Author name: thesocialist

Gaza

සිවිල් ජීවිත හානි “යුද්ධයක් කිරීමේ මිල” ලෙස බයිඩන් හදුන්වන අතර ගාසා තීරයේ මානුෂීය අර්බුදය දරුනු වේ

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 25 දින පල වූ ‘Humanitarian crisis worsens in Gaza, as Biden describes civilian casualties as “the price of waging a war”’ යන  ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ගාසා තීරයට ඊශ්‍රායලයේ ම්ලේච්ඡ බෝම්බ හෙලීම නොනවතින ලෙස අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, එහි මිලියන 2.3 ක පදිංචිකරුවන් මුහුණ දෙන මානුෂීය අර්බුදය බිහිසුණු මානයන් කරා ළඟා වී තිබේ. 7,000ට ආසන්න වන නිල මරණ සංඛ්‍යාවට අමතරව, ඊශ්‍රායලයේ ජන සංහාරක ප්‍රහාරයෙන් මිලියන 1.4 කට අධික ජනතාවක් අවතැන් වී ඇති අතර, ආහාර, පිරිසිදු ජලය සහ ඉන්ධන සැපයුම් අවසන් වීමේ අද්දර පවතී.

බදාදා, ගෝලීය පුණ්‍යායතනයක් වන ඔක්ස්ෆෑම්  ඊශ්‍රායල රජය විවේචනය කළේ “සාගින්න යුද අවියක් ලෙස” භාවිතා කිරීම ගැන ය. ඔක්තෝබර් 9 වැනිදා සිට සාමාන්‍ය ආහාර බෙදාහැරීම්වලින් සියයට 2 ක් පමණක් ගාසා තීරයට ළඟා වී ඇති බව සඳහන් කරමින් පුණ්‍යායතනය පෙන්වා දුන්නේ ඉන්ධන හිඟකම සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මාර්ගවලට හානි වීම හේතුවෙන් දේශීය සැපයුම් බෙදා හැරීමට නොහැකි වූ බවයි. විදුලිය නොමැතිකම හේතුවෙන් ශීතකරණ ක්‍රියාත්මක නොවන බැවින් ආහාර ගබඩා කිරීම ද කළ නොහැකි බව පැහැදිලි වී ඇත. නොනවතින ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සමඟ බලශක්ති හිඟකම හේතුවෙන් බොහෝ බේකරි සහ සුපිරි වෙළඳසැල් වසා දැමීමට බල කර ඇති අතර, ආහාර ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත.

Gaza
2023 ඔක්. 25 වැනි බදාදා ,ගාසා නගරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු, පලස්තීනුවන් විසින් තුවාල ලැබූ පිරිමි ළමයින් දෙදෙනෙකු විනාශ වූ ස්ථානයෙන් ඉවත් කරති. [AP Photo/Abed Khaled]

ගාසා තීරයේ එක් පුද්ගලයෙකුට ලබා ගත හැක්කේ පිරිසිදු ජලය ලීටර් තුනක් පමණි. එය මානුෂීය අර්බුදයකට මුහුණ දෙන ජනගහනයක් සඳහා අවශ්‍ය අවම ප්‍රමාණය වන ලීටර් 15 න් පහෙන් එකක් පමණි. රෆා දේශසීමා පිවිසුම හරහා ගමන් කරන ආධාර ප්‍රවාහයට පරිප්පු, පිටි සහ අනෙකුත් වියළි ආහාර  ඇතුළත් වන අතර , ඒවා පිළියෙළ කිරීමට ජලය නොමැති ජනගහනයකට ඒවායින් පලක් නොමැත. 

ඔක්ස්ෆැම් හි මැදපෙරදිග කලාපීය අධ්‍යක්ෂ සැලී අබි කලීල්  පැවසුවේ, “තත්වයෙහි  භයානක දෙයක් අඩු නැත  – මනුෂ්‍යත්වය කොහිද? මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසකට ලෝකයට පෙනෙන පරිදි සාමූහිකව දඬුවම් කරනු ලැබන අතර, කුසගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීම සාධාරණීකරණය කළ නොහැක. ලෝක නායකයින්ට දිගටම වාඩි වී බලා සිටිය නොහැක; ඔවුන්ට දැන් ක්‍රියා කිරීමට සහ ක්‍රියා කිරීමට බැඳීමක් තිබේ.”

ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝසප් බයිඩන් ඇතුළු “ලෝක නායකයින්” ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ජන සංහාරය මුලුමනින්ම අනුමත කරන බව ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. බදාදා, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ  කතා කරමින් බයිඩන් ප්‍රකාශ කලේ, “මිනිසුන් කී දෙනෙක් මරා ඇද්ද යන්න ගැන, 

පළස්තීනුවන් සත්‍යය පවසන බවට මට අදහසක් නැත. අහිංසකයන් මරා දමා ඇති බව මට විශ්වාසය.

 “එය යුද්ධයක් කිරීමේ මිලයි.”

බයිඩන් ගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් හියුමන් රයිට්ස් වොච් සඳහන් කළේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කරන ලද මරණ 6,500 කට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණය නිවැරදි  යැයි තමන් විශ්වාස කරන බවයි. ගාසා තීරයේ වසර 30 ක සේවා කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මරණ වාර්තා විශ්වාසදායක බව එය සඳහන් කළේය.

( ට්විටර් පණිවිඩය)

බයිඩන් සහ ඔහුගේ යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින් විසින් ගාසා තීරය තුළ ඊශ්‍රායල මිලිටරියට රිසි පරිදි කටයුතු කිරීමට ඉඩ  ලබා දී  , පුලුල් කලාපීය යුද්ධයකට සූදානම් වෙමින් සිටී. වොෂින්ටනය දැනටමත් කලාපයට ගුවන් යානා වාහක යුධ කණ්ඩායම් දෙකක් යවා ඇති අතර ඉරාකය, සිරියාව, සෞදි අරාබිය සහ කුවේටයේ ස්ථානගත කර ඇති හමුදා ආරක්ෂා කිරීම සඳහා මිසයිල ආරක්ෂණ පද්ධති 11 ක් යෙදවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඔවුන්ගේ සැබෑ ඉලක්කය ඉරානයයි. ඊට එරෙහිව එක්සත් ජනපදය ප්‍රකෝපකාරී ලෙස මුළුමනින්ම ජල යුද්ධයක්  උත්සාහ කරයි.

ගාසා තීරයේ ඊශ්‍රායල සංහාරය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිටුබලය අවධාරනය කරමින්, ට්‍රම්ප්ගේ මිත්‍ර, මයික් ජොන්සන් නව කථානායකවරයෙකු ලෙස  තෝරා ගැනීමෙන් පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළමු ක්‍රියාව වූයේ ඊශ්‍රායලයට සහයෝගීතාවයේ යෝජනාවක් සම්මත කිරීමයි. “හමාස් සහ අනෙකුත් ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද ම්ලේච්ඡ යුද්ධයට එරෙහිව ඊශ්‍රායලය තමන් ආරක්ෂා කරන විට ඊශ්‍රායලය සමඟ සිට ගැනීම” යන ඔර්වේලියන් [ඒකාධිපති] මාතෘකාව මෙම යෝජනාවට ඇතුළත් විය. Haaretz පුවත්පත [ ඊශ්‍රායලයේ පලවන හීබෲ , ඉංග්‍රීසි ද්වී භාෂා පුවත්පතකි] වාර්තා කළේ ජොන්සන්, 2020 දී පදිංචිකරුවෙකුගේ ආරාධනය මත ඊශ්‍රායලයට ගොස් ටෙම්පල් මවුන්ට් [ පැරණි ජෙරුසලමේ පිහිටි යුදෙව් , ක්‍රිස්තියානි, ඉස්ලාම් පූජනීය ස්ථානයකි] හි සංචාරය කළ බවයි.

ගාසා තීරයේ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඊශ්‍රායලයට ලබා දී ඇති නිදහස් හස්තය බිහිසුණු පරිමානයෙන් මරණය හා දුක් වේදනා ඇති කරයි. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ ජාතිය අමතා කල ඇග සීතල කරවන දේශනයක දී, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් “ත්‍රස්තවාදීන්” දහස් ගණනක් ඝාතනය කිරීම උපුටා දක්වමින්, “එය ආරම්භය පමනි” යනුවෙන් තර්ජනාත්මකව  සඳහන් කිරීමට පෙර ප්‍රකාශ කලේ, ඊශ්‍රායලය “හමාස්ගේ මිලිටරි සහ පාලන හැකියාවන් විනාශ කරමින් හමාස් තුරන් කිරීමට” ක්‍රියා කරයි යනුවෙනි , “සියලු හමාස් සාමාජිකයන් ගාසා තීරයේ ඇතුළත සහ පිටත පොළව මත සහ යටින් ඇවිද යන මළ මිනිසුන්ය” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය පෙන්නුම් කරන එක් දර්ශකයක් වන්නේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් සංඛ්‍යාව වන අතර එය දැනට 24ක් වන බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව පවසයි. ඊයේ, නුසෙරාට් සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ,අල් ජසීරා හි ගාසා කාර්යාංශයේ ප්‍රධානියා වන වේල් ඩහ්ඩෝහ් ට ඔහුගේ  බිරිඳ සහ දරුවන් දෙදෙනා  අහිමි විය. “දැන් සිදු වූ දෙය පැහැදිලිය – එය ගාසා තීරයේ කාන්තාවන් සහ ළමයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ප්‍රහාරයේ කොටසකි. මම නුසෙයිරාට් ප්‍රදේශය ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාර ගැන වාර්තා කරමින් සිටියෙමි, ”ඔහු මඳ වේලාවකට පසු පැවසීය.

ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් පනවන ලද, බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නියෝගයෙන් පසුව , වෙනත් බොහෝ අය මෙන්  ඩහ්ඩෝගේ පවුල ද ගාසා තීරයේ උතුරු ප්‍රදේශවලින් දකුණට පලා ගියහ.  ලෝක සමාජවාදී වෙබ් අඩවිය එකල පිළිවෙළ සංලක්ෂිත කළේ , එය පලස්තීනුවන්ගේ “මරණයේ පා ගමනක්” ලෙස වන අතර එය සම්පූර්ණයෙන්ම සනාථ කර ඇත.

ගාසා තීරයේ ඈත දකුණේ ඛාන් යුනිස් සහ රෆාහි ඉලක්ක වෙත ඊයේ ගුවන් ප්‍රහාර එල්ල විය. පලස්තීනුවන් 4,000කට අධික පිරිසක් රෆා හි නවාතැන් ගෙන සිටි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ පාසලකට බෝම්බයක් පතිත වීමෙන් පසු විශාල හානියක් සිදුවිය.

ප්‍රධාන නගර සහ අසල්වැසි රටවල් පෙන්වන ගාසා තීරයේ සිතියමක්. [ඡායාරූපය Gringer / CC BY-SA 3.0]

සෞඛ්‍ය සේවා සහ අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීම බිඳ වැටෙමින් තිබේ. පලස්තීනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වාර්තා කළේ එහි ඉන්ධන ඉතිරිව ඇත්තේ පැය කිහිපයක් පමණක් බවත්, ඉන් පසුව බේකරි සහ පුද්ගලයන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නවත්වන බවත්ය. “අද රාත්‍රියේ මෙම ඉන්ධන තොගය අපට නොලැබුණහොත්, හෙට උදෑසන, බ්‍රහස්පතින්දා උදෑසන වන විට, මානුෂීය ආධාර මිනිසුන්ට අහිමි කරමින්, අප සේවය කරන ප්‍රජාවන්ට  අහිමි කරමින්,අපි ඉතා දැඩි තීරණ ගැනීමට යා යුතුය”

UNRWA සඳහා සන්නිවේදන අධ්‍යක්ෂ ජුලියට් ටූමා අදහස් දැක්වීය.  ඔක්තෝබර් 7 වැනිදා සිට UNRWA සේවකයන් 38 දෙනෙකු ගුවන් ප්‍රහාරවලින් මිය ගොස් ඇත

උතුරු ගාසා හි බෙයිට් ලාහියා හි කමල් ඇඩ්වාන් රෝහලේ සිට අදහස් දක්වමින් වෛද්‍ය හුසාම් අල් සෆියා අනතුරු ඇඟවූයේ බ්‍රහස්පතින්දා ඉන්ධන සැපයුම අවසන් වූ විට ආයතනය “සමූහ මිනීවළක්” වනු ඇති බවයි. “තුවාල වූ, මිය යන සහ මියගිය ළමයින් දුසිම් ගනනක් පැමිණීමෙන් අපිට අධික බරක් දැරීමට සිදුව ඇත. ” ඔහු අල් ජසීරාට පැවසීය. මධ්‍යම ගාසා තීරයේ අල්-වෆා රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය පහසුකමක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

ඛාන් යුනිස් හි නසාර් රෝහලේ සිට අදහස් දක්වමින් වෛද්‍ය මොහොමඩ් කන්දීල් ව්‍යසනකාරී තත්ත්වයන් විස්තර කළේ , “තත්වය කොයිතරම් නරකද කියලා වචනවලින් විස්තර කරන්න බැහැ. ඊයේ රාත්‍රියේ සිට අපට තුවාල ලැබූ රෝගීන් 300ක් ලැබුනා. මැරුණු අය 150ක් ලැබුනා. බරපතළ තුවාල ලැබූ ගැබිනි කාන්තාවන් දෙදෙනෙකුට අපි සිසේරියන් සැත්කම් කළා.” ලෙසයි.

ඊයේ උදෑසන උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු,ඊශ්‍රායල හමුදාව වෙනත් ස්ථානවල ද ප්‍රහාර එල්ල කිරීම වේගවත් තරමින් , එය ඊයේ දකුණු ලෙබනනයේ හිස්බුල්ලා අණදෙන මුරපොළකට සහ තවත් ස්ථාන කිහිපයකට පහර දුන් බව වාර්තා වේ. ඇලෙප්පෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව සිරියානු මාධ්‍ය වාර්තා කළේය. වාඩිලාගත් බටහිර ඉවුරේ, ඊශ්‍රායල සොල්දාදුවන්ට වෙඩි තැබූ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට එරෙහිව ජෙනින් හි ගුවන් ප්‍රහාරයක් දියත් කරන ලදී.

සිවිල් ජීවිත හානි “යුද්ධයක් කිරීමේ මිල” ලෙස බයිඩන් හදුන්වන අතර ගාසා තීරයේ මානුෂීය අර්බුදය දරුනු වේ Read More »

Picket

Stop the Genocidal War against the Palestinian oppressed! Colombo Action Committee holds a picket in Colombo

Our Reporter

Picket
Picket in front of Colombo Fort Railway Station. Photo by Azeez Nizaruddeen.

On October 26, the Colombo Action Committee for People’s Struggles (CACPS) engaged in a successful picketing campaign in front of the Colombo Fort railway station, demanding an immediate end to the war of extermination carried out by the Israeli Zionist ruling class headed by Benjamin Netanyahu, with the full support of the imperialist camp led by Washington, against the oppressed Palestinian people of the Gaza Strip.

Young and old from different parts of the island participated in the campaign. Activists took part in the campaign by displaying placards bearing slogans that provided a clear perspective, leadership and political program for the vast working class all over the world.  For several days before the campaign, the comrades of the committee engaged in campaigning among the public by distributing nearly two thousand leaflets containing the committee’s declaration “Defend the Palestinian people against Zionism!” 

The statement reads:

“Today, the entire imperialist system is being dragged towards a third world war, under an economic and political crisis, that judders in its very depths. That is the exact reason why the current developments in Israel represent a new stage of the long-rooted contradictions in the global capitalist system.   While the working class needs freedom, imperialist capitalism wants it buried. Exactly because of this reason, defending the Palestinian people’s struggle for freedom is an unavoidable class obligation of the working class in every country, including that of the Israeli working class.

The International Committee of the Fourth International (ICFI) and the World Socialist Web Site (WSWS.org) have taken the lead in this struggle by developing the necessary international perspectives of the working class and the programme necessitated by that struggle. The Colombo Action Committee for People’s Struggles  stands with these perspectives and programme to defend Palestinian people and calls upon all progressive masses to rally round that struggle.”

Protest placards were displayed in Sinhala, Tamil and English.

The placards displayed by the protestors included the following: Free the Gaza Strip! Stop the Imperialist-Zionist Genocide in Palestine! Down with imperialist-backed Zionism! Workers, boycott arms shipments to Israel! Food, Medicine, fuel to Gaza! Lift the Siege! Withdraw American warships from the Mediterranean Sea! Condemn Sri Lankan government’s support to genocide! No to capitalist two-state trap! Build Jew-Arab United Socialist State! Prosecute Israel, US, NATO war criminals! Stop funding War!

The campaigners chanted aloud the following slogans for over 45 minutes.

Stop the Israeli attack on the oppressed Palestinians   

End the Siege of Palestinian Territories!  

Disarm the  Israeli forces!  

Disburse food, water and medicine to Gaza, Immediately!

Pro-Imperialist Zionists are on a  killing spree

Killing infants and mothers 

Setting hospitals on fire

Capitalists all over the world are Counting the war profits savouring the taste of blood !

Workers of Israel and Palestine – Unite!

Workers in America – Europe – Line up!

Oppressed people in Asia and all over the world – Rise up!

To bury the Profiteering war mongering capitalism !

At the end of the campaign, CACPS President, Comrade Sanjay Jayasekara addressed the campaigners, many journalists reporting the event, and the public. 

Sanjaya
Comrade Sanjaya Jayasekera, President of CACPS . Photo by Aruna Indika Wijesooriya.

He declared that, the Netanyahu regime is carrying out a genocide comparable to Nazi crimes by starving and dehydrating the oppressed Palestinian people – most of them are women and children – in Gaza. Netanyahu as well as the imperialist leaders who support his regime are war criminals. He said that the “Nakba”, the ethnic cleansing that started against the Palestinians in 1948, did not end with the partition of Palestine under the United Nations organisation led by British imperialism in 1947 and continued against the Palestinians each and every day of the past 75 years. He explained that the October 7 Hamas attack was a revolt by the oppressed Palestinians who were subjected to constant violence.

Jayasekara insisted that the struggle for freedom of the oppressed Palestinian people and the democratic rights of the Israeli working class would not be safe-guarded on the basis of the imperialist two-state death trap, but only in a United Jewish-Arab Socialist State. He called upon the working class to rally, especially in Israel and Sri Lanka, and all over the world to stand in solidarity with the Palestinian working people to defend the oppressed Palestinian people and prevent war.

Then the secretary of the committee, journalist Shantha Wijesooriya, spoke and asked the workers to unite in the anti-war movement to stop the Palestinian genocide and to build CACPS.

Shantha
Journalist Shantha Wijesooriya, secretary of the committee. Photo by Aruna Indika Wijesooriya.

CACPS Executive Committee member Nandana Nannetthi explained that 81% of the people in Palestine are poor, 63% suffer from food shortages, and unemployment is 41%.The forcibly Occupied Palestinian Territories serve as an open air Israeli prison camp, as the entire population is controlled by the oppressive Israeli government. The social inequality in Israel, home to a very large number of super rich capitalists in the world, is so great that it’s capitalists own 19 times more wealth than 50% of its poorer people. Therefore the defence of the democratic rights of the Israeli working class is necessarily linked to the opposition to war. No nationalist organisation, including Hamas, has any ability whatsoever  to protect the rights of oppressed nations within a global imperialist system. Nannetthi insisted that any program abstracting the struggle against the war from a fight against the local capitalist ruling class in one’s own  country is fraudulent. 

Dana N.a.
Nandana Nannetthi, CACPS Executive Committee Member. Photo by Aruna Indika Wijesooriya

After the picket campaign, several comrades were engaged in discussions with the members of the CACPS. They suggested organising similar campaigns in other parts of the country and requested that the CACPS participate in them. Explaining that the people’s movement for anti-war and democratic rights can only be built by forming independent  Workers Action Committees and uniting them both locally and internationally, the CACPS members invited them to take the initiative in establishing those regional committees.

Stop the Genocidal War against the Palestinian oppressed! Colombo Action Committee holds a picket in Colombo Read More »

Gaza

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ජන සංහාරයෙන් මියගිය සංඛ්‍යාව 4,100 ඉක්මවයි

ඇන්ඩෘ ඩැමන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 20 දින පල වූ ‘Death toll in Israeli genocide against Gaza more than 4,100′ යන  ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Gaza
පලස්තීන පිරිමි ළමයෙක් 2023 ඔක්තෝම්බර් 20 වැනි සිකුරාදා, ගාසා නගරයට පිටතින් පිහිටි අල්-සහ්රා හි ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ගොඩනැගිලි අසලින් ගමන් කරයි. [AP Photo/Ali Mahmoud]

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශ සහ ජර්මානු ආන්ඩුවල සහාය ඇතිව ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරීම, සිකුරාදා ,තවත් පලස්තීනුවන් 352 දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ දිගටම පැවතුනි. ඔක්තෝබර් 7 දා සිට ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ, ක්‍රමානුකූලව වාර්ගික වශයෙන් සුද්ධ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. එම ප්‍රදේශයේ නිවාස, රෝහල් සහ පාසල් ක්‍රමානුකූලව කඩා දමන අතර තුර, එහි  ජනගහනය සාගින්නට හා විජලනයට භාජනය කර තිබේ. 

පසුගිය සතිය පුරා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ඊශ්‍රායලයට ගොස් ඇත්තේ, ඊශ්‍රායලය තුළ සහ ලෝකය පුරා  සිටින යුදෙව් ජනතාව විසින් පුලුල් ලෙස පිළිකුල් කරන නෙතන්යාහු පාලන තන්ත්‍රයේ ජන සංහාරක ප්‍රතිපත්ති සඳහා ඔවුන්ගේ අවිවාදාත්මක අනුමත පල කිරීම සඳහා ය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 4,137 දක්වා ළඟා වී ඇති අතර, මෙයින් සියයට 70 ක් කාන්තාවන් සහ ළමයින් වේ.ස්වේච්ඡා සේවකයන්ගේ සහ මානුෂීය සංවිධානවල වීරෝදාර ගලවා ගැනීමේ ප්‍රයත්නයන් මධ්‍යයේ බොහෝ දෙනෙක් ජීවිතය සඳහා සටන් කරති. තවත් පුද්ගලයන් 1,000ක් අතුරුදහන් වී හෝ සුන්බුන් යට සිරවී සිටිති.

ජීවිත බේරා ගැනීමට සටන් කරන ජාත්‍යන්තර මානුෂීය සංවිධාන නෙතන්යාහු රජය විසින්ම ඉලක්ක කර ගනිමින් සිටිති. ගත වූ පැය 24 තුළ ගුවන් ප්‍රහාරවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් නිලධාරීන් දෙදෙනෙක් මිය ගියහ. “#ගාසා හි තවත් @UNRWA සගයන් දෙදෙනෙකු මරා දමා ඇති බව තහවුරු කිරීමෙන්, අපි කම්පාවට පත්ව සිටිමු. සමස්ත නියෝජිතායතනයම ශෝකයට පත් වී ඇත,” පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ට්විටර් හි ලිවීය. අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 16 දෙනෙකු ගුවන් ප්‍රහාරවලින් මිය ගොස් ඇති අතර “සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි” බව ද එය ලිවීය. එක්සත් ජාතීන්ගේ ස්ථාපනයන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් වෙනම ගුවන් ප්‍රහාර 33ක් එල්ල කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද හදිසි නවාතැන් වල සිටින මිලියන භාගයක් වන සරණාගතයින් ඇතුළු, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ, ගාසා තීරය තුළ මිලියන 1.4ක් සරණාගතයින් සිටින බවයි. නිර්දය බෝම්බ ප්‍රහාර මධ්‍යයේ, ඊශ්‍රායලය සියලු ආහාර, ඉන්ධන සහ ජලය ගාසා විසින් තීරයට ඇතුළු වීම අවහිර කරමින්, සාගතයට සහ මහා විජලනයට තර්ජනය කරයි.

 “ගාසා තීරයේ සම්පූර්ණ වටලෑම අඛණ්ඩව දහවන දිනටත් පවතී” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිවීය. “ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ඇතුළුවීම වළක්වමින් රෆා, කෙරෙම් ෂාලෝම් සහ එරෙස් පිවිසුම් වසා දමා තිබුණි.”

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උපුටා දක්වන ලද ගාසා හි නිවාස අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය සති දෙක තුළ ගාසා තීරයේ ඇති සියලුම නිවාස ඒකකවලින් අවම වශයෙන් සියයට 30ක් විනාශ වී හෝ හානි වී ඇත. ගාසා තීරයේ නිවාස ක්‍රමානුකූලව විනාශ කිරීමේ එක් කැපී පෙනෙන උදාහරණයක් ලෙස, සිකුරාදා බහු-මහල් නේවාසික කුළුණු 24ක් විනාශ කරන ලද අතර, පුද්ගලයන් 8,000ක් දක්වා අවතැන් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, “බීට් හැනූන්, බීට් ලාහියා , ෂූජාඑඉ සහ අබ්බාසන් කබීරා ඇතුළු මුළු අසල්වැසි ප්‍රදේශ බොහෝ දුරට විනාශ වී ඇති.” බවයි.

බ්‍රහස්පතින්දා ඊශ්‍රායලය ගාසා තීරයේ ක්‍රියාත්මක වන පැරණිතම ක්‍රිස්තියානි දේවස්ථානයට බෝම්බ හෙලූ අතර එය ආසන්න වශයෙන් සරණාගතයින් 400 දෙනෙකුට රැකවරණය ලබා දුන්නේය. ප්‍රහාරයෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 18 දෙනෙකු සුන්බුන් යට සිරවී ඇත. තම පවුලේ සාමාජිකයින් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය බව හිටපු එක්සත් ජනපද නියෝජිත ජස්ටින් අමාෂ් සිකුරාදා හෙළි කළේය.

ගාසා හි අධ්‍යාපනික යටිතල පහසුකම් ක්‍රමානුකූලව කඩාබිඳ හරිමින් තිබේ.  එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ක්‍රියාත්මක වන පාසල් 29ක් ඇතුළුව අධ්‍යාපන ආයතන 200කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, “විදුලිය, ඖෂධ, උපකරණ සහ විශේෂිත පුද්ගලයින්ගේ හිඟය හේතුවෙන් රෝහල් කඩා වැටීමේ අද්දර ය. එහෙත්, ප්‍රතිකාර ලබන හෝ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් සංඛ්‍යාව ඔවුන්ගේ ධාරිතාවෙන් සියයට 150කි; බොහෝ දෙනෙක් බිම හා කොරිඩෝව මත වැතිර සිටිති. හදිසි කාමර ක්‍රියාත්මකව තබා ගැනීම සඳහා, විෂබීජහරණය සහ ඩයලිසිස් වැනි අත්‍යවශ්‍ය ක්‍රියා පටිපාටි ඉක්මනින් නතර වීමට ඉඩ ඇත.” යන්නයි.

අඟහරුවාදා ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ ක්‍රිස්තියානි රෝහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී දහස් ගණනක් ජනයා නවාතැන් ගෙන සිටි අතර 500 කට ආසන්න පිරිසක් මිය ගියහ.

සිකුරාදා, 12,000 දෙනෙකුට සේවය කරන අල්-කුඩ්ස් රෝහල ඊශ්‍රායල බලධාරීන් විසින් ඉවත් කරන ලෙස නියෝග කරන ලද අතර, එය ද ඉලක්ක කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමයේ නෙබල් ෆර්සාක් පැවසුවේ “ඉවත් කිරීම කළ නොහැක්කකි. “දැඩි සත්කාර ඒකකය ළමයින්ගෙන් පිරී ඇති අතර අපට ඔවුන්ගේ ජීවිත ආධාරය විසන්ධි කළ නොහැක.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම් ටෙඩ්‍රොස් අද්නාම් ට්විටර් හි සදහන් කළ පරිදි, “අල්-කුඩ්ස් රෝහලට ඉවත් කිරීමේ නියෝගය පිළිබඳ කනස්සල්ල පිරි වාර්තා”පිලිබදව ඔහු තවදුරටත් පැවසුවේ “මෙම ජනාකීර්ණ රෝහල්වලට රෝගීන් ආරක්ෂිතව ඉවත් කිරීමට නොහැකි ය. ඔවුන්ගේ ජීවිතාරක්ෂක කාර්යයන් ඉටු කිරීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. ඔවුන් ආරක්ෂා කළ යුතුය.” යන්නයි.

පසුගිය සතිය පුරා ගාසා තීරයේ ඊශ්‍රායල යුද අපරාධ පිළිබඳ මූලික වාර්තාවක “ඊශ්‍රායල් ප්‍රහාරවලින් ගාසා තීරයේ සමස්ත පවුල් විනාශ වන විට යුද අපරාධ පිළිබඳ සාපරාධී සාක්ෂි “ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින්  ලිවීය. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් “සමූහ සිවිල් වැසියන්ට හානි සිදු කළ සහ යුද අපරාධ ලෙස විමර්ශනය කළ යුතු, මදාවිකාර ප්‍රහාර ඇතුළු නීති විරෝධී ඊශ්‍රායල ප්‍රහාර ලේඛනගත කර ඇත.”

එය සටහන් කරන්නේ ” ඊශ්‍රායල ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කර ඇත්තේ, සිවිල් වැසියන් බේරා ගැනීම සඳහා ගත හැකි පූර්වාරක්ෂාවන් ගැනීමට අපොහොසත් වීමෙන් , හෝ  සිවිල් වැසියන් සහ හමුදා අරමුණු අතර වෙනස හඳුනා ගැනීමට අපොහොසත් වූ මදාවිකාර ප්‍රහාර එල්ල කිරීමෙන්, හෝ සිවිල් වත්කම් වෙත එල්ල කළ හැකි ප්‍රහාර එල්ල කිරීමෙනි.”

වාර්තාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කාර්යාලයෙන් ඉල්ලා සිටින්නේ, “පලස්තීනයේ තත්ත්වය සම්බන්ධයෙන්,  සහ පලස්තීනුවන්ට එරෙහිව පවතින මනුෂ්‍යත්වයට එරෙහි වර්ණභේදවාදී අපරාධය ඇතුළුව සියලු පාර්ශ්වයන් විසින් සිදු කරන ලදැයි කියන අපරාධ සම්බන්ධ  විමර්ශන කඩිනම් කරන ලෙසයි.”

සියලුම අධිරාජ්‍යවාදී ආන්ඩු පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරයට සහයෝගය දැක්වීමට එකමුතු වී සිටින අතර, ලෝකයේ සෑම රටකම පාහේ ජන සංහාරයට එරෙහිව මහජන උද්ඝෝෂන සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වී සිටිති.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ජන සංහාරයෙන් මියගිය සංඛ්‍යාව 4,100 ඉක්මවයි Read More »

Bank West

ඊශ්‍රායල ජනඝාතක යුද්ධය බටහිර ඉවුර ද අලලා ව්‍යාප්ත කරයි

පරාක්‍රම කුරුප්පු විසිනි.

Bank West
අල්ලා ගත් බටහිර ඉවුරේ සෝදිසි මෙහෙයුමකදී ඊශ්‍රායල සොල්දාදුවන් පලස්තීන ජාතිකයෙකු අත්අඩංගුවට ගනී [ගොනුව: Jaafar Ashtiyeh/AFP]

ගාසා තීරයේ සිට ක්‍රියාත්මක වන හමාස් සංවිධානයට එරෙහි යුද්ධයක කඩතුරාව යටතේ ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය ගෙන යන ජනඝාතක යුද්ධය, අල්ලා ගත් බටහිර ඉවුර ප්‍රදේශයේ නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව ද මුලු බලය යොදා ක්‍රියාත්මක වෙමින් පවතී.

අල් ජසීරා ප්‍රවෘත්ති සේවය අද වාර්තා කලේ, සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනවලට අනුව මේ වන විට බටහිර ඉවුරේ පලස්තීන වැසියන් 111 ක් මිය ගොස්, 1950 ක පමන සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. සරනගත කඳවුරුවලට කඩා පනින ඊශ්‍රායල හමුදා ඊශ්‍රායල වැසියන් විශාල වශයෙන් අත් අඩංගුවට ගනිමින් සිටින බව ද අල් ජසීරා වාර්තා කලේය. 

බටහිර තීරයට එල්ල වන මෙම මිලිටරි ප්‍රහාරවලින් ද පැහැදිලි වන්නේ දූෂිත නෙතනියාහු තන්ත්‍රයේ මෙම වර්ග විලෝපන යුද්ධයේ පවතින විෂකුරු ස්වභාවයයි.  මෙම මානව විරෝධී යුද්ධය විසින් නිසැක ලෙස හා නිබඳ ව සිහිපත් කෙරෙන්නේ දෙවැනි ලෝක යුද්ධයට පෙරවදන ලෙස හිට්ලර් විසින් ගෙන යන ලද යුදෙව් ජන සංහාරයයි. වර්තමාන ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය විසින් පලස්තීන ජනයා මුලුමනින් උපුටා දැමීමේ වාර්ගික විලෝපන යුද්ධයකට පිවිසීම ආවරනය කිරීමේ කඩ වැස්මක් ලෙස එකී ජන සංහාරය පාවිච්චි කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවත්හු දුබල උත්සාහයක යෙදෙමින් සිටිති. පසුගිය දින ගනන තුල එක්සත් ජනපද ජනාධිපති බයිඩන්, බ්‍රිතාන්‍ය අගමැති සුනැක්, ජර්මන් චාන්සලර් ස්ශෝල්ෂ්(z) සහ ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් මෙම සිවිල් ජන සංහාරයේ අපවිත්‍ර මල් වට්ටියට අත ගැසීමට ඊශ්‍රායලයට සංචාරය කලෝය. මේ ‘යුදෙව් ප්‍රේම’යේ වංචාකාරී ස්වභාවය පිලිබඳ අගනා හෙලිදරව් කිරීමක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මිචිගන් සරසවියේ පවත්වන ලද දේශනයකින් කෙරෙන පහත උපුටා දැක්වීමෙහි එයි: 

“මෙකී නායකයෝ (බයිඩන්, සුනැක්, ස්ශෝල්ෂ්(z) සහ මැක්‍රෝන්) යුදෙව් ජනයා පිලිබඳ තම ප්‍රගාඪ සහකම්පනයක් පෙන්වා සිටිමින්, ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම යුක්තියුක්ත කිරීමට නාසීන් විසින් සිදු කෙරුනු සමූලඝාතන සහායට කැඳවති. එවැනි ප්‍රකාශයන් තුළ ඇති වංචාවේ සහ කුහකකමේ පරිමාණය මිම්ම ඉක්මවා ඇත. ඔවුහු සියල්ලෝ, 1939 හා 1945 අතර කාලයේ යුදෙව්වන්ට වධ හිංසා පැමිනවීමට හා ඔවුන් සමූහ ඝාතනයට ලක් කිරීමට සංවිධානය කල, සහයෝගය දුන් හෝ එය නොතකා නො ඇසූ කන් ව සිටි ආන්ඩුවල අනුප්‍රාප්තිකයෝ වෙති…ප්‍රංශයේ පාලක පන්තිය මෙම ක්‍රියාවලියේ දී නාසීන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් යුදෙව් ජාතික ප්‍රංශ පුරවැසියන්ගෙන් සියයට විසි පහක පමන ප්‍රමානයක් සමූලඝාතනය සඳහා නාසීන්ට භාර දුන්නෝය. … යුරෝපයේ නාසීන් විසින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලින් පලා ආ යුදෙව් සරනගතයන්ට සැලකූ කෲර ආකාරය බ්‍රිතාන්‍ය පාලක පන්තියේ යුදෙව් විරෝධයට දෙස් දෙයි. … බ්‍රිතාන්‍යය කරා පලා ආ 20,000 කට අධික ජර්මානු යුදෙව් ජනයා “සතුරු විදේශිකයන්” ලෙස වර්ගීකරනය කර යුද සිරකරුවන් ලෙස රඳවා ගන්නා ලදී. … හචින්සන් කඳවුර නම් වූ මෙවැනි එක් කඳවුරක සිරගත ව සිටි 1,200 ක සරනගතයන් අතර ප්‍රමුඛ කලාකරුවන්, සංගීතඥයන් හා බුද්ධිමතුන් ද වූ බැව් කියැවේ. .. එක්සත් ජනපදයේ රූස්වෙල්ට් පාලනය යුදෙව්වන්ගේ ඉරනම පිලිබඳ දැක්වූ නොතැකීම ප්‍රතික්ෂේප කල නොහැකි ඓතිහාසික කරුනකි. ඇමරිකාවට ඇතුලුවීමට අවසර නොලැබීම හේතුවෙන්, ගලවා ගත හැකි ව තිබූ යුදෙව්වන් ලක්ෂ ගනනකට නාසි ගෑස් කාමරවල මිය යන්නට සිදු විය…”  (Socialist internationalism and the struggle against Zionism and imperialism, David North, ඔක්තෝම්බර් 25, 2023 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියෙන් උපුටා පරිවර්තනය කරන ලදී.) 

එදා ජනඝාතනයකට පහසුකම් සැපයූ මෙම අධිරාජ්‍යවාදියෝ අද ද එබඳුම මානව ද්වේශී ම්ලේච්ඡත්වයක ආරක්ෂාවට උර දෙමින් සිටිති. හුදෙක් රැඳවුම් කඳවුරක ඉපැදීමට ඉරනම විසින් අනවනු ලැබීමේ වන්දිය ලෙස තුවාල ලබන, මිය යන දරුවන් දහස් ගනනකගේ ලෙයින් ඔවුන්ගේ අත් තෙත් වී ඇත. මෙම යුද්ධය බටහිර ඉවුර ප්‍රදේශයට ද, ජෝර්දානයට ද, ලෙබනනයට ද ව්‍යාප්ත කරමින් සමස්ත මැද පෙරදිග කලාපය ලේ විලක ගිල්වීමට ඔවුන්ට අවශ්‍ය ව ඇත.

ඊශ්‍රායල ජනඝාතක යුද්ධය බටහිර ඉවුර ද අලලා ව්‍යාප්ත කරයි Read More »

Ivan

අසූ එක් වන උපන් දිනය සමරන අයිවන් වීරසේකර සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කල ආදර්ශමත් සටන්කරුවෙක් 

නන්දන නන්නෙත්ති විසිනි.

මහනුවර ප්‍රදේශයේ කම්කරුවන්, ශිෂ්‍යයන් හා මහජනයා අතර විප්ලවවාදී දේශපාලන උද්ඝෝෂකයෙකු හා සටන්කරුවෙකු ලෙස අඩ සියවසක කීර්තිමත් වාර්තාවකට හිමිකම් කියන අයිවන් වීරසේකර සහෝදරයා අද දිනයේ සිය 81 වන උපන් දිනය සමරයි. 1964 දී කම්කරු පන්තිය ධනපති සභාගයකට කුදලා දුන් අවස්ථාවාදී කම්කරු නායකයන්ගේ පාවාදීමට එරෙහිව සිදු කෙරුනු අප්‍රතිහත ධෛර්යයෙන් යුත් අරගලයකින් ගොඩ නැඟූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස, වත්මන සමාජවාදී සමානතා පක්ෂය -සසප)1972 දී බැඳුනු ඔහු එවක් පටන් අද දක්වා ම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ විප්ලවවාදී දේශපාලනය වෙනුවෙන් සටන් වැදී සිටියි. ඒ අර්ථයෙන් ගත් කල, අයිවන් සහෝදරයා, 1964 මහා පාවාදීමට එරෙහි කම්කරු පන්ති ප්‍රතිප්‍රහාරයේ අඛන්ඩත්වය හා දේශපාලන ජෛව ගුනයේ ජීවමාන සංකේතයකි.

Ivan
අයිවන් සහෝදරයා (දකුනේ සිට දෙවැන්නා) 2023 ඔක්තෝම්බර් 26 පලස්තීන පීඩිත මහජනයා ආරක්ෂා කිරීමේ කොලඹ කොටුව පිකට් උද්ඝෝෂනයට සහභාගී වීමෙන් අනතුරුව සසප වාම පාර්ෂවයේ සහෝදරවරුන් කිහිප දෙනෙක් සමග

1972 වන විට රජයේ ලිපිකරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයට ආකර්ශනය කර ගනු ලැබුනේ රජයේ ලිපිකරු සේවා සංගමය (GCSU) තුල විකොස ගෙන ගිය අරගලය විසිනි. මූලධර්මවලට හා ප්‍රතිපත්තිවලට කැප වූ ඔහුගේ දීර්ඝ දේශපාලන ජීවිතය තුල, ඔහු කිසිදු බාධකයකට යටත් නොවූ සටන්කරුවෙකු වූ බව ඔහු දන්නා හඳුනන අයගේ වැටහීමයි.

1980 මහා වැඩ වර්ජනයේ ක්‍රියාකාරී සටන්කරුවෙකු වූ අයිවන් සහෝදරයා, ජේ. ආර් ජයවර්ධනගේ යුඑන්පී ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ලද රැකියා අහිමි කිරීමේ ප්‍රහාරයට ගොදුරු වූ 80,000ත් 100,000 අතර කම්කරුවන් අතරින් අයෙකු විය. සෙසු රැකියා අහිමිවූවන් මෙන් ම ඔහු ද අතිශය පීඩාකාරී ජීවිතයක් ගත කල ද, හුස්ම ගැනීමට ලද සෑම අවකාශයකදීම ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා තමන් වෙත පවරා ගත් වගකීම වෙනුවෙන් ඔහු නිබඳව ක්‍රියාශීලි විය. 

Ivan
අයිවන් සහෝදරයා 81

1987 දියත් කල ජවිපෙ දේශපාලන මදාවිකාරය ව්කොස  පක්ෂ සාමාජිකයක් තිදෙනෙකුගේ ජීවිත බිලි ගත්තේය. ජවිපෙ ප්‍රහාරයට මෙන් ම රාජ්‍ය මර්දනයට ද එරෙහි කම්කරු පන්තියේ එක්සත් පෙරමුනක් ගොඩ නැගීම සඳහා  ජාත්‍යන්තර කමිටුවේ සහය ඇතිව  පක්ෂය ලංකාවේ හා ලෝකයේ කම්කරුවන් අතර ගෙන ගිය උද්ඝෝෂනයට සියලු වාම පක්ෂ සහ වෘත්තිය සමිති නායකත්වය විරුද්ධ වී ඝාතක ආන්ඩුව සමග පෙල ගැසුනි. එය 60,000ක් ගම්බද තරුනයන් ඝාතනය කිරීමට ආන්ඩුවට අවකාශ සැලසී ය.ගම්බද ඝාතන නතර කරනුයැයි යූඑන්පී ආන්ඩුවේ මර්දනය නතර කිරිම සඳහා දියත් කල අරගලයේ දී අයිවන් නො සැලෙන සටන්කරුවෙකු බව සනාත කලේ ය.

2021 දී මාස ගනනක් ඇදී ගිය ගුරු අරගලයේ දී, මාක්ස්වාදයෙන් ලද අවබෝධය මත පදනම් ව ඔහු, මෙය මතු පිටින් ධනේශ්වර ප්‍රතිසංස්කරනවාදී වුව ද විප්ලවවාදී අන්තර්ගතයක් අත්කර ගන්නා බව පෙන්වා දෙමින්,  රාජපක්ෂ තන්ත්‍රයට එරෙහි ජෙනරල් ස්ට්‍රයිකයක් කැඳවීමට සූදානම් කල යුතු බවට වූ සසප වාම පාර්ශ්වයේ අදහස වෙනුවෙන් පෙනී සිටියේ ය. පක්ෂ තන්ත්‍රය තමන් ඊට සූදානම් නැති බව කියමින් අයිවන්ට එරෙහි ප්‍රකෝපකාරී මැදිහත් වීමක් දියත් කලේ ය. මාක්ස්වාදය අමු අමුවේ විකෘති කරමින් ඔවුන් එය හඳුන්වා දුන්නේ, “මෑත දී නන්දන හා අයිවන් යන සහෝදරවරුන්ගෙන් ප්‍රකාශ වූ පක්ෂ වැඩ කටයුතුවලට හානිකර දේශපාලන ව්‍යාකූලත්වයන්” ලෙසිනි (2021 ඔක්තෝම්බර් 7 සසප දෙශපාල කමිටුව විසින් බෙදා හරින ලද අභ්‍යන්තර නිවේදනය). අයිවන්ට සිය ආස්ථානය අත් හරින ලෙස කොතෙක් බලකිරීම්, තර්ජන එල්ල වූව ද, ඔහු ඒවාට යටත් වීම ප්‍රතික්ෂේප කලේ ය. එම ලිපිය මෙසේ ද සඳහන් කලේ ය: “අයිවන් සහෝදරයා විසින් පන්ති අරගල රූපය ධනේශ්වර ලෙස උපුටා පෙන්වීම තුලින් සිදු කරන්නේ විප්ල්ව්වාදී සමාජවාදීන් විසින්, එනම් පක්ෂය විසින්, පන්ති අරගලය තුල කල යුතුව ඇති සටන වලලා දැමීම ය.. එය මාක්ස්වාදයට ආගන්තුක” බව එහි සඳහන් විය.  

මේ සංකල්පය වූ කලී, කල යුත්තේ කුමක් ද නමැති ලෙනින්ගේ කෘතියේ පෙන්වා දෙන පරිදි, කම්කරු පන්තියේ ස්වභාවික විඥානය වන ධනේශ්වර විඥානයට එරෙහි සටන මුලුමනින් පාවා දීමක් වන බව අයිවන් එහි දී ආරක්ෂා කල ආස්ථානය යි.

එකී සංකල්පවලින් ප්‍රකාශයට පත් වූ පරිදි ම, ගුරු අරගලයේ දී පක්ෂය කෙතරම් පසු බැස්සේ ද යත්, කොරෝනා වසංගතය අවසන් කරන තෙක් පාසල් වසා දමා දුරස්ථ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයයි ජාත්‍යන්තර කමිටුව දියත් කල උද්ඝෝෂනය අත හැර, ගුරු සංගම්වල ප්‍රතිගාමී ඉල්ලිම වූ, ‘වැටුප් ප්‍රශ්නය විසඳා පාසල් විවෘත කරනු’ යන ප්‍රතිගාමී සටන් පාඨයට ඉඩ හරින ලදී. පක්ෂය පාසල් වැසීම සම්බන්ධ උද්ඝෝෂනයට යොමු වූයේ ගුරු අරගලය අවසන් වූ පසුව ය. 

2022 ශ්‍රී ලංකාවේ දැවැන්තම මහජන විප්ලවවාදී අරගලය මඟ හැරීමට පක්ෂය යොමු වීම මෙබඳු කොන්දේසි යටතේ සිදු වූවකි. ඊට අභියෝග කලේ අයිවන් සහෝදරයා ද ඇතුලු සසප වාම පාර්ශවය යි. කොලඹ ක්‍රියාකාරී කමිටුව එම අරගලයේ ප්‍රතිඵලයකි. මෙම මූලධර්ම ආරක්ෂා කිරීම නිසා, පක්ෂය විනය විරෝධී චෝදනා මත ඔහු පක්ෂයෙන් නෙරපා හැරියේ ය. ඒ, විනය පරීක්ෂනයකට පෙනී සිට සිය නිර්දෝශීභාවය සනාථ කිරීමට පක්ෂ ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අවස්ථාව පවා අහිමි කරමිනි. තන්ත්‍රය කියා සිටියේ, “පරීක්ෂන ඕනෙ නෑ, කරුනු පැහැදිලියි” යනුවෙනි.

81 වියේ අයිවන්, තරුන දේශපාලන ජවයකින් යුතු ය. සසප වාම පාර්ෂවය සිය න්‍යායික දේශපාලන අත්දැකීම්වලින් පෝෂනය කිරීම අද දවසේ ඔහු සිදු කරන සුවිශේෂී කාර්‍යයයි.

අයිවන් වීරසේකර සහෝදරයාගේ ජීවිතය වත්මන් තරුන පරපුරට ඉමහත් පාඩමකි. මිනිසෙකුගේ ජීවිතයේ ගෞරවනීයම කටයුත්ත මානව ප්‍රගතියේ ඉතිහාසය ගොඩ නැගිමට දැනුවත්ව හා විප්ලවවාදීව සහභාගී වීම ය. අයිවන් සහෝදරයා එම ගෞරවය නො මඳව ලැබීමට සුදුසුකම් දැනටමත් සපුරා ඇත. 

ප්‍රිය සහෝදරය, ඔබට දිගාසිරි වේවා!

අසූ එක් වන උපන් දිනය සමරන අයිවන් වීරසේකර සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කල ආදර්ශමත් සටන්කරුවෙක්  Read More »

Picket

පලස්තීන පීඩිතයන්ට එරෙහි සමූල ඝාතක යුද්ධය නවතනු! කොලඹ ක්‍රියාකාරී කමිටුව ⁣කොලඹ දී උද්ඝෝෂනයේ

අපේ වාර්තාකරු

Picket
පිකට් උද්ඝෝෂනය. ජායාරූපය අසීස් නිසරුදීන් විසිනි.

ගාසා තීරයේ පලස්තීනු පීඩිත ජනතාවට එරෙහිව බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ සියොන්වාදී ඊශ්‍රායල පාලක පන්තිය වොෂින්ටනය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරු වල පූර්න සහාය සහිතව ගෙනයන සමූල ඝාතක යුද්ධය වහා නවතන ලෙස බලකරමින් කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) ඊයේ (26) සවස කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සාර්ථක පිකට් උද්ඝෝෂනයක නිරත විය.

උද්ඝෝෂනයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුන, වැඩිමහල් දෙනා සහභාගී වී සිටියහ. උද්ඝෝෂකයෝ ලොව පුරා දැවැන්ත කම්කරු පන්තියකට පැහැදිලි ඉදිරිදර්ශනයක්, නායකත්වයක් හා දේශපාලන වැඩපිලිවෙලක් සම්පාදනය කරන සටන්පාඨ රැගත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උදඝෝෂනයට සහභාගී විය. උද්ඝෝෂනයට පෙර දින කිහිපයක්ම කමිටුවේ සහෝදරවරු “සියොන්වාදයට එරෙහිව පලස්තීනු මහජනයා ආරක්ෂා කරනු!” යන  කමිටුවේ ප්‍රකාශයේ අත්පත්‍රිකා දෙදහසකට ආසන්න ප්‍රමානයක් බෙදා හරිමින් මහජනතාව අතර උද්ඝෝෂනයේ නිරත වූහ.

එකී ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි:

අද මුලු මහත් අධිරාජ්‍යවාදී පද්ධතිය ම, ගැඹුරින්ම දෙදරුම් කන ආර්ථික දේශපාලන අර්බුදයකින් වෙලී තුන්වැනි ලෝක යුද්ධයක සැලසුම් වෙත යොමු වෙමින් පවතී. ඊශ්‍රායලය තුල දැන් වර්ධනය වන්නේ මෙතෙක් පැවති ප්‍රතිඝතිකතාවල නව අදියරක් වන්නේ එබැවිනි. කම්කරු පන්තියට නිදහස අවශ්‍ය වන අතර, අධිරාජ්‍යවාදී ධනවාදයට එය මුලුමනින් වලලා දැමීමත් අවශ්‍යය ය. පලස්තීන ජනතාවගේ නිදහස සදහා අරගලය ඊශ්‍රායලය ඇතුලු සෑම රටකම කම්කරු පන්තිය විසින් ආරක්ෂා කිරීම මග නො හැරිය හැකි පන්ති අවශ්‍යතාවක් වන්නේ එබැවිනි. 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඒ සඳහා අවශ්‍ය කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය හා ක්‍රියා මාර්ගය වර්ධනය කරමින් අරගලයට ප්‍රවිශ්ට වී ඇත. පලස්තීන ජනතාවගේ අරගලය ආරක්ෂා කිරීම සඳහා එය විසින් කරනු ලැබ ඇති යෝජනා සමග සිටගන්නා කොලඹ ක්‍රියාකාරී කමිටුව, එම අරගලය වටා රොක් වන ලෙස සියලු ප්‍රගතිශීලී ජනයාගෙන් ඉල්ලා සිටියි.”

සිංහල, දෙමල හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම විරෝධතා පුවරු ප්‍රදර්ශනය කෙරිනි. 

ගාසා තීරය නිදහස් කරනු!; පලස්තීනයට එරෙහි අධිරාජ්‍යවාදී; සියොන්වාදී සමූල ඝාතන නතර කරනු!; ද්විත්ව රාජ්‍ය උගුල එපා!; කම්කරුවනි, ඊශ්‍රායලයට යුද අවි ප්‍රවාහනය වර්ජනය කරනු!; ගාසා පීඩිතයන්ට එරෙහි බෙහෙත්, වතුර, ආහාර තහංචි බිදිනු!; මධ්‍යධරනී මුහුදෙන් ඇමරිකානු ප්‍රහාරක නෞකා ඉවත් කරනු!; ජන විලෝපනයට සහාය දෙන ශ්‍රී ලකා  ආන්ඩුව හෙලා දකිනු!; පලස්තීන, ඊශ්‍රායල් කම්කරු පන්තියේ ඒකාබද්ධ සමාජවාදී පාලනයක්!, ඒ සටන් පාඪ අතර විය. 

පැය තුන් කාලකට වැඩි කාලයක් උද්ඝෝෂනයේ නිරත වූ උද්ඝෝෂකයෝ පහත සටන් පාඨ හඬ නගා කීවෝය:

පලස්තීන පීඩිතයන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාරය – නතර කරව්

පලස්තීන ප්‍රදේශ වට්ලෑම- අවසන් කරව්

ඊශ්‍රායල් හමුදා- නිරායුධ කරව්

වතුර බෙහෙත් අහර- ගාසවට ලබා දියව්

කිරි දරුවන්- බිලි ගනිමින්

කිරි මව්වරු- බිම හෙලමින්

කන බොන දේ – නැති කරලා

රොහල් ටික- ගිනි තියලා 

අධිරද ගැති- සියොන්වදි

මෙන්න මිනී- මරනවා

ලොකෙ පුරා- ධනපතියන්

යුද්ධ ලාභ- ගනිනවා

ලේ රස -තලු මරනවා

ඊශ්‍රායලෙ- පලස්තීනෙ

කම්කරුවෙනි- එකතු වන්න

ඇමරිකාවෙ -යුරෝපයේ

කම්කරුවනි- පෙල ගැසෙන්න

ආසියාවෙ – මුලු ලෝකයෙ

පීඩිතයිනි- නැගී එන්න

යුද්ධ කරන- ලභ ගරන

ධනවාදය- වල දමන්න

උද්ඝෝෂනය අවසානයේ කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝදරයා උද්ඝෝෂකයන් හා පැමින සිටි මාධ්‍යවේදීන් ගනනාවක්ම අමතමින් කතා කලේ ය.

Sanjaya
කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝදරයා. ජායාරූපය අරුන ඉන්දික විජේසූරිය විසිනි.

ගාසාහි වැඩිමනත් කාන්තාවන් හා දරුවන් ඇතුලු පීඩිත පලස්තීන මහජනතාව සාගින්නට හා විජලනයට ලක්කරමින් නාසි අපරාධ හා සසැඳිය හැකි මහා ජනඝාතනයක්  නෙතනය්හු තන්ත්‍රය විසින් ගෙනයන බවත් ඔහුත් එම තන්ත්‍රයට උපකාර කරන අධිරාජ්‍යවාදී නායකයිනුත් යුධ අපරාධකරුවන් බවත් ඔහු ප්‍රකාශ කලේ ය. 1947 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ප්‍රමුඛව එක්සත් ජාතීන් ගේ සංවිධානය යටතේ පලස්තීනය බෙදා ඊශ්‍රායලය නිර්මානය කිරීමත් සමග පලස්තීනුවන්ට එරෙහිව 1948 ඇරඹි  ජන සංහාරක “නක්බාව” අවසන් නොවූ බවත් පසුගිය වසර 75 පුරාවටම දිනපතා පලස්තීනුවන්ට එරෙහිව එය ක්‍රියාත්මක වුනු බවත් ඔහු කියා සිටියේ ය. ඔක්තෝමබර් 7 හමාස් ප්‍රහාරය මෙලෙස අනවරතව හිංසනයට ලක් කෙරුනු පලස්තීනු පීඩිතයන්ගේ කැරැල්ලක් බව ඔහු පැහැදිලි කලේ ය.

පලස්තීනු පීඩත මහජනතාවගේ නිදහසේ අරගලය ද ඊශ්‍රායල කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද තහවරු කෙරෙනු ඇත්තේ අධිරාජ්‍යවාදී ද්වි-රාජ්‍ය මර උගුල මත නොව යුදෙව්-අරාබි ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයක් තුල පමනක් බව ජයසේකර අවධාරනය කලේ ය. පලස්තීනු පීඩිත ජනයා ආරක්ෂා කරමින් යුද්ධය වැලැක්වීම සඳහා පලස්තීනු කම්කරු මහජනතාව සමග එක පෙලට සිටගන්නා ලෙස විශේෂයෙන් ඊශ්‍රායලයේද, ලංකාවේ ද,  ලොව පුරා කම්කරු පන්තිය රැලි වෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

අනතුරුව කමිටුවේ ලේකම් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය කතා කරමින් පලස්තීනු ජනඝාතනය නැවැත්වීමේ යුධ විරෝධී ව්‍යාපාරයට කම්කරු පන්තිය ඒකාබද්ධ විය යුතු බවත්, කොක්‍රික ගොඩනගන ලෙසත් වැඩකරන ජනතාවටගන් ඉල්ලා සිටියේ ය.

Shantha
කමිටුවේ ලේකම් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය. ජායාරූපය අරුන ඉන්දික විජේසූරිය විසිනි.

කොක්‍රික විධායක කමිටු සාමාජික නන්දන නන්නෙත්ති කතා කරමින් පැහැදිලි කලේ පලස්තීනයේ මහජනතාවගෙන් 81% ක් දුප්පතුන් බවත්, 63%ක් ආහාර හිඟයෙන් පෙලෙන බවත්, විරැකියාව 41%ක් බවත් සමස්ත ජන ජීවිතය පර පීඩක ඊශ්‍රායල ආන්ඩුව විසින් පාලනය කරන බැවින්, බලෙන් වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශ ඊශ්‍රායල සිර කඳවුරක් බවත්ය. ලොව ධනපතියන් විශාල ප්‍රමානයක් වෙසෙන ඊශ්‍රායලය තුල අසමානතාවය කොතෙක් ද යත් එහි ජනතාවගෙන් 50%ක වත්කමට වඩා 19 ගුනයක වැඩි ප්‍රමානයක් එහි ධනපතියන් සතු බවත්, ඒ නිසා ඊශ්‍රායල් කම්කරු පන්තියේ ජ්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීම යුද්ධයට එරෙහි වීම සමග අවශ්‍යයෙන්ම බැඳී තිබෙන බවත් ය. හමාස් ඇතුලු කිසිදු ජාතිකවාදී සංවිධානයකට පීඩිත ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ මොනම හැකියාවක්වත් අධිරාජ්‍යවාදී පද්ධතිය තුල නැත. යුද්ධයට එරෙහි අරගලය තම රටේ දේශීය ධනපති පාලක පන්තියට එරෙහිව කරන සටනකින් වියුක්ත කිරීම ප්‍රෝඩාකාරී වැඩපිලිවෙලක් බවද නන්නෙත්ති අවධාරනය කලේය.

Dana N.a.
කොක්‍රික විධායක කමිටු සාමාජික නන්දන නන්නෙත්ති. ජායාරූපය අරුන ඉන්දික විජේසූරිය විසිනි.

පිකට් උද්ඝෝෂනයෙන් පසු ක්‍රික සාමාජිකයන් සමග සාකච්ජාවේ නිරත වූ සහෝදරවරු කිහිප දෙනෙක්ම රටේ සෙ⁣සු ප්‍රදේශවල ද මෙවන් උද්ඝෝෂන සංවිධානය කිරීමට යෝජනා කල අතර කොක්‍රික ඒවාට සහභාගී කරන ලෙසත් ඉල්ලා සිටියෝය. ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් ඒවා දේශීයවත්, ජාත්‍යන්තරවත් ඒකාබද්ධ කිරීමෙන් පමනක් මෙම යුද විරෝධී හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා වූ මහජන ව්‍යාපාරය ගොඩනැගිය හැකි බව පැහැදිලි කල  ක්‍රික සාමාජිකයෝ ඔවුනට එම ප්‍රාදේශීය කමිටු පිහිටුවීම සඳහා මූලිකත්වය ගන්නා ලෙස ආරාධනා කලහ.

පලස්තීන පීඩිතයන්ට එරෙහි සමූල ඝාතක යුද්ධය නවතනු! කොලඹ ක්‍රියාකාරී කමිටුව ⁣කොලඹ දී උද්ඝෝෂනයේ Read More »

Gaza

ඊශ්‍රායලය, ගාසා තීරයේ අල් අහ්ලි අරාබි රෝහලට බෝම්බ හෙලීමෙන් 500ක් මිය යයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 18 දින පල වූ ‘500 dead as Israel bombs Al Ahli Arab hospital in Gaza‘ යන  ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

Gaza
2023 ඔක්තෝබර් 17 වැනි අඟහරුවාදා, ගාසා නගරයේ, මධ්‍යම ගාසා තීරයේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසුව, අල්-ෂිෆා රෝහලේ අහ්ලි අරාබි රෝහලේ තුවාල ලැබූ පලස්තීනුවන්. [AP ඡායාරූපය/Abed Khaled]

අඟහරුවාදා ගාසා නගරයේ අල් අහ්ලි අරාබි රෝහලට ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) බෝම්බ හෙලීමෙන් පන්සියයක් මිය ගිය අතර තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ අනෙකුත් නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නායකයින් ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක ප්‍රහාරයට ඔවුන්ගේ පූර්ණ සහයෝගය යලි තහවුරු කිරීමත් සමඟ සිදු කරන ලද මෙම යුද අපරාධයට එරෙහිව ජාත්‍යන්තරව විරෝධතා පුපුරා ගියේය.

රෝහලට බෝම්බ හෙලීම සිදු වූයේ, එළිමහන් සිරකඳවුරක් ලෙස පුලුල්ව විස්තර කෙරෙන, ජනාකීර්ණ සහ දිළිඳු වාසස්ථානය ඊශ්‍රායලය විසින් අවහිර කිරීම, සියලු ජලය, ඉන්ධන සහ ආහාර සැපයුම් කපා හැර ඇති කොන්දේසි යටතේ ය. මිලියන 1.1ක් පමණ පලස්තීනුවන් ගාසා නගරයෙන් සහ උතුරු ගාසා තීරයෙන් පලා ගොස් දකුණට ගමන් කරන ලෙස ඉල්ලා සිටිමින් IDF ඉවත් කිරීමේ නියෝගයක් අනුගමනය කළේය.

රෝහලට බෝම්බ හෙලීමට ටික වේලාවකට පෙර, ඊශ්‍රායල හමුදා අසල පිහිටි අල්-මගාසි සරණාගත කඳවුරේ එක්සත් ජාතීන්ගේ පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන්  , හය දෙනෙක් මිය ගිය අතර තවත් දුසිම් ගනනක් තුවාල ලැබූහ. එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNRWA) නිලධාරි තමරා අල්-රිෆායි පැවසුවේ පාසලට “සෘජු ඊශ්‍රායල වෙඩි තැබීමක්” වූ බවයි. ඇය මෙම ප්‍රහාරය “අතිශයින්ම කම්පන සහගත” ලෙස හැඳින්වූවාය, “අපි අපගේ සියලු ගොඩනැගිලි පැහැදිලිව හඳුනාගෙන ඇති අතර, අප [යුද්ධයේ සටන් කරන] සියලුම පාර්ශ්ව සමඟ GPS ඛණ්ඩාංක බෙදා ගෙන ඇත. එම කඳවුර අවතැන් වූ පුද්ගලයන් 4,000කට සත්කාරකත්වය සැපයීය.”

පාසලට බෝම්බ හෙලීමෙන් පසුව, අල් අහ්ලි අරාබි රෝහලේ දැවැන්ත පිපිරීමක් සිදු වූ අතර, ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර වලින් තුවාල ලැබූ සිය ගනනක් සහ මිනීමරු ප්‍රහාරවලින් රැකවරණය පතා සාපේක්ෂ වශයෙන් ආරක්ෂිත ස්ථානයක් වනු ඇතැයි  විශ්වාස කළ  දහස් ගණනක් එහි රැස්වී සිටියහ. එම ස්ථානයේ සිටි සෞඛ්‍ය සේවකයින්ගේ වාර්තාවලට අනුව, රෝහල් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සිය ගනනක් අතරට එම ස්ථානයෙන් පිටත බිම නිදා සිටි සරණාගතයින් ද ඇතුළත් ය.

( ට්විටර් පණිවිඩය )

වෛද්‍ය ගසාන් අබු සිත්තා මෙසේ පැවසීය: “අපි රෝහලේ සැත්කම් කරමින් සිටියෙමු, ප්‍රබල පිපිරීමක් ඇති වූ අතර සිවිලිම ශල්‍යාගාරය මතට වැටුණි. මෙය සමූල ඝාතනයකි.”

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මරණ සංඛ්‍යාව 500 ඉක්මවන බව තහවුරු කළ නමුත් තවත් වින්දිතයින් සුන්බුන් යට වැළලී ඇති බව පැවසීය.ගාසා තීරය ඊශ්‍රායල අවහිර කිරීමට එරෙහිව ඔක්තෝම්බර් 6-7 දිනවල ආරම්භ වූ කැරැල්ලේ සිට,  ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් සමස්ත මරණ සංඛ්‍යාව,3,000 දක්වා ඉහළ ගොස් ඇති අතර , 12,500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති  බව ඔවුහු පැවසූහ. මෙම සංඛ්‍යා දැනටමත් 2014 දී ගාසා තීරයේ දින 53 ක ඊශ්‍රායල යුද්ධයේදී වාර්තා වූ සංඛ්‍යාවට වඩා වැඩි ය.

බෝම්බ ප්‍රහාරය ඇසින් දුටු හදිසි ප්‍රථම ප්‍රතිචාරකයෙක් ඇනඩොලු ඒජන්සියට මෙසේ පැවසීය: “ඔවුන් නිදා සිටියේ ගස් යට පමණි, කාමර නැත, නවාතැන් නැත.  ඔවුන්ට රොකට් වලින් බෝම්බ හෙලූවා.  තුවාලකරුවන් සිටියේ නැත, ඔවුන් සියල්ලෝම මිය ගියහ.  අපට දිවි පිදූවන් ගණන් කළ නොහැකි විය, ඔවුන් කැබලිවලට ඉරා දැමීය.  … අවම වශයෙන්, ඔවුන්ගෙන් සියයට 30 සිට 40 දක්වා ළමුන් විය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ජන සංහාරය නැවැත්විය යුතුයි.  ලෝකයේ නායකයන් වෙනුවෙන්, ඔබ ගාසා තීරයේ මෙම සංහාරය නතර කළ යුතුය.

දේශසීමා රහිත වෛද්‍යවරු (MSF) ජාත්‍යන්තර වෛද්‍ය පුණ්‍යායතනය ට්විටර්/X හි ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරය හෙළා දුටුවේය.

රෝගීන්ට ප්‍රතිකාර කරමින් සහ අවතැන් වූ ගාසා වැසියන්ට සත්කාර කරමින් සිටි ගාසා නගරයේ අහ්ලි අරාබි රෝහලට ඊශ්‍රායලය විසින් මෑතකදී බෝම්බ හෙලීමෙන් අපි භීතියට පත් වෙමු.  වාර්තා වන පරිදි මිනිසුන් සිය ගනනක් ඝාතනය කර ඇත … එය කිසිසේත්ම පිළිගත නොහැකිය.

Mp
පුළුල් කරන ලද ,ගාසා තීරය සමඟ ඊශ්‍රායලයේ සිතියම [ඡායාරූපය: www.openstreetmap.org/WSWS]

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කන්ඩායම විසින් ඊශ්‍රායලය එල්ල කර , දියත් කරන ලද රොකට් ප්‍රහාරයක් වැරදීමකින් රෝහල මත පතිත වීමෙන්, මෙය සිදු වූ බව  පවසමින් ඊශ්‍රායල නිලධාරීන් නරුම ලෙස සමූල ඝාතනයේ වගකීම ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළහ. රෝහලට “ප්‍රහාර එල්ල කිරීම” සම්බන්ධයෙන් “ගාසාවේ සිටින ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්” වගකිව යුතු බව පැවසූ ඊශ්‍රායල අගමැති නෙතන්යාහු, “අපේ දරුවන් අමානුෂික ලෙස ඝාතනය කළ කවුරුන් හෝ ඔවුන්ගේ දරුවන් ද ඝාතනය කරයි” යනුවෙන් පැවසීය.

එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති මයිකල් හර්සොග් ට්විටර්හි වීඩියෝවක් විකාශනය කරමින් ඇඟවීමට උත්සාහ  ගත්තේ,ගාසාවේ සිට දියත් කරන ලද රොකට් නැවත ගාසා භූමියට වැටෙන බවත්.අල් අහ්බි රෝහලේ ප්‍රහාරයත් එවන් සිදුවීමක් විය හැකි බවත් පෙන්වීමටය. වීඩියෝ පටයේ සටහන්ව තිබූ කාලයට අනුව  රාත්‍රී 8.00 ට පමණ සිදුවීම වූ බැවින්, එය   ප්‍රහාරය සිදු වූ වේලාවට වඩා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව හෙළිවීමත් සමගම, මෙම බොරුව බිඳ වැටුණි.

ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය:

ගාසාවේ බැප්ටිස්ට් අරාබි ජාතික රෝහලට බෝම්බ හෙලීමෙන් ඔහු කළ කුරිරු සංහාරයේ වගකීමෙන් ගැලවීමට සියොන්වාදී සතුරා දැඩි උත්සාහයක නිරත වන්නේ ඔහුගේ සුපුරුදු බොරු ගොතමින් සහ පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් ව්‍යාපාරය වෙත වරදට ඇඟිල්ල දිගු කිරීමෙනි.

නෙතන්යාහු ආන්ඩුව සහ එහි නේටෝ ආධාරකරුවන් මෙම බිහිසුණු සංහාරය සිදු කළහ. එය ගලා එන්නේ වොෂින්ටනය සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින් විසින් මුලුමනින්ම සහාය දක්වන IDF සහ නෙතන්යාහු ආන්ඩුවේ සමස්ත ජනඝාතක මූලෝපායෙනි.

ඊශ්‍රායල් ආන්ඩුවේ ජන සංහාරයේ සහ වාර්ගික පවිත්‍ර කිරීමේ මූලෝපායේ කේන්ද්‍රීය කොටස – එය මිලියනයකට අධික ගාසා වැසියන්ට තම නිවෙස් හැර යන ලෙස නියෝග කර ඇති අතර, ඔවුන්ට ජලය, ආහාර සහ ඉන්ධන සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කරයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය අවහිර කිරීමයි. ඊශ්‍රායල් සහ නේටෝ නිලධාරීන් ගාසා තීරයේ නීති විරෝධී අවහිර කිරීම ආරක්ෂා කර ඇත. බලශක්තිය කපා හැරීම , ප්‍රතිකාරය ස්ථාවර විදුලි සැපයුමක් මත රඳා පවතින, ඉන්කියුබේටර්වල නොමේරූ ළදරුවන්, ඩයලිසිස් රෝගීන් සහ දැඩි සත්කාර රෝගීන්ගේ විශාල මරණ ප්‍රමාණයකට තුඩු දෙනු ඇත.

ඊයේ, ගාසා තීරයේ රෝහල් 23 න් 20 ක් “අර්ධ සේවා” පමණක් සිදු කරමින් සිටියේ ඒවායේ ඉන්ධන සහ බලශක්ති සංචිත “සම්පූර්ණයෙන්ම පාහේ ක්ෂය වී ඇති” නිසා ය. මෙම සතිය මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිලධාරීන් විසින් ගාසා තීරයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන  111කට ප්‍රහාර එල්ල කර, සෞඛ්‍ය සේවකයින් 12ක් මරා දමා, ගිලන්රථ 60කට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව තහවුරු කරන ලදී.

ගාසා තීරයේ ජනතාව ඉලක්ක කර ගනිමින් මනුෂ්‍යත්වයට එරෙහි මෙම නවතම, බිහිසුණු අපරාධයට එරෙහිව අඟහරුවාදා ලොව පුරා විරෝධතා පැන නැගුනි. එක්සත් ජනපදයේ, විරෝධතාකරුවන් නැවත වරක් ධවල මන්දිරයෙන් පිටත රැස් වූ අතර අනෙක් අය නිව් යෝර්ක් නගරයේ සහ ලාස් වේගාස් හි පෙළපාලි ගියහ. බදාදා සහ ඊළඟ දිනවලදී තවත් පෙලපාලි බලාපොරොත්තු වේ.

 ( ට්විටර් පණිවිඩය)

කැනඩාවේ, මොන්ට්‍රියල් හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට පිටතින් , රෝහල් බෝම්බ ප්‍රහාරයට විරෝධය දැක්වීමට පලස්තීනයට පක්ෂපාතී විරෝධතාකරුවෝ දහස් ගණනක් පෙළපාලි ගියහ.

විරෝධතා , මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා පැතිර ගියේය. බටහිර ඉවුරේ, පලස්තීන විරෝධතාකරුවෝ, ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ අතකොළුවක් ලෙස ක්‍රියා කරන පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් ගැන සඳහන් කරමින්, “ජනතාවට ජනාධිපතිවරයාගේ වැටීම අවශ්‍යයි” යනුවෙන් කෑගසමින් රමල්ලාහි පෙළපාලි ගියහ. කැරලි මර්දන පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පෙළපාලිකරුවන් ඉක්මනින් විසුරුවා හරින ලදී.

බටහිර ඉවුරේ නබ්ලස් සහ ජෙනින් නගරවල ද විරෝධතා වාර්තා විය.

විරෝධතාකරුවන් දහස් ගණනක් තුර්කියේ සහ ජෝර්දානයේ අම්මාන්හි ඊශ්‍රායල කොන්සල් කාර්යාලවල පිටත පෙලපාලි දැක්වූහ.  අම්මාන්හිදී, එක්සත් ජනපද මධ්‍යස්ථානයේ පරිමිතිය උල්ලංඝනය කිරීමට උත්සාහ කළ විරෝධතාකරුවන් කැරලි මර්දන පොලිසිය සමඟ ගැටී ඇත.

ලෙබනනයේ, විරෝධතාකරුවන් බේරූට්හි එක්සත් ජනපද සහ ප්‍රංශ තානාපති කාර්යාලවලට පිටතින් පෙළපාලි ගිය අතර, සිදොන් සහ ටයර්හි පලස්තීන සරණාගත කඳවුරුවල විරෝධතා පුපුරා ගියේය. උතුරු ඊශ්‍රායලයේ IDF හමුදා සමඟ වඩාත් තීව්‍ර කාලතුවක්කු ප්‍රහාර හුවමාරුවක් කළ ෂියා ඉස්ලාමීය මිලීෂියාව වන හිස්බුල්ලා සටන්කාමීන්, බදාදා දිනය “කෝපයේ දිනයක්” ලෙස විරෝධතාවක් කැඳවා ඇත.

ටියුනිස්හිදී, විරෝධතාකරුවන් ප්‍රංශ තානාපති කාර්යාලයෙන් පිටත පෙළපාලි යාම සඳහා වූ විරෝධතාවලට එරෙහි රාජ්‍ය තහනම කඩ කරමින් : “ප්‍රංශ සහ ඇමරිකානුවන් සියොන්වාදීන්ගේ සහචරයෝ” සහ “ටියුනීසියානු භූමියේ ඇමරිකානු තානාපති කාර්යාලයක් එපා.” කියමින් කෑ ගැසූහ.

ඉරානයේ, විරෝධතාකරුවන් “ප්‍රංශයට, එංගලන්තයට, ඇමරිකාවට සහ සියොන්වාදීන්ට මරණය” වැනි සටන් පාඨ කියමින් ටෙහෙරානයේ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලවලින් පිටත පෙළපාලි ගියහ. ඉස්ෆහාන් සහ කොම් ප්‍රදේශවල ද විරෝධතා පැවැත්විණි.

බැග්ඩෑඩ්හිදී, විරෝධතාකරුවන් දහස් ගණනක් 2003 දී එක්සත් ජනපද වාඩිලාගැනීමේ හමුදා විසින් පිහිටුවන ලද ඉරාක අගනුවර ප්‍රදේශයේ වන හරිත කලාපයට ගමන් කළ නමුත්, ආරක්ෂක අංශ ඔවුන් එක්සත් ජනපද තානාපති කාර්යාලයට ගමන් කිරීම වළක්වා ඇත.

ගාසා තීරය නීති විරෝධී ඊශ්‍රායල් අවහිර කිරීමට එරෙහිව පලස්තීන ජනතාවගේ නැගිටීම අධිරාජ්‍යවාදයට සහ සියොන්වාදයට එරෙහිව කම්කරු පන්තිය තුල වැඩෙන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි. ගාසා තීරයේ ජනතාවට එරෙහිව සිදු කරන ලද ජන සංහාරක යුද්ධය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ නැවැත්වීමේ තීරනාත්මක ප්‍රශ්නය වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා පොදු ව්‍යාපාරයක් තුල මෙම අරගල ඒකාබද්ධ කිරීමයි.

ඊශ්‍රායලය, ගාසා තීරයේ අල් අහ්ලි අරාබි රෝහලට බෝම්බ හෙලීමෙන් 500ක් මිය යයි Read More »

Uni9ns

ඊශ්‍රායල යුද යාන්ත්‍රණයට එරෙහිව සහයෝගිතා ක්‍රියා මාර්ගයකට පලස්තීන වෘත්තීය සමිති කල කැඳවුම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති නිශ්ශබ්දතාවයේ 

ටෝනි රොබ්සන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 20 දින පල වූ ‘British trade union leaders silent on Palestinian trade unions’ call for solidarity action against Israeli war machine’ යන ටෝනි රොබ්සන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  ආර්. පෙරේරා විසිනි.

වොෂින්ටනයේ සහ ලන්ඩනයේ සහයෝගය ලබමින් ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ පලස්තීන ජාතිකයන්ට එරෙහිව දිගටම කරගෙන යන්නා වූ අත්‍යන්ත සාහසිකකම් ඉදිරියේ, යුද මෙහෙයුම් නැවත්වීමට සහයෝගිතා ක්‍රියාමාර්ගයක් සඳහා පලස්තීන වෘත්තීය සමිති සිදු කර ඇති කැඳවීමට, බ්‍රිතාන්‍ය වෘත්තීය සංගම් මාරාන්තික නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යමින් සිටී. 

සඳුදින, පලස්තීන ගාසා වෘත්තීය සංගම්වල පොදු සම්මේලනය (PGFTU) සහ තවත් සංගම් හා වෘත්තීය සංවිධාන 31ක්, “සියලු අයථා මැදිහත්වීම් නවතනු, ඊශ්‍රායලය සන්නද්ධ කිරීම නවත්වනු, පලස්තීන වෘත්තීය සංගම්වලින් නිකුත් කෙරෙන හදිසි ඉල්ලීමක්” මැයෙන් වන කැඳවීමක්, ලෝකය පුරා සිටින සිය සගයන් වෙත නිකුත් කලෝය. 

මෙම විවෘත ලිපිය, පලස්තීන ජාතිකයන්ගේ ආරක්ෂාවට  ඉදිරිපත් වන ලෙසත්, ඊශ්‍රායල යුදමය ප්‍රහාර නැවතීමට මැදිහත් වන ලෙසත් කම්කරු පංතියට කරන සෘජු ඇමතුමක් විය. සිවිල් වැසියන් මතට සැලසුම්ගතව කරන බෝම්බ හෙලීම්, මාරාන්තික සුදු ෆොස්පරස් හා රසායන අවි භාවිතය සහ මිලියන 2.3ක් වූ ගාසා ජනතාව මත පටවා ඇති සාමුහික දන්ඩන වන ජලය, ආහාර, ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් කපාහැරීම් ද ඇතුලු අවම වශයෙන් පලස්තීන ජීවිත 4,000 ක් විනාශ කල වඩවඩාත් උත්සන්න කෙරෙන යුද අපරාධ සඳහා “බටහිර ජාතින්ගේ රැකවරනය” ඊශ්‍රායලයට ලැබෙන අයුරු පැහැදිලි කරයි.   

“ මෙම තීරනාත්මක, උග්‍ර ජනඝාතනයේ තතු වැලැක්විය හැක්කේ, පලස්තීන ජනතාව කෙරේ දැල්වෙන ගෝලීය සහයෝගිතාවය ඊශ්‍රායල යුද යාන්ත්‍රනය අක්‍රීය කල හැකි පරිමානයේ ඉහල දැමීමකින් පමනි.” 

Uni9ns
(CWU/ සන්නවේදන කම්කරු සමිතිය) ප්‍රධාන ලේකම් ඩේව් වෝඩ් (වමේ) සහ (RMT/දුම්රිය සාමුද්‍රීය හා ප්‍රවාහන සංගමය) ප්‍රධාන ලේකම් මික් ලින්ච්

PGFTU පොදු සම්මේලනය විසින් ඉදිරිපත් කෙරී ඇති සහයෝගිතා ක්‍රියාමාර්ග සඳහා වූ ඉල්ලීම සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සංගම් තුනක නායකයන් හා විධායකයන් වන දුම්රිය, සාමුද්‍රීය හා ප්‍රවාහන සංගමයේ (RMT) මික් ලින්ච්, යුනයිට් (Unite) හි ෂැරන් ග්‍රැහැම් සහ සන්නිවේදන කම්කරු සංගමයේ (CWU) ඩේව් වෝඩ් වෙත, ඔක්තෝබර් 18 වන දින ලෝක සමාජවාදි වෙබ් අඩවිය (WSWS) ලිපියක් යැවීය. වෘත්තීය සමිති නිලධරය කම්කරුවන්ගේ ගැලවුම්කරුවෝ වෙතිය යන බොරුව පවත්වා ගැනීම සඳහා, මාධ්‍ය ද, වමුන් ලෙස තමා හඳුන්වා ගන්නා ව්‍යාජ වම්මු ද මෙම නායකයන්ගේ කීර්තිනාමය ඔපදමමින්, ඔවුන් ඔසවා තබති.  

ලෝක සමාජවාදි වෙබ් අඩවිය, PGFTU කල ඉල්ලීම් උපුටා දක්වමින්, ක්ෂනික පිලිතුරක් පහත සඳහන් පරිදි ඉල්ලා සිටියේය. 

  1. ඊශ්‍රායලයට යැවීම සඳහා නියමිත ආයුධ නිශ්පාදනය කිරීම ප්‍රතික්ෂේප කරනු,
  2. ඊශ්‍රායලයට යුද අවි ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කරනු,
  3. මේ සඳහා යෝජනා සම්මත කරනු,
  4. ඊශ්‍රායලයේ කුරිරු සහ නීති විරෝධි වැටලීම් තත්ත්වයට සහාය දෙන සමාගම්වලට එරෙහිව – විශේෂයෙන්, ඔවුනට ඔබගේ ආයතනය හා ගිවිසුම් ඇත්නම් – ඒවාට එරෙහිව ක්‍රියා මාර්ග ගනු, 
  5. ඊශ්‍රායලය සමඟ සියලු යුදමය වෙලඳ කටයුතු – ඇමරිකාව සම්බන්ධයෙන් ගත් කල යුද්ධයට අරමුදල් සම්පාදනය – නවත්වා දැමීමට ආන්ඩුවලට බලකරනු. 

ලෝක සමාජවාදි වෙබ් අඩවියට මෙතෙක් කිසිම පිලිතුරක් ලැබී නැත. ඒ තබා, පලස්තීන වෘත්තීය සංගම්වල විවෘත ඇමතුම මගින් කරන ලද ඉල්ලීමට ලින්ච්, ග්‍රැහැම් සහ වෝඩ් කිසිදු ප්‍රසිද්ධ ප්‍රතිචාරයක් ප්‍රකාශ කිරීමට හැකි තත්ත්වයක සිටින බවක් හෝ පෙන්වා නැත. 

දුම්රිය සාමුද්‍රීය හා ප්‍රවාහන සංගමය  (RMT ) ගාසා වැටලීමට එරෙහි එකම ප්‍රසිද්ධ ප්‍රකාශනයක් හෝ සිදු කර නැත. එපමනක් නොව, ඔවුන්ට විශේෂයෙන්ම කිසිදු සමාවක් දිය නො හැක්කේ, එය, ඉරානය, සිරියාව, හා ලෙබනනයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයකින් තර්ජනය කරන ඇමෙරිකන් යුද නැව් සමූහයේ කොටසක් ලෙස පලස්තීනයේ බෙල්ලට තොන්ඩුව හිර කිරීමට ඊශ්‍රායලයට සහයෝගය දීම සඳහා එම ප්‍රදේශයට යවා ඇති එක්සත් රාජධානියේ “කාර්යසාධන කණ්ඩායමේ”ම කොටසක් ලෙස තමා නියෝජනය කරමින්, රාජකීය සහායක නැව් සමූහයේ සේවයට තම සාමාජිකයන් නිල ඇඳුමින් සරසා යවා ඇති බැවිනි. 

කොන්සර්වේටිව් ආන්ඩුව ඔක්තෝබර 13 දාතමින් කල මාධ්‍ය නිකුතුව වූ, “ එක්සත් රාජධානි අගමැති, ඊශ්‍රායලයට සහාය පිනිස තම හමුදා මැද පෙරදිගට යොදවයි” යන්නෙහි, කිසිදු සැකයකට ඉඩක් තබා නැත. එය මෙසේ ප්‍රකාශ කරයි:

“යුදමය පැකේජයට P8 යුද යානා, ඔත්තු බැලීමේ සම්පත්,  RFA Lyme Bay සහ RFA Argus යන රාජකීය නාවික හමුදා නැව් දෙක, මෙර්ලින් හෙලිකොප්ටර තුනක් හා රාජකීය නාවික භට සමාගමක් ඇතුලුවන අතර, ඊශ්‍රායලයට හා ප්‍රදේශයේ සෙසු සගයන්ට ප්‍රායෝගික සහාය ලබාදෙනු පිනිස මේවා සීරුවෙන් තබා ඇත. ඒවායින් (සතුරා) අධෛර්යමත් කිරීම හා (මිතුරාට) සහතිකයක් ලබා දීම කරනු ලබයි.”

RFA Lyme Bay යනු ඇඳවල් 100 කින් යුත් රෝහල් නෞකාවක් බවටත්, මානුෂික සහාය සැපයීමට එයට ශක්‍යතාවයක් ඇති බවටත් සුනාක් රජය පම්පෝරි ගසයි. කෙසේ වෙතත්, ෆෝබ්ස් නෙට් පවසන පරිදි, “RFA Lyme Bay …. යනු, සටන් බලඇනියක් ලොව කොතැනකට හෝ රැගෙන යා හැකි, ගොඩබෑමේ නැව් තටාකයකි.”  

කාර්ය සාධන හමුදාව, දැනටමත් එම කලාපයේ රඳවා ඇති රාජකීය නාවික යුද නැව් දෙක වන, නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ඇති HMS ඩන්කන් සහ පර්සියන් ගල්ෆ් වල රඳවා ඇති HMS ලන්කැස්ටර් සමඟ සම්බන්ධ වනු ඇත. 

ඊශ්‍රායලය විසින් ඝාතන ආරම්භ කරනු ලැබ දින 10 කට පසුව, ඔක්තෝබර් 18 දාතමින් යුත් අභ්‍යන්තර ලිපියක් ලින්ච් දුම්රිය සාමුද්‍රික හා ප්‍රවාහන සංගමයේ (RMT) ශාඛාවලට නිකුත්කලේය. සම්පූර්ණ නිෂ්ක්‍රියත්වය හේතුවෙන් එල්ල වූ සාමාජිකත්වයේ පීඩනය යටතේ, RMT ය ඊලඟ සෙනසුරාදා ලන්ඩන්හි පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති සමූහයේ මහජන විරෝධයට සම්බන්ධවන බවට නිවේදනය කලේය. RMT හි සහායක ප්‍රධාන ලේකම් එඩී ඩෙම්ප්සි හා ස්ටැලින්වාදී නායකයෙක් එහිදී කතාකරනු ඇත. මෙය ගාසා තීරයේ සිටින තම කම්කරු සහෝදරයන් හා සහෝදරියන්  ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය කම්කරුවන් බලමුලු ගැන්වීම වෙනුවෙන් ඇඟිල්ලක්වත් එසවීම ප්‍රතික්ෂේප කර සිටින RMT ක්‍රියා කලාපය වසන් කිරීමකි. 

බ්‍රිතාන්‍ය නාවික බලඇනිය මගින් ගාසාව  අවහිර කිරීම උත්සන්න කිරීමට විරෝධයක් සංවිධානය කරනු වෙනුවට, RMT ලිපිය සඳහන් කරන්නේ, “අවසාන වශයෙන්, කලාපයට යවා ඇති රාජකීය නැව් සමූහයේ සහායක නැව්වල සේවය සඳහා” සිය “වෘත්තීය සමිති සාමාජිකයන් සේවයේ යෙදී සිටින බව දැනගැනීම වැදගත්  බවත්”, තම “සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන්” තමන්ට “දිය හැකි සෑම සහයෝගයක්ම දෙන” බවත් ය.

“වහා සාමය ගෙන ඒම හා එක්සත් ජාතින්ගේ යෝජනා සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ සාධාරන විසඳුමක් ඇති කර ගැනීම ඇතුලුව ඊශ්‍රායලයට ආයුධ විකිනීම නැවත්වීම” සඳහා සිදු කෙරෙන නාමමාත්‍ර ආයාචනයක් විනා, තව දුරටත් කුරිරුකම් වල යෙදීමට සුනැක් ආන්ඩුව හා ලේබර් පක්ෂය ලබා දී ඇති වරපත්‍රයට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් යෝජනා කර නැත. 

එ පරිදිම, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවලට (IDF) රජය විසින් නොකඩවා ආයුධ සැපයීමට එරෙහිව යුනයිට් (Unite) සාමාජිකයන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනීම වැලැක්වීමට ග්‍රැහැම් ක්‍රියා කර ඇත. ගාසාව මත වර්ෂාවක් සේ මරනය පතිත කරන F35 ලොක්හීඩ් මාටින් රහසිගත යුද ගුවන් යානාවල කොටස්වලින් 15% ක් සපයන BAE Systems වැනි එක්සත් රාජධානි යුධ කර්මාන්තය තුල Unite කම්කරුවෝ දසදහස් ගනනක් සේවය කරති. 

රුසියන් තෙල් සහ ගෑස් ප්‍රවාහන නෞකාවලින් ගොඩ බෑමේ කටයුතුවලින් වැලැකීමට බඩු ගොඩ බාන කම්කරුවන් විසින් ගනු ලැබූ තීන්දුවට Unison සමිතිය සමඟ එක් ව සහාය දෙමින් ග්‍රැහැම්, රුසියාවට එරෙහි ව නැටෝව විසින් බලල් අත් යොදා කරනු ලබන යුද්ධයේ වඩාත්ම ඝෝෂාකාරී සහායකයෙකු බවට පත් විය. යුනයිට් රැලි වල දී යුක්රේන ධජය ලෙල දුන්නේය. 

කෙසේවුවත්, පලස්තීන ජනයා සමූලඝාතනය කිරීමේ තර්ජනය ඉදිරියේ කිසිම ක්‍රියා මාර්ගයක් නොගැනීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට අඛන්ඩ ව සහයෝගය දීමෙන් ඔබ්බට යයි. යුනයිට් හි ඔක්තෝබර 16 දින මාධ්‍ය ප්‍රකාශය, ඒ වෙනුවට, “ සාමය සඳහා වැඩ කිරීමටත්, ජාත්‍යන්තර නීතියට ගරු කිරීමටත්, රාජ්‍ය දෙකක විසඳුමක් හා ගැටුම විසඳීමට සාමකාමි හා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් කරා වූ මාවතක් සොයා ගැනීමටත් බ්‍රිතාන්‍ය රජයට කරන කැඳවීම් යලි අලුත් කරයි.” 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය යුද අපරාධවලට පූර්න වශයෙන් සම්බන්ධ නැත යන ප්‍රබන්ධය පවත්වාගෙන යාමට පේ වී සිටින සන්නිවේදන කම්කරු සංගමය (CWU), තමන්ගේ සමිතිවල සිටින මිලියන 6ක සාමාජිකයන් ක්‍රියා මාර්ගයකට යාම වලක්වමින් ගාසා තීරය පිලිබඳව වෘත්තීය සමිති කොංග්‍රසය කර ඇති ප්‍රකාශයන්  නැවත නැවත පල කිරීමකට කොටු වී සිටී. එය, යුද්ධය උත්සන්න කිරීම අඩු කිරීමට හා සටන් විරාමයකට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් කෙරුනු කැඳවීම් පිලිබඳ සඳහන් කරන්නේ, මෙම යුද්ධය කෙරේ දැක්වෙන සිය නිෂ්ක්‍රිය භාවය විසින් නියෝජනය කෙරෙන තුෂ්නිම්භූත සහයෝගය වසං කිරීමේ දේශපාලන තිමිර පටක් වශයෙනි.

ගාසාවට එල්ල කෙරෙන ඊශ්‍රායල් ජනඝාතක ප්‍රහාරවලට හා බ්‍රිතාන්‍යය එකී ප්‍රහාරකයන් සමඟ පවත්වන දුස්සන්ධානයට එරෙහිව මහජනයාගේ යුද විරෝධි හැඟීම් පිපිරී යාම, කම්කරු ජනතාව හා වෘත්තීය සමිති නිලධරයේ වරප්‍රසාදිත ස්ථර අතර ඇති අගාධය තව දුරටත් ගැඹුරු කර ඇත. 

මෑතක දී පැවැති කම්කරු පක්ෂ සම්මේලනයේ දී ලින්ච්, ග්‍රැහැම් සහ වෝඩ් ලද සෑම අවස්ථාවක දී ම ඒත්තු ගැන්වීමට උත්සාහ කලේ, යුද්ධයට මැදි වී සිටින කම්කරුවන් සුනාක් ආන්ඩුවෙන් ආරක්ෂා කිරීමේ එකම මාර්ගය වන්නේ කෙයිර් ස්ටාමර් සාමිවරයාට රුකුල් දීම සහ කම්කරු පක්ෂය බලයට ගෙන ඒම බවයි. එහෙත් පසුගිය සතිය තුල සිදුවීම් වලින් තහවුරු වී ඇත්තේ ලේබර් පක්ෂය ඇත්ත වශයෙන් ම ටෝරින් සමග තත්‍ය යුද සභාගයක පාර්ශවකරුවන් ලෙස ක්‍රියා කරන බවයි.  

පසුගිය වසර තුල, දුම්රිය, තැපැල් සේවය, අධ්‍යාපනය හා ජාතික සෞඛ්‍ය සේවයේ මිලියන දෙකක බලගතු වැඩවර්ජන රැල්ල කිසිදු එක්සත් ක්‍රියා මාර්ගයකට පැමිණීම වලක්වමින් හා එකකට පසු තවෙකක් වශයෙන් ඒවා විකුනා දැමීමේ ගිවිසුම්වලට යටත් කරමින් කම්කරුවන් නොමග යැවීමට හා පාවාදීමට ලේබර් පක්ෂය වෘත්තීය සමිති නිලධරය සමග එක් ව ක්‍රියා කලේය. මෙ මගින්, පන්ති අරගලය පාගා දැමීමේ ප්‍රධාන ක්‍රියා කලාපය ඒවා විසින් ඉටු කරනු ලැබීම පිලිබඳ ව හා සාමාන්‍ය කම්කරුවන්ගේ කැරැල්ලක අවශ්‍යතාවය පිලිබඳ ව නව පාඩමක් අපට සපයා ඇත. 

කම්කරු පංතිය, ඒකාබද්ධ ජාත්‍යන්තර බලමුලු ගැන්වීමක් හරහා මෙම යුද උන්මත්තකයන් නිරායුධ කල යුතුව ඇත. විනාශකාරි ගොඩබිම් ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින ඊශ්‍රායලයට කවර හෝ අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන් නිශ්පාදනය කිරීම, බෙදාහැරීම හා සැපයීම ප්‍රතික්ෂේප කරන ලෙස අපි කම්කරුවන්ට බලකර සිටිමු. 

ආරක්ෂක කර්මාන්තයේ යෙදී සිටින කම්කරුවන්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සන්නද්ධ කිරීමට අවශ්‍ය ආයුධ හෝ උපාංග නිපැයුම වර්ජනය කිරීමට සංවිධානය විය යුතුය. වරාය කම්කරුවන්, ගුවන් තොටුපල සහ ප්‍රවාහන කම්කරුවන් ආයුධ නැව්ගත කිරීම්වල යෙදීම ප්‍රතික්ෂේප කල යුතුය. ප්‍රදේශයේ හමුදා බලය වර්ධනය කිරීමේ කොටසක් ලෙස බ්‍රිතාන්‍ය හමුදා ප්‍රවාහනය කිරීම සඳහා සිවිල් නාවිකයන්ගේ ජීවිත අනතුරේ දැමීම නොකල යුතුය. සෙසු සියලු යුද අපරාධකරුවන් සමග සුනාක් සහ ස්ටාමර් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඉදිරියට ගෙන ඒමට කෙරෙන දේශපාලන අරගලයක් සමඟ මෙම ක්‍රියාමාර්ග ඒකාබද්ධ කල යුතුව ඇත. 

ඊශ්‍රායල යුද යාන්ත්‍රණයට එරෙහිව සහයෝගිතා ක්‍රියා මාර්ගයකට පලස්තීන වෘත්තීය සමිති කල කැඳවුම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති නිශ්ශබ්දතාවයේ  Read More »

Palestine

ගාසා තීරයේ රෝහලට ඊශ්‍රායලය බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ගෝලීය කෝපය පුපුරා යයි

ලෝසවෙඅ කතෘ මන්ඩලයේ ප්‍රකාශය

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 18 දින පල වූ ‘Global outrage erupts over Israeli bombing of Gaza hospital’ යන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ඉදිරිදර්ශන ලියවිල්ලේ සිංහල පරිවර්තනය යි.

theSocialist.LK කර්තෘ මන්ඩලය හා කමිටුව ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ  මන්ඩලයේ මෙම ප්‍රකාශය ඒ ආකාරයෙන්ම සම්මත කරන අතර අප පාඨකයන්ට ආරාධනා කරන්නේ එය අපගේම ප්‍රකාශයක් ලෙස පිලිගන්නා ලෙසත් ඒ අනුව දේශපාලනිකව බලමුලු ගැන්වෙන ලෙසත්ය.

Hospital
අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය පලස්තීනුවන්ගේ සිරුරු 2023 ඔක්තෝබර් 17 වැනි අඟහරුවාදා, මධ්‍යම ගාසා තීරයේ , ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ඉදිරිපස මිදුලේ රැස්කර ඇති ආකාරය. (AP ඡායාරූපය/අබෙද්කාල්ඩ්)

අඟහරුවාදා, ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලට දැවැන්ත GPS-නියාමක බෝම්බයක් හෙලූ අතර, ඉන්, වෛද්‍ය නිලධාරීන්, රෝගීන් සහ සරනාගතයින් 500කට වැඩි සංඛ්‍යාවක් මිය ගියහ. ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි පල්ලිය විසින් මෙහෙයවනු ලබන මෙම රෝහල බෝම්බ ප්‍රහාරයෙන් අවතැන් වූ 1,000 කට අධික පිරිසකට රැකවරනය ලබා දී තිබුනි.බරපතල තුවාල ලැබූ රෝගීන්ට නවාතැන් ගැනීමට දකුනු ගාසා තීරයේ ප්‍රමානවත් ඇඳන් නොමැති බව පවසමින්,ඔවුන් තවදුරටත් දකුනට ගෙන යන ලෙසට කල ඊශ්‍රායල බල කිරීම් , රෝහලේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මන්ඩලය විසින් නිර්භීතව ප්‍රතික්ෂේප කර තිබුනි.

මෙම අතිහය කුරිරු දාමරික කම මැද පෙරදිග, යුරෝපය සහ ඇමරිකාව පුරා ලක්ෂ  සංඛ්‍යාත මහජන විරෝධතා අවුලුවා ඇත. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ට සමූල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කරන බැනර් සමඟ දහස් ගනනක් ධවල මන්දිරයෙන් පිටත පෙල ගැසී සිටියහ.

ඊශ්‍රායල ආන්ඩුව සහ එක්සත් ජනපද මාධ්‍ය පලස්තීනුවන් ඔවුන්ගේම රෝහලට බෝම්බ හෙලූ බව යන බොරුව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. ඊශ‍්‍රායලය බෝම්බ ප‍්‍රහාරයේ වගකීම ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙම ප‍්‍රහාරය එල්ල වූයේ ගාසා තීරයේ සිට දියත් කල රොකට්ටුව වැරදීමකින් බවයි. මෙය අභූත ප්‍රබන්ධයක් බව මුලු ලෝකයම දනී. එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ සහාය ඇතිව ඊශ්‍රායලය විසින් මෙම සංහාරය සිදු කරන ලදී.

ගාසා බෝම්බ ප්‍රහාරය ගැන  කිසිදු අහඹුවක් නැත. එය පසුගිය දින 10 තුල රෝහල්, නේවාසික ගොඩනැගිලි සහ අනෙකුත් සිවිල් යටිතල පහසුකම්වලට එල්ල වූ දුසිම් ගනනක ප්‍රහාර මාලාවක නවතම සහ වඩාත්ම සාතිශය පිලිකුල් සහගත සිදුවීම පමනි. එය මුළුමනින්ම යුද්ධය සඳහා වන ඊශ්‍රායලයේ මූලෝපාය සමග ගැලපේ, එනම් දැවැන්ත ජීවිත හානි සහ මරන සිදු කරමින් ජනගහනය ත්‍රස්ත කිරීමයි.

ඔක්තෝබර් 13 දා ඊශ්‍රායලය විසින් මිලියන 1.1 ක ජනතාවක් උතුරු ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවට පත්‍රිකා හෙලා තිබුනි. ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ “නිදහසේ වෙඩි තැබිය හැකී  කලාපයක්” නිර්මානය කර ඇති අතර, ඒ තුල දී  සෑම පිරිමියෙක්ම, කාන්තාවක් සහ දරුවෙකුම ඉලක්කයක් වේ. පසුගිය දින 10 තුල මිනිසුන් 3,000කට අධික සංඛ්‍යාවක් මිය ගිය ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර, “රෝහල්, වෙලඳපොලවල්, සරනාගත කඳවුරු, මුස්ලිම් පල්ලි, අධ්‍යාපනික ආයතන සහ සමස්ත නිවහන් ප්‍රදේශ  ඇතුලු විශේෂිතව ආරක්‍ෂිත ස්ථාන ඉලක්ක කර ඇති බව ” යුද ගැති එක්සත් ජනපද චින්තන පර්ෂදයක් වන අත්ලාන්තික් කවුන්සිලය සඳහන් කලේය. 

එහි සඳහන් වූයේ ඊශ්‍රායලය “ජනගහනය අධික සිවිල් වැසි  ප්‍රදේශවලට ඉව බව නැති ප්‍රහාර සහ පූර්වරක්ෂාවන් නොමැති ප්‍රහාර ( සිවිල් වැසියන්ට දැනුම්දීමකින් තොරව සිවිල් ප්‍රදේශවලට එල්ල කරන ප්‍රහාර වැනි ), ජාත්‍යන්තර මානුෂීය නීතිය [IHL ] උල්ලංඝනය කරන අතර එය යුද අපරාධවලට සමාන විය හැකි බවයි. ක්‍රමානුකූලව හෝ පුලුල් ලෙස ක්‍රියාත්මක වන විට, ඒවා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් විය හැකි” බවයි.

ප්‍රහාරයට දින කිහිපයකට පෙර , ඊශ්‍රායලය සජීවී උන්ඩ භාවිතා කරමින් රෝහලට “අනතුරු ඇඟවීමේ” වෙඩි තැබූ බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උප ලේකම් පවසයි. ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල හමුදාව රෝහල ඉවත් කරන ලෙස බලකර කරමින්, “අපි ඊයේ ඔබට ෂෙල් වෙඩි දෙකකින් අනතුරු ඇඟෙව්වා” යනුවෙන් කියා සිටියේය. 

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශකයෙකු සීඑන්එන් වෙත පැවසුවේ ඊශ්‍රායලය අත්පත් කර ගත්  “සවන් දුන්  සංවාද ” ( intercepted conversations) හෙලිදරව් කරන්නේ “එය වැරදුනු  රොකට්ටුවක් බව ඔවුන්ට වැටහෙන” බවයි. “සවන් දුන්  සංවාද ” පිලිබඳ මෙම සඳහන වහාම සිහිපත් කරන්නේ කොලින් පවෙල් 2003 දී එක්සත් ජාතීන් ඉදිරියේ කරන ලද කුප්‍රකට කතාවයි. එහිදී ඔහු “සවන් දුන්  සංවාද ”  මහා විනාශකාරී ආයුධ (WMD) පවතින බව ඔප්පු කරන  බව උජාරුවෙන් ප්‍රකාශ කලේය.

ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බයිඩන් ට්විටර් හි මෙසේ ලිවීය, “ගාසාවේ අල් අහ්ලි අරාබි රෝහලේ පිපිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ බිහිසුනු ජීවිත හානිය ගැන මම කෝපයටසහ  දැඩි ශෝකයට පත් වෙමි. ගැටුම් අතරතුර සිවිල් ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය නිසැකවම පෙනී සිටින අතර, මෙම ඛේදවාචකයෙන් මියගිය හෝ තුවාල ලැබූ රෝගීන්, වෛද්‍ය කාර්ය මන්ඩලය සහ අනෙකුත් අහිංසකයින් ගැන අපි ශෝක වෙමු. ”

මොනතරම් නරුමත්වයක් සහ කුහකකමක්ද!

සියලුම අධිරාජ්‍යවාදී බලවතුන් මෙම යුද අපරාධයට සම්බන්ධය. අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලට ප්‍රහාරය එල්ල කෙරුනේ, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්  නෙතන්යාහු හමුවී , ජර්මනියට ” ඇත්තේ එක තැනක් පමනයි… ඒ ඊශ්‍රායලය සමගයි” යනුවෙන් ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව ය.

ඊශ්‍රායලයේ අපරාධ යුක්තිසහගත කිරීම සඳහා ජර්මානු අධිරාජ්‍යවාදයේම අපරාධ නරුම ලෙස භාවිතා කරමින් , නාසීන් විසින් යුරෝපීය යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් බෝම්බ හෙලීමට හා බඩගින්නේ මිය යෑමට බදුන් කර ඇති පලස්තීන ජනතාව කිසියම් අයුරකින් සම්බන්ධ වන්නාක් මෙන් ,ෂොල්ෂ් පැවසුවේ ජර්මනියේ “හොලෝකෝස්ටය පිලිබඳ වගකීම නිසා  ඊශ්‍රායලයේ ආරක්ෂාව සහ පැවැත්ම පවත්වා ගැනීම සදහා අප   උපකාර කරීම   අවශ්‍ය කරන ” බවයි.

නෙතන්යාහු ආන්ඩුව සමග “සහයෝගීව සිටීම” සදහා බයිඩන් ඊශ්‍රායලයට පැමිනීමට පැය 24 කටත් අඩු කාලයකට පෙර රෝහල් බෝම්බ ප්‍රහාරය එල්ල විය. අඟහරුවාදා ඝාතනය කරන ලද පලස්තීනුවන් 500 දෙනෙකුගේ ලෙයින් වර්න ගැන්වූ  රතු පලස ඊශ්‍රායලය විසින් බයිඩන්ට එලා ඇත. බයිඩන් ගේ යානය ගොඩ බානවාත් සමගම, මල සිරුරු සුන්බුන් වලින් එලියට ඇද ගැනෙනු ඇත.

පහසුවෙන්ම විය හැකි ලෙස එක්සත් ජනපදය විසින් සපයන ලද බෝම්බයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් සමඟින් සිදු කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් නෙතන්යාහුට අත අත දී , ඔහුට සුබ පැතීමට ඊශ්‍රායලයට යාමෙන් බිඩෙන් ඔහුගේ “කෝපය” ප්‍රකාශ කරයි. ඔහුගේ පරිපාලනය මෙම ම්ලේච්ඡත්වයට සම්පූර්නයෙන්ම සම්බන්ධ වී ඇත.

සති අන්තයේදී  එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කලේ, එක්සත් ජනපදයට ඊශ්‍රායලය සදහා  සහය නොදැක්වීම පිනිස ඉක්මවා යා නොහැකි  “රතු ඉරි” නැති බවයි. එක්සත් ජනපද නිලධාරීන්ට සටන් විරාමයක් හෝ එදිරිවාදිකම් මන්දනය කිරීමක් ඉල්ලා සිටීම අනුමත කල නොහැකි බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

අන්ත දක්ෂිනාංශික නෙතන්යාහු තන්ත‍්‍රය ගාසා තීරයේ ජනගහනයට එරෙහිව සමූලඝාතක සහ වාර්ගික ශුද්ධ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. එය රටේ [ ගාසා තීරය] උතුරෙහි , ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කර ඇති අතර, සිවිල් යටිතල පහසුකම්වලට ක්‍රමානුකූලව බෝම්බ හෙලීම සහ මුලු ජනගහනයටම ආහාර, ජලය, විදුලිය සහ වෛද්‍ය පහසුකම් කපා හැර ඇත. ඊශ්‍රායල රජයේ ඉලක්කය වන්නේ ගාසා තීරයේ ජනතාව ඔවුන්ගේ භූමියෙන් ඉවත් කිරීම සහ ඔවුන් විසින් මරා නොදමන අය රටක් නැති, ඉඩම් නොමැති සරනාගතයින් බවට පත් කිරීමයි.

ගාසා තීරය “කූඩාරම් නගරයක්” බවට පත් කර “බිමට සමතලා කරන” බව පැවසමින්  එක් ඊශ්‍රායල නිලධාරියෙකු මෙම සැලැස්ම විස්තර කලේය. පලස්තීනුවන්  සංහාර කරමින් අවතැන්  කිරීමේ මෙම පිලිවෙත ක්‍රියාත්මක කිරීමට, මැදපෙරදිග තම සේවාදායක රාජ්‍යයට වන ඊශ්‍රායලයට රිසි ලෙස කටයුතු කිරීමට ( Carte blanche ) අවසර ලබා දීමෙන් අධිරාජ්‍යවාදී බලවතුන් ඊට පූර්න සහයෝගය ලබා දී ඇත.

Palestine
ඊශ්‍රායලයේ සිතියමක්, කොළ පැහැයෙන් පලස්තීන ප්‍රදේශ සහ ඊශ්‍රායල විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරය දැක්වේ. [AP ඡායාරූපය]

පසුගිය සතිය පුරා ඊශ්‍රායල සහ එක්සත් ජනපද නිලධාරීන් භාවිත කල භාෂාව ඉලක්ක කර තිබුනේ මෙවැනි භීෂනයක් ක්‍රියාත්මක කල හැකි වාතාවරනයක් නිර්මානය කිරීමයි. නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් යන දෙදෙනාම පලස්තීනුවන් හැඳින්වූයේ “තිරිසනුන්” යනුවෙනි. අඟහරුවාදා නෙතන්යාහු පලස්තීනුවන් “අන්ධකාරයේ දරුවන්” ලෙස හඳුන්වමින් තවත් ඉදිරියට ගියේය. පසුගිය සතියේ බිඩෙන් මෙම භාෂාව ප්‍රතිරාවය කරමින්, ඔවුන්ගේ සිර කඳවුරෙන් පිටතට කඩාවැදුනු පලස්තීනුවන්ගේ ක්‍රියාවන් “තනිකර නපුර” ලෙස හැදින්වීය.

ඇමරිකාවේ ස්වදේශික ඇමරිකානු ජනගහනය ක්‍රමානුකූලව කොල්ලකෑම, සමූලඝාතනය සහ අවතැන් කිරීම ගැන සඳහන් කරමින්, දිගුකාලීන පලස්තීන නායක යසර් අරෆත්, “අපි රතු ඉන්දියානුවන් නොවේ” යන කියමන නැවත නැවතත් කියා පෑවේය. මෙයට අධිරාජ්‍යවාදී බලවතුන් ප්‍රකාශ කරන්නේ, “නැහැ , ඔබ ඔවුන්ම  තමයි” යනුවෙනි.

පලස්තීනුවන්ට එරෙහි මෙම සමූල ඝාතනය විවෘත වැලඳ ගැනීම සිදුවන්නේ එක්සත් ජනපදය යුද්ධය සදහා  කෙදිනකට හෝ වඩා සෘජුවම සම්බන්ධ වන  අතර දීය. අඟහරුවාදා පෙන්ටගනය විසින් මැදපෙරදිගට විභව යෙදවීම  සඳහා සූදානම්ව සිටින ලෙස භටයින් 2,000කට නියෝග කලේය. මැරීන් භටයින් 2,400 ක් ඇතුලුව යූඑස්එස් බටාන් උභය සූදානම් කන්ඩායම (USS Bataan Amphibious Ready Group,) එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් සමඟ කලාපයට යොදවන බව ද එය නිවේදනය කලේය. එක්සත් ජනපද හමුදාව පලස්තීනුවන් ඉලක්ක ගත කරනු පමනක් නොව ඉරානය සමඟ යුද්ධය සඳහා  කොන්දේසිද නිර්මානය කරයි.

සිදුවෙමින් පවතින ගැටුම තේරුම් ගත හැක්කේ රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය විසින් ගෝලීය මිලිටරිවාදය පුපුරුවා හැරීමේ සන්දර්භය තුල පමනි. යුක්රේනයේ , රුසියාව සමග එක්සත් ජනපද යුද්ධය දැන් ගෝලීය ගිනි ජාලාවක් බවට පැතිරෙමින් මැද පෙරදිග කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වෙමින් පවතී.

වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේ බයිඩන් පරිපාලනය යුක්රේනය සන්නද්ධ කිරීම සඳහා වූ ඩොලර් බිලියන 20 ක පනතක් , යුක්රේනය, මැද පෙරදිග සහ පැසිෆික් කලාපයේ යුද්ධ සඳහා ඩොලර් බිලියන 100 ක දැවැන්ත වියදම් පැකේජයක් බවට පත් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

යුක්රේනයේ යුද්ධය යුක්තිසහගත කිරීමට භාවිතා කරන සියලුම බොරු පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ සමූල ඝාතනයෙන් පුපුරවා හරිනු ලැබේ. එක්සත් ජනපද ආන්ඩුව රුසියානු ආක්‍රමනයට එරෙහිව “ජාතික ස්වෛරීත්වයට” සහය දක්වන බව කියා ඇත, රුසියාව “යුද අපරාධ” මෙන්ම “ජන සංහාර” පවා  සිදු කරන බව කියා ඇත- දැන් සියලු අධිරාජ්‍යවාදී බලවතුන් ඇත්ත ජනඝාතක ක්‍රියාවලට විවෘතව සහාය දක්වති. යුක්රේනයේ රුසියානු ක්‍රියා සම්බන්ධයෙන් ඇමරිකානු මාධ්‍ය විසින් ගෙන යන සියලුම බොරු ප්‍රචාර යමෙක් පිලිගත්තේ වුවද, එය ඊශ්‍රායලය දැන් මුලු ලෝකයම ඉදිරියේ කරමින් සිටින දෙයට සාපේක්ෂව සුදුමැලි වේ.

තත්‍ය කාලීනව සිදුවන දේ හෙලා දැකීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් වීදි බැස ඇත. මොනතරම් බොරු ප්‍රචාර සහ බිය ගැන්වීම් තිබුනත් පුලුල් ජනතාවගේ හැඟීම පලස්තීනුවන්ගේ පැත්තේ ඇත. කවරදාටත් වඩා, කම්කරුවන්ගේ හා තරුනයන්ගේ  පුලුල් ස්ථරයන් ආවරනය වන පරිදි මෙම විරෝධතා පුලුල් කල යුතුය. ඔවුන් එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව සූරාකෑමට එරෙහිව වර්ධනය වෙමින් පවතින කම්කරුවන්ගේ වැඩ වර්ජන රැල්ලට සම්බන්ධ කල යුතුය.

සඳුදා පලස්තීන වෘත්තීය සමිති කන්ඩායමක් සිය වැඩ වර්ජනයට සහාය දෙන ලෙස ලොව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය:

“ඊශ්‍රායලය සිය මිලිටරි ව්‍යාපාරය තීව්‍ර කරන විට, පලස්තීන වෘත්තීය සමිති, ජාත්‍යන්තරව අපගේ සගයන්ගෙන් සහ හෘදය සාක්ෂිය ඇති සියලුම ජනයාගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ යුද අපරාධ සමඟ ඇති සියලු ආකාරයේ සහයෝගීතාවයන් අවසන් කරන ලෙසයි. ”

එය තවදුරටත් සදහන් කලේ :

“මෙම හදිසි, ජන සංහාරක තත්ත්වය වැලැක්විය හැක්කේ පලස්තීනයේ ජනතාව සමඟ ගෝලීය සහයෝගීතාවයේ දැවැන්ත වැඩිවීමකින් පමනක් වන අතර එමඟින් ඊශ්‍රායල යුද යන්ත්‍රය අවහිර කල හැකිය. ඔබ ලෝකයේ කොතැනක සිටියත් ඊශ්‍රායල රාජ්‍යයේ සන්නද්ධ වීම වැලැක්වීම සඳහා ඔබ වහා පියවර ගැනීම අපට අවශ්‍යයි.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලස්තීන වෘත්තීය සමිතිවල කැඳවීම අනුමත කරයි. ඉන් ඔබ්බට, ඊශ්‍රායලයේ යුද්ධයේදී ප්‍රයෝජනයට ගත හැකි සියලු සම්පත් අහිමි කිරීමට වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ලොව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. ලොව පුරා සිටින නැව් තටාක සේවකයින්, ගුවන් තොටුපල සහ ප්‍රවාහන සේවකයින් ඊශ්‍රායලය දෙසට යොමු කරන ඕනෑම ආයුධයක් හැසිරවීම ප්‍රතික්ෂේප කල යුතුය.

ගාසා තීරයට ඊශ්‍රායල බෝම්බ හෙලීම සහ සියලුම ඊශ්‍රායල හමුදා විසිරුවා හරින ලෙස සහ ගාසා තීරයේ දේශසීමාවෙන් ඔවුන් ඉවත් කිරීම  කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය. ගාසා තීරය වටලෑම අවසන් කල යුතු අතර ආහාර, ජලය, විදුලිය, වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සියලුම අවශ්‍යතා වහාම ලබා දිය යුතුය.

ජාත්‍යන්තර අපරාධ අධිකරනය නෙතන්යාහු, ෂොල්ෂ්, බයිඩන් සහ ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල සමූල ඝාතනයට සහාය දක්වන එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ සියලුම ප්‍රමුඛ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරිය යුතුය.

දිග හැරෙන මෙම සමූල ඝාතනය නැවත්වා ඊට වගකිවයුත්තන් වගවීමට සැලැස් විය හැක්කේ ලොව පුරා කම්කරු හා තරුන මහා රාශීන් ගේ මැදිහත් වීම තුලින් පමනි.

ගාසා තීරයේ රෝහලට ඊශ්‍රායලය බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ගෝලීය කෝපය පුපුරා යයි Read More »

Navy

ඊශ්‍රායලයට ජන සංහාරය සඳහා කොළ එළියක් දෙමින්, එක්සත් ජනපදය ඉරානයට එරෙහිව යුද්ධය සූදානම් කරයි

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 16 දින පල වූ ‘As it gives Israel green light for genocide, US prepares war against Iran’ යන  ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

Navy
මෙම ඡායාරූපය 2020 දී දකුණු චීන මුහුදේ මුර සංචාරයේ යෙදී සිටින එක්සත් ජනපද ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම් දෙකක් පෙන්වයි. [AP ඡායාරූපය]

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ ජනතාවට එරෙහිව ගෙන යන  ජන සංහාරයක් මධ්‍යයේ, ඉරානය ඉලක්ක කර ගනිමින් මැද පෙරදිග කලාපය පුරා යුද්ධයක් මුදා හැරීමට එක්සත් ජනපදය තර්ජනය කරයි.

සති අන්තයේ ගාසා තීරයට දිගින් දිගටම හෙලන ලද බෝම්බ වැස්ස මගින් සෑම දිනකම මිනිස්සු  සිය ගණනක් මිය ගියහ. එහි වෙසෙන, මිලියන දෙකක ජනගහනයක් සාගින්නෙන් හා පිපාසයෙන් ක්‍රමානුකූලව ඝාතනය කරමින් පවතින අතර, සිදු වීමට ආසන්න භූමි ආක්‍රමණයකට පෙර උතුරු ගාසා තීරයේ මිලියනයක ජනතාවකට මරණීය පා ගමනක් කිරීමට බල කෙරී ඇත .

මෙම ජන සංහාරයට බයිඩන් පරිපාලනයේ පූර්ණ සහය ලැබී ඇති අතර, එය ඊශ්‍රායලයට යුද අපරාධ සිදුකිරීමට හිස් චෙක්පතක් ලබාදීමක් වැනිය.  මෙහෙයුම් වශයෙන්, ඊශ්‍රායලයේ ක්‍රියා එක්සත් ජනපදය විසින් අධීක්ෂණය කරනු ලැබේ. රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පසුගිය සතියේ ඊශ්‍රායලයට ගිය අතර බ්ලින්කන් මේ සතියේ ආපසු එහි පැමිණීමට නියමිතය.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධත් සමග එක්ව කලාපය තුළ  ගුවන්යානා යානා ප්‍රවාහක නෞකා දෙකක් සහ ඒ ආශ්‍රිත යුධ කණ්ඩායම් යෙදවීම මගින් මෙහෙයවනු ලබන එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම , දැවැන්ත ව්‍යාප්තියක් සමග අත්වැල් බැඳගෙන ඇත. යුධ නෞකා දුසිමකට වැඩි ප්‍රමාණයක් මැද පෙරදිගට යවා ඇත්තේ හුදෙක් නාවික හමුදාවක් නොමැති හමාස් සංවිධානයට තර්ජනය කිරීමට නොවේ. එක්සත් ජනපදය ඉරානය සමඟ යුද්ධය ද ඇතුලුව මැද පෙරදිග කලාපය තුල වඩාත් පුලුල් ගැටුමකට සූදානම් වෙමින් සිටී.

රුසියාව සමග එක්සත් ජනපදයේ යුද්ධයේ සහ චීනයට එරෙහි යුද සැලසුම්වල මැද පෙරදිග පෙරමුණ ලෙස, ඉරානය සමඟ යුද්ධයක් සඳහා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපදය වර්තමාන අර්බුදය භාවිතා කරයි. සෙනසුරාදා ඔස්ටින් නිවේදනය කලේ, යූඑස්එස් ඩ්වයිට් ඩී. අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහක නෞකාවේ මෙහෙය වීම යටතේ, දෙවන වාහක ප්‍රහාරක කණ්ඩායමක් කලාපයට යවමින්, එක්සත් ජනපදය මැද පෙරදිග යොදවා ඇති සිය මිලිටරි වත්කම් දෙගුණ කරන බවයි.

ප්‍රහාරක කණ්ඩායමට “මාර්ගෝපදේශ මිසයිල කෲසර් යූඑස්එස් පිලිපයින් සී , මාර්ගෝපදේශක මිසයිල විනාශ කරන්නන් වන යූඑස්එස් ග්‍රේව්ලි සහ යූඑස්එස් මේසන් සහ ගුවන් යානා බලඝණ නවයක් සහිත කැරියර් එයාර් වින්ග් 3 ඇතුළත්” බව ඔස්ටින් පැවසීය. දැනටමත් කලාපයට යොදවා ඇති යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ්  වාහක ප්‍රහාරක කණ්ඩායමට අයිසන්හවර් එක් වනු ඇත. ඔස්ටින් සඳහන් කළේ, “ෆෝර්ඩ් සීඑස්ජී  හි යූඑස්එස් නෝර්මන්ඩි , යූඑස්එස් තෝමස් හඩ්නර් , යූඑස්එස් රැමිජ්, යූඑස්එස් කැනරි  සහ යූඑස්එස් රූස්වෙල්ට් ඇතුලත්ය.” සතිය මුලදී, එක්සත් ජනපද ගුවන් හමුදාව F-15, F-16 සහ A-10 ප්‍රහාරක ගුවන් යානා බලඝණ කලාපයට යෙදවීම ගැන නිවේදනය කළේය.

Palestine
ඊශ්‍රායලයේ සිතියමක්, කොළ පැහැයෙන් පලස්තීන ප්‍රදේශ සහ ඊශ්‍රායල විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරය දැක්වේ. [AP ඡායාරූපය]

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සෑම වාහක ප්‍රහාරක කණ්ඩායමකටම නාවිකයින්, ගුවන් භටයින් සහ මැරීන් භටයින් 8,000ක් දක්වා වූ මුළු කාර්ය මණ්ඩලයක් සිටින අතර එයින් අදහස් වන්නේ තවත් ගුවන් යානා දුසිම් ගනනක් සහ සහායක පිරිස් දහස් ගණනක් සමඟින් සතියකට මදක් වැඩි කාලයක් තුල මැදපෙරදිගට භටයින් 15,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි. .

මෙම සැලසුම් එකවර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි විය. නෙතන්යාහු ආන්ඩුවට සහ එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සි කැරැල්ලේ පරිමාණයෙන් කම්පනයට පත් වුවද හමාස්ගේ ප්‍රහාරයක් පිලිබඳව යම් තරමක පූර්ව දැනුමක් තිබූ බවට ඇඟවීම් තිබේ. කෙසේ වෙතත්, ඊශ්‍රායල පාලන තන්ත‍්‍රය පලස්තීනුවන්ට එරෙහි සමස්ත යුද්ධයක් සඳහා සැලසුම් කර තිබුණේ, දේශීයව , එනම් ඊශ්‍රායලය තුළ තීව‍්‍රවන අභ්‍යන්තර සමාජ හා දේශපාලන අර්බුදයෙන් ඉවතට හැරීම සඳහා ය.

එක්සත් ජනපදය, එහි කොටස ලෙස, ඉරානයට එරෙහිව තමන්ගේම සැලසුම් ක්‍රියාත්මක කිරීම තීව්‍ර කිරීම සඳහා  අර්බුදය භාවිතා කර ඇත.

ගුවන් යානා ප්‍රවාහන නෞකා ඉරානය ඉලක්ක කර ගනිමින් සිටින බව එක්සත් ජනපද නිලධාරීන් පැහැදිලි කර ඇත. සිකුරාදා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් පැවසුවේ, “මෙම ගැටුම උත්සන්න වීමේ අවදානමක් පවතී, උතුරේ දෙවන පෙරමුණක් විවෘත කිරීම සහ, ඇත්ත වශයෙන්ම, ඉරානයේ මැදිහත්වීම… නැඟෙනහිර මධ්‍යධරණී මුහුදට ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලබා දීමටත්, ගල්ෆ් කලාපයට ගුවන් යානා රැගෙන යාමටත් ජනාධිපතිවරයා ඉතා වේගයෙන් හා තීරණාත්මක ලෙස පියවර ගත්තේ එබැවිනි, මන්ද ඔහුට ඉතා පැහැදිලි වැළැක්වීමේ පණිවිඩයක් යැවීමට අවශ්‍ය වූ බැවිනි.”

ඉරිදා රාත්‍රියේ කතුවැකියක වෝල් ස්ට්‍රීට් ජර්නලය මෙසේ ලිවීය, “ටෙහෙරානයේ අයතුල්ලාවරු , ඔවුන්ගේ ත්‍රස්තවාදී ප්‍රොක්සිවලට වඩා වැඩි ප්‍රමාණයකින් අවදානමට ලක්ව ඇති දේ ඇති බව තේරුම් ගත යුතුය. ඔවුන්ගේ න්‍යෂ්ටික අඩවි සහ තෙල් ක්ෂේත්‍ර ද ඉලක්ක ලැයිස්තුවේ ඇති බව ඔවුන් දැනගත යුතුය.” මෙම කරුණු ප්‍රතිරාවය කරමින්, සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්, ඉරානයට එරෙහිව යුද ප්‍රකාශයක් කිරීමේ අපේක්ෂාව මතු කළ අතර, ඔහු ධවල මන්දිරය සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කළ බව පැවසීය.

“ඉරානය තෙල් ව්‍යාපාරයෙන් නෙරපා හැරීම සඳහා ඊශ්‍රායලය සමඟ එක්ව එක්සත් ජනපදය විසින් මිලිටරි ක්‍රියාමාර්ගයකට ඉඩ දීම සඳහා මම එක්සත් ජනපද සෙනෙට් සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමි,” ඔහු පැවසීය. “ඉරානය, ඔබ මෙම යුද්ධය උත්සන්න කළහොත්, අපි ඔබ වෙනුවෙන් පැමිණෙන්නෙමු.” ඔහු තවදුරටත් පැවසීය.

මිනිත්තු 60 ක සම්මුඛ සාකච්ඡාවකදී, බයිඩන් යුද්ධයේ දෙවන පෙරමුණක් විවෘත කිරීම සහ ලෙබනනයේ හිස්බුල්ලා දේශපාලන පක්ෂයට පහර දීම සඳහා සහයෝගය ඇඟවුම් කරන බවක් පෙනෙන්නට තිබුණි. “ඇතුළට ගොස් අන්තවාදීන් පිටතට ගැනීම, හිස්බුල්ලා උතුරට ඉහළින් සිටින නමුත් හමාස් දකුණට අවශ්‍ය අවශ්‍යතාවයකි, ඉරානය නිරන්තරයෙන් හමාස් සහ හිස්බුල්ලාට සහාය දක්වයි.”බිඩෙන් පැවසීය.

මෙම සන්දර්භය තුළ, ඉරානයට එරෙහි යුද්ධයක් යුක්තිසහගත කිරීම සඳහා එක්සත් ජනපදය යම් ආකාරයක ප්‍රකෝපකරනයක් සිදු කිරීමට ඉඩ තිබේ. සැලකිය යුතු කරුණක් නම්,පෙනෙන පරිදි හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා, වර්තමාන අර්බුදය තුළ එක්සත් ජනපද හමුදා සටන් සඳහා යෙදවීම ප්‍රතික්ෂේප නොකරන බව , ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේය .ඇමරිකානු අධිරාජ්‍යවාදයට කිසිදු වැදගත්කමක් නැති ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම නොව, එක්සත් ජනපද හමුදා භූමියේ යෙදවීමෙන්, ඉදිරියේ දී, ඉරානය සමඟ වර්ධනය වන ගැටුමක දී එක්සත් ජනපද මිලිටරිය ඊට සෘජුවම සම්බන්ධ කර ගැනීමයි.

එක්සත් ජනපදය විසින් දශක ගණනාවක් තිස්සේ ඉරානයට එරෙහි යුද්ධයක් සඳහා සැලසුම් කර ඇත. 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, 2002 ජනවාරියේදී, එවක ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් , ඊලඟ වසරේ දී ආක්‍රමණය කර අත්පත් කරගත් ඉරාකය ඇතුළත් “නපුරේ අක්ෂයේ” කොටසක් ලෙස ඉරානය හැඳින්වීය. ධවල මන්දිරය තුළ බුෂ් පරිපාලන නිලධාරීන් “පිරිමි ළමයින් බැග්ඩෑඩ් වෙත ගියත් සැබෑ මිනිසුන් ටෙහෙරානයට යයි” යන කියමනට ප්‍රිය කළහ.

ට්‍රම්ප් පරිපාලනය යටතේ ඉරානය සමඟ එක්සත් ජනපද ගැටුම දැවැන්ත ලෙස තීව්‍ර විය. 2018 එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව, ඉරානය 2019 ජුනි මාසයේදී හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කල  එක්සත් ජනපද ඩ්‍රෝන යානයක් බිම හෙළීය. එම මාසයේදී එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් කිරීමට අණ කළ අතර ,ගුවන් යානා ඒවන විටත් ගුවනේ තිබියදී, අවසන් මිනිත්තුවේදී , ඔහු එය නතර කළේය.

2020 ජනවාරි මාසයේදී එක්සත් ජනපදය ඉරානයේ කුඩ්ස් බලකායේ අණ දෙන නිලධාරි සහ ඉරාන හමුදා සංස්ථාපිතයේ ප්‍රධාන චරිතයක් වූ කසෙම් සොලෙයිමානි ඝාතනය කළේය.

මැද පෙරදිග පූර්න පරිමානයේ යුද්ධයක් වර්ධනය වීම, යුක්රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව දිග්ගැස්සුනු හා තීව‍්‍රවන එක්සත් ජනපද-නේටෝ යුද්ධයට තුඩු දුන් එම පිලිවෙත්වලම අඛණ්ඩ පැවැත්මකි. රුසියාව මිලිටරිමය වශයෙන් පරාජය කිරීම සහ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් සංවිධානය කිරීමේ අරමුන ඇතිව එක්සත් ජනපදය විසින් ගැටුම උසිගන්වන ලදී. රුසියාවට එරෙහි යුද්ධය සැලකෙන්නේ චීනය සමග මිලිටරි ගැටුමක සූදානමක් ලෙස ය.

ගාසා තීරයේ ජනගහනයට එරෙහිව සමූල ඝාතනය කිරීමට ඊශ්‍රායලයට ලබා දී ඇති නිදහස් පාලනය සහ ඉරානයට එරෙහිව එක්සත් ජනපද යුද සැලසුම් තීව්‍ර කිරීම, තුන්වන ලෝක යුද්ධයක ආරම්භක අවධීන් තුළ වන පුපුරා යාමේ සන්දර්භය තුළින් දැකිය යුතුය.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ගෝලීය ව්‍යාපාරයක් සමග ඡේදනය වන කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරයක් මගින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සැලසුම් කඩාකප්පල් වෙමින් තිබේ. සති අන්තයේ, ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව මිලියන සංඛ්‍යාත ජනතාවක් මැද පෙරදිග, යුරෝපය සහ එක්සත් ජනපදය තුල පෙළපාලි ගියහ.

යුද්ධයේ දැවැන්ත තීව්‍රතාවය ගෙවනු ලබන්නේ දැනටමත් එක්සත් ජනපදයේ සහ ප්‍රධාන ධනේශ්වර රටවල , වැඩෙන වැඩ වර්ජන රැල්ලක් ඇවිලී ඇති කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය උත්සන්න කිරීම හරහා ය.

ඊශ්‍රායල් ජන සංහාරයට එරෙහි මහජන විරෝධය පුපුරා යාම , අසමානතාවය හා සූරාකෑම මත වර්ධනය වන පන්ති අරගලයට සම්බන්ධ විය යුතුය. මේ සඳහා ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි විරුද්ධත්වය සමග යුද්ධයට එරෙහි සටන ඒකාබද්ධ කරමින් කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

ඊශ්‍රායලයට ජන සංහාරය සඳහා කොළ එළියක් දෙමින්, එක්සත් ජනපදය ඉරානයට එරෙහිව යුද්ධය සූදානම් කරයි Read More »

Scroll to Top