සංජය ජයසේකර විසිනි.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා ජපානය වෙත ගොස් සිටී. ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව මගින් පැරෂූට් කල පසු වික්‍රමසිංහ ජපානයට කල දෙවන සංචාරය මෙය වේ. ඊයේ (25) ජපානයේ ටෝකියෝහි පැවති 28 වන ‘නිකෙයි ෆෝරම්: ආසියාවේ අනාගතය’ යන සමුලුව අමතිමින් ඔහු දේශනයක් පැවැත්වී ය. කම්කරු මහජනතාව මෙම සංචාරය දේශපාලන වශයෙන් වැඩි අවධානයකින් යුතුව කියවා ගත යුතුව ඇත.
ජනාධිපතිගේ ජපාන සංචාරය පිලිබඳ ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය වාර්තා කර තිබුනේ එහි අරමුන වනු ඇත්තේ ඉහත කී සමුලුවට සහභාගී වීම හා ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ හමුවී එරට සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම බවයි. මෙම සංචාරය දෙරට අතර “මිත්‍ර සබඳතා” තවදුරටත් ගැඹුරු කරනු ඇති බවට අපේක්ෂා කරන බව අමාත්‍යංශ නිවේදනයේ සඳහන් ය.
ඝාතනයට ලක්වූ හිටපු ජපාන අගමැති ෂින්ෂෝ අබේගේ අවමංගල්‍යය සඳහා ගිය සැප්තැම්බර් මස පලමු වරට ජපානයට ගිය ගමනේ දී වික්‍රමසිංහ කිෂිඩා සමඟ ජපාන-ශ්‍රී ලංකා සමුලුවට සහභාගී විය.
ජපානය සමග සබඳතා අලුත් හා ශක්තිමත් කිරීම එල්ල කරන්නේ යැයි කියන නිල ප්‍රකාශයන්ට යටින් ඇති සත්‍යය භයංකර එකකි. එනම්, වික්‍රමසිංහ සැබවින්ම ගමන් කරන්නේ ජපානයට නොව ඇමරිකාව දෙසටය යන්නය. රට චීනය සමඟ පැවති ආර්ථික හා දේශපාලන සමිබන්ධතා වෙතින් දුරස්ත කර ඇමරිකා එක්සත් ජනපදය (එ.ජ) ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී කඳවුරට හේත්තු කිරීමේ සැලසුම් වික්‍රමසිංහ ක්‍රියාවට දමමින් සිටී. මෙමගින් ලංකාවේ පාලක පන්තිය දැනුවත්වම රටේ මිලියන සංඛ්‍යාත වැඩකරන මහජනතාව ඇමරිකා-නේටෝ බලවතුන්ගේ චීනයට එරෙහි මෙම කලාපයේ ධාවනය කෙරෙන යුද කරත්තයට බැඳ තබනු ඇත.
මුල් සංචාරයේදී පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් සමග සාකච්ජා පැවැත් වූ වික්‍රමසිංහ, මෙවර සිංගප්පූරු අගමැති සමග සාකච්ජා පවත්වනු ඇත. පිලිපීනය මෑතකදී එක්සත් ජනපදයට තවත් හමුදා කඳවුරු හතරකට ප්‍රවේශය ලබා දී ඇති අතර, චීනය සමග තායිවානයේ විරසකතා උසිගන්වමින් පවතින තත්වයක් තුල තායිවානයට මුහුනලා ඇති අවම වශයෙන් එක් උපායමාර්ගික ස්ථානයක් මෙම කඳවුරකි.
චීනය අතේ දුරින් පවත්වා ගැනීමට හැරී ගැනී ඇති ඔහුගේ පාලනය, ඉන්දියාව සමග සබඳතා තරකර ගනිමින් සිටියි.
මේ රටවල් එක එකක්, චීනයට එරෙහිව එ.ජ අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙම කලාපයේ කටයුතු කරන සැටලයිට් (සහචර) රාජ්‍යයෝ වෙති.
තම කතාව තුල ජනාධිපති එජ හා චීනය අතර පවතින “එදිරිවාදීකම-rivalry” යන වචනය හත් වතාවක් යොදා ගත්තේ ය.
පසුගිය සතියේ ජපානයේ හිරෝෂිමා හි පැවති G7 සමුලුව පැසසුමට ලක්කරමින් වික්‍රමසිංහ මෙසේ පැවසීය: ” විසංඝටනය (decoupling) ප්‍රතික්ෂේප කිරීම සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රකෘතිය සඳහා උපාය මාර්ග ගැනීමට සඵත කිරීම ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.”
මෙම G7 සමුළුව න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් කරා වන ප්‍රධාන පියවරක් සනිටුහන් කලේය. යුක්‍රේනය යොදාගනිමින් රුසියාවට එරෙහිව යුද්ධය ගෙනයන එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාව යන G7 නායකයන් රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා කිසිදු ඉඩක් නොතබමින් යටත් වීම හා කොන්දේසි විරහිතව හමුදාව ආපසු කැඳවීම සඳහා රුසියාවට අවසාන නිවේදනයක් නිකුත් කළේය.
යුුක්‍රේන යද්ධය සම්බන්ධව විශේෂයෙන් සඳහන් කරමින් වික්‍රමසිංහ පැත්තක් නොගැනීමේ ආස්ථානයක් ගන්නා බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කලේය. යුද්ධය සම්බන්ධ බටහිර හා ආසියාවේ විවිධ මත ගරුකරමින් “මෙම ගැටුම අවසන් කිරීමට පොදු රැස්වීම් ස්ථානයක් “සොයා ගැනීමට අප සියලු දෙනා” උත්සාහ කල යතු යැයි ඔහු ආසියානු නායකයන්ට යෝජනා කලේය.
එ.ජ හා චීන එදිරිවාදිකම් හරි මැද ආසියාව පවතින බව කී ජනාධිපති අවධාරනය කලේ, “මේ දෙපාර්ශවයේ තරඟකාරී පීඩනය කලමනාකරනය කිරීමට ආසියාතික රටවලට බල කිරීමට අවශ්‍ය නැත,” යනුවෙනි.
“සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය, මා මිත්‍ර විවියන් බාලක්‍රිෂ්ණන් ආසියාව දෙකඩ කිරීම (bifurcation) ලෙස හැඳින්වූ දේට අපි විරුද්ධයි,” ඔහු කීවේය.
“ආසියාවේ සිටින අපට එක්සත් ජනපදය සහ චීනය අතර තෝරා ගැනීමක් අවශ්‍ය නැත,” වික්‍රමසිංහ තම උත්සුකය පල කලේ එසේය.
එහෙත්, යුරෝපය තුල මිලිටරි අධිකාරය හා බලහත්කාරය පතුරුවා ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදය රුසියාවට හා චීනයට එරෙහි එහි යුද සැලසුම් වලදී ලොව කිසිදු රාජ්‍යයක ස්වාධීනතාවයේ අපේක්ෂාවන් ඉවසන්නේ නැත. ජර්මනියේ නායකත්වය යුද්ධයට ඇඳ බැඳ තබා ගැනීමට ජෝ බයිඩ්න් තන්ත්‍රය මෑතදී ගන්නා ලද රාජතාන්ත්‍රික බලපෑම් කිරීම් පමනක් උවද මේ කරුන සනාථ කිරීමට ප්‍රමානවත් ය.
චීනයේ ආසියානු හා අප්‍රිකානු ආර්ථික වැඩසටහනක් වන ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනේෂියෙටිවව් (BRI)’ හි සාමාජිකයෙක් වන ලංකාව චීනය සමඟ කිසිදු ආරක්ෂක විධිවිධානයකට එලඹ නොමැති අතර, එවන් ගිවිසුමකට එළඹීමට අදහස් නොකරන බවටද ස්ථිරව කියා සිටීම සඳහා වික්‍රමසිංහ මෙම සමුලුව අවස්ථාවක් කරගන්නේ ඉහත කරුන පිලිබඳව හොඳින් සංවිඥානික බැවිනි.
ආසියනු ෆැසිපික් කලාපයේ යාත්‍රා කිරීම (navigation), ගුවන් ගමන්, සහ මුහුද යට කේබල් ඇදීම සඳහා වන නිදහස තහවුරු කිරිම පිලිබඳ ගිවිසුම්වලට එලඹිය යුතු බව ඔහු අවධාරනය කිරීම මෙම නිදහසම කියාපාමින්, එය තහවුරු කිරීම සඳහා ඇමරිකානු ආන්ඩුව, තායිවානය, ඔස්ට්‍රේලියාව හා ජපානය එම සාගර කලාපයේ ගෙන යන චීනයට එරෙහි කුපිත කිරීම් සුජාතකරනය කලේය.
“චීනයේ ශීඝ්‍ර නැගීම සහ ජාත්‍යන්තර වේදිකාවේ චීනයේ භූමිකාව පිළිබඳව එකඟ වීමට දෙරටේ [චීනය හා ඇ.එ.ජ] නොහැකියාව නිසා ලෝකයේ අපගේ කොටසෙහි එදිරිවාදිකම් සහ අනවශ්‍ය ආතතීන් ඇති වී තිබේ.”
වික්‍රමසිංහගේ මෙම ප්‍රකාශවල සැබෑ අරමුන නම් කලාපයේ අස්ථායීතාවය සම්බන්ධතාවයෙන් චීනයේ ‘වගකීම් විරහිත” ක්‍රියාකලාපයට ඇඟිල්ල දිගුකිරීම සඳහා අධිරාජ්‍යවාදීන් ගෙනයන ප්‍රකෝපකාරී ප්‍රචාරයට හේත්තු වීමයි.
දීර්ඝකාලීනව බටහිර අධිරාජ්‍යවාදය සමග සිටගත්තෙක් වශයෙන් චීන නය වෙතින් දුරස්තව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බංකුව හා ලෝක බැංකුව වෙත මාරුවී ඇති වික්‍රමසිංහ ජපානය සමග සබඳතා නව වටයකින් අලුත් කිරීම වැඩෙන භූ දේශපාලන වාසුලියේ ග්‍රහනයට ලංකාව නතුවෙමන් තිබෙන බවට සංඥා කරයි.
ටෝකියෝවම ගතහොත් එය මෑත වසර කිහිපය තුල බීජිනයට එරෙහි එ.ජ ප්‍රමුඛ කොට සිදුකරන යුද ධාවනය සමඟ වැඩි සහයෝගීතාවයක් පෙන්නුම් කර තිබේ. ටෝකියෝ සිය මිලිටරි වියදම් යෙන් ට්‍රිලියන 43 (ඩොලර් බිලියන 320) දක්වා ඉදිරි වසර පහ තුල දැඩි ලෙස ඉහල නංවා ඇත. එය එහි පෙර පැවති මිලිටරි අයවැය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. ටෝකියෝ මෑතකදී එක්සත් ජනපදයෙන් Tomahawk කෲස් මිසයිල 500 ක් මිලදී ගැනීමට සැලසුම් කරන බව නිවේදනය කළේය. දේශපාලන සංස්ථාපිතයේ කොටස් ආර්ථිකය නංවාලීමේ මාධ්‍යයක් ලෙස ඊටත් වඩා විශාල මිලිටරි වියදම් ඉල්ලා ඇත.
එක් එක් ආසියානු රටවල් තුලම මානව හිමිකම්වලට බටහිරට සාපේක්ෂව ආසියානු කලාපයට සුවිශේෂ අර්ථයන් ඇති බවත්, මහා “බල එදිරිවාදිකම් වලින් යුතු සංකීර්න පසුබිමක් තුල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම ද බරපතල ගැටලුවක්” බවත් වික්‍රමසිංහ සඳහන් කලේය. වික්‍රමසිංහ මේ කියන්නේ, අධිරාජ්‍යවාදය සමග මගුල්කෑමට හා කප්පාදුවට එරෙහිව තම රටවල් තුල වර්ධනය වන කම්කරු මහජන අරගල මර්දනය සඳහා මලිටරි පොලිස් හා ආඥාදායක ප්‍රහාරයන් ක්‍රියාවට දැමීම පිලිබඳව පලමුව කී කරුන නිසාම ලංකාව ඇතුලු කලාපයේ රටවලට බලපෑම් නොකල යුතු බවය.
යුක්රේන යුද්ධය, ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනය සමග වඩා පුලුල් හා මාරාන්තික ගැටුමකට එලඹීමේ පෙර නිමිත්තකි.
චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම් ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” ප්‍රතිපත්තිය සමඟ ගුනාත්මකව ගැඹුරු වූ අතර පසුව ට්‍රම්ප් යටතේ තවත් වේගවත් කෙරුනි. බයිඩෙන් යටතේ, චීනය සමඟ ආතතීන් ඉහලම තලයකට ළඟා වෙමින් තිබේ. මනුෂ්‍යත්වයේ පැවැත්මටම තර්ජනයක් වී තිබියදීත්, වොෂින්ටනය න්‍යෂ්ටික සන්නද්ධ රුසියාව සහ චීනය අර්ධ යටත් විජිත බවට පත් කිරීමේ එහි සැලසුම් සමඟ ඉදිරියට යමින් සිටී.
වඩ වඩාත්, මිලිටරිවාදය සහ යුද්ධය සමස්ත ආසියානු ෆැසිපික් කලාපයේ දේශපාලනය මත ආධිපත්‍යය දරයි. Quad (එ.ජ, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය), AUKUS (ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය හා එ.ජ) සහ Five Eyes (ඕස්ට්‍රේලියාව, කැනඩාව නවසීලන්තය, එ.රා සහ එ.ජ) වැනි අධිරාජ්‍යවාදී ගිවිසුම්, එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරන ආර්ථික, බුද්ධිමය සහ මිලිටරි බලවේග ජාලයක් තුල චීනය වට කිරීමට පිහිටුවා ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මාර්ගය අහුරන හෝ චීනය සමඟ සාකච්ඡා කිරීමට පවා පෙනී සිටින ඕනෑම ආන්ඩු හෝ දේශපාලන නායකයින් තර්ජනයට, බිය ගැන්වීමට සහ තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු සකස් කෙරෙනු ඇත.
කොලඹ මෙම අන්තරායන්ගෙන් හා තර්ජනයන්ගෙන් විනිර්මුක්තවන්නේ නැත.