තුර්කියේ සමාජවාදී සමානතා කණ්ඩායමේ ප්‍රකාශය.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 මාර්තූ 27 දින “ The crisis in turkey and the fight for revolutionary leadership” යන හිසින් පල වූ The Sosyalist Eşitlik Grubu (හජාජාක සමග දේශපාලනිකව සහයෝගීව කටයුතු කරන තුර්කි කණ්ඩායම ) විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

මාර්තු 19 දින සිට ආරම්භ වී මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ වූ මහජන විරෝධතා හේතුවෙන් තුර්කිය කම්පනට පවත්ව ඇත. මෙම ව්‍යාපාරය ඇවිල ගියේ, ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොවාන් ගේ ඉස්ලාමීය රජය විසින් ඉස්තාන්බුල් නගරාධිපති මෙන්ම කෙමාල්වාදී රිපබ්ලිකන් මහජන පක්ෂයේ (සීඑච්පී) ජනාධිපති අපේක්ෂක එක්රෙම් ඉමමග්ලු අත්අඩංගුවට ගැනීම විසිනි. එමගින්, තුර්කියේ සහ ගෝලීය වශයෙන් ධනේශ්වර ක්‍රමයේ ගැඹුරු අර්බුදයෙන් පැන නගින තීරණාත්මක දේශපාලන ගැටළු මතු කර ඇත.
වැඩී යන ගෝලීය අධිරාජ්යවාදී යුද්ධයේ හා වර්ධනය වන සමාජ අසමානතාවයේ පීඩනය යටතේ, 1923 දී පිහිටවූ තුර්කි ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදය බැටකා දුර්වලව ඇත. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, නිසි (නීතිමය) ක්‍රියාවලියකට (due process) ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, එක්රැස්වීමේ නිදහස හා උද්ඝෝෂණ පැවැත්වීමේ සහ මාධ්‍ය නිදහස වැනි මූලික ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම්, බරපතල තර්ජනයට ලක්ව ඇත. මැතිවරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියමත පදනම් වූ එහි නීත්‍යානුකූල භාවය, එර්ඩොවාන් රජය විසින් ඉවත දමමින් ඇත.
විරෝධතා මැඩපැවැත්වීම සඳහා දැවැන්ත පොලිස් මර්දනය දියත් කර තිබේ. බ්‍රහස්පතින්දා වන විට මිනිසුන් 2,000 කට ආසන්න පිරිසක් රඳවාගෙන සිටි අතර ඔවුන්ගෙන් අවම වශයෙන් 260 ක් නීතිවිරෝධී ලෙස සිරගත කර ඇත.සිරගත ක සිටින අය අතර, ලේබර් පක්ෂය (EMEP), තුර්කියේ කම්කරු පක්ෂය (İDP) සහ තුර්කියේ කොමියුනිස්ට් ව්‍යාපාරය (TKH) සහ තුර්කි කොමියුනිස්ට් පක්ෂය (TKP) ආදී බොහෝ වාමාංශික පක්ෂවල නායකයින් සහ සාමාජිකයන් ඇතුළත්ය. ශිෂ්‍ය වර්ජනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ක්‍රියාවකට සහභාගී වීම සම්බන්ධයෙන් විප්ලවවාදී කම්කරු පක්ෂයේ (DİP) නියෝජ්‍ය සභාපති සහ ඉස්තාන්බුල් විශ්ව විද්යාලයේ ශාස්ත්‍රඥයකු වන ලෙවන්ට් ඩලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජවාදී සමානතා කණ්ඩායම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තුර්කි
ශාඛාව, මෙම කණ්ඩායම් සමඟ ඇති දේශපාලන මත භේදයන් නොසලකා, සියළුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත්, කම්කරු මහජනතාව ගෙන් හා තරුණයන්ගෙන් ඉල්ලා සිටී.
මෑත කාල පරිච්ඡේදයේ දී ලොව විශාලතම ආණ්ඩු විරෝධී ව්‍යාපාරයකින් සමන්විතව, ව්‍යවස්ථා විරෝධී උද්ඝෝෂත තහනම් කිරීම් හා පොලිස් මර්දනය නොතකා, ඉස්තාන්බුල් හි සහ රටේ සෑම නගරයකම පාහේ සිසුන්ගේ සහ වැඩකරන ජනතාවගේ දැවැන්ත විරෝධතා පැවැත්වීම සිදුවුනි.
තුර්කියේ ඇති වූ විප්ලවවාදී අර්බුදය වෙනත් රටවල අනාගතයේ සිදුවන දේ පිළිබඳ පෙර නිමිති දක්වන්නකි. ලොව පුරා පුළුල් ජනතාව බලමුලු ගන්වන වෛෂයික හේතු – ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක ගැනීම, මහා පරිමාණ සමාජ අසමානතාවය සහ නිමක් නැති අධිරාජ්යවාදී යුද්ධයට විරුද්ධ වීම- ගෝලීය වේ. තුර්කියේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය මුහුණ දෙන දැවෙන ප්‍රශ්නය නම් විප්ලවවාදී දේශපාලන ඉදිරිදර්ශනයක් හා නායකත්වයක් වර්ධනය කිරීමයි.
එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීම සහ මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවයන් මත ජනාධිපති ආඥාදායකත්වයක් ඇති කිරීමට ඔහු දරන උත්සාහය ලොව පුරා ඒකාධිපති හා පැසිස්ට්වාදී ප්‍රවනතා දිරිමත් කර තිබේ.
එක්සත් ජනපදයේ මෙන්ම, තුර්කියේ ඒකාධිපති පාලනයක් පිහිටුවීම, ඒ හෝ මේ දේශපාලනකයාගේ අභිප්‍රායන් නිසා නොව, පාලක පන්තියේ වෛෂයික අවශ්‍යතාවය නිසා සිදු වේ. ආර්ථිකය හා සමාජය සම්බන්ධයෙන් ධනේශ්වර කතිපයාධිකාරයේ ආඥාදාකත්වය, දේශපාලන ආඥාදායකත්වයේ පාලන තන්ත්‍රයක් ගෙන එයි.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කළ පරිදි:
”… දෙවන වරටද ට්‍රම්ප් බලයට පත්වීම නියෝජනය කරන්නේ එක්සත් ජනපදයේ පවතින සැබෑ සමාජ සබඳතාවලට අනුරූප වන ලෙස ඇමරිකානු දේශපාලන උපරි ව්‍යුහය ප්‍රචණ්ඩකාරීව නැවත එකේලි (realignment) කිරීමයි.”
මෙය තුර්කිය සම්බන්ධයෙන් ද සත්‍යයකි. තුර්කිය යනු උග්‍ර පන්ති ප්‍රතිවිරෝධතාවලින් බෙදී ගිය රටක් වන අතර පාලක පන්තිය පිපිරීමක් කරා ගමන් කරන සමාජ වෙඩි බෙහෙත් පීප්පයක් මත වාඩි වී සිටී. ඉමාමොග්ලු අත්අඩංගුවට ගැනීමත් සමඟ නව අවධියකට පිවිස ඇති ජනාධිපති ආඥාදායකත්වය සියල්ලටම වඩා ඉහලින් කම්කරු පන්තිය ඉලක්ක කර ගෙන ඇත.
ලෝකයේ 17 වන විශාලතම ආර්ථිකය වන තුර්කිය, ආදායම් සහ ධන අසමානතාවය අතින් යුරෝපයට ඉදිරියෙන් සිටී. එක් අවස්ථාවක දී සියයට 80 දක්වා ළඟා වූ නිල උද්ධමනය 2022 සිට අතිශයින් ඉහළ මට්ටමක පවතී. මීට අමතරව, රජය විසින් අනුගමනය කරන ලද දැඩි කප්පාදු වැඩසටහන කම්කරු පන්තියේ මූර්ත වැටුප් සහ ජීවන තත්වයන් විනාශ කර ඇත. COVID-19 වසංගතයට රජය දක්වන ලද ප්‍රතිචාරය මගින් පහළ සිට ඉහළ කරා වූ දැවැන්ත ධන හුවමාරුවක් හරහා පන්ති ආතතීන් උග්‍ර වී ඇත.
2002 දී ප්‍රථම වරට බලයට පත් වී, තුර්කි ආර්ථිකය ලෝක ආර්ථිකයට සහ ධනේශ්වර ගෝලීයකරණයට පෙර කවරදාටත් වඩා ඒකාබද්ධ කළ එර්ඩෝගන් රජයේ ප්‍රතිපත්ති මගින් පන්ති සබඳතාවල දැවැන්ත වෙනස්කම් ඇති කළේය. වැඩිවන නිර්ධන පංතිකරණය සහ වර්ධනය වන කම්කරු පන්තිය ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම මූලාශ්‍රයක් බවට පත් කර ඇත. 2000 දී ජනගහනයෙන් සියයට 65 ක් නගරවල ජීවත් වූ අතර, මෙම අගය දැන් සියයට 90 ඉක්මවයි. 2022 වන විට, වැටුප් සේවකයින්ගේ අනුපාතය සියයට 70 ඉක්මවූ අතර එය 2000 වූ දී සියයට 48 සිට ඉහළ ගොස් ඇත. මිලියන 35 ක ශ්‍රම බලකායක් සහ විශාල කාර්මික නගර සමඟ, තුර්කියේ ඉතා දියුණු හා වඩ වඩාත් සටන්කාමී කම්කරු පන්තියක් සිටී.
රජයට පක්ෂපාතී හෝ ධනේශ්වර ගැති විපක්ෂයයේ වේවා වෘත්තීය සමිති සම්මේලන පන්ති අරගලය මර්දනය කිරීමට උදව් කළ දශක ගණනාවකට පසු, වර්ධනය වන හදිසි වැඩ වර්ජන ව්‍යාපාර තුළ මෙම සටන්කාමීත්වය ප්‍රකාශ වේ. 2024 වසර අවසන් වූයේ ලෝහ කම්කරුවන් එර්ඩොගොන්ගේ වැඩවර්ජන තහනමට අභියෝග කිරීමෙනි. මෙම වසරේ පතල් කම්කරුවන්ගේ සිට පෙහෙකම් සේවකයින් දක්වාත්, සෞඛ්‍ය සේවකයින්ගේ සිට ඉදිකිරීම් සේවකයින් දක්වාත් මහජන අරගල දක්නට ලැබුනි.
තුර්කියේ සිදුවීම් WSWS 2025 අලුත් අවුරුදු ප්‍රකාශනයේ පහත සඳහන් තක්සේරුව ඉක්මනින් සනාථ කර ඇත:
”පසුගිය වසර පහ තුළ ධනේශ්වර අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය මුල් තැන දරනු ලැබුණි. ඉදිරි වසර පහ තුළ, දැනටමත් ඇරැඹී සිදුවෙමින් පවතින පන්ති අරගලයේ පිපුරුම් සහගත විදාරනයක් සිදුවනු ඇත. ලොව පුරා කම්කරුවන් උග්‍රවන ගෝලීය යුද්ධයකට; H5N1 කුරුළු උණ සහ mpox වැනි නව රෝග කාරක මතුවීමත් සමඟ, ඉදිරියට ඇදෙන COVID-19 වසංගතයකට; මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට සමායෝජිත ප්‍රහාරයකට සහ සූරාකෑමේ සහ සමාජ අවශ්‍යතාවයේ දැවැන්ත වැඩිවීමකට මුහුණ දෙති.”
මෙම අන්තර් සම්බන්ධිත අර්බුදවලට යටින් පවතින්නේ ලාභයට සහ පුද්ගලික ධන සමුච්චය කිරීමට මුළු මහත් සමාජය යටත් කරන කතිපයාධිකාරීත්වයකි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවීය කාර්යයකි.
එර්ඩෝගන් රජය නියෝජනය කරන එම ධනේශ්වර කතිපයාධිකාරයම, මැද පෙරදිග, මධ්‍යම ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ වසර 35 කට ආසන්න කාලයක් තිස්සේ තම ප්‍රතිගාමී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අධිරාජ්‍යවාදී ආක්‍රමණශීලී යුද්ධවලට ගැඹුරින් සම්බන්ධ වී ඇත.
එර්ඩෝගන්,ඔහු බලයට පත් වූ මොහොතේ සිට, එක්සත් ජනපද නායකත්වයෙන් යුත් අධිරාජ්‍යවාදී ආක්‍රමණයට සහාය දැක්වීමට ඔහුට හැකි සෑම දෙයක්ම කර ඇත: ඔහු ඉරාකයේ යුද්ධයට සහාය දුන්නේය, ඇෆ්ගනිස්ථානයට හමුදා යැවීය, එමෙන්ම ලිබියාවේ සහ සිරියාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ යුද්ධවලට සහාය විය. ඔහුගේ වාචාල විවේචනය කුමක් වුවත්, ඔහු එක්සත් ජනපද-නේටෝ සහාය ඇතිව ගාසා තීරයේ සියොන්වාදී ඊශ්‍රායල තන්ත්‍රය සිදුකරමින් පවතින සමූල ජන ඝාතනයට සහාය දී තිබේ. අසර්බයිජානයේ සිට ඊශ්‍රායලයට තෙල් නැව්ගත කිරීම සඳහා නල මාර්ගය පිහිටා ඇති භූමිය වූ තුර්කිය, ඉරානය සහ එහි සහචරයින් ඉලක්ක කරගත් එක්සත් ජනපද සහ නේටෝ (යූධ) කඳවුරු පවත්වාගෙන යයි. පලස්තීනුවන්ගේ සමූල ජන ඝාතනයට එහි හවුල් වීම, ජනගහනයේ ඇස් හමුවේ එර්ඩෝගන් රජයේ විශ්වසනීයත්වය නැති වීමට හේතු වී තිබේ.
2014 යුක්රේනයේ කුමන්ත්‍රණයෙන් පසුව උත්සන්න වූ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රහාරයට එර්ඩෝගන් රජයට සම්පූර්ණයෙන්ම අනුගත වීමට නොහැකි වීම සහ සිරියාවේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වූ යුද්ධයේදී කුර්දි ජාතිකවාදී ව්‍යාපාරය සමඟ ඇති කරගත් සන්ධානය ද තුර්කියේ ඒකාධිපති හැරීම වේගවත් කළේය. තීව්‍ර වන අධිරාජ්‍යවාදී යුද්ධයක් මධ්‍යයේ, තුර්කිය එක්සත් ජනපදය සහ රුසියාව අතර උපාමාරු දැමීමට උත්සාහ කිරීමත් සමඟ ආතතීන් ඉහළ ගොස් තිබේ.මෙය 2016 ජූලි 15 වන දින නේටෝ සහාය ලත් කුමන්ත්‍රණයෙන් කුළුගැන්වුනු අතර එය එර්ඩොගන් බලයෙන් පහ කිරීම අරමුණු කර ගෙන සිදු විය.
මහජන විරෝධයට ස්තූතිවන්ත වන්නට කුමන්ත්‍රණ උත්සාහය පරාජයට පත් වූ පසු, ඔහු වසර දෙකකට ආසන්න කාලයක් පවතින හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ප්‍රචණ්ඩකාරී ප්‍රති-ප්‍රහාරයක් දියත් කළේය. 2017 දී මතභේදාත්මක ව්‍යවස්ථාමය ජනමත විචාරණයකින් එර්ඩෝගන්ට පුළුල් බලතල ලබා දෙන ලදී.
එවකට සමාජවාදී සමානතා කණ්ඩායම ප්‍රකාශ කළ පරිදි:
“එර්ඩොගාන්ගේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් පෙනී යන්නේ තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආයිත්තම් පවා පාලක පන්තියේ මිලිටරිවාදී සහ ඒකාධිපති ධාවනය සමඟ තවදුරටත් නොගැලපෙන බවයි. … [ඔහුට] තවදුරටත් අභ්‍යන්තර දේශපාලන විරුද්ධත්වය ඉවසිය නොහැක. ධනේශ්වරයේ ප්‍රතිවාදී කොටස්වලින් සහ කම්කරු පන්තිය තුළ නැගී එන විරෝධය තලා දැමීමට ඔහු බලතල සොයාගත යුතුය.”
එතැන් සිට, 2020 COVID-19 වසංගතය, 2022 දී යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව සමඟ එක්සත් ජනපද-නේටෝ යුද්ධය සහ 2023 දී ගාසා තීරයේ ඊශ්‍රායල සමූල ජන ඝාතනය ආරම්භ වීමත් සමඟ, ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය සහ අධිරාජ්‍යවාදයට වැඩ කරන ජනතාවගේ සහ තරුණයින්ගේ විරෝධය යන දෙකම ගැඹුරු වී ඇත. අද, අන් කවරදාටත් වඩා, තුර්කි ධනේශ්වරයට, අතිමහත් බහුතරයකගේ වෛරයට පාත්‍ර වී ඇති, එක්සත් ජනපද-නේටෝ අධිරාජ්‍යවාදයේ වැඩෙන ආක්‍රමණශීලීත්වයට අනුකූල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාධිපති පාලනයක් අවශ්‍ය වී ඇත.
ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පූර්ණ ආධිපත්‍යය යටතේ මැද පෙරදිග නැවත යටත් විජිතකරණය කිරීමේ ට්‍රම්ප් පරිපාලනයේ සැලසුම්වල තුර්කිය තීරණාත්මක සගයෙකු ලෙස සැලකේ. පලස්තීනයේ සිට ලෙබනනය දක්වා, සිරියාවේ සිට යේමනය දක්වා, එක්සත් ජනපද-ඊශ්‍රායල් ආක්‍රමණය කලාපයේ සිතියම නැවත ඇඳෙන “නව මැද පෙරදිග”ක් ඉලක්ක කරයි. 1979 විප්ලවයත් සමඟ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පාලනයෙන් සම්පූර්ණයෙන් ගිලිහුණු ඉරානය, මෙම ඉලක්කයට බාධාවක් ලෙස සලකනු ලබන අතර අධිරාජ්‍යවාදී-සියොන්වාදී මිලිටරි ප්‍රහාරයක ආසන්න තර්ජනයට ලක්ව ඇත.
ඉරානය සමඟ දිගු දේශසීමාවක් බෙදා ගන්නා තුර්කියේ සහාය නොමැතිව එවැනි ආක්‍රමණයක් සිදු කළ නොහැකිය. දමස්කස්හි නව පාලනය සහ සිරගත කරන ලද කුර්දිස්ථාන කම්කරු පක්ෂයේ (PKK) නායක අබ්දුල්ලා ඔකලන් හරහා තුර්කිය එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරන කුර්දි ජාතිකවාදී ව්‍යාපාරය සමඟින්, 2024 දෙසැම්බර් මාසයේදී අල්-කයිඩාවට අනුබද්ධ සිරියාවේ හයාත් තහ්රිර් අල්-ෂාම් (HTS) මිලීෂියාව බලයට පත්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල අන්කාරාව, එක්සත් ජනපදය ප්‍රමුඛ ඉරාන විරෝධී අක්ෂයක තීරණාත්මක කොටසක් ලෙස සැලකේ.
“හොඳ නායකයෙක්” සහ “මගේ මිතුරෙක්” ලෙස හඳුන්වන ලබන එර්ඩොගන් සමඟ සමීපව කටයුතු කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ එබැවිනි. ඉමාමොග්ලු රඳවා තබා ගැනීමට දින තුනකට පෙර එර්ඩොගන් ට්‍රම්ප් සමඟ දුරකථනයෙන් කතා කළේය. ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිතයා දුරකථන ඇමතුම “විශිෂ්ට” සහ “පරිවර්තනීය” ලෙස විස්තර කළේය. තුර්කියේ අත්අඩංගුවට ගැනීම් සහ මහජන විරෝධතා මධ්‍යයේ මාර්තු 25-26 දිනවල වොෂින්ටනයේදී තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිදාන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. එම දිනවලම, තුර්කියේ විරෝධතා සහ පොලිස් කෲරත්වය විකාශනය කරන බොහෝ ගිණුම් වෙත ප්‍රවේශය එලොන් මස්ක්ගේ X/Twitter විසින් අවහිර කරන ලදී.
එක්සත් ජනපදය සමඟ වැඩෙන ආතතීන් සහ නේටෝවේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ද එර්ඩෝගන් රජය තීරණාත්මක සගයෙකු ලෙස ද දකී. රුසියාව සමඟ එක්සත් ජනපද සාම ගිවිසුමකට එරෙහිව යුක්රේනයේ යුද්ධය දිගටම කරගෙන යාමට කැමති යුරෝපීය බලවතුන්, “කැමති අයගේ සන්ධානයක්” පිහිටුවා ඇති අතර, “සාම සාධක භටයන්” ලෙස යුක්රේනයට නේටෝ හමුදා යැවීමට සැලසුම් කරමින් සිටිති. මධ්‍යධරණී මුහුදේ සිට කළු මුහුද දක්වා වූ සමුද්‍ර සන්ධිය පාලනය කරන සහ නේටෝවේ දෙවන විශාලතම මිලිටරි බලය ඇති තුර්කිය, “සාමය” නාමයෙන් න්‍යෂ්ටික ගැටුමක් ඇති කළ හැකි මෙම ගිනි තැබීමේ සැලසුම්වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව විශ්වාස කෙරේ.
යුරෝපා සංගමය සහ තුර්කිය අතර සරණාගතයින්ට එරෙහිව ඇති නීච ගිවිසුම – ඔවුන්ගේ යුරෝපා සංගම් ගැති සහ නේටෝ ගැති ස්ථාවරය නොතකා – තම යුරෝපීය සහචරයින් තුර්කියේ දේශපාලන විපක්ෂයේ මර්දනය දෙස ඇස් පියාගෙන සිටිනු ඇතැයි එර්ඩොගාන් කරන ගණනය කිරීම් වලදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අධිරාජ්‍යවාදී යුද්ධවලින් සහ ඒවායේ ප්‍රතිවිපාකවලින් පලා යන මිලියන 5 ක් පමණ සරණාගතයින්ට සත්කාරකත්වය අන්කාරා සපයන අතර, ඔවුන් යුරෝපයට යාම වළක්වයි.
සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගත් ඉමාමොග්ලු සහ අනෙකුත් සියලුම CHP සාමාජිකයින් නිදහස් කරන ලෙස සමාජවාදී සමානතා කණ්ඩායම කැඳවුම් කරයි. කෙසේ වෙතත්, මෙය CHP සඳහා කිසිදු දේශපාලන සහයෝගයක් දීම අදහස් නොකරයි. එහි ස්වභාවයෙන්ම, CHP හට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා අරගලය ඉදිරියට ගෙන යා නොහැක. ඊට පටහැනිව, CHP උත්සාහ කරන්නේ මහජන ව්‍යාපාරය මැතිවරණ රාමුවට හරවා එලෙස එය මර්දනය කිරීමට ය. එර්ඩෝගන් රජය මෙන්ම, මෙම මූලික ගැටලු පැන නගින ධනේශ්වර ක්‍රමයට සහ ධනේශ්වර පාලනයට අභියෝග කරන විප්ලවවාදී කම්කරු පන්ති ව්‍යාපාරයකට එය විරුද්ධ ය.
ධනේශ්වර පක්ෂයක් ලෙස CHP හි කොන්ද පණ නැතිකම සහ දේශපාලනික යටත් වීම ගෝලීය සංසිද්ධියක කොටසකි. 1917 ඔක්තෝබර් විප්ලවයට ව්ලැඩිමීර් ලෙනින් සමඟ සම-නායකත්වය දැරූ සහ 1938 දී හතරවන ජාත්‍යන්තරය ආරම්භ කළ ලියොන් ට්‍රොට්ස්කි, ඔහුගේ නොනවතින විප්ලවයේ න්‍යාය තුළ පැහැදිලි කළ පරිදි, වර්තමාන යුගයේ ලෝකයේ ධනේශ්වරයේ කිසිදු කන්ඩායමකට ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සමානාත්මතාවය සහ අධිරාජ්‍ය විරෝධී ප්‍රතිපත්තියක් නිරන්තරයෙන් ස්ථිරසාරව ආරක්ෂා කළ නොහැක. මෙම කාර්යයන් සමාජ ධනය නිර්මාණය කරන සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ මිල ගෙවන කම්කරු පන්තියට පැවරේ. කම්කරු බලය ස්ථාපිත කිරීමේ සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යය ජාතික නොව ජාත්‍යන්තර එකක් වන අතර එය සාක්ෂාත් කරගත හැක්කේ ගෝලීය පරිමාණයෙන් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය හරහා පමණි.
මැදපෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක සටන් පාඨය යටතේ අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ඒකාධිපති තන්ත්‍රයට එරෙහි මෙම අරගලයේදී තුර්කියේ කම්කරු පන්තිය තම ස්ථානය ගත යුතුය. තුර්කියේ සහ සියලුම රටවල මූලික ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමයි. මෙහි තේරුම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගීමයි. මෙම ඉදිරිදර්ශනයට එකඟ වන අය ඒ මත ක්‍රියා කළ යුතු අතර සමාජවාදී සමානතා පක්ෂය (තුර්කිය) ගොඩනැගීමට සහභාගී විය යුතුය.