේ ප්‍රකාශයේ අත්‍යවශ්‍යයෙන්ම වංචනික ස්වභාවයයි. ඔහුගේ උද්ඝෝෂනය සමාජ නැගිටීමේ අන්තරායන් පිලිබඳ පාලක ප්‍රභූවට අනතුරු ඇඟවීමක් සහ සීමිත බැරෑරුම් නොවන ප්‍රතිසංස්කරනවාදයක් සඳහා කරන ආයාචනයක් විය. 

ප්‍රගතිශීලී පක්ෂයේ සම්මේලනයෙන් පසු දින, ටෲමන් සන්නද්ධ හමුදාවන්හි වාර්ගික වෙනස්කම්වලට එරෙහිව විධායක නියෝගයක් ප්‍රකාශයට පත් කළේය. ඉන් දිනකට පසු, ඔහු කොන්ග්‍රසයේ විශේෂ සැසිවාරයකට දේශනයක් පැවැත්වීය, අනෙකුත් සිවිල් අයිතිවාසිකම් ප්‍රශ්න විසඳීමට සහ වැඩ කරන ජනතාව මුහුන දෙන ජීවන වියදම් දුෂ්කරතා මැඩලීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. සෝවියට් සංගමයට එරෙහි ආක්‍රමනකාරී බෙර වාදනයක් මධ්‍යයේ සන්නද්ධ හමුදාවන්ගේ සහ පරිපාලනයේ ප්‍රතිරූපය නවීකරණය කිරීමත් සමඟ, මෙම පියවරයන් මගින් වොලස්ගේ ව්‍යාපාරය කෙරෙහි යම් තරමක බියක් පෙන්නුම් කළේය.

එම මාසයේම, ටෲමන් පරිපාලනය, ආන්ඩුව ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීම සඳහා සූදානම් කිරීමේ චෝදනාව මත ස්මිත් පනත යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයින්ට චෝදනා කළේය. ස්ටැලින්වාදී නායකයන් ඩිමොක්‍රටික් පක්ෂයේ සහචරයින් වූයේ මීට වසර කිහිපයකට පෙර ය.

 වසර 100කට පෙර: අධිරාජ්‍යවාදී බලවතුන් තුර්කිය සමඟ ගිවිසුමක් අත්සන් කරයි

1923 ජූලි 24 වැනි දින, බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ, ඉතාලියේ සහ ජපානයේ අධිරාජ්‍යවාදී බලවතුන් පළමු ලෝක යුද්ධයෙන් පසු අන්කාරා පදනම් කර ගනිමින් මතු වූ අලුතින් පිහිටුවන ලද තුර්කි රාජ්‍යය සමඟ ස්විට්සර්ලන්තයේ දී ලෝසැන් ගිවිසුම අත්සන් කළහ. මෙම අවසන් ගිවිසුමට ග්‍රීසිය, යුගෝස්ලාවියාව සහ රුමේනියාව ද අත්සන් කරන ලදී 

අධිරාජ්‍යවාදී බලවතුන් තුර්කි අගනුවර වන කොන්ස්ටන්ටිනෝපල් (ඉස්තාන්බුල්) වෙතින් තම හමුදා ඉවත් කර ගැනීමට එකඟ වූ අතර, ඇනටෝලියානු අර්ධද්වීපය සහ කළු මුහුදේ සිට මධ්‍යධරණී මුහුද දක්වා ගමන් කිරීමට ඉඩ සලසන ඩාර්ඩනෙල්ස්සහ බොස්පොරස්සමුද්‍ර සන්ධි හරහා කෙමාල් අටටුර්ක්ගේ නායකත්වයෙන් අලුතින් පිහිටුවන ලද තුර්කි රාජ්‍යයේ ස්වෛරීභාවය පිළිගත්තේය. සමුද්‍ර සන්ධි හරහා නැව් යැවීමේ අයිතිය අධිරාජ්‍යවාදී බලවතුන් සතු විය.

Itly
ලෝසාන් හි තුර්කි නියෝජිත පිරිසක්

ඉස්තාන්බුල් නගරය බෙදන බොස්පොරස්සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි තුර්කියේ එකම යුරෝපීය කොටස වන නැගෙනහිර ත්‍රේසය, බල්ගේරියාවට මුහුණලා සිටින හමුදා මුක්ත කලාපයක් සහිත තුර්කියේ කොටසක් ලෙස නම් කරන ලදී. මේවා අත්‍යවශ්‍යයෙන්ම සමකාලීන තුර්කි ජාතික රාජ්‍යයේ දළ සටහන් විය.

 ප්‍රංශයේ, ඉතාලියේ සහ ග්‍රීසියේ පරිපාලනයට තුර්කි භාෂාව කතා කරන ඇනටෝලියාවේ විශාල කොටසක් ලබා දුන් 1920 සෙව්රාස් (Sèvres ) ගිවිසුමේ බොහෝප්‍රතිපාදන ලෝසැන් ගිවිසුම විසින් බැරෑරුම් ලෙස ප්‍රතික්ෂේප කරන ලදී. එම ගිවිසුම යටතේ, ඩාර්ඩනෙල්ස් ජාත්‍යන්තරකරණය කිරීම, ඇනටෝලියාවේ කුර්දි ජාතිකයන් ඔවුන්ගේ මව්බිම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සහ තුර්කියේ ආර්මේනියානු ප්‍රදේශ “නිදහස්සහ ස්වාධීන” විය යුතු විය. ඔටෝමාන් අධිරාජ්‍යයේ අරාබි ජනාකීර්ණ ප්‍රදේශවල ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සඳහා ජාතීන්ගේ සංගමය ඒ වන විටත් පාලනය නිර්මානය කර තිබුණි.

 1915 ආර්මේනියානු ජන සංහාරයේ අපරාධකරුවන්ට යුද අපරාධ නඩු පැවරීම ලෝසැන් ගිවිසුමෙන් සමාව ලබා දුන් අතර ආර්මේනියානු සහ කුර්දි ජාතික ඉල්ලීම් අත්හිටුවන ලදී. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඉරාකය, පලස්තීනය, සිරියාව සහ ලෙබනනය දිගටම අල්ලාගෙන පාලනය කළහ.

ඉතිහාසයේ මෙම සතිය: ජූලි 24-30  Read More »

ඉතිහාසයේ මෙම සතිය: ජූලි 17-23

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 16 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History: July 10 -16 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: යෙල්ට්සින් සාර් නිකලස් II ගෞරවාන්විතව නැවත භූමදාන කළේය.

1917 රුසියානු විප්ලවයෙන් පසුව ඇති වූ සිවිල් යුද්ධය මධ්‍යයේ විප්ලවවාදී හමුදාවන් විසින්    රොමනොව් රජ පවුල  මරාදැමීමෙන් වසර 80 කට පසු 1998 ජුලි 17 වන දින, රුසියානු රජය , දෙවන සාර් නිකලස්ගේ සහ ඔහුගේ පවුලේ අයගේ දේහය ශාන්ත පීටර්ස්බර්ග් හි  ශාන්ත පීටර් සහ පෝල් ආසන දෙව්මැදුර හිදී පැවති උත්සවයකදී තැන්පත් කරන ලදී. 

අවමංගල්‍ය උත්සවයේදී රුසියානු ජනාධිපති බොරිස් යෙල්ට්සින් ප්‍රකාශ කළේ, “භූමදානය මානුෂීය යුක්තියේ ක්‍රියාවක්, රුසියාවේ එක්සත්කමේ සහ පොදු වරදින් මිදීමේ සංකේතයකි.” “අපේ ඉතිහාසයේ ඉතාම නින්දිත පිටුවලින් එකක්” වෙනුවෙන් ඔහු සමාව ඉල්ලා සිටියේය.

Tsar
IIවන සාර් නිකලස්ගේ සහ ඔහුගේ පවුලේ අයගේ සොහොන [ඡායාරූපය Richard Mortel / CC BY 2.0]

රුසියානු ජනගහනය පෙර සතිවල සාර් රාජධානියේ මහිමය  පිළිබඳ වාර්තා වලින් යට කර තිබුණි.  රුසියානු ජනාධිපතිවරයා සාර් සහ ඔහුගේ පවුලේ අය ගැන උත්සවයේදී අලංකෘත වචන වලින් කතා කළේය.

1894 සිට 1917 දක්වා පාලනය කළ නිකලස් II, සාමාන්‍ය රුසියානු ජනතාව පීඩාවට පත් කළ අර්ධ වැඩවසම් පාලන තන්ත්‍රයක් මගින් සුඛෝපභෝගී ආකාරයෙන් නායකත්වය දුන්නේය. ප්‍රභූ පැලැන්තියේ සහ රාජකීය පවුලේ ධනය රඳාපවතින්නේ මිලියන ගනනක් ගොවීන්ගේ සහ මිලියන ගණනක නාගරික කම්කරුවන්ගේ කටුක දුක්ඛිත තත්වය මත ය. සාර්වාදී රුසියාව ශිෂ්ට ලෝකය පුරා පසුගාමීත්වය, මර්දනය සහ නූගත්කම සමඟ සමාන විය. නිකලස් සිය බලය පවත්වා ගෙන ගියේ පොලිස් භටයන් සහ පොලිස් ඔත්තුකරුවන් විශාල හමුදාවක් බලමුලු ගැන්වීමෙනි. සෑම ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් සහ අදහසක්ම තහනම් විය. පාලන තන්ත්‍රය දේශපාලන විරුද්ධවාදීන් දහස් ගණනක් සයිබීරියාවට පිටුවහල් කළේය. මධ්‍යකාලීන සිරගෙවල්වල තවත් දහස් ගණනක් මිය ගියහ; එය තවත් එවැනි සිය ගණනක් ක්‍රියාත්මක කළේය.

තමාගේම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බෝම්බ දමා, සහ චෙචන් ජාතිකවාදී බලවේගවලට එරෙහිව කුරිරු යුද්ධයක් දිගටම කිරීමට අණ දුන් යෙල්ට්සින් සිය කතාවේදී, කුහක ලෙස එහි සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය “විනාශ වූ” ලෙස හෙළා දුටු අතර සහස්‍රයේ අවසානයෙහි අධ්‍යාත්මික වැදගත්කම මතු කළේය.

සිවිල් යුද්ධය පුපුරා යාම සහ එහි ගමන් මග මගින් සාර් සහ සාරිනාගේ ඉරණම මුද්‍රා තබන ලදී. ට්‍රොට්ස්කි බොල්ෂෙවික් දේශපාලන මණ්ඩලයේ රැස්වීමකදී නිකලස්ව නඩු විභාගයකට ලක් කළ යුතු බවත් ඔහුගේ පාලනයේ සම්පූර්ණ චිත්‍රයක් විවෘත අධිකරණයේ පින්තාරු කළ යුතු බවත් යෝජනා කළේය. නඩු විභාගය ගුවන් විදුලියෙන් විකාශනය කරන ලෙස ඔහු යෝජනා කළේය. යෝජනාවට යම් අනුකම්පාවක් ඇති වූ නමුත්, විප්ලවය තලා දැමීමේ අරමුන ඇතිව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් නායකත්වය දුන් විදේශීය හමුදා 14ක් විසින් සෝවියට් කම්කරු රාජ්‍යය ආක්‍රමණය කිරීම, එය ප්‍රායෝගික නොවන බවට පත් කළේය.

1918 ජුලි වන විට යෙකටරින්බර්ග්හි රතු හමුදාවේ හමුදා තත්වය වඩ වඩාත් අවිනිශ්චිතභාවය පත් වී තිබුණි. සුදු හමුදාවන් ඉදිරියට යමින් සිටි අතර, රාජකීය පවුල ප්‍රතිවිප්ලවයේ අතට පත් වුවහොත් ඔවුන් ග්‍රාමීය ජනගහනයේ නොසන්සුන් සහ වඩාත් පසුගාමී ස්ථරයන්ට ජීවමාන සංකේතයක් බවට පත්වනු ඇතැයි බොල්ෂෙවික්වරු බිය වූහ. එබැවින්, 1918 ජූලි 17 වන දින, සාර් සහ ඔහුගේ පවුල ඝාතනය කරන ලද අතර, ඔවුන් එංගලන්තයේ චාල්ස් I, ප්‍රංශයේ XVI වන ලුවී සහ මානව ප්‍රගතියේ රැල්ලට ගොදුරු වූ අනෙකුත් අයගේ ඉරණම හා බෙදාහදා ගන්නා ලදී.

වසර 50 කට පෙර: ඇෆ්ගනිස්ථාන කුමන්ත්‍රණය රාජාණ්ඩුව අවසන් කරයි, ඒකාධිපතිත්වය ස්ථාපිත කරයි

K8ng
සහීර් ෂා රජු 1963 දී ඡායාරූප ගත කරන ලදී

1973 ජූලි 17 වන දින ඇෆ්ගන් හමුදාවේ ප්‍රමුඛ ජෙනරාල් මොහොමඩ් දවුද් ඛාන් , මොහොමඩ් සහීර් ෂා රජුට එරෙහිව සාර්ථක කුමන්ත්‍රණයක් දියත් කළේය. ඒ වන විට සහීර් ෂා ඉතාලියේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රටින් බැහැරව සිටියේය. බලයට පත්වීමෙන් පසු ඛාන් රාජාණ්ඩුව අහෝසි කර තනි පක්ෂ රාජ්‍යයක් ස්ථාපිත කළේය.

කුමන්ත‍්‍රණය සාපේක්ෂ වශයෙන් ලේ ගැලීම් රහිත එකක් වූ අතර, හමුදාව විසින් රජයේ ප‍්‍රධාන කාර්යාලවල පාලනය සියතට ගැනීමත් සමග පොලිස් නිලධාරීන් හත් දෙනෙකු පමණක් ඝාතනය විය. කුමන්ත‍්‍රණයේ ආරංචිය ෂා වෙත ළඟා වූ පසු, ඔහු වහාම ප‍්‍රතිචාර දැක්වූයේ, ඇෆ්ගනිස්ථානුවන්, “නිරපේක්ෂ බහුතරයක් සහිතව, ජනරජ පාලන තන්ත‍්‍රයක් සාදරයෙන් පිලිගත්” බව පිළිගනිමින්, ඔහුගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙනි.

ඛාන් ෂාගේ ඥාති සොහොයුරෙකු වූ අතර මීට පෙර 1953 සිට 1963 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබුණි. මෙම කාලය අවසානයේදී දෙදෙනා අතර දේශපාලන භේදයක් ඇති විය. එවකට ඛාන් සෝවියට් සංගමය සමඟ සමීප සන්ධානයකට කැමති වූ අතර ෂා විසින්ම රජය ජනරජ ක්‍රමයක් බවට ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා කළේය.

සීතල යුද්ධයේදී ඇෆ්ගනිස්ථානය නිල වශයෙන් එක්සත් ජනපදය හෝ සෝවියට් සංගමය සමග නොබැඳි ලෙස තබා ගැනීමට ෂා කැමති වූ අතර, එය තමන්ට වාසිදායක වන පරිදි දෙපිල අතර උපාමාරු දැමීමට බලාපොරොත්තු විය. ඔහු ඛාන්ගේ යෝජනා ප්‍රතික්ෂේප කළ අතර 1963 දී ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය. 1964 දී ඔහු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ අතර, එය රාජකීය පවුලේ ඕනෑම සාමාජිකයෙකුට අමාත්‍ය ධූර දැරීම තහනම් කළේය, එය විශේෂයෙන් නිර්මාණය කර තිබුණේ ඛාන් ඉහළ තනතුරකින් බැහැර කිරීම සඳහා ය.

කෙසේ වෙතත්, ඛාන් හමුදාවේ තම තනතුර දිගටම පවත්වා ගෙන ගිය අතර දේශපාලනයේ වැදගත් චරිතයක් විය. ඔහු අගමැති ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු දශකය තුළ ,1973 දී ඔහුගේ බලය අල්ලා ගැනීමට සහාය වන විවිධ දේශපාලන කණ්ඩායම් සමූහයක් ක්‍රමයෙන් තමා වටා තහවුරු කර ගත්තේය.

හමුදාවෙන් පිටත, මෙම කන්ඩායම්වලින් වඩාත්ම වැදගත් වූයේ ඇෆ්ගනිස්ථානයේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයි (PDPA). PDPA යනු ඇෆ්ගනිස්ථානයේ ස්ටැලින්වාදී පක්ෂය වූ අතර , එය ෂා රාජාණ්ඩුව තුළ පාර්ලිමේන්තුවේ ආසන අතලොස්සක් හිමිකරගෙන තිබුණි. ස්ටැලින්වාදීන් සුළු හෝ පැකිලීමකින් තොරව එකඟ වූ ඔහුගේ කුමන්ත්‍රණයට සහය සහ උදව් ලබා දෙන්නේ නම් PDPA සාමාජිකයන් තම කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට ඛාන් ප්‍රතිඥා දුන්නේය.

ඛාන් බලයේ පළමු වසර තුළ ඇෆ්ගනිස්ථානය ආර්ථික වශයෙන් නවීකරණය කිරීමට සැලසුම් කරන ලද ප්‍රතිපත්ති අනුගමනය කළේය. මේවාට බැංකු ජනසතු කිරීම සහ කාර්මීකරණ මුලපිරීම් ඇතුළත් විය. මෙම පියවරයන් බොහොමයක් ස්ටැලින්වාදී PDPA ඇමතිවරුන් විසින් අධීක්ෂණය කරන ලදී.

1977 දී ඛාන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කළ අතර, ඔහුගේ ජාතික විප්ලවවාදී පක්ෂය එකම නීත්‍යානුකූල පාලක පක්ෂය ලෙස නිල වශයෙන් තහවුරු කළේය. ඔහු ආන්ඩුවෙන් PDPA සාමාජිකයින් ඉවත් කිරීම ආරම්භ කළේය, සෝවියට් සංගමය සමඟ වූ  සහයෝගයෙන් ඈත් වී එක්සත් ජනපදය හා ඊජිප්තුව සමඟ සමීප සහයෝගීතාවයක් ආරම්භ කළේය, ඒ වන විට ඔවුන් සෝවියට් සන්ධානයෙන් ද බිඳී ගොස් තිබුණි.

1978 දී PDPA නායක මීර් අක්බර් කයිබර් ඝාතනය විය. ඔහුගේ අවමංගල්‍යය PDPA ට සහය දැක්වීම සඳහා මහජන දේශපාලන රැස්වීම් බවට පත් වූ පසු, ඛාන් පක්ෂය මර්දනය කිරීමට උත්සාහ කළේය. PDPA ප්‍රතිචාර දැක්වූයේ ඔවුන්ගේම කුමන්ත්‍රණයක් දියත් කිරීම සහ ඔවුන්ගේ නිලයට දිනාගත් හමුදාවේ සංවිධානාත්මක කොටස් ය. 1978 අප්‍රේල් 28 වන දින PDPA කුමන්ත්‍රණයේදී ඛාන් ඝාතනය විය.

1973 කුමන්ත්‍රණයෙන් පසුව සහීර් ෂා ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා ඉතාලියේ රැඳී සිටියේය. කෙසේ වෙතත්, 2002 දී එක්සත් ජනපද ආක්‍රමණයෙන් සහ ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන්  පසු ඔහුට නැවත පැමිණීමට අවසර ලැබුණි. ඔහු එක්සත් ජනපදය විසින් ඔහුගෙන් ඉල්ලා සිටි භූමිකාව කීකරු ලෙස ඉටු කළ අතර වාඩිලෑමේ තන්ත්‍රයට සහාය දුන්නේය. ඔහු 2007 දී මිය ගියේ අර්ධ පුනරුත්ථාපනය කරන ලද රජෙක්  වැනි චරිතයක් ලෙස ය, නමුත් ඔහු කිසි විටෙකත් නිල වශයෙන් ඔහුගේ පදවිය ප්‍රතිස්ථාපනය නොකළේය.

වසර 75 කට පෙර: ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂ නායකයින්ට “ආන්ඩුව පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම” සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

1948 ජුලි 20 වෙනිදා, “එක්සත් ජනපද ආන්ඩුව පෙරලා දැමීමට” කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් දොළොස් දෙනෙකුට ස්මිත් පනත යටතේ චෝදනා එල්ල විය.

අධිචෝදනා කොමියුනිස්ට් විරෝධී මායාකාරියන් දඩයම් කිරීමේ (witch-hunt) ඉහළම අදියර වූ අතර, චිත්‍රපට සහ අනෙකුත් කලා ක්ෂේත්‍රවල විශාල පවිත්‍ර කිරීම් ඇතුළත් විය. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය ස්ථාපිත කිරීම අරමුනු කරගත්, සෝවියට් සංගමයට එරෙහිව යොමුකල සීතල යුද පිලිවෙත් ක්‍රියාවට නංවමින් සිටි, ජනාධිපති හැරී එස්. ටෲමන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ පරිපාලනය විසින් ඔවුන් පහතට හෙලන ලදී.

අධිචෝදනා පත්‍රය ප්‍රකාශයට පත් කිරීමෙන් ඉක්බිතිව ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රොට්ස්කිවාදී සමාජවාදී කම්කරු පක්ෂයේ 1948 ජනාධිපති අපේක්ෂක ෆැරල් ඩොබ්ස් මෙසේ ප්‍රකාශ කළේය: “කුප්‍රකට ස්මිත් ‘ගැග්’ පනත යටතේ කොමියුනිස්ට් පක්ෂ නායකයින් දොළොස් දෙනාට අධිචෝදනා ගොනු කිරීම සිවිල් නිදහසට එරෙහි දරුණු පහරකි. මේ රටේ පොලිස් රාජ්‍යයක් සහ චින්තන පාලනයක් ස්ථාපිත කිරීමේ දිශානතියට ගත් තවත් පියවරකි.”

ඩොබ්ස්ගේ ප්‍රකාශය සිවිල් නිදහස සහ මානව හිමිකම් සංවිධානවල සමාන අදහස් ගෙන හැර දක්වමින්, නඩු පැවරීම එක්සත් ජනපදය තුල ඒකාධිපතිවාදයට හැරීමක් සලකුනු කරන බවට අනතුරු ඇඟවීය.

එස්ඩබ්ලිව්පීයේ අනෙකුත් සාමාජිකයින් 28 දෙනෙකු සමඟ 1941 දී ඩොබ්ස් ටම  ස්මිත් පනත යටතේ නඩු පවරන ලදී. විශේෂයෙන්ම යුද විරෝධී සංවිධාන ඉලක්ක කරගත් නීති සම්පාදනය යටතේ මුලින්ම චෝදනා එල්ල වී සිරගත කරනු ලැබුවේ ඔවුන්ය. 

Ct Smith
ෆැරල් ඩොබ්ස්,( වමේ) සහ ජේම්ස් පී. කැනන් ඔවුන්ගේ 1941 ස්මිත් පනතේ නඩු විභාගය අතරතුරදී.

රූස්වෙල්ට් පරිපාලනය විසින් එස්ඩබ්ලිව්පීයට පහර දෙනු ලැබුවේ එය කම්කරු ව්‍යාපාරය තුල  දෙවන ලෝක යුද්ධයට ඇමරිකානු සහභාගීත්වයට විරුද්ධ වූ සහ ගැටුමේ සියලු ප්‍රධාන බලවතුන්ගේ මැදිහත්වීම් වලට යටින් පවතින අධිරාජ්‍යවාදී අභිප්‍රේරණයන් හෙලිදරව් කල එකම ප්‍රවනතාවය එය වූ බැවිනි. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය, එක්සත් ජනපද-සෝවියට් යුද කාලීන සන්ධානයේ කොන්දේසි යටතේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග පෙලගැසීමට අනුකූලව, ට්‍රොට්ස්කිවාදීන්ට එරෙහිව රූස්වෙල්ට් විසින් නඩු පැවරීම ගැන ඔල්වරසන් දුන්නේ ය.

1948 ඔහුගේ ප්‍රකාශයේ ඩොබ්ස් උත්ප්‍රාසය සටහන් කළේය. එහෙත් ස්ටැලින්වාදීන් මෙන් නොව, එස්ඩබ්ලිව්පීය කම්කරු ව්‍යාපාරය තුල ඇති අනෙකුත් ප්‍රවනතාවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කලේය, එයට වඩාත්ම මූලික එකඟ නොවීම් ද ඇත.

ඩොබ්ස්ගේ ප්‍රකාශය චෝදනාවේ හාස්‍යජනක ස්වභාවය සටහන් කළේය. කොමියුනිස්ට් පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂය සමග දිග්ගැස්සුනු පෙලගැසීමක සිටි අතර සමාජවාදී විප්ලවයට නොසැලෙන ලෙස සතුරු විය.

ඩොබ්ස් පැහැදිලි කළේ:

ස්ටැලින්වාදී නායකයින් මාක්ස්ගේ සහ ලෙනින් ගේ මූලධර්ම වෙනුවෙන් පෙනී සිටි බවට එල්ල වන චෝදනාව අපූරු සහ අසත්‍ය ය. ස්ටැලින්වාදී නායකයෝ බොහෝ කලකට පෙර මාක්ස්වාදී දර්ශනය අත්හැර දැමූහ. බ්‍රවුඩර් නෙරපා හැරීමෙන් පසු 1945 දී ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වීම, චෝදනා පත්‍රය එල්ල කර ඇති අතර, එය මාක්ස්වාදය වෙත නැවත පැමිණීමක් පෙන්නුම් නොකළ අතර එය හුදෙක් ක්‍රෙම්ලිනයේ නව විදේශ ප්‍රතිපත්තියට අනුගත වීමකි.

වර්තමාන නඩු පැවරීම ද කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි වොෂින්ටනයේ ආකල්පයේ මෑතකාලීන ආපසු හැරීමක ප්‍රතිඵලයකි. ෆෙඩරල් ආන්ඩුව, යුද්ධය අතරතුර කොමියුනිස්ට් පක්ෂය හි සුපිරි-දේශප්‍රේමී සහයෝගය, ඔවුන්ගේ වැඩ වර්ජන බිඳීම සහ වෘත්තීය සමිති සටන්කාමීන් දඩයම් කිරීම පිළිගැනීමට වඩා කැමැත්තෙන් සිටියේය.

අවසාන වශයෙන්, ඩොබ්ස් මෙසේ පැවසීය.

යුද සමයේදී එම ස්මිත් පනත යටතේම අපව සිරගත කිරීමට කොමියුනිස්ට් පක්ෂය හි සහාය පිළිගැනීමට අධිකරණ දෙපාර්තමේන්තුව ද කැමැත්තෙන් සිටියේය.  ස්ටැලින්වාදී නායකයන්ගේ කුහකකම, වංචාව සහ ද්‍රෝහීකම නොතකා, ඔවුන් ප්‍රතිපත්ති විරහිතව සිවිල් අයිතිවාසිකම් අත්හැරීම සහ යුද්ධයේදී අප වෙත කළ සාහසික ද්‍රෝහීකම් අනුකරණය කිරීමට අපට කිසිදු අදහසක් නැත.

වර්තමාන නඩු පැවරීමට එරෙහිව සීමාව දක්වා සටන් කිරීම සහ එයට විරුද්ධ වන ලෙස සමස්ත කම්කරු ව්‍යාපාරයම දැනුවත් කිරීම අපගේ යුතුකමක් ලෙස අපි සලකමු. පරිපාලනය විසින් සිවිල් අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය මගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කරුණක් බවට පත් කිරීමට මම යෝජනා කරමි.

වසර 100 කට පෙර: පැන්චෝ විලා මෙක්සිකෝවේ දී ඝාතනය කරන ලදී

1923 ජූලි 20 වන දින, 1911-1920 මෙක්සිකානු විප්ලවයේ කැපී පෙනෙන නායකයෙකු වූ පැන්චෝ විලා, උතුරු චිහුවාහුවා ප්‍රාන්තයේ පැරල් නගරය අසල ඔහුගේ ගොවිපළේ සිට 

ඔහුගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී තුවක්කුකරුවන් හත් දෙනෙකු විසින් ඔහුට  වෙඩි තබා තිබුණි. විලා සහ ඔහුගේ ආරක්ෂකයින් තිදෙනා මිය ගිය අතර ඔහුගේ පිරිවරෙන් එක් අයෙකු පමණක් දිවි ගලවා ගත්තේය. එකල මූලාශ්‍ර අනුමාන කළේ මෙම මිනීමැරුම මෙහෙයවා ඇත්තේ මෙක්සිකානු විප්ලවයේ ප්‍රතිවාදී කන්ඩායමක නායකයෙකු වන ෆ්‍රැන්සිස්කෝ හෙරේරා විසිනි, ඔහුගේ පියා සහ සහෝදරයන් තිදෙනා විලා විසින් මරා දමන ලදී. කෙසේ වෙතත්, ඝාතනය සඳහා දේශපාලනික අරමුණු ද බොහෝ දුරට තිබුණි.

උතුරු ප්‍රාන්තයේ ඩුරන්ගෝ හි දිළිඳු ලෙස උපත ලැබූ විලා, සියවස ආරම්භය වන විට කොල්ලකරුවෙකු බවට පත් වන තෙක් අඳ ගොවියෙකු,  ගඩොල් කපන්නෙකු සහ දුම්රිය පාලකයෙකු ලෙස සේවය කර ඇත. 1910 න් පසු ඔහු මෙක්සිකානු විප්ලවයේ නායකයෙකු බවට වර්ධනය වූයේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම ජනාධිපති පෝර්ෆිරියෝ ඩයස් පෙරලා දැමීමේ හමුදා ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වූ විටය. 1916 දී, විලා විසින් නිව් මෙක්සිකෝවේ කොලොම්බස් හි වැටලීමකට නායකත්වය දුන්නේ විප්ලවයට පිටුපසින් බලයට පත් වූ වෙනෙස්ටියානෝ කොරැන්සා ( Venustiano Carranza ) හි නව මෙක්සිකානු රජයට එක්සත් ජනපදය සහාය දුන් බැවිනි. ජනාධිපති විල්සන් මෙක්සිකෝවට ඇමරිකානු භටයන් 5,000 ක් යැවූ නමුත් ඔවුන්ට විලා අල්ලා ගැනීමට නොහැකි විය.

panco
පැංචෝ විලා

විලා සහ ඔහුගේ අනුගාමිකයින් 1919 දක්වා ඇමරිකානු දේශසීමාව අසල සුවාරෙස් නගරය වෙත ප්‍රහාරයක් දියත් කරන තෙක් කැරලිකාර භූමිකාවක් ඉටු කර ඇත. 1920 සිට, විලා ජීවත් වූයේ විශ්‍රාම යන බව කියන ඇඩොල්ෆෝ ඩි ලා හුයර්ටා පාලන තන්ත්‍රය සමඟ සාම සාකච්ඡාවලින් පසු රජය ඔහුට ලබා දුන් අක්කර 25,000 ක වතුයායක ය.

විලා 1924 මැතිවරණය සඳහා නැවත දේශපාලනයට පිවිසීමට සූදානම් වෙමින් සිටි බව කියනු ලැබේ. බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ 1924 දී ජනාධිපති බවට පත් වූ ප්ලූටාර්කෝ එලියාස් කැල්ස් ඔහුගේ  විභව ප්‍රතිවාදියෙකු මර්දනය කිරීමට මිනීමැරුමට අණ දුන් බවයි. 

සමාජවාදී මාධ්‍යවේදී ජෝන් රීඩ්ගේ ප්‍රථම ප්‍රකාශිත පොත, “කැරලිකාර මෙක්සිකෝව” (1914), පැන්චෝ විලාගේ හමුදාව සමඟ ගමන් කිරීමේ ඔහුගේ අත්දැකීම විස්තර කරයි.

ඉතිහාසයේ මෙම සතිය: ජූලි 17-23 Read More »

‘කොටස් ආපසු මිලදී ගැනීම්’ සහ එක්සත් ජනපද ධනවාදයේ පරපුටු භාවය 

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 25 දින පල වූ ‘Share buybacks and the parasitism of US capitalism’ යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය SF විසිනි.

අර්ථශාස්ත්‍රඥ විලියම් ලැසොනික් වනාහි ප්‍රධාන සංගතයන් තම  කොටස් – ආපසු මිලදී ගැනීම් වලට එරෙහි දිගු කාලීන උද්ඝෝෂකයෙකි. මෙම ප්‍රති මිලදී ගැනීම්, ආන්තික පරපුටු භාවයේ, මූල්‍ය කොල්ලකෑමේ සහ සමාජ අසමානතාවයේ ප්‍රධාන සාධකයක් ලෙස ඔහු නිවැරදිව හඳුනා ගනී. 

කෙසේ වෙතත්, ඔහුගේ දේශපාලන ඉදිරිදර්ශනය සම්පූර්නයෙන්ම ප්‍රතිසංස්කරනවාදී එකකි. අනෙකුත් නියාමන ප්‍රතිසංස්කරන සමඟින්, කොටස් වෙලෙන්දන්, මූල්‍ය ආයෝජකයින්, ආයතනික විධායකයින් සහ සමපේක්‍ෂකයින් සමෘද්ධිමත් කිරීම සඳහා සංගත ලාභ යොදා ගැන්ම වෙනුවට සැබෑ ආර්ථිකයට වැඩි ආයෝජනයක් ගෙන ඒම අරමුනු කරගත්, කොටස් ආපසු මිලදී ගැනීම් සම්පූර්නයෙන් තහනම් කිරීමකින් පටන් ගෙන, වැඩි නියාමනයක් දැකීමට ඔහු කැමතිය. 

Exchange Stock
මෙම ඔක්තෝබර් 14, 2020 ගොනු ඡායාරූපයෙහි, පදිකයින් නිව් යෝර්ක් හි නිව් යෝර්ක් කොටස් හුවමාරුව පසුකර යන ආකාරය දැක්වේ. [AP ඡායාරූපය/Frank Franklin II, ගොනුව]

එහෙත්, ඔහු “කොල්ලකාරී වටිනාකම් නිස්සාරනය” ලෙස හඳුන්වන දෙය ආරම්භ වීමට පෙර, “අතීත හොඳ දවස් ” වෙත ආපසු යාමට ඔහුගේ ලොල් බව නොතකා, එමෙන්ම කෙසේ හෝ ඩිමොක්‍රටික් පක්ෂය එය මැඩලීමේ ස්ථාවරයක් ගනු ඇතැයි යන ඔහුගේ මායාමය බලාපොරොත්තු නොතකා, ඔහුගේ විශ්ලේෂනය වැදගත් කරුනු සහ සංඛ්‍යාවන් සපයයි. .

ඔහු සපයන දත්ත එක්සත් ජනපද ආර්ථිකයේ හදවතේම ඇති කුනුවීම හා දිරාපත්වීම හෙලිදරව් කරයි, නමුත් ඒ සමගම ඉතා වැදගත් කරුන වන්නේ – සංගත ලාභ සංඛ්‍යා වලින් පිලිබිඹු වන – කම්කරු පන්තියේ ශ්‍රමය මගින් උත්පාදනය කරන ලද සම්පත්, ජීවන තත්වයන්ගේ විශාල උන්නතියක් සම්පාදනය කිරීමට ප්‍රමානවත් වන බවයි. .

වෙනත් වචන වලින් කිවහොත්, ඉතාමත් මෘදු සමාජ ප්‍රතිසංස්කරනවල දී පවා විරුද්ධවාදියා විසින් බොහෝ විට මතු කෙරෙන -“ඒවට මුදල් කොහෙන්ද?” – යන ප්‍රශ්නයට ලැසොනික් සපයන දත්ත වලින්  අවම ලෙස අර්ධ වශයෙන් හෝ පිලිතුරු සපයයි.

නව ආර්ථික චින්තනය (New Economic Thinking) නම් වාම-ප්‍රතිසංස්කරනවාදී ආයතනයේ වෙබ් අඩවියේ ලිපියක, ‘නවෝත්පාදන සඳහා ආයෝජනය කිරීම: එක්සත් ජනපද සංගතවල කොල්ලකාරී වටිනාකම් නිස්සාරනයට මුහුන දීම’ ( Investing in Innovation: Confronting Predatory Value Extraction in the US Corporation) යන නොබෝ දා පල වූ ග්‍රන්ථය මත පදනම්ව ඔහු තම සොයාගැනීම්වල සාරාංශයක් ඉදිරිපත් කරයි.

ලැසොනික් ආරම්භ කරන්නේ 2022 දී ඔක්ස්ෆැම් (Oxfam) ට අනුව, උද්ධමනය සැබෑ වැටුප් ඛාදනය කිරීමත් සමඟම , එක්සත් ජනපද ශ්‍රම බලකායෙන් සියයට 32 ක් පමන පැයකට ඩොලර් 15 හෝ ඊට අඩු වැටුපක් ලබා ඇති බව සඳහන් කිරීමෙනි. එමෙන්ම ඉහල වැටුප් සහිත රැකියා විශාලම සංඛ්‍යාවක් අඩංගු අධි තාක්‍ෂනික අංශයේ පවා අනාරක්ෂිත භාවය වර්ධනය වෙමින් පවතින්නේ, 2022 දී 165,000  ලෙස පැවැති දොට්ට දැමීම්, මේ වසරේ පලමු මාස ​​හත තුල 225,000 ක් දක්වා ඉහල නැඟීම සමඟය.

ඔහු ලියා ඇති පරිදි, “කොල්ලකාරී වටිනාකම් නිස්සාරනයේ” ප්‍රධාන මෙවලම වන්නේ කොටස් මිල හැසිරවීම සඳහා සංගතයක කොටස්, විවෘත වෙලඳපොලෙන් ඔවුන් විසින් ම නැවත මිලදී ගනු ලැබීමයි.

“2012-2021 අතරතුර, 2022 ජනවාරියේ S&P 500 දර්ශකයට ඇතුලත් ව තිබු හා, එම දශකය පුරා ම ලැයිස්තුගතව සිටි සංගත 474, ඔවුන්ගේ ඒකාබද්ධ ශුද්ධ ආදායමෙන් සියයට 55 ට සමාන වූ ඩොලර් ට්‍රිලියන 5.7 ක මුදලක් ප්‍රතිමිලදී ගැනීම් ලෙස, කොටස් වෙලඳපොලට වත් කල අතර සියයට 41 ක් වන තවත් ඩොලර් ට්‍රිලියන 4.2 ක මුදලක් කොටස් හිමියන්ට ලාභාංශ වශයෙන් ගෙවා ඇත.

කොටස් ආපසු මිලදී ගැනීම, “විශාල වූ ද, කොටස් මත පදනම් වූ ද වැටුප් සහිත ජ්‍යේෂ්ඨ සංගත විධායකයින්ගේ සහ, කොටස් වෙලඳපොලේ කොටස් මිලදී ගැනීමේ සහ විකිනීමේ කාල නිර්නය කිරීමේ ව්‍යාපාරයේ යෙදී සිටින හෙජ්-අරමුදල් කලමනාකරුවන් ඇතුලු” කොටස් විකුනුම්කරුවන්ගේ ලාභ වැඩි කරන බව ඔහු සඳහන් කරයි. 

කොටස් වෙලඳපොල හැසිරවීමේ නීති විරෝධී ආකාරයක් ලෙස කලින් නිර්නයකර තිබීමෙන් පසුව, 1980 ගනන්වල දී ඒවා පුලුල්ව පැතිර ගිය දා සිට, කොටස් මිලදී ගැනීම්, “අසාධාරන ලෙස ආදායම් බෙදීයාම, අස්ථායී රැකියා අවස්ථා සහ එක්සත් ජනපද ආර්ථිකයේ බිඳෙනසුලු ඵලදායිතා වර්ධනයට දායක වී ඇත.”

මෙම සංසිද්ධියෙහි වඩාත්ම බරපතල ප්‍රකාශයට පත්වීම් අතරින් එකක් දැකිය හැක්කේ ඖෂධ කර්මාන්තය තුල ය. ප්‍රති මිලදී ගැනීම් මෙහෙයුමේ යෙදී සිටින විශාලතම කාර්මික සමාගම් පහක් – Aman, Gilead Sciences, Johnson & Johnson, Merck සහ Pfizer – මෙම කර්මාන්ත අංශයට අයත් වේ.

ලෝකයේ සමහරක් ඉහලම ඖෂධ මිල ගනන් ගෙවීමට ඇමරිකානු ජනගහනයට සිදුවී ඇත. යෝධ ඖෂධ සමාගම් මෙය “සාධාරනීකරනය” කිරීම සඳහා, පවතින ඖෂධ සඳහා ඉහල මිලක් අවශ්‍ය කරන්නේ එමඟින් ඔවුන් උත්පාදනය කරන ලාභය නව ඖෂධ පර්යේෂන සඳහා එම  මූල්‍යය භාවිතා කල හැකි බැවින් බවට තර්ක කරති.  

ලැසොනික්ගේ දත්ත හෙලි කරන පරිදි, මෙය සම්පූර්න ප්‍රබන්ධයකි. ඇත්තෙන්ම මෙම ලාභ කොටස් යොදා ගැනෙන්නේ, වෙලඳපොල අගයන් ඉහල නැංවීම සඳහා ය.

2012-2021 දශකයේ S&P 500 ඖෂධ සමාගම් 14 හි ලාභාංශ සහ කොටස් මිලදී ගැනීම් හරහා කොටස් හිමියන්ට සහ කොටස් විකුනුම්කරුවන්ට බෙදා හැරුනු ආදායම, සාමාන්‍යය වූ සියයට 96 ට සාපේක්ෂව, ශුද්ධ ආදායමෙන් සියයට 110ක් නියෝජනය කලේය.

“ඖෂධ සමාගම් විසින් කොටස් හිමියන්ට/කොටස් වෙලෙන්දන් වෙත බෙදා හරින ලද ඩොලර් බිලියන 747, දශකය පුරා මෙම සංගත පර්යේෂන හා සංවර්ධන කටයුතු සඳහා වැය කල ඩොලර් බිලියන 600ට වඩා සියයට 13කින් වැඩි” බව ලැසොනික් පවසයි.

කොටස් ප්‍රතිමිලදී ගැනීමේ මෙහෙයුම් බලශක්ති, අධි තාක්‍ෂනික සමාගම් සහ ගුවන් යානා නිෂ්පාදක බෝයිං ඇතුලුව සම්පූර්ණ ක්ෂේත්‍රය  පුරා විහිදේ.

“1997 දී මැක්ඩොනල් ඩග්ලස් සමඟ ඒකාබද්ධ වීමෙන් පසු බෝයිං, ඉහලම  මූල්‍යකරනයට බදුන් විය. එහි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සමාගමේ කොටස් ප්‍රතිලාභ (stock yield) කෙරෙහි දක්වන දැඩි ඇල්ම 2018 ඔක්තෝම්බර් සහ 2019 මාර්තු මාසයේදී එහි 737 MAX ගුවන් යානා කඩාවැටීම සම්බන්ධයෙන් බොහෝ වගකීමක් දරයි.”

2013 ආරම්භයේ සිට 2019 මාර්තු 10 වැනි දින දෙවන කඩාවැටීම දක්වා, ලාභාංශ ලෙස බෙදා හරින ලද සියයට 43 ට අමතරව,  බෝයිං සමාගම විසින් බිලියන $ 43.4 කොටස් ප්‍රති මිලදී ගැනීම් සිදු කර ඇති අතර, එය මෙම කාල සීමාව තුල එහි ශුද්ධ ආදායමෙන් සියයට 118 ට සමාන වේ. වෙනත් වචන වලින් කිවහොත්, එහි ගුවන් යානා සඳහා හැකි ඉහලම ප්‍රමිතීන් සුරක්ෂිත කිරීම සඳහා වියදම් කල යුතු මුදල් සමාගම් විධායකයින් ඇතුලු කොටස් වෙලඳපොල ක්‍රීඩකයින් අතට පත් වී ඇත. 

ඇපල් සමාගම, තවත් ප්‍රධාන කොටස් ප්‍රති මිල දී ගැනීමේ යෙදෙන්නෙකි. ට්‍රම්ප් පරිපාලනය විසින් සම්මත කරන ලද නීති හේතුවෙන් 2018 දී ඩොලර් බිලියන 285 ක මුදල් ආපසු  (එජ යට) ගෙන්වා ගැනීමට හැකි වූ විට, ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පැවසුවේ සමාගම “අපගේ කොටස් වලින් යම් ප්‍රමානයක්” මිලදී ගන්නා බවයි.

පෙනී යන පරිදි, 2018 දී සිදු කල කොටස් මිලදී ගැනීම් ඩොලර් බිලියන 72.7 ක් වූ අතර, එය 2014 දී ඩොලර් බිලියන 45 ක් වූ වාර්තාගත ඉහලම අගය දිගු පමණකින් ඉක්මවා යන්නක් විය. එහි ප්‍රධාන ප්‍රතිලාභියෙකු වූයේ ලෝකයේ ධනවත්ම මිනිසුන්ගෙන් කෙනෙකු වන වොරන් බෆට් ය.

කොටස් ප්‍රතිමිලදි ගැනීම් පිලිබඳ ඔහු නිරත වෙමින් සිටින කටයුතු තුලදි, ලැසොනික් එහි ගැඹුරු වන ඓතිහාසික අර්බුදයේ කේන්ද්‍රය වන ඇමරිකානු ධනවාදයේ හදවතේ කුනු වීමේ හා දිරාපත්වීමේ සැලකිය යුතු අංගයක් ලේඛනගත කර ඇත.

නමුත් ඔහු ඒ ගැන විග්‍රහයක් කොතැනකවත් ඉදිරිපත් කරන්නේ නැත. පශ්චාත් යුද උත්පාතය තුල අවම වශයෙන් යම් ප්‍රමානයකට සිදු වූ පරිදි කර්මාන්තවල ලාභ, ප්‍රතිආයෝජනය සඳහා සහ වඩා යහපත් වැටුප් සඳහා නොයොදන්නේ මන්දැයි ඔහු පැහැදිලි කිරීමක් සපයන තාක් දුරට, එය පදනම් කෙරෙන්නේ ප්‍රතිපත්තිවල මාරුවීම් මත ය, විශේෂයෙන්ම, 1982 දී රේගන් පරිපාලනය විසින් පෙර නීති විරෝධී වූ කොටස් ආපසු මිලදී ගැනීම් නීත්‍යානුකූල කරන ලද නීති සම්පාදනය මතය.

ඔහුගේ මෙම දිශානතිය දේශපාලන ඉදිරිදර්ශනයක් මත –  එනම්  ප්‍රතිවිරුද්ධ දිශාවට සිදුකරන වෙනස්කම්, ආරම්භයක් ලෙස, කොටස් ආපසු මිලදී ගැනීම් තහනම් කිරීම සහ ආයතනික විධායකයින්ට ගෙවන සහ පාරිතෝෂ පිරිනමන ආකාරය වෙනස් කිරීම මඟින් මෙම වර්ධනයන්හි ගමන් මාවත නිවැරදි කල හැකි බවට වන ඉදිරි දර්ශනය මත – පදනම් වී ඇත.

සංගත ක්‍රියාත්මක වූ ආකාරයේ සහ නියාමන රාමුවේ වෙනස්කම් වල ගාමක බලවේගය වී ඇති ධනේශ්වර ආර්ථිකයේ අත්තිවාරම් වලම ගැඹුරින් සිදු වූ මාරුවීම් පිලිබඳ කිසියම්ම හෝ විග්‍රහයක් ඔහු සැලකීමට බඳුන් නොකරයි.

1970 ගනන්වල පශ්චාත් යුද උත්පාතයේ අවසානය, ලාභ අනුපාතිකය පහත වැටීමේ ප්‍රතිඵලයක් විය. මෙය හුදු සිදුවීම් කිහිපයක් සම්පාත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වූ පසුබෑමක් නොව ධනේශ්වර ආර්ථිකය තුලම ආවේනික ප්‍රතිවිරෝධතා වලින් පැන නගින ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මාක්ස් විසින් සොයා ගන්නා ලදී.

එය ආර්ථික ජීවිතයේ මතුපිටට පුපුරා ඒම ප්‍රධාන ප්‍රතිවිපාක ඇති කලේය.

1970 ගනන්වල අගභාගයේ පටන් ඊලඟ දශකය දක්වා, 1980 ගනන්වල කම්කරු පන්තියට පහර දීම, කර්මාන්තවල සමස්ත අංශයන්ම වසා දැමීම සහ ‘මලකඩ යායන්’ (වසා දැමූ කර්මාන්ත ශාලා සහිත භූගෝලීය ප්‍රදේශ) නිර්මානය කිරීම, ලාභ ශ්‍රම මූලාශ්‍රවලින් ප්‍රයෝජන ගැනීම සදහා  නිෂ්පාදනයේ ගෝලීයකරනය වශයෙන්, ආර්ථික හා පන්ති සබඳතාවල දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු විය   

මෙම “ප්‍රතිව්‍යුහගත කිරීමේ” ප්‍රධාන අංගයක් වූයේ, මූල්‍යකරනයේ  අනවරත නැගීම; එනම්, පශ්චාත් යුද උත්පාතයේ දී සිදු වූවාක් මෙන් නිෂ්පාදනය හා ආයෝජන ප්‍රසාරනය කිරීම හරහා නොව, මූල්‍ය වෙලඳපොල මෙහෙයුම් හරහා ලාභ සමුච්චය වීම ය.

කොටස් ආපසු මිලදී ගැනීම් සඳහා වූ තහනම ඉවත් කිරීම, 1980 දශකයේ බොහෝ වෙනස්කම් වලින් එකක් පමනි. එනම්, වරක් නීතිවිරෝධී හෝ අවම වශයෙන් ඉතා සැක සහිත ලෙස සලකනු ලැබූ මූල්‍ය මෙහෙයුම් අද මූල්‍ය ලෝකයේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි වේ.

මාක්ස් සඳහන් කල පරිදි, ලාභ අනුපාතිකයේ පහත වැටීමක් “වංචා කිරීම සහ වංචාව පොදුවේ ප්‍රවර්ධනය කිරීම” සමග අත්වැල් බැඳගනී. මෙය තවදුරටත් යලි යලිත් පුනර්කරනය වන හෝ නැවත ආපසු සිදුනොවන හෝ  සංසිද්ධියක් නොවන අතර ඊට විපරීතව පසුගිය දශක තුනේ වඩ වඩාත් ගැඹුරුවන මූල්‍ය අර්බුද විසින් හෙලි කෙරෙන පරිදි, එජ ආර්ථිකය තුලම ගැබ්ව තිබෙන්නකි.

කොටස් ආපසු මිලට ගැනීම් එහි ප්‍රකාශනයක් වන මෙම පරපුටුවාදය, හුදු දිනෙන් දින පුලුල් වන සමාජ අසමානතාවයට හේතුවනු  පමනක් නොවේ. එහි පරිපූර්න ප්‍රකාශනය එය අත්කර ගන්නේ, එක්සත් ජනපදයේ  ආර්ථික පරිහානියට එරෙහිව කටයුතු කිරීම සඳහා  කොල්ලකෑමේ යුද්ධ  වල යෙදීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ  ධාවනය තුලය .

මානව වර්ගයාගේ අනාගතයටම තර්ජනයක් වන ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික අර්බුදය, ප්‍රතිසංස්කාරකයන් වීමට කැමති අය විශ්වාස කිරීමට හා ප්‍රකාශ කිරීමට සතුටු වන පරිදි, නීති සම්පාදනය මගින් ජය ගැනීමට හැකි වනු නැත. ඒ වෙනුවට එය පෙන්වා දෙන්නේ සමාජවාදය සඳහා වන දේශපාලන අරගලය තුල කම්කරු පන්තිය විසින් සමස්ත ලාභ පද්ධතියම පෙරලා දැමීමේ අවශ්‍යතාවයයි.

‘කොටස් ආපසු මිලදී ගැනීම්’ සහ එක්සත් ජනපද ධනවාදයේ පරපුටු භාවය  Read More »

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරුනේ ඇයි?

එල්.පී. උදයප්‍රේම විසිනි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 2-3 දිනවල ශ්‍රී ලංකාවේ සිදු කිරිමට නියමිතව පැවති සිය සංචාරය හදිසියේ අවලංගු කලේ ය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය, එහි විදේශ අමාත්‍යාංශය මෙන්ම ලංකාවේ බලධාරීන් ද, මේ වන තෙක් ඊට හේතු වූ කරුනු සඳහන් කොට නැත. 

Singh
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං (වමේ) සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් (දකුනේ) අතර 2021 මාර්තු මස පැවති සාකච්ඡාවේදී ඉන්දියාව සහ එක්සත් ජනපදය ඔවුන්ගේ හමුදා කටයුතු පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කලහ.

එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව එක් වී තනාගෙන තිබෙන ක්වෝඩ් (QUAD) මිලිටරි සංවිධානය යටතේ ඉන්දියාව, සමස්ත දකුනු ආසියාව ඒ තුලට ඇද ගැනීමට වෙර දරයි. තම ආරක්ෂක ඇමතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට එවීමට තීන්දු කොට, දෙ රටේ ආරක්ෂක සම්බන්ධතා යලි අලුත් කරගැනීමට යත්න දරන්නේ එබැවිනි. ජනාධිපති හා ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සහ අගමැති දිනේෂ් ගුනවර්ධන ඇතුලු ආන්ඩුවේ බලධාරීන් සමග සිදු කරනු  ලබන සාකච්ඡා මගින් එකී සම්බන්ධතා තර  කර ගැනීමට සැලසුම් කර තිබුනි.

රාජ්නාත් සිංගේ සංචාරය සූදානම් කෙරුනේ, ජනාධිපති වික්‍රමසිංහ ඉන්දියාවට කල සංචාරයේ දී, ආරක්ෂක සම්බන්ධතා වැඩිදියුනු කිරීමට අගමැති මෝදි සමග ඇති කරගත් එකඟතාවයන්ගේ දිගුවක් ලෙස ය. 

අමාත්‍ය රාජ්නාත් සිංගේ මේ සංචාරය හදිසියේ අවලංගු කෙරුනේ, චීන ෂී යැන් 6 (shi yan 6) පර්යේෂන නෞකාව ලංකාවට පැමිනීමට අවසර ගෙන සිටින තතු යටතේ, ඒ පිලිබඳ ව විශේෂයෙන් ම ඉන්දියාවේ  බලධාරීන් අතර බලගතු විරුද්ධත්වයක් පැන නැගී ඇති තත්ත්වයක දී ය. 

Ship
ෂී යැන් 6 (shi yan 6) පර්යේෂන නෞකාව

ඉන්දියාවේ මතභේදයන්ට තුඩු දී තිබෙන ෂී යැන් 6 චීන පර්යේෂන නෞකාවට, ඔක්තෝබර් 26දා සිට නොවැම්බර් 10දා දක්වා දින 17ක් ලංකාවේ රැඳී සිටීමට හා  ක්‍රියාකාරකම්වල නිරත වීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර දී තිබෙන්නේ ඒ තතු තුල ය. ඊටත් වඩා, ගිය වසරේ චීන යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගූරම් ලෑමට එරෙහි ව දිල්ලි ආන්ඩුව බලගතු විරුද්ධත්වය පෑමෙන් අනතුරුව ය.

වසර ගනනාවක සිට ම චීනය හා ලංකාව අතර වැඩෙන මිලිටරි සබඳතාවන්ට ඉන්දියානු බලධාරීන්ගේ බලගතු විරුද්ධත්වයක් එල්ල වී තිබේ. සැප්තැම්බර් 01දා Economynext වෙබ් අඩවියේ සඳහන් කර තිබුනේ, ඉන්දීය සාගරයේ චීන ක්‍රියාකාරිත්වය ඉහල නැඟීම පිලිබඳ ව ඉන්දියාවේ අවධානය යොමු වී පවතින බවයි. ඉන්දියාවේ ‘ද වීක්’ (The week) සඟරාව, චීන නෞකාවේ සිද්ධිය පිලිබඳ සඳහනේ දී, ඉන්දියාවේ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙකුගේ ප්‍රකාශයක් උපුටමින් අවධාරනය කර තිබුනේ, ‘ඉන්දියාවේ හා ලංකාවේ ද්විපාර්ශවික සබඳතාවල ඉරි තැලීමක් වන බව’ යි.

ලෝක බලවතුන් හා  ලංකාව අතර මිලිටරි සහයෝගීතා හා ආරක්ෂක සම්බන්ධතා වැඩි දියුනු වීම වර්තමානයේ වෙන කවරදාටත් වඩා වැඩියෙන් දැකිය හැකිය. ඉන්දියානු කලාපයේ මෙය සිදු වන්නේ, ලොව පුරා යුද ආතතිය, විශේෂයෙන්ම චීනයට එරෙහි ව සිදු කරන යුද ප්‍රකෝපකාරීත්වය මධ්‍යයේ ය.  චීනයට එරෙහි ඉන්දියාවේ මිලිටරි උත්සුකතා එහි කොටසකි. සැප්තැම්බර් 4දා දිවයින පුවත්පතේ පල කරනු ලැබූ ලිපියකට අනුව, පසුගිය වසර 3 දී, ලංකාවේ වරායට ආ යුද නැව් 126න් 45ක්ම ඉන්දියාවෙන් වීම කැපී පෙනෙන සංසිද්ධියකි.

ඉන්දියාව  පෙල ගැසී සිටින්නේ ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් චීනයට එරෙහි ව සකස් කරමින් සිටින ආර්ථික හා මූලෝපායික සැලසුම් සමග ය. එකී පිලිවෙත පිටුපස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය හා මාල දිවයින යන දුගී රටවල් පෙල ගස්සා ගැනීමට ඉන්දියාව තම ආර්ථික හා මිලිටරි බලයන් ඍජුව හා වක්‍රව යොදා ගනී. ඊට සිත් කාවදින උදාහරනයකි, 2015 ජනවාරි 8දා ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙරපා හැර මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට ලංකාවේ සිදු කල තන්ත්‍ර මාරුව. එය ඉන්දියාවේ අනුදැනුම සහිතව වොෂින්ටනය හරහා සැලසුම්කර ක්‍රියාත්මක කල මෙහෙයුමකි.

ලෝකයේ බලවත් ම මිලිටරි බලයක් ඇති ඉන්දියාවේ එබඳු බලහත්කාරයන්ට දකුනු  ආසියාවේ රටවල් නිරන්තරව මුහුන දී සිටිති.

මේ මූලෝපායික අක්ෂයෙන් ස්වාධීන වීමට ලංකාව බඳු බෙලහීන පාලන තන්ත්‍රයන්ට නො හැකි ය. එබැවින් ඔවුන්ගේ කටයුත්ත වී ඇත්තේ ලෝක බලවතුන් අතර දෝලනය වෙමින් තම පැවත්ම සහතික කර ගැනීම ය. රාජපක්ෂ තන්ත්‍රය මෙන් ම රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ද මුහුන දී සිටින්නේ එම කොන්දේසිවලට ය. 

ජාතික ධනපති පංතියේ ඊනීයා ස්වාධීනත්වයේ වංචනික කතා වෙනුවට ඔවුහු, අධිරාජ්‍යවාදී උවමනා එපාකම් වෙනුවෙන් එලිපිටම පෙනී සිටින පාලක ප්‍රභූවන් බවට හැරී සිටිති. සෑම තැනකම පාලක නඩ කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත මහජනයාට එරෙහි ඒකාධිපති පාලනයන්ට පාර කපා ගනිමින් සිටින්නේ ඒ නිසා ය. රනිල් වික්‍රමසිංහගේ අධිරාජ්‍ය ගැති, ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත් මගින් පෙන්නුම් කෙරෙන්නේ එම සූදානම යි.

අධිරාජ්‍යවාදී ක්‍රමයේ පුපුරා යන අර්බුදය යුද්ධයටත් ලෝක පරිමාන පංති අරගලයටත් තුඩු දී පවතින තතු යටතේ පාලක පංතිය වඩවඩාත් ප්‍රතිගාමීත්වයට ගමන් කරනු ඇත. ඉන්දීය උප මහාද්වීපයේ කම්කරුවන් මෙන් ම සෑම රටකම කම්කරු ජනයා මුහුන දී සිටින්නේ එම අනතුරටය. එම අනතුර පරාජය කල හැක්කේ අධිරාජ්‍යවාදී මූලෝපාය පරාජය කිරීමේ ශක්‍යතාව ඇති ජාත්‍යන්තර කම්කරු පන්තිය, ධනේශ්වරයෙන් ස්වාධීනව සමාජවාදී පිලිවෙත මත සංවිධානය වීමෙනි.

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරුනේ ඇයි? Read More »

හිට්ලර් බලයට පත් වී වසර 90ක්: පව්කාර සංවත්සරයක්

පීටර් ෂ්වාට්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජනවාරි 29 දින පල වූ ‘90 years since Hitler took power: A sinister anniversary’ යන පීටර් ෂ්වාට්ස් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

වසර අනූවකට පෙර, 1933 ජනවාරි 30 වන දින, ජනාධිපති පෝල් වොන් හින්ඩන්බර්ග් විසින් ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයේ (NSDAP-එන්එස්ඩීඒපී) නායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු රයික් චාන්සලර් ලෙස පත් කලේය. නාසීන්ට බලය පැවරීම භයානක ප්‍රතිවිපාක ඇති කලේය. ඔහුගේ පාලනය වසර 12කට පසුව අවසන් වූ බැවින් පොරොන්දු වූ වසර 1000ක රයික් පාලනයක්  පිහිටුවීමට හිට්ලර් සමත් නොවන්නට ඇත, නමුත් මෙම වසර 12 තුල ඔහුගේ පාලන තන්ත්‍රය විසින් සිදු කරන ලද අපරාධ, සිතාගත හැකි සියල්ල ඉක්මවා ගිය අතර එය වසර 1,000කට ප්‍රමානවත් වනු ඇත. 

මාස කිහිපයක් ඇතුලත, නාසීන් ත්‍රස්තයේ පාලනයක් දියත් කලේ  නවීනතම ප්‍රචාරක මාධ්‍යයන් සමඟ පූර්න ඔත්තු බැලීම සහ අනුකම්පා විරහිත මර්දනය ඊට ඒකාබද්ධ කරමින්ය. ඔවුන් කම්කරු සංවිධාන කඩා බිඳ දමා ඒවායේ නායකයින් සහ සාමාජිකයන් ඝාතනය කර හෝ ඒ  සඳහා විශේෂයෙන් පිහිටවූ  රැදවුම් කඳවුරු වල සිරකර තැබූහ. 

දිගු කලක් පුරාවට සංස්කෘතියේ සහ කාර්මික දියුනුවේ ජාතියක් ලෙස සැලකුනු ජර්මනිය, ඔවුහු ම්ලේච්ඡ සටන් යන්ත්‍රයක් බවට පත් කලහ. හිට්ලර් රයික් චාන්සලර් ලෙස පත්වීමෙන් වසර හය හමාරකට පසු, ඔහුගේ හමුදාව (වෙර්මාච්ට්) පෝලන්තය ආක්‍රමනය කිරීමත් සමඟ දෙවන ලෝක යුද්ධය ආරම්භ  කලේය. ඉන් අනතුරුව ,1941 ගිම්හානයේ දී , සෝවියට් සංගමයට එරෙහිව සූක්ෂම ලෙස සැලසුම් කරන ලද සමූලඝාතක යුද්ධයෙන් සෝවියට් පුරවැසියන් මිලියන 27 ක් මරා දැමීය.

Hitler
1933 මාර්තු 21, පොට්ස්ඩෑම් දිනයේ, ජනාධිපති පෝල් ෆොන් හින්ඩන්බර්ග් (දකුනේ) නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු චාන්සලර් ලෙස පත් කිරීම පිලිගනී. [ඡායාරූපය Theo Eisenhart/Bundesarchiv, Bild 183-S38324 / CC BY-NC-SA 3.0]

නාසීන්ගේ ම්ලේච්ඡත්වය එහි උච්චතම අවස්ථාවට ලඟා වූයේ, සින්ටි සහ රෝමා සිය දහස් ගනනක් සමග යුදෙව්වන් මිලියන 6 ක් ලියාපදිංචි කර, වටලා  අල්ලාගෙන, ඝාතන කඳවුරු වෙත ප්‍රවාහනය කොට එහිදී ඔවුන් ගෑස් කුටි සඳහා තෝරා වෙන් කොට  නිලධාරිවාදී පරිසමාප්ත භාවයෙන් පුලුස්සා දමන ලද කාර්මික සමූලඝාතනය කිරීමත් සමඟය.

හිට්ලර් බලයට පත්වී වසර දහයකට පසු, 1943 පෙබරවාරි 2 වන දින, ස්ටාලින්ග්‍රෑඩ්හිදී රතු හමුදාව විසින් වෙයර්මාට් (ජර්මන් හමුදාව) පරාජය කිරීම යුද්ධයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කලේය. යුද්ධය දැන් ජර්මනිය මතට ආපසු කරකැවී ගිය අතර ,ජර්මනියට මිත්‍ර පාක්ෂිකයින් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් මිය ගියහ. 1945 අප්‍රේල් 30 වන දින හිට්ලර් විසින් ඔහුගේ හිස් කබල හරහා වෙඩි උන්ඩයක් නිකුත් කර ජර්මනිය යටත් වන විට රට නටබුන් බවට පත්වී තිබුනි.

එතැන් සිට වසර ගනනාවක් පුරා , එවැනි අපරාධ නැවත සිදු නොවිය යුතු බවට එකඟතාවයක් තිබුනි. නමුත් මෙය තවදුරටත් එසේ නොවේ. ජර්මානු රජය හිට්ලර් බලයට පත්වීමේ 90 වැනි සංවත්සරය සමරන්නේ, රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා ජර්මානු ලෙපර්ඩ් යුධ ටැංකි යෙදවීමෙනි. රුසියාව මිලිටරිමය වශයෙන් යටත් කර ගැනීම සඳහා යුක්රේනයේ යුද්ධය උත්සන්න කිරීම මගින් වසර 80 කට පෙර ස්ටැලින්ග්‍රෑඩ්හිදී ලැබූ පරාජයට පලිගැනීම එහි අරමුනයි. 

නේටෝ ඉහල විධාන මූලස්ථානය  “සම්පූර්න සන්ධාන ප්‍රදේශය සඳහා මාස කිහිපයක්  තිස්සේ කලාපීය මෙහෙයුම් සැලසුම් තුනක් සකස් කරමින් සිටියි”, ඩර් ස්පීගල්හි ( Der Spiegel) එහි නවතම නිකුතුවේ වාර්තා කරයි. “බොහෝ ඇමුනුම් සහිතව දුරකථන නාමාවලියක ඝනකමක් ගන්නා සැලසුම්, සයිබර් අවකාශයේ සිට භූගෝලීය අවකාශයට,  සහ නාවික, ගුවන් සහ ගොඩබිම් හමුදා දක්වා, කිනම් හැකියාවන් කුමන මිලිටරි මානයන්හි යෙදවිය හැකිද යන්න විස්තරාත්මකව විස්තර කරයි.”මේ අතර, තවත් න්‍යෂ්ටික සන්නද්ධ බලවතෙකු වන චීනයට එරෙහි යුද්ධය ඇරඹිය  යුත්තේ වසර දෙකකින්ද නැතහොත් හතරකින්ද  යන්න ගැන එක්සත් ජනපද ජෙනරාල්වරු  සමපේක්ෂනය කරමින් සිටිති.

හිට්ලර් ප්‍රීතියෙන් කුල්මත් වනු ඇත. ඔහු නේටෝවේ ප්‍රහාරයට පුර්න සහය දක්වමින් යුධ ටැංකි සහ සබ්මැරීන යෙදවීමේ නියෝගයට මහ හඬින් අත්පොලසන් දෙනු ඇත.

ජර්මනියේ හිට්ලර් පුනරුත්ථාපනය කිරීම වසර ගනනාවකට පෙරම ආරම්භ විය. 1980 ගනන්වල ඉතිහාසඥ අර්නස්ට් නොල්ටේ නාසිවාදය රුසියානු ඔක්තෝබර් විප්ලවය කෙරෙහි තේරුම් ගත හැකි ප්‍රතික්‍රියාවක් ලෙස නිරූපනය කල විට, ඔහු “ඉතිහාසඥයින්ගේ ආරවුල” ලෙස හඳුන්වන ලද කෝපයේ කුනාටුවකට මුහුන දුන්නේය.

එහෙත් 2014 දී හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝර්ග් බාබරොව්ස්කි , ඩර් ස්පීගල්හි නොල්ටේ පුනරුත්ථාපනය කර “හිට්ලර් දුෂ්ටයෙක් නොවේ” යැයි ප්‍රකාශ කල විට, බාබරොව්ස්කිව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ හේතුවෙන්, මාධ්‍යයේ සහ දේශපාලන සංස්ථාපිතයේ සියලු කෝපය සමාජවාදී සමානතා පක්ෂයට (Sozialistische Gleichheitspartei, SGP) එරෙහිව එල්ල විය.  එස්ජීපීය එකල පැහැදිලි කල පරිදි, හිට්ලර් පුනරුත්ථාපනය කිරීම ජර්මානු මිලිටරිවාදයේ පුනර්ජීවනය සමඟ වෙන්කල නොහැකි ලෙස  සම්බන්ධිත  විය.

යුක්රේනයේ යුද්ධයෙන් දැන් මෙය තහවුරු වී ඇත. එය , හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත සන්නද්ධ කිරීමේ වැඩසටහන දියත් කිරීම සදහා  ජර්මානු ආන්ඩුවට කඩතුරාවක් සපයා ඇත. නේටෝවේ නිර්දය පෙරදිග ව්‍යාප්තිය සහ කියෙව්හි 2014 කුමන්ත්‍රනය හරහා යුද්ධය හිතාමතාම කුපිත කරන ලදී. එය ධනවාදයේ ගැඹුරු අර්බුදය විසින් මෙහෙයවනු ලබන අධිරාජ්‍යවාදී බලවතුන් අතර ලෝකය ප්‍රචන්ඩ ලෙස යලි බෙදා ගැන්මක කොටසකි. අධිරාජ්‍යවාදීන්ගේ ඉලක්කය වන්නේ රුසියාව කුඩුපට්ටම් කිරීම, එහි අතිවිශාල ස්වභාවික සම්පත් බෙදාගෙන චීනය වටකර ගැනීමයි.

මෙය කිසිසේත්ම යුක්රේනයේ ප්‍රතිගාමී රුසියානු ආක්‍රමනය සාධාරනීකරනය නොකරයි. පුටින් තන්ත‍්‍රය මූර්තිමත් කරන්නේ 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැර සමාජගත වූ දේපල කොල්ලකෑ රුසියානු කතිපයාධිකාරීන්ගේ අවශ්‍යතා ය. නේටෝවේ ප්‍රහාරය, 1917 ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන විනාශ කිරීම වෙනුවෙන් රුසියානු ජනතාව දැන් ගෙවමින් සිටින මිලයි. බර්ලිනය සහ වොෂින්ටනය, 1943 හිට්ලර්ගේ යුද ටැංකිවලට සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ දේ, නේටෝවේ සහ  කියෙව්හි  එහි රූකඩයේ සහාය ඇතිව,  සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරයි. මෙය නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයකට පමනි.

හිට්ලර් බලයට නැගීමෙහි පාඩම්

හිට්ලර්ගේ නැගීම පිලිබඳ ඓතිහාසික පාඩම් , අදට දැවෙන අදාලත්වයක් ඇත. බොහෝ විට කියාපානා  දෙයට පටහැනිව, ඔහු බලයට ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයින් බල රහිත බවට පත්කල ජනප්‍රිය ව්‍යාපාරයකින් නොවේ.ඔහුට රාජ්‍ය බලය දිනාගැනීමට අවශ්‍ය නොකලේ, එය දේශපාලන, ආර්ථික සහ හමුදා ප්‍රභූන් විසින් ඔහුට භාර දුන් නිසා ය.

1933 දී හිට්ලර් රයික් චාන්සලර් ධුරයට ඇතුලු වන විට, වයිමර් ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බොහෝ කලකට පෙරම  විනාශ කර තිබුනි. පෙර වසර තුනක් තුලම  , චාන්සලර්වරුන් පාලනය කර තිබුනේ රයික් ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද හදිසි නියෝග හරහා විය.

බලාපොරොත්තු සුන් වූ පලමු ලෝක සංග්‍රාමයේ නිලධාරීන්, උද්ධමනය සහ ආර්ථික අවපාතයෙන් විනාශ වූ සුලු ධනේශ්වර ස්ථරයන් සහ වාර්ගිකත්වයේ සහ කොමියුනිස්ට් විරෝධයේ  ධජය යටතේ අනෙකුත් පන්ති විරහිත කොටස්ද  එකතු කරගත් හිට්ලර්ගේ එන්එස්ඩීඒපී ය  [ NSDAP], 1932 ගිම්හානයේදී එහි හොඳම මැතිවරන ප්‍රතිඵලය ලෙස ලබා ගත්තේ සියයට 37ක් පමනි. ඉන් පසු ඔහුගේ පක්ෂයට තිබූ සහයෝගය ඉක්මනින්ම බිඳ වැටුනි. මාස හතරකට පසු නව රයික්ටැග් මැතිවරනය පැවැත් වූ විට, ප්‍රධාන කම්කරු පක්ෂ දෙක, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් (එස්පීඩී) සහ කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) ඒකාබද්ධව  නාසීන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩි ඡන්ද ප්‍රමානයක් ලබා ගත්හ. පක්ෂය බංකොලොත් භාවයට මුහුන දෙමින් සිටි අතර හිට්ලර් සියදිවි නසා ගැනීමට පවා කල්පනා කලේය.

මෙම අර්බුදයේ මධ්‍යයේ, රයික් ජනාධිපති වොන් හින්ඩන්බර්ග් වටා සිටි කුඩා කුමන්ත්‍රනකාරී කවයක් විසින් හිට්ලර්ට පක්ෂව තීරනය ගන්නා ලදී. මහා ව්‍යාපාරිකයන් සහ හමුදාව ඔවුන්ගේ අනුමැතිය සංඥා කලහ. ඔවුන් හිට්ලර්ට සහය දුන්නේ ඔහුගේ අභිප්‍රාය වැරදි ලෙස වටහා ගත් නිසා නොව, ඔහු කරන්නේ කුමක්ද යන්න ඔවුන් හොඳින් දැන සිටි නිසාය.

1932 ජනවාරි මස තරම් මුලදී, හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන බවත්, පන්ති අරගලය සහ “බෝල්ෂෙවික්වාදය” මර්දනය කරන බවත්, ජර්මනිය සඳහා නව ලෙබෙන්ස්‍රෝම් (ජීවන අවකාශය) අත්පත් ගන්නා බවත්, ඩුසල්ඩෝෆ් කර්මාන්ත සමාජයට කල කතාවකදී , ඉහල ව්‍යාපාරික නියෝජිතයින්ට පොරොන්දු විය. ඉඳහිට ධනේශ්වර-විරෝධී වාචාල කතා ඇදබානු ලැබුවද ,  පුද්ගලික දේපල උල්ලංඝනය නොකරන බවට හා ජනතාව අතර ආදායම් විෂමතාවන්ට  අභියෝග නොකරන බවට ඔහු ඔවුන්ට සහතික විය.

ආන්ඩුව භාරගෙන දින හතරකට පසු  හිට්ලර්, තවමත් ඉතිරිව තිබිය හැකි සංකාවන් දුරු කිරීම සඳහා රයික්වෙර් හි (එකල ජර්මන් හමුදාව) නායකයින් හමුවිය. “ජනවාර්ගිකත්වයේ” වැදගත්කම පිලිබඳ හඳුන්වාදීමේ ප්‍රකාශ වලින්  පසුව, “ආයුධ අතැතිව  ජර්මානු ජනතාවගේ ජීවන අවකාශය පුලුල් කිරීමට” ඔහු ඔවුන්ට පොරොන්දු විය. පූර්ව කොන්දේසියක් ලෙස, “සෑම කඩාකප්පල්කාරී මතයක්ම හැකි උපරිම ආකාරයෙන් යටපත් කල යුතු” බවත්, “මාක්ස්වාදය සම්පූර්නයෙන්ම විනාශ කල යුතු” බවත් ඔහු පැවසීය.

ප්‍රාග්ධනය සහ මිලිටරිය,  හිට්ලර් සඳහා වූ ඔවුන්ගේ තීරනයෙන්  ධනවාදයේ විසඳිය නොහැකි අර්බුදයට ප්‍රතිචාර දැක්වූහ. යුරෝපයේ මධ්‍යයට කොටුවූ ජව සම්පන්න ජර්මානු කර්මාන්තය ප්‍රසාරනය කල හැක්කේ ප්‍රචන්ඩකාරී යටපත් කර ගැනීම් මගින් පමනක් විය. මේ සඳහා පන්ති අරගලය මර්දනය කිරීමත් කම්කරු ව්‍යාපාරය කුඩුපට්ටම් කිරීමත් සිදු කල යුතු විය.

මේ හේතුව නිසාම අද නැවතත් ෆැසිස්ට් බලවේග ප්‍රවර්ධනය වෙමින් පවතී. මෙම තත්වය , ෆැසිස්ට්  ‘ජර්මනිය සඳහා විකල්පය’ (Alternative for Germany පක්ෂය -AfD) පාර්ලිමේන්තුවේ වාඩි වී සිටිමින් සරනාගතයින් සහ දේශීය ප්‍රතිපත්ති පිලිබඳ ආන්ඩුවේ පිලිවෙතට අන කරන , ජර්මනියේ පමනක් පවතින්නේ නොවේ.  එක්සත් ජනපදයේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකානුවන්ට සහ බ්‍රසීලයේ බොල්සොනාරෝගේ ආධාරකරුවන්ට පැහැදිලි ෆැසිස්ට් ලක්ෂන ඇත. ඉතාලියේ මුසෝලිනිගේ උරුමක්කරුවෝ රජයේ ප්‍රධානත්වය දරති.

මෑත වසරවල දී ධනවත් වීම සදහා වන  අශික්ෂිත සාදය (orgy) පන්ති ප්‍රතිවිරෝධතා බිඳවැටීමේ ලක්ෂ්‍යයට තල්ලු කර ඇත. මනුෂ්‍ය වර්ගයාගේ දුප්පත් භාගයට වඩා වැඩි ධනයක් පුද්ගලයන් දුසිම් කිහිපයක් සතුය. මධ්‍යම පන්තියේ ධනවත් නියෝජිතයන් ද – ඉහලම සියයට 10 ද  –  පොහොසත් වී ඇත. අද, මිලිටරිවාදය සඳහා වඩාත්ම වැදගත් සමාජ පදනම, ඔවුන්  සාදාලයි. ඊට වෙනස්ව, කම්කරු පන්තියේ ජීවන තත්වයන් දැවැන්ත ලෙස පහත වැටී ඇත, ශ්‍රම සේවා කොන්දේසි වඩ වඩාත් දරාගත නොහැකි වෙමින් පවතී, ලොව පුරා විරෝධතා සහ වැඩ වර්ජන ඉහල යමින් පවතී.

යුද්ධයට හා ෆැසිස්ට්වාදයට එරෙහි සටන සඳහා වෛෂයික පදනම මෙයයි. 1933 දී මිලියන 13ක් වූ එස්පීඩී සහ කේපීඩී ඡන්දදායකයින්ට හිට්ලර් නැවැත්විය හැකිව තිබුනි. ඔවුන් සටන් කිරීමට සූදානම්ව සිටි නමුත් ඔවුන්ගේ නායකයින් ඒවා අසාර්ථක කලහ. එස්පීඩීය සටන් කිරීම නිශ්චිතවම ප්‍රතික්ෂේප කල අතර ඒ වෙනුවට රාජ්‍යයට සහ හින්ඩන්බර්ග් වෙත ආයාචනා කලේය. ස්ටාලින්ගේ බලපෑම යටතේ කේපීඩීය බලහීන හා විකාර ප්‍රතිපත්තියක් අනුගමනය කලේය.  එස්පීඩීය, “සමාජ ෆැසිස්ට්වාදීන්” ලෙස හඳුන්වමින්, ඔවුන් සමග නාසීන්ට එරෙහි එක්සත් පෙරමුනක් ගොඩනැගීම කේපීඩීීය ප්‍රතික්ෂේප කලේය.

“ජර්මානු නිර්ධන පංතිය සංඛ්‍යාවෙන් හා සංස්කෘතියෙන් තම ඉලක්කය සපුරා ගැනීමට තරම් ශක්තිමත් විය, නමුත් කම්කරු පන්තියේ නායකයින් අසමත් බව ඔප්පු විය,” එක්සත් පෙරමුනේ ප්‍රතිපත්තියක් සඳහා වෙහෙස නොබලා සටන් කල ලියොන් ට්‍රොට්ස්කි ලිවීය.

වසර 90කට පෙර සිදු වූවාක් මෙන්, ෆැසිස්ට්වාදයේ සහ මිලිටරිවාදයේ ඉදිරි ගමන නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයකට පමනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ජර්මානු අංශය වන එස්ජීපීය (Sozialistische Gleichheitspartei -SGP), එවන් ව්‍යාපාරයකට නායකත්වය දිය හැකි දේශපාලන පක්ෂය ගොඩ නගමින් සිටිති.

හිට්ලර් බලයට පත් වී වසර 90ක්: පව්කාර සංවත්සරයක් Read More »

Palitha

වාර්තාකරනයේ විකට රූප: අර්ථසාධක උද්ඝෝෂනය පිලිබඳ ලෝසවෙඅ ලංකා වාර්තාකරුවන්ගේ චර්යාව

නන්දන නන්නෙත්ති විසිනි.

Over 1000 workers protest in Colombo against Sri Lanka government’s attacks” (ශ්‍රී ලංකා ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව 1000කට අධික කම්කරුවෝ කොලඹ දී උද්ඝෝෂනය කරති) යන හිසින් සැප්තැම්බර් 1දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලකල වාර්තාව එහි ලංකා කර්තෘ මන්ඩලය එම වෙබ් අඩවියේ  ඓතිහාසික විශ්වාසනීයත්වය පලුදු කිරීමට ගන්නා ලද සාපරාධී නොසැලකිල්ල නැවතත් ප්‍රදර්ශනය කලේය. සේවක අර්ථසාධක අරමුදල ආන්ඩුවේ නය ප්‍රතිව්‍යුහගත කිරීම යටතට ගැනීමට එරෙහිව වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකතුවක් විසින් සංවිධානය කෙරුනු උද්ඝෝෂනයක් කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට දී අගෝස්තු 28 දින පවත්වන ලදී. ඉහත සඳහන් වාර්තාව ඒ ගැන ය. සංවිධාන 40ක සහභාගීත්වයෙන් පැවුත්වුනු මෙම උද්ඝෝෂනයට වෘත්තීය සමිති, ධනපති පක්ෂවල, ව්‍යාජ වාම සංවිධානවල හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ඇතුලුව සහභාගී කර ගත හැකි වූයේ 300ට බෙහෙවින් ම  අඩු ප්‍රමානයකි. (පහත කෙටි වීඩියෝව බලන්න CACPS Facebook පිටුවෙන්)

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) ප්‍රකාශන උපකරනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලෝක කම්කරු පන්තියේ න්‍යාය සම්පාදකයා, ප්‍රචාරකයා හා සංවිධායකයා ලෙස කීර්තියක් උසුලන එකම අව්‍යාජ සමාජවාදී ලෝක මාධ්‍යය යි. ලක්ෂ සංඛ්‍යාත පාඨක සමූහයක් දෛනික ව පරිහරනය කරන එය, නිර්වද්‍යතාව, විද්‍යාත්මක විශ්ලේෂනය හා අව්‍යාජ බව නිසා එහි සතුරන්ගේ පවා ගෞරවයට පාත්‍ර වන්නේ ය. කම්කරු පන්තියට සත්‍ය දැනගැනීමට ඇති එක ම ජාත්‍යන්තර මාධ්‍ය වන්නේ එයයි. මින් පෙර ද අවස්ථා කිහිපයක ම වෙබ් අඩවියේ ශ්‍රී ලංකා කතෘ මන්ඩලය ව්‍යාජ වාර්තා එහි පල කිරීම ගැන අපගේ විරෝධය පල කර ඇත.  

“වික්‍රමසිංහ ආන්ඩුව විසින් විශ්‍රාම වැටුප්වලට එරෙහිව හා රටේ පවතින කම්කරු නීති ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධන මගින් වෙනස් කරනු ලැබීමට එරෙහිව 1200ක් පමන කම්කරුවෝ, 28 දා කොලඹ දුම්රියපොල ඉදිරිපිට දී දිවා ආහාර පැයේ විරෝධතා උද්ඝෝෂනයක් කලහ” යි සඳහන් වාර්තාව වෘත්තීය සමිතිවලට දොස් තබමින් තව දුරටත් කියා සිටියේ සහභාගීත්වය මේ තරම් හීන වූයේ උද්ඝෝෂනය කෑම පැයේ තිබීම නිසා ය යි පවසමිනි. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ වෘත්තීය සමිතිවලට එවැනි වුවමනාවක් නැතිකම හා අරගලය දියකර දැමීම සඳහා ඒවායේ කැපවීමය.    

මේ වනාහී වාර්තාකරුවන් “කෑම පැය” යනුවෙන් තමන් විසින් නම් කරගත් දෙයක් වාර්තාවට ඔබ්බවා කරන ලද විකෘතියකි.  මෙසේ තර්ක කරන්නේ කෑම පැය තුල පමනක් උද්ඝෝෂනය සංවිධානය කර ඇත්තේ කම්කරුවන්ගේ පැමිනීම වැලැක්වීමට බවත්, වැඩ වර්ජනයක් ලෙස කැඳවීනම් ඔවුන්ගේ එම කැඳවීමට කම්කරුවන් අවනතව දහස් ගනනින් රොද බැඳ ගනු ඇති බවත් ය. මෙසේ තිබියදීත් කොලඹින් බැහැර කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් ද උද්ඝෝෂනයට සහභාගී වූ බව එම වාර්තාව කියයි. සමස්ත සංඛ්‍යාව අනුව එහි ප්‍රතිශතයද දශම ගනනක් බව ⁣කව යුතු නැත. එහෙත්, සැබවින්ම නම්, දොලහේ පැයට මෙය යොදා ගැනීමෙන් වැඩි පරිත්‍යාගයක් නැතිවම අහලපහල සිටිනා කම්කරුවන්ට සහභාගී වීමට අවස්ථාව උදාකර දීම මගින් වැඩි සහභාගීත්වයක් ලගා කර ගැනීම සමිතිවල අසාර්ථක වූ උපාය වූයේ නොවේ ද? වෛෂයික සාධක නම් පවතින්නේ ඊට සාක්ෂි ලෙස ය. නිදසුනක් ලෙස, ලංකා බැකු සේවක සංගමයෙන් උද්ඝෝෂණයට සහභාගී වූයේ ඇඟීලි ගැන පෙන්විය හැකි සංඛ්‍යාවකි. එහි කොලඹ කොටුව අවට බැංකුවල සේවකයන් පමනක් සහභාගී වූයේ නම් දුම්රියපොල අසල ප්‍රදේශය ඉඩ මදි වන බව කිව යුතු නො වේ.

කම්කරුවන් අරගලවලට එන්නේ සහ ආවේත්, ඉදිරියට එනු ඇත්තේත් නිවාඩු පැය හෝ දවස් ගැන බලා නො වන බව සහ ඇතැම් විට තම ජීවිත පවා නො තකා බව සාමාන්‍ය දැනීම ඇති ඔනෑම කෙනෙකුට අවබෝධ විය යුතු අතර මෙම ‘කෑම පැය’ යන ව්‍යාජය එහි පටවා ඇත්තේ හුදෙක් වාර්තාකරුවන්ගේ ආත්මීය වුවමනාවට ගැලපෙන ලෙස වාර්තාව ගොඩ නැගීම සඳහා ය. වෘත්තීය සමිති, 5000ක පමන පිරිසක සහභාගීත්වය අපේක්ෂා කලෝ ය. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන්ගෙන් ගිලිහී යන කම්කරුවන් සටනක නාමයෙන් මංමුලාවට පත් කර තමන් වටා රොක් කර ගනිමින්, තමන්ට තවමත් බලයක් ඇතැයි පාලක පන්තිය ඉදිරියේ ප්‍රදර්ශනය කර  වාසිදායක ගනුදෙනුවක් ඇති කර ගැනීමට ය. එය බොහෝ කම්කරුවෝ වටහාගෙන සිටියහ. මේ තතු තුල උද්ඝෝෂනයට සැබැවින් ම සහභාගී වූයේ සමිති නායකයන් අපේක්ෂා කල ප්‍රමානයෙන් 5%කට ආසන්න සංඛ්‍යාවක් පමනි.

පසු ගිය කාල පරිච්ඡේදය පුරා කම්කරුවන් හා සෙසු මහජනතාව අරගලයට පැමිනියේ කාගේ හෝ ඉල්ලීමක් උඩ නො වන අතර ඒවා එකකට පසු එකක් පාවා දීමේ ප්‍රතිඵලය ලෙස කම්කරු පන්තිය තාවකාලික ව හති අරිමින් සිටිති. එසේ නො වූයේ නම් කැඳවීමක් ලැබුනත් නැතත් මෙම උද්ඝෝෂනයට සහභාගීවිමට වෛෂයික පදනම් ඇත. උක්ත වාර්තාව ‘කෑම පැය’ට සිමා නො කලේ නම් දහස් ගනනින් සහභාගී වනු ඇති බව පාඨකයාට ඒත්තු ගැන්වීමට වෙර දරන්නේ මෙම සත්‍යය කරුනු පැදුර යටට තල්ලු කර දමමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවක සමිති සම්මේලනයේ එම්.ඩී.ආර්. අතුල ප්‍රමුඛ ව මෙම නායකයන්ගෙන් කොටසක් සහභාගී වූ විදුලි පාරිභෝගික සංගමයේ රැස්වීමක් එදිනම උදේ කොලඹ මහජන පුස්තකාල‌ ශ්‍රවනාගාරය තුල පැවැත්වින. පුනර්ජනන බලශක්ති ප්‍රභවය වර්ධනය කිරීමට ඉදිරිපත් වූ ආයෝජකයන් දුර්මුඛ කරමින් හා ඔවුන්ට විශාල අලාභ ගෙන එමින් ලංකා විදුලි බල මන්ඩලය (ලංවීම) හදිසි මිල දී ගැනීම් සිදු කරන බවට එහි කථිකයෝ චෝදනා කලෝ ය. පුනර්ජනන බලශක්ති ප්‍රවර්ධන සමාගම්වල අනුග්‍රහය මත පැවැත්වෙන බව පෙනෙන්නට තිබුනු මෙම රැස්වීම සඳහා සහභාගී වූ ප්‍රේක්ෂාගාරයේ වැඩි කොටසක් ද සමන්විත වූයේ එකී සමාගම් විසින් සහභාගී කරවන ලද අයවලුන්ගෙනි. එහි දී මෙම තත්ත්වය නිවැරදි කිරීමට මැදිහත් වන ලෙස ජනාධිපති වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටි එකී සංගමයේ නායකයෝ, ඊලඟට කොටුව දුම්රියපොල ඉදිරිපිට අර්ථසාධක උද්ඝෝෂනයට එක් වූහ. වේදිකා දෙදරවන බිරුසන් දීම් හා ප්‍රශ්නය විසඳන ලෙස ජනාධිපතිවරයාට කන්කෙඳිරි ගෑම විනා, විදුලි පාරිභෝගිකයන් වෙත වේවා, EPF අරමුදලේ සාමාජික කම්කරුවන් වෙත වේවා, ඉදිරිපත් කල හැකි කිසියම් ම හෝ සාධ්‍ය වැඩ පිලිවෙලක් මේ නායකයන් අත තිබුනේ නැත. කම්කරුවන් සහ දුගීන් මේ නායකත්වයන් තුට්ටුවකට නොතැකීමේ කවර නම් පුදුමයක් ද?

වසරකටත් අඩු කාලයකට පෙර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ හා නියෝජිතයන් ප්‍රතික්ෂේප කරනු ලැබූ ශ්‍රී ලංකාවේ මහජනතාවට වෘත්තිය සමිතිකාරයන්ගේ දිගු කාලීන පාවා දීම නො දැනෙන්නට හේතුවක් නැත. ඔවුන්ගේ ගැටලුව වන්නේ ඔවුන්ට එම පාවා දීම සැබෑ පන්තිමය අර්ථයකින් වටහා ගැනීමට නො හැකි වීම හා, ඔවුන් සතු විකල්ප ක්‍රියා මාර්ගයක් හා ඊට මඟ පෙන්වන නායකත්වයක් නොතිබීම ය. අව්‍යාජ කම්කරු පන්ති සංවිධානයකට මේ තත්වය යටතේ කම්කරු පන්තියේ නායකත්වය අත්පත් කරගත හැකි ය. ඒ සඳහා වැනීම්, පැකිලීම්වලින් තොර අරගලයක් අවස්ථාවාදයට එරෙහි ව වර්ධනය කල යුතු ය. ඒ වනාහි, දැනටමත් දන්නා වියුක්ත සත්‍යයන් ජීවමාන පන්ති අරගලය මත පැටවීමේ කුසීත භාවිතයෙහි ගැලී, ‘කම්කරුවන් තවම සූදානම් නැත’ යන මන්ත්‍රය පසුපස දොරෙන් පිලිගැනීමේ ම එක් ආකාරයක් වන, කම්කරු පන්තියේ සටන් උවමනාව උත්කර්ශයට නැංවීමේ ආත්මීයත්වයට යට වීමේ පිලිවෙත්වලට ද එරෙහි දෘඩ අරගලයක් සමග බැදී ඇති කර්තව්‍යයකි.

ඒ වෙනුවට, “මෙම සීමිත විරෝධතාවය කැඳවනු ලැබුනේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි කම්කරු පන්තියේ වර්ධනය වන කෝපය සමනය කිරීමට ය” යි යන සාමාන්‍යයීකරනය කෙරුනු සත්‍යය උක්ත ලෝසවෙඅ වාර්තාව තුල නිවේදනය කර ඇත. සමිතිවලට “වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි ව සැබෑ දේශපාලන හා කාර්මික අරගලයක් තුල කම්කරුවන් බලමුලු ගැන්වීමට කිසිදු අදහසක් නැත” යනුවෙන් එහි සඳහන් කෙරෙන්නේ ද එවැනි ම සත්‍යයකි. එහෙත් මේ කිසිවක්, අප හමුවේ මේ මොහොතේ පවතින සත්‍ය කරුනු තුල විමර්ශනය කිරීමෙන් තොර ව, මේවා පිලිබඳව තම ඔලුවට එන අදහස් අනුව තත්‍ය සිදුවීම් හැඩ ගස්වමින් ඒවා මහජනයා මත පැටවීමට යත්න දැරීම ලොසවෙඅ අනුගමනය කරන මාක්ස්වාදී විධික්‍රමයට සපුරා ම හතුරු ය.    

මෙම සිද්ධිය පිලිබද ද-සෝෂලිස්ට් හි පල කල ලිපියේ මාතෘකාව වූයේ “සඳුදා කොලඹ දුම්රියපොල ඉදිරිපිට රඟ දැක් වූ සුලු ධනේශ්වර නාඩගම” යන්න යි. ඒ අප සොයාගත් කරුනු විශ්ලේෂනය කිරීමෙන් බැසගත් නිගමනයයි. එය පෙන්වා දී ඇති පරිදි, සමිති නායකත්වය කම්කරුවන් සහභාගීකරවා ගැනීමේ අසීරුතාවකට මුහුන දී සිටිති. “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙකු වන දුමින්ද නාගමුව කල් ඇතිව ම කම්කරුවන්ගේ සහභාගී නො වී ම ගැන මැසිවිලි නගා තිබිනි. ‘ලක්ෂ 22 පමන වන කම්කරුවන් දැන්වත් මේ ගැන සිතා බලනු ඇතැයි විශ්වාස කරන’ බව ඔහු ප්‍රකාශ කලේ ය. පොදුවේ සමිති නායකයන් සමාජගතකරන අදහස වන්නේ, “කම්කරු පන්තිය වනාහී තමන්ගේ ම අයිතීන් රැක ගැනීමට වුවමනාවක් නැති, මෝඩ, පසුගාමී පිරිසක් බවයි.” කම්කරුවන්ට මේ සමිති හා නායකත්වයන් ගැන විශ්වාසයක් නැති බව ද, නිලධරය ක්‍රියාකරන්නේ කම්කරුවන් දුර්මුඛ කිරීමට හා ඔවුනට විරුද්ධව සුලු ධනේශ්වරය උසිගැන්වීමට බව ද අපි එම ලිපියෙන් කරුනු සහිත ව තහවුරු කලෙමු. 

සඳුදා කොටුව දුම්රියපොල ඉදිරිපිට නැටුවේ සුලු ධනේශ්වර නාඩගමකි, වෘත්තීය සමිති විගඩම කි. ඉල්ලීම් නොලැබුනහොත් ආන්ඩුව පෙරලන බවට වහසි බස් දෙඩූ සමිති නායකයෝ, පෙලපාලියක් ලෙස මහ බැංකුවට යන නියායෙන් මඳක් ඉදිරියට ගියහ. 95(1) වගන්තිය යටතේ විසිර යන්න ඔයගොල්ලන්ට අන කරනවා”යි පොලිසිය ඇනවූ කල, “අපිට එහෙම (පෙලපාලි) යන්න ඕනෑ කමක් නෑ. මේක අද කරන්නෙ නෑ කියා ප්‍රකාශයක් කරන්න, අපි (තව ඉදිරියට) යන්නෙ නැහැ” යි සමිති නායකයෝ පොලිසියට සපථ වූහ. අර්ථසාධක අරමුදල ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ කියා පොරොන්දුවක් ඉල්ලා රැස්ව සිටි ඇතැමෙකු හඬ නැගූ විට, ඒ වෙනුවට “අද කරන්නෙ නෑ කියා” පොරොන්දුවක් දෙන්නැයි උද්ඝෝෂනයේ මෙහෙයුම් භාරව සිටි ප්‍රධානියෙකු වන, සමගි වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනේ කැඳවුම්කරු හා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විරුද්ධ පක්ෂයේ වෘත්තීය සමිති අංශයේ නායකයෙකු ද වන ආනන්ද පාලිත කිහිප වරක් ම අවධාරනය කලේ ය. “අපට මිනිස්සුන්ගෙ විශ්වාසය දිනා ගන්න ඕනෑ” යි ඔහු ඇත්ත ම කීවේ ය. සියල්ල සිදු වූයේ කල් ඇතිව සකසා ගත් පිටපතට අනුව ය. 

ද-සෝෂලිස්ට් වාර්තාව සඳහන් කල පරිදි, මීට අදාල නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරනයේ විභාග වෙමින් පවතින නිසා, මහ බැංකුව, අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ තීන්දුව සැප්තැම්බර් 21 දක්වා කල් දැමී ය. සමිති නායකයෝ මෙය ද සිය අරගලයේ ජයග්‍රහනයක් යයි පාරම් බෑහ. (එම අවස්ථාව, පහත  කෙටි වීඩියෝවෙන්. CACPS Facebook පිටුවෙනි)

මේ අතර පොලිසිය මහ බැංකුව සමග සාකච්ඡාවක් දෙන බවට පොරොන්දුවක් ගෙන ආවේ ය. එවිට සමිති නායකයෝ ජයග්‍රහනයක් ලෙස මෙම පොරොන්දුව හුවා දක්වමින් රැස්ව සිටි පිරිසට කතා කර, උද්ඝෝනය අවසන් කිරීමට කටයුතු කලහ. සැප්තැම්බර් 5 දින මහ බැංකුව සමග පැවති මෙකී සාකච්ඡාව ඊට නියමිත පරිදි ම  අසාර්ථක විය. සමිතිවලට අනුව දැන් තිබෙන්නේ වෙනත් ධනපති ආන්ඩුවක් ගෙන්වාගෙන තව සාකච්ඡාවක් ගැනීම ය. අවාසනාව නම් ඒ වන විට කටයුතු අවසාන වී තිබීම ය. ද-සෝෂලිස්ට් පෙන්වා දුන් පරිදි, මෙම උද්ඝෝෂනය මුලුමනින් ම කම්කරුවන්ට විරුද්ධ, ඔවුන් සිරකර පහර දීම සදහා අවස්ථාව සලසා ගැනීම උදෙසා කැඳවන ලද ප්‍රතිගාමී මෙහෙයුමකි. වරාය නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කිරීම, තෙල් සංස්ථාවේ කොටස් පෞද්ගලික අංශයට පැවරීම යනා දී සෑම අවස්ථාවක දී ම සිය බෙලහීනකම ද කම්කරු විරෝධී ධනේශ්වර ස්වභාවය ද ප්‍රදර්ශනය කල මෙම වෘත්තීය සමිතිවලින් අන් යමක් අපේක්ෂා කල නො හැකි ය. 

Upali
ආනන්ද පාලිත පොලිසිය සමග කේවලයේ

උක්ත ලෝසවෙඅ ලිපිය අවසන් වන්නේ පොහොර සංස්ථාවේ හිටපු සේවකයෙකුගේ ප්‍රකාශයකිනි. “අප දිගටම පීඩනය යෙදිය යුතු ය. රනිල්ට (වික්‍රමසිංහ) ඒකාධිපති පාලනය දිගටම ගෙන යාමට අවශ්‍ය නමුත් අපට අවශ්‍ය වන්නේ ඔහුව එලවා දැමීමටයි.” උද්ඝෝෂනය මෙහෙය වූ ධනපති හා ව්‍යාජ වාම පක්ෂවල නායකත්වය දරන සමිති නායකයන් ද කීවේ මෙය ම ය. ද-සෝෂලිස්ට් වාර්තාව පෙන්වා දුන් පරිදි වෘත්තීය සමිතිවල උද්ඝෝෂනය යොමු කෙරුනේ එක්කෝ සහන නැතිනම් තවත් ධනපති ආන්ඩුවක් යන මෙම ධනපති මතය සමාජගත කිරිමට ය. අපට මෙම සිද්ධිය තුල සරලව ම වාර්තා කිරීමට ඇති වැදගත් ම දේ වන්නේ පුලුල්ව පතුරවා හරින මෙම ධනපති මතය එලෙසම සටහන් කර තබන්නේ නම්, ආන්ඩුවේ ප්‍රවෘත්තිවලට සවන් දෙනවා විනා විප්ලවවාදී මාධ්‍ය වාර්තාකරනයේ පලක් ඇත්තේම නැත.   

ලෝසවෙඅ පදනම් වන බෝල්ෂෙවික්වාදය දත්ත ගැන දැක්වූයේ ඉමහත් සැලකිල්ලකි: 

“1917 දී බොල්ෂෙවික් පුවත්පත් විසින් සපයනු ලැබූ දත්තයන්, අන් සියලු පුවත්පත් විසින් සපයනු ලැබූ දත්තයන්ට වඩා නොසැසඳිය හැකි තරම් වඩා නිවැරදි බැව්, ඓතිහාසික විචාරයේ සහ යුගයට අදාල ලියවිලි වල අනුව සනාථ කරමින් ඇත. මෙම නිවැරදි බව බෝල්ෂෙවිකයන්ගේ විප්ලවීය ශක්තියේ ප්‍රතිඵලයක් විය. එහෙත් ඒ හා සමගම එය ඔවුන්ගේ ශක්තිය වඩාත් වැඩි කලේය. මෙම සම්ප්‍රදාය අත හැර දැමීම පසු කලෙක ස්ටැලින්වාදයේ වඩාත්ම පිලිකුල්සහගත ලක්ෂනයන්ගෙන් එකක්  බවට පත් විය.” (රුසියානු විප්ලවයේ ඉතිහාසය, දෙවෙනි වෙලුමේ 356වෙනි පිට)

අප කම්කරුවන් කැඳවිය යුතු වන්නේ ධනවාදයට එරෙහි අරගලයට විරුද්ධ ප්‍රධාන බාධකයක් ලෙස පවතින මෙම වෘත්තීය සමිති පෙරලා දමා, කම්කරු පන්ති ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වන, ස්වාධීන ක්‍රියාකාරී කමිටු ස්ථාපනය කරමින්, ධනවාදයට එරෙහි මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා ය.   

(උද්ඝෝෂනය අමතමින්   කම්කරු විරෝධී ධනපති රාජ්‍ය රැකීමේ ව්‍යාජ වාම හා වෘත්තීය සමිති සූදානම නිර්ලජ්ජිතව ප්‍රකාශ කලේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන අතුලසිරි සම⁣රකෝන් ය. වීඩියෝව CACPS facebook පිටුවෙන්)

ඒ වෙනුවට ප්‍රස්තුත ලිපිය, වෘත්තීය සමිති හා ව්‍යාජ වාම නායකත්වය යටතේම පවා ශ්‍රී ලංකාවේ කම්කරුවන් සටන්කාමී ව අරගලයට ඇදී එන බවක් නිවේදනය කිරීම එහි ප්‍රමුඛ අරමුන ලෙස සලකාගෙන ඇත. මෙය කම්කරු පන්තිය මුහුන දී සිටින ‌ඓතිහාසික ගැටලු විසඳා ගැනීම සඳහා අරගලය වෙනුවට, එකී ගැටලු මගින්ම පන්තිය තුල ප්‍රකාශිත පසුගාමීත්වයට අනුගත වීමේ ඇඟවුම් ප්‍රකාශ කරයි. 

කම්කරුවන්ගේ පාර්ශ්වීය ඉල්ලීම්වලට අප පිටුපාන්නේ නැත. ආරම්භයේ සිටම EPF අරමුදල පාලනය කරනු ලබන්නේ මහ බැංකුවේ අධිපතිගේ ප්‍රධානත්වයෙන් පවතින මුදල් මන්ඩලයක් විසිනි. එය ධනපති ආන්ඩුවලට මිස කම්කරුවන්ට වගකීමට බැඳී  නැත. මෙය වෙනස් කල යුතු ය. අරගලය කැඳවූ ධනේශ්වර ඒජන්සි වන වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ අර්ථසාධක අරමුදල කම්කරුවන්ගේ අරමුදලක් වන නිසා ඒ පිලිබද තීන්දු ගැනීමේ දී සමිති නායකයන් සහභාගි කර ගත යුතු බව ය. යථාර්ථයේ දී රටේ කම්කරු පන්තියෙන් ආසන්න වසයෙන් සියයට 15කට වඩා මෙම සමිති නියෝජනය නො කරන අතර ධනවාදයට පිටින් දශමයකුදු ඒවා සෙලවෙන්නේ නැත. කම්කරුවෝ මෙම වඳ ඉල්ලීම් වෙනුවෙන් නො ව, තමන් විසින් පත්කර ගනු ලබන, තමන් කැමති අවස්ථාවක ආපසු කැඳවිය හැකි මන්ඩලයකට මෙහි පාලනය ලබා ගැනීම සදහා සටන දියත් කල යුත්තාහ. ව්‍යාජ වාම රැවටිලි වලට එරෙහිව සිටගනිමින්, සෑම වැඩපොලක ම කම්කරු ක්‍රියාකාරී කමිටු මගින් වෘත්තීය සමිති විස්ථාපනය කිරීම ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසියකි.      

වාර්තාකරනයේ විකට රූප: අර්ථසාධක උද්ඝෝෂනය පිලිබඳ ලෝසවෙඅ ලංකා වාර්තාකරුවන්ගේ චර්යාව Read More »

කම්කරු මාවත ඉතිහාසයෙන්: ආර්ථික කඩා වැටීමේ බර කම්කරුවන් මතට – ආර්. ප්‍රේමදාස යූඇන්පී ප්‍රතිපත්ති පැහැදිලි කරයි

මෙහි පළ වන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) නිල පුවත්පත වූ කම්කරු මාවත පත්‍රයේ, 395 කලාපයේ, 1977 ජූලි 23 වන දින පළ කරන ලද ලිපියකි.

1977 ජූලි 21 වන දින පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරන ලද තම වැඩපිලිවෙල සම්බන්ධව විකොස ඉදිරිපත් කරන ලද විවේචන හා එහි විප්ලවවාදී වැඩපිළිවෙළ සම්බන්ධ ලිපි අතරින් පහත ලිපිය ද යූඇන්පී ප්‍රතිපත්ති ගණනාවක් විචාරයට ලක් කරයි.

වත්මන් රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජනාධිපතිවරනයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර තුර  කම්කරු පන්තිය මත ආර්ථික හා මූල්‍ය අර්බුදයේ බර සම්පූර්නයෙන්ම දැමීම සදහා ගෙනයන වැඩපිලිවෙල සමග එදා 1977 ජුලි මැතිවරනයට ආසන්නයේ ජයවර්ධන හා ප්‍රේමදාස ඇතුලු යූඇන්පී නායකයන් හෙලිදරව් කල එහි කප්පාදු සැලසුම් සිහියට නැගීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගත් ආකාරයත්, කම්කරු පන්තිය වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා පරාජයන් කරා ගෙනයනු ලැබීමත් නැවත අධ්‍යයනය කර ගැනීම අද දවසේ අරගලයන්ට පාඩම් සපයනු ඇත.

***

Premadasa
ආර්.ප්‍රේමදාස (මැද) ජේ.ආර්.ජයවර්ධන (දකුන) සමග

යුඑන්පී ආණ්ඩුවක් බලයට පැමිණියහොත් ක්‍රියාත්මක කරන ඇත්ත ප්‍රතිපත්ති ගැන පැහැදිලි හෙළිදරව්වක් කර ඇත්තේ එහි උප නායක ආර්. ප්‍රේමදාස යි.

අලුත් යූඑන්පී ආණ්ඩුවක ප්‍රතිපත්තිය  පැහැදිලි කරමින් ප්‍රේමදාස කර ඇති සම්මුඛ සාකච්ඡාවක්,”හිමාත්” නම් ඉන්දීය සඟරාවේ ජූනි දාසය කලාපයේ පළවෙයි. ඔහු එය මෙසේ පවසයි.

“වගකීම සහ විනය අප රටට අවශ්‍ය ය. ලංකාවේ මධ්‍යගතව ආර්ථිකය සැලසුම් කිරීම අසාර්ථකව ඇත. සැලසුම් කිරීමේ ක්‍රියාදාමය පහලින් පටන්ගත යුතුය. අප කම්කරුවන්ට වගකීම භාර දිය යුතුය. සෑම ආයතනයකම ලාභ හා පාඩුවලට (කම්කරුවන්) සහභාගි වන ක්‍රමයක් ඇති කිරීමට අපට අවශ්‍යව ඇත.”

“මේ වගකීම පැනනගින්නේ කෙසේදයි” අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු,” තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් ජීවත්වෙන සමාජයක් නිර්මාණය කිරීමට අපට අවශ්‍යව යයි”පැවසීය.

ධනපති ක්‍රමයේ කඩාවැටීමට කම්කරුවන් වගකියන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් බලාපොරොත්තු වන බව යුඑන්පි නායකයින් ජනතාවට නොකීවද ඔවුන්ගේ ඉලක්කය එය බව ඉහත ප්‍රකාශය  හෙළිදරව් කරයි. මේ ප්‍රකාශනය යූඑන්පී යේ ඇත්ත අරමුණ ගැන මැතිවරණයේදී කම්කරු පන්ති ව්‍යාපාරයට ලැබුණු අනතුරු ඇඟවීම් සියල්ලම සනාථ කරවන්නකි.

නිදහස් වෙළෙඳ කලාපයක් බිහි කර, විදේශ ආයෝජනයන් ගෙන්වන බවත්, බඩු මිල අඩු නොකරන බවත්, වෘත්තිය සමිති දඬු ගැසීමේ නීති ගෙනෙන බවත්, යූඑන්පී නායකයන් දී ඇති ප්‍රකාශයන් පිටුපස පවතින නියම යථාර්ථය මේ ප්‍රකාශයෙන් හෙළිදරව් වේ.

යූඑන්පී නායකයාගේ ප්‍රකාශයේ අර්ථය නම් ඔවුන්ගේ ආණ්ඩුවක මූලික ලක්ෂණය වන්නේ එය ලංකාවේ නිෂ්පාදන ක්‍රමයේ සම්පූර්ණ කඩාවැටීමේ බර කම්කරුවන් සහ දුගීන් මත පටවන ආණ්ඩුවක් බවයි.

මේ ආණ්ඩුව යටතේ කම්කරු පන්ති ව්‍යාපාරය වෙනුවෙන් සූදානම් කෙරෙන ඉරණම ගැන වැටහීමක් ඇතිකර ගැනීමට නම් අපි නැවත වරක් මේ මැතිවරණය පැවැත්වුණ ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික අර්බූදය දෙස හැරිය යුතුය.

කඩාවැටීම

මේ මැතිවරණයට පසු බලයට පත්වන ආණ්ඩුව බලය අතට ගන්නේ ලංකාවේ මෙතෙක් පැවති දරුණුම ආර්ථික කඩාවැටීම මධ්‍යයේය. ධනපති නිෂ්පාදන ක්‍රමයේ පරිපූර්ණ කඩාවැටීම මේ අර්බුදයේ මූලික ලක්ෂණයකි.

ආර්ථිකයේ මූලික අංගයක් පමණක් ගතහොත් 1976 වර්ෂයේ තේ නිෂ්පාදනය සියයට 8.1 කින් කඩා වැටී ඇත. පොල් නිෂ්පාදනයේ වැටීම සියයට 13 කි. වී නිෂ්පාදනය වී බුසල් කෝටි 6 සහ 8 ප්‍රමාණයේ සිට 5.5 දක්වා පහතට වැටුනි.

මූලික නිෂ්පාදනයන් මෙසේ කඩා වැටෙද්දී, ඉතාමත්ම භයානක තත්වය උද්ගතවූයේ කර්මාන්ත ක්ෂේත්‍රයෙහිය. පසුගිය පෙබරවාරි මාසය වන විට සංස්ථාවන්ගේ නිෂ්පාදනය සියයට 44 කින් පහත වැටී ඇත.

මේ නිෂ්පාදන කඩාවැටීමට අමතරව පුද්ගලික අංශයේ බරපතළ නිෂ්පාදන කඩාවැටීම ඇරඹී තිබිණි.

මේ කඩා වැටීම සිදු වූයේ එක්දාස් නවසිය හැත්තැ එකෙන් පසු ධනපති ලෝකය පුරාම පැතිර ගිය ජාත්‍යන්තර ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසය. 1977 වන විට ඇති වූ තත්ත්වය නම් මේ අර්බුදය දැවන්ත කඩාවැටීමක් බවට ජාත්‍යන්තර වශයෙන් ම පරිවර්තනය වීමයි.

ඇමරිකාව වැනි දියුණු ධනපති රටවල නිෂ්පාදනය කඩා වැටීමද, ණය ගැතිකම උග්‍රම මට්ටමට නැගීමද, ගෙවුම් ශේෂ හිඟයන් සහ වෙළෙඳ ශේෂ හිඟයන් උත්සන්න වීම ද සිදු වූ අතර සිය බංකොලොත්කම පියවාගැනීමට ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්ද, වෙළඳ බැංකු වලින් ද ණය ගත් රටවලට ණය හෝ පොලී ගෙවීමට තවදුරටත් නොහැකිවීමෙත්, මේ නිසා මෙම මූල්‍ය පද්ධතියම කඩාවැටීමේත් තර්ජනය ඉස්මතු වෙයි.

අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තෙක්

වෙළඳ යුද්ධය දරුණුම මට්ටමට උදාවීමත් ආර්ථික කඩා වැටීම පාලනය කිරීමට දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථක වීමත් සමගම ලෝක මූල්‍ය ආයතනයන් සෑම රටකම ආර්ථික විනාශය උග්‍ර කිරීමේ ආයතනයන් බවට පත්වීම දැන් සිදුව ඇති මූලිකම විපර්යාසයකි. මේ තත්ත්වය තුළ බලය ගන්නා සෑම ධනපති ආණ්ඩුවකට ම කළ හැකි එකම කාර්යය වන්නේ මේ කඩා වැටීම ඉහළම මට්ටමට උත්සන්න කිරීමත්, අධිරාජ්‍යවාදීන්ගේ සෘජු ඉත්තකු ලෙස විනාශය දියත් කරන්නෙකු බවට පත්වීමය. කම්කරුවන්, ලාභය පමණක් නොව පාඩු ලැබීමේ වගකීමද බාරගන්නා අය  බවට පත් විය යුතු යයි ප්‍රේමදාස පවසන්නේ මේ තත්ත්වය යටතේ ය.

නිෂ්පාදනය කඩා වැටෙද්දී කර්මාන්ත සහ ෆැක්ටරි විශාල වශයෙන් වැසෙද්දී මේ කඩාවැටීම උග්‍ර කරවන ප්‍රතිපත්ති ආණ්ඩුව විසින් එදිනෙදා ක්‍රියාත්මක කරද්දී පාඩු ලැබීමේ වගකීම කම්කරුවන්ට භාරගත හැක්කේ එකම විධියකින් පමණකි. එනම් තම රැකියාව අහිමිවීම පිළිගැනීමට එකඟ වීමෙන් පමණි.

Workers

යූඑන්පිය කතා කරන්නේ කර්මාන්තවල සිදුවන සුළු අලාභයන් කම්කරුවන් විසින් විඳදරා ගැනීම නොවේ. ඇත්ත වශයෙන් ආර්ථික අර්බුදය මේ මට්ටමට උග්‍ර නොවූ පසුගිය අවුරුදු 7 තුළ ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුව යටතේ කර්මාන්ත සහ සංස්ථාවන් කඩා වැටීම ඇරඹුණු විට ක්‍රියාත්මක වූයේ ධනපති ක්‍රමයේ කඩාවැටීම කම්කරුවන් පිටින් යැවීමේ ප්‍රතිපත්තින් ය. බෝනස් කපාදැමීම, විශ්‍රාම වැටුප් අහිමි කිරීම, සේවක අර්ථසාධක අරමුදල් අහිමි කිරීම, අතිකාල දීමනා සහ ජීවන අංක දීමනාව අත්හිටවීම, ස්ථිර වැටුප් වෙනුවට ඵලදායිත්වය ට සහ නිෂ්පාදන පරිමාණයට ගැටගැසුණු වැටුප් ක්‍රමයක් දියත් කිරීම, සාමූහික කේවල් කිරීම මගින් දිනා තිබූ වැටුප් ගිවිසුම් අහෝසිකර අලුත් දිරිගැන්වීමේ ක්‍රමයක් සහ වැඩ වේගවත් කිරීම පැටවීම, කම්කරුවන් තොගපිටින් අස්කිරීම, කර්මාන්තශාලා වන් නවීකරණය සහ ප්‍රතිසංවිධානය කිරීමේ මුවාවෙන් පැක්ටරි අංශ වශයෙන් වසා දැමීම ආදී පියවරයන් කම්කරුවන් මත පැටවීමට ධනපති පන්තිය ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුල් වටය තුළම හවුල් ආණ්ඩුවේ උදව්ව සහිතව ඉදිරියට ආවේය.

මේ පියවරයන් කම්කරු පන්තිය දිනා සිටි සියලුම වරප්‍රසාදයන් විනාශ කිරීමේ ක්‍රියාමාර්ගයක් බවට පත්විය.

කර්මාන්තශාලා වල අලාභයට ධනපතියන් ද කම්කරුවන් ද වගකිය යුතු යැයි ඔවුහු පවසති. එහෙත් මේ කර්මාන්ත කඩා වැටීමට ධනපතියන් වග කීවේ කෙසේද?

කර්මාන්ත කඩා වැටීමට සහ අලාභ ලැබීම ඇරඹුණු විට ධනපති පන්තිය ගත් පියවර නම්, තමන් එතෙක් ලැබූ ලාභය කම්කරුවන් හෝ කර්මාන්තය ගොඩනැගීමට යෙදවීම නොවේ.

අර්බුදයේ මුල් අවධියේදී ධනපති පන්තියේ උත්සාහය වූයේ කම්කරු පන්තිය මත අර්බුදයේ බර එක් අතකින් පටවමින් ද අනික් අතින් බැංකු වලින් ලබා ගන්නා ණයවලින් එය දිව වීමට ද උත්සාහ කිරීමය.

මෙය අසාර්ථක වූ විට ඔවුන් ගත් පියවර නම් කර්මාන්තය පිළිබඳ සම්පූර්ණ වගකීම අතහැර තම ධනය ද රැගෙන වෙනත් ලාභදායි ජාවාරම් වෙත පැනීමයි. ආර්ථික කඩා වැටීම තුල මෙතෙක් සිදුවූයේද අනාගතයේ වඩාත් බරපතළ ලෙස සිදු වන්නේ ද මෙයයි.

එහෙත් ආර්ථික කඩා වැටීමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ කම්කරු පන්තිය නොව ධනපති පන්තියයි. පසුගිය කාලය තුළ කඩාවැටීමට භාජනය වූ සෑම පැක්ටරියක් ම, සෑම කර්මාන්ත යක්ම මෙය සනාථ කරයි. මීට හොඳම උදාහරණය වැල්ලවත්ත රෙදි මෝලයි.

වැල්ලවත්ත රෙදි මෝලේ ඇතිවූ  කඩාවැටීම වළක්වා ගැනීමට ආණ්ඩුවද වාණිජ බැංකුව ද රුපියල් ලක්ෂ ගණනින් ණය පොම්ප කළහ. මෙය අසාර්ථක වූ පසු කඩාවැටීම කම්කරුවන් ගේ හිස මත පැටවීම ඇරඹුණි. කම්කරුවන් දාස් ගනන් අස්කර දමා, වැඩ වේගවත් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් කම්කරුවන් අතට ලැබුණු වැටුප රුපියල් සිය ගණනින් අඩු කරමින් අවුරුදු හතළිහක පමණ අරගලයකින් දිනාගත් අයිතීන් සියල්ල අහෝසි කර අලූත් වහල් කොන්දේසි ක්‍රියාත්මක කරන ලදී. මේ ක්‍රියාමාර්ගයේ අවසානය වූයේ රෙදි මෝල ගොඩගැනීමේ සැලැස්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමෙනි. මේ පියවරයන් ගෙන් අවුරුද්දකට පසුව, අර්බුදය තවත් උත්සන්න වීමෙන් පසුව රෙදි මෝල වසා දැමීමට තර්ජනය කිරීමට පාලකයින්ට සිදුවූයේ ඔවුන්ට ණය දීමට ආණ්ඩුව හෝ බැංකුකරුවන් ඉදිරිපත් නොවීම නිසයි.

 මෝල වසා දැමීමට ගත් උත්සාහය කම්කරු පන්තිය විසින් පරාජය කිරීමෙන් පසුව, එහි වගකීමට සම්පූර්ණයෙන් ම කර ගැසීමට ආණ්ඩුවට සිදුවිය. ස්ටැලින්වාදී න්ගේ උදව් ඇතිව කම්කරුවන්ට තවත් වැඩ වේගවත් කිරීමේ සැලසුම් පටවා තාවකාලිකව එයගොඩ දැමීමට උත්සාහයක් දරන ලදී.

එයින් පසුව දැන් උද්ගතව ඇත්තේ සම්පූර්ණ පේෂකර්මාන්තයේම කඩාවැටීමේ බර පේෂකර්ම සංස්ථාවේ සහ ආණ්ඩුවේ කර මත වැටීමයි. සංස්ථාවේ කම්කරුවන්ට වැටුප් ගෙවීමට ණය ගැනීම සඳහා සංස්ථාවේ දේපල උකස් කිරීමට ද දැන් සිදුව ඇත.

වැල්ලවත්ත මෝල

මේ සියල්ල සිදුවීමට පෙරම, පේෂ කර්මාන්තයේ කඩාවැටීමට ආණ්ඩුව මූහුන දුන්නේ, අත්යන්ත්‍ර සහ සුළු ෆැක්ටරි මත පදනම් ව තිබූ කර්මාන්තය ජාතික පරිමාණයෙන් ම කඩාවැටීමට පියවර ගැනීමෙනි. කර්මාන්ත කඩා වැටීම එක් අවධියකින් නතර නොවන්නක් බව මෙය හොඳින්ම ඔප්පු කළේය.

Mill

සෑම කර්මාන්තයකම සිදුවූයේ වැල්ලවත්ත රෙදි මෝලේ සිදු වූ දෙයයි. සෑම කර්මාන්තයකම අර්බූදයෙන් බේරීමට ධනපති පංතිය සහ ආණ්ඩුව ගත්තේ එහි අනුගමනය කළ පියවරයි. මේ සියළු පියවරවල ඉරණම ද එයයි. මේ සියලු ප්‍රතිගාමී විසඳුම් නොතකා ආර්ථික කඩා වැටීම උග්‍ර මට්ටම් වලට සේන්දු වීම මීට හේතුව විය.

වතු ආර්ථිකය තුළ මේ පියවරයන් මීටත් වඩා ම්ලේච්ඡ අන්දමින් දියත් කරන ලදී. තේ වතු වලින් විශාල ප්‍රමාණයක් වසාදමා  ඒවායේ කම්කරුවන් විශාල ප්‍රමාණයක් එළවා දැමීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව ‍ ක්‍රියාත්මක කළ අතර මෙහි ප්‍රතිඵලය වූයේ වතුකම්කරුවන් දහස් ගණනින් රැකියා අහිමි වීමට ගොදුරු වීමයි.

කර්මාන්ත කඩා වැටීමට වගකීම කම්කරු පංතිය භාර ගැනීමෙන් මෙම කඩාවැටීම විසඳීම සම්පූර්ණ ප්‍රෝඩාවක් වන්නේ මේ පරිහානිය තුළදී රටේ ජනතාවට අවශ්‍ය මූලික භාණ්ඩවලට අදාල නිෂ්පාදනයන් සහ කර්මාන්ත පවත්වාගෙන යෑමට ධනපති පංතියට නොහැකි නිසයි. ආර්ථික කඩා වැටීමේ මූලික ලක්ෂණය නම් මේ නිෂ්පාදන අංශයන් කඩා වැටීමයි. ධනපති පන්තියට අද ගැනීමට ඉතිරිව ඇති එකම කර්මාන්තය නම් මැණික් කර්මාන්තය, සී.ආර්.එ. මුදල්වලින් සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම සහ සංචාරක කර්මාන්ත වැනි පරපුටු ජාවාරම් ය. මේ පරපුටු ජාවාරම්වල ලාභය යෙද වී ඇත්තේ කම්කරුවන්ට බෙදීමට හෝ මේ ජනතාව වෙනුවෙන් යෙදවීමට නොව සාගතය මධ්‍යයේ ධනපති පංතියට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීමටය.

යුඇන්පිය දැන් උත්සාහ කරන්නේ මේ ආර්ථික  සැලසුම් ජාතික පරිමාණයෙන් දියත් කිරීමයි. කර්මාන්ත කඩාවැටීමට කිසිම අයුරකින් උරදීමට දැන් ධනපති ආණ්ඩුවට හෝ බැංකුවලට නොහැකිය. ව්‍යාපාර රජයට ගැනීමෙන් හෝ ණය දීමෙන් ආර්ථික කඩා වැටීම කල් දැමීමට හෝ සමනය කිරීමට ඔවුන්ට කිසිසේත්ම හැකියාවක් නොමැත. බලයට එන ධනපති පක්ෂයකට කළ හැකි එකම දේ නම් අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ නිර්දේශයන්ට සම්පූර්ණයෙන්ම යටත් වීමයි.

යූඇන්පිය දියත් කිරීමට උත්සාහ කරන ක්‍රියාමාර්ගය ඔවුන්ට ක්‍රියාත්මක කළ හැකි වන්නේ සිවිල් යුද්ධයක් මගින් පමණකි. ඔවුන් සූදානම් වන්නේ ද ඒ සඳහා ය. ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ පොරොන්දු දී බලයට පැමිණීමෙන් පසුව කම්කරු පන්තියට විරුද්ධව එල්ල කිරීමට උත්සාහ කරන මේ ප්‍රහාරයන්ට විරුද්ධව කම්කරු පන්තිය දැවැන්තව නැගී සිටිනු ඇත.

කම්කරු පන්තිය ආර්ථික අර්බුදයට කර ගැසිය යුතුයැයි යන්නෙහි එකම අර්ථය නම් ව්‍යාපාරයේ ඉතිහාසයේ දී දිනාගත් අයිතීන් සියල්ල අහෝසි කළ යුතුය යන්නයි. මේ අයිතීන් දිනා ගැනීම සඳහා සංවිධානය වීම මැතිවරණයෙන් පසු කම්කරු පන්තිය ඉදිරියේ ඉස්මතුවන මූලික ප්‍රශ්නයකි.

වෘත්තිය සමිති ව්‍යාපාරය කුඩු පට්ටම් කිරීම සඳහා නීති ගෙන ඒම ගැන යූඇන්පිය මැතිවරණය තුළ කතා කර ඇත්තේ කම්කරු පංතියේ ස්වාධීනත්වයත් එහි ශක්තියත් විනාශ කිරීම ධනපති පංතියේ නව සැලසුම් සඳහා අත්‍ය‍යාවශ්‍ය වන හෙයිනි. වෘත්තීය සමිතිවල නායකත්වය,  කම්කරුවන්ගේ අයිතීන් රැකීම නොව ධනපති ආණ්ඩුවේ සැලසුම් ක්‍රියාත්මක කරන නායකත්වයක් බවට පත් කිරීම එහි එල්ල යයි. එහෙත් යුඑන්පීය බලාපොරොත්තු වන පරිදි පාර්ලිමේන්තුවේ නීති සම්මත කිරීමෙන් ලංකාවේ ස්වාධීන වෘත්තීය සමිති   විනාශ කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇත.

කම්කරු පන්තියේ මූලික අයිතිවාසිකම් වලට විරුද්ධව එල්ලවන මෙම ප්‍රහාරයට විරුද්ධව තමන් සටන් නොකරන බව සමසමාජ ස්ටැලින්වාදී නායකයෝ ද සියලුම වර්ගයේ ප්‍රතිසංස්කරණවාදී නායකයෝ ද දැනටමත් හෙළි කර ඇත. වෘත්තීය සමිති ව්‍යාපාරය කුඩුපට්ටම් කිරීමේ නීති තමා බලයට පැමිණියහොත් ක්‍රියාත්මක කරන්නේ යයි යුඇන්පිය ප්‍රකාශ කළ පසුව, සමසමාජ සහ ස්ටැලින්වාදී නායකයෝ ද, වෘත්තිය සමිති නායකයෝ ද මේ ප්‍රහාරය නැවත්වීම ගැන වචනයක්වත් ප්‍රකාශ නොකළහ. කම්කරු පන්ති ව්‍යාපාරය ඉදිරියේ ඉස්මතු වී ඇති මෙම තර්ජනයට කම්කරු පන්තිය මුහුණ දෙන්නේ කෙසේද? ඒ සඳහා සංවිධානය විය යුත්තේ කුමන ප්‍රතිපත්ති මත ද, මෙය පරාජය කිරීමට ගත යුතු නිශ්චිත පියවර යන් මොනවාද? යන ප්‍රශ්න ගැන කිසිම ප්‍රකාශයක් දීම ඔවුහු ප්‍රතික්ෂේප කර ඇත.

මෙහි අර්ථය නම් මැතිවරණයෙන් පසු බලයට පත්වෙන ආණ්ඩුවකට මේ ප්‍රහාරයන් ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමට ඔවුන් තීන්දුවක් ගෙන ඇති බවයි.

මේ ප්‍රතිපත්තිය යටින් පවතින්නේ ජනතාවට විරුද්ධව සිවිල් යුද්ධය දියත් කරන ආණ්ඩුවක් බලයෙන් ඉවත් කර දැමීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවයි. යූඑන්පී ආණ්ඩුවක් බලයෙන් පහකර දැමීමට කම්කරු පන්තිය මෙහෙයවීම ප්‍රතික්ෂේප කරන මොවුන් වහාම කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකත්වයෙන් එළවා දැමීම කම්කරු පන්තියේ ඉදිරියේ ඉස්මතුව ඇති මූලික කර්තව්‍යයයි.

මැතිවරණයෙන් පසුව බලයට එන ධනපති ආණ්ඩුව වහාම එළවා දැමීම සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීමේ වගකීමට උර දී ඇත්තේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමණකි. මේ මැතිවරණය තුළ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කම්කරු පන්තියට ඉදිරිපත් කළ ඉදිරිදර්ශනයන් එහි අඩංගු වූ සියලු අනතුරු ඇඟවීම් සහ ක්‍රියාමාර්ගය මැතිවරණ තුළ වර්ධනය වූ දේශපාලනය තත්වය විසින් සම්පූර්ණයෙන්ම සනාථ කර ඇත.

එළඹ ඇති අභියෝගයට මුහුණදීමට හැකි එකම මාර්ගය නම් ජාතික බංකොලොත්කම සහ ආර්ථික කඩා වැටීම වැලැක්වීම සඳහා  ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු සහ සෙසු පීඩිතයන් මෙහෙයවීමයි.

වතුකරය

සියලුම කර්මාන්ත සහ පැක්ටරි කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමට කම්කරු පන්තිය මෙහෙයවීම මූලිකම අවශ්‍යතාවය ලෙස ඉස්මතු ව ඇත. පැක්ටරි වසා දැමීමටත් කම්කරුවන් දොට්ට දැමීමටත් විරුද්ධව කම්කරු පංතිය තම වතු සහ පැක්ටරි වාඩිලා ගැනීමේ පියවර ගන්නා බවත් කර්මාන්ත ක්ෂේත්‍රයම පුරා මෙම වාඩිලා ගැනීමේ සටන් පැතිර යන බවත් ඉතාමත් පැහැදිලිය. වතු කඩා දැමීමට විරුද්ධව වතුකරය පුරා පැතිරුණු සටන් ගැන අනාගතේ සිදුවන සටන් වල ස්වභාවය කුමක්දැයි යන්න කල්තියාම එළි කර ඇත. වතුකරය තුළ කම්කරුවන් වාඩිලා ගැනීමේ සටන්වලින් ආන්ඩුවේ සැලැස්ම පරාජය කළා පමණක් නොව ඊට විරුද්ධව ධනපති පංතිය ආයුධ සන්නද්ධ මැර කණ්ඩායම් මෙහෙයවමින් වතුකරය තුල සිවිල් යුද්ධ තත්ත්වයක් නිර්මාණය කළේය. තම ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලුම පියවර ගැනීමෙන්, විශේෂයෙන්ම ආරක්ෂක කමිටු ගොඩනැගීමේ සහ ධනපති හමුදා සහ මැර කණ්ඩායම් නිරායුධ කිරීමේත් අවශ්‍යතාවය කම්කරුවන් ඉදිරියේ ඉස්මතු විය.

කර්මාන්ත වාඩිලා ගැනීමත් සමඟම මතුවන ප්‍රධාන අවශ්‍යතාවය නම් කර්මාන්තය වසා දැමීමට ධනපති පංතියට ඉඩ නොදී ඒවා පවත්වාගෙන යෑමයි. වාඩිලා ගැනීමත් සමගම ඒවා පවත්වාගෙන යෑමේ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතු වේ. කඩාවැටීමට භාජනය වන සෑම පැක්ටරියක ම පොත් පත් විවෘත කරමින් ඒවායේ ගණන් හිලව් පරික්ෂා කිරීම සඳහා වෘත්තිය සමිති වල විශේෂ කමිටු පිහිටු විය යුතුය.

ජාතික බංකොළොත් භාවය වළක්වා කර්මාන්ත පද්ධතීය ආරක්ෂා කර ගත හැක්කේ අධිරාජ්‍යවාදී බැංකු හ මූල්‍ය සංස්ථා වන්ගෙන් සම්පූර්ණයෙන් කැඩෙන ආණ්ඩුවකට පමණි. මෙම සංස්ථාවලට ණය සහ පොලී ගෙවීම් සම්පූර්ණයෙන්ම නවත්වන, විදේශ වෙළඳාමේ ඒකාධිකාරියක් පිහිටවන ආණ්ඩුවකට පමණකි. ආර්ථික විනාශයට විරුද්ධව සටන් කරන සෑම කම්කරුවෙකුම මේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳීමට තීන්දු ගත  යුතුය. යූඑන්පී ආණ්ඩුවක් බලයෙන් ඉවත් කිරීම සඳහා සටන දිනිය හැක්කේ මේ පියවර ගැනීමෙන් පමණි.

(අවධාරනයන් theSocialist.LK වෙතිනි. මුල් ලිපියේ “න”, “ණ”,”ල” ,”ළ” රීතිය බැහැරව අක්ෂර වින්‍යාස යොදා ඇත)

කම්කරු මාවත ඉතිහාසයෙන්: ආර්ථික කඩා වැටීමේ බර කම්කරුවන් මතට – ආර්. ප්‍රේමදාස යූඇන්පී ප්‍රතිපත්ති පැහැදිලි කරයි Read More »

Scroll to Top