ක්‍රිස් මාර්ස්ඩන් හා තෝමස් ස්ක්‍රිප්ස් විසිනි.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 මාර්තු 8 දින “No to European rearmament!” යන හිසින් පල වූ ක්‍රිස් මාර්ස්ඩන් හා තෝමස් ස්ක්‍රිප්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

සෑම ප්‍රධාන යුරෝපීය බලවතෙකුම හමුදා යලි සන්නද්ධ කිරීමේ වියරු වැඩපිලිවෙලක් වේගවත් කරමින් සිටි.
යුරෝපා සංගමය යුරෝ බිලියන 800ක් ලබා දීමට කටයුතු යොදා ඇත. ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ නව සීඩීයූ ප්‍රමුඛ ආන්ඩුව බලයට පත්වීමට පෙර සිටම ජර්මනිය අතිරේක බිලියන සිය ගනනක ආරක්ෂක වියදම් ප්‍රකාශ කර ඇත.
ප්‍රංශය වාර්ෂික මිලිටරි වියදම් දෙගුණ කිරීමට සැලසුම් කරමින් සිටින අතර, ජනාධිපති මැක්‍රොන් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක ඉලක්කයක් යෝජනා කරයි. ඔහු, යුරෝපීය සහචරයින් ප්රංශයේ න්යෂ්ටික ආවරණය යටතට ගෙන ඒමට ඔහුගේ සූදානම ප්රකාශ කර ඇත.
කියා ස්ටර්මර් ගේ කම්කරු ආන්ඩුව විසින් නායකත්වය දෙන බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ අනෙකුත් බලවතුන් සමග සන්ධානගතව, “කැමති අයගේ සභාගයක” කොටසක් ලෙස, බ්‍රිතාන්‍යය”බූට් සපත්තු භූමිය මත ද අහසෙහි ගුවන් යානා ද” ලෙස බ්‍රිතාන්‍යය හමුදා සහ ගුවන්යානා යුක්‍රේනයට යැවීමට යෝජනා කරයි.
යුක්රේන ප්‍රජාතන්ත්‍රවාදය සහ සමස්ත මහාද්වීපයම රුසියානු චණ්ඩභාවයෙනයෙන් සහ වඩාත් විකාර සහගත ලෙස, රුසියානු ආක්‍රමණයෙන්, ආරක්ෂා කිරීමේ සදාචාරාත්මක අත්‍යවශ්‍යක් ගැන පවසමින් සෑම දේශපාලන පක්ෂයක්ම සහ ප්‍රධාන ප්‍රවෘත්ති ආයතනයක්ම මෙම මිලිටරිවාදයේ පිපිරීම යුක්ති සහගත කරමින් මුසාවන් වපුරයි.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් මැක්‍රොන් ප්‍රකාශ කළේ, “අපේ මහාද්වීපයේ තවදුරටත් සාමය සහතික කළ නොහැකියි….රුසියාව, ප්‍රංශයට සහ යුරෝපයට තර්ජනයක්ව ඇති අතර එලෙසම පවතිනු ද ඇත.”
යුරෝපීය බලවතුන් සඳහා සැබෑ අභිප්‍රේරණය වන්නේ, ට්‍රම්ප්ගේ ‘ඇමරිකාවට පළමු තැන’ විදේශ ප්‍රතිපත්තිය, රුසියාව සමඟ ඔහුගේ ඒකපාර්ශ්වික සාකච්ඡා සහ යුක්‍රේනයේ සම්පත් සඳහා තනි ප්‍රවේශය සඳහා වන බලකර ඉල්ලීම්, නේටෝවේ යුද්ධයේ (සම්පත්, යස ඉසුරු)මංකොල්ලයෙන් ඔවුන්ව කපා හැරීමට තර්ජනය කරන බව පිළිබඳ ඔවුන්ගේ අවබෝධයයි.
යුක්රේනයේ ගැටුම සූදානම් කෙරුනේ, එරට, නේටෝවේ සහ යුරෝපීය සංගමයේ ග්‍රහණයට ගෙන ඒම සහ රුසියාවේ සැලකිය යුතු වත්කම් ලෝක අධිරාජ්‍යවාදයට විවෘත කරනා මොස්කව්හි පාලන තන්ත්‍ර වෙනසකට නායකත්වය දීම අරමුනු කරගත්, අස්ථාවර කිරීමේ ඒකාබද්ධ යුරෝපීය-ඇමරිකානු ව්‍යාපාරයක් මගිනි.
නේටෝ බලවතුන් අපේක්ෂා කළ පරිදිම, රුසියාවේ ධනේශ්වර කතිපයාධිකාරයේ නියෝජිතයා ලෙස,යුක්රේනයේ ප්‍රතිගාමී ආක්‍රමණය හැර වෙනත් ආකාරයකින් මෙම තර්ජනයට ප්‍රතිචාර දැක්වීමට පුටින්ගේ ආන්ඩුවට නොහැකි විය.
ස්ටාර්මර් සහ මැක්‍රොන් විසින් ධවල මන්දිරයේ ෆැසිස්ට්වාදියාට නිරන්තර දෑත් දිගු කිරීම් මගින් පෙන්නුම් කල පරිදි, පුටින් සමඟ ඔහුගේ සාකච්ඡාවලදී යුරෝපයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ට්‍රම්ප් එකඟ වූයේ නම්, බර්ලින්, පැරිස් සහ ලන්ඩන් වොෂින්ටනය සමඟ එකඟතාවයක් සෙවීමට ඉඩ තිබිනි.
යලි සන්නද්ධ කිරීම යුක්ති සහගත කිරීම සඳහා මුදා හරින ලද කුහකකමේ උදම් රැල්ල මධ්‍යයේ, යුරෝපය, Zelensky ගේ දක්ෂිණාංශික තන්ත්‍රයට ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය සඳහා පදනම ලෙස, 2021 ජූලි “යුරෝපීය සංගමය සහ යුක්‍රේනය අතර අමුද්‍රව්‍ය පිළිබඳ උපායමාර්ගික හවුල්කාරිත්වයක් පිළිබඳ අවබෝධතා ගිවිසුමේ” පුනර්ජීවනයක් අපේක්ෂා කරයි.
යුරෝපයේ කාර්මික මූලෝපාය කොමසාරිස් Stéphane Séjourné විසින් මෙම සංදේශය පසුගිය මාසයේ විස්තර කරන ලද්දේ, “යුරෝපයට අවශ්‍ය තීරනාත්මක ද්‍රව්‍ය 30න් විසි එකක්” සපයන “ජයග්‍රාහී හවුල්කාරිත්වයක” ( “win-win partnership.”) කොටසක් ලෙසය. ඇත්ත වශයෙන්ම යුරෝපය, එක්සත් ජනපදයට වඩා, යුක්රේනයේ මූලෝපායික ඛනිජ ඩැහැ ගැනීම මත බොහෝ දුරට යැපෙන අතර, මේ මොහොතේ ඒවායේ සැපයුම සඳහා බොහෝ දුරට තනිකරම චීනය මත රැඳී ම සිටි.
මෙම සැබෑ අවශ්‍යතා පිළිගනිමින්, “ප්‍රධාන යුරෝපීය රටක රාජ්‍ය තාන්ත්‍රිකයෙක්” BBC වෙත නිර්නාමිකව කතා කරමින්, ට්‍රම්ප් යුක්රේනයට හමුදා ආධාර අවසන් කිරීම ගැන පැවසුවේ, “එය නිසැකවම අපගේ මනස සහ මුදල් පසුම්බි වල අවධානය කේන්ද්‍රගත කිරීමේ එක් ක්‍රමයකි! අපි ඒ ආකාරයට සිතුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේ අපට උදව්වක්. ”
යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියට මතු කරන අන්තරායන් ගිනිය නොහැකි ය. යුක්රේන භූමියට යුරෝපීය හමුදා යෙදවීම සහ එහි අහස ඉහලින් ගුවන් යානා තැබීම සහ ජර්මනියට සහ අනෙකුත් සහචරයින්ට ප්‍රංශ න්‍යෂ්ටික ආවරණය දිගු කිරීම පවා, යුරෝපයේ යුද අනතුරේ සැබෑ මූලාශ්‍රය වේ.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මැක්‍රොන්ගේ කඩු ලෙලවීම ගැන පැවසුවේ , “ඔහු අප තර්ජනයක් ලෙස සලකන්නේ නම්, යුරෝපීය රටවල සහ බ්‍රිතාන්‍යයේ හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ රැස්වීමක් කැඳවා, න්‍යෂ්ටික අවි භාවිතා කිරීම අවශ්‍ය බව පවසා, රුසියාවට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සූදානම් වේ නම්, එය ඇත්ත වශයෙන්ම තර්ජනයකි”, බවයි.
යුරෝපීය බලවතුන් “ජාත්‍යන්තර නීති මත පදනම් වූ පද්ධතියේ” අවසානය ගැන කතා කරන විට සහ ඒ සඳහා ට්‍රම්ප්ට දොස් පවරන විට, ඔවුන් සූදානම් වන්නේ ආයුධ බලහත්කාරයෙන් තමන්ගේම අධිරාජ්‍යවාදී අවශ්‍යතා හඹා යාම සඳහා යලි හැරීගැනීම සඳහා ය. එසේ කිරීම රුසියාව සමග පමනක් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදය සමගද ගැටුමකට සම්බන්ධ බව ඔවුන් දැන් සම්පූර්ණයෙන් දැනුවත්ය.
නැවත සන්නද්ධ කිරීමේ ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටින ජර්මනිය, 20 වැනි සියවසේදී එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ දෙකක් කළේය. ප්‍රංශය, ස්වාධීන න්‍යෂ්ටික හැකියාවක් සහ මිලිටරි බුද්ධි ව්‍යුහයක් අවධාරනය කිරීම ඇතුලු ස්ථාවරයන් වැළඳ ගැනීම මගින්, නේටෝව හරහා වොෂින්ටනයට යටත් වීම කිසිවිටෙක පිළිගත්තේ නැත. බ්‍රිතාන්‍යය ඊට විරුද්ධව සිටියේය.1956 සූවස් අර්බුදයෙන් පසුව එහි විධානයන්ට යටත් වීම සහතික කිරීම සම්බන්ධයෙන් පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටස් කිසිවිටෙක ඇමරිකාවට සමාව දුන්නේ නැත.
අවසානයේදී යුක්‍රේනයේ සාම සමථය අධීක්ෂණය කිරීම සදහා යයි කියා පානා ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහෝ සේ ඉක්මවූ අතිවිශාල මුදලක් මිලිටරි අරමුනු සඳහා සූදානම් කරමින් පැවතීම මගින් යුරෝපයේ අභිලාෂයන්හි පරිමාණය පැහැදිලි වේ. යුරෝපයේ ම හැකියාවන් යටතේ රුසියාව සමඟ යුද්ධය සාකච්ඡාවට බඳුන් කෙරෙමින් පවතී.
එපමනක් නොව, මෙම න්‍යාය පත්‍රය, ආරම්භක ඒකාබද්ධ කිරීමේ ආවේගයක් සැපයුවද, එහි හඹායෑම අනිවාර්යයෙන්ම යුරෝපීය බලවතුන් අතර තරඟය හා ගැටුම් තීව්‍ර කළ යුතුය.
මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් ඉදිරියේ දැවෙන ප්‍රශ්නය වන්නේ මහා ව්‍යසනය කරා යන මෙම උමතු තල්ලුව නතර කරන්නේ කෙසේද යන්නයි. දකුණේ හෝ නාමික වමේ හෝ කිසිදු යුරෝපයේ විරුද්ධ පක්ෂක් මත හෝ වෘත්තීය සමිතියක් මත විශ්වාසය තැබීම මගින් එසේ කිරීමට පදනමක් නැත.
එක්සත් ජනපදයේදී, ට්‍රම්ප් සමග ඩිමොක්‍රටික් පක්ෂයේ එකම සැලකිය යුතු මතභේදය, යුක්රේනයේ ප්‍රොක්සි යුද්ධය සහ ඔහු නේටෝවට වල කැපීම සම්බන්ධයෙන් වන්නාක් සේම, යුරෝපයේ සෑම ප්‍රධාන පක්ෂයක්ම, රුසියාවට එරෙහි ආක්‍රමණකාරීත්වය ඉහල නැංවීම සහ එක්සත් ජනපදය කෙරෙන් මිලිටරි නිදහස සඳහා වන තල්ලුවට සහාය දක්වයි. එය ස්ටාර්මර්ගේ කම්කරු පක්ෂය යටතේ වේවා, ජනාධිපති මැක්‍රොන් යටතේ වේවා හෝ ජර්මනියේ බලයට පත්වන කුමන සභාග ආන්ඩුවක් යටතේ වේවා, මූලෝපායික ඉලක්කයක් ලෙස හඹා යනු ඇත.
යුරෝපයේ වෘත්තීය සමිතිවල එකම උත්සුකය වන්නේ, එක්සත් ජනපදයට හා චීනයට එරෙහි ආරක්ෂණවාදී පියවරයන්ට පිටුබලය දීම සහ ජාතික ආරක්ෂක කර්මාන්ත සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීම ඇතුලු යුරෝපයේ තීව්‍ර වන වෙලඳ හා මිලිටරි යුද්ධයේදී තමන්ගේම පාලක පන්තියට සහයෝගය දෙන්නේ කෙසේද යන්නයි.
කම්කරුවන් හා තරුනයන් යුද්ධයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට කැපවෙමින්, එම යුද්ධය සඳහා තමන්ගේම කැඳවා සිටීමෙන් ප්‍රතිචාර දැක්විය යුතුය.
එය පදනම් විය යුත්තේ සිදුවෙමින් පවතින දෙයෙහි දැවැන්ත ඇඟවුම් පිළිබඳ අවබෝධයක් මත ය. යුරෝපයේ යුද්ධය 20 වැනි ශතවර්ෂයට සිමා කරන ලද අතීතයේ දෙයක් බවට කරන ලද සියලු ප්‍රකාශයන් වංචාව ලෙස හෙළිදරව් වී ඇත. නෂ්ට වී ගිය ගිනි කන්දක් ලෙස ඉදිරිපත් කරන ලද යුරෝපීය මිලිටරිවාදය, ලෝක යුද්ධ දෙකේදී මිලියන දස ගනනක් ජීවිත බිලිගත් ව්‍යසනයන්ටත් වඩා විශාල ව්‍යසනයන්ගේ තර්ජනය මතු කරමින් යලිත් වරක් පුපුරා යමින් තිබේ.
යුද්ධයේ වැඩපිලිවෙල නාමිකව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් සමග පවා මුලුමනින්ම නොගැලපේ. පාලක ප්‍රභූව යලිත් වරක් පැසිස්ට්වාදයේ සහ ආඥාදායකත්වයේ වැඩපිලිවෙලකට හැරෙමින් සිටින්නේ, අතිවිශාල ජනගහනයන් විරුද්ධ වන මිලිටරිවාදී පිලිවෙත් බලාත්මක කිරීම සඳහා ය.
යුද අවි සඳහා කැප වූ අතිවිශාල මුදල්වලින් අදහස් වන්නේ පසුගිය වසර 80 තුළ කවර හෝ අවස්ථාවකට වඩා ගැඹුරින් කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයකි. වැඩ වර්ජන, කාර්මික ක්‍රියාමාර්ග සහ විරෝධතා දැනටමත් වර්ධනය වෙමින් පවතින කොන්දේසි යටතේ, මෙය කම්කරු පන්තියේ දැවැන්ත අරගල අවුළුවාලනු ඇත.
කප්පාදුවට එරෙහි අරගලය යුද්ධයට එරෙහි සටන සමග බද්ධ විය යුතුය. මේ දෙකම ඉදිරියට ගෙන යා හැක්කේ, විදේශයන්හි යුද්ධයේ වැඩපිලිවෙල සහ රට තුල පන්ති යුද්ධයේ වැඩපිලිවෙලට අණකර සිටින අතිශය කෑදර උත්සුකයන් මගින් මෙහෙයවන පාලක කතිපයාධිකාරයේ මුහුනතටම එරෙහි ප්‍රහාරයකින් පමනි.
දශක ගනනාවක් තිස්සේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) අධිරාජ්‍යවාදී යුද්ධයේ නව කාල පරිච්ඡේදයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට අනතුරු අඟවමින් දැනුවත් කර ඇත. එම අනතුරු ඇඟවීම් සම්පූර්ණයෙන්ම සනාථ වී ඇත. ඒවා මත ක්‍රියාත්මක විය යුතුය. එනම් යුද්ධය නැවැත්වීමට සහ එහි මූලාශ්‍රය වන ධනවාදයම නැවැත්වීමට ඇති එකම මාර්ගය වන සමාජවාදී හා විප්ලවවාදී වැඩපිලිවෙල මත පදනම්ව යුරෝපය පුරා හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමයි.