එස්එල්එල්ඒ ලියුම්කරු විසිනි.
“ජාතික ජන බලවේගයේ (එන්පීපී) රජය යටතේ වැඩ වර්ජනවල කටුක ඉතිහාසය අවසන් වන අතර එය අතීතයට අයත් වනු ඇතැ” යිද, ඇඳිරි නීතිය අහෝසි වනු ඇතැයි ද එන්පීපී මහ මැතිවරන අපේක්ෂක ලක්ෂ්මන් නිපුන ආරච්චි පැවසූ බව ඔක්තොම්බර් 1 දා ඩේලි මිරර් වාර්තා කලේය.
මේ කියන්නේ, වෘත්තීය සමිති හරහා කම්කරු වැඩවර්ජන මර්දනය කෙරුනු හා පාවා දෙනු ලැබෙන යුගයක්, සමිති නායකයන් හා ග්‍රාමීය හා නාගරික ඔත්තුකරුවන් හා සිවිල් පොලීසියක් හරහා නොනිල ඇදිරි නීතියක් ක්‍රියාත්මක වන යුගයක් උදා වීමට නියමිත බවය.
එන්පීපී ආන්ඩුවක් යටතේ සාමාන්‍ය කම්කරුවන් සමිති නායකයන්ටම එරෙහිව සටනට පිවිසෙන යුගයක් නිර්මානය කෙරෙනු ඇත යන්න මෙහි අනිවාර්ය ප්රතිඵලයයි. දූශනය, නාස්තිය පිටු දකින බවට කරන ප්‍රලාප මධ්‍යයයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කිරීමට සපථ කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව අයිඑම්එෆ් හි ආශිර්වාදය ලත් ආන්ඩුවයි. කම්කරුවන් මෙම පිලිවෙත් වලට එරෙහිව ආන්ඩුවට එරෙහිව සටනට පිවිසීම සමිති නායකයන් සමග ගනුදෙනු බේරා ගැනීමට කම්කරුවන්ට ගතවෙන කාලය පිලිබද ප්‍රශ්නයක් පමනි. මේ බව හොදින් දන්නා ආන්ඩුව සමිති නිලධරය කම්කරුවන්ට එරෙහිව යොදා ගැනීමට සූදානමින් සිටින අතර අවශ්‍ය මර්දක නීති සම්පාදනය සදහා පාර්ලිමේන්තු බහුතරය ඉල්ලා සිටී.
ජනාධිපතිවරන උද්ඝෝෂනය මධ්‍යයේ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක හා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සියලු වෘත්තීය සමිති වැඩ වර්ජන වික්‍රමසිංහ ආන්ඩුවට සහාය වන ඒවා බව පවසමින් වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කරන බව නිවේදනය කලේය.
ඔක්තෝබර් 23 ඩේලි මිරර් වාර්තා කල පරිදි ජනාධිපති දිසානායක කටුනායක මැතිවරණ රැස්වීමකදී, කාලීන අවශ්‍යතාව ශක්තිමත්, බලගතු ආණ්ඩුවක් මිස විපක්ෂයක් නොවන බවත් එබැවින් නොවැම්බර් 14 මහ මැතිවරණයේදී එන්පීපී නියෝජිතයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමට පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු විපක්ෂයක් පවා නොඉවසන මේ ශක්තිමත් ආන්ඩුව කුමක්ද සඳහා ද ? අවශ්‍ය මර්දන නීති සම්පාදනය කරමින්, දේශීය හා විදේශීය ධනපතීන් ආරක්ෂා කරමින් පන්ති යුද්ධය දියත් කිරීම සදහා ය. එන්පීපී/ජේවීපී “ජනතා ආන්ඩුවක්” ලෙස පෙනී සිටීම දැවැන්ත ප්‍රෝඩාවකි.
කම්කරුවන්ට ඇත්තේ එකම විකල්පයකි. ඒ සමිති නිලධරයට එරෙහිව කම්කරුවන් තම තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් හා ඒවා ඒකාබද්ධ කරමින් සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමේ ආන්ඩුවක් පිහිටුවීම සදහා තම කාර්මික ශක්තිය සංවිධානය කිරීමය.
මේ වැඩපිලිවෙල ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර කමිටුව හා සමාජවාදි සමානතා පක්ෂය පමනි. මහ මැතිවරනයේදී මෙම වැඩපිලිවෙලට චන්දය දෙන්න.